Author: Editor[A]

  • මහින්දගේ ඉල්ලීමට රනිල් කුප්‍රකට තිස්සට බොරැල්ල භාරදෙන ලකුණු…

    එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට බොරැල්ල සංවිධායක ධූරය හා රජයේ ආයතනයක සභාපති තැනක් හිමිවන බවට ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානියකු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට දැනුම්දී ඇතැයි වාර්තා වේ.

    එසේම එජාප වත්මන් මහලේකම් කබීර් හෂීම් මහතාගෙන් එජාපයට එක්වන ලෙස ආරාධනයක් ලැබී ඇතැයි අත්තනායක මහාත සීනිගම දේවාලයේ පැවැති ආගමික වැඩසටහනකට එක්ව ඉන්පිටව යද්දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබිණි.

    කෙසේවුවද, අත්තනායක මහතාට එජාප නායකයින් බහුතරයක් යළි එජාපයට එක්වීමට සලකා බලන ලෙසට ඉල්ලීම් ලැබී ඇති බව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබිණි.

    [rns_reactions]

  • ඇමති සාගලට අගමැති ආරක්ෂකයන්..! සියලු ජනතාවගේ අවධාණය පිණිසයි….

    නීතිය සහ සාමය ඇමැති සාගල රත්නායක හෙවත් ‘ඩීල්ගල‘ නමැත්තා රටේ නීතිය අවභාවිතා කරමින් තමන්ට නීතියෙන් අවසරයක් නැති ආරක්ෂාවක් මහජන මුදලින් නීති විරෝධීව ලබා ගෙන තිබෙන බව අභ්‍යන්තර තොරතුරු සේවය වෙත හෙළිදරව් වී තිබේ. 

    මෙහි දැක්වෙන්නේ ඒ බව තහවුරු කරන සේයාරුවකි.

    සාමාන්‍ය ඇමැතිවරයෙකු වන සාගල, අගමැතිවරයාගේ ආරක්ෂකයන් තම ආරක්ෂකයන් ලෙස මහජන මුදලින් විදේශ සංචාර වලටද රැගෙන ගොස් තිබේ. ඒ බව තහවුරු කෙරෙන මෙහි දැක්වෙන සේයාරුවේ රතු පැහැයෙන් ලකුණු කර ඇති දෙදෙනාම අනුයුක්ත වන්නේ අගමැති ආරක්ෂක ඛණ්ඩයටය. ඒ සාගල සමග ගිය විදේශ සංචාරයක දී ය.  මීට අමතරව සාගල රටේ මග තොට ගමන් කරද්දී පවා අගමැති ආරක්ෂකයන් සහිත රථ 6 ක් භාවිතා කරයි. 

    ජීවිත තර්ජනයක් පිලිබඳ ආරක්ෂක කවුන්සිලය අනුමත කිසිදු වාර්තාවක් නොමැති නමුත් තමන් පෙළෙන හුදු ප්‍රදර්ශන කාමයට හෝ හීනමානයට හෝ  “නාරි මොටාලාගේ“ හිත සුව පිණිස හෝ එක එකපුද්ගලයන්ට මහජන මුදලින් හිතූ හිතූ ආකාරයෙන් ආරක්ෂාව සැපයීමට රටේ නීතියෙන් ඉඩක් නැත.

    ජනාධිපති ආරක්ෂකයන් ආරක්ෂාව සැපයිය යුත්තේ ජනාධිපතිවරයාට සහ ඔහුගේ පවුලේ අයට ය. අගමැතිවරයාගේ ආරක්ෂකයන් ආරක්ෂාව සැපයිය යුත්තේ අගමැතිවරයාට සහ ඔහුගේ පවුලේ අයට ය.

    එසේ නොමැතිව මාතර අඩුම ජන මනාපයෙන් පාර්ලිමේන්තුවට පැමිණ, රාජපක්ෂලා සමග ඩීල් දේශපාලනයේ යෙදෙන සාගලට අගමැති ආරක්ෂකයන් ගේ ආරක්ෂාව ලබා දීම සම්පූර්ණයෙන්ම නීති විරෝධීය. බලය අයුතු ලෙස භාවිතා කිරීමකි. ඇමැතිවරයෙකු සතු බලය අයුතු ලෙස භාවිතා කිරීම යනු සදාකාලිකවම ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි විය හැකි වරදකි.

    මේ සම්බන්ධයෙන් රටේ ආරක්ෂාව බාර ජනාධිපතිවරයා තීරණයක් ගත යුතුය.

    [rns_reactions]

  • පුජිත් පොලිස්පති කළ සමාජ ජාල ඔහුට එරෙහිව අවි අමෝරන ලකුණු!

    සමාජ් ජාල මාධ්‍ය යනු සමාජයේ ජනතාවගේ මතය ධනය, බලයට හා වෙනත් වරප්‍රසාද වලට යට නොවී සැබෑ ජනතාවට හඬ නැගීමට අවකාශය ලබා දෙන පුරවැසි මාධ්‍යකරණ ඉඩකඩයි. කොටින්ම කියතොත් සමාජ මතය නිරුපනය කරන්නට සමාජ ජාල සමත්ය. එය පසුගිය මැතිවරණ කාල වලද අද සමාජය තුලද සැමට ප්‍රායෝගිකව අත් දකින්නට ඇත.

    මේ දිනවල සමාජ ජාල හා වෙබ් මාධ්‍ය වල පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා වෙත දැඩි විවේචන එල්ල වෙමින් පවතී. ඒ ඔහු පොලිස්පති ධුරය හෑල්ලුවට ලක් කරමින් දේශපාලන ව්‍යාපෘතියක නිරත වන බවට කියමිනි. ඔහු ඔහුගේ තනතුරට අදාළ  තීන්දු තීරණ ගන්නවා ජනප්‍රිය චරිතයක් සේ සමාජයේ කැපී පෙනීමට උත්සාහ දැරීම හේතුවෙනි. එයට එක් හොඳම උදාහරණයක් සපයමින් වත්මන් පොලිස්පතිවරයා ඔහුගේ උත්සව ආදිය වෙනත් දේශපාලකයන් හා නළු නිලියන් මෙන් ෆේස්බුක් පිටුවේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදමින් සිටීම දැක්විය හැක.

    එමෙන්ම මෙසේ ඔහුට විවේචන එල්ල වීමට හේතුව රටේ අපරාධ රැල්ල මෙන්ම ඝාතන රැල්ල මඩින්නට ඔහු කිසිවක් නොකිරීමත් වංචා දුෂණ වැලක්වීමට කටයුතු නොකිරීමත් පසුගිය පාලන සමයේ දුෂණ චෝදනා එල්ල වූ අයට නිතිය ක්‍රියාත්මක නොකිරීමත් මෙන්ම ජනප්‍රිය වීමට එක් එක් බොරු දේවල් කීමත් නිසායි,

    බොහෝ දෙනා පවසන්නේ පොලිස්පති වූ පසු කලින් සිටි පුජිත් ජයසුන්දර චරිතය එහෙන් පිටින්ම වෙනස් වූ බවයි…කලින් තම පරමාදර්ශී චරිතයක්ව  සැලකු පුජිත් දැන් කරන දේවල් සිතා ගැනීමටවත් නොහැකි බවයි.

    මේ හේතු නිසා ඔහුව පත් කිරීමට මතය සකස් කල සමාජ ජාල හා වෙබ් අඩවි ඔහුට විරුද්ධව මතය ගොඩ නැගීම ආරම්භ කොට ඇත.

    ඔවුන් පවසන්නේ පොලිස්පති ගෙදර යවන තුරු ඔහුගේ වැරදි සමාජ ගත කරන බවයි.

     

    https://www.facebook.com/voicelanka/videos/1341362692606743/

    [rns_reactions]

  • අරන්තලා සංහාරයන් ගැන – පරිපාලන නිළධාරියකුගේ අතීත මතක සටහනක්‌…

    2017 ජුනි 02 වැනිදාට අරන්තලා භික්‍ෂු ඝාතන සිද්ධියට වසර 30 ක්‌ සම්පූර්ණ විය. එවකට එම සිදුවීම සොයා බැලීමට කොළඹින් පත්කර යෑවූ පරිපාලන නිලධාරියා වූයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී (විශ්‍රාමික) ඔස්‌ටින් ප්‍රනාන්දු ය. ඔහු සිය අතීත මතකය පිළිබඳව පසුගිය සතියේ කතා කර තිබිණි. එම ලිපියෙහි එක්‌ තැනක ඔහු තරුණ සහකාර දිසාපතිවරයකු වූ ජිනසිරි දඩල්ලගේ එම සිදුවීමේදී ක්‍රියාකළ ආකාරය සඳහන් කර තිබිණි. පසු කලෙක රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේද ලේකම්වරයකු ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි ජිනසිරි දඩල්ලගේ ඒ පිළිබඳව සිය අත්දැකීම් ඇසුරු කරමින් “අරන්තලාව හරහා වසර හයක්‌” නමින් කෘතියක්‌ද එළිදැක්‌විය. මේ එම කෘතියෙහි හය සහ හත පරිච්ඡේදවල දැක්‌වෙන “අරන්තලාව මිනිස්‌ සංහාරය” සහ “අරන්තලාව භික්‍ෂු සංහාරය” පිළිබඳ ඔහුගේ සජීවී අත්දැකීම් ඇසුරු කරගත් ලිපි දෙකය.

    අරන්තලාව මිනිස්‌ සංහාරය

    1985 හා 1986 වර්ෂ දෙකක පමණ කාලය මහඔය උප දිසාපති කොට්‌ඨාසය තුළ විවිධ වූ ත්‍රස්‌තවාදී සිදුවීම් වාර්තා විය. මේ අතර වඩාත් කැපී පෙනෙන ප්‍රධාන සිදුවීම් වූයේ මංගලගම හාමුදුරුවන් පැහැරගෙන යැමේ සිද්ධියයි. මෙයට අමතරව ඉතා සුළු සිදුවීම්ද වාර්තා විය. අම්පාර සිට පදියතලාව හරහා කොලමන්තලාව අතර ධාවනය වන රාත්‍රි බස්‌ රථයට දෙවරක්‌ අරන්තලාව ආසන්නයේදී ත්‍රස්‌තවාදීන් විසින් වෙඩි තබා තිබූ අතර, 1986 නොවැම්බර් මස දිනක අදාළ බස්‌රථය හා තවත් වාහන 14 ක්‌ පියංගල ප්‍රදේශයේ කැලය තුළට ගෙන ගොස්‌ මංකොල්ල කා තිබූ බවටද ආරංචි විය. සමහර සිදුවීම් සඳහා ආරක්‌ෂක අංශයද සහභාගි වූ බවටද කටකතා පැතිර ගිය අතර, ත්‍රස්‌තවාදී ක්‍රියාවන් උත්සන්න වීම පිළිබඳ සාධක වැඩි දියුණු වීමක්‌ දක්‌නට ලැබුණි.

    ආධුනික නිලධාරියෙකු වුවත් බොහෝ කටයුතු සඳහා කෙලින්ම මැදිහත් වීමට මා හට සිදු වූ අතර මඩකලපුව දිස්‌ත්‍රික්‌ මායිමේ පිහිටි මංගලගම, නුවරගලතැන්න, අරන්තලාව, බොරපොළ, බැඳිබැරැක්‌ක, පූලාවලි, කොස්‌ගොල්ල ආදී ගම්මානවලට වැඩි සැලකිල්ලක්‌ ලබා දී කටයුතු කිරීමේ වුමනාවද දැනෙන්නට විය. මේ අතර ප්‍රසිද්ධ තොප්පිගල ආසන්නයේ අනවසර හේන් වගාකරුවන් හා මාදුරුඔය ජාතික අභය භූමිය තුළ පදිංචි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සඳහා අවස්‌ථා කිහිපයකදීම එම ප්‍රදේශවලට යැමට මා හට සිදුවිය. තොප්පිගල ආසන්නයේ පිහිටි පවුල් 40 ක්‌ පමණ ජීවත් වූ කපුරුල්ල නම් කුඩා ගම්මානයෙහි පදිංචිකරුවන්ගේ නිවාස ගිනි තැබීම් කිහිපයක්‌ හා පුද්ගලයින් කිහිපදෙනකු පැහැර ගෙන යාම් පිළිබඳව සොයා බැලීමටත් එම පවුල් මඩකලපුව දිස්‌ත්‍රික්‌ක මායිමක්‌ වන ටැම්පිටිය ප්‍රදේශය ආශ්‍රිතව නැවත පදංචි කිරීමටත් මූලිකව කටයුතු කිරීමටද සිදුවිය.

    මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට අයත් මහඔය උප දිසාපති කොට්‌ඨාසයට ආසන්න කොස්‌ගොල්ල හා පිල්ලුමලය ආදී සිංහල පවුල් පදිංචි ප්‍රදේශවලත්, ඔවුන්ගේ ඉල්ලීම් හා රාජකාරිමය අවශ්‍යතාවයන් මත සංචාරය කිරීමට විවිධ අපහසුතා හා අවදානම් මධ්‍යයේ සිදුවිය.

    කෙසේ වුවද 1985 හා 1986 වසර තුළ මහඔය ප්‍රාදේශීය උප දිසාපති ලෙස කටයුතු කරනු ලැබූ මා හට ක්‍රමානුකූලව වර්ධන වෙන ත්‍රස්‌තවාදී කටයුතු වැඩිදුරටත් දැනෙන පරිදි විය. 1985 වර්ෂය මුලදී මඩකලපුව ප්‍රදේශයට හා කල්මුණේ පොතුවිල් ආදී ප්‍රදේශවලට එතරම් බිය සැක නොමැතිව යා හැකි තත්ත්වයක්‌ තිබුණත් ක්‍රමයෙන් එම තත්ත්වය ඈත්aa වී ගිය අතර, මහඔය ප්‍රදේශයේ පොලිස්‌ බාධක පැනවීමක්‌ද දක්‌නට ලැබුණි. කෙසේ වුවද පෞද්ගලික ආරක්‌ෂාව පිළිබඳව වඩා සැලකිලිමත්වීම අවශ්‍ය බව මා හටද අවබෝධ වුවද ප්‍රදේශයේ ස්‌වාමීන් වහන්සේලා හා ගැමියන් විසින් ආරාධනා කරනු ලබන කුමන හෝ කටයුත්තකට සහභාගි වීමටත්, ඔවුන්ගේ ඕනෑම හදිසි අවශ්‍යතාවක්‌ හෝ ඉල්ලීමක්‌ වෙනුවෙන් ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්‌වීමට මා සූදානම්ව සිටි අතර, එය එලෙස වූ බව අද පවා මහඔය ප්‍රදේශවාසීන් සාක්‌ෂි දරනු ඇත.

    1986 මාර්තු 26 දින එවකට මඩකලපුව හා අම්පාර සම්බන්ධීකරණ නිලධාරි වන ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි පියසේන මහතා මා හමුවීමට පැමිණෙන බවත්, ත්‍රස්‌තවාදී ඉලක්‌කවලට ලක්‌විය හැකි ගම්මානවලින් ග්‍රාමාරක්‌ෂකයින් 100 ක්‌ පමණ තෝරා තබන ලෙසත් දන්වා පොලිස්‌ පණිවුඩයක්‌ ලැබුණි. මේ අනුව ග්‍රාම නිලධාරීන්ගේද සහායෙන් අදාළ ගම්මානවලින් සුදුසු ලැයිස්‌තු සකස්‌ කර තැබූ අතර, කලින් දැන්වූ පරිදි පොලිස්‌ අධිකාරි පියසේන මහතා මඩකලපුවේ සිට පැමිණ මා හමුවූහ. ඉතාමත් නිහතමානී හා සරල ගති පැවතුම් ඇති පොලිස්‌ නිලධාරියෙකු වූ පියසේන මහතා මගේ නිල නිවාසයෙහි දින 3 ක්‌ පමණ නතරව ටැම්පිටිය, පූලාවලිය, බැදිරැක්‌ක, බොරපොළ, අරන්තලාව ආදී ගම්මානවලින් තෝරා ගත් තරුණ කණ්‌ඩායම් කිහිපයකට පැරණි ගිනි අවි 100 ක්‌ පමණ භාරදීමට කටයුතු කරනු ලැබීය. මාර්තු 28 දින අරන්තලාව විද්‍යාලය අසලට අදාළ තුවක්‌කු බෙදීම සඳහා යන විට සවස 6.30 පමණ විය. සෑම ගමකදීම තුවක්‌කු බෙදා දීමෙන් පසු ගම් ආරක්‌ෂා කර ගැනීම පිළිබඳ කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව අදාළ ගැමියන්ට කෙටි පැහැදිලි කිරීමක්‌ද සිදු කරන්නට යෙදුනි.

    1986 අග භාගය වන විට ග්‍රාමාරක්‌ෂක කමිටු, සාම කමිටු ආදිය ගොඩනැඟීම පිළිබඳ චක්‍රලේඛ උපදෙස්‌ ආදියද වැඩිපුර ලැබෙමින් පැවැති අතර, ගැමියන්ගේ උනන්දුව මෙන්ම ත්‍රස්‌තවාදී කටයුතු සමඟ උත්සන්න වන බිය සැකයන්ද වැඩිපුර අත්දැකීමට හැකි විය.

    1987 පෙබරවාරි 8 ඉරුදින පාන්දර 5.00 ට පමණ කිසියම් කෙනෙක්‌ මගේ නිල නිවාසයේ දොරට තට්‌ටු කරන හඬින් මම අවදි වුණෙමි.

    “උප දිසාපතිතුමා මම රංජිත් ගුණවර්ධන. ඉක්‌මනට දොර අරින්න හදිස්‌සියක්‌” ඒ මහඔය කෘෂිකර්ම කළමනාකරු රංජිත් ගුණවර්ධනගේ හඬයි. මම කටහඬ හඳුනාගත් බැවින් කඩිනමින් ඉදිරි දොර විවෘත කළෙමි.

    ඔහුගේ රියෑදුරු විඡේපාල හා තවත් කිහිප දෙනෙකු මගේ මිදුලේ විය. “මේකයි ප්‍රශ්නෙ. ඊයේ රෑ 7 ට 8ට විතර අරන්තලාවට කොටි ඇවිත් මිනිස්‌සු 30 ක්‌ විතර කපලා මරලා දාලා තියෙනවා. හෝම් ගාඩ් කෙනෙක්‌ වෙඩි තිබ්බම තමයි පැනලා ගිහින් තියෙන්නෙ. සමහරුන්ගේ පවුල් පිටින් මරලා දාලලු. මොකද කරන්නෙ? ඉක්‌මනින් ඒ පැත්තට ගිහින් බලමුද? කිසිදු කතාබහක්‌ නොකළ මම ඉක්‌මනින් සූදානම් වී ඔහුගේ ජීප් රථයෙන් මහඔය පොලිසියටත් ඉන් අනතුරුව 69 හන්දියටත් ගොස්‌ තරමක්‌ එළිය වැටෙනතුරු අතරමඟ නතර වී සිටියෙමු. කෙසේ වුවද උදැසන 6.00 ට පමණ වන විට අරන්තලාව ගැමියන්ගේ විලාප හඬට කන්දීමට සිදුවිය. අප කඩිනමින් සෑම නිවසක්‌ වෙතම ගොස්‌ මියගොස්‌ සිටි පුද්ගලයන් ගණන සොයා ගැනීමට උත්සාහ ගත්තෙමු. මේ අනුව ඉතා කුඩා ළමයින්, කාන්තාවන්, මහලු පුද්ගලයන් ඇතුළු 29 දෙනෙක්‌ නිදි පැදුරුවලම කපා කොටා මරා දමා තිබුණි. එහි අමානුෂික ස්‌වරූපය මත මා තදබල වික්‍ෂිප්ත භාවයට පත් වී සිටියෙමි.

    කෙසේ වුවද ඉතා කඩිනමින් නැවතත් මහඔයට පැමිණි මා අම්පාර දිසා අමාත්‍යතුමාටත්, දිසාපතිතුමාටත් අදාළ සිදුවීම පිළිබඳව දැන්වීම් කොට අදාළ උපදෙස්‌ ලබාගනු ලැබූ අතර, අදාළ සිරුරු එදිනම රාජ්‍ය වියදමින් භූමදාන කිරීම සඳහා කටයුතු කිරීමට උපදෙස්‌ ලබා ගතිමි. නීතිමය කටයුතු මහඔය පොලිස්‌ ස්‌ථානය මඟින් ඒ වන විටත් පවත්වමින් තිබූ අතර, මා විසින් අදාළ ග්‍රාම නිලධාරීන්ගේද සහාය මත අවසන් කටයුතු පිළියෙළ කිරීම සඳහා යුහුසුළු විය.

    අදාළ මියගිය පුද්ගලයින්ගේ ප්‍රමාණයන් සටහන් කොට ගනිමින් සුදුසු මිනී පෙට්‌ටි ආදිය සොයා බැලීම සඳහා අම්පාර ප්‍රදේශයට කිහිප දෙනෙක්‌ පිටත් කර යවනු ලැබූ අතර, දහවල් 11 පමණ වන විට ලබා ගත හැකිව තිබුණේ මිනී පෙට්‌ටි 14 ක්‌ පමණි. ඉතිරි පෙට්‌ටි ප්‍රමාණය සපයා ගැනීමට මාර්ගයක්‌ නොවූයෙන් ප්‍රදේශයේ වඩු වැඩ දන්නා අය කිහිප දෙනෙක්‌ එකතු කොට කෙසේ හෝ ලෑලි සොයා ගනිමින් ඉතිරි මිනී පෙට්‌ටි සකස්‌ කර ගත හැකි බවට ග්‍රාම නිලධාරීන් කිහිප දෙනෙක්‌ ඉදිරිපත් වූ අතර, මා ඒa සඳහා අනුමැතිය ලබාදීමට කටයුතු කරන ලදී.

    මේ අනුව දහවල් 1.00 ට පමණ වන විට මා වෙනත් කටයුත්තක්‌ සඳහා උප දිසාපති කාර්යාලයට පැමිණෙන විට උප දිසාපති කාර්යාලයෙහි මිදුල මිනී පෙට්‌ටි කර්මාන්තශාලාවකි. අසල නිවාසවලින් ලබා ගත හැකි වූ ඉරන ලද ලෑලි භාවිතා කරමින් මිනී පෙට්‌ටි කිහිපයක වැඩ ඒ වන විට අවසන් කර තිබුණි. මේ අතර, තවත් ලෑලි අවශ්‍ය බවද දන්වනු ලැබීය. මේ සඳහා ලෑලි ලබා ගත හැකි ස්‌ථානයක්‌ සුදු බණ්‌ඩා වඩු බාස්‌ විසින් යෝජනා කරනු ලැබීය. ඒ මගේ නිල රථය නවතන ගරාජයයි. මෙහි බිත්ති වෙනුවට යොදා තිබුණේ අඟල් 1/2 ප්‍රමාණයේ ලෑලි වන අතර, මා දුන් තීරණය පරිදි සම්පූර්ණ ලෙසම ගරාජයේ ලෑලි බිත්ති ඉවත් කර ගැනීමට කටයුතු කරන ලදී. මේ අනුව සවස 4.00 පමණ වන විට ප්‍රමාණවත් හා අලංකාර ලෙස සියලු මිනී පෙට්‌ටි සකස්‌ කර ගැනීමට අපට හැකි විය. මේ සිද්ධිය සමඟ පසුදින “දිවයින” පුවත්පතේ පහත සඳහන් මාතෘකාව යටතේ මුල් පුවතකි. “උප දිසාපති ගරාජය කඩා මිනී පෙට්‌ටි සාදති” යන්න එම සිද්ධියට විශාල ප්‍රසිද්ධියක්‌ ලැබුණු අතර, මහඔය ප්‍රාදේශීය උප දිසාපති කොට්‌ඨාසය ත්‍රස්‌තවාදී කටයුතු සඳහා ප්‍රසිද්ධියක්‌ ලැබුණු අතර මගේ රාජකාරී ජීවිතය සම්පූර්ණ ලෙස කාර්යබහුල ඉතා අවිවේකී එකක්‌ බවටද පරිවර්තනය විය.

    මෙම සිදුවීම වූ පෙබරවාරි 8 දින අරන්තලාව මිනිස්‌ ඝාතනය නිසා අතරමං වූ 350 ක්‌ පමණ වූ පවුල් ප්‍රමාණයකට සියලු පහසුකම් සැපයීමේ වගකීමද ක්‍ෂණික එකක්‌ විය. මේ අනුව එම පවුල් ආරක්‌ෂිත ස්‌ථාන වෙත රැස්‌කොට අවශ්‍ය ආහාරපාන හා ආරක්‌ෂාව සපයාදීම ආදිය අවසන් කොට මහඔය මගේ නිල නිවාසය වෙත පැමිණෙන විට පසුදා පෙ. ව. 1.00 පමණ විය. එතැන් සිට මඩකලපුව දිස්‌ත්‍රික්‌ මායිමේ පිහිටි සියලු ගම්මානවලට ආරක්‌ෂාව හා අනෙකුත් පහසුකම් සැපයීමේ ප්‍රමුඛ වගකීමක්‌ මා වෙත පැවරෙනු ලැබිණි.

    අරන්තලාව සිදුවීමෙන් මියගිය 29 දෙනා පවුල් 15 කට අයත් වූහ. මේ නිසා ඉතා අවශ්‍ය කටයුත්තක්‌ වූයේ එම පවුල් සඳහා ප්‍රමුඛතාවයක්‌ ලබා දී අවතැන් වූ පවුල් 350 ක්‌ පමණ නැවත පදිංචි කරවීමයි. මූලිකවම මේ සඳහා කතෝලික ස්‌වේච්ඡා ආයතනයක්‌ මඟින් නිවාස 15 ක්‌ ඉතා ඉක්‌මනින් ප්‍රදේශවාසීන්ගේ ආධාරද ඇතිව ඉදිකොට අනාථ වූ පවුල් 15 ඉක්‌මනින් නැවත පදිංචි කරවීමට කටයුතු යොදනු ලැබීය. අරන්තලාව සිදුවීමෙන් මියගිය පුද්ගලයන් අතර අලහකෝන් නමැති අයගේ පවුල සුවිශේෂ විය. අලහකෝන් නම් වයස 45 ක පමණ අරන්තලාවේ පදිංචිකාරයෙකු වූ රියෑදුරු රැකියාව කරනු ලැබූ අයෙකුගේ බිරිඳ හා ළමයි 8 දෙනෙක්‌ නිදි පැදුරේම කපා කොටා දමා තිබුණි. ඔහු එදින කල්මුණේ ප්‍රදේශයේ රැකියාවට ගොස්‌ තිබූ බැවින් ඔහුගේ ජීවිතය බේරුණු අතර අරන්තලාව ප්‍රදේශයට නිකමට හෝ යැමට ඔහු බිය පත් වී සිටියේය.

    අම්පාර කතෝලික දේවස්‌ථානයේ ඩයස්‌ පියතුමාගේ නිවාස ආධාර යටතේ ඔහුට අයත් නිවස අරන්තලාව ප්‍රදේශයෙන් සැතපුම් 10 ක්‌ පමණ ඈතින් වූ හරස්‌ගල ප්‍රදේශයෙ ඉදිකරනු ලැබූ අතර, වසරකට පමණ පසු ඔහු විසින් ළමයින් 5 දෙනකු සමඟ වැන්දඹු බිරියක්‌ නැවත විවාහ කරගනු ලැබීය. නැවත පදිංචි වූ ස්‌ථානයෙහිම සුළු ව්‍යාපාරයක්‌ ආරම්භ කළ ඔහු කාලයාගේ ඇවෑමෙන් සාමාන්‍ය ජීවිතයට හුරු විය. අරන්තලාව සිදුවීම සමඟ නැවත පදිංචි කරවීමේ සංකල්පයක්‌ ලෙස පොකුරු ගම්මාන ඉදිකිරීමේ වැඩසටහන ආරම්භ කරන ලදී. මායිම් ගම්මානවල පදිංචිකරුවන් නැවත එක්‌තැන් කොට නිවාස ආධාර ලැබූ නුවරගලතැන්න, බොරපොළ, බැඳිරැක්‌ක, පූලාවලි ආදී ගම්මාන මෙම වැඩසටහන යටතේ තවමත් ආරක්‌ෂිත මට්‌ටමේ පවතී. පොකුරු ගම්මාන නම් පදිංචිකරුවන් ආරක්‌ෂක හේතු මත එක්‌තැන් කොට පදිංචි කරවීමේ ක්‍රමයයි. මෙම ගම්මාන ඉදිකිරීමෙන් පසු අවශ්‍ය වෙනත් පහසුකම් හා අවශ්‍යතාවන් පිළිබඳ පෞද්ගලිකවම නිතර නිතර සොයා බැලීම මඟින් අදාළ ගැමියන්ගේ ආත්ම විශ්වාසය වර්ධනය කිරීම මහඔය කොට්‌ඨාසයේ මිනිසුන් ප්‍රදේශය අතහැර යැම අඩු වීමට හේතු විය. මෙම කටයුතු සමඟ යුද හමුදා ඒකක කිහිපයක්‌ද පිහිට වූ අතර, රාජකාරීමය වශයෙන් ඔවුන් සමඟ පැවැත් වූ සබඳතා මඟින් තවදුරටත් අනාරක්‌ෂිත ගම්වල අවදානම අඩු කිරීම සඳහා වඩා හොඳ මැදිහත්වීමක්‌ ඉටු කිරීමට මට හැකි විය. එවකට අම්පාර සම්බන්ධීකරණ නිලධාරීන් ආදී හමුදා නිලධාරීන් සමඟද නිරන්තර සබඳතාවක්‌ පවත්වමින් ඉතා ක්‍ෂණිකව හා අවශ්‍ය පරිදි රාජකාරිමය හා පෞද්ගලික ලෙස යොමු වීම මත ප්‍රබල ත්‍රස්‌තවාදී පහරදීම් හමුවේ අසරණව හා අතරමංව සිටි ප්‍රදේශයට ප්‍රබල ශක්‌තියක්‌ වීමට මට හැකිවූවා යයි විශ්වාස කරමි. මගේ පරිපාලන සේවා කාලය තුළ හා පරිපාලන සේවා නිලධාරියෙකු ලෙස ප්‍රායෝගිකවම සිවිල් ආරක්‌ෂාව සඳහා වඩා හොඳ පුහුණුවක්‌ ලැබීමට මෙවැනි තත්ත්වයන් නිසා හැකි විය.

    අරන්තලාව ඝාතනය ඇතුළු බරපතළ සිදුවීම් ගණනාවක්‌ ඊට පසුකාලීනව මහඔය ප්‍රාදේශීය උප දිසාපති කොට්‌ඨාසයේ සිදු වූ අතර, ඒa සියලු සිදුවීම්වලින් සිවිල් නිලධාරියෙකුට වඩා වැඩිමනක්‌a සේවයක්‌ මා විසින් ඉටු කරනු ලැබ ඇත. කොට්‌ඨාසය තුළ ඕනෑම ආකාරයේ සිදුවීමකදී වේලාව අවේලාව ආදී කිසිවක්‌ පිළිබඳ තැකීමක්‌ නොමැතිව ප්‍රාදේශීය උප දිසාපතිවරයෙකු ලෙස ගොඩ නඟා ගත යුතු වූ බොහෝ බලපෑම් කිරීමේ ශක්‌තියක්‌ ගොඩ නඟා ගැනීමට මෙම ඉදිරිපත්වීම්වලින් මා ලැබූ වාසිදායක තත්ත්වයක්‌ විය.

    කල්යාමේදී අරන්තලාව හරහා අම්පාරට යාම බොහෝ දුරට ආරක්‌ෂක අංශ මඟින්ද තහනම් කර තිබූ අතර, ප්‍රදේශවාසීන් වෙනුවෙන් හෝ මගේ පෞද්ගලික අවශ්‍යතාවයක්‌ වෙනුවෙන් විශේෂ ආරක්‌ෂක ඉල්ලීම් හෝ ඒ මතට යෑපීමට මගේ කිසිදු යොමු වීමක්‌ නොවීය. ක්‍ෂණිකව හා කලින් සූදානම් කර නොගත් යොමුවීම්වලින් බොහෝ ආපදාවලින් බේරී සිටිය හැකි බව මහඔය උප දිසාපති ලෙස මා උගත් තවත් පාඩමකි. ඉවෙන් මෙන් බොහෝ දේවල් හඳුනා ගනිමින් කාර්යය යොමු වීමක්‌ සඳහා පුහුණුවක්‌ සැබවින්ම මා විසින් මහඔය උප දිසාපතිවරයා ලෙස කටයුතු කිරීමෙන් ලබා ගනු ලැබූ ජීවන පන්නරයකි. මහඔය කොට්‌ඨාසය තුළ වසර 6 ක්‌ තුළ මුහුණ දුන් අති බිහිසුණු අත්දැකීම් මත කිසිදු ශාරීරික ආබාධයකට හෝ ජීවිත හානියකට ලක්‌ නොවී පැමිණීමට ලැබීම එක්‌තරා දුරකට එම හුරුවීම මඟින් ලැබූ යහපත් ප්‍රතිඵලයකි.

    අරන්තලාව ප්‍රදේශය හරහා ගමන් කිරීම තහනම් කොට හා බොහෝ අය විසින් බිය නිසාම අත්හැර දමා තිබූ කාලවලදී පවා මා විසින් භාවිතා කළේ අරන්තලාව මාර්ගයයි. වසර 6 ක්‌ තිස්‌සේ අවම වශයෙන් මසකට 4 වතාවක්‌ හෝ අම්පාරට යැම ඊම සඳහා අරන්තලාව මාර්ගය මා විසින් යොදා ගනු ලැබිණි. අරන්තලාව හරහා වේලාව අවේලාව නොබලා විවිධ අවශ්‍යතාවන් සඳහා ගමන් කිරීමේදී නොයෙකුත් ත්‍රස්‌තවාදී ක්‍රියාවන් පිළිබඳ අත්aදැකීම් ලැබීමට මා හට අවස්‌ථාව ලැබිණි.

    අරන්තලාව භික්‌aෂු ඝාතනය

    1987 පෙබරවාරි 08 දින අරන්තලාවේ සිදු වූ මුල් මිනිස්‌ ඝාතනය වූ දින අරන්තලාව විද්‍යාලය අවට අති විශාල ජනතාවක්‌ රැස්‌විය. ප්‍රදේශයේ ජනතාව මෙන්ම අවට ප්‍රදේශවලින්ද අදාළ සිද්ධිය නැරඹීම සඳහා විවිධ මට්‌ටමේ පිරිස්‌ හා විශාල වාහන සංඛ්‍යාවක්‌ එදින අරන්තලාවට ළඟා විය. උප දිසාපති ලෙස මා හටත් අපගේ කාර්ය මණ්‌Aඩලයටත්a එදින ඉතාමත් කාර්යබහුල දිනයක්‌ විය. එදිනම භූමදාන කටයුතු කිරීමට අවශ්‍ය කටයුතු යෙදීමත්, මෙම සිදුවීම පිළිබඳ විවිධ අංශවලින් හා පුද්ගලයින් වෙත පිළිතුරු ලබාදීමත්, විවිධ අංශ සමඟ සබඳතා පැවැත්වීමත් නිසා එකම ස්‌ථානයක රැඳී සිටීමට අපට නොහැකි විය.

    විවිධ කාර්යයන් සඳහා මහඔය නගරයටත්, කාර්යාලයටත් යැමට නිතර නිතර අවශ්‍ය විය. එදින පෙ.ව. 5.30 පමණ සිට මෙම සිදුවීම වෙනුවෙන් විවිධ කාර්යයන්වල නිරත වූ මා හට ප.ව. 2.30 ට පමණ නැවතත් අරන්තලාව විද්‍යාලය අසලට යැමට අවශ්‍ය විය. මා එහි යන විට වයස අවුරුදු 50 ක්‌ පමණ වන ශරීරය මනාව වැඩුනු භික්‌ෂූන් වහන්සේ නමක්‌ තම කුඩයද දිගු කරමින් සිංහල ජනතාවට සිදුවී ඇති මෙම ව්‍යසනය පිළිබඳ දැඩි ලෙස විවිධ අංශවලට බැණ වදිමින් කෑ කෝ ගසන දර්ශනයක්‌ දැකිය හැකි විය. ප්‍රදේශයේ දේශපාලනඥයින්ටත්, රජයටත්, සමස්‌ත දෙමළ ජනතාවටත් ඉතා තදබල ලෙස දොස්‌ පවරන උන්වහන්සේගේ ඉරියව්වලින් අසල වූ කෙනෙකුගෙන් උන්වහන්සේ කවුදැයි දැන ගැනීමට විමසීමේදී දැනගත හැකි වූයේ අම්පාර නගරයේ විහාරස්‌ථානයක වැඩ වසන හෑගොඩ ඉන්ද්‍රසාර නායක ස්‌වාමීන් වහන්සේ බවය. උන්වහන්සේ අම්පාර ප්‍රදේශයේ සිංහල ජනතාව වෙනුවෙන් බොහෝ කතාබහ කරන බවත්, ඒ වෙනුවෙන් නොයෙක්‌ කැපකිරීම් කරන බවත්, මෙම සිදුවීම නිසා උන්වහන්සේ බලවත් කලකිරීමකින් එලෙස කතා කරන බවත් දැන ගත හැකි විය. මෙම අවස්‌ථාවට සහභාගි වූ ප්‍රාදේශීය මට්‌ටමේ දේශපාලනඥයින් හටද උන්වහන්සේ වරින් වර දොස්‌ පවරමින් බැණ වැදීමට විය.

    අරන්තලාව සිදුවීමෙන් ජීවිත හානියට පත් 29 දෙනාගේ භූමදාන කටයුතු එදිනම සිදුකළ අතර, එදින රාත්‍රි 7.00 පමණ වන විට අරන්තලාව ප්‍රදේශය සම්පූර්ණයෙන්ම පාළු ප්‍රදේශයක්‌ බවට පත් විය. අරන්තලාව විද්‍යාලය සම්පූර්ණ ලෙස අත්හැර දැමුනු අතර, අවට පදිංචිකරුවන් අරන්තලාව ගම්මානයේ සිට කි. මී. 3 ක්‌ පමණ නොදුරින් පිහිටි බොරපොළ ගම්මානය අසල තාවකාලිකව පදිංචි විය. මුල් සති කිහිපය තුළ බොරපොළ විද්‍යාලයෙත්, තාවකාලිකව සකස්‌ කරදුන් නිවාසවලත් මෙම පිරිස්‌ පදිංචි වූ අතර, අරන්තලාව ප්‍රදේශයේ හුදෙකලා බව නිසා කිසිවෙක්‌ එහි නැවත පදිංචි වීම සඳහා කැමැත්තක්‌ නොදැක්‌වීය. අරන්තලාව සිදුවීමෙන් පසු මේ අනුව කි. මී. 10 ක පමණ ප්‍රදේශය ඉතා පාළු ප්‍රදේශයක්‌ වූ අතර, මුල් කාලවලදී එම ප්‍රදේශයේ ප්‍රබල ආරක්‌ෂක වැඩපිළිවෙළක්‌ද නොවීය.

    අරන්තලාව සිදුවීමෙන් පසු බොරපොළ, නුවරගලතැන්න ආදී අවට ප්‍රදේශවල ගැමියන්ට තුවක්‌කු සැපයීමෙන් සාමාන්‍ය පරිදි ග්‍රාමාරක්‌ෂක සේවාවක්‌ ඇති කළත්, ප්‍රධාන මාර්ගය තුළ සැලකිලය යුතු ආරක්‌ෂක විධි විධානයක්‌ ඇති කරනු නොලැබීය. මේ අනුව මහඔය සිට අම්පාර යන බොහෝ දෙනෙක්‌ මෙම බොරපොළ සිට නුවරගලතැන්න දක්‌වා කි. මී. 10 ක පමණ දුරක්‌ ඉතා පාළු කැලෑ ප්‍රදේශයක්‌ පසු කර යැමට සිදුවිය. අරන්තලාව සිදුවීම සිදුවී සතියක්‌ පමණ යන විට එහි ඉතිරි වී තිබූ නිවාස හා ගෙවතු වල් අලින් විනාශ කරනු ලැබීය. පාළුවට ගොස්‌ තිබූ අරන්තලාව විද්‍යාලය අසලින් ගමන් කිරීම දහවල් කාලයේදී වුවද තරමක බිය සැක ඇති කරන දෙයක්‌ විය. මෙම මුල් යුගවලදී අරන්තලාවට ආසන්නවම පිහිටි තවත් හුදෙකලා ගමක්‌ වූ නුවරගලතැන්න ගමෙහි ආරක්‌ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක්‌ සකස්‌ කිරීමට සිදු වූ අතර, පවුල් 75 ක්‌ පමණ පදිංචිව සිටි එම ගමෙහි සෑම නිවසකටම මෙන් ගිනි අවියක්‌ ලබාදීමටත්, ඒa මඟින් ග්‍රාමාරක්‌ෂක වැඩපිළිවෙළක්‌ ඇති කිරීමටත් හැකි විය.

    අරන්තලාව සිදුවීමෙන් පසු විවිධ කටයුතු නිසා කාර්යබහුල කාලයක්‌ ගත කළ මා 1987 ජුනි මස 2 දින පෙ.ව. 8.00 ට පමණ කාර්යාලයට යැමට සූදානම් වී සිටියෙමි. පොලිස්‌ ස්‌ථානය මගේ නිල නිවස ඉදිරිපිට වූ අතර, එහි නිලධාරීන් කුමන හෝ කලබලයකින් ක්‍රියා කරමින් සිටිනු දැක ගත හැකි විය. ගිනි අවිද රැගෙන පාර දෙසට දිව යන පොලිස්‌ නිලධාරීන්ගේ ස්‌වරූපය දුටු මා හට කුමක්‌ හෝ සිදුවීමක්‌ සිදු වී ඇති බවට හැඟීමක්‌ ඇති විය.

    මේ පිළිබඳව විපරම් කිරීමට මාර්ගය දෙසට යැමට මා හට අවශ්‍ය විය. ප්‍රධාන පාරට පැමිණි මා වෙත තවත් පොලිස්‌ නිලධාරියෙකු රැගෙන ආවේ තවත් ඇදහිය නොහැකි පණිවුඩයකි.

    “සර් අරන්තලාව ඉස්‌කොලෙ ළඟ හාමුදුරුවරු ගොඩක්‌ මරලා දාලලු. බස්‌ එකකින් ඇවිත් තියෙන්නෙ. අපිට මේ දැන් ග්‍රාමාරක්‌ෂකයෙක්‌ තමයි ඇවිත් කිව්වේ. ග්‍රාමාරක්‌ෂකයෝ වෙඩි තිබ්බම තමයි උන් පැනලා ගිහින් තියෙන්නෙ.”

    පොලිසියේ වාහනයක්‌ නොමැතිවීම නිසා සමුපකාරය අසල නවතා තිබූ ට්‍රක්‌ රථයක නැගගත් පොලිස්‌ නිලධාරීන් පිරිස්‌ ඒ වන විටත් මා ඉදිරියෙන් සිද්ධිය වූ දෙසට ධාවනය විය. මෙම සිදුවීම ඇසීමෙන් මහඔය නගරය අවට ක්‍රමයෙන් කලබල ස්‌වරූපයක්‌ ඇති විය. ඊළඟට පැමිණි ලොරි රථයක්‌ පොලිසිය ඉදිරියේ නතර කරන ලදී. එය අම්පාර බලා යන ලොරියකි. මා වෙත වෙන් වූ වාහනයක්‌ නොවූ බැවින් මමද එම ලොරියටම නැඟ ගතිමි. දැන් ලොරියෙහි හැකි හැම තැනම සෙනඟ පිරී ඇත. කෙසේ වුවද පෙ.ව. 9.00 පමණ වන විට අදාළ ස්‌ථානයට ළඟා වීමට අපට හැකි විය.

    අරන්තලාව සිදුවීම වූ ප්‍රදේශයට ඉතා නුදුරින් ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 100 ක්‌ පමණ නොදුරින් නවතා ඇති ලංගම බස්‌ රථයකි. එය ස්‌වාමීන් වහන්සේලා පැමිණ ඇති බස්‌ රථයයි. අප වහාම එතැනට ළඟාවීමු. ඒ වන විටත් මළ සිරුරු හා තුවාල ලත් 9 දෙනෙක්‌ අම්පාර රෝහලට ගෙන ගොස්‌ තිබුණි. වෙඩි පහර නිසා බස්‌ රථයේ සියලු වීදුරු කැඩී ගොස්‌ තිබුණි. සෑම අසුනකම ඉතා තද ලේ පැලලම් විය. බස්‌ රථයේ දොරටු අසල ගලා යන මට්‌ටමේ ලේ දහරාවන් විය. එයින් පෙනී ගියේ ස්‌වාමීන් වහන්සේලා පලා යැමට හෝ බස්‌ රථයෙන් බැසීමට උත්සාහ ගෙන ඇති බවය. ලේවලින් තෙත් වූ සිවුරු කිහිපයක්‌ද බස්‌ රථය තුළ විය.

    මෙම සිදුවීම ඉතාමත් සංවිධානාත්මක ලෙස සිදු වී ඇත. ඉන්ද්‍රසාර ස්‌වාමීන් වහන්සේ එවකට අගමැති වූ ආර්. ප්‍රේමදාස මහතාගේ හිතවතෙකි. උන්වහන්සේ හැම ගම් උදාව වැඩසටහනක්‌ වෙනුවෙන්ම විශේෂ ආගමික වැඩසටහන් පැවැත්වීම සඳහා ඉදිරිපත් වී ඇති හිමි නමකි. අදාළ බස්‌ රථය උන්වහන්සේ වෙන්කර ගෙන ඇත්තේ අම්පාර ලංගම ඩිපෝවෙන් වන අතර, ඒ මඟින් අදාළ වේලාවන් ආදිය ත්‍රස්‌තවාදීන් අතට පත් වී ඇත. මේ නිසා පාළු වී ඇති අරන්තලාව ප්‍රදේශය මෙවැනි ප්‍රහාරයක්‌ සඳහා ත්‍රස්‌තවාදීන් විසින් තෝරා ගෙන ඇත. මෙවැනි ප්‍රහාරයක්‌ සඳහා ත්‍රස්‌තවාදීන්ට පහසුවෙන් උපද්‍රවයකින් තොරව පලා යැමේ හැකියාවද ඇත.

    මෙම සිදුවීමේදී ස්‌වාමීන් වහන්සේලාගේ විලාප හඬත්, වෙඩි තබන ශබ්දයත් නුවරගලතැන්න ග්‍රාමාරක්‌ෂක භටයින් කිහිප දෙනෙකුට ඇසී ඇති අතර, ඔවුන් කිහිප දෙනෙක්‌ සිද්aධිය වූ ස්‌ථානයට ඉතා ඉක්‌මනින් පැමිණ ඇත. ඔවුන්ගේ වෙඩි හඬ නිසා ත්‍රස්‌තවාදීන් ඉතා ඉක්‌මනින් පලා ගොස්‌ ඇති අතර, 20 ක පිරිසක්‌ අදාළ සිදුවීමෙන් පසු පලා ගිය බව ඔවුන් දර්ශනය කර ඇත. ඔවුන් එම ස්‌ථානයට පැමිණිම නිසාත් ඒ බව පොලිසිය වෙත කඩිනමින් දැන්වීම නිසාත් තුවාලකරුවන් අම්පාර රෝහල වෙත ලොරි රථයක්‌ මඟින් ගෙන යැමට හැකි වී ඇත.

    අදාළ සිදුවීමෙන් පැයක්‌ පමණ ඇතුළත එම සිදුවීම වූ ස්‌ථානයට යැමට අප හට හැකි වූ අතර, ඉතා ඉක්‌මනින් අම්පාර රෝහලට වෙත යැමටද අවශ්‍ය විය.

    ඊට මඳ වේලාවකට පසු එම ස්‌ථානයට පැමිණි වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජීප් රථයකින් අම්පාර රෝහල වෙත ගිය අතර ඒ වන විටත් අම්පාර මූලික රෝහල අවට එකම හිස්‌ ගොඩකි. මියගිය ස්‌වාමීන් වහන්සේලා සිරුර ආලින්දය දිගේ තැන්පත් කර ඇත. සිරුරු ලෙයින් තෙත් වී ඇත සැබවින්ම එය හද සසල කරවන දසුනකි. ඇදහිය නොහැකි සිදුවීමකි.

    එදින සවස අම්පාරේ සිට නැවතත් මහඔයට අරන්තලාව හරහාම පැමිණියෙමි. මාස 5 ක්‌ තුළ මේ අනුව අරන්තලාව ප්‍රදේශයේ අති බිහිසුණු මිනිස්‌ ඝාතන 2 ක්‌ සිදුවී ඇත. නුවරගලතැන්න ගමේ සිට මීළඟ ගම වන බොරපොළ හමුවීමට කි. මී. 10 ක්‌ පමණ යා යුතුවේ. එදින සවස 6.00 ට පමණ මෙම ස්‌ථානය අප විසින් පසු කර ගියේ කිව නොහැකි තරම් බියකිනි. මෙම කාලය තුළ අරන්තලාව හරහා ගමන් කිරීම සැබවින්ම ජීවිතය පරදුවට තැබිය යුතු කාරණයකි. එහෙත් අප ඒ හරහා යා යුතුම වේ.

    1987 ජුනි මස 2 දින ඝාතනයට ලක්‌ වූ භික්‌ෂුන් වහන්සේලාගේ ආදාහන කටයුතු 5 සිකුරාදා අම්පාර වැව ඉස්‌මත්තේ එක පෙළට ඉදි වූ චිතක 32 ක්‌ තුළ සිදුකරනු ලැබීය. එය සැබවින්ම වචනයෙන් විස්‌තර කළ නොහැකි ශෝචනීය දසුනකි. කඳුලින් පිරුණු දැස්‌වලින් යුත් අති විශාල පිරිසක්‌ එදින එහි රැස්‌ වී සිටියහ. ආදාහන කටයුතු අවසන් වූ එදින නැවතත් අප අරන්තලාව හරහා මහඔය නිල නිවස වෙත පැමිණෙන විට රාත්‍රි 8.00 පමණ විය.

    මහඔය ගතකළ කාලය හා අරන්තලාව සිහිවන සෑම විටම ලෙයින් තෙත් වූ බස්‌ රියත්, රෝහලේ එක දිගට දමා තිබූ මළ සිරුරු පෙළත්, උන්වහන්සේලා ආදාහනය සඳහා ඉදිකර තිබූ කහ පැහැති චිතක පෙළත් මා ඉදිරියේ මැවී පෙනේ. ඒවා ජීවිතය පුරාවටම අමතක කළ නොහැකි අඳුරු මතක සටහන් වේ.

    [rns_reactions]

  • යකඩ යකා කෝටි 680ක් ගිලලා – ඇත්ත මෙන්න…

    දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය වස‍රේදී රුපියල් ‍කෝටි 680ක පාඩුවක් ලබා ඇත. මේ අලාභය ගැන උපුටා දක්වන මහ බැංකුව වාර්තාව පසුගිය වසරේදී 2015 වසරට වඩා ආදායම වැඩි වී ඇතත් දෙපාර්තමේන්තුවේ පාඩුව ඉහළ අගයක් ගන්නා බව පෙන්වා දී ඇත.

    දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මාර්ග පද්ධතිය පාලම් මෙන්ම වර්ණ සංඥා ඇතුළු සියල්ල නඩත්තු කිරීම් සහ ස්ථාපිත කිරීම් සියල්ල සිදු කළ යුතු හෙයින් මේ අතිවිශාල අලාභය ‍සිදුවන බව පෙන්වා දෙන ප්‍රවාහන විශේෂඥයන් පෙන්වා දෙන්නේ දුම්රිය මඟී ප්‍රවාහනයෙන් ආදායම් ඉපැයීම නොව ඉන්ධන හා භාණ්ඩ ප්‍රවාහනය කාර්යක්ෂම කිරීමත් දුම්රිය ස්ථාන පිහිටා ඇති අධි නාගරික ප්‍රදේශවල මහල් ගොඩනැගිලි ආයෝජකයන් හරහා ඉඳි කිරීමත් කළ යුතු බවත්ය.

    එසේම නගරාසන්න දුම්රිය ගාස්තුවද බස් රථ ගාස්තුවෙන් අඩක් පමණ වන බවත් දුම්රිය මඟීන්ගෙන් 70%ක් පමණ නගරාසන්න මඟීන් වන නිසා ගාස්තු අඩුවීමද බෙහෙවින් බලපා ඇති බ වත් විශේෂඥයෝ පෙන්වා දෙති.

    [rns_reactions]

  • පාට පාට ලෝකයේ නො පෙනෙන අවදානම!

    ඇඳුම් අඳින්නේ විළි වසා ගැනීමට ය . එහෙත් ‘ නිරුවත් වානරයා ‘ නම් සුප්‍රකට කෘතිය රචනා කළ මානව විද්‍යාඥ ඩෙස්මන් මොරිස් ඇදුම් ගැන කියන්නේ පුදුම කතාවකි . ඔහුට අනුව මිනිසා මුලින් ම කෙළේ කොළ අතු යනාදියෙන් තම රහස්තැන් වසා ගැනීම ය . ඇඳුම එතැනට පමණක් සීමා විය . රහස් තැන් පමණක් වසා ගත්තේ විළි වසා ගැනීමට නොව ඒ තැන් කෙරෙහි විරුද්ධ ලිංගිකයාගේ වැඩි අවධානය යොමු කැර ගැනීමට ලු ! සත්ත්ව පරිණාමය සහ අනුවර්තනය ආශ්‍රිත සාක්ෂි සාධක සම්භාරයක් ඉදිරිපත් කරන ඔහු තම මතය තර්කානුකූලව තහවුරු කරයි . ඇතැම්විට ඔබ ඒ මතය නො පිළිගන්නවා විය හැකිය .

    හොඳයි නිකමට හිතන්න අද අප ඇදුම් අඳින්නේ හුදෙක් විළි වසා ගැනීමට පමණක් ද ? එහෙම නම් මේ තරම් නානා ප්‍රකාර විසිතුරු මෝස්තර විලාසිතා මොකට ද ? විළි වසා ගැනීමේ ප්‍රාථමික වුවමනාවට වඩා ඇඳුමේ සමාජ හා මනෝ විද්‍යාත්මක භාවිතය ඉහළට ම එසවී තිබෙන්නේ අන් කිසිවක් සඳහා නොව අනෙකා ඉදිරියේ ආකර්ශනීය ලෙස පෙනී සිටීමට ය . ඩෙස්මන් වියතාගේ මතය අන් කවරදාටත් වඩා අද ඉතා හොඳින් තහවුරු වන්නේ ඇස ගැටෙන ඇදුම් විලාසිතාවල ඇති අනෙකාගේ නෙත් පැහැර ගන්නා අංග එන්න එන්න ම වැඩිවෙමින් තිබෙන නිසා ය .

    මේ ඇඳුමට විවිධාකාර වර්ණ රටා එක්වේ . අනෙකා ඉදිරියේ වඩාත් ආකර්ශනීය ලෙස පෙනී සිටීමට ඔබ ඉතා ආශාවෙන් තෝරා ගන්නා ඇඳුමේ වර්ණය මගින් ඔබේ මානසිකත්වය ද අනාවරණය වේ .බටහිර මනෝ විද්‍යාව විසින් මේ සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණවලින් සොයා ගෙන ඇති තොරතුරු විස්මිත ය . ඔබ කොතරම් ආශා කළ ද ඔබ තෝරා ගන්නා වර්ණය ඔබට ගැලපෙනවා ද ? මෙය විසඳා ගැනීමට පෙරදිග මෙන් ම අපරදිග ද එකලෙස භාවිතයට ගත් වසර දහස් ගණනක් පැරණි සූත්‍රයක් තිබේ . එමගින් ඔබේ මිතුරු වර්ණය සහ සතුරු වර්ණය හඳුනාගත හැකිය .

    මිතුරු වර්ණය සහ සතුරු වර්ණය සොයන්නේ උපන් ලග්නය අනුව ය .

     මේෂ ලග්නයට රතු වර්ණය ජයගෙන දෙන අතර සුදු සහ කහ පැහය මිතුරු වේ .නිල් සතුරු ය .

     වෘෂභ ලග්නයට විචිත්‍ර වර්ණ ජයගෙන දෙන අතර සුදු සහ නිල් මිතුරු ය .

     මිථුන ලග්නයට කොළ පැහැය ඉතා සුබ වේ . සුදු සහ නිල් මිතුරුවේ . කහ පැහැය සතුරු ය .

     කටක ලග්නයට සුදු ඉතා සුබය . කහ සහ රතු පැහැය මිතුරු ය . විචිත්‍ර වර්ණ අසුබ ය .

     සිංහ ලග්නයට තැඹිලි පැහැය ජයගෙන දෙන අතර සුදු සහ කහ මිතුරු ය .

     කන්‍යා ලග්නයට කොළ පාට ඉතා සුබය. සුදු සහ විචිත්‍ර වර්ණ මිතුරු වේ . කහ පාට අසුබ ය .

     තුලා ලග්නයට විචිත්‍ර වර්ණ ජයගෙන දෙන අතර සුදු සහ කොළ මිතුරු ය . තැඹිලි පාට සතුරු ය .

     වෘශ්චික ලග්නයට රතු ඉතා සුබය . තැඹිලි වර්ණය මිතුරු ය .

     ධනු ලග්නයට කහ පැහැය ජයගෙන දෙන අතර සුදු , සහ නිල් මිතුරු ය .කොළ පැහැය සතුරුය .

     මකර ලග්නයට නිල් පැහය ජයගෙන දේ . සුදු ,කොළ සහ විචිත්‍ර වර්ණ මිතුරු ය .රතු පාට සතුරුය .

     කුම්භ ලග්නයට නිල් පැහැය සුබවේ . සුදු සහ රතු වර්ණ මිතුරු ය .විචිත්‍ර වර්ණ සතුරුය .

     මීන ලග්නයට කහ පැහැය ඉතා සුබය . සුදු රතු සහ නිල් මිතුරුය .කොළ පැහැය සුබ නැත .

    විශේෂයෙන්ම මැණික් වර්ග සහ ආභරණ පැළඳිමේදී මේ සූත්‍රය නොතකා හැරීම බලවත් වරදකි . එහෙම වෙන්නේ ඇයි ? ඉහත දැක්වෙන වර්ණ සූත්‍රය සකස් කැර තිබෙන්නේ නිකං සෙල්ලමට නොවේ . ඒ සඳහා පදනම් වූ සිද්ධාන්තය තේරුම් ගත්විට ඔබට එහි ඇති අවදානම ද පසක්වනු ඇත. සෑම පුද්ගලයෙකුට ම තම ඉටු දෙවියන් මෙන් පිහිටවන ග්‍රහයෙක් සිටී . ඔහු ලග්නාධිපති හෙවත් පාලක ග්‍රහයා ලෙස හදුන්වමු . සෑම අනතුරකින් ම ජන්මියා ගලවා ගනිමින් ද පෝෂණය කරමින් ද හැකි සෑම ආකාරයකින් ම ජීවිතය උසස් කරමින් ද පාලක ග්‍රහයා සෙනෙහෙවන්ත පියෙකු මෙන් ක්‍රියා කරයි . ඒ කටයුතුවලට අවහිර කරන ග්‍රහයෙක් ද සිටී . ඔහු බාධක ග්‍රහයා ලෙස හැඳින්වේ . ජන්මියාගේ සෑම කටයුත්තකට ම බාධා අවහිර ඇති කිරීම ඔහුගේ කාරිය වේ . දැන් මෙතැනට වර්ණ සම්බන්ධ වන්නේ මෙසේ ය . සෞරග්‍රහ මණ්ඩලයේ වර්ණ සංකේතවත් කෙරෙනුයේ ග්‍රහයන් ගෙනි . හිරුගේ ආලෝකය එක් එක් ග්‍රහයා විසින් පරාවර්තන කරනු ලබන්නේ තමාට ආවේණික වර්ණයකිනි. සඳු සුදු පැහැයට අධිපතිනිය වේ . ඇය හිරු කිරණ පරාවර්තනය කරනුයේ සුදු පැහැයෙනි . ඒ අනුව බුධ කොළ පැහැය ද කුජ රතු පැහැය ද සිකුරු විචිත්‍රවත් පැහැයෙන් ද සෙනසුරු තද නිල් පාටින් ද ගුරු කහ පැහැයෙන් ද ආලෝකය පරාවර්තනය කරයි . යම් කෙනෙකු තම බාධක ග්‍රහයාට අයත් වර්ණයෙන් යුත් මැණික් හෝ එබඳු පාෂාණ හෝ ලෝහ වර්ග හෝ පැළදීම මහින් සිදුවන්නේ පාලක ග්‍රහයාට සහ තමාට එරෙහි කිරණ විශාල වශයෙන් කැඳවා ගැනීම ය . විශේෂයෙන්ම මැණික්වලට එබඳු කිරණ ඇදී එන්නේ කාන්දමට ඉදිකටු ඇදී එන්නාටත් වඩා දහස් ගුණයක වේගයෙනි . එහි විපාකය ඔබ සිතනවාට වඩා බිහිසුණු ය . කරන කියන වැඩ කඩාකප්පල් වීම පමණක් නොව දරුණු රෝගාබාධවලට පවා ගොදුරු වන්නට සිදුවේ .

    දුටුමතින් හෝ ඇසට ප්‍රිය නිසා හෝ අන් කෙනෙකු අනුකරණය කරන මෝස්තරයට හෝ මැණික් , පාෂාණ , සහ ලෝහ වර්ග සහිත ආභරණ පැළදීම අනතුරුදායක ය . සතුරු වර්ණයකින් යුත් ඇඳුමකින් ඇතිවන්නේ තාවකාලික සහ සුළු බලපෑමකි . එහෙත් සිරුරේ පැළඳිමට ගන්නා ආභරණ නිසා ඇතිවන බලපෑම දිගුකාලීන මෙන් ම බරපතළ ගණයට ද වැටේ . අහක යන විෂ ඝෝර සර්පයන් රෙද්ද අස්සේ දාගන්නවා යැයි කියන්නේ මෙවැනි අවස්ථාවලට ය . නිදසුනකට තුලා ලග්නහිමියෙකු ගතහොත් රවි ඔහුගේ බාධක ග්‍රහයා ය . රවිට අයත් තැඹිලි පැහැය පමණක් නොව තඹ ලෝහය සහ පද්මරාග නම් මැණික් වර්ගය ද ඔහුට විෂ සහිත ය . තුලාවට විචිත්‍ර වර්ණ මෙන් ම දියමන්ති සුදු මැණික් සහ රිදී ලෝහය ඉතා හිතකර වන්නේ එමගින් ඔහුගේ පාලක ග්‍රහයාවන සිකුරුගේ කිරණ ආකර්ෂණය බලවත්වන හෙයිනි. ධනුවට කොළ පැහැය ද පච්ච පසිංගල් මැණික් ද විෂ සහිත ය . ඔහුට සුබපල දෙන්නේ පුෂ්පරාග නම් කහ පැහැති මැණික් වර්ගය යි . මේ අනුසාරයෙන් ඔබේ ලග්නයට මිතුරු වර්ණ , මැණික් පාෂාණ සහ ලෝහ වර්ග හඳුනා ගන්න . සතුරු ඒවා ඉවත් කරන්න . එහි ප්‍රතිඵලය ඔබට ම පසක් කැර ගත හැකිය .


    වෘශ්චික ලග්නයට හැර අනෙක් සියලු ලග්නයන්ට සුදු පැහැය සහ මුතු වර්ග මිතුරු වේ . සියලුම ලග්නවලට පොදුවේ කළු පැහැය සුබ වර්ණයක් ලෙස නො සැලකේ . විශේෂයෙන්ම කළු සහ එවැනි තද අඳුරු වර්ණ සහිත යට ඇඳුම් දුරින් දුරු කළයුතු නමුත් ඒ බව බොහෝ දෙනා නො දනිති . යටට කළු සහ අඳුරු වර්ණ අඳින ඇතැමුන් ඒ ගැන කියන්නේ හිනා යන කතාවකි . ‘… කළු ඇන්ඳහම ඉක්මනට කිළිටි වෙන්නේ නැහැලු..’ නමුත් ඇත්ත කතාව වන්නේ සියලු වර්ණ අතරින් ඉතා ඉක්මනින් කිළිටි වන්නේ කළු වර්ණය යි . සිදුවන්නේ එය නොපෙනී ම පමණි . කළු සහ එවැනි අඳුරු වර්ණ ඉතා වේගයෙන් සහ මහ පරිමාණයෙන් ආලෝකය සහ තාපය ඇද ගන්නා අතර පරාවර්තන බලයෙන් ඉතා ම දුර්වල වේ . යටට අඳින කළු විෂ ගොඩක් වන්නේ එහෙයිනි .

    අප ජීවත්වන්නේ පාට පාට ලස්සන ලෝකයක නමුත් ඒ පාට තෝරා ගත යුත්තේ යමක් කමක් දැනගෙන ය .

    [rns_reactions]

  • චීනය දැවන්තයකු කළ විනය හා නීතිය….

    ජනගහනය කෝටි 140ට ආසන්න චීනය පෘථිවිය තුළ ඇති දැවන්ත ලෝකයකි. මේ චීන ලෝකයට අයත් චෙන්දු (CHENGDU)නිරිතදිග චීනයේ සිචුන් (SICHUEN) ප්‍රාන්තයේ අගනගරය වේ. චෙන්දු නගරයේ ජනගහනය මිලියන 15ට ආසන්න වන නමුත් කලබල ගතිය අඩු, මනස්කාන්ත නගරයක් ලෙස මෙය ප්‍රකටය. එය අපට අත්දකින්නට ද හැකි විණි. එහි ජනගහනයට සාපේක්ෂව වාහන ධාවනය හෝ ගමනාගමනය හෝ එදිනෙදා ජනජීවිතය හෝ මොනතරම් නම් කලබලකාරී වටපිටාවක් නිර්මාණය කරනු ඇතිද යනුවෙන් නොදුටු නගරය ගැන සිතෙනු ඇත. නගරයේ සිට දසතට, කිලෝමීටර් සිය ගණන් දුරට අධිවේගී මාර්ග ජාලයක් ඇදී ගියත්, දිවා රෑ වෙනසක් නැතිව ඒවායේ වාහන පිරී ගියත්, කඩි රැළක් මෙන් වීදි සිසාරා මිනිසුන් ඹබ මොබ ඇදුනත්, කොළඹ නගරයේ දී දනවන වෙහෙස නම් එහි ගිය ගමන්වලදී අපට නොදැනුණි. මහල් 20, 30, 40, ඊටත් ඉහළට නැඟුණු ගොඩනැඟිලි හා කොන්ක්‍රීට් මාර්ග පද්ධති අතරින් ඉඩ ඇති සෑම තැනකින්ම ආවේණික ගස් නැගී සිටීමත් මේ මනස්කාන්ත නගරයට ආභරණයකි. ඊටත් වඩා එහි සන්සුන් බව ගෙන එන්නේ ඒ මිනිසුන් වෙතින් ප්‍රකට වෙන විනයානුකූල ගතිය බව අපගේ වැටහීමයි. චීන කොමියුනිස්ට් ක්‍රමය ගැන කටපාඩම් කළ මෙරට දේශපාලනඥයන් අපට පුරුදු කළේ කොයි දේට වුවද විරුද්ධ වෙන විරෝධාකල්පය ප්‍රගුණ කිරීම නමුත් චීන ජනතාව එයින් ඉගෙන ගත්තේ විනය ගරුක සමාජයක වටිනාකම බව වෙන්දු සංචාරයේදී හැම විටෙකම අපට කල්පනා විණි. නගරයෙන් දුර ඈතට වන්නට කලාතුරකින් තනි තනිව නිවාස දැක ගත හැකි නමුදු නගරබදව වෙසෙන චීන ජනතාවගේ වාසය මහල් නිවාසවල බව ද මෙහිදී සිහිපත් කළ යුතුයි. නීතිගරුක, විනය ගරුක සමාජයකට අවශ්‍යම සමාජයේ සාමූහික බව එමඟින් ද ශක්තිමත් කරනු ලැබේ. වෙන්දු නගරයට ආවේනික නෙත සිත පිනන සාමාකාමී ස්වභාවය ගොඩ නැඟි ඇත්තේ මිනිසුන්ගේ සිතිවිලි මතිනි.

    අපගේ සංචාරක වැඩසටහනේ එක් අංගයක් වූයේ ලෙෂාන් ගියන්ට් (Lesshan Giant) බුද්ධ ප්‍රතිමාව දැක බලා ගැනීමයි. ගලක නෙළන ලද වාඩිවී සිටින ලොව උසම බුදු පිළිමය ලෙස මෙය සැලකේ. නූතන යුගයට පෙර එනම් ක්‍රි. ව. 713 – 803 අතර කාලයේ දී මෙය ඉදි කර ඇත.

    වෙන්දු නගරයේ සිට කිලෝ මීටර් 150 ක් පමණ දුරින් පිහිටි ලෙෂාන් නගරයයට බටහිරින්, ගංගා තුනක සන්ධීස්ථානයක මෙය පිහිටයි. ආසියාවේ දිගම ගංගාව සේ සැලැකෙන යැන්ෂි (Yangtze) ගංගාව පිහිටන්නේ ද සෙචුන් ප්‍රාන්තයේ ය.
    එදා ලෙෂාන් ගියන්ට් බුදු පිළිමය ඉදිකරන්නට මුල් වූ බව කියන භික්ෂුන් වහන්සේගේ එක් අධිෂ්ඨානයක් වී ඇත්තේ පිළිමය ඉදිරියෙන් ගලන ගඟේ ගමන් ගන්නා ඔරු පාරු කිසිවකට අනතුරක් නොවී නිරුපද්‍රිතව ගමනාන්තයට යන්නට මේ පිළිමය නිමවූ පසු හැකි විය යුතු බවයි. ඇතැම් විටෙක මෙම දැවන්ත ගඟ එහි ගමන් ගත් ජනයා පීඩාවට පත් කරන්නට ඇති නිසා එවැනි අධිෂ්ඨානයකට හේතු වන්නට ඇත.


    අනෙක් අතට චීනයේ ගංගා, විශේෂයෙන් ම නගරාශ්‍රිතව ගලන ගංගා ගමනා ගමනය සඳහා යොදා ගත්තේ වර්තමානයේ පමණක් නොවන බව භික්ෂුන් වහන්සේගේ එකී අධිෂ්ඨානයෙන් පෙනී යයි. අදත් වෙන්දු හෝ බෙයිජිං හෝ චීනයේ සෑම ජනාකීර්ණ නගරයක් ආසන්යෙන් ගඟක් ගලා යා නම් දුම්රිය බස්රිය ගමන් කරන මාර්ග ඊට සමාන්තරව ඉදි වී ඇත. මේ ගංගා නවීන බෝට්ටු භාවිතා කරන ගමන් මාර්ග වී තිබීම ඊට හේතුවයි.

    එදිනෙදා ගමන් බිමන් සඳහා මෙන්ම විනෝද සංචාර සඳහා ද ගොඩ බිම මෙන්ම ජලමාර්ග ද චීන ජනයා භාවිතයට ගනී. ගොඩබිම මාර්ග හා ජල මාර්ග අතර සහයෝගී ගමන් රටාවක් පවත්වා ගන්නට චීන ගමනා ගමන සැලැසුම් විනයානුකූල වී ඇත. එයම නගරයට, අවට වටපිටාවට අලංකාරයක් ගෙන දෙයි. ඇතැම් විටෙක මේ නගරයද, මේ ගමද කියා වෙන් කර ගත නොහැකි තරමට වටපිටාව සැකසී ඇත.

    ජනාකීර්ණ බව හා වාහන තදබදය අඩු පළාතක සාමකාමී බව නගරය වෙතද කැන්දා ගැනීමට චීන නගර සැලැසුම් විශාල උත්ස­ාහයක් ගෙන ඇති බව දක්නට හැකිය. අප එවැනි චිත්‍රයක් දකින්නේ ජනගහනය උතුරා පිටාර ගලන භූමියක, රටක වීම බව කල්පනා කරන විට එවැනි නගර සැලැසුම්වල වටිනාකම තව තවත් කැපී පෙනෙයි.

    ලෙෂාන් ගියන්ට් බුදුපිළිමය වෙත අප ගමන් ගත් වෙන්දු නගරයෙන් ඈත ගමන පේන තෙක් මානයට විහිදෙන ගොවි බිම් අතරින් යෙදී තිබිණි. වී, ඉරිඟු, දොඩම්, මිදි පමණක් නොව නගරයෙන් ඈතට යන විට තේ වගාවද එහි විණි.

    කෘෂිකාර්මික සශ්‍රීකත්වයට නිදසුනක් සේ චීනය විසින් ඔසවා තබනු ලබන වෙන්දු ‘කිරි පැණි මිටියාවත‘ නමින් අන්වර්ථ නාමයකින්ද හැඳින්වෙයි. ඊට හේතුව ලංකාවේ දකුණ කිරි – පැණි සඳහා ප්‍රසිද්ධ මෙන් වෙන්දු කිරි පැණියෙන් පිරී ඇති නිසා නොවේ.

    කෘෂිකාර්මික සංවර්ධනයේ සාමාකාමී බව හා එහි සරුසාර ගතිය දනවන්නට එවැනි අන්වර්ත නාමයක් යොදා ගත් බව පැහැදිලියි. කෘෂිකාර්මික භෝග අතරින් වෙන්දු වඩාත් ජනප්‍රියව ඇත්තේ තේ සඳහාය. නගරයෙන් ඈත කුඩා කඳු ගැටවල මෙන්ම මිටියාවතේ ද තේ වැවී ඇති අයුරු දක්නට ලැබිණි.

    ශ්‍රී ලංකාවේ තේ වගාවට වෙනස් එහි තේ වගාවේ එක් ලක්ෂණයක් ලෙස, ගස් අතර පරතරය වැඩිවීම දක්නට හැකි විණි. ඒ පරතරය වැඩි, තේ ගස් අඩු ඉඩක සරුවට වැඩී ඇති ගෝවා හෝ ප්‍රදේශයට ආවේණික වෙනත් භෝගයක් හෝ සරුවට වැඩී තිබීම සශ්‍රීක බව මෙන්ම අලංකාරයද දනවයි.


    කෘෂිකාර්මික සරු බවක් ඇති වීම කෙරෙහි හේතු වූයේ චීනය සතුව ඉඩම් තිබීම පමණක්ම නොවන බව කිව යුතුයි. කඩිසර ගති සහිත චීන ජනතාවගේ වුවමනාව මෙන්ම නගරයෙන් ඈත ගමටම අධිවේගී මාර්ග පද්ධති ඉදිකිරීම වැනි යටිතල පහසුකම් සලසා රජය විසින් නිෂ්පාදන ආර්ථිකයකට දොරටු විවර කරදීමටද ඊට හේතු වී තිබේ.

    චීන කොමියුනිස්ට් ක්‍රමය හේතු වූයේ නොසන්සුන් සමාජයකට මඟ පෑදීමට නොව හැකිතරම් හිතට සාමය ගෙන ඒමට බව සිතන්නට හැකිය. චීනයට ගොඩබට විට ඉක්මනින් දැනෙන සාමකාමී බව කෙරෙහි එවැනි රාජ්‍ය පාලන සැලැසුමක් ද හේතු වූවා නිසැකයි.

    නූතන චීනය ගොඩ නඟන විප්ලවය ඇරැඹෙන්නේ ඉඩම්හිමි ප්‍රභූ පංතියට එරෙහිව නිර්දන පන්තියේ ජනයා දියත් කරන නිදහස් අරගලයෙනි. ඊට නායකත්වය දෙන්නේ මා ඹ් සේතුං නම් ලෝපතළ ප්‍රබල නායකයා ය. මෙතෙක් ලොව සිදුවූ දීර්ඝතම පාද යාත්‍රාව ලෙස සැලැකෙන චීන මහා පාගමන (1934 – 1935) මා ඹ් සේතුං නම් මහා මිනිසාගේ නායකත්වයෙන් දියත් කෙරුණු විප්ලවයේ ප්‍රධාන ක්‍රියාන්විතය යි. වසර එකහමාරක් එක දිගට, චීනයේ දස දෙසින් අතු ගංගා සේ ඇදී ආ මහා මිනිස් පවුර අවසානයේ බෙයිජිං අගනගරය මහ ගඟක් සේ එක්ව, මහජන චීනයේ නිදහස ප්‍රකාශ කෙරිණි. සඳ මත පා තැබූ මිනිසා පෘථිවි ග්‍රහයා මත පිහිටි යම් සලකුණක් දුටුවා නම් ඒ අන්කිසිවක් නොව චීන මහා ප්‍රාකාරයයි. එහි දැවන්ත බව කීමට තවත් අමුතු හැඳින්වීම් අවශ්‍ය නොවේ.

    චීන මහා ප්‍රාකාරයට නොදෙවැනි දැවන්ත මිනිස් පවුරක් දීර්ඝ පා ගමන වෙනුවෙන් එක් රැස් වූ බව පැවසේ. රටේ දසතින් ගමන් අරැඹමින් තැන තැන කඳවුරු බැඳ, ඉඩම් හිමි පන්තියේ බළ ඇණි සමඟ සටන් වැද, පොදු ජන නිදහස තහවුරු කර ගත් බව කියැවෙන ස්මාරක අදටත් චීනයේ සෑම පළාතකම වාගේ වෙයි. වෙන්දු නගරයෙන් කි. මී. සියයකට එහා පිහිටි රතු සෙබළ ස්මාරකය, එදා මේ පාගමන සඳහා කඳවුරු බැඳගත් එවැනි ප්‍රධාන ස්ථාන කිහිපයෙන් එකකි. මේ ප්‍ර‍ෙද්ශය ජීවත්වීමට ප්‍රිය උපදවන ගම්මාන සිරිය නොඅඩු වුවද ගමනාගමනය, සන්නිවේදනය, වැනි යටිතල පහසුකම් ගෝලීයකරණයටම යා වී ඇත. එහෙත් ඒ විවෘත බව චීනයේ අනන්‍යතාව රැකෙන ලෙසිනි. ලෝකයට මුහුණ දීම පිණීස අවශ්‍ය කරන ඒ ශක්තිය සාම්ප්‍රදායික චීන සංස්කෘතියෙන් ගලා එන්නක් වුව ද සාමූහික බව හා විනය ගරුක සමාජය තව දුරටත් ශක්තිමත් කළේ තවමත් දශක අටක් පමණ වයස, දීර්ඝ පා ගමන මතින් නැඟුණු රතු හමුදාවේ විප්ලවයයි.


    වෙන්දු සංචාරයේ දී නගරයේ මෙන්ම ඈත පිටිසර දී ද චීනයට ආවේණික රසවත් ආහාර පානවලින් සංග්‍රහ ලැබිණි.
    අපට හුරු කන්කුං වැනි දෑ, මස් වර්ග, මාළු වර්ග, අපට නුහුරු විවිධ සුප් වර්ග, එමෙන්ම චීන වයින් වැනි දෑ, චීනයේ ජාතික ආහාරපාන දක්වාම, තරු පහේ හෝටල්වල මෙනු පත දක්වාම පැමිණියේ දීර්ඝ පාගමනේදී චීන ජනයා විඳි දුෂ්කර ජීවිත ඔස්සේයැයි ඔවුන් තම නිදහස වෙනුවෙන් විඳි අනන්ත දුෂ්කරතා අතර කුස ගින්න වෙනුවෙන් මාරාන්තික සටනක යෙදුණු බව කියැවෙයි.

    තම නිදහස දිනා ගැනීම වෙනුවෙන් පා ගමනේ නිරතවන අතර, කුසගින්න ඉවසිය නොහැකි තැන, කෑමට කිසිම දෙයක් නැති විට, තම ඉණ පටිය තම්බා සුප් සාදා බීවාලු. කංකුං වැනි පලා වර්ග ආහාරයට ගන්නට පුරුදු වී ඉතිරි වූ බත් පල්වෙන්නට තබා අවශ්‍ය මධ්‍යසාර පෙරා ගත්තාලු.


    අද අන්තර්ජාතික තලයේ ඉල්ලුමක් ඇති චීන වයින් වැඩි දියුණු වී ඇත්තේ ඒ ඔස්සේය. අපට නුහුරු සර්පයින් අනුභවය වැනි පුරුදු චීන සමාජයට ඇති වූයේ ද පා ගමනේ දී අත්විඳින්නට වූ ආහාර හිඟයට පිළියමක් ලෙස කැලයේ දී හමු වන හැකි සෑම දෙයක්ම ආහාරයට ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. සටන් මඟ දී තමන්ගේ ජීවිත රකින්ට මුල් වූ ඒ සෑම ආහාර පානයක් ම අද චීන ජනයාගේ ජාතික ආහාර පාන පමණක් නොව චීනයට ඇදී එන සංචාරකයාගේ විශාල ඉල්ලුමක් සහිත ආහාර පාන බවට ද පත්ව ඇත. එපමණක් නොව පාගමනේ දී විඩාවට පත් ජනයා දිරි ගැන්වීමට යොදා ගත් ගැමි සංගීතය හෝ ඔපෙරො හෝ නූතන චීනයේ විඩාව නිවන සංගීත සම්ප්‍රදායන් බවට පති විණි. එය වෙනමම සාකච්ඡාවට ගත යුතු සංස්කෘතික කතාවකි.

    [rns_reactions]

  • වෙඩිසිංහගේ අවාසනාවන්ත මරණය; තොරතුරු සොයන ඔබට පසු කියවීමක්

    මියයන විට 47 හැවිරිදි වියේ පසුවූ ආනන්දගේ හොඳම දක්ෂතා දැකගත හැකි වූයේ වසර දහයකට දොළහකට ඉහත දී වුවද මේ අවාසනාවන්ත සිදුවීම වන තෙක්ම ඔහුට ක්‍රීඩාලෝලී පර්ෂදයන් වෙතින් හිමිව තිබූ ප්‍රතිචාර නම් ඉහළම මට්ටමේ විය. සුපැහැදිලිවම ඔහු හොඳ “එන්ටර්ටේනර්” කෙනෙක් විය.


    සුපිරි ධාවක ආනන්ද වෙඩිසිංහගේ හදිසි අභාවය මෙරට මෝටර් රථ ධාවන ක්ෂේත්‍රය හා සම්බන්ධ අඳුරු පැතිකඩ ගණනාවක් පිළිබඳ ප්‍රසිද්ධ සංවාදයක් රට තුළ නිර්මාණය කිරීමට සමත්ව තිබේ. ශේන් ගුණවර්ධනගෙන් පසු ශ්‍රී ලංකාවේ “මෝටර් ක්‍රෝස් රජා” බවට පත් වූ ආනන්ද ක්‍රීඩා ක්ෂේත්‍රයේ අතිදක්ෂ මෙන්ම ජනප්‍රිය ධාවකයකු වීම තුළ ක්‍රීඩාලෝලීන් පමණක් නොව ධාවකයන්ද උනන්දුවෙන් යුතුව ඒ සඳහා සම්බන්ධ වන බවක් පෙනෙන්නට ඇත. ඇතිව තිබෙන මෙම සංවාදය ක්‍රීඩාවේ හෙට දවස පිළිබඳ කල්පනා කිරීමේදී පොදුවේ ගත් විට යහපත්ය. ඒ පිළිබඳ විවාදයක් නොමැත. එහෙත් වඩාත් වැදගත් වනුයේ එය, හැඟීම්වලට අඩු තැනක් බුද්ධියට වැඩි තැනක් දී සිදු කිරීමය. සැබැවින්ම මේ සංවාදය යහපත් දිශාවකට යොමු කරෙගත හැක්කේ එවැනි පසුබිමක් තුළ පමණි. මෙහිදී වඩාත් පරිස්සම් විය යුත්තේ බොර දියෙහි මාළු බාන්නන්ගෙනි.

    ආනන්දගේ මරණය මිනීමැරුමක් බව පැවැසීමට උත්සාහ කරන කණ්ඩායම අයත් වනුයේ, ඉහත කී බොර දියේ මාළු බාන කොට්ඨාසයටය. විවිධ අපැහැදිලි මන්ද චලන ඡායාරූප ඉදිරිපත් කරමින්, අනතුරට පෙර සුරාජ්, ආනන්දට පා පහරක් එල්ල කළ බව කියමින් මෙය හිතාමතා සැලසුම් සහගතව සිදුකළ කුමන්ත්‍රණයක් බව කියමින් සයිබර් අවකාශයේ සැරිසරන්නන් ගෙනා මතයට තටු ලැබුණේ ඕපාදූප වෙබ් අඩවි (Gossip Sites) කිසිදු අධ්‍යයනයකින් තොරව වගවිභාගයකින් තොරව ඒවා ඔහේ පළ කිරීම තුළය. ඉහත කී වර්ගයේ වෙබ් අඩවි අවම සදාචාර ප්‍රමිතින් පිළිබඳ දක්වනුයේ අඩු සැලකිල්ලකි. සදාචාරය හෝ ඉන් වන හානිය අගතිය පිළිබඳ සැලකිලිමත් වීම වෙනුවට ඔවුන් බොහෝ විට උත්සාහ කරනුයේ ඉල්ලුමට අනුව සැපයුම සිදු කිරීමට පමණි. ගංවතුර මධ්‍යයේ වුවද ආනන්දගේ මරණය සම්බන්ධයෙන් වූ පුවත්වලට අන්තර්ජාලය තුළ තිබුණේ ඉහළ ඉල්ලුමකි. ඒ මූලිකවම ආනන්ද ක්‍රීඩාලෝලීන්ගේ ඉහළ ආකර්ෂණයක් තිබු ධාවකයකු වීම නිසාය. මියයන විට 47 හැවිරිදි වියේ පසුවූ ආනන්දගේ හොඳම දක්ෂතා දැකගත හැකි වූයේ වසර දහයකට දොළහකට ඉහත දී වුවද මේ අවාසනාවන්ත සිදුවීම වන තෙක්ම ඔහුට ක්‍රීඩාලෝලී පර්ෂදයන් වෙතින් හිමිව තිබූ ප්‍රතිචාර නම් ඉහළම මට්ටමේ විය. සුපැහැදිලිවම ඔහු හොඳ “එන්ටර්ටේනර්” කෙනෙක් විය. ආනන්දම හැම විට කියූ පරිද්දෙන් ඔහු රේස් පැද්දේ නරඹන්නන් පිනවීම වෙනුවෙනි. ගුවනේදී ඔහුගේ පිම්ම දිගු මෙන්ම හැඩකාර ද විය. සුපර් මෝටාර්ඩ් ධාවන තරගවලට පිවිසුණු පසු ඍජු සරල රේඛිය මංතීරුවේදී ඔහුගේ වේගය අසමසම විය. වංගු ගැනුමේදී පවා තාක්ෂණය අතින් සෙසු ධාවකයන්ට වඩා ඔහු ගව් ගණනක් ඉදිරියෙන් පසු විය. ධාවකයකු ලෙස ඔහු බාහිර පෙනුම කෙරෙහි ද හොඳින් සැලකිලිමත් විය. ඔහුගේ යතුරුපැදිය අලංකාරත්වයෙන් පිරුණු, ක්‍රීඩාලෝලීන්ගේ නෙතට රසඳුනක් වූ අතර ධාවනයේදී ආනන්ද අඳින පලඳින ආකාරය ද ඊට අපූර්වත්වයක් එක් කළේය. මේ නිසාම රටකජු කමින්, අන්නාසි කෑල්ලක රස බලමින් තරග නරඹන ප්‍රේක්ෂකයන් අතර මෙන්ම ඉහළ සමාජ තීරු නියෝජනය කරන්නන් අතර ද ආනන්ද වෙඩිසිංහ අතිශය ජනප්‍රිය චරිතයක් විය. මේ ජනප්‍රියත්වය තුළ මෙය අනතුරක් නොව මිනීමැරුමක් යැයි කියු ඕපාදූපවලට තටු ලැබෙන්නට විය. ආනන්දගේ මරණය සිදු වූයේ අනතුරකින් යැයි පැවැ‍සීමෙන් ලැබෙන දේට වඩා වැඩි යමක් එය මිනීමැරුමකින් සිදු වූයේ යැයි කීම තුළ අනිවාර්යයෙන්ම හිමි වෙයි. හත් දවසෙහි බණට පසු වෙනත් ප්‍රවෘත්තියකට මාරු වීමට වඩා වැඩි කාලයක් එවිට අල්ලා ගෙන සිටිය හැකිය. කුණු රසයට, ඇති එම නොනිමි මිනිස් ආශාව තුළ වගකීම් විරහිත ඇතැම් මාධ්‍ය කැත නැතුව මේ සිදුවීම සම්බන්ධව භාවිත කළ බව හොඳහැටි පෙනෙන්නට තිබිණි.

    අනතුරු යනු මෝටර් රථ හෝ යතුරුපැදි ධාවන තරගවලදී කිසිසේත්ම ආගන්තුක වූවක් නොවේ. ත්‍රාසය භීතිය වේගය පෙරදැරිව පැවැත්වෙන ඒවාහිදී අනතුරකට ඇති ඉඩ අවසන් වනුයේ තරගය නිම වූ පසුය. මේ නිසාම සියලු ධාවකයන් තරගවලට පැමිණෙනුයේ අවදානම් සහගත ධාවනයන්හි නිරත නොවන බවට එකඟ වෙමිනි. එහෙත් යකඩ ගොඩක් සමඟ පොර බදිද්දී මිනිස් පාලනයෙන් තොරව අනතුරු සිදුවීමට ඇති ඉඩ බහුලය.

    අන්තර්ජාතික මට්ටමේදී මෝටර් රථ හා යතුරුපැදි තරගවල මෙබඳු බරපතළ අනතුරු සිදුවීම සාමාන්‍ය කරුණක් වුවත් ශ්‍රී ලංකාව තුළ ඒ මාදිලියේ මාරාන්තික අනතුරු පිළිබඳව අපට අසන්නට ලැබෙනුයේ අඩු වශයෙනි.

    පන්නලදී මෙන්ම කටුකුරුන්ද ධාවන පථයේදීත් අනතුරු නිසා ධාවකයන් මියගිය බවට කථා ඇතිමුත් මෝටර් රථ ධාවන තරගයක් අතරතුර ධාවකයකුගේ මරණය පිළිබඳ මෙරට ක්‍රීඩාලෝලීන්ගේ මතකය තුළ ඇති ආසන්නතම අත්දැකීම 2008 වසරේ නුවරඑළිය මාර්ග ධාවන තරගය අතරතුරදී සිදු වූ ඩිල්ෂාන් බණ්ඩාරනායකගේ අභාවයයි. “මිනි කාර්” තරග ඉසව්වට සහභාගි වූ ඩිල්ෂාන්ගේ රථය නානුඔය මංසන්ධියේ ඇති වට රවුමේදී සහෝදර තරගකරුවකු වූ අජිත් හේමචන්ද්‍රගේ රථය අබිබවා යෑමට උත්සාහ කළ අවස්ථාවේදී එම අවාසනාවන්ත අනතුර සිදු වූ අතර, තරගය ආරම්භ කර ඒ වන විට ගතව තිබුණේ මිනිත්තු හතරක් පමණි.


    අනතුර සිදුවද්දී එම ධාවකයන් දෙදෙනා අතර උණුසුම් තරගයක් පැවැති අතර ඒ වන විට පැයට කිලෝමීටර් 150ක වේගයෙන් ඔවුන් ධාවනයේ නිරත වී තිබිණි. අනතුරින් දිල්ෂාන්ට ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ අතර, අජිත්ගේ මෝටර් රථය ගසක වැදුණු අතර ඉන් පිටතට විසි වීම තුළ වාසනාවකට මෙන් තම ජිවිතය බේරා ගැනීමේ හැකියාව ඔහුට හිමි විණි.

    මුහුදු මට්ටමේ සිට අඩි 6129 (මීටර් 1868) ක ඉහළ භූමියක පැවැත්වෙන නුවරඑළියේ මාර්ග ධාවන තරගාවලිය අග්නිදිග ආසියාවේ මේ මට්ටමේ ඉපැරැණිතම තරගාවලිය ලෙස සැලැකෙයි. අවුරුදුවලින් පැවැසුවහොත් මෙම තරගාවලිය තවත් වසර දෙකකදී තම සත්වන දශකය සම්පූර්ණ කරනු ලබයි. මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරග සම්බන්ධයෙන් කලාපයේ සෙසු බොහෝ රටවලට වඩා සාරවත් ඉතිහාසයක් ඇතත්, ශ්‍රී ලංකාව මෝටර් රථ තරග පැවැත්වීම සඳහා අවශ්‍ය ධාවන පථ ඌනතාවෙන් බලවත් ලෙස පීඩා විඳී. වැඩි කථා අවශ්‍ය නැත. පන්නල හැරුණු විට ධාවනයට සුදුසු මට්ටමේ ඇති එකදු හුදෙකලා කෘත්‍රිම ධාවන පථයක් මේ රටේ නැත. සීගිරියේ හා කටුකුරුන්දේ ද කෘත්‍රිම ධාවන පථ මත මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරග පවත්වන මුත් ඒ පැවැත්වෙනුයේ ඒවාහි වෙනත් කටයුතුද සිදු කරන අතරතුරය.


    තරගාවලිය හඳුන්වන ආකාරයටම, නුවරඑළිය මාර්ග ධාවන තරගය පැවැත්වෙනුයේ රථ වාහන ගමන් කරන මාර්ගයකය. පාලම්, බෝක්කු, විදුලි පහන් කණු, දුරකතන කණු, වටරවුම් සහිත එය කිසිදු ලෙසකින් ධාවන පථයක් සේ සැලකිය නොහැකිය. කොතරම් අවදානම් සහගත මාර්ගයකද මේ තරගාවලිය පැවැත්වෙන්නේ යන්න තේරුම් ගැනීමට එයම ප්‍රමාණවත්ය. වසන්ත සැණකෙළියට සමගාමීව පැවැත්වෙන නුවරඑළිය මාර්ග ධාවන තරගාවලියට සම්බන්ධ වන ධාවකයන් මේ අවදානම නොදන්නවා නොවේ.


    වසර ගණනක අත්දැකීම් සහිත ධාවකයකුට එය අමුතුවෙන් විස්තර කර දිය යුතු නැත. එහෙත් ඒ අවදානම දැන දැනම ඔවුහු මෙම තරගාවලිය මඟ නොහරිති. මූලිකවම ඒ මේ තරගාවලියට ඇති ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණය නිසාය. වසන්ත සැණකෙළියේ අවසානය සටහන් කරමින් බොහෝ විට අප්‍රේල් තුන්වන හෝ හතර වන සතියේ පැවැත්වෙන මෙම තරගාවලිය නැරැඹීමට ක්‍රීඩාලෝලීහු එක් වනුයේ දහස් ගණනනි. මෙම තරගාවලිය නැරැඹීමෙන් අනතුරුව යළි කොළඹ බලා පැමිණීමට අවුරුදු නිවාඩුව ගතකිරීමට “පුංචි එංගලන්තයට” යන බොහෝ දෙනෙක් පුරුදුව සිටිති.


    නුවරඑළියේ මාර්ග ධාවන ඉතිහාසය තුළ සිදුව ඇති බරපතළ ගණයේ අනතුරු එකින් එක විස්තර කළහොත් මෙම සටහන අනවශ්‍ය ලෙස දීර්ඝ වීම නොවැළැක්විය හැක්කකි. රුවන් පීරිස්, අනුක් හයිද්‍රාමනි වැනි ධාවකයන් බරපතළ ලෙස නුවරඑළියේ දී එසේ අනතුරුවලට භාජනය වූ ප්‍රකට ධාවකයන් දෙපොළකි. මේ අතර නුවරඑළියේදී වූ අනතුරක් හේතුවෙන් ශ්‍රීමාල් වන්නිආරච්චි අංශභාග තත්ත්වයට පත් වූ බව මේ ලියුම්කරු අසා ඇත. එබඳු සිදුවීම් කෙටියෙන් කියතොත් නුවරඑළියේදී තරග කර සුළු හෝ ආබාධයකට මුහුණ නොදුන් ධාවකයකු සොයා ගැනුම අතිශයින්ම අපහසු කාර්යයකි. ඇති මෙම අවදානම නිසාම මෑත කාලයේදී නුවරඑළිය තරගාවලිය මඟහැරීමට ප්‍රකට ධාවකයන් ගණනාවක් කටයුතු කරන ලදී. ගයාන් සඳරුවන් වැනි නාමධාරි යතුරුපැදි ධාවකයන් මෙන්ම මේ මොහොතේ රටේ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගවලදී පෙරමුණේම කියැවෙන “හෙලිබීස්” කණ්ඩායමද තම ධාවකයන්ව මෙම තරගාවලියට සම්බන්ධ කරන්නේ නැත.


    ධාවන පථයේ ඇති අනාරක්ෂිත භාවය පිළිබඳව පමණක් නොව සංවිධානය කිරීමේදී ඇති දුර්වලතා පිළිබදව ද නුවරඑළිය මාර්ග ධාවන තරගය චිරප්‍රසිද්ධය. අඩු වියදමකින් වැඩි ප්‍රතිලාභයක් උපයා ගැනීමේ ලාභ සන්තානය හැර අන් යමක් මෙහි සංවිධායකවරුන්ට නොමැති බවට ප්‍රබල චෝදනාවක් සමාජගතව පවතී. ආනන්ද වෙඩිසිංහ අනතුරට පත්වූ පසු සිදුවූ දෑ ඊට සාක්ෂි සපයයි. ආනන්ද හා සුරාජ් එකිනෙක ගැටී මාරක අනතුරක් සිදුවීමෙන් පසුව පවා තරගය නතර කිරීමට සංවිධායකවරුන් කටයුතු නොකළ අතර. බිමට ඇදවැටුණු වෙඩිසිංහව එම ස්ථානයෙන් පිටතට රැගෙන යාමට විනාඩි විසිඅටක් පමණ ගත කිරීම අදහාගත නොහැකි තත්ත්වයකි. තරගයේ පෙරමුණේ සිටි ධාවකයන් දෙදෙනා මාරක අනතුරකට පත්ව සිටි මොහොතේ “රතු කොඩි” වනමින් තරගය අවසන් කරලීමට තරග සංවිධායකයන් වහා කටයුතු කළ යුතුව තිබූ මුත් තරගය දිගටම පවත්වාගෙන යෑමට ඔවුහු කටයුතු කළහ. මෙම අවාසනාවන්ත අනතුර සිදුවූ තරගය වෙනුවෙන් ආනන්ද සම්පත් අවසාන ජයග්‍රාහකයා ලෙස නම් කිරීමෙන් පෙනී යනුයේ ඔවුන් මෙම තරගය අත්හැර නොදැමු බවය. තරගය අවසන් වූ පසු ද වෙඩිසිංහව රෝහලට රැගෙන යෑමට ගිලන් රථයක් නොතිබූ අතර, අවසානයේදී ඔහුව රෝහලට රැගෙන ගොස් තිබුණේ ගිනි නිවන හමුදාවට අයත් ඔක්සිජන හෝ නොමැති ගිලන් රියකිනි. අනතුර සිදුවූ පසු කකුල කකුල කියමින් වෙඩිසිංහ කෑගසු බව ඇතැමුන් කියා තිබු මුත් ඔහු රෝහල්ගත කළ පසු නම් අවම තරමින් ඇහැක් හෝ ඇර බැලුවේ නැත. රෝහල්ගතව සිටි සති පහකට වැඩි කාලය තුළම ඔහු සිටියේ ජිවිතාධාර යන්ත්‍රයක ආධාරයෙනි. ඉක්මනින් කල්වේලා ඇතිව අවශ්‍ය කරන මූලික ප්‍රතිකාර සිදු විණි නම් ආනන්දගේ දිවි ගලවා ගැනීමට යම් තරමක හැකියාවක් තිබූ බව ඉන් පෙනී යයි. පුදුමයකට මෙන් මෙම අවාසනාවන්ත අනතුරෙන් පසු ආනන්ද වෙඩිසිංහ පසු වූ තත්ත්වය ඩිල්ෂාන් බණ්ඩාරනායක මුහුණ දුන් අනතුර මෙන් ම විය. එවරත් ආනන්දගේ මෙන් ඩිල්ෂාන්ගේ සිරුරේ රුධිරය වහනය වීම් දැකගත නොහැකි වූ අතර, හුස්ම ගත් මුත් ඔහු ඇස් ඇරියේ නැත. ඩිල්ෂාන් මියගියේ ද අභ්‍යන්තර තුවාල නිසාවෙනි. නුවරඑළිය මාර්ග ධාවන තරගයේ තරග සංවිධායකයන් කොතරම් අක්‍රමවත් ලෙස එය පැවැත්වූවාද කියතොත් තරග අධීක්ෂණ නිලධාරීන් ලෙස ඊට සම්බන්ධ කරගෙන තිබුණේ ඒ පිළිබඳ කිසිදු පළපුරුද්දක් සහිත නිලධාරීන් නොවේ. අවශ්‍ය සන්නිවේදන යන්ත්‍ර තියා අනතුරක් සිදුවූ විට වැනීමට රතු කොඩි හෝ ඔවුනට ලබා දී නොතිබිණි. මේ අතර ආනන්ද වෙඩිසිංහ අනතුරට පත්වූ ස්ථානයේ ආරක්ෂිත වැලි කොට්ට තබා තිබූ ආකාරයම මෙය කෙතරම් අනාරක්ෂිත ලෙස පැවැත්වූ තරගාවලියක් ද යන්න පෙන්වයි. එහි වැලි කොට්ට තබා තිබුණේ “කොම්පිට්ටු” සෙල්ලමට ගැළපෙන ආකාරයෙන් මිසක අධිවේගයක් සහිත මාර්ග ධාවන තරගයකට ගැළපෙන ආකාරයට නොවේ. තරගයක් සඳහා පැවැතිය යුතු මූලික අවශ්‍යතා නොමැතිව, විධිමත් රක්ෂණ ආවරණයක් නොමැතිව, වේග සීමා නොමැතිව මහාමාර්ගයක මෙවැනි ධාවන තරගයක් පැවැත්වීමට අවසරය ලබාදීම සම්බන්ධයෙන් ඊට දායක වූ කිසිදු බලධාරියකුට මෙහිදී අත පිහිදාගත නොහැකිය. ඒ සියලු දෙනාම අඩුවැඩි වශයෙන් මේ පිළිබඳ වගකීම අනිවාර්යයෙන්ම භාරගත යුතුය.


    ආනන්දගේ මරණය සම්බන්ධයෙන් සුරාජ් පෙරේරාට ඇඟිල්ල දිගු කිරීමට ඇතැමුන් ගන්නා උත්සාහය මේ ක්‍රීඩාව පිළිබඳ හොඳින් දන්නා වෙඩිසිංහ පවුලේ අය හෝ පිළිගනු ඇතැයි මම නොසිතමි. මැදිහත් සිතින් හැඟීම්බර නොවී, මේ දෙස බැලුවහොත් පෙනී යනුයේ සංවිධානාත්මකව සිදුවූ දෙයකට වඩා මෙය හදිසි අනතුරක් නිසා සිදු වූවක් බවය. අපැහැදිලි මන්ද චලන රූප කිහිපයක් ඉදිරිපත් කරමින් ඇතැමුන් පවසන්නේ අනතුරට පෙර සුරාජ්, ආනන්දට පා පහරක් එල්ල කළ බවය. පහර දීමක් කෙසේ වෙතත් අපට වැටහෙන අන්දමට නම් එහිදී සිදු වනුයේ සුරාජ්ගේ යතුරුපැදියේ වේගය වැඩිවී, කෙළින් වී වෙඩිසිංහ දෙසට යද්දී ශරීරයෙහි ඇතිවන ස්වාභාවික ක්‍රියාවලිය තුළ සුරාජ් තම පාදය ඔසවන බවය. එය තේරුම් ගැනුමට යතුරුපැදි ක්‍රීඩාව පිළිබඳ විශාරද දැනුමක් අවශ්‍ය නොවේ. ඔබ යතුරුපැදියක ගමන් කරන විට සුනඛයකු පැන්නොතින් සිදුවන තත්ත්වය පිළිබඳව සිතන්න. එවිට පා ඉහළට එසවන්නේ ස්වභාවයෙනි. අප සිතන අන්දමටනම් මෙහිදීත් සිදු වනුයේ එවැන්නකට වඩා වැඩි දෙයක් නොවේ.


    මෝටර් රථ හෝ යතුරුපැදි වේවා මේ ඕනෑම තරගයකදී ප්‍රතිවාදියා අබිබවා යන සම්මත ක්‍රමයක් පවතී. අනතුරුදායක අන්දමින් ප්‍රතිවාදියා අබිබවා යෑම නොකළ යුතු බවට ඇති සම්මතය නම් අනතුර සිදුවන අවස්ථාවේ සුරාජ් නොතකන බවක් පෙනෙන්නට ඇත. ඔහු, පෙරමුණේ තරග වදින ආනන්ද වෙඩිසිංහව අබිබවා යෑමට ඇතුළතින් පැමිණ උත්සාහ කරනුයේ, අවදානම් සහගත කලාපයකදීය. සුපැහැදිලිවම එය විනය පිළිබඳ ප්‍රශ්නයකි. ඒ ගැන තර්කයක් නොමැත. සුරාජ්ට මේ මොහොතේ ඇතැමුන් එල්ල කරන ආකාරයටම චෝදනාවක් 2011 වසරේදී වැලන්ටිනෝ රෝසීට හා කොලින් එඩ්වර්ඩ්ස්ට එල්ල විණි. මැලේසියාවේ සෙපැන්ග් ධාවන පථයේ පැවැති ලෝක ශූරතා යතුරුපැදි තරගාවලියේ තරගයකදී සිදුවූ අනතුරක් නිසා පෙරමුණෙහි පසු වූ මාර්කෝ සිමොන්සීලී ඇදවැටුණු පසු වේගය පාලනය කරගත නොහැකිව පසුපසින් ආ රොසී හා එඩ්වර්ඩ් ඉතාලි ජාතික ධාවකයාගේ සිරුර මතින් ධාවනයේ නිරත විණි. කිසිසේත්ම එය තරගය ඒ මොහොතේ පැවැති තත්ත්වය තුළ අවාසනාවන්ත ලෙස සිදුවූ දෙයක් මිස, සැලසුම් සහගතව සිදුවූ දෙයක් නොවේ. එබඳු තත්ත්වයකදීත් ඇතැමුන් එඩ්වර්ඩ්ස්ට හා රොසීට “මිනීමරු” ලේබලය ඇලවීමට ඉක්මන් වූ මුත්, සැබෑ සත්‍යය කුමක්දැයි ලෝකය දැන සිටියේය. එම අනතුර සිදුවූ පසු රොසී, සිමොන්සීලිගේ පවුලේ සාමාජිකයන් හා එක්ව තම මිතුරා අහිමි වීමේ දුක බෙදාගත්මුත් මේ අවස්ථාවේදී සුරාජ්ට එසේ කිරීමට ධෛර්යයක් නොතිබිණි. ඇතැම් විට එය අපට මතුපිටින් නොපෙනෙන සංස්කෘතික ප්‍රශ්නයක් විය හැකිය. අනතුරෙන් අනතුරුව ඒ ගැන සුරාජ් ප්‍රසිද්ධියේ තම මතය ඉදිරිපත් කරලීමට කටයුතු කළේ නම් මෙවැනි අභූත චෝදනා එල්ල නොවීමට ඉඩ තිබිණි. ඔහුගේ එම ප්‍රමාදය කෙන්ද කන්ද කිරීමට බලා සිටින්නන් ප්‍රයෝජනයට ගත්තේය.


    දැන්, ආනන්ද වෙඩිසිංහ අප අතරින් නික්ම ගොස් තිබේ. ඔහුගේ වියෝව සමඟ බිරියට ආදරණීය සැමියෙක්, දරුවන්ට හොඳ පියෙක්, ඥාති හිතමිත්‍රාදීන්ට හොඳ හිත මිතුරෙක්, රටට දක්ෂ ක්‍රීඩකයෙක් අහිමි විණි. බොහෝ දෙනකු නොදන්නවා වූවාට ඔහු හොඳ දානපතියෙක් විය. තම අසීරුවෙන් උපයා ගත් දෙයින් කොටසක් තම සම්බන්ධතා ඔස්සේ ලබාගත් බොහෝ දෑ ඔහු නිර්ලෝභීව ජනතාව වෙත බෙදා දුන්නේය. අනතුර සිදුවූ පසු ඔහුව රෝහලට රැගෙන යාමට ගිලන් රියක් නොමැති වුවද, ඔහු තම සම්බන්ධතා හරහා ගිලන් රථ, අධිවේගී බෝට්ටු, කිහිලිකරු, පාපැදි, යතුරුපැදි මෙරට ආරක්ෂක අංශ වෙත නිතර පරිත්‍යාග කළේය. ශූර ධාවකයකුට එහා ගිය මනුෂ්‍යයෙක් ඔහු තුළ ජිවත් විය. ගුරු මුෂ්ටිය නොතැකු ඔහු තමන් දන්නා “ශිල්ප” ආධුනික ක්‍රීඩකයන් සමඟ බෙදා ගත්තේය. ඔහුගෙන් ගුරුහරුකම් ලැබු බොහෝ දෙනකු මේ වන විට යතුරුපැදි ධාවන ක්ෂේත්‍රය තුළ තම ලකුණ තබා තිබේ.

    ආනන්දගේ කුරිරු මරණය මීට වඩා වැඩි මැදිහත් වීමක් යතුරුපැදි ක්‍රීඩාව වෙනුවෙන් සිදු කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයට බල කරනු ලබයි. බලවත් ජීවිත අවදානමක් යටතේ තරග කර ජයග්‍රහණය කළ පසු යකඩ තහඩුවකට වඩා වැඩි දෙයක් යතුරුපැදි හා මෝටර් රථ ධාවන තරගවලදී නොලැබෙයි. ඒ නිසාම එක් අතකින් මෙය තවමත් ප්‍රජාතාන්ත්‍රිය නොවූ ක්‍රීඩාවකි. තවමත් මේ තරග සීමා වී ඇත්තේ එක්තරා පන්තියක් වටාය. යුද හමුදාව, හා නාවික හමුදාවේ මැදිහත් වීම තුළ එහි සුළු වෙනසක් මේ වන විට ඇතිව ඇතිමුත් ඉහත කී තත්ත්වය මුළුමනින්ම වෙනස් වී නැත.

    එක්තරා පන්තියක් වටා ගොනු වී ඇති මේ ක්‍රීඩාවේ පන්ති පදනම් දෙදරවමින් එය ජනතාව වෙතට රැගෙන යමින් මේ ක්‍රීඩාවට සම්බන්ධ ධාවකයන්ගේ ආරක්ෂාව සහතික කරලීමට අවශ්‍ය පියවර ගනිමින් එය මීටත් වඩා වෘත්තිය මට්ටමට රැගෙන යමින් අන්තර්ජාතික මට්ටම කරා රැගෙන යෑමේ අභියෝගය කුරුණෑගලින් පැමිණි ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරට අප අමුතුවෙන් විස්තර කර දිය යුතු නැත.

    [rns_reactions]

  • හමුදා භූමිය ෂැංග්‍රිලාට දීමෙන් රජයට කෝටි 750ක පාඩුවක්….

    යුද හමුදා මූලස්ථානය පිහිටි කොළඹ ගාලු මු‍වදොර ආසන්නයේ භූමි භාගය ෂැංග්‍රිලා හෝටල් සමූහයට ලබා දීම උදෙසා යුද හමුදා මූලස්ථානය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පසුගිය රජය සමයේ ගත් තීරණයක් නිසා මේ වන විට රජයට කෝටි 750ක පමණ මුදලක් අහිමිව ඇතැයි වාර්තා වේ.


    යුද හමුදා මූලස්ථානය බත්තරමුල්ල අකුරේ‍‍ගොඩට ගෙන යෑම පිණිස සියලු පිඹුරුපත් සකසා පළමුව සිදු කර ඇත්තේ ෂැංග්‍රිලා හෝටල් සමූහයට භූමි භාගය ලබා දීම වන අතර, මේ නිසා යුද හමුදාපතිවරයාගේ කාර්යාලය සහ තවත් අධ්‍යක්ෂවරුන්ගේ කාර්යාල කිහිපයක් හැර අනෙකුත් කාර්යාල සියල්ල ක්‍රමයෙන් එම ස්ථානයෙන් ඉවත් කර කැලණිය, නාරාහේන්පිට, කොම්පඤ්ඤවිදිය‍, තුම්මුල්ල, ආර්ඒ ද මැල් මාවත ඇතුළු ස්ථාන රැසක අධික කුලී පදනමක් යටතේ ස්ථාපිත කිරීමට සිදුව ඇත.

    2011 වසරේදී ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමයේදී සිදු කරන ලද මේ ක්‍රියාවලිය නිසා මසකට රුපියල් කෝටි 10කට අධික මුදලක් කාර්යාල උදෙසා ගෙවන්නට යුද හමුදාවට සිදුව ඇත.


    මේ සම්බන්ධව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ 2011 වසරේ සිට මේ තත්ත්වය උද්ගතව තිබීම සැබෑවක් බවත් මේ වන විට බත්තරමුල්ල යුද හමුදා මූලස්ථානයේ වැඩ කටයුතු කඩිනමින් සිදු කරන්නට උපදෙස් ලැබී ඇති අතර ලබන වසරේ අප්‍රේල් මාසය වන විට යුද හමුදා මූලස්ථානය බත්තරමුල්ලට ගෙන යෑමට හැකි වනු ඇති බවයි.

    [rns_reactions]

     

  • මොනවද මේ ප්ලාස්‌ටික්‌ හාල්? දැනගන්න කියවන්න

    U ටියුබ් සමාජ ජාලා වෙබ් අඩවිය ඔස්‌සේ පසුගියදා මහ භයානක වීඩියෝවක්‌ පෙන්වන ලදී. ජුනි මාසය මුලදී පිටකෝට්‌ටේ සතොස ගබඩාවකින් අලෙවි කරන ලද බාස්‌මතී ස්‌වරූපයේ සහල් වර්ගයක්‌ එම වීඩියෝවේ නිරූපණයවිය. පිසීමෙන් පැය 24 කට පසුත් පිළුණු නොවන, ගුලි කර බිම ගැසූ විට බම්ප්වන මේ සහල් වර්ගය ප්ලාස්‌ටික්‌ වලින් සාදා ඇති බව පසුව කියෑවිනි. Face Book ඔස්‌සේ ඉතා ඉක්‌මනින් පැතිරෙන්නට පටන් ගත් මේ වීඩියෝව නිසා සතොස වෙළෙඳ ජාලයට සිදු වූ හානිය ස්‌වල්ප නොවේ. වීඩියෝව U ටියුබ් ජාලයට ඇතුළු වී තිබුණේ ජුනි 3 වැනිදාය. දින 2 කට පසු ප්‍රකාශයක්‌ නිකුත් කළ සතොස U ටියුබ් වීඩියෝව සම්පූර්ණ අසත්‍යයක්‌ බවත් තම ආයතනය විසින් ප්ලාස්‌ටික්‌ සහල් අලෙවි නොකරන බවත් සඳහන් කළේය. සතොස අවසන් වතාවට බාස්‌මතී සහල් තොගයක්‌ ගෙන්වා තිබුණේ පාකිස්‌තානයෙනි. ඒ 2017 මැයි මස 15 වැනිදාය. මෙටි්‍රක්‌ ටොන් 20 කින් සමන්විත වූ එම සහල් ‘ආනයනික බාස්‌මතී’ යන ලේබලය යටතේ විකුණන ලදී. මේ සහල්වල කිසිදු ආකාරයක නරකක්‌ නැති බවට සතොස සහතික විය. එහෙත් සහතිකයෙන් හිතහදා ගන්නට පාරිභෝගික ජනයා සූදානම් නැත. තමන් ප්ලාස්‌ටික්‌ සහල්වලින් පිසූ ප්ලාස්‌ටික්‌ බාස්‌මතී බත් අනුභව කරන ලද බව ජනයාගේ මතය.

    මේ සිද්ධියෙන් දින හතරකට පමණ පසු ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයෙන් සහ හයිද්‍රdබාද් ප්‍රාන්තයෙන් ප්ලාස්‌ටික්‌ සහල් භීතියක්‌ මතු විය. ඉන් දවසකට පසු, එනම් ඉකුත් අඟහරුවාදා (6 දා) ඉන්දියාවේ හයිද්‍රබාදයේ බුරියානි කඩයකින් ප්ලාස්‌ටික්‌ බුරියානි කෑ බවට ප්‍රදේශවාසියෙක්‌ පොලිසියට පැමිණිලි කළේය. එහිම සිල්ලර කඩයකින් තමන් මිලට ගත් බාස්‌මතී සහල් ප්ලාස්‌ටික්‌ සහල් බව වැසියෙක්‌ කීවේය. ඊට පැය කිහිපයකට පසුව සිල්ලර කඩය වටලා සැක කටයුතු සහල් තොගය අත්අඩංගුවට ගන්නා ලදී. එම තොගයෙන් ලබා ගත් සහල් සාම්පල් රස පරීක්‍ෂක වෙත යවන ලද නමුත් එයට අදාළ විශ්ලේෂණ වාර්තාව තවම ලැබී නැත. සහල් කඩය වටලා ස්‌වල්ප වේලාවකට පසු එම කඩයෙන් සහල් මිලට ගෙන කෑ වැඩි දෙනාට වමනය යන්නට පටන් ගත්තේය. තව කට්‌ටියකට නොනවතින පාචන තත්ත්වයක්‌ ඇති විය.

    මේ අතර අන්තර්ජාලය මහත් සේ දරුණු ලෙස ක්‍රියාත්මක වනු දක්‌නා ලදී. දවසක්‌ පමණ ගත වන විට නෙලන්ගනා සහ අන්ද්‍රd ප්‍රාන්තවල ප්ලාස්‌ටික්‌ සහල් ප්‍රශ්නය ගැන මුළු ඉන්දියාවම දැන ගත්තේය. මේ නිසා බාස්‌මතී සහල් ඉල්ලුම පූසා ගහෙන් බහින්නාක්‌ මෙන් ක්‍ෂණිකව පහළ බැස්‌සේය. අන්තිමේදී බාස්‌මතී සහල් නොමිලේ දීමටවත් බැරි තත්ත්වයක්‌ හට ගත් බව කියනු ලැබේ.

    ප්ලාස්‌ටික්‌ සහල් පිළිබඳ කතන්දරය මුල්වරට ලෝකවාසී ජනතාව එළිපිට දැන ගත්තේ වසර 2011 දී ය. චීනයේ සිටින සමහර වංචනික කර්මාන්තකරුවන් ප්ලාස්‌ටික්‌ සහල්, ප්ලාස්‌ටික්‌ බිත්තර, සුදුÊපැහැති වර්ණකයක්‌ දියකර එයට කැල්සියම්, මෙලමයින් සහ ලුනු දමා සාදන ව්‍යාජ කිරි යනාදිය නිපදවන බවට එකල ලොව පුරා ආරංචියක්‌ පැතිර ගියේය. පසුව එම බඩු අතුරින් ව්‍යාජ කිරි අතටම හසුවිය. මේ සම්බන්ධයෙන් වරදකරුවන් වූ කර්මාන්තකරුවන්ට චීන ආණ්‌ඩුව මරණ දණ්‌ඩනය නියම කළේය. එසේම එම කිරිවලින් සාදන ලද කිරිපිටි පානය කළ චීන ළමයින් 100 ක්‌ පමණ මෙලමයින් විසෙන් බරපතළ ලෙස රෝගී වූහ. සමහරු මියගියහ. ඉන් පසු කතාව යට ගියද යළි එය මතුවන්නේ 2016 දීය. එම වසරේ දෙසැම්බර් 24 වැනිදා නයිජීරියාවේ පොලිsසිය ප්ලාස්‌ටික්‌ සහල් ටොන් 2.5 ක්‌ අත්අඩංගුවට ගත්තේය. මේ සහල් තොගය බෑග් 102 ක අසුරා තිබිණ. සහල් නිෂ්පාදන සමාගම Best Tomato Rice නමැති චීන ආයතනයකි. මෙය අදටත් චීනයේ තිබෙන අංක එකේ සහල් නිෂ්පාදනාගාරයකි. සැකකටයුතු සහල් තොගය අත්අඩංගුවට ගැනීමෙන් පසු එහි සාම්පල කිහිපයක්‌ නයිජීරියාවේ රස පරීක්‍ෂකට යවන ලදී. සති කිහිපයකින් ඔහු සිය වාර්තා ප්‍රකාශයට පත් කරන ලද අතර එහි සඳහන් වූයේ එම සහල්වල ප්ලාස්‌ටික්‌ නැති නමුත් සෞඛ්‍යයට හානිකර ක්‍ෂුද්‍ර ජීවීන් සිටි බවය.

    මෙහිදී අප විසින් සොයා බැලිය යුතු වැදගත්ම කාරණය වූ කලී ප්ලාස්‌ටික්‌වලින් සහල් නිෂ්පාදනය කළ හැකි ද යන්නය. ප්ලාස්‌ටික්‌වලින් සහල් නිපදවිය හැකිය. ප්ලාස්‌ටික්‌ මිදි වලු, ප්ලාස්‌ටික්‌ කෙසෙල් ඇවරි, ප්ලාස්‌ටික්‌ දොඩම් ගෙඩි යනාදිය වසර තිහ හතළිහක සිටම ලංකාව ද ඇතුළු රටවල් ගණනාවක විසිතුරු බඩු ලෙස වෙළෙඳපළේ විකිණීමට ඇත. ස්‌වභාවික කෙසෙල් ඇවරියක්‌ රුපියල් 150 ක්‌ නම් ඒ හා සමාන ප්ලාස්‌ටික්‌ කෙසෙල් ඇවරියක්‌ රුපියල් 550 ක්‌ පමණ වේ. ඒවා කිසිදු ආකාරයකින් අනුභව කළ නොහැකි වනඅතර, කෑම මේසය මත බන්දේසියක බහා අවුරුදු 20 ක්‌ වුවත් තබාගත හැකිය. ප්ලාස්‌ටික්‌ සහල් නිපදවීම සඳහා සුදුසු විනිවිද පෙනෙන ප්ලාස්‌ටික්‌ ඇට (grnules) කිලෝවක ගිය සතියේ මිල රුපියල් 139.50 කි. මේවා චීනයේ නිපදවන අතර ලංකාවට නැවෙන් ගෙන්වන විට නැව් ගාස්‌තු වශයෙන්කිලෝවකට රුපියල් 10 ක්‌ පමණ එකතු කළ යුතුය. මේවා වරායෙන් පිටතට ගන්නා විට කිලෝවට රුපියල් 50 දක්‌වා වූ බද්දක්‌ ගසනු ලැබේ. අනතුරුව යන්ත්‍රානුසාරයෙන් ඒවා සහල් බවට පත් කරන විට නිෂ්පාදන වියදම් වශයෙන් කිලෝවට තව රුපියල් 20 ක්‌ වත් එකතු කළ යුතුය. අනතුරුව නිෂ්පාදකයා සියයට 30 ක්‌ ලාභ තබාගෙන සහල් වෙළෙඳපොළට යවයි. වෙළෙන්දා 10% ක්‌ ලාභ තබාගෙන එය විකුණයි. මේ සියලු වියදම් එකතු කළ විට සහල් කිලෝවක්‌ රුපියල් 330 ක්‌ පමණ වේ . හොඳම කීරි සම්බා රුපියල් 150 ට අඩු මුදලකටත් බුරුම බාස්‌මතී කිලෝව රුපියල් 200 කටත් ලබා ගත හැකි ලංකාව වැනි රටක කොතරම් තැම්බුවත් නොපිසෙන, කොතරම් හැපුවත් නොහැපෙන ප්ලාස්‌ටික්‌ සහල් තිබීම විහිළුවකි. එසේ නම් මේ ප්ලාස්‌ටික්‌ සහල් කියන්නේ මොනවාද?

    ප්ලාස්‌ටික්‌වල ඉතිහාසය රබර්වල ඉතිහාසයට කිට්‌ටුය. ක්‍රි. පූ. 1600 දී විසූ ලතින් ඇමරිකානු ගෝත්‍රික ජනයා රබර් කිරිවලින් බෝල, ශීර්ෂ පළඳනා, කුඩා මිනිස්‌ රූප සෑදූහ. මධ්‍ය කාලීන යුගයේ විසූ ජනයා විෂ්කම්භයෙන් වැඩි හරක්‌ අං දෙකොනින් කපා මැදින් සිදුරු කර ලන්තෑරුම් වශයෙන් පාවිච්චි කළහ. මේ සියල්ල අද කරන්නේ ප්ලාස්‌ටික්‌ වලිනි. එහෙත් රබර් කිරි උණු කර තමන්ට අභිමත පරිදි විවිධ දේ තනා ගැනීමටත්, හරක්‌ අං උණු කර භාණ්‌ඩ තැනීමටත්, එකල තාක්‍ෂණයක්‌ නොවීය. මේ අනුව තමන්ට අවනත කර ගත හැකි කෘත්‍රිම ද්‍රව්‍යයක්‌ සෑදීම කෙරෙහි මිනිස්‌සු උනන්දු වූහ. මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් 1800 දී චාල්ස්‌ ගුඩ්ඉයර් නමැති ඇමරිකන්කාරයා රබර් හා ගෙන්දගම් මිශ්‍ර කර වඩා ශක්‌තිමත් රබර් වර්ගයක්‌ සෑදුවේය. මේ අත්දැකීම් ආශ්‍රයෙන් 1856 දී ප්ලාස්‌ටික්‌ නිපදවා පේටන්ට්‌ බලපත්‍රය ගනු ලැබේ. ඒ ඇලෙක්‌සැන්ඩර් පර්න්ස්‌ නමැති බ්‍රිතාන්‍ය ජාතිකයා ය.

    ප්ලාස්‌ටික්‌වලට සිංහල තේරුම් අවම වශයෙන් 9 ක්‌ තිබේ. ඒවා අතුරෙන් වැඩි හරියකින් කියෑවෙන්නේ ප්ලාස්‌ටික්‌ යනු වාත්තු කළ හැකි වීම. පහසුවෙන් නැවිය හැකි වීම, මූර්ති සෑදීම යන ක්‍රියාවලින්ට කියන නමක්‌ බවය. එසේම ප්ලාස්‌ටික්‌ යන වචනය යොදන හැම තැනකම ප්ලාස්‌ටික්‌ යන ද්‍රව්‍යය පාවිච්චි වන්නේ නැත. උදාහරණයක්‌ ලෙස ප්ලාස්‌ටික්‌ සැත්කම් ගතහොත් ප්ලාස්‌ටික්‌ සහ එම සැත්කම් අතර සම්බන්ධයක්‌ නැත. එසේම ප්ලාස්‌ටි සහ ප්ලාස්‌ටික්‌ සහල් අතර ද සම්බන්ධයක්‌ නැත. ප්ලාස්‌ටික්‌ සහල් සාදනු ලබන්නේ ඉරිඟු පිටි බතල පිටි, අර්තාපල් පිටි, මඤ්ඤොක්‌කා පිටි යනාදිය ජලය සමඟ මිශ්‍ර කර එම මිශ්‍රණයට සෝයා වලින් සාදන ගම් වර්ගයක්‌ එකතු කිරීමෙනි. ඉන් පසු එම මිශ්‍රණය යන්ත්‍රයකට ඇතුළු කරන අතර යන්ත්‍රයෙන් පිටතට එන දිගටි බාස්‌මති සහල් වැනි සහල් විශේෂයකි. මේවා යන්ත්‍රයෙන් එළියට එන්නේම වියළිලාය. මේ සහල් තැම්බූ විට සාමාන්‍ය සහල්වල රසය හෝ සුවඳ ඇති නොවෙයි. එහෙත් මේවායින් බුරියානි ප්‍රයිඩ් රයිස්‌ වැනි දැ සෑදූ විට කරදරයක්‌ නැතිව අනුභව කළ හැකිය. ඒ ඒවාට එකතු කරනු ලබන සෝස්‌ වර්ග සහ රසකාරක නිසාය.

    නිසි ප්‍රමිතියට ඇති අමුද්‍රව්‍ය වලින් මේ සහල් සාදන ලද්දේ නම් කිසිදු සෞඛ්‍ය ගැටලුවක්‌ හටගන්නේ නැත. එහෙත් මේ සහල්වලට දමන ගම් වර්ගය සෝයා ආශ්‍රිත නිෂ්පාදනයක්‌ නොවී කෘත්‍රිම ගම් වර්ගයක්‌ වූයේ නම් සෞඛ්‍ය ගැටලුව පටන් ගන්නේ එතැනින් ය.

    ප්ලාස්‌ටික්‌ සහල් වැනි ව්‍යාජ නිපැයුම් ඕනෑතරම් අප අවට තිබේ. අප ඒවා නොදැන පරිහරණය කර තිබෙන්නට ද පුළුවන. සියලු බඩේ අමාරු හට ගන්නේ එම නිපැයුම් ව්‍යාජ ඒවා බව අප දැනගත් දින පටන් ය.

    [rns_reactions]

  • සොහොයුරිය SLIIT යවලා සරසවි සිසුන් නොමග යවන ලහිරුගේ හෙළුව එලියට..

    ජවිපේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ බිරිඳගේ කලින් විවාහයේ දරුවා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් SLIIT පෞද්ගලික විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවෙකු බව මේ දිනවල සමාජජාල මාධ්‍ය වල දැඩි සේ කතා බහට ලක්වනවා.

    පෞද්ගලික අධ්‍යාපනයට එරෙහිව ප්‍රභල විරෝධතාවයක් දක්වන ජවිපේ සහ අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලය වැනි දේශපාලන කල්ලි කණ්ඩායම් වල ප්‍රධානීන්ගේ දරුවන් සහෝදර සහෝදරයින් සහ සමීපතම ඥාතීන් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාවේම සහ විදේශ රටවල පෞද්ගලික අධ්‍යාපන ආයතන වල අධ්‍යාපනය ලබන බව මේ වන විට අනාවරණය වෙමින් පවතිනවා.

    අප මේ හෙළිදරව් කරන්නේද එවන් එක් කරුණක් පිළිබඳවයි.

    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර හැදින්වෙන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහි සටනේ ප්‍රධාන නියමුවා ලෙසයි. කලින් කලට සයිටම් විරෝධී උද්ගෝෂණ වල ජායාරූප හරහා ඔහු දැවැන්ත චරිතයක් ලෙස හුවා දැක්වීමට අන්තරේ සාමාජික්යින් උත්සාහ කරනවා. එසේම ඔහුගේ නායකත්වයෙන් සිදුකල පෞද්ගලික විශ්ව විද්‍යාල විරෝධී සටන් වලින් අපේ රටට අහිමි වූ ධනය සහ මිනිස් පැය ගනන ඉතා විශාලයි.

    මෙසේ අරගල කරන ලහිරුගේ එක කුස උපන් සහෝදරිය වන තිලිණි වීරසේකර මහත්මිය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් SLIIT පෞද්ගලික විශ්ව විද්‍යාලයේ 2010 කණ්ඩායමේ ඉගෙනුම ලැබූ තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධියක් ලබාගෙන ඇති බව අපට වාර්තා වී තිබේ.

    ඇයගේ උපාධි ප්‍රධානෝත්සවයට පවා ලහිරු වීරසේකර සහභාගී වූ බවට ඔවුන්ට සමීප ආරංචිමාර්ග අප වෙත ප්‍රකාශ කල බව සදහන් කල යුතුමය..

    ලහිරු වීරසේකරගේ සහෝදරිය පවා ඉගෙනගන්නා පෞද්ගලික විශ්ව විද්‍යාල තහනම් කරන ලෙසට ඉල්ලමින් ඒ අක්කාගේ මල්ලීම විශ්ව විද්‍යාල සිසුන් කුලප්පු කිරීම කෙතරම් විහිලුවක්ද?

    සිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සිසුන් කුලප්පු කරන දේශපාලන ව්‍යාපාර වල පාහර ජඩ නායකයින් සිය දරුවන් සහ පවුල් වල සාමාජිකයින්ට යෙහෙන් වැජඹීමට අවශ්‍ය පරිසරය සකසා දී තිබේ.

    තව වසර පහකින් ළහිරුගේ තනතුරට තවත් එක් නරියෙකු පත්වනු ඇත. ලහිරු සහ පවුලේ අය උගත් ධනවත් සමාජයේ වැජඹෙමින් අර නරියා පෙරටු කරගත් හරක් රැළ කෑගසන අයුරු දෙස බලා සිනා සෙනු ඇත.

    [rns_reactions]

  • විහිලු ලියලා මාව පිස්සෙක් කරන්න එපා -මන්ත්‍රී මහින්දගෙන් ගෝරනාඩුවක්…

     මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතු පොසොන් පොහෝ දින පණිවඩයක්ද පසුගිය දිනවල කතා බහට ලක්වූ අතර එහි ‘දේවානම් පියතිස්ස රජු තම පුත්‍ර තනතුරේලා හැදු වැඩූ මිහිදු මාහිමියන්‘ යැයි වැරදි සටහනක් විය.මේ වැරැද්ද දුටු මහින්දට කේන්ති ගියේය.

    මොන බුරුවද මේක ලිවුවේ? විහිලු ලියලා මාව පිස්සෙක් කරන්න එපා. මගේ අත්සන දාලා යවන පණිවුඩ යවන්න කලින් මට පෙන්වන්න. මේක යවලා තියෙන්නේ කවුද?‘‘ යැයි මහින්ද තමා අවට සිටි අයවලුන්ගෙන් විමසු අතර සර් අත්සන් කලේ කියවලා කියලයි අපි හිතුවේ යනුවෙන් සහචරයෙක් පැවසීමත් කෝපයට පත් මහින්ද හුනස්නෙන් නැගිට ගිය බව සදහන්. 

    [rns_reactions]

  • කවුද මේ පුංචි සංගා – කියවන්න මේ සටහන ඔහු පිලිබදවයි…

    කුමාර සංගක්කාර නැවතත් ක්‍රිකට් පිටියට පැමිණෙනවා නම් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් ඔහු ආදරයෙන් පිළිගන්නට සැදී පැහැදී සිටී.ලහිරු තිරිමාන්න කාලයක් ප්‍රේක්ෂකයන් හැදින්වුවේ මීළඟ සංගක්කාර ලෙසිනි.

    සංගක්කාර පිතිහරබයේ යෙදෙන අකාරයටම පිතිහරම්බයේ යෙදෙන කුඩා දරුවෙකු ගැන පසුගිය කාලයේ අසන්නට ලැබුණි.ඔහු ශාරුජන් ශන්මුගනාදන්ය.ශරුගේ පුහුණුකරුවන් පවසන අකාරයට නම් ශාරු සංගාගේ කාබන් කොපියකි.එමෙන්ම ඉරියව් පමණක් නොව දක්ෂතාවයන්ද ඔහුගේ වයසට වඩා මුහුකුරා ගොස් ඇති බව පුහුණුකරුවන්ගේ අදහසයි.

    ශාරු තවමත් වයස 11 වන කුඩා ක්‍රීඩකයෙකු වන අතර,ඔහු ccc පාසලේ අන්තර් නිවාස ක්‍රිකට් තරඟාවලියේ හොඳම පිතිකරු හොඳම පන්දු යවන්නා සහ අවසන් තරඟයේ වීරයා සම්මන ලබාගෙන ඇත්තේ 2013 වයස 10 පහල වයස් කාන්ඩයේය.එමෙන්ම CCC පාසැල නියෝජනය කරමින් බැංගලෝරයේ පැවති තරඟාවලියකට සහභාගී වී ඇති ශාරු එහිදී තරඟාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලබා ඇත.

    තවමත් සංගලා මහේලලා එනකන් බලා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්‍ෂකයන්ට ශාරු හොඳ උත්තේජනයක් වනු ඇත.

    [rns_reactions]

  • කානුගෙදර රංජිව දැන් නොදන්නේ කවුරුන්ද? සුපිරි චරිතයක් සුහද කතාබහක්…

    හීන තිබුණට කෝටියක් අතේ නෑ එක රුපියලක්

    ඔව්. විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙද්දීම මට ගුරු පත්වීම ලැබුණා. ගෙදර ඇතුළු සැහෙන දෙනෙකුගෙන් දැඩි බලපෑමක් ආවා එයට යන්න කියලා. ඒත් මම ගියේ නැහැ. එදා මං ඒ රැකියාවට ගියා නම් කානුගෙදර රංජි කියලා කෙනෙක් නැහැ.

    හීන තිබුණට කෝටියක්
    අතේ නෑ එක රුපියලක්

    හාර කෝටිය ටෙලි සිතුවමේ තේමා ගීතයේ ඇති මේ පේළි දෙක මේ වන විට සාමාන්‍ය සමාජයට කිඳා බැස අවසානයි. එමෙන්ම එය වෙනස්ම තේමාවක් ඔස්සේ නිර්මාණය වූ ටෙලි සිතුවමක් නිසා ප්‍රේක්ෂකයින් වැඩි දෙනෙක් එය නරඹන්න පෙලඹිලා. එහි චරිතවලට ද බොහෝ දෙනෙකුගේ ආදරය හිමිවෙලා තියෙනවා. හාර කෝටියේ එක්තරා සුවිශේෂ චරිතයක් ඉන්නවා. ඒ තමයි කානුගෙදර රංජි. ඔහු කතා කරන ස්ටයිල් එක පවා අමුතුයි. හාරකෝටිය තරමටම රංජියවත් ජනප්‍රිය වෙලා.

    රොහාන් විජේතුංග.

    කානුගෙදර රංජියගෙ සැබෑ නම එහෙමයි. ක්ෂේත්‍රයට නවකයකු වුණාට ඔහු එම චරිතය හොඳින් ග්‍රහණය කොට ඇති වග පේනවා. අපි ඒ රොහාන්ට මෙලෙස කතාබහකට එකතුකර ගත්තා.

    කානුගෙදර රංජි කිව්වම දැන් නොදන්න කෙනෙක් නැහැ. නොසිතු විරූ අන්දමින් නේද ඔබ හාරකෝටිය නිසා ජනප්‍රිය වුණේ?

    ඔය චරිතය මුල් කොටස් පහළොවේදී එතරම් තිබුණේ නැහැ. අතුරු චරිතයක් විදිහට නාට්‍යයට ආවේ. පසුව පිටපතහි චරිතය නැවත ලියවිලා ඒ කොටස් පහළොව ඇතුළේ රංජිව තවත් ප්්ලේ කෙරෙව්ව කොටස් නවයෙන් පසුයි ඔහු පැමිණෙන්නේ. මේ වන විට කානුගෙදර රංජිව ප්‍රේක්ෂකයින් බොහොම තදින් වැලඳගෙන තිබෙනවා. පෙර වාසනාවක් මට ඒ ලැබුණු අවස්ථාව.

    ටෙලි නාට්‍ය නරඹද්දී පේනවා ඔබ ඒ චරිතයට බොහොම හොඳින් සාධාරණයක් ඉටු කරනවා කියලා?

    ඔය චරිතය ලියවුණේ සද්ධාමංගල සූරිය බණ්ඩාර අතින්. මුහුණෙහි ස්වරූපය හැදුවා වාසනා බණ්ඩාර කියන අංග රචනා ශිල්පියා. රංජිගේ චරිතය කැමරාව ඉදිරියේ හැදුවේ මම. හාරකෝටිය අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මයා අතනොහැර අතදුන්නා චරිතයේ හැඩය ගොඩනඟා ගන්න.

    කානුගෙදර රංජිව ඔබ විසින් හදාගන්න මොන වගේ අධ්‍යයනයක් ද කළේ?

    ඕක නාගරික සමාජය තුළ සිටින චරිතයක්. මං කොළඹ නෙවෙයි. රත්නපුර කුරුවිට මගේ ගම. මට මේ චරිතය හරිම නුහුරුයි. මට මේ චරිතය ලැබුණායින් පසුව මං ඒ සමාජයට බැහැලා මනා අධ්‍යයනයක යෙදුණා. ඒ තරුණයන් හරියට වචනය කියන්නේ නැහැ. ලිස්සලා යන ස්වරූපයක් තියෙනවා. ඒ අනන්‍යතාවය හදාගත්තා. ඒ වගේම මේ චරිතය තුළ අවංකත්වයකුත් තියෙනවා. කොයි වෙලාවෙවත් පාවා දෙන්නේ නැහැ.

    ඔබට කොහොමද හාර කෝටියේ කානුගෙදර රංජිගේ චරිතය ලැබෙන්නේ?

    මං කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ඉගෙන ගන්නා අවධියේ මට හමු වුණා නාමල් ජයසිංහ කියන ගුරුවරයා. ගුරුවරයෙක් වගේම ඔහු හිත හොඳ මිනිහෙක්. ඔහු තමයි බොහීමියානුවා නාට්‍යයෙහි පිටපත් රචකයා. එය අධ්‍යක්ෂණය කළේ හාරකෝටිය අධ්‍යක්ෂණය කරන සිවගුරුනාදන් මහත්තයා. නාමල් සර් මට බොහිමියානුවා නාට්‍යයේ රඟපාන්න චරිතයක් දුන්නා. නම සාලිය. මං එහි රඟපෑවේ හුදෙක්ම කැමරාව ඉදිරියේ රඟපාලා අත්දැකීම් ලබාගන්නට පමණයි. නාමල් සර් ඊට අවස්ථාව ලබා දුන්නෙත් එහෙම කියලා. මට එතෙන්දි සිවා අංකල්ව හඳුනගන්නා ලැබුණා. ඔහු තමයි මාව දිගින් දිගටම රඟපාන්න ගත්තේ. මෙඩි සිනා හීන්පැල්ල ලෙසින් පසුව රඟපෑවා. අනතුරුව කළු කුරුල්ලාහි ඩිංගියා වුණා. දැන් කානුගෙදර රංජියා.

    කානුගෙදර රංජියාට ලැබෙන ජනප්‍රියත්වය කොහාමද ඔබ විඳ දරා ගත්තේ?

    ජනප්‍රියත්වය ගැන මම වෙනමම මතයක ඉන්නේ. ජනප්‍රියත්වය අද තියෙනවා. හෙට නැතිවෙනවා. මේ කලේ මං ජනප්‍රියයි. හාරකෝටිය ඉවර වුණාම ඒ ජනප්‍රියත්වය ඉවරයි. ඒක දැනගෙනයි මං ජීවත්වෙන්නේ. නමුත් මිනිසුන්ගේ සිත් තුළ කානුගෙදර රංජියා මතකයක් ලෙස ජීවත්වේවි.

    ඔබ ගුරු පත්වීමක් පවා අතහැරලායි රංගනයට එන්නේ?

    ඔව්. විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙද්දීම මට ගුරු පත්වීම ලැබුණා. ගෙදර ඇතුළු සැහෙන දෙනෙකුගෙන් දැඩි බලපෑමක් ආවා එයට යන්න කියලා. ඒත් මම ගියේ නැහැ. එදා මං ඒ රැකියාවට ගියා නම් කානුගෙදර රංජි කියලා කෙනෙක් නැහැ.

    ඒ තිරණය ගැන ඔබේ මතය මොකක්ද?

    එදත් අදත් මං එකම මතයක ඉන්නේ. කිසිසේත්ම කනගාටු වෙන්නේ නැහැ ගත්තු තීරණය ගැන.

    වෘත්තියක් විදිහට රංගනයේ නියැළෙන්නද අදහස් කරන්නේ?

    නැහැ. ලංකාව වගේ රටක එහෙම ඉන්න අපහසුයි. මට තව ඉගෙන ගන්න තියෙනවා. මං මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනපති උපාධිය හදාරනවා. කෙදිනක හෝ රැකියාවක් කරන්න හිතාගෙන ඉන්නවා. රංගනය ද දිගටම සිදු කරනවා. කරන්න බලාපොරොත්තු වන්නේ ද රංගනයට බාධාවක් නැති රැකියාවක්.

    හාරකෝටිය රඟපාන්න ගිහින් වෙච්ච කෙදිනකවත් අමතක නොවන අත්දැකීමක් ඔබට තියෙනවා. ඒ ගැන පැවසුවොත්?

    එක්තරා දර්ශනයකදී මාංචු කුට්ටමක් මගේ අතේ හිරවුණා. අතේ බැඳලා තිබුණු නූලකට අහුවෙලා තමයි ඒක එහෙම වෙලා තියෙන්නේ. ගලවන්න හදද්දී ඒක තවත් තද වෙනවා. අන්තිමේ සිවා අංකල් ඇවිත් තවත් කෙනෙකු සමඟ එය ගැලෙව්වා. නැතිනම් අතේ තියෙද්දීම ඒක කපන්න වෙනවා.ඒ ගැන හිතෙද්දිත් ඇඟ හිරි වැටෙනවා.

    මේ වන විට තවත් ටෙලි නිර්මාණ සඳහා කතාකරලද තියෙන්නේ?

    නැහැ. හැබැයි රඟපාපු ටෙලි නාට්‍යයක් එන්න තියෙනවා. ආශා එදිරිසිංහ කරන චිත්‍රපටයකට කතා කළා. එහි රූගත කිරීම් ළඟදීම ඇරැඹේවි.

    ඔබේ පාසලත් මතක් කළොත්?

    ඇහැලියගොඩ ජාතික පාසල.

    අතහිත දුන් පිරිවර?

    රමනි වන්නකු ගුරුතුමිය, තුමිදු දොඩම්තැන්න, නාමල් ජයසිංහ, කෞශල්‍යා ප්‍රනාන්දු, චන්දන අලුත්ගේ, ප්‍රසන්න මහගමගේ, චාමර සමරවික්‍රම, ජයප්‍රකාශ් සිවගුරුනාදන්,සද්ධා මංගල සූරිය බණ්ඩාර මේ අය ඇතුළු උදව් කළ හැමෝටම බෙහෙවින් තුති.

    [rns_reactions]

  • අන්තර්ජාලයේ නිරුවත් පින්තූර දමනවා කියා කාන්තාවට අතවර කළ සැකකරුට ඇප

    තමා සහ තම පෙම්වතාගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට යොමුකිරීමට කටයුතු කරන බව පවසා විවාහක කතක්‌ බියපත් කොට දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් භාරයේ පසු වූ “ප්‍රි්‍රsයා මොබයිල්” නමැති මීගමුව බස්‌ නැවතුම්පළේ පිහිටි සන්නිවේදන ආයතනයේ හිමිකරු බව කියන මාතොට ආරච්චිලාගේ කුසල් සම්පත් වීරසිංහ (30) නමැති විවාහක සැකකරුවකුට තරයේ අවවාද කළ මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා සැකකරු රුපියල් 5000 ක මුදල් ඇප සහ රුපියල් 25,000 ක ශරීර ඇප මත රිමාන්ඩ් භාරයෙන් මුදාහැරීමට නියෝග කළේය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසියේ සැරයන් (49241) ජිනදාස මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව අතවරයට මුහුණදුන් කත මීගමුව අක්‌කර 50 ප්‍රදේශයේ පදිංචි දෙදරු මවකි. ඇය සැමියාගෙන් වෙන්වී ඇත. මේ අතර පුද්ගලයකු ඇය විවාහ කරගෙන දරුවන් බලාගැනීමට එකඟ වී ඇත.

    පැමිණිලිකාර කාන්තාව මුදල් අවශ්‍යතාවයක්‌ සඳහා මීගමුව බස්‌ නැවතුම්පළේ පිහිටි ප්‍රියා මොබයිල් නමැති ආයතනය වෙත පැමිණ ඇගේ දුරකථනය එම ආයතනයට උකස්‌ කොට රුපියල් 2000 ක්‌ ණයට ලබාගෙන තිබේ.

    පසුව දින දෙකක්‌ පමණ ඇය තම දුරකථනය උකසින් මුදාගැනීමට ගිය අවස්‌ථාවේ එම ආයතනයේ හිමිකරු බව කියන සැකකාර පුද්ගලයා කාන්තාවට පවසා ඇත්තේ ඇගේ දුරකථනය තමා පරීක්‍ෂා කළ බවත් එහි (සිම්පතේ) එම කාන්තාවගේ සහ ඇගේ අළුත් පෙම්වතාගේ නිරුවත් ඡායාරූපයක්‌ තිබී තමා ඒවා ගබඩා කර ගත් බවත්ය.

    එම නිරුවත් පිංතූර අන්තර්ජාලයට යොමු නොකිරීමට නම් තමා සමඟ කායික වින්දනයක්‌ ලබාගත යුතු යෑයි බලකර එම කත මීගමුව තලාහේන ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලකට ගෙනගොස්‌ සැකකරු දූෂණය කළ බව ඇය පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන්ය.

    [rns_reactions]