Author: Editor[A]

  • මම රගපෑම නතර කළත්, එයා දිගටම මාව අල්ලගෙන සිප ගත්තා. ළගදි බැදපු උපේක්ෂා(පබා) සියල්ල හෙලිකරයි..

    මම රගපෑම නතර කළත්, එයා දිගටම මාව අල්ලගෙන සිප ගත්තා. ළගදි බැදපු උපේක්ෂා(පබා) සියල්ල හෙලිකරයි..

    මේක කවුරුත් නොදන්නා රහසක්, හැබැයි මේ රහස කවදා හරි හෙළි කරන්න ඕනෑ කියලා මගේ හිත කිව්වා. “රිද්ම” කාටවත් නොකී රහසක් තුළින් මේ ගැන හෙළි කරන්න ලැබුණු එකත් මට ලැබුණු වාසනාවක් කියලා හිතෙනවා.

    මෙන්න මේකයි රහස මටම ආවේණික වචන කීපයක් තුළින් මම මගේ හැගීම් ප්‍රකාශ කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ ගැන මම තවත් ටිකක් පැහැදිලි කරන්නම්. “බුදු අම්මෝ” “මගේ දෙයියෝ” “බුදු සන්තෝ” වගේ වචන අපි කොයි කවුරුත් පාවිච්චි කරනවනේ.

    අවස්ථා යෙදෙන හැටියට තමයි එක් එක් අය ඒ වචන පාවිච්චි කරන්නේ. මමත් මේ වචන පාවිච්චි කරනවා. හැබැයි ඒක අනිත් අයට වඩා ගොඩාක් වෙනස් ඒ කියන්නේ මගේ කේන්තිය පිට කරන උපරිම අවස්ථාවකදී තමයි මම මේ වචන පාවිච්චි කරන්නේ.

    ඕනැම කෙනෙකුට තමන් එක්ක ප්‍රශ්නයක් ඇති වුණාම මුලින්ම ඒ ගැන සුහදව සාකච්ජා කරනවානේ. ඒ විදියට ප්‍රශ්නය විසදා ගන්න බැරි නම් නේ සැරෙන් අදහස් හුවමාරුකරගන්නෙ. ඔය විදියට තදින් තරහ ගිය අවස්ථාවකදී උස් හඩින් අසභ්‍ය වචනත් යොදාගෙන “එකිනෙකා බැණ ගන්නා එකනේ කරන්නේ.” අන්න ඒ අවස්ථාවේදී තමයි මම අර මුලින් සදහන් කළ වචන පාවිච්චි කරන්නේ. කොටින්ම කියනවා නම් අසභය වචන නියෝජනය කරන්න මම යොදාගන්නේ “බුදු අම්මෝ” “බුදු දෙයියෝ” වගේ වචන, ඒ වචන වලින් කෙනෙක් මෙල්ල කරන්නේ කොහොමද කියලා පාඨක පිරිසට හිතෙන්න පුළුවන්. මම ඒ වචන ප්‍රකාශ කරන්නේත් කෝපය පිරුණු උස් හඩින්. ඒ හින්දමද දන්නේ නැහැ මගේ වචනවලට අනිත් පාර්ශ්වයත් නිශ්ශබ්ද වෙනවා.

    ඒ වගේ සිදුවීම් වලට මුහුණු පෑ අවස්ථා ඕනෑ තරම් මගේ ජීවිතයේ තියෙනවා. පෞද්ගලික ජීවිතයේදී වගේම, කලා ජීවිතයේදීත් ඔය වගේ අවස්ථාවලට මුහුණදීලා තියෙනවා. කලා ජීවිතයේදී දවසක හරි අපූරු සිදුවීමක් වුණා. එය සිදුවුණේ ටෙලි නාට්‍යයකද චිත්‍රපටයකද කියලා නම් කියන්න බැහැ. හැබැයි මේක සිදුවුණේ එක්තරා ප්‍රේම ජවනිකාවක් රූගත කරද්දී. සාමාන්‍යයෙන් ඒ වගේ අවස්ථාවල වැළද ගන්න සිප ගන්න පවා සිදුවෙනවා. ඒක සාමාන්‍ය දෙයක්නේ. ඒත් ඉතින් අධ්‍යක්ෂවරයා කට් කිව්වට පස්සේ ඉන් එහාට අපි කවුරුත් යන්නේ නැහැ. දැන් ඔන්න මේ නිර්මාණයෙත් අදාළ ප්‍රේම ජවනිකාව රූගත කෙරුණා. අදාළ නළුවා හා මම ඉතා සාර්ථකව ජවනිකාවට පෙනී සිටියා. අධ්‍යක්ෂකවරයා “කට්” කිව්ව හැටියේ මම රඟපෑම නතර කළා. ඒත් අදාළ නළුවාට ඒක අමතකයි. ඔහු දිගටම මාව අල්ලගෙන සිප ගන්නවා. ඒ වේලාවේ මට ටිකක් කේන්ති ගියා. “බුදු අම්මෝ මට නම් තවත් ලව් කරන්න බැරියෝ” කියලා මම මහා හයියෙන් කෑ ගැහුවා. එතකොට ඒ නළුවා වහාම මගේ මිදුනා. ඒ නළුවට වගේම එතැන හිටපු හැමෝටමත් ඒ වෙලාවේ මගේ වෙනස තේරුණා.

    ඔය වගේ අවස්ථා ගොඩක් තියෙනවා. ඒත් ඉතින් මගේ මේ වචන මාලාව කෝපය පිට කරන වදන් පෙළක් කියලා දන්නේ නැහැනේ අනිත් අය. ඒ නිසා ඒ වචනවලින් නොනවතින අයත් ඉන්නවා. ඒ වෙලාවට ඉන් එහා වචන පවිච්චි කරන්න පවා සිදුවනවා. ඒවා අසභ්‍ය වචන වෙන්නත් බැරි නැහැ.

    ඒ වගේ සිදුවීම් අතර ප්‍රබල එකක් තමයි මේ. එදත් මම එක්තරා නිර්මණයක රූගත කිරීම් වලට ගියා. එහි අධ්‍යක්ෂකවරයා මම ගරු කළ කෙනෙක්. ඒත් ඔහු අනවශ්‍ය විදියට මගේ සිරුර මතු කරන්න හදන බව මට වැටහුණා. සාරියක් ඇන්දත් බඩ පේන්න අදින්නමයි කියන්නේ. මට තේරුණා කතාවේ චරිතය අනුව එහෙම කරන්න අවශ්‍ය නැහැ කියලා. මේක හිතා මතා කරන දෙයක් බවත් මට තේරුණා. මේ කියන අධ්‍යක්ෂකවරයාට ඔය ගැන කීප වතාවක් හොදින් පැහැදිලි කරලා බැරි තැන මගේ සුපුරුදු වචන මාලාවට ආවා. “බුදු අම්මෝ බුදු දෙයියෝ මේ සීන් එකට මම මෙහෙම ඉන්න අවශ්‍ය නෑ…… මට ඒක බෑ” කියලා උස් හඩින් කියන්න පටන් ගත්තා. ඒත් ඔහු නවතින් පාටක් නෑ. එදත් මගේ සිරුර අනිසි විදියට මතු කරවන්න ඔහුට වුවමනා වුණා. පුරුදු වචන යොදලා මම ඊට විරුද්ධ වුණා.

    “ඩෙනිම් ඇදලා ඔක්කොම එළියේ දාගෙන එන්න පුළුවන්. කැමරාව ඉස්සරහ කකුලක් පෙනෙන කොට තමයි මෙච්චර අමාරු….”

    දර්ශන තලයේ හිටපු තිහප් හතළිහක් පමණ පිරිස ඉදිරියේ ඔහු කිව්වේ හැමෝටම ඇහෙන්නයි. ඒ වෙද්දී මගේ ඉවසීමේ සීමාවත් පැනලයි තිබුණේ. මමත් මහ හඩින් හොදම වචන කියලා ඔහුට උත්තර දුන්නා. හොද වෙලාවට ඔහු ඉංග්‍රීසි දන්නවා. ඒ හින්දා ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද ඒ වෙලාවේ මම මහ හයියෙන් කෑ ගහලා සුද්ද සිංහල ටිකක් කිව්වේ ඉංග්‍රීසි භාෂාවෙන්.

       

     

  • SLFPයට උප සභාපතිවරු 11ක් : ප්‍රතිසංවිධානය අරඹමින් ඊයේ සිදුවු තනතුරු වෙනස මෙන්න…

    SLFPයට උප සභාපතිවරු 11ක් : ප්‍රතිසංවිධානය අරඹමින් ඊයේ සිදුවු තනතුරු වෙනස මෙන්න…

    (03) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තනතුරු කිහිපයක වෙනස් කම් සිදුව තිබේ. 

    මෙම තනතුරු පත් කර ඇත්තේ තාවකාලික පත්වීම් ලෙසය.

    ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික මහලේකම්වරයා වශයෙන් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කර තිබේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික ජාතික සංවිධායකවරයා වශයෙන් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පත් කර තිබෙන අතර ශ්‍රීලනිප තාවකාලික භාණ්ඩාගාරික වශයෙන් එස්. බී. දිසානායක මහතා පත් කර ඇත. 

    එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශක මණ්ඩලයට හිටපු ජනපතිවරුන් හා හිටපු අගමැතිවරුන් පත්කර ගැනීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

    ඒ අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත්, හිටපු අග්‍රාමාත්‍ය දී.මූ. ජයරත්න මහතාත් නිදහස් පක්ෂයේ උපදේශක මණ්ඩලයට පත්කරගෙන ඇත.

    පක්ෂයේ සභාපති ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවදුරටත් කටයුතු කරනු ඇත.

    මේ අතර පක්ෂයේ උප සභාපතිවරු ලෙස ඒ. එච්.එම්. ෆවුසි, සරත් අමුණුගම, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, රෙජිනෝල්ඩ් කුරේ, පියසේන ගමගේ, විජිත් විජයමුණිද ද සොයිසා, මහින්ද සමරසිංහ, ඩිලාන් පෙරේරා, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල්ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් යන අයත් නව උපලේකම්වරු ලෙස රංජිත් සියඹලාපිටිය, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, නියෝජ්‍ය අමාත්‍ය ලසිත් අලගියවන්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුමේධා ජී ජයසේන යන අයත් පත් කර තිබේ.

    තාවකාලික නව නිලධාරී මණ්ඩලයක් පත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී රැස් වුණි.

    පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කරමින් තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනිමට පසුගිය 17 වනදා රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබිණි.

  • එක්සත් ජාතීන්ගේ හිටපු නිත්‍ය නියෝජිත දයාන් ජයතිලක රුසියාවේ තානාපතිධුරයට…

    එක්සත් ජාතීන්ගේ හිටපු නිත්‍ය නියෝජිත දයාන් ජයතිලක රුසියාවේ තානාපතිධුරයට…

    රාජපක්ෂ පාලන සමයේ රාජ්‍යතන්ත්‍රීක සේවයේ කටයුතු කල ආචාර්ය දයාන් ජයතිලක මහතා රුසියාවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි විදේශ අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

    ව්‍යවස්ථානුකුලව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව සිදුකෙරෙන මෙම පත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා දැනුවත් කර ඇතත් අගමැතිවරයා ගෙන් ඊට විරෝධයක් මතුවී නොමැති බවද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

    රුසියාවේ හිටපු තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා සිය සේවා කාලය නිමකර මෙරටට පැමිණීමෙන් පසු මාස කිහිපයක් ම එකී තනතුර පුරප්පාඩු වී තිබිණ.

    ආචාර්ය දයාන් ජයතිලක මහතා එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස ද කලක් කටයුතු කළ අයෙකි.

  • උපන් දිනය දා රජ වෙන්න හැදු චන්දිමාල්ගේ උපන්දින සාදයේ ඔබ නොදුටු දසුන් මෙන්න…(Exclusive)

    උපන් දිනය දා රජ වෙන්න හැදු චන්දිමාල්ගේ උපන්දින සාදයේ ඔබ නොදුටු දසුන් මෙන්න…(Exclusive)

    රජ වෙන්න හැදු චන්දිමාල්ගේ උපන්දින සාදයේ ඔබ නොදුටු දසුන් මෙන්න…

  • පොට්ටු අම්මාන්ගේ කේබල් නාලිකාව නිසා ජාතික ආරක්ෂාව අනතුරේ.. දුෂිත TRC නිලධාරින් මුදලට විකිණිලා…

    පොට්ටු අම්මාන්ගේ කේබල් නාලිකාව නිසා ජාතික ආරක්ෂාව අනතුරේ.. දුෂිත TRC නිලධාරින් මුදලට විකිණිලා…

    උතුරේ සිට ක්‍රියාත්මක වන නීතිවිරෝධී කේබල් රූපවාහිනි සේවාවන් කිහිපයක් රටේ ජාතික ආරක්ෂාවට දැඩි ලෙස තර්ජනයක් එල්ල කරමින් තිබේන බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

    හිටපු එල්ටීටීඊ නායකයෙකු වූ පොට්ටු අම්මාන්ගේ ඥාති සහෝදරයෙක් වන යාපනයේ තරු හෝටලයක හිමිකාරිත්වය දරණ මෙම කූට ව්‍යාපාරිකයා ඉතාම වංචනීක ව්‍යාපාර රැසක් මෙහෙයවනු ලබන පුද්ගලයෙකු බවද අනාවරණය වි තිබේන නමුත් ඔහු උතුරේ පොලිස් ප්‍රධානින්ට සහ විදුලි සන්දේශන නියාමන කොමිෂන් සභාව හෙවත් TRC ලොක්කන් සදහා කප්පම් ලබාදිම හේතුවෙන් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බවද වාර්තා වේ.

    මෙම විකාශන ආයතනය විසින් විසුරුවා හරින කේබල් රූපවාහිනි නාලිකාව නරඹන පිරිස දෙලක්‍ෂ පනස්‌ දහසකට ආසන්න වන අතර අදාළ ආයතනය ඒ සඳහා රජයට විශාල බදු මුදලක්‌ ගෙවිය යුතුය.

    එහෙත් වංචනික ලෙස සංඛ්‍යා ලේඛන සකසමින් තම පාරිභෝගික පිරිස දහසකට නොවැඩි බව පවසමින් බරපතල බදු වංචාවක්‌ සිදු කරමින් යන අදාළ ආයතනය නීත්‍යනුකූල නොවන අයුරින් විදුලි සංදේශ උපකරණ ආනයනය කොට ක්‍රියාත්මක කිරීම නිසි අවසරයකින් තොරව විකාශන මධ්‍යස්‌ථාන (ශාඛා) පිහිටුවීම ආදී අකටයුතුකම් රාශියක්‌ද දිගින් දිගටම සිදු කරමින් ඇත.

    එසේම මෙම නිතිවිරෝධි ආකාරයෙ කේබල් රූපවාහිනි ව්‍යාපාරයක් යාපනය දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යන බවත් එය නමින් US කේබල් නම් වන බවත් අපට වාර්තා වුණා. ඔහු මේ වෙනුවෙන් අදාළ බලපත්‍ර TRC යෙන් හෝ ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ලබා ගෙන නොමැති බවත් මේ වනවිට අනාවරනය වි අවසන්.

    දුෂ්ෂ්‍යන්දන් මෙම නීතිවිරෝධි කේබල් ව්‍යාපාරය පසුගිය රජය සමයේ සිට පවත්වා ගෙන යන අතර ගිය ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු ද ඒ සහය ලබාදි තිබේ.

    TRCය පසුගියදා හදිසී මෙහෙයුමක් උතුරේ කේබල් ටිවි සම්බන්ධයෙන් සිදුකර ඇති අතර එම හදිසි මෙහෙයුමෙන් පසුව ඔවුන් එහි අයිතිකරුට එරෙහිව යාපනය අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.

    අධිකරණය තුලදි හිමිකරුගේ නීතිඥවරුන්ගේ විරෝධතා හමුවේ TRC හි නිලධාරින් මුනිවත රැකීම පිළිබඳව විශාල සැකයක් එල්ල වන්නේ දැනටම මෙම නීති විරෝධි කේබල් ව්‍යාපාරය පවත්වාගෙන යාමට අවශ්‍ය උදව් ලබා දීම වෙනුවෙන් TRC නිලධාරින් විශාල කප්පම් මුදලක් මාස් පතා ලබා ගන්න නිසා බවයි තහවුරු වි ඇත්තේ.

    මෙරට කේබල් රූපවාහිනි විකාශන මධ්‍යස්‌ථානයක්‌ ඇරඹීමේදී අනුගමනය කළ යුතු නිති රීති පද්ධතියක්‌ පවතී. ඒ අනුව කේබල් රූපවාහිනි සේවාවක්‌ ආරම්භ කිරීම පිණිස එම ව්‍යාපාරය පළමුව සමාගම් මැඳුරේ ව්‍යාපාරයක්‌ ලෙස ලියාපදිංචි කළ යුතුව ඇත.

    ඉන් අනතුරුව 1982 අංක 06 දරන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථා පනතේ 31 වන වගන්තිය යටතේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යවරයා විසින් 2010/09/03 වන දින නිකුත් කරන ලද අංක 1669/15 දරන අති විශේෂ ගැසට්‌ පත්‍රයට අනුව බලපත්‍රයක්‌ ලබා ගත යුතුය.

    එම ක්‍රියා පටිපාටිය එතෙකින් නතර වන්නේ නැත. අදාළ බලපත්‍රය ලබා ගැනිමට පෙර ආපසු නොගෙවන පදනම මත රුපියල් 100,000/- ක මුදලක්‌ අයදුම්කරු විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ගෙවීම් කළ යුතු අතර ඉන් අනතුරුව අදාළ අවසර පත්‍රය ලබා දීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අත්සන ඊට ඇතුළත් කළ යුතුය.

    ඉන් අනතුරුව අදාළ බලපත්‍රය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර 1991 අංක 25 දරන එම කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය අනුව 2006 මාර්තු මස 10 වන දිනැති අංක 1435/20 දරන ගැසට්‌ නිවේදනයට අනුව බලපත්‍රය ලබාගත යුතු අතර අදාළ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඊට අත්සන් තැබිය යුතුය.

    මෙම බලපත්‍රය ලබා ගන්නා තැනැත්තා විසින් රුපියල් 5,000,000/- ක මුදලක්‌ද ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව වෙත ගෙවිය යුතුව ඇත.

    කේබල් මගින් රූපවාහිනි නාලිකා විකාශනය කරනු ලබන ආයතන ඉහත සඳහන් නියමයන් හා කොන්දේසි අනුගමනය කරමින් තම සේවාව පාරිභෝගිකයා වෙත සැපයිය යුතු අතර මෙරට තුළ දැනට ඇත්තේ මේ ආකාරයෙන් ක්‍රියාත්මක කේබල් රූපවාහිනි නාලිකා සංඛ්‍යාව අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු ප්‍රමාණයක්‌ය.

  • ශ්‍රීලනිප අභිනව මහ ලේකම් ලෙස පත්වූ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ගැන ඔබ නොදත් කතාව මෙන්න..

    ශ්‍රීලනිප අභිනව මහ ලේකම් ලෙස පත්වූ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ගැන ඔබ නොදත් කතාව මෙන්න..

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත්කර ඇති අතර නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව, විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව, පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව වෙනස්කම් සිදුකර ඇත්තේ පක්ෂයේ ඉදිරි ගමන වෙනුවෙනි.පක්ෂ මහ ලේකම්තුමා ලෙස පත්කර තිබෙන්නේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාවයි.

    එතුමා විසින් පවත්වන ලද කතාවෙහි එතුමාට කියවුණු වචනයක් පසුපස යමින් තම තමන්ගේ බුද්ධි මට්ටම් නිරූපණය කරන පිරිසට දැන ගැනීමට, වත්මන් ජනාධිපතිතුමා විසින් මහ ලේකම් තනතුරට පත්කෙරුණ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ මෙම තනතුරට පවතින උචිතභාවය සඳහන් කළයුතුය..


    ජනසන්නිවේදන ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධිය ලබා ගන්නා පියදාස මහතා කථිකාචාර්යවරයෙකු ලෙස කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයට එක් වූයේ 1980 වර්ෂයේදීය. 1983දී ජනසන්නිවේදනය ශාස්ත්‍රපති උපාධිය හිමි කර ගන්නා ඒ මහතා 80 දශකයේ අග භාගයේදී සෝවියට් සමාජවාදී ආණ්ඩුවේ ශිෂ්‍යත්වයක් ලැබ සිය දර්ශන විශාරද උපාධිය සඳහා සෝවියට් රුසියාවට පිටත්ව යයි.

    රුසියාවේ මොස්කව් විශ්වවිද්‍යාලයෙන් දර්ශන විශාරද උපාධිය ලබා ගන්නා පියදාස මහතා මෙරටට පැමිණ 1994 පටන් මේ දක්වා මෙරට ජනමාධ්‍ය ප්‍රතිපත්ති සම්පාදන කාර්යය වෙනුවෙන් සැළකිය යුතු මෙහෙයක් ඉටු කරමින් සිටියි.

    යුනෙස්කෝ ජාතික මණ්ඩලයේ, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සහ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය දරා ඇති මහාචාර්යවරයා මේ වන විට ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය දරයි.

    80 දශකයේ අග භාගයේදී වසරේ හොඳම සිනමාකරුවාට හිමි OCIC සම්මානය හිමි කර ගත් පියදාස මහතා විසින් අධ්‍යක්ෂණය කළ කෙටි චිත්‍රපට හා වාර්තා චිත්‍රපට ප්‍රමාණය සංඛ්‍යාවෙන් විශාලය. පුවත්පත් කලාවේදියෙකු, තීරුලිපි රචකයෙකු, රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු, ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කර ඇති මහාචාර්යවරයා ශාස්ත්‍රීය සංග්‍රහයන් ගණනාවකට ලිපි සපයා ඇති අතර පර්යේෂණාත්මක කෘති ගණනාවක් ද රචනා කර ඇත.

    කලක් විශ්වවිද්‍යාලයීය කලා මණ්ඩලයේ සභාපතිරවයා ලෙස ද කටයුතු කළ මහාචාර්යවරයා විශ්වවිද්‍යාල වෘත්තියෙන් විශ්‍රම යන තුරු විශ්වවිද්‍යාලයීය සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු ක‍රන ලදි.


    නිවටයින් ලෙස ඵල ඇති රුකකට ගල් ගසනා පිරිසට කිමට ඇත්තේ කලෙක සිට ලෝක ප්‍රජාව සමඟ උරණව ජාත්‍යන්තරයේ හොඳ හිත පළුඳු කොට ගෙන සිට නැවත එම තත්ත්වයෙන් යහපත් පසුබිමකට පැමිණෙමින් සිටින සංක්‍රාන්තික සමයක ශ්‍රී ලංකාවේ පාලන කටයුතු ගෙන යෑමට ජනාධිපතිතුමා මෙවැනි පක්ෂ මහලේකම්වරයෙක් පත් කිරීම ඉතා ඥාණාන්විත තීරණයක් ලෙස පැසසුමට ලක්කළ හැකි බවයි.

    ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මග අර්ථවත් කෙරුමට, රට තුළ පමණක් නොව ලෝකයේම මහා ප්‍රාඥයෙකු ලෙස ගෞරවයට පාත්‍රව සිටින බුද්ධිමත් පක්ෂ මහ ලේකම්වරයෙකු අවශ්‍ය අවධියක එතුමා ගත් තීරණය පක්ෂය වෙනුවෙන් පමණක් නොව සමස්ත රට වැසියන් වෙනුවෙන් ගත් පියවරක් බව කිව යුතුය.

  • ගෝටාගේ හොරකම් හෙළිකළ ඉක්බාල් අතාස්ට මරණ තර්ජන කළ හැටි හිටපු බුද්ධි අංශ නිලධාරීයෙක් කියයි..

    ගෝටාගේ හොරකම් හෙළිකළ ඉක්බාල් අතාස්ට මරණ තර්ජන කළ හැටි හිටපු බුද්ධි අංශ නිලධාරීයෙක් කියයි..

    බිය වු පසු මුත්‍ර පිටවනවා යැයි අසා තිබුනද සියැසින් දුටුවේ එදාය..!

    ගෝටාගේ මිග් හොරකම ප්‍රථමයෙන් හෙළිකළ ඉක්බාල් අතාස්ට මරණ තර්ජන කළ හැටි..! -තර්ජන කළ පුද්ගලයාම කියයි

    -හිටපු හමුදා බුද්ධි නිලධාරියෙකුගේ හෙළිදරව්ව-

    (ලංකා ඊ නිව්ස් ) 1965 ඡන්දයට වූ ණය ගෙවන්නට ඩී.ඒ. රාජපක්ෂ තම කාරය විකිණුවේය. වරෙක රාජපක්ෂ පරපුරේ පාරම්පරික නිවහන වූ මැදමුලන නිවස දේශපාලනය වෙනුවෙන් උකස් කළේය. මැදමූලනනිවස සින්න විණ. පිස්කල් තැන ඇවිත් රාජපක්ෂ පවුල නිවසින් එළියට ඇද දැමිණ. නිවසින් එළියට පැමිණි රාජපක්ෂ පවුලට නැවත උකස ගෙවා නිදහස් කර දුන්නේ ඩී.ඒ. ගේ හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසකි. ඩී.ඒ. රාජපක්ෂ 1967 නොවැම්බර් හත්වෙනිදා දිවිසැරිය නිම කෙළේය. ඔහු මියගියේ දූ දරුවන් නව දෙනෙක් මැදමුලන නිවසේ තනි කරමිනි. ඩී.ඒ රාජපක්ෂගේ හදිසි අභාවයත් සමග මහින්දලා ගේ පවුල දුෂ්කර ආර්ථික අඩියකට වැටිනි. මහින්ද තමන් අවසානයට සමත්ව සිටි අපොස සා පෙල විභාගයේ ප්‍රථිපල වලින් විද්‍යොදයේ පුස්තකාල සහකාර‍ රැකියාවට ගියේ රු 201 ක වැ‍ටුපකට ය. එයද දේශපාලන හිතවත්කම් මත හදා ගත් රැකියාවකි.

    සිරිමාවෝ මැතිනිය මහින්දගේ තාත්තාගේ තුන් මාසයේ දානය දින මැදමූලන නිවසට පැමිණියා ය. රාජපක්ෂලාගේ ඉදිරි දේශපාලනය පිලිබඳව එහිදී සාකච්ඡා කෙරුනි. 70 මහ මැතිවරණය සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරුනු අතර බෙලිඅත්තෙන් මහින්දට තරඟ කිරීමට මැතිණිය අවස්ථාව සැලසුවා ය. මහින්ද ඡන්දෙට වියදම් කිරීම සඳහා විද්යෝදය විශ්ව විද්‍යාලයෙන් ආපදා ණයක් ගත්තේය. අවුරුද්දක වැටුප ආපදා ණය වශයෙන් ගත් මහින්ද බෙලිඅත්තේ ඡන්දෙට බැස්සේය. මැතිවරණයෙන් ජයග්‍රහණය කළ මහින්ද පාර්මේන්තුවට පත්විය. මේවා ගැන සඳහන් වන්නේ මහින්දගේ ‘කුරහන් සාටකයේ කතාව‘ පොතේ ය

    ගෝටා කෑවා නොව ලෙව කෑවා ය
    ————————–———
    මහින්ද සිය වෘත්තීය ජීවිතය ආරම්භ කෙළේ පහත් අඩියකිනි. එනම් පුස්තකාල සහකාර රස්සාවෙනි. ගෝටාබය කැඩෙට් නිලධාරියකු ලෙස හමුදාවට බැඳුනේ සුදුසුකම් නිසා නොව මැදමූලන නඩය මැතිනියගේ නිලධාරීන් හමුවේ කළ කං කෙඳිරිය නිසාය. ගෝටාබයට ද තිබුනේ යාන්තම් පාස් ඕලෙවල් පමණි. කැඩෙට් පාඨමාලාව පුරාවට ඔහු පෙන්වූ දුර්වල කුසලතාවය සහ අඩු ලකුණු ඊට සාක්ෂි ය . විසිර යාමෙන් අනතුරුව ගෝටා අනුයුක්ත කළේ ‘රජරට රයිපල්’ බලකාය වෙතය.

    යුද්ධයට බියේ ඇමෙරිකාවට පලා ගිය ගෝටාබයට එහිදී හිමිවූයේ ඉතා දිලිඳු ජීවන තත්වයකි, කෑවා නොව ලෙව කෑවා පමනි. ඩොලරයක් දෙකක් වන වයින් බෝතලයක් මිලදී ගත්තේ මාසයකට එකකි. ඇමෙරිකාවේ ගත කළ අවු 15 පුරාවට කිසිදු දිනක ලංකාවට නොපැමිණියේය. ලංකාවට දුරකථන ඇමතුමක් ගත්තේ නම් එයද ගත්තේ කන කැස්බෑවා අහස දකිනවා මෙනි. ඒ අන් කිසිවක් නිසා නොව මුදල් හිඟ කම නිසා ය.

    පසුව බිලියන ගණනින් කෑම ඇරඹුවාය
    ————————–———
    අයියා ජනාධිපති වී මල්ලී ගෝටාබය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වෙන්නට පෙර අවි ආයුධ මිලට ගැනීමේ තීන්දු තීරණ ගත්තේ හමුදාව විසිනි. අවි ගනුදෙනු විනිවිද භාවයකින් ක්‍රියාත්මක කිරීම උදෙසාම ගොඩ නැගූ විශේෂ ඒකක පවා හමුදාව තුල විය. රුසියානු, චීන, ලතින්, ඊශ්‍රායෙල් භාෂා සාක්ෂරතා ඇති ලාංකිකයන් අධිකාරි නිලයේ පිහිටුවා මෙම ඒකක වෙත අනුයුක්ත කොට තිබුනි. ගෝටාගේ කාලයට පෙර සිදුවූ දූෂණ මහා පරිමාන නොවීය . ඒවා ලක්ෂ ගණනේ සොරකම් විය, ඇතැම් ඒවා නාරි මාංශයට පමණක් සීමා විය. ගෝටාබය පැමිනි විගස අවි ගනු දෙනු සම්බන්ධ හමුදාවේ අභිමතය අහෝසි කෙළේය. භාෂා පරිවර්ථක නිලධාරීන්ගේ ගේ සේවය අවසන් කෙළේය. සියල්ල තම අභිමතය මත තීන්දු කළ ගෝටා බිලියන ගණනින් ගසා කෑම පටන් ගත්තේය.

    2006 වසරේදී මිග්යානා 4 ක් මිලදී ගැනීමට සහ තවත් යානා 3 ක් අලුත්වැඩියා කිරීම සඳහා යයි කියා ගෝටා ඩොලර් මිලියන 17.8 පමණ මුදලක් කඩින් කඩ මහා භාන්ඩාගාරයෙන් ලබගෙන ඇත. නමුත් මිග් යානා සැපයූ යුක්රේන් සමාගමට ගෙවා ඇත්තේ ඩොලර් මිලියන 7.2 කි.

    G ටු G නොහොත් රජයන් දෙකක් අතර සිදුවන ගනුදෙනුවක් ලෙස අඟවමින් කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව නොමග යැවූ ගෝටා මුදල් ගෙවීම කළේ ලන්ඩනයේ බෙලිමීසා හෝලිඩින්ස් නම් ඔවුන්ගේම ව්‍යාජ සමාගමකට ය. එවැනි සමාගමක් ලන්ඩනයෙන් අදවත් සොයා ගත නොහැකිය. ඒ අනුව ඩොලර් මිලියන දහයකට ආසන්න මුදලක් මිග් ගනු දෙනුවෙන් ගෝටා ගසා කෑවේය. අද වන විට ඒවා සාක්කි සහිතව හෙළි වී ඇති අතර ඇත්තේ නඩුව විභාග කිරීම පමණක් ය.

    ඉක්බාල් අතාස්ට මරණ තර්ජන කළ හැටි
    ————————–———
    හමුදාවක දෙවෙනියාගේ ඒකායන සිහිනය කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හෝ හමුදාපති බවට පත්වීම ය. හමුදාපතිට කෙළවීමට හැකි ලිපිගොනු දෙවැන්නා විසින් හොර රහසේ සන්ඩේ ටයිම්ස් පුවත් පතේ ආරක්ෂක කොළම ලියූ ඉක්බාල් අතාස්ට ලබාදීම එකල සාමාන්‍ය සිදුවීමක් විය. අතාස්ගේ ‘සිටුවේෂන් රිපොර්ට්’ කොළම නිසා මාරු වූ හමුදා පුටු වලට උදාහරණ එමටය. ගෝටාබයගේ මිග් ගනුදෙනුව සිදුවන විට ගුවන් හමුදාවේ දෙවැන්නා වූයේ හර්ෂ අබේවික්‍රමය. මොහු රනිල්ගේ අති ජාත මිත්‍රයෙකි. මේ අනුව මිග් හොරකමට අදාල ඔරිජිනල් ලිපි ගොනුව අතාස් අතට ගිය ආකාරය වටහා ගැනීම අපහසු නොවේ.

    ගෝටාබයගේ මිග් සොරකම අතාස් විසින් හෙලිදරව් කිරීමත් සමගම ගෝටාබය අන්ත අසරණ අඩියකට වැටුනි. ලංකාදීප පත්‍රයේ ඩබ්.ජී. ගුනරත්න අතාස්ගේ ඉංග්‍රීසි කථාව සිංහලෙන් ලියුවේය. ගෝටාගේ මිග් හොරකම ගමේ කඩ මංඩියේ පවා කථා බහට ලක් විය. ශ්‍රීපති සහ මංගල මිග් හොරකම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමත් සමග ගෝටාගේ තත්වය තවත් අසරණ විය. අද ගෝටාගේ කුනු ලන්කට් සෝදන වීරවංශ ද එකල සිටියේ ඔහුට පස මිතුරු ජ.වි.පෙ සමගය. ගෝටාට තිබූ එකම පිහිට හෙන්දාගේ ජාතික බුද්ධි අංශය සහ සුදු වෑන් බලකාය පමණි.

    ඒ වන විටත් මාධ්‍යවේදීන් 14 ක් මරා තිබිණි
    ————————–———
    මොවුන් විසින් ඒ වන විටත් ටැමිල්නෙට් සිවරාම්, සුඩර් ඔලි සුගීතරාජන්, සත්දින මාධ්‍යවේදී සම්පත් ලක්මාල් ඇතුලු මාධ්‍යවේදීන් 14 දෙනෙකු ඝාතනය කොට තිබුණි, තව බොහෝ පිරිසකට දැල එලා තිබුනි. වික්ටර් අයිවන්ගේ නම පවා එම ලැයිස්තුව තුල විය. අතාස් නිහඬ කිරීමේ කොන්ත්‍රාත්තුව ලැබුනේ මේ ලියුම්කරුට ය. ඒ අනුව ලියුම්කරු සූදානම් ශරීරයෙන් සන්ඩේ ටයිම්ස් කාර්යාලය වෙත ගියේය. ලියුම්කරු අතාස් හඹා ගිය දින රාජපක්ෂලාගේ ඥාතියෙකු වූ ලොත‍රැයි මන්ඩලයේ සභාපති සරණ ගුනවර්ධන අතාස්ගේ නිවස ඉදිරිපිට අතාස්ට එරෙහිව උද්ඝෝෂණයක් සංවිධානය කෙළේය . ඒ අතාස් කොටි හිතවාදියෙකු යයි බැන වදිමිනි.

    සන්ඩේ ටයිම්ස් කාර්යාලයට ගිය ලියුම් කරු මුලින්ම හමුවූයේ අතාස්ගේ ලිපි සිංහලෙන් ලියන ඩබ්.ජී. ගුනරත්නය. මිග් ගනුදෙනුව හෙළිකිරීම හමුදාවේ චිත්ත ධෛර්ය හීන කිරීමට හේතු වන බවත් එය වහා නවතා දැමිය යුතු බවත් ලියුම්කරු ඩබ්.ජී. ගුනරත්න වෙත දන්වා සිටියේය.

    “මම මේ පත්තර කන්තොරුවේ සේවකයෙක් , ආයතනය කියන දේ මම කරන්ඩ එපෑයැ…” ඔහුගේ පිළිතුර විය.

    ඒ සමගම ඔහු දෙසට හැරවුනු ලියුම්කරුගේ බෑගය තුලින් ගිනි අවියක් කොක් කරන හඬ නිකුත්විය. ගතවූයේ නිමේෂයකි. ඩබ්.ජී. ගුනරත්න දහඩියෙන් නෑවී ගියේය. බිය වූ විට මිනිසුන්ට මූත්‍රා පිටවන ආසා තිබුන ද එය සියැසින් දුටුවේ සන්ඩේ ටයිම්ස් කාර්යාලයේදී ය. මිග් ගනුදෙනුව පිලිබඳව කිසිවෙකු ඉන් මතු අකුරක් නොලියන බව ඔහු දිවුරා ප්‍රකාශ කළේය. මීට පෙර රවිරාජ්ට ද මෙවැනි අනතුරු ඇඟවීමක් කළ බවත් එයට පි‍ටු පෑ ඔහුට අත්වූ ඉරණම සිහිපත් කළ ලියුම්කරු ටයිම්ස් කාර්යාලයෙන් පිටවී ගියේය.

    පැය කිහිපයක් ගතවෙත්ම මෙම සිද්ධිය හේතුවෙන් කොළඹ තානාපති කාර්යාල සසල වූයේය. ඒ සමගම මාධ්‍ය දඩයම පිලිබඳ බරපතල චෝදනා රජය වෙත එල්ල වූයේය. හීන්සීරුවේ ලංකාදිප කර්තෘ සිරි රණසිංහට බටර් සංග්‍රහයක් දුන් මහින්ද සිද්ධියට අදාල සී.සී.ටී.වී දර්ශන මකා දැමුවේය. මරණ තර්ජනයේ පරීක්ෂණ කටයුතු එතැනින් අවසන් විය. මෙම සිද්ධියෙන් පසු මිග් හොරකම පිලිබඳව අකුරක් සන්ඩේ ටයිම්ස් හෝ ලංකාදීප පුවත්පත් වල පල නොවිනි. නමුත් අතාස් නැවතූ තැන සිට ලසන්ත ලිවීම ආරම්භ කෙළේය.

    -හිටපු බුද්ධි අංශ නිලධාරී කීර්ති රත්නායක විසිනි-

  • උපන්දිනය දා රජෙක් වෙන්න හදපු චන්දිමාල්ගේ අන්තංපුරයට ආපු සරාගී නිළියන්ගේ සුපිරීම නැටිලි මෙන්න..

    උපන්දිනය දා රජෙක් වෙන්න හදපු චන්දිමාල්ගේ අන්තංපුරයට ආපු සරාගී නිළියන්ගේ සුපිරීම නැටිලි මෙන්න..

     

    අපි කවුරුත් උපන්දිනයට කේක් එකක් හදලා යාළුවෝ දෙතුන් දෙනෙකුට කියලා පොඩි පාර්ටියක් දාන එක සාමාන්‍ය දෙයක්.

    ඒත් අද උපන් දින සාදයත් රැල්ලක් වෙලා.. සමහරු කාලයක ඉඳන් ප්ලෑන් කරලා උපන් දිනය දවසේ සප්‍රයිස් පාර්ටි දෙනවා. තවත් සමහරු තමන්ගේ උපන්දිනය අසරණ මිනිස්සු වෙනුවෙන් කැපකරනවා.

    අපි මේ කියන්න යන්නේ ඊට හාත්පසින්ම වෙනස් අමුතුම උපන් දින සාදයක් ගැනයි.

    රූපලාවන්‍ය, හැඩ ගැන්වීම, ඇඳුම් නිර්මාණය වෘත්තියේ ජනප්‍රියත්වයක් උසුලන චන්දිමාල් ජයසිංහගේ උපන්දිනය ඊයේ දිනයේ යෙදී තිබුණා.

    මේ උපන් දිනය සාමාන්‍ය උපන්දින උත්සවයකට වඩා බොහෝ සෙයින් වෙනස් සාදයක් කියලයි අපිට දැනගන්නනම් ලැබුණේ.

    මෙම උපන් දින සාදය වෙනුවෙන් ඉතා විශාල මුදලක් වෙන් කර තිබූ බවයි වාර්තා වන්නේ.

    මෙවර ඔහුගේ උපන්දිනය සමරා තිබුණේ කොළඹ තරු පහේ හෝටලයක් වන ශ්‍රැන්ගිලා හෝටලයේයි.

    කොහොම වුණත් මේ සාදයට ශ්‍රී ලංකාවේ සිටින ජනප්‍රිය තරු සමග 600කට අධික ප්‍රමාණයක් පිරිවරා ගනිමින් පැවැත්වෙන බවටත් ඔහු මීට පෙර මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා.

    මේ සඳහා සහභාගීවී සිටින නළු නිළියන්ද සිය ඇඳුම් මෝස්තරයන් වෙනුවෙන් විශාල වශයෙන් මුදල් වෙන් කර ඇති අතර සාමාන්‍ය සරල විලාසිතාවන්ට එහා ගිය රාජකීය සම්ප්‍රදායට අනුකූලව වූ ඇඳුම් මෝස්තරවලින් හැඩවී මොවුන් මේ සඳහා සහභාගී වී සිටියා.

    කෙසේවෙතත් බොහෝ දෙනා අතර මේ උපන්දින සාදය ගැනනම් ඇත්තේ එතරම් යහපත් ආකල්පයක් නොවේ.

    මොහුගේ මෙම උපන්දින සාදය වෙනුවෙන් වෙන් කළ මුදල් ආපදාවන්ට ලක් වී අසරණ වූවන් වෙනුවෙන් පරිත්‍යාග කළේ නම් ඉන් අසරණ තත්වයට පත්ව සිටින මිනිසුන් කෙතරම් සතුටට පත්වනු ඇත් දැයි යන්න බෙහෝ දෙනාගේ මතය වී තිබුණා.

    මෙම උපන් දින සාදයට පැමිණි සුපිරි තරු වෙනුවෙන් තරඟද සංවිධාන කර තිබූ බවත් ඒ වෙනුවෙන් ඉතා අධික මුදලක් වැය කරමින් ත්‍යාගද ලබාදුන් බවත් වාර්තා වුණා.

    මේ එහි ඡායාරූපයි….

     

               

     

     

      

             

  • 2020 ජය උදෙසා ශ්‍රීලනිප ගමන් මග වෙනස් කරන දවස හෙට..මහ ලේකම් ඇතුළු තනතුරු රැසක වෙනසක්..

    2020 ජය උදෙසා ශ්‍රීලනිප ගමන් මග වෙනස් කරන දවස හෙට..මහ ලේකම් ඇතුළු තනතුරු රැසක වෙනසක්..

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීම සඳහා විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට (03) පැවැත්වෙනවා.

    ඒ, පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

    එමෙන්ම මධ්‍යම කාරක සභාවට අමතරව සමස්ත ලංකා කාරක සභාව සහ විධායක සභාව ද හෙට රැස්වීමට නියමිතයි.

    පසුගිය 17 වන දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අවසන් වරට රැස්වූ අතර, එහිදී තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත් කර පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කිරීමට තීරණය කෙරුණා.

    හෙට රැස්වන මධ්‍යම කාරක සභාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් නව නිලධාරී මණ්ඩලයක් පත් කර ඊට සභාවේ අනුමැතිය ලබා ගැනීමට නියමිත බවයි නිදහස් පක්ෂ භාණ්ඩාගාරික, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක කියා සිටියේ.

     

  • විමල් වීරවංශ අනාථ කරමින් රොජර් පක්ෂයෙන් ඉවත්වෙයි… රොජර් යන්න බලපෑ ඇත්තම හේතුව මෙන්න…

    විමල් වීරවංශ අනාථ කරමින් රොජර් පක්ෂයෙන් ඉවත්වෙයි… රොජර් යන්න බලපෑ ඇත්තම හේතුව මෙන්න…

    රොජර් සෙනවිරත්න පංචායුදය ගලවයි…. විමල් කරන්නේ රටට වංචාවක්..

    “මට ඕන උනේ මගේ ආදරනීය රටේ අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න , වැඩ කරන්න . ඔවුන් වෙනුවෙන් පෙනීහිටින්න, මට කට්ටිය මට උදව් කලානම් මේව මෙහෙම වෙන්නෙ නෑ .”

    ජාතික නිදහස් පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනවිරත්න මහතා ජාතික නිදහස් පෙරමුණෙන් ඉල්ලා අස්වි තිබේ.ඉල්ලා අස්විමට අදාල ලිපිය ඔහු ජනිපෙ නයකයන්ට යොමුකර ඇති අතර

    “මට ඕන උනේ මගේ ආදරනීය රටේ අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න , වැඩ කරන්න . ඔවුන් වෙනුවෙන් පෙනීහිටින්න, මට කට්ටිය මට උදව් කලානම් මේව මෙහෙම වෙන්නෙ නෑ .” Facebook Comment වක් එක්කරමින් සදහන් කර තිබේ.

    බස්නාහිර පලාත්සභා මන්ත්‍රී රොජර් සෙනවිරත්න මහතාට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිතය චොදනා ද එල්ල වි තිබේ.

    ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ධුරය දැරූ ප්‍රියන්ජිත් විතාරණ ඒ සම්බන්ධයෙන් තැබු පොස්ටුව පහත දැක්වේ…

    රොජර් සෙනවිරත්න පංචායුදය ගලවයි,

    රොජර් සෙනවිරත්න යනු ලාංකීය කලා කෙත අස්වැද්දූ ප්‍රවීණ රංගන ශිල්පියෙකි.ඔහු කලාකාමි හදවත් තුළ නොමැකෙන සළකුණක් තැබූ ප්‍රතිබාපූර්ණ රංගන ශිල්පියෙකි.ඉතා සංවේදී මිනිසෙකු වීම ඔහුගේ මාදුටු සුවිශේෂි ලක්ෂණයෙකි.ඔහු මිනිසුන්ගේ දුක තමන්ගේ දුක බවට පත් කරගෙන හැඩූ මිනිසෙකි.ඒවාට උත්තර සෙවූ මිනිසෙකි.ඔහුගේ කදුළු ප්‍රශ්නයට මුහුණ දෙන තැනැත්තාගේ කදුළු තරම්ම ඝනකම විය.කලාවට අමතරව ඔහු දේශපාලන කලාවද තෝරාගත්තේ ඔහුගේ වාසනාවටද අවාසනාවටදැයි කීමට තවමත් ඉක්මන් වැඩිය.ඔහු දේශපාලනට අත් පොත් තැබුවේ ජවිපෙ වෙතිනි.මා හට ඔහු හමුවුනේ 2009 වසරේදීය.ඒ ජානීපෙ මුහුණ දුන් පළමු පලාත් සබා මැතිවරණයේදීය.මා එවිට ජානීපෙ දේශපාලන මණ්ඩල සබිකයෙකි.කෑගල්ල දිස්ත්‍රික් නායකයායි.එදා රොජර් සෙනවිරත්න සහෝදරයා අප පක්ෂයේ කොළඹ දිසාවේ අපේක්ෂකයායි.ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට ජානීපෙ එදා තෝරා ගත්තේ මාය.

    තලවතුගොඩ නගරයේ ආසන්න තැනක අපගේ මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය ස්ථාපිත විය.මා එහි පදිංචි විය.මැතිවරණ කාළය පුරාම ජවිපෙන් අපහට විවිධාකර තර්ජණ එල්ලවිය.අප ඒවාට මුහුණ දුන්නේ සාමූහිකවය.අපගේ කාර්‍යාළ ගිණිබත් කෙරිනි. අප ක්‍රියාකාරී සහෝදරවරුන්ට තැන තැන පහරදීම් සිදුවිය.එදා විමල්,අචල,දීපාල් වැනි සහෝදරවරුද අපගේ සමග හිටියේය. තවත් රටේ විවිධ දිසාවලින් පැමිනි සහෝදර සහෝදරියන් කලා කරුවන් විශාල පිරිසක් අප සමග සිටියේය.දවසේ මැතිවරණ කටයුතු නිමකිරීමෙන් පසු රොජර් සහෝදරයා සිය පුංචි පුතු සමග තලවතුගොඩ කාර්‍යාලයෙට පැමිනේ.මා නිදාගන්නා පැදුරු කඩමාල්ල මත හිදගෙන අප කතා කළේය.

    ගොඩක් දේ දේශපාලන ගැනයි.ඒ අතර කලාව ගැනත් ඔහු මට කීවේය.පුංචි පුතුට නිදිමත හැදෙන තුරු අප කතා කළේය.මතිවරණය අවසානයේ ඔහු චන්ද පනස්දහසකට වඩා ගනිමින් ජානීපෙ කොළඹ දිසාවේ පලාත් සබා මන්ත්‍රීවරයා බවට පත්විය.අද දක්වාම ඔහු අපරාජිතව සිය මන්ත්‍රීධූරය ආරක්ෂා කරගෙන ඇත.ඔහුට මන්ත්‍රීධූරය ලැබුණු ආසන්නයේම මාද ජානීපෙ ප්‍රධාන ලේකම්වරයා ලෙස පත්විය.

    රොජර් සෙනවිරත්න සහෝදරයා ජානීපෙන් ඉවත්වූ බවට වන ඉල්ලා අස්වීමේ ලිපිය ඔහුගේ facebook ගිණුම හරහා ප්‍රසිද්ධ කර ඇති බව මා දුටුවෙමි.ඔහු ඉල්ලා අස්වීමට බලපෑ හේතුව මා නිශ්ච්තව නොදනිමි.ඔහුගේ ඉල්ලා අස්වීම ගැන විශේෂ සතුටක් හෝ දුකක් මට ඇති නොවුනි.එහෙත් කවදා හෝ දිනක රොජර් සෙනවිරත්න සහෝදරයාට ජානීපෙන් ඉවත්වීමට සිදුවන බව මා දැන සිටියෙමි.මීට පෙර ඔහු අවස්ථා කීපයකදීම එම තීරණය ගෙන තිබිණි.නමුත් මා ප්‍රධාන ලේකම්වරයා ලෙස දැඩි පරිශ්‍රමයක් යොදා එය වළක්වා ගතිමි.ඊට ඇති හොදම සාක්ෂිය වන්නේ වීරවංශ මහතා හා රොජර් සහෝදරයායි. මෙවර එය වලක්වා ගැනීමට කිසිවෙකු සිට නැත.

    රොජර් සෙනවිරත්න යනු රට දන්න මිනිසෙකි. මිනිසුන් ආදරය කරන චරිතයකි.ඔහුගේ රසික රසිකාවන් ලක්ෂ ගනනක් සිටී.ඔහු වේදිකාව දික් විජය කළේ පිට පිටම හොදම නළුවා වීමේ රාජ්‍ය සම්මානය තුන්වරක් දිනාගනිමිනි.ඔහු ජානීපෙ හරහා හදුනාගත් අයෙක් නොවේ. එහෙත් ජානීපෙ ඔහුගෙන් හදුනාගත් අය බොහෝය.රටම එය දැනගෙන සිටියද අවාසනාවට ජානීපෙ නායකත්වය හා කොළඹ දිසා කමිටුව එය දැන නොසිටියේය.

    මා විස්වාස කරන ලෙස ජානීපෙ තුළ ඔහුට බාධාව වූයේ ඔහුගේ මේ ප්‍රතිබාව හා හැකියාවයි.ඔහුගේ රංගන දිවිය හා මුසුවුන දේශපාලන ජානිපෙට මහත් ආලෝකයක් විය.නමුත් ජානිපෙට එය කණාමැදිරි එළියකටත් වඩා පුංචි විය.ඔවුන් එය පොල්කටුවකින් වසා තැබිමට සිතුවේය. පොල්කටුවෙන් වැසීමට බැරි බැව දුටුවිට කොළඹ දිසාවේ තම දේශපාලන යැපෙන්නන් දැමා පොල්ලෙන් ගැසුවේය.රොජර් සෙනවිරත්න සහෝදරයා පොලු පහර කාගෙන මාධ්‍ය වෙත දිව ගියේ නැත.එදා ඔහු ආවේ මා සොයාගෙනය.ඒ ඔහුට සාමූහික වගකීම සම්බන්දව මනා වැටහීමක් රංගනය තුළින් ලැබී තිබූ නිසයි.කෙනෙකු එම වගකීම කඩ කළ විට ඊට එකට එක කිරීමට වඩා ගෞරවාන්විත ලෙස එය බේරා ගැනීමට අවශය හිකමීම ඔහු තුලවූ නිසයි.මෙවරද අනිවාර්‍ය් ලෙස ඔහුට පොල්ලෙන් ගසා ඇත. එහෙත් යෑමට තැනක් නැත.කීමට අයෙක් නැත.ඉල්ලා අස්වීම හැර ඔහුට වෙනත් විකල්පයක් නොමැතිව ගොස් ඇතිවාට සැකයක් නැත.ඔහුට සිදුවන කෙනෙහිලිකම් ගැන මා අවස්ථා ගනනාවක් රොජර් සහෝදරයා සමග පක්ෂ නායකත්වය හමුවී කතා කළෙමි.එහෙත් ඒවා ගගට කැපූ ඉනි මෙන් විය.මන්ද ඒවා පිටුපස හිටියේ වීරවංශ මහතා හා ඊළග පළාත් සබා අපේක්ෂකත්ව බලාපොරොත්තුවෙන් සිටි කීප දෙනෙකි. වීරවංශ මහතාට රොජර් සෙනවිරත්න නම් රංගන ශිල්පියා අවශය වූයේ තමා කතා කරන රැස්වීම්වල මුලසුනයේ තැබීමට පමණියි.ඔහුට වසර දහයක ජානීපෙ ඉතිහාසය තුළ කිසිදු වගකීමක් දුන්නේ නැත. ඔහු අකණ්ඩව බස්නාහිර පලාත් සබාව නියෝජනය කරන මන්ත්‍රීවරයා වුවද අලුතින් පත්වූ නවක මන්ත්‍රීවරුන්හට බස්නාහිර පලාත් ජානිපෙ මන්ත්‍රී කණ්ඩායමේ නායකත්වය දීමට වීරවංශ මහතා කාරුණික විය.එහෙත් රොජර් සෙනවිරත්න යන නම ඔහුට මදකටවත් මතකයට ආවේ නැත.මමත් වීරකුමාර දිසානායක සහොදරයාත් ජානීපෙ තුළ රොජර් වෙනුවෙන් අරගලයක් කළ බව ඔහුගේ හෘද සාක්ෂිය හොදින්ම දන්නවා ඇත.එහි ප්‍රතිපල නැතිවුවද ඔහුට කළ අසාධාරණයන්ට එරෙහිව පෙනී සිටිමට අපට කොන්දක් තිබීම ගැන අද මා සතුටු වෙමි.

    දැන් රොජර් සෙනවිරත්න සහොදරයාද වහාම ක්‍රියාත්මක වන පරිධි රෝ ඔතුකරුවෙකු කරනු ඇත.මෛත්‍රීගේ,රනිල්ගේ හෝ බැසිල්ගේ මුදලට පක්ෂය පාවාදුන් ද්‍රෝහියෙකු කරනු ඇත.කොළඹ දිස්ත්‍රික් මඩ බලකාය ඔහුට මඩ ගැසීමට මඩ සූදානම් කරමින් සිටිනවා ඇත.එහෙත් මා රොජර් සහෝදරයාගෙන් ඉල්ලා සිටින්නේ අපට අයත් දේශපාලන කදවුර දමා නොයන ලෙසයි.අපේ කදවුර අද දෙකඩවී තිබේ.දෙකඩ කිරීම කාගේ වරදක් වුවත් දෙකඩ වූ කදවුර එකතු කිරීම අප කාගේත් වගකීමකි.එය කළ නොහැකි වී ඇත්තේ තම බඩ වඩා ගැනීමට පමණක් හිතන ඉහත ආකාරයේ දේශපාලන හිගන්නන් නිසායි.

  • ටාසන් විදියට වැඩ දාන්න ගිහින් මඩ නාපු ලංකාවේ කොල්ලගේ පට්ට වීඩියෝව මෙන්න…

    ටාසන් විදියට වැඩ දාන්න ගිහින් මඩ නාපු ලංකාවේ කොල්ලගේ පට්ට වීඩියෝව මෙන්න…

    උඩින් උඩින් ගිහින් මඩ වලේ වැටුණු අපේ කොල්ලෙක්…

    https://www.facebook.com/cool.Lalanka/videos/889938461096690/

  • රටම හොය හොය බලන පාලමක් යට නුවර ජෝඩුවක් ප්‍රසිද්ධියේම ගත්ත ආතල් එක මෙන්න…

    රටම හොය හොය බලන පාලමක් යට නුවර ජෝඩුවක් ප්‍රසිද්ධියේම ගත්ත ආතල් එක මෙන්න…

    මල්ලියේ නංගියේ ප්‍රසිද්ධියේ කරන්න කලින් දෙපාරක් හිතපන්… හැගීම් නිසා අමාරුවේ වැටෙන්න එපා..

     

     

    https://www.facebook.com/Lakmal.Madusanka.007/videos/1656333901152101/

  • මහවැලි රන්දියවර ඉඩම් ඔප්පු ප‍්‍රදානෝත්සවය‍ේදී ජනපදිකයන් 12,083කට ජනපති අතින් ඉඩම් ඔප්පු

    මහවැලි රන්දියවර ඉඩම් ඔප්පු ප‍්‍රදානෝත්සවය‍ේදී ජනපදිකයන් 12,083කට ජනපති අතින් ඉඩම් ඔප්පු

    මෙම වසර අවසන් වන විට සියලූම මහවැලි කලාපවල ගොවි ජනතාව වෙත තමන් දීර්ඝකාලයක් පුරා භූක්ති විදින ඉඩම් කොටසේ නිත්‍යානුකූල අයිතිය පවරාදීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මහවැලි බී.සී සහ රඹකැන්ඔය කලාපවලට අයත් ජනපදිකයින් 12,083 දෙනෙකු වෙනුවෙන් ඉඩම් හිමිකම් පත‍්‍ර ප‍්‍රදානය කිරීමේ ‘රන්දියවර’ ඉඩම් ඔප්පු ප‍්‍රදානෝත්සවයට අද (01) පෙරවරුවේ අරලගංවිල මගුල්දමන මහා විද්‍යාලයේදී එක්වෙමිනි.

    දිවයිනම සමෘද්ධිමත් කරමින් රටට බත සපයන මහවැලි ගොවි ජනතාව වෙත තමන් දීර්ඝ කාලයක් පුරා භුක්තිවිදින ඉඩම් කොටසේ නිත්‍යානුකූල අයිතිය ලබාදීමට ‘මහවැලි ජනපදිකයින් වෙත ඉඩම් ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන’ 2016 වසරේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ආරම්භ කෙරිණි.

    අදාළ ඉලක්කය සපුරාලමින් මහවැලි කලාපය තුළ පමණක් ඉඩම් ඔප්පු ලක්ෂයක් බෙදාදීම මේ වන විට සිදුකර තිබෙන අතර 2018 වසර තුළ පමණක් අවසර පත‍්‍ර, ප‍්‍රදාන පත‍්‍ර හා දිගුකාලීන බදුකර යටතේ තවත් ඉඩම් ඔප්පු 40,000 ක් ලබාදීමට සැලසුම් කර ඇත.

    ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවට අනුව පසුගිය 2017 වසරේදී මහවැලි බී, සී හා එච් කලාපයන්හි ද මොරගහකන්ද, වික්ටෝරියා, හුරුළුවැව හා වලව යන ජනපදිකයින් සදහා මෙම වැඩසටහන යටතේ ඔප්පු හා බලපත‍්‍ර ලක්ෂයක් ලබාදී තිබෙන අතර ඒ අනුව නිත්‍යානුකූල ඉඩම් හිමිකමක් නොමැති පාසල්, රෝහල්, පොලිස් ස්ථාන ඇතුළු රාජ්‍ය ආයතන 12,573 ක් සදහා ද ඉඩම් හිමිකම ලබාදී තිබේ.

    අද දිනයේදී මහවැලි බී කලාපයට අයත් ජනතාව වෙත හිමිකම් ඔප්පු 6,104 ක්, සී කලාපය වෙත 4,312 ක් හා රඹකැන්ඔය කලාපය වෙත ඔප්පු 1,595ක් ඇතුළුව බෞද්ධ විහාරස්ථාන 22 ක් සදහා නිදහස් දීමනා පත‍්‍ර හා රාජ්‍ය ආයතන 50 ක් සදහා ඉඩම් පැවරීම ඇතුළුව ඉඩම් ඔප්පු 12,083 ක් ප‍්‍රදානය කිරීම සිදු කෙරිණි.
    මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සදහන් කළේ මේ රටේ යෝධ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වූ මහවැලි මහා සංවර්ධන ව්‍යාපෘතිය විදුලිය, කෘෂිකර්ම සහ අනෙකුත් කර්මාන්ත ඇතුළු ක්ෂේත‍්‍ර ගණනාවක් හරහා පැතිර ගිය පුළුල් සංවර්ධන යෝජනා ක‍්‍රමයක් බවයි.

    මහවැලි මහා සංවර්ධන සැලැස්මේ අවසන් ජලාශය වූ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවීම පිළිබදව ද මෙහිදී සිය සතුට පළ කළ ජනාධිපතිතුමා ගොවි ජන දුක නිවීමට මෙන්ම ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉමහත් පදනමක් ඒ තුළින් සැළසෙනු ඇති බවද කියා සිටියේය.

    නිදහසින් පසු ලංකාවේ මෙතෙක් කිසිදු රජයක් විසින් ඉටු නොකළ යෝධ ව්‍යාපෘතියක් වු වැව් 2400 ක් එකවර ප‍්‍රතිසංස්කරණය කිරීමේ යෝධ වැඩපිළිවෙළ පසුගිය වසරේ ආරම්භ කළ අතර ඒ තුළින් ද මේ රටේ ආර්ථික සංවර්ධනයේ මෙන්ම ගොවි ආර්ථිකය ඇතුළු සියලූ ක්ෂේත‍්‍රවල පුළුල් සංවර්ධනයක් ඇතිවනු ඇති බවට ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය.

    එම වැඩසටහන යම් තරමක් ප‍්‍රමාද වී ඇත්තේ අවශ්‍ය ඉංජිනේරුවන්ගේ සහ තාක්ෂණික ශිල්පින්ගේ හිගය නිසා බව සදහන් කළ ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් ද විශේෂ වැඩපිළිවෙළක් ඉදිරියේදී කි‍්‍රයාවට නංවන බව කියා සිටියේය.

    මෙරට කෘෂිකර්මාන්ත ක්ෂේත‍්‍රයේ සංවර්ධනය වෙනුවෙන් තමන් ජාත්‍යන්තරයෙන් කරන ලද ඉල්ලීම් සදහා ද යහපත් ප‍්‍රතිඵල හිමිව තිබෙන බව පැවසූ ජනාධිපතිතුමා රට සංවර්ධනය කරා ගෙන යාමේ දී පෙර රජ දවස මෙන්ම අප විශ්වාස තැබිය යුත්තේ කෘෂි ආර්ථිකය පදනම් කරගත් ආර්ථික රටාවක් කෙරෙහි බව ද කියා සිටියේය.

    රටේ දිළිදු ජනතාව නගා සිටුවීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ මෙහෙයවීමෙන් දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවා ඇති ග‍්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය පිළිබදව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ එය රටේ දුප්පත්කම නැති කිරීම වෙනුවෙන් ඉතිහාසයේ ආරම්භ කළ ව්‍යාපෘති අතර සාර්ථකම ව්‍යාපෘතියක් ලෙස ඉදිරියට කි‍්‍රයාත්මක වන බවත් දේශපාලන බේදයකින් තොරව සියලූදෙනා එම වැඩසටහන සමග අත්වැල් බැදගත යුතු බවත්ය.

    ඇතැමුන්ට නොපෙනෙන, එහෙත් ජාතියේ අනාගතය සදහා අත්‍යාවශ්‍ය වන්නා වූ කරුණු රැසක් පසුගිය වසර තුන තුළ තමන් රටට දිනා දුන් බව මෙහිදී සදහන් කළ ජනාධිපතිතුමා කුමන දේශපාලන විවේචන පැවතිය ද රටේ දේශපාලන අස්ථාවරත්වයක් පෙන්වා දෙමින් මාධ්‍ය කුමන අන්දමින් කටයුතු කළද, මේ රටේ හෙට දවස කිසිසේත් අසුබවාදී නොවන අතර, යහපත් අනාගතයත් සියලූ ශ‍්‍රී ලාංකිකයින්ට ඒකාන්තයෙන්ම උදාවනු ඇති බවද අවධාරණය කළේය.

    අද පෙරවරුවේ අරලගංවිල මගුල්දමන මහා විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා ‘පිබිදෙමු පොළොන්නරුව’ වැඩසටහන යටතේ එම විද්‍යාලයේ ඉදිකරන ලද දෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල ද සිසු අයිතියට පවරා දෙනු ලැබීය. අනතුරුව ඉඩම් ඔප්පු ප‍්‍රදානෝත්සවය සදහා එක්විය.

    මහවැලි බී.සී සහ රඹකැන්ඔය කලාපයන්හි හොදම ගොවි පවුල් වෙත ත්‍යාග පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    අමාත්‍ය දයා ගමගේ, මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, ශ‍්‍රීයානි විජේවික‍්‍රම, අනෝමා ගමගේ, උතුරු මැද පළාත් ආන්ඩුකාර එම්.පී. ජයසිංහ, ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන යන මහත්වරුන් ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    01 (20)

     

    02 (12)

    03 (9)

    04 (9)

    05 (8)

    06 (10)

    07 (9)

    09 (3)

    11 (5)

    13 (4)

    14 (3)

    15 (4)

    17 (1)

    18 (2)

  • රටම කතාව‍ෙන ඇල‍ෝසියස්ග‍ෙන් මුදල් ගත්ත බැඳුම්කර හොරුන්ග‍ේ ලැයිස්තුව ම‍ෙන්න..

    රටම කතාව‍ෙන ඇල‍ෝසියස්ග‍ෙන් මුදල් ගත්ත බැඳුම්කර හොරුන්ග‍ේ ලැයිස්තුව ම‍ෙන්න..

    ඇල‍ෝසියස්ග‍ෙන් මුදල් ගත්ත බැඳුම්කර හොරු යනුව‍ෙන් සදහන් නාම ලේඛනයක් මේ වන විට අනතර් ජාලය තුල පලව ඇති අතර එම නම් අතර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා නාමල් රාජපක්ෂ බිමල් විජිත සිට පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් ඇතුළු 118 කගේ නම් සදහන් වේ.

    රනිල් වික්‍රමසිංහ 
    රවී කරුණානායක

    නාමල් රාජපක්ෂ

    පවිත්‍රා වන්නිආරච්චි

     
    සුජීව සේරසිංහ 
    මලික් සමරවික්‍රම 
    හෙක්ටර් අප්පුහාමි 
    හර්ෂණ රාජකරුණා 
    අජිත් පි පෙරේරා.
    කාවින්ද ජයවර්ධන 

    හිරුණිකා ප්‍ර‍ේමචන්ද්‍ර
    තලතා අතුකෝරාල 

    රාජිත සේනාරත්න 
    නලින් බණ්ඩාර 
    චතුර සේනාරත්න 

    සරත් ෆොන්සේකා 
    දයාසිරි ජයසේකර 
    චන්දිම විරක්කොඩි 

    කාන්ති ක‍ොඩිකාර 
    සජිත් ප්‍රේමදාස 
    කභිර් හසීම් 
    රවුෆ් හකීම් 
    වජිර අබේවර්ධන 
    පි හැරිසන්

    අමාත්‍යංශ ලේකම් වරුන් 06

    ඇතුළු පළාත් සභා මන්ත්‍රී වරුන් 21ක් 

    ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව සම්බන්දයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පචුවෙල් ට්‍රේෂරිස් සමාගමේ හිමිකරු වෙන අර්ජුන් ඇලෝෂියස් විසින් මුදල් ලබා දුන් දේශපාලකයන් පිලිබදව කතාබහක් ඇතිවී තිබෙන අතර තුර අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිටින, ප්‍රභල NGO ක්‍රියාකාරිකයකු වන දඹර අමිල හිමිද ඔහුගෙන් මුදල් ලබාගෙන ඇති බවට වාර්තා වෙනවා

  • බොන බීම වර්ගය අනුව වෙරි උනාම දාන ඩාන්ස් එක වෙනස් ව‍ෙන්න‍ේ ම‍ෙහ‍ෙමයි (විඩි‍ය‍ෝ)

    බොන බීම වර්ගය අනුව වෙරි උනාම දාන ඩාන්ස් එක වෙනස් ව‍ෙන්න‍ේ ම‍ෙහ‍ෙමයි (විඩි‍ය‍ෝ)

    බොන බීම වර්ගය අනුව වෙරි උනාම දාන ඩාන්ස් එක වෙනස් ව‍ෙන්න‍ේ ම‍ෙහ‍ෙමයි (විඩි‍ය‍ෝ)

    https://www.facebook.com/funlankasiri/videos/1301153566642672/

  • රට ව‍ෙනුව‍ෙන් සංධානය ශක්තිමත් කර එජාපය ග‍ෙදර යවන්න ජනපති ම‍ෛත්‍රි සටන‍ට එක්ව‍ෙයි.

    රට ව‍ෙනුව‍ෙන් සංධානය ශක්තිමත් කර එජාපය ග‍ෙදර යවන්න ජනපති ම‍ෛත්‍රි සටන‍ට එක්ව‍ෙයි.

    එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කරලීම සඳහා වූ යෝජනා සතියක් තුළ ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහි සාමාජික පක්ෂවලට දැනුම් දී තිබේ.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එසේ දැනුම් දී ඇත්තේ පෙරේදා (30දා) රාත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් දේශපාලන පක්ෂ නායකයන් සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදීය.

    එම යෝජනා එජනිස මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාර දෙන ලෙසද දන්වා ඇත.

    එසේ ලබා ගන්නා යෝජනා ක්‍රියාවට නැංවීම සඳහා කමිටුවක් පත් කිරීමටද එහිදී එකඟතාවක් ඇති වී තිබේ. 

    එම සාකච්ඡාව සඳහා එජනිසට සහාය පළ කරන දේශපාලන පක්ෂ තිහකට අධික සංඛ්‍යාවක නියෝජිතයන් සහභාගි වූ බව වාර්තාවේ.

    (මව්බිම)