සිත්පිත් නැති රුදුරු ගංදිය නිසා අසරණ වු පුංචි දෙව්මිණියගේ කතාව මෙන්න….

Spread the love

රත්නපුර අයගම පණ්ඩුකඳේ වත්ත ප්‍රදේශයේ දිවි ගෙවන දෙව්මිණි අධ්‍යාපනයට දක්ෂ දරුවෙක්. ඇය පන්තියේ හැමදාම ඵලවෙනි තැන ලබාගත් ශිෂ්‍යාවක්. එසේම ලබන වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටීමට නියමිත මෙම දියණිය මෙම වසරේ ශිෂ්‍යත්ව විභාගයේ ආදර්ශ ප්‍රශ්න පත්‍රවලට මෙවර ශිෂත්ව විභාගයට පෙනීසිටින දරුවන් සමග එකට පිළිතුරු ලබාදී පාසලේ වැඩිම ලකුණුද ලබාගෙන තිබෙනවා. පියාද අහිමි දෙව් මිනිගේ මව ඇයව පෝෂණය කරනු ලබන්නේ රෙදි මැසිමෙන්.

පසුගිය 26 වෙනි දින ගොඩ ගැලු කළු ගං දිය පියකුගේ රැකවරණය අහිමි වූ දියනියකගේද ස්වාමි පුරුෂයකු අහිමි වූ බිරින්දකගේද ජිවිත උඩු යටිකුරු කර දැමුවේ ඔවුනට ඇඳිවත පමණක්ම ඉතිරි කරමින්. ඔවුන් විසු කුඩා නිවස ජල රකුසා රැගෙන ගියේ දෙවුමිනිගේ සහ මවගේ අහිංසක හීනද ගන්වතුරටම යට කරමින්.

අග හිඟ කම් මද වේල පිරිමසා ගනිමින් දෙව්මිනිගේ අධ්‍යාපනය ඉදිරියට රැගෙන ගිය රෝගී මවට රෝදුරු ගංවතුරට ගසාගෙන ගිය තම නිවස නැවත තැනීම සිහිනයක්.

මේ ඇගේ කඳුළු කතාවයි