Author: Editor[A]
-
ආණ්ඩුව ඥානසාර හිමි සඟවලා – ඉෆ්තාර් සමරමින් මහින්දගෙන් අමුතු කතාවක්…
ඥානසාර හිමියන් සඟවා ගෙන සිටින්නේ අන් කවරෙක් නොව ආණ්ඩුවම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.එමෙන්ම පවතින තත්ත්වය හමුවේ ජාතිවාදය වපුරන සංවිධාන මර්දනය කිරිමට නව නීති අවශ්‍ය නොවන බවත් පොලීසියට දැනට තිබෙන බලතල ප්‍රමාණවත් බවත් රාජපක්ෂ මෙහිදී ප්‍රකාශ කළේය.මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිළ නිවසේ පැවති ඉෆ්තාර් උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියේය.[rns_reactions] -
මම අහිංසකයි – මාව රැවට්ටුවා – ඇමති ජෝන් රටම හින්ස්සයි…
බෝපිටිය ප්‍රදේශයට කුණු කසළ බැහැර කරලීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් ප්‍රශ්න කිරීමේ දී තමා බැන වැදුණේ උවමනාවෙන් නොවන බවත් ඔහු විසින් තමා කුපිත කළ අතර දරා සිටීමේ සීමාව ඉක්මවා ගිය නිසා එලෙස හැසිරීමට සිදු වු බවත් ඒ සම්බන්ධයෙන් කණගාටුවන බවත් සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.අද එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.තමාගේ නිවසේ මුතුරාජවෙල ජනතාවගේ කුණු කසළ ගැටළුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ප්‍රාදේශිය ස්වෙච්ඡා සංවිධානයක් පැමිණ සිටි මොහොතක විවිධ ප්‍රශ්න අසමින් නැවත නැවත ජනතාව කුපිත කරලීමට එම මාධ්‍යවේදියා උත්සහ කළ බව ද අමාත්‍යවරයා පැවසීය.අද වන විට රටේ ඇති නිදහස යටතේ ජන මාධ්‍යවේදීන්ට කිසිදු සදාචාරයක් නොමැති බවත් මාධ්‍ය නිදහස අනිසි ලෙස භාවිතා කරමින් සිටින බවටත් අමාත්‍යවරයා මෙහිදී චෝදනා කර සිටියේය.[rns_reactions] -
රට තුල සහල් හිඟයකට කිසිදු ඉඩක් නෑ – ජනපති කියයි
වෙළෙඳ පොළ තුළ කිසිදු අවස්ථාවක සහල් හිඟයක් ඇතිවිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර තිබේ.සහල් තොග පවත්වාගෙන යාම සහ ඉදිරි සහල් අවශ්‍යතාවයන් පිළිබඳ සොයා බැලීම සඳහා කැඳවා තිබූ විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.වෙළෙඳ පොළ තුළ සහල් හිඟයක් පවතින බවට ලැබුණ තොරතුරුවලට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සාකච්ඡාව කැඳවූ බව සඳහන් වෙයි.අවශ්‍ය පරිදි සහල් ගබඩා පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිවරයා වෙළෙඳ අමාත්‍යාංශය ඒ පිළිබඳ නිරන්තර අධීක්ෂණයෙන් සිටිය යුතු බව දැනුම්දී ඇත.පාලන මිලට වඩා වැඩි මිලට වෙළෙඳ පොළේ සහල් අලෙවි කිරිම හේතුවෙන් පාරිභෝගික ජනතාව මුහුණදී ඇති දුෂ්කරතාවන් පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබේ.එමෙන්ම ඉදිරියේදී අවශ්‍යතාවය පරිදි සහල් ආනයනය කිරිම සහ පෞද්ගලික අංශය ඒ සඳහා සූදානම් කිරිම පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.[rns_reactions] -
වැරදි පාරේ ගිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පිරිස 30 තෙක් රිමාන්ඩ්
අකුණු සන්නායකයක්, රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිළධාරින් 05 දෙනා සහ සිවිල් පුද්ගලයින් සිව් දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඔවුන් ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.
ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා අද හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කර ඇති අතර බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු මහතාගේ ළඝු ලේඛකවරයාට එම සැකකරුවන් හඳුනාගැනීමට නොහැකි වී තිබේ.
කෙසේවෙතත් ඔවුන් ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කර තිබේ.
[rns_reactions]
-
රටම බලන හාර කෝටියේ අද සිදුවූ දේ මෙන්න….
https://www.youtube.com/watch?v=tIaaq-PJ1bA
https://www.youtube.com/watch?v=W9gnLvAiNXs
https://www.youtube.com/watch?v=SBKZ2f_H_yY
[rns_reactions]
-
අද සිදු නාට්‍යයේ සිදුවූ අපුරු දේ මෙන්න…..
[rns_reactions]
-
දෙවැනි ඉනිමේ මොකද උනේ? බලපු නැති අය බලන්න…..
[rns_reactions]
-
අම්මත් බලාගෙන රෝහලේ ඉඳන් පාසල් යන දිරිය දියණිය
වෙලාව දවල් 1.30යි. ඉස්කෝලෙ ඇරෙන්න ළඟයි. ඉස්කෝලෙ අරිනකල් මේ අම්මට ඉවසුමක් නැහැ. ඒ තමාගේ පණ සරි දියණිය එනකල්.
අම්මා ඉන්නේ බල්ලකෙටුව ග්‍රාමීය ආයුර්වේද රෝහලේ ඇඳක් මත. එයාට නැගිටින්න බැහැ. ගොත ගහන්නේ නැතිව කතාකරන්නත් බැහැ. එයා අංශභාග රෝගියෙක්. දුව දැන් ඉගෙන ගන්නේ බල්ලකොටුව සුගත විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ.
දියණියගේ නම ආර්.එම්. නිමේෂා (12). අම්මාගෙ නම මාලනී (46).
ඉස්පිරිතාලේ ඉඳන් අම්මාට සාත්තු කරන ගමන් ඉස්කෝලෙ යන මේ පුංචි කෙල්ල දකින්න තවත් පැය දෙකක පමණ කාලයක් ඉස්කෝලෙ අරින්න තිබුණ නිසා, මම ඇය එන තෙක් රෝහලේ ඇති අසිරිය වින්දා.
මේ රෝහල නම් හරියට අසරණයන්ට සරණ වෙන්නේ පන්සලක් වගේ.
මම එහි යනවිට ධර්ම දේශනයක් පැවත්වෙමින් තිබුණා. නේවාසික රෝගීන් වගේම බාහිර ප්‍රතිකාර සඳහා පැමිණි සියයකට වැඩි පිරිසක් මේ ධර්ම දේශනාවට සහභාගිවෙලා හිටියා.
රෝහලේ ඉන්න එකම දොස්තර මහත්තයා වන කැලුම් මනම්පේරි මහත්තයා මෙන්ම අට දෙනකු වන සමස්ත රෝහල් කාර්ය මණ්ඩලය ද මෙම ධර්ම දේශනාවට සහාභාගි වී සිටියා.
ඊට පස්සේ තමයි වැඩ පටන් ගත්තේ. සමහරු කොටනවා. සමහරු අඹරනවා. තවත් සමහරු මිරිකනවා.
මේ තම රෝගීන්ගේ බෙහෙත්, පවුලේ ඥාතීන් විසින්ම සාදා ගන්නා අපූරුවයි.
වෛද්‍ය කැලුම් මෙන්ම ටී.එම්. අමරසිංහ මහත්තයා නිරන්තරයෙන් මේවාට උපදෙස් දෙමින් බෙහෙත් හදන හැටි පරීක්ෂා කරනවා.
ඒ අතරේම තමයි වෛද්‍ය කැලුම් කඩියෙක් වගේ දුව පැන පැන රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ.හරිම පුදුමයි මේ කැපවීම.
මම නිහඬවම හෝරා දෙක තුනක් මේ සිතට වදින දසුන් නැරැඹීමෙන් පසු වෛද්‍ය කැලුම් එක්ක කතා කළා.
මුලින්ම ඇහුවෙ රෝහලේ ඉන්න අම්මයි දුවයි ගැන.
කැලුම් මහත්තය සියලු වැඩ මොහොතකට නතර කර ඉරිදා ලංකාදීපයට විස්තර කිව්වා.
“නිමේෂා කියන 12 හැවිරිදි මේ දිරිය දැරිය ගැන මුලින්ම දැනගන්න ලැබුණේ, මගේ මිතුරකු වන වැලිමඩ (ජෙමිණි) ගාමිණි විජය බණ්ඩාරගෙන්.
මෙයාලා ඌව පරණගම මැදවෙල මහා විද්‍යාලයේ සිසුන් සඳහා නායකත්ව හා ජනමාධ්‍ය වැඩමුළුවක් සංවිධානය කරල තියෙනවා.
හේම නලින් මහත්තය එය මෙහෙයවන ගමන් අහලා තියෙනවා, අම්මාට උදව් කරන දූලා ඉන්නව ද? කියලා.ඒ වෙලාවේ මේ ළමයා කියල තියෙනවා මම උදෙන්ම නැගිටලා තේ හදනවා. ඊට පස්සේ අම්මාගේ මූණ සෝදවලා, වැසිකිළි යවලා, කෑම හදලා අම්මටත් කන්න දීලා, ඉස්කෝලේ යනවා කියලා.
ඒ වෙලාවේ කාටවත් අදහන්න බැරි වෙලා.
අම්මාගේ අසනීප තත්ත්වය සුවපත් කළොත් මේ දරුවා මෙන්ම මව ද ගොඩගත හැකි බැවින් උදව් කරන්න කියල හේම නලින් මහත්තය මගෙන් ඉල්ලීමක් කළා.
මේක මහා පින්කමක්. අපි සැණින් තීරණයක් ගත්තා, මේ දරුවා සහ මව බලන්න යන්න. මාත් එක්ක අමරසිංහ මහත්තයත් විජය බණ්ඩාර මහත්තයත් මැදවෙල විදුහලේ විදුහල්පති රත්නායක මහත්තයත් ඌවපරණගම ලුණුඅටුගම පදිංචි මේ අම්මයි දුවයි සොයාගෙන ගියා.
ඒ යද්දි විදුහල්පතිතුමා තවත් දුක්බර කතාවක් කිව්වා.
“මැදවෙල කනිෂ්ඨ විද්‍යාලයේ ඉඳලා මහා විද්‍යාලයට සිසුන් ගන්න සම්මුඛ පරීක්ෂණය පැවැත්වූ දවසේ අනෙක් ළමයි දෙමාපියන් සමග ඇවිත් හිටියත් මේ ළමයා ඇවිත් හිටියේ තනියමයි.
මේ ළමයා තනියම අදාළ ලිපි ගොනුව ඉතා නිවැරැදිව සකස් කර තිබුණා.
හරිම දක්ෂ ළමයෙක්. අපි ඇහුවම මේ ළමයා මේ සියලු විස්තරය කියද්දි, සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සියලු දෙනාගේ දෑස තෙත් වුණා.
ඊට පස්සෙ අපි ගුරු මණ්ඩලය රුපියල් සියය ගණනෙ එකතු කරලා මාසිකව පරිත්‍යාගයක් කළා.” යැයි විදුහල්පතිතුමා කිව්වා.
“අපි මේ ගෙදරට ගියාම, මේ දැරිය කරන මහා කාර්ය භාරය ඇස් දෙකටම දකින්න ලැබුණා.ඒක නම් හිතාගන්නත් බැරි තරම් වූ මාතෘ පූජාවක්.
අම්මා ලෙඩ ඇඳේ පසුවෙද්දි සියලු ඇප උපස්ථාන කරන්නේ මේ දියණියයි.
අපි කොහොම හරි මේ දෙන්නාම ගොඩගන්න ඕනැ කියන අධිෂ්ඨානය ඇතිව ආපසු ආවා.
මම මගේ ප්‍රධානියා වන ඌව පළාත් ආයුර්වේද කොමසාරිස් පී.ඩබ්ලිව්. දිසානායක මහත්තයට මේ විස්තරේ කිව්වම එතුමත් කිව්වා කොහොම හරි උදව් කරමු කියලා.
අපි ඌව පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජකරුණා මහත්තයටත් මේ විස්තර කිව්වම, එතුමා බොහොම උනන්දු වෙලා, මේ අම්මයි දුවයි දෙන්නම රෝහලේ නතර කරගන්න අවශ්‍ය නීතිමය අවසරය ඌව පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස්වරිය හරහා ලබාදෙන්න පියවර ගත්තා.”
“ඉන්පසු අම්මයි දුවයි මෙහාට ගෙනැල්ලා, අම්මා මේ රෝහලේ දියණියත් එක්කම නතර කරලා, දුව රෝහලට නුදුරින් තියෙන බල්ලකෙටුව සුගත මහා විද්‍යාලයට ඇතුළත් කළා” යැයි ද වෛද්‍ය කැලුම් කීවේය.
මම දෙමහල් වාට්ටු ගොඩනැගිල්ලේ උඩු මහලේ සිට පිටත බැලුවෙමි.
පාසල නිමවී ගෙදර යන සිසුන්ගෙන් මහ පාර පිරී ගියේය.
ඔවුන් සිය නිවෙස් බලා යද්දී මා සොයමින් සිටි ආදරණීය කෙල්ල රෝහල් ගේට්ටුවෙන් ඇතුළු වී අම්මා සිටින වාට්ටුව වෙත දිව ගියාය.
කැමරාව අටවා ගෙන මම ඇය පසුපසින් දුවගෙන ගියෙමි.
ලෙඩ ඇඳේ සිටින අම්මාගේ මුහුණ සිනාවෙන් ආලෝක විය. දියණිය ඇඳටම ගොස් අම්මා බදාගෙන සිපගෙන සිපගෙන ගියාය.
“ඔහොම තමයි හැමදාම ඉස්කෝලේ යන්න කලිනුත් මේ විදියටම හාදු දෙනවා” යැයි අසල ඇඳන්වල සිටි රෝගීන් මා සමග පැවැසුවේ සංවේදී සිතිනි.අම්මාට කෑම දී තමා ද ආහාරය ගෙන පාසලේ දී නියම කළ ගෙදර වැඩ කිරීමට මෙම දැරිය පුරුදු වී සිටින්නීය. ඒ සඳහා මේසයක් පුටුවක් ඇතුළු සියලු පහසුකම් ද සපයා තිබේ.
ඇය රාත්‍රී නින්දට යන්නේ ද අම්මාගේ උණුසුමේය.
මේ දිරිය දියණිය නිමේෂා අපට කීවේ මෙවැනි කතාවකි.
“අපේ තාත්තා නැහැ. අම්මයි මමයි අපේ ගෙදර ඉන්දෙද්දි උදේ 5ට නැගිටල, කෑම උයලා, අම්මට කවලා අම්ම සෝදලා තමයි ඉස්කෝලෙ ගියේ.
මම අම්මට හරිම ආදරෙයි.
කැලුම් ඩොක්ටර් අන්කල් අපි දෙන්නම මේ ඉස්පිරිතාලෙට ගෙනාවට පස්සේ මට හිතුණා මේ කරන්නේ මොන තරම් ලොකු පරිත්‍යාගයක් ද කියලා.
මම මැදවෙල ඉස්කෝලේ ඉන්දෙද්දි පන්තියේ 4 වැනියා. ඩොක්ටර් අන්කල් කියල තියෙන්නේ කොහොම හරි මේ පාර පළමු වැනියා වෙන්න කියලා. දැන් මම පළමු වැනියා වෙන්න උත්සාහ කරනවා” යැයි නිමේෂා දියණිය කීවාය.
“මම කොහොම හරි මේ අම්ම සනීප කරනවා. ඊට පස්සේ අම්මගෙයි දුවගෙයි අනාගතය සඳහා කිසියම් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි” යැයි වෛද්‍ය කැලුම් කීවේ මා ඔවුන්ගෙන් සමුගන්නා මොහොතේදීය.
[rns_reactions]
-
අයි.ඩී.එච් උණ රෝහලේ ගේට්ටු වසා දමයි – රෝගීන් තලංගම, වෑතර සහ පිළියන්දල රෝහල්වලට
අයි.ඩී.එච් උණ රෝහලේ ගේට්ටු වසා දමයි – රෝගීන් තලංගම, වෑතර සහ පිළියන්දල රෝහල්වලට
උණ රෝගීන්ගෙන් පිරීයාම හේතුවෙන් ඊයේ(14) රාත්‍රීයේ සිට කිසිදු රෝගියෙකු අංගොඩ අයි.ඩී.එච් උණ රෝහල ඇතුළත් කර නොගැනීමට තීරණය කර තිබේ.ඒ අනුව නේවාසික ප්‍රතිකාර සඳහා ඊයේ පස්වරු 6 සිට රෝහල් ගේට්ටුවද වසා දමා ඇති අතර රෝහලට පැමිණෙන රෝගීන් ආපසු හරවා යැවීමටද කටයුතු කර තිබේ.
උණ රෝගීන්ගෙන් රෝහල් වාට්ටු පිරී යාමෙන් ඊයේ රාත්‍රී සිට අද(15) පෙරවරු කාලය දක්වා උණ රෝගීන් බාර නොගත් බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
අයි.ඩී.එච් උණ රෝහලේ ඇදන් 220ක් පමණ ඇති අතර රෝගීන් 600කට වැඩි ප‍්‍රමාණයක් නේවාසිකව ප්‍රතිකාර ලබයි. ඇතැම් ඇදන්වල රෝගීන් හතර දෙනෙකු බැගින් සිටිති.
මේ හේතුවෙන් රෝහලේ ඉඩකඩ හා පහසුකම් ප්‍රමාණවත් නොවන බවද වාර්තා වේ.
ගැටළුවට රාජිතගෙන් තීන්දු රැසක්
මේ අතර අයි.ඩී.එච් ජාතික බෝවන රෝග විද්‍යායතනය ඩෙංගු රෝගීන්ගෙන් පිරී පැවැතීම හේතුවෙන් මතුව ඇති ගැටළුව නිරාකරණය කිරීම සදහා තලංගම, වෑතර සහ පිළියන්දල රෝහල් වලට මෙන්ම කොළඹ ජාතික රෝහලට, දකුණු කොළඹ ශික්ෂණ රෝහලට සහ උතුරු කොළඹ ශික්ෂණ රෝහල්වලට ඩෙංගු රෝගීන් ඇතුලු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රීයාත්මක කිරීමට සෞඛ්‍ය , පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.
එමෙන්ම කොළඹ උතුර සහ කොළඹ දකුණ ශික්ෂණ රෝහල්වල ඩෙංගු අධිසත්කාර ඒකක වැඩිදියුණු කිරිමට පියවර ගෙන ඇත.
ඒ අනුව බස්නාහිර පළාත් සභාව යටතේ ක්‍රියාත්මක වන තලංගම, පිළියන්දල සහ වෑතර යන ප්‍රාදේශීය රෝහල් අයි.ඩී.එච්. ජාතික බෝවන රෝග විද්‍යායතනයට සහ කොළඹ දකුණ ශික්ෂණ රෝහලට තාවකාලිකව අනුබද්ධ කර රෝගී සත්කාරක සේවා කළමණාකරණය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට අද (15) පෙරවරුවේ උපදෙස් ලබාදී තිබේ.
දැනට අයි.ඩී.එච් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රෝගීන් 450 ක් පමණ ප්‍රතිකාර ලබති. එම රෝගීන්ගෙන් බහුතරය බස්නාහිර පළාතෙන් පිටත රෝගීන් වීම ද විශේෂත්වයකි.
අයි.ඩී.එච් රෝහලට අනුබද්ධ කරන රෝහල් සදහා ඇඳන් 200 ක් කඩිනමින් මිලදී ගැනීමට ද තීරණය කර ඇති අතර එම රෝහල්වලට අවශ්‍ය වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුලු අනෙකුත් කාර්ය මණ්ඩල කඩිනමින් අනුයුක්ත කිරීමට ද පියවර ගෙන ඇත. අයි.ඩී.එච් රෝහලේ තාවකාලික වැසිකිළි පද්ධතියක් පෞද්ගලික අංශයේ සහයෝගය මත ඉදිකිරීමට ද කටයුතු යොදා ඇත.
මේ අතර මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ද රෝගීන් වැඩිවීම හේතුවෙන් දැනට නවීකරණය කරමින් පවතින පස්මහල් ගොඩනැගිල්ලේ එක් මහලක් රෝගීන් ඇතුලු කිරිම සදහා සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත. තවද කොළඹ ජාතික රෝහලට, දකුණු කොළඹ ශික්ෂණ රෝහලට සහ උතුරු කොළඹ ශික්ෂණ රෝහල් වල ද ඩෙංගු ප්‍රතිකාර ඒකක ක්‍රියාත්මක වන බැවින් එම රෝහල්වලට ද රෝගීන්ට ඇතුලත් විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කර සිටි.
2017 වසරේ මේ වනවිට ඩෙංගු රොගීන් 62,000 ක් වාර්තා වී ඇත. අද (15) සහ හෙට (16) දෙදින ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් ද ක්‍රියාත්මක වන අතර, ඒ යටතේ නිවාස පරීක්ෂා කිරිම සහ ධූමායන කටයුතු සිදු කිරීම දිස්ත්‍රික්ක 21 ක් පුරා අද (15) පෙරවරුවේ ආරම්භ විය.
එහිදී දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වූයේ කසල බැහැර කිරීම විධිමත්ව සිදු නොවන බවයි. දරුවන් පාසල් වලට සහ නිවාස වල රැදී සිටිය දී මදුරු විකාශක භාවිත කරන ලෙස ද, නිදා ගැනීමේ දී මදුරු දැල් භාවිත කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටි.
මේ අතර සෑම සිකුරාදා දිනයකම උදෑසන 9.30 සිට 10.30 දක්වා පැයක කාලය නිවාස, රාජ්‍ය ආයතන, සියළුම පෞද්ගලික ආයතන පිරිසිදු කිරීමේ පැය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය හදුන්වා දී ඇත. එම කාලය තුල නිවාස සහ රාජ්‍ය ආයතන පිරිසිදු කළ යුතු බවත්, ඒවා නිරීක්ෂණය කිරිම සදහා සෞඛ්‍ය කණ්ඩායම් සහ ත්‍රීවිධ හමුදා සාමාජිකයින් පැමිණෙන බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සදහන් කරයි.
[rns_reactions]
-
අයිරාංගනී සේරසිංහ 90 වැනි උපන් දිනය සමරයි…
අයිරාංගනී සේරසිංහ කියන්නේ සුවිශේෂි රංගන ප්‍රතිභාවක් සහිත රංගන ශිල්පිනියක බව අමුතුවෙන් කිවයුතු නැහැ. ළාබාල වියේදීම කලා ලෝකයට පිවිසි ඇය එතැන් පටන් විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවෙමින් ආ ගමන් මගේ කෙළවර හරියේදී මිත්තණියක විදිහටත් මතකයේ සැමදා රැඳෙන විදිහේ භූමිකා රැසක් නිරූපණය කළා. අපි මෙවර ඇයව හමුවුණේ එක්තරා සුවිශේෂි හේතුවක්ද නිමිති කරගෙනයි.
මීට දින දෙකකට කලින් ඔබේ ජීවන ගමනේ සුවිශේෂි සංධිස්ථානයක් සනිටුහන් වුණා. මතක් කරමුද ඒ ගැන?
මගේ උපන් දිනය ජුනි 9 වැනිදාටයි යෙදී තිබුණේ. දැන් මට අවුරුදු 90ක්.මේ විශේෂ අවස්ථාව උත්සවශ්‍රීයෙන් සමරන්න ඕනෑ කියලා හිතුණේ නැද්ද?
මගේ උපන් දිනය දවසට නෑදෑයෝ යාළුවෝ වගේ අය මාව බලන්න ඇවිත් මගේ ළඟින් ඉන්නවා නම් මම හැමදාමත් කැමැතියි. හැබැයි මම සාමාන්‍යයෙන් උපන් දිනය වෙනුවෙන් සාද පවත්වලා ලොකුවට ඒක සමරන්න කැමැති නැහැ. අනික රටේ මිනිස්සු හුඟදෙනෙක් ගංවතුර සහ නායයෑම්වලින් අනාථවෙලා ඉන්දැද්දී මම කොහොමද සාද පවත්වලා සතුටු වෙන්නේ.මේ දිනවල ඔබ විවේක සුවයෙන්ද කාලය ගතකරන්නේ?
අපොයි ඔව්. දැන් නම් මුළු දවසෙම ඇඳේ වැතිරිලා ඉන්න තමයි මම කැමැති.හැබැයි ඔබ තවමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් නේද ඉන්නේ?
ඒක ඇත්ත. ඒ වුණත් ඇඟට ඉක්මනට වෙහෙස දැනෙනවා. ඒ නිසයි ඉස්සර කරපු දේවල් මට කරන්න බැරි.නමුත් එදා කරපු සමහර දේවල් ඔබ තවමත් අත්හැර දාලා නැහැ නේද?
අපොයි ඔව්. ලොකුම කටයුත්ත තමයි පරිසරය ආරක්ෂා කරගැනීමේ වටිනාකම ගැන ජනතාව දැනුවත් කරන එක. මම ඉස්සර ඉඳන්ම ගහකොළ, සතා සිවුපාවුන්ට ආදරෙයි. හුඟක් අයට වැටහෙන්නේ නැහැ ස්වාභාවික පරිසරය රැකගැනීම කොතරම් වැදගත්ද කියන එක.ජීවන ගමන් මගේ 90 වැනි සැතපුම් කණුව පසුකරන මොහොතේ රංගන ජීවිතය දිහා ආපහු හැරිලා බලද්දී මොනවද ඔබට හිතෙන්නේ?
කුඩා කාලයේදී ඉඳන් රඟපෑමට මගේ තිබුණු ආශාව නිසයි ජනතාවගේ ආදරයත් දිනාගෙන කලා ක්‍ෂේත්‍රයේ මේ තරම් දුරක් මම අද ඇවිත් තියෙන්නේ. ඒ ආපු ගමන ගැන මට හරිම සතුටුයි.රංගනයට පිවිසුණු මුල්ම කාලය ඔබට මතකද?
මොකද නැත්තේ. පාසල් වේදිකාවේ රංගනයක් ඉදිරිපත් කරද්දී මට යන්තම් අවුරුදු හයක් විතර ඇති. එදා මම ඇඳගෙන හිටපු ඇඳුම පවා මට අදටත් මතකයි.සිනමාවේ, පුංචි තිරය සහ වේදිකාවේ යන මාධ්‍ය තුනෙන්ම දක්ෂතා පෙන්වූ නිළියක විදිහට වඩාත්ම කැමැති මොන මාධ්‍යයටද කියලා ඇහුවොත්?
මම වැඩිපුරම කැමැති වේදිකාවට. චිත්‍රපටවල සහ ටෙලි නාට්‍යවල කැමරාවක් ඉදිරියේ රඟපානකොට සමහර වෙලාවට තනියම රඟපාන්න සිද්ධ වෙන අවස්ථාවලුත් තියෙනවා. වේදිකාවේ අනෙක් නළු නිළියන් එක්ක ප්‍රේක්ෂකයන් ඉදිරියේ රඟපාද්දී ලබන සතුට චිත්‍රපටවල සහ ටෙලිනාට්‍යවල රඟපෑමෙන් ලබාගන්න අමාරුයි.සිනමා නිළියක විදිහට වඩාත්ම කැමැත්තෙන් කරපු රංගනය සිහිපත් කරන්න පුළුවන්ද?
එවැනි අවස්ථා හුඟක් තිබුණා. නම් වශයෙන් කියනවා නම් මම මුලින්ම රඟපෑ “රේඛාව“ චිත්‍රපටය තමයි මට පළමුවෙන්ම සිහිපත් වෙන්නේ.අද කාලේ නළු නිළියන් දිහා බලද්දී මොනවාද හිතෙන්නේ?
වැඩ රාජකාරි වැඩිවීමත් එක්ක අද කාලේ නළු නිළියන්ගේ ජීවිත හුඟක් සංකීර්ණවෙලා කියලයි මට හිතෙන්නේ. අපි තරුණ කාලේ ගත කරපු විදිහට නෙවෙයි ඒ අය අද ජීවත් වෙන්නේ.ඒ වගේම රංගන ශිල්පීන්ගේ අරමුණුත් කාලයත් එක්ක වෙනස් වෙලා නේද?
අද හුඟක් අය සම්මාන බලාපොරොත්තුවෙන්ම රඟපාන බවක් පේන්න තියෙනවා. තමන් නියැළෙන්නේ ශිල්පයකැයි කියලා හිතට අරගෙන හොඳට රඟපානවා මිස සම්මාන බලාපොරොත්තුවෙන් රඟපාන්න එපා කියන එකයි මට ඒ අයට දෙන්න තිබෙන උපදෙස.අයිරාංගනී සේරසිංහ කියන ප්‍රවීණ රංගන ශිල්පිනියගේ දායකත්වය ඉදිරි කාලයේදීත් කලා ක්‍ෂේත්‍රයට ලැබේවි නේද?
මාස තුන හතරකින් කිසිම නිර්මාණයකට රංගනයෙන් දායක වුණේ නැහැ. හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත්, මගේ සෞඛ්‍ය තත්ත්වයත් එක්ක පුළුවන්කමක් තියෙනවා නම් ඒ ආරාධනාව බාරගන්නවා. හැබැයි අදටත් මම හොඳට පිටපත කියවලා තමයි ඕනෑම නිර්මාණයක් බාරගන්නේ.[rns_reactions]
-
මෝය කට විශාල වීම නිසා මුහුදු රළ ගොඩබිමට
ගංවතුර බැස යාම සඳහා මෝය කැපීමෙන් ඇතිවූ රළ පහරට මෝය විශාල වීම නිසා මුහුදු රල ගොඩබිමට ගසාගෙන ඒමට පටන් ගෙන ඇති බව වාර්තාවේ.
කළුතර දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ගය ආරක්ෂා කිරීම සඳහා ගල්වැටි දැමීම ආරම්භ කර ඇති අතර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතේ මීටර් 200ක පමණ දුර ප්‍රමාණයට දුම්රිය මාර්ගය ආරක්ෂා වීමට මෙම ගල්වැටි අතුරන බව ද සදහන්.
ගංවතුර බැසීමට මෝය කැපීම නිසා විශාල වූ මෝය ගඟත් මුහුදත් එක සමාන වී මුහුදු රළ ගොඩබිමට ගසාගෙන ඒමට පටන්ගෙන ඇත.
පොල් ගස් සහ විශාල ගස්කොලන් දැනටමත් විනාශ වී ජලයට පෙරලී තිබේ.
[rns_reactions]
-
දුෂිත ගම්මන්පිලට එරෙහි නඩුවක් විභාගයට දින නියම වෙයි
මන්ත‍්‍රී උදය ගම්මන්පිලට එරෙහි නඩුවක් ඔක්තෝම්බර් 03 වැනි දින සිට විභාගයට ගන්නැයි අද නියෝග කළේය.
ඒ කොළඹ මහාධිකරණය විසින්.
ඒ ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෙකුට අයත් ආයතනයක කොටස් ව්‍යාපාරිකයෙකුට විකිණීමෙන් රුපියල් මිලියන 21 ක මුදලක් සාපරාදී ලෙස පරිහරණය කිරීමට අදාලවයි.
නඩුවේ ප‍්‍රධාන සාක්ෂිකරු වන ඔස්ටේ‍්‍රලියානු ජාතික බ‍්‍රයන් ෂැඩික් නඩුවට කැඳවීමට ද නියමිතයි.
[rns_reactions]
-
ජනපති නියෝගයෙන් හානියට පත් පාසල් නැවත නඟා සිටුවීමට පියවර – අගමැති රනිල් කියයි
අතිගරු ජනාධිපතිතුමාගේ නියෝගයකට අනුව ගං වතුරෙන් හානියට පත් වූ සියලු පාසල් පැවති තත්ත්වයට වඩා හොඳ තත්ත්වයකින් නඟා සිටුවිමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ගං වතුරෙන් හානියට ලක් වූ පිටබැද්දර, දෙහිගස්ප ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
හානි සිදු වූ පාසල්වල පරිඝණක ඇතුළු සියලු පාසල් උපකරණ කඩිනමින් ලබාදිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරයා නිළධාරින්ට උපදෙස් ලබා දී තිබේ.
[rns_reactions]
-
හානි වූ මුදල් නෝට්ටු පිළිබඳව මහ බැංකුවෙන් නිවේදනයක්
විකෘති කරන ලද, වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු සඳහා 2017.12.31 දිනෙන් පසුව ගෙවීම් සිදුනොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනය කර සිටී.
එසේම මෙවැනි ව්‍යවහාර මුදල් නෝට්ටු සන්තකයේ තබාගන්නන් හට එම මුදල් නෝට්ටුවල මුහුණත වටිනාකමට අදාළ අලාභය දැරීමට සිදුවනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටින අතර එවැනි පුරුදුවලින් වළකින ලෙස ද ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.එසේම දැනට තිබෙන එවැනි මුදල් නෝට්ටු බලපත්‍රලාභී වාණිජ බැංකු ශාඛාවන් සමඟ හුවමාරු කරගන්නා මෙන් ඉල්ලා සිටියි.
[rns_reactions]
-
දැරියන් ගැහැණුන් වෙන සැඟවුණු රූම් වලට එහා ගිය 500 ට විකිනෙන එළිපිට හංස බෝට්ටු
ටියුෂන් පන්ති යන්න එන කොල්ලෝ කෙල්ලෝ මුහුදු වෙරළ අසබඩ වැටකෙයි පඳුරු ඇතුලේ රිංගගෙන පෙම් සුව විඳින අතරේ සුරංගනා ලෝක වල තනිවෙනවා. එහෙම තනිවෙන බොහොමයක් පෙම්වතුම් අසීමිත හැඟීම් වලින් වල් මත් වී රාගයට ලොල් වී තුරුළු වී සිපගත්තත් සුරාන්තය දක්වා හැසිරීමට වටපිටාවෙන් බාධා පැමිණෙන නිසා සීමා සහිතව පාලනය වනවා.
නමුත් සමහරක් සුළුතරයක් ටියුෂන් පෙම්වතුන් එම සීමාවත් පැන වැටෙකෙයි පඳුරු ඇතුලෙම අඹුසැමි සුව විඳිමින් අනාථ වනවා. එහෙම සිටියදී වෙනත් කාමුක පිරිමින්ගේ ගොදුරු බවට පත් වූ අවස්ථාද මාධ්‍ය ඔස්සේ ඕනෑතරම් වාර්තා වී තිබෙනවා. 2004 සුනාමි ව්‍යසනයේදීත් නිර්වස්ත්‍රව වැටකෙයියා ගාල් ඇතුලේ සිට ගම්මාන වලට දුව ආ මියගොස් සිටි පෙම්වතුන් අනන්තයි.
මෙහෙව් බාධා වලින් ටිකක් එලියට පනින සමහර ටියුෂන් පෙම්වතුන් අපදන්නා වචනින් “ෆිල්ම් හෝල් වල බොක්ස්” ඇතුලේ සුරාන්තය සෙවීමට පොරකනවා. ඕනෑතරම් ජංගම දුරකථන වලින් වීඩියෝ කල කුඩා වීඩියෝ පට අන්තර්ජාල වල සමාජ මාධ්‍ය ජාල වල සැරිසරනවා.
තවත් සමහර පෙම්වතුන් කාගේ හෝ පිළිසරණක් ඇතිව රූම් වලට ගොස් හිතුසේ පෙම්සුව විඳිමින් අඹුසැමියන් සේ හැසිරෙනවා. එය අද නොරහසක්. නමුත් වරින් වර සිදුකරන වැටලීම් නිසා කාමර පහසුකම් සපයන්නන් අවුරුදු 18න් පහල පෙම්වතුන්ට කාමර පහසුකම් දීමට මැලි කමක් දක්වනවා.
ඊළඟට පෙමෙහි සුරාන්තය සෙවීමට මේ ටියුෂන් පෙම්වතුන් තෝරාගන්නා තැන්නම් කොපමණ තිබෙනවා ඇත්ද?
බොරලැස්ගමුවේ දියත උයන අසල හංස බෝට්ටුවක් තියාගෙන තම දෛනික රැකියාව කරගත් කිහිප දෙනෙකුගේ රැකියාවේ මල්පල දරන්නේ කාමයෙන් වත්මත් වී මෙසේ පැමිණෙන පෙම්වතුන්ට පින්සිදු වන්නටය. ඔවුනට වයස ප්‍රශ්නයක් නැත. පැය භාගයකට අවශ්‍ය වන්නේ රු.500ක සුළු මුදලිකි. වතුරේ හංස බෝට්ටු පැදීමට පැය භාගයක් දී ඔවුන් තොටුපලේ සිටියි.
කුලියට හංස බෝට්ටුව ගත් ටියුෂන් පෙම්වතා තම පෙම්වතිය එයට ගොඩ කරගන්නේ වැවෙහි සිරි නැරඹීමට වැව පුරා බෝට්ටුව පදින ආකාරයට. නමුත් බෝට්ටුව කෙලින්ම යාත්‍රා කොට වැව මැද පිහිටා ඇති දුපතේ ඉවුරක නතර වනු දක්කනට පුළුවන. පැය භාගයම දුපත් ඉවුරේ නැංගුරම් ලන හංස බෝට්ටුව ඇතුලේ ගෙදරින් ටියුෂන් පන්ති පැමිණෙන කෙල්ලන් ගැහැනුන් බවට පත්වෙයි. මෙහා තොටුපලට ඈත දුපත් ඉවුරේ නැවති ඇති බෝට්ටුව ඇතුලේ සිදුවන්නේ කුමක්ද නොපෙනෙයි. පෙම් සුව උපරිමෙන් විඳීමට ඉඩහැර තොටිල්ලක් සේ පැද්දෙමින් හංස බෝට්ටු නිහඬව සිටියි.
නමුත් දුරදිග නොපෙනෙන ටියුෂන් පෙම්වතියන් තම ජීවිතය මේ හංස බෝට්ටු ඇතුලේ අනාථ කරගනියි. තම පතිවත තම අනාගත ස්වාමියාගේ වෙස් ගත් පෙම්වතෙකුට දුරදිග නොබලා පූජා කරයි. ඔවුන්ගේ කාමාශාවන් පැයභාගයක් තුල සිතුසේ ඉටුකරගැනීමට ඉඩහැර බලා සිටියි.
මේ සියල්ල නොපෙනෙන බෝට්ටු හිමිකරුවන් පයභාගය ඉවර වූ පසු තම අතෙහි ඇති නලාව පිඹියි. එවිට සුවවිඳි පෙම්වතුන් නැවත තොටුපල වෙත පැමිණෙයි. මෙසේ පැමිණෙන බෝට්ටුවට ගොඩ වීමට තවත් පිරිස් පෝලිමේ බලා සිටියි.
දිනෙන් දින බෝට්ටු හිමිකරුවන් ලාභ ලබද්දී ටියුෂන් පන්තියාමට පැමිණෙන දස දහසක් අහිංසක දැරියන් ගැහැනුන් බවට පත්වෙයි.
ඔවුන්ගේ ඉරණම ලස්සනට හැඩ ගැන්වූ බෝට්ටුවක් පැය භාගයකදී තීරණය කරයි. රටේ මතු පරම්පරාවට නොමඟ යාමට ජිවිත අනාථ කර ගැනීමට බෝට්ටුවක් රුකුල් වෙයි.
රූම් වලට පනින වැටලීම් අංශ මේ බෝට්ටුවලට පනින්නේ කවදාද?
-
ඉන්දියාව හොල්ලපු සචින් පළමුවෙන් පකිස්තානු ක්‍රීඩකයෙක් බවට හෙළිදරවුවක්…
සචින් තෙන්ඩුල්කාර් කියලා කියන්නේ මුළු ඉන්දියාවම ආදරේ කරන ක්‍රීඩකයෙක්.ක්‍රිකට් දේවත්වයෙන් අදහන ඉන්දීය ක්‍රීඩා ලෝලින්ට සචින් කියන්නේ දෙවි කෙනෙක්.ටෙස්ට් සහ එක්දින තරඟවලදී වැඩිම ලකුණු ලබා ගැනීම ඇතුළු වාර්තාවන් රැසක්ම සචින්ගේ නම ඉදිරියේ ලියවී තිබෙනවා.ඔහු මුලින්ම ටෙස්ට් තරඟයකට ක්‍රීඩා කළේ පාකිස්තානයට එරෙහිව 1989 අවුරුද්දෙදි ජනවාරි 20 වෙනිදා.
ඒත් ඔහු ඊට පෙර මුලින්ම පාකිස්තානු කණ්ඩායම නියෝජනය කළ බව ඔබ දන්නවාද?ඒ 1987 අවුරුද්දෙදි මුම්බායි වලදි.ඒ කාලයේදි පාකිස්තානු කණ්ඩායම ඉන්දියාවේ සංචාරයක නිරත වුනා.එහිදී ඇතැම් පාකිස්තානු ක්‍රීඩකයින් තරඟය අතරතුර විවේක ගැනීම සඳහා ඔවුන්ට වෙන්වෙලා තිබුනු හෝටලය වෙත ගියා.එම නිසා පාකිස්තානු කණ්ඩායමට ක්‍රීඩකයින් කිහිප දෙනකුගේ අවශ්‍යතාවය දැනුනා.එහිදී ඉම්රාන් ඛාන්ගේ ආදේශක ක්‍රීඩකයා ලෙස පන්දු රැකීමට පිටියට පිවිසියේ සචින් තෙන්ඩුල්කාර්.පන්දුවාර 40 කට සීමාවුනු මෙම තරඟය පැවැත්වුනේ ප්‍රදර්ශනාත්මක තරඟයක් ලෙසිනුයි.
[rns_reactions]