https://www.facebook.com/03cricket/videos/1185004538280325/
[rns_reactions]
https://www.facebook.com/03cricket/videos/1185004538280325/
[rns_reactions]
බෞද්ධ අප මේ රටේ මහජාතිය අප යනුවෙන් පැවසුවද, අපට මේ රට අයිති බව පැවසුවද, අපෙන් විය යුතු යුතුකමට වඩා අප කතා කරන්නේ වෙනත් කාරණා පිළිබඳවයි යනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා පැවසීය.
තලාව නබඩවැව ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ බෝධීන් වහන්සේ වටා ඉදිකල බෝධි ප්‍රාකාරය හා රන් වැට නිරාවරණය කිරීමේ පුණ්‍ය උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.
එහිදී විහාරස්ථ භූමියේ අභිනවයෙන් ඉදිවන බුද්ධ මන්දිරයේ ඉදිරි වැඩකටයුතු නිරීක්ෂණය කල අමාත්‍යවරයා විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුලු දායක දායිකාවන් සමගින් විහාරස්ථානයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ජා කල අතර ඒ සඳහා මැදිහත් වීමට පොරොන්දු විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
අපේ රටේ බෞද්ධයෝ බණ අහන තරමට බණ පිළිපැද්දා නම් මේ රටේ මේ සිදුවන තරම් අපරාධ සිදුවන්නේනෑ. අද අපි පත්තරයක් බැලුවොත්, රූපවාහිනියක් බැලුවොත්, ගුවන් විදුලියට සවන් දුන්නොතපිට නිතරම අහන්න ලැබෙන්නේ හොද නැති දේවල්. මාධ්‍යයත් හැමදාම ඉල්ලුම කියලා සපයා දී තිබෙන්නේ නරක දේම තමයි. බෞද්ධ අපි මේ රටේ මහා ජාතිය කියලා අපි කියනවා. හැබැයි අපෙන් විය යුතු යුතුකමට වඩා අප කතා කරන්නේ වෙනත් කාරණා පිළිබඳවයි. ඒ නිසා අපි බෞද්ධයෝ විදිහට පංසිල් රකින්න ඕන්, යම් ප්‍රශ්න ඇතිවෙලා තියෙනවනම් ඒ ප්‍රශ්නත් සමනය කරගෙන බෞද්ධයෝ විදිහට ආදර්ශමත්ව මේ රටට නායකත්වය ලබාදෙන්න අපි කටයුතු කල යුතු වෙනවා. අපි සෑම කාරණයකටම උද්ගෝෂණ හෝ අරගල කරනවා. මේ දේවල්වලින් රටක් හදන්න හෝ වෙනස් කරන්න පුලුවන්කමක් නෑ. හැබැයි අපිට බෞද්ධයෝ ලෙස අපෙ ආගමානුකූලව හිතන්න, වෙනස් වෙන්න පටන් ගත්තොත් මේ දේවල් මහා අමාරු කාරණා නෙමෙයි. හැබැයි අපි දකිනවා සමහර වෙලාවට යම් යම් වැරදි සිදු වෙනවා. අපි වැරදි කර කර අනෙක් අයගෙන් අහනවා ඇයි එහෙම කරන්නේ කියලා. අපේ ආගමේ ඉගැන්වීම් අනුව පලමුව අපි හැදෙමු. වරදට සමාව දෙමු. නැවත වරක් එවැනි වරදක් නොවෙන්න හැඩගස්සා ගමු. යනුවෙන් පැවසීය.
[rns_reactions]
2016.07.14 දිනැති වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රෙල්ඛ අංක 01/2016 හෝ එයට කරන ලද සංශෝධනවලට අනුකූලව නිකුත් කරන ලද බලපත්‍රයක් උපයෝගී කර ගෙන රජයේ නිලධාරියකු විසින් මිලදී ගන්නා, දේශීයව නිෂ්පාදනය කරන ලද මෝටර් රථයක් හෝ ආනයනය කරනු ලබන මෝටර් රථයක මිල, රක්ෂණය සහ ගැල් කුලිය ඇතුළත් වටිනාකම අනුව ගෙවිය යුතු නිෂ්පාදන බද්ද පහළ දමා තිබෙනවා.
නව බදු සංශෝධනයට අනුව වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රෙල්ඛ අංක 01/2016 හෝ එයට කරන ලද සංශෝධනවලට අනුකූලව නිකුත් කරන ලද බලපත්‍රයක් උපයෝගී කර ගෙන මිල දී ගනු ලබන මෝටර් රථයක මිල ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 25,000/- ට නොවැඩි නම් නිෂ්පාදන බද්ද, ගෙවිය යුතු බදු ප්‍රමාණයයෙන් සියයට 35 ක් හා ඩොලර් 30,000 ට නොවැඩි නම් නිෂ්පාදන බද්ද, ගෙවිය යුතු බදු ප්‍රමාණයෙන් සියයට 40 ක් ලෙසින් සංශෝධනය කර ඇත.
මීට පෙර 2016.11.10 වැනි දිනැති අංක 1992/29 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කරන ලද උපලේඛනයට අනුව මෙම කාණ්ඩය වෙනුවෙන් අයකරන ලද නිෂ්පාදන බද්ද, ගෙවිය යුතු බදු ප්‍රමාණයෙන් සියයට 50 කි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම අති විශේෂ ගැසට් පත්‍රයෙහි සඳහන් නියෝගය 2017.06.10 දින සිට ක්‍රියාත්මක වන බව සඳහන්ය.
[rns_reactions]
ජනාධිපතිතුමාගේ නියෝගය පරිදි ත්‍රීරෝද රථ රියදුරන්ට ඉදිරියෙදී ත්‍රීරෝද රැකියාවට අමතරව වෘත්තීය පුහුණුවක් ලබා දෙන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
කෙසේවෙතත් මේ අරගලය පසුපස ජනාධිපතිවරයා පසුපස සිටිමින් අවශ්‍ය පරිදි මුලික ක්‍රියාමාර්ග සියල්ල ගනු ලැබුවේ කොලොන්නාව ආසනයේ නිදහස් පක්ෂ සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි බව මේ වනවිට ප්‍රසිද්ධ රහසකි.
මේ අතර වීරක්කොඩි අමාත්‍යවරයා පවසා සිටියේ මෙවන් අදහසක්,
අද අපි තරුණයන්ට ජීවනෝපායක් සඳහා පුහුණු වැඩසටහන් ලබාදීම සිදුකරනවා. තරුණයන් පමණක් නොවේ අද තරුණියන්ද ඒ සදහා එක්වීම පිළිබදව සතුටුවෙනවා. ත්‍රීරෝද රථ සදහා පුහුණුව ලබන්න ඉදිපත් වී ඇති අයගෙන් මම ඉල්ලීමක් කරනවා වයස 18 සම්පුර්ණ වනු ගමන් බහුතරයක් පුරුදුවෙලා ඉන්නේ ත්‍රීරෝද රථයක් අරන් හංදියකට වෙලා මුළු ජීවිතයම එතනට වෙලා ගෙවන්නයි. ත්‍රීරෝද පුහුණුව ලබන සියළු දෙනාට හා දැනට සිටින ත්‍රීරෝද රථ රියදුරන්ට ඉදිරියෙදී වැඩපිළිවෙළක් ආරම්භ කරනවා. ත්‍රීරෝද රථ රැකියාවට අමතරව විදුලි කාර්මික, ජලනල කාර්මික, රැකියාවල යෙදිම සඳහා පුහුණුව ලබාදීම සඳහා යොමු කරනවා. වැඩි ආදයමක් ලබා ගැනීම අපගේ අරමුණයි. නැතිනම් බොහෝ දෙනෙකුගේ ජීවිත තාවකාලික තෘත්තිය කරා ගිහින් ප්‍රශ්න ඇති කරගන්නවා. අද ගෙදර වයර් එකක් ගැඩුනාම හදාගන්න කෙනෙක් නෑ, ටැප් එකක් කැඩුනාම හදාගන්න කෙනෙක් නෑ. ත්‍රී රෝද රථ රියදුරෙකුට ඒ හැකියාව ලබා තිබේනම් ත්‍රීරෝද රැකියාවට අමතරව අමතර ආදායමක් ලැබෙනවා.
රැකියා තිබුනට කවුරුත් පුහුණු වෙන්නේ නෑ. වැල්ඩින් පාඨමාලාව සඳහා අපො. සා. පෙළ. විභාගයෙන් ගණිතය විෂය සමත් නම් මෙම මස 20 දාට පෙර ජර්මානු කාර්මික විද්‍යාලය සඳහා අයදුම් කරන්න. ඒ පාඨමාලාව සම්පුර්ණ කරගතහොත් රැකියාව එලියට එනකොට හිමිවෙනවා. ලංකාවේ නොවේ වැඩිපුර සිටින්නේ ඕස්ට්‍රේලියාවේ. (CGTTI) සීජීටීටීඅයි වෙබ් අඩවියට පිවිස අයදුම් කරන්න. ඒවගේම ඉදිරියේ දී බැකෝ යන්ත්ර) පුහුණු පාඨමාලාවක් ලබන 25වන ඉරිදා ගාල්ල බටපොල ප්‍රදේශයේදී ආරම්භ කරනවා. ඒ සඳහාත් අයදුම්පත් යොමු කරන්න. මට ඇමතිකම ලැබුනාට පසුව රටේ අනෙකුත් වැඩ කරන අතරතුර ගාල්ලේ දරුවන්ගේ අනාගතයට ජයගන්න මුල් තැන දෙනවා. අපේ අරමුණ දුප්පත්කම තුරන් කිරීමයි. දුප්පත්කම අඩුවෙන්ම තුරන්වන දිස්ත්රි.ක්කය ගාල්ල දිස්ත්‍රීක්කයයි. දුප්පත්කම නැතිකරන්න නම් සියළුදෙනා රැකියගත කරන්න වෙනවා. රැකියා ගත කරන්න නම් පුහුණුවක් අවශ්‍ය ඇයි. ඒ සඳහා අපේ වැඩසටහන් ඉදිරියෙදි ආරම්භ කරනවා. අපි හෙට සිට රියදුරු පුහුණුව ආරම්භ කරනවා. තවත් පුහුණු කරුවෙකුගේ සහයෝගය ලබාගෙන දින හතේම පුහුණුව ලබාදී හොද පුහුණුවක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා.
අපි තරුණයන්ගේ හා දරුන්ගේ ප්‍රශ්නය අපි තේරුම් අරගෙනයි සිටින්නේ. සියළු දෙනාගේ දෑතේ සවියෙන් තමන්ගේ දක්ෂතාවයෙන් රැකියවාක් ලබාදීමට නිපුණතාවයක් ඇතිකිරීමේ වගකීම මේ රජය ආරම්භ කර තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගමෙන් ආපු මිනිසුන්ගේ දුක හදුනාගත් නායකයෙක් හැටියට රාජ්‍ය නායකයා හැටියට අමාත්‍යවරයා හැටියට මට මේ වැඩසටහන් ක්‍රියාත්මක කර ගන්න උපරිම සහයෝගය ලබාදෙනවා. මට මේ අමාත්‍යාංශයේ වැඩ කටයුතු කරගෙන යන්න අවශ්‍ය කරන මුදල් ගන්න අපි රටවල් කිහිපයක් සමගම සාකච්චා කරා. ඒ වගේම පුහුණුවෙන් පසුත් සියළු රැකියා සඳහා රටවල් වලට යන්නත් විදේශ රැකියා අමාත්‍යාංශයත් සමගත් අපි සකච්චා කර තිබෙනවා. අපේ අරමුණ තරුණයන්ට රැකියා ලබාදීම හා මේරටේ දුප්පත් කම තුරන් කිරීමයි.
[rns_reactions]
ශ්‍රී ලාංකිකයන් ලක්ෂ දාහතරකට අධික සංඛ්‍යාවක් මරණින් පසු ඇස් දන්දීම සඳහා සිය සංගමයේ ලියාපදිංචි වී සිටින බව ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය පවසයි.
එම සංගමයේ ජාත්‍යන්තර ඇස් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ජනත් සමන් මාතරආරච්චි බීබීසි සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ලොව වෙනත් රටවල් වෙත වැඩියෙන්ම ඇස් දන්දෙන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවය.
ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විසින් 1964 වසරේ සිට මේවන තෙක් ලොව රටවල් 54 ට ශ්‍රී ලාංකිකයන්ගේ ඇස් 75,388 ක් පරිත්‍යාග කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
එම ආයතනය විසින් ශ්‍රී ලාංකිකයන් සඳහා ඇස් 47,225 ක් ලබාදී තිබෙන අතර පරීක්ෂණ කටයුතු සඳහා ද ඇස් 40,000කට ආසන්න ප්‍රමාණයක් ලබා දී තිබේ.
ඇසේ ප්‍රශ්නයක් ඇති ඕනෑම රෝගියකු තම ඇස වෛද්‍යවරයෙකු ලවා පරික්ෂා කර ගැනීමෙන් අනතුරුව එම වෛද්‍යවරයා හරහා ඉල්ලීමක් කළහොත් ඇසක් ලබාදිය හැකි බව ඔහු පැවසීය.
ශ්‍රී ලාංකිකයන් සඳහා මෙය නොමිලේ සිදුකරන බවත් විදේශිකයන් නම්, ඇස් සකස් කිරීමට යන වියදම පමණක් ලබාගන්නා බව ඔහු කියා සිටියේය.
[rns_reactions]
කොළඹ නගරයේ සහ තදාසන්න නගරවල ගොඩගැසී තිබෙන කසළ දින තුනක් ඇතුලත ඉවත් නොකරන්නේ නම් මහ ඇමතිධූරයෙන් ඉවත්කරන බවට බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතාට ජනාධිපතිවරයා තදින් අවවාද කර ඇතැයි වාර්තා වේ.
ජනාධිපතිවරයා බස්නාහිර මහඇමති දේවප්‍රිය මහතා පෙරේදා(17) උදේ ජනාධිපති නිල නිවසට කැඳවා මේ බව දැනුම්දී ඇතැයිද රජයේ ආරංචිමාර්ග සදහන් කරයි.
කොළඹ නගරයේ සහ තදාසන්න නගරවල කුණු ගොඩගැසීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මහ ඇමතිවරයාට තදින් දොස් පවරා ඇතැයි වාර්තා වේ.
ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් පෙරේදා පෙරවරුවේ පැවති හදිසි රැස්වීමේදීත් ජනාධිපතිවරයා මේ පිළිබඳව ප්‍රකාශ කර ඇති අතර එම සාකච්ජාවට මහ ඇමතිවරයා සහභාගී නොවූ බවද දැනගැනීමට ඇත.
මේ අතර කොලඹ නගර සභාවේ කුණු ඉවත්කිරීමේ ටෙන්ඩරය නගර සභාව විසින් වාර්ෂිකව පෞද්ගලික සමාගමකට භාරදිය යුතු වුවත් මෙවර එම ටෙන්ඩරය වසර හතරක කාලයකට එක්වරම ලබාදී ඇති බවද ආරංචිමාර්ග කියයි.
වසරකට රුපියල් මිලියන 300 බැගින් වසර හතර සඳහා රුපියල් මිලියන 1200කට එම ටෙන්ඩරය ලබාදී ඇති බව වාර්තා වේ.
[rns_reactions]
මේ අතරින් ඇමෙරිකානු ඩොලර් මිලියන 515 (රුපියල් මිලියන 79310ක්) පමණ වන ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීම සඳහා හෙට (20දා) සිට 27 දා දක්වා ලංසු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඇත.
මීට අමතරව ජුනි මස 01 දා රුපියල් මිලියන 29000ක් සඳහා වන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්, ජුනි 07 දා රුපියල් මිලියන 45000ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක්, ජුනි 09 දා රුපියල් මිලයන 26000ක් වටිනා භාණ්ඩාගා බිල්පත් වෙන්දේසියක් හා ජුනි 16 දා රුපියල් මිලියන 30500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පිළිබඳව පුවත්පත් නිවේදන මගින් ජනතාවට දන්වා ඇත.
‘අභ්‍යන්තර ණය කළමනාකරණ කමිටුව සිය වගකීම පැහැර හැරීම හේතුවෙන් සියලු තීරණ ගෙන තියෙන්නේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවයි.
කාර්යය පටිපාටියෙන් බැහැර වූ එම සිදුවීමෙන් පොදුවේ රජයට සිදුවු අලාභයට මහා බැංකුවේ අදාළ අංශවල සියලු නිලධාරීන් වගකිව යුතුයි’ යනුවෙන් මා මාගේ වාර්තාවේ සඳහන් කළා යැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පැවසීය.
රජයේ විගණකාධිපතිවරයාට අධිකරණයේ කාර්යය කිරීමට නොහැකි බවත් විගණකාධිපතිවරයාට කළ හැක්කේ යම් යම් සිද්ධීන් අධ්‍යයනය කර නීතී කඩවීම් සම්බන්ධයෙන් වාර්තා කිරීම සහ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම පමණකැයි විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
2015 පෙබරවාරී පළමුවැනිදාත් 2016 මාර්තු 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.
ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥ චානක ද සිල්වා මහතා විසින් අසන ලද හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා මෙසේ ද පැවසීය.
2016 මාර්තු මස 29 වැනිදා බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීමක් පළ කළා. එම මාසයේ දී හතර වතාවක් බැඳුම්කර නිකුත් කළා.
ප්‍රශ්නය:- ඒ සම්බන්ධයෙන් පළ කළ පුවත්පත් දැන්වීමේදී ලංසු ඉල්ලු ප්‍රමාණය සඳහන් කළාද?
පිළිතුර:- ලංසු ඉල්ලු ප්‍රමාණය මෙන්ම ලංසු පිළිගත් ප්‍රමාණය ද සඳහන් කළා.
ප්‍රශ්නය:- මෙම බැඳුම්කර නිකුතුව සිදු කළේ කොපමණ මුදලක් සොයා ගැනීම සඳහාද?
පිළිතුර:- මෙම බැඳුම්කර නිකුතුව මෙන්ම එම මාසයේ දී අවස්ථා හතරේදීම වරකට රුපියල් බිලියන 10 බැගින් වන මුදල් සොයා ගැනීම සඳහායි මෙම බැඳුම්කර වෙන්දේසි පවත්වා තිබුණේ.
ප්‍රශ්නය:- මෙහි පළමු බැඳුම්කර නිකුතුව සිදු කළේ කොපමණ මුදලක් සොයා ගැනීම සඳහා ද?
පිළිතුර:- රුපියල් බිලියන 10ක මුදලක් සොයා ගැනීම සඳහායි.
ප්‍රශ්නය:- එහි දී කොපමණ ලංසු ප්‍රමාණයක් පිළිගෙන තිබුණ ද?
පිළිතුර:- එම පළමු බැඳුම්කර නිකුතුවේ දී ඉදිරිපත් වූ ලංසු අතරින් රුපියල් බිලියන 10.26ක ලංසු පිළිගෙන තිබුණා.
ප්‍රශ්නය:- මුලින් ඉල්ලු ලංසු ප්‍රමාණයට වඩා නිකුත් කළ ලංසු ප්‍රමාණයේ වැඩිවීම ප්‍රතිශතයක් ලෙස කොපමණද?
පිළිතුර:- ප්‍රතිශතයක් වශයෙන් බලන විට සීයයට 102ක වැඩිවීමක්.
ප්‍රශ්නය:- මෙහි දෙවැනි බැඳුම්කර නිකුතුව සිදු කළේ කොපමණ මුදලක් සොයා ගැනීම සඳහාද?
පිළිතුර:- රුපියල් බිලියන 10ක මුදලක් සොයා ගැනීම සඳහායි.
ප්‍රශ්නය:- එහිදී කොපමණ ලංසු ප්‍රමාණයක් පිළිගෙන තිබුණද?
පිළිතුර:- එම බැඳුම්කර නිකුතුවේ දී ඉදිරිපත් වූ ලංසු අතරින් රුපියල් බිලියන 21.475ක ලංසු පිළිගෙන තිබුණා.
ප්‍රශ්නය:- මුලින් ඉල්ලු ලංසු ප්‍රමාණයට වඩා නිකුත් කළ ලංසු ප්‍රමාණයේ වැඩිවීම ප්‍රතිශතයක් ලෙස කොපමණද?
පිළිතුර:- ප්‍රතිශතයක් වශයෙන් බලන විට සීයයට 214.7ක වැඩිවීමක්.
ප්‍රශ්නය:- මෙහි තෙවැනි බැඳුම්කර නිකුතුව සිදු කළේ කොපමණ මුදලක් සොයා ගැනීම සඳහාද?
පිළිතුර:- රුපියල් බිලියන 10ක මුදලක් සොයා ගැනීම සඳහායි.
ප්‍රශ්නය:- එහිදී කොපමණ ලංසු ප්‍රමාණයක් පිළිගෙන තිබුණද?
පිළිතුර:- එම බැඳුම්කර නිකුතුවේ දී ඉදිරිපත්වූ ලංසු අතරින් රුපියල් බිලියන 17ක ලංසු පිළිගෙන තිබුණා.
ප්‍රශ්නය:- මුලින් ඉල්ලු ලංසු ප්‍රමාණයට වඩා නිකුත් කළ ලංසු ප්‍රමාණයේ වැඩිවීම ප්‍රතිශතයක් ලෙස කොපමණද?
පිළිතුර:- ප්‍රතිශතයක් වශයෙන් බලන විට සීයයට 170 ක වැඩිවීමක්.
ප්‍රශ්නය:- මෙහි සිව්වැනි බැඳුම්කර නිකුතුව සිදු කළේ කොපමණ මුදලක් සොයා ගැනීම සඳහාද?
පිළිතුර:- රුපියල් බිලියන 10ක මුදලක් සොයා ගැනීම සඳහායි.
ප්‍රශ්නය:- එහිදී කොපමණ ලංසු ප්‍රමාණයක් පිළිගෙන තිබුණද?
පිළිතුර:- එම බැඳුම්කර නිකුතුවේ දී ඉදිරිපත්වූ ලංසු අතරින් රුපියල් බිලියන 28.97ක ලංසු පිළිගෙන තිබුණා.
ප්‍රශ්නය:- මුලින් ඉල්ලු ලංසු ප්‍රමාණයට වඩා නිකුත් කළ ලංසු ප්‍රමාණයේ වැඩිවීම ප්‍රතිශතයක් ලෙස කොපමණ ද?
පිළිතුර:- ප්‍රතිශතයක් වශයෙන් බලන විට සීයයට 289.7 ක වැඩිවීමක්.
ප්‍රශ්නය:- මෙම බැඳුම්කර නිකුතු හතර සිදු කළේ කොපමණ මුදලක් සොයා ගැනීම සඳහා ද?
පිළිතුර:- රුපියල් බිලියන 40ක මුදලක් සොයා ගැනීම සඳහායි.
ප්‍රශ්නය:- එහිදී කොපමණ ලංසු ප්‍රමාණයක් පිළිගෙන තිබුණද?
පිළිතුර:- එම බැඳුම්කර නිකුතුවේ දී ඉදිරිපත්වූ ලංසු අතරින් රුපියල් බිලියන 77ක ලංසු පිළිගෙන තිබුණා.
ප්‍රශ්නය:- මුලින් ඉල්ලු ලංසු ප්‍රමාණයට වඩා නිකුත් කළ ලංසු ප්‍රමාණයේ වැඩිවීම ප්‍රතිශතයක් ලෙස කොපමණද?
පිළිතුර:- ප්‍රතිශතයක් වශයෙන් බලන විට සීයයට 190 ක වැඩිවීමක්.
ප්‍රශ්නය:- මාර්තු මාසයේ දී පිළිගත් බැඳුම්කරවල සීයයට 329ක වැඩිවීමක් ඇති බව ඔබ මුලින් කී කාරණය බැලු බැල්මටම වැරැදියි නේද?
පිළිතුර:- මාගේ ගණනයේ දී මිලියන 10 බැගින් වන අවස්ථා හතරෙන් දෙකක් මිලියන 05 බැගින් සටහන් කොට තියෙනවා. ඒ නිසා එම ගණන නිවැරදි විය යුතුයි.
ප්‍රශ්නය:- ඒ අනුව එම ප්‍රතිශතය සීයයට 214ක් ලෙස නිවැරදි විය යුතුයි නේද?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- රුපියල් බිලියන 10ක මුදලක් වෙනුවට රුපියල් බිලියන 05ක මුදලක් යෙදීම විශාල වරදක් නේද?
පිළිතුර:- එය විශාල වරදක් නොවේ.
ප්‍රශ්නය:- ඔබ වරදක් කළ බව පෙන්නු විට ඔබ මුලින් ගත් ස්ථාවරය වෙනස් කරනවා නේද?
පිළිතුර:- නැහැ. මා මාගේ ස්ථාවරය වෙනස් කරන්නේ නැහැ. මේ සිද්ධියට අදාළ පරීක්‍ෂණය මා තනිවම කළ එකක් නෙමේ. අපි කණ්ඩායමක කටයුත්තක්.
ප්‍රශ්නය:- කෙසේ නමුත් ඔබ මේ වාර්තාව සම්බන්ධයෙන් වගකීම බාරගන්නවා ද?
පිළිතුර:- ඔව්. මේ වාර්තාව සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම මා බාරගන්නවා.
ප්‍රශ්නය:- ඔබලා ගණන් කළ ආකාරයට ගණන් ගත් විට වැඩිවීම සීයයට 114ක් විය යුතුයි නේද?
පිළිතුර:- ඔව්. මහා බැංකුවෙන් මා වෙත ලබාදුන් ලෙඛන මා යළිත් වරක් පරීක්‍ෂා කර බලන්නම්.
ප්‍රශ්නය:- ඔබ සාම්පල් තෝරා ගත් ආකාරය පෙන්වීම සඳහා තමයි මේ වගුව ඇතුළත් කළේ කියා මා ඔබට යෝජනා කරනවා.
පිළිතුර:- මා එය යෝජනාව ප්‍රතික්‍ෂෙප කරනවා.
ප්‍රශ්නය:- දත්තවල නිවැරදිතාව පරීක්‍ෂා කිරීම විගණනයේ මූලිකම අංගයක් නේද?
පිළිතුර:- දත්තවල නිවැරදිතාව මෙන්ම ඊටත් වඩා දේවල් පරීක්‍ෂා කළ යුතුයි.
ප්‍රශ්නය:- විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා. මෙම සිද්ධියට අදාළ විගණනය කරන විට රටේ විශාල ආන්දෝලනයක් තිබුණා නේද?
පිළිතුර:- ඔව්. ජනමාධ්‍ය මේ ගැන විශාල වශයෙන් කතා කළා.
ප්‍රශ්නය:- විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා. මේ වගුව පිළියෙළ කරන විට මේ සියලු දේම ඔබගේ මනසේ තිබුණ ද?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- සාම්පල් තෝරා ගැනීමේ දී ගත් දත්න වැරදියි නේ ද?
පිළිතුර:- සාම්පල් තෝරා ගැනීමේ දී ගත් දත්ත තුනක වැරදි තියෙනවා. ඉන් මාගේ අවසාන වාර්තාවට කිසිම බලපෑමක් වෙලා නැහැ.
ප්‍රශ්නය:- මින් විශාල බලපෑමක් සිදුවෙලා තියෙනවා. ඉන් ඔබගේ පක්‍ෂග්‍රාහීභාවය පෙනෙන්නට තියෙනවා.
පිළිතුර:- මං පිළිගන්නේ නැහැ.
ප්‍රශ්නය:- 2015 සහ 2016 වසරවල පැවැත්වූ වෙන්දේසිවල විස්තර ඔබගේ වාර්තාවට ඇතුළත් කරලා නැහැ නේද?
පිළිතුර:- 2014 දෙසැම්බර් මාසය දක්වා කරුණු පමණයි මාගේ වාර්තාවට ඇතුළත් කොට තියෙන්නේ.
ප්‍රශ්නය:- මුදල් ඇමතිවරයා ඔබ වෙත එවු ලිපි ඔබගේ වාර්තාවට ඇතුළත් කොට තියෙනවා නේද?
පිළිතුර:- ඔව්. මුදල් ඇමතිවරයා මගේ විෂය පථය සීමා කරමින් මා වෙත එවු ලිපි මාගේ වාර්තාවට ඇතුළත් කළා. මුදල් ඇමතිවරයා මා වෙත එවු ලිපි වලට පිළිතුරු දෙමින් මා ඔහුට ලිපි දෙකක් යැව්වා.
ප්‍රශ්නය:- ඔබ විසින් මුදල් ඇමතිවරයාට යැවු පිළිතුරු ලිපි ඔබගේ වාර්තාවට ඇතුළත් කළේ නැහැ නේද?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- ‘මුදල් ඇමතිවරයාගේ නොඉවසිලිමත් හා අචාරශීලීත්වයෙන් තොර සිහි කැඳවීමේ ලිපි’ යනුවෙන් මා මාගේ වාර්තාවේ සඳහන් කරලා තියෙනවා.
ප්‍රශ්නය:- මුදල් ඇමතිවරයාට යැවු ලිපි ඔබගේ වෙබ් අඩවියේ පළ කොට තියෙනවා නේද?
පිළිතුර:- ඔව්.
මේ අවස්ථාවේ දී විගණකාධිපතිවරයාගේ වාර්තාව කෙරෙහි විගණකාධිපති ජයසිංහ මහතාගේ අවධානය යොමු කරන ලදී.
1997 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා සෘජු ස්ථානගත ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීම් පිළිබඳව මහා බැංකුව මා වෙත වාර්තා කොට නැති බව මා මාගේ වාර්තාවේ සඳහන් කළා.
ප්‍රශ්නය:- මේ තත්ත්වය යටතේ බැඳුම්කර වෙළඳ පොළ සංවර්ධනය වෙලා ද? නැද්ද? යන්න ඔබට කීමට හැකියාවක් තියෙනවා ද?
පිළිතුර:- නැහැ.
ප්‍රශ්නය:- ඔබ මුදල් ඇමතිවරයාට ඔබගේ නිගමන දැනුම් දුන්නා ද?
පිළිතුර:- මුදල් ඇමතිවරයා මා වෙත ප්‍රශ්න 10ක් ඉදිරිපත් කළා. මා එම ප්‍රශ්නවලට පිළිතුරු දුන්නා. මා විගණනයක් කළේවත්, නිගමනයකට ගියේවත් නැහැ.
ප්‍රශ්නය:- මේ සම්බන්ධයෙන් නිවැරදි නිගමනයකට එළැඹීමට නම් ඒ ගැන විගණනය කළ යුතුයි නේ ද?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- 2008 වසරේ දී ‘කැප්ටිව් සොර්ෂස්’ වලට අනුමැතිය දීමේ දී වෙළඳ පොළ පවතින මුදලට වඩා සීයයට 05ක් අඩුවෙන් සේවක අර්ථ සාධක අරමුදලට (ඊ.පී.එෆ්.) දෙන්න කියා ඔබගේ වාර්තාවේ සඳහන් කළා ද?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- ඒ කාලයේ දී රුපියල් ටි්‍රලියන 4.43ක බැඳුම්කර නේද වෙළඳ පොළට නිකුත් කර තියෙන්නේ?
පිළිතුර:- ඒ පිළිබඳව මට ස්ථීර වචනයක් කිව නොහැකියි. මහා බැංකුව මට දුන් විස්තර අනුවයි මා මගේ වාර්තාව සකස් කළේ.
ප්‍රශ්නය:- යම් බලකීරීමක් නැත්නම් යමෙකුට වෙළඳ පොළ් ඇති මුදලට වඩා අඩුවෙන් බැඳුම්කර වෙළඳ පොළේ ආයෝජනය කිරීමට අවශ්‍ය වන්නේ නැහැ නේද?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- සේවක අර්ථ සාධක අරමුදලේ (ඊ.පී.එෆ්.) තියෙන්නේ රටේ වැඩ කරන ජනතාවගේ මුදල් නේද?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- සේවක අර්ථ සාධක අරමුදලේ (ඊ.පී.එෆ්.) තියෙන මුදල් රජයට අයත් නැද්ද?
පිළිතුර:- නැහැ. රජය සේවක අර්ථ සාධක අරමුදලේ (ඊ.පී.එෆ්.) බාරකරුවායි. රජය සේවක අර්ථ සාධක අරමුදලේ ඇති මුදල් ආරක්‍ෂා කළ යුතුයි. ඒ වාගේම එම මුදල්වලට ප්‍රශස්ථ පොලියක් ලබාදීමට රජය කටයුතු කළ යුතුයි. එමෙන්ම එම මුදල් බැඳුම්කර වෙළෙඳ පොළේ යොදවා ඒ සඳහා උපරීම මිලක් අයකර දීමට කටයුතු කළ යුතුයි.
ප්‍රශ්නය:- ලංකා බැංකුව, මහජන බැංකුව වැනි රාජ්‍ය ආයතනවල තියෙන්නේ මේ රටේ ජනතාවගේ මුදල් නේද?
පිළිතුර:- ඔව්. ඒත් සේවක අර්ථ සාධක අරමුදල සමඟ සැසදීමේ දී බැංකු කරන්නේ ව්‍යාපාරයක්.
ප්‍රශ්නය:- ඔබගේ වාර්තාවට අනුව වෙළඳ පොළේ මිලට වඩා සීයයට 05ක් කියන්නේ විශාල මුදලක් නේද?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා: මේ කාලය තුළ රුපියල් බිලියන 17.3ක් දීලා තියෙනවා නේද?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා: ඒ මුදල් දීලා තියෙන්නේ කාට ද?
පිළිතුර:- එය පරීක්‍ෂා කර බැලිය යුතුයි.
ප්‍රශ්නය:- රුපියල් බිලියන 75කට අධික මුදලකට වෙළෙඳ පොළ වටිනාකමට වඩා සීයයට 05ක් අඩු පොලියකට සේවක අර්ථ සාධක අරමුදලට බැඳුම්කර නිකුත් කිරීම නිසා 2008 වසර තුළදී පමණක් සේවක අර්ථ සාධක අරමුදලට රුපියල් බිලියන 3.872ක මුදලක අවාසියක් සිදුවුණා කියලා කිව්වොත් එය නිවැරදිද?
පිළිතුර:- නැහැ. එය වැරදියි. මා බැලුවේ සේවක අර්ථ සාධක අරමුදලේ මුදල්වල සුරක්‍ෂිතතාව යන පදනමේ සිට රජය පැත්තෙන්.
මේ අවස්ථාවේ දී මහා බැංකුවේ රාජ්‍ය ණය කළමනාකරණ කමිටුවට අදාළ කොන්දේසි සහිත වාර්තාව වෙත සාක්කිකරුගේ අවධානය යොමු කරවනු ලැබීය.
ප්‍රශ්නය:- මෙම වාර්තාවේ සඳහන් වන්නේ අදාළ කමිටුව රාජ්‍ය මූල්‍ය අවශ්‍යතාව දැනුම් දුන් පසු කළ යුතු කාර්යය නේද?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- රජයේ මුදල් අවශ්‍යතාව දැනුම් දෙන්නේ අදාළ මාසයේ දී සතියකට පෙර දිනයක දී නේද?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- මාර්තු මාසයේ රජයේ මුදල් අවශ්‍යතාව දැනුම් දෙන්නේ පෙබරවාරී මාසයේ 23 හෝ 24 වැනි දිනවල දී නේද?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- 2015 වසරේ පෙබරවාරී මාසයේ 23 හෝ 24 වැනි දිනවල දී රජයේ මුදල් අවශ්‍යතාව මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්නම් ඒ වන විට අභ්‍යන්තර ණය කළමනාකරණ කමිටුව රැස්වෙලා තිබුණේ නැහැ නේද?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- 2015 පෙබරවාරී 27 වැනිදා පළමු වෙන්දේසිය පැවැත්වෙන විටත්, ටෙන්ඩර් මණ්ඩලය රැස්වෙන විටත්, අභ්‍යන්තර ණය කළමනාකරණ කමිටුව රැස්වෙලා තිබුණේ නැහැ නේද?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- ඒ අනුව අභ්‍යයන්තර ණය කළමනාකරණ කමිටුව සිය වගකීම පැහැර හැරලා නේද?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- මේ පිළිබඳව ඔබගේ විගණන වාර්තාවේ නිර්දේශවල සඳහන් කළා ද?.
පිළිතුර:- විශේෂයෙන් සඳහන් කළේ නැහැ. පොදුවේ රජයට සිදු වූ අලාභයට නිලධාරීන් වගකිව යුතු බව මා මාගේ වාර්තාවේ සඳහන් කළා.
ප්‍රශ්නය:- අභ්‍යන්තර ණය කළමනාකරණ කමිටුව සිය වගකීම පැහැර හැරීම හේතුවෙන් සියලු තීරණ ගෙන තියෙන්නේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව නේද?.
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- එය කාර්යය පටිපාටියෙන් බැහැර වීමක් නේද?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- ඔබගේ වාර්තාවේ ඒ ගැන කිසිඳු නිර්දේශයක් සඳහන් කරලා නැහැ නේද?
පිළිතුර:- මගේ විගණන වාර්තාවේ අවසානයේ සඳහන් කරලා තියෙනවා මේ සිදුවීම්වලට මහා බැංකුවේ අදාළ අංශවල සියලු නිලධාරීන් වගකිව යුතුයි කියලා.
ප්‍රශ්නය:- එය පොදු සටහනක් නේද?
පිළිතුර:- විගණකාධිපතිට අධිකරණයේ කාර්යය කරන්න බැහැ. විගණකාධිපතිට කළ හැක්කේ යම් යම් සිද්ධීන් අධ්‍යයනය කර නීතී කඩවීම් සම්බන්ධයෙන් වාර්තා කිරීම සහ ඒ සම්බන්ධයෙන් දැක්වීම පමණයි.
වැඩිදුර සාක්කි විමසීම සිදු කෙරේ.
මෙම කොමිසමේ කටයුතු සඳහා අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක , ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ආචාර්ය අවන්ති පෙරේරා, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නයෝමී වික්‍රමසේකර, රජයේ නීතීඥ ධනුෂන් කනේෂයෝගන් යන මහත්ම මහත්මීන් සමඟ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා සාක්කි මෙහෙයවමින් කොමිසමේ කටයුතු සඳහා සහය ලබා දෙයි.
පර්පචුවල් ටේරෂරීස් සමාගම වෙනුවෙන් නීතීඥ නෙරංජන් අරූල්ප්‍රගාසම් මහතා සහ නීතීඥ රොමාලි තුඩාවේ මහත්මිය සමඟ ජනාධිපති නීතීඥ නිහාල් ප්‍රනාන්දු මහතා ද භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සඳහා පත්කළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති පී. සමරසිරි මහතා වෙනුවෙන් නීතීඥ ශනිල් පෙරේරා සහ නතාෂා නුර්දීන් මහත්මිය සමඟ නීතීඥ හර්ෂ ප්‍රනාන්දු මහතා ද ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් නීතීඥ චානක ද සිල්වා මහතා ද කොමිසම හමුවේ පෙනී සිටියහ.
[rns_reactions]
Tess Group අවුරුදු 35 ක සිට මත්ස්‍ය වෙළෙඳාමේ නිරතව සිටිනවා. විශේෂයෙන්ම කෙලවල්ලෝ තමයි අපි වැඩිපුරම අපනයනය කරන්නෙ. ඒ වගේම මේ වන විට අපි ටින් මාළු කර්මාන්තයටත් පිවිස සිටිනවා.
දේශීය ටින් මාළු කර්මාන්තය මේ වන විට මොන වගේ මට්ටමකද තිබෙන්නෙ? අප සමාගම ඇතුළුව තවත් සමාගම් 3ක් දේශීයව ටින් මාළු කර්මාන්තයේ නිරතව සිටිනවා. ඒ තමයි Happy cook lanka food (pvt )Ltd,Quality Fish Processing Lanka (pvt) Ltd ,S L I C LANKA (pvt) ltd යන සමාගම්. ඒ සමාගම් සියල්ල මේ වන විට ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමය විදිහට එකතු වෙලා සිටිනවා. එහි සභාපති ලෙස කටයුතු කරන්නෙත් මම. රට වටා අපේ සැපයුම් ජාල තිබෙනවා. අපේ නිෂ්පාදන නියම ප්‍රමිතියෙන් යුතුව සිදු වෙනවා. අපි මේ කර්මාන්තයට එනවිට ටින් මාළු කර්මාන්තය මුළුමනින්ම ආනයන මත රැඳී තිබුණේ. නමුත් අපි අද වන විට ඒ තත්ත්වය වෙනස් කර තිබෙනවා.
දේශීය ටින් මාළු ඉල්ලුම පිරිමසන්නට ඔබලාට හැකියාව තිබෙනවද?
ඇත්තටම පුළුවන්. ලංකාවේ දවසකට ටින් මාළු පරිභෝජනය වෙනවා සාමාන්‍යයෙන් ටින් 125,000 ක් විතර. Tess Group සමාගම ලෙස අප තමයි මේ කර්මාන්තයේ විශාලම නිෂ්පාදනය සිදු කරන්නෙ. අපි දවසකට ටින් 25000ක් සාමාන්‍යයෙන් නිෂ්පාදනය කරනවා. ඒ සාමාන්‍ය වැඩමුරයක් හරහා පමණයි. රාත්‍රී වැඩ මුරයකට ගියොත් මේ නිෂ්පාදනය අපට දෙගුණ කරන්න පුළුවන්. ඒ හරහා සමස්ත දේශීය වෙළෙඳපොළ ඉල්ලුමට අවශ්‍ය සැපයුම සිදු කිරීමට අප සංගමයට හැකියාව තිබෙනවා.
පසුගිය සමයේ ආනයනික ටින් මාළු සඳහා බදු සහනයක් ලබා දෙනවා. එය මේ වන විටත් ක්‍රියාත්මකයි. මේ තත්ත්වය දේශීය ටින් මාළු කර්මාන්තයට මොන වගේ බලපෑමක් ද සිදුකර තිබෙන්නෙ?
ඇත්තටම ඒ සිදු වුණේ අපි හිතුවෙවත් නැති දෙයක්. කලින් ආනයන ටින් මාළු කිලෝ එකකට රුපියල් 102.00 ක බද්දක් තිබුණා. ඒ බද්ද රුපියල් 52.00 කට අඩු කිරීමක් තමයි එතැන දී සිදු වුණේ. අපි මේ ගැන ඇත්තටම එවකට මුදල් අමාත්‍යවරයා එක්ක සාකච්ඡා කළා. එතැන දී මුදල් අමාත්‍යවරයාගේ අදහස වුණේ පාරිභෝගිකයාට අඩු මුදලට ටින් මාළු දීම වෙනුවෙන් අදාළ බදු සහනය දෙන්න ඕන කියන එකයි. ඒ වගේම අපිට සහනයක් වශයෙන් කියලා, සතොස ආයතනයට අපේ නිෂ්පාදන සපයන්න අවස්ථාව හදලා දුන්නා. ඇත්තටම ඉන් දේශීය ටින් මාළු නිෂ්පාදකයන් හැටියට අපට කිසියම් සහනයක් සැලසුණා තමයි. ඒත් ඒ තුළ කර්මාන්තය සංවර්ධනය කරන්නට තිබුණ අවස්ථාවට සීමාවක් වැටුණා. මොකද අපේ නිෂ්පාදනයන් පුළුල් කරන්න විදිහක් නෑ. සතොස සඳහා හැර අනිත් සෑම අවස්ථාවකදීම අපට ආනයනික ටින් මාළු සමඟ තරගයක් හැදුණා. අපි මේ කර්මාන්තයට සම්බන්ධ වෙන්න තීරණය කළේ රජය විසින්ම සිදුකළ යෝජනාවකට අනුව. මොකද ටින් මාළු ආනයනය සඳහා අපේ රට වාර්ෂිකව රුපියල් බිලියන 20ක් පමණ වැය කරනවා. ඒ වියදම සීමා කරගැනීම සඳහා තමයි යෝජනාව එන්නෙ දේශීයව ටින් මාළු නිෂ්පාදනය ආරම්භ කරන්න කියලා. අපිත් ඒ සමයේ මිලියන 200ක් පමණ වියදම් කරලා දේශීය ටින් මාළු නිෂ්පාදනය ආරම්භ කළා. අපි හිතුවා මේ හරහා අපට පුළුවන් වෙයි කියලා දේශීය ටින් මාළු වෙළෙඳපොළ ස්වයංපෝෂිත කරන්න. මම ඉහතත් පෙන්වාදුන් ආකාරයට අපිට දැනටමත් දේශීය වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන සැපයුම සිදු කරන්න හැකියාව තියනවා. ඒත් දැන් එය සීමා සහිත වෙලා.
ආනයනික ටින් මාළු සඳහා බදු සහනය ලබා දී තිබෙන්නේ පාරිභෝගිකයන්ට සහනයක් දෙන්න කියන අදහසින් නම් එහි වරදක් නෑ නේද?
මිල පාලනයක් සිදු කිරීම තුළ පාරිභෝගිකයාට සහනයක් ලැබෙනවා. අපි කියන්නෙ නෑ එහෙම දෙයක් කරන්න එපා කියලා. නමුත් මෙතන ප්‍රශ්නය වෙන්නෙ ආනයනික ටින් මාළුවලට අදාළව දී තිබෙන බදු සහනය වැඩි වීමයි. එය කලින් තිබුණ ගණනටවත් ඉහළ දමන්න ඕන. එතැන දී තමයි දේශීය නිෂ්පාදකයාට දේශීය වෙළෙඳපොළ
තුළ මෙන්ම ටින් මාළු අපනයනය කිරීම දක්වා කර්මාන්තය වර්ධනය කරන්නට හැකි වෙන්නෙ. ඒ වගේම තමයි අපි බලන්න ඕන මේ කර්මාන්තය වර්ධනය වීම සඳහා සහය දීම තුළ තවත් කොපමණ ප්‍රතිලාභ රටට ගන්න පුළුවන්ද කියන එක. ඒ නිසා ඉතා පැහැදිලිව කියන්න ඕන දේ තමයි, අපි කියන්නෙ ටින් මාළු මිල පාලනය කිරීම වැරැදියි කියලා නෙවෙයි. ආනයනික ටින් මාළු සඳහා දී තිබෙන බදු සහනය හේතුවෙන් දේශීය ටින් මාළු කර්මාන්තයේ වර්ධනයට පැනවී තිබෙන සීමාවන් ඉවත්කර ගන්න ඕන කියන යෝජනාවයි අපි කරන්නෙ. ඇත්තටම අනෙක් කර්මාන්ත වගේ නෙවෙයි ටින් මාළු ව්‍යාපාරය සාර්ව ආර්ථික අරමුණුවලට සෘජුවම බලපෑමක් කරනවා.
ඒ ගැන තවදුරටත් පැහැදිලි කරොත්?
දේශීයව ටින් මාළු නිෂ්පාදනය තවදුරටත් වැඩි කරන්නට අවස්ථාව සැලසීම තුළ දේශීය මාළු නිෂ්පාදනයේ මහා පරිමාණ පිරිවැසුමක් ඇති වෙනවා. මහා පරිමාණ පිරිවැසුම් ඇති වෙද්දී සාමාන්‍ය පිරිවැය අඩු වෙනවා. ඒ විදිහට ඒකකයක නිෂ්පාදන පිරිවැය අඩු වුණාම වැඩිපුර නිෂ්පාදනය වෙනවා. එමඟින් අපනයන වෙළෙඳපොළ පුළුල් කරගන්න වගේම දේශීය පරිභෝජන අවශ්‍යතාව මුළුමනින්ම සපුරන්න අපිට පුළුවන්. ඒ වගේම තමයි අපි වැඩිපුර ආනයනය කරනවා කියන්නෙ අපේ මුදල් පිටරටට ඇදී යාම. ඇත්තටම මේ මොහොතේ රටට අවශ්‍ය විනිමය අපේ රටට වැඩිපුර ගෙන්වා ගැනීමයි. ඇත්තටම ඇයි අපි දූපත් රාජ්‍යයක් වෙලත් මාළු ආනයනය කරන්නේ?
අපි ඒ ප්‍රශ්නයට ඔබෙන්ම පිළිතුරු අපේක්ෂා කරනවා. ඇත්තටම ඇයි අපේ රට මාළු ආනයනය කරන තැනට වැටිලා තිබෙන්නෙ?
ඇත්තටම අපේ රට මේ ගැන දක්වන උනන්දුව මදි කියලයි මං හිතන්නෙ. රටේ ආර්ථිකයේ විශාල පිබිදීමක් කරන්න ධීවර කර්මාන්තය හරහා අවස්ථාව තිබෙනවා. දැන් බලන්න අපේ රටට අයත් සමුදුර කලාපය කොච්චර විශාලද? වර්ග කිලෝමීටර් 517,000 ක මුහුදු කලාපයක් තියනවා. ඒත් තායිලන්තය අරගෙන බලන්න. තායිලන්තයට තිබෙන්නෙ වර්ග කිලෝමීටර් 316,000 ක
වගේ මුහුදු කලාපයක්. පසුගිය දශක තුන පුරාවට තායිලන්තය සැලකිය යුතු මට්ටමකින් ඔවුන්ගේ නිෂ්පාදනය වර්ධනය කරගෙන තිබෙනවා. ඔවුන්ගේ වාර්ෂික නිෂ්පාදනය ටොන් අටලක්ෂයක් පමණ වනවා. එතුළ ඔවුන් ටින් මාළු ලෝක වෙළෙඳපොළේ 45%ක පමණ කොටසක් අත්කරගෙන සිටිනවා. ඒ වගේම තමයි ඔවුන්ගේ ටින් මාළු කර්මාන්තයේ නියුතු සමාගම් ආශ්‍රිතව ලක්ෂ 4 ක පමණ සේවක පිරිසක් සිටිනවා. මේ තැනට ඔවුන් පත්වෙන්න, කර්මාන්තය වර්ධනය කරන්න විශාල දිරිගැන්වීම් ප්‍රමාණයක් හරහා තායිලන්ත රජය සහය වුණා. ඒ කියන්නෙ ඔවුන් අපිට වඩා කුඩා මුහුදක් සහිත වුවත් අපට වඩා වැඩි දියුණුවක් වෙත ගිහින් තියනවා. ඒ වගේම තමයි චීනයත්. ඔවුන් තම රටේ සිටින මත්ස්‍ය අපනයනයකරුවන්ට විශාල දිරි දීමනා ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. උදාහරණයක් විදිහට සඳහන් කළොත් චීනයේ සිටින එක් ටින් මාළු අපනයනකරුවෙකුට ඔහු කරන අපනයනයේ වටිනාකමින් 13% ක් නැවත චීන රජය ඔහුට ලබා දෙනවා. මොකද ඒ අපනයනය හරහා රටට ඩොලර් ගෙනෙන නිසා.
නමුත් අපේ රටේ තත්ත්වය ඊට වෙනස්. බදු සහනය විසින් අපව විදේශීය තරගකරුවන් සමඟ තරගයකට යොමු කරවලා. අපිට අපේ වෙළඳපොළ තුළත් තරග කරන්න වෙලා. නමුත් ඒ සහන දේශීය මත්ස්‍ය නිෂ්පාදනය නංවන්න දෙනවා නම් මේ රටට කොපමණ ආදායමක් ලබන්න පුළුවන්ද? නමුත් එය තේරුම් ගන්නෙ නෑ. කණගාටුවෙන් වුනත් කියන්න ඕන සමහර වගකිවයුතු පාර්ශ්ව හරිම කැමතියි ටින් මාළු වගේම ගොඩක් දේවල් ආනයනය කරන්න. මාසෙකට චීනෙන් විතරක් මාළු කන්ටේනර් 60ක් විතර ගෙන්වනවා. ඒ විතරක් නෙවෙයි, ආරක්ෂක අංශ ඇතුළුව ටින් මාළු මහා පරිමාණයෙන් ලබාගන්නා ආයතනවලට පවා ආනයනික ටින් මාළු තමයි ගන්නෙ. අපි අහන්නෙ ඇයි දේශීය නිෂ්පාදකයන්ට ඒ අවස්ථාව දෙන්න බැරි. ඒ ඇයි කියලා ඇත්තටම පැහැදිලි නෑ. මොකක්ද අපේ නිෂ්පාදනවල තියන ගැටලුව? කොහොම නමුත් ඒ නිසා මේ වෙනකොට අපේ රට කරවල පවා ආනයනය කරන තැනට ඇදගෙන වැටිලා.
ටින් මාළු කර්මාන්තය වර්ධනය කරන්න මොනවද ඔබ කරන යෝජනා?
ඇත්තටම මුලින්ම කියන්න ඕන ආනයනික ටින් මාළු වෙනුවෙන් ලබා දී ඇති විශේෂ බදු සහනය වෙනස් කරන්න ඕන. විශේෂයෙන් ටින් මාළු ආනයනය අඩු කරන්න ඕන. එතැනින් තමයි අපිට ටින් මාළු නිෂ්පාදනය නංවන්න පුළුවන් වෙන්නෙ. අපිට ඒ හරහා අපේ ධීවරයන්ට මාළු සඳහා හොඳ මිලක් ගෙවන්න පුළුවන්. දැන් බලන්න ධීවරයෝ කොපමණ ප්‍රමාණයක් ධීවර කර්මාන්තයෙන් ඉවත් වෙලාද? බොහෝ පිරිසක් අද කර්මාන්තය අත්හැර කුලී වැඩ, කුඹුරු වැඩ වගේ වෙනත් කාර්යයන්ට යොමු වෙලා. ඒ නිසා මේ වෙනකොට අපිටත් ටින් මාළු සඳහා ප්‍රමාණවත් මාළු තොග නැති වෙලා. එහෙනම් හොඳ මිලක් මාළුවලට දුන්නොත් අපිට පුළුවන් මේ හැර ගිය පිරිස නැවත ධීවර කර්මාන්තයට ගෙන්වන්න. ආනයනික ටින් මාළු නිසා අපිටත් බැරි වෙලා තියනවා අපේක්ෂා කරන මුදලවත් ධීවරයන්ට සපයන්න. ඒ විදේශීය තරගයට අපිට මුහුණ දෙන්න සිදු වෙලා තියන නිසා. දැන් බලන්න යුද්ධය නිසා අපේ මුහුදෙන් 70% ක ධීවර කටයුතු කරන්න ලැබුණෙ නෑ. දැන් අපට අවස්ථාව තියනවා නේද 100% මුහුදු කලාපය තුළ ධීවර කටයුතු සිදු කරන්න. පොඩි ධීවරයා තමයි තමයි ටින් මාළු සඳහා අවශ්‍ය කුඩා මාළු සපයන්නෙ. මේ කර්මාන්තය නැංවීම හරහා ඒ කුඩා පරිමාණයෙන් ධීවර කර්මාන්තයේ නියැළෙන පවුල් කීයක ආර්ථිකය දැනට ඉන්න මට්ටමෙන් ඉහළට ඔසවන්න පුළුවන්කම ලැබෙනවද? ඒ සඳහා බොහොම පොඩි දේවල් ටිකක් විතරයි කරන්න තියෙන්නෙ. ඇත්තටම අපිට තියෙන්නෙ සරුසාර මුහුදක්. හොඳ මත්ස්‍ය සම්පතක් අපේ රට වටා තියනවා. නමුත් අපි ඒ අස්වැන්න අත්හැර දාලා ඉන්නෙ. බලන්නකෝ ඒ අතින් අපි හරි පුදුම රටක්. අපේ මාළු අපේ මුහුදේ නාකි වෙලා මැරෙන්න ඇරලා චීන හෝ වෙනත් ආනයනික ටින් මාළු ගෙන්වාගෙන කනවා. ඉතින් එහෙම වටපිටාවක අපි වැඩි දෙයක් ඉල්ලන්නෙ නෑ, රජය අපිට එක අවුරුදක් සහය දුන්නොත් අපිට පුළුවන් 2020 වන විට ටින් මාළු අපනයනය කරන තැනට මේ කර්මාන්තය පත් කරන්න. මේක ජාතික
අපරාධයක්. ඒ වගේම තමයි මේ වෙනකොට අපි ටින් මාළු නිෂ්පාදනයට අවශ්‍ය ටින් සහ ලේබල් වෙනුවෙන් වැට් ගෙවීමක් සිදු කළත් නැවත එය ලබා ගන්න අපට අවස්ථාවක් නෑ. ඔය වගේ ප්‍රශ්න කිහිපයක් මත තමයි මේ රටට මහා පරිමාණයෙන් විදේශ විනිමය කැඳවා ගැනීමට හැකි කර්මාන්තයක් එකතැන ඇණහිට තිබෙන්නෙ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා දැන්වත් වගකිවයුතු පාර්ශ්ව අපි කියන දේට ඇහුම්කන් දෙයි කියලා.
අපේ මාළු අපේ මුහුදේ නාකි වෙලා මැරෙනවා අපි ටින් මාළු පිටරටින් ගෙන්නනවා
රජය අපිට වසරක් උදව් කළොත් අපි 2020 දී ටින් මාළු අපනයනය කර පෙන්නනවා
දේශීය ටින් මාළු ඉල්ලුමට අවශ්‍ය සැපයුම කරන්න අපිට පුළුවන්
[rns_reactions]
ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අයකරනු ලබන පොළී අනුපාතික ඉහළ දැමීමට වාණිජ බැංකු කිහිපයක් විසින් පියවර ගෙන තිබේ.
මේ අනුව මෙතෙක් ක්‍රෙඩිට් කාඩ්පත් හි හිඟ මුදල් වෙනුවෙන් ගෙවිය යුතුව තිබූ වාර්ෂික පොළී අනුපාතිකය සියයට 24 ක් විය.
සිය ගනුදෙනුකරුවන් වෙත යවනු ලබන මාසික ගිණුම් ප්‍රකාශ හරහා ආදාළ බැංකු විසින් දැනුම් දී සිටින්නේ මෙම පොළී අනුපාතිකය 2017 ජූලි 01 දින සිට සියයට 28 ක් දක්වා ඉහළ නංවනු ලබන බවයි.
මෙම සංශෝධිත පොළී අනුපාතිකය, 2017 ජූලි 01 දිනෙන් පසුව සිදුකරනු ලබන සියලූම ගනුදෙනු සඳහා බලපවත්වන බව අදාළ බැංකු වැඩිදුරටත් සඳහන් කර සිටී.
මේ අතර 2017 අප්‍රේල් මාසය අවසානයේ දී මෙරට තුළ සක්‍රීයව පවතින ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 1,354,971 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී. මෙයින් 28,621 ක් දේශීය වශයෙන් පමණක් ගෙවීම් කළ හැකි ඒවා වන අතර 1,326,350 ක් ජාත්‍යන්තර ගෙවීම් පියවීම සඳහා යොදා ගත හැකි ඒවා වේ.
තවද මෙම සියලූම ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 2017 අප්‍රේල් මාසය අවසාන වන විට ගෙවීමට ඇති මුළු හිඟ මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 78,797 කි.
[rns_reactions]
පැරන්හයිට් අංශක සියයට වඩා (100 f) උණ ඇතිවී අධික හිසදරය, දැත් දෙපා වේදනාව පවතින විට අපට නිතැතින්ම සිහිපත්වන්නේ ඩෙංගු රෝගයයි.
ඩෙංගු රෝගයේදී මෙම රෝග ලක්‍ෂණ මතුවීම ඊට හේතුවය.
ඩෙංගුද වෛරස රෝගයක් බැවින් වර්තමානයේ වෛරස රෝගයක් වැළඳුනවිට අප ප්‍රතිකාර ලබාගන්නේ ඩෙංගු යෑයි සිතමිනි.
ඩෙංගු පිළිබඳව අප තුළ මේ තරම් අවධානයක් යොමුව ඇත්තේ එය මේ වන විට ශීඝ්‍ර ලෙස පැතිරයාමත් මාරාන්තික තත්ත්වයට ඉතා ඉක්‌මනින් පත්වීමටත් ඇති අවස්‌ථාවත් වැඩිවී තිබීමය.
ඩෙංගු පැතිරෙන අයුරු
ඩෙංගු යනු වෛරස රෝගයකි. එය ඇති කරන වෛරස වර්ග 04 ක් ඇත. එකම පවුලක සාමාජිකයන් වන මෙම වර්ග වෙනස් වන්නේ ඉතා සුළු ලක්‍ෂණවලිනි. මෙම වෛරස වර්ග 04 ම එකවර මතුවීමක් දක්‌නට නොලැබේ. බොහෝ විට එක්‌වරකට එක් වර්ගයක් පමණක් මතුවේ.
ඩෙංගු වෛරසය පැතිර යන්නේ ඊඩිස් ඊජීප්ටයි (Aedes aegypty)) සහ ඊඩීස් ඇල්බොපික්‌ටස් (Aedes albopictus) කාණ්‌ඩවලට අයත් මදුරුවන් දෙදෙනා ගෙනි. එම නිසා මෙම මදුරුවන්ට ඩෙංගු මදුරුවන් කියා සාමාන්‍යයෙන් අපි පවසන්නෙමු.
ඩෙංගු වෛසරය ශරීර ගතවීම
ඩෙංගු වෛරසය සහිත මදුරුවකු අපගේ ශරීරය විද ලේ උරාබොනවිට වෛරසය ශරීර ගතවේ.
එසේම ඩෙංගු මදුරුවකු ඩෙංගු රෝගියකුගේ ශරීරයේ ලේ උරාබොන විට රෝගියාගේ ශරීරයේ ඇති ඩෙංගු වෛරසය මදුරුවාගේ ශරීරයට ඇතුළු වේ.
එවැනි මදුරුවකු වෙනත් අයකුගේ ශරීරයෙන් ලේ උරා බොනවිටදීද ඩෙංගු වෛරසය එම පුද්ගලයාගේ ශරීරයට ඇතුළු වේ.
අපගේ රුධිරය හැඩගැසී ඇත්තේ ඉතා ඉක්‌මනින් කැටි ගැසීමටය. මදුරු තුඩකින් ඇතිවන රුධිර ගැලීමකදී ඩෙංගු වෛරසය ශරීර ගත වන්නේ කෙසේ දැයි කියා යමෙකුට සිතෙනු ඇත.
මදුරුවන් අපගේ ශරීරයෙන් ලේ උරා බීම සඳහා සිරුර විදින විට ලේ කැටි ගැසීම වළක්‌වන ද්‍රව්‍ය උගේ කෙලමගින් පිටකරයි. ඉන්පසු ලේ උරා බොයි. මෙම අවස්‌ථාවේදී මදුරුවාගේ කෙල මගින් ශරීරයට වෛරසය ඇතුළුවේ.
ඩෙංගු රෝගය මතුවීම
වෛරසයක් ශරීර ගතවූ විට දින 03 ක් සක්‍රියව පවතී. ඒ අනුව ඩෙංගු වෛරසය ශරීර ගතවූ විට දින 03 ක් සක්‍රියව ක්‍රියා කරයි.
වෛරසයක් ශරීර ගතවූ විට ඊට එරෙහිව සිරුරේ ප්‍රතිශක්‌තිය නිපදවා එය විනාශ කිරීමට කටයුතු කරයි. මෙම ප්‍රතිදේහ ක්‍රියා කිරීමේදී රුධිර පට්‌ටිකාද විනාශ වේ.
එබැවින් වෛරස රෝගයකදී විවේකීව සිටීම ඉතා වැදගත්ය.
සිරුරේ ඇති ලක්‌ෂ 1 1/2 ක් පමණ වූ රුධිර පට්‌ටිකා සංඛ්‍යාව පනස් දහසට වඩා අඩුවූ විට රුධිරය කැටි ගැසීම දුර්වල වේ. එවිට රුධිර සංසරණයටද බාධා මතුවේ.
ඩෙංගු රෝගයේදී අධික හිසරදය ඇස් යට වේදනාව ඇඟපත වේදනාව, උණ ඇතිවීම යන රෝග ලක්‍ෂණ මතුවේ.
ඩෙංගු රක්‌තපාතය
ඩෙංගු වෛරසයට එරෙහිව ශරීරය ක්‍රියාකිරීමේදී ශරීරයේ ප්‍රතිශක්‌තිය දුර්වල වුවහොත් වෛරසය ප්‍රබලවී රුධිර පට්‌ටිකා දින දෙකක් පමණ කාලයකදී ඉතා ඉක්‌මනින් විනාශ වේ. එවිට රුධිර පට්‌ටිකා සංඛ්‍යාව පනස් දහසට වඩා අඩුවී රක්‌තපාත තත්ත්වය හටගනී. එවිට සිරුර අභ්‍යන්තරයේ රුධිරය ගලායාමක් සිදුවී මරණයට පත්විය හැකිය.
ඩෙංගු රක්‌තපාතයට ගොදුරුවීමට හැකියාව ඇති පුද්ගලයන් ලෙස කුඩා දරුවන්, වැඩිහිටියන් රෝගී පුද්ගලයන් සහ වරක් ඩෙංගු රෝගයට ගොදුරු වූවන් හඳුනාගෙන ඇත.
ඩෙංගු සඳහා ප්‍රතිකාර
එකදිගට උණ පවතිනවානම් ඇඟපත වේදනාව ඇත්නම් උණ ඇතිවී තෙවැනි දිනයේදී වෛද්‍ය උපදෙස් මත රුධිර පට්‌ටිකා පරීක්‍ෂාවක් හෝ සම්පූර්ණ රුධිර පරික්‍ෂාවක් සිදු කළ යුතුය.
එම වාර්තාව අනුව රුධිර පට්‌ටිකා විශාල ලෙස පහළ බැසීමක් පවතී නම් රෝහල් ගත කර ප්‍රතිකාර ලබාදිය යුතුය.
රුධිර පට්‌ටිකා පහළ බැසීමේ අවදානමක් දක්‌නට ලැබේ නම් පසු දිනයේදීත් රුධිර පරීක්‍ෂාවක් සිදුකර ඒ අනුව රෝහල් ගත කිරීම පිළිබඳව තීරණයක් ගනු ලැබේ. රෝහල් ගත කර ප්‍රතිකාර ලබා දෙන විට රුධිර සංසරණය පවත්වා ගැනීම සඳහා විශේෂිත සේලයින් වර්ගයක් ලබාදේ.
ඇඳෙන් බිමටවත් නොබැස විවේකීව තබයි.
පැයකට වරක් ජලය මිලි ලීටර් 100 ක් (100 ml) බැගින් පානයට දී මුත්‍රා පිටවන ප්‍රමාණය පරික්‍ෂා කරනු ලබයි.
මෙමගින් සිදු කරන්නේ අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවන්නේ දැයි කියා පරික්‍ෂා කිරීමටය. පානය කරන ජලය ප්‍රමාණයට වඩා අඩුවෙන් මුත්‍රා පිටවේ නම් අභ්‍යන්තර රුධිර වහනය අවදානමක් පවතී.
ඩෙංගු රෝගය නිසා මියයැමට ඇති අවදානම වළක්‌වා ගැනීමට නම් දින තුනකට වඩා උණ පැවතීම ඇස් යටින් මතුවන අධික හිසදරය, ඇ`ගපත වේදනාව යන අපහසුතා මතු වූ වහාම වෛද්‍ය උපදෙස් මත රුධිර පරීක්‍ෂාවකට යොමුවී නිසි ප්‍රතිකාර ලබාගත යුතුය.
[rns_reactions]
ඊයේ දිනයේ පැවති ශුරයන්ගේ කුසලාන අවසන් මහා තරගාවලිය ඉන්දියාව පරාජය වීමත් සමග ඉන්දියානු ප්‍රේක්ෂකයන් දුකට පත් වී කලබල කරන්නටත් පකිස්තානු ප්‍රේක්ෂකයන් සතුටට පත් වී එය සැමරීමටත් එක වුනා.පකිස්තානු ප්‍රේක්ෂකයෙකු ඉන්දීය ක්‍රීඩකයෙකුට කල විහිළුවක් දුර දිග යාමක් පිලිබදව අප වෙත වාර්තා වුවා.
මෙහිදී තරගය අවසානයේ ත්‍යාග ප්‍රධානෝත්සවය පැවැත්වුවා.ඉන්පසුව ඉන්දීය කණ්ඩායම ඔවුන්ගේ ක්‍රීඩාගාරය වෙත යන විටදී පකිස්තානු ප්‍රේක්ෂකයින් ඉන්දීය ක්‍රීඩකයන්ට විහිලු කරමින් සිටියේය.සියලුම ඉන්දීය ක්‍රීඩකයන් එම විහිලු ගණන් නොගෙනම ක්‍රීඩාගාරය වෙත ගියද එම විහිලුව ඉන්දීය පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ශාමිට ඉවසීමට හැකියාවක් තිබුනේ නැත.
පසුව එලෙස විහිලු කරමින් සිටි පකිස්තානු ප්‍රේක්ෂකයා අසලට තරහින් පැමිණි මොහොමඩ් ශාමිව අල්ලාගත් ඉන්දීය හිටපු නායක දෝනි ඔහුව ක්‍රීඩාගාරයට රැගෙන ගියා.මෙහි සම්පුර්ණ වීඩියෝව පහතින්…
මං පොඩි කාලේදි පුටුවක් විකට් එක විදිහට අරගෙන ක්‍රිකට් ගැහුවා.O/L වලට D 8 ම ගත්තා…ඔහු හිතුවක්කාර යෙක්.
ඒ වගේම ජේත්තුකාරයෙක්.
කාට වුව කියන දෙය කෙළින් කීම ඔහුගේ හැටියක්. ඒ නිසාම ඔහු මාධ්‍ය තුළ ගොදුරක්.
මාධ්‍යය කොතරම් කීකරු කරන්න වෙර දැරුවත් ඔහු ඔහුමය.
ඔහු ලසිත් මාලිංග.
යෝකරයක් වගේම කෙළින් බඩුවක්.
රත්ගම කිව්වාම සමහරුන්ගේ මුහුණු හැකිළෙනවා. රත්ගම ඉපදුණු ඔබට රත්ගම දැනෙන්නේ කොහොමද?
රත්ගම ඉපදුණු හැම කෙනාටම වගේම මටත් තියෙන්නේ ආඩම්බරයක්. කොහේ ඉපදුණත් ඒ හැඟීම ඇති. හැබැයි රත්ගම ඉපදීම ගැන ආඩම්බර වෙන්නේ කෙළින් කතා කරන්න, ඇත්ත කතා කරන්න පුංචි කාලේදීම සමාජය තේරුම් ගන්න මට මගේ ගම පාසලක් වුණා. රත්ගම කිව්වාම හැකිළෙන්නේ රත්ගමට උපන් චණ්ඩිකමක් තියෙන නිසා. අපේ ගමේ ඉන්නේ ඇත්තම කතා කරන, ඇත්ත වෙනුවෙන් මැරෙන්න හරි පුළුවන් මිනිස්සු. ඒ ගමේ ගති මටත් තියෙනවා. කවුරු සතුටු වුණත් නැතත් කාට රිදුණත් නැතත් මම කියන දේ කෙළින් කියනවා. ඇත්ත කියන දේ හරි ලස්සනට කියන්න අමාරුයි. බොරු කියන දේ හොඳට කැටයම් දාලා කියන්න පුළුවන්. ඒ නිසා ඇත්ත කියන කොට ගොඩාක් අය බයයි. ඒ අයට රිදෙනවා කරන්න දෙයක් නෑ. ගමේ ගති. ඒ ගැන මම ආඩම්බරයි.
ලසිත් මාලිංගට ක්‍රිකට් ගහන ඇල්ම ඇති වෙන්නේ කොහොමද?
බලා ඉඳලා. ලොකු අය සෙල්ලම් කරනවා බලා ඉඳලා ශිෂ්‍යත්ව කරන කාලේම පටන් ගත්තා. මේ ජාතික කණ්ඩායමට එන්න නෙමෙයි. සැහැල්ලුවට සැහැල්ලු පන්දු ගැහැව්වේ. ඒත් මගේ පන්දු යැවීමේ රටාව මේකම තමයි. ඉතින් පුංචි කාලේම පුංචි වීරයෙක් බෝල ගහනකොට.
එතකොට ‘ලෙදර්’ ක්‍රිකට්වලට එන්නේ.
අහම්බෙන්. අවුරුදු දාහතත් පහුවෙලා මම ලෙදර් ගහන්න ගත්තේ. මම හොඳට ඉගෙන ගත්තා. සාමාන්‍ය පෙළ ‘ඩී’ අටම ගත්තා. උසස්පෙළට ගණිතය කළේ. විද්‍යාලෝක විද්‍යාලයේ ලෙදර් ක්‍රිකට් ගහන්න ගියත් මාව තෝරාගත්තේ නෑ. ලෙදර් නොගැහැව්වාට පුටුවක් විකට් එක කරගෙන ටෙනිස් ගැහැව්වා විවේක කාලයේදී. ඉතින් විකට් ගන්න මැෂිමක් මං ඒ කාලෙත්. ඔහෝම ඉන්නකොට දවසක් මගේ පන්තියට ආපු ක්‍රිකට්භාර ගුරුවරයා කිව්වා, අවුරුදු 17න් පහළ පාසල් තරගයට යන්න එක ළමයෙක් අඩුයි, ඇවිල්ලා නෑ, මං දැකලා තියෙනවා ඔයා ටෙනිස් බෝල කරනවා හොඳට, යමුද කියලා. මම ඒ වෙනකොට ලෙදර් බෝලය අල්ලලාවත් නෑ. ඉතින් මමත් ගියා. මම ඒ තරගයෙන් කඩුලු 14ක් ගත්තා. ඒ තරගයේ විනිසුරු වශයෙන් කටයුතු කළේ ගාල්ල මහින්ද විද්‍යාලයේ පුහුණුකරු කීර්ති වර්ණප්‍රිය මහත්තයා. ඔහු අපේ සර් කෙනකුට පණිවුඩයක් එවලා තිබුණා. මට හොඳ අනාගතයක් තියෙනවා. එයා කැමතියි මහින්ද විද්‍යාලයට ගන්න කියලා. එදා රෑම ඔය යෝජනාව අපේ ගෙදරටත් ආවා. අම්මලා කැමති වුණා මහින්දෙට දාන්න. මම ඉන්නේත් ජාතික පාසලක නිසා ගණිතය විෂයන් දෙකම තියෙන නිසා ජාතික පාසලකින් තව ජාතික පාසලකට යන්න තියෙන අපහසුව නිසා මම අකමැත්තෙන් ගණිතය අංශය අතඇරලා ඇග්‍රිකල්චර් තෝරා ගත්තා. මම මහින්දෙට ගියා. ඒ ක්‍රිකට් වෙනුවෙන් ඉතින් ක්‍රිකට් වෙනුවෙන්. මට අධ්‍යාපනය නතර කරන්න වුණා. අදත් ඒ ගැන දුකක් නැහැ. සතුටක් තියෙන්නේ. හැබැයි ඉගෙන ගත්තා නම් ඉගෙනීමෙනුත් ඉහළට යන්න පුළුවන් ඔලුවක් මට තිබුණා.
ගාල්ලෙන් කොළඹට එන ගමන හැදෙන්නේ ඉන් අනතුරුව?
ඔව් මහින්දෙට ගිහින් මාස අටක් යනකොට කොළඹට ආවා. මම වේගයෙන් වර්ධනය වුණා. ක්‍රීඩකයෙක් ලෙදර් බෝලය අල්ලලාවත් නැති තරගයකට ගිය මම බලා ඉද්දී දක්‍ෂයෙක් වුණා. කොළඹට ආවාට දහනවයෙන් පහළ ක්‍රීඩා කරන්න පුළුවන් වුණේ නෑ. ක්ලබ් තරග ගැහැව්වා. මම ගහපු හැම තරගයකම කඩුලු ගත්තා. ඔය අතරේ ක්ලබ් ගහනකොට චම්පක රාමනායක හමුවුණා. ඔහු ඔහුගේ තැන මට දුන්නා. මම හොඳට විකට් ගන්නකොට ඔහු ක්ලබ් පිලේ ඔහුට හිමි තැන මට දීලා අයින් වුණා. ඔහු නොවෙන්න අද ලසිත් මාලිංග කෙනෙක් නෑ. පසුව මගේ පුහුණුකරු වුණේත් ඔහුමයි.
ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන එක ලේසිද මාලිංග?
ලේසියි. හැබැයි ජාතික කණ්ඩායමට එන්න අමාරුයි.
ජාතික කණ්ඩායමට එන්න ඕනෑ දක්‍ෂතාව විතරමද?
හොඳ ප්‍රශ්නයක්. ජාතික කණ්ඩායමේ ඉන්න නිසා උත්තර නොදී ඉන්නම්. වෙන දෙයක් කියන්නම් ජාතික කණ්ඩායමට ආවාට රැඳෙන්න නම් දක්‍ෂයෙක් වෙන්නම ඕනෑ.
ඔබ දක්‍ෂතාවෙන්ම ආ ගමනක්ද මේ?
ඔව්. ක්ලබ් තරග ගහනකොට මම හොඳට කඩුලු ගත්තා. ඒ නිසා මට ජාතික කණ්ඩායමට එන්න පුළුවන් වුණා. ඒ හැම තරගයකින්මත් මම හොඳට කඩුලු ගත්තා. මට කළ හැකි උපරිමය මම රට වෙනුවෙන් කළා. මට තරගයක් තනිව හරි දිනවන්න පුළුවන් ක්‍රීඩකයෙක් කියන විශ්වාසය මට තියෙනවා. මම ඒක ඔප්පු කරලා තියෙනවා.
හැබැයි ඔබ කණ්ඩායම ඇතුළේ හුදෙකලා සලකුණක් නේද?
එහෙම පේනවාද? (හිනා) මට මගේ උපරිමය කරනවා. තනිව හරි තරගය ජයගන්න ඕනෑ කියන තැන මම ඉන්නවා. ලණුව පැනලා පිටියට ගියාම අපිට වෙනස් මත නෑ. තරගය දිනන මතය හැර. ඒ තැන මාත් ඉන්නවා.
මාලිංග දිගට හරහට විවේචනය කළා ඒ ඇයි?
ඒ අය (මාධ්‍ය) බලාපොරොත්තුවන කෙනෙක් බවට මට පත් වෙන්න බැරි වුණ හින්දයි එහෙම වුණේ. මාධ්‍ය බලාපොරොත්තු වෙනවා හැමෝම ඒ අය කියන විදියට, ඒ අය හිතන විදියට ඉන්න ඕනෑ කියලා. ඒ ඉරෙන් පනිනවා නම් පන්න පන්නා ගහනවා. මට වුණේත් ඒක. එහෙම ගහන ගමන් මට කිව්වා, මාව හැදුවේ මාධ්‍ය කියලා. මම කිව්වා, අපරාදෙනේ මාව විතරක් හැදුවේ, තව මම වගේ දහයක් හැදුවා නම් ගොඩ නේ කියලා. ඔන්න ඉතින් පරල වුණා. මම කියන දේ කියනවා. මාධ්‍යයට ක්‍රිකට් ක්‍රීඩකයෙක් හදන්න බෑ. හැදුණු ක්‍රිකට් ක්‍රීඩකයෙක්ව උඩ දාලා ඒ අයටත් බැබලෙන්න පුළුවන්. මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණේ මගේ දක්‍ෂතාවට. මම විකට් ගත්තේ මගේ හැකියාවට. ඉතින් මාධ්‍ය තමයි මාව හැදුවේ කිව්වාම මම මොනවද නොකියා ඉන්න ඕනෑ.
මාලිංගට වැරදුණේ කොතැනද?
සිංහයා ඉඹින්න බැරි වුණ එක. මම විකට් අරගෙන සිංහයා ඉඹ ඉඹ හිටියා නම් මම මේ රටේ වීරයෙක්. එහෙනම් හරි ෂෝක්. එහෙම බොරු කරන්න මම ඉගෙන ගත්තේ නෑ. මට ඕනෑ වුණේ ඊයේ විකට් දෙකක් ගත්තා නම් අද හතරක් ගන්න. ඉතින් මාධ්‍යයට ඇවිත් අමුතු මූණක් දාගෙන ඉන්න මට වුවමනාවක් නෑ. පිට්ටනියෙත් ඉන් පිටතත් මේ මූණම තමයි මට තියෙන්නේ.
ඔබ විතරයි, ” ඔව්! මම සල්ලිවලට ක්‍රිකට් ගහන්නේ කිව්වේ” ?
. ඔව්, ඒක අදත් කියනවා. රට වෙනුවෙන් කියලා බොරු කතා කියන්න මට බෑ. ජාතික කණ්ඩායම රට වෙනුවෙන් තමයි ක්‍රීඩා කරන්නේ. ඒත් අපි වෘත්තිකයෝ. මේක මගේ රස්සාව. උදේ ඉඳලා හවස් වෙනකම් පුහුණු වෙන්නේ රස්සාවට. මට ගෙවන්නේ ක්‍රීඩා කරනවාට. අපි හොයලා දීලායි වැටුපක් ලබන්නේ. අනෙක් හැම ක්‍රීඩකයාටම දෙන වැටුප තමයි මටත් දුන්නේ. හැබැයි කතා වුණේ මාලිංග සල්ලිවලට බෝල ගහනවා කියලා. එතකොට අනෙක් අය නිකංද ගහන්නේ. මට මේ අයට වඩා ශත පහක්වත් හම්බවුණේ නැහැ. ඒ වුණාට මම විතරයි සල්ලිවලට ගහලා තියෙන්නේ. මේක රස්සාවක්. ඉන්නකම් හොඳට රස්සාව කරනවා. එක අවංකව කරනවා. මේකෙන් අයින් වුණාම අපිට පැන්ෂන් නෑ. තව කට්ටියක් මේ රස්සාව කරයි. ඉතින් අපි ඊළඟට ජීවත් වෙන්න සෙල්ලම් කරන කාලේ හොඳට හම්බ කරගන්න ඕනෑ. එක එක ලකුණකට මෙච්චරයි කියලා කාමරවල ඉඳලා ගණන් හදන්න නරකයි. ඔය එක ලකුණ ගන්න අවුරුදු ගාණක් දාඩිය වගුරලා පුහුණු වෙලා තියෙනවා. පවුල් ජිවිත අතඇරලා කැප වෙලා තියෙනවා. මේක මම වගේ හැමෝම ඇත්ත කතා කළා නම් අද මේක වෘත්තියක් විදියට මීට වඩා සාර්ථකයි. මම අද කියන ඒවා ඉදිරියේදී ඇත්ත වෙයි.
ඔබ මෝස්තරකාරයෙක්.
ඔව්! හැබැයි බාහිරින් විතරයි. මමත් පාසල් යනකම් තෙල් ගාලා කොණ්ඬේ පැත්තට පීරුවා. පාසලින් අයින් වුණාම තරුණයෙක් විදියට මට හිතුණා කාටවත් කරදයක් නොවන විදියට මෝස්තර කරන්න. මම කළා. එහෙම කොණ්ඩය පාට කරලා කරාබු දාලා බටහිර ඉන්දීය සංචාරයට ගියාම ඔවුන් මාව ඒ අයගේ කෙනෙක් වගේ බාර ගත්තා. හැබැයි මම හොඳට විකට් ගත්තා. ඒත් මෙහේ ගොඩාක් අය මගේ කොණ්ඬේ එල්ලුණා. මම කියන්නේ මම දක්‍ෂද නැද්ද බලන්න, මගේ කොණ්ඩය ගැන හොයන්න එපා. කොණ්ඬේ වවාගෙන පාට කරලා කරාබු දාලා ක්‍රිකට් ගහන්න බෑ කියලා කෙහේවත් නෑ. ඒ වගේම එහෙම කළා කියලා විකට් ගන්න පුළුවන් කමකුත් නෑ. මුලින් කිව්වා මගේ මම මෝස්තර කරනවා. ඒක කාටවත් හානියක් නෑ. ඒකෙන් රටේ සංස්කෘතිය විනාශ වෙනවා කියනවා නම් මම දන්නේ නෑ මේ රටේ සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා. කොහොම වුණත් මම බාහිරින් මෝස්තර කළාට ඇඟ ඇතුළෙන් බොරුවට එළියට පෙන්නන මෝස්තරකාරයෙක් නෙමෙයි. මගේ මෝස්තරය කියන්නේත් මටම තමයි.
මාලිංගට අනුව මහත්වරුන්ගේ ක්‍රීඩාව කියන්නේ මොකකටද?
මම දන්න, මට තේරෙන විදියට මහත්වරුන්ගේ ක්‍රීඩාව කියන්නේ පිටිය තුළ විනයක් ඇතිව ක්‍රීඩා කිරීමයි. මගේ ක්‍රිකට් දිවිය තුළ අදටත් මම අයි.සී.සී එකේ චෝදනාවකට ලක් වෙලා නෑ නීති විරෝධි කටයුත්තක් කළා කියලා. එහෙනම් මම ක්‍රිකට් මහත්තයෙක් නෙවෙයිද? ක්‍රීඩාව තුළ විනය රැක ගැනීමයි මහත්මා ගතිය. මම ඒක රැකලා තියෙනවා. රකිනවා. එහෙම නැතිව මහත්මයෙක් වගේ බොරු රඟපෑම් කරන්නේ නෑ. මේ හැම දේම දේවල් නොදැන ලියන මාධ්‍ය මහත්වරු හින්දා ඇති වේච්ච දේවල්.
ඔබ මාධ්‍ය එක්ක තරහද?
තරහකුත් නෑ, යාළුකමකුත් නෑ. හැබැයි මම කියන්නේ පොත්ත අත ගාලා අරටුව ගැන කියන්න එපා කියලා විතරයි. මම වෙන්න ඇති ලෝක ක්‍රිකට් ඉතිහාසයේම මේ තරම් බැණුම් අහන්නේ. ඒත් මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට කරලා තියෙන දේත් ගොඩයි. විස්සයි විස්ස ලෝක ශූරතාව දිනන්න නායකත්වය දැරුවේ මම. එක්දින කඩුලු 397ක් ලබාගෙන තියෙනවා. ටෙස්වල කඩුලු සියයක් ලබාගත්ත හතර දෙනාගෙන් කෙනෙක් මම. විස්සයි විස්ස ලෝක වාර්තා හතරක් මගේ නමට තියෙනවා. ඒ මේ රට ජයග්‍රහණය කළ තරගවලදී ගත්ත ඒවා. මම අදටත් අයිපීඑල්වල එකම කණ්ඩායම නියෝජනය කරන එකම කෙනා. බිග් බෑෂ් ගියත්, බංග්ලාදේශ ගියත් මාව ගන්නවා. ඒ හැම තැනම එක විදියට මට සාධාරණය කරනවා. කාට සෙල්ලම් කළත් එතැනදී මම අවංකයි. සමහරු කියනවා ‘මම අයිපීඑල් හොඳට ගහනවා’ වගේ කතා. මේ කතා ඇහුවාම මට හිනා යනවා. රටට හොඳට සෙල්ලම් කළ නිසා තමයි මේ හැමෝම මාව ගන්නේ.
මාලිංග දැන් සල්ලිකාරයෙක්ද?
ඔව් සල්ලිකාරයෙක්.
ක්‍රිකට් නැති වුණාට පස්සේ?
ඒත් ඔලුව කෙළින් කරගෙන ඉන්න පුළුවන් පදනම මට තියෙනවා.
ක්‍රීඩකයෝ සුරා සූදුවෙන් තොරද?
අනෙක් අය ගැන කතා නොකර මම ගැන කියන්නම්. විශ්වාස කරන එකක් නෑ. මම මේ වනතුරු ෂැම්පේන් එකක් වත් බීලා නෑ. බීම කියන එක මගේ හිතකවත් නෑ. බීමට විරුද්ධත් නෑ. බොන එක බොන අයගේ අයිතියක්.
ක්‍රීඩකයෝ දේශපාලනයට එනවා. මාලිංගත් එයිද පසුකාලීනව?
කවදාවත් නෑ. මම දේශපාලනය වගේ උතුම් දෙයක් කරන්න සුදුසු නෑ. දේශය පාලනය කරන්න මම කවුද? කවදාවත් එන්නේ නෑ.
ඔබ පන්දුවට වැඳලා බෝල දාන්නේ ඇයි?
පන්සල් නොගියාට මම හොඳ බෞද්ධයෙක්. පන්දුවට වඳින්නේ, ඒක තමයි මට මේ තත්ත්වයට එන්න උදව් කළේ. කන්නේ, බොන්නේ, මේ විදියට හොඳ ජිවිතයක් ගෙවන්නේ, ඒ පන්දුව හින්දා. මම මට වඩා ක්‍රිකට්වලට ආදරෙයි. ඒක මාව ජීවත් කරනවා. මොකද ජීවත් වෙන්න අවශ්‍ය හැම සම්පතක්ම මට ලැබුණේ මේ පන්දුවෙන්. ඉතින් ඒකට වැඳීම පවක්ද?
ක්‍ෂේත්‍රයේ කතාවක් තියෙනවා, ඔබ මාපියන්වත් විදෙස් සංචාරවලට රැගෙන යනවා කියලා.
ඔව්! අපි වගේම ඒ අයත් රටක් තොටක් දකින්න ආසයි. මේ මට යමක් කළ හැකි කාලය. ඉතින් මම සෑහෙන රටවල්වලට ඒ අයත් රැගෙන යනවා. මගේ වියදමින් ඒ දේවල් කරන්නේ. ඒ අය සතුටු කිරීම මම කරන්නම ඕනෑ. ලසිත් මාලිංග කෙනෙක් ඇති කළේ ඒ අය.
මොනවා හරි කියන්න කිව්වොත් ඔබ දෙන උපදෙස මොකක්ද කාට හරි
. අනෙක් අයගේ දියුණුව සතුට බලලා සතුටු වෙන්න කිව්වාට එක කරන්න අමාරු දෙයක්. මම කියන්නේ ඒක කරන්න බැරි වෙන්න පුළුවන්. අන් අයට ඉරිසියා නොකර අනුන්ගේ දේවල් හොයන්නේ නැතිව පාඩුවේ ඉන්න කියලායි. එකම ලොකු සේවයක්.
[rns_reactions]
මෙරට කිරි නිෂ්පාදනයේ ප්‍රධාන භූමිකාවේ නිරත වන මිල්කෝ සමාගම දිනපතා කිරි ලීටර් ලක්ෂ ගණනින් විනාශ කරන බව පසුගියදා මාධ්‍ය මඟින් අනාවරණය කරන ලදී. මේ අප එම කිරි අර්බුදය පිළිබඳව මිල්කෝ සමාගමේ සභාපති කීර්ති මිහිරිපැන්න සහ මෙරට කිරි නිෂ්පාදනයේ යෙදෙන අනෙක් සමාගම වන පැළවත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක සමඟ කළ සාකච්ඡාවකි.
බවුසර් ප්‍රමාද වුණාම කිරි විනාශ කරන්න සිද්ධ වෙනවා
-මිල්කෝ සභාපති කීර්ති මිහිරි පැන්න-
මිල්කෝ සමාගම දිනකට කිරි ලීටර් ලක්ෂ ගණනක් විනාශ කරන බවට පැතිර යන කතාවේ ඇත්ත නැත්ත මොකක්ද?
මේක සම්පූර්ණයෙන්ම අසත්‍ය තොරතරු මත පදනම් වූ පුවතක්. ශ්‍රී ලංකාවේ අතිරික්ත කිරි ප්‍රමාණය මිලදී ගන්න එකම ආයතනය තමයි මිල්කෝ. අපේ අඹේවෙල කම්හලේ දිනකට කිරි සැකසුම් ධාරිතාව ලීටර් ලක්ෂ 2යි. ඒත් අපි දිනකට කිරි ලීටර් 2,75,000ක් මිලදී ගන්නවා.
ඉතින් සැකසීමට හැකි ධාරිතාවට වඩා කිරි මිලදී ගත්තොත් එය අපතේ යෑම සිදු වෙනවානේ.
අපි වැඩි වශයෙන් කටයුතු කරන්නෙ දෙනුන් තුන් හතර දෙනා ඉන්න සුළු පරිමාණ කිරි ගොවියන් එක්කයි. ඇත්තෙන්ම අපි කිරි අතිරික්තයක් මිලදී ගන්නේ කිරි ගොවියාට සහන සලසන්න කටයුතු කරන හින්දයි. අපි ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවන්න මාසෙකට රුපියල් මිලියන 500කට වැඩි මුදලක් වැය කරනවා.
කොහොම හරි මේ වැඩිපුර කිරි හලන්න සිදු වෙච්ච එක බොරුවක් නෙමෙයි නේද?
මෙහෙම කිරි හලන මුල් වතාව මේක නෙමෙයි. කොහොම වුණත් කිරි ලීටර් ලක්ෂ ගණනක් හලන කතාව නම් බොරු. අපි මිලදී ගන්න කිරි අතිරික්තය පසුව
නිෂ්පාදන කාර්යාවලියට යොදා ගන්නවා. නමුත් මේ අතරතුර කිරි එකතු කරන බවුසර් වල ප්‍රමාද වීම් වගේ බොහෝ හේතු නිසා කිරිවල නිසි ප්‍රමිතිය නැතිව යනවා. එතකොට ඒ කිරි නරක් වෙනවා. එහෙම වුණාම ඒ කිරි විනාශ කරන්න සිද්ධ වෙනවා. මොකද අපට නරක් වූ නිෂ්පාදන පාරිභෝගිකයාට දෙන්න බෑනෙ.
ඔබ සමාගම මිලදී ගන්න අතිරික්ත කිරි සැකසුම සඳහා වැඩපිළිවෙළක් නැද්ද
මේ සඳහා දැනටමත් අඹේවෙල කර්මාන්ත ශාලාව දිනකට තවත් කිරි ලීටර් ලක්ෂ 3ක් සැකසිය හැකි ආකාරයට වැඩි දියුණු කෙරෙනවා. තව මාස දෙක තුනකින් එහි වැඩකටයුතු ඇරඹේවි. ඒ වගේම බඩල්ගම දිනකට කිරි ලීටර් ලක්ෂ2ක් සැකසිය හැකි කම්හලක් ආරම්භ වනවා. එහි ධාරිතාව ලීටර් ලක්ෂ 4 දක්වා වැඩි කරනවා.
ඔබ කිරි ගොවියන් නඟාසිටුවීම ගැන කතා කරද්දී රජය ආනයනික කිරිපිටි සඳහා වන බදු 225% සිට 45% දක්වා අඩු කිරීමට තීරණය කොට තිබෙනවා. මෙහෙම දේවල්වලින් දේශීය කිරි ගොවියන් නඟාසිටුවන්නෙ කොහොමද?
ඇත්තෙන්ම එය නොවිය යුත්තක්. මේ බදු අඩු කිරීමෙන් රටට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කිරිපිට ආනයනය කෙරෙනවා. මේ ආනයනික කිරිපිටි කිලෝවක මිල වෙන්නෙ රුපියල් 450ක්. අපිට දේශීය වශයෙන් කිරි කිලෝවක් සකසන්න රුපියල් 660ක් වැය වෙනවා. බලශක්තියට රුපියල් 60ක් වැය වෙනවා. හැමදේම එකතු වුණාම කිරි කිලෝවක
නිෂ්පාදන වියදම රැපියල් 850ක්. මේ හේතුව නිසා දේශීය කිරි ගොවියාට සාධාරණ වෙළෙඳපොළක් නිර්මාණය වෙන්නෙ නැහැ. මේක දේශීය කිරි ගොවියට විශාල අසාධාරණයක්. ඇත්තටම සිදුවිය යුත්තේ ආනයනික කිරිපිටිවල බදු මිල වැඩි කිරීමයි.
අපේ රටේ නාන්න කිරි තියෙනවා ඒත් පිටරටින් ගෙන්වනවා
-පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක-
අපේ රටේ කිරි අවශ්‍යතාව හා එය සපුරාලීම පිළිබඳව ඔබේ අදහස
කොටින්ම මේ රටේ නාන්න තරම් ප්‍රමාණවත් වන තරමට කිරි තිබෙනවා. ඒ කියන්නෙ කිරි අතිරික්තයක් තිබෙනවා. එහෙම තියෙද්දි නවසීලන්තය වගේ රටවල්වලින් ශ්‍රී ලංකාවට කිරි ගේන්න ඕනෙද? ගිය අවුරුද්දෙ ටොන් 90,000ක කිරිපිටි තොගයක් මෙරටට ආනයනය කරලා තියෙනවා. මම නං දකින්නෙ මේක මහා කාලකණ්ණිකමක් හැටියටයි.
අපේ රටේ කිරි නිෂ්පාදනය සිදුවෙනවා. මිල්කෝ හැරුණාම අපේ විතරක් කර්මාන්තශාලා තුනක කිරි නිෂ්පාදනය සිදුවෙනවා. මීට අවුරුදු තුනකට කලින් ආනයනය කළේ කිරිපිටි ටොන් 60,000යි. මේ වෙද්දි ඒක ටොන් 30,000කින් ඉහළ ගිහින්. ඇත්තටම මෙහෙම තත්ත්වයක් යටතේ සිදුවිය යුත්තේ කිරිපිටි ගෙන්වන එක නතර කිරීමයි.
මීට දශක කීපයකට පෙර එළකිරි පානය කළ ජාතියක් වූ අපි පිටිකිරිවලට හුරු වීමට බලපෑ හේතු මොනවාද?
ඇත්තටම හුරුවුණා නෙමෙයි. කිරිපිටිවලට බලෙන් හුරු කළා. දැන් අපිටත් ඒක නතර කරගන්න බැරිවෙලා. ඉස්සර පාන් කන එක ලැජ්ජාවට හේතුවක්. දැන් ඒක විලාසිතාවක් වෙලානෙ. ඔය එළකිරි බොන එකටත් වෙලා තියෙන්නෙ ඒකම තමයි.
ලෝකෙ කොහෙද පිටි කාලා තේ බොන්නෙ. කිරිපිටිවලට වතුර දාලා දියර කිරි හදාගෙන තමයි අපි තේ බොන්නෙ. පිට රටවල්වලින් කිරිපිටි කරලා එවන්නෙ ප්‍රවාහනයට පහසු හින්ද. ඒ වගේම ඒ පිටිවලට නොයෙක් අහිතකර දේවල් මිශ්‍ර කරලා තියෙනවා. ඉතින් අපේ රටේ වීසි කරන්න තරම් කිරි තියෙද්දී මොනවටද පිටරටින් කිරිපිටි ගේන්නෙ.
අපි කිරි විසිකරන තැනට පත්වෙලා තියෙන්නෙ කොහොමද?
අපේ රටේ ලක්ෂ 13ක එළදෙනුන් ගහනයක් ඉන්නවා. ඒ අතරින් කිරි ගන්නෙ 2,40,000ක පමණ දෙනුන් සංඛ්‍යාවකින් විතරයි. එහෙම ගන්න කිරි ශීත කරලා ගබඩා කරන්න පහසුකම් තියෙන්න ඕනෙ. ඒවා ප්‍රවාහනය කරන්න ශීතකරණ බවුසර් ඕනෙ. ඒ පහසුකම් අපට අවශ්‍ය තරමට නැහැ. අපි එළකිරි බීමට පුරුදු වුණා නම් මේ ප්‍රශ්නය සෑහෙන දුරකට විසඳෙනවා. මේ රටේ දේශගුණයට, රටට, ආර්ථිකයට මේ හැම දේටම ගැළපෙන ක්‍රමය තමයි ඒ. ඇත්තටම කරන්න ඕනෙ පිටින් ගේන එක නෙමෙයි, අපේ කිරි හා කිරි නිෂ්පාදන අපනයන කරන එකයි. අපි එහෙම කළ හැකි තත්ත්වයක ඉන්නවා.
එහෙම අපනයනය කරන්නෙ කොයි රටවලටද
ඇයි චීනය වගේ රටවල්වලට අපනයනය කරන්න පුළුවන්නෙ. අපි චීනෙන් කොයිතරම් දේවල් ගෙන්නනවද. ජපානයෙන් කොච්චර දේවල් ආනයනය කරනවද? අපි ඒ රටවල්වලින් ගන්න කොට ඒ රටවල්වලට අපෙනුත් ගන්න ගිවිසුම්වලට එළඹෙන්න බැරි ඇයි?
මේ ප්‍රශ්නයට රජයට මැදිහත් වෙන්න බැරිද?
කවදද ලංකාවේ ‘රජයක්’ තිබුණෙ? දේශපාලකයෝ ටිකක් එනවා. ඒ කට්ටිය යනවා. ආර්ථික ප්‍රතිපත්තියක් කියලා එකක් තිබුණද? එහෙම එකක් තිබුණනං මෙහෙම වෙනවද? අපි කන්නෙ, බොන්නෙ පිටරටින් ගෙනෙන දේවල්. රජයක් තියෙනව නම් අපේ නිෂ්පාදන
තිබිය යුතුයි. අපේ රට සමහර පැතිවලින් ලෝකයේ පොහොසත්ම රටක්. අපිට කෑම බීම නිෂ්පාදනය කළ හැකියි. දවසට පැය 12ක් අව්ව වැටෙනවා. මුං ඇට, කුරක්කන් වගේ දේවල් මෙහෙ ඉතා හොඳින් වැවෙනවා. ඒත් ඒවත් අද පිටි රටින් ගෙන්වනවා. අපේ රටේ තියෙන්නේ ‘ලාභනං ගෙනල්ල කන්න’ කියන න්‍යාය. ඒකෙන් වෙන්නෙ රට නැති වෙන එක.
කිරි කර්මාන්තය නඟා සිටුවන්න ඔබ යෝජනා කරන්නෙ මොන වගේ වැඩ පිළිවෙළක්ද?
මුලින්ම පිටරටින් පිටි කිරි ගෙන්වන එක සීමා කරන්න ඕනෙ. එතකොට අපේ කිරි වීසි කරන්න සිද්ධ වෙන්නෙ නැහැ. ඉන් පස්සෙ අපි ඒක අතෑරලා ඉන්න දෙනුන්ගෙන් කිරි ෙදාවන්න පටන් ගන්න ඕනෙ. එහෙම වුණොත් 2018 විතර වෙනකොට බටර් විතරක් නෙමෙයි අපිට කිරිත් පිටරට යවන්න පුළුවන්.
කොළඹ සිට තලෙයිමන්නාරම බලා ධාවනයවූ ශීඝ‍්‍රගාමි දුම්රියෙන් වැටී එසේ මියගොස් ඇත්තේ යාපහුව කෝන්වෑගම ප‍්‍රදේශයේ පදිංචිව සිටි එච්.එම්. කසුන් ලක්මාල් හේරත් 17 නැමති තරුණයෙකි.
මියගිය අය එම ප‍්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු සමග යක්කල ප‍්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරීම් කරන ස්ථානයක පෙදරේරු වැඩට අත් උදව් දෙමින් සිට පෙරේදා 17 උදේ නිවෙස් බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇතැයි හෙළී වී ඇත. මෙම පිරිස රාගම දුම්රිිය ස්ථානයෙන් මහව බලා යාමට මෙම ශීඝ්‍රගාමී දුම්රියට නැඟ තිබේ. මිතුරන් දෙදෙනා වාඩිවි ගමන් කරද්දී මියගිය අය දුරකථන ඇමතුමකට පිළිතුරු දීම සදහා පාපුවරුවට ගිය බවත් පසුව දුම්රියේ සිටි පිරිසක් කවුදෝ වැටුණා කියා කෑගසා දුම්රියේ හදිසි දම්වැල ඇද දුම්රිය නවතා බලද්දී ඔහු වැටී සිටිනු දැක ඇත.
ක්‍රීඩා විද්‍යා ආයතනය මගින් පවත්වනු ලැබූ ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිම කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත සහතික පත්‍ර ප්‍රදානය කිරීම ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 600 කට අධික පිරිසක් වෙත එදින සහතික පත්‍ර ප්‍රදානය කළ අතර සහතික පත්‍ර, ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පාඨමාලා හැදෑරූ සිසු සිසුවියන් ඒ අතර විය.
පුහුණුකරුවන්ගේ ඇති අත්මාර්ථකාමීත්වය මෙරට ක්‍රීඩාව ඇද වැටීමට ප්‍රධාන හේතුවක් බවට පවසන ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ‘ලංකාවේ ක්‍රීඩාව ඇද වැටීමට ඇති පළවෙනි හේතුව තමයි පුහුණුකරුවන්ගේ ඇති ආත්මාර්ථකාමීත්වය. දෙක පුහුණුකරුවන් ලෙස විශාල පිරිසකට මෙම ක්‌ෂේත්‍රයට ඒමට තිබෙන ඉඩ අහුරා තිබීම. තුන පුහුණුකරුවන් ලෙස ලැබිය යුතු පුහුණුව හා අධ්‍යාපනය නොමැතිව ක්‍රීඩකයන්ව පුහුණු කිරීම. මේ නිසා තමයි අද විශාල අර්බුදයක් රට තුළ ඇතිවී තිබෙන්නේ.’ යි හෙතෙම එහිදී පවසා සිටියේය.
මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් පිළිබඳව ද ක්‍රීඩා අමාත්‍ය වරයා වැඩි වශයෙන් කතා කිරීම ද විශේෂත්වයක් බවට පත්විය. ‘ක්‍රිකට්‌වල නම් ජාතික කණ්‌ඩායමට පැමිණි පසුයි ශක්‌ති වර්ධන ව්‍යායාම කරන්න මහන්සි වෙන්නේ. නමුත් එතකොට සම්පූර්ණ ශරීරය වෙනත් පැත්තකට හැරිලා ඉවරයි.
ලංකා කණ්‌ඩායමට ඇවිල්ලා දිගටම ඒ අභ්‍යාස කරන විට සිදු වෙන්නේ 50 ගහන කොට කකුල අල්ලගෙන ඉඳගන්න සිද්ධ වෙන එක. 25ක් ගහන කොට දුවාගන්න බෑ. මෙච්චර කල් ක්‍රිකට්‌වල තිබුණා ක්‍රීඩකයෙක්‌ගෙ කකුලේ ආබාධයක් ඇතිවුණාම ඒ වෙනුවට දුවන්න කෙනෙක් ගන්න පුළුවන්කම. දැන් ඒකත් නතර කරලා තිබෙන්නේ. ඒක හොදයි. මොකද 50 ගහනකල් දුවන්න බැරිනම් එයා ගෙදර යන්න ඕන.
එහෙම ෆිට්‌නස් නැත්නම් ස්‌ටේ්‍රන්ත් නැත්නම් ක්‍රීඩා කරලා වැඩක් නෑ. ජාතික කණ්‌ඩායමට ආවට පස්‌සේ ඉන්න පිටරට පුහුණුකරුවෝ කියනවා අපෝ මෙයාව දුවවන්න එපා. මෙයා අපිට ඉන්න හොද ප්ලේයර් කෙනෙක් කියලා. මෙයාගේ මාංශ පේශියක් ගියොත් සෙල්ලම් කරන්න බැරිවෙනවා කියනවා. ඉතිං ක්‍රීඩා කරනවිට පේනවා ටීෂර්ට් එකට උඩින් බඩ ඇවිල්ලා තියෙනවා. ලංකාවේ තරම් කැත මිනිස්‌සු ටිකක් ක්‍රිකට් ක්‍රීඩා කරන වෙන රටක් නෑ. කිහිපදෙනයි එහෙම නැතුව ෆිට්‌නස් ස්‌ටේ්‍රන්ත් එක්‌ක ඉන්නේ. මේක කිවුවට පස්‌සේ මට කට්‌ටිය බනින්න පුළුවන්.
කෙනෙක් කියලා තිබුණේ කැච් අත ඇරුනා කියලා මැච් පරදින්නේ නැහැ කියලා. කැච් අත ඇරුන නිසා තමයි මැච් පැරදුනේ. කැච් එක ගන්න ළගට යනකොට බඩ වැඩිනම් කැච් එක අල්ලන්න අත යන්නේ නැහැ. ඊට පස්‌සේ කැච් එක අතඇරලා ඔළුවේ අතගහගෙන ඉන්නවා. මේක තමයි සිද්ධ වෙන්නේ.
අද බලන්න බංගලාදේශ කණ්‌ඩායම. එක ක්‍රීඩකයෙක්‌ගෙවත් උදරය ඉදිරියට නෙරා ඇවිල්ලා නැහැ. මොකද ඒ? ඒ ඔවුන් ඉතාමත් නිවැරදි ආකාරයට පුහුණු කිරීම් සිදුකරන නිසා. නමුත් අපේ කණ්‌ඩායමේ සියලු දෙනාව බබාලා වගේ තමයි හදන්නේ. මම ඒ නිසයි කිව්වේ මේ අයව හමුදා කදවුරකට යවලා මාස 6ක් විතර පුහුණු කිරීම් කරවන්න ඕන කියලා.’ යි වැඩිදුරටත් පවසා සිටියේය.
[rns_reactions]