https://www.facebook.com/784915228356505/videos/790149041166457/
[rns_reactions]
https://www.facebook.com/784915228356505/videos/790149041166457/
[rns_reactions]
https://www.facebook.com/hirugossip/videos/1907915166095432/
[rns_reactions]
නේපාලයේ පැවැත්වෙන අල්ටිමේට් ස්පෝර්ට්ස් මැනේජ්මන්ට් ආයතනය සංවිධාණය කරන ඒෂියන් ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ශ්‍රී ලංකා ලයන් කණ්ඩායම සහ ඉන්දියා ස්ටාර් කණ්ඩායම් අතර තරඟය ලකුණු 53 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම සමත් වී ඇත.
තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම තම පන්දුවාර 20 තුල 154-7 ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඉන්දියා ස්ටාර් කණ්ඩායමට ලබාගැනීමට හැකිවී ඇත්තේ පන්දුවාර 15 ක් තුල සියලුදෙනා දැවී ලකුණු 101ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් Samarakkody ලකුණු 59 පන්දු 44 තුල ලබාගත් අතර Vishva Gayashan (33) සහ Dinesh Nakrani (30) බැගින් ලබාගැනීමට සමත් විය.
ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ Amar Karanwal පන්දු 19ක් තුල ලකුණු 20 ක් ලැබීමට සමත් විය.තරඟයේ වීරයා බවට පත්වූ සමරක්කොඩි ඉන්දීය කඩුලු 3ක් ලකුණු 15 කට බිඳ දැමීමට සමත් විය.
තරඟාවලියේ ඊයේ පවතී අනෙක් තරඟයේ ජය ඇෆ්ගන් බුල්ස් කන්ඩායම ලකුණු 3කින් පරාජය කල බංගලි ටයිගර් කණ්ඩායමට හිමි විය.
[rns_reactions]
චැම්පියන්ස් කුසලාන තරඟාවලිය අවසානය සමඟ අනුශූරථාවය දිනු ඉන්දීය කණ්ඩායම කොදෙව් දේශයේ සංචාරය කරන අතර චැම්පියන්ස් කුසලානයට සහභාගී වූ ඉන්දීය සංචිතයෙන් වෙනස් වී තිබෙන්නේ රෝහිත් ශර්මාගේ ස්ථානය රිශාබ් පාන්ට් ලබාගැනීම සහ ජශ්පිට් බුම්රගේ තැනට කුල්දීප් යාදව් කැඳවීමයි.
චැම්පියන්ස් කුසලානයට සහභාගී වූ ඉන්දීය කණ්ඩායම සෑම තරඟයකම පාහේ තම පිතිකරුවන් 7 දෙනෙකු සහ පන්දු යවන්නන් හතර දෙනෙකු සමඟ ක්‍රීඩා කරන ආකාරය අපට දක්නට ලැබිණි.මෙලෙස ඉන්දීය නායකයා වැඩිපුර පිතිකරුවෙකු තරඟ සඳහා යොදා ගැනීමට හේතුව ලෙස ක්‍රීඩා විචාරකයන් පවසන්නේ ඉන්දීය පිතිකරණ ලයිස්තුවේ අංක 4 සහ 5 පිතිකරුවන් දෙදෙනා ගැන කණ්ඩායම තුල විශ්වාසයක් නොමැති වීමයි.
ඉන්දීය කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් ලෙස ධවාන්,රෝහිත් සහ කෝලි දක්ෂතා දැක්වුවද අංක 4 සහ පහ ස්ථානවල ක්‍රීඩා කරන කණ්ඩායමේ ප්‍රවීනම ක්‍රීඩකයන් දෙදෙනා වන යුවරාජ් සිං සහ MS දෝණි ගේ දක්ෂතා වල පැහැදිලි පහල වැටීමක් දක්නට ලැබීම ඉන්දියාවේ සෙසු පිතිකරුවන්ටද දැඩි පීඩනයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
එංගලන්ත තරඟාවලියේ ඉහල දක්ෂතා දැක්වූ කෙදාර් යදව් පිතිකරණ අනුපිලිවලේ පසුපසට යැවීමද ප්‍රවීණ ඉන්දීය ක්‍රීඩකයන් වන රාහුල් ද්‍රාවිඩ් සහ අජිත් අගාකාර් ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇති බවද වාර්තා වේ.
2019 ලෝක කුසලානය කරා කණ්ඩායම යන ගමනට යුවරාජ්ගේ සහ දෝණිගේ පිතිකරණ ස්ථාන දැඩිව බලපාන නිසා,දැන් වයස 37 පසු කර තිබෙන මෙම ක්‍රීඩකයන් දෙදෙනා ගැන ඔවුන් තීරණයක් ගන්නට පෙර ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණයක් ගත යුතු බව ද්‍රාවිඩ්ගේ මතයයි.
මොවුන් දෙදෙනාට අමතරව රවීන්ද්‍ර ජඩේජා සහ රවිචන්ද්‍රන් අශ්වින් දෙදෙනාම ඇඟිලි උපයෝගී කරගෙන දඟ පන්දු යවන ක්‍රීඩකයන් වීම නිසා තරඟයේ පන්දුවාර 20-40 අතර පන්දුවාර වල ඔවුන් ප්‍රහාරයකට ලක් වීමේ හැකියාව ගැනද සකලා බැලීමෙන් අනතුරුව කුල්දීප් යාදව්ට වැඩි අවසථාවක් හිමිවිය යුතු බවද ඉන්දීය ක්‍රිකට් ප්‍රවීනයන්ගේ මතයයි.
[rns_reactions]
සෞඛ්‍ය අමාත්‍යංශයේ සුවසිරිපාය ගොඩනැගිල්ලේ මහල් 04ම අත්පත් කරගෙන සිටි සරසවි සිසුන් ගොඩනැගිල්ල පුරා සිය සටන් පාඨ රැගත් පුවරු ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළ අතර එම කටයුතු නිසා අමාත්‍යංශයට දැඩි හානී සිදුව ඇත.
සරසවි සිසුන් අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ ඇති විවිධ පුවරු හා දැන්වීම් ගලවා ඉවත් කිරීමට කටයුතු කර ඇති බවද ඒවා ගිනි තබා විනාශ කිරීමද සිදු කරන බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (21) මෙම විරෝධතා පාගමන සංවිධානය කළේ සයිටම් ආයතනයට විරෝධය පාමින්.
කෙසේවෙතත් මේ වන විට සරසවි සිසුන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සාකච්ඡාවක්ද සිදු වෙමින් තිබෙනවා.








[rns_reactions]
ජනප්‍රිය ගායක නාමල් උඩුගම විසින් ගායනා කරන ලද “අප හමුවීම” නම් ගීතයේ නැවත ගායනා කරමින් නිර්මාණය කල හේතුවෙන් නාමල් සහ දුලාජ් ධනුෂ්ක නමැති තරුණ ගායකයා අතර ගැටුමක් නිර්මාණය වී ඇති බව වාර්තා වී තිබේ.
සිය නිර්මාණ කිසිදු අවසරයකින් තොරව ගායනා කිරීම පිළිබඳව නාමල් උඩුගම විසින් මෙම තරුණ ගායකයාට අවස්ථා කිහිපයකදී දෝශාරෝපනය කර තිබේ.
ෆේස්බුක් හරහා පණිවිඩයක් එවමින් නාමල් උඩුගම විසින් එම ගීතය සියලු සමාජජාල මාධ්‍යයන්ගෙන් ඉවත් කරන ලෙසත් එසේ නොවුනහොත් නඩු පවරන බවටත් ප්‍රකාශ කල අයුරු දුලාජ් ධනුෂ්ක විසින් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබේ.
නාමල් උඩුගම අසනීපව රෝහල්ගත කර සිටි සමයේදී දුලාජ් ධනුෂ්ක විසින් කිසිදු අයකිරීමකින් තොරව ගීත ගායනා කොට ඒ මුදල් නාමල්ට ලබාදුන් බවටද ඔහු ප්‍රකාශ කර ඇත.
[rns_reactions]
https://www.youtube.com/watch?v=HSNhxtcsLlg
https://www.youtube.com/watch?v=Eu_5p_mJ68Y
https://www.youtube.com/watch?v=Wvsw_v5Hfbc
[rns_reactions]
https://www.facebook.com/1209664375781943/videos/1289190501162663/
[rns_reactions]
[rns_reactions]
[rns_reactions]
[rns_reactions]
ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරඟ 3ක්, එක්දින තරඟ 5 ක් ,සහ 20-20 තරඟ 1කට සහභාගි වීම සඳහා විරාජ් කෝලිගේ නායකත්වයෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ජුලි 23 ලංකාවට පැමිණීමට නියමිතය.
ජුලි මස 26 දින දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයෙන් ආරම්භවන තරඟාවලිය සැප්තැම්බර් 6 පැවැත්වෙන T 20 තරඟයෙන් අවසන් වේ.පසුගියදා අවසන්වූ චැම්පියන් කුසලාන තරඟාවලියේ අවසන් තරඟයේ පරාජයෙන් පසු ඉන්දිය කණ්ඩායම සහබාගී වන පළමු විදෙස් සංචාරයද මෙයවෙයි.මෙහි තරඟ ආර්.ප්‍රේමදාස,පල්ලෙකැලේ,සහ ගාල්ල යන ක්‍රීඩාංගන වල තරඟ පැවැත්වේ.
ෆේස්බුක් ඔස්සේ මේ දිනවල හුවමාරු වන ජනප්‍රිය කෙටි විඩියෝවක ‘තිස්ස තිස්ස නවතිනු කියලා කිව්වේ කවුද’ ගුරුවරයා ලමයාගෙන් විමසයි. ලමයා පිලිතුරු දෙමින් කියන්නේ ඒ රනිල් බවයි.
එවිට ගුරුවරයා එම උත්තරය වැරදි බවත් එසේ පැවසුවේ මිහිඳු හාමුදුරුවෝ හෙවත් මහින්ද බව පවසයි.
එවිට ලමයා පවසන්නේ ‘අපි නම් දන්නේ මහින්ද තිස්සට එනු එනු කෝපි බොමු ආප්ප නම් නොකනු කියලායි මන්දා අපි නම් දන්නේ එච්චරයි’ යනුවෙනි.
ප‍්‍රියන්ත සෙනෙවිරත්න, ගිරිරාජ් කෞශල්‍ය එහි රංගනයේ යෙදේ.
[rns_reactions]
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ගේ ආරක්‍ෂාව තහවුරු වන්නේ නම් උන්වහන්සේ අධිකරණය හමුවේ පෙනී සිටිමට සූදානම් බව ප‍්‍රකාශ කෙරුණා.
සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ බව සඳහන් කළා.
එහිදී වැඩි දුරටත් සඳහන් කෙරුණේ (22) ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට පෙනී සිටිනු ඇති බවයි.
පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ගේ අනාගතය සම්බන්ධයෙන් උන්වහන්සේ මෙහිදී අදහස් පළ කළා.
“අරයගෙ ගෙදර ඉන්නවා.. මෙයාගෙ ගෙදර ඉන්නවා… කියලා දැන් ඥාණසාර හිමි ගැන දේශපාලඥයින් විවිධ කතා කිව්වනේ. අපි බලමු කොහේ ඉඳන්ද එන්නේ කියලා. දැවැන්ත රාජ යෝගයක් තියෙනවා ඥාණසාර හාමුදුරුවන්ට. රජ්ජුරුවෝ වෙන්න බැරිද රටේ. අපි හිතන්නෙවත් නැති මිනිස්සු රටේ පාලන බලය අරගෙන තියෙනවා. බලමු කොහොමද රාජ යෝගය කැරකෙන්නේ කියලා. දැන් ඉතින් මේක කියපු කමන් අර ඇත්තන්ට හීන්දාඩිය දායි.”
[rns_reactions]
පාර්ලිමේන්තුවේ ඩෙංගු තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න විසින් සිදු කළා.
එහිදී වසර ගණනාවකින් බී.ටී.අයි.බැක්ටීරියාව ලංකාවට නොගෙනාවේ ඇයිදැයි යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර විසින් ප්‍රශ්න කළා.අප සතුව බී.ටී.අයි.බැක්ටීරියාව විශාල ප්‍රමාණයක ඇති බවත් ඩෙංගු මර්දන වැඩපිළිවල සඳහා නීති පැනවීම වගේම සියලු දෙනාගේ සහයෝගයෙන් කීටයන් බෝවීම අවම කිරීමට කටයුතු කල යුතු බවත් පිළිතුරු සපයමින් අමාත්‍යවරයා සඳහන් කළා.
[rns_reactions]
පෘතුවිය හා සමාන ජීවය හා ජලය පැවතිය හැකි තවත් ග‍්‍රහ ලෝක 10ක් සෞර ග‍්‍රහ මණ්ඩලය තුළ පිහිටා ඇති බව ඇමරිකාවේ ජාතික ගගනයාත‍්‍රා හා අභව්‍යාකාශ පරිපාලන මධ්‍යස්ථානය (NASA) නිවේදනය කරයි.
නාසා ආයතනය විසින් ඊයේ (19) පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව නිවේදනය කර ඇත.
කෙප්ලර් අභව්‍යාකාශ දුරේක්ෂය භාවිතා කරන තාරකා විද්‍යාඥයන් පිරිසක් අපගේ සෞරග‍්‍රහ මණ්ඩලයේ පවතින නව ග‍්‍රහලෝක 219ක් හඳුනාගෙන ඇති අතර එයින් 10ක් වාසයට සුදුසු විය හැකි බවට අනුමාන කරන බව නාසා ආයතනය සඳහන් කරයි.
සෞරග‍්‍රහ මණ්ඩලයේ ජන විකාශය සහ එහි පවතින ග‍්‍රහලෝක සොයා බැලීම සඳහා මෙම කෙප්ලර් දුරේක්ෂය 2009 වසරේදී කක්ෂගත කර ඇති අතර පෘතුවි අභව්‍යාකාශයේ සිට ආලෝක වර්ෂ 100-200 අතර කලාපයේ පිහිටා ඇති සියළුම ග‍්‍රහලෝක මේවන විට හඳුනාගෙන අවසන් බවද නාසා ආයතනය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.
නාසා ආයතනය ඊයේ (19) පැවැත්වූ මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වුණු කෙප්ලර් වැඩසටහනේ විද්‍යාඥ මාරියෝ පෙරෙස් මහත්මිය “පෙනෙන හැටියට අපි තනිවම නොවෙයි” යනුවෙන් පැවසීය.
පෘතුවිය හා සමාන තවත් ග‍්‍රහලෝක 10ක් සෞරග‍්‍රහ මණ්ඩලය තුළ නියත වශයෙන්ම පිහිටා ඇති බව මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාවට එක් වුණු කෙප්ලර් පර්යේෂක විද්‍යාඥ සූසන් තොම්සන් මහත්මිය සඳහන් කරයි.
[rns_reactions]