Author: Editor[A]

  • සියල්ලන් අභිබවමින් සුදර්ශන, ගුවන්විදුලියේ මුල් පුටුවට.

    ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සුදර්ශන ගුණවර්ධන මහතා පත්කර තිබේ.

    වෘත්තියෙන් නීතිඥයෙකු වන ඔහු ‘රයිට්ස් නව්‘ නමැති ප්‍රජාතන්ත්‍රවාදය ජාතික සංහිදියාව සහ මානව හිමිකම් ප්‍රචලිත කිරීම සදහා වන සිවිල් සමාජ සංවිධානය පිහිටුවීමේ පුරෝගාමියෙකු සහ එහි විධායක අධ්‍යක්ෂවරයා ද වේ.

    ඊට පෙර ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ ව්‍යාපාරයේ ප්‍රධානත්වය දැරීය.

    නිදහසේ වේදිකාව සංවිධානයේ සම කැදවුම්කරුවෙකු හා නිදහස් හා සාධාරණ මැතිවරණ සදහා වන ව්‍යාපාරයේ ලේකම්වරයා ද වේ.

    2005 දී රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන්  අගමැතිවරයාගේ උපදේශකයෙකු වශයෙන් පත් වූ ඔහු, 2016 දී ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම සදහා විදේශ කටයුතු ඇමතිවරයාගේ උපදේශකයෙකු ලෙසින් පත් විය.

    සංහිඳියා යාන්ත්‍රණය වෙනුවෙන් වන කාර්ය සාධක බලකායේ බස්නාහිර පළාත් සභාපතිවරයා ලෙසින් ද ඔහු කටයුතු කරයි.

    ජර්මනියේ සුලූතර ජනකොටස්වල ආරක්ෂාව අධ්‍යයනය කිරීම සදහා 2016 සැප්තැම්බර් මාසයේදී එරට රජයෙන් ආරාධනා ලැබීය. 2014දී ඔහු ජර්මනියේ චාරිකා කලේ සිවිල් සමාජය ශක්තිමත් කිරීම සදහා වන  ජාත්‍යන්තර නායකත්ව වැඩසටහනක් සදහායි.  ජගත් සංවිධානය වෙනුවෙන් ඔහු 1999 දී නැගෙනහිර තිමෝරය සහ 2000 දී කොසෝවෝ හි ස්වේච්ඡා සේවකයෙකු ලෙසින් කටයුතු කලේය.

    ගත්කතුවරයෙකු හා මාධ්‍යවේදියෙකු ද වන ඔහු සමබිම කළමනාකාර සංස්කාරකවරයා ලෙසින් කටයුතු කරයි. 2015 සිට ඔහු නිදහස් දේශපාලන විවේචකයෙකු හා ජාතික රූපවාහිනී සංවාද වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙසින් ද කටයතු කරයි.

    [rns_reactions]

  • පෝද්දල ජයන්ත යලිත් කරලියට.. ගෝඨාබය තමන්ව මරන්න හදපු ආකාරය ගැන ජයන්ත සියල්ල හෙලිකරයි..

    පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ පැහැරගෙන ගොස් අතපය කඩා පහරදී රවුල් කොණ්ඩා කපා කටේ ඔබා මහමග දමා ගොස් සිට හමුවූ වෘතිය මාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සබාපති මාධ්‍යවේදී පොද්දල ජයන්ත මහතා අද දින (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් කරමින් විමර්ශනයක් ඉල්ලාසිටියේය.

    2009 ජූනි මාසයේ දී සුදු වෑන් රියකින් පැහැරගෙන අත පය කඩා මහ මඟ දමා ගොස් සිටිය දී රෝහල් ගත කැරුණු ජයන්ත මහතා පසුව රට හැර ගියේය.

    ඔහුගේ හිස කෙස් සහ රැවුල කපා කටට ඔබා තිබිණි.

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමා ගෙන්වා “වෙන දේ බලා ගනිව්” කියා තර්ජනය කළ බවත්, ඊට ටික දිනකට පසු සුදු වෑන්රියකින් පැහැරගෙන ගොස් අතපය කඩා දැමූ බවත්, තමා පහර ගැනීමට රාජපක්ෂ රෙජීමය වග කිව යුතු බවත් ජයන්ත මහතා 2015 දී මාධ්‍යට සම්මූඛ සාකච්ඡාවක් ලබා දෙමින් පැවසීය.

    අද දින මෙම පැමිණිල්ල බාරදීම සඳහා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය , තවත් මාධ්‍ය සංවිධාන කිහිපයක් සහ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් සමඟ ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය

    [rns_reactions]

  • මම ජනාධිපති වී සිටින තුරු කුණු අදින්න හමුදාව යොදවන්නේ නෑ – ජනපති මෛත්‍රිගෙන් ප්‍රකාශයක්

    තමා ජනාධිපතිවරයා ලෙස සිටින තාක් හමුදාව කුණු අදින්න යොදා නොගන්නා බවත්, එසේ කරන්නට අදහසක්වත් තමාට නොතිබූ බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

    කුණු ප්‍රශ්නය ඇතුළු ජනතාවට පොදුවේ බලපාන උග්‍ර ප්‍රශ්න විසඳීම සඳහා අදාළ ආයතනයන්ට උපදෙස් දී තිබෙන අතර එම උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කෙරෙන්නේ දැයි අධීක්ෂණය කිරීම සඳහා පමණක් හමුදාව යොදාගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    [rns_reactions]

  • ශුරයන්ගේ කුසලානයේ අවසන් තරගයේ වීරයා බීපු පෙතිවල විස්තර සියල්ල හෙලිකරයි..

    අවසන් තරගයේ වීරයා වෙමින් ඉන්දියාව පරාජයට ඇද දැමීමේ පිති ප්‍රහාරයක්‌ දියත් කළ 27 හැවිරිදි ෆාකාර් සාමාන් තරගයට ක්‍රීඩා කිරීමට සුදුසු තත්ත්වයකට පැමිණියේ තරගය දවසේ පාන්දර බව සඳහන් කරයි. තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පවසා සිටියේය.

    අසනීපයෙන් පසුවූ ෆාකාර්ව සිය පුහුණුකරුවා සහ භෞතචිකිත්සකවරයා හොඳින් බලාගත් බවත් ඔහු එහිදී සඳහන් කර සිටියේය.

    මට පුහුණුකරුවා කිව්වා තරගයට පෙර දිනයේ ඔයා අද පුහුණුවෙන්න ඕන නැහැ හොඳ තත්ත්වයක ඉන්නවා කියලා. එහෙම කියලා මම පන්දු 10 කට විතර තමයි ගැහැව්වෙ. පස්‌සෙ මම ක්‍රීඩා විවේකාගාරයට ගියා. එතනදි මම භෞතචිකිත්සකට කිව්වා මට හොඳක්‌ දැනෙන්නෙ නැහැ කියලා. මට තරගයත් ක්‍රීඩා කරන්න බැරි වේවි කිව්වා. ඊට පස්‌සෙ හෝටලයට ගියාම මට අපේ භෞත චිකිත්සකයා හොඳට සැලකුවා. ඔහු මට ප්‍රෝටීන්  සහ ග්ලුකෝස්‌ පෙති ලබා දුන්නා.” යෑයි ෆාකාර් පවසා සිටියි.

    ලකුණු අතර සිටින නවක ක්‍රීඩක ෆාකාර්ගේ තරගයට සහභාගිවීම අවිනිශ්චිත තත්ත්වයක පසුවුවද ඔහු තරගය දිනයේ උදෑසන ඇඳෙන් නැගිටින විට සම්පූර්ණ සුවය ලබා තිබුණි. අනතුරුව ඔහු තරගය නිමා කළේ සිය මංගල ශතකයද සටහන් කරමිනි.

    “කොහොම හරි මම නිදාගෙන උදේ 7.00 ට ඇහැරුණා. එවලේ මම පණිවිඩයක්‌ යෑව්වා භෞතචිකිත්සකට මම හොඳින් ඔයාට ස්‌තුතියි කියලා.” මේ වන විටත් එක්‌ දින තරග හතරකදී ශතකයක්‌ සහ අර්ධ ශතක තුනක්‌ සමග මුලූ ලකුණු 223 ක්‌ ලබා සිටින ෆාකාර්ගේ ඉනිමක සාමාන්‍ය 63.00 ක්‌ ලෙස සටහන් වේ.

    “ඇත්තටම ආරම්භයේදී මගේ උඩපන්දුවක්‌ අතහැරියා. ඒක මගේ වාසනාවට තමයි එහෙම වුණේ. ඉන්දියානු පන්දු යවන්නන් මුලින් හොඳට පන්දු යවමින් හිටියේ. ඒ වෙලාවෙ කඩුලු නොදී සිටීමට තමයි මා උත්සහ කළේ. යෑයි ෆාකාර් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    විරාට්‌ කෝලිගේ උඩපන්දුව අතහැරීමෙන් ලොකු කනගාටුවකට කණ්‌ඩායම පත් වූ බවද ෆාකාර් සඳහන් කර සිටියේය. “මොකද කෝලි කියන්නෙ ලෝකයේ ඉන්න හොඳම පිතිකරුවා. ඔහුගේ උඩපන්දුවක්‌ අතහැරියාම ඊළඟට එයාට දෙසීයක්‌ වුණත් ගහන්න පුළුවන්. නමුත් ඊළඟ පන්දුවෙන්ම කෝලි දැවී ගියාම ලොකු සහනයක්‌ අපි හැමෝටම දැනුනා. කොහොම වුණත් අමීර් කියන්නෙ හොඳම පන්දු යවන්නෙක්‌. ඒ නිසා තමයි එහෙම කරන්න පුළුවන් වුණේ.

    27 හැවිරිදි ෆාකාර් සාමාන් පළමු පෙළ තරග 35 කදී ශතක පහක්‌ සහ අර්ධ ශතක 13 ක්‌ සමඟ ලකුණු 3652 ක්‌ ලබා ඇති අතර එහි ඉනිමක සාමාන්‍ය 42.01 ක්‌ ලෙස සටහන් වේ. ඔහු පළමු පෙළ එක්‌දින තරග 35 කදී ශතක හතක්‌ සහ අර්ධ ශතක 18 ක්‌ ලබා ඇති අතර එහි ඉනිමක සාමාන්‍ය 51.48 ක්‌ වැනි ඉහළ අගයක්‌ ගැනීම හේතුවෙන් පකිස්‌තාන් ජාතික පිළ නියෝජනය කිරීමට වරම් ලැබීය.

    [rns_reactions]

  • ශ්‍රී ලංකාවේ මුස්ලිම් ළමා විවාහ, අහිමි වූ දරු ගැබක් සහ ‘ගණිකාවක්’

    ෂෆා (අන්වර්ථ නමකි) 15 හැවිරිදි වියේදී බලහත්කාර විවාහයකට ගොදුරු කෙරුණු ශ්‍රී ලාංකික මුස්ලිම් දැරියකි.

    “මම සාමාන්‍ය පෙළට ඉගෙනගන්න කාලේ, ශිෂ්‍යයෙකුට ආදරේ කළා,” දැඩි අව් රශ්මියෙන් බේරීම පිණිස එළිමහනේ ගසක සෙවන යට ෂෆා මා සමග සිය මතකය අවදි කරන්නේ වේදනාවෙනි.

    ඇයට සිය කඳුළු සඟවාගත නොහැකිය.

    “ඒක දැනගත්ත අම්මල මාව මාමගේ ගෙදරට යැව්වා. එහේ ඉඳලා මම හොඳට ඉගෙනගත්ත. ඒ අතරේ මාමගේ ගෙදරට නිතර ආගිය තරුණයෙකුට මා ගැන අදහසක් පහළ වෙලා මාව විවාහ කරගන්න ඕන බව එයාලට කියල තිබුණ.”

    ෂෆා ඒ යෝජනාවට එරෙහි වූවාය.

    අධ්‍යාපනය හමාරයේ සිය පෙම්වතා සමග විවාහවීම සිය බලාපොරොත්තුව බව ඇය දැඩිව කියා සිටියාය. (වීඩියෝ පටය නරඹන්න)

    Shafa
    Image caption15 හැවිරිදි වියේ දී බලහත්කාර විවාහයකට ගොදුරු කෙරුණු ෂෆා ට සැමියාගේ පහරදීම් හේතුවෙන් දරු ගැබ ද අහිමි විය

    එහෙත් යෝජනාව කළ තරුණයා සමග විවාහ විය යුතු බවට ඇයට බල කළ මාමා සහ නැන්දා, විවාහය සඳහා සියළු කටයුතු රහසිගතව සූදානම් කළහ.

    “ඒ කසාදෙන් ගැලවෙන්න මම මගේ අත් දෙක කපාගත්තා. ඒක කළොත් අත පය කපාගෙන මැරෙනවා කියල මම කිවුව. ඒකට කැමති වෙන්න කියල අම්මත් මට බල කළා.”

    දරු ගැබ අහිමිවෙයි

    අසළ සිට සංවාදය අසා සිටින මව සිය සාරියෙන් කඳුළු පිසිනු මට පෙනේ.

    “කසාදෙ ලියාපදිංචි කරපු දවසේ මම මගේ අනිත් අතත් කපාගත්තා. ගෙදර තිබ්බ පෙති වර්ගයක් බිව්වා. මාව රෝහලට ඇතුළත් කළා. එතෙන්දි පවා මට බෙහෙත් දෙන එක නැවැත්තුවා. දුන්නේ සේලයින් විතරයි. දොස්තරට කියල සේලයින් බෝතලේත් එක්කම එයාල මාව ගෙදර අරගෙන ගියා. ඒ සේරම කළේ පුද්ගලික රෝහලකදී. ගෙදර ගියාට පස්සේ එයාල මගේ අත්වල මරතෝන්ඩි ගෑවා.”

    Muslim school children
    ළමා වියේදී විවාපත් කරවීම මුස්ලිම් දැරියන්ගේ අධ්‍යාපනය ලැබීමේ මූලික මිනිස් අයිතිවාසිකම අහිමි කරවීමක් බව ක්‍රියාධාරිනියෝ පවසති

    කළ හැකි කිසිවක් නොවූයෙන් අවසානයේ ඇය විවාහයට එකඟත්වය පළ කළාය.

    එහෙත් ඇය පැරණි පෙම්වතා සමග තවදුරටත් පෙමින් වෙලී සිටින්නේ යයි සැක කළ සැමියා ඇයට දිගින් දිගටම පහර දුන්නේය. හිරිහැර කළේය.

    “බොහොම අමාරුවෙන් මම ඒවා දරාගත්තේ. එයාගේ තාත්තත් මට එක එක දේවල් කිවුව. මම ගැබ් ගත්ත වෙලාවේ, ඒ එයාගේ දරුවා නෙවෙයි කියල මහත්තය කිවුව. දරුවා ගබ්සා කරන්න කියල එයා බල කළා. ඊට පස්සේ මාව උස්සල පොළවේ ගැහුව.”

    ෂෆා ට කඳුළු වළකාගත නොහැකිය. ඇය ඉකිගසයි. අසළ සිට අසා සිටින මව ද ඉකිගසයි. මගේ දෑස් ද තෙත්වනු මට දැනේ.

    “එයා මගේ බෙල්ල මිරිකුවා. මට ගැහුවා. ආයෙත් උස්සල පොළොවේ ගැහුවා.”

    එම පහරදීම්වල ප්‍රතිඵලයක් ලෙසින් ඇයට සිය කුසේ සිටි දරුවා අහිමිවිය. ඉන් අනතුරුව ඇය සැමියා අත්හැර මවගේ නිවසට ගියාය.

    පහරදීම පිළිබඳව කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසියෙන් පළ වූයේ ඇල්මැරුණු ප්‍රතිචාරයකි. යළිත් සිය සැමියා වෙතට යන මෙන් පොලිසිය උපදෙස් දුන්නේය.

    Shafa's mother
    “මගේ මහත්තය දරුවෝ, පවුල ගැන කිසි සැළකිල්ලක් නැහැ. මම තමයි මහන්සි වෙලා කුලී වැඩ කරලා මෙයාලව බලාගත්තේ”

    ඒ අතරවාරයේ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියෙන් ඇයට පණිවුඩයක් ලැබිණ.

    ‘ගණිකාවක්’

    “පල්ලියෙන් මට කිවුව එකට ජීවත්වෙන්න කියලා. එතෙන්දි මගේ සැමියා හැමෝම ඉස්සරහ කිව්වා මම වෙනත් එක්කෙනෙක් එක්ක සම්බන්ධයක් තියනවා කියලා. එහෙම කියල එයා මාත් එක්ක ජීවත්වෙන්න කැමතිවුනා.”

    ෂෆා එය ප්‍රතික්ෂේප කළාය.

    එයින් දින කිහිපයකට පසුව හදිසියේම ඇයට ආගන්තුකයන්ගෙන් දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩ ලැබෙන්නට විය.

    “‘උඹට කීයක් ඕනද? මාත් එක්ක නිදාගන්න එනවාද? උඹේ සැමියා තමයි මේ නම්බර් එක දුන්නේ’ කියල ඒ මිනිස්සු කිව්වා.”

    ගණිකාවක බව පවසමින් සිය දුරකථන අංකය සහ ඡායාරූපය සැමියා විසින් සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධ කර ඇති බව ඇයට දැනගැනීමට ලැබිණ.

    ඇය ඒ දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩ සියල්ල පටිගත කළාය.

    Shafa's hands
    “ඒ කසාදෙන් ගැලවෙන්න මම මගේ අත් දෙක කපාගත්තා. කසාදෙ ලියාපදිංචි කරපු දවසේ මම මගේ අනිත් අතත් කපාගත්තා. ගෙදර තිබ්බ පෙති වර්ගයක් බිව්වා”

    “දවසක් මම පරිගණක පන්තියකට යනකොට කොල්ලෙක් ඇවිල්ලා මගේ ෆොටෝ එකක් අරගෙන එයත් එක්ක නිදියගන්න එන්න කිව්වා. ආවේ නැත්නම් ෆොටෝ එක ෆේස්බුක් එකේ ප්‍රසිද්ධ කරනවා කියලා තර්ජනය කලා. බස් එකේ, මහ පාරේ මට කොල්ලෝ උසුළු විසුළු කරනවා මම අන්තිමට පන්ති යන එකත් නැවැත්තුවා,” ෂෆා පවසන්නේ ඉකිගසමිනි.

    එහෙත් සිය අත්දැකීම ලොවට හෙළි කළ යුතු බව ඇගේ අධිෂ්ඨානයයි. (වීඩියෝව නරඹන්න)

    සිය දියණිය මෙතරම් අතවරවලට ලක්වෙද්දීත් පියා ඒ කිසිවක් ගැන තැකීමක් නොකළේය. කුලී වැඩක් කර දරුවන් පස් දෙනෙකු රක්ෂා කරන අතරවාරයේ, ගතානුගතික සමාජයේ නින්දා, අපහාස සහ තර්ජනවලින් බේරී ෂෆාගේ මානසික සුවය සැලසීමේ වගකීම ද මවට ම පැවරිණ.

    සිය දියණියද සමග රහසිගතව ප්‍රදේශයේ සමාජ සේවා ආයතනයකට පිවිසීමත් දැන් ඇයගේ දිනචරියාවේ කොටසකි.

    සමාජයෙන් මතුවන නින්දා අපහාස සහ තර්ජනවලට කෙතරම් බියපත්ව සිටින්නේද යත් සිය නම, ගම පමණක් නොව වෙසෙන ප්‍රදේශය පවා හෙළි නොකරන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ.

    “එක හේතුවක් නිසා මම එයාව මගේ මල්ලිගේ ගෙදර ඉඳලා ඉගෙන ගන්න යැව්වා. අන්තිමට මෙහෙම දෙයක් වෙයි කියලා මම හිනෙකින්වත් හිතුවේ නැහැ. මේක බලහත්කාරයෙන් කරපු විවාහයක්,” මව පවසන්නීය.

    අහිමි වූ ළමා විය

    සෑම වසරකම, ශ්‍රී ලංකාවේ සිය ගණනක් බාල වියේ මුස්ලිම් දැරියෝ සිය දෙමාපියන් හෝ භාරකරුවන් විසින් බලහත්කාරයෙන් විවාහ කර දෙනු ලබති.

     
    මුස්ලිම් ළමා විවාහ ‘වැඩිවීමේ ප්‍රවණතාවක් ‘

    විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ළමා විවාහ වසරක් ඇතුළත 14% සිට 22% දක්වා ඉහළ ගොස් ඇති බව මානව හිමිකම් නීතිවේදිනී එර්මීසා ටෙගල් බීබීසී සිංහල සේවයට කියා සිටියාය. (නීතිවේදිනී එර්මිසා ටෙගල් සමග බීබීසී සිංහල සජීවී ෆේස්බුක් සංවාදය නරඹන්න)

    බලහත්කාරයෙන් විවාහ කර දෙන විට ෂෆා 15 හැවිරිදි වුවත් දොළොස් විය තරම් බාල වියේ දැරියන් මේ ආකාරයෙන් බලහත්කාරයෙන් විවාහ කර දෙන බව මුස්ලිම් ක්‍රියාධාරිනියෝ පවසති.

    වයස අවුරුදු 18 ට අඩු දැරියන් විවාහ කරදීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව තහනම්ය. එහෙත් දශක ගණනාවක් පැරණි මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය මගින් වයස් සීමාවකින් තොරව දැරියන් විවාහ කරදීමට මුස්ලිම් දෙමාපියන්ට සහ භාරකරුවන්ට අවසර දී තිබේ.

    මේ නීතිය හේතුවෙන් මුස්ලිම් දැරියෝ සහ කාන්තාවෝ දශක ගණනාවක් මුළුල්ලේ රහසේ කඳුළු වැගිරූහ. අවසානයේ තවදුරටත් ඉවසා සිටිය යුතු නැතැයි තීරණය කළ ඔවුහු එයට මඟ පාදන මේ නීතිය සංශෝධනය කරන මෙන් ඉල්ලමින් උද්ඝෝෂණයක් දියත් කළහ.

    රටේ සාමාන්‍ය නීතිය ප්‍රකාර මුස්ලිම් දැරියන්ද විවාහ කර දීමේ අවම වයස අවුරුදු 18 බවට පත් කළ යුතු බව ඔවුන්ගේ ඉල්ලීමයි.

    BM Arshad of Thawheed Jamaath
    “ළමා විවාහවලට අපි විරුද්ධයි. ඒත් වයස් සීමාවක් පැනවීම ගැන අපි විරුද්ධයි. අපි කියන්නේ විවාහයට නිර්ණායකයක් තියෙන්න ඕන” – තව්හීද් ජමාආත් සංවිධානයේ භාණ්ඩාගාරික බීඑම් අර්ශාඩ්

    විශේෂයෙන්ම ශ්‍රී ලංකාව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට සැරසෙන මේ මොහොත ඒ සඳහා සුදුසුම අවස්ථාව බව ද ඔවුහු පවසති.

    කාන්තා පීඩක මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය ද ශ්‍රී ලංකා ආණ්ඩුවට නිර්දේශ කළහ.

    එහෙත් ගතානුගතික මුස්ලිම් ප්‍රජා නායකයෝ එයට දැඩි විරෝධය පළ කරති.

    සමස්ත ලංකා ජමියතුල් උලමා සහ තව්හීඩ් ජමාආත් (ජමාත්) සංවිධාන ඒ විරෝධයේ පෙරමුණ ගෙන සිටිති.

    ඒ විරෝධය හමුවේ, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ් ගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුව එම නීතිය සංශෝධනය කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීමට වසර නවයක් මුළුල්ලේම සමත් වී නැත.

    තව්හීඩ් ජමාආත් ප්‍රතිචාරය

    මුස්ලිම් ජනතාවගේ සහ ප්‍රජා නායකයන්ගේ අදහස් විමසා මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කිරීම පිළිබඳව සිය සංවිධානයේ විරෝධයක් නැති බව තව්හීඩ් ජමාආත් සංවිධානය මේ අතර පවසයි.

    විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ් ගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුව එම නීතිය සංශෝධනය කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීමට වසර නවයක් මුළුල්ලේම සමත් වී නැත
    විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ් ගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුව එම නීතිය සංශෝධනය කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීමට වසර නවයක් මුළුල්ලේ සමත් වී නැත

    “ළමා විවාහවලට අපි විරුද්ධයි. ඉස්ලාම් ආගමවත් තව්හීද් ජමාආත් සංවිධානයවත් ළමා විවාහ අනුමත කරන්නේ නෑ,” සංවිධානයේ භාණ්ඩාගාරික බීඑම් අර්ශාඩ් මා සමග පැවසීය.

    “ඒත් වයස් සීමාවක් පැණවීම ගැන අපි විරුද්ධයි. අපි කියන්නේ විවාහයට නිර්ණායකයක් තියෙන්න ඕන.”

    “විවාහයක් අවශ්‍යයි කියන දේ ගැන දැරියට තියන අවශ්‍යතාව තමයි ඒ නිර්ණායකය,” යන්න හැරුණු විට ඒ නිර්ණායකය කවරේ දැයි නිසි පැහැදිළි කිරීමක් ඉදිරිපත් කිරීමට ඔහු අපොහොසත් විය.

    “සමහර දැරියන්ට වයස අවුරුදු 18 පිරුණට පස්සෙත් විවාහ වෙන්න අවශ්‍ය නොවෙන්න පුළුවන්. ඒ නිසා ඒ දැරියගේ අවශ්‍යතාව තමයි නිර්ණායකය.”

    එහෙත් ඉස්ලාම් ධර්මය ප්‍රකාර දැරියක විවාහ විය යුත්තේ කවරෙකු සමග දැයි තීරණය කරනු ලැබිය යුත්තේ දෙමාපියන් හෝ භාරකරුවන් විසින් බවත් තව්හීද් ජමාආත් සංවිධානය අවධාරණය කරයි.

    The woman running the community centre where Shafa is getting help hides her identity for protection
    “මාසයක් විතර මම ඔෆිස් එකේ නිදාගත්තා. මගේ දූලා දෙන්න ඉස්කෝලේ යවන්න මට බයයි. දැන් වුනත් මට ටුක් ටුක් එකකවත් යන්න බයයි”

    මේ විවාදය පදනම් කරගෙන මුස්ලිම් ක්‍රියාකාරිනියන්ට තර්ජනය කරන බවට එල්ලවන චෝදනා ද තව්හීද් ජමාආත් සංවිධානයේ භාණ්ඩාගාරික බීඑම් අර්ශාඩ් තරයේ ප්‍රතික්ෂේප කළේය.

    ක්‍රියාධාරිනියන්ට තර්ජන

    එහෙත් ෂෆා මානසික සෞඛ්‍ය උපදේශන ලබන ආයතනය පසුගිය වසර කිහිපය තුළ කාන්තාවන් 3000 කට ආසන්න පිරිසකට සරණ වී තිබෙන්නේ සමාජයෙන් එල්ලවන එවැනි ප්‍රබල තර්ජන හේතුවෙනි.

    බලහත්කාර ළමා විවාහවලට ගොදුරු කෙරුණු 250 කට ආසන්න පිරිසකට ද පසුගිය වසර කිහිපය තුළ මේ ආයතනය පිහිට වී තිබේ.

    “මට මාසයක් විතර ගෙදර යන්න බැරි වුනා,” ආයතනය මෙහෙයවන සමාජ සේවිකාව බීබීසී සිංහල සේවය සමග පැවසුවේ තර්ජන හේතුවෙන් සිය අනන්‍යතාව හෙළි නොකරන මෙන් ඉල්ලීමක් ද කරමිනි.

    “මාසයක් විතර මම ඔෆිස් එකේ නිදාගත්තා. මගේ දූලා දෙන්න ඉස්කෝලේ යවන්න මට බයයි. දැන් වුනත් මට ටුක් ටුක් එකකවත් යන්න බයයි.”

    Shreen Saroor
    ළමා විවාහ කියන්නේ නීත්‍යානුකූල ස්ත්‍රී දූෂණයක්. කරුණාකරලා මේ දරුවන්ගේ ළමා විය විනාශ කරන්න එපා” – කාන්තා ක්‍රියාකාරී ජාලයේ ශ්‍රීන් අබ්දුල් සරූර්

    අවුරුදු 18 සම්පූර්ණවන තුරු පමණක් නොව, ඔවුන්ගේ උසස් අධ්‍යාපනය ද අවසන්වන තුරු සිය දියණියන් දෙදෙනා විවාපත් නොකරන බව එම මුස්ලිම් සමාජ සේවිකාව මා සමග කියා සිටියාය.

    ‘ස්ත්‍රී දූෂණයක්’

    මුස්ලිම් ළමා විවාහ පිළිබඳ ගවේෂණය සඳහා මා ශ්‍රී ලංකාවේ සංචාරය කළ කාලය ඇතුළත සිය අනන්‍යතාව හෙළි කරමින් අදහස් දැක්වූයේ මුස්ලිම් කාන්තාවන් දෙදෙනෙකු පමණි.

    නීතිවේදිනී එර්මිසා ටෙගල් සහ කාන්තා ක්‍රියාකාරී ජාලයේ ශ්‍රීන් අබ්දුල් සරූර් ඒ දෙදෙනාය.

    “ළමා විවාහ කියන්නේ නීත්‍යානුකූල ස්ත්‍රී දූෂණයක්” ශ්‍රීන් අබ්දුල් සරූර් දැඩි ස්වරයෙන් පවසන්නීය.

    මෙසේ විවෘතව සිය සමාජය විවේචනය කිරීම හේතුවෙන් ජාත්‍යන්තර සම්මානලාභී මුස්ලිම් ක්‍රියාකාරිනියකවන ඇයට කලක් ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටීමට ද සිදු විය.

    ළමා වියේදී විවාපත් කරවීම මුස්ලිම් දැරියන්ට අධ්‍යාපනය ලැබීමේ මූලික මිනිස් අයිතිවාසිකම අහිමි කරවීමක් බව පෙන්වාදෙන ශ්‍රීන් අබ්දුල් සරූර්, දරුවන් බිහිකිරීම පිණිස මේ දැරියන් ශාරීරිකව වැඩී නැති බවත් අවධාරණය කරන්නීය.

    Shafa with her mother
    බලහත්කාර විව්වහයකින් අනතුරුව සැමියාගේ වැඩ බන්ධනවලට ලක් කෙරුණු දියණිය සමග සිය රහසිගතව ප්‍රදේශයේ සමාජ සේවා ආයතනයකට පිවිසීමත් දැන් මවගේ දිනචරියාවේ කොටසකි

    “ඒකෙ ප්‍රතිඵලය තමයි මුළු මුස්ලිම් සමාජයම ආපස්සට යාම,” ශ්‍රීන් අබ්දුල් සරූර් අවධාරණය කරන්නීය.

    “කරුණාකරලා මේ දරුවන්ගේ ළමා විය විනාශ කරන්න එපා කියල මම මුස්ලිම් සමාජයෙන් සහ මුස්ලිම් ආගමික නායකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.”

    සැමියාගේ වධ බන්ධන හේතුවෙන් සහ ගමේ වැඩිහිටි සමාජයෙනුත්, මග තොටේදීත්, පොදු ප්‍රවාහන සේවාවලදීත් නිරන්තරයෙන් එල්ලවන තාඩන පීඩන සහ නින්දා අපහාස නොතකා සිය උසස් අධ්‍යාපනය නිමා කොට නීතිඥවරියක් වීම ෂෆා ගේ බලාපොරොත්තුවය.

    තමන්ට හිරිහැර කරන සමාජයට ජයග්‍රහණය කිරීමට ඉඩ නොදීම ඇයගේ අධිෂ්ඨානය වී තිබේ.

    එසේ නීතිඥවරියක බවට පත් වී තමන් වැනිම අතවරවලට ගොදුරු වූ දැරියන්ට උපකාර කිරීම ඇයගේ බලාපොරොත්තුව දැයි මම විමසීමි.

    “ඔව්” වියළුණු කඳුළු අතරින් ඇය පිළිතුරු දුන්නේ අහිංසක, අපේක්ෂා සහගත සිනහවකින් ද මුව සරසා ගනිමිනි.

    ඒ සිනහව තුළ ගැබ් වුනු දැඩි අධිෂ්ඨානය අප දෑස් මුණගැසුණු මොහොතේ මම දුටුවෙමි.

     
    “කසාදෙන් ගැලවෙන්න අත කපාගත්තා”

    [rns_reactions]

  • ජපන් ගිය මහින්ද නීති නොසලකමින් ටොන් එකක බඩු ගෙනත්.. බලධාරීන් සුව නින්දේ..

    පසුගියදා ජපානයේ පෞද්ගලික සංචාරයක නිරත වුනු මහින්ද රාජපක්ෂ මහතා යලි මෙරටට පැමිණීමේදී ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ටොන් එකක (කිලෝ 1000) බඩු තොගයක් මෙරටට ගෙන්වා ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.

    සාමාන්‍යයෙන් පැමිණි කණ්ඩායම අනුව සියල්ලන්ටම ගෙන ආ හැකි ප්‍රමාණය කිලෝ 400 ක් පමණ වුවද මහින්ද රාජපක්ෂ මහතා පමණක් මෙලෙස ටොන් එකක බඩු ගෙනෙවිත් ඇති අතර ඔහු සමඟ ගිය අනෙක් පිරිසද විශාල බඩු තොගයක් මෙරටට ගෙනවිත් තිබේ.

    මේ සඳහා කිසිදු අමතර ගාස්තුවක් අය නොකිරීමටද ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු කර ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග අනාවරණය කර තිබේ.

    මෙලෙස ගෙන ආ බඩු තොග මොනවාද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් නිරාවරණය නොවන පරිදි කටයුතු කිරීමට ගුවන්තොටුපල සහ රේගු බලධාරීන් කටයුතු කර ඇත.

    දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ කළමනාකාරීත්වයේ තනතුරු දරනු ලබන්නේ රාජපක්ෂ හිතවාදීන් නිසා රාජපක්ෂලාට ගුවන් ගමන් වලදී විශේෂ සැලකිලි හිමිවේ.

    [rns_reactions]

  • හොරෙන් ගිහින් කසාද බැන්ඳා… බැලුවාම අයියයි-නංගියි.. පොලිසියෙන් ඇසෙන පුවත්

    මේ කතාව මහා පුදුම හිතෙන කතාවකි. කෙටියෙන්ම කියනවා නම් මෙය ඉතාම විරල සිද්ධියකි. සමහර විට මේ අරුම පුදුම කතාව ඔබ විශ්වාස නොකරණු ඇත.

    විශ්වාස කළත් නොකළත් ඔබ මේ කතාව කියවා බලනවා නම් නිසැකය. මෙය සමාජ සම්මතයන්ගෙන් ඔබ්බට ගිය කතාවකි. ඒ නිසා මේ කතාව ලිව්වේද බොහොම පරිස්සමෙනි. ඒ වෙන කිසිවක් නිසා නොව මේ කතාවේ එන කතා නායිකාව හෝ නායකයාගේ අනන්‍යතාව කුමන හෝ ආකාරයකින් අනාවරණය වුවහොත් සමාජය ඉදිරියේ ඔවුන් දෙදෙනාට මුහුණදීමට සිදුවිය හැකි අපහසුතාවයන් කල්පනා කර බලාය.

    කාන්තාවක විසින් පුංචි අවධියේදී දරුකමට හද‌ාවඩා ගනු ලැබූ දැනට අවුරුදු 21ක පමණ වයසේ පසුවන තරුණියක් පෙම්වතා සමඟ හොර රහසේ පලාගොස් විවාහ වී ඇත්​ෙත් වෙන කවුරුවත් සමඟ නොව තමාගේම සහෝදරයා සමගවීම මේ කතාවේ සාරාංශයයි.
    ඔබ කුහුලින් හා දෑස් අයා මෙතැන් සිට කියවන්නේ ඒ කතාවයි.

    කොළඹට නුදුරු ප්‍රදේශයක කාන්තාවක් දරුවකු හද‌ාවඩා ගැනීමට ලබාගෙන ඇත්තේ ඇයට දරුවන් නොමැතිකම නිසාය. රෝස පොහොට්ටුවක් බඳු ලස්සනම ලස්සන පුංචි කෙලි පැටික්කියක් ඒ කාන්තාව දරුකමට හද‌‌ාවඩා ගැනීමට ගත්තේ උතුරාගිය දරු සෙනෙහසිනි.

    තමාගේම කුසින් උපන් දරුවෙකු ලෙස ඇය පුංචි දූ සිඟිත්තිය හද‌ාවඩා ගත්තේ අපමණ කැපකිරීම් කරමින්ය. අධ්‍යාපන කටයුතු ද හමාරකළ ඇය දැන් පසුවන්නේ 21 වැනි වියේය.

    ලබාගත් අධ්‍යාපන සුදුසුකම් අනුව ඇය රැකියාවක්ද සොයාගත්තාය.

    දරුකමට පුංචිකාලයේ හද‌ාවඩා ගැනීමට නීත්‍යානුකූලව ලබාගත් කාන්තාවද ඇය ලොකු මහත් වුවත් දරුකමට හද‌ාවඩා ගත් කෙනෙකු කියන එක මොනම ආකාරයටවත් දැන ගැනීමට ඉඩ තිබ්බේ නැත.

    නව යොවුන් වියේ පසුවූ ඇයගේ සිතේද සුන්දර ආදරයේ කුසුම් විකසිත වීමට පටන්ගත්තාය.

    ඇය තරුණයෙක් හා හාදකම් පටන් ගන්නේ භද්‍ර යෞවන වියේ පසුවන කාටත් ආදරයේ කුසුම් හදමඬලේ විකසිත වීම අරුම පුදුම දෙයක් නොවන නිසාය.

    ප්‍රථම ප්‍රේමයට අායුබෝවන් කී ඇය තවත් තරුණයෙක් සමඟ හාද කමක් පටන්ගත්තේ විවාහ මංගල්‍යයකදී හමුවී කළ කතාබහ දුර දිග යෑමේ ප්‍රතිඵලයක් වශයෙනි.

    ඇය​ෙග් නෙත සිත වසගකරන වත කමල ඒ තරුණයාගේ හිත පැහැර ගෙන ඇත්තේ ඔහුටත් හොරාය. දෙවැනි වරට හඳුනාගත් තරුණයා සමඟ ඇය හොර රහසේ පලාගියේ කන්නට බොන්නට දී උස් මහත් කළ හැදූ මවට කඳුළක් උරුමකර දෙමිනි.

    දස මසක් කුසේ හොවා ​ෙම​ෙලාවට බිහි නොකළත් තමාගේම කුසින් උපන් දරුවකු ලෙස සලකා දියණිය රැක බලා ගත් නිසා ඇයට දියණියගේ අතුරුදන්වීම ඉවසුම් නොදෙනා වේදනාවක් විය.

    දන්නා කියන සෑම තැනකම සොයා බලා ඇය නීතියේ පිළිසරණ පතා පොලිසි ගියේ දියණිය සොයා ගැනීමට තියා ඇය ඉන්නා තැනක් ගැනවත් කිසිම හෝඩුවාවක් නොලැබුණු නිසාය. දියණියගේ අබිරහස් අතුරුදන්වීම ගැන ඇය පොලිසියට පැමිණිලි කළේ පසුගිය මැයි මාසයේ 15 වැනිද‌ාය.

    පොලිසිය රට පුරා පොලිසිවලට මැසේජ් දුන්නේ අතුරුදන්ව සිටින 21 හැවිරිදි තරුණිය ගැන සොයා බැලීමටය. හද‌ාවඩා ගත් දියණිය අතුරුදන්වීමේ වේදනාවෙන් කුසට හරි හැටි කෑමක් බීමක් නොමැතිව කඳුළු බොමින් සිටි කාන්තාව පොලිසියට පැමිණිලිකර නිකම් බලා සිටියේ නැත.

    ඇය අතුරුදන්ව සිටින හද‌ාවඩාගත් දියණිය ගැන වෙන මොනයම් හෝ හෝඩුවාවක් සොයා ගැනීමට වෙහෙසුණාය. ඒ වෙහෙසීමේ ප්‍රතිඵලයක් වශයෙන් දියණිය ඉන්නා ඉසව්වක් ගැන හෝඩුවාවක් ඇයට ලැබිණ.

    කෑගල්ල පොලිස් අධිකාරී කොට්ඨාසය යටතේ පාලනය වන පොලිස් වසමක දියණිය තරුණයකු සමඟ විවාහ වී යුග දිවිය ගත කරන බව ඇයට දැන ගැනීමට ලැබුණු හෝඩුවාව විය. කෙහොම වුණත් මේ හෝඩුවාව ලැබුණු ගමන්ම පොලිසියට ඒ ගැන දැනුම් දුන්නාය.

    කෑගල්ල පොලිස් අධිකාරී කොට්ඨාසය යටතේ පාලනය වන පොලිසිය මගින් තරුණිය සොයා ගොස් ඇය අතුරුදන් වූ බවට පැමිණිල්ලක් ලැබී තිබූ පොලිසිය වෙත යොමුකර ඇත. සැමියාද ඇය සමග පොලිසියට ගියේ පැමිණිල්ල විභාගකිරීමේ අවස්ථාවට සහභාගි වීමටයි.

    විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඉදිරියේ පැවති මෙම පැමිණිලි විභාගයට තරුණිය පුංචි කාලයේ ඉඳන්ම හද‌ාවඩාගත් කාන්තාවද පැමිණ සිටියේ ඇය මෙම සිද්ධියේ පැමිණිලිකාරිය වී සිටි නිසාය.

    හදවඩාගත් දියණිය විවාහ වී සිටින තරුණයා දුටු සැණින් කාන්තාවගේ ඇස් උඩ ගොස් ඇතැයි කියන්නේ ඉබේටම වාගේය. ඇයගේ හදවත වේගයෙන් ගැහෙන්නට පටන්ගෙන ඇත්තේ සිද්ධ වෙලා තියන දේ ගැන උහුලා ගැනීමට නොහැකි බව කියමිණි.

    “දුවේ උඹට මෙච්චර කාලයක් කොකිව්ව රහසක් මම කියන්නම්. මම උඹව දරුකමට හද‌ාවඩා ගන්න ගත්තේ පුංචි සන්දියේදීමයි. උඹ මේ කස‌ාද බැඳලා තියෙන්නේ එක බඩ වැල කඩා ගෙන ආ අයියා එක්කයි.”

    අඹු සැමි යුවළ එකිනෙකා ඔවුනොවුන්ගේ මුහුණු බලාගත්තේ මේ කතාව අසා පුදුමයට පත්වීමෙනි.

    “මෙයා බොරු කියන්නේ. අපි මේ කතාව විශ්වාස කරන්නේ නැහැ” යැයි තරුණිය කියා ඇති බව දැන ගැනීමට ඇත. උප්පැන්න සහතිකයේ වාසගමවත් එක සමාන නොවන බව ඇය කියා සිටියාය.

    එහෙත් අවසානයේ හෙළිවූයේ තරුණිය විවාහ වී ඇත්​ෙත් තමාගේම සහෝදරයා සමග බවය. මේ බව දැනගත් පසු දෙදෙනා දැඩි අපහසුතාවකට හා අසීරුතාවකට පත් වූ බව දැන ගැනීමට ඇත.

    උප්පැන්න සහතිකයේ වාසගමවත් එක සමාන නොවන බවත් සිය සහෝදරිය බව නොදැන ඇය විවාහ කරගත් අයියා පොලිස් නිලධාරින් සමඟ පවසා සිටියේය.

    ‘‘අනේ මේ බවක් හාංකාසියක්වත් දැන ගෙන හිටියා නම් මෙහෙම දෙයක් කර ගන්නේ නැහැ. මම වෙඩිං එකකට ගිය වෙලාවේ තමා මෙයාව හඳුනාගෙන කතා බහ කළේ. එතකොටත් මම වෙන කොල්ලෙක් එක්ක කාලයක ඉඳලා ලව් එකක් තිබුණා. මෙයා හඳුනා ගත්තාට පස්සේ ඒ කොල්ලාට බූට් එක තියලා තමා මෙයත් එක්ක යාළු වුණේ. මාස දෙකක විතර කාලයක් අපි දෙන්නාගේ ලව් එක තිබුණා ඊට පස්සේ අපි දෙන්නා මැරි කරන්න තීරණය කළා. අපි දෙන්නාගේම ගෙවල්වලට හොරෙන් පැනලා ගිහින් කසාද බැන්ද‌ා. අද තමයි දැන ගත්තේ මම කසාද බැඳලා ඉන්නේ මගේම අයියා කියලා’’ යැයි 21 හැවිරිදි තරුණිය පවසා ඇති බවද දැන ගැනීමට ඇත

    වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්කිරීමට තරුණිය රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

    [rns_reactions]

     

  • තවත් මාධ්‍ය සංදර්ශනයක්ද? ඇළ මාර්ග ඔස්සේ ප්‍රවාහන පද්ධතියක් සකස් කිරීමට පාටලී ටෙන්ඩර් කැඳවයි..

    කොළඹ නගරයේ ඇළ මාර්ග හරහා රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ මගී ප්‍රවාහන යාත්‍රා පද්ධතියක් සකස් කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට මහ නගර සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන ඇත. ජූලි 24 වැනිදා ටෙන්ඩර් කැඳවීම අවසන් වන බවත් තෝරාගන්නා ආයෝජකයන් සති 9ක් ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර හා දේශීය ආයෝජකයන්ට අවස්ථාව සලසා දී තිබේ. මේ සඳහා නෙදර්ලන්තයේ තාක්ෂණික ආධාර වැඩසටහන යටතේ එරට මහජන – පෞද්ගලික සම්බන්ධතා උපදේශකවරු සහයෝගය ලබා දෙති.

    මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව (SLLRDC) මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම ආයතනය ලෙස කටයුතු කරයි. මෙම ව්‍යාපෘතිය යටතේ මගී ප්‍රවාහන යාත්‍රා සඳහා මාර්ග තුනක් සකස් කෙරේ. ඒ අනුව වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්වා (IW-1) , කොටුව සිට යුනියන් පෙදෙස (IW-2) සහ මට්ටක්කුලිය සිට හංවැල්ල දක්වා (IW-3) මෙම යාත්‍රා යෙදවීමට නියමිතය.

    පළමු අදියර යටතේ වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්වා කොටස මැරීන් ඩ්‍රයිව්, ගාලු පාර, හයිලෙවල් පාර, බේස්ලයින් පාර, නාවල පාර සහ පාර්ලිමේන්තු පාර ප්‍රධාන මාර්ග 6 ක් ඔස්සේ කඩිනමින් නිම කිරීමට අපේක්ෂිතය.
    දෙවැනි අදියර යටතේ කොටුව සහ යුනියන් පෙදෙසේ වාණිජ ස්ථාන දක්වා මාර්ග තදබදය වැඩි වේලාවන්වල දී කාලය ඉතුරු කරගනිමින් ගමන් කළ හැකි මගී යාත්‍රා පද්ධතියක් සකස් කිරීමට නියමිතය.

    මෙහි තෙවැනි අදියර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත වන්නේ මට්ටක්කුලිය සිට හංවැල්ල දක්වා කැලණි ගංඟාව ආශ්‍රිතව ලෝලෙවල් මාර්ගය ආවරණ වන පරිදි සකස් කරන කොටසයි.

    මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් කිරීමට ගතවන කාලය සම්බන්ධයෙන් මෙතෙක් අදහසක් ප්‍රකාශ කළ නොහැකි බවත් තවමත් මෙය ආරම්භක අදියරේ පවතින බැවින් ටෙන්ඩර් ලබාගැනීම පමණක් සිදුවන බවත් මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

    [rns_reactions]

  • ස්කොට්ලන්තයේ සිට සිම්බාබ්වේ පිලෙන් ලංකාවට පණිවිඩයක්..

    ශ්‍රී ලංකාවට මීළඟට හමුවන ප්‍රතිවාදියා වන්නේ සිම්බාබ්වේ කණ්ඩායමයි.ශ්‍රී ලංකාවට පැමිණෙන සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවේදී එක්දින තරඟ 5ක ට සහ ටෙස්ට් තරඟයකට සහභාගී වීමට නියමිතය.ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර සිම්බාබ්වේ කණ්ඩායම ස්කොට්ලන්තයෙදී එක්දින තරඟදෙකකට මුහුණ දුන් අතර තරඟාවලිය 1-1 ලෙස සම කර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

    පලමු තරඟය ස්කොට්ලන්තය පහසුවෙන් ජයගත්තද දෙවන තරඟය සිම්බාබ්වේ දඟ පන්දු යවන්නන් හමුවේ ස්කොට්ලන්තය පරාජයට පත් විය.

    ශ්‍රී ලංකා කණ්ඩායම ද ස්කොට්ලන්තය සමඟ නිල නොවන එක්දින තරඟ දෙකකට චැම්පියන්ස් කුසලානය ට පෙර තරඟ වැදුන අතර එහිදීද අත්වුයේ සිම්බාබ්වේ කණ්ඩායමට අත්වූ ප්‍රතිපලයට සමාන ප්‍රතිපලයකි.ස්කොට්ලන්තය පලමු තරඟය පහසුවෙන් ජයගත් අතර ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්  හමුවේ ස්කොට්ලන්තය දෙවන තරඟය පරාජයට පත්විය.

    මෙම තරඟ ප්‍රතිපලය සසඳා ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් ස්කොට්ලන්තයෙදී සමාන බව නිගමනයට පැමිණිය හැක.තරඟාවලිය තුල දක්ෂතා දැක්වූ මැල්කම් වොලර්,සීන් විලියම්ස් සහ ශිකන්ඩර් රාසා පිළබඳව වැඩි අවදානයක් යොමු කිරීම වැදගත් වන අතර පන්දු යවන්නන් ලෙස ස්කොට්ලන්තයෙදී සාර්ථක වූ ග්‍රැහැම් ක්‍රීමර්,සීන් විලියම්ස් සහ ශිකන්ඩර් රාසා ශ්‍රී ලංකාවේ දීද දඟ පන්දු යවන්නන්ලෙස ශ්‍රී ලංකා පිතිකරුවන්ට තර්ජනයක් විය හැක.

     

    [rns_reactions]

  • හිටිහැටියේ නින්දෙන් නැගිටපු නවින් ලකුණු දාගන්න දගලපු හැටි මෙන්න…

    හිටිහැටියේම නින්දෙන් අවදිවූ  වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවර එලිය නගර මධ්‍යයේ පිහිටි තැපැල් කාර්‍යාලය ඉදිරිපිටදී උද්ගෝශනයක් පැවැත්වීය. තමන් මේ ප්‍රදේශයේ නායකයා බවත්  නුවර එලිය තැපැල් කාර්‍යාලය කඩා දැමීමට යන බව පවසමින් මහ ජනතාව කුපිත කරමින් යම් පිරිසක් ගෙන ගිය බොරු ප්‍රචාරයට විරෝධය පාමින් කිසි දිනක තමන් නුවර එලිය නගරයේ පිහිටි තැපැල් කාර්‍යාලය කඩා දැමීමට ඉඩ නොදෙන බව එතුමා පැවසීය.

    මෙය දකින ජනතාවට විශාල ගැටළුවක් පැනනගින බව අපි දන්නෙමු. මෙච්චර කල් නවින් කොහෙද හිටියේ? එකපාරට නින්දෙන් නැගිට්ටේ ඇයි? යන්න එම ගැටලුවයි.

    https://www.facebook.com/dissanayakenavin/posts/1399588506754625

    [rns_reactions]