Author: Editor[A]

  • දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරු වැරදිවලට ජනප්‍රියම නිදහසට කරුණ ‘නින්දයැම’

    දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවන රිය අනතුරු වැරැදිවලදී “නින්දයැම” නිදහසට කරුණක්‌ ලෙස පැවසීමට රියෑදුරන් පුරුදු වී සිටින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

    පසුගිය අප්‍රේල් මාසයේ සිදුවී ඇති රිය අනතුරුවලින් සියයට 65 ක්‌ම නින්දයැම නිසා සිදුවී ඇති බවට එම අධිකාරිය පෙන්වා දෙයි.

    පසුගිය වසරේ (2016) මේ මාර්ගයේ සිදුවී ඇති සමස්‌ත අනතුරු සංඛ්‍යාවෙන් සියයට 16 ක්‌ම “නින්දයැම” නිසා සිදුවූ ඒවා බවට නිගමනය කර තිබෙන බවද එම අධිකාරිය සඳහන් කරයි.

    රථ ධාවනයේ දී නින්දයැම නිදහසට කරුණක්‌ නොවන අතර නිදිමත හෝ තෙහෙට්‌ටු ගතියක්‌ ඇත්නම් මාර්ගයට අවතීර්ණ නොවිය යුතු බවට රියෑදුරන්ට අවවාද කරන බවද අධිවේගීA මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්‍ෂ එස්‌. ඕපනායක මහතා පැවසීය.

    [rns_reactions]

  • බැඳුම්කර ජනාධිපති කොමිසම – අලුත්ම තත්වය මෙන්න….

    පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ ප්‍රධාන විධායක නිලධාරී 2009 වසරේ සිට මා හඳුනනවා
    – ලංකා බැංකුවේ අවදානම් කළමනාකරණ අංශයේ හිටපු ප්‍රධාන අලෙවිකරු ඡේ. ඩී. කේ. ධර්මපාල

    පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිහේන තමා 2009 වසරේ සිට හඳුනන බව ලංකා බැංකුවේ අවදානම් කළමනාකරණ අංශයේ හිටපු ප්‍රධාන අලෙවිකරු ඡේ. ඩී. කේ. ධර්මපාල මහතා ඊයේ (09 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවේය.

    ඇක්‌විට්‌ ආයතනයේ වැඩකරන කාලයේ සිටම තමා කසුන් පලිහේනව දන්නා බවද, පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඡේ. ඩී. කේ. ධර්මපාල මහතා කීවේය.

    ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු – ඩීලර් කෙනෙක්‌ ලෙස ඔබට කොපමණ කලක සිට අත්දැකීම් තිබෙනවාද?

    සාක්‍ෂිකරු – වසර 19 ක පමණ සිට ස්‌වාමිනී.

    ජනාධිපති නීතිඥ ප්‍රනාන්දු – බැඳුම්කර ගනුදෙනු වර්ග දෙකක්‌ තිබෙනවා. තමන් වෙනුවෙන් කරන ගනුදෙනු සහ වෙනත් ගනුදෙනුකරුවන් වෙනුවෙන් කරන ගනුදෙනු?

    සාක්‍ෂිකරු – ඔව්.

    ජනාධිපති නීතිඥ – පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට ලංකා බැංකුවේ ජංගම ගිණුම් දෙකක්‌ තිබෙනවා?

    සාක්‍ෂිකරු – ඔව්.

    ජනාධිපති නීතිඥ – එහෙත් බැඳුම්කර ගනුදෙනු වෙනම නේද කරන්නේ?

    සාක්‍ෂිකරු – ඔව්. ස්‌වාමිනී.

    ජනාධිපති නීතිඥ – බැඳුම්කර ගනුදෙනුවලදී පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම ගනුදෙනුකරුවකු නොවෙයි. ගනුදෙනු පාර්ශ්වකරුවෙක්‌?

    සාක්‍ෂිකරු – ඔව්.

    ජනාධිපති නීතිඥ – පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ලංසු ඉදිරිපත් කිරීම වෙනුවෙන් ණය අවදානමක්‌ ගත්තෙ නෑ කිව්වා නේද?

    සාක්‍ෂිකරු – එහෙම කිව්වෙ හැමවිටම රජයේ සුරැකුම් මත අදාළ ගනුදෙනු සිදුවන නිසයි. රජයේ බැඳුම්කරවල අවදානම බිංදුවයි.

    ජනාධිපති නීතිඥ – මෙහිදී හැම විටම රජයේ

    සුරැකුම්පත් සම්බන්ධ වෙනව නේද?

    සාක්‍ෂිකරු – ඔව්.

    ජනාධිපති නීතිඥ – ඒවා ණය නොවෙයි නේද?

    සාක්‍ෂිකරු – ඔව්.

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා (සභාපති) – අවදානමක්‌ නැති වෙන්න පුළුවන්. නමුත් කිසියම් පූර්ව එකඟතාවක්‌ ඇතිව මේ ගනුදෙනු කරන්නේ?

    සාක්‍ෂිකරු – ඔව්. භාණ්‌ඩාගාර බැඳුම්කර සහ බිල්පත් සඳහා ලන්සු ඉදිරිපත් කිරීමේදී සැබවින්ම ණය අවදානම කියන එකක්‌ මතු වෙන්නෙ නෑ. ණය අවදානම ඇති වෙන්නේ ගෙවීමේ හැකියාව මතයි. මෙහිදී මතු වන්නේ පූර්ව පියවීමේ අවදානම පමණයි. වෙළෙඳ පොළේ පොලී අනුපාත ඉහළයැම මත වෙළෙඳපොළ අවදානම ඇති වෙනවා.

    ජනාධිපති නීතිඥ – මේ 30 ස්‌ අවුරුදු බැඳුම්කරය සියයට 9.35 ක්‌ පමණ වෙයි කියලනෙ ඔබ සිතුවේ?

    සාක්‍ෂිකරු – ඔව්.

    ජනාධිපති නීතිඥ – මේ තිස්‌ අවුරුදු බැඳුම්කරයෙන් ලැබුණු ලාභය ලංකා බැංකුවට ලබාගන්න කටයුතු නොකළේ ඇයි?

    සාක්‍ෂිකරු – ඒ ආකාරයේ ඉහළ පොලියකට යයි කියල අපි කිසිවිටෙකත් සිතුවෙත් නෑ. බැංකුව තීරණය කළේ නෑ මේ බැඳුම්කරයේ ආයෝජනය කරන්න. දිගුකාලීන බැඳුම්කරවල ආයෝජනය කිරීමට බැංකු අකමැතියි. හේතුව බැංකු වැඩි වශයෙන්ම තැන්පතු රැස්‌කර තිබෙන්නේ කෙටිකාලීන පදනම මතයි.

    ජනාධිපති නීතිඥ – පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම ඉතා විශ්වාසවන්ත ගනුදෙනුකරුවෙක්‌ කිව්වා නේද ඔබ?

    සාක්‍ෂිකරු – ඔව්.

    ජනාධිපති නීතිඥ – කිසිම තැනක කියල නෑ එක්‌ ප්‍රාථමික අලෙවිකරුවෙකුට වෙනත් ප්‍රාථමික අලෙවිකරුවෙක්‌ වෙනුවෙන් ගනුදෙනු කරන්න බෑ කියලා.

    සාක්‍ෂිකරු – ඔව්.

    ජනාධිපති නීතිඥ – මේ වෙන්දේසියෙන් පසු ලංකා බැංකුව අභ්‍යන්තර රීතියක්‌ දැම්මා වෙනත් ප්‍රාථමික අලෙවිකරුවෙක්‌ වෙනුවෙන් ලන්සු දානව නම් ඉහළ නිලධාරියෙකුගේ අවසර ගන්න ඕන කියල?

    සාක්‍ෂිකරු – ඔව්. මා එසේ කීවා ස්‌වාමිනී.

    ජනාධිපති නීතිඥ- ඒ කියන්නේ එසේ කරන්න පුළුවන් අවසරයක්‌ අරගෙන?

    සාක්‍ෂිකරු- ඔව්.

    ජනාධිපති නීතිඥ- එකම වෙනස ඉහළ නිලධාරියෙකුගෙන් අවසරයක්‌ ගත යුතු වීමයි?

    සාක්‍ෂිකරු- ඔව්.

    සභාපති- ප්‍රාථමික අලෙවිකරුවන්ට අදාළ රීතිවලත් වෙනත් ප්‍රාථමික අලෙවිකරුවෙක්‌ වෙනුවෙන් ලංසු ඉදිරිපත් කරන්න තහනමක්‌ නෑ.

    සාක්‍ෂිකරු- ඔව්. එය මගේ පරීක්‍ෂණයට යවන ලද පිළිතුරෙන් පැහැදිලිව සඳහන් කළා.

    ජනාධිපති නීතිඥ- ලංකා බැංකුව පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම සමග කළ රෙපෝ ගනුදෙනුවලින් වසරක්‌ තුළ රු. මිලියන 36 ක ලාභ ලැබුවා?

    සාක්‍ෂිකරු- රෙපෝ නෙවෙයි. ස්‌වැප් ගනුදෙනුවලින් රු. මිලියන 36 ක ලාභයක්‌ ලැබුවා.

    මේ අවස්‌ථාවේදී ලංකා බැංකුව සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම අතර සිදුවූ ගනුදෙනුවලට අදාළ ලේඛන දෙකක්‌ ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ ලකුණු කළේය.

    ජනාධිපති නීතිඥ- මම ඔබට යෝජනා කරනවා 2015.02.26 දින දක්‌වා පර්පෙචුවල් සමාගම සමග රු. බිලියන 201 ක පමණ ගනුදෙනු කළා කියලා.

    සාක්‍ෂිකරු- නිහඬයි.

    ජනාධිපති නීතිඥ- මීට පෙර ලංකා බැංකුව තිස්‌ අවුරුදු බැඳුම්කර ගනුදෙනු කරල තියෙනවද?

    සාක්‍ෂිකරු- නැහැ.

    ජනාධිපති නීතිඥ- ඔබට තිස්‌ අවුරුදු බැඳුම්කර ගනුදෙනු ගැන අත්දැකීමක්‌ නැහැ නේද?

    සාක්‍ෂිකරු- ඔව්. මෙහිදී පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ලංසු ඉදිරිපත් කිරීමේ අතරමැදි කාර්යයක්‌ අප කළේ.

    ජනාධිපති නීතිඥ- 2015.02.27 දින තිස්‌ අවුරුදු බැඳුම්කරයේ පොලිය සියයට 9.35 ට වැඩිවෙයිකියල හිතුවේ නැද්ද?

    සාක්‍ෂිකරු- පදනම් අංක 20 ක 25 ක වෙනසක්‌ වෙයි කියල තමයි මම හිතුවේ.

    ජනාධිපති නීතිඥ- ඔබ කොහොමද මේ සියයට 9.35 ක අනුපාතය තීරණය කළේ?

    සාක්‍ෂිකරු- මීට පෙර තිස්‌ අවුරුදු බැඳුම්කර සඳහා පැවැති ද්විතීයික වෙළෙඳ පොළ අනුපාතය මතයි.

    ජනාධිපති නීතිඥ- ඔබ කියන්නේ 2014 මැයි මාසයේ බැඳුම්කරය ගැනද?

    සාක්‍ෂිකරු- ඔව්.

    ජනාධිපති නීතිඥ- එස්‌.එම්.බී. සමාගමේ මධුර නම් මූල්‍ය වෙළෙඳ පොළ තැරැව්කරුවෙක්‌ ඔබේ දෙවැනියා වන ලසන්ත සමග කතා කිරීමේ ඇමතුමේදී බැඳුම්කර අද උඩ යන බවක්‌ සඳහන් කරනවා?

    සාක්‍ෂිකරු- ඔව්.

    ජනාධිපති නීතිඥ- ඒ ඇමතුම ඇවිත් තියෙන්නේ 2015.02.27 දින උදේ 9.06 ටයි?

    සාක්‍ෂිකරු- ඔව්. මම හිතන්නේ මෙහෙම කියන්නේ එදින ස්‌ථාවර පොලී අනුපාතය සියයට 5 සිට සියයට 6.5 දක්‌වා වැඩි කිරීම පදනම් කරගෙන වෙන්න ඕන.

    ජනාධිපති නීතිඥ- ලසන්ත ඔබට ඒක කිව්වද?

    සාක්‍ෂිකරු- ලසන්ත ඒක මට පැහැදිලි කළේ නෑ.

    ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන- එස්‌.එම්.බී. කියන්නේ කවුද?

    සාක්‍ෂිකරු- සෙලින්කෝ මනි බ්‍රොaකර් කියන එකයි.

    විනිසුරු ජයවර්ධන- එය කොයි සමාගමටද අයිති?

    සාක්‍ෂිකරු- එය සෙලින්කෝ සමාගමේ අතුරු සමාගමක්‌.

    ජනාධිපති නීතිඥ- මූල්‍ය තැරැව්කරුවන් වගේම ලංකා බැංකුවේ අලෙවි කාමරයත් පොලී අනුපාත ඉහළ යන බව දැනගෙන සිටියා කියල මම යෝජනා කරනවා?

    සාක්‍ෂිකරු- පදනම් අංක 150 කින් විතර ඉහළ යයි කියල පිළිගන්න අපහසුයි.

    ජනාධිපති නීතිඥ- ඔබේ අලෙවි කාමරයේ පර්යේෂකයන් ඉන්නවාද?

    සාක්‍ෂිකරු- නැහැ. අලෙවිකරුවන් (ඩීලර්ස්‌ලා) පමණයි සිටින්නේ.

    ජනාධිපති- ඔබ මහ බැංකුවත් එක්‌ක කතා කළ විට සියයට 9.35 ක මට්‌ටමේ පොලී අනුපාතය කියන එකක්‌ නෑ කියනවා නේද?

    සාක්‍ෂිකරු- ඔව්. ඒත් මම හිතුවේ පොලී අනුපාතය සියයට 10 ට යටින් වදියි කියලයි.

    ජනාධිපති නීතිඥ- ඔබ මහ බැංකුවේ ශ්‍රීමාලි මහත්මිය සමග කළ දුරකථන සංවාදයේදී ඇය සඳහන් කරනවා පුද්ගලික නිකුතු දෙන්න එපා කියල තියෙනවා කියලා?

    සාක්‍ෂිකරු- එහෙත් පුද්ගලික නිකුතු සම්පූර්ණයෙන්ම නතර කරල තියෙන බවක්‌ කියන්නෙ නැහැ.

    ජනාධිපති නීතිඥ- ඔබ දුරකථන සංවාදයේදී “ආවොත් ඇතා” කියල සඳහන් කරන්නේ කුමන අනුපාතයටද?

    සාක්‍ෂිකරු- සියයට 10.25 අනුපාතය.

    0 ඔබේ විශ්වාසය වුණේ සියයට 10.25 ට නොලැබෙනු ඇති බවද?

    සාක්‍ෂිකරු- ඔව්.

    කොමිසම යළිත් අනිද්දා (12 දා) පෙ.ව. 9.45 ට රැස්‌වේ. එදින සාක්‍ෂි ලබා ගැනීම සඳහා රජයේ විගණකාධිපති ගාමිණී විඡේසිංහ මහතා සහ සමාගම් රෙජිස්‌ට්‍රාර් ජනරාල් ඩී. එන්. ආර්. සිරිවර්ධන මහතා කොමිසම හමුවට කැඳවා ඇත.

    [rns_reactions]

     

  • ජනපති නියමයෙන් වකුගඩු රෝගීන්ට දෙන මාසික දීමනාව රු.2000න් ඉහළට…

    වකුගඩු රෝගීන් සඳහා රජයෙන් ලබාදෙන මාසික දීමනාව ඉහළ නැංවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබේ.

    දැනට ලබාදෙන රුපියල් 3000ක් වන මාසික දීමනාව රුපියල් දෙදහසකින් ඉහළ නැංවීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    ඒ අනුව වකුගඩු රෝගියෙකු සඳහා රජය මගින් ලබාදෙන මාසික දීමනාව රුපියල් 5000ක් ලෙස ඉහළ නැංවෙනු ඇත.

    වකුගඩු රෝගයෙන් පෙළෙන අඩු ආදායම් ලාභී පවුල්වල පුද්ගලයින් 20,000කට පමණ මේ වන විට රජය මගින් මෙම දීමනාව ලබාදෙන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියි.

    [rns_reactions]

  • පාලිත තෙවරප්පෙරුම ජනතාව උදෙසා පොසොන් පෝයට කරපු දේ මෙන්න..

    මේ වනවිට ගංවතුර බැසගොස් හමාරය නායයාමෙන් සිදුවූ විපත් වලට මාධ්‍ය අවධානය අවසන්ය. සැවොම පොසොන් උත්සවය වෙනුවෙන් අවධානය යොමුකොට අවසන්ය. ගංවතුර බැසගිය පමණින් එයින් විපතට පත් අයට අපට මෙන් පොසොන් සිසිල විදිමින් බන අසන්නට කාලයක් නැත. හේතුව ගංවතුර බැසගියේ ඔවුන්ගේ හැඳි වත පමණක් ඉතිරි කරමිනි. තම ඥාතින් සහෝදරයන් දෙමාපියන් දරුවන් මෙන්ම වසර ගණනාවක් දාඩිය හෙලමින් දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් සියලු දේ ගේ දොර සමගම ගංවතුරට ගසාගෙන ගොස් හමාරය.

    කිහිප දෙනෙකුට හැර බහුතර දෙනාට ගංවතුර ට්‍රෙන්ඩ් එක දැන් අහවරය. අපි සිංහල ජාතිය හැටියට සති දෙකෙන් සියල්ල අමතක කර දමන ජාතියක් බව නැවතත් ඔප්පු කොට හමාරය. ගංවතුරේ බැස මාධ්‍ය මෙහෙයුම් කල බොහෝ දෙනා දැන් ඒ පැත්ත පලාතක් බලන්නේ නැත.

    නමුත් ගංවතුර හා නායයමේදී මිනිසුන් බේරා ගැනීමට බොහෝ මෙහෙයක් සිදුකල කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකුද වන පාලිත තෙවරප්පෙරුම මහතා නම් තම සහෝදර ජනතාව අමතක කර නොමැති බවට හොඳම උදාහරණයක් අපට දන ගන්නට ලැබුනා. එනම් පොසොන් පොහොය දිනයේදී අවතැන්වූ අසරණ ජනතාවට උදව් උපකාර කිරීමට එක්වීමත් සමගයි.

    ඔහුගේ මුලිකත්වයෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය ආහාර ලබා දීමට දන්සලක් පවත්වා එයින් නොනැවතී ඔවුන්ට අවශ්‍ය සහල් කිරිපිටි ආදී වියලි ආහාරද ලබාදෙමින් ඔවුන්ගේ ජිවිත යතා තත්වයට පත් කිරීමට ඔහු තවමත් කැපවෙමින් වැඩ කරන අයුරු පහත චායාරුප වලින් ඔබම බලන්න ඇත්තටම ඇසට කඳුලක් නැගේවි…

    අපේ රටේ දේශපාලකයන් මෙසේ ජනතාව වෙනුවෙන් සැබවින්ම කැපවන මනුෂ්‍යත්වයෙන් පිරි පුද්ගලයන් වුයේ නම් අපේ රට අද කොතනකද කියා ඔබම තීරණය කරන්න….

    [rns_reactions]

  • රටටම මහ වැසි වැස්සට ජලාශ වල වතුර නෑලු – විදුලිය පිරිමහන්නලු….

    විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි විදුලිබල අමත්‍යාංශය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ, ඉකුත් සමයේ තද වැසි ලැබුණද විදුලි බලය නිෂ්පාදනය කරන ජලාශවල ජල ධාරිතාව විශාල වශයෙන් ඉහළ ගොස් නොමැතිවීම හේතුවෙන්. 

    ජල ධාරිතාව ප‍්‍රමාණවත් නොමැති බැවින් විකල්ප බලශක්ති උපයෝගි කර ගෙන විදුලිය නිෂ්පාදනය කිරීමට සිදුව ඇති බවයි අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියාසිටියේ.

    ඔහු මෙම අදහස් පළ කළේ ඓතිහාසික පොතුවිල් මුහුදු මහා විහාරයට සූර්යබල සංග‍්‍රාමය යටතේ සූර්යබල පද්ධතියක් පූජා කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

     [rns_reactions]

  • ‘‘කවුරු එක්ක ගැහුවත් මම චියර් කරන්නේ ලංකාවට‘‘ –  ජමීල් හසන්

    ඉන්දියාවට පන්නා පන්නා ගහපු සුපිරි ගැහිල්ලත් එක්ක ලංකාවේ ක්‍රිකට් පිස්සෝ ටික මේ දවස් ටිකේ නම් ඉන්නේ සතුටෙන්.මේ ජයත් එක්කම ශ්‍රී ලංකා කණ්ඩායම ශූරයින්ගේ කුසලානයේදී පෙරළිකාර දෙයක් කරාවි කියලා බොහෝ දෙනා සිතමින් ඉන්නවා.

    ක්‍රිකට් පිස්සෝ ගැන කතා කරද්දි ජමීල් හසන් ගැන නොකියම බෑ..කවුද මේ ජීම්ල් හසන්?

    ඊයේ (09) මෙරට සමාජ ජාල වෙබ් අඩවි වල, එදා තරඟය අතරතුර ලංකාවට චියර් කරන තරුණයෙකුගේ වීඩියෝවක් අතිශය ජනප්‍රියත්වයට පත්වුණා.ඒ තරුණයා තමයි ජමීල් හසන්.

    ජමීල් ක්‍රිකට් පිස්සෙක්.ක්‍රිකට් පිස්සෙක්ටත් වඩා ජමීල් ලංකාවේ ක්‍රිකට් රසිකයෙක්..පාකිස්ථානුවෙකු වෙලත් ජමීල් ලංකාවේ ක්‍රිකට් වලට මෙතරම් ආදරය කරන්නේ ඇයි? ඒ ගැන දැනගන්න අපි ජමීල්ව පුංචි කතාබහකට එකතු කර ගත්තා.

    ‘‘මම ලංකාවට සපෝට් කරන්නේ පොඩි කාලේ ඉඳන්මයි.මම ලංකාවට නිතර එනවා යනවා. ගිය අවුරුද්දේ මාර්තු වල තමයි අන්තිමට ආවේ.‘‘කියලා ජමීල් කියනවා.

    ජීමීල් ලංකාවේ ක්‍රිකට් වල මෙතරම් රසිකයෙක් වුනේ කොහොමද?ඒ කවුරුන් නිසාද?කැමති ක්‍රීඩකයෙක් ඉන්නවද කියලත් අපි ජමීල්ගෙන් ඇහුවා.ඒකට ජමීල් දුන්නේ මෙන්න මේ වගේ උත්තරයක්.

    ‘මම මහේලට පොඩි කාලේ ඉඳන්ම කැමතියි.. මහේල නිසා තමයි මම ශ්‍රී ලංකා ක්‍රිකට් වල මෙච්චර ලොකු රසිකයෙක් වුනේ‘

    ඒ විතරක් නෙමෙයි ලංකාව හා පකිස්ථානය අතර තරඟයක් තිබුණොත් ඒ තරඟයේදීත් ඔහු චියර් කරන්නේ ලංකාවට කියලා ජමීල් කියනවා.

    ‘‘ලංකාවයි පාකිස්තානයයි අතර තරඟයක් තියෙනවනම් මම අනිවාර්යෙයන් ආපහු ලංකාවට එනවා.ඒ තරඟයෙදීත් මම චියර් කරන්නේ ලංකාවට…මම මැරෙනකන්ම ලංකාවේ ක්‍රිකට් රසිකයෙක්‘‘ කියලා අවසාන වශයෙන් ජමීල් අපි එක්ක කිව්වා













    [rns_reactions]

  • ඉන්දියාවේ ක්‍රීඩකයෝ පිටිය මැදදී කියන දේවල් ගැන අපේ කුසල් සියල්ල හෙළිකරයි…

    11 වැනි එක්‌දින ක්‍රිකට්‌ අර්ධ ශතකය වාර්තා කරමින් ඉන්දියානුවන්ට එරෙහිව තරගයේ වීරයා වූ කුසල් මෙන්ඩිස්‌ වෙනත් රටවල් සමඟ ක්‍රීඩා කළාට වැඩි පීඩනයක්‌ මෙම තරගයේදී ලැබූ බව තරගයෙන් පසුව පවසා සිටියේය.

    ”ඇත්තටම මම ඉන්දියාවත් එක්‌ක ක්‍රීඩා කළ පළමු වතාව මේක. වෙන කණ්‌ඩායම් වගේ නෙවෙයි ඔවුන්. පිට්‌ටනිය මැදදි එක එක දේවල් කියල බණිනවා. නමුත් ඒ ගැන මම දැනගෙන තමයි ක්‍රීඩා කළේ. ටික වෙලාවක්‌ කඩුල්ලේ ඉන්න කොට ධනුෂ්ක අයියත් කිව්ව අපිට ලකුණු තියෙනවා ඉඳල ගහන්න කියලා.”

    කෙසේ වෙතත් තමා පන්දුවට පහරදීමට පැමිණි අවස්‌ථාවේ ලකුණු ලබා ගැනීම පීඩනයක්‌ වූ බවද මෙන්ඩිස්‌ පවසයි., ”මට ගිය වෙලාවෙ ඉඳල ලකුණු ගන්න ටිකක්‌ අමාරු වුණා. නමුත් මට පුලුවන් තරම් කඩුල්ලේ ඉන්න කියන උපදෙස තමයි ඒ වෙලාවෙ ලැබුණෙ. මේ තරගයේදී මම ලොකු අත්දැකීමක්‌ ලැබුවා. මොකද අපිට කඩුල්ලේ රැඳී සිටියොත් ඕනම ගාණක්‌ ගහන්න පුලුවන් කියන විශ්වාසය ඇති වුණා.”

    මහත්මා ක්‍රිකට් ක්‍රීඩාව කෙලෙසන ක්‍රියාවන් ඉන්දියාව කල පළමු අවස්ථාව මෙය නොවේ.මවුන්ගේ මෙවැනි ක්‍රියාවන් නතර කිරීමට කල හැකි එකම දෙයනම් ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් පරාජය කිරීමයි.මන්ද ඔවුන්ගේ මුදල් බලය හමුවේ ඉන්දියාවට බලපෑමක් කිරීමට ICC යද ඉදිරි පත් නොවන නිසාවෙනි.

    [rns_reactions]

  • අපේ වාස් අනුනවයෙන් බේරෙයි… ඔබ නොදත් පුවත මෙන්න…

    ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් විසින් මීට වසර 16 කට පෙර පිහිටවා තිබු හොඳම පන්දු යැවීමේ වාර්තාව ඇෆ්ගන් පා දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන්ට බිද දැමීමේ අවසථාව ඊයේ කොදෙව් කණ්ඩායම සමග පැවති තරඟයේදී එක ලකුණකින් සහ එක කඩුල්ලකින් මඟ හැරී ගියේය.

    වාස් ලකුණු 17 කට කඩුලු 8 ක් බිඳ දමා තිබු අතර රෂීඩ් ඊයේ ලකුණු 18 කට කඩුලු 7ක් දවා ගැනීමට සමත් විය.

    එක්දින හොඳම පන්දු යැවීමේ වාර්තා..

    77

    T20 තරඟාවලිය 3-0 ලෙස සමත්ප වූ අතර රාජය වීමෙන් පසුව එක්දින තරඟාවලියට පැමිණි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කොදෙව් කණ්ඩායම කණ්ඩායම පළමු එක්දින තරඟයේදීම පරාජයට පත් කිරීමට සමත් වුනේ ලකුණු 63 කිනි.

    ඇෆ්ගනිස්ථානය තම පන්දුවාර 50 තුල ලකුණු 212 කට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වූ අතර ආරම්භක පිතිකරු ජාවෙඩ් අහමඩි ලකුණු 82 ක් ලබා ගැනීමට සමත් විය.

    ලකුණු 213 ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට පිටියට පැමිණි කොදෙව් පිතිකරුවන්ට සාර්ථක වීමේ අවසථාවක් ලබා නොදුන් ඇෆ්ගන් පන්දු යවන්නන් කොදෙව් පිතිකරුවන් දවා ගත්තේ ලකුණු 149 ක් තුළදීය.සුපිරි පන්දු යැවීමක් නිරත වූ රෂීඩ් ඛාන් කොදෙව් කඩුලු 7ක් දවාගැනීමට සමත් වුනේ ලකුණු 18ක් තුළදීය.

    78

    79

    [rns_reactions]

  • බොදු බල සේනා – රූකඩ නටවන දේශපාලන නායකයා කවුද? සියල්ල හෙළිවේ..

    තමාගේ කීර්ති නාමය බොදුබල සේනාව වැනි අන්තවාදී පිරිස් සමඟ සම්බන්ධ කරමින් හා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ සම්බන්ධ කරමින් ප්‍රචාරයක් යන බව ගෝඨාභය රාජපක්ෂ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ප්‍රකාශ කර තිබෙනවා.

    මෙම ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රකාශය බළලා මල්ලෙන් එලියට පැනීමක් බවයි දේශපාලන විශ්ලේෂකයන් ප්‍රකාශ කරන්නේ. බොදුබලසේනාව හා විජේදාස රාජපක්ෂ සමඟ කිසිඳු සම්බන්ධයක් නොමැති නම් ගෝඨාභය රාජපක්ෂ මේ ආකාරයෙන් කල බල නොවන බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

    අභියාචනාධිකරණයට හොර වෛද්‍ය සහතික ලබාදෙමින්, අධිකරණයේ පෙනීසිටීම පැහැර හරිමින් සිටින බොදුබල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර අත්ඩංගුවට නොගන්නේ මන්දැයි රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු පොලිස්පතිගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ “කොහෙද සර් ඥානසාරව අත්අඩංගුවට ගන්නෙ..? එයාව තියං ඉන්නෙ අපේ අධිකරණ ඇමති රාජපක්ෂ මහත්තයානේ” කියාය.

    එකී ඇමතිවරයාට වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු පවසා ඇත්තේ “ආණ්ඩුවෙ ලොක්කො එක එක්කෙනා එක්ක ඩීල් දාගන්නවා. අන්තිමට සේරම පව් යන්නෙ අපේ කරපිටින්. අපිට නිදහසේ රාජකාරි කරන්න ඉඩ දෙනව නං අපි දන්නවා කරන්න ඕන දේ” යනුවෙනි.

    කෙසේ වුවද පොලිස්පතිවරයා එකී ඇමතිවරයාට පවසා ඇත්තේ මහරගම මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයකට සිදුවූ පහරදීම “ඉන්ෂුවරන්ස් කේස් එකක්” කියාය. එවිට පෙරලා අදාල ප්‍රබල ඇමතිවරයා පොලිස්පතිවරයාගෙන් අසා ඇත්තේ “ඕක ඉන්ෂුවරන්ස් කේස් එකක් නම් අනිත් 20ත් ඉන්ෂුවරන්ස් කේස්ද..? ” යනුවෙනි. ඉන්පසු අදාල ගිනිතැබීමේ CCTV කැමරා දර්ශන එකී මුස්ලිම් ව්‍යාපාරිකයා විසින් ඇමතිවරයාට පෙන්වාදීමෙන් අනතුරුව ඇමතිවරයා පොලිස්පතිවරයාට පවසා ඇත්තේ එම පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි. ඉන් අනතුරුව ඊයේ දිනයේ අදාල පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

    තමා තනතුරේ සිටිනා තාක් හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙමියි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළ ද ජනාධිපතිවරයාගේ සෘජු තීරණය වී ඇත්තේ මැතිවරණයේදී ජනතාවට පොරොන්දු වූ පරිදිම පසුගිය ආණ්ඩුවේ සහ මෙම ආණ්ඩුවේ දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම බවත් ඒ අනුව කෙලින් තීරණයක සිට ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත්තේ ඕනෑම අයෙකු තරාතිරම නොබලා කැඳවා ප්‍රශ්න කරන ලෙසත් ඔවුන් යම් වැරදි කළ ඇත්නම් ඒ සඳහා නිසි දඬුවම් ලබා දෙන ලෙසත්ය.

    [rns_reactions]

  • කට කියවන පොලිස්පතිට ජනපති මෛත්‍රී ලබාදුන් අවසාන නිවේදනය මෙන්න….

    පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පිළිබඳව පොලිස් කොමිසමට සිවිල් සංවිධාන හා වෙනත් විවිධ පාර්ශව ගණනාවක් පැමිණිලි කොට ඇති බව වාර්තා වනවා. මෙයට හේතුව දිගින් දිගටම පොලිස්පති වරයා විසින් සිදුකරන තම තනතුරට අයත් රාජකාරි පැහැර හැරීම් සහ ස්වාධීන ලෙස නීතිය ක්‍රියාත්මක නොකිරීම් බවයි පැවසෙන්නේ.

    රටේ දිගින් දිගටම හිස ඔසවන අපරාධ හා පාතාල කල්ලි මර්ධනය කරන බවට කොතෙකුත් ප්‍රකාශයන් සිදුකලත් එය ප්‍රායෝගිකව සිදු කිරීමට අවශ්‍ය කිසිවක් නොකිරීම නිසා පාතාලය විසින් පිළියන්දල ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකු මරා දැමීම දක්වා පාතාලය හිස ඔසවා තිබේ. එමෙන්ම කළුතරදී බන්ධානාගාර බස් රථයකට ප්‍රහාර එල්ල කිරීම, දිගින් දිගටම ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් උත්සන්න වෙමින් පවතින තත්වයක් ඇති වීම, උද්ගෝෂණ හා පාගමන් නිසි අයුරින් කළමනාකරණය නොකොට ඔවුන්ට අමානුෂික ලෙස පහරදීම්, මෙන්ම රටේ වංචාව දුෂණය වැනි දේ වලදී නිසි ලෙස පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකර සිටින තත්වයකට පත් වීමත් පසුගිය රජය කාලයේ වංචා දුෂණ පිළිබඳව සෙවීමට පත් කල FCID ආයතනයටද මැදිහත් වීම් සිදුකිරීම නිසා ජනතාව පොලිසිය පිළිබඳව කලකිරීම හා ඔවුන් නිතිය සියතට ගන්නා තත්වයකට පත්වෙමින් පැවතීම ආදියට පොලිස්පතිතුමන් වගකිව යුතු බැවින් ඔහුට විරුද්ධව මෙසේ පැමිණිලි රැසක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

    මේ අතර පසුගිය මාසේ 20 වෙනිදා  ශ්‍රී ලංකාව පුරා සෑම කොට්ඨාශයකම නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා ජේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කොළඹට කැඳවා උදේ 8.30 සිට රාත්‍රී 9.40 දක්වා පුරා පැය 13 කුත් විනාඩි 10 ක් පුරා පොලිස්පතිවරයා විසින් පවත්වන ලද සම්මන්ත්‍රණය ගැන පොලිස් කොමිසමට හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අදාළ නිලදාරින් ලිකිතව පැමිණිලි කර ඇති වාර්තා වෙයි

    රටේ තත්වය එසේ තිබියදී පොලිස්පතිතුමන් තැනින් තැන පවතින දේශපාලනමය උත්සව වලට සහභාගී වෙමින් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ඔහුට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට වෙහෙසෙන බවටද ජනතාව චෝදනා කරයි. විටෙක මහනුවර ප්‍රදේශයේ පැවති විදේශ අග්‍රාමාත්‍යවරයකු පැමිණි උත්සවයකදී ජනාධිපති තුමන් හා එම අගමැති තුමන්ටත් වඩා වැඩි වාහන පෙළපාලියකින් එතනට පැමිණීමටද උත්සාහ කල බවටද වාර්තා වුණා.

    පසුගියදා ආරක්ෂක මණ්ඩලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටද මෙම සිදුවීම් පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් වි ඇති අතර රටේ ඉහල යන ඝාතන රැල්ල හා පාතාල ක්‍රියාකාරකම් ඇතුළු වෙනත් අපරාධ හා ජාතින් අතර ඇතිවන විවිධ ගැටුම් ආදිය මැඩලීමට පොලිසිය අපොහොසත් වේ නම් හමුදාව හෝ ඒ වෙනුවෙන් යොදාගෙන ජනතාවට නිදහසේ ජීවත්වීමේ අයිතිය ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමන් උපදෙස් ලබා දී ඇති බව වාර්තා වනවා.

    කෙසේ වෙතත් පොලිපතිවරයා තම රාජකාරිය ඉටු නොකර දේශපාලනය කිරීම සඳහා අවශ්‍ය තම ප්‍රතිරූපය ගොඩනගා ගැනීමේ මාර්කටිං ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බවයි බොහෝ දෙනා පවසන්නේ. අපට කීමට ඇත්තේ පොලිස්පති තුමනි ඔබ රාජකාරිය හරියට නොකරන්නේ නම් ඉන් ඉවත්ව සුදුස්සකුට ඒ තැන ලබා දී ඔබට අවශ්‍ය දේශපාලනය පමණක් කරන ලෙසයි නැතිනම් ඔබ පොලිස්පති තනතුර හෑල්ලුවට ලක් කර එයට නිගා දෙන බැවිනි.

    අප මෙසේ පවසන්නේ ඔබව පත් කිරීමටද සමාජ ජාල තුල හඬ නැගු නිසා එසේ කීමට අපට අයිතියක් ඇතැයි හැඟෙන බැවිනි!

    [rns_reactions]

  • ප්‍රමාද නොකර නිසි අයුරින් නඩු ඇහුවොත් නාමල් රාජපක්ෂට වසර 20 ක සිර දඬුවම්….

    රුපියල් මිලියන තිහක මුදලක් අයුතු ලෙස උපයාගැනීම මඟින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතට ගැනෙන වැරැදි සිදු කළ බවට අධිචෝදනා 11 යටතේ නීතිපතිවරයා පවරා ඇති නඩුව ප්‍රකාරව එම චෝදනා ඔප්පු වුව හොත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට සහ සෙසු විත්තිකරුවන්ට සිව්දෙනාට වසර 20 ක සිර දඬුවමක් ප්‍රකාශයට පත් විය හැකි බව එම පනතෙහි දක්වා ඇති විධි විධාන අනුව දැක්වේ. පසුගිය අප්‍රේල් මස දී මෙම චෝදනා ගොනු කිරීම සිදුවිය.

    ඒ අනුව ප්‍රථම වරට මහාධිකරණය හමුවේ පෙනී සිටි නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් පසුගිය 06 දා අධිචෝදනා පත්‍ර භාර දෙන ලදී.

    විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුවෙන් අධිචෝදනා නඟා ඇති අතර අධිකරණය නිකුත් කළ සිතාසි මත එදින අධිකරණය හමුවේ පෙනී සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සුජානි බෝගොල්ලාගම හා නිත්‍යා සේනානි සමරනායක යන විත්තිකරුවන් පමණි.

    නඩුවේ දෙවැනි විත්තිකරු වූ ඉන්දික ප්‍රභාත් කරුණාජීව හා හතර වන විත්තිකරු ඉන්දික ප්‍රභාත් කරුණාජීව යන අයගේ බිරිය වන ඔරනෙලා ඉරේෂා සිල්වා විදේශගතව ඇති බැවින් ඔවුනට සිතාසි බාරදීමට නොහැකි බවට සිතාසි වාර්තා හා ඔවුන් විදේශගතව පැමිණ නැති බව තහවුරු කිරීමට ගුවන් ගමන් වාර්තා ද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

    මෙම දෙවන හා සිව්වන විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් මෙන්ඩිස් හා නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත යන මහත්වරු පවසා සිටියේ විදේශගතව සිටින මෙම විත්තිකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටීමට තමනට බලය පවරා ලිපි ‍ලබා දී ඇති බවයි.
    අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු එම ලිපි විනිසුරුවරයා විසින් බාර ගන්නා ලදී.

    මේ වන විට විදේශ ගතව සැඟව සිටින ඉන්දික ප්‍රභාත් කරුණාජීව සහ ඔරනෙලා ඉරේෂා සිල්වා යන දෙදෙනා තවත් නඩුවකට අදාලව අත්අඩංගුවට ගැනීමට පසුගිය පෙබරවාරී 09 වන දින කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා ජාත්‍යන්තර පොලිසිය හරහා එලෙස විවෘත වරෙන්තුවක් නිකුත් ද නිකුත් කර තිබිණි.

    විත්තිකරුවන් හට ඇප නියම කිරීම සඳහා නඩුව ස්ථිර විනිසුරුවරයා ඉදිරියේ කැඳවීමට මෙම 28 වැනිදාට දින ලබා දුන් විනිසුරුවරයා එදින තෙක් විත්තිකරුවන් මහේස්ත්‍රාත් අධිකරණය ඔවුනට නියම කළ පෙර ඇප වූ රුපියල් ලක්ෂයක මුදල් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපකරුවන් සිව් දෙනෙකුත් ඇප මතම මුදා හැරීමට ද නියෝග කළේය.

    අධිකරණය හමුවේ පෙනී නොසිටි ඉන්දික ප්‍රභාත් කරුණාජීව, ඔරනෙලා ඉරේෂා සිල්වා හා නඩුවේ හයවන විත්තිකරු වූ සී/ ස ගවර්ස් කෝපරේට් සර්විස් (පුද්ගලික) සමාගම සම්බන්ධව ඉදිරි පියවර ගැනීමද විනිසුරුවරයා විසින් මෙම මස 28 වැනිදාට කල් තබන ලදී.

    2013 ඔක්තෝබර් මස 01 දින හා 2014 අගෝස්තු මස 31 අතර කාලයේදී කොළඹදී පැමිණිල්ල නොදත් අන් අය සමඟ එක් වී රුපියල් මිලියන තිහක් අයුතු ලෙස උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතට ගැනෙන වැරැදි සිදු කිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 11ක් යටතේ විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් සී / ස ගවර්ස් කෝපරේට් සර්විසස් (පුද්ගලික) සමාගම වෙනත් සමාගමක් සමඟ සිදු කළ ගනුදෙනුවකදී මෙම රුපියල් මිලියන තිහක මුදල අයුතු ලෙස උපයාගෙන ඇති බව චෝදනාවන්හි සඳහන් වෙයි.

    [rns_reactions]

  • කඳු නාය ගිහින් වැළලෙන්න යද්දීත් අඩු නොවූ වල් මනමාලකම!

    බුලත්සිංහල – මහගම ප්‍රදේශයේ කන්දක් නාය යෑමෙන් නිවාස කිහිපයක් විනාශව 11 දෙනකු එකම තැන මිහිදන් විය. මේ කඳු නාය යෑමේ අනතුර අතර තරුණ බිරිය බේරා ගැනීම අතහැර සැමියා අසල්වැසි වෙනත් කාන්තාවක් බේරා ගැනීමට ගියා යැයි නිවාස දේපළ සියල්ල අහිමි තරුණ කතක් ඒ සියල්ලට වඩා සැමියා තමාට ආදරේ නැතැයි අවතැන් කඳවුරක පැවැති නඩුවක් භික්ෂුන් වහන්සේ නමක් ඇතුළු කිහිපදෙනකු දැඩි පරිශ්‍රමයක් දරා සමථයකට පත් කර ඇත.

    නිවෙස නාය යන අවස්ථාවේ අතට අසුවන දේ රැගෙන තම පුතාවද රැගෙන අසල නිවෙසට ගිය තරුණ සැමියා පසුව විපතට පත් අසල්වාසීන් බේරා ගැනීමට ඉදිරිපත්ව ඇත. පැය ගණනක් පස් කඳු අතර දඟලා වෙනත් අයකුගේ පිහිටෙන් දිවි බේරාගෙන සැමියා සොයන විට ඔහු අසල්වාසී වෙනත් කාන්තාවක් විපතින් ගලවා ගන්නට වෙර දරන අයුරු බිරිය දැක ඇත.

    තම බිරිය පළමුවෙන්ම දිවි බේරාගෙන ආරක්ෂිතව යාබද නිවෙසේ ඇතැයි සිතූ නිසා ඇය ගැන සොයා නොබැලූ බවත්, පසුව තමා අවට විපතට පත් අය ගලවා ගන්නට උත්සාහ කළ බවත් තරුණ සැමියා තම බිරියට කොතෙක් පහදා දුන්නද ඇය එය නොපිළිගෙන දිගින් දිගටම ආරවුල් ඇති කරගෙන තමා ආපසු සිය මවගේ ගම් පළාත වූ නුවරට යෑමට තීරණය කර ඇත.

    අවතැන් කඳවුරක සිටි පිරිස හා අසල්වාසීන්, භික්ෂුන් වහන්සේ නමක් ඇතුළු කීපදෙනකු දින කිහිපයක් මේ කාන්තාවට කරුණු පැහැදිලි කර දීමෙන් පසු යළි සැමියා සමඟ දීග කෑමට එකඟ වුවත් නිතර – නිතර හිත් අමනාපයෙන් සිටින බව බුලත්සිංහල මහගම ප්‍රදේශයෙන් වාර්තා වේ.

    [rns_reactions]

  • “අයි.පී.එල්. වල දී මම හොදට පුහුණු උණා ” – ඉන්දියානු පන්දුයවන්නන් මෙල්ල කළ අසේල කියන කතාව

    ඔහු ක්‍රීඩා පිටියට පිවිසෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 42ක් තුල දී ලකුණු 51ක් අවශ්‍ය වුන වටපිටාවක් තුලයි. ඒ වන විට අනෙක් අන්තයේ රැඳී සිටි නායක ඇන්ජෙලෝ මැතිව්ස් ඉන්දියානුවන්ගෙන් ජයග්‍රහණය පැහැර ගැනීම සඳහා දැවැන්ත සටනක නියැලී සිටියේය.

    ජාත්‍යන්තර තරගයක දී මුල් වරට ප්‍රතිවාදීන් මැඩලීම වෙනුවෙන් එකට එක්වුණු මේ දෙදෙනා පහසුවෙන්ම අදාළ ඉලක්කය පසුකර යමින් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ප්‍රීතියෙන් පිනවීය.

    “අවාසනාවන්ත ලෙස කුසල් පෙරේරාට පිටිය හැර යන්නට සිදුවුනත් අපිට තවත් කඩුලු ඉතිරිව තිබුණා. ඇන්ජෙලෝ මට කලබල නොවී තරගය නිමාවන තුරුම පිටියේ රැඳී සිටින ලෙසත්, මාගේ සාමාන්‍යය පිතිකරණ ශෛලියෙන් ක්‍රීඩා කරන ලෙසත් ඉල්ලීමක් කලා. පිතිකරුවෙකු ලෙස ඊයේ දිනයේ සාර්ථක වෙන්න ඇන්ජෙලෝගෙනුත් මට හිමිවුනේ ලොකු සහයෝගයක්.” අසේල තරගයෙන් අනතුරුව පවසා සිටියේය.

    තරගයක දී ඇති වන ඕනෑම පීඩනය සහිත තත්ත්වයක් යටතේ සන්සුන්ව සිටීමට හපන්කම් දක්වන මැතිව්ස් තවමත් ජාත්‍යන්තර අත්දැකීම් හිඟ අසේල ගුණරත්නට වැඩි සහයෝගයක්  ලබා දෙනු තරගයේ අවසන් කොටසේ දී දැක ගන්නට ලැබුණු අතර අසේල ලොව හොඳම තීරණාත්මක ඕවරවල දී පන්දු යවන්නෙකු (Death bowler) වශයෙන් සැලකෙන ජස්ප්‍රිට් බුම්රාහ් ඔහු වෙත යැවූ පළමු පන්දුවටම මනරම් හයේ පහරක් එල්ල කිරීමට ද සමත්කම් දැක්වීය.

    බුම්රාහ්ගේ සුරතින් ගිලිහී පැයට කිලෝමීටර් 138ක වේගයෙන් පැමිණි පන්දුව තණතිල්ල මත දණහිස තබා කිසිදු චකිතයකින් තොරව පිළිගත් මෙම යුධ හමුදා ක්‍රීඩකයා එය ඩීප් ස්ක්වෙයාර්-ලෙග් කලාපයට ඉහළින් යොමු කළේ තරගයේ එල්ල වුන සුපිරිතම පහර සටහන් කරමිනි. ලොව ඇති ඕනෑම ක්‍රීඩාංගණයක හයේ පහරක් වීමට සුදුසුකම් ඇති එම පහර මීටර් 94ක දිගකින් යුක්ත විය. එතකින් නොනැවතුනු අසේල පන්දු 21ක් තුල දී නොදැවී ලකුණු 34ක් රැස්කර ගනිමින් 161.90ක දැවැන්ත ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින් ශ්‍රී ලංකා පිළේ ඓතිහාසික හඹායෑමක කොටස් කරුවෙකු බවට පත්විය.

    “අයි.පී.එල්. වල දී මට කිසිම තරගයක් ක්‍රීඩා කිරීමට නොහැකි වුනත් මං පුහුණුවීම් අතරතුරේ දි බුම්රාහ් සහ පාණ්ඩ්‍යා යන දෙදෙනාටම මුහුණ දුන්නා. ඒ හින්දා ඔවුන් මොන විදිහෙ පන්දු එවාවි ද කියලා හොඳ අවබෝධයකින් හිටියේ. ඒක මට එම පහර එල්ල කිරීමටත්, ඉනිම ගොඩනැගීමටත් වැදගත් වුනා. මාලිංගත් මට බුම්රාහ් පන්දු යැවීමේ දී කරන වෙනස්කම් ගැන කියා දුන්නා. ඒ නිසා මට විශාල පහරවල් වලට යෑමේ දී චකිතයක් ඇති වුනේ නැහැ.” අසේල කියා සිටියි.

    මීට මාස දෙකකට පමණ පෙරාතුව අසේල ප්‍රබල ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව ඔවුන්ගේ ජන්ම භූමියේ දී ම ලකුණු 84ක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අතර ඒ නිසාම ශ්‍රී ලංකා කණ්ඩායමට විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණයක් ද හිමි විය. ඉන් දිනක් ගෙවී යද්දී අයි.පී.එල්. තරගාවලියේ පොහොසත්ම කණ්ඩායමක් වන මුම්බායි ඉන්දියන්ස් පිළ ඔහුව මිල දී ගත්තේය. එහිදී ඔහුට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නොහැකි වුවත් ශූරතාවය දිනා ගත් කණ්ඩායමේ කොටස්කරුවකු බවට පත්වීමට ඔහුට අවස්ථාව උදාවිය.

    මැතිව්ස් සහ අසේල යන දෙදෙනාම දැන් ශ්‍රී ලංකා මැදපෙළ ශක්තිමත් කරන නිසා දැන් ශ්‍රී ලංකා සිංහ පෝතකයින්ට ඕනෑම අවස්ථාවක දී ම තරගයක් ජයග්‍රහණයකින් කෙළවර කිරීමට හැකි ආකාරයේ තරග නිමා කරන්නන් දෙදෙනෙකුම හිමි වී තිබේ. “මං තරමක් සෙමින් ඉනිම ආරම්භ කරලා මට හොඳ යැයි හැඟෙන අවස්ථාවේ දි ප්‍රහාරය දියත් කළා. ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවාරයකට ලකුණු 7.5ක් පමණ අවශ්‍ය වූ නිසා මට ලොකු පහරවල්වලට යාම හැර වෙන විකල්පයක් තිබුණේ නැහැ. ඔව්, මට අවසානය දක්වා පිටියේ රැඳී සිටිමින් තරගයක් කෙළවර කිරීමට හැකියාවක් තිබෙනවා.” අසේල ගුණරත්න වැඩිදුරටත් පවසා සිටියේය.

    මේ වන විට 31 වැනි වියේ පසුවන අසේල ගුණරත්න තම ක්‍රීඩා දිවිය ශ්‍රී රාහුල විද්‍යාලයේ දී අරඹන්නේ ලංකාවට ටෙස්ට් තත්ත්වය හිමිවීමටත් පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළ ඕබ්‍රි කුරුප්පුගේ අධීක්ෂණය යටතේයි. අසේල 2008 වසරේ දී තම පළමු පෙළ ක්‍රිකට් දිවිය ආරම්භ කළ අතර 2016 දී ජාත්‍යන්තර වරම් හිමිවීමට පෙරාතුව සීක්කුගේ ප්‍රසන්න, අජන්ත මෙන්ඩිස් වැනි ක්‍රීඩකයින් සමඟ ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එකට ක්‍රීඩා කළේය.

    “අසේල හොඳ ක්‍රීඩකයෙක්, ඒ වගේම වැදගත්ම දේ තමයි ඔහු තමන්ගේ හැකියාවන් පිළිබඳව තබන විශ්වාසය. පාසල් කාලයේ දී ඔහු අංක 4 පිතිකරු ලෙසින් වගේම මද වේග පන්දු යවන්නෙකු ලෙසත් දක්ෂතා දැක්වූවා. මේ වන විට ඔහුට කටර් පන්දු යැවීමටත් හැකියි. අද වන විට මට දකින්න ලැබෙන්නේ ඔහු මේ දක්වා ආ ගමන් මගේ කළ කැපකිරීම් සහ වෙහෙසවීම් වල අනර්ඝ ප්‍රතිඵලයයි.” තම අතීත ශිෂ්‍යයා පිළිබඳ මතකය ආවර්ජනය කරමින් ඕබ්‍රි කුරුප්පු මහතා පවසා සිටියි.

    [rns_reactions]

  • සටන්කාමි බංගලියෝ ප්‍රබල කිවියන් හඬවයි! (VIDEO)

    ශුරයින්ගේ කුසලාන තරඟාවලියේ තවත් පෙරළිකාර ජයක් ලැබීමට බංගලාදේශ පිල ඊයේ සමත් වුණා.

    ඒ නවසීලන්ත පිලට එරෙහිවයි.

    තරඟයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම  නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 265ක් ලබාගත්තා.

    ජයග්‍රාහී ලකුණු 266ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංගලාදේශ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාගනැමීට නවසීලන්ත පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැහැ.

    බංගලාදේශයේ මුල් කඩුලු 4 බිඳ වැටෙන විට ඔවුන්ගේ ලකුණු පුවරුව ඉදිරියේ සටහන් වූයේ ලකුණු 33ක් ලෙසයි.

    කෙසේ වෙතත් කිසිවෙකු විශ්වාස නොකළ පරිද්දෙන්  ෂකීබ් අල් හසන් හා මහමදුල්ලා ලකුණු 224ක් සමබන්ධතාවක් පැවැත්වීමට සමත්වුණා.

    එහිදී විශිෂ්ඨ ලෙස ක්‍රීඩා කළ ෂකීබ් ලකුණු 114ක්ද,මහමදුල්ලා ලකුණු 102ක් ලබාගැනීමට සමත් වුණා.

    මෙම සම්බන්ධතාව බංගලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලකට පැවති හොඳම පිතිකරණ සම්බන්ධතාව ලෙස වාර්තා පොත් අතරට එක්වුණා.

    ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට ශූරයින්ගේ කුසලානයෙන් ඉවත් වීමට සිදුවූ අතර ඕස්ටේලියාව හා එංගලන්තය අතර පැවැත්වෙන තරඟයේ තීරණය මත බංගලාදේශයේ ඉරණම තීරණය වනු ඇත.

    තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න

    [rns_reactions]

  • අලුතින් පත්වූ ඇමතිවරුන්ට ලැබෙන ආයතන මෙන්න….

    කැබිනට් සංශෝධනයත් සමග නව අමාත්‍යංශයන් වෙත හිමිවන ආයතන සහ විෂය පථයන් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ඊයේ (09) නිවේදනය කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2017 ජුනි 07දා මෙම නිවේදනය නිකුත්කොට තිබෙනවා

    [rns_reactions]

  • ආබාධයට ලක්වූ කුසල්ගේ තැනට එන ආදේශකය මෙන්න…

    ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරඟ දෙකෙහිම පන්දු යවන්නන්ට දවා ගැනීමට නොහැකි වූ ආරම්භක පිතිකරණ ස්ථානයෙන් මැදපෙලට මාරු වීමක් ලැබූ කුසල් ජනිත් පෙරේරාට චැම්පියන්ස් කුසලානයේ ඉදිරි තරඟ අහිමි වී යා හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

    ඉන්දියාව සමඟ ජයග්‍රාහී තරඟයේ හොඳින් ලකුණු අතරට පැමිණීමෙන් පසුව පාදයේ අභාදයට ලක්වීම නිසා පිටියෙන් ඉවත්වූ කුසල්ගේ අභාද තත්වය මත ඉදිරි තරඟ ක්‍රීඩා කිරීමේ අවසථාව අහිමි වන බවට ආරංචි මාර්ග පවසන අතර කුසල්ගේ ස්ථානය සඳහා මැදපෙළ පිතිකරු ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමේ සුදානමක් ඇති බවද එංගලන්තයෙන් ආරංචි වේ.

    කපුගෙදර ආබාදයට ලක්වීම සමඟ ඔහුගේ තැනට ධනුෂ්ක ගුණතිලක ආදේශ කල අතර තවත් සුදානම් ලැයිස්තුවේ සිටින ක්‍රීඩකයන් වන්නේ ධනංජය ද සිල්වා සහ දිල්රුවන් පෙරේරාය.

    [rns_reactions]