දුම්රියේ පාපුවරුවේ ගමන් කරමින් දුරකථන ඇමතුමක යෙදී සිටි 17 හැවිරිදි තරුණයෙකු පෙරේදා 17 දහවල් මීරිගම ගනේගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියෙන් වැටී එතැනම මියගොස් ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි.
කොළඹ සිට තලෙයිමන්නාරම බලා ධාවනයවූ ශීඝ‍්‍රගාමි දුම්රියෙන් වැටී එසේ මියගොස් ඇත්තේ යාපහුව කෝන්වෑගම ප‍්‍රදේශයේ පදිංචිව සිටි එච්.එම්. කසුන් ලක්මාල් හේරත් 17 නැමති තරුණයෙකි.
මියගිය අය එම ප‍්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු සමග යක්කල ප‍්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරීම් කරන ස්ථානයක පෙදරේරු වැඩට අත් උදව් දෙමින් සිට පෙරේදා 17 උදේ නිවෙස් බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇතැයි හෙළී වී ඇත. මෙම පිරිස රාගම දුම්රිිය ස්ථානයෙන් මහව බලා යාමට මෙම ශීඝ්‍රගාමී දුම්රියට නැඟ තිබේ. මිතුරන් දෙදෙනා වාඩිවි ගමන් කරද්දී මියගිය අය දුරකථන ඇමතුමකට පිළිතුරු දීම සදහා පාපුවරුවට ගිය බවත් පසුව දුම්රියේ සිටි පිරිසක් කවුදෝ වැටුණා කියා කෑගසා දුම්රියේ හදිසි දම්වැල ඇද දුම්රිය නවතා බලද්දී ඔහු වැටී සිටිනු දැක ඇත.
[rns_reactions]