පෙරහැර අතරතුර කුලප්පු වූ ඇතින්නගෙන් පහර කෑ හිමිනම අපවත් වෙයි..

Spread the love

කටාන ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ වාර්ෂික මිහිඳු පෙරහර අතරතුර පෙරහරේ ගමන් ගත්…ඇතින්නක එල්ල කළ පහරදීමකින් එම විහාරස්ථානයේ වැඩ විසූ කුලසැන්දෑවේ රාහුල හිමියෝ ඊයේ (12දා) අලුයම මීගමුව රෝහලේදී අපවත් වූහ.

පෙරේදා (11දා) රාත්‍රි 8.00ට පමණ වීථි සංචාරය ආරම්භ වී තිබියදී පෙරහරේ ගමන් ගත් ඇතින්නක හදිසියේ කලබලයට පත් වී පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් කටාන මරිය රාජනී පාසල අසලදී කටාන ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ වැඩ වසන කුලසැන්දෑවේ රාහුල හිමි හට පහරදී තිබේ.

වයස අවුරුදු 25ක් වන රාහුල හිමි කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරී හිමිනමක් වන අතර උන්වහන්සේ අනුරාධපුර එප්පාවල මූලික පිරිවෙනේ ගුරුවරයකු ලෙස ද කටයුතු කරමින් සිට ඇත.


අනතුර සිදුවන අවස්ථාවේ උන්වහන්සේ බේරා ගැනීමට කටයුතු කළ ඇතින්න භාරව සිටි පුද්ගලයා හා තවත් පුද්ගලයන් පිරිසකගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර කොච්චිකඩේ පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

[rns_reactions]