Author: Editor[A]

  • ලත් පරාජයත් සමගින් මැතිව්ස් සහ ප්‍රධාන පුහුණුකරු තම තනතුරු වලින් ඉල්ලා අස්වීමේ සූදානමක..

    ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිතවත්කම් මත ක්‍රීඩකයන් තේරීම හේතුවෙන් කිසිඳු තරඟයක් ජය ගැනීමට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලො මැතිව්ස් තරඟ සංචාරයේ යෙදී සිටින මෙරට මාධ්‍යවේදීන් හමුවේ පවසා ඇත.

    තිලංග සුමතිපාලගේ තේරීම මත ක්‍රීඩකයන් තෝරන නිසා ඇතැම් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් නැවත් නැවතත් සිතන තැනට පැමිණීමට සිදුවී ඇති බව ඔහු පවසා ඇත.

    මේ තත්වය මෙසේ තිබේ නම් තමන් නායකත්වය ගැන තීරණයක් ගන්නා බවත් ක්‍රිකට් තේරීම් කමිටුවද පාලක මණ්ඩලයට බාරදී ගෙදර යායුතු බව ඔහු පවසා තිබේ.

    මේ අතර  කණ්ඩායම් කළමණාකරු අසංක ගුරුසිංහ සමග ඇති මතභේදයක් නිසා කණ්ඩායමෙ පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් චැම්පියන්ස් කුසලානය අවසන් වූ වහාම ඉල්ලා අස් වීම භාර දීමට සුදානම් බව වාර්තා වී තිබේ.

    ගුරුසිංහ සමග ඇති නොහොද නෝක්කාඩු නිසා ෆෝර්ඩ් ට සහය දක්වා සහ ගුරුසිංහ කළමණාකරු තනතුරෙන් ඉවත් කර ගැනීමට ඇන්ජලො මැතිවුස් ද නායකත්වයෙන් ඉල්ලා අස් වීමට සුදානම් වන අතර ඇන්ජලො නැවත්වීමට් ක්‍රීකට් ආයතනයෙ පිරිසක් කටයුතු කරන අතර මෙතෙක් එය සාර්ථක වී නැහැ.

    [rns_reactions]

     

  • කුල ප්‍ර‍ශ්නය නිසා යාපනයේ ලේ හිඟයක්! හමුදාවේ 200ක් ලේ දන් දෙති!

    කුල ප්‍රශ්නය හේතුකොටගෙන යාපනයේ දෙමළ වැසියන් කිසිදු රෝහලකට ‍ලේ නොදීම නිසා යාපනයේ ‍ලේ බැංකුවල ඇතිවූ ‍ලේ හිඟයක් නිසා වහාම යුද හමුදාවේ සහාය දෙන්නැයි ‍පොසොන් ‍පොහෝ දින යාපනය ශික්ෂණ රෝහ‍ලේ ප්‍රධානීන් කළ ඉල්ලීමක් මත බස් රථවල නැගී ගිය සෙබළුන් දෙසීයක් ‍ලේ පරිත්‍යාග කර ඇත.

    යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගෙන් යාපනය ශික්ෂණ රෝහල් ප්‍රධානීන් කළ ඉල්ලීමක් මත භට පිරිස් එහි යවා තිබෙනවා. බ්‍රහස්පතින්දා දිනයේදී හමුදා සෙබළුන් ‍ලේ පයින්ට් 170ක්දී  ඇති අතර පසුගිය සිකුරාදා (09) සවස් වන විට ‍ලේ පයින්ට් 100ක් ලබාදී ඇත. උතුරේ ජනතාවගේ ජීවිත බේරාගැනීමේ අරමුණින් මෙම ‍ලේ පරිත්‍යාගයන් කළ බවත් මෙම වසරේ පමණක් දැනට ‍ලේ පයින්ට් දහසක් යාපනේ පිහිටි මහ රෝහල. පේදුරුතුඩුව, තෙලිප්ප‍ලේ, චාවාකච්චේරි, පලෙයි, අච්චුවේලි රෝහල් වෙත ලබාදී ඇති බවයි මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසන්නේ

    හමුදා භට පිරිස් මෙසේ ‍ලේ දන් දීමට නොසිටියා නම් උතුරේ රෝගීන්ට ‍ලේ නොමැතිව දැඩි අර්බුදයක් ඇති වන බව උතුරේ ආරක්ෂක අංශ පෙන්වා දෙනවා.

    [rns_reactions]

  • ඊයේ තරගයෙන් පසු ලංකාවේ තිසර පෙරේරාට පකිස්ථානයේ පුරවැසිභාවය…

    පාකිස්ථානයට එරෙහි ඊයේ ලද පරාජයට ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිශය දුර්වල පන්දු රැකීම ප්‍රබල සාධකයක් විය.

    තරඟය පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම ප්‍රදර්ශණය වූ අතර උඩපන්දු මෙන්ම දුවද්දී දැවීයාම් අවස්ථා ගණනාවක්ද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියේය.

    පාකිස්ථානු කණ්ඩායම ජයග්‍රහණය රැගෙන ගිය සෆ්රාස් අහමඩ් තිසර පෙරේරාට ලබාදුන් පහසු උඩපන්දුව අත්හැරීම පිළිබඳ මේ වනට ලොව පුරා ක්‍රිකට් ලෝලීන් අදහස් දක්වමින් තිබේ.

    එහිදී ට්විටර් මගින් අදහස් දැක්වූ අයෙකු සඳහන් කර තිබුණේ තිසර පෙරේරාට පාකිස්ථානු පුරවැසිභාවයද ලබාදිය යුතුය යන්නයි.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම අතින් ඊයේ උඩපන්දු 3ක් ගිලිහී ගිය අතර එම අවස්ථා තුනෙහිම පන්දු යැව්වේ ලසිත් මාලිංගයි.

    තිසර පෙරේරා අතින් ගිලිහුණ උඩපන්දුව පිළිබඳ ට්විටර් මගින් දක්වා තිබූ අදහස් පහතින් නරඹන්න.

     





    [rns_reactions]

  • අද ගොඩක් අය බණින තිසර පෙරේරා එදා සෆ්රාස් ඇතුළු පාකිස්තාන ටීම් එක දණ ගස්වපු හැටි මෙන්න..

    පාකිස්තානය හමුවේ ඊයේ (12) ලද පරාජයට ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිශය දුර්වල පන්දු රැකීම ප්‍රබල සාධකයක් විය. තරඟය පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම ප්‍රදර්ශණය වූ අතර උඩපන්දු මෙන්ම දුවද්දී දැවීයාම් අවස්ථා ගණනාවක්ද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියා.

    පාකිස්තානු කණ්ඩායම ජයග්‍රහණය රැගෙන ගිය සෆ්රාස් අහමඩ් තිසර පෙරේරාට ලබාදුන් පහසු උඩපන්දුව අත්හැරීම පිළිබඳ මේ වනට ලොව පුරා ක්‍රිකට් ලෝලීන් අදහස් දක්වමින් තිබේ. තිසර පෙරේරාට ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනකු චෝදනා මුඛයෙන් කතා කරන අයුරුද දක්නට ලැබෙනවා.

    කෙසේ වෙතත් අද මෙසේ චෝදනාවට ලක්වන තිසර පෙරේරා 2012 වසරේදී සෆ්රාස් අහමඩ්ද ඇතුළුව කඩුළු ත්‍රිත්වයක් ලබමින් පකිස්ථානු කණ්ඩායම දුර්වල කරනු ලැබූවේ මෙලෙසිනි.

    https://youtu.be/QLp6vg24A-g

    [rns_reactions]

  • තිසර අතින් කුසලාන සිහිනය ගිලිහෙයි! – හදවත් නතර කළ එම උඩපන්දු දෙකේ වීඩියෝව මෙන්න!

    ශූරයින්ගේ කුසලානය පිළිබඳ සියලු බලාපොරොත්තු අත්හරින්ට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ සිදුවිය.

    ඒ පාකිස්ථානය හා පැවති තරඟය කඩුලු 3කින් පරාජය වීම හේතුවෙනි.

    පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී ලකුණු 236ක් රැස් කළේය.

    විටෙක කඩුලු 3ක් දැවී ලකුණු 160ක් රැස් කරගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 236කට සීමා කිරීමට පාකිස්ථානු වේගපන්දු යවන්නන් සමත් වූයේ ඉතිරි කඩුලු 7ම ලකුණු 76කට දවාලිමිනි.

    ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල එහිදී අර්ධ ශතකයක් වාර්තා කළේය.

    අනතුරු පිටියට පිවිසි පාකිස්ථානු කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබාගත් අතර ෆකාර් සාමන් වේගවත් අර්ධ ශතකයක් රැස් කළේය.

    කෙසේ වෙතත් පාකිස්ථානු මැද පෙල පිතිකරුවන්ට සාර්ථක වීමට නුවන් ප්‍රදීප් ප්‍රමුඛ ශ්‍රී ලංකා වේගපන්දු බලඇණිය කණ්ඩායම ඉඩ නොදුන්නේය.

    නුවන් ප්‍රදීප් එහිදී ලකුණු 60කට කඩුලු 3ක් දවාලීය.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම ඊයේ පරාජයට හේතුවක් විය.

    පාකිස්ථානු කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගිය නායක සෆ්රාස් අහමඩ් ලසිත් මාලිංගගේ පන්දු හමුවේ තිසර පෙරේරාට හා සීකුගේ ප්‍රසන්නට ලබාදුන් පහසු උඩපන්දු දෙකක් ගිලිහි යාම ඊයේ තරඟය ශ්‍රීලංකාව පරාජය වීඹට විශාල හේතුක් විය.

    ඒ අනුව ශ්‍රීලංකා කණ්ඩායමට ශූරයින්ගේ කුසලානයෙන් ඉවත්වීමට සිදුවූ අතර පාකිස්ථානු කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේය.

    තිසර පෙරේරා සහ සීකුගේ ප්‍රසන්න අතින් උඩපන්දු ගිලිහී ගිය අයුරු පහතින් නරඹන්න

     

    තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න

     

    [rns_reactions]
  • මම බොරු කීවේ නෑ සවුදියේදී මගේ වකුගඩුව ගන්න හැදුවා….

    “අපේ රටේ ජනමාධ්‍යයට පිං සිද්ධවෙන්න මම පණපිටින් ලංකාවට ආවා දරුවෝ බලන්න. දැන් විදේශසේවා නියුක්ත කාර්යාංශය මාධ්‍ය මගින් අරගෙන යන ප්‍රචාරයත් එක්ක ඉන්නවට වඩා මැරෙන එක හොඳයි කියලා මට හිතෙනවා.”

    මේ කතාව අපට කීවේ සෞදිඅරාබියේ ගෘහ සේවයට ගොස් නැවත ලංකාවට පැමිණි දඹුල්ල කණ්ඩලම පාරේ පදිංචි ඩබ්ලිව්. ඩබ්ලිව්. ඉන්ද්‍රකාන්ති (36) මහත්මියයි.

    ඇය මේ බව කීවේ ඇය සෞදි රටට අපහාස කළ බවටද මින් ඉදිරියට සෞදි රටට ශ්‍රී ලංකාවේ කවුරුන් හෝ අපහාසයක් කළොත් වසර 20කට හිරේ යැවීමත් විශාල මුදලක් වන්දි ගෙවීමට සිදුවන බවටත් ශ්‍රී ලංකාවේ විදේශසේවා නියුක්ති කාර්යාංශය මගින් ලංකාවේ මාධ්‍ය හරහා ගෙනගිය ප්‍රචාරයට පිළිතුරු ලබා දෙමිනි.

    ඉන්ද්‍රකාන්ති මහත්මිය සැමියා නොමැතිව දරුවන් තිදෙනෙකු සහ මව ජීවත්කරමින් විශාල වෙහෙසක් දරමින් සිටි කාන්තාවකි. ඇය දරුවන් හා මව ජීවත් කරවීම සඳහා පවුලේ බර කරට ගෙන දරුවන් තිදෙනා මවට හා නැගණියට භාරකර ඔවුන් කුලී නිවසක නවත්වා ගෘහ සේවය සඳහා සෞදි අරාබියට ගියාය. ඒ මීට වසර දෙකකට ඉහතදීය.

    ඇය අත්සන් කළ වසර දෙකක කාලය අවසන්ව සිටියදී ලංකාවට පැමිණීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබිණි. එමෙන්ම වසර දෙක අවසන් වී මාස හතරක් ගතවී ගියත් මාසික වැටුපද අහිමි විය. එම තත්ත්වයෙන් මිදීමට නම් ඇයට හාම්පුතුන් විසින් යෝජනා කැර තිබුණේ එම නිවසේ දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන කාන්තාවකට ඇයගේ වකුගඩුවක් ලබාදෙන ලෙසය.

    තමන් පත්ව සිටින බරපතළ තත්ත්වය පිළිබඳව ඇය අවස්ථා කීපයකදී සිය මවත් දරුවනුත් දැනුවත් කැර තිබිණි. මාස කීපයක් ගතවී ගියද යෝජනාවට කැමැත්ත ප්‍රකාශ කරන තුරු ඇයට ලංකාවට ඒමට නොදී තබාගන්නා බවටද තොරතුරු වාර්තා වී තිබිණි.

    ඉන්ද්‍රකාන්ති මහත්මියට අත්ව තිබෙන මෙම ඉරණම පිළිබඳව ඇයගේ වැඩිමහල් දියණියවන දීපනී දිල්හාරාත් මව වන ඩී. ස්වර්ණලතා ජයසිංහ මහත්මියත් මාධ්‍යවේදීන් හරහා රට දැනුවත් කරන්නට වූහ. එමෙන්ම මාධ්‍යවේදීන් අන්තර්ජාලය හරහා සෞදියේ සිටි ඉන්ද්‍රකාන්ති මහත්මියද සම්බන්ධ කැරගෙන මාධ්‍ය මගින් හෙළිදරව් කළහ.

    ඒ අනුව ශ්‍රී ලංකාවේ විදේශසේවා නියුක්ති කාර්යාංශය මැදිහත්වී ඇයව බේරාගැනීමේ විශේෂ වැඩසටහනක් දියත් කරන්නට ක්‍රියාත්මක විය. ඒ සඳහා විෂය භාර ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මියගේද දායකත්වය ලැබිණි.

    දින කීපයක් ගතවෙද්දී ඇයව බේරාගත් බවත් ඇය විසින් සිදුකළ ප්‍රකාශය බොරුවක් බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් නැවත මාධ්‍ය දැනුවත් කැර තිබිණි. එමෙන්ම එම කාන්තාව ලංකාවට ගෙන්වීමත් සමග නැවත වරක් මාධ්‍ය වාර්තා පළවූයේ මෙම කාන්තාව සෞදි රජයට අපහාසයක් සිදුකැර තිබෙන බවත් ඒ හේතුවෙන් එරට දැඩි තීරණ ගෙන තිබෙන බවත් මින් ඉදිරියට එවැනි අපහාස සිදුවුවහොත් බරපතළ දඬුවම් ලබාදෙන බවත්ය.

    කෙසේ වෙතත් ලංකාවට මේ කාන්තාවට එන්නට වරම් හිමිවී තිබිණි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය කරන චෝදනා හා ඇය විසින් මාධ්‍ය මගින් බොරු කීවාද යන්න තොරතුරු සෙවීම සඳහා ඇය ලංකාවට පැමිණි වහා අප ඇයව හමුවීමට දඹුල්ල කණ්ඩලම පාරේ පදිංචි නිවසට ගියෙමු. එහිදී ඇය මුහුණදුන් හා අත්විඳි දේ පිළිබඳව මෙසේ පැහැදිලි කළාය.

    “මම මාධ්‍යවලට කිසිම බොරුවක් කළේ නැහැ. මට එහෙම බොරුවක් කියලා එන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මොකද මම අවුරුදු දෙකක් එකම ගෙදර වැඩ කළේ. මට වැටුපක් දුන්නා. ඒ ගෙදර කාන්තාවකට දරුණු ලෙස වකුගඩු රෝගය වැළඳිලා තිබුණා. එයාගේ පුතා තමයි මට නිතර නිතර කරදර කළේ මගේ වකුගඩුව දෙන්න කියලා. මට ඒ සඳහා මුදල් දෙන්නම් කිව්වා. ඒ රටේ ජීවත් වෙන්න පුළුවන් කිව්වා. ලේ පරීක්ෂණයට යමු කීවා. මම ඒ සියල්ල බැහැ කීවා. ඊට පස්සේ තමයි මට කරදර කරන්න ගත්තේ. පඩිය නොදී හිටියේ.

    මම ඒ සේරම තොරතුරු අම්මටත් දරුවන්ටත් කිව්වා. මට කන්න නොදී සිටියා. එයාලා නිතර නිතර කිව්වේ මේ ගැන කල්පනා කරලා උත්තරයක් දෙන්න, ඒකට කැමැති වෙන්න කියලා. මම කිව්වා බැහැ මට ලංකාවට යන්න ඕනෑ කියලා.

    මගේ සේවා කාලය ඉවර උණාම මම ඒ ගැන සෞදි තානාපති කාර්යාලයට පවා කිව්වා. හැබැයි කවුරුත් මා ගැන බැලුවේ නැහැ. ඒ අතරෙදි තමයි මගේ ගෙදර අය මම පත්වෙලා ඉන්න තත්ත්වය ගැන ලංකාවේ මාධ්‍යවලට කිව්වේ. මාධ්‍යවලින් මේ කතාව ප්‍රචාරය උණාට පස්සේ තමයි මා ගැන අවධානය යොමු කෙරුවේ.

    ඒ රටේ පොලිසියට මාව එක්ක එන්න කියලා දන්වලා තිබුණා. ඒ අතරේ ගෙදර කාන්තාවගේ පුතා මාව කාමරයකට දාලා වහලා එයා විතරක් පොලිසියට ගියා. ආපහු නැවත ඇවිල්ලා මට කිව්වා යන්න ලෑස්තිවෙන්න කියලා. එතනට යනකොට අපේ තානාපති කාර්යාලයේ මිස්කෙනෙක් සර් කෙනෙක් ඇවිල්ලා හිටියා. මට එක මාසයක පඩි දුන්නා ගෙදර කාන්තාවගේ පුතා. එයා පොලිසියට කිව්වේ නෑ පුතා කියලා. එයා කිව්වේ බාබා ඉන්දියාවේ ගිහින් එයාගේ මල්ලි කියලා බොරු කිව්වා. මගේ ෆෝන් එකේ තිබුණා ලංකාවේ ටීවී එකේ ගිය ප්‍රවෘත්තියක්. ඒක බලලා මම පොලිසිය ඇතුළේම මකලා දැම්මා. අරාබි භාෂාවෙන් මොනවදෝ ලියලා මාව භාර දුන්නා ලංකාවේ අයට. එතනදී මගෙන් පොලිසිය ඇහුවේ නැහැ මේ වකුගඩු කතාව හෝ මම වරදක් කළා කියලා කිව්වේ නෑ. ඒ අතරෙදි මාව තානාපති කාර්යාලයට එක්ක යනකොට අපේ අම්මා මට කතා කරලා කිව්වා ලංකාවේ පත්තරවල යනවා මම බොරු කිව්වා කියලා. මම ඒක තානාපති කාර්යාලයෙන් ආපු නෝනාගෙන් අහද්දි කිව්වා ඒවා දැන් වැඩක් නැහැ. මහේ සිදුවූ දේවල් ආයේ මීඩියාවලට දෙන්න එපා. මීඩියා අය ආවොත් කරදර කරනවා කියලා පැමිණිලි කරන්න කිව්වා. මට එන්න ඕනෑ නිසා මම හා කියලා කිව්වා.

    තානාපති කාර්යාලයේදී මිස් කෙනෙක් මට කිව්වා මගේ ප්‍රශ්න සියල්ල පසෙකදමා මම ලංකාවට යනවා කියලා ලියුමක් ලියා දෙන්න කියලා. මම ලියුම ලියලා දුන්නා. ආයෙත් ඇවිල්ලා කිව්වා ඒ ලියුමෙම ලියන්න වකුගඩු ඉල්ලමු ප්‍රශ්නය ඉල්ලා අස්කර ගන්නවා කියලා. මම ඒකත් ඒ ලියුමේ යටින් ලියලා දුන්නා.

    ඒ කරලා මම ලංකාවට ඇවිල්ලා ගෙදර එනකොට ආයෙත් ලංකාවේ මාධ්‍යවල යනවා මම බොරු කිව්වාලු. සෞදි රජයෙන් මාව සමාව දීලා එව්වලු කියලා. මේ කිසිම කෙනෙක් සෙව්වේ නැහැ මම කියන්නේ ඇත්තද බොරුද කියලා. අදටත් ගිහින් බලන්න පුළුවන් මම හිටිය ගෙදර කාන්තාව වකුගඩු රෝගියෙක්. ඒ විතරක් නෙවෙයි මට එහෙම බලපෑම් කළා කියලා ඒ ගෙදර අය ලියුමකින් අපේ තානාපති කාර්යාලයට දීලා තිබුණා. ඒත් අන්තිමට මට ආයේ කවදාවත් රටකට යන්න බැරි වෙන්න තහනම් කරලා. මම වැරදිකාරියක් බවට සමාජයට හංවඩු ගහලා තමයි මට පිහිට වුණේ. මම කියන්නේ මට විතරක් නෙවෙයි අපේ රටේ කිසිම ගෘහ සේවිකාවකට ඒ වගේ කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා

    [rns_reactions]

  • උඩ පන්දු අතහරිමින් ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට විසිවෙයි

    දෙපිලක වේග පන්දු යවන්නන් අතර සටනක් බවට පත්වූ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර වේල්සයේ කාඩිෆ් නුවර ඊයේ පැවැති තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කළ පාකිස්තානය 2017 චැම්පියන්ස් කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසියේය. මේ සමගම ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට විසි විය.

    ජයග්‍රහණය පෙනි පෙනී තිබියදී ශ්‍රී ලංකාව පරාජය වූයේ උඩ පන්දු අතහැරීම හා පන්දු රැකීමේ දුර්වලතාව නිසාවෙනි. ශ්‍රී ලංකාව වෙතින් ජයග්‍රහණය උදුරා ගත්තේ සා‍‍ෆ්රාස් අහමඩ් හා මොහමඩ් අමිර් ය. මේ දෙදෙන 8 වැනි කඩුල්ල වෙනුවෙන් ඕවර 15ක් ඇතුළත අතිඅගනා ලකුණු 75ක නොබිඳි සබඳතාවක් ගොඩනගමින් පාකිස්තානය අවසන් පූර්ව වටයට ගෙන ගියේය. නියම නායක ඉනිමක් ක්‍රීඩා කළ සා‍ෆ්රාස් අහමඩ් හතරේ පහර 5ක්ද සමග පන්දු 79කින් නොදැවී ලකුණු 61ක් රැස් කරමින් පාකිස්තානය ජයග්‍රහණය කරා ඇදගෙන ගියේය. ඔහුට නොමඳ සහායක් ලබා දුන් මොහමඩ් අමිර් හතරේ පහරක් සමග පන්දු 43කින් නොදැවී ලකුණු 28ක් ලබා ගත්තේය.

    ලකුණු 237ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමේදී පාකිස්තාන කඩුලු 7ක් ලකුණු 162කට බිඳ වැටී තිබුණද අහමඩ් හා අමිර් තරගයේ තවත් ඕවර පහයි පන්දුවක් ඉතිරිව තිබියදී පාකිස්තානය කඩුලු 3ක විශිෂ්ට ජයග්‍රහණයක් කරා ගෙන යාමට සමත් වූහ.

    මේ තරගාවලියේ මීට පෙර ක්‍රීඩා කළ තරග දෙකේදී එකම කඩුල්ලක් හෝ ලබා ගැනීමට අසමත්ව සිටි වේග පන්දු යවන මොහමඩ් අමිර් ශ්‍රී ලංකා ඉනිම අගාධයට තල්ලු කිරීම ආරම්භ කරමින් පිට පිට ඕවරවලදී ඇන්ජලෝ මැතිව්ස් හා නිරෝෂන් දික්වැල්ල දවාලමින් ශ්‍රී ලංකා ඉනිමේ හදවත ඉරා දැමුවේය. අනතුරුව ජුනයිඩ් ඛාන් හා හසන් අලි ද මේ සංහාරයට එක්වෙමින් මැද පිතිකරු පෙලේ අග කොටසේ කඩුලු බිඳ දැමුවේය.

    ඛාන් ලකුණු 40කට කඩුලු 3ක්ද, අලි ලකුණු 43කට කඩුලු 3ක්ද, අමිර් ලකුණු 53කට කඩුලු 2ක්ද ලබා ගත් අතර සිය මංගල ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ ෆහීම් අෂ්රෆ් ලකුණු 37කට කඩුලු 2ක් ලබා ගැනීමට සමත් විය.

    ඉලක්කය හඹා යාමේදී අසාර් අලි හා ෆකාර් සමාන් පන්දු 52ක් ඇතුළත ඔවුන්ගේ සබඳතාව අර්ධ ශතකයකින් සම්පූර්ණ කර ගත්හ. මේ දෙදෙනාගෙන් වඩාත්ම ආක්‍රමණශීලී පිතිකරුවා වූ සමාන් මුලින්ම දැවී යාමට පෙර හතරේ පහර 8ක් හා හයේ පහරක් එල්ල කිරීමට සමත් විය. මුළු ලකුණු ප්‍රමාණය 74ක්ව තිබියදී නුවන් ප්‍රදීප්ගේ පන්දුවට ‘ෆයින් ලෙග්’ ස්ථානයේ පන්දු රකිමින් සිටි අසේල ගුණරත්න අතට සමාන් උඩ පන්දුවක් ලබා දීමත් සමග ආරම්භක කඩුලු සබඳතාව අවසන් විය. සමාන් පන්දු 36කින් ලකුණු 50ක් රැස් කළ අතර මෙය ඔහුගේ පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් අර්ධ ශතකය විය.

    අහමඩ් හා මොහමඩ් අමිර් කල්පනාවෙන් යුතුව ලකුණු පුවරුවට එක් කරමින් මුළු ලකුණු සංඛ්‍යාව 194 දක්වා ගෙන එමින් සිටියදී 39 වැනි ඕවරයේදී අහමඩ් දවා ගැනීමට තිබූ අවස්ථාවක් තිසර පෙරේරාගේ දුර්වල පන්දු රැකීම හේතුවෙන් ශ්‍රී ලංකාවට අහිමිව ගියේය. එය පසුව ශ්‍රී ලංකා පරාජයට හේතු වූ එක් ප්‍රධාන සාධකයක් බවටද පත්විය. මාලිංගගේ පන්දුවට අහමඩ් කෙළින්ම ‘මිඩ් ඕන්’ ස්ථානයට ලබා දුන් ඉතාම පහසු උඩ පන්දුව අල්ලා ගැනීමට තිසර අසමත් විය. ඒ වන විට අහමඩ් ලකුණු 38ක් ලබා ගෙන සිටියේය.

    මාලිංගගේ ඊළඟ ඕවරයේදී අහමඩ් ලබා දුන් තවත් උඩ පන්දුවක්ද ශ්‍රී ලංකාව වෙතින් ගිලිහිණි. මෙවර ඒ උඩ පන්දුව රැක ගැනීමට අසමත් වූයේ අතිරේක ක්‍රීඩක සීකුගේ ප්‍රසන්න ය. ඊට පසුව යැවුනු තෙවැනි පන්දුව මොහමඩ් අමිර්ගේ පිත්ත පැරදුවද එය කඩුලු රකින්නාගේ පාදයේ වැදී ගොස් හතරේ සීමාව පසු කළේය.

    කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානයේ තීරණය වූයේ පළමුව පන්දු යැවීමය. ශ්‍රී ලංකාව කුසල් ජනිත් පෙරේරා වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට ඇතුළත් කර තිබූ අතර පාකිස්තානය ෂඩාබ් ඛාන් වෙනුවට ෆහීම් අෂ්රෆ් කැඳවා තිබිණි. දෙපිලම වේග පන්දු යවන්නන් සිවු දෙනෙකු බැගින් ඇතුළත් කරගෙන තිබිණි.

    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක් 1983 වසරෙන් පසුව එංගලන්තයේදී ක්‍රීඩා කෙරුණු ප්‍රථම අවස්ථාව මෙය වූ අතර එහි 31 වැනි පන්දුවේදී ශ්‍රී ලංකා පළමු කඩුල්ල බිඳ වැටෙමින් දනුෂ්ක ගුණතිලක දැවී ගියේය. ඉන්දියාවට එරෙහි තරගයේදී ලකුණු 76ක ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වෙමින් ශ්‍රී ලංකාවට ජය මාවත විවර කළ ගුණතිලකට ඊයේ රැස්කර ගත හැකිවූයේ ලකුණු 13ක් පමණි. නිරෝෂන් දික්වැල්ල සමග ඊළඟට එක්වූයේ ඉන්දියාවට එරෙහි තරගයේ වීරයා වූ කුසල් මෙන්ඩිස් ය.

    මේ දෙදෙන වේගයෙන් ලකුණු රැස් කරමින් පන්දු 53ක් ඇතුළත ඔවුන්ගේ අර්ධ ශතක (ලකුණු 54) සබඳතාව වාර්තා කළහ. එහෙත් එම සබඳතාවට වැඩි ආයුෂ නොතිබිණි. පන්දු පහක් ඇතුළත තවත් ලකුණු 2ක් පමණක් එක්වෙද්දී හසන් අලිගේ වේග පන්දුව මෙන්ඩිස්ගේ පිත්ත පරදවමින් කඩුල්ලේ ගැටුනේය. ඉතාමත් දර්ශනීය පන්දුවක් වූ එය පිත්ත පරදවා මැද ඉන්න මුදුනේ ගැටෙන විට මෙන්ඩිස් ලබා ගෙන සිටියේ 27ක් පමණි.

    දිනේෂ් චන්දිමාල් පන්දු දෙකකට පමණක් මුහුණ දී බින්දුවට දැවී ගියේය. ෆහීම් අෂ්ර‍ෆ්ගේ පන්දුව චන්දිමාල්ගේ පිත්තේ අග වැදී කඩුල්ලේ ගැටුනු අතර එය වේග පන්දු යවන අෂ්ර‍ෆ්ගේ මංගල ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කඩුල්ල බවට පත්විය. ශ්‍රී ලංකාව කඩුලු 3යි..ලකුණු 83යි…ඕවරය 15.1යි.

    දික්වැල්ල සමග ඕවර 16.1ක් ඇතුළත ලකුණු 78ක සබඳතාවක් ගොඩනගමින් සිටි මැතිව්ස්ගේ පිත්තේ අග යාන්තමින් ගෑවුනු පන්දුව කඩුල්ලේ ගැටීමත් සමගම මොහමඩ් අමීර් ට මේ තරගාවලියේ ඔහුගේ පළමු කඩුල්ල හිමි විය. එය තිස් දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුව විය. හතරේ පහර 2ක් හා හයේ පහරක් එල්ල කළ මැතිව්ස් පන්දු 54කින් ලකුණු 39ක් ලබා ගත්තේය.

    අංක 9 පිතිකරු සුරංග ලක්මාල් ඔහුගේ හොඳම ඉනිම වාර්තා කරමින් පන්දු 34ක් ඇතුළත ලකුණු 26ක් රැස් කළේ හතරේ පහර 3ක්ද එල්ල කරමිණි. ලක්මාල් හා අසේල ගුණරත්න අටවැනි කඩුල්ල වෙනුවෙන් ඕවර 9යි පන්දු 3ක් ඇතුළත ලකුණු 46ක් එක් කළහ. හසන් අලිගේ පන්දුවෙන් ලක්මාල්ගේ ‘බේල්ස්’ ගැලවෙන විට යැවෙමින් තිබුනේ 45 වැනි ඕවරයයි.

    [rns_reactions]

  • මල්ලී බේරා ගන්න ශෂී පුතා පනිනවාත් සමඟම දෙදෙනාම කෝච්චියට හසුවුණා

    මාරයා සැඟව සිටින්නේ කොයි ඉසවුවකද යන්න අපි කිසිවකුටත් කිව නොහැක.වසර තුනක් සිංගප්පුරු රාජ්‍යයේ සිට අධ්‍යාපනය හදරා කිලෝමීටර් දහස් ගණනක දුරකතරක් ගෙවා කරදිය වලල්ල පසුකර සිය දෙමාපියන් හා සහෝදරයන් සමඟ සතුටින් කාලය ගත කිරීට පැමිණි අනුරාධපුර නගර ආසන්නයේ පදිංචි තරුණයාට සිය බාල සහෝදරයා සමඟින් සැගවී සිටි මාරයා සමඟ මෙලොවින් නික්ම යන්නට සිදුවුණී.

    මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කොල්ලුපිටිය හා බම්බලපිටිය දුම්රිය ස්ථාන අතරදී දුරකථනයෙන් ස්වයං (සෙල්ෆී) ඡායාරූපයක් ලබා ගැනීමට ගිය අනුරාධපුර නගරයේ පදිංචි එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු පෙරේදා (11) දා සවස ගාල්ල දෙස සිට කොළඹ කොටුව දෙසට ධාවනයවු බලවේග කට්ටල දුම්රියක ගැටි මිය යෑමේ සෝචනිය පුවත වාර්තාවිය.

    අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිත අහිමිවූයේ අනුලා දේවි මාවත, විජයපුර අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි එකම පවුලේ සහොදරයන් දෙදෙනකු වු ශෂී මධුෂාන් රණවීර (24) හා තීක්ෂණ ශක්ෂාන් රණවීර (12) යන අයයි. මරණයට පත්වූ දරුවන් දෙදෙනා ශ්‍රී ලංකා යුද හමුදා සේවයේ රාජකාරි කර විශ්‍රාම ලැබු කෝප්ප්‍රල්වරයකු වන ප්‍රසන්න ප්‍රියංකර රණවීර (49) හා යුද හමුදාවේ කාන්තා බළකායේ විශ්‍රාමික සෙබලියක වු ආර්.ඒ.බණ්ඩාර මැණිකේ (47) යන දෙපළගේ දරුවන්ය.

    දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ වයස අවුරුදු 12ක් වු බාල පුත්‍රයා හා වයස අවුරුදු 24 ක් වු වැඩිමහල් පුත්‍රයා මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී තිබුණි.

    මේ අනතුරින් ජිවිතක්ෂයට පත්වු අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකුවූ ශෂි මධුෂාන් හෝටල් කළමනාකරණ පාඨමාලාවක් හැදැරීම සඳහා සිංගප්පුරුව බලා පිටත්ව ගොස් වසර 3 කට පසු පෙරේදා (11 ) පස්වරු 4.30 ට පමණ කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළින් මෙරටට පැමිණ තිබේ.

    සිය දරුවා සිංගප්පුරුවේ පාඨමාලාවක් හදාරා සහතික පත් ලබාගෙන වසර 03 ට පසු මෙරටට පැමිණිමේ ප්‍රීතිය නිමිත්තෙන් ඔහු කැදවාගෙන ඒම සඳහා මව පියා සහෝදරයන් දෙදෙනා මිත්තණිය ඇතුළු පවුලේ ඥාතීන් පිරිසක් කටුනායක ගුවන් තොටට ගොස් තිබේ.

    අනතුරුව ඔවුන් කටුනායක සිට අධිවේගි මාර්ගයේ කොළඹට පැමිණ ගෝල්ෆේස් පිටියේ විනෝද වී කොල්ලුපිටියේ පදිංචිව සිටින ඥාති සහෝදරියනගේ නිවසට යාම සඳහා පිටත්ව තිබේ. එම අතරතුරේදී දුම්රිය මාර්ගය හා මුහුදු වෙරළට සමීපයෙන් ගමන් ගත් ස්ථානයක දී ජංගම දුරකථනයෙන් ස්වයං ඡායාරූප ලබා ගැනීම සඳහා වෑන් රථය නතර කරන ලෙස 12 හැවිරිදි තීක්ෂණ,පියා ඇතුළු පිරිසට ඇවිටිලි කළ බව පවුලේ ඥාතීහු පැවසූහ.

    ගමනට සහභාගීවී අවාසනාවන්ත අනතුර සිදුවන අවස්ථාවේ දරුවන් සමගින් සිටි කම්පනයට පත්ව සිටින මියගිය දරුවන්ගේ මිත්තණිය වන ඩබ්.ප්‍රේමා ගුණවර්ධන (68) මහත්මිය හඩා වැලපෙමින් මෙසේ පැවසුවාය.

    පොඩි පුතාගේ බලපෑමට තමයි ෆෝටෝ ගහන්න කියලා වාහනය නතර කළේ. ඒත් අපි කැමති වුණේ නැහැ. පසුව වාහනයෙන් බැහැලා මුහුදු වෙරළ ආසන්නයේ දුම්රිය මාර්ගයේ අයියයි මල්ලියි ෆෝටෝ ගත්තා. මමත් ඒ ස්ථානයට ආසන්නයේ හිටියා.වේලාව සවස 5.45 ට පමණ ඇති. මම දුටුවා විදුලි ලාම්පු දල්වාගෙන දුම්රියක් පැමිණෙනවා. මුහුදේ ඝෝෂාව නිසා එම ස්ථානයේ දුම්රියක් ළඟට එන තෙක් ශබ්ද ඇසුනේ නැහැ.

    පොඩි පුතාට කෝච්චියක් එන බව කියමින් මා කෑගැසුවා. ඉන්පසු බයවුණු චුටි පුතා එක්වරම රේල් පාර හරහා පැන නැවතත් අයියා සිටින පැත්තට පැන්නා.මල්ලී එන්න එපා යැයි කියමින් ඔහු බේරා ගැනීමට ශෂී පුතා පනිනවාත් සමඟම දෙදෙනාම වේගයෙන් පැමිණි කෝච්චියට හසුවුණා.දරු දෙදෙනා එම ස්ථානයේ බිම වැටි සිටියා.සිද්ධවුනේ මොකක්ද කියලා හිතා ගන්නවත් බැරිවුණා.

    ටික වේලාවක් යනකල් කිසිවකුත් ඉදිරිපත් වුණේ නෑ දරුවන්ව රෝහල්ගත කරන්න. ලොකු පුතාගේ කකුලක් වෙන් වී තිබුණා.එම ඒ කකුල උස්සාලා ත්‍රී රෝද රථයකට දැම්මා. ආච්චි කෙනෙකුට මේවා දරාගන්න පුළුවන්ද. චුටි පුතා දෙස බලනකොට හිස කොටස තිබුණේ නෑ.අම්මයි තාත්තයි දරුවෝ දෙන්නා දිහා බලමින් විලාප තියනවා. අනේ මගේ දරු පැටව් දෙන්නා.මා මුලින්ම හිතුවේ කම්පනයට වැටිලා ඉන්නවා කියලා.

    සහතික අරන් ආපු මගේ සුදු පුතා ඒවා පෙන්නන්නේ නැතුවම අපිව දාලා ගියේ ඇයි දැයි කියමින් ඇය හඬා වැලපෙමින් සිහිසුන් විය.දුම්රියට හසුවූ කුඩා දරුවාගේ හිස ඔවුන් ගැටුණු බලවේග කට්ටලයේ ඇමිණි තිබූ ඊයේ (12) උදෑසන ගම්පහ දුම්රිය ස්ථානයේ දී සොයා ගෙන තිබුණි.එම හිස කොටස අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන කොල්ලුපිටිය පොලිස්ථානයට ලබාදීමට ගම්පහ දුම්රිය ස්ථානයේ නිලධාරීන් කටයුතුකර තිබුණි.

    [rns_reactions]

  • පෙරහැර අතරතුර කුලප්පු වූ ඇතින්නගෙන් පහර කෑ හිමිනම අපවත් වෙයි..

    කටාන ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ වාර්ෂික මිහිඳු පෙරහර අතරතුර පෙරහරේ ගමන් ගත්…ඇතින්නක එල්ල කළ පහරදීමකින් එම විහාරස්ථානයේ වැඩ විසූ කුලසැන්දෑවේ රාහුල හිමියෝ ඊයේ (12දා) අලුයම මීගමුව රෝහලේදී අපවත් වූහ.

    පෙරේදා (11දා) රාත්‍රි 8.00ට පමණ වීථි සංචාරය ආරම්භ වී තිබියදී පෙරහරේ ගමන් ගත් ඇතින්නක හදිසියේ කලබලයට පත් වී පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් කටාන මරිය රාජනී පාසල අසලදී කටාන ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ වැඩ වසන කුලසැන්දෑවේ රාහුල හිමි හට පහරදී තිබේ.

    වයස අවුරුදු 25ක් වන රාහුල හිමි කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරී හිමිනමක් වන අතර උන්වහන්සේ අනුරාධපුර එප්පාවල මූලික පිරිවෙනේ ගුරුවරයකු ලෙස ද කටයුතු කරමින් සිට ඇත.


    අනතුර සිදුවන අවස්ථාවේ උන්වහන්සේ බේරා ගැනීමට කටයුතු කළ ඇතින්න භාරව සිටි පුද්ගලයා හා තවත් පුද්ගලයන් පිරිසකගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර කොච්චිකඩේ පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

    [rns_reactions]

  • මහින්ද සමඟ ජපන් ගිය ඇමති හොරෙකු සමඟ ගත්ත ආතල් කරලියට….

     මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දින කිහිපයේ ජපානයේ සිය පෞද්ගලික සංචාරයක නිරත වු අතර මෙම සංචාරය සඳහා  නියෝජ්‍ය ඇමතිවරයෙකු වන අරුන්දික ප්‍රනාන්දුද සහභාගී වී සිටින අතර ඔවුන් ජපානයේ ඉතා සුවසේ නිවාඩුවක් ගත කරන බව වාර්තා වී තිබේ.

    ජාවාරම්කරුවන්ට ආයුධ සැපයී,මිනීමැරුම් ආදී චෝදනා ලත් එසේම මෙරට ආරක්ෂක අංශවලට අත්‍යවශ්‍ය අපරාධකරුවකු වන උදයංග වීරතුංගද මේ දිනවල සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ ජපානයේ වන අතර ඔහු රුසියාවේ සිට පැමිණ මේ දිනවල මහින්ද සමඟ විනෝද වෙමින් කාලය ගත කරණ බව සඳහන් වේ.

    අරුන්දික ප්‍රනාන්දු නියෝජ්‍ය අමාත්‍යවරයාද උදයංග වීරතුංග සමඟ ආතල් ගන්නා අයුරු දැක්වෙන ජායාරූප කිහිපයක් උදයංග විසින්ම සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබේ.

    අප අසන සරල ප්‍රශ්ණය නම්, අත් අඩංගුවට ගතයුතු බවට ජාත්‍යන්තර ඉන්ටර්පෝල් වරෙන්තු නිකුත්වී ඇති උදයංග වීරතුංග වැනි පුද්ගලයෙකු සමඟ රජයේ ඇමතිවරයෙකු ආතල් ගන්නේ කෙසේද? ශ්‍රී ලංකා පොලීසිය මේ පිළිබඳව විශේෂ විමර්ශණයක් සිදුකරන්නේ නැත්තේ ඇයි?

    [rns_reactions]

  • ජනපති මෛත්‍රි හදිසියේම යාපනයට! සංචාරයට හේතුව මෙන්න…

    උතුරු පළාතේ ක්‍රියාත්මක සංවර්ධන වැඩපිළිවෙළේ ප්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැළසුම් පිළිබද සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
     
    උතුරු පළාතේ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩපිළිවෙළේ ප්‍රගතිය සහ 2017 වසරේ උතුරේ සංවර්ධන කටයුතු සදහා වෙන් කර තිඛෙන මුදල් වැය කිරීම පිළිබද මෙහිදී නිලධාරින්ගෙන් කරුණු විමසූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ නිසි සංවර්ධන සැළසුම් ඔස්සේ එම මුදල් ජනතා යහපත වෙනුවෙන් නිසි අයුරින් වැය කිරීම දේශපාලන නියෝජිතයින්ගේ මෙන්ම නිළධාරින්ගේ වගකීම බවයි.
     
    යාපනය දිස්ත්‍රික්කයේ මහා මාර්ග, සෞඛ්‍ය, අධ්‍යාපනය, පානීය ජලය ඇතුථ ජනතාවගේ දෛනික ජීවිතය සදහා අත්‍යාවශ්‍ය පහසුකම්වල අඩු පාඩු පිළිබද මෙහිදී සොයා බැලු ජනාධිපතිතුමා එම අඩුපාඩු කඩිනමින් සපුරාදීමට නිළධාරින්ට උපදෙස් දුන්නේය.
     
    එමෙන්ම නැවත පදිංචිකිරීම් කටයුතු පිළිබදව ද සාකච්ඡාවට ලක් විය.
     
    නිවාස ඉදිකිරීම සදහා වැලි ලබා ගැනීමේදී ගැටලූකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුව ඇති බවට මෙහිදී දේශපාලන නියෝජිතයින් පෙන්වාදුන් අතර එහිදී ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ පරිසරයට හානියක් නොවන අයුරින් සුදුසු ස්ථානවලින් වැලි සහ බොරථ ලබා ගැනීමට අදාළ නිර්දේශ ලබා දෙන ලෙස තමා අදාළ නිළධාරින්ට උපදෙස් ලබා දෙන බවයි.
     
    ඒ ස`දහා ජනාධිපති අතිරේක ලේකම්වරයෙකුගෙන්, පරිසර අධිකාරියේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙන්ම වනජීවි දෙපාර්තමේන්තුවේ නිළධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඉදිරි සතිය තුළ එම කටයුතු අවසන් කිරීමට උපදෙස් ලබා දෙන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.
     
    උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, ඩී.එම්. ස්වාමිනාදන්, දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු යාපනය දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් මැති ඇමතිවරුන් මෙන්ම යාපනය දිස්ත්‍රික් ලේකම් ඇතුථ රාජ්‍ය නිළධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
  • අවසානය දක්වා මාලිංගගේ සටන ගැන නායක මැතිවුස් කියපු දේ මෙන්න…

    ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට ඉතාමත් තීරණාත්මක තරගයක් වූ ඊයේ (12) දිනයේ අත්වුණ අවසානාවන්ත තත්ත්වය ගැන ලැබූ පරාජයෙන් පසු කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කිව්වේ මේ වගේ කතාවක්…..

    අද පර්ෆෝමන්ස් බැලුවම අපි ඉතාමත ඛේදනීය මට්ටමක තමයි දක්ෂතා දකින්නට තිබුණා. ඒ උඩපන්දු අතහැරුනේ ඉතාමත් තීරණාත්මක අවස්ථාවල. පළවැනි ඕවරය වගේම අවසාන ඕවරය දක්වාම සෆ්රාස් කියන්නේ තීරණාත්මක සාධකයක්. ඔහු දවාගන්න තිබ්බ අවස්ථා කිහිපයක්ම අපිට මගහැරුණා. මම හිතුවා අපි යම්තාක් දුරකට දියුණු වෙලා කියලා. නමුත් අද දවස අපේ දවස නෙමේ.

    මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය :- අසංක ගුරුසිංහ කියලා තිබුණා පන්දු රැකීම පත්තෙන් දියුණුවෙලා කියලා.

    ඇන්ජලෝගේ පිළිතුර :- ඔව් අපේ ළමයි හුගක් මහන්සිවෙලා වැඩ කළා. අද අපි කැච් තුනක් මිස් කළා තමයි. නමුත් අවංකවම මැච් එක දිනවන්න අපි මහන්සිවුණා. දුර්වලතා නොතිබ්බා නෙමෙයි.

    මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය :- ඔබ හිතනවද ඔබ රැස්කළ ලකුණු ප්‍රමාණය මදියි කියලා, නැත්නම් පකිස්ථානයේ පන්දු යැවීම විශිෂ්ඨයි කියලා ?

    ඇන්ජලෝගේ පිළිතුර :- මෙහෙමයි අපි තරගයක් පැරදුනාම අපිට හැමතිස්සේම කියන්න පුළුවන්න බැටින් දුර්වලයි අනිත් කණ්ඩායමේ බෝලිං දුර්වලයි කියලා කියන්න පුළුවන්. නමුත් අද දවසේ අපේ පැත්තේ ලකුණු 30 – 40ක අඩුවක් තිබුණා. නමුත් මම මගේ කණ්ඩායම ගැන ආඩම්බර වෙනවා. ඔවුන් යමක් කරන්න උත්සාහ කළා. ජයග්‍රහණය අපේ පැත්තේ තිබුණේ. නමුත් පන්දු රැකීමේ දුර්වලතා නිසා එය අපෙන් ගිලිහී ගියා. ඉතිං හුගක් දේවල් අපේ පැත්තට වාසි වෙන විදිහට සිද්ධ වුනේ නැහැ. කාසියේ වාසිය තණතිල්ල.

    මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය :- ඔබ හිතනවාද ලසිත් මාලිංගව යළිත් වරක් අපිට ජාත්‍යන්තර පිටියේදී දකින්න ලැබේවි කියලා ?

    ඇන්ජලෝගේ පිළිතුර :- මට ඒ ගැන ලොකු විශ්වාසයක් නැහැ. ඒ ගැන එයා මොකුත් කිව්වෙත් නැහැ. පහුගිය අවුරුදු කිහිපයේම ලංකාවේ ටීම් එක වෙනුවෙන් හිටපු වටිනා ක්‍රීඩකයෙක් ඔහු. එයා තමයි අපේ චැම්පියන් බෝලර්.

    මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය :- ඔබ හිතනවද කාසියේ වාසිය මේ තරගයේදි තීරණයත්මකයි කියලා ?

    ඇන්ජලෝගේ පිළිතුර :- මෙහෙමයි ඒක දෙපැත්තටම යනවා ඉතිං. තණතිල්ලේ යම්කිසි තෙත් බවක් තිබුණා ඒකත් කියන්න ඕනේ.
    අපිට ස්කෝර් කරපු ලකුණු ප්‍රමාණය මදියි. හැබැයි අද තරගයේදි කාසියේ වාසිය තීරණාත්මක වුණා කියලා කියන්න අමාරුයි. තව ඉතිං මෙහෙමත් කියන්න පුළුවන් අපේ කඩුළු කිහිපයක් මුල් අවදියේම කඩාවැටුණා.

    [rns_reactions]

  • පොලිසිය අසාර්ථකයි – කොලොන්නාව මුල්ලේරියාව මත්කුඩු පෙති වලින් වැසෙයි..

    කොලොන්නාව මුල්ලේරියාව ප්‍රදේශ ආශ්‍රිතව ගංජා සහ මත්පෙති ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළගොස් ඇති බව වාර්තා වී තිබේ. එම ප්‍රදේශ වල පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ අකාර්යක්ෂමතාවය නිසා මෙලෙස මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ඉහළගොස් ඇත.

    ප්‍රදේශයේ සුළු රථවාහන වැරදි පිළිබඳව සැලකිලිමත්වන පොලීසිය මත්ද්‍රව්‍ය වැනි බරපතළ වැරදි සඳහා මෘදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනු ලබයි.

    කේරළ ගංජා,  මත්පෙති සහ එන්නත් වර්ග ඉතා සුලභව මෙම ප්‍රදේශවල තරුණ පිරිස් අතර සංසරණය වෙමින් තිබේ.

    [rns_reactions]

  • උදව් කරන්න කතා කරපු විමල්ට, තෙවරප්පෙරුම කියූ දේ කරලියට..!

    පැවැති ආපදා තත්ත්වයෙන් පසුව පාසල් දරු දැරියන්ට පොත්පත් ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර, ජාතික නිදහස් පෙරමු‍ණද සිසුදරු අත්වැල නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ඒ සඳහා අධාර ලබාගැනීමට විමල් වීරවංශ පක්‍ෂයේ විදෙස් නියොජිතයන් සමග ‘ස්කයිප්’ තාක්‍ෂණය ඔස්සේ පසුගිය ඉරිදා කතා කළේය. මෙරටට ගැළපෙන පරිදි පොත්පත් හා අවශ්‍ය ද්‍රව්‍ය ලබාදෙන්නැයි විමල් එහිදී ඉල්ලා සිටියේය.ඉතාලිය හා බ්‍රිතාන්‍යයේ විදෙස් කමිටු කාර්යාල සක්‍රීය මට්ටමේ තිබෙන බැවින් හැකි ඉක්මනින් අවශ්‍ය ආධාර ලබාදිය හැකියැයි එම කාර්යාලවල නියෝජිතයෝ විමල්ට පොරොන්දු වූහ. මේ අතර පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා කළුතර ආපදාවට ලක්වුණු ජනතාවට දැනෙන සේවයක් කරනවා යැයි විමල් ජානිපෙ සාමාජිකයෙකු සමග කතාකරමින් සිටින විට විමසීය. එවිට එම සාමාජිකයා ‘ඔව්’ යැයි පිළිතුරු දුන්නේය. අත්‍යවශ්‍ය උපකාරයක් තිබේදැයි තෙවරප්පෙරුමගෙන් විමසන ලෙසට එවිට විමල් කියා සිටියේය.

    අනතුරුව එම සාමාජිකයා තෙවරප්පෙරුමට ඇමතුමක් ගෙන විමල් කියූ පණිවිඩය පැවසීය. ”මල්ලි යූඑන්පී මන්ත්‍රී කෙනෙක්වත් මගෙන් ඔය විදියට ඇහුවේ නෑ. විමල් තමයි මට මුලින්ම ඔය විදියට කතා කළේ. පුළුවන්නම් මල්ලි හාල් තුනපහ ටිකක් මේ පැත්තට දුන්නොත් හොඳයි” යැයි තෙවරප්පෙරුම කීවේය. ඉන්පසුව ජාතික නිදහස් පෙරමුණ විසින් එකතුකර තිබූ ආධාර තොගයක් ඔහුට ලබාදීමට පියවර ගෙන තිබිණි.

    [rns_reactions]

  • “බන්දේසියක තබා පූජා කරන ලදී… තරගයේ යතාර්ථය මෙන්න…

    තියුණු සටනකින් පසුව පාකිස්තානය ශුරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන වටයට සුදුසුකම් ලැබීමට සමත් වුයේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් වීම ඉතා අවාසනාවන්ත සිදුවීමකි. ඒ අන්කිසිවක් නිසා නොව ලංකාවේ දුර්වල පන්දු රැකීම නිසා බව සියලුදෙනා අවිවාදයෙන් පිළිගන්නා කරුණකි. කෙසේවෙතත් මෙය ලංකාවට නියත ජයක් ලබාගත හැකිව තිබු තරගයක් ලෙස විචාරකයන් හදුන්වා ඇත.

    [rns_reactions]

     

  • ලකුණු 236… බයවෙන්න එපා ලංකාව දිනනවා – ජෝතිර්වේදී රත්නා සුගතපාල යලිත් කරලියට…

    පකිස්තානයට ඉලක්කය ලකුණු 237 වුවත් ලංකාව නියත වශයෙන්ම ජයගන්නවා.. ඉන්දියාවට එරෙහි ආන්දෝලනාත්මක තරග ජය පිලිබදව අනාවැකි කියූ ප්‍රවීන ජෝතිර්වේදී රත්නා සුගතපාල පවසයි. සියලුදෙනා පකිස්තානයට වාසි වන පැවසුවද ඉන්දියාව පරාජය කල  විලසින්ම මෙම තරගය ශ්‍රී ලංකාව ජයගන්නා බව ඔහු සදහන් කරයි. 

    බලාගෙන සිටින්න… ලංකාවේ ජය නියතයි….

    [rns_reactions]