දෙහිවල උසස් තාක්ෂණ අයාතනයේ පවතින ගැටළු පිලිබදව එහි අධ්‍යාපනය හදාරන HNDA සිසු සිසුවියන් අප වෙත දැක්වූ අදහස් මෙසේය. ගැටලුව කොතනද? විසදුම් කුමක්ද යන්න බලධාරීන් තීන්දු කලයුතු වුවත් එය එසේ නොවන්නේ නම් සිදු කල යුත්තේ කුමක්ද? මේ ඔවුනගේ කතාවයි…
දෙවන සමාසික විභාගය ඉවර කරලා මාස දෙකක විතර කාලයක් අපට නිවාඩු ලබලා දීලා සමාසිකය මාස තුනක් දක්වා කප්පාදු කරලා විතරක්ම නෙවෙයි, ඇති වෙලා තියෙන අර්බුධ වලින් තවත් අර්බුධ වලට ATI ඇද දාන කාල සීමාවක් තමා අපි මේ ගත කරමින් ඉන්නේ.
අපි මාස දෙකක් ගෙදර හිටියට තාම කිසිම දෙයක් වෙනස් වෙලා නම් නෑ. ඉස්සර ලැබුණු මහපොළ සොච්චම තමා තවම ලැබෙන්නේ. දේශන ශාලා පහසුකම් නෑ කියලා ඉතිහාසේ දරුණුම ශිෂ්‍ය බඳවාගැනීම් කප්පාදුව සිදු වෙමින් එනවා.ඒ වගේම ආචාර්ය පුරප්පාඩු, ශිෂ්‍ය සුභසාධන ගැටළු තවමත් ඒ වගේම තියනවා. ශිෂ්‍යයන්ට වසර හතක කාලයක ඉදලා නේවාසිකාගාර පහසුකම් නෑ. ශිෂ්‍යාවන්ට අළුතින් ඉදිකරපු නේවාසිකාගාරයේ වැඩ ඉවර කරලා අවුරුද්දක් විතර වහලා තියාගෙන ඉන්නවා.
අපේ ප්‍රශ්න අපි කොච්චර පරිපාලනයට යොමු කලත්, ඒවා විසඳන්න පරිපාලනයට කිසිම වුවමනාවක් නෑ. හැබැයි එයාලට මුදල් ලක්ෂ ගණනින් වියදම් කරලා CCTV නම් හයිකරගන්න ලොකු වුවමනාවක් තිබුනේ.
ඇයි මේ CCTV හයිකරලා තියෙන්නේ අපට තියෙන ආදරේටද? එයාලා කියන විදියට නම් ආයතනයේ තියෙන දේපල ආරක්ෂා කරන්නලු, ගැටුම් නිරාකරණය කරන්නලු. අපි කරන හැම ක්‍රියාකරකමක්ම CCTV හරහා නිරීක්ෂණය වෙනවා හරියටම කිව්වොත් සිර කඳවුරක වගේම. ඔයා කැමතිද ඔයා කරන හැමදේම තව කෙනෙක් බලාගෙන ඉන්නවට, ඔයා ඇවිදින දිහා, කෑම කන දිහා, සෙල්ලම් කරන දිහා කෙලින්ම කිව්වොත් ඔයා ආදරය කරන දිහා බලන් ඉන්නවට ඔයා කැමතිද? ඔයාගේ අවසරයක් නැතිව ඔයාව වීඩියෝ කරනවට ඔයා කැමතිද? මේකට තමයි මානසික හිංසනය කියන්නේ. ආයතනය පරිපාලනය හිතනවා අපි ආයතන දේපල සොරකම් කරනවා කියලා.
ඇත්තටම අපිට ඉගෙනගන්න තියෙන සම්පත් අපිම විනාශ කරගන්න තරම් මෝඩ නෑ කියලා පරිපාලනයට තේරෙන්නේ නැතිව ඇති. ඒ වුනාට එයාල කරන මුදල්, භාණ්ඩ වංචාකිරීම් ගැන දැනගන්න නම් ක්‍රමවේදයක් නම් නෑ. ඒ වගේම ශිෂ්‍යයෝ විදිහට අපට ඇතිවන ගැටලු වලට අපි සංවිධානය වීම වැළැක්වීමට හොඳම ක්‍රමයක් තමයි මේක. අපිට අපේ ගැටඑ ගැන කියන්න පෝස්ටරයක් ඇලෙව්වත් අපි වැරදිකරුවො වෙයි. අපිට උදේ 8.00ට ATI ඇවිත් 5.30ට යන්න වෙයි. අපිට ATI එක ඇතුලේ විනෝදවෙන්නවත් අවස්ථාවක් නැතිව යාවි.
දෙමාපියන්ව බලෙන් රැස්වීම් සදහා කැදවාගෙන මේක පාසලක් කියලා ඔලුවට දාගන්න ලොකු උවමනාවක් තියෙනවා පරිපාලනයට. මෙන්න එකට සාක්ෂි.
මේ ඔවුනගේ ගැටලුවයි…
[rns_reactions]