Author: Editor[A]

  • අසාර්ථක ඉසුර මහ ඇමැතිකමින් ඉවතට.. නව මහ ඇමති ගාමිණි තිලකසිරි????

    බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ඉවත් කර බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා බස්නාහිර මහ ඇමැතිවරයා ලෙස පත් කිරීමේ සූදානමක් පවතින බව රජයේ ආරංචි මාර්ග පවසයි.

    බස්නාහිර මහ ඇමති ඉසුරු දේවප්‍රිය මහතා විසින් කොළඹ නගර සභාවේ කුණු ඉවත් කිරීමේ ටෙන්ඩරය එකවර වසර 4 ක් සඳහා පෞද්ගලික සමාගමකට පැවරීම, දැනට කොළඹ නගර සභාවේ කුණු නිසියාකාරව ඉවත් නොකිරීම යන පදනම මත බොහෝ දුරට බස්නාහිර පලාත් සභාවේ මහ ඇමතිවරයා ඉවත් කිරීමට නියමිතය ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඒ වෙනුවට නව මහ ඇමතිවරයා ලෙස දැනට බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතාගේ නම යෝජනා වී තිබේ.

    ඔහු නිර්දේශ කොට ඇත්තේ වර්තමාන මහ ඇමැති ඉසුරු දේවප්‍රිය මහතා ඉවත් කිරීමට නිර්දේශ කල ශ්‍රිලනිප ජාතික ලැයිස්තු ඇමතිවරයෙකු විසින් බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

    [rns_reactions]

  • ඉතිහාස පොතට එක්වූ කැනඩා ස්නයිපර්කරුගේ අයි එස් අයි එස් ඉලක්කය..

    කැනේඩියානු විශේෂ බලකායේ සිටි ස්නයිපර් තුවක්කුකරුවකු සැතපුම් 2.1 (මීටර 3,540) දුරක සිටි අයි.එස් සටන්කාමීයකුට වෙඩි තබා ඇතැයි ඉරාකයෙන් වාර්තා වේ.

    කැනේඩියානු හමුදාවේ ස්නයිප තුවක්කරු සැතැපුම් 2.1ක සිටි අයි.එස් සටන්කාමීය ඝාතනය කර ඇත්තේ ඉකුත් මාසයේදී යැයි ද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන ආරක්ෂක අංශ මාර්ග සඳහන් කරයි.

    හමුදා ආරංචි මාර්ග උපුටා දක්වමින් ”ටොරොන්ටෝ ග්ලෝබ් ඇන්ඩ් මේල්” පුවත්පත තවදුරටත් මෙලෙස තොරතුරු වාර්තා කර තිබිණි.

    මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන ස්නයිප තුවක්කුකරු කැනේඩියානු හමුදාවේ “ඒකාබද්ධ කාර්ය බලකාය 2” සාමාජියකු වන අතර ඔහු එම වෙඩි තැබීම සිදු කර තිබෙන්නේ උස් ගොඩනැගිල්ලක සිටය.

    තොරතුරුවලට අනුව ඉලක්කයට ළඟවීමට උණ්ඩයට ගත වී තිබෙන්නේ තත්ත්පර දහයකි. එතරම් දුරක සිට ස්නයිප තුවක්කරු ඉලක්කයට වෙඩි තැබූ බව කැනේඩියානු විශේෂ මෙහෙයුම් අණදෙන නිලධාරීයා ද තහවුරු කර තිබිණි.

    මෙම වෙඩි තැබීම පටිගත කර තිබෙන අනුව දැනට තිබෙන අතර දැනට තිබෙන වාර්තා අනුව ස්නයිප තුවක්කුකරුවකු එතරම් දුරක් නිසි ඉලක්කයට ප්‍රහාරය එල්ල කරමින් සතුරා මරා දැමූ අවස්ථාව මෙය වනු ඇතැයි පැවසේ. ඒ අනුව ස්නයිප තුවක්කුකරුවකු නිවැරැදිව එල්ල කරන දීර්ඝතම ප්‍රහාරය මෙය යැයි සැලකේ.

    ස්නයිප තුවක්කුකරුට නීරික්ෂකයකුගේ සහාය ද හිමිව තිබෙන අතර කැනේඩියානු හමුදාවේ සම්මත ”මැක්මිලාන් ටී.ඒ.සී – 50″ රයිෆලයක් භාවිත කර තිබේ.

    [rns_reactions]

  • ලංකාවට අගයක් නැති සංගා එංගලන්ත තේරීම් කමිටුවට – ඔබ නොදත් පුවත මෙන්න…

    හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක කුමාර සංගක්කාර යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රය තුල පමණක් නොව ලෝක ක්‍රිකට් ක්ෂේත්‍ර‍යෙහිම ඉහල පිළිගැනීමක් ඇති ක්‍රීඩකයෙකි. ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ විශිෂ්ඨයෙකු වන නිසාම කුමාර් සංගක්කාරට එංගලන්තයේ පූජණීය MCC ක්‍රිඩා සමාජයේ කොලින් කවුඩ්‍රී දේශනය කිරීමට පවා ආරාධනා ලැබුනු අතර ටෙස්ට් තරගවලින් සමුගැනීමත් සමගම එංගලන්තයේ විමබ්ල්ඩන් ටෙනිස් තරගාවලිය රාජකීයන්ට වෙන්වූ පීඨීකාවේ සිට නැරඹීමට හැකි තරමටම සංගක්කාරට එංගලන්තයේ පිළිගැනීමක් ඇත.

    අසල්වැසි ඉන්දියාවේ චෙන්නායි නුවර ගංවතුර ආපදාවක් පැමිනි විට ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ද නිහඩව සිටි අවස්තාවේ වහාම ක්‍රියාත්මක වී ඉන්දියාවට ආධාර ලබා දීමට ඉදිරිපත් වීම නිසාද සංගාගේ කීර්ති නාමයට ජාත්‍යන්තර මාධ්‍යයෙන් විශාල ප්‍රසිද්ධියක් හිමි උනා. මේ කීර්තිනාමය නිසාම වර්තමානයේ එංගලන්තයේ සරේ කණ්ඩායමට ක්‍රිඩා කරන කුමාර් සංගක්කාරගේ  අදහස් එංගලන්තය පුරාම දැඩි අවදානයට ලක්වේ.

    එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම පිළිබදව නිරතුරුවම අවධානයෙන් සිටිමින් සිය අදහස් දක්වන සංගා පසුගිය දිනක එංගලන්ත තරුණ ක්‍රීඩකයෙකු පිළිබඳව විශේෂයෙන් කථා කර ඇත.

    එම ක්‍රීඩකයා ජේසන් රෝයි ය.ඔහු පසුගිය කාලය තුල ජාත්‍යන්තර පිටියේ තරමක අසාර්ථකභාවයක් පෙන්වූ අතර ඒ නිසා චැම්පියන්ස් කුසලානයේ එංගලන්තය පකිස්ථානය සමඟ ක්‍රීඩා කල අවසන් තරඟයේ රෝයිගේ තැනද ඔහුට අහිමි විය.

    නමුත් සංගක්කාර එංගලන්ත මාධ්‍යයට පවසා ඇත්තේ ජේසන් කණ්ඩායමේ සිටිය යුතුම ක්‍රීඩකයකු බවයි.

    එංගලන්ත මාධ්‍යයට අදහස් දක්වා ඇති සංගා පවසා ඇත්තේ

    “මම නම් හිතන්නේ නෑ,ජේසන් කණ්ඩායමේ අසාර්ථක වුන කාලයක් තිබුන කියල,මට පුදුමයි පකිස්ථානය එක්ක තරඟයට එයා හිටියේ නැත්තේ ඇයි කියල.ඔහුට පුළුවන් එක ඉනිමකින් තරඟයක් වෙනස් කරන්න,මම ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියේ ජේසන් පකිස්ථානය එක්ක තරඟයේ ජේසන් තරඟය වෙනස් කරන ඉනිම ක්‍රීඩා කරයි කියල.”

    “ජේසන් වගේ ක්‍රීඩකයෙක් ඉන්නව කියන්නේ කණ්ඩායමකට ලොකු ශක්තියක්.එයාගේ පන්දු රැකීමත් සුපිරියි.මම හිතන්නේ ඕනෑම ක්‍රීඩකයෙක්ට නරක කාලයක් තියනවා,ජේසන් වගේ ක්‍රීඩකයෙක් අතාරින්නෙ නැතුව වැරදි තියන තැන් හදාගන්න එක තමයි හොඳම දේ.”

    සංගා පැවසු කථාවට ප්‍රතිචාර දැක්වීමක් ලෙස නැවතත්  එංගලන්ත කණ්ඩායමේ  රෝයිගේ තැන ස්ථාවර වී තිබීම විශේෂ්ත්වයකි. ජේසන් රෝයී කුමාර් සංගක්කාරගේ සරේ කණ්ඩායමම නියෝජනය කරන ක්‍රීඩකයෙකි.

    [rns_reactions]

  • මහ වැස්සක පෙර නිමිති! දින 04ක් එකදිගට මහ වැසි…

    අද සිට ප‍්‍රදේශ බොහෝමයකට යළිත් වැසි වැඩි විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කිරීමත් සමග ඇතිවිය හැකි ආපදා වළක්වා ගැනීම සඳහා යුහුසුළුව කටයුතු කරමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන 10.30ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ලබන 27 වනදා තෙක් විශේෂයෙන්ම රටේ නිරිත දිග ප‍්‍රදේශවලට වැසි වැඩිවිය හැකි බවයි.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට ද ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවලට ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරෙනවා. කෑගල්ල, රත්නපුර, කළුතර, ගම්පහ, කොළඹ සහ ගාල්ල යන දිස්ත‍්‍රික්කවලට මිලි මීටර් 100 දක්වා වූ තද වැසි ද ලැබිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

    [rns_reactions]

  • ‘‘අරගල කරන්න..බුදුන්ගෙන් ඉගෙන ගන්න‘‘ – අරගලකරුවන්ට බුකිය කියාදුන් පාඩම!

    සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් කඩා වැදුනු සයිටම් විරෝධී විශ්ව විද්‍යාල සිසුන්ට ඊයේ එල්ල වූ ප්‍ර‍ාහාරය සහ ඔවුන්ගේ ප්‍ර‍ණ්ඩකාරි හැසිරීම පිළිබඳ මේ වන විට බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් බවට පත්ව තිබේ.අන්තර්ජාලයේ මෙන්ම සමාජ ජාලා වෙබ් අඩවි තුළද මේ පිළිබඳව බොහෝ අදහස් පළවී තිබුණි.එවන් පසුබිමක ෆේස්බුක් සමාජ ජාලයේ වේගයෙන් හුවමාරු වන සටහනක් අප ‘නෙත්‘ ගැටුණි මේ එම සටහනයි….

    ‘‘රජයේ ආයතනයක් ඇතුලට දාහක් එක්ක පැන්නට පැස්සෙ.ආ එන්න පුතාලා ඇතුලට කලින් කිව්වනං මරණාධාර සමිතියෙන් පුටු ගෙනල්ලා තියනවනෙ. ඉඩ තියන විදිහට වාඩි වෙන්නකො..කේකුයි බිස්කටුයි අල්ලලා ඇඹුල් කෙහෙල් ඇවරියක් ගෙනල්ලා කන්න පුතාලා ඔහෙන් වාඩිවෙලා..අපේ ජනේලෙ කැඩුවට කමක් නෑ සයිටම් වැහෙනවනෙ
    ලහිරු පුතා දැන් අක්කට එහෙම කොහොමද..??තාම slit එකේද.. දැං ඩිග්‍රිය එහෙම ගත්තද..??දුවලා ඔයාලා ඉඳගන්න.. කොල්ලො ටික නං ඔය කොහෙන් හරි ඉඳගනීනෙ..ගේට්ටුව ගලෝලා මහන්සිත් ඇතිනෙ බොමුද තේකක්.. මේකෙ bopf තියනවා..අනි මේවා වත්තෙ ඇඹුල් ලැජ්ජ වෙන්නැතුව කන්න දරුවො ‘‘ කියලා හිතලද උඹලා අමාත්‍යාංසෙ ඇතුලට කඩා පැන්නෙ..

    යකෝ පොඩ්ඩක් තොපෙ නායක බූරුවා ගැන හිතපිය..ඌ ගැන කියන්න තියෙන්නෙ කාරණා දෙකයි

    1. රාජ්‍ය ආයතනයක් ඇතුලට පැන්නම පොලීසිය ඇවිල්ලා ගහලා එලෝනවා කියලා ඌ දන්නෑ..

    ඒක ඇත්තනං ඒකවත් දන්නෙ නැති කැන්ද හැලපයෙක් නායකයා කරගෙනද යකෝ තොපි අරගල දිනනන්න හදන්නෙ..
    නොදකින් ඔය සංගමේ වහලා දාලා ගොටුකොල හිටවහන්

    2. ඌ උඹලට ගහනවා කියලා දන්නවා.. දැනගෙන තොපිව ගුටිකන්න ඇතුලට එක්කන් ගියා..

    නොදෝමකින් ඕයි.. නියම නායකයෙක් කියන්නෙ තමන්ගෙ සෙට් එකේ උන්ව බලෙන් ඉල්ලගෙන ගුටි කන්න දක්කන එකෙක්ටද..

    ඒක හින්දා දැන්වත් තේරුම් ගනින්.

    අරගල බැරිනං ගල අරගෙන හරි පලයන් අපිට පාන්ද..ප්‍රභාකරන් කිව්වෙත් ඌ කරන්නෙ අරගලයක් කියලා Isis උන් කියන්නෙත් උන් කරන්නෙ අරගලයක් කියලා කුලවාදෙට එරෙහිව බුදුන් කලෙත් අරගලයක්..දැන් අරුන් ත්‍රස්තවාදියො වෙලා බුදුන්ට තාම වඳින්නෙ ඇයි..

    අරගලේ කරන්න තෝරගත්ත පාර හින්දා..

    කිඹුල්වත් පුරේ සුද්ධෝදනගෙ මාලිගාවට හාන්දුරුවො එක්ක පැනලා කුල වාදෙ නවත්තපිය කියලා ජනෙල් දොරවල් කඩාදාලා මගුල් නැටුවද..නෑ ගහන්න බනින ඔක්කොම අහගෙන සාමකාමීව තමන්ගෙ අරගලේ කලා..ගාණ්ධි තමන්ගෙ සත්‍යග්‍රහ ව්‍යාපාරෙ එක වෙලාවක සම්පූර්ණයෙන් නවත්තනවා තමන්ගෙ කණ්ඩායමේ එකෙක් විරුද්ධ මතවාදියෙක්ට පහර දුන්නා කියලා..

    තොපි හිතන් ඉන්නවද සෞඛ්‍ය අමාත්‍යාංශය චතුර සේනාරත්න පිටසක්වලින් සල්ලි ගෙනල්ලා තාත්‍තට දීලා හදපු රාජිතගෙ බූදලයක් කියලා.අනේ යකුනේ තොපි ඊයෙ කුඩු කරලා තොවිල් නටපු දේපල වාහන ඔක්කොම මේ රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි.. නිර්ධන පන්තියෙ ඉන්ගෙ දේපල වලටම කෙලෝලද තොපි එතකොට නිර්ධන පන්තියෙ අරගල දිනන්න හදන්නෙ..

    ඔව් ඔව් දැන් අර ඇමති බිලියනයක් හොරකන් කලා ඉතින් අපි පොඩ්ඩක් කැඩුවම මොකෝ කියලා දැන් කොමෙන්ට් ටයිප් කරන උන්ට කියන්න තියෙන්නෙ

    ඕලෙවල් වත් නැති කාලකන්නි කරන ඒවා කරන්නද මී හරකො තොපි කැම්පස් ගියේ. තොපි කරන්නෙත් උන් කරන ඒවා නං උන්ගෙයි තොපෙයි වෙනසක් තියනවද.. තව ටික දවසකින් තොපි මිනියක් මරලත් කියයි ප්‍රභාකරන් ලක්සයක් විතර මැරුවනෙ අපි එකෙක් මැරුවම මොකො කියලා.. ඌරා මඩ නානවනෙ. ඉතින් මං නාන්නැතුව හිටියම මොකො වගේ ගොං ලොජික් දාන අත උස්සලා කැම්පස් ගිය උන් ඉන්නවනං පාං ගෙඩියෙන් අපල දුරුවෙනවා කියලා හිතන් ඉන්න උන්ගෙ ලිස්ට් එකට පල..

    තොපි මොන බම්බු අරගලේ කරත් වැඩක් නෑ රටේ මිනිස්සු උඹලා එක්ක නැත්තං රටේ මිනිස්සු තොපි එක්ක හිටවගන්න ඕනෙ නං පිස්සො වගේ ත්‍රස්තවාදියො වගේ හැසිරෙන්නැතුව බුද්ධිමත් මිනිස්සු ශිස්‍යයො වගේ හැසිරියන්..

    තොපි එක්ක හිටගෙන ඉන්නෙ කවුද කියලා පොඩ්ඩක් බලපිය. නිර්ධන පන්තියෙ අයිතිවාසිකම් බම්බුවක් කියෙව්වට තොපි එක්ක ඉන්නෙ ළමයව රෝයල් දාන්න කාර් පර්මිට් ඉල්ලලා වැඩ වර්ජනේ කරලා ගෝටගෙ කීමට කොතලාවල වෛද්‍යපීටෙ හදනකොට හා සර් කියලා බඩ උලාගෙන හිටපු වෛද්‍ය සංගමෙයි.. සයිටම් එකට අත්සන් කරලා දැන් එපා කියනා ත්‍රීවිල් ඒකාබද්ධ විපක්සෙයි තමන්ගෙ උන්ව slit යවලා අනිත් උන්ගෙ දරුවො යන ඒවා ඇබොලිස් කරපන් කියන ජවිපෙයි පෝස්ටරයක් ගහගන්න එකෙක් නැති කුරුට්ටොයි විතරයි..

    ආයෙ හිතපන්

    ඔතන ඉන්න ගුටිකාපු බහුතරේ බලෙන් ඇදගෙන ආපු 1st ඉයර් උන්.. නෑ කියලා නටන්න එපා දැන්.. අවුරුදු 8 ක් තිස්සෙ සයිටම් අරගලේ වෙනවා..ඇයි සද්භාවයෙන් බොක්කෙන් අරගල කරනවනං කැම්පස් එකෙන් අවුට් උනාට පස්සෙ එකෙක්වත් පැත්ත පලාතක නොඑන්නෙ..

    පොඩ්ඩක් තේරුම් ගනින්

    තොපි ඔක්කොම දේසපාලන ඉත්තො ඡන්ද ලක්සයක් ගන්න බැරි බම්බු දේසපාලන ව්‍යාපාර වල කොන්ත්‍රාත් එකක් කරන්නෙ..
    අන්තරේ හිටපු කැඳවුම්කාරයො ටික දැන් ඉන්නෙ කොහෙද කියලා පොඩ්ඩක් බලපන්. උන්ට ඕනෙ අරගලේ දිනන්න නෙමෙයි.

    තොපි කාවහරි මරාගන්න

    ඒකයි ගහනවා කියලා දැනගෙන ලහිරු කියන බූරුවා තොපිවත් ඇදගෙන ඇතුලට යන්නෙ.. නියම නායකයා කවද්ද යකෝ තමන්ගෙ උන්ට ගුටි කන්න දෙන්නෙ.. තනියම ගිහින් කතා කරනව මිසක්..ඇරත් තොපි හිතන් හිටියනං මෝලමක් ගලහා පිළිඅරගෙන රාජිත මේං කියලා තොපිට සාකච්ඡාවක් දෙයි කියලා ආයෙ කියන්නෙ ඔය සංගමේ වහලා ගොටුකොළ හිටවහන්..ඒක හින්දා එක එක පරයන්ගෙ දේසපාලන ව්‍යාපාර වලට ඡන්ද ගන්න විකිණෙන මිනියක් වෙන්නෙපා..

    අන්තරේටයි උන්ව මෙහෙයවන දේසපාලන බඩකඩිත්තු වලටයි ඕනෙ තොපි එකෙක්ව මරාගෙන මිනී පෙට්ටිය අරගෙන අරගලේට දිවි පුදපු සිසු විරුවා කියලා කොළබ වටේ අරගෙන ගිහින් ඡන්ද එකතු කරගන්න..අරගලයක් ඉවර කරන්න ඕනෙ නෑ උන්ට.. උන් ජීවත් වෙන්නෙ ඔය අරගලෙන්.

    හිතපන් තොපි එකෙක් මැරිලා සයිටම් වැහුවා කියලා..ඊළඟට nsbm වහන්න අරගලයක් කරයි.. එතකොට තව එකෙක් මැරෙනවද..කොතනින්ද ඕක නවතින්නෙ..

    ගහමරාගෙන ප්‍රශ්න විසඳන්න බෑ..ගහගන්නෙ නොදියුනු ගෝත්‍රිකයෝ තොපි රටේ බුද්ධිමත් සෙට් එකනං බුද්ධිමත්ව ප්‍රශ්න විසඳන්න බලපන්..උඹලා ගැන කවි ලිව්වා ගුටි කෑවම ඕන තරන් මීට කලින්.. ඒ උඹලගෙ මතේට කැමති හින්දා නෙමෙයි.. මොනව උනත් මිනිස්සු හින්දා..

    හැබැයි තව ටික දවසකින් උඹලා ඔය වගේ පිස්සු නටද්දි මැරුවත් හොඳවැඩේ කියන තැනට රටේ මිනිස්සු පත් වෙනවා..ආණ්ඩුවටත් ඕනෙ ඒක..

    ඒ තැනට පත් වෙන්නෙපා..කවුරුහරි බූරුවෙක්ගෙ කීමකට යටවෙලා අනාගතේ කාලකන්නි නොකරගෙන ඉගෙනගෙන රටට වැඩ කරපන් ඔච්චර ආදරෙයිනං

    තොපි ඩෙඟා නටන තරමට ආණ්ඩුව කැමතියි..ආන්ඩුවෙ ඔක්කොම ප්‍රශ්න තොපේ පිටින් සතියක් දෙකක් යවාගන්න පුළුවන් හින්දා..අන්තිමට ආයෙත් කියන්න තියෙන්නෙ තොපි දේසපාලන ව්‍යාපාරෙක වහල්ලු.. තොපි ඔක්කොම ඡන්ද වෙනුවෙන් ගුටි කවන්න මරාගෙන මැරෙන්න යවන ඉත්තො.. ඒක තේරුම් ගනින්

    ලහිරු වීරසේකර ඔතනින් ගියාම ඌට පක්සෙන් පඩියක් එක්ක රස්සාවක් දෙනවා..තොපි කාලකන්නි වෙලා මැරිලා ගියාම ගෙදර උන්ට ඌ කන්න දෙන්නෙත් නෑ දිනන ලබ්බෙ අරගලේකුත් නෑ..

    උඹලගෙ අරගලේට මගෙ කිසිම විරුද්ධත්වයක් නෑඋද්ඝෝෂණ අරගල කරන එක මිනිස්සුන්ගෙ අයිතියක්.මම ඒකට හිස් මුදුනින් ගරු කරනවා..

    හැබැයි ඒක කරපන් මිනිස්සු වගේ..පිස්සො වගේ නොවී..මිනිස්සු උඹලා එක්ක හිටගන්නකන් උඹලා අරගල දිනන්නෙ නෑ..

    චමල් අකලංක පොල්වත්තගේ

  • අන්තරේ අමුතු ලොජික්.. STF බල්ලෝ – අද ඉදලා උන්ට බේත් නෑ.. නිරුවත කරලියට…

    පසුගියදා අනීතිකව සෞඛ්‍ය අමාත්‍යංශයට කඬා වැදුනු විශ්වවිද්‍යාල සිසුන් ඉවත් කිරීම සදහා විශේෂ කාර්යය බලකායට(STF) මැදිහත්වීමට සිදුවූ අතර එහිදී සිය අවම බලය භාවිතා කරමින් බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කිරීමටද ඔවුන්ට සිදුවිය.

    මෙම සිදුවීමෙන් පසුව විශේෂ කාර්යය බලකායේ සාමාජිකයින් ඉලක්ක කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විශ්ව විද්‍යාල සිසුන් විසින් ඉතා පහත් පෙලේ වචන භාවිතා කරමින් ෆේස්බුක් සමාජජාලය තුල මතයක් ගෙනයමින් ඇති අතර එය කිසිසේත්ම උචිත තත්වයක් නොවේ.

    යුධ සමයේදී මෙරට ත්‍රස්ථවාදයෙන් මුදවා ගැනීම සඳහා මෙන්ම රටේ ආරක්ෂාව, සාමය සහ ස්ථායීතාවය පවත්වාගෙන යාම පිණිස විශේෂ කාර්යය බලකාය විසින් ලබාදී ඇති දායකත්වය ඉතා විශාලය.

    හම්බන්තොට මහ රෝහලේ වෛද්‍ය නිලධාරියෙකු වන දුමිදු කොඩිතුවක්කු විසින් මින් ඉදිරියට “පොලීසි සහ STF කාලකන්නීන්ගේ රෝගීන්ට මින් ඉදිරියට ප්‍රතිකාර කරනු නොලැබේ” යනුවෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබූ අතර ගොඩනැගුනු මහජන විරෝධය හමුවේ එය ඔහුගේ ගිණුමෙන් ඉවත්කර තිබේ.

    සයිටම් සටනට සම්බන්ධ වී සිටින සනෝජ් වීජයසේකර නම් තැනැත්තා විසින් “STF පර බල්ලන් යනුවෙන් සඳහන් කරමින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කර තිබේ.

    රාජ්‍ය දේපළ වලට අලාභහානි කරමින් ත්‍රස්තවාදීන් ලෙස හැසිරෙන අමනෝඥයින් රැලක් ඉවත් කල පමණින් රණවිරුවන්ට මෙලෙස පහත් ආකාරයෙන් පරිභව කිරීම කිසිසේත්ම අනුමත කල නොහැකි අතර මෙවන් ක්‍රියාමාර්ග වල නොයෙදෙන ලෙස අප වෛද්‍යවරුන්ගෙන් සහ විශ්ව විද්‍යාල සිසුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

    [rns_reactions]

  • ශ්‍රී ලංකා සංචිතය නම් කරයි! දයාට අභියෝග කල මාලිංගත් දයාවෙන් සංචිතයට….

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති ශරීර සුවතා පරීක්ෂණයෙන් අනතුරුව ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර ඉදිරි ක්‍රිකට් තරග සංචාරය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීම සිදු විය. ඒ අනුව සිම්බාබ්වේ තරගාවලිය සදහා පළමු ලයිස්තුවේ ක්‍රීඩකයන් තිස් දෙනාගේ සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා.
  • දුෂණ විරෝධී පෙරමුණ දෙකඩ වෙයි.. රජිත් කීර්ති ගෙදර යයි…

    දූෂණ විරෝධි පෙරමුණේ උපදේශකයෙකු මෙන්ම ක්‍රියාකාරිකයෙකු වශයෙන්ද කටයුතු කල රජිත් කීර්ති තෙන්නකෝන් මහතා එම පෙරමුණේ සියලු තනතුරු සහ වගකීම් වලින් ඉවත්වී තිබේ.

    මේ පිළිබඳව ඒ මහතා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් පහතින් දැක්වේ.

    [rns_reactions]

  • බලයේ සිටි එදා සරසවි සිසුන්ට මැරෙන්න ගහපු මහින්දගෙන් ඊයේ සිදුවීම ගැන ප්‍රකාශයක්…

    ඊයේ සරසවි සිසුන්ට එල්ල වූ ප්‍රහාරය ගැන මහින්ද රාජපක්ෂ විසින් ඊයේ සරසවි සිසුන්ට එල්ල වූ ප්‍රහාරය පිලිබදව ප්‍රකාශයක් නිකුත් කර ඇත. 2015 ජනපතිවරණයට සතියක් තිබියදී උපාධි සමානතාව ඉල්ලා පැමිණි සිසුන්ට මැරෙන්න තරමට පැහැර දුන් මහින්ද අද තොත්ත බබා වෙමින් කටයුතු කිරීම විහිළුවක් බවයි ජනතා මතය..

    රතුපස්වල, හලාවත, කටුනායක විරෝධතාකරුවන් තම නියෝගයෙන් වෙඩි තබා මරාදමපු දර්ශනවලට සංවේදී නොවූ කම්පනයට ලක් නොවූ අපේ හිටපු ජනාධිපතිතුමා බලහත්කාරයෙන් අමත්යන්ශ්‍යකට ඇතුළු වෙලා රාජ්‍ය දේපල කඩපු අය ඉවත්කාරම සංවේදී වුණා යැයි පවසිමම විහිළුවක්  බවයි ජනතා මතය.

    මහින්ද නිකුත් කල නිවේදනය සහ ඔහුගේ පාලන කාලයේ සිදුකල ශිෂ්‍ය පහරදීම් පහතින්.

    [rns_reactions]

     

     

  • සයිට්ම් ප්‍රශ්නය විසදන්න මැදිහත් වන බවට රට හිනස්සන ක්‍රීඩා ඇමතිගෙන් ප්‍රකාශයක්…

    සයිටම් අර්බුදය විසදා ගැනීම සඳහා තමාද ඉදිරියේදී මැදිහත් වන බව ක්‍රීඩා අමාත්‍ය  දයාසිරි ජයසේකර මහතා පවසයි.

    අමාත්‍යවරයා සඳහන් කළේ එම ගැටළුව නිරාකරණය කර ගැනීමට නොහැකි වූවහොත් ඉන්දියාවේ වෛද්‍යවරුන්ට හිමිව ඇති තත්ත්වය මෙරට වෛද්‍යවරුන්ට ද හිමිවන බවයි.

    කෙසේ වෙතත් වෛද්‍ය සිසුන් සෞඛ්‍ය අමාත්‍යංශයට කඩාවැදීම අනුමත නොකරන බව ඒ මහතා කියා සිටියේය.

     කඹුරුපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා සඳහන් කළේය.

    [rns_reactions]

     

  • GMOA හා රජය අතර තීරණාත්මක සාකච්ඡාවක්….

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සහ රජයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙයි.

    නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සහ අග්‍රමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු ඇතුළු නියෝජිතයින් පිරිසක් රජය වෙනුවෙන් සාකච්ඡාවට එක්ව සිටින බව වාර්තා වෙයි.

    ඊයේ(22) උදෑසන වෛද්‍ය නිලධාරීන් ආරම්භ කළ වර්ජනය මේ වන විටත් පැවැත් වෙයි.

    වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටියි.

    [rns_reactions]

  • අහිංසක යැයි කියන අන්තරේ සිසුන් පොලිස් නිලධාරියෙක්ට පහර දුන් අයුරු (VIDEO)

    වසර 13ක පාසල් අධ්‍යාපනයෙන් පසුව රටේ ජාතික විශ්ව විද්‍යාල වලට තේරීම සඳහා සුදුසුකම් ලැබීමට උසස්පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ගෙන් අතලොස්සකට පමණක් හිමිවන සරසවි වරම ලබා ගැනීමට ඔවුන් අපමණ වෙහෙස වෙති.

    කෑමක් බීමක් හරියට නැතිව රෑ නිදි වරාගෙන පාඩම් කරමින් වෙහෙසවී කැම්පස් යන කොල්ලෝ කෙල්ලෝ ගැන දෙමව්පියන් අනෙක බලාපොරොත්තු තබාගෙන සිටින්නේ තම දරුවන් හොඳින් ඉගෙනගෙන රටට බරක් නොවී රටට වැඩදායි අයවලුන් කිරීමටය. නමුත් ඇත්තටම අපේ රටේ කැම්පස් වල වෙන්නේ කුමක්ද?

    එහි ගිය අහිංසක දරුවන් මැරයින් බවට පත්වන්නේ කෙලෙසද?

    පහත දැක්වෙන වීඩියෝව අවසන්වනතුරු නරඹන්න….

    මේ අමානුෂික ලෙසින් රටේ නිත්‍ය හා සාමය රැකීමේ රාජකාරිය කරන පොලිස් නිලධාරියකුට පැහැර දෙන්නේ කැම්පස් ගිය උගත් යයි කියන සරසවි සිසුවෙකි. සමස්ත කැම්පස් කොල්ලෝ කෙල්ලෝ මෙම තත්වයෙන් අප නොදැක්කත් මෙම දරුවන් මේ තත්වයට පත්වීම රටක් ලෙස අප සිටින්නේ කොතනකද කියා පෙන්වන සාධකයකි. අපේ රටේ බංකොලොත් දේශපාලන පක්ෂ වල අතකොළු බවට සරසවි සිසුන් පත්වීම අප අත් දකිමින් සිටි. එදා 88/89 සිදුකල විනාශයට නැවත ඔවුන් අත වන්න බව පෙනේ. පෙරේදා සෞක්‍ය  අමාත්‍යංශයට වැදුණු සිසුන් හැසිරුණ ආකාරයෙන්ද අපට එය විද්‍යාමාන වේ… සරසවි සිසුන් දේශපාලනයට ඇද දමනා බංකොලොත් දේශපාලන පක්ෂ වල නිරුවත අප හොඳින් හඳුනාගත යුතුය…

    [rns_reactions]

  • පෙරටුගාමී පක්ෂයේ කුමාර් ගුණරත්නම්ට ලංකාවේ පුරවැසි භාවය.. ලේඛනය අද ඔහු අතට..

    2006 රාජපක්ෂ ආණ්ඩුවෙන් එල්ල වූ ජීවිත තර්ජන මැද රහසිගතව සංක‍්‍රමණය වී ඕස්ටේ‍්‍රලියාවේ වාසය කළ ඔහු 2011 නැවත මෙරටට පැමිණ සිටියදී ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙයවීමෙන් යුත් ආරක්ෂක අංශ කන්ඩායමක් විසින් පැහැරගෙන ගොස් පිටුවහල් කරන ලදී. 2015 නැවත මෙරටට පැමිණි ඔහු සිය පාරම්පරික පුරවැසිභාවය පිළිගන්නො ලෙස කිහිපවරක් අයදුම් කළ ද එය ප‍්‍රතික්ෂේප කරණ ලදී. 2015 නොවැම්බර් 4 වැනිදා සිය නිවසේදී අත්අඩංගුවට ගෙන වීසා නොමැතිව රැුඳී සිටි ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙක් යන පදනමින් චෝදනා ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු වසරක සිර ද`ඩුවමකට යටත් කරන ලදී.


    ආගමන විගමන පනතේ 8 වැනි වගන්තිය අනුව, ලංකාවේ පාරම්පරික පුරවැසිභාවය ලබාදෙන ලෙස ඉදිරිපත් කළ අයදුම්පත පිළිගනිමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඔහු වෙත අදාළ ලේඛනය එවා ඇත.

    ඕස්ටේ‍්‍රලියානු පුරවැසිභාවය ඉවත් කරගත් කුමාර් පාරම්පරික පුරවැසිභාවය පිළිබද පිළිගන්නා ලෙස ඉදිරිපත් කර තිබුණු අයදුම්පත අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් එම පිළිගැනීම සිදුකර ඇත.


    1981 ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට සම්බන්ධ වෙමින් වාමාංශික ක‍්‍රියාකාරිත්වයට පැමිණි පේ‍්‍රමකුමාර් ගුනරත්නම්, 1989 අරගලයේදී මරා දැමුණු ජ.වි.පෙ. ක‍්‍රියාකාරිකයකු වූ රන්ජිදන් ගුණරත්නම්ගේ බාල සොහොයුරාය.

     2017 පෙබරවාරි මස පැවැති පෙ.ස.ප. දෙවැනි ජාතික සමුළුවේදී දී එම පක්ෂයේ සංවිධායක ලේකම් ලෙස පත් කරගැණුනි.

    [rns_reactions]