යාලේ යලිත් අලි ගැටුමක්: තනි දළයාගේ පහරදීමෙන් “තිලක්“ මරුට

Spread the love

යාල ජාතික වනෝද්‍යානයේ සිටි විශාලම ඇතා වූ “තිලක්“ නැමති හස්තියා පෙරේදා (14) සවස යාල වනෝද්‍යානයේ “තනි දළයා“ ලෙස හැඳින්වෙන් ඇතාගේ පහර දීමෙන් මිය ගොස් තිබේ.

ඇතුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමකින් මෙම හස්තියා මියගොස් ඇති අතර ඇතාගේ උදර ප්‍රදේශයට තනි දළයා පහර දීමෙන් ඇති වූ තුවාලයක් හේතුවෙන් ඇතා මියගොස් ඇති බව වාර්තා වේ.

යාල වනෝද්‍යානයේ සිටි මෙම “තිලක්“ නැමති හස්තියාට වයස අවුරුදු 50ක් පමණ වන අතර වයස්ගතව පසුවීම නිසා දුර්වල තත්වයේ සිටි බැවින් අනෙක් ඇතාගේ පහරකෑමට ලක් වී ඇති බව වනජීවී නිලධාරීන් සඳහන් කළේය.

මෙහිදී දී ඇතාගේ පශ්චාත් මරණ කටයුතු 14 වනදා සවස ලුණුගම්වෙහෙර වනජීවී කාර්යාලයේ වනජීවී පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

Image may contain: one or more people

Image may contain: one or more people and outdoor

Image may contain: outdoor and nature

[rns_reactions]