ගල් විහාරයේ පිළිමයකට සිවුරු පොරවලා! ලෝක උරුමයත් නැතිවෙයි!

Spread the love

ඓතිහාසික පොළොන්නරුව ගල්විහාර පුදබිමේ පිරිනිවන් මංචකයේ බුද්ධ ප්‍රතිමාවේ පුරාණ විද්‍යාත්මක වටිනාකමට හානි පමුණුවමින් එය විකෘති වනසේ පුරාවිද්‍යා නීති රීති උල්ලංඝනය කරමින් යළිත් වරක් මල් සහිත සිවුරක් වැනි ඇතිරිල්ලක් කිසියම් අයකුගේ බාරයක් ඔප්පු කිරීම පිණිස ඉකුත්දා (02දා) අතුරා ඇතැයි වාර්තා වනවා.

ගල් විහාර පුද බිම ලෝක උරුම ස්ථානයක් බවට ප්‍රකාශයට පත්කර තිබියදී එහි පුරාවස්තුවලට හානි කිරීමක් හෝ එහි පවතින ස්වරූපය වෙනස් කිරීමක් හෝ විකෘති කිරීමක් සිදු කිරීම බරපතළ වැරැද්දක් වන අතර පුරාවිද්‍යා ආරක්ෂකයන්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආරක්ෂකයන් හා පුරාවිද්‍යා පොලිසිය බලා සිටිද්දී මේ ඇතිරිල්ල බුද්ධ ප්‍රතිමාවට පොරවා ඇති බවයි පැවසෙන්නේ.

මීට මසකට පමණ ඉහත දී ද මෙවැනි ඇතිරිල්ලක් බුද්ධ ප්‍රතිමාවට පොරවා තිබියදී ඇමැතිවරයාගේ අවධානය යොමුවී එය ඉවත් කර තිබේ. මුදල් උපයාගැනීමේ අරමුණ ඇතිව මේ ස්ථානය බාරහාර ඔප්පු කරන තැනක් බවට පත් කිරීම බරපතළ තත්ත්වයක් බවත් මෙයින් ඓතිහාසික ගල් විහාර පුදබිම ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමටද ඉඩ ඇතැයි විද්වත්හු පවසති.

[rns_reactions]