පොසොන් සමයේ කොළඹ සිට අනුරාධපුරය දක්වා වන්දනාවේ යන බැතිමතුන් ගෙන් යම් පිරිසක් දුම්රියෙන් වැටීම ආදී අනතුරු වලට ලක්වන අතර එයට මුලුමනින්ම හේතු වී ඇත්තේ මගීන් ගේ නොසැලකිලිමත්කම සහ අනාරක්ෂිත බව යැයි දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් ලක්බිම ඔන්ලයින් වෙත පැවසීය.
විශේෂයෙන් දුම්රිය පා පුවරුවේ එල්ලී යාම නිසා අනුරාධපුරය දක්වා ඇති පටු දුම්රිය පාලම් වල ගැටීමෙන් මේ වන විට සෑහෙන පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයිද එම ප්‍රකාශකයා කියයි.
මෙසේ කොළඹ සිටි අනුරාධපුරයට ගමන් ගන්නා අතර හමුවන පටු දුම්රිප පාලම් අතර අඹේපුස්ස හා යත්තල්ගොඩ අතර ඇති මා ඔයේ පාලම, වැල්ලව හා ගණේවත්ත අතර ඇති දැදුරුඔය පාලම, ගණේවත්ත සහ නාගොල්ලාගම අතර හිරියාල උප දුම්රිය ස්ථානය දෙපස ඇති හක්වටුනාඔය සහ කිඹුල්වානාඔය පාලම් දෙක, අඹන්පොළ සහ ගල්ගමුව අතර ඇත මී ඔය පාලම, සෙනරත්ගම සහ තඹුත්තේගම අතර ඇති කලාඔය පාලම, ශ්‍රාවස්තිපුර සහ අනුරාධපුර නව නගර දුම්රිය ස්ථානය අතර ඇති මල්වතුඔය පාලම මෙම දුම්රිය මාර්ගයේ පාලම් අතරින් වඩාත් අනතුරු දායක පාලම් බව පෙන්වා දෙන මෙම ප්‍රකාශකයා මේ වන විට පාපුවරුවේ යමින් සිටියදී මෙම පාලම් බඳ වල ගැටීමෙන් සැලකිය යුතු මිනිස් ජීවිත ගණනක් විනාශ වී ඇති බව ද කීය.
එමෙන්ම දුම්රිය, වේදිකාවේ නතර කිරීමට පෙර එයට නැඟීමට සහ බැසීමට යාමේදීත් පාපුවරුව ඇතුළු දුම්රියේ වෙනත් අවදානම් සහිත ස්ථාන වල යෑමෙදී පය පැකිලීම නිසාත් මේ වන විට සැලකිය යුතු ජීවිත ගනණක් අහිමිව ඇති බවත් වඩාත් ප්‍රවේශම්කාරී දුම්රිය ගමනක් මගින් මෙවනි අවාසනාවන්ත තත්වයන් වලක්වාගත හැකි බව මෙම ප්‍රකාශකයා කීය.
[rns_reactions]