Author: Editor[A]

  • දිනපතා ලිංගිකව එකතු උනොත් ඔබේ ශරීරයට මොකද වෙන්නේ? ඔබ න‍ොදන්නා දේ මෙන්න…

    දිනපතා ලිංගිකව එකතු උනොත් ඔබේ ශරීරයට මොකද වෙන්නේ? ඔබ න‍ොදන්නා දේ මෙන්න…

    දිනපතා ලිංගිකව එකතු උනොත් අපේ ශරීරයට වෙන දේ දන්නවද සියලුදෙනාම අනිවාර්යෙන් දැනගතයුතු දෙයක්…….මේ ගැන සම්පූර්ණ විස්තරය පහලින් තියෙන වීඩියෝ එකෙන් බලන්නකෝ..ඔයාගේ යාලුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා..

  • සාධාරණ සමාජයක් විකුණගෙන කෑ සරත් විජේසූරිය අාචාරියාගේ ඔබ නොදත් කතාව මෙන්න….

    සාධාරණ සමාජයක් විකුණගෙන කෑ සරත් විජේසූරිය අාචාරියාගේ ඔබ නොදත් කතාව මෙන්න….

    සාධාරණ සමාජයක් යන්න කී පමණින් අප සිහියට නැගෙන්නේ අන් කිසිවෙකුත් නොව ජනවාරි 08 විප්ලවය උදෙසා ජිවිත පරිත්‍යාගයෙන් මහත් කැප කිරිමක් සිදුකළ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත නායක හිමියන්වය..

    කෙසේ වෙතත් සාේභිත හිමියන්ගේ අපවත් වීමෙන් පසු සංවිධානය බිහිකිරීමට මුලික වු ප්‍රබලයන් සිටියදී සංවිධානයේ නැමති බස් රියේ ෆුට් බෝඩ් ඒකේ ගමන් කරමින් තමන් එහි ප්‍රබලයෙක් ලෙස හගවමින් සිටි එජාපයේ රනිල් හිතවාදියෙක් සංවිධානයේ නායකත්වයට දෑස් යොමාගෙන සිටියේය.. කෙසේ වෙතත් කාලයාගේ අැවෑමෙන් සාධාරණ සමාජයක් උදෙසා වු සංවිධානයේ මුල් පුටුවට පැමිණියේ අප ඉහත සදහන් කළ රනිල් හිතවාදීයා වන සියළු දැලි කුණු යටපත් කරමින් විද්වතෙක් ලෙස නමක් දරා සිටින සරත් විජේසුරිය නම් වු මහාචාර්යවරයයා..

    සැබැවින්ම ඔහු කවුද? මේ ඔහු පිළිබදව කෙරෙන හෙලිදරවුවකි..

    පසුගිය මාසයේ එක්තරා දිනයක මේ අාචාරියා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය හමුවි සාධාරන සමාජයක් උදෙසා සංවිධානය ඉදිරියට පවත්වාගෙන යාමේදි පැණ නැග අැති මුල්‍යමය ගැටළු අැතුළු ගණනාවක් සාකච්ඡා කර අැති අතර එම සාකච්ඡාව අවසානයේදි චන්ද්‍රිකා මැතිණිය විසින් සරත් විජේසුරිය හට රුපියල් මිලියන 06ක මුදලක් සාධාරන සමාජයක් උදෙසා සංවිධානයේ කටයුතු වෙනුවෙන් ලබාදී අැත. එම මුදල් සාධාරන සමාජයක් උදෙසා සංවිධානයේ ගිණුමට බැර කිරිම පසෙක තැබු මේ කුප්‍රකට අාචාරියා එම සියළු මුදල් තම පුද්ගලික ගිණුමට බැර කරගෙන කිසිවක් නාෙවුනාක් මෙන් නිහඩව සිට අැත..

    මේ අතර සාධාරන සමාජයක් සංවිධානයේ ඉතිරි නිලධාරින් සියළුදෙනා තම සංවිධානයේ තත්වය පිළිබද සාකච්ඡා කිරිමට හිටපු ජනපතිනි චන්ද්‍රිකා මැතිණිය මුණ ගැසෙන්නේ  මේ අතරතුරය.. එහිදි මුල්‍යමය ගැටළු පිළිබදව චන්ද්‍රිකා මැතිණිය දැනුවත් කල විට  ” අැයි මම සරත්ට මිලියන 06ක් දුන්නනේ සංගමයේ වැඩට ” යැයි පැවසීමත් සමගින් සියළුදෙනාට සිදුව අැති දේ පැහැදිලිවිය..

    අනතුරුව නිහඩව පැමිණි මොවුන් සාධාරන සාමාජයක් උදෙසා වු සංවිධානයේ ඊ ළග සභා වාරයේදි මේ පිළිබදව ප්‍රශ්ණ කිරිමත් සමගම සරත්ට කට උත්තර නැතිවිය.. සාමාජිකයන්ගේ දැඩි විවේචන හමුවේ නිරුවත් වු මේ අාචාරියා සභා ගැබෙන් පැණ ගොස් අැත. අනතුරුව එදා සිට මේ දක්වා චන්ද්‍රිකා මැතිණියගේ දුරකථන අැමතුමකට පවා මේ අාචාරිවරයා ප්‍රතිචාර දක්වන්නේ නැති බව අපට ලැබුණු තොරතුරු අනුව පැහැදිලි විය.

    සරත් එජාපයේ නායක රනිල් හමුවන්නේ මේ අතරතුරය.. තම නායකත්ව අර්බුධය විසදාගැනීමට සරත්ගෙන් උදවු ඉල්ලා අැති අතර රනිල්ගේ අදහසකට අනුව ජනමතය විකෘති කිරිමට රටේ නැති බොරු කියන කැලෑ පත්තරයක් මුද්‍රණය කිරිමටද රනිල් – සරත් ඩබල එකතු වන්නේය.. ප්‍රතිපත්ති පසෙක තබා සම්මාන සමාර්ථ ලබාදෙන්නේ යැයි පවසමින් තම සිසුවියන් සමග නිදිවැදුනු මේ අධම මිනිසා මේ වනවිට මුදල් වලට විකිනෙන තවත් එක් ඝණිකාවකගේ තත්වයට පත්ව අැති බව කණගාටුවෙන් වුවද සදහන් කිරිමට සිදුව අැත.

     

  • ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්‌ගේ දේහය අසල තිබූ “රණ මයුර”සම්මානය හොරකම් කරපු කෙනා මෙන්න

    ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්‌ගේ දේහය අසල තිබූ “රණ මයුර”සම්මානය හොරකම් කරපු කෙනා මෙන්න

    සිනමාවේදී අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට 1965දී  ඉන්දියාවේ  නවදිල්ලි සිනමා උළෙලේදී   ගම්පෙරළිය චිත්‍රපටයට හිමිවු  ‘රණ මයුර‘ සම්මානය අද (02) උදෑසන අතුරුදන්ව ඇතැයි වාර්තාවේ.
     
    එතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අති විශාල ජනකායක් නිවසට පැමිණ සිටි අතර උදෑසන 10 ට නිවසේ පැවැති ආගමික වතාවත් සිදු කිරීමේදීද සම්මානය ඒ අසළ තිබී ඇති අතර  ඒ අතරතුරදි කිසිවවකු මෙම සම්මානය සොරාගත්තේ දැයි සැකයක් පවතින බව  කියති.
     
    පවුලේ ඥාතීන් මේ සම්බන්ධයෙන්  පොලීසියට පැමිණිල්ලක් කිරීමටද නියමිතය.
  • වෙසක් දවසේ බුකිය කැළඹු සුරූපී තරුණියගේ ඔබ නාෙදත් ඇත්ත විස්තරය මෙන්න….

    වෙසක් දවසේ බුකිය කැළඹු සුරූපී තරුණියගේ ඔබ නාෙදත් ඇත්ත විස්තරය මෙන්න….

    වෙසක් පොහොය නිමිතිකර ගනිමින් රටපුරා විවිධ ස්ථාන වල ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් පැවැත්වෙනවා. මේ අතුරින් වෙසක් කලාප වලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්.

    කොහොම වුනත් වෙසක් සමයේදී වෙවැනි වෙසක් කළාප නැරඹීමට එන බොහෝ දෙනා වෙසඟේ සැබෑ අරුත තේරුම් ගෙන තිබෙනවාද යන්න ගැටළුවක්.

    වෙසක් සමයේදී ඇතැම් පිරිස් හැසිරෙන ආකාරයන් පිළබඳ විමසා බැලීමේදී එය හොඳින්ම පැහැදිලි වනවා.

    කොහොම වුනත් වෙසඟේ සැබෑ අරුත තේරුම් ගනිමින් කොළඹ ගංගාරාම වෙසක් කළාපයේදී තරුණියක් විසින් කල සත් ක්‍රියාවක් මේ දවස්වල සමාජ ජාලාවල විශාල කතාබහකට ලක්වෙමින් පවතිනවා.

    මෙලෙස කතාබහට ලක්වන්නේ එම තරුණිය විසින් නගරය පිරිසිදු කිරීමේ යෙදී සිටින සේවකයින් පිරිසකට ආහාර ලබා දෙන ඡායාරූප කිහිපයක්.

     

    ‘කොලොම් තොටේ වෙසක් අසිරිය විදින දෙනො දාහක් දෙනා අතරින් ඔබේ රුව දුටුවේ අහම්බෙන් මෙන,දෙවරක් ඔබ දෙස බැලුවේ එවැනි රූ සපුවක් ඔබට හිමි නිසයි නැගණිය. දෙවන වර බැලීමේදී මා දුටුවේ ඔබ යම්කිසි දෙයක් ගනිමින් සිටින බවකි. පසු විපරම් කර බැලීමේදී මා දුටුවේ ඔබ ගනන් කරනා විඩබරව නිදා සිටින කොලම්පුරය පිරිසිදු කරන කම්කරුවන් පිරිසකි,

    ඔවුන් මේ නිදගෙන සිටිනුයේ පසුදා අවදිව විගසින් අප විසින් අපායක් බවට පත්කර තිබෙන නගරය නැවතත් අලංකාරය කිරීමටය, කෙටි ආහාරයක් මිලදී ගැනීමට එතැනට පැමිණි ඔබට තනිවම ආහාර ගැනීමට සිත් නොමැතිව ඔවුන් සදහා ද අහාර මිලදී ගෙන ඔවුන් සතුටින් එම අහර අනුභව කරනු දැක සතුටින් ආහාර අනුභව කල ඔබ වෙත මගෙ camera කාචය යොමු වූයේ සැණකින් මය.

    ඉතින් සමවෙනු මැනවි නොදන්වා ලබාගත් ඡායාරූප වලට,ඇසකින් කඳුළු වගුරු ඔබ නූතන සමජයේ සිටිනා රූප ලාවණ්‍ය ගාරවල පිහිටෙන් ලස්සන/මොඩ් උන සෙල්ෆි ප්‍රින්සෙස්ලාට වඩා අගනේය. මෙය මා දුටු ලස්සම සහ පින් රැස්කර ගත් එකම දන්සලයි. ඒ පින් බලයෙන් ඔබ ලබන අත්මයෙදි ඔයටත් වඩා රූපසොභාවෙන්, කරුණාවන්ත හදවතක් හිමි පුද්ගලයකු වෙවා. ඔබට බුදුසරණයි,ජෙසු පිහිටයි,‘‘

     

    මෙලෙස එම සත්ක්‍රියාව සිදුකළ තරුණිය නමින් චලනි ෂෙහානි.නුවර ප්‍රෙද්ශයේ පදිංචිකාරියක් වන ඇය 2017 වසරේ miss intercontinental තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවී තිබෙනවා.

     

  • වැලිකඩ ඝාතනයට සම්බන්ධ රංගජීව සහ එමිල් රංජන් වෛද්‍ය නිර්දේශ නැතිව බන්ධනාගාර රෝහලේ

    වැලිකඩ ඝාතනයට සම්බන්ධ රංගජීව සහ එමිල් රංජන් වෛද්‍ය නිර්දේශ නැතිව බන්ධනාගාර රෝහලේ

    වැලිකඩ බන්ධනාගාරයේ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව මහතා සහ බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා බන්ධනාගාර ඉහළ නිලධාරියකුගේ නියෝගය මත බන්ධනාගාර රෝහලේ රඳවා ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.

    ඔවුන්ට රෝහලේ නැවතී ප්‍රතිකාර ගැනීමට තරම් රෝගයක් නැති බව ද එම ආරංචි මාර්ග පවසයි.

    බන්ධනාගාර රෝහලේ වෙනම ස්ථානයක ඔවුන් රඳවා ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි. මේ දෙදෙනාට විශේෂ පහසුකම් ලැබෙන බව බන්ධනාගාරයේම නිලධාරීහු චෝදනා කරති.

    මේ ගැන කළ විමසීමකදී බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ජගත් මල්වත්ත මහතා ප්‍රකාශ කළේ රෝහලේ ප්‍රතිකාර ලැබීමට තරම් රෝගයක් නොමැති මේ දෙදෙනා රෝහලේ රඳවා ඇත්තේ බන්ධනාගාර අධිකාරීගේ නියෝග මත බවයි.

    -ලංකාදීප-
    ජායාරූප උපුටා ගැනීම: ලංකා ඊ නිව්ස්

  • කෙල්ලෙක් සෙට් කරගන්න බුකියට අාපු තනිකඩ කාෙල්ලන්ට සකර්බර්ග් අයියාගෙන් මංගල සේවයක්….

    කෙල්ලෙක් සෙට් කරගන්න බුකියට අාපු තනිකඩ කාෙල්ලන්ට සකර්බර්ග් අයියාගෙන් මංගල සේවයක්….

    ලොව ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් සමාගමේ නවතම සේවාව ලෙස “මංගල යෝජනා සේවාවක්” අරඹන බවට එහි ප්‍රධානි මාර්ක් සකර්බර්ග් ඊයේ (01) නිවේදනය කළේය.

    වාර්ෂික F8 සම්මන්ත්‍රණයට එක් වෙමින් මාර්ක් සකර්බර්ග් කියා සිටියේ ෆේස්බුක් හරහා ආරම්භ කිරීමට යන මෙම නවතම “මංගල යෝජනා සේවාව” හරහා ලොව වටා සිටින පුද්ගලයින්ට එක්වීමේ අවස්තාව හිමිවන බවයි.

    සකර්බර්ග් පවසන්නේ දැනට ෆේස්බුක් භාවිත කරන පුද්ගලයින් ගෙන් මිලියන 200 ක පිරිසක් තමන් “තනිකඩයින්” ලෙස සිය ගිණුමේ හදුන්වා ඇති බවයි.

    එම තත්ත්වය මත මෙම මංගල යෝජනා සේවාවෙන් වැඩි ප්‍රයෝජනයක් ගැනීමට හැකිවන බව ඔහු කියා සිටියේය.

    ෆෙස්බුක් සමාගමේ මෙම ප්‍රකාශයත් සමග අනෙක් මංගල යෝජනා සේවාවන් සපයන ආයතන වල කොටස් වෙළදපල අගය පවා පහත වැටුනු බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    ඊයේ පැවති  F8  සම්මන්ත්‍රණයේදී එළිදැක්වූ ප්‍රොටෝටයිප් ෆේස්බුක් මෘදුකාංගයේ ඉහල දකුණු කෙළවරේ “හදවත” හැඩයට සමාන අයිකොනයක් හදුනවා දී තිබිණ.

    මංගල යෝජනා සේවයට එක් වීමට අවශ්‍ය ගිනුම්හිමිහිමියන්ට ඒ මත ක්ලික් කිරීමෙන් තම ගිණුමේ තොරතුරැ ෆේස්බුක් “මංගල යෝජනා සේවාව” සමග සම්බන්ධ කරලීමේ පහසුකම පවති.

    එමෙන්ම මෙම මංගල සේවා පහසුකම සැපයීමේදී එම සේවාව හා සම්බන්ධ වන අයගේ තොරතුරැ වල රහස්‍යභාවය සුරැකීමේ ක්‍රමවේදයක්ද සහිතව හදුන්වා දෙන බව පැවසූ ෆේස්බුක් හිමිකරු ඉදිරි මාස කිහිපය තුලදී මෙම නව සේවාව හදුන්වා දීමට අවශ්‍ය පියවර ගන්නා බව පවසා සිටියේය.

    Whats App හා Instagram සේවාවන් අළුත් වෙයි:

    මේ අතර ඉන්ස්ටග්‍රෑම් (Instagram) සමාජ ජාලය හරහා එය පරිශීලනය කරන්නන්ට වීඩියෝ කෝල් සේවා ලබා ගැනීමේ පහසුකම ලබා දෙන බවට ඊයේ පැවති සම්මන්ත්‍රනයේදී මාර්ක් සකර්බර්ග් පැවසිය.

    මිට අමතරව වට්ස්ඇප් (WhatsApp) සේවාව හරහා කණ්ඩායම් ලෙස වීඩියෝ කෝල් සේවාවන් ලබාගැනීමේ පහසුකමද ඉදිරියේදී ඇති කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

  • පක්ෂේ කෑවා අැති.. රනිල් දැන් ඔයා රිටයර් වෙන්න… පසුපෙළ මන්ත්‍රින් සමගින් හිරුණිකා අරගලයට…

    පක්ෂේ කෑවා අැති.. රනිල් දැන් ඔයා රිටයර් වෙන්න… පසුපෙළ මන්ත්‍රින් සමගින් හිරුණිකා අරගලයට…

    පක්ෂ නායකත්වය ඇතුලු සියලු තනතුරුවල වෙනසක් කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ දුන් ප්‍රතිඥාව ඉටු නොකිරීමට විරෝධය පාමින් අගමැතිවරයා සහභාගි වන රැස්වීම් වර්ජනය කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

    පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු 20 දෙනකු පමණ තමන් සමඟ එම තීරණයට එළැඹ සිටින බවත් මන්ත්‍රීවරිය කියා සිටියාය.

    එම තීරණයට එළැඹ සිටින සියලුම මන්ත්‍රීවරුන් දිවි හිමියෙන් අගමැති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වූ සහ නොයෙක් අසාධාරණකම්වලට ලක් වූ පුද්ගලයන් බව පවසන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පක්ෂ නායකත්වයෙන් මිස අගමැති පදවියෙන් ඉල්ලා අස්විය යුතු යයි අගමැතිවරයාට කිසිදු බලකිරීමක් නොකරන බවත් අවධාරණය කළාය.

    “විශ්වාසභංගයට මුහුණ දෙන කොට අගමැතිතුමාගේ චරිතයේ වෙනස්වීම් අපි දැක්කා. අපි ඒක විශ්වාස කළා. ඒ විශ්වාසය මත අපි හැමදෙනාම අගමැතිතුමා වෙනුවෙන් එදා නැගී සිටියා.”

    ඒ අවස්ථාවේ අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පක්ෂ ප්‍රතිසංවිධාන සඳහා සජිත් ප්‍රේමදාස, රුවන් විජේවර්ධන සහ ජේ.සී. අලවතුවල ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටු කිහිපයක් පත්කරන ලද බව සිහිපත් කරන කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරිය, තමන් ද එවැනි එක් කමිටුවක සාමාජිකත්වය දැරූ බවත් සඳහන් කළාය.

    විශේෂයෙන්ම පක්ෂයේ සියලු නිලතල සඳහා පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසීමක් මගින් නිලධාරීන් තෝරා පත් කර ගත යුතු බවට රුවන් විජේවර්ධන කමිටුව නිර්දේශ කළේ “ගම් මට්ටමේ, බිම් මට්ටමේ ජනතාවගේ හඬ” බව අවධාරණය කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පවසන්නේ, එවැන්නකට පක්ෂ ව්‍යවස්ථාවෙන් ඉඩකඩ ඇසිරී තිබෙන්නේ නම් පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ද බාධාවක් නොමැති බවය.

    මන්ත්‍රීවරිය පවසන පරිදි “රුවන් විජේවර්ධන කමිටුවේ සියලු නිර්දේශ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුය” යන්න ඇය ඇතුලු පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රධානම ඉල්ලීම වී ඇත.

    “අගමැතිතුමා පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතුයි කියල කියන්නේ අපි නෙවෙයි. අජිත් පී පෙරේරා, හරීන් ප්‍රනාන්දු, සුජීව සේනසිංහ වගේ අගමැතිතුමාගේ ලඟින්ම හිටපු අය තමා දැන් කියන්නේ. අපිත් ඒ මතය දරනවා.”

    එසේ නම් පක්ෂ නායකත්වයට පත්විය යුත්තේ කවුරුන් දැයි කළ විමසීමට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ, නායකයා සජිත් ප්‍රේමදාස ඇමතිවරයා ද, නවීන් දිසානායක ඇමතිවරයා ද යන්න තමන් සඳහන් නොකරන බවය.

    “ඉස්සරහට නායකත්වය බලාගෙන කවුරු හරි ඉන්නව නම් දැන් හොඳම අවස්ථාව එළියට ඇවිල්ල අපිට නායකත්වය දෙන්න.”

    හදිසියේම මෙවැනි උද්ඝෝෂණයක් දියත් කරන්නේ ඉදිරියේදී නියෝජ්‍ය අමාත්‍ය පදවියක් හෝ බලාපොරොත්තුවෙන්දැයි යන්න ඇයට යොමු කළ තවත් ප්‍රශ්නයකි.

    “නියෝජ්‍ය ඇමතිකම කියන්නේ පේන්න දාන නිකම්ම නිකම් සිප්පි කටු මාලයක් වගේ එකක්. නියෝජ්‍ය ඇමතිකම විහිළුවක්. ඉතින් මේ වෙලාවේ ඒ වගේ දේකට අහුවෙනවා කියන්නේ අපිත් අපේ අනාගතේ නැතිකර ගන්නවා කියන එකයි.”

    තමන්ට පක්ෂයෙන් එවැනි මට්ටමේ තනතුරක් හෝ නොලැබෙන අතර එවැන්නක් බලාපොරොත්තු නොවන බවත් ඇය කියා සිටියාය.

    කිසිදු බලයක් නොතිබුන අවස්ථාවක මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව හඬ නගමින් එවක පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයාට සහාය දුන් තමා මේ අවස්ථාවේත් “මොන විනය පරීක්ෂණය කළත්” සිය අරගලය අත් නොහරින බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

  • ස්ත්‍රී දූෂකයන්ගෙන් බේරෙන්න වෙඩි තිබ්බත් කඩන්න බැරි නවීන තාක්ෂණික යට ඇඳුමක් කරලියට

    ස්ත්‍රී දූෂකයන්ගෙන් බේරෙන්න වෙඩි තිබ්බත් කඩන්න බැරි නවීන තාක්ෂණික යට ඇඳුමක් කරලියට

    දූෂකයාගේ ඡායාරූප හා වීඩියෝ ගන්නත් පුළුවන්…
    ක්ෂණිකව පොලිසියට ඇමතුමක්..

    ස්ත්‍රී දුෂණය යනු අද ලෝකය තුල සුලභව දැකගත හැකි ඉතාමත්ම බරපතල දෙයක්.

    ඉන්දියාව තුල සෑම මිනිත්තු 15 කටම වරක් කාන්තාවක් දුෂණයට පත්වන බවට වාර්තා පළවනවා. එසේ සිදුවන ස්ත්‍රී දුෂණ සංඛ්‍යාවෙන් හෙළිවන්නේ ඉතා සුළු ප්‍රමාණයක් පමණයි. අනෙක් ස්ත්‍රී දුෂණ සියල්ල යටපත් වී යනවා.

    වැඩිවෙමින් තිබෙන ස්ත්‍රී දුෂණ රැල්ලෙන් ආරක්ෂා වීමට ඉන්දියානු තරුණියක් දැරූ උත්සහයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

    සීනු කුමාරි නැමැති මෙම තරුණිය ඩොලර් 68 ක් වැනි මුදලක් වියදම් කොට, ස්ත්‍රී දුෂණ වලින් ආරක්ෂාව සැලසීමට සමත් කාන්තා යට කලිසමක් නිපදවා තිබෙනවා. එම යට කලිසමට combination lock එකක්, හදිසි ඇමතුම් බටන් එකක්, සහ ගෝලීය ස්ථානය නිර්ණය කරන GPS පහසුකමද ඇතුලත් කර තිබෙනවා.

    ඇය පවසන්නේ එය වෙඩි නොවදින තරම් ශක්තිමත්, කැපීමට පවා නොහැකි යට ඇඳුමක් බවයි.

    ඇය මෙම නිර්මාණය කිරීමට පෙළඹී තිබෙන්නේ ඇයගේ නගරය තුල ස්ත්‍රී දුෂණ අපරාධ හිස ඔසවා තිබීම නිසාවෙනි. ඇයගේ මිතුරියන් පවා මෙලෙස දුෂණයට ලක්ව තිබෙන බව ඇය පවසා තිබෙනවා. ඇතැම් දුෂකයින් දුෂණයට ලක්වූ කාන්තාවන්ගේ නිරුවත් චායාරූප සහ වීඩියෝ විකිණීමට පවා කටයුතු කරන අවස්ථාද දැනගන්නට ලැබෙනවා.

    තමන්ට අනතුරක් සිදුවීමට ආසන්න බව දැනුනු ක්ෂණිකව ඇයට යට ඇඳුමේ වූ හදිසි ඇමතුම් බොත්තම ඔබන්නට පුළුවන්. එම ඇමතුම මගින් ලඟම ඇති පොලීසිය සහ පවුලේ කෙනෙකු උනත් සමබන්ධ කරගැනීමට හැකියාව තිබෙනවා.

    එපමනක් නොවෙයි, අපරාධකරුගේ චායාරූප ලබාගෙන ඒ තුලම ගබඩා කරගැනීමට සමත් තාක්ෂනයක්ද එහි දැකගන්නට පුළුවන්.

    ඇයගේ මෙම නිර්මාණයට තවම පේටන්ට් බලපත්‍රයක් ලැබී නොමැති අතර අනුමැතිය ලැබුණු වහාම එය වෙළඳ පොළ වෙත නිකුත් කිරීමටද ඇය සූදානම්.

  • අද දිවුරුම් දුන් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය නාම ලේඛණය මෙන්න…

    අද දිවුරුම් දුන් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය නාම ලේඛණය මෙන්න…

    එච්.එම්.එම් හාරිස් – රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන සහ මහනුවර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

    සෙයිද් අලි සාහීර් මවුලානා ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා නියෝජ්‍ය අමාත්‍ය

    මුත්තු සිවලිංගම් – අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

    මනූෂ නානායක්කාර – විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය

    පාලිත තෙවරප්පෙරුම – තිරසාර සංවර්ධන, වනජීවි හා ප්රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

    සාරතී දුෂ්මන්ත – අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය

    කරුණාරත්න පරණවිතාන – විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු සහ උඩරට උරුමය නියෝජ්‍ය අමාත්‍ය

    රන්ජන් රාමනායක – සමාජ සවිබලගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය

    දුනේෂ් ගන්කන්ද – ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

    අමීර් අලි ෂිහාබ්දීන් – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

    වීරකුමාර දිසානායක – මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

    ලක්ෂ්මන් සෙනෙවිරත්න – රාජ්‍ය පරිපාලන සහ කලමනාකරණ හා නීතිය හා සාමය රාජ්‍ය අමාත්‍ය

    ශ්‍රියානි විජේවික්‍රම – ක්‍රීඩා, පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමතිනී

    චම්පිකා ප්‍රේමදාස – වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

    දිලිප් වෙදආරච්චි – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය

    එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා – මහාමාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

    මොහාන් ලාල් ග්‍රේරෝ – උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය

  • අනාරක්ෂිත ලිංගික හැසිරීමකින් පසුව ඔබ ක‍්‍රියා කලයුතු නිවැරදිම ක‍්‍රමය මෙන්න

    අනාරක්ෂිත ලිංගික හැසිරීමකින් පසුව ඔබ ක‍්‍රියා කලයුතු නිවැරදිම ක‍්‍රමය මෙන්න

    බොහෝදෙනෙක් විමසනවා ආනරක්ෂිත ලිංගික එකතුවීමකින් පසුව සිදුකල යුත්තේ කුමක්ද කියා.

    සිදුකරනු ලැබූ එම සිදුවීම් සඳහා ඔවුන් පසුව තමයි පසුතැවිලි වන්නේ. එම පුද්ගලයින් විමසන ප‍්‍රධාන කරුණු දෙකක් තිබෙනවා.

    ඒ හේතුවෙන් මම ගැබ්ගන්නට පුලූවන්ද?

    ලිංගිකව පැතිරීයන රෝගී තත්වයකට මා ගොදුරු වේවිද?

    එම පුද්ගලයින් හට පෞද්ගලිකව උපදෙස් ලබාදුන්නද, මෙය පොදු සමාජ ගැටළුවක් යැයි අප සිතනවා. එනිසාම සියලූ දෙනා දැනුවත් කිරීමට මෙම ලිපිය ඉදිරිපත් කරන්න අප තීරනය කළා.

    ආනරක්ෂිත ලිංගික එකතුවීමකින් පසුව ඔබ ක‍්‍රියාකලයුතු නිවැරදිම ක‍්‍රමය ඔබට පහතින් දැකගන්නට පුළුවන්.

    ගැබ්ගැනීම වැළක්වීම සඳහා වහාම ක‍්‍රියාත්මක වීම.

    පිරිමියෙකු සමග අනාරක්ෂිත ලිංගික ඇසුරක් පැවැත්වූ කාන්තාවක් නම් ගැබ්ගැනීම වැළක්වීම සඳහා වහාම ක‍්‍රියාත්මක වියයුතුයි. ආනරක්ෂිත ලිංගික ඇසුර සිදුවී පැය 72ක් ඇතුලත ගැබ්ගැනීම වළක්වාලන ඖෂධ භාවිතා කිරීමට හොඳින් මතක තබා ගන්න.

    හැකි පමණ ඉක්මනට එම ඖෂධ භාවිතා කිරීම තමයි වඩාත් සුදුසු වන්නේ.

    HIV ආසාදනය වීමට තියෙන අවධානම අවම කිරීම.

    එච්.අයි.වී වෛරසය අසාදනය වී ඇති බවට සැකසිතන පුද්ගලයෙකු සමග ඔබ ලිංගිකව එකතුවුනා නම්, එච්.අයි.වී වෛරසය ආසාදනය වීමට ඇති ඉඩකඩ අවම කරගන්නට හැකියාව තිබෙනවා.

    වෛද්‍යවරයෙකු වෙත වහාම යොමු වී පොස්ට් එක්ස්පෝෂර් ප්රෝෆිලක්සිස් (පී.ඊ.පී) ප‍්‍රතිකාරය සිදුකරගන්න. දරුණු වෛරසයකට නිරාවරණය වුනු පසුව ඉන් ආසාදනය වීම වලක්වාලීම සඳහා වහාම සිදුකරන වළකාලීමේ ප‍්‍රතිකාරයක් විදියට එය හඳුන්වන්න පුළුවන්.

    ඔබ සමග ලිංගිකව එකතුවනු පුද්ගලයා සමග කතාබස් කිරීම.

    ලිංගිකව එකතු වුනු පුද්ගලයා කෙතරම් අවධානම් තැනැත්තෙක්ද යන්න දැනගැනීමට අවශ්‍යද? ඒ සඳහා කලහැකි වඩාත් සුදුසුම ක‍්‍රමවේදය නම් ඔහු සමග සුහදව කතා බස් කිරීමයි.

    ලිංගිකව පැතිරී යන රෝගීතත්වයන් හඳුනාගැනීම සඳහා පරීක්ෂාවක් ඔහු මෑතකදී සිදුකර තිබෙනවානම් හෝ එවැනි රෝගී තත්වයක් ඔහු තුල නොමැති නම් ඒ පිළිබඳව ඔබ තව දුරටත් පසුතැවිලි වියයුතු නැහැ.

    යම් කාලසටහනකට අනුව ලිංගිකව පැතිරීයන රෝගීතත්වයන් (එස්.ටී.ඞී) පරීක්ෂාවක් සිදු කිරීම.

    අනාරක්ෂිත ලිංගික ඇසුරක් පැවැත්වූ සැනින් වෛද්‍යවරයා වෙත දිවගොස් මෙම පරික්ෂාව සිදු කිරීම නොවෙයි ඔබ කලයුතු වන්නේ.

    එය සිදු කිරීමෙන් ඔබට කලහැක්කේ ඔබ තුල පවතින ලිංගික රෝගී තත්වයකට ඔබගේ සහකරුවා ගොදුරු වී නොමැති බව කියා ඔහුව සැනසීම පමණයි.

    ඔබ ඔහු සමග ලිංගිකව එකතුවීම නිසා ඔබට යම්කිසි ලිංගික රෝගයක් වැළඳීමේ අවධානමක් තිබෙනවා කියා ඔබ සිතනවානම් ඔබට ඇත්තටම යම් කාලයක් බලාගෙන ඉන්නට සිදුවෙනවා.

    එම පරික්ෂාව වඩාත් නිවැරදි වීමට නම් දවස් කිහිපයක් හෝ මාස කිහිපයක් ගත වෙන තුරු සිටිය යුතුයි. එම නිසා විටින් විට මෙම පරික්ෂාව සිදුකරන්න.

    මීලග අවස්තාව සඳහා ආරක්ෂාවක් මිලදී ගැනීම.

    සිදුකරනු ලැබූ අනාරක්ෂිත ලිංගික ඇසුරක් හේතුවෙන් ඔබ දැනටමත් පසුතැවිලි වෙනවානම්, ඉන් අදහස් කරන්නේ අනාගත ලිංගික එකතුවීම් සඳහා ආරක්‍ෂිත ක‍්‍රමවේදයක් අනුගමනය කලයුතු බවයි.

    ඒ සඳහා සෑම මොහොතකම සුදානමෙන් සිටීම වැදගත්. අන්න එම නිසාම තමයි ඔබ යන එන සෑමවිටම උපත්පාලන කොපු කිහිපයක් රැුගෙන යායුත්තේ.

    තම සහකරුවා හැරුණුකොට වෙනත් පොද්ගලයෙකු සමග ලිංගිකව හැසිරීම සදාචාර සම්පන්න නොවෙන බව හොඳින් මතක තබා ගන්න.

    එවැනි ක‍්‍රියාකාරකම් වලින් සමාජය පිළිකුල් කරන රෝගීතත්වයන් හට ඔබ ගොදුරුවීමට ඉඩ තිබෙනවා වගේම පවුල් ජීවිතය තුලද ගැටුම්කාරී තත්වයක් ඇතිවෙන්නට පුළුවන්.

    සැ.යු – තම සහකරුවා හැරුණු කොට වෙනත් පුද්ගලයින් සමග ලිංගිකව එකතුවීම සඳහා මෙම ලිපියෙන් කිසිඳු ආකාරයේ පෙළඹවීමක් හෝ අනුබලයක් ලබා නොදෙන බව කරුණාවෙන් සලකන්න.

  • ලිංගික ශක්තිය වඩවන ෆාමසියෙන් ගන්න ඉංග්‍රීසි බෙහෙත් තිබේද? අැත්ත කතාව මෙන්න..

    ලිංගික ශක්තිය වඩවන ෆාමසියෙන් ගන්න ඉංග්‍රීසි බෙහෙත් තිබේද? අැත්ත කතාව මෙන්න..

    “බටහිර වෙදකමේ වාජීකරණ ඖෂධ සහ ප්‍රතිකාර නැත්තේ මන්දැයි” පසුගිය දිනෙක මගේ හිතවතෙක් අසා සිටියේය.

    එහිදී ඔහු කීයේ සාර්ථක යුග දිවියක් සඳහා ඉවහල්වන අඹු – සැමි සබඳතා සඳහා මනා පිටිවහලක් දෙන වාජීකරණ විෂයට පැරණි ආයුර්වේදයේ ප්‍රධාන තැනක් ලැබී ඇති බවය. ඒ අතින් බටහිර වෛද්‍ය විද්‍යාව ඒ සම්බන්ධයෙන් උනන්දුවක් පළ නොකරනුයේ මන්දැයි ඔහු මගෙන් විමසා සිටියේය.

    සාර්ථක යුගදිවියක් සඳහා ඉවහල්වන මනා ලිංගික සබඳතාවයක් සඳහා යොදා ගන්නා බව පැවසෙන “කාමෝද්දීපක” පිළිබඳව ලොව පුරා ජනතාව තුළ මහක් කුතුහලයක් සහ උනන්දුවක් පවතී.

    විශේෂයෙන් පුරුෂ ශක්තිය වර්ධනය වීම සම්බන්ධ ආහාර, ඖෂධ සහ වෙනත් චිකිත්සක ක්‍රම බොහොමයක් ලොව පුරා පවතින බව නොරහසකි. අපගේ දේශීය වෙදකමේද එවැනි දේ ඇති බව පෙනේ.

    මෙහිදී පුරුෂයන් සම්බන්ධයෙන් බලපවත්නා “ලිංගික බෙලහීනතා” සේ සැලකෙන ප්‍රධානතම තත්ත්වයන් දෙකකි. එනම් ලිංගික අප්‍රාණිකත්වය සහ ‍ක්ෂණික මෝචනය යන තත්ත්වයයි.

    මෙම තත්ත්වයන් කායික, මානසික සහ ඒ දෙයාකාරයේම හේතුමත පැනනැගිය හැකි බව මෙතෙක් සිදුකරන ලද සමීක්ෂණයන්ගෙන් තහවුරු වී තිබේ.

    කල්ගත වූ දියවැඩියාව ඇතුළු අන්තරාසර්ග පද්ධතියට බලපාන රෝග තත්ත්වයන් නිසා මෙම ඉන්ද්‍රිය අප්‍රාණිකත්වය කායික වශයෙන් හට ගත හැකි අතර ඇතැම් ඖෂධයන්හි අතුරුඵල ආදී වෙනත් හේතූන් මත ද කායිකව මෙම තත්ත්වය බලපෑ හැක.

    පිරිමින් තුළ පවතිනා ක්ෂණික මෝචනය නම් තත්ත්වයද පුද්ගලයාගෙන් පුද්ගලයාට සහ අවස්ථානෝචිත ලෙස වෙනස් විය හැකි අතර එය රෝගයක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ICD 10 සංග්‍රහයේ S 52.4අංකය යටතේ ලැයිස්තු ගත කොට ඇත.

    ලිංගික ශක්තිය ඇතිවනුයේ මොළයේ ඇති වන අනුරාගී හැඟීම් මත පදනම් වන කායික මානසික ක්‍රියාකාරීත්වය අරමුණු කර ගනිමිනි. එය මොළයේ හෝමෝන ක්‍රියාකාරීත්වය මත පදනම් වන්නකි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට අඩුවැඩි වශයෙන් බලපාන තත්ත්වයකි.

    එහෙත් ලිංගිකත්වයට බලපාන ද්විතීක සාධකය වන කායික මානසික උත්ඡේදන සඳහා බටහිර ඖෂධ මගින් යම් බලපෑමක් සිදු කළ හැකි බව මේ වන විට අනාවරණය වී තිබේ. ඒ ඇතැම් ඖෂධ හුදෙක් කාමෝද්දීපනය අරමුණුකොට නිශ්පාදනය වූ ඒවා නොවේ.

    වෙනත් රෝගාබාධ සඳහා නිශ්පාදනය වන ලදුව එහි අතුරු ඵලයක් වශයෙන් අන්තරාසර්ග පද්ධතිය උත්තේජනයට ලක් කෙරෙන ඒවාය.

    නිදසුනක් ලෙස “පුප්පුසීය රුධිර පීඩනය” සඳහා දෙනු ලබන ඇතැම් ඖෂධයක අතුරුපලයක් ලෙස පුරුෂ ඉන්ද්‍රිය ප්‍රාණවත්වීම කෙරෙහි යම් බලපෑමක් සිදුවන බව සොයා ගෙන තිබේ.

    ඉන්පසු එය ලොව පුරා එවන් තත්ත්වයෙන් පෙළෙන්නවුන් සඳහා ඖෂධයක් ලෙස නියමකරන ලදී. එහෙත් එම ඖෂධ හුදෙක් වෛද්‍ය නියමයන්ට අනුවම ගත යුතුය. නැතහොත් ප්‍රථිපල අති බිහිසුණු විය හැක.

    එමෙන්ම ඇතැම් ආතති විරෝධී ‍ඖෂධ නීරෝගී පුද්ගලයන්ට ලබාදීමේදී අනුරාගී පිබිදීම් වල ඇතිවන පසුගාමී බව මුල්කොට ක්ෂණික මෝචනයට අනියම් ප්‍රතිකාරයක් ලෙස එය ද යොදා ගන්නා අවස්ථා තිබේ.

    ඒ හැරුණු කොට ශරීරයේ විවිධ ප්‍රදේශ සඳහා ගල්වන නිර්වින්දක ඖෂධ ඇතැම් වේදනා නාශක ආදිය යොදා ගැනීමෙන් ඇතිවන ස්නායු සංවේදීතාව අවම වීම මෙම ක්ෂණික මෝචන තත්ත්වයට පිළියම් වශයෙන් සමහරු යොදති.

    ඒ එමගින් ලිංගික කාරියේ දී ඇතිවන සතුට සඳහා පදනම් වන ඉන්ද්‍රීය සංවේදීතාව අඩුවන නිසාය.

    ඒ කෙසේ හෝ ඉහත සඳහන් කළ පරිදි කායික, මානසික සහ දෙයාකාරයේම පුරුෂ ලිංගික බෙලහීනතා දුරළීම සම්බන්ධයෙන් විද්‍යාත්මක වශයෙන් සායනිකව තහවුරු කළ ප්‍රතිකාර බටහිර වෛද්‍ය විද්‍යාව සතුව ඇති අතර බොහෝ දුරට විකල්ප වෛද්‍ය ක්‍රම තුළ ඇත්තේ එසේ ලිංගික ශක්තිය වැඩෙන බවට ජන විඥානයේ තහවුරු වූ ආහාර සහ ඖෂධ වර්ග පමණි.

    එහෙත් මා ඉහත සඳහන් කළ අන්දමට ලිංගික ශක්තිය බොහෝදුරට මානසිකත්වය මත පදනම් වන බැවින් එම ආහාර සහ ඖෂධ වලින් තමන් තුළ ලිංගික ශක්තිය වැඩිවෙතැයි ඇතිවන හැඟීම් මත පදනම් වන “තුෂ්ටක බලපෑම” නිසාද ඉන් සාධනීය ප්‍රතිපල ලැබෙන අවස්ථා තිබීමට පුලුවන.

    ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ බටහිර වෛද්‍ය විද්‍යාව සතුව නොමැති “වාජීකරණ ඖෂධ” ඇති බවට ජන විශ්වාසයක් ඇති වී ඇත්තේ ඒ නිසාය.

    හෘදරෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වෛද්‍ය පීඨය, – ශ්‍රීමත්ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය,රත්මලාන.

  • කෙල්ල එක්ක ගියේ 500 රූම් එකකටද? කැමරා එක්ක දර්ශන තලයකුත් තිබ්බ බව ඔබ දන්නවාද?

    කෙල්ල එක්ක ගියේ 500 රූම් එකකටද? කැමරා එක්ක දර්ශන තලයකුත් තිබ්බ බව ඔබ දන්නවාද?

    කාමර තුල සිදුවන දේ රහසිගතව පටිගත කල වීඩියෝ දර්ශන වැඩිහිටියන්ට පමණක් සුදුසු බැවින් පහතින් ඇති බැනර් මත සගවා ඇත. ඒවා නැරඹීමට පහතින් ඇති ජායාරුපයක් හෝ වීඩියෝවක් ටච් කර මද වෙලාවක් රදිසිටින්න.

    ඔහු අප දන්නා වෛද්‍යවරයෙකි. පසුගිය දිනක ඔහු තම තරුණ දියණිය සමග අනුරාධපුරයේ සිට කොළඹ බලා මෝටර් රියෙන් ගමන් කරමින් හුන්නේය.

    අතරමග හමුවූ නගරයකදී ඔහු වාහනය නතර කර එළියට බැස්සේ දහවල් ආහාරය ගැනීමට හොඳ අවන්හලක් සොයා ගැනීමටය.

    ඒ අවස්ථාවේදී ඔහු ඉදිරියට ආවේ කොලුගැටයෙකි. මුහුණේ දැළි රැවුලවත් නැති කොලුගැටයා මෝටර් රියේ කවුළුව තුළින් ඉදිරි අසුනේ සිටි දියණිය දෙස නෙත් යොමනු වෛද්‍යවරයාගේ ඇස ගැටිනි.

    “මොනවද සර් බලන්නේ… රූම් එකක්ද? ෆුල් ඒ.සී. කරපුවත් තියෙනවා. සර්ට ඕනි “ෂෝට් ටයිම්ද? නැත්නම් දවසකටද?” කොලුවා කිසිදු චකිතයකින් තොරව තම පියාගේ වයසෙහි පසුවූ වෛද්‍යවරයාගේ කනට කර පවසද්දී ඔහුගේ මුහුණ රතු වී හීන් දාඩිය දැම්මේය.

    දවල් කෑම පසෙකින් තිබියදී වහා වාහනය පණගැන්වූ ඔහු එතැනින් පිටවූයේ කොලු ගැටයාගේ කතාව දියණියට ඇසුණේ නම් තමා ගැන කුමක් සිතයි දැයි කල්පනා කරමිනි.

    රෙදිකඩ, මස්කඩ, අවන්හල්, පවත්වාගෙන යාමට වඩා පහසුවෙන් පවත්වාගෙන යාමට හැකි “කාමර කුලියට දීම” අද සල්ලි මවන ව්‍යාපාරයක් බවට පත්වී ඇත. ලංකාවේ කුමන දිග්භාගයකට ගියද “චයිනීස් හෝටල්” මෙන්ම “රූම්ස් අවේලබල්” පුවරුව සහිත ලැගුම්හල් සුලබ දසුනකි.

    මෙවැනි හෝටල් කාමර, ලැගුම්හල් වෙත යන්නෝ කවුරුන්ද? එසේ කාමර කුලියට ගන්නවුන්ගේ පෞද්ගලිකත්වය රැකීමට හෝටල් කළමනාකාරීත්වය නිසි පියවර ගෙන ඇත්ද? යන්න නම් බොහෝ සැක සහිතය. ඊට හොඳම කතාවකි මේ.

    අපි ඇයට වසන්ති යැයි කියමු. වසන්ති හා විවාහ වූ සේනක විවාහයෙන් මසක් ගතවෙද්දී මැදපෙරදිග රැකියාවකට ගියේ ඉසුරු සොයන්නටය. වසන්තිව තම දෙමාපියන් හා සහෝදර සහෝදරියන් භාරයේ තැබූ සේනකට තම බිරිඳ සුරක්ෂිත යැයි සිතිනි.

    ඒ මෙයට පස් වසරකට පෙරදීය. සෑම වසරකම අග ලැබෙන මසක නිවාඩුවට ඔහු ගම රට බලා පැමිණෙන්නේ දෙහැවිරිදි වියේ පසුවන පුතු හා වසන්තීව දැකගැන්මේ අපේක්ෂාවෙනි.

    එසේ වුවත් හත් අට දෙනෙකු වෙසෙන නිවසෙහි බිරිඳ සමග හුදකලාවීමට නොහැකි වීම දෙදෙනාටම ගැටලුවක් විය. සේනක ඊට විසඳුමක් සොයා ගත්තේය. ඔහුගේ දෑස නතර වූයේ “රූම්ස් අවේලබල්” බෝඩ් ලෑල්ලකට මුවාවී පවත්වාගෙන යන ලැගුම් හලක් වෙතටය.

    “ඒ මහත්තයා හැම අවුරුද්දකම මාසෙක නිවාඩුවට ආවහම හත් අට වතාවක්වත් එයාගෙ නෝනා එක්ක මෙහෙට එනව.

    අපූරු වැඩේ කියන්නෙ පළවෙනි සැරේ ආවේ කසාද සහතිකේ කොපියකුත් අරගෙන. අපි අහිතක් හිතයි කියල වෙන්නැති. මෙතනට දවසකට අඩු ගානෙ ජෝඩු දහයක්, දොළහක්වත් එනව. කවුද එන්නෙ කියන එක අපිට ප්‍රශ්නයක් ‍නෙවෙයි.” ඒ ලැගුම්හල් හිමිකරුගේ අදහසයි.

    මෙවැනි හෝටල් කාමරයක් තුළට වී දොරගුළු දමා ගත් පසු තමන් සිතූ පරිදි, නිදහස භුක්ති විඳින්නට හැකියැයි වසන්තීත්, සේනකත් සිතන්නට ඇත. එමෙන්ම එම හෝටල් කාමර වෙතට පෙම්සුව විඳින්නට පැමිණි වෙනත් ජෝඩු ද එසේ සිතූ බවට සැකයක් නැත.

    එහෙත් ඔවුන් සිතුවා වැරදිය. කාමරයක් තුළ හුදකලා වූ ඔවුනගේ ලිංගික ජීවිතය ඔවුන් දෙදෙනාට සීමා වූවකි.

    එසේ වුවද කාමරය තුළ අතිපෞද්ගලිකත්වය යතුරු සිදුරු අතරින් නරඹා වින්දනය ලැබිමත් තම හිත මිතුරන්ට මෙන්ම එවැනි දර්ශන නරඹා සතුටු වන්නට ලොල් වූ ඇතැමුන්ට ඒ සඳහා අවස්ථාව සලසා දීමත් මෙවැනි ඇතැම් ලැගුම්හල්වලදී නිතර ඇසෙන කතාවකි. ඒ “මොණර කොළ” වලට ඇති ගිජුකම හේතුවෙනි.

    අනුන්ගේ ලිංගික ජීවිත විකුණා මුදල් උපයන පිරිස් මෙම හෝටල් ව්‍යාපාරයන් තුළ එමටය. නමුත් අරුමය නම් කාමර තුළට වී කම්සුව විඳිනවුන් ඒ කිසිවකුදු නොදැන සිටීමය. “රූම්ස් අවේලබල්” නැතහොත් “කාමර කුලියට” බෝඩ් ලෑල්ලට මුවාවී කිසිදු ප්‍රමිතියකින් තොරව පවත්වාගෙන යන මෙවැනි ලැගුම්හල් රට පුරා අද හතු පිපුණාක් මෙනි. ඉල්ලුම අධික බැවින් හොඳ ලාබයක් ඉපැයුමට හැකිවීම එයට හේතුවයි.

    ගම්පහ දිස්ත්‍රික්කයෙහි පවත්වාගෙන යන ලැගුම් හලක හිමිකරු අපට මුණගැසුණි. අපූරු පුද්ගලයෙකු වූ ඔහු උපාධිකාරයෙකි. කරමින් සිටි රැකියාවෙන් නිවාඩු ගෙන බිරිඳ සමග විදේශගත වූ ඔහු වසර කිහිපයකට පසු ලංකාවට පැමිණියේ අතමිට තරමක මුදලක් ද ඇතිවය.

    විදේශගතව සිට ආපසු පැමිණෙන විට කලින් නිරතව සිටි රැකියාව අහිමිව තිබිණි. තම සුදුසුකම්වලට ගැළපෙන රැකියාවක් සොයා ගැනීම පහසු කාර්යයක් නොවන බැව් ඔහුට වැටහිණි. අත වූ මුදල් සමෛන් වියපැහැදම් වීම තවත් ගැටලුවකි.

    “අතේ තියන සල්ලි හොඳ බිස්නස් එකකට යොදවපං. දැන් බලපන් මගෙ හෝටල් බිස්නස් එක. හරියට කෙරුවොත් සල්ලි බලාගෙන ඉද්දි පැටව් ගස්සවන්න පුළුවන්. මහන්සි වෙන්න ඕනෙත් නැහැ.”

    හෝටල් කාමර කුලියට දීමේ ව්‍යාපාරයක නිරතව සිටින සිය මිතුරෙකුගේ උපදෙසින් කුල්මත් වූ ඔහු “කාමර කුලියට” දෙන ලැගුම් හලක් ඇරඹීමේ කාර්යයට අත ගැසුවේ තවත් වරක් සිතා බලන්නට පමා නොවෙමිනි. මිතුරා පැවසූ දෑ නිවැරදිය.

    අතපය නොවෙහෙසා පසුම්බිය තරකර ගැන්ම අරුමයක් නොවන බැව් ඔහුට වැටහුණේ “රූම්ස් අවේලබල්” පුවරුවේ වටිනාකමට පින්සිදු වන්නටය.

    “ලැගුම්හල” පටන්ගෙන වසර තුනක් අවසානයේදී ඔහු දෙමහල් නවීන පන්නයේ නිවසක් මිලදී ගෙන තම ව්‍යාපාරය තවත් පුළුල් කළේ සල්ලි “වැසි වැස්සවීමේ” අදහසිනි.

    “මම කාමරයක් කුලියට දෙන්නේ බොහොම විශ්වාසදායි විදිහට. පැයකට තුන්සිය පනහක් කියන්නෙ ඒ තරම් ලොකු ගාණක් නෙවිනෙ? ඒ හන්දා අපිට කස්ටර්මස්ලා හිඟ නැහැ. අඩුම ගානෙ දවසකට ජෝඩු පහළොවකට එහා මිස අඩු වෙන්නෙ නැහැ” ලැගුම්හල් හිමිකරු පැවසුවේ තෘප්තිමත් ලෙසිනි.

    “මේක අපූරු අත්දැකීම් ගන්න පුළුවන් රස්සාවක්. මෙතනට විවිධ වයසෙ, විවිධ තරාතිරමෙ අය එනවා. අවුරුදු දහ අටේ විතර ඉඳන් අවුරුදු හැටපහ පැනපු වයස්වල අයත් එනවා. සමහරු සැබෑ ආදරවන්තයො. සමහරු ගෙදර යන ගමන් සෙට් වුණ උදවිය.

    සමහරු හැට පැනපු ගෑනු ඔය අතරෙ ඉලන්දාරිත් එක්ක එන වෙලාවල් තියෙනවා. ඒ විතරක් ‍නෙවෙයි. අපි උගත් කියලා සලකන ඉහළ පැලැන්තියෙ අයත් එනවා. දොස්තර මහත්තුරු, නර්ස් නෝනලා.. කන්තෝරුකාරයො.. තරාතිරමක් නැහැ…” ඔහු කියන්නේය.

    අනියම් සබඳතා පවත්වන අය මෙන්ම ලිංගික වෙළෙඳාමෙහි නිරත කතුන්ද මෙම හෝටල් කාමර වෙත පැමිණීම සාමාන්‍ය සිද්ධියකි.

    ඔහුගේ අත්දැකීමට අනුව කන්තෝරු යන ජෝඩු අතරින් බොහොමයක් පැමිණෙන්නේ “ෂෝට් ලීව්” හෙවත් කෙටි නිවාඩු රැගෙනය. ඒ අතර දහවල් කෑම පැයට “හදිස්සි පිට” පැමිණ යන්නවුන්ද වෙති. කොහොම ගියත් අය කරන අවම ගාස්තුව පැයක කාලය සඳහා වූ රුපියල් තුන්සිය පනහකි.

    පාන්දර එළිය වැටෙන්නට පෙර ලැගුම් හල් වෙත පැමිණෙන ඇතැම් ජෝඩු අඳුර වැටුන පසු පිටවී යන්නේ කිසිවෙකුගේ ඇස නොගැටෙන්නටය.

    හෝටල් හිමිකරු පවසන පරිදි කාමර වෙත පැමිණෙන කාන්තාවන් බොහෝමයක් සිය අනන්‍යතාව හෙළි වීම වළකා ගැනීමට පරිස්සම් වෙති.

    “ගෑනු කට්ටිය අපිට මුහුණ දෙන්න අකමැතියි. සමහරු හැන්දෑවෙලාවට එන්නෙත් සන්ග්ලාස් දාගෙන. ස්කාෆ්වලින් ඔළුව වහගෙන, මුහුණ පාත් කරගෙන එනව.

    ඒ අතර සමහර ගෑනු උදවිය කාමරේට යනකම්ම ෆුල්ෆේස් හෙල්මට් දාගෙන යන්නෙ. මුස්ලිම් කාන්තාවෝ විදිහට “අබාය” දාගෙන ආව අයත් ඉන්නවා. හැබැයි එහෙම එන්නෙ ඒ අය ඇත්තටම මුස්ලිම් හින්දා නෙවි. අනිත් අය තමන්ව අඳුනගනියි කියන බයට.” හෝටල් හිමිකරු පැවසුයේ සිනහසෙමිනි.

    සමාජ සම්මතයට පිටුපා පිටස්තර පිරිමියෙකු සමග “හෝටල් කාමරයක්” තුළට පැමිණි බැව් සමාජයෙන් වසන් කරන්නට සිතා එළිපිට මෙසේ විවිධ උපක්‍රම යොදා සැඟවුවද කාමර තුළට වන් ඔවුන්ගේ පෞද්ගලිකත්වය එම කාමරයේ පිටත සිටින විවිධ පුද්ගලයන් ඉදිරියේ නිරාවරණය වන බැව් ඔවුන් හාංකවිසියකුදු නොදනිති.

    විවාහයකින් පිටත මෙන්ම විවාහයට ප්‍රථම කායික සබඳතා පැවැත්වීම අප සමාජය විසින් අනුමත නොකරන්නකි. එහෙත් මේ වන විට එවැනි සම්මතයන්ද සමාජයෙන් කමෛන් බැහැරව යද්දී හොර රහසේ කම්සුව විඳින්නට හෝටල් කාමර, ලැඟුම්හල් වෙත ඇදෙන සංඛ්‍යාව ඉහළය.

    කොළඹ ආශ්‍රිත කාමර කුලියට දෙන ලැගුම්හලකින් අසන්නට ලැබුණේ මෙවන් පුවතකි. එම ලැගුම්හලෙහි සෑම කාමරයකම පාහේ දොරෙහි, මෙන්ම ජනේලවල කුඩා සිදුරු සකසා ඇත්තේ කාමර තුළ ඇති ඇඳ ඉලක්ක කරගෙනය. ඒ අතර එක් කාමරයක් විශේෂයෙන් තබා ඇත.

    ඵහි නම ආදම් උයන්ය. ලැගුම්හල් සේවකයන් එම නම් තබා ඇති මෙම කාමරය හෝටලයට එන ඇහැට කනට පෙනෙන දඟකාර යැයි සිතන තරුණියන් උදෙසා වෙන්කර ඇත.

    “සමහර ඉලන්දාරි විතරක් නෙවි, හැට පැනපු මහත්තුරුත් ලස්සන විසේකාරියො අරගෙන එනව. එහෙම අයව දැක්ක ගමන් අපිට “මීටර්” වෙනව. එතකොට අපි කරන්නෙ එහෙම අයව අර “ආදම්ගෙ උයනට” දාන එකයි. ලස්සන දේවල් බලන්න කවුරුත් කැමතිනෙ.

    ඒ හන්දා ඒ කාමරේ ඇතුළෙ වෙන දේවල් බලන්න කැමති අයට අපි චාන්ස් එකක් දෙනව. හැබැයි හැමෝටම නෙවි. ඒව බොහොම පරිස්සමින්, රහසිගතව කරන දේවල්. දන්නවනෙ. ‍පොඩ්ඩ වැරදුණොත් ඔක්කොම සුන්…”

    “මේ හෝටල්වලට එන අය අතරෙ හරි අපූරු ජෝඩු එන්නව. දවසක් රෑ වේගන එද්දී ආව හැට පහක විතර පෙනුම තියෙන ඔසරියක් ඇඳපු ගෑනු කෙනෙකුයි, පනහකට විතර කිට්ටු පිරිමියෙකුයි.

    පිරිමි කෙනා බිම බලාගෙන ඉද්දි හෝට‍ලේට ඉදිරිපත් කරන්න ඕන හැඳුනුම්පත දුන්නෙ ගෑනු කෙනා.

    දෙන්නම කාමරේට ගියයි කියමුකො ඔන්න මම ඔයාට දෙල් උයල, බිත්තරේකුත් තම්බල කෙසෙල් කොළේ ඔතපු බත් මුලක් ගෙනාව කියල බත් මුලක් බෑග් එකෙන් එළියට අරගෙන බොහෝම ආදරෙන් ඒක කැවුවා.

    කවන අතරෙ කාලෙ බෝත‍ලේකුත් එළියට අරගෙන දෙන්නම හීන් අඩියකුත් ගැහුවා. ඊට පස්සෙ අර බොහොම ලැජ්ජාවෙන් හිටපු මිනිහ චණ්ඩියෙක් වගේ මැත දොඩවන්ට පටන් ගත්තා.

    ඊට පස්සෙ අර වයසක අම්මණ්ඩි මිනිහව ‍පොළඹවගෙන හැසිරුණේ හරියට දහ අටේ ළමිස්සියෙක් වගෙයි. උදේ හයට විතර මිනිහ ඇඳගෙන එහෙම ඇවිත් කිවුව අපි තව ටිකකින් යනව කියල.

    සල්ලිත් ගෙවුවා. හැබැයි ආපහු කාමරේට ගිය මිනිහ පැයක් විතර ගතවෙලත් නැත්තෙ මොකද කියල “දොර සිදුරෙන් බැලුවහම තමයි දැක්කෙ අර අම්මණ්ඩි ආපහු ඒ හාදයව ‍පොළඹගෙන කියල.

    මේ දෙන්නා ආදරවන්තයො හිටපු ගමන් රෑ කරුව‍ලේ ඇවිත් පාන්දර ආපහු යනව.”

    කාමර කුලියට ගෙන පැමිණෙනවුන්ගේ ලිංගික හැසිරීම් නැරඹීම පුරුද්දක් කොට ගෙන එන හෝටල් වෙත පැමිණෙන්නෝද සිටිති. බොහෝ විට එම අවස්ථාව ලැබෙන්නේ හෝටල් කළමනාකාරිත්වය හා සම්බන්ධ සීමිත පිරිසකටය.

    එමෙන්ම ඉතා රහසිගත අන්දමටය. ඇතැම් විට එවැන්නවුන් විසින් කැඳවාගෙන එන්නවුන්ටද අවස්ථාව සැලසෙයි. එය නැරඹීමෙන් අනතුරුව “නැරඹුම් ගාස්තුව” ලෙස “නිල් පැහැති නෝට්ටුවක්” කවුන්ටරය මතට විසිකිරීම ඔවුනට එතරම් දෙයක් නොවේ.

    එමෙන්ම කාමර කුලියට දීමෙන් උපයන මුදලට වඩා වැඩි මුදලක් ඇතැම් විට මෙවැනි දර්ශන නැරඹීමට අවස්ථාව සලසා දීම තුළින් උපයා ගන්නා අවස්ථාද වෙති.

    “සමහර පිරිමි ගෙදර ගෑනුන්ගෙ වැරදි තමන් එක්ක එන ගෑනුන්ට කියනවා අපිට ඇහෙනවා. පැයකට, දෙකකට අරන් එන ගෑනිගෙන් අමුතු සතුටක් විඳින්න හිතාගෙන තමයි ඔය බොරු මායම් දාන්නෙ.

    ගෑනුන්ට වැඩිය හෝටල් කාමරවලදී මායම් දාන්නෙ පිරිමි. සමහර පිරිමි ගෙදර ගෑනි බැඳල දුන්න බත්මුල ලෙහාගෙන අනිත් ගෑනිට අනල කවනව.” හෝටල් කළමනාකරු පැවැසුයේ අවඥා සහගත ලෙස සිනහසෙමිනි.

    ලොවෙන් වසන් වී “කම්සුව” විඳීමට “කාමර” වෙත එන ඇතැමුන්ගේ ලිංගික ජවනිකා හොර රහසේ කැමරාගත කොට අන්තර්ජාලය වෙත මුදාහරින අවස්ථා ද ඇත.

    එමගින් එක් පැයක් තුළ අන්තර්ජාලය හරහා ලිංගික චිත්‍රපටවල නළු නිළියන් බවට පත්වන ඔවුන් ඒ පිළිබඳ කිසිවක් නොදනිති. අනාවරණය වූ තොරතුරු අනුව මෙවැනි අකටයුකුකම් ප්‍රමිතියකින් තොරව පවත්වාගෙන යන බොහෝ ලැගුම්හල් තුළ සිදුවෙයි.

    “කාමරේකට ජෝඩුවක් ආවහම හුඟක් වෙලාවට ඒ ගොල්ලො බලන්නෙ දොරේ අගුල දිහා විතරයි. නැත්නම් කැමරා හයි කරලද කියල බිත්තිය දිහා විතරයි. සමහරුන්ට එහෙම බලන්න තරම්වත් වගක් නැහැ… කෙළින්ම දොර වහපු ගමන් කාරණේට බහිනව.”

    මීගමුව ප්‍රදේශයේ ලැගුම්හලකදී අපට අසන්නට ලැබුණේ අමුතුම කතාවකි.

    “මෙහෙම හුඟක් එන්නෙ සමලිංගික සම්බන්ධතා තියෙන ජෝඩු. ඒ අය හුඟදෙනෙක් ආදරේ කරන්නෙ හරියට ගෑනු, පිරිමි ආදරේ කරනව වගේ.

    ඒත් ඉතින් අපිට මේ කිසි දෙයක් ප්‍රශ්නයක් ‍නෙවෙයි. මොකද අපිට සල්ලි හම්බවෙනවා.”

    අනුන්ගේ ලිංගික හැසිරීම් සජීවීව නරඹන්නට ඉඩදී මුදල් ඉපැයුම හැරුණු විට එවැනි හැසිරීම් නැරඹුමෙන් වින්දනයක් ලබන්නට “ඇබ්බැහි වූ” ලැගුම්හල් හිමියෝද වෙති.

    ගම්පහ ආසන්න ප්‍රදේශයෙහි සුඛෝපභෝගී ලෙස සැකසූ හෝටලයක හිමිකරු විසින් සෑම කාමරයකම රහසිගතව කැමරා සවිකොට ඇත.

    දවසේ කටයුතු නිමවන ඔහු අනතුරුව මදුවිත තොල ගාමින් කැමරාගත කළ ලිංගික චර්යාවන් නැරඹීමට ඇබ්බැහිවී සිටියි.

    “මේ හෝටල්වලට ‍පොලීසියෙන් එහෙම පනින්නෙ නැද්ද?” හෝටල් කළමනාකරුවකුගෙන් විමසුවෙමි.

    සිනාසී හිස කැසූ ඔහු තම සාක්කුවට ඇඟිලි තුඩින් තට්ටුකොට මදක් නිහඬ විය. “වෙලාවකට ඇවිත් අපෙන් අහනව එන අයගෙ හැඳුනුම්පත් ගන්නවද කියල”ඔව්” කිව්වහම කියනව “එන ගෑනුන්ගෙ හැඳුනුම්පතුත් ගන්න” කියල.

    අපි ඔය කිව්වට ඕව කරන්නැහැ. එහෙම වුණොත් එන කස්ටර්මස්ලා නැතිවෙලා මේව වහල දාන්න වෙයි…” ඔහුගේ පිළිතුර විය.

    එම පිළිතුරෙහි ගැබ්වූ සත්‍ය නම්, කාසි පනම් ඉදිරියේ නීතියද මුනිවත රකිනා බවකි. එහෙයින්ම නීතියේ නිහඬ ප්‍රතිපත්තියද මොවුනට ආශිර්වාදයකි.

    කෙසේ වුවද, අනුන්ගේ ලිංගික ක්‍රියාකාරකම්, ඇඳුම් මාරු කිරීම වැනි දෑ නැරඹීමට ඇබ්බැහිවීම මනෝව්‍යාධි තත්ත්වයක් (Voyeurihm) බැව් මනෝ වෛද්‍ය විශේෂඥ නිශාන්ත දොළවත්තගේ අදහසයි.

    “යතුරු සිදුරුවලින්, දොර සිදුරුවලින් එබි බලමින් ලිංගික ක්‍රියාකාරකම් නැරඹීමට ඇබ්බැහිවූවන් පසුව ස්වයං වින්දනය මගින් ලිංගික තෘප්තිය ලබනවා.

    මේ තත්ත්වයට පත්වූවන්ගෙන් වැඩිදෙනෙකු පිරිමින්. පෞරුෂයේ ඇති ගැටලුත්, සබඳතාවක් ගොඩනගා ගැන්මට තරම් ආත්මශක්තියක් නොමැති වීම මෙවැනි චර්යාවන් ඇතිවීමට හේතුවිය හැකියි.

    මෙය චර්යාත්මක ප්‍රතිකාර ලැබිය යුතු තත්ත්වයක්…”යි විශේෂඥ දොළවත්ත පවසයි.

    කරුණු කෙසේ වුවත් බොහෝ දෙනෙකු මෙවැනි ලැගුම්හල්, හෝටල් කාමර තුළ සිදුවන දෑ සම්බන්ධයෙන් විවිධ අදහස්, මතවාද පළකරති.

    එහෙත් පවසන්නට ඇත්තේ මෙපමණකි.

    තැන් තැන්හි ඇති හෝටල් කාමර, ලැගුම්හල්වලට යන්නේ බලාගෙනයි.

     

  • ලෝකෙම කතාවෙන උපතින්ම ස්ත්‍රී ලිංග දෙකක් සහිත සුරූපී තරුණියගේ කතාව මෙන්න…

    ලෝකෙම කතාවෙන උපතින්ම ස්ත්‍රී ලිංග දෙකක් සහිත සුරූපී තරුණියගේ කතාව මෙන්න…

    උපතින් ලැබෙන නියමිත ශරීර අවයව වලට අමතරව බොහෝවිට අප දැක තිබෙන්නේ කෙනෙකුට ඇඟිලි වැඩිපුර පිහිටා ඇති අයුරුයි.

    නමුත් වර්තමානයේ ලෝකයේ කෙනෙකුට සමහර ශරීර අවයව වැඩිපුර පිහිටන අවස්ථා සුලබව දකින්න පුළුවන්.ඔලු, ඇස්, අත පය, වැඩි පුර පිහිටීම මේවා අන්තර්ජාලයේ දකින්න පුළුවන් වන අතර දුලබ ශරීර වැඩිපුර පිහිටීම් වන යෝනි දෙකක් හිමි කාන්තාවක් අද වන විට හමු වී තිබෙනවා.

    යූ ටියුබ් හරහා නිරුපිකාවක් උපදේශිකාවක් වන මෙම තරුණියට යෝනි දෙකක් තිබෙන අතර වැඩිපුර විස්තර පහත වීඩියෝවෙන්  නරඹන්න.

  • සම්මාන උළෙලට සරාගී නිළිය අැන්ද අැදුමින් රහස් ප්‍රදේශය කැමරා කාචයෙන් ලෝකයටම… (Photos)

    සම්මාන උළෙලට සරාගී නිළිය අැන්ද අැදුමින් රහස් ප්‍රදේශය කැමරා කාචයෙන් ලෝකයටම… (Photos)

    බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් Emmys සම්මාන උළෙලේ තවත් එක් ජනප්‍රිය තරුවක් වන ඒරියල් වින්ටර් සම්බන්ධව ලොව පුරා කතාබහක් නිර්මාණය වී ඇත්තේ ඇය එම සම්මාන උළෙලට සහභාගි වීමට භාවිත කළ විලාසිතාව නිසා.

    වින්ටර් අැමරිකාවේ Modern Family නම් ජනප්‍රිය කතා මාළාවේ ප්‍රධාන චරිතයට පණ පොවනවා.

    ඇය තවමත් පසුවන්නේ 19 වන වියේ.

    Emmys සම්මාන උළෙලට සහභාගී වීම සඳහා ඇය අපූරු විලාසිතාවකින් සැරසී පැමිණ තිබුණු අතර මෙවැනි ඇඳුමක් ඇය විසින් භාවිත කළ පළමු අවස්ථාව මෙය බවයි ඇමරිකානු විලාසිතා වෙබ් අඩවි පෙන්වා දෙන්නේ.

    කෙසේ වෙතත් ඇවිදීමේ දී සහ කැමරා ශිල්පීන් ඇයව වට කරගත් වේලාවේදී එම විලාසිතාව හේතුවෙන් ඇය බොහෝ සෙයින් අපහසුතාවයට ද ලක් වුණු බව විදෙස් මාධ්‍ය පවසනවා.

    එම නිසා ඇය ලැජ්ජාවට පත් වූ බව ද බොහෝ විදෙස් වෙබ් අඩවි පවසනවා.

    ඡායාරූප පහතින්

  • කැබිනට් සංශෝධනයේ දෙවන පියවර හෙට.. උදේ 10.30 සියල්ලන්වම යලි කැදවලා..

    කැබිනට් සංශෝධනයේ දෙවන පියවර හෙට.. උදේ 10.30 සියල්ලන්වම යලි කැදවලා..

    සෙසු කැබිනට් අමාත්‍ය ධූර එලෙසම ක්‍රියාත්මක වන අතර, නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම හෙට (02) පෙ.ව 10.30 ට ජනාධිපති කාර්යාලයේදී සිදුවෙනවා.

    ඒ සදහා ආණ්ඩු පක්ෂ සියලූම මැති ඇමතිවරුන්ට ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස දන්වා තිබෙනවා. 

  • බ්‍රහස්පතින්දා වෙන දේ බලන්න – කැබිනට් සංශෝධනය ගැන රවී දුන්නු අමුතු උත්තරය මෙන්න

    බ්‍රහස්පතින්දා වෙන දේ බලන්න – කැබිනට් සංශෝධනය ගැන රවී දුන්නු අමුතු උත්තරය මෙන්න

    අද (01) පෙරවරුවේ සිදු වූ නව කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් අප හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායකගෙන් අදහස් විමසා සිටියා.

    එහිදී ඔහු සඳහන් කළේ “දැන්ම මේ ගැන අදහසක් කියන්න අවශ්‍ය නෑ..බ්‍රහස්පතින්දාගෙන් පස්සේ අදහසක් කියන්නම්” යනුවෙනි.

    කෙසේවෙතත් විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද සිදු වූයේ කැබිනට් සංශෝධනයේ කොටසක් බවත් එළඹෙන බ්‍රහස්පතින්දා මෙහි තවත් කොටසක සංශෝධනය බොහෝ දුරට සිදුවිය හැකි බවයි.