තව්හීද් ජමාආත්හි රෙදි ගලවමින් බාල වයස්කාර විවාහවලට එරෙහිව බි.බි.සිය සටනට..

Spread the love

වයස අවුරුදු 18 ට අඩු දැරියන් විවාහ කරදීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව තහනම්ය. එහෙත් දශක ගණනාවක් පැරණි මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය මගින් වයස් සීමාවකින් තොරව දැරියන් විවාහ කරදීමට මුස්ලිම් දෙමාපියන්ට සහ භාරකරුවන්ට අවසර දී තිබේ යන්න අද බිබිසි සිංහල සේවය වාර්තා කොට ඇත.

“විවාහයක් අවශ්‍ය වීම අදාල දැරියට තිබෙනා අවශ්‍යතාව තමයි ඒ නිර්ණායකය,” යන්න හැරුණු විට ඒ නිර්ණායකය කවරේ දැයි නිසි පැහැදිළි කිරීමක් ඉදිරිපත් කිරීමට තව්හීද් ජමාආත් සංවිධානයේ භාණ්ඩාගාරික බීඑම් අර්ශාඩ් අපොහොසත් වූ බවත් “සමහර දැරියන්ට වයස අවුරුදු 18 පිරුණට පසුවත් විවාහ වීමට අවශ්‍ය නොවිය හැකි බවත්  එම නිසා ශ්‍රී ලංකාවේ ළමා විවාහ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥ්ඥප්තිය උල්ළංගණය කරමින් තිබෙන බවත් බිබිසී සිංහල සේවය ලොවට ප්‍රකාශ කර තිබෙනවා.

”එහෙත් ඉස්ලාම් ධර්මය ප්‍රකාර දැරියක විවාහ විය යුත්තේ කවරෙකු සමග දැයි තීරණය කරනු ලැබිය යුත්තේ දෙමාපියන් හෝ භාරකරුවන් විසින්” බවත් තව්හීද් ජමාආත් සංවිධානය අවධාරණය කරන බව එහි දැක්වෙයි.

[rns_reactions]