වැරදි පාරේ ගිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පිරිස 30 තෙක් රිමාන්ඩ්

Spread the love

අකුණු සන්නායකයක්, රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිළධාරින් 05 දෙනා සහ සිවිල් පුද්ගලයින් සිව් දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔවුන් ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.

ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා අද හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කර ඇති අතර බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු මහතාගේ ළඝු ලේඛකවරයාට එම සැකකරුවන් හඳුනාගැනීමට නොහැකි වී තිබේ.

කෙසේවෙතත් ඔවුන් ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කර තිබේ.

[rns_reactions]