වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් ධුරය සඳහා පරිපාලන සේවයේ නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව යැයි පවසමින් හිටපු ලේකම්ට පක්ෂපාති එහෙයියන් කිහිපදෙනෙක් අද (23) රට පුරා සංකේත වැඩ වර්ජනයක නිරත වනවා. එහෙයියන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් පැවසුවේ හිටපු ලේකම් ලබාදෙන තුරාවට තමන් වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.. එය කිරීමට නොහැකි නම් ඉදිරියේ දී වඩාත් දැඩි වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගවලට අවතීරණ වන බවයි ඔහු කියා සිටියේ.
Author: Editor[A]
-
අමාත්‍යංශයට අලාභ හානි කල චෝදනාවට ලහිරු අත්අඩංගුවට.. (Breaking News)
රජයේ අමාත්‍යංශයකට කඩා වැදී රජයේ දේපල වලට අලාභ හානි සිදුකිරීමේ චෝදනාව මත අන්තර් විශ්ව විද්‍යාලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර මහතා ඇතුළු පිරිසක් මිට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.
[rns_reactions]
-
අවසන් මොහොතේ සියල්ල සලකා බලා මහේල තීරණය වෙනස් කරයි…
ශ්‍රී ලංකා සුපිරි පිතිකරු මහේල ජයවර්ධන එළඹෙන නැට්වෙස්ට් T20 බ්ලාස්ට් තරඟාවලිය සඳහා ලන්කර්ශය ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වීමට ගෙන තිබු තීරණය වෙනස් කරමින් තරඟාවලියෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
මහේලගේ මෙම තීරණය පුද්ගලික කරුණක් නිසා ගත් තීරණයක් බවත් වාර්තා වේ.මහේල ලබන මස මුලදී ලන්කර්ශයර් කණ්ඩායම සමඟ එකතු වීමට සැලසුම් සකස් කර තිබිණි.
මෙම තීරණය සම්බන්දයෙන් ලන්කර්ශයර් පුහුණුකරු ග්ලෙන් චැපල් තම කණගාටුව ප්‍රකාශ කර ඇත.
“ඇත්තටම මම ගොඩක් කනගාටු වෙනවා මහේලගේ මේ තීරණය ගැන,අපි මේ වෙලාවේ කණ්ඩායමක් විදියට සැලසුම් සකස් කරමින් ඉන්න වෙලාව.”
තමන්ගේ තීරණය පිළිබඳව මහේල ද අදහස් දක්වා ඇත,
“ඇත්තටම මම ගොඩක් කනගාටු වෙනවා සැලසුම් කල විදියට ලන්ක්ෂයර් කණ්ඩායම එක්ක එකතු වෙන්න බැරි වුන එක ගැන,මම සුබපතනවා මේ අව්රුද්දෙ ලන්කර්ශයර් කණ්ඩායමට ලොකු දෙයක් කරන්න පුළුවන් වෙන්න කියල.
[rns_reactions]
-
දයාසිරිගේ නිර්දේශයෙන් දුර්වල පන්දු රැකීමේ පුහුණුකාර නික් පොතා ප්‍රධාන පුහුණුකාර ධුරයට…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු ග්‍රැහැම් ෆෝර්ඩ් නැවත ශ්‍රී ලංකාවට පැමිණීම ස්ථිර නැති වීම නිසා සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ක්‍රිකට් තරඟාවලියේ ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන නික් පොතා පත් කිරීමට නියමිතය.
ආරංචි වන අන්දමට පිතිකරණ පුහුණුව සඳහා ශ්‍රී ලංකා A කණ්ඩායමේ පුහුණුකරු අවිශ්ක ගුනවර්දන සහ වේගපන්දු පුහුණුකරු ලෙස චම්පක රාමනායක පත්කිරීමටද සුදානමක් ඇත.
ශ්‍රී ලංකා පන්දු රැකීමේ දුර්වලතාවයන්ට පසුගිය දිනවල දැඩි දෝෂදර්ශනයට ලක්වූ පන්දු රැකීමේ පුහුණුකරුවා ඒ තනතුරෙන් උසස් කර ප්‍රදාන පුහුණු කරු තනතුරට පත් කිරීම විමතියට කරුණකි
[rns_reactions]
-
කුමන්ත්‍රණ මැද කඩේ වහයිද? දෙවෙනි ඉනිම 99 මෙන්න…
[rns_reactions]
-
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට නිවුන් දරු උපතක්… ඔබ නොදත් කතාව මෙන්න…
ටෙස්ට් ක්‍රිකට් මාතාව විසින් මීට වසර 140 කට පෙර තම පළමු දරුවන් දෙදෙනා ලෙස ඕස්ට්‍රේලියා,සහ එංගලන්ත නිවුන් දරුවන් ලෝකයට බිහිකළ පසුව තමන්ගේ 11 වන සහ 12 වන දරු දෙදෙනා ලෙස ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය නමින් තවත් නිවුන් දරු උපතක් සිදු කර ඇත.
ටෙස්ට් ක්‍රිකට් මාතාවගේ මෙම දරුවන් ලැබීම කාලයක් පුරා විලිබරව සිට සිදු කල දරු උපතක් වන අතර අවසන් වරට මැය ටෙස්ට් ක්‍රිකට් ළදරුවෙක් බිහි කලේ මීට වසර 17 කට පෙරය.එම දරු උපතෙන් බිහිවූ බංගලාදේශය දැන් හිරිමල් යෞවනයෙකි.මෙම අලුත් ටෙස්ට් ක්‍රිකට් උපත පිළිබඳව පුවත මාද්‍ය වාර්තා කර තිබුනේ මෙසේය.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම පූර්ණ සාමාජිකයන් ලෙස ඇෆ්ඝනිස්ථානය සහ අයර්ලන්තය පිළිගනු ලැබ තිබේ. ඒ අනුව ඇෆ්ඝනිස්ථානයට සහ අයර්ලන්තයට ටෙස්ට් වරම් හිමිව තිබේ. ලන්ඩන් නුවරදී (22 වැනිදා) පැවැති අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික මහ සභා රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබ ඇත.
මෙම රටවල් දෙකත් සමගම ලෝකයේ ටෙස්ට් වරම් හිමි රටවල් සංඛ්‍යාව 12 දක්වා වැඩිවනු ඇත. අන්තර්ජාතික ක්‍රිකට් සභාව අවසන් වරට පූර්ණ සාමාජිකත්වය සඳහා රටක් ඇතුළත් කරගත්තේ මීට වසර 17 කට පෙරදීය. ඒ බංග්ලාදේශයට ටෙස්ට් වරම් පිරිනැමීමෙනි.
වසර 1981 දක්වා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකයන් වූයේ රටවල් 7 ක් පමණි. 1981 දී ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමිවූ අතර 1992 දී සිම්බාබ්වේ කණ්ඩායම පූර්ණ සාමාජිකයන් අතරට ඇතුළත් කරගන්නා ලදි. වසර 2000 දී බංග්ලාදේශයට ටෙස්ට් වරම් හිමිවීමත් සමගම ටෙස්ට් වරම් හිමි රටවල් සංඛ්‍යාව 10 ක් දක්වා වැඩිවිය.
පාකිස්තානයට උතුරින් පිහිටි ඇෆ්ඝනිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් දීර්ඝ කාලීන උනන්දුවක් තිබුණ අතර වසර 2011 සිට නිල වශයෙන් එක්දින ක්‍රිකට් තරග සඳහා සහභාගි වීමේ අවස්ථාව ඔවුන්ට ලැබිණ. වසර 2013 දී ඔවුනට සම සාමාජිකත්වය ලැබිණ. 2015 දී ලෝක කුෂලාන තරගාවලියට සහභාගි වූ ඇෆ්ඝනිස්ථානය විස්සයි-20 ලෝක කුසලාන තරග වලටද සහභාගි වී තිබේ.
වසර 2007 සිටම ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන අයර්ලන්තය 2007 දී පාකිස්තානු පිල පරාජය කිරීමද සමත් විය.
[rns_reactions]
-
පිය මග යන පුතු දහම් දුන් පොරොන්දු ඉටුකරයි. දෙව්මිණි දැරියගේ නව නිවෙසට මුල් ගල තබයි..!
පසුගියදා දිවයිනට බලපෑ අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව රුදුරු ගංවතුරෙන් තම නිවස අහිමි වූ ලබන වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත රත්නපුර අයගම පණ්ඩුකඳේ වත්ත ප්‍රදේශයේ පියාද අහිමිව දිවි ගෙවන දෙව්මිණි නම් අධ්‍යාපනයට දක්ෂ දරුවෙකුගේ දුක්බර පුවතක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර ඒ පිළිබඳව සොයා බැලීමට පසුගිය බ්‍රහස්පතින්දා (14) දහම් සිරිසේන මහතා එම ප්‍රදේශයට ගිය අතර, එහිදී පුංචි දෙව්මිණිගේ කඬාවැටුනු නිවස සහ සිදුවූ සිදුවීම නීරීක්ෂණය කර එහිදී දෙව්මිණි දැරියට සහ ඇගේ මවට සුදුසු ස්ථානයක නව නිවසක් කඩිනමින්ම ඉදිකර දෙන බවට පොරොන්දුවක් ලබා දුන්නේය.
එම පොරොන්දුව ලබා දී සතියක් ගත වන අද දින (22) පුංචි දෙව්මිණි දැරියගේ අහිමි වූ නිවෙස වෙනුවට නව නිවෙසක් සෑදීම සඳහා මුල් ගල තැබීම අවට විහාරස්ථාන වල ස්වාමින් වහන්සේලාගේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ අද උදෑසන 10.15ට යෙදුන සුභ නැකතින් දහම් සිරිසේන මහතා අතින් සිදු විය.
මෙම නව නිවෙස සඳහා අවශ්‍ය ඉඩම කිරිඇල්ල නැඳුන් රජමහා විහාරස්ථානය විසින් පරිත්‍යාග කල අතර නිවෙස ගොඩ නැගීමසඳහා රජයේ කිසිඳු ප්‍රතිපාදනයක් ලබා නොගෙන තම පෞද්ගලික දැන හැඳුනුම්කම් මත ආධාර උපකාර ලබාගෙන මාස 3ක් ඇතුලත ගොඩනැගීමටයි දහම් සිරිසේන මහතා සැලසුම් කර ඇත්තේ.
ගංවතුරෙන් විපතට පත්වූ නැති බැරි අපේම ජනතාව වෙනුවෙන් මෙවැනිම වූ නව නිවාස කිහිපයක්ම රජයේ මැදිහත්වීමකින් තොරව ගොඩනගා විපතට පත්වූ ජනතාව වෙනුවෙන් ලබා දීමට තමා අදහස් කරගෙන සිටින බවත් ඒ සඳහා උපකාර කිරීමට කැමති අයට ආරාධනා කරන බවත් දහම් සිරිසේන මහතා එහිදී සඳහන් කර සිටියේය.













-
සරසවි සිසුන් කල අලාභය ගණනය කිරීම් ආරම්භ වෙයි… CCTV වාර්තා වලින් සියල්ල පැහැදිලියි…
සරසවි සිසුන් ඊයේ (21) කළ උද්ඝෝෂණයේ දී සෞඛ්‍ය අමාත්‍යංශයේ දේපළවලට සිදු වූ අලාභය පිළිබඳ තක්සේරු කිරීම මේ වන විට ආරම්භ වී තිඛෙනවා.
සී සී ටී වී කැමරාවල සමීප ඡායාරූප ද මෙහිදී සැලකිල්ලට ගන්නා බවයි පොලිසිය පවසන්නේ.
උද්ඝෝෂකයින් පිරිසක් අමාත්‍යංශ පරිශ්‍රය තුළට නීති විරෝධීව ඇතුළු වී වාහනවලට සහ එහි අනෙක් දේපළවලට අලාභ සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස දේපළවලට අලාභ සිදු කළ තැනැත්තන් හඳුනා ගැනීමට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඝෘජු අධීක්ෂණය යටතේ විමර්ශනයක් ද ආරම්භ කර තිඛෙනවා.
හඳුනා ගන්නා වරදකරුවන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි කියා සිටියා.
[rns_reactions]
-
Strike කරන්න කලබලේ දොස්තරලා කරපු කැත වැඩක් කරලියට.. බලන්න මේ වීඩියෝව…
https://www.facebook.com/siyathatv/videos/1889766381264624/
[rns_reactions]
-
මහින්දට එරෙහිව සංඝ ආඥාවක් නිකුත් වන ලකුණු…!
ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් කතා කිරීම තමන්ට එරෙහිව සංඝ ආඥාවක් නිකුත් වීමට ද හේතු විය හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කරන ආකාරය පිළිබඳව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
[rns_reactions]
-
ප්‍රින්ස් කිව්වේ බොරු. මා ඔහුගේ පෙම්වතියක් නොවෙයි.. නිරෝෂා විරාජිණි කියපු කතාව මෙන්න !.
ජනප්‍රිය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත රෝගාතුර වී මරණයට පත්වීමෙන් පසු ඔහුගේ මරණය හා තනිකඩ ජීවිතය පිළිබද බොහො දෙනෙකුගේ කතාබහට ලක් උනා.
2013 වසරේදි පුවත්පතක් හා සුහද කතාබහකට එක්වූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත පවසා තිබුනේ ගායන ශිල්පිණි නිරෝෂා විරාජිනී සමග තමන්ට ප්‍රේම සබදතාවයක් තිබු නමුත් එය බිදි ගිය බවයි,
ප්‍රින්ස් ගේ අකල් වියෝවත් සමග අදාළ පුවත්පත් සාකච්ඡාව පිළිබද බොහො දෙනෙකු කතා බහ කල අතර පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් මේ සම්බන්ධව සෘජුවම ගායිකා නිරෝෂා විරාජිනීගෙන් අසා තිබෙනවා.
එයට පිළිතුරු ලෙස නිරෝෂා විරාජිණි පවසා ඇත්තේ ප්‍රින්ස් තමාගෙ මිතුරෙකු හෝ නොවු බවත් ඔහු සදහන් කළ නිරෝෂා වෙනත් නිරෝෂා කෙනෙකු විය හැකි බවයි .
නිරෝෂාගේ සම්පුර්ණ ප්‍රකාශය මෙසේය.
“ඔය කියන්නේ මොකක්ද කියලා මමත් දන්නවා.මටත් අහන්න ලැබුණා. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි මගෙයි ඔය කියන පුද්ගලයයි අතර කිසිම සම්බන්ධයක් තිබුනෙ නැහැ. අඩුතරමින් යාළුවෙක් වත් නෙමෙයි. ඔහු ඉතා ජනප්‍රිය කාලේ මම ගායිකාවක් විදිහට අලුත්. නමුත් මම ජනප්‍රිය කාලේ ඔහු ගැන කතාවුණේවත් නැහැ.
කොහොම වුණත් ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. ගින්නක් නැතිව දුම් එන කාලයක් මේ. මම ඕවාට උත්තර දෙන්නෙ නැහැ. අවශ්‍ය නැහැ. කටකතා හදන අය කුහක ආශාවක් ඉෂ්ට කරගන්නව. නමුත් මම නිහඬව ඉන්නවා. ඇත්ත මොකක්ද කියල මම දන්නවා. මගේ වටාපිටාවෙ අය දන්නවා. ඔය කියල තියෙන්නෙ වෙන නිරෝෂා කෙනෙක් ගැන වෙන්න ඇති කියල තමයි මට කියන්න තියෙන්නෙ”කෙසේ නමුත් අදාළ පුවත්පත් සාකච්ඡාවේදි ප්‍රින්ස්ගෙන් ඍජුවම අසා තිබුනේ නිරෝෂා විරාජිනි සම්බන්ධයෙන් වන අතර එම පුවත්පතේ මුද්‍රිත උපුටනය පහතින්

[rns_reactions]
-
කෝලි දුකෙන් වියරු වැටිලා දෝනිට කෙලින්න යන අයුරු මෙන්න…
ශුරයන්ගේ කුසලානයේ අවසන් මහා තරගයේදි ලැබු නොසිතු පරාජය නිසා ඉන්දීය කණ්ඩායමේ වෙනස් කම් රැසක් සිදු කිරීමට නායක විරාත් කෝලීට අවශ්‍යව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙහි මුල් පියවර ලෙස කණ්ඩායමේ පුහුණුකරුගේ සේවය සම්බන්ධයෙන් තමන් සැහීමකට පත් නොවන බව විරාත් කෝලී දැන්වීමෙන් අනතුරුව කණ්ඩායමේ පුහුණුකරු අනිල් කුම්බ්ලේ සිය තනතුරෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
අනිල් කුම්බ්ලේ ඉන්දියාවේ ඉතාමත් ජනාදරයට පත් වූ ක්‍රිඩකයෙක් ලෙස ප්‍රසිද්ධයි.ජ්‍යේෂ්ඨත්වය හෝ ඔහුන්ගේ කීර්ති නාමය යන කිසිවෙක් නොසලකා නැවත කිසිදු තරගාවලියක් පරාජය නොවීමට ගත යුතු සෑම දැඩි පියවරක්ම ලබා ගැනීමට තමන්ට අවශ්‍ය බව විරාත් කෝලී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දන්වා තිබෙනවා. ඒ අනුව බොහො විට ජ්‍යේෂ්ඨ ක්‍රිඩකයන් වන මහේන්ද්‍ර සිං දෝණී සහ යුවරාජ් සිංගේ පවා ස්ථාන වෙනස් වීමට හැකි අතර ලද පරාජයෙන් විරාත් කෝලී දැඩි ලෙස සිත් රිදීමකට පත්ව තිබෙන බවයි ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරන්නේ.
[rns_reactions]
-
ඊයේ සිදුවීමත් සමග අලුත් සරසවියේ වෙනසක් නීතියක් ලෙසින් කරලියට…
විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන තරුණ සංඝයා වහන්සේලා වෙනුවෙන් වෙනම විශ්ව විද්‍යාලයක් ඇති කළොත් නරකද..?
ක්‍රි. පූ. 427 යුගයේ,කුමාරගුප්ත අධිරාජ්‍යයා විසින් ඉන්දියාවේ බිහාර් ප්‍රදේශයේ ආරම්භ කළ නාලන්දා විශ්ව විද්‍යාලය වගේ එකක්. එතකොට වත් අපේ අනාගත සඟ පරපුර සියළු දේශපාලන ව්‍යසන රැක ගන්නට අපිට හැකි වෙයි නේද…?[rns_reactions]
-
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ෆිට්නස් ටෙස්ට් එක කරපු හැටි මෙන්න…
ශ්‍රී ලංකා කණ්ඩායම සිදුකල මීටර විස්ස කෙටි දුර ධාවන ශාරිරීක යෝග්‍යතා පරීක්ෂණය සිදු කළ අයුරු ශ්‍රී ලංකා ක්‍රිකට් එළි දක්වා තිබෙනවා. ඒ අදාළ පරීක්ෂණය සිදු කරන අයුරු දැක්වෙන ඡායාරුප මගින්.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පුහුණුවීම් වල යෙදෙන සුපිරි පහසුකම් වලින් යුත් ක්‍රිඩාගාරයක පිතිකරණයේ යෙදෙන ටර්ෆයක් මත අදාළ කෙටි දුර ධාවන පරීක්ෂණය සිදු කර තිබෙනවා,
-
ශ්‍රී ලංකා ක්‍රිකට් සුක්කානම මහේලට! මෙන්න හේතුව(EXCLUSIVE)
මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
වත්මන් පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් සිය බඩුබාහිරාදිය රැගෙන සිය මවුරට බලා ගොස් ඇති බවයි අප වෙත වාර්තා වුණේ.
ඔහුගේ හදිසි නික්ම යාමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මහේල ජයවර්ධන සමග සාකච්ඡා ආරම්භ කර ඇත්තේ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා දක්ෂ කණ්ඩායමක් සැකසීමේ අරමුණින්.
මහේල ජයවර්ධන මෙවර අයි පී එල් තරගාවලියේ ශූරතාව දිනා ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණකරුද වනවා.
ග්‍රැහැම් ෆෝර්ඩ් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අතර ඉකුත් සමයේ මතභේදතාත්මක තත්වයක් උද්ගත වී තිබූ බවද අප වෙත වාර්තා වුණා.
කෙසේ වෙතත් මහේල ජයවර්ධන සමග කෙරෙන සාකච්ඡාවලින් පසු ඒ පිළිබද අවසන් තීරණයකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළැඹෙනු ඇති.
මෙම සාකච්ඡා තවදුරටත් දීර්ඝ වුවහොත් එළැඹෙන සිම්බාබ්වේ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කණ්ඩායම් කළමනාකරු අසංක ගුරුසිංහ කටයුතු කරනු ඇතැයිද අප වෙත වැඩිදුරටත් වාර්තා වුණා.
[rns_reactions]





