Author: Editor[A]

  • ”30000ක් දෙන්නම් ඔයා ඇඳපු ඇඳුමක් දෙන්න” – මානසික රෝගියෙක්ගෙන් ලංකාවේ කිම් කාඩිෂන්ගේ ඇඳුමකට ලංසුවක්

    ලංකාවේ කිම් කාඩිෂන් ලෙස පසුගිය කාලයේ ජනප්‍රියත්වයට පත්වූ නිරූපිකාවක වන නතාශා රත්නායකගෙන් භාවිතා කළ යට ඇදුමක් ඉල්ලූ පුද්ගලයෙකු පිළිබද ඇය සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුමට එකතු කර තිබෙනවා.

    විවිධ පුද්ගලයන්ට විවිධ අශා තිබෙන බවත් තමන්ගේ අශාව සහ කැමැත්ත කාන්තා යට ඇදුම වලට බවත් පවසා තිබෙන මේ පුද්ගලයා භාවිතා කළ යට ඇදුමක් ලබා දීමට නතාශාට රුපියල් 25,000ක මුදලක් යෝජනා කර තිබෙනවා. 

    ඇයගෙන් පිළිතුරක් නොවු විට සිය මුදල රුපියල් 30,000 දක්වා වැඩි කර තිබෙන පුද්ගලයා සිය යෝජනාව පිළිබද නැවත සලකා බලන ලෙසින් ඇගෙන් ඉල්ලා ඇත්තෙ මෙලෙසින්..


    [rns_reactions]

  • කොපිකල හැකිය. සමකල නොහැක. සංගාගෙන් කොපිකල අජ්මාල්ගේ බාල වැඩක් එලියට….

    ශූරයන්ගේ කුසලානයේ පළමු අවසන් මහා තරගය එංගලන්තය සහ පාකිස්තානය අතර ඊයෙ පැවැත්වුනා. 

    මෙහිදි කිසිවෙකු නොසිතු ලෙසින් පෙරෙළිකාර ජයක් ලැබු පාකිස්තානය ශූරයන්ගේ කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබු පළමු කණ්ඩායම බවට පත් උනා. 

    මෙහිදි පාකිස්තානු කණ්ඩායමට සිය ට්විටර් ගිණුම ඔස්සෙ සුභ පැතු සුපිරි ක්‍රිඩක සංගා පවසා තිබුනෙ ප්‍රථම තරගයෙන් ඉන්දියාවට පරාජය වූ පසුව අවසන් මහා තරගයට තේරී පත්වීම පෙරළිකාර බවයි.

    සංගාගේ ට්විටර් පණිවිඩය එක් කර ස්වල්ප වේලාවකට පසු එම පණිවිඩයම පාකිස්ථානයෙ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක සයිඩ් අජ්මාල් සිය ගිණුමට එකතු කර තිබුනා. 

    සයිඩ් අජ්මාල් , ශාහීඩ් අෆ්රිඩි ඇතුලු බොහො පාකිස්තානු ක්‍රිඩකයන් මින් පෙර ඉංග්‍රිසී භාෂාව හැසිරවීමේ දුර්වලතා නිසා ට්විටර් සමාජ ජාලා වෙබ් අඩවියේ හාස්‍යයට ලක් වීම විශේෂත්වයක්.


    [rns_reactions]

  • පුංචි ඡන්දයට ජනපති මෛත්‍රී සමගින් ශ්‍රීලනිපය සූදානම්! ඒකාබද්ධ විපක්ෂයටත් ඇරයුම්

    පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා සඳහන් කළේ පක්ෂයේ නීති රීතිවලට පටහැනිව කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ද ආරම්භ කර ඇති බවයි.

    දැනට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සාමාජිකයින්්ට ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව මැතිවරණයට ඉදිරිපත් වන ලෙස ආරාධනා කරන බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

    [rns_reactions]

  • උතුරු කොරියාවේ නිරුවත කැමරා ශිල්පියෙක් හෙළිකරයි (Exclusive)

    උතුරු කොරියාව පිළිබඳ බාහිර ලෝකයේ සිටින බොහෝ දෙනා දැනගන්නේ එරට නිල පුවත් ඒජන්සිය වන කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය හෝ වෙනත් රාජ්‍ය මාධ්‍යයක් හෝ පළ කරනු ලබන ඡායාරූප මගින් පමණයි. උතුරු කොරියාව ඉතා සීමා සහිත සංචාරකයින් ප්‍රමාණයකට එරටට පැමිණෙන්න ඉඩ දුන්නත් එ්වා ඉතාම දැඩි කොන්දේසි සහිතව කෙරෙන ගමන් වාර වනවා. තනි තනිව සංචාරකයන්ට උතුරු කොරියාවේ ගමන් කරන්නට අවසර නැහැ. එමෙන්ම එරටින් ඡායාරූප පිටතට ගෙන ඒමත් ඉතා අපහසුයි.

    2016 දී මේ අපහසු කටයුත්ත සිදු කිරීමට ඡායාරූප ශිල්පී මයිකල් හුනිවිට්ස් සමත් වුණා. මෙම ඡායාරූප උතුරු කොරියානු ජන ජීවිතය පිළිබඳ මනා පැතිකඩක් ලබා දෙනවා. ඔහුගේ ඡායාරූප එකතුවෙන් ඡායාරූප කිහිපයක් පිළිබඳ ඔබට විස්තර කිරීමට අප කල්පනා කළා.

    උතුරු කොරියාවට චීනය දෙසින් ඇතුලු වන මුරපොළේදී ඉදිරිපත් කෙරෙන ලියවිල්ලක්. මෙහිදී රට තුළට ගෙන යාමට තහනම් ද්‍රව්‍ය අැත්දැයි බැලීමට සෝදිසියක් කරනු ලබනවා. ලැප් ටොප් පරිගණක ද සෝදිසි කෙරෙන අතර උතුරු කොරියාවේදී තහනම් චිත්‍රපට සඳහා ද පරීක්ෂා සිදු කරනවා.

    සංචාරකයන් ඇතුලු වන ඩන්ඩොං දුම්රියපොළෙහි වූයේ කිහිප දෙනෙකු පමණි.

    මයිකල් ගමන් ගත් දුම්රිය යන තුරු බලා සිටින ගැමියන් කිහිප දෙනෙක්.

    පැරණි ට්‍රක් රථයක නැගුණු සොල්දාදුවන් කිහිප දෙනෙක්.

    සැතපුම් ගණනක් ඈතට දිවෙන කුඹුරු යායවල්.

    කුඩා නගරයක පැරණි නිවාස.

    ප්‍යොංග්යෑංග් අගනුවර දුම්රිය ස්ථානය . මයිකල් පවසන්නේ හොඳින් ඇඳ පැළඳගත් මෙම උතුරු කොරියානුවන් අරමුණක් නැතිව ඔබ මොබ යන්නේ සංචාරකයන්ට පෙනෙන ලෙසින් පමණක් බව පැහැදිලිව පෙනුණ බවයි.

    ප්‍යොංග්යෑංග් නගරයේ “ජනාකීර්ණ” දසුනක්.

    රථවාහන පොලිස් නිලධාරිනියක් රාජකාරියේ නියැලෙමින්. ප්‍යොංග්යෑංග් හි පුළුල් වීථි තිබුණ ද ඒවායේ රථ වාහන ඇත්තේ අතලොස්සකි.

    හෝටලයේ විමසීම් කවුන්ටරය අසළ රූපවාහිනී තිරයේ ද දිස් වන්නේ ප්‍රචාරක පටයකි.

    ප්‍යොංග්යෑංග් නගරය.

    උතුරු කොරියානු නායක කිම් ජොංග් – අන්ගේ සීයා වූ උතුරු කොරියාවේ “සදාතනික නායක ” කිම් ඉල් – සුංග් සහ කිම් ජොංග් – අන්ගේ පියා වූ කිම් ජොංග් – ඉල්ගේ විශාල ප්‍රමාණයේ ප්‍රතිමා.

    ස්මාරක භූමියක් පිරිසිදු කරන තරුණියන් පිරිසක්.

    ප්‍යොංග්යෑංග් හි සාප්පු සංකීර්ණවල රාක්ක බොහොමයක් හිස් ය .

    තට්ටු නිවාස සංකීර්ණ.

    බස් රථයක්.

    හිස් ආසනවලින් “පිරුණ” අවන්හලක වේටර්වරියක්.

    [rns_reactions]

  • අසේල ගුණරත්න ගැන ඔබ නොදත් රහසක් කරලියට……

    අසේල ගුණරත්න පකිස්ථානය සමග තරගය දා උදෑසන වනතුරුත් තරග කිරීමට සුදානමක් නොතිබූ බව පවසන කණ්ඩායම් කළමනාකරු හා තේරීම් කමිටු සාමාජික අසංක ගුරුසිංහ, උපුල් තරංගට පන්දු යැවීම පමාවීම ගැන විනිසුරුවන් 7 වතාවක් අවවාද කළ බව සඳහන් කළා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් මුලස්ථානයේ ඊයේ (14) පවතී මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව කියා සිටියා.

    https://www.facebook.com/hirunews/videos/1337698652994890/

    [rns_reactions]

  • තාජුදීන් ඝාතනයේ තොරතුරු සැගවූ හමුදා ප්‍රබලයින් දෙදෙනෙක් ගැන ඇත්ත එලියට…

    රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනයට ලක්වූ කාලය තුළ යෝෂිත රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයන් ලෙස සිටි අය කළ කී දෑ සම්බන්ධ ලිඛිත සටහන් හමුදාපති හා නාවිකහමුදාපතිගෙන් රහස් පොලිසිය ඉල්ලා ඇතත් ඔවුන් ඒවා ලබාදීම මෙතෙක් පැහැර හැර ඇතැයි වාර්තා වේ.

    ප්‍රශ්නගත කාලසීමාව තුළ කළ රාජකාරි, නිවාඩු ලබා ඇත්නම් නිවාඩු ලේඛන හා නිවාඩු අයැදුම්පත් යන ලේඛන ලබාදෙන ලෙස රහස් පොලිසිය හමුදාපති හා නාවික හමුදාපතිගෙන් ලිඛිතව ඉල්ලා ඇති බව පැවසේ.

    අදාළ ලේඛණ ඉල්ලා සිටීමට හේතුවී ඇත්තේ වසර 2012-05-10 සිට 2012-05-22 දක්වා කාලය තුළ යෝෂිත රාජපක්ෂගේ ආරක්ෂක නිලධාරීන් ලෙස කටයුතු කළ හමුදා නිලධාරීන් විසින් රාජකාරි සිදුකරනු ලබන දෛනික ලේඛනයේ කොළ කපා හෝ කඩා ඉවත් කිරීමට කටයුතුකර තිබීම නිසාය.

    කෙසේවුවද, මේ ලේඛන පාවිච්චි කරණ ලද හා ඒවායේ භාරකාරත්වය තිබූ හිටපු ජනපති ආරක්ෂක අංශයේ උසස් හමුදා නිලධාරීන් හා සෙසු නිලයන් දැරූ 22දෙනෙකුගෙන් මේ සම්බන්ධයෙන් රහස් පොලිසියේ මිනීමැරුම් විමර්ශන අංශය ප්‍රශ්න කර ඇති බවද පැවසේ.

    [rns_reactions]

  • ආවේස වූ එක්නැලිගොඩ බිරිදගේ නාටකයෙන් ත්‍රිකුණාමලයේ පුංචි යුද්ධයක්……

    දින සියයක් ඉක්ම ගිය ද තම ඉල්ලිමවලට රජය පිළිතුරු ලබාදිමට අපොහොසත් වුවා යැයි කියමින් ත්‍රිකුණාමලයේ ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයේ යෙදි සිටින අතුරුදහන්වුවන්ගේ ඥාතින් පිරිසක් අද ඒ අසල මුහුදට පැන්න අතර තවත් පිරිසක් ඔවුන් බේරාගනු ලැබිය.

    දරුවන් නොමැතිව තමනට ජිවත් විමෙන් පලක් නැතැයි කියමින් පිරිසක් මුහුදට පනිද්දි උද්ඝෝෂණයේ යෙදි සිටි තවත් පිරිසක් ඔවුන් බේරාගත් අතර කොටසක් මුහුදට බැස හඩමින් රජයට බැන වැදුනහ.

    කොටසක් මුහුදට පනිද්දි අසල සිටි තවත් පිරිසක් කියා සිටියේ ඉතිරි දරුවන් වෙනුවෙන් තමන් ජිවත් විය යුතු බවය.

    උද්ඝෝෂණයේ යෙදිසිටි පිරිස අතර සිටි අතුරුදහන් වු ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ ද මුහුදට පැන්න අය අතර සිටිමද විශේෂත්වයකි.

    ත්‍රිකුණාමල දිස්ත්‍රික් අතුරුදහන්වුවන්ගේ ඥාතින් ගේ සංගමයේ ලේකම් නාගේන්ද්‍රන් ජෙයලක්ෂ්මි හෙවත් ආශා සිදු වු සිද්ධිය ජංගම දුරකතනයෙන් විඩියෝගත කල ආරක්ෂක බුද්ධ අංශ සමාජිකයන් කිහිපදෙනෙකුට බැණවැදිම නිසා එම පිරිස ඉවත්ව ගියේය.

    මාධ්‍යවේදින් නොවන අය මෙය විඩියෝ ගතකිරිම සම්බන්ධයෙන් ඇය එහිදි විරෝධය පල කලේය.

    ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අතුරුදහන් වුවන්ගේ ඥාතින් ගේ සහයට මඩකලපු ,වව්නියාව ආදි ප්‍රදේශවලින් ද පිරිස් පැමිණ සිටියහ. උද්ඝෝෂණයේදි යෙදි සිටි සියලු දෙනා අතුරුදහන් වු හා පැහැරගත් තම ඥාතින්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කර විරෝධතාවයේ යෙදිසිටි අයුරු දැකගත හැකිවිය.

    තම ඥාතින්ට සිදුවුයේ කුමක්ද යන්න හෙලිකිරීම, ත්‍රස්තවාදය වැලැක්විමේ පනත අහෝසි කිරිම, දේශපාලන සිරකරුවන් නිදහස්කිරිම යන ඉල්ලිම් මුල්කරගෙන මෙම සත්‍යග්‍රහය ක්‍රියාත්මක කර තිබුණි.මෙම අවස්ථාවේ ජයාරූප පහතින්

    [rns_reactions]

  • ඉන්දියාවේ කෝලි යලිත් වංචාවක – නොදුටු අයට බලාගන්න ශෙයා කරන්න…

    ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය බර්මින්හැම්හිදී අද (15 වැනිදා) පැවැත්වෙන අතර පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 25 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 142 ක් රැස්කිරීමට සමත් විය. ටමීම් ඉක්බාල් නොදැවී ලකුණු 66 ක් සහ මුෂ්ෆීකූර් රහීම් නොදැවී ලකුණු 46 ක් රැස්කරමින් දෙවැනි කඩුල්ල සදහා ලකුණු 111 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් වූහ.

    ඉන්දියාවට අවශ්‍යම කඩුල්ලක් වූ මුෂ්ෆීකූර් රහීම්ගේ කඩුල්ල ඉතා නුවනක්කාරි ලෙස ලබා ගැනීමට ඉන්දීය නායක විරාත් කෝලි සමත් විය.පිතිකරුවාට පන්දුවට පහර දීමට පිටියේ ඉඩ තබා පන්දුව පිතිකරුවාට යොමු කරනවාත් සමගම විරාත් කෝලි පන්දුවට පහසුවෙන් පහර දීමට හැකි ප්‍රෙදේශය වෙත දිව ගියේය.මෙය නොදුටු මුෂ්ෆීකූර් රහීම් එම ස්ථානයෙන් පහරක් එල්ල කල අතර එය රැක ගැනීමට ඉන්දීය නායක විරාත් කෝලි සමත් විය.

    ඉන් පසුව ඉන්දීය නායක විරාත් කෝලි සතුටින් පිටියේ හැසිරුණු අකාරය දැක්වෙන වීඩියෝව පහතින්.

    https://youtu.be/UZ7ZW0iiwfQ

    [rns_reactions]

  • රණබිමේ මියගිය රණවිරුවකු ගෙදර සිටින අම්මාට කියන සංවේදී කතාව…

    උසස් පෙළ පාස් වෙලා මම කොතලාවල ආරක්ශක පීඨයට ගිහින් දෙවන ලුතිනන් වරයෙක් විදියට හමුදාවට එකතු උනේ අම්මලගෙ කැමැත්තට විරුද්ධව. මට සමාවෙන්න අම්මෙ,

    ඔයාල ජීවිත කාලයම හම්බ කරපු සල්ලි වියදම් කරල මාව පිට රට යවල මට ඉන්ජිනේරුවෙක් වෙන්න උගන්නන්න හැදුවට මට පොඩි කාලේ ඉදල රට බේර ගන්න තිබිච්ච උවමානාව.ඒ නිසා කොටි එක්ක යුද්දෙට යන්න තිබ්බ උවමනාව නිස හමුදාවට ගියේ අම්මල එක්කත් රන්ඩු වෙල.

    2006 මම ඇකඩමියෙන් එලියට එන කොට නැගෙනහිර යුද්ධට දරුණුවටම යනව.කොමිසන් නිළධාරියෙක් විදියට මම පලවෙනි වතාවට සටන් බිමට ගියෙ නැගෙනහිර යුධ පිටියට. මම අම්මලට කිව්වෙ මම ඉන්නෙ යුද්ධෙ නැති පැත්තෙ කියල, පලවෙනි වතාවට මට ජීවිතෙ මරණ බය දැනුනෙ මගෙ ටීම් එකෙ කොල්ලො දෙන්නෙක් මගෙ ලග ඉදිදි මෝටාර් එකක කෑල්ලක් වැදිල මැරුනම…

    අපි හතර දෙනෙක් ටෙරාලට ගහ ගෙන යද්දි අපිට ලොකු කවුන්ටර් ඇටෑක් එකක් ආව….අපි හතර දෙනාම උන්නෙ හිට ගෙන…එක සැරෙටම මමයි තව එකෙකුයි ඩවුන් ගියත් අනෙක් කොල්ලො දෙන්න දිගටම ෆයර් කලා. අපි ගන් එක ලොඩ් කරද්දි..අපෙ ඉස්සරහම වැටුනු මොටාර් එකෙන් මගෙ කොල්ලො දෙන්නම් එතනම මැරුන..මම හුගක් ඇඩුවා අම්මෙ….මට තුවාල උනා….හැබැයි මම ඇඩුවේ වේදනාවට නෙවෙයි අම්මෙ…මට මරණ බය දැනුන අම්මෙ..මට අම්ම අක්ක,මල්ලි මතක් උනා අම්මේ…

    තාත්තගෙ පොඩි කාලෙ ඉදල තිබ්බ හීනය උනෙ මාව ඉන්ජිනේරුවෙක් කරන එක…මට උසස් පෙලින් ලංකාවෙ ඉන්ජිනේරු පීඨෙකට යන්න බැරි උනා..එත් අම්මල තත්තල මාව රට යවන්න හදද්දි මම බලෙන් ම හමුදාවට ආව…

    මම මැරුනනම් අම්මල කොයිතරම් අඩාවිද හිතුන අම්මේ..

    මෝටාර් එකෙන් වෙච්ච තුවාල නිසා ආමි හොස්පිටල් ඉද්දිදි මල්ලි ආව මාව බලන්න ..

    මම එයාට කිව්ව අම්මට කියන්න එපා මට තුවාලයි කියල….මට නියුමෝනියාව හැදිල ඉස්පිරිතාලෙ ඉන්නව කියල මම ගෙදරට පනිවිඩේ යැව්වෙ ඒ නිසා.මට මල්ලිට කියන්න උනා කියන්න එපා කියල…කොහොම හරි අම්මට මාව බලන්න එන්නම් ඔන කියල අන්තිමට කට්ටියම මාව බලන්න ආව….බැන්ඩෙච් ගහල ප්ලාස්ටර දාල ඉන්න මාව දැකල අම්ම විලාප තියල අඩද්දි මට හිතුන මේ ලෝකෙ අම්ම කෙනෙක් තරම් දරුවෙකුට ආදරේ වෙන කෙනෙක් නෑ කියන එක කොයි තරම් ඇත්තද කියල. තාත්ත බොහොම උපේක්ශාවෙන් බලන් උන්නා..

    “අමාරුද”
    “පොඩ්ඩක් රිදෙනව තාත්තෙ”
    “හම්”
    “සනීප උනාම ගෙදර ඇවිල්ල යන්න අයෙ යන්න කලින්”
    “හම්”
    තාතගෙයි මගෙයි සංවාදය ගියෙ ඔය ටික විතරයි.හැබැයි මුලු පැය ගානම මගේ අම්ම කලේ පොලවෙ හැපි හැපි අඩපු එක…. කොහොම හරි සති දෙකක් විතර හමුදා රෝහලෙ ඉදපු මම සනීප වෙල දවස 18 ක නිවාඩුවක් ලැබිල ගෙදර ගියා….ඊට පස්සෙ නැවතත් සටන් බිමට…ඊට පස්සෙ ඊලග අවුරුදු දෙකෙම මරණය පෙනි පෙනී යුද්ද කලා අම්මෙ..

    මගෙ ඉස්සරහ ඉන්න කොල්ල වෙඩි වැදිල මැරුනම උගේ වෙපන් එකත් අරං උගේ පොසිශන් එක ගත්ත වෙලාවල් තියනවා..

    ඔය අතරෙ මම විශේශ බලකා පාඨමාලවත් කලා..අම්මේ, අම්මට කිව්වෙ නෑ මම..
    2008 අවසාන කාලේ වෙද්දි අපි කුඩා කන්ඩායම් විදියට මරණය අතේ තියන් සතුරගෙ බල ප්‍රදේශ වල කරක් ගැහුවේ.අම්ම හිතන් උන්නෙ මම ඉදිරි ආරක්ශක වලල්ලෙ කියල..අපි ඇම්බුශ් එකකට ගිහින් ආවම අම්මට කෝල් කරල මම බොරු සියයක් කියද්දි අම්ම කලෙ නොනවත්වාම අඩපු එක..

    2008 අවුරුද්දෙ අවාසනාවන්ත දවසක මගේ ජීවිතය වෙනස් වුනා අම්මෙ….අපේ ටීම් එක ට ලොකු කවුන්ටර් ඇට්ටෑක් එකක් ආව…මට කකුලට වෙඩි වැදින අම්මේ…ඇවිද ගන්න බැරි අපෙ කොල්ලො ඔක්කොම ඩවුන් පොස්සිශන් උන්නෙ….ඒ තරමට වෙඩ තියනව ටෙරාල.ඔලුව උස්සන්න බෑ…..අපේ කොල්ලොන්ට මාව අරන් විත්ඩ්‍රොව් වෙන්න අමාරුයි…මම උන්ට කිව්ව මාව දාල පලයන් කියල…උන් මගේ නියෝග පිලි පැද්දෙ නෑ අම්මෙ..උන් මාව දාල ගියේ නෑ..

    එක කොල්ලෙක් එක සැරෙටම නැගිටල…මාව කරෙ තියාගෙන එක පාරටම දුවාන්න ගත්ත …ඌ මාව කවර් එකකට අරන් ආව…මීටර 300 විතර පස්සෙ ..හැබැයි අම්මෙ …මම වෙනුවෙන් ඌත් වෙඩි කෑව…එක අතක් වැල මිටට උඩින් වෙන් වෙන්නම් ඌට වෙඩි වැදිල….කොහොම හරි අපි දෙන්නව සේෆ් පොෂිශන් එකකට ගෙනවට පස්සෙ පිටි පස්සෙන් ටීම් එකක් ඇවිල්ල අපිව ට්‍රැක්ටරෙකට පටවන් අපේ ලයින් එකට අරං එද්දි මොනවදෝ කරුමෙකට ට්‍රැක්ටරයට අඩි කීපයක් දුරින් ආටියක් වැටුන අම්මේ..

    ට්‍රැක්ටරෙ උන්න තුවාලකාරයන් ගෙන් භාගයක් විතර මැරුණ මගෙ පණ බේරල වෙඩි කාපු කොල්ලත් ඒ මැරුන උන්ගෙ ගොඩෙ කියල මම දන්නෙ මාස ගානකට පස්සෙ අම්මෙ…

    මට සිහිය එද්දි මම හිටියෙ රෝහලක.එක කකුලක් දනහිසට පහලින් ඉවත් කරල අනෙක් කකුල කලවය ගාවින් ඉවත් කරල….වම් අත වැල මිට ගාවින් ඉවත් කරල….ඔලුවෙ පැත්තක් හිස් කබල නෑ…අම්මගෙ කිරි පොවල අතක් පයක් නොකඩ හදපු පුතා ඇදක් උඩ මිනිස් භාගයක් විදියට ඉන්නව..මම විලාප තියල අඩන්න හැදුව අම්මෙ..එත් කිසිම සද්දයක් කටින් පිට උනේ නැහැ…මට මුලු ලෝකෙම නැති උනා අම්මෙ…..මට මම කවුද මොනාද කරන්නෙ කියල හිතා ගන්න බැරි උනා…මට මතකයි අම්ම ආව….මට අම්ම කියන කිසි දෙයක් ඇහුනෙ නෑ අම්මෙ….සත්තයි මම ඇඩුව …ඒ උනට අම්මට එක ඇහුනෙ නෑ අම්මෙ…

    මම අවුරුදු ගානක් ඉස්පිරිතාලෙ හිටියා.මගෙ අම්ම හැමදාම මාව බලන්න ආව…අම්මා එන හැමදාම ඇඩුවා අම්මගෙ කදුලු එකතු කලා නම් කදුලු මුහුදක් වෙනව අම්මෙ..ඇයි අම්මේ මෙතරම් මට ආදරේ…?

    රණවිරු සෙවනේ මම ඉන්න කොට මට හිතෙනව මගෙ ජීවිතෙ මොකටද කියල අම්මෙ…..මට කියල කිසිම දෙයක් කර ගන්න බෑ..මගෙ අම්මෙ….ඔයාලා කියන කිසි දෙයක් ඇහෙන්නෙ නෑ….මම හිතන කිසි දෙයක් ඔයාලට කියා ගන්න බෑ අම්මෙ….අම්ම කාලයත් එක්ක හැමදාම වගෙ අඩපු ඇස් දෙකට ආව කදුල හිර කරන් උන්න.හැබැයි ඒ බොහොම ආයසයෙන් අම්මෙ..මම ඒක දැනන් උන්න

    අද මාව කාලෙකට පස්සෙ ෆුල් යුනිෆෝම් දාල ලෑස්ති කලා රණවිරු සෙවනෙ කොල්ලො…

    මම ඇහුව මොකටද කියල…උන් මට කිව්වා හමුදාවෙ කට්ටියක් ගමනක් යනව කියල….තව රණවිරු සෙවනෙ කොල්ලො දෙන්නෙක් එක්ක මාව හමුදාවෙ වෑන් එකකට දාගෙන වාහණය යනවා…කාලෙකින් පාරක ගිහින් නෑ..රට හරියට වෙනස් වෙලා.මට හිතා ගන්න බැරි උනා කොහෙද යන්නෙ කියල..මම ඇහුවට කිසි කෙනෙක් කිව්වෙ නෑ අම්මේ.

    එක පාරටම මට අපි ඉන්න ප්‍රදේශය පොඩි හුරු ගතියක් දැනෙන්න ගත්ත..මට තේරුනා අපි මෙ ඉන්නෙ අපේ ගෙවල් පැත්තට යන පාරෙ කියල….මට තේරුනා අපි මේ යන්නෙ ගෙදර කියල….එහෙම ගෙදර යන නම් විශේෂ හේතුවක් තියෙන්න ඔන කියල…මම ගිය අනෙක් කොල්ලො දෙන්නට මගේ තියන එකම අතින් ඇනලා මගේ ගොලු භාශාවෙන් ඇහුවා..උන් මොනවද කිව්ව …මට තේරුනෙ නෑ…..මට තේරුනා ඉංජිනේරුවෙක් වෙලා ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙන්න හිටිය මම ගොලුවෙක් බීරෙක් කොරෙක් විදියට මට මාවම නැති වෙලා කියලා…මේ ජිවිතේ මොකට ජීවත් වෙනවද කියල මට හිතුන අම්මෙ..

    වාහණය අපේ ගෙවල්වලට හරවන පලවෙනි අතුරු පාර ගාවට ආවා..මට ඈතින් පේනව සුදු කොඩියක් ..

    මගේ අම්මේ..

    මගේ හදවත් නැවැතුන අම්මෙ…ඇස් වල කදුලු පිරුණ…මම දැනගත්ත අම්මෙ කරදරය වෙලා තියෙන්නෙ අපේ පවුලෙ කෙනෙක් ට කියල..මට කෑගහල අඩන්න ඕන උනා අම්මෙ ….එත් මට බෑ….වාහනය ගෙදරට හරවන පාර ගාවට ලං උනා

    අනේ මගේ රත්තරං අම්මෙ..මට අම්මගෙ නම එක්ක පින්තුරයක් දාල ගහපු ලොකු බැනර් එකක් පෙනුනා..අම්ම මාව දාල ගිහින් ද අම්මේ..මට නොකියම..?

    මගේ ජීවිතේ මම මේ ලෝකෙ පලවෙනි හුස්ම ගත්ත වෙලෙත් මම වෙනුවෙන් අඩපු වේදනා විදපු….අන්තිමවතාවට මාව බලන්න ආව වෙලෙත් අඩපු.. මම වෙනුවෙන් හැම වේදනාවක්ම විදපු මගෙ අම්මා..

    අවුරුදු 31ක් මම වෙනුවෙන් දුක සතුට හිනාව කදුල තුලින් ජීවිතය පුරවන් උන්න මගේ අම්ම ….. බය වෙන්න එපා.මගේ රත්තරං අම්මා නිවන් දකිනවා..සත්තයි නිවන් දකිනව අම්මේ…සත්තයි මම අම්මට ආදරෙයි මගේ අම්මේ..

    මම අම්මට පොරොන්දු වෙනවා…අම්මා එපා කියන දෙයක් මම මීට පස්සෙ උපදින කිසිම ආත්මයක කරන්නේ නෑ අම්මෙ..

    අම්මට මුරන්ඩු වෙන්නෙ නෑ මම….අම්මගෙ ඇහැට කදුලක් දෙන්නේ නෑ අම්මෙ
    ඇත්තමයි මම පොරොන්දු වෙනවා..
    මම මේ දැනන දුක එක්ක අම්මා ළඟට ඉක්මනට එනවා අම්මේ..

    කොල්ලෝ ටික මාව වාහනෙන් එළියට ගන්න හදන්නේ..මම මේ යන්නේ මගේ අම්මාව බලන්නද දෙවියනේ..මම අන්තිමට දැක්කේ කඳුලු පුරවගෙන මගේ එක පැත්තක බර අතට ගත්ත තාත්තාගේ මූණ අම්මේ..අනේ මට සමාවෙන්න රත්තරං අම්මේ…

    ඇස් ඉස් මස් ලේ පුදා මාතෘභුම්ය රැකගත් විරෝධාර රණවිරුවන්ට උපහාරයක් ලෙස මේ සත්‍ය කතාව ලෝකෙටම දැනගන්න Share කරන්න.

    උපුටා ගත්තකි. අයිතිය කතෘ සතුය.
    මිතුරන්ටත් බලන්න Share කරන්න…

    [rns_reactions]

  • විජේවීරව විකුණමින් ජවිපෙ මුදල් කොල්ල කෑ අයුරු බිරිඳ හෙළි කරයි..! (VIDEO)

    ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ බිරිඳ චිත්‍රාංගණී විජේවීර මහත්මිය සිදුකළ අනාවරණයක් සමඟ මේ වන විට එහි වර්තමාන නායක අනුර කුමාර දිසානායක මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ඇතුළු පක්ෂ අභ්‍යන්තර බලවත් කැළඹීමකට ලක්ව ඇතැයි වාර්තාවේ.

    රෝහණ විජේවීර මහතාගේ බිරිඳ චිත්‍රාංගණී විජේවීර මහත්මිය ඇතුළු විජේවීර පවුල වෙනුවෙන් නිවසක් සාදා දෙන බවට ජවිපෙ විසින් අරමුදල් රැස්කළද එවැන්නක් සිදුකර නොමැති බව චිත්‍රාංගණී විජේවීර මහත්මිය පවසයි. නිර්ධන පංතියේ විමුක්ති අරගලය මතින් ගොඩනැඟුණු ජවිපෙ වත්මන් නායක අනුර කුමාර දිසානායකගේ පුත්‍රයා ඉහළ ධනේශ්වර පංතිය සමඟ රජ මඟුල් කද්දී එම පක්ෂය නිර්මාණය කළ නිර්මාතෘවරයාගේ ජීවතුන් වෙනුවෙන් හිසට වහලක් වත් නොමැත. අනුරලා එවැනි ලෝකයක ජීවත්වෙද්දී ජවිපෙ සිහින කථාවන්ට රැවටුනු සමහරක් තවමත් කැට සොලවමින් සා දුකින් පෙළෙන උන් නැඟිටන දිනයක් ගැන සිහින දකිති.

    -උපුටනය-

    “වසරක් පාසා ලක්ෂ ගණන් පෝස්ටර් ගසමින් ආතල් මල්ලිලා නංගිලා පෙරටු කර ගනිමින් චේ සමරන ජවිපේ වර්මාතන නායකත්වය ප්‍රචාරක වාසියට පමණක් ඉල් මහා විරු සැමරුම් දේශනයක් තබා නොකර බැරි කමට විජේවීරයන් සැමරුව ද, ඇත්තටම විජේවීරයන්ගේ දරු පවුල ගැන ජවිපේ ආස්ථානය කෙබඳුදැයි මේ වීඩියෝව නරඹන කෙනෙකුට වටහා ගත හැක.

    අනුරලාගේ පුතාලා, නිහාල් ගලප්පත්තිගේ දුවා දරුවන් වගේම අනෙකුත් නායකයන්ගේ දුවා දරුවන්ට අවශ්‍ය පහසුකම් සපයන ජවිපෙට ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරයන් අමතක වූයේ කෙසේද ?

    අද වනවිට ඔවුන් වසර 27ක් තිස්සේ අප්‍රමාණ දුක් කන්දරාවකට මැදිවී නාවික හමුදා බාරයේ දිවි ගෙවයි. නිවාස අඩස්සියේ මෙන් මේ ගෙවන ජීවිතයේ ප්‍රතිඵල ලෙස ඔවුන් ඉතාමත් මානසික අවුලකට ද ඇද වැටී ඇත. පසු ගිය දිනෙක තොරතුරු වාර්ථා වූ පරිදි ඔවුන්ට නාවික කඳවුරෙන් යන්නට ද සිදුවී ඇත. නමුත් ඔවුන්ට යාමට තැනක් නැත.

    විජේවීර සහෝදරයාගේ දරු පවුල සඳහා නිවසක් ලබා දීමට කෝටියකට වැඩි මුදලක් එකතුව තිබූ බව සෝමවංශ අමරසිංහ සහෝදරයා මිය යන්නට පෙර පවසා තිබුණි.

    එසේ නම් එම මුදල් දැන් ඇත්තේ කා ලඟද..?

    එම මුදල් වර්තමාන නායකයන් විසින් තම සුඛ විහරණය සඳහා යොදා නොගන්නවා යැයි මේ සිදුවන දෑ අනුව කිසිදු විශ්වාසයක් තබා ගැනීමට නො හැකි ය.

    ජවිපෙ නායකයාට ම මෙසේ සලකන ඊනියා විප්ලවවාදී ජවිපේ නායකයන් පසු පස යන අනුගාමිකයන් කල්පනා කළ යුතු යමක් ඇතැයි මට සිතේ. නායකයාටම මෙහෙම නම් ඔබට හෙට දවසේ කෙසේ විය හැකි ද?

    දැන්වත් විජේවීරයන් නමින් එකතු කර ඇති අනුරලා විසින් කොල්ලකන ලද මුදලින් අසරණ තත්ත්වයට පත්වී සිටින ඔබ පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීරයන්ට සාධාරණය ඉටු කිරීමට ඔබගේ මැදිහත්වීම නොකරන්නේ නම් ඔබලා තරම් දුර්ජනයන් ලොවෙත් නැත. ලොවි ගහෙත් නැත.”

    -උපුටනය අවසන්-

    තමන්ට නිවසක් සදාදීම සදහා ජනතා විමුක්ති පෙරමුණ වෙත ලැබුණු රුපියක් කෝටියක මුදල් තමන් වෙත ලබා නොදුන්බව ජනතා විමුක්ති පෙරමුණ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ආදරණීය බිරිද චිත්‍රාංගණී විජේවීර මහත්මිය අනාවරණය කරයි.

     

     

    [rns_reactions]

  • පරාජයෙන් පසු ලංකාව කියු මෝගන්ට, හිටපු සුපිරි වේගපන්දු යවන්නාගෙන් දැඩි පිලිතුරු (PHOTOS)

    එංගලන්ත නායක ඔයින් මෝගන් කළ ප්‍රකාශයක් හිටපු පාකිස්ථානු වේගපන්දු යවන්නෙකු වන වකාර් යුනිස්ගේ විවේඡනයට ලක්ව තිබෙනවා.

    මෙම තරඟය සඳහා යොදාගත්තේ පැරණි තණතීරුවක් බවත් පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර තිබූ තරඟය පැවතියෙත් මෙම තණතීරුවේම බවත් එම නිසා පාකිස්ථානු කණ්ඩායම හොඳින් පිටියට සූදානම් වී සිටිය බවත් ඊයේ තරඟයෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.

    එමෙන්ම තම කණ්ඩායමට සත්කාරක රට ලෙස කිසිදු වාසියක් අත් නොවුණු බවද මෝගන් සඳහන් කර තිබුණි.

    කෙසේ වෙතත් ඔහුගේ මෙම ප්‍රකාශයට සිය ට්විටර් ගිණුමේ අදහස් දක්වමින් වකාර් යුනිස්, තණතීරුව ගැන කියමින් බොරු නිදහසට කරුණු නොකියන ලෙසත් පාකිස්ථානුවන් හොඳින් ක්‍රීඩා කළ බවත් එංගලන්ත නායකයාට පවසා තිබුණි.

    [rns_reactions]

  • ජන දුක හදුනන ජනපති පුතුගෙන් අසරණ දෙව්මිණිට නිවසක්..

    රත්නපුර අයගම පණ්ඩුකඳේ වත්ත ප්‍රදේශයේ දිවි ගෙවන දෙව්මිණි අධ්‍යාපනයට දක්ෂ දරුවෙක් වන අතර පන්තියේ හැමදාම ඵලවෙනි තැන ලබාගත් ශිෂ්‍යාවක් බවත් වාර්තා වෙනවා. එසේම ලබන වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටීමට නියමිත මෙම දියණිය මෙම වසරේ ශිෂ්‍යත්ව විභාගයේ ආදර්ශ ප්‍රශ්න පත්‍රවලට මෙවර ශිෂත්ව විභාගයට පෙනීසිටින දරුවන් සමග එකට පිළිතුරු ලබාදී පාසලේ වැඩිම ලකුණුද ලබාගෙන තිබෙනවා. පියාද අහිමි දෙව්මිනිගේ මව ඇයව පෝෂණය කරනු ලබන්නේ රෙදි මැසිමෙන්.

    අග හිඟ කම් මද වේල පිරිමසා ගනිමින් දෙව්මිනිගේ අධ්‍යාපනය ඉදිරියට රැගෙන ගිය රෝගී මවට රෝදුරු ගංවතුරට ගසාගෙන ගිය තම නිවස නැවත තැනීම සිහිනයක් පමණක් බවට ඇයගේ මව මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුනා.

    පෙරේදා දිනයේදී මෙම පුවත දුටු සෑම දෙනාම කඳුලින් බරවුණා. ඒ ඇයට සිදුවූ සිදුවීම නිසා.

    පුංචි දෙව්මිනිගේ මෙම ගැටලුව මාධ්‍ය වලින් දුටු ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතා ඊයේ එම ප්‍රදේශයට ගොස් පුංචි දෙව්මිණිගේ කඬාවැටුනු නිවස සහ සිදුවූ සිදුවීම නීරීක්ෂණය කර එහිදී දෙව්මිණි දැරියට සහ ඇගේ මවට සුදුසු ස්ථානයක නව නිවසක් කඩිනමින්ම ඉදිකර දෙන බවට පොරොන්දුවක් ලබා දුන්නා.

    එමෙන්ම ඊට අදාල ඉඩමක් ලබා ගැනීම සඳහා දහම් සිරිසේන මහතා ඊයේ කිරිඇල්ල නැඳුන් රජමහා විහාරස්ථානයේ නායක ස්වාමින්වහන්සේ හඳපාන්ගොඩ මහින්ද නායක ස්වාමින් වහන්සේ සහ හිටපු ශ්‍රීපාදස්ථානාධිපති හඳපාන්ගොඩ විමල නායක ස්වාමින්වහන්සේ මුණ ගැසී මේ පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවේය.

    එහිදී නායක ස්වාමින් වහන්සේලා රජයේ වැඩපිලිවෙලක් යටතේ මෙම නිවස සාදනු ලබන්නේදැයි විමසූ අතර එහිදී හෙළි වූයේ රජයේ කිසිඳු ප්‍රතිපාදනයක් ලබා නොගෙන තම පෞද්ගලික දැන හැඳුනුම්කම් මත ආධාර උපකාර ලබාගෙන මෙම දැරියට නව නිවෙසක් දහම් සිරිසේන මහතා මූලිකත්වය ගෙන සාදා දෙන බවයි.

    ඒ කාරණය පිළිබඳව පැහැදුනු නායක ස්වාමින් වහන්සේලා ප්‍රකාශ කලේ එම නිවෙස සෑදීම සඳහා රජමහා විහාරස්ථානයට අයත් පර්චස් 20ක ඉඩමක් ලබා දීමට සූදානම් බවත්, නිවෙස ඉදිකිරීම සඳහා මුල් ගල තබන දින එහි වැඩම කර සෙත් පිරිත් සජ්ඣායනා කිරීමට නායක ස්වාමින් වහන්සේලා වැඩම කරන බවත්ය.

    .

    [rns_reactions]

     

  • ලොක්කා බණ කියද්දි පොඩ්ඩො වෙරිමතින් – පොලිසියෙන් ඇහෙන කථාව මෙන්න…

    ශ්‍රී ලංකා පොලිසියට දිනෙන් දින එල්ලවන චෝදනා වල නම් කිසි අඩුවක් නැතිය. මේ ඊයේ කන්තලේ ප්‍රදේශයේ සිදුවූ සිදුවීමක්ය.

    බීමතින් සිටි බව කියන සිවිල් ඇදුමින් සිටි පොලිස් නිලධාරීන් දෙනෙනෙකුට කන්තලේ බෝගස්හන්දිය ප්‍රදේශවාසීන් විසින් දිගට හරහට පහර දී තිබේ.

    ගැටුමට හේතුව වී ඇතැයි ගම්වාසීන් කියන්නේ අදාල පොලිස් නිලධාරීන් විසින් ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකුට පහර දීමයි.

    [rns_reactions]

  • ගස් කැපුවේ ඇයි? ෆේස්බුකියේ විරෝධයට තෙවරප්පෙරුමගෙන් පිළිතුරක්…

    නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ගස් කපන ඡායාරූප පෙළක් ඔහුගේම ෆේස්බුක් ගිණුමට පසුගිය දා එක්කර තිබුණා.ඒ, වසර 130 ක් පැරණි බවට ප්‍රකාශ වන ගසක් කැපීම සම්බන්ධයෙන්

    බුලත්සිංහල තිබොට්ටව  නාය යෑමේ අවධානම් ඇති ප්‍රදේශයක මෙම ගස් කැපීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

    මෙම විශාල ගස් නිවෙස්වලට කඩා වැටීමට ආසන්න නිසා  ඉවත් කර දෙන ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ද අදාල වතු සමාගමටද දැනුම් දී ඇතත් එය ඉටු නොවූ නිසා  නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මෙලෙස ගස් කැපීම සිදුකර ඇති බවයි පැවසුණේ.

    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කරුණු දැනගැනීම සඳහා තෙවරප්පෙරුම අමාත්‍යවරයාගෙන් විමසූ අවස්ථාවේ මෙම සියලු කරුණු ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ මෙම ගස අනිවාර්යයෙන් කපා ඉවත් කලයුතු ගසක් බවයි.

    කළුතර බුලත්සිංහල ආසනයේ තිබ්බෝට්ටාව ග්‍රාමයේ ඇති කන්දක මෙම ගස පිහිටා ඇති අතර පවතින සුළන් තත්වයෙන් මෙම ගස සෙලවීම නිසා කන්ද ඉරිතලා තිබු බව අමාත්‍යවරයා පවසා තිබෙනවා. මේ හේතුව නිසා අදාළ බලධාරීන්ට මේ සම්බන්ධයෙන් දැනුම් දුන්නත් කිසිවෙකුත් ක්‍රියාත්මක වී නොමැති බවයි වාර්තා වන්නේ. මේ තත්වය මත එම කන්ද පාමුල සිටින ජනතාවගේ ආරක්ෂාව මත තමා මැදිහත්වී මෙම ගස කැපූ බවත් එම ගස ඇල්බීසියා වර්ගයට අයත් ගසක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

    නමුත් ගස් කැපීම නීතිවිරෝධී බවත් එමෙන්ම මෙම ගස් මෙලෙස කැපීම නිසා ගංවතුර වැනි ආපදා තත්වයන් ඉතාමත් පහසුවෙන් ඇතිවන බවත් බොහෝ දෙනෙකු මේ පිළිබඳව අදහස් දක්වා තිබුණා.

    මේ ගැන අමාත්‍යවරයා පවසන්නේ තමා ජනතාවට කරන සේවය නතරකිරීම සඳහා ඇතැම් පාර්ශව වැරදි ප්‍රචාර දියත් කරන බවයි.

    මෙම ගස් කැපීම සම්බන්ධයෙන් ඔහු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ඡායාරූප පළ කිරීමත් සමග සමාජ ජාල මාධ්‍ය තුළ අමාත්‍යවරයාට එරෙහි කතාබහක් නිර්මාණය වෙමින් පවතිනවා.

    ඒ අතර මෙම ගස් කැපුවේ ඇයිද යන්න පිළිබඳව වීඩියෝවක් මේවනවිට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.

    එය පහතින් නැරඹිය හැකියි.

    [rns_reactions]

  • සිදුකළ අපරාධ වලට මහින්ද පෝරකයට යැවිය යුතුයි – ජවිපේ ප්‍රසිද්ධියේ කියයි..

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මරණ දඬුවම ලබා දිය යුතු යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    සිරස රූපවාහිනියේ පැවති සටන දේශපාලන වැඩසටහනේදී මේ බව කියා සිටියේ එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභික පළාත් සභා මන්ත‍්‍රී නලින් හේවගේ මහතායි.

    https://youtu.be/-lqliNBK4lY

    [rns_reactions]