Author: Editor[A]

  • හිටපු ඇමති දයාසිරි බැංකු රථගාලේදී අල්ලස් ගනී.. ආරක්ෂක නිලධාරියා සියල්ල හෙලිකරයි…

    හිටපු ඇමති දයාසිරි බැංකු රථගාලේදී අල්ලස් ගනී.. ආරක්ෂක නිලධාරියා සියල්ල හෙලිකරයි…

    පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ සහෝදර සමාගමක් වන ‘වොල්ට් ඇන්ඞ් රෝ’ සමාගමෙන් දුන් චෙක් පතක් තමා ආරක්‍ෂාව සළසමින් සිටින දයාසිරි ජයසේකර මහතාගේ දැනුම්දීම මත බැංකුවකින් මාරූ කොට රුපියල් මිලියනයක මුදලක් එම බැංකු රථගාලේදී මන්ත්‍රීවරයාට ලබාදුන් බව ඔහුගේ ආරක්‍ෂක නිලධාරීවරයා රහස් පොලිසියට පවසා ඇතැයි ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට අද (24) දැනුම් දුන්නේය.

    මෙම සිද්ධියට අදාළව මන්ත්‍රී ආරක්‍ෂකයාගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලබාගනිද්දී ඔහු මේ බව අනාවරණය කොට ඇතැයි දැනුම් දුන් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා අදාළ මන්ත්‍රීවරයාගේ නම නඩු වාර්තාවේ සඳහන් කොට ඇතත් එම නම විවෘත අධිකරණයේදී නොපවසන බවද පැවසීය.

    රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ බවත් එම විමර්ශනයේදී මන්ත්‍රී ආරක්‍ෂකයා විසින් මාරුකළ බව කියන චෙක් පත සොයාගෙන ඇති බවත් එහි මන්ත්‍රී ආරක්‍ෂකයාගේ අත්සන ඇති බවත් යසන්ත කෝදාගොඩ මහතා පැවසීය.

  • ගම්මන්පිල හොරෙක් වංචාකාරයෙක්…ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික්ගේ බිරිඳ කියයි…

    ගම්මන්පිල හොරෙක් වංචාකාරයෙක්…ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික්ගේ බිරිඳ කියයි…

    තම සැමියාට අයත් ඩිජිටල් නොමිනි නම් අයතනයේ කොටස් විකිණීමට කිසි දිනක උදය ගම්මන්පිලට ඇටෝනි බලපත්‍රයක් මගින් බලය පැවරීමක් නොකළ බව ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් නැමැත්තාගේ බිරිඳ  කොළඹ මහාධිකරණයේ දී සාක්ෂි ලබා දෙමින් පැවසුවා.

    ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් ඩිජිටල් නොමිනි නම් අයතනයේ කොටස් ධම්මික පෙරේරා නැමැති වයාපාරිකයෙකුට  විකිණීමෙන් පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ මහ ලේකම්  පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල තවත් පුද්ගලයකු රුපියල් මිලියන 21 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියට අදාළව නඩුව වැඩිදුර විභාගය සදහා කොළඹ මහාධිකරණයේදී කැදවන ලද අවස්ථාවේදීය.

    අධිකරනයට ඉදිරිපත් කර ඇති ඇටෝනි බලපත්‍රයේ අසත්‍ය කරුණු කිහිපයක් ඇති බවත් එවැනි  ලේඛනයක් කිසි විටක ගම්මන්පිල ට ලබා නොදුන් බව සාක්ෂිකාරිය වන ජැනට් එලිසබත්  පැවසුවා . තවද එම ලේඛනයේ ඇති අත්සන තමාගේ අත්සන ලෙසට වෙනත් අයෙකු යොදා ඇති බවත් ඇය මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව ඉදිරියේ සාක්ෂි ලබා දෙමින් පැවසුවා. අධිකරණයට ඉදිරිපත් කළ ලේඛනයේ ඇති කොටසක තිබුණු අත් අකුරු උදය ගම්මන්පිලගේ බවට පවසා සිටියා.

    උදය ගම්මන්පිල තම සමාගමේ සහායකයකු ලෙසට කටයුතු කළ බවත් එහිදී තමා බුද්ධ ධර්මය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට අවශ්‍ය වූ විට ඒ ගැන කරුණු විමසීමට සිඩ්නි ජයසිංහ නැමැත්තා තමා උදය ගම්මන්පිල වෙත යොමු කළ බව සාක්ෂිකාරිය පැවසුවා . එහිදී බුදු හාමුදුරුවන්ගේ බිරිඳ සම්බන්ධයෙන් කරුණු විමසූ බව සාක්ෂිකාරිය පැවසුවා. එහිදී ගම්මන්පිල ඔහුගේ අත් අකුරින්  තමාට පිටු කිහිපයකින් යුත් ෆැක්ස් පණිවුඩයක් තමාට එවූ බවත් එම අකුරු කැපිටල් අකුරුවලින් ලියා තිබූ නිසා ඇටෝනි බලපත්‍රයේ ඇති අකුරු ගම්මන්පිලගේ බවට හදුනා ගත හැකි බව සාක්ෂිකාරිය පැවසුවා .

    වැඩිදුර සාක්ෂි විමසීම හෙටට කල් තබන ලදී .

    ඩිජිටල් නොමිනී පුද්ගලික සමාගම හා සම්බන්ධ මෙම ගනුදෙනුව 1997-2000 වර්ෂය අතර කාලය තුල සිදු වී ඇති බවට නීතිපතිවරයා  චොදනා කරමින් උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ යන අයට එරෙහිව කොළඹ මහාධිකරනයේ නඩු පවරන ලදී .

  • දෙහිවල පොහොට්ටු මන්ත්‍රිගේ ඝාතනය පිටුපස කුඩු පටලැවිල්ලක්.. පාතාලයේත් සම්බන්ධයක්…

    දෙහිවල පොහොට්ටු මන්ත්‍රිගේ ඝාතනය පිටුපස කුඩු පටලැවිල්ලක්.. පාතාලයේත් සම්බන්ධයක්…

    රත්මලාන ප්‍රදේශයේ ඊයේ (24) රාත්‍රියේ දී සිදු වූ සිදු වු වෙඩි තැබීමකින් තුවාල ලැබූ දෙහිවල ගල්කිස්ස මහ නගරසභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට රැගෙන යමින් සිටිය දී මරණයට පත් විය.

    එසේ මියගියේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා ය.

    සිය නිවසේ මිදුලේ වාඩි වී හිතවතුන් සමග කතා කරමින් සිටිය දී නාගරික මන්ත්‍රීවරයා එසේ වෙඩි ප්‍රහාරයට ලක් වී ඇති අතර මරණකරුගේ සිරුරේ වෙඩි ප්‍රහාර 12ක් පමණ දක්නට ඇතැයි පොලීසිය පවසයි.

    පළමු වෙඩි ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු මරණකරු දිවගොස් ඇති අතර ඔහු එළවා ගොස් නැවත වෙඩි තබා ඇති බව වාර්තා වේ.

    මියගිය නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වාගේ වැඩි මහල් පුත් හිටපු නාගරික මන්ත්‍රී සාවිත්‍ර ද සිල්වා පැවසුවේ මෙම වෙඩි තැබීම රත්මලාන ප්‍රදේශයට ව්‍යසනයක්ව පවතින කුඩු ව්‍යාපාරය මෙහෙයවන කුඩු අංජු නමැත්තා විසින් සිදු කළ බවයි.

    රත්මලාන ප්‍රදේශයේ සිදු කරන කුඩු ව්‍යාපාරයට එරෙහිව කිසිවකු නැගී නොසිටි අවස්ථාවක ඔහු සහ පියා ඊට එරෙහිව නැගී සිටීමට විරුද්ධව මෙම ඝාතනය සිදු කළ බව සාවිත්‍ර ද සිල්වා පවසා ඇත.

    මීට පෙර ද කුඩු අංජු සහ ඔහුගේ සහෝදරයාවන කුඩු ලංසියා නමැත්තා තමන් ඝාතනයට කිරීමට උත්සහ කළ බව ඔහු පවසයි.

    රත්මලාන ප්‍රදේශයේ සිදු කරන කුඩු ජාවාරම පිළිබඳ තමන් සහ පියා පොලිසයට පැමිණිලි කළ බවත් ඊට පසු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඔවුන්ගේ (කුඩු ලංසියාගේ සහ කුඩු අංජුගේ) ජාවාරම වැටලු බවත් ඉන් අනතුරු ව තම පවුල සමග මේ පුද්ගලයින් වෛර බැඳගත් බව හිටපු නාගරික මන්ත්‍රී සාවිත්‍ර ද සිල්වා හෙළි කරයි.

    ඒ හේතුවෙන් ඉකුත් ජනවාරි 03 වැනි දා වෙඩි තබා තමන්ව ඝාතනය කිරීමට මේ පිරිස උත්සහ කළ බවත් එම උත්සය එම මොහාතේ අසාර්ථක වූ බවත් ඔහු පවසයි.

    අනතුරුව තමන් වෙනුවට සිය පියා මේ පුද්ගලයින්ගේ ගොදුරක් බවට පත් වූ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

  • අමන අයියා වීඩියෝ කර ෆේස්බුක් දැමූ කොල්ලො තුන්දෙනෙකුගෙන් අනාථ වු නංගිගේ ඇත්ත කතාව

    අමන අයියා වීඩියෝ කර ෆේස්බුක් දැමූ කොල්ලො තුන්දෙනෙකුගෙන් අනාථ වු නංගිගේ ඇත්ත කතාව

    රාත්‍රී සමාජ ජාලා සේම බීච් පාටි ද සමාජයේ බොහෝ තරුණ තරුණියන්ට අවසානයේ ගෙන ආවේ සතුටකට වඩා බලවත් වේදනාවකි. මේ වන විට රාත්‍රී සමාජ ජාල වල සේම සෑම නගරයක් පාසාම මත්පෙති වෙළදාම ජයටම කරගෙන යනු ලබයි. බොහෝ තරුණ තරුණියන් අවසානයේ තමාගේ ජීවිතය අවසන් කර ගන්නට පාටි හේතුවක් වී තිබේ. මේ වනවිට සමජ ජාලා තුල වේගයෙන් හුවමාරු වෙන වීඩියෝවක් පිලිබදව බොහො දෙනාගේ අවධානය මේ වන විට යොමුව තිබේ.

    එක්තරා තරුණියක් තමාගේ සහෝදරයා ඉදිරියේ පාපොච්චාරණයක් කරමින් තම කෙස් වැටිය කපා ගන්නා එම වීඩියෝව එම සහෝදරයා විසින් අන්තර්ජාලයට මුදා හැර තිබේ. එම තරුණිය විසින් තම සහෝදරයා ඉදිරියේ තමන් ඉදින රාත්‍රියේ අයියා කෙනෙකු විසින් දුන් මත් පෙත්තක් පානය කළ බවත් ඔවුන් තමන් පාලු නිවසකට රැගෙන ගිය බවත් තමාගේ ඇදුම් ගලවා තරුණයන් සියලු දෙනා තමා සමග ලිoගිකව එක් වූ බවත් එම නිසා මගේ සහෝදරයාට නරක නාමයක් ඇති වූ නිසා මේ දඩුවම තමා විදින බව පවසමින් තම හිස කෙස් වැටිය කතුරකින් කපා ගන්නා එම වීඩියෝව පහතින් දැක්වේ. එම වීඩියෝව රූ ගත කර ඇත්තේ එම තරුණියගේ සහෝදරයා බව පැහැදිලිය.

    එම වීඩියෝව පහතින් නරඹන්න …..

  • තම නිවුන් නැගණියගේ වෙස්ගෙන සැමියාගේ මිතුරකු සමගත් කම්සැප විදපු තරුණියගේ කතාව

    තම නිවුන් නැගණියගේ වෙස්ගෙන සැමියාගේ මිතුරකු සමගත් කම්සැප විදපු තරුණියගේ කතාව

    ඇතැම් වංචා පිලිබදව වාර්තා වෙන සිදුවීම් පිලිබදව විමසීමේදී චිත්‍රපටවලවත් නොමැති අකාරයේ සුක්ෂම වංචා සිදු කරන පුද්ගලයින් පිලිබදව විමතිය දනවන සිදුවීම් වාර්තා වේ.

    මෙවැනි අති සුක්ෂම වංචාවක් සිදුකල කාන්තාවක් පිලිබදව පසුගයි දා වාර්තා උනා. තම ඇවැස්ස මස්සිනා සමඟින් නීත්‍යනුකූලව විවාහ වී සිටි කාන්තාවක් තමා හා සමාන නිවුන් නැඟණියගේ ලිපි ලේඛන ඉදිරිපත් කර සැමියාගේ මිතුරකු සමඟ විවාහ වී මුදල් වංචාවක් කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ඇය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මාවතගම පොලිසිය කටයුතු කර තිබෙනවා.

    මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම තැනැත්තිය මාවතගම, පුස්සැල්ල ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරන තම ඇවැස්ස මස්සිනා සමඟ මීට වසර හයකට පමණ ඉහතදී විවාහ වී තිබෙන බවයි සදහන් වෙන්නේ. තම සැමියා සමඟ වන්දනා ගමනක් ගොස් ඇති අවස්ථාවකදී සැමියා සේවයේ නිරතව සිටි නාවික හමුදා කඳවුරේ සේවය කරන ඔහුගේ මිතුරකු දැන හඳුනාගෙන ඔහුට දුරකථන අංකය ලබාදී ඔහු සමඟ සම්බන්ධතාවක් පවන්ගෙන ගොස් තිබෙනවා.

    ඉන්පසුව එම තැනැත්තියගේ නැඟණියගේ නමින් පසුව හඳුනාගත් සැමියාගේ මිතුරාද සමඟ විවාහ වී ඇති අතර මෙම පුද්ගලයන් දෙදෙනාම නිවාඩු ලබා පැමිණෙන විට වරින් වර ඔවුන්ගේ නිවෙස්වල ඔවුන් සමඟ කාලය ගත කර තිබෙනවා. මෙලෙස ඔවුන් සමඟ අඹු සැමියන් ලෙස කාලය ගත කරන අතරතුර ඔවුන් දෙදෙනා සතු රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමටද ඇය කටයුතු කර තිබෙන බවයි පැවසෙන්නේ.

    කෙසේ වෙතත් පළමු සැමියාගේ පවුලේ අය ඇයගේ හැසිරීම පිළිබදව විමසිල්ලෙන් සිටීමේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස ඇය පොලිසිය වෙත හසුකර දීමට සමත්ව තිබෙන අතර මාවතගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලලිත් සඳසිරී මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.ඒ.එස්. ජයකොඩි මහතා ඇතුළු කණ්ඩායම මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

  • 9 වසරේ කෙල්ලව බීච් එකේදි උස්සල බිරිද කරගත්තු වෙලේ සුදාගේ ගෝලයාගේ කතාව මෙන්න…

    9 වසරේ කෙල්ලව බීච් එකේදි උස්සල බිරිද කරගත්තු වෙලේ සුදාගේ ගෝලයාගේ කතාව මෙන්න…

    අපේ තාත්තා කොළඹ ප්‍රසිද්ධ චරිතයක්‌. තාත්තට ව්‍යාපාර කිහිපයක්‌ තිබුණා. උතුරන්න සල්ලි තිබුණා. කුලවත් පවුලකින් පැවත එන නිසා තාත්තා දේවාලයක බස්‌නායක නිලමේවරයෙක්‌ විදිහටත් කටයුතු කළා.

    මම පාසල් දෙකකට ගියා. හොස්‌ටල් ජීවිතයට ඇතුළු වෙනකම් මම පිට වාහනයක ඉස්‌කෝලෙට ගිහිල්ලා නෑ. මාව ඉස්‌කෝලේට ගෙනියන්න, ගේන්න වෙනම වාහනයක්‌ එක්‌ක ඩ්‍රැයිවර් කෙනෙක්‌ හිටියා.

    ඒත් ව්‍යාපාර නිසා අම්මයි, තාත්තයි දෙන්නම කාර්යබහුල වෙනකොට මාව හොස්‌ටල් එකක නතර කළා. එතකොට මම ඉගෙනගත්තේ නුගේගොඩ ජනප්‍රිය පාසලක හය වසර පන්තියේ.

    හොස්‌ටල් ජීවිතයට ඇතුළු වුණාට පස්‌සේ මට පුදුමාකාර නිදහසක්‌ දැනුණා. මම රගර් සෙල්ලම් කළා. හොකී ක්‍රීඩා කළා. කැඩෙටින් කළා. එතකොට මම ජම්බු වගේ රතුයි. බෝල ගෙඩිය වගෙයි.

    හරිම ලස්‌සනයි. ඉස්‌කෝලේ ළමයි, විතරක්‌ නෙමෙයි ගුරුවරුත් මට හරි ආදරෙයි. වැඩි කාලයක්‌ නොගිහින් මම ඉස්‌කෝලේ ජනප්‍රිය චරිතයක්‌ වුණා. විවිධ යාළුවො ඇසුරු කරන්න ලැබුණා. මම ක්‍රීඩා කරනවට අම්මයි, තාත්තයි ගොඩක්‌ සතුටු වුණා.

    මම සෙල්ලම් කරන සෑම රගර් මැච් එකක්‌ම බලන්න තාත්තයි, අම්මයි ආවා. මම හොස්‌ටල් එකේ ජීවත් වුණේ කුරුල්ලෙක්‌ වගෙයි. ඒත් ගෙදර ආපු දවසට මම කූඩු වෙලා. අපි ජීවත් වෙච්ච සමාජ පන්තියත් එක්‌ක ගෙදරින් පිට තහනම් කලාපයක්‌ වෙලා තිබුණේ…”

    “මගේ අක්‌කා හැදුනේ ගෙදරමයි. සමාජයට ගියේ බොහෝම අඩුවෙන්. අන්තිමේ අක්‌කා කොල්ලෙක්‌ යාළුවෙලා ගෙදර හිරකූඩුවෙන් පැනලා ගියා. ඒ සිද්ධිය වුණේ 1998 අවුරුද්දේ. අක්‌කා ගියාට පස්‌සේ ගෙදර පාළු වෙනවා.

    මල්ලිත් එතකොට ගොඩක්‌ පොඩියි. ගෙදර පාළු නිසා අම්මා මාව හොස්‌ටල් එකෙන් අයින් කරලා ගෙදරට එක්‌කරගෙන ආවා. ගෙදර ඉඳලා ඉස්‌කෝලේ ගියත් මම හොඳට යාළුවො ඇසුරු කළා. ඉස්‌කෝලේ හත, අට පන්තිවල ඉඳලා සිගරට්‌, ගංජා, මත් පෙති පාවිච්චි කළා.

    වෙලේ සුදා ඒ කාලේ මගේ හොඳ පාසල් මිත්‍රයෙක්‌. එයාගේ පවුලේ අයවත් මම බොහෝම ළඟින් ඇසුරු කළා. ඒ අයත් එක්‌ක සෙට්‌ වෙලා අරක්‌කු, ගංජා, සිගරට්‌ හොඳටම පාවිච්චි කළා. ඒ සන්දියේ විනෝදාංශය වෙලා තිබුණේ මගේ වාහනයේ කොල්ලො දාගෙන රොන්දේ ගහන එක. දවසක්‌ ගල්කිස්‌සේ බීච් එකේදී ආතල් එකට මම මාලයක්‌ කැඩුවා. ඒත් මම මොන වැරැදි වැඩේ කළත් ඉගෙනගන්න වැඩෙත් හරියටම කළා.

    සාමාන්‍ය පෙළ විභාගය හොඳට පාස්‌ වුණා. උසස්‌ පෙළ කරන්න ඉස්‌කෝලෙ ගියාට විභාගයට වාඩි වුණේ නෑ. මම ගෙදර නතර වෙලා තාත්තාගේ ව්‍යාපාරවලට සම්බන්ධ වුණා…”

    “එහෙම ඉන්න අතරේ අපේ ගෙට පහළ ගෙදරක ගෑනු ළමයෙක්‌ එක්‌ක ආදර සම්බන්ධයක්‌ පටන් ගත්තා. එයාලා කුලෙන් පහත්. දුප්පත්. ඒත් කෙල්ල ගමටම හිටිය හැඩකාරිය. කියන්න කිසිම වරදක්‌ නෑ, ඉටි රූපයක්‌ වගෙයි.

    ආදර සම්බන්ධය පටන් අරගෙන ටික දවසක්‌ යනකොට අපේ තාත්තා දැනගත්තා. තාත්තා මුලින්ම කළේ එයාලගේ ගේ පේන්නේ නැති වෙන්න අපේ තාප්පය උස්‌සපු එක. ඊට පස්‌සේ සම්බන්ධය නතර කරන්න කියලා මට බැන්නා.

    තරවටු කළා. ගෙදරින් දොට්‌ට බහින්න දුන්නේ නෑ. අන්තිමේ මට ගෙදර අය වදයක්‌ වුණා. මම වාහනයකුත් අරගෙන ගෙදරින් පැනලා ගිහිල්ලා වෙලේ සුදාලාගේ ගෙදර නතර වුණා. එතකොටත් සුදා කුඩු බිස්‌නස්‌ කරනවා. ඉස්‌කෝලේ යන කාලේ ඉඳලා ඇසුරු කරපු නිසා යාළුවගේ බිස්‌නස්‌ එක මට වැදගත් වුණේ නෑ. මම යාළුවගේ ගෙදරට ගියේ රෑ ඩිංගට විතරයි…”

    “වාහනයත් තියෙනවා. නිදහසත් තියෙනවා. කුරුල්ලා වගේ පියැඹුවා. එතකොට මගේ කෙල්ල ඉස්‌කෝලේ නවය වසර පන්තියේ. එයා පන්ති යනවා කියලා ඇවිත් මාත් එක්‌ක එහේ, මෙහේ ගියා.

    දෙන්නගේම කැමත්තෙන් කසාඳ නොබැඳ අපි අඹු සැමියන් වුණා. කෙල්ල මට පණ ඇරලා. මටත් කෙල්ලගෙන් තොර ලොවක්‌ තිබුණේ නෑ. වියදම් කරන්න සල්ලි ඕන තරම් තිබුණා. දවස ගාණේ හෝටල් කාමරයක පැයක දෙකකට හරි අපි තනි වුණා.

    කෙල්ල ගෙදර ගියාට පස්‌සේ මම සුදාලගේ ගෙදරට ගිහිල්ලා අරක්‌කු, ගංජා එක්‌ක තනි වුණා. එළිවෙනකම් බිව්ව දවස්‌ තිබුණා. ගංජා අහුරු ගණන් ඔතලා බිව්වා. රෑට නයිට්‌ ක්‌ලබ් ගියා. උපරිම ආතල් ගත්තා. සාක්‌කු හිඳෙනකොට ගෙදර ගිහින් සල්ලි අරගෙන ආවා.

    අම්මා මට වියදමට සල්ලි නොදෙනකොට ගෙදර ලාච්චුවල සල්ලි හොරකම් කළා. එතකොට මම ගෙදර හැම ලාච්චුවකටම යතුරු කපාගෙන තියාගෙන හිටියේ. අම්මා, තාත්තා නැති වෙලාවක්‌ බලලා ගෙදරට ගිහින් ලාච්චුවලින් සල්ලි අරගෙන ආවා. ලාච්චුවේ සල්ලි අඩු වුණාට අම්මටයි, තාත්තටයි ඒක තේරුමක්‌ නෑ. අම්මා, තාත්තා සල්ලි තියෙන තැන් සේරම මම දැනගෙන හිටියා. අදටත් ගෙදර සේප්පුව අරින්න පුළුවන් මට විතරයි…”

    “ආතල් පිට ටික කාලයක්‌ යනකොට සුදා මාව කූඩු ප්‍රවාහනය කරන්න පාවිච්චි කළා. මම හැඩට, කඩවසම් විදිහට සුපිරි වාහනවල යනකොට පොලිසිය නිකමටවත් අත දැම්මේ නෑ. මමත් කැමත්තෙන්ම වැඩේ කරගෙන ගියා.

    ඒත් මම කුඩු බිව්වේ නෑ. වෙලේ සුදා මස්‌, මාළු පිලී ජාති මොකුත් කෑවේ නෑ. නැති බැරි මිනිස්‌සුන්ට උදව් උපකාර කළා. සිගරට්‌ බිව්වේ නෑ. කුඩු බිව්වෙත් නෑ. එයා ළඟින්ම ඇසුරු කරන අයට කුඩු බොන්න දුන්නෙත් නෑ.

    ඒත් එයා කුඩුකාරයන්ට කැමතියි. ඒ එයාගේ ව්‍යාපාරය නිසා. එතකොට මම ගංජාවලට තදින්ම ඇබ්බැහි වෙලා හිටියේ. සුදාගේ ගෝලයෝ සේරම කුඩු බිව්වා. උන්ට කුඩුවලින් තොර ලොවක්‌ තිබුණේ නෑ. එතකොට සුදාගේ කුඩු තොග භාරව හිටියේ මම…”

    “ඔහොම කුඩු ගොඩේ ඉන්නකොට තාත්තා මට එන්න කියලා ආයෙමත් ව්‍යාපාරවලට සම්බන්ධ කරගත්තා. මගේ අතට හොඳට සල්ලි ආවා. මම ඩබල් එකේ ආතල් ගන්න පටන් ගත්තා.

    මට දෙන සල්ලි මදි වෙනකොට ව්‍යාපාරවලින් සල්ලි ඇදලා වියදම් කළා. කෙල්ලත් එක්‌ක රවුම් ගැහුවා. කෙල්ල ඉල්ලන්නේ මොනවද අරගෙන දුන්නා. කෙල්ලත් මම කියන ඕනම දෙයක්‌ කාලා.

    දෙන්නා එක්‌ක කාමරයට ගිහිල්ලා මම අරක්‌කු බොනකොට එයාටත් දුන්නොත් ‘ඔයා නේ දෙන්නේ’ කියලා බිව්වා. මම කෙල්ලට ගංජත් පෙව්වා. කෙල්ලව මත්ද්‍රව්‍යවලට හුරු කළේ සෙක්‌ස්‌ ෆීලින් එක වැඩි කරගන්න.

    ඒත් කෙල්ල මත්ද්‍රව්‍ය ගත්තේ මට තියෙන ආදරයට. අන්තිමේ කෙල්ලත් ගංජාවලට ඇඩික්‌ වුණා. අපි දෙන්නට ලිංගිකව එකතු වෙන්න මත් වෙන්නම ඕන වුණා. ඒක අමුතුම ජීවිතයක්‌. තනිකරම පිස්‌සුවක්‌. දවල් දවසේ හෝටල් කාමරවල ගංජා එක්‌ක තුරුළු වෙලා ඉඳලා, රෑට දෙන්න එක්‌ක නයිට්‌ ක්‌ලබ් බහිනවා.

    අන්තිමේ මම කෙල්ලගේ දිගට තිබුණු කොණ්‌ඩ බාගයට කපලා ස්‌ටේ්‍රට්‌ කළා. අතේ පයේ පච්ච ගැස්‌සුවා. නහයට කරාඹු දැම්මුවා. ගැමි සුන්දරත්ව මකලා කල්බ් කෙල්ලෙක්‌ ගාණට පොෂ් කළා. ඒ හැම වෙනසක්‌ම කළේ මගේ තියෙන විකෘති ආශාවන් නිසයි…”

    “අපේ සම්බන්ධයට කෙල්ලගේ තාත්තා කැමති වුණේ නෑ. අම්මා හරි කැමැත්තෙන් හිටියේ. දවසක්‌ කෙල්ලගේ අම්මා මගේ රෙදි සාප්පුවට ඇවිත් කසාදය ගැන කතා කරනකොට මම කිව්වා ‘දුව බඳිනවා. ඔයා මාත් එකක්‌ දවසක්‌ ඉන්න ඕනෑ…’ කියලා.

    ඒ වේලාවෙත් මම හිටියේ හොඳටම ගංජා බීලා. කරන, කියන කිසිම දෙයක්‌ තේරෙන්නේ නැති තරමට මත් වෙලා. අන්තිමේ ඒ ගෑනු කෙනා මාත් එක්‌ක ඉන්න කැමති වුණා. ඊට පස්‌සේ අම්මවත් පාවිච්චි කළා.

    තව දවසක්‌ මගේ කෙල්ලයි එයාගේ නංගියි මගේ රෙදි සාප්පුවට ඇවිත් නංගිව තියලා කෙල්ල ටවුන් එකට ගියා. මම ඒ පුංචි කෙල්ලට චොක්‌ලට්‌ සල්ලි දීලා මගේ ළඟට ගත්තා එදා ඒ කෙල්ලත් මගේ අතින් ගැහැනියක්‌ වුණා.

    එතකොට නංගිට වයස අවුරුදු දොළහක්‌වත් නෑ. මට අවුරුදු විසි දෙකක්‌ විතර ඇති. ඊට පස්‌සේ කාලයක්‌ම මම අක්‌කට හොරෙන් නංගිව අරගෙන ගියා. කොහොමහරි ඕක කෙල්ලගේ අම්මා දැනගෙන කඩේට ඇවිත් තිරිසනා කියලා මට නොසෑහෙන්න බැණලා ගියා. මත් වෙලා මම මොන වනචර වැඩේ කළත් මගේ කෙල්ලට පණඇරලා ආදරය කළා…”

    “සම්බන්ධය නතර වෙලා නෑ කියලා අපේ ගෙදරින් දැනගෙන ආයෙත් මට ප්‍රශ්න දැම්මා. ව්‍යාපාරවලින් අයින් කළා. තාත්තා මට සල්ලි දෙන එක තහනම් කළා. මට ගෙදර මිනිස්‌සු අප්පිරිය වුණා.

    ගෙදර අයට වෛර කරන්න පටන් ගත්තා. තාත්තාගේ වාහන අරගෙන ගිහින් උකස්‌ තියලා සල්ලි ගත්තා. ගෙදර රත්තරං බඩු හොරකම් කරලා උකස්‌ තිබ්බා. අන්තිමේ මාව ගෙදරින් පැන්නුවා. ආයෙමත් මම වෙලේ සුදා එක්‌ක සෙට්‌ වෙලා කුඩු බිස්‌නස්‌ කළා.

    ඒ වෙනකොට චණ්‌ඩි උණක්‌ මට හොඳටම ගහලා තිබුණේ. මිනිස්‌සු එක්‌ක ගහ මරාගන්න යනවා. ගැන්සි පිටින් බැහැලා අනිත් කුඩුකාරයන්ට සත්තම දැම්මා. එක පාරක්‌ පිළියන්දලදී තව පාතාල සෙට්‌ එකක්‌ එක්‌ක මුහුණට, මුහුණ වෙඩි තියාගත්තා. මටත් වෙඩි වැදුණා. මට වෙඩි වැදිලා කියලා දැනගත්තත් ගෙදර කිසිම කෙනෙක්‌ මාව බලන්න ආවේ නෑ. මගේ කෙල්ල තමයි මං ළඟට වෙලා හිටියේ. තුවාල සනීප වෙලා නැවත කරළියට එනකොට මම හොඳ පාතාල පොරක්‌…”

    “මොරටු සමන්, ඉන්දික, වැව ළඟ බණ්‌ඩාර පාතාලේ තව පොරවල් කිහිපදෙනෙක්‌ම ළඟින් ඇසුරු කළා. මොරටු සමන්ලාගේ සෙට්‌ එකයි, වැව ළඟ බණ්‌ඩගේ සෙට්‌ එකයි තරහයි. බණ්‌ඩව මම ටිකක්‌ ළඟින් ඇසුරු කළා.

    බණ්‌ඩව ළඟින් ඇසුරු කරනවා කියලා දැනගත්තට පස්‌සේ සමන්ලාගේ සෙට්‌ එක මාත් එක්‌ක ඔරොප්පුවෙන් හිටියේ. දවසක්‌ රත්මලානේ වත්තක සෙට්‌ වෙලා ඉන්නකොට පොඩි කතාවක්‌ ඇති වුණා. එතැනදි මම කිව්වා ‘තොපි දැනගනිව් මම බණ්‌ඩාගේ මිනිහෙක්‌.

    තොපි සේරම බාවනවා…’ කියලා එතැනින් ෂේප් වෙලා ගියා. ඊට පස්‌සේ ඉන්දික මාව මරන්න හෙව්වා. බීලා පිස්‌සු දෙඩෙව්වට ඉන්දිකත් එක්‌ක හැප්පෙන්න තරම් මට ශක්‌තියක්‌ තිබුණේ නෑ. කොහේදි හරි සෙට්‌ වුණොත් ෂොට්‌ එක දෙනවා කියල මම දැනගෙන හිටියා.

    ඒ මරණ උගුලෙන් බේරෙන්න ක්‍රමයක්‌ කල්පනා කර, කර ඉන්නකොට කෙනෙක්‌ කිව්වා ‘උඹ කුඩු ගහන්න ගනිං. කුඩ්ඩෙකුට උණ්‌ඩයක්‌ පාවිච්චි කරලා වැඩක්‌ නෑ. කුඩ්ඩා කොහොමත් අකාලයේ මැරෙනවා. ඒ නිසා උන් ඕක අතහැරලා දායි…’ කියලා.

    ඒ කතාවත් මගේ ඔලුවේ රැව් දෙන්න පටන් ගත්තා. ඒත් මම කුඩුවල ආදීනව හොඳින්ම දන්න නිසා ආසාවටවත් කුඩු බොන්න බය හිතුණා. ඒත් මගේ ජොබ් එක වෙලා තිබුණේ සුදාගේ කුඩු ප්‍රවාහනය කරන එක. සුදාගේ කුඩු ගොඩේ ලැගගෙන ඉන්නකොට දවසක්‌ මට ගංජා නැති වුණා.

    ඉන්නම බෑ. ඇඟ ගංජම ඉල්ලනවා. පස්‌සේ මම කුඩු උරන එකෙක්‌ ළඟට ගිහින් මටත් ෂොට්‌ එකක්‌ දීපං කියලා ඉල්ලුවා…”

    ‘ඒයි ජම්බු බොට පිස්‌සුද… දැන දැන මේ වස ඇඟට ගන්න එපා යකෝ…’ එතැන හිටිය සෙට්‌ එකම මට බැන්නා. ඒත් මට කුඩු බොන්නම ඕන වුණා…

    ‘උඹට බොන්නම ඕනා නම් ඉදා බීලා මැරියං…’ කියලා එකෙක්‌ කුඩු චුට්‌ටක්‌ දික්‌ කළා. කුඩු තොග භාරව ඉඳලා, කුඩු ප්‍රවාහනය කරලා ජීවිතේ පළමු වතාවට කුඩු චුට්‌ටක්‌ බිව්වේ එදා තමයි.
    ඒත් එදා මට කුඩුවලින් ලොකු ෆීලින් එකක්‌ දැනුනේ නෑ. දෙවැනි දවසේ ගෝලයෝ සෙට්‌ එක මට බලෙන්ම කුඩු පෙව්වා. ඒ අය එහෙම කළේ සුදාගේ කුඩු තොග තිබුණේ මා ළඟ, මම කුඩුවලට ඇබ්බැහි වුණොත් උන්ට නිතරම කුඩු චුට්‌ට, චුට්‌ට මගෙන් ගන්න පුළුවන්.

    උන් මට කුඩු දුන්නා. මමත් චුට්‌ට, චුට්‌ට බිව්වා. අන්තිමේ මම කුඩුවලට ඇබ්බැහි වුණා. දවස ගානේ කුඩු බිව්වා. ලස්‌සනට තිබුණු ඇඟ වැල වුණා. හකු බැහැලා, ඇස්‌ ගිලිලා විරූපි වුණා. මම නිතරම කුඩු බොන නිසා සුදා මාව ජොබ් එකෙන් අයින් කළා. මම ගෙදර ගියා. අම්මා, තාත්තා බය කරගෙන සල්ලි ගත්තා. බඩු මුට්‌ටු විකුණලා කුඩු බිව්වා…”

    “කෙල්ලත් එක්‌ක කාමරවල තනිවෙලා මම කුඩු බොනකොට එයටත් දුන්නා. දවස ගානේ කාමරවලට ගිහින් කුඩු බොනකොට කෙල්ලත් කුඩුවලට ඇබ්බැහි වුණා. අන්තිමේ දෙන්නටම කුඩු බොන්න සල්ලි හොයන්න වුණා.

    එතකොට කෙල්ලට අවුරුදු දහඅටක්‌වත් නෑ. මටත් වයස විසිහතරයි. ගෙදරදී අතට අහුවෙන්නේ මොන බඩුවද අරගෙන ගිහින් විකුණුවා. දවසක්‌ මට කුඩු ගන්න සල්ලි නැතිව මාව මරන්න හොයන ඉන්දික ළඟට ගිහිල්ලා වැඳලා කුඩු ඉල්ලුවා…”

    ‘කෝ උඹගේ වාහන… සල්ලි… උඹ දැන් හොරි හැදුණු බල්ලෙක්‌ වගෙයි. මම මීට කලින් උඹව මරලා. කුඩුවලට ඇබ්බැහි වෙලා කියලා දැනගත්තට පස්‌සේ මට හිතුණා උඹ කවදාහරි මේ විදිහට මා ළඟට එනවා කියලා. කුඩු බොන ඕන එකෙක්‌ අන්තිමේ බල්ලෙක්‌ ගාණට වැටෙනවා බං. ඉදා… ඉදා… මේක අරගෙන ගිහින් බීපං. උඹගේ ගෑනිටත් පොවපං. නැත්නම් අපි ළඟට එවපං අපි පොවන්නම්…’ ඉන්දිකයා මාව බල්ලෙක්‌ ගාණට දාලා කුඩු පැකට්‌ තුනක්‌ විසි කළා. ඒ මොහොතේ ඒ කුඩු ටික මට දිව ඔසුවක්‌ වගේ දැනුණා…”

    “ඒ වෙනකොට තාත්තගේ ව්‍යාපාරත් වැටිලා. මම ගැනම හිතලා තාත්තා ලෙඩ ඇඳට වැටුණා. මම කුඩු ඉල්ල, ඉල්ලා එක, එකා ළඟ පදිරේ වුණා. ඔහොම ඉන්නකොට කළුබෝවිල කුඩු පොරක්‌ ළඟට සෙට්‌ වුණා.

    මට පැවරුණේ කුඩු ප්‍රවාහනය කරන්න. සුපිරි වෑන් එකක්‌ දුන්නා. මම වැඩේ කරගෙන ගියා. අතට සල්ලිත් ආවා. මම කුඩු ප්‍රවාහනය කරන්න මගේ කෙල්ලවත් පාවිච්චි කළා. දෙන්නත් එක්‌කම වැඩේ කරගෙන ගියා. අවුරුදු දෙක, තුනක්‌ කුඩු ප්‍රවාහනය කළා. එක දවසක්‌වත් පොලිසියට කොටු වුණේ නෑ. දවසක්‌ කුඩු ඕනර් මටයි, කෙල්ලටයි ගෙදරට එන්න කියලා කෙල්ලව තියාගෙන මාව උවමනාවකට එළියට යෑව්වා. එදා ඌ බලහත්කාරයෙන් මගේ කෙල්ලව පාවිච්චි කරලා තිබුණා. කෙල්ල මට කෙලින්ම කිව්වේ නෑ.

    ඒත් වෙච්ච දේ මම තේරුම් ගත්තා. ඌ ගෑනු පෙරේතයා. ඌට ලස්‌සන කෙල්ලෙක්‌ දැක්‌කොත් හප කරලා දානවා. මගේ කෙල්ලට කරදර කරපු දවසේ ඉඳලා ඌ ළඟින් අයින් වුණා. ඊට පස්‌සේ මම ප්ලෑන් කළේ ඌව මරන්න.

    කුඩු බිබී ඔය විදිහට වෛරයෙන් පිපිරි, පිපිරි ඉන්නකොට තාත්තා මාව මාලදිවයිනට යෑව්වා. මම මාලේට බැස්‌සේ 2003 අවුරුද්දේ. එහේදි මම ගැන්සියකට සෙට්‌ වෙලා හොරෙන් ඩොලර් අච්චු ගැහුවා.

    මාරු කරන්න යනකොට මාට්‌ටු වුණා. අන්තිමේ හිරෙත් ඉඳලා ජීවිතේට ඒ රටට යන්න බැරි කරලා මාව ලංකාවට එව්වා. ඒ ඇවිත් කුඩු බිබී රස්‌තියාදු වෙනකොට තාත්තා මාව මේ පන්සලට අරගෙන ආවා…”

    “මේ පන්සලට ආවේ 2004 අවුරුද්දේ. කුඩු සික්‌ එක කැඩිලා ජීවිතය සුබවාදී දිසාවට හැරුණා. අවුරුද්දක්‌ විතර ඉඳලා ගෙදර ගිහින් තාත්තාගේ ව්‍යාපාර කරගෙන හොඳට හිටියා. සිගරට්‌ එකක්‌වත් බිව්වේ නෑ.

    අරක්‌කු, සිගරට්‌ දකිනකොට අප්පිරියයි. මම හොඳට ඉන්න නිසා ගෙදර අයත් හරිම සතුටින් හිටියා. මට මඟුල් යෝජනා ගෙනාවා. මම ඒවා බලන්න ගියා. ඒත් ලව් එක නතර වුණේ නෑ. ඉඳලා හිටලා කෙල්ලත් එක්‌ක හෝටල් කාමරයක තනි වුණහම වෙනදා වගේ නෙමෙයි දෙන්නම මන්දගාමීයි.

    අන්තිමේ දෙන්නම කාමරයෙන් එළියට එන්නේ මූණු පුළුටු කරගෙන. දවසක්‌ බැලුවා… දෙකක්‌ බැලුවා… හරි ගියේම නෑ. දවසක්‌ දෙන්නා එක්‌ක කතා වෙලා එකතු වෙන්න ඉස්‌සර වෙලා කුඩු චුට්‌ටක්‌ ගත්තා.

    පිස්‌සු හැදුනා වගෙයි. සෙක්‌ස්‌ විකාරයයි. ‘මේක තමයි බෙහෙත…’ කියලා හිතලා කාමරයක තනි වෙනකොට කුඩු චුට්‌ට, චුට්‌ට ගත්තා. මම කුඩු දුන්නොත් තමයි කෙල්ල බිව්වේ. කෙල්ල හොයාගෙන ගිහින් කුඩු බිව්වේ නෑ.

    ඒත් දවස ගානේ රූම් ගිහින් කුඩු බොනකොට ආයෙමත් දෙන්නම කුඩුවලට ඇබ්බැහි වුණා. ඒත් ගෙදර අය හිතුවේ සේරම නතර කරලා මම බොහෝම හොඳට ඉන්නවා කියලා. කෙල්ලගේ ගෙදරත් හිතාගෙන හිටියේ මම හොඳ මිනිහෙක්‌ වෙලා කියලා.

    මම කරපු වනචර වැඩ හැම දේම හිතේ තදකරගෙන කෙල්ලගේ අම්මා අපි දෙන්නව බන්දන්න හොඳටම වලි කෑවා. ඒත් මගේ කෙල්ල දැනගත්තා අපි දෙන්නම කුඩුවලට ඇබ්බැහි වෙලා. එක වහළක්‌ යටට ගියත් ජීවිතයක්‌ නෑ කියලා. අන්තිමේ කෙල්ල මහණ වුණා.

    අවුරුදු අටක්‌ ආදරය කරපු කෙල්ල නැති වුණාට පස්‌සේ මගේ මෝළේ විකාර වුණා. කෙල්ලත් එක්‌ක ගෙවපු ජීවිතය මතක්‌ වෙනකොට අඬලා, වැළපිලා ජීවිතය නැති කරගන්න හැදූ වාර අනන්තයි. අන්තිමේ මගේ කාලකණ්‌ණි ජීවිතය ගැන හොඳින් දැනගෙන හිටිය අක්‌කා බැඳපු අයියගේ නංගි මාව බඳින්න කැමති වුණා…”

    “ඒ නංගි පිළී ජාතියක්‌වත් කන්නේ නෑ. ආගම, දහමට හරිම ලැදියි. බැංකුවක වැඩ කරන්නේ. ලස්‌සනට වෙඩින් එකක්‌ අරගෙන අපි දෙන්නා කසාද බැන්දා. එයා කසාද බැඳලා තියෙන්නේ මාව කුඩුවලින් ගලවගන්නමයි. බැඳලා අවුරුදු දෙකක්‌ විතර යනකොට අපිට පුංචි පුතෙකුත් ලැබුණා.

    ඒත් මගේ කුඩු බීම සම්පූර්ණයෙන්ම නතර වුණේ නෑ. තාත්තා මාව කටාර්වලට යෑව්වා. අවුරුද්දක්‌ විතර ජොබ් එක කරගෙන ඉන්නකොට දරුව මතක්‌ වෙලා ඉන්න බැරිව ලංකාවට ආවා.

    මම ලංකාවට ඇවිත් දවස්‌ දෙකෙන් අපේ තාත්තා නැති වුණා. මට තවත් නිදහස ලැබුණා. මම හොඳටම පිස්‌සු නටන්න පටන් ගත්තා. ආයෙමත් පරණ තැනටම වැටුණා. ගෙදර තිබුණු අන්තිම වාහනයත් විකුණුවා. ණය වුණා. නිදාගෙන ඉන්නකොට වයිෆ්ගේ කර මාලය කඩාගෙන ගිහින් උකස්‌ තිබ්බා. මගේ නෝනට සමාජයට මුහුණ දීගන්න බැරි තත්ත්වයට පත් වුණා. අන්තිමේ මගේ නෝනම මේ පන්සල හොයාගෙන නැවත පාරක්‌ මාව මෙතැනට අරගෙන ආවා…”

    “දැන් මෙතැනට ඇවිත් මාස හයක්‌ වෙනවා. ජීවිතේ ලොකු වෙනසක්‌ තියෙනවා. දැන් මට අවුරුදු තිස්‌දෙකයි. තවත් ආතල් ගන්න කාලයක්‌ ඉතිරි වෙලා නෑ. මම මෙතැනින් පිට වෙන්නේ සම්පූර්ණයෙන් වෙනස්‌ චරිතයක්‌ විදිහට. මේ වතාවේ ගොඩ යන්න බැරි නම් නැවත මට ජීවිතයක්‌ නෑ…”

     තරංග රත්නවීර.

     

  • ඇමරිකානු පුරවැසි ගෝඨාට ඡන්දේ ඉල්ලන්න බෑ.. නිතිවේදින් පිරිසක් මහින්දගේ මූණටම කියලා….

    ඇමරිකානු පුරවැසි ගෝඨාට ඡන්දේ ඉල්ලන්න බෑ.. නිතිවේදින් පිරිසක් මහින්දගේ මූණටම කියලා….

    ජනපතිවරනයට සොහොයුරු ගෝඨා එන්නේ කොහොමද? එයා ඇමරිකා පුරවැසියෙක්. ගෝඨා ෆෝම්වෙලා කියපු කතාවට හදිසියේ කුපාම මහින්ද හමුවු  නීතිවේදින්ගෙන් දැඩි පිළිතුරක්.

    ඊයේ දින එක්තරා ගුවන් විදුලි නාලිකාවකට ගෝඨා භය විසින් සිදුකරන ලද ප්‍රකාශයක වලංගු භාවය පිළිබදව හදිසියේ මහින්ද හමුවු නිතිවේදින් පිරිසක් විසින් ප්‍රශ්ණාර්ථයක් මතුකර තිබෙන බව අපට වාර්තා වේ.

    ගෝඨා භය සදහන් කරන ආකාරයට ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම ශ්‍රි ලංකාවේ වලංගු නිතියට අනුව හුදෙක් සිහිනයක් පමණක් බවත් ද්විත්ව පුරවැසි භාවය හිමි කිසිවෙකුට ශ්‍රි ලංකාවේ ජනපති පුටුවට පත්විය නොහැකි බවත් මහින්ද හමුවු එම නීතිවේදින් පිරිස කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත..

  • නොමිනිස් ගුරුවරුන්ගෙන් දරුවන්ට සිදුවන හිරිහැර ගැන ජනපති මෛත්‍රිගේ අවධානයට…..

    නොමිනිස් ගුරුවරුන්ගෙන් දරුවන්ට සිදුවන හිරිහැර ගැන ජනපති මෛත්‍රිගේ අවධානයට…..

    වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන්ගේ පිරිසිදු පානීය ජල ගැටලුවට වසර 20කට පසු ජනපති මැදිහත්වීමෙන් විසඳුම්

    ජනාධිපතිවරයා ලෙස තමා වෙත ලැබෙන ලිපි, දුරකථන ඇමතුම් සහ ඇතැම් සාකච්ඡාවලදී අනාවරණය කෙරෙන කරුණු අනුව, ගුරු සිසු සබඳතාවයේ ගුණාත්මකභාවය සහ විශිෂ්ටත්වය පිළිබඳව මෙන්ම ගුරුවරුන්ගෙන් දරුවන්ට සිදුවන හිරිහැර සහ අසාධාරණකම් පිළිබඳව ද තොරතුරු රැසක් වාර්තාවී තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

    මෙම අයහපත් තත්ත්වය පිළිබඳ බලධාරින්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේ අද (23) බිංගිරිය, වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

    ගුරු වෘත්තීය වෘත්තියකට වඩා උතුම් සේවාවක් ලෙස සැලකූ යුගය සහ ගුරු වෘත්තිය වෘත්තියක් ලෙස පමණක් සලකන වත්මන් යුගය තුළ ඇති වෙනස මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිතුමා කියා සිටියේ ගුරු වෘත්තිය යනු ජාතියක් ගොඩනගන සහ රටේ අනාගතය ගොඩනැගීමේ පූර්ණ වගකීම පැවරෙන කිසිදු වෘත්තියකට දෙවැනි නොවන උතුම්ම වෘත්තිය බවයි.

    අද ගුරු සේවයේ සිටින දෙලක්ෂ පනස්දහසකට වැඩි පිරිස අතරේ එම උතුම් වෘත්තියට සුදුසුකම් නොලබන සියයට අටක් – සියයට නමයක් අතර පිරිසක් සිටින බව ද සිදුකළ සමීක්ෂණවලින් කරුණු පෙන්වා දී තිබෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා ඒ අධ්‍යාපන සුදුසුකම් අනුව නොව සිය සේවයට දක්වන ගෞරවය, කැපවීම, කුසලතාවය සහ දක්ෂතාවය මත පෙන්වන දුර්වලතා අනුව බවද පෙන්වා දුන්නේය.

    ගුරු වෘත්තියේ, රාජ්‍ය සේවයේ මෙන්ම දේශපාලන ක්ෂේත‍්‍රයේද පවතින මෙම අඩුපාඩු සම්පූර්ණ කර ගැනීම දියුණුව කරා පියනගන ජාතියක් ලෙස ඉතා අත්‍යාවශ්‍ය බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා ඕනෑම ක්ෂේත‍්‍රයක පිළිගැනීම සහ ගෞරවය ආරක්ෂා වන්නේ එම ක්ෂේත‍්‍ර තුළ කටයුතු කරන පිරිස් සමාජයට ලබාදෙන චරිතවත් බව සහ ආදර්ශය තුළින් බව ද කියා සිටියේය.

    බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ අලුතින් ඉදිකරන ලද ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජල පද්ධතිය සිසු අයිතියට පවරාදීම අද ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය.

    2018 අපේ‍්‍රල් 28 වන දින බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ පැවති රාජ්‍ය වෙසක් උත්සවයට සහභාගීවීම සඳහා ජනාධිපතිතුමා ගුවන් මගින් වයඹ විද්‍යාපීඨ කී‍්‍රඩාංගණය වෙත පැමිණි අවස්ථාවේ එම සිසුන් කළ ඉල්ලීම පරිදි මෙම ජල පිරිපහදු පද්ධතිය ඉදිකර දීම වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කඩිනමින් වෙන් කෙරුණු අතර, ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ සහය ඇතිව එම ඉදිකිරීම් නිම කෙරිණි. ඒ අනුව 2000 වසරේ ආරම්භ වූ වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ආරම්භයේ සිටම පැවති උග‍්‍ර ජල හිඟයට පිළියම් ලබාදෙමින් වසර 20 කට පසු එම සිසුන්ගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවයට විසඳුම් හිමිව තිබේ.

    නව ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජල පද්ධතිය සිසු අයිතියට පවරාදීම සිදුවූයේ ජනාධිපතිතුමා අතිනි.

    ඉන් අනතුරුව පැවති උත්සව සභාවේදී විද්‍යා පීඨයේ විශිෂ්ටතා දැක්වූ සිසුන් සඳහා සහතිකපත් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. ජනාධිපතිතුමා වෙත ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්විනි.

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, පා.ම නලින් බණ්ඩාර, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ යොවුන් පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර යන මහත්වරුන්ද, නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහ වයඹ පළාත් අධ්‍යාපන නිලධාරින් මෙන්ම පීඨාධිපතිනිය, ගුරුවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ඉදිකරන ලද ජල ප‍්‍රතිආශ‍්‍රැතිකරණ පද්ධතිය ජනතා අයිතියට පැවරීමේ උත්සවයේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව (2018-05-23 වන දින – බිංගිරියේදී)

    ඔබේ විදුපියසට පැමිණීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. සංවර්ධන වැඩ කටයුතුවලදී ගම්වල සහ පොදුවේ ගත්විට ජනතාවගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කිරීමේදී සමහර වේලාවට මැති ඇමතිවරු, පාර්ලිමේන්තුව, පළාත් සභාව, පළාත් පාලන ආයතනවල අවශ්‍යතාවයන් සාකච්ඡා කරනවා.

    නලින් බණ්ඩාර මන්ත‍්‍රීතුමා පාර්ලිමේන්තුවට ගිය දවසේ සිට බිංගිරිය ආසනයේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රශ්න මැති ඇමතිවරු සමග කොතෙක් කතා කරන්න ඇතිද. පාර්ලිමේන්තුවේ කතා කරන්න ඇතිද. අනෙක් නිලධාරීන්ට කොපමණ කතා කරන්න ඇතිද. එයින් සමහර දේවල් ඉෂ්ටවී ඇති. සමහර දේවල් ඉෂ්ට නොවී ඇති. ගම්වල ග‍්‍රාම සංවර්ධන සමිතිවල, කාන්තා සමිතිවල, බෞද්ධ සමිතිවල වැඩ කරන අයත් තමන්ගේ ගමේ තිබෙන ප‍්‍රශ්න, පාර හදාගන්න, බොන්න වතුර ගන්න, ගමේ පාසලට ගොඩනැගිල්ලක් ගන්න, ක‍්‍රීඩා පිටිය හදාගන්න, කනත්ත හදාගන්න කොපමණ ලිපි ලියන අය ඉන්නවාද. සමහර වෙලාවට උද්ඝෝෂණය කරනවා. කතා කරනවා. ඒ දේවල් ලැබුණ විට කියනවා මෙය අපේ ගමට ලැබුණේ අහසින් පාත්වෙලා නොවෙයි, ලිපි ලියලා උද්ඝෝෂණය කරලා කෑගහලා උඟුර ලේ රහ වෙනකම් කෑගහලායි කියනවා.

    දරුවනේ ඔබට මේ යම් දෙයක් ලැබී ඇත්නම් එය ලැබී ඇත්තේ එසේ නොවේ. සති තුනකට පෙර මා මෙහි පැමිණි වේලාවේදී මහ ඇමතිතුමා කිව්වා විද්‍යාපීඨයේ දරුවෝ ඉන්නේ කියා. පීඨාධිපතිතුමියත් මා ළඟට ඇවිත් කතා කළා. මහ ඇමතිතුමා කිව්වා වෙසක් උත්සවයට හදිසි වූවත් ළමුන් සමග කතා කර යන්න කියලා. මම ඔබ සමග කතා කළ විටයි මේ ඉල්ලීම ආවේ.

    නාවික හමුදාපතිතුමා ඇතුළු තාක්ෂණික ඉංජිනේරු කාර්ය මණ්ඩලයටත් ජනාධිපති ලේකම් කාර්යාලයේ වකුගඩු සංවර්ධන, නිවාරණ අරමුදලේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල මහත්මයාටත් මම ස්තූතිවන්ත වෙනවා ලබා දුන් උපදෙස් මත එම කාර්යය ඉක්මනින් ඉටු කිරීම පිළිබඳව. විද්‍යාපීඨ පිළිබඳව ගුරු විද්‍යාල පිළිබඳව අවබෝධය සහ අත්දැකීම් මට තිබෙන්නේ ඉතා කුඩා කාලයේ සිටයි. ඒ අන් කිසිවක් නිසා නොව මගේ මව ද ඔබ මෙන් ගුරු විද්‍යාලයක මේ විදියටම පුහුණුව ලැබූ ගුරු වෘත්තියේ කෙනෙක් නිසායි. පොළොන්නරුවේ දුෂ්කර ගම්මානයක හැදුනු වැඩුණු මම පාසලේ පැය පහක් ගත කරද්දී දවසේ පැය 24 න් ඉතිරි මුළු කාලය මම ගත කළේ මගේ නිවසේ. එය තක්සලාවක් වගෙයි කිවහොත් වරදක් නැහැ. අද වගේ නොවෙයි ඒ කාලේ. මම හැදුණු වැඩුණු මගේ ගමට ඔබ ගියහොත් ඔබට දකින්න පුළුවන් කාපට් කරපු ලස්සන පාරවල් සියලු දෙයින් අංග සම්පූර්ණ ගමක් මහා කර්මාන්ත, උද්‍යානයක්, දුම්රිය පොළක් කිසි දෙයකින් අඩුවක් නැති ගමක්. අපි කුඩා කාලයේ හැදිච්ච දුෂ්කර, කටුක පරිසරය තුළ පොළොන්නරුවේ ලක්ෂ උයන විද්‍යාලයට ඔබ වගේම පුහුණු වෙලා පළවැනි පත්වීම ලැබී අපේ ගමට ආවිට බොහෝ අය තමාගේ නවාතැන කරගත්තේ අපේ නිවසයි. මගේ මෑණියන් ගුරු වෘත්තියේ නිසා බොහෝ වෙලාවට ආපුවහම ඉන්නේ කොහෙද කියලා බලනවිට විදුහල්පතිතුමා කියනවා ඔන්න ඔහෙ ටීචර්ලාගේ ගෙදර නම් ඉඩ ඇති පොඩ්ඩක් අහලා බලන්න කියලා. අපේ ගෙදර සෑම විටම අඩු වශයෙන් පස් දෙනෙක් සිටියා. අපේ ගමේ පාසලේ ගුරු මාතාවන් මහත්මයින් අපේ නිවසේ නැවතිලා හිටිය නිසා දවසේ පැය 05 ක් පාසලේදී ඉගෙනගන්නවා වගේම අනෙක් කාලය මගේ නිවස මට තක්සලාවක් වුණා.

    ඒ කාලේ අපේ ගම එච්චර හොඳ නැහැ. කසිප්පු, අරක්කු පිරිලා තිබුණා. එහෙම ගමකින් ජනාධිපතිවරයෙක් බිහිවෙන්න සෙවණ දුන්නේ, මඟපෙන්වීම ඇතිවුණේ මගේ නිවස ද තක්සලාවක් කළ ගුරුවරුන් නිසයි. ඔබේ මේ වෘත්තිය මේ යුගයන් තුළ වෘත්තියක් වූවත් එය සැබෑ ලෙසම අතීතයේ හැඳින්වූයේ වෘත්තියක් ලෙස නොවෙයි. සිදුහත් කුමාරයාගේ උපතත් අධ්‍යාපනයත් ඔබ දන්නවා. එදා සිදුහත් කුමරාගේ උපතේ සිට බුද්ධත්වය දක්වා ඉතිහාසය ඔබ දන්නවා. එදා භාරත සමාජයේ දුෂ්කර වූත් කටුක වූත් සමාජ පසුබිම ඔබ දන්නවා. ජේසු ස්වාමී දරුවන් කුරුසයේ ඇණගැසූ සමාජයේ තත්ත්වය ඔබ දන්නවා. සමාජය සහ මිනිසුන් හොඳ වුණේ සහ නරක් වූණේ මේ යුගයේ විතරක් නොවේ. එය බුදුන් වහන්සේගේ දවසෙත්, ජේසුස් වහන්සේගේ දවසෙත්, මහම්මත්තුමාගේ දවසෙත්, භගවත් ගීතාවේ සඳහන් වන ආකාරයට හින්දු ශාස්තෘවරුන්ගේ් මුල් කාලයේ සිටත් සමාජයේ පැවතුණා.

    යම් ක්ෂේත‍්‍රයක වැඩකරන ඕනෑම කෙනෙක් දේශපාලනඥයෙක්, රාජ්‍ය නිලධාරීයෙක්, ආගමික පූජකවරයෙක්, ව්‍යාපාරිකයෙක් ආදී සෑම කෙනෙක්ම සමාජයට දෙන ආදර්ශය තුළ තමයි තමාගේ වෘත්තියේ හෝ සේවාවේ වටිනාකම්, ගෞරවය හා පිළිගැන්ම පවතින්නේ. අධ්‍යාපන ඇමතිතුමා දන්නවා, ඔබ දන්නවා මේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශයට හා පළාත් සභාවලට අයත් පාසල් දහ දහස් එකසිය ගණනක් අතරේ ඔබේ සේවයේ සිටිනවා දෙලක්ෂ පනස් දහසකට අධික පිරිසක්. මම පසුගිය දිනක වාර්තාවක් දැක්කා ගුරු සේවයේ සිටින අයගෙන් හරියටම සියයට අටක් නමයක් ඉන්නවා පැහැදිලි ලෙසම ගුරු සේවයට සුදුසු නැති අය. එහෙම කියන්නේ ඒ අයගේ අධ්‍යාපන සහතිකයේ ප‍්‍රශ්නයක් නිසා නෙවෙයි. සේවය කිරීමේදී කුසලතාවය, දක්ෂතාවය තුළ ලබාගන්නා වාර්තා නිසයි. ඒ වාර්තාව මම කියෙව්වා. මේක මේ රටේ ගුරු සේවයේ විතරක් තිබෙන ප‍්‍රශ්නයක් නෙවෙයි. මේ රටේ දේශපාලනඥයින්ගෙත් ඒක තමා තත්ත්වය. මේ රටේ රාජ්‍ය සේවයේ ලක්ෂ 14 ක් ඉන්නවා. ඒ ලක්ෂ 14 සමීක්ෂණයක් කළොත් ඔය විදියෙම වාර්තා එයි. ඒ අභියෝගය අපි පැහැදිලිව තේරුම් ගත යුතුයි. මම නම් මගේ පාසල් ජීවිතයේත් මගේ ජීවිත කාලයේත් කවදාවත් උපකාරක පන්තියකට ගිය කෙනෙක් නෙවෙයි.

    මම ශිෂ්‍යයෙක් විදියට අධ්‍යාපනය ලබපු කාලයේ සමහර ගුරු මෑණිවරු සහ ගුරු පියවරු අපිට කොතරම් ආදරයක් සෙනෙහසක්, දයාවක්, දක්වපු අවස්ථා වගේම අපිව නොසලකා හැරපු අවස්ථා ද මගේ මතකයේ තිබෙනවා. මම පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබපු කාලයේ අපිට භෞතික විද්‍යාව උගන්වපු ගුරුවරයෙක් හිටියා.

    ඔබ දන්නවා ළමයි ඉගෙන ගන්න එක එක විෂයන්වලට විවිධ ශාලාවලට යනවා. විද්‍යාගාර වලට යනවා, රසායනාගාර වලට යනවා, භෞතික විද්‍යාව ඉගෙන ගන්න ගියාම පටන්ගන්න කොටම සර් කියනවා “අපොයි තමුසෙලාද ආවේ, තමුසෙලාට මම කියන්නම්, මේ ඉන්න එක මිනිහෙක්වත් කවදාවත් හරි මිනිහෙක් වෙන්නේ නැහැ. කමක් නැහැ පාඩම පටන් ගමුකෝ” කියලා පාඩම පටන් ගන්නවා. කලාතුරකින් දවසක තමයි එහෙම ඇහුවේ නැත්තේ. ඉතිං කොච්චර හොඳට ඉගැන්නුවත් ඔබ ඔබේ හෘද සාක්ෂියෙන් අහන්න පටන් ගන්නේ එහෙමනම් ඒ පුංචි වයසේ දී ඒක මොනතරම් පීඩාවක් ද කියලා. ඔබ මේ ගුරු විද්‍යා පීඨයේ පුහුණුව ලබන කාලේ ඔබේ ආචාර්යවරුන් දේශනවලට ඇවිත් එහෙම පටන් ගත්තොත් ඔබට කුමක් හිතෙයිද?

    මේ ගුරු වෘත්තිය කියන්නේ ජාතියක් ගොඩගන්න වෘත්තියක්. රටක අනාගතය පූර්ණ වගකීමක් තිබෙන සේවයක්. තවත් සේවාවකට කිසිවිටෙකත් දෙවැනි නොවන සේවයක්. ගුරුවරයා හා ශිෂ්‍යයා හඳුනාගැනීමේදී එදා වගේම අදත් අපේ පාසල්වල ගුරුවරයා හා ශිෂ්‍යයා අතරේ ඒ තිබෙන ගුණාත්මකභාවය, විශිෂ්ටත්වය, කැපවීම, ගෞරවය වගේම මොනතරම් දරුවන්ට අසාධාරණකම් සිදුවෙනවාද කියලා වාර්තා වෙනවා. සමහර පාසල්වල පන්තිභාර ගුරුතුමිය, නැත්නම් විදුහල්පතිතුමිය, ළමයින්ට කියනවා මට මෙහෙම ප‍්‍රශ්නයක් තිබෙනවා මේ දේ කරන්න, මේ දේ ගේන්න කියලා. සමහරවිට දරුවට ඒ දේ කරන්න පුළුවන් වෙන්න පුළුවන්, බැරිවෙන්න පුළුවන්. ඒ කියන දේ දරුවන්ට තේරෙන්න පුළුවන්, නොතේරෙන්න පුළුවන්. නමුත් ඒ දේවල් කරන්න බැරිවුණාම ඒ දරුවාට වෙනස්කම් කරන්න පටන්ගන්නවා. මේක අදත් මේ රටේ බරපතළ තත්ත්වයක්. මට දරුවෝ තුන්දෙනයි. ඒ තුන්දෙනාම ඉගෙන ගත්තේ මම වගේම පොළොන්නරුවේ පාසල්වල. 2001 මේ රටේ මහ මැතිවරණයක් තිබුණා. එදා මම නියෝජනය කළ පක්ෂය පරාජයට පත්වුණා. මගේ දරුවෝ තුන්දෙනාට මම ඉගෙන ගත්ත පාසලේ ඉගෙන ගන්න බැරිවුණා. ශිෂ්‍යයින් නෙමේ ගුරු මහත්ම මහත්මීන් නොයෙකුත් දේ කියන්න පටන්ගත්තා. පාසල් ගිහින් ඇවිත් දරුවෝ මාව අල්ලගෙන අඬන්න පටන්ගත්තා. අපිට බැහැ ඉස්කෝලේ යන්න කිව්වා. කවදාවත් මගේ දරුවෝ කොළඹ පාසල් වලට දාන්න කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් මම විපක්ෂයේ මන්ත‍්‍රී කෙනෙක් වුණාට පසුව මගේ දරුවෝ පොළොන්නරුවෙන් අස්කරලා කොළඹට ගේන්න සිදුවුණා.

    බොහෝ ඈත ගම්වලින් එන මන්ත‍්‍රීවරුන් කරන වැඩක් තමයි ගමේ ඉස්කෝලෙන් තමන්ගේ දරුවන්ව ඉවත් කරගෙන කොළඹ පාසල්වලට දානවා. දිගටම අල්ලගෙන හිටියොත් ඇති. ආයිත් පැරදුණොත් එහෙම දරුවන්ට යන එන මං නැහැ. ආයිත් ඒ ළමයින්ට ඉගෙනගන්න නැතිව ප‍්‍රශ්න රාශියකට මුහුණ දෙන්න වෙනවා. මම මගේ ලොකුකමට කියනවා නෙමේ. මේකේ අනෙක් පැත්ත කරපු ලංකාවේ එකම දේශපාලනඥයා මමයි. මම පාර්ලිමේන්තුවට ආවේ 89දී. මම මාර්තුවල දිවුරුම් දුන්නා. මට එතකොට හිටියේ දුවලා දෙන්නා විතරයි. දුවලා දෙන්නා ඉගෙන ගත්තේ මගේ දෙමාපියන්ගේ ගමේ හොඳයි කියන, ජනප‍්‍රියයි කියලා සලකන පාසලක. මම මන්ත‍්‍රී වුණ ගමන් මගේ ළමයි දෙන්නා ඉන් අස් කරගෙන පොළොන්නරුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් කළා. මම අහලා නැහැ මේ වගේ දෙයක් කළ වෙනත් අයෙක් ගැන.

    අපේ මේ තිබෙන සමාජ අභියෝග තේරුම්ගන්න ඕන. ඔබ පාසලට ගියාට පස්සේ දරුවන් භාරගත්තට පස්සේ ඔබේ වගකීම හා යුතුකම ජාතියක් ගොඩනැගීම. ඒ කාර්යභාරයේදී ඔබ ඇසුරට ගන්නේ හොඳින් අධ්‍යාපනය ලබන දරුවා පමණද, හොඳ දක්ෂකම් පෙන්වන දරුවා විතරද?. එහෙනම් ඒක තමයි ඔබ කරන ලොකුම අපරාධය. අවධානයට යොමුවිය යුත්තේ දක්ෂකම් පෙන්වන දරුවා පමණක් විතරක් නෙමේ සියලු දරුවන්ට ඔබේ අවධානය යොමුකිරීම ඔබේ වගකීම බව ඔබ පෙන්වා දෙමින් මාගේ කතාව අවසන් කරනවා.

    ස්තුතියි.

  • ආදරය නාමයෙන් තරුණියන් වනසන මේ වසලයාව දන්නවනම් වහාම පොලිසියට දැනුම් දෙන්න…

    ආදරය නාමයෙන් තරුණියන් වනසන මේ වසලයාව දන්නවනම් වහාම පොලිසියට දැනුම් දෙන්න…

    මානව මනෝභාවයන් අතරින්, ප්‍රේමය නමැති මනෝභාවයට විශේෂ ස්ථානයක් හිමි වෙයි. ඒ, ප්‍රේමය එතරම් ම මිනිසා සංවේදී ස්වභාවයට පත් කරන්නක් වන හෙයිනැයි හඟිමි. ප්‍රේමය තරම් හදවත ආමන්ත්‍රණය කරන අන් හැඟීමක් ඇත්ද? ප්‍රේමය දුටු කිවිඳුන්, එය අකුරු කර ඇති අයුරු අපූර්ව ය.

    ප්‍රේමය සමග ජීවත් වන්නන්ගේ ආත්මය පිවිතුරු ය. ප්‍රේමය විසින් ඔවුන්ගේ ආත්මය සුවඳවත් කර ඇත. ප්‍රේමය දැනෙන නොදැනෙන තරම් සියුම් සුවඳක් වහනය කරන සුපුෂ්පිත නා මල් හි සුවඳය. ප්‍රේමයේ උණුසුමට ගුලි වූ කල, සියොලඟ හිරිගඩු නංවන හිම මිටියාවතේ දැඩි ශීතය ද නොදැනෙනසුළු ය.

    ලතාවක් සේ වෙළී සියොළඟ
    පතමි රැකවරණය ඔබෙන්
    සදා දෝතින් මලක් සේ ඔබ
    වැළඳ ගන්නෙමි හදවතින්

    ගැහැණිය නිරතුරුවම පුරුෂයෙකුගේ රැකවරණය, ආදරය බලාපොරොත්තු වන්නීය. ඔහුගේ පහස ලබමින් තුටු වන්නීය. ලතාවකට ඉහළ නැගෙන්නට සවිමත් ආධාරකයක් අවැසිය. මම ලතාවක් වෙම් නම්, මගේ සවිය නුඹ ය. රැකවරණය නුඹ ය.
    මලක් ස්පර්ශ කල යුත්තේ මෘදුව ය. එසේ නොවුණි නම් එය තැලී, පොඩිවී, විනාශ වී යයි. එ ලෙසින්ම මම නුඹව සැමදා මලක් මෙන් රැක ගනිමි. නුඹට සෙවණ සදමි. දෑතින් නොව හදවතින් නුඹව ස්පර්ශ කරමි, වැළඳ ගනිමි.

    ඒ ප්‍රේමය ගැන සත්‍ය කථාවයි…පහතින් තිබෙන කතාව දෙස ඔබ බැලුවොත් සිතෙන්නේ මේ මොන කරුමයක්ද යන්නය..

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසලක ඉගෙනුම ලබන පෙම්වතුන් යුවළක් හෝටල් කාමරයක් තුලදී පටිගත කරන ලද අසභ්‍ය දර්ශණ සහිත වීඩියෝවක් සහ ජායාරූප කිහිපයක් මේ වනවිට අන්තර්ජාල වෙත නිකුත් වී තිබෙන්නේ නැවත නැවතත් සදාචාරය පිළිබඳව ප්‍රශ්න කරමින්. එම දර්ශණ වල සිටින නවයොවුන් තරුණිය සහ තරුණයා බියර් පානය කරමින් විවිධ කටයුතු වල නිරත වන අයුරු සඳහන් වෙනවා.

    ප්‍රේම සම්බන්ධතාවය බිඳවැටීමක් මත අදාළ තරුණයා විසින් මෙම ජායාරූප අන්තර්ජාලයට නිකුත් කර ඇතැයි පැවසෙන අතර එහි සිසුවියන් දෙදෙනෙකු සමඟ ඔහු අවස්ථා දෙකකදි සම්බන්ධතා පැවැත්වූ අයුරු දැක්වෙන බව අනාවරණය වී ඇත.

    තවත් බරපතළ සමාජ ඛේදවාචකයකින් අවසන්වීමට නියමිත් මෙම දර්ශණ ෆේස්බුක් අවකාශය තුල සංසරණය වනු දුටුවහොත් වහාම දැනුම් දෙන ලෙස අප ඔබගෙන් ඉල්ලා සිටිමු.

    නව යොවුන් වියේ දරුවන් අතර ඇතිවන ප්‍රේම සම්බන්ධතා සහ ඒ හරහා ඇතිවන අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පිළිබඳව දෙමාපියන් අවධානයෙන් සිටිය යුතුය. සිය ජීවිතයේ ලිංගික සම්බන්ධතා වැනි තීරණාත්මක කරුණු ගැන තීරණ ගැනීමේ හැකියාව නොමැති දරුවන් ආරක්ෂා කිරීම අප සියලු දෙනාගේම වගකීමකි.

    මෙම දර්ශනවල සිටින තරුණයාව ඔබ හඳුනනවානම් වහාම Child & Women Bureau: +94 11 2444444 මෙම දුරකථන අංකවලට  දන්වන ලෙසට වගකිවයුතු අංශ දැනුම් දෙනවා.

    එක දෙයයි…මේ තරුණිය වෙනුවට ඔබ, ඔබගේ දියණිය,සහෝදරිය ආදේශ කරගන්න..!

  • පාක් යන්න ආපු කෙල්ලව කාමරයකට අරන් ගිහින් විවිධ ඉරියවුවෙන් පොටෝ ගහලා…(Photos)

    පාක් යන්න ආපු කෙල්ලව කාමරයකට අරන් ගිහින් විවිධ ඉරියවුවෙන් පොටෝ ගහලා…(Photos)

    ජයාරූප පහතින්.

    තම පළමු පෙම්වතිය නවාතැන්පොළකට ගෙන ගොස් ඇගේ විවිධ ඉරියව් ඡායාරූපයට නැගී යැයි කියන ‘පෙම්වතකු’ පොලිසිය පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය. පෙම්වතිය පොලිසියට කළ පැමිණිල්ල මත සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කුමාර මහතා කීවේය.

    සැකකරු සිය පළමු පෙම්වතියගේ විවිධ කාමුක ඉරියව් ජංගම දුරකතනයෙන් ඡායාරූප වලට නගා ඇත. සැකකරු මේ ඡායාරූප ඇගේ ඥාතීන්ට සහ මිතුරන්ට පෙන්වන බවට පෙම්වතියට තර්ජනය කැර ඇය නැවත වරදට පොළඹවා ගැනීමට තැත් කොට ඇතැයි කියන පොලිසිය මෙය අසා කලබලයට පත් පෙම්වතිය ඒ පිළිබඳව පොලිසියට පැමිණිළි කළ බව පොලිස් පරීක්‍ෂක කුමාර මහතා සඳහන් කෙළේය. පොලිසියේ ළමා සහ කාන්තා ඒකකයේ ස්ථානාධිපතිනි දමයන්ති මහත්මිය පරීක්‍ෂණ පැවැත්වූවාය.

    පෙම්වතිය විවාහක බව ද ඇයට වයස අවුරුදු 14 ක දියණියක් සිටින බව ද එහිදී හෙළි විය. ඇගේ සැමියා මිය ගොසිනි. දිනක මහ මගදී හමුවූ පළමු පෙම්වතා සමග කතා බහ කිරීමෙන් පසු දෙදෙනා අතර නැවත ප්‍රේමයක් ගොඩ නැගුනු බවද පසුව පෙම්වතා සමග නොයෙක් තැන්වල ගොස් රිසිසේ විනෝද වූ බව ද පෙම්වතිය පොලිසියේ දී කීවාය. පෙම්වතා දෙදරු පියෙක් බව පොලිසියේ දී හෙළි විය. සැකකරුට තරයේ අවවාද කළ පොලිස් ස්ථානාධිපතිවරයා ඔහු අධිකරණයට ඉදිරිපත් කෙළේ ය. සැකකරු ඇප මත මුදා හැරිනි. පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

    වැඩිහිටියන්ට පමණක් සුදුසු එම ජායාරූප පහතින් නරඹන්න.

  • පිය සෙනහස නොලද දියණිය කුමරියක් වන දින උපේක්ෂාවෙන් බලාසිටි කුමරියකගේ මවගේ කතාව

    පිය සෙනහස නොලද දියණිය කුමරියක් වන දින උපේක්ෂාවෙන් බලාසිටි කුමරියකගේ මවගේ කතාව

    මේගන්ගේ තාත්තාගේ පවුලේ අය මට හරියට වෙනස්කම් කළා..”

    “ඒ නිසයි අපි දික්කසාද වුණේ, දුව ගැන සතුටුයි…”

    මේ දවස්වලහැම තත්ත්පරයේම හැම කෙනාම කතා කරන්නේ රජපවුලේ රාජකීය විවාහය ගැන. රාජ කුමාරයෙක් නිකම්ම නිකම් නිළියක්ව කසාද බදින්න යනවා. ඒ නිළිය රාජ කුමාරයාට වඩා වැඩිමල්. ඇය මිට පෙර විවාහ වෙලා දික්කසාද වුණු කෙල්ලක් මේ දේවල් තමයි මාධ්‍ය විකාශය කළේ. නමුත් හැරිට නම් ඒ කතා කිසිවක් ගැන වගක් නැහැ. හිත ගිය කෙල්ලගේ පාට ජාතකය හොයන්න ඔහුට අවශ්‍ය වුණේ නැහැ.

    ඔහු ඇයව සරණපාවාගෙන රජමාළිගයට කැදවාගෙන ගියා. ඔහු ඒ විදිහට විවාහ කරගත්තේ තනියම හැදුණු කෙල්ලෙක්, ඇය ඉපදිලා වසර දෙක තුනකින් ඇයවත් ආදරණිය අම්මාවත් අතරමං කර පලාගිය තාත්තා කෙනෙකුගේ දියණියක් කියලා බොහෝ අය දන්නේ නැහැ. ඒ අම්මා හැමෝගෙම දුක් අවලාද මැද දියණිය හදලා ලෝකෙට මුදාහරිනවා. ලෝකයම ඇය දැනගන්නේ හැරී නිසාම නෙමෙයි. ඇය නිලියක් නිසයි. රාජකීය පුතණුවන්ගේ අතිනත ගත් ආදරණිය දියණියගේ විවාහයේදී ඇය අල්තාරයේ තනියම වාඩි වෙලා හිටපු එකත් බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා. ඒ ගැන මාධ්‍ය කතා කරද්දී ඇය කියන්නේ මෙහෙම කතාවක්.

    “Doria Loyce Ragland නමින් මම උපන්නේ වර්ෂ 1956 දී. කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් මම ජිවත් වෙන්නේ. යෝගා ගුරුවරියක් වගේම සමාජ සේවිකාවක් මම. මම මේගන්ගේ තාත්තා Thomas Markle එක්ක විවාහ වෙන්නේ 1979 දෙසැම්බර් 23. අපි වර්ෂ 88 දී දික්කසාද වෙනවා. මම ඔහු එක්ක ජිවත් වෙන කාලේ ඔහුගේ පවුලෙන් හරියට බැනුම් අහලා තියෙනවා. මාව හැල්ලුවට ලක් කරලා තියෙනවා. ඒ හැම ප්‍රශ්නයක් එක්කම මම ඔහු එක්ක කාලයක් ජිවත් වුණා. පසුව ඔහු අපෙන් ඉවත් වෙනවා. අපි ගොඩක් සාමාන්‍ය පවුල්වල අය. නමුත් මම හොදින් ඉගෙන ගත් නිසා රැකියාවක් කරලා මගේ දරුවා මේගන්ව මම තනියම හදාවඩා ගත්තා. මට හැමදෙයකටම වඩා දුවගේ අනාගතේ වැදගත් නිසා. ඇය අද සුර සැප විදිනවා. සුර දුතියක් වගේ ලස්සනට ඉන්නවා. මම දුක් වින්දා වගේ ඇය දුක් විදින්නේ නැහැ කියලා මට විශ්වාසයි. හැරී කුමරු මගේ කුමාරිකාව ලස්සනට බලාගනිවී කියලා මම විශ්වාස කරනවා. මගේ දුව සතුටු වෙනවා මම පැත්තකට වෙලා සතුටින් බලාගෙන ඉන්නවා..

  • සටන අවසානයේ ජය ලැබු සත්‍යාංගනාවිය – ඈ නොකියූ ලොව නොදන්නා ඇගේ කතාව මෙන්න..

    සටන අවසානයේ ජය ලැබු සත්‍යාංගනාවිය – ඈ නොකියූ ලොව නොදන්නා ඇගේ කතාව මෙන්න..

    සුළං කිරිල්ලිය ජාතික රූපවාහිනියේ සභාපති තනතුරේ වැඩ භාරගත්තාය. නමුත් මේ ගමන තුළ, ඈ මෙතෙක් නොකී කඳුළු කතාවක් සැඟව තිබේ. අප දැන් පවසන්නේ ඒ කතාවයි.

    1954 වර්ෂයේ ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්දගේ ආදරණීය පියා වූ ටියුඩර් කීර්තිනන්ද මහතා, මෙකල නීතීඥවරයෙක් හෙවත් එකල ඇඩ්වකේට්වරයෙක් වශයෙන් ශ්‍රෙෂ්ඨාධිකරණයේ දිවුරුම් දුන්නේය. ඒ කාලයේ නීති විද්‍යාලයේ අවසන් විභාගයෙන් දෙතුන් සියයක් සමත් වූයේ නැත. සමත් වන්නෝ අපේ යුක්තියේ දේවාලයේ මහා කුලුනු බඳු වූහ. 54 වසරේ අවසන් විභාගයෙන් ද සමත් වූයේ හය දෙනෙකි. ඒ අල්පයක් දෙනා අතර සිටි අමතක නොකළ යුතු නම් තුනක් වන්නේ අපගේ කථා නායකයා වන ටියුඩර් අලුත්ගමගේ කීර්තිනන්ද, සරත් මුත්තෙට්ටුවේගම සහ ජනාධිපති නීතීඥ දයා පෙරේරා ය.

    59 වසරේ ටියුඩර් කීර්තිනන්ද මහතා ජාතික සේවක සංගමය පිහිටුවීමට මුල් තැන ගෙන ක්‍රියා කළේය. එහි ප්‍රථම ලේකම්වරයා ද ඔහුම විය. ටියුඩර් කීර්තිනන්ද මහතා නව ලෝකය සමග එක්ව ගමන් කරන රටේ ප්‍රමුඛ පෙළේ නූතන පක්ෂයකට පණ පිඹිමින් සිටියේය. පසුකලෙක ලංකාවේ පළමු විධායක ජනාධිපති ධුරයට පත්වූ ජේ.ආර්. ජයවර්ධන මහතා ජාතික සේවක සංගමයේ සභාපති ධුරයට පත්වුණේ ද එයින් තුන් වසරකට පසු 1962 වසරේ ය.

    60-70 දශක යනු ‘මුළු දිවයිනටම සාම විනිසුරු‘ පදවිය, අද මෙන් බාල්දු වී තිබූ යුගයක් නොවේ. එය, බැලූ බැලූ අත සාම විනිසුරුවරුන් දැකගත හැකි යුගයක් නොවීය. එනයින්, සාම විනිසුරු පදවියක් ලැබීම දුලබ ගෞරවයක් විය. සැමරීමට තරම් කාරණයක් ද විය. 1972 වසරේ ටියුඩර් කීර්තිනන්ද මහතා මුළු දිවයිනටම සාම විනිසුරු පදවියෙන් පිදුම් ලැබූ විට ඔහුගේ නිවසේ විශාල සාදයක් පැවැත්විණි. ඒ සාදයට පැමිණ සිටිවුන් අතර ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන සහ ආර්. ප්‍රේමදාස වැනි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෝ වූහ. ඔවුන් ‘ප්‍රබලයන්‘ නම්, ටියුඩර් කීර්තිනන්ද මහතා, ඒ ප්‍රබලයන් හට බලය ලබාගැනීමේ මං පෙහෙළි කළ ‘අති ප්‍රබලයෙක්‘ බව පක්ෂයේ සැවොම දැන සිටියහ. 1977 වසරේ එක්සත් ජාතික පක්ෂය බලයට පත්වීම සඳහා ටියුඩර් කීර්තිනන්ද මහතා කළ කාර්යභාරය සුළුපටු නොවේ.

    රටට බියකරු අවිචාර සමයක් උදා වන්නේ ඉන් පසුව ය. ඒ 1988 වර්ෂයයි. දිනපතා මහමග අලුත් මිනී පිළිස්සෙමින් තිබූ, නාඳුනන තුවක්කුකරුවන් හැන්දෑ යාමයේ දොරින් දොර තට්ටු කරමින් උණ්ඩ වියදම් කරමින්, නිරපරාද ජීවිත අත්තනෝමතික ලෙස බිලිගනිමින් සිටි අවිචාර සමයයි. නමක් නැති මරණ ගැන දොරින් දොර කන් වැකුණු සමයයි. මරණයට පෙර මරණ සහතික ලියැවුණු යුගයයි. 1988 වසරේ ඔක්තෝබර් 21 වැනිදා ටියුඩර් කීර්තිනන්ද මහතා, බම්බලපිටිය සාන්ත පාවුළු මිලාගිරි කාන්තා විද්‍යාලයේ උප විදුහල්පතිනිය වශයෙන් කටයුතු කළ සිය බිරිඳ කමලා කීර්තිනන්ද පාසලට ඇරලවීම පිණිස සිය මෝටර් රථයෙන් ගමන් ගනිමින් සිටියේය.

    වේලාව උදෑසන 6.45 විය. එකල නාවල ඔපිලන්ට් කේටර්ස් ඉදිරිපිට වාහන තදබදය තුළ රථයේ ගමන මන්දගාමී විය. වාහන තදබදය තුළ නැවතී තිබූ ටියුඩර් කීර්තිනන්ද මහතාගේ රථයට එකවරම වෙඩි වර්ෂාවක් එල්ල විය. නාඳුනන තුවක්කුකරුවන් පස් දෙනෙක් විසින් වාහනය වට කර තිබණි. ඝාතකයන්, මරණ ලැයිස්තුවේ සිටි සියල්ලන්ම මෙලොවින් තුරන් කරන්නට පිළිණ දී සිටි හෙයින්, වෙඩි වර්ෂාවෙන් පසු බෝම්බයක් ද එල්ල විය. ගිනි ගෙන දැවෙන රථය තුළින් කීර්තිනන්ද මහතා සහ කමලා කීර්තිනන්ද විදුහල්පති මාතාව පිටතට ගන්නට උදව් කළෝ ඒ අවට සිටි ජනතාව ය. අවසන, ටියුඩර් කීර්තිනන්ද මහතාගේ ප්‍රාණය, දේශප්‍රේමී යැයි කියන සංවිධානයක් විසින් දේශයට අහිමි කර තිබිණි. මේ ඝාතනය සිදු කර තිබුණේ එකී සංවිධානයට එරෙහිව ආක්‍රමණකාරී ප්‍රහාරයන් එල්ල කිරීම සතියකට නතර කළ බව රජය විසින් නිවේදනය කර පැය 24 ක් ඉක්ම යන්නට ද මත්තෙනි.

    කමලා කීර්තිනන්ද උප විදුහල්පති මාතාවගේ දිවි බේරී තිබුණ ද ඇය සිටියේ ජීවිතයත් මරණයත් අතර ය. අවසානයේ හදිසි ශල්‍යකර්මයක් මගින් පාදයක් ඉවත් කෙරිණි. එතැන් පටන් අද දක්වාම, හරියටම පුරා වසර 30කට ආසන්න කාලයක් ඈ සිය දිවිය ගෙවා දමන්නේ රෝද පුටුවක් මත ය.

    කුප්‍රකට දේශප්‍රේමී සංවිධාන විසින් පනවා තිබූ නිල නොලත් ඇඳිරි නීතියට අනුව එකල සවස් වන විට නිවෙස්වල විදුලි පහන් නිවා දැමිය යුතු විය. අකාලයේ කපා දැමුණු විසල් රුක අහිමි කීර්තිනන්ද මහතාගේ නිවසට එය විශේෂයෙන් අදාළ වූයේ ඔහු ඝාතනය කර තිබුණේ ඊනියා දේශප්‍රේමීන් විසින්ම වූ නිසා ය. එනිසා මළ ගෙදර හඬන්නට හැකි නමුත් ඉකිබිඳීම තහනම් විය. හැඬිය යුතු වූයේ හඬ නොනගා ය.

    සිය ආදරණීය පියාණන්ගේ අකල් වියෝව සිදුවන විට අපගේ කථා නායිකාව වන ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද විවාහක ය. නීති උපාධිධාරිනියකි. ඇය පියාගේ නිසල දේහය දැකීමට සොවින් බර හදින් යුතුව ආවාය. අද ජ්‍යේෂ්ඨ නීතීඥවරයෙකුව සිටින පුත් පණ්ඩුක කීර්තිනන්ද සහ අද එංගලන්තයේ ජීවත් වන වැඩිමල් සොයුරිය ප්‍රශාන්ති කීර්තිනන්ද සමග එක්ව වැළපුණාය. නමුත් ඉකි නොබින්දාය. කඳුළු ගඟක් ගැලුවත් ඉකි බිඳීම තහනම් නිසා ය.

    ඝාතනයට ලක් වන විට ටියුඩර් කීර්තිනන්ද මහතා එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරිකවරයා ය. එසේම ඔහු පක්ෂයේ විධායක කමිටුවේ ජ්‍යේෂ්ඨ සාමාජිකයෙකු ද විය. මේ, එක්සත් ජාතික පක්ෂයේ විසල් රුක්, නාඳුනන තුවක්කුකරුවන්ගේ පොරෝ පහරින් එක පිට එක ඇද වැටී තිබිණි. 1987 වසරේ දෙසැම්බර් 23 වැනිදා පක්ෂයේ සභාපති හර්ෂ අබේවර්ධන ද 1988 මැයි මාසයේ පක්ෂ මහලේකම් නන්දලාල් ප්‍රනාන්දු ද අවනීතික දේශප්‍රේමීන් විසින් ඝාතනය කර දමා තිබිණි. පක්ෂයේ ඉදිරි පෙළ නායකයන් ඝාතනය කිරීමේ සැලසුමේදී මේ වන විට ඉදිරියෙන් සිටියේ ටියුඩර් කීර්තිනන්දයන් ය.

    ඔවුන් අවසානයේ පක්ෂය වෙනුවෙන් දිවි දුන්නෝ වූහ. ඔවුන් මිය ගියේ, අධික බීමතින් නාන කාමරයේ ඇද වැටීම වැනි සිල්ලර හේතු මත නොවේ. ඔවුන් පක්ෂය වෙනුවෙන් වැඩ කළේ අවට සිදුවන දේ ගැන, ඒ මහා අවදානම ගැන නොදැන නොවේ.

    මේ අවිචාර සමයට පසුව 1994 වසරේ එක්සත් ජාතික පක්ෂයට බලය අහිමි විය. 2001-2004 වසර දක්වා ඔවුන්ට නැවත බලය හිමිවිය. 2015 වසරේ දී නැවතත් එක්සත් ජාතික පක්ෂයට බලය හිමි විය. දැන් තිබෙන්නේ ද එක්සත් ජාතික පක්ෂය අවියෝජනීය සංරචකයක්ව පවතින පාලන තන්ත්‍රයකි. නමුත් පක්ෂයේ මහා කොන් ගල් බඳු වූ ටියුඩර් කීර්තිනන්ද ප්‍රමුඛ පෙර කී තිදෙනාගේ සිරිකොතේ තිබෙන ඡායාරූපවල අද වන විට මකුළු දැල් බැඳෙමින් තිබේ!

    එනිසා, තමන්ගේ පාක්ෂිකයන් බිල්ලට දුන් ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර, මේ අර්ථයෙන් ගත්කල තිබෙන වෙනස කුමක්දැයි අපි අසන්නෙමු. පක්ෂය වෙනුවෙන් දිවිපිදූ වුන් ගැන මේ පක්ෂවලට අද වගක්වත් තිබේද?

    නාඳුනන තුවක්කුකරුවන් විසින් දිවි සොරාගන්නා විට නීති උපාධිය ලබා සිටි ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මුල පටන්ම රැඩිකල් චරිතයකි. ඇයට පිය උරුමයෙන් නාවලපිටියේ අක්කර දහයක තේ වත්තක් හිමිව තිබිණි. ඇය එය විකුණා දමා චිත්‍රපට නිෂ්පාදනය කළාය. බැංකුවලට ණයකාරියක වූවාය. අධිකරණය ඉදිරියේ බැංකුවලට වගඋත්තරකාරියක ද වූවාය. අවාසනයේ සියල්ල අහිමිව මහමගට බසින්නට පවා විටෙක ඇයට සිදුවිය.

    අද, ඇය ජාතික රූපවාහිනියේ මුල් පුටුවට පත්කිරීම ගැන පුරුෂාධිපත්‍යධාරී සිවිල් සමාජයේ ඇතැම් සංචරක නොසන්සුන් වී තිබේ. පිරිමියෙකු මුල් පුටුවට පත් කළා නම් ඒ පත් කළ කෙනාගේ සුදුසුකම් තබා නමවත් නොසොයන රටේ ඔවුන් නගන ජුගුප්සාජනක පැනය මෙබඳු ය. ‘‘කාන්තාවක්ම පත් කළ යුතුයි යැයි නියමයක් තිබුණාද?!!“

    මෙකී පත්වීමට මුල් වූයේ එවකට එක්සත් ජාතික පක්ෂයට ප්‍රතිවාදී පිලක සිට දේශපාලනය කළ දෙදෙනෙකි. මේ උපහාරය සැබවින්ම ඇයට නොවේ. ඇගේ පියාණන් වූ ටියුඩර් කීර්තිනන්ද නාමයට ය. ඒ බව වටහාගැනීමට තරම් දියුණු මනසක් ඊනියා විවේචකයන් හට නොවේ.

    ටියුඩර් කීර්තිනන්දයෝ රසාලිප්ත පුද්ගලයෙකු වූහ. ඔහු සත්‍යාංගනාවියට සෞන්දර්යය කියා දුන්නේය. ඔහු සමග මධුවිතෙන් සප්පායම් වෙමින් ඔහුට සෞන්දර්යයේ යහළු මදනළින් පවන් සැලුවෝ තිදෙනෙක් වූහ. ඒ, මහගම සේකරයන්, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සහ ප්‍රේමසිරි කේමදාසයන් ය.

    රෝද පුටුවට ජීවිතය එක්තැන් වුවද පුරා තිස් වසරක් මුළුල්ලේ කමලා කීර්තිනන්ද මාතාව නොසැළෙන ඉන්ද්‍රකීලයක් සේ සිය දරුවන් සමග උපේක්ෂාවෙන් යුතුව ජීවත් වන්නීය. ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද ජාතික රූපවාහිනියේ වැඩ භාරගැනීමට පැමිණියේ ඒ මාතාව පෙරටුකරගෙන ය. වැඩභාරගැනීමට පෙර මුලින්ම ඇය ගියේ සිය ආදරණීය පියා නිසල දෑසින් තමන් දෙස බලා සිටින ඡායාරූපය වෙත ය. එය අබියස සිට ඈ නිසැක වශයෙන්ම ඔහුට මේ ගී පද දෙක මුමුණන්නට ඇත. 

    අන්දර යායේ වැව් තාවුල්ලේ – සක්මන් කරනා අප්පච්චී
    දොළේ දියයි මට – කෙතේ නිලයි – ගහ වැලේ මලයි මට අප්පච්චී…

  • තැන තැන බුරන්නේ නැතුව මිනිහෙක් වගේ විවාදයට එන්න.. මංගලගෙන් මහින්දට අභියෝගයක්…

    තැන තැන බුරන්නේ නැතුව මිනිහෙක් වගේ විවාදයට එන්න.. මංගලගෙන් මහින්දට අභියෝගයක්…

    මුදල් හා ජනමාධ්ය අමාත්‍ය මංගල සමරවීර විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනාවක් කර තිබේ.

    අමාත්‍යවරයා විසින් අද (22) දින ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයාට ඇරයුම් කර තිබුනේ රාජ්‍ය ණය තත්ත්වය පිළිබඳව හා ණය සේවාකරණය පිළිබඳව ප්‍රසිද්ධ විවාදයකට එන ලෙසට ය.

    එසේම හිටපු ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙසද කටයුතු කල නිසා තමන් මෙම ආරාධනාව නිකුත් කල බවද අමාත්‍යවරයා නිකුත්කල ටිව්ටර් පණිවිඩයේ සඳහන් වේ.

  • ගෝඨා ඇමරිකානුවෙක් – ඇමරිකාවෙන් නිල නිවේදනයක්… රාජපක්ෂවරුන් අතර දරුණු සටනක්…..

    ගෝඨා ඇමරිකානුවෙක් – ඇමරිකාවෙන් නිල නිවේදනයක්… රාජපක්ෂවරුන් අතර දරුණු සටනක්…..

    තමන් ඇමරිකානු පුරවැසියෙකු නොවන බව ප්‍රකාශ කරවා ගැනීම සඳහා ‍ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කර තිබූ අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට ඇමරිකා එක්සත් ජනපදය විසින් තීරණය කර ඇති බව විශ්වාසනීය ආරංචි මාර්ගවලින් තහවුරු වේ.

    ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයෙකු වශයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ 19 වන සංශෝධනය යටතේ ගෝඨාභය නන්දසේන රාජපක්ෂ හට ශ්‍රී ලංකාව තුළ කිසිදු මැතිවරණයක් සඳහා තරගකිරීම තහනම් ය. මේ අනුව සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම පිණිස ගෝඨාභය රාජපක්ෂ ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත්තේ එළඹෙන ජනාධිපතිවරණයට තරග වැදීමේ අපේක්ෂාවෙනි.

    පොදු ජන පෙරමුණ විසින් ඔහු මීළඟ ජනාධිපති අපේක්ෂකයා බව තහවුරු කළ යුතුව තිබුණද, එයට පෙරාතුවම ගෝටා විසින් සිය ප්‍රචාරණ ව්‍යාපාරය දියත් කර තිබෙනුයේ ‘වියත් මග‘ සංවිධානය හරහා ය.

    නමුත් ඇමරිකානු ආගමන හා ජාතිකත්වය පිළිබඳ පනත (US Immigration & Nationality Act -INA) යටතේ අන්තර්ගත වන ඇතැම් සුවිශේෂී විධිවිධාන යටතේ ඔහුට මේ වන විට සිය ඇමරිකානු පුරවැසිභාවය ප්‍රතික්ෂේප කළ නොහැකි බව විශ්වාසනීය අයුරින් හෙළිදරව් කිරීමේ හැකියාව අපට තිබේ.

    ගෝඨා – බැසිල් ගැටුම

    ඇමරිකා එක්සත් ජනපදයේ නව තීරණය පිළිබඳ කිසිවක් නොදන්නා, ගෝටාගේ ජනාධිපති අපේක්ෂකත්වයට සහාය පළ කරන අන්ත ජාතිවාදී කණ්ඩායම් ඔහුගේ සහෝදරයා වන බැසිල් රාජපක්ෂ සමග දැඩි සේ කෝපයට පත්ව සිටිති. ඒ, පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් තමන්ගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය බැසිල් විසින් දියත් කිරීමත් සමග ය.

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ ප්‍රචාරණ ව්‍යාපාර කළමනාකාරවරයා වූ බැසිල් රාජපක්ෂ, සිය උපන් දිනය සැමරීමට සමගාමීව සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ද දියත් කළේය.

    ගෝඨාභයගේ ආධාරකරුවන් ද බැසිල් සමග කෝපයෙන් පසුවන්නේ, පෙනෙන්නට තිබෙන ආකාරයට මහින්ද රාජපක්ෂ ද කැමතිම අපේක්ෂකයා බැසිල් වීම නිසා ය.

    සිය නිල කාලය තුළදී ගෝටාගේ හැසිරීම පිළිබඳ සිතා බැලීමේදීත්, චීනය සමග ගෝටාගේ තිබෙන සබඳකම් පිළිබඳ සිතා බැලීමේදීත් මහින්ද රාජපක්ෂ මහතාගේ නිගමනය වී තිබෙන්නේ බැසිල්ට සමීපයෙන් සිටිය යුතු බව ය. කෙසේ නමුත් තමන්ගේ තෝරාගැනීම බැසිල් බව මහින්ද රාජපක්ෂ විසින් තවම ප්‍රසිද්ධියේ කියා නැත.

    ගෝටා සහ නාමල් රාජපක්ෂ අතර තිබෙන අරෝව ද මහින්දගේ මෙම තීරණය සඳහා ප්‍රධාන පෙළේ හේතුවක් වී ඇත.

    මේ තත්වය මත,අවසන් මොහොතේ පැත්තකට වී, නව රාජපක්ෂ පාලනයක් තුළ කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාගැනීමට ගෝඨාභය බලාපොරොත්තු වනු ඇත. නමුත් ඔහුම පතමින් සිටින ඔහුගේ ආධාරකරුවන් මේ වන විට කුපිත වී සිටින්නේ ගෝඨාභය රාජ්‍ය නායකයා බවට පත්වීමට තිබෙන අවස්ථාව අහිමි කරන්නේ වෙන කිසිවෙක් නොව ඔහුගේම සහෝදරයා විසින් වීම නිසා ය.

    එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ දෙකේම ජනප්‍රියත්වය වර්තමානය වන විට පහළ බැස තිබුණ ද දේශපාලන විචාරකයන්ගේ මතය වන්නේ රාජපක්ෂ සහෝදරයන් අතර මේ ඇති වී තිබෙන ගැටුම, අඳුරු වළාවක ඇඳුණු රිදී රේඛාවක් බවයි

  • මල් වගාකරුවන්ගේ ගැටළු විසදගන්න ග්‍රාමශක්ති වැඩසටහන යටතේ හේලිස් සමාගමෙන් අත්වැලක්…

    මල් වගාකරුවන්ගේ ගැටළු විසදගන්න ග්‍රාමශක්ති වැඩසටහන යටතේ හේලිස් සමාගමෙන් අත්වැලක්…

    ඌව පළාත් ග්‍රාමශක්ති මල් සංගමය සහ හේලීස් පෞද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (21) සිදුවිය.

    මල් වගාකරුවන්ට ගැටලූවක්ව පැවති ස්ථාවර මිලක් සහ නව වෙළෙදපොළක් සොයා ගැනීමට මෙම ගිවිසුම මගින් හේලීස් සමාගම ඉදිරිපත්ව ඇත.

    ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ ඌව පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීම  (21) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර එහිදි ජනාධිපතිතුමා ඉදිරියේ මෙම ගිවිසුමට අත්සන් තැබිණි.

  • ග්‍රාමශක්ති ඌව පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීමේදී කවුරුත් නොහිතපු සුවිශේෂි පෙරලියක්….

    ග්‍රාමශක්ති ඌව පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීමේදී කවුරුත් නොහිතපු සුවිශේෂි පෙරලියක්….

    ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ ඌව පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් යන දෙපාර්ශ්වයම මීට එක්ව සිටි අතර, ඌව පළාතේ ජනතාව මුහුණදී සිටින ගැටලූ පිළිබ`දව ද මෙහිදී පුළුල් අවධානයක් යොමු කෙරිණි.

    එම ගැටලූවලට දැඩි ඕනෑකමකින් ඇහුම්කන්දුන් ජනාධිපතිතුමා ඉදිරිපත් කෙරුණු ඇතැම් ගැටලූවලට ලබාදිය හැකි කඩිනම් විසඳුම් පිළිබදව ද නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    ඌව පළාත් ග්‍රාමශක්ති මල් සංගමය සහ හේලීස් පෞද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ද මෙහිදී සිදුවිය.

    බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක සදහා ග්‍රාමශක්ති ව්‍යාපාරය වෙනුවෙන් රජය ලබාදෙන මුදල්වල පළමු වාරිකය ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කය සදහා රුපියල් මිලියන 22.5 ක් ද මොණාරගල දිස්ත්‍රික්ක සදහා රුපියල් මිලියන 16.5 ක් ලබාදීම සිදු කෙරිණි.

    අමාත්‍යවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, නිමල් සිරිපාල ද සිල්වා, හරින් ප්‍රනාන්දු, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනයක, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා,ඌව පළාත් ආණ්ඩුකාර ආරිය බණ්ඩාර රැකව මහතා සහ පක්ෂ විපක්ෂ පළාත් සහ ප්‍රාදේශීය සභා මහජන නියෝජිතයින් ද, පළාතේ රාජ්‍ය නිලධාරින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    https://www.facebook.com/maithripalas/posts/10156146615016327