Author: Editor[A]

  • පිහිට අවැසි පුංචි පුතුට පිහිටවන්න ඔබත් එක්වන්න…..

    දෙමාපියන් දෙදෙනා වෙනත් විවාහයන් කරගැනිමෙන් පසු ආච්චි අම්මා ලග තනිවූ කුඩා දරුවෙකු පිළිබදව හුංගම උතුරු බටඅත රන්න නැගෙනහිර ග්‍රාමසේවා වසමෙන් වාර්තාවේ.

    මෙම දරුවා කුඩා කාලයේ දිම පියා වෙනත් විවාහයක් කරගෙන ඇති අතර පසුව මවත් තවත් විවාහයක් කර ගැනිම නිසා දරුවා ආචිචි ලඟ තනිවී ඇත.

    නිවසක් කියා පැවැසිමට වත් නොහැකි ඉටිකොළ, පොලිඅතු, ටකරන් වැනි දෙයින් අහුරාගෙන තනාගෙන ඇති කුඩා පැල්පතේ ලෑලි කිහිපයක් මත අනාරක්ෂිතව කුසට අහරක් හරියට නැතිව අකුරු කරන්නට මේසයක් පුටුවක් වෙනුවට කොටන් දෙකක් යොදාගෙන මෙවුන් කටුක ජීවිතයක් ගතකරයි.

    හුංගම නගරයේ සිට ප්‍රධාන මාර්ගයේ බටඅත රුවින්ගම හංදියට පැමිනි පසු ප්‍රධාන මාර්ගයේ වම් පැත්තේ ගල් කොරිය පාර හෙවත් වෙහෙරගල පාරේ දුෂ්කර මාර්ගයක කිලෝ මීටර් එක හමාරක් පමණ ගිය විට මේ අසරණ දරුවා සමඟ ආච්චි ජීවත්වන කුඩා පැල්පත හමුවේ මේ දුක් මුසු කථාවේ ආරම්භය ජී.ජී.කේ චන්ද්‍රා ආච්චි මෙසේ පවසයි.

    මට දුවෙක් සහ පුතෙක් සිටියා දුවගෙ දරුවා තමයි මේ ඉන්නේ මේ දරුවා මාස තුනේ දි පමණ තාත්ත වෙන කසාදයක් කරගත්ත.

    ඊට පස්සේ දුව මම ලඟ සිටිය දරුව එක්ක ඉට පස්සේ දුවත් වෙන විවාහයක් කරගත්ත දරුවට දුව කැමැතියි ඒත් බාප්ප සමඟ දරුවා තියාගන්න බැහ කියල දරුවා මගේ ලඟ ඉන්නවා.

    දුව හිඳ හිට දරුවා බලන්න එනවා. ඒත් දරුවා වෙනුවෙන් සියල්ල කරන්නේ මම මම කුලියට ගඩොල් කපනවා. ඒත දැන් බැහ කොන්දේ කැක්කුමක් නිසා දරුවා හරි ආසයි ඉගනගන්න.

    ඉතින් මට සල්ලි නැහැ දරුවාට කන්න දෙන්නෙත් බෙහොම අමාරුවෙන් දරුවාට දැන් වයස අවුරුදු අටක් වෙනවා.

    දරුවව කිසිම පාසලකට ගත්තේ නැහැ පස්සේ දරුවව පිරිවෙනකට දැම්ම. මට මොකුත් අවශ්‍ය නැහ මේ දරුවා ඉලන්නෙ ගෙයක් හදල හදල දෙන්න.

    මෙම අසරණ පවුලේ තත්ත්වය සම්බන්දව දැන ගැනිම සිදු වුයේ හුංගම හාතගල නිල්වලා විද්‍යාලයට තරිඳු මධුසංක ඇතුලත් කිරීමෙන් පසුය.

    හාතාගල රජමහා විහාරාධිපති සුමංගල පිරිවෙනේ හා නිල්වලා විද්‍යාලයේ අධ්‍යක්ෂ පල්ලේගම ජිනරතන නායක හාමුදුරුවො මෙසේ සඳහන් කලහ.

    ආච්චි අම්ම සමඟ මේ දරුවා අපේ පිරිවෙනට ආවා දරුවා ට පාසල් යවන්න අවශය බව කිව්වා මේ අය පදිංචි ප්‍රදේශයේ සිට පාසල් කිහිපයක් පහු කරගෙන පැමිනි නිසා ඇයි කියල ඇහුවම ආච්චි කිව්වා ඒ කිසි ම පාසලකට දරුවා ගන්න බැහ කිව්වා කියල.

    දරුවා අපි නිල්වලා විද්‍යාලයේ බඳවා ගත්තා දෙවන වසරේ ඉගනුම ලබනව. පංතිභාර මිස් මට ඇවිත් කිව්වා මේ දරුවාට හොඳට ඉගෙන ගන්න පුළුවන් ඒත් ගෙදර මොනවා හරි ප්‍රශ්න ඇති බව දැනෙනනවා කියලා ගුරුවරයා ළමයාට සමිපවිම නිසා දරුවාගේ තත්ත්වය හඳුනා ගැනිමට එම ගුරුවරිය සමත් වු බව දැන ගත්තේ අපේ ගුරුවරු දෙන්නෙක් නිවස සොයාගෙන ගොස් විස්තර දැන ගැනිමෙන් පසුවයි.

    අපිට කල හැකි උපකාර කරනවා. මේ ළමයාට ඉන්න ගෙයක් හදලා දෙන්න කියල තමයි ආච්චිත් ඉල්ලිම කරන්නේ.

    තරිඳු මධුසංක ඉගනගන්න පංතියේ ගුරුතුමිය වන පුෂ්පා කරුනාරත්න මහත්මිය මෙසේ පවසයි.

    මගේ පංතියට දේ දරුවා පැමිනි පසු මම දරුවා සමග කථා කලා වැඩ හොඳට පුළුවන් හැබැයි මොනවා හරි ගැටළුවක් ඇති බව මට පළමු දිනයේම වැට හුනා මම මේ දරුවාගෙන් විමසා සිටිය එවිට දැනගත්ත ආච්චි ලඟදරුවා සිටින බව කවර හෝ ප්‍රශ්නයක් ඇති නිසා මම මේ බව විදුහල් පති තුමා දන්වලා ඒ මාර්ගයෙන් අපේ නායක හාමුදුරුවන්ට දන්වා සිටිය.

    අපේ සර්ල දෙන්නෙක් ගොස් නිවසේ පිංතූර අරගෙන ඇවිත් අපිට පෙන්නුව අපේ පපුව හෝස් ගාල ගියා මේ වගේ දරුවන් ට දෙමාපියන් දක්වන සෙනහස පිළිබඳ කවි කථා කියා දෙන්නනේ කොහොමද කියලා මම මගේ හදවතින් ඇසුවා.

    මම ඉලන්නේ අනේ මේ ඉගන ගන්න පුළුවන් මල් කැකුලට පිපිදෙන්න ඉඩ දෙන්න පුළුවන් මහතුන් ඉන්නවනම් නිවසක් හදල දෙන්න කියලා අපිත් ඉල්ලනවා. අපිටත් කල හැකි උපකාරයක් කරනවා.

    ‍විමසීම් හුංගම හාතගල පිරිවෙන   0712581404

    [rns_reactions]

  • බඩ නැතිකරන්න ක්‍රිකට් කණ්ඩායම යුධ හමුදා පුහුණුවට – දයාසිරිගෙන් අමුතු කතාවක්..

    ටී ෂර්ට් එකට උඩින් බඩ ඇවිල්ලා ලංකාවේ තරම් කැත මිනිස්සු ටිකක් මං නම් දැකලා නෑ. ක්‍රිකට් ක්‍රීඩාවේ ගත්තම බොහොම ටිකදෙනයි ශ්‍රී ලංකා ටීම් එකේ ශක්තිමත්ව ඉන්නේ.. යනුවෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි මහතා පසුගියදා උත්සව අවස්ථාවකදී ප්‍රකාශ කලා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හමුදා කඳවුරකට යවා මාස 6ක් වත් ශාරීරික පුහුණුවකට යොමු කල යුතු බව අමාත්‍යවරයාගේ මතය බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා

    https://www.youtube.com/watch?v=PogxxJ9fvyo

    [rns_reactions]

  • Page Hitකරන්න ජනපති මෛත්‍රීගේ රුව විකෘති  කලොත් වෙන දේ මෙන්න…

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පින්තූර විකෘති කර ෆේස්බුක්හි පල කලහොත් එම ගිණුම් අවහිර වනු ඇති බවට ජනාධිපති මාධ්‍ය අංශය උපුටා දක්වමින් අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක්ම වාර්තා කරයි.

    ජනාධිපතිවරයාගේ පින්තූරවල අයිතිය ජනාධිපති මාධ්‍ය අංශය විසින් මුදල් ගෙවා ලබා ගෙන ඇතැයිද විකෘති  කරන ලද එම පින්තූර පල කරන ගිණුම් සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයට පැමිණිලි කිරීමෙන් පසු වසා දමා ඇති බවත් එම වාර්තාවන්හි දැක්වෙයි.

    කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ පින්තූර විකෘති නොකර යොදා ගන්නේ නම් ගැටළුවක් නොවනු ඇතැයිද තව දුරටත් සදහන්ය.

    [rns_reactions]

  • කවුද යකෝ මූ?ආපහු ප්‍රැක්ටිස් ගේන්න එපා.. එදා ජාතික ක්‍රීඩකයන් මාලිංගට සලපු විදිය මෙන්න…

    මාලිංගට අවුරුදු 16දී මාලිංග යැවූ පන්දු වලට බියවී ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් එදා කලදේ වසර ගණනකට පසු හෙළිවෙයි
    “කවුද යකෝ මූ…. ආයේ මේක ප්‍රැක්ටිස් වලට එක්කගෙන එන්න එපා”

    ලසිත් මාලිංග ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු යවන්න අතර පෙරලියක් කරපු ක්‍රීඩකයෙක්.මාලිංග ගැන අයි සී සී චැම්පියන්ස් තරගාවලියත් සමග හැමෝම වගේ කතා කරන්න ගත්තා. ක්‍රිකට් ක්‍රීඩාවට යෝකර් පන්දු අරන් ආපු මේ අසහාය ක්‍රීඩකයා කොහමද ක්‍රීඩාවට යොමු වුනේ කියලා වැඩි දෙනෙක් දන්නේ නැහ නේද?

    ඒ කාලේ මාලිංගට අවුරුදු 16යි 1වෙනි පාර මෙයා බෝල් කරද්දී බැට් කලේ මම මටම ලැජ්ජයි බොලේ කොහෙන් එනවද කියලා හොයාගන්නවත් බැරි උනා මාලිංගව හොයා ගත්ත හැටි ගැන චම්පික රාමනායක කියන කතාව.

    https://www.facebook.com/iranga.fonseka/videos/1702179830084101/

     

    [rns_reactions]

  • නිදහස් පක්ෂය දෙකඩ කරන්නට වෙරදරන යහපාලන ඇමතිගේ නිරුවත එලියට….

    කොළඹ තරු පහේ හෝටලයකදී පසුගියදා යහපාලන රජයේ ප්‍රබල ඇමැතිවරයකු සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමීපතම නිලධරයකු අතර පැවැති රහස් සාකච්ඡාවක් ගැන ආණ්ඩුවේ ඉහළම තැන්වලට වාර්තා වී ඇත.

    දකුණු පළාතේ ප්‍රබලයකු වන මේ ඇමතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහ ළඟින් ඇසුරු කරන තැනැත්තෙකි.
    එම සාකච්ඡාවට සහභාගි වී ඇති රාජපක්ෂ හිතවාදී නිලධරයා මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබල භූමිකාවක් ගෙන ගිය ආයතන කිහිපයකම මුල් පුටු හෙබවූ අයකු බව දැනගන්න ලැබේ.

    මේ සාකච්ඡාව සම්බන්ධීකරණය කර ඇත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාටත් මෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට සමීපතමයකු වන සංචාරක ක්‍ෂේත්‍රයට සම්බන්ධ අයකු බවටද තොරතුරු වාර්තාවනවා.

    ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ රහසිගත වැඩපිළිවෙළ පිළිබඳවත් ඒ වෙනුවෙන් ලබාදෙන සහයෝගය වෙනුවෙන් හිමිවන ප්‍රතිලාභ පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවද ආණ්ඩුවේ ඉහල තැන්වලට අනාවරණය වී තිබේ.

    මීට පෙරද අවස්ථා කිහිපයකදී මේ පුද්ගලයාගේ මැදිහත්වීමෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති අතර යහපාලන රජයට සම්බන්ධ එජාප හා ශ්‍රී ලනිප අතර වසර දෙකක් සඳහා ඇති කරගෙන තිබෙන එකඟතාව තවත් වසර දෙකකට දීර්ඝ කර ගැනීමට සාකච්ඡා වෙමින් පවතින මොහොතක උත්සාහයක යෙදීම දේශපාලන අංශවල ප්‍රබල කතාබහට ලක්ව තිබේ.

    [rns_reactions]

  • යලිත් ගෑස් මිල රුපියල් 50 කින් වැඩිවෙන ලකුණු ? ඇත්ත කතාව මෙන්න..

    කිලෝ ග්‍රෑම් 12 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක වත්මන් මිල රුපියල් 1,346කි.වත්මන් රජයේ දින 100 ආණ්ඩුව ගෘහස්ථ ගෑස් මිල අඩු කළ අතර ඊට පසුවද තවත් රුපියල් 50කින් ගෑස් මිල අඩු කෙළේය.

    මේ වනවිට ‘ලිට්රෝ’ ගෑස් සමාගම පාඩු ලබන බව සඳහන් කරමින් අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් ගෑස් මිල රුපියල් 50කින් ඉහළ නැංවීමට රජයෙන් ඉල්ලීමක් කොට තිබේ.

    ඒ අනුව ඉදිරියේදී ගෑස් මිල ඉහල නංවනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

    [rns_reactions]

  • පොලිස් සුනඛයාගේ සහයෙන් ඇල්ලු මහා මුදල් හා රන්භාණ්ඩ කොල්ලයේ විත්ති මෙන්න..

    උඩුගම දකුණු පියතිලක මාවතේ නිවසක්‌ බිඳ මුදල් හා රන් භාණ්‌ඩ සොරකම් කළ සැකකරුවකු ගාල්ල පොලිසියේ නිල සුනඛ ඒකකයේ ආටිස්‌ නැමති නිල සුනඛයාගේ සහයෝගයෙන් අල්ලාගෙන ඇත.

    මෙකී නිවසට ඇතුල් වූ සැකකරු නිවසේ ඉදිරිපිට තිබූ රඹුටන් ගසට නැඟ රඹුටන් කඩාගෙන කා තිබේ. පසුව නිවසේ දොරට පා පහරක්‌ එල්ලකොට ඇති අතර එහිදී දොර කැඩී තිබේ. පසුව සැකකරු රඹුටන් ගෙඩි කෑමට ගනිමින් රඹුටන් ලෙලි නිවසේ දමා තිබේ. නිවසේ තිබූ මුදල් රු. 42000ක්‌ හා රන් භාණ්‌ඩ සැකකරු විසින් සොරකම් කොට පලාගොස්‌ තිබිණි.

    ඉකුත් 13 වැනි දින ආටිස්‌ නමැති නිල සුනඛයා සොරුන් විසින් බිඳිනු ලැබූ නිවසට ගෙන ගොස්‌ තිබේ. ඒ මෙම පොලිස්‌ නිල සුනඛයා රැක බලා ගන්නා පොලිස්‌ කොස්‌තාපල් (54387) ගුණදාස නමැති නිලධාරියා විසිනි. ආටිස්‌ නිවසට ඇතුල් වී සැකකරු විසින් කා බිම දමා තිබූ රඹුටන් ලෙලි ඉව කොට ඇත. රඹුටන් ලෙලි වලින් ලබා දුන් ඉව ආටිස්‌ නිවසින් එළියට පැමිණ ටික දුරක්‌ ගමන් කරනවිට ත්‍රී රෝදයක්‌ පැමිණ තිබේ. ආටිස්‌ එකවරම එම ත්‍රී රෝද රථයට කඩා පැන ඇත. එම ත්‍රී රෝද රථයේ සිට ඇත්තේ මෙකී නිවසට ඇතුල් වී මුදල් හා භාණ්‌ඩ සොරකම් කළ සැකකරුය. පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී මොහු මෙම සොරකමට සම්බන්ධ බවට අනාවරණය වී තිබේ.

    සැකකරු ආටිස්‌ නමැති නිල සුනඛයා බැලීම සඳහා මෙම නිවස අසලට පැමිණි අවස්‌ථාවේ දීද පොලිස්‌ නිල සුනඛයා සැකකරුගේ ඇඟට පැන තිබේ.

    [rns_reactions]

  • නිලි ගයත්‍රී හමුවන්න කැමති අය අතරේ චන්න නෑලු – ලැයිස්තුව මෙන්න…

    රංගන ශිල්පිණි ගයාත්‍රී ඩයස් සිය ජීවිතයේ හමුවූ කැමතිම පිරිමි චරිත 8 දෙනා පිළිබඳව පුවත්පතකට හෙලිකර තිබෙනවා.මහත්මා ගාණ්ධි විජය කුමාරතුංග කීර්ති පැස්කුවෙල් යන චරිත එම 8දෙනා අතරට එකතු වෙද්දි ඇයගේ සැමියා වන චන්න පෙරේරා ඇගේ ප්‍රියතම පිරිමි චරිතය නොවේදැයි බොහෝ දෙනා විමසා තිබුණා.

    01.මගේ අප්පච්චි
    මම හිතන්නේ ඕනෑම කෙනකුට තමන්ගේ අප්පච්චි තරම් වටිනා කෙනෙක් මේ ලෝකේ නැති තරම්. ගැහැනු ළමයකුට හමුවන පළමු පිරිමියාත් ඔහු. අප්පච්චි අපිව බලාගත්ත විදිය, අපිත් එක්ක ජීවත් වුණු විදිය එක්ක, උපදින හැම ආත්මයකම මගේ අප්පච්චිව ප්‍රාර්ථනා කරනවා.

    02.මහත්මා ගාන්ධි
    මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීමෙන් රටක් වෙනස් කරන්න ඔහුට හැකිවුණා. ඔහු ජීවිතයේ තියෙන බැරෑරුම්කම් වෙනස් කළා ජීවිතයේ සුබවාදී පැත්ත පෙන්නලා. ඉතින් ඒ වගේ චරිත තවදුරටත් බිහි නොවීම කනගාටුවක්.

    03.අර්ජුන් රාම්පාල්
    මම කැමැති පිරිමි චරිතවලින් ගොඩාක් කැමැති චරිතයක් අර්ජුන්. ඔහුගේ පෙනුමට, රංගන හැකියාවට, ඔහුගේ පෞරුෂයට මම ගොඩාක් ප්‍රිය කරනවා.

    04.හෙන්රි කෙවිල්
    අපි හැමෝම දන්නා Super Man චරිතයට පණපොවන්නේ ඔහු. Super Man කියන චරිතයට තමයි මම මුලින්ම ආස කළේ. ඊට පස්සේ තමයි Super Man ට Act කරන හෙන්රිට කැමැති වුණේ. ඔහුගේ පෞරුෂය මේ චරිතයට හොඳින්ම ගැළපුණා. Super Man සංකල්පයේ movies බලන්න මාව පෙලඹෙව්වේ හෙන්රි කෙවිල්.

    05.අමරසිරි පීරිස්
    ඔහු මගේ ප්‍රියතම හඬ තියෙන ගායකයා. ඔහු වැනි කලාකරුවන් ලෝකයට බිහි වෙන්නේ ලොකු පිනකට. මම ඔහුගේ ගීතවලට ප්‍රිය කරන්නේ වසර ගණනාවක ඉඳලා. ඔහුගේ හඩින් ඇහෙන ඕනෑම ගීතයක් රසවිඳින්න මම කැමැතියි.

    06.ෂාරුක් ඛාන්
    ඔහුගේත් පෙනුමට, රංගන හැකියාවට, පෞරුෂයට මම කැමැතියි. ඒ වගේම කාන්තා, පිරිමි, තරුණ, මහලු මේ කිසිම භේදයක් නැතිව මිනිසුන්ගේ සිත්වලට ඔහු තරම් ළං වෙච්ච තවත් චරිතයක් නැති තරම්. ඔහුගේ එක චිත්‍රපටයක්වත් මඟහරින්නේ නැතිව බලන්න ආස කරන කෙනෙක් මම.

    07.විජය කුමාරතුංග
    මම ඉතාම කුඩා අවධියේ ඔහු මේ ලෝකෙන් සමුගත්තේ. මට ලොකු තේරුමක් නොමැති කාලයේ සිටම මම ඔහුගේ රසිකාවියක් වෙලා හිටියා. ඒ කාලේ මම ඔහුට ලිපි ලිව්වා. ඒ ලිපිවලට පිළිතුරු ලැබුණා. ඒකට මම ගොඩාක් සතුටු වුණා. කිසිම කෙනකුට අමතක නොවන රූපයක් ඔහුට තිබුණේ. ඒ වගේම ඔහුට ලස්සන හඬක් තිබුණා. Multi Talented කියලා කිව්වොත් හරියටම හරි. විජය කුමාරතුංග කියන්නේ හැම පැත්තෙන්ම ගොඩාක් දෙනකුගේ ආදරය දිනාගත්ත චරිතයක්.

    08.කීර්ති පැස්කුවෙල්
    මම චූටි කාලේ ඉඳලම ආස කරපු චරිතයක් ඔහු. ඔහුගේ රූපයට තමයි පොඩි කාලේ ගොඩක්ම ආස කළේ. ඔහුට හරිම තරුණ රූපයක් තිබුණේ. මම පසුකාලීනව ගොඩක් වාසනාවන්ත වුණා ඔහු සමඟ එකතු වෙලා වැඩ කරන්න. වැඩසටහන්වලට සහභාගි වෙන්න.

    [rns_reactions]

  • ට්‍රම්ප්ගේ නියමයෙන් රුසියාවට හා ඉරානයට ඇමරිකානු සම්භාදක සම්මතවෙයි

  • කතරගම රූමතියට යුක්තිය දිනාදුන් වීර මිනිසා සමුගෙන යයි..

    මෙරට ඉතිහාසයේ ආන්දෝලනාත්මක නඩුවක් වූ ප්‍රේමවතී මනම්පේරි (කතරගම රූමතිය) ඝාතන නඩු විභාගයේ ප්‍රධාන සාක්ෂිකරුවකු සහ වනජීවී  දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ක්ෂේත්‍ර  නිලධාරියකු වූ එඞ්වඞ් ඩෙස්මන්ඞ් වයිට් මහතා ඊයේ (15) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

    කතරගම රූමතිය යන නමින් හැඳින්වු ප්‍රේමවතී මනම්පේරී ඝාතනය සියැසින් දුටු කිහිපදෙනාගෙන් අයකු ලෙස සැලකෙන එඞ්වඞ් ඩෙස්මන්ඞ් වයිට් මහතා මියයනවිට 86 වැනි වියේ පසුවිය.

    තෙවැනි ශ්‍රේණියේ නිලධාරියකු ලෙස වසර 1956 දී වනජීවි සංරක්ෂණ දෙපාර්මේන්තුවේ සේවයට එක් වූ එඞ්වඞ් ඩෙස්මන්ඞ් වයිට් මහතා විශ්‍රාම යනවිට වනජීවි සංරක්ෂණ දෙපාර්මේන්තුවේ පළමු ශ්‍රේණියේ නිලධාරියෙක් විය.

    ප්‍රේමවතී මනම්පේරිගේ පියා එඞ්වඞ් ඩෙස්මන්ඞ් වයිට් මහතා යටතේ සේවය කළ වනජීවී දෙපාර්තමේන්තුවේ සේවකයකු බව ද පැවසේ.

    70 සහ 80 දශකවලදී යාල වන උද්‍යාන භාරකරු ලෙස දෙවරක් කටයුතු කර තිබෙන එඞ්වඞ් ඩෙස්මන්ඞ් වයිට් මහතා ඔලිම්පික් පදක්කම්ලාභී ඩන්කන් වයිට් මහතාගේ ඥාති සොහොයුරෙක් ද වෙයි.

    එඞ්වඞ් ඩෙස්මන්ඞ් වයිට් මහතාගේ දේහය මේ වනවිට කළුතර තිසරණ සරණ වැඩිහිටි නිවාසයේ තැන්පත් කර තිබෙන අතර දේහය පිළිබඳ අවසාන කටයුතු සෙනසුරාදා 17 ගොමගමුව, කුලියාපිටිය පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත ය.

    මේ කතරගම රූමතියට අත්වූ ඉරණම සහ වයිට් මහතා එම අපරාධය හෙලිකීරමට මූල්වූ අයුරු පිළිබඳව දිණමිණ මාංචු අතිරේකයේ පළවූ ලිපියකි.

    කතරගම ම හැඩවූ ප්‍රේමවතිය

    කතරගම දෙවියන්ගේ අඩවිය සිපගෙන ආ බක්මහේ සුළං රැල්ලක් ගම්මානය පුරා හමා ඇඳී ගියේය.අතු පතර ලැග සිටි කුරවි කෙවිල්ලන්ගේ පේ‍්‍රම ගීතිකාවන් ගම් දනව් පුරා නින්නාද දුන්නේය. අලුත් අවුරුද්ද සුවහසක් සතුට රැගෙන කතරගම් පුරයටත් සම්ප්‍රාප්ත වී තිබුණේ දිළිඳු අතුපැලත් මහා මන්දිරයත් එකසේ සලකාගෙන ය.තම දරු පැටවුන් රංචුවද පෙරටුකොට ගෙන අලුත් අවුරුද්දේ හා හා පුරා කියා ලීලාවති උභයසිංහ මාතාව මහත් ඕනෑකමින් පා තැබුවේ කතරගම තැපැල් කන්තෝරුව අසලම වු ‘ගුණසිරි’ හෝටලය අභිමුඛව පැවැත්වෙන අවුරුදු උළෙලට ය. ඇය දුරදීම තම දියණිය දුටුවාය.පුරහඳක් මෙන් පිරුණු වත මඬලේ සිනහව කඩාහැලෙන දිය ඇල්ලක් මෙන් ලාලිත්‍ය ට පැද්දෙන විසිතුරු වරලස ඇයට තම දියණිය ගැන තව තවත් ආදරයෙන් මෝදුවූයේ ඇයගේ රුව ගුණ වරුණ දුටු මොහොතේය.

    “අම්මේ අන්න අක්කා…..ලස්සනට ඇඳලා අර….අර….ඉන්නේ….අම්මේ අක්කා මේ පාරත් දිනයි ද අම්මේ”දෑත් දිගුකර වනමින් බාලම දරුවා වූ දයානන්ද හුරතලයට මොනවදෝ කියනවා ඇයට ඇසුණේය.

    ගම්තුලානේ බොහෝ තරුණියෝ වේදිකාව මත තාලයට පය තබමින් ඇවිද යනු ඇයට පෙනේ.අලුත් අවුරුද්දේ අවුරුදු කුමරියෝ දහසක් ප්‍රර්ථනා ඇතිව ඔබ මොබ ඇවිදින්නේ විනිසුරු මඬුල්ලේ නියමය පරිදිය. තවත් මොහොතකින් වේදිකාව මතට පායා ආවේ පේ‍්‍රමවතී ය.

    “ඇස්වහක් කටවහක් නැහැ මගේ කෙල්ල හෑබෑම ලස්සනයි. උඹට වරදින්නේ නෑ දුවේ….”

    1970 නව වසරේ කතරගම ර ෑමතිය…..ඇයයි. යකඩ කටෙන් ප්‍රේමවතීගේ නම ගම්මානය පුරා විහිදී යද්දී ලීලාවතීට ඉකිගැසුණේ සතුට දරාගන්නට බැරිවය.තම දියණිය පුරා හඳක් මෙන් වේදිකාව මත බැබළෙද්දි නැගූ ඔල්වරසන් හඬ මැද්දේ ලීලාවතී අම්මා මොහොතකට අන්දමන්දව බලා සිටියාය.

    වරක් නොව දෙවතාවක්ම බක්මහ කුමරිය ලෙස ප්‍රේමවතී කිරුළු පැළැන්දාය.

    අහිංසක ලීලාවතී අම්මාගේත් හෙන්ද්‍රික් අප්පුහාමි තාත්තාටත් එදා තම දියණිය ගෙන ආවේ එක්තරා අන්දමක සතුට මුසුවූ ආඩම්බරයකි.

    “මගේ ලොකු එකී මේ පාරත් රූප සුන්දරීවෙලා.ඇත්තටම මගේ ලොකු දුවට රූපෙන් මොනවද අඩු.අපි දුප්පත් තමයි දුවේ….එත්..උඹට හොඳකලක් යනවා නම් ඒ ඇති.” මුවින් නොදෙඩුවත් එදා ඒ මාපියන්ගේ හදවත් එසේ මුමුණන්නට ඇත.ඒ 1970 වසරේ අප්‍රෙල් මස 17 වැනි දිනකදීය.

    කතරගම දෙවොල ඇස පෙනෙනා මායිමේ සිටි ප්‍රේමවතී අසිහියෙන්මෙන් තම නිරුවත දෑසින් වසාගන්නට වෙර දරමින් ඉදිරියට පය ගෑටුවාය. අවිගත් අමනුෂ්‍යන් රැළක් මුවැත්තියක වට කරගෙන ඇය කීතු කීතු වලට ඉරා දමන්නට මෙන් බර සපත්තු අඩි බිම ගටමින් ඇයට පසුපසින් ගමන් කළහ. ඇගේ ගමන බාලවන විට බරැති අවි බඳ කින් ඇගේ හිරිමල් බඳ පෙදෙස හරහා වැදුණේ මරු පහරකි.

    “මරන්ට වුවමනා නම් මෙයට වඩා මරණය සැපතකි” එහෙත්….මහා නගරයක ජනී ජනයා මැද අමු නිරුවතින්…. ගමේ උපන් විළිබිය ඇති හිරිමල් කෙල්ලට මෙයටත් වඩා කළ හැකි අපරාධයක් තවත් ඇතිද?ඇය දිගුවරලසින් තම නිරුවත වසාගන්නට තැත් කළාය.

    “උස්සපන් අත් දෙක”ඒ මාරයාගේ අණය.

    “අනේ මාව මැරුවානම් මිට වඩා හොඳයි”ඇය ඔවුන් වෙත සෙමින් මිමුණුවා ය. හෙණ හඬ නගමින් තවත් මොහොතකින් වියරු රයිෆල් වෙඩි උණ්ඩයක් ඇගේ සියුමැලි ගත පසාරු කරගෙන ගියේය.අවට සිටි සුවහසක් සංවේදී මිනිසුන්ගේ දෙනෙත් පුරා කඳුළු කැට කඩා වැටුණහ.බිම ඇද වැටුණු ඇය නැවත නැගි සිටියාය.ඉවක් බවක් නැති නරුමයෝ ඇයට නැවතත් වෙඩ් තැබුහ.තමන්ගේම රුධිර ගංඟාව මත මොහොතක් වැතිරගත් ඇය යළිත් සෙවණක් ඇති තැනකට බඩගාගොස් කඳ කෙළින් කොට හිඳගන්නට තරම් ශක්තිමත් වූවාය.

    “අනේ මට වතුර ටිකක් දෙන්න”ගලායන රුධිර ගංඟාවෙන් අඩ පණව වැතිර ඇය ඉකිබින්දාය.

    ගුණසිරි හෝටලයේ සේවකයෙක් වතුර ටිකක් රැගෙන දුව ආවේය. “දෙන්න එපා වතුර ….දුන්න එවුන්ටත් වෙඩි තියනවා.”

    අවිගත්වුන්ගේ හඬට කවුරුත් බිය වුහ. තවත් ටිකකින් ඇය උපන් දා සිට හඳුනන ගමේ ‘ඇලඩින් මාමා’උන්ගේ අවසරය යැද ඇයට වතුර ටිකක් ගෙනැවිත් පෙව්වා ය.සෝඩා බෝතල් තුනක් පුරවා ඇය වතුර බීවාය.ඒ අතරතුර ඇය අමුම අමු රුධිරය පොදි පිටින් වමනය කරමින් දෙනෙත් විදහා අවට බැලුවාය.මුළු නගරයම භ්‍රමණය වෙමින් ඇගේ වටා කැරකෙණු ඇතැයි ඇය මරුවිකලයෙන් මෙන් සිතුවාය.ඇලඩින් මාමා මුහුණ ඔසවා මඳකට හෝ ඇය දෙස බැලුවේ නැත. ඔහුගේ නෙත් අගින් ගලායන කඳුළු සඟවාගන්නට ඔහු වෙර දැරුවාය.”අනේ ලීලාවතී අක්කගෙ ලොකු එකීට කළ අපරාධය”එහෙත් මුවින් දෙඩුවේ නැත.

    “ඔය කෙල්ලව වළලලා දාපන්”නරුම වෙස් ගත් ලුතිනන් ඇල්ෆඩ් විජේසූරිය ඇලඩින්ට පවරා යන්නයට ගියේය.

    “අනේ…. මාමේ මගේ කරාබු දෙක මං දුන්නා කියලා අම්මට දෙන්න. නංගිට දෙන්න කියලා.මේ මගේ පූරුවේ කළ පවක් වෙන්න ඇති මාමේ….මම කවුරුත් එක්ක තරහා නැහැ කියන්න මාමේ”

    ප්‍රේමවති මරණ මංචකයෙහි වැතිර සිටියදීම කණ පැළඳි අරුංගල් යුවළ ගලවා ඇළඩින් මාමාට දුන්නාය.

    මනුෂ්‍යත්වය අලුයම ලූ කෙළපිඬක් තරම්වත් නොතැකු මෘගයෝ වළක් කපා ප්‍රේමවතීගේ සිරුර වළලා දමන්නට නියම කළේ ‘ඇලඩින් මාමා ටය..’නිර්භීත පුද්ගලයෙකු වුවද ඇලඩින් මාමාද ප්‍රේමවතී දියණිය වෙනුවෙන් කම්පිතව තිබූ හදවතින් නිහඬව හැඬුවේය. “මේ කෙල්ල තවම මැරිලා නැහැ.ඒකි තාම ජිවත්වෙනවා.මං කොහොමද පණ තියෙද්දී ඒකිව වළලන්නේ”ඇලඩින් මාමා කියා සිටියේය. මොහොතකින් දිව ආ සොල්දාදුවකු හරියට එල්ලය බලා ඇගේ හිස දෙදරා යන සේ වෙඩි පහර දෙකක් ිඑල්ල කළේය.මොහොතකින් ප්‍රේමවතී ඒ වධකයන් ගෙන් අත් මිදී සංසාර සයුරේ ඈතම ඈත දුර ඉසව්වකට නික්ම ගියාය.

    එදා 1970 අප්‍රෙල් මස 17 වැනි දින කතරගම අවුරුදු කුමරිය ලෙස ප්‍රීති ඝෝෂා හඬ මැද වෙදිකාව මත කිරුළු පැළදි ප්‍රේමවතී හරියටම ඉන් වසරකට පසුව එනම් 1971 අප්‍රේල් මස 17 වැනි දිනක තැපැල් කන්තෝරුව ළඟ ගුණසිරි හෝටලය අසල කිරුළු පළන් බිමේදීම අවාසනාවේ කටු ඔටුන්න හිසදරා,අවිය බලය කොටගත් මෘග රැළකගේ මිනීමරු හස්තයන්ට මැදිව,ලේ ගලන ගොදුරක්ව අමු අමුවේ අවසන් හුස්ම හෙළුවාය. දෛවයේ පුදුමාකාර සැලසුමකට අනුව වයස 22 ක හිරිමල් යොවනයේ දොරකඩදීම එදා කිරළු පළන් බිමේදීම නින්දිත මරණයක් ඇයට උරුම කළේ එලෙසය.

    1971 වසරේ අප්‍රේල් මස ගෙවීයමින් තිබුණේ රාජ්‍ය විරෝධී සංවිධානයක රහසිගත පිබිදීමක් සහිතවය. මේ වනවිට කතරගම ප්‍රදේශය පුරාම මෙම පිබිදීම වැඩිවශයෙන් හොල්මන් කරමින් තිබිණි.1971 අප්‍රේල් අරගලය සන්සිඳවීමට කතරගම ප්‍රදේශය කැරලිකරුවන්ගෙන් මුදාගෙන තත්ත්වය සාමාන්‍ය අතට පත්කිරීමට භාරව කටයුතු පැවැරුණේ ලුතිනන් ඇල්ෆ්‍රඩ් විජේසූරියටය. ඔහු ඇතුළු කණ්ඩායම කතරගම නගරයට පැමිණියේ 16 වැනිදා සවස් වරුවේය. තුන්වැනි ගැමුණු ස්වේච්ඡා සේනාංකයේ නියමුවා ලෙස ඔහු කතරගම ලංගම විශ්‍රාම ශාලාව තම කඳවුර බවට පත්කරගෙන වැඩ කටයුතු ආරම්භ කළේය.කතරගම පොලීසියත් ඒකාබද්ධව කැරලි කරුවන් සෙවීමෙහි නිරත වුහ.

    එම උදෑසන ප්‍රේමවතී මනම්පේරි නම් 22 හැවරිදි තරුණිය තම හිස පීරමින් නිවෙසේ ආලින්දයේ රැඳි සිටියදී එහි පැමිණියේ කතරගම පොලිසියට අයත් ජීප් රියකි. එහි ඉදිරිපස අසුනේ පොලිස් පරීක්ෂක උඩවත්ත බොහෝ ගාම්භීරත්වයෙන් අසුන්ගෙන සිටි අතර කොස්තාපල් සිරිපාලත්,ඕපාතත් අවි දරමින් ප්‍රේමවතීගේ නිවෙසට ඇතුළු වුහ.එම මොහොතේ ඇගේ සොයුරි සොයුරියනුත් ලීලාවතී මාතාවත් නිවෙසේ පසු වුහ.

    “කෝ….උෙඕ දුව“ඔවුහු අකාරුණික ස්වරයෙන් අසද්දී ප්‍රේමවතී හිස පිරමින්ම එළියට ආවාය.ඇගේ මුදා හැර තිබු වරලසින්ම ඇද අල්ලාගත් පොලිස් කොස්තාපල්වරු තිදෙනා ඇය සාහසික ලෙස ජිප්රථය වෙත ඇදගෙන ගියහ.අතැති රයිෆල් බඳෙන් ඇගේ උරහිසට ද පහරක් එල්ල කළේය.

    තම වැඩිමහල් දියණිය මේ විපතින් මුදවාගන්නට ලීලාවතී අම්මා ඒ මෘගයන්ගේ පය පාමුල වැඳ වැටුණාය. ජිප් රථය පසු පස හැකි වේගයෙන් දිව ගියාය.රථයෙන් බිමට බැසගත් පොලිස් පරීක්ෂක උඩවත්තව ඇය හොඳින් දුටුවේ ඒ මොහොතේය.ඇය මෙහොතකට ගොළු වුවාය. තම දියණිය කතරගම රූමතිය වූ දිනට පසු ඔහුට තම දියණිය සමඟ ඇසුරක් ගොඩ නඟා ගන්නට වුවමනාවක් තිබිණි දින ගණනාවක්ම සිවිල් ඇඳුමින් සැරසීගෙන තම නිවෙස ඉදිරියේ ඔහු කරක්ගැසූ අයුරු ඇයට මතකයට ආවේය.එවන් හැම මොහොතකම ප්‍රේමවතී දියණිය ඔහුට කිවේ ‘අම්මලාගෙන් අහන්න’කියාය. එහෙත් එය නොමනා යොජනාවක් මිස සැබෑ ලෙස ඇය කෙරෙහි බැඳි ප්‍රේමයක් නොවන බව නම් ඒකාන්තය.සියල්ල සිතු පිරිදි ඉටු නොවූ තැන ඇගෙන් පළිගන්නට ඇත්තේ මෙලෙසය.

    “අනේ මහත්තයො මගෙ කෙල්ල බේරල දෙන්න.බුදුබව අත්වෙයි.මගෙ අහිංසක කෙල්ල කරපු වරදක් නැහැ..” පොලිස් පරීක්ෂක උඩවත්තගේ කකුල් දෙක ළඟ බිම පෙරලීගෙන විලාප දෙමින් හඬද්දී ඔහු කළේ උඩට වෙඩි දෙකක් තබා ජිප්රථයට නැඟ පවනට බඳු වේගයෙන් ඉගිල යාමය. ඇයද කිසාගෝතමියක සේ පටාචාරාවක සේ තම දරුවා ඉල්ලමින් පොලිසියට දිව ගියාය.එහෙත් ඇගේ දියණිය එහි සිටින බවට හොඩුවාවක් පවා නොවීය. කඳුළු දිය බොමින් වැළහින්නක සේ හඬා වැටෙමින් වැදු කුස උණුවෙමින් ඇඟ නහර පුරා ඇදී යද්දි ගොම්මනේ හිස් අතින් ඇය ගෙදර ආවාය.රාත්‍රිය අමාරුවෙන් ගෙවා දැමු ඇය පසු දින වනතුරු හූල්ලමින් මඟ බැලුවාය.ඇගේ දියණිය කොහේවත් නැත. දහවල් 11.00 ට පමණ ඇය තම නිවෙස ඉදිරිපිට අඔ ගස යට වාඩි වී දියණයගේ මුහුණ දකින්නට පෙරුම් පිරුවාය. ඈතින් බයිසිකලයක නැඟී කවුදෝ එනු ඇය දුටුවාය. “දෙවියනේ …. ඇලඩින් ..මගේ කෙල්ල ගැන ආරංචියක්වත් ගෙනාවද?”ඇය දෙපා ආයාසයෙන් ඔසවමින් දිව ආවාය.තවත් මොහොතකින් ඔහු කිසිවක් අත ගුලිකොට ඇයට දීමට අත දිගු කළේය.ඇය එය අතට ගත්තේ නැත. “මගේ දුවගේ කරාබු දෙක නේද?”එහෙත් ඇලඩින් කිසිවක් කීවේ නැත. ප්‍රේමවතීගේ දෙවනි නැගණියගේ අතට කරාබු ජෝඩුව දුන් ඇලඩින් රූරා වැටෙන කඳුළු පිටි අත්ලෙන් පිස දමමින් යනනට ගියේය.

    වසර 22 ක් කවා පොවා ඇති දැඩිකළ තම කුළුඳුල් දියණිය කොළු කුරුට්ටන්ගේ ආදරණිය ලොකු අක්කණ්ඩිය ඒ වන විටත් සංසාරගත කරුමයක් ගෙවා දමමින් මෙලොවින් තුරන්කර අවසාන ය.

    “දෙවියනේ කතරගම දෙවියන්ටවත් මේ අපරාධය පෙනුණේ නැද්ද?”ඇය අසරණව විමසුවාය. තවත් හඬන්නට කදුළු ඒ ඇස්වල නොතිබෙන්නට ඇත.

    එදා ප්‍රේමවතී ඇතුළු තවත් තරුණියන් කිහිප දෙනකුම කැරුලිකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.රැයක් පුරා එම තරුණියෝ තිරිසන් රැළකගේ වියරු අධම අශාවන්ට ගොදුරු වී තිබිණි. එලෙස හදිසි තත්ත්වය යටතේ අරක්ෂක අංශවල ඇතැම් අයෙකු නීතියේ මායිම් නොව මනුෂ්‍යත්වයේ මායිම් ද ඉක්මවා කටයුතු කර තිබිම නිසා මෙවන් බියකරු සාහසික අපරාධ සිදුවිමකට ඉඩ සැලසී තිබිණි.කැරැල්ලේ බලමහිමයෙන් ප්‍රේමවතී තරුණිය අතිශය මිලේච්ජ ලෙස අඩන්තේට්ටම්කොට මරා දමා අතපිහිදා ගැනිමට ඔවුන් සිතුවා විය හැක. 
    එහෙත් හඬන හදවතකින් යුතුව මේ සියල්ල තම දෙනෙත ඉදිරියේම පැහැදිලිව දුටු තවත් එක්තරා මනුෂ්‍යයෙක් මේ අතර සිටියේය. ඔහු එවකට යාල වනෝද්‍යානයේ වනජීවී පාලකයා ලෙස ක්‍රියා කළ ඩෙස්මන් වයිට් මහතාය.අපරාධය සිදුවීමෙන් දිනකට පසු ඔහු කෙළින්ම ගියේ තම හිතවතෙකු සොයාය.ඒ අනුව එලෙස එවකට හම්බන්තොට හමුදා සම්බන්ධීකාරක නිලධාරියාව සිටි කර්නල් ඩෙරික් නුගවෙල මහතා හමුවී තමන් දුටු සාහසික අපරාධයක සුලමුල ඔහු වෙත ඉදිරිපත් කළේය.ඒ අනුව සිද්ධිය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ලුතිනන් ඇල්ෆඩ් විජේසුරියට නියම කළේය.

    තමන් කළ අපරාධය වසන් කරන්නට ඔහු සියලු උත්සාහයක්ම දැරැවේය.එහෙත් මේ පිළිබඳ අරංචිය මුළු රට පුරාම පැතිර ගියේ විදුලි වේගයෙනි.මේ පිළිබඳ ආන්දෝලනය සියලු බාධක මැඩගෙන ඉදිරියට ආවේය.ඒ අනුව එවකට පැවැති රජය ප්‍රේමවති මනම්පේරි තරැණියගේ මිලේච්ජ ඝාතනය පිළිබද සෙවීම සඳහා 1971 වසරේදී අපරාධ යුක්ති විනිශ්චය කොමිශන් සභාව පිහිටු විය. ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු ඒ.සී අලස් මහතාගේ මූලිකත්වයෙන් කොමිසන් සභාව ක්‍රියාත්මක විය.ඒ අනුව පරීක්ෂණ පැවැත් වූ නිලධාරීන් විසින් 1971 මැයි 24 වැනි දින ප්‍රේමවතීගේ මිනිය ගොඩ ගෙන අදාල පරීක්ෂණ පවත්වද්දී ඇගේ නිරුවත් මෘත ශරිරය මත දක්නට ලැබුණේ එදා ඇය හැඳ සිටි දම්පාට මල් සහිත ගවුම කළු පැහැති තනපටත් සහ යට ගවුමකි.එදා ඇගේ මළ සිරුර ගොඩ ගත් අතරතුර දී ඇගේ මව විසින් ඒවා හඳුනා ගන්නා ලදි.නඩු විභාගය අතරතුර ප්‍රේමවතීගේ ජායාරූපයක් පෙන්වන ලදුව එම මොහොතේ ඇගේ මව මහ හඬින් වේදනා වෙන් හඬා වැළපුණේය. ඒ නිසා නඩු විභාගයේ කටයුතුද මඳ වේලාවක් නතර කරන ලදි. පුරා දින 11 ක් තිස්සේ ගාල්ල මහාධිකරණයේ විනිසුරු ඩී. කි්‍යු.එම් සිරිමාන්න මහතා ඉදිරියේ විභාග වූ මෙම නඩුවේදී ජූරි සභාවේ ඒකමතික තීරණය පරදි චූදිතයන්ට බරපතල වැඩ සහිතව වසර 16 බැගින් සිර දඬුවම් නියම විය.ලුතිනන් ඇල්ෆ්‍රඩ් විජේසූරිය හා සැරයන් අමරදාස රත්නායක යන අය මෙම ඝාතනයේ වරදකරුවන් බවට සැකයකින් තොරව ඔප්පු වීම නිසා දඬුවම් නියම විය.මුළු රටම නෙත් අයා බලාසිටි නඩු තීන්දුව 1973 මැයි 30 වැනි දින ප්‍රකාශයට පත් කළේය.

    චූදිතයන් විසින් එයට එරෙහිව අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිිරිපත් කළද ඒ.සී අලස් (සභාපති) වී.ටී තමෝදරම් සහ ඩී.විමලරත්න යන විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම විභාග කිරිමෙන් පසුව එකී තින්දුව තවදුරටත් තහවුරු කෙරිණි.ප්‍රේමවතී මරා දැමුවේ ඇයිද යන්න අවසන් මොහොතේ ද නිශ්චිත හේතුවක් ඉදිරිපත් කිරිමට චූදිතයන් අපොහොසත් විය.ඔවුහු නිහඬව සිටියහ.නඩු විභාගය අවස්ථාවේ සිද්ධිය සියැසින් දුටු සියලුදෙනාගේම සාක්ෂි ලබා ගත් අතර සිද්ධිය සියැසින් දුටු ඇල්.ඒ ඇලඩින් සිල්වා පැවැසුවේ “ප්‍රේමවතී වළලා දමන්න හමුදාව මට අණ කළා. පෙරුමාල් කාදර් සහ සයිමන් සමඟ එකතුව වළ කැපුවා.ප්‍රේමවතී ළඟට ගියාම ඇයට පණ තිබුණි පසුව වළලන්න බැහැ කිව්වම හමුදා ඇදුම් ඇඳගත්ත අයෙකු පැමිණ තවත් වෙඩි කිහිපයක් බිම වැටී සිටි ප්‍රේමවතිගේ සිරුරට තිබ්බා.ඊට පසුවත් ඇයට පණ තිබුණා.වළ ළඟට ගෙනියන කොටත් ඇය කිව්වා මාමේ කරාබු දෙක ගලවා ගෙන අම්මාට ගෙනිහින් දෙන්න කියලා.ආයෙමත් ඇගේ හිසට හමුදාවෙ අයෙක් වේඩි තැබුවා. ඉන්පස්සේ ඇය සදහටම දෙනෙත් පියා ගත්තා.අපි සිරුර වළදමලා එයාගේම ඇඳුම්වලින් වහලා පස් දමලා වැහුවා.කරාබු දෙක දෙන්න ප්‍රේමවතීගෙ ගෙදර යනකොට ඇගේ මව ගේ ඉස්සරහ අඹ ගහ යටවි අඬ අඬා හිිටියා.මම කරාබු දෙක දික්කලාට ගත්තේ නැහැ. පසුව ඇගේ දෙවැනි දුවගේ අතට දීලා මං හැරිලා ආවා.” ඇලඩින්ගේ සාක්ෂිය ඉතා බරපතල එකක් වුවාට සැක නැත.

    වැළලීයාමට තිබූ අපරාධය ලෝකය ඉදිරියට ගෙන ඒමට කටයුතු කළ වයිට් මහතාද මෙහිදී සාක්ෂි දුන්නේය.

    “එම තරුණිය කුඩා කල පටන් මම දැක තිබුණා.ඇගේ පියා මගේ යටතේ සේවය කළ වනජීවී පරීක්ෂකවරයෙකු වූ හෙන්ද්‍රික් අප්පුහාමි හමුවන්නට යන විට මා ඇය දැක තිබෙනවා.එදා රාත්‍රියේ මා හමුදා කඳවුරට ගියේ වෙනත් රාජකාරී කටයුත්තකටයි.එහි දී මා දුටුවා ප්‍රේමවතී තරුණිය තවත් තරුණියන් පිරිසක් සමග බිම වාඩිවී සිටිනවා.මා ඇය හඳුනාගත්තා.ඇය බිම බලාගෙන සිටියා.බොහෝ කරදරවලට මුහුණ දී සිටි බව මට වැටහුණා.ලුතිනන් විජේසූර්ය මගෙන් ඇසුවා ඇය හදුනනවද කියලා.ඇගේ පියා මා යටතේ සිටින අයෙකු බව කීවා.”

    1949 වසරේදී ලීලාවතී උබේසිංහ මාතාවටත් හෙන්ද්‍රික් අප්පුහාමි පියාටත් දාව තිස්ස කතරගම පාරේ දෙවටගම දී සොයුරු සොයුරියන් 12 දෙනෙකුගේ පවුලේ වැඩිමලිය ලෙස උපත ලද එවකට 22 හැවිරිදි තරුණියක වූ ප්‍රේමවතී මනම්පේරි 1971 අප්‍රේල් මස 17 වැනි දින අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කරන ලදී.1971 වසරේ රට කැළඹූ කැරලිකාර කණ්ඩායමකට නායකත්වය දෙන ලැදැයි සැකපිට ඇය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව හමුදාවට භාරදී තිබිණි.

    නඩුවේ ප්‍රධාන චූදිත ලුතිනන් ඇල්ෆ්‍රඩි විජේසූරිය සිරගෙදරදීම හෘදයාබාධයකින් අවසන් හුස්ම හෙළු අතර වසර හයක් හිරගෙදර ගතකොට පසුව ජනාධිපති සමාව ලැබ නිදහස්ව ගෙදර ආ සැරයන් රත්නායක 1988 දී දේශපේ‍්‍රමි සංවිධානයක සාමාජිකයන් විසින් පහර දී පිහියෙන් ඇන වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.උ.පො.ප.උඩවත්ත කිසිදු බධාවකින් තොරව වෙනත් පොලිසියකට මාරුවී ගොස් රාජකාරි කළේය.පසුව විශ්‍රාමිකව තම ගම් පළාතට ගොස් දිවි ගෙවමින් සිටි 88 හැවිරිදි වියේදී ඔහු මිය පරලොව ගියේය.

    අතිශය නින්දිත හා මිලේච්ඡ ලෙස ප්‍රේමවතී මරා දැමූ අවිචාරවත් දේ කළ නරුම වෙස්ගත් මෘග මිනිසුන්ට නීතියේ මෙන්ම සොබා දහමේ නීතියෙන්ද ගැළවී යාමට අවසර ලැබුණේ නැත.දෙනෙත් ඉදිරියේම කළ පාපයේ දඬුවම ඔවුනට ලැබුණි.ඉතිහාසයේ ලෙයින් කඳුළින් නොමැකෙන කළු පැල්ලමක් සහිත සළකුනක් සනිටුහන් කළ ප්‍රේමවතී මනම්පේරි තරුණියගේ සංවේදී කතාන්දරය ඇසූ දුටු මෙන්ම අසන මුළු රටක් වේදනාවෙන් බරව උපන් කඳුළකින් සුසුමකින් තම ප්‍රණාමය ඇයට යුගයෙන් යුගයට පුදකරන්නීය. අද ඇය ජිවත්ව සිටියා නම් 64 වියැති මවකි. ආදරණීය අත්තම්මා කෙනෙකි.ඇය මරා දමා ගෙවීයන්නේ මේ 41 වැනි වසරයි.තම අදරණීය සොයුරිය ඥාතිවරිය පිළිබඳ ඇගේ පරම්පරාවේ මිනිසුනට අද ඇත්තේ කිසිදා නොනිමෙන කදුළින් ලෙයින් ලියු අදුරු මතකයක හද ගැස්ම පමණි.



    [rns_reactions]

  • ඇමති රවීට තවත් ප්‍රබල ආයතන දෙකක්!

    විදේශ කටයුතු අමාත්‍යංශයට තවත් ප‍්‍රබල ආයතන දෙකක් එක් කිරීමේ සූදානමක් ඇතැයි අපට වාර්තා වුණා. ඒ අනූව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම සහ සුරැකුම් පත් හා විනිමය කොමිසම විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පැවරීමට නියමිත බවයි වාර්තා වුණේ.

    පසුගියදා සිදු කෙරුණු අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසු විදේශ කටයුතු අමාත්‍යංශයට අයත්ව නොතිබුණු. ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පැවරුණා. මීට අමතරව මහපොල භාර කාර අරමුදල ද විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පත් කිරීමට සූදානමක් ඇති බව මීට පෙර අනාවරණ කළා.

    [rns_reactions]

  • ජනපති නායකත්වය යටතේ ආර්ථිකයේ 3.8%ක වර්ධනයක්

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2017 පළමු  කාර්තුව (ජනවාරි, පෙබරවාරි, මාර්තු) සඳහා  දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක නිෂ්පාදන ප්‍රවේශය අනුව පවත්නා මිල ගණන් යටතේ සහ ස්ථාවර මිල ගණන් (2010) යටතේ ඇස්තමේන්තු  නිකුත් කොට ඇත.

    දිවයිනේ උතුර, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වල 2016 වර්ෂයේ සිට පැවති වියලි කාලගුණික තත්ත්වය ආර්ථිකයේ කෘෂිකාර්මික අංශයට අහිතකර ලෙස බලපා ඇත.

    2017 පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සියයට 3.8 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    2017 පළමු කාර්තුව සඳහා ස්ථාවර මිල ගණන් (2010) යටතේ ඇස්තමේන්තු කරනු ලැබු ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,161,770 කි. 2016 පළමු කාර්තුවේ දී මෙම අගය රුපියල් මිලියන 2,082,544 ක් විය.

    2017 පළමු  කාර්තුවේ දී, ආර්ථිකයේ ප්‍රධාන සංරචක වන කෘෂිකර්මය, කර්මාන්ත, සේවා සහ භාණ්ඩ මත අය කෙරෙන සහනාධාර අඩුකල බදු පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වනු ලබන දායකත්වයන් පිළිවෙලින් සියයට 7.0 ක්, සියයට 30.8 ක්, සියයට 52.3 ක් සහ සියයට 9.9 ක් ලෙස වාර්තා වේ. තව ද මෙම කාර්තුවේ දී අනෙකුත් අංශ අභිබවා කර්මාන්ත අංශයේ ආර්ථික කටයුතු සියයට 6.3 ක ඉහළ වර්ධන වේගයක් වාර්තා කර ඇත. එසේම සේවා අංශයේ ආර්ථික කටයුතු  වාර්තා කර ඇති වර්ධනය සියයට 3.5 කි. කෙසේ වෙතත් පැවති අයහපත් කාලගුණ තත්ත්වය මත කෘෂිකාර්මික අංශයේ ආර්ථික කටයුතු සමස්තයක් වශයෙන් වාර්තා කර ඇත්තේ සියයට 3.2 ක  සෘණ වර්ධනයකි.

    2016 පළමු කාර්තුවට සාපේක්ෂව 2017 පළමු කාර්තුවේ දී ප්‍රධාන කෘෂිකාර්මික ආර්ථික කටයුතු අතුරින්   “වන වගා සහ දැව”, “සත්ත්ව නිෂ්පාදන” , “කුළුබඩු වගා කිරීම” සහ “කරදිය ධීවර කටයුතු”  යන  අංශ පිළිවෙළින් සියයට 9.3ක්, සියයට 6.9 ක්, සියයට 6.1 ක් සහ සියයට 5.8 ක් යනාදී වශයෙන් සැළකිය යුතු වර්ධන වේගයන් වාර්තා කර ඇත. කෙසේ වෙතත් 2017 පළමු කාර්තුවේ දී වී හා පොල් වගාකරන ප්‍රදේශවල පැවති දැඩි වියළි කාලගුණික තත්ත්වය නිසා “වී වගා කිරීම” සහ “පොල් වගාව ඇතුළත් තෙල් සහිත බෝග වගාව” පිළිවෙලින් සියයට 53.1 ක සහ සියයට 10.2 ක ඝෘණ වර්ධන වේගයන් වාර්තා කර ඇත.    එසේම “රබර් වගා කිරීම” සහ “තේ වගා කිරීම”යන ආර්ථික කටයුතු පිළිවෙලින්  සියයට 17.2 ක් සහ සියයට 5.7ක් වශයෙන් ඝෘණ වර්ධන වේගයන් වාර්තා කර ඇත.

    2017 පළමු කාර්තුවේ දී “ඉදිකිරීම් කර්මාන්තය” සියයට 16.1 කින් කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇත. එසේ ම “පතල් හා කැනීම් කර්මාන්තය” සියයට 17.9 ක ඉහළ වර්ධනයක් වාර්තා කර ඇති අතර  “ජලය එක්රුස්කිරීම, පිරිපහදු කිරීම හා බෙදාහැරීම” සියයට 21.6 ක ඉහළ වර්ධන වේගයක්  වාර්තා කර ඇත. ආර්ථිකයේ “නිමැවුම් කර්මාන්ත කටයුතු”  අතුරෙන් “ආහාර පාන සහ දුම්කොළ නිෂ්පාදනය” වාර්තා කර ඇත්තේ සියයට 0.3 ක ඝෘණ වර්ධනයකි. එහෙත් “ලෝහ නොවන අනෙකුත් ඛනිජ නිෂ්පාදනය”, “යන්ත්‍රසුත්‍ර සහ උපකරණ නිෂ්පාදනය”  සහ “රෙදිපිළි, නිමි ඇදුම්, සම්භාණ්ඩ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන” යන දළ දේශීය නිෂ්පාදිතය සදහා සැලකිය යුතු දායකත්වයන් සහිත නිමැවුම් කර්මාන්ත පිළිවෙලින් සියයට 19.5ක්, සියයට 18.2ක් සහ සියයට 0.6ක් වශයෙන් ධන වර්ධන වේගයන් වාර්තා කර ඇත.

    සේවා අංශය 2016 පළමු කාර්තුවට සාපේක්ෂව 2017 පළමු කාර්තුවේ දී සියයට 3.5ක වර්ධන වේගයක් ලඟා කරගෙන ඇත. එහිදී  “මුල්‍ය හා මුල්‍ය අතරමැදි සේවා කටයුතු”, “සෙඛ්‍ය සේවා”, “තොග හා සිල්ලර වෙළඳාම් කටයුතු” සහ “ප්‍රවාහන සේවා” යන සේවා ක්‍රියාකාරකම් පිළිවෙලින් සියයට 14.9 ක්, සියයට 11.1 ක්, සියයට 4.5 ක් සහ සියයට 3.1 ක් වශයෙන් සැලකිය යුතු වර්ධන වේගයන් වාර්තා කර ඇත. එසේම “අනෙකුත් පුද්ගලික සේවා කටයුතු” සියයට 2.0 ක වර්ධනයක් වාර්තා කර ඇත.

    2017 පළමු කාර්තුවට අදාල ජාතික ගිණුම් ඇස්තමේන්තු පිළිබඳව විස්තරාත්මක තොරතුරු ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ www.statistics.gov.lk වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කොට ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.

    [rns_reactions]

  • මියගිය පබසරා ගැන ආන්දෝලනාත්මක පුවතක් කරලියට…..

    කොට්ටාව ප්‍රදේශයේදී දුම්රියට ගෙල තබා දිවි නසාගත් සිසුවියක් සම්බන්ධයෙන් ඉකුත් දා තොරතුරු වාර්තා වුණා.

    මෙලෙස මියගොස් ඇත්තේ පන්නිපිටිය මාකුඹුර ප්‍රදේශයේ පදිංචි සවින්දි පබසරා නැමති සිසුවියක්.

    ඇය ජීව විද්‍ය අංශයෙන් මෙවර උසස්පෙළ විභාගයට පෙනීසිටීමට නියමිතයි.

    ඇය නුගේගොඩ පුද්ගලික උපකාරක පන්තියකට ගොස් ආපසු එමින් සිටිදී මෙලෙස මියගොස් තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇගේ පියා සඳහන්කර ඇත්තේ මෙම මරණය පිළිබද සැකයක් පවතින බවයි.

    ” මගේ දුවට කෝච්චියට බෙල්ල තියලා මැරෙන්න තරම් ප්‍රශ්ණ තිබුනෙ නෑ. මට මේ මරණය සැකයි. කවුරුහරි දුවව පැහැරගෙන ඇවිත් මේ මරණය කලාද කියලා මට හිතෙනවා. දුව පන්ති ඉවර වෙලා මගේ බිරිඳටයි පුතාටයි කෝල් කරලත් තියෙනවා ” මම දැන් එන ගමන් කියලා” යනුවෙන් පියා ප්‍රකාශ කර තිබෙනවා.

    කෙසේවෙතත් කැළණිවැලි දුම්රියේ රියදුරා ප්‍රකාශකර ඇත්තේ අදාල සිසුවිය දුම්රිය මාර්ගයට ගෙල තබාගෙන සිටි බවයි.

    දුවගේ උරහිසේ පොත් බෑග් එක තිබ්බා. කලිසම් සාක්කුවේ ෆෝන් එක තිබ්බා. දුම්රියට පනින අය බෑග් එල්ලන් පනින්නේ නෑ. අනික මගේ දුව ෆෝන් එක සාක්කුවේ දාගන්නෑ.. ඒක එයා බෑග් එකේ දාගන්නේ. දුවගේ පාවහන්වල මඩවත් නෑ. කවුරුහරි එයාව පැහැරගෙන ගිහින් තියෙනවා. මේ සිද්ධිය වෙන්න කලින් දුව යාලුවෙක් එක්ක එස් එම් එස් පණිවිඩ හුවමාරු කරගෙනත් තියෙනවා.

    [rns_reactions]

  • IDH උණ රෝහලේ ගැටළුව මාධ්‍ය සංදර්ශනයක් – ඇමති රාජිත

    අයි.ඩී.එච් ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච් උණ රෝහලේ මතුවූ ගැටළුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිනම් විසඳුම් ඉදිරිපත් කර තිබියදීත් රජයේ වෛද‍්‍ය නිළධාරින්ගේ සංගමය විවිධ ප්‍රකාශ සිදු කරමින් ජනතාව නොමඟ යවමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
    එය හුදෙක් මාධ්‍ය සන්දර්ශනයක් බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
    ඩෙංගු උණ රෝගය වැළදී පැමිණෙන රෝගීන් කළමනාකරණය කිරිමට අවශ්‍ය  පියවර මේ වන විටත් ගෙන ඇති අතර රජයේ වෛද්‍ය  නිළධාරින්ගේ සංගමය වර්තමානයේ වෘත්තිය අයිතීන් දිනා ගැනීම පසෙකලා දේශපාලන ව්‍යාපාරවල නිරත වන බව ද අමාත්‍යවරයා පවසයි.
    ඩෙංගු ජනාධිපති කාර්යය සාධක බලකාය වහාම කැඳවන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව සඳහන් කරන අමාත්‍යවරයා ත්‍රිවිධ හමුදාව යොදවා කසළ කළමනාකරණය කිරිම පිළිබඳව ද තමන් ජනාධිපතිවරයා දැනුවත් කළ බව කියා සිටියේය.
    [rns_reactions]