තමා සහ තම පෙම්වතාගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට යොමුකිරීමට කටයුතු කරන බව පවසා විවාහක කතක් බියපත් කොට දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් භාරයේ පසු වූ “ප්‍රි්‍රsයා මොබයිල්” නමැති මීගමුව බස් නැවතුම්පළේ පිහිටි සන්නිවේදන ආයතනයේ හිමිකරු බව කියන මාතොට ආරච්චිලාගේ කුසල් සම්පත් වීරසිංහ (30) නමැති විවාහක සැකකරුවකුට තරයේ අවවාද කළ මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා සැකකරු රුපියල් 5000 ක මුදල් ඇප සහ රුපියල් 25,000 ක ශරීර ඇප මත රිමාන්ඩ් භාරයෙන් මුදාහැරීමට නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසියේ සැරයන් (49241) ජිනදාස මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව අතවරයට මුහුණදුන් කත මීගමුව අක්‌කර 50 ප්‍රදේශයේ පදිංචි දෙදරු මවකි. ඇය සැමියාගෙන් වෙන්වී ඇත. මේ අතර පුද්ගලයකු ඇය විවාහ කරගෙන දරුවන් බලාගැනීමට එකඟ වී ඇත.
පැමිණිලිකාර කාන්තාව මුදල් අවශ්‍යතාවයක් සඳහා මීගමුව බස් නැවතුම්පළේ පිහිටි ප්‍රියා මොබයිල් නමැති ආයතනය වෙත පැමිණ ඇගේ දුරකථනය එම ආයතනයට උකස් කොට රුපියල් 2000 ක් ණයට ලබාගෙන තිබේ.
පසුව දින දෙකක් පමණ ඇය තම දුරකථනය උකසින් මුදාගැනීමට ගිය අවස්‌ථාවේ එම ආයතනයේ හිමිකරු බව කියන සැකකාර පුද්ගලයා කාන්තාවට පවසා ඇත්තේ ඇගේ දුරකථනය තමා පරීක්‍ෂා කළ බවත් එහි (සිම්පතේ) එම කාන්තාවගේ සහ ඇගේ අළුත් පෙම්වතාගේ නිරුවත් ඡායාරූපයක් තිබී තමා ඒවා ගබඩා කර ගත් බවත්ය.
එම නිරුවත් පිංතූර අන්තර්ජාලයට යොමු නොකිරීමට නම් තමා සමඟ කායික වින්දනයක් ලබාගත යුතු යෑයි බලකර එම කත මීගමුව තලාහේන ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලකට ගෙනගොස් සැකකරු දූෂණය කළ බව ඇය පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන්ය.
[rns_reactions]