Author: Editor[A]

  • රනිල්ගේ සමනළ ප්‍රතිසංවිධානය ගැන කළකිරුණු අලි 20ක් මැති සභයේ ස්වාධීන වෙන්න සැරසෙයි

    රනිල්ගේ සමනළ ප්‍රතිසංවිධානය ගැන කළකිරුණු අලි 20ක් මැති සභයේ ස්වාධීන වෙන්න සැරසෙයි

    එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු පත්කිරීම කිසිසේත්ම බලාපොරොත්තු වූ තරම් සතුටුදායක නොවූහෙයින්, එයට විරෝධය දැක්වීමටද පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇතැයි වාර්තාවේ.

    පක්ෂයේ ප්‍රතිසංවිධානයක් නොවීමත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසු අනුප්‍රාප්තිකයෙකු පත් නොකිරීමත් හේතුවෙන් පසුපෙළ මන්ත්‍රීවරුන් සිය විරෝධය දැක්වීමට නියමිතය.

    පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පත්කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ පසුපෙළ මන්ත්‍රීවරුන් සාකච්ඡා කර ඇති අතර, එයට විරෝධය පාමින් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමටද ඔවුන් විසින් තීරණය කර තිබේ.

    ඒ අනුව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ ඉදිරියේදී ස්වාධීනව කටයුතු කිරීමට සාකච්ඡාකරමින් පවතින බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි

    මේ අතර පක්ෂයේ සිදුවන ක්‍රියා සම්බන්ධයෙන් පසුපෙළ මන්ත්‍රීවරුන් මෙන්ම රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ඊයේ (26දා) දිනයේදී සාකච්ඡා කළ අතර, ඉදිරියේදී ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග පක්ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දීමට නියමිත බවද වාර්තාවේ.

    එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පත්කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් හමුවී සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

  • මෙච්චර කල් මොනවද කලේ?  ජනපති මෛත්‍රිගෙන් ලොක්කන්ට බැණුම් සමගින් නියෝගය රැසක්

    මෙච්චර කල් මොනවද කලේ? ජනපති මෛත්‍රිගෙන් ලොක්කන්ට බැණුම් සමගින් නියෝගය රැසක්

    පසුගිය කාලසීමාව තුළ සිදුවූ අනතුරු සැලකිල්ලට ගෙන වියානි ඇළට වහාම ආරක්ෂිත වැටක් ඉදිකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහවැලි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

    ඒ සඳහා යන රුපියල් මිලියන 26 ක මුදල කඩිනමින් නිදහස් කිරීමට ද ජනාධිපතිවරයා තීරණය කර ඇති බව සඳහන්.

    වියානි ඇලේ ආරක්ෂිත වැටක් නොමැතිවීම හේතුවෙන් පසුගිය කාලසීමාව තුළ අනතුරු කිහිපයක් වාර්තා වුණා.

    ආසන්නතම අනතුර වාර්තා වූයේ ඊයේ අලුයම උපකාරක පන්ති ගුරුවරයෙකු පැද වූ සුඛෝපභෝගි ජිප් රථයක් වියානි ඇළට පෙරලීමත් සමඟයි.

    එම අනතුර සිදුව තිබුණේ මහියංගනය – මාපාකඩවැව – 17 කණුව අසලදීයි.

    මෙම මෝටර් රථයේ සිටි උපකාරක පන්ති ගුරුවරයා සොයා අද දිනයේදීත් නාවික හමුදාව, පොලිසිය මෙහෙයුම් සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

    කෙසේ වෙතත්, පොලිසිය ඔහුගේ ජංගම දුරකතනයට ලැබුණු ඇමතුම් ඔස්සේද මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

    ඒ, අතුරුදන්ව සිටින උපකාරක පන්ති ගුරුවරයා සමඟ ජීප් රථය ඇලට වැටුණේද නැද්ද යන්න සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහායී.

    බදුල්ල – මහියංගනය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ අදාළ සුඛෝපභෝගී ජීප් රථය ඊයේ අලුයම වියානි ඇළට පෙරළී තිබූ අතර, එය ගොඩට ගනු ලැබුවා.

    පසුව අදාළ ජීප් රථයේ අංකය ඔස්සේ සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී තිබුණේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි ප්‍රභාත් විතානගේ නමැති උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු එය පදවා ඇති බවයි.

    අලූයම දෙකට පමණ කතරගම යන බව පවසමින් ඔහු ගෙදරින් පිටත්ව ඇති අතර, පසුව හිඟුරක්ගොඩ නගරයේ ඉන්ධන පිරවුම්හලකින් වාහනයට ඉන්ධන ද ලබාගෙන තිබෙනවා.

    ඔහු පිරවුම්හලේ සේවකයාට ද පවසා ඇත්තේ තමන් කතරගම යාම සඳහා පිටත්ව යන බවයි.

    සිද්ධිය පිළිබඳව අදාළ උපකාරක පන්ති ගුරුවරයාගේ පවුලේ ඥාතීන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.

  • ස්ත්‍රී දූෂකයෙකුට ලබාදුන් දීර්ඝතම සිරදඬුවම හිමිවූ තාත්තා අතින් දූෂණයවූ දියණියගේ කතාව……

    ස්ත්‍රී දූෂකයෙකුට ලබාදුන් දීර්ඝතම සිරදඬුවම හිමිවූ තාත්තා අතින් දූෂණයවූ දියණියගේ කතාව……

    පසුගියදා අවුරුද්දක ලෙයින් උපන් දියණිවරුන් දෙදෙනා දූෂණය කළ පියෙකුට වසර 120ක් බරපතළ වැඩ ඇතිව සිරගෙදරට යවමින් ස්ත්‍රී දූෂකයෙකුට ලබාදුන් දීර්ඝතම සිරදඬුවම වැනිම වූ තවත් නඩු තීන්දුවක් දෙනු ලැබු පුවතක් අප වෙත වාර්තා වන්නේ මුළු රටේම අවධානය ඒ දෙසට යොමු කරමිනුයි.

    ඒ තවත් ස්ත්‍රී දූෂකයකු වසර 100කට බරපතළ වැඩ ඇතිව සිරගෙට යැවීමකි. එම සිරදඬුවමද සමාජයේ අවධානයට ලක්වන්නේ වෙන කිසිවක් නිසා නොව එම දඬුවමද හිමිවන්නේ තමාගේම දස හැවිරිදි දියණිය දූෂණය කළ තවත් පියෙකුට වූ බැවිනුයි.

    වෘත්තියෙන් රියැදුරෙකු වන, පානදුර ගමරාළලාගේ චන්ද්‍රසිරි නමැති මේ පියා සිය දස හැවිරිදි දියණියව දූෂණය කරන්නේ දවසක් දෙකක් නොව
    අවුරුදු දෙකක් තිස්සේය. ඒ 2010 වසරේ අගෝස්තු මාසයේ සිටයි.

    මනම්පිටියේ සිට වැලිගෙන එන ලොරියක සේවය කළ මේ පියාට දරුවන් දෙදෙනෙකි. බාලයා මේ දියණියය. වැඩිමලා සහෝදරයෙකි.

    දෙදෙනා අතර පරතරය අවුරුදු හතරකි. මේ පුද්ගලයා විවාහ වී සිටින්නේද වරක් විවාහ වූ තැනැත්තියක් සමගිනි.

    ඇයටද කරදඬු උස්මහත් වූ දියණියක් සිටින්නීය. මේ දියණිය විවාහ වී වෙනමම ජීවත් වන අතර සිය නැගණිය ඇගේ පියා අතින් දූෂණය වන බව ඇය දැන සිට ඇති තැනැත්තියකි.

    ඒ බව නිර්නාමිකව ඇය ‍පොලීසියට අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්නද, සිය පියා අතින් එවැන්නක් සිදුනොවන බවත් පියා තමාව ආදරෙන් රැක බලා ගන්නා බවත්, එම ඉරිසියාවට ඒ කතාව ගොතා ඇති බවත් නැගණිය ‍පොලීසියට පවසන්නට වූ බැවින් පියාගෙන් නැගණිය බේරා ගැනීමේ ඇගේ ප්‍රයත්නය අසාර්ථක වී තිබුණි.

    දූෂණයට ලක්වූ දැරිය ඉගෙනුම ලබන පාස‍ලේ විදුහල්පතිවරයාට ඇය සතුව තිබුණු ජංගම දුරකථන චිපයක් හමුවන්නේ ඔය අතරතුරදීය.

    ඇගේ නිරුවත් සහ අඩ නිරුවත් ඡායාරූප කිහිපයක් විදුහල්පතිවරයාට දැකගන්නට ලැබෙන්නේ එය පරීක්ෂා කිරීමේදීය.

    එය වෙනත් කිසිවකුට නොකියා රහසක් වශයෙන් තබා ගැනීමට වගබලා ගන්නා විදුහල්පතිවරයා එහිදී තමාට ගත හැකි හොඳම පියවරක් වශයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ඒ ගැන කියන්නට වගබලා ගත්තේය.

    ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මියගේ උපදෙසින් එහි පිහිටි ‍පොලිස් විමර්ශන අංශයේ සැරයන් වරියන් වන මංගලිකා ගුණතිලක, චිත්‍රා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඒ ගැන විමර්ශනයක් ආරම්භ කරනුයේ විදුහල්පතිවරයාගේ එම දැනුම්දීම අනුවය.

    එහිදී දැරිය එම ‍පොලිස් කණ්ඩායම හමුවේ එකහෙළා පවසන්නට වූයේ එම ඡායාරූප ගනු ලැබුවේ සිය සහෝදරයා විසින් බවය.

    ඒ බව සහෝදරයාගෙන් කෙරුණු ප්‍රශ්න කිරීම්වලදීද තහවුරු වූයේය.

    ඇයව වෛද්‍ය පරීක්ෂණයකටද ඒ අතර යොමු කරවන්නට ‍පොලිස් කණ්ඩායම පියවර ගත් අතර ඇය බරපතළ ලෙස දූෂණයට ලක්වන බව පැහැදිලිවම අනාවරණය වන්නේ එහිදීය.

    එහි වගකීමත් ඇය එහිදී පවරන්නේ සහෝදරයාටය. ඒ අනුව සහෝදරයා වද අධිකරණ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කරන්නට ‍පොලිස් කණ්ඩායම පසුබට නොවීය.

    ඇය දූෂණය වන්නේ සහෝදරයාගෙන් නොව වැඩිමහල් පුද්ගලයෙකුගෙන් බව තහවුරු වන්නේ එවිටය.

    සිය පියා ගැන දැරිය හෙළි කරන්නේ ඒ ගැන දීර්ඝ ලෙස ‍පොලිස් කණ්ඩායම ඇගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේය. ඇතැම් දිනවල ඇය දූෂණය වී ඇත්තේ මව නිවසේ සිටියදීම බවද අනාවරණය විය.

    මව මේ බවක් දැන සිටියේද නැද්ද යන්න ගැටලුවක් වුවත් ‍පොලිස් කණ්ඩායම සැක කරන්නේ ඇය ඒ ගැන දැනගෙනම නිහඬව සිටින්නට ඇති බවය.

    අවුරුදු දෙකක් තිස්සේ තම දියණිය කෲර ලෙස දූෂණය කළ පියාගේ දෑතට විලංගු වැටෙනුයේ ඒත් සමගිනි.

    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරනුයේ විදුහල්පතිවරයා විසින් දුර දිග කල්පනා කොට ඒ ගැන ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් නොදෙන්නට එම සිසුවිය අදටත් එම පියා අතින් දූෂණය වන්නට ඉඩ තිබුණු බවය.

    මේ එක් සිද්ධියක් පමණි. මෙවන් පව්කාර පියවරුන් අතින් කොතෙකුත් දරුවන් දූෂණය වීම් සමාජයේ සැඟවී තිබෙන බව ‍පොලීසියේ විශ්වාසයය.

    එහෙත් එම ස්ත්‍රී දූෂණවලින් අනාවරණය වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් පමණි. ඒවාද අහඹු ලෙස හෙළිදරව් වන ඒවාය.

  • රනිල්ට ප්‍රසිද්ධියේ සමණලයා කියමින් ජෝශප් මයිකල් පෙරේරා එජාපයෙන් නික්ම යයි…

    රනිල්ට ප්‍රසිද්ධියේ සමණලයා කියමින් ජෝශප් මයිකල් පෙරේරා එජාපයෙන් නික්ම යයි…

    එජාප ප්‍රබලයෙක් හදිසියේම ඉල්ලා අස්වෙයි

    හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරි මණ්ඩලයෙන් ඉල්ලා අස්වී තිබේ.

    එක්සත් ජාතික පක්ෂ නායකට ඔබ මනුස්සයෙක් නොව ඔරිජිනල් සමණලයෙක් බව දැඩි ලෙස පවසමින් උප නායක තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පත්කිරිමට විරෝධය පළ කරමින් ඔහු මෙලෙස එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමෙන් පිට වී ගොස් තිබේ.

  • 2018 රාජ්‍ය වෙසක් සතිය අදින් ඇරඹෙයි

    2018 රාජ්‍ය වෙසක් සතිය අදින් ඇරඹෙයි

    ශ්‍රී සම්බුදු තෙමඟුල සිහි කරමින් පැවැත්වෙන වෙසක් පුණ්‍ය මහෝත්සවය 2018 අප්‍රේල් 26 වැනි දා සිට මැයි 02 වැනි දා දක්වා “වෙසක් සතිය” ලෙස රජය ප්‍රකාශයට පත්කර තිබේ.

    ඒ අනුව වෙසක් සතිය අද (26) සිට ආරම්භ වේ.

    “චිත්තං දන්තං සුඛාවහං” (දැමුණු සිත සුව ගෙන දේ) මෙවර වෙසක් තේමාවවන අතර, සංවර්ධනයේ තිරසර අරමුණු සාක්ෂාත් කරනු වස් ගමේ පන්සල ආධ්‍යාත්මික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරමින් ප්‍රඥාවන්ත බොදුනුවන්ගෙන් යුතු බෝසත් සමාජයක්, එහි අරමුණ වේ.

    මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා ප්‍රත්‍යවේක්ෂා ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් 150 ක් ද, ජංගම සේවා වැඩසටහන් 06 ක් ද,දහම් පාසල් ගුරු පුහුණු වැඩසටහන් 16 ක් ද, සෞඛ්‍ය හා බුදු දහම වැඩසටහන් 61 ක් ද, ළමා භාවනා වැඩසටහන් 30 ක් ද වෘත්තිකයක් හා බුදු දහම වැඩසටහන් 18 ක් ද සාමණේර ස්වාමින් වහන්සේ පුහුණු කිරීමේ වැඩසටහන් 20 ක් ද, මා පිය දූ දරු සෙනෙහස මුල්කරගත් වැඩසටහන් 37 ක්ද සංවිධානය කර ක්‍රියාත්මක කෙරේ.

  • තිලංග ඉවතට – 96 ලෝක කුසලානය දිනද්දි හිටපු සභාපති මෙවර ක්‍රිකට් මහ පුටු සටනට

    තිලංග ඉවතට – 96 ලෝක කුසලානය දිනද්දි හිටපු සභාපති මෙවර ක්‍රිකට් මහ පුටු සටනට

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී සභාපති ධුරය සඳහා වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා යළිත් තරග වදින බවට පැවසුවද ඔහු අධිකරණය ඉදිරියේ තම පවුලට බුකී ව්‍යාපාර ඇතැයි පිළිගැනීම හේතුවෙන් නිලවරණ කමිටුව ඔහුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරනු ඇතැයි වාර්තා වේ. ඒ අනුව තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් මහපුටු සටනින් ඉවතට විසිවනු ඇති බවට හෙළිවේ.

    මෙහිදී සභාපති ධුරයට තිලංගගේ අනුප්‍රාප්තිකයා වශයෙන් මොහාන් ද සිල්වා තරග වදින බවට පැවසෙන අතර, ඔහු සභාපති ධුරයට මෙන්ම ලේකම් ධුරයටද නාමයෝජනා භාරදීමට නියමිත බවට වාර්තා වේ. මීට අමතරව වත්මන් උපසභාපති කේ. මතිවානන් මහතා තිලංග පාර්ශ්වයෙන් මෙවරද නාමයෝජනා ලබාදෙන බවට තහවුරු වී ඇති අතර, වත්මන් භාණ්ඩාගාරික ශම්මි සිල්වා මහතා උපසභාපති ධුරයට සහ ලේකම් ධුරයට යන තනතුරු ද්විත්වයටම නාමයෝජනා භාරදීමට නියමිත බවට අනාවරණය වේ.

    තිලංග පාර්ශ්වයෙන් භාණ්ඩාගාරික තනතුර සඳහා යෝජනා වී ඇත්තේ නුශ්කි මොහොමඩ් මහතා වන අතර, ඒ සඳහා අවසන් තීන්දුවක් ඊයේ (25දා) සවස් වනතුරුත් ගෙන නොතිබුණි. මේ අතර තිලංග පාර්ශ්වයේ නාමයෝජනා අද (26දා) භාරදීමට නියමිත බවද වාර්තා වේ.

    තිලංග පාර්ශවය විරුද්ධ පාර්ශවයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හි ඉදිරි නිලවරණය සඳහා ඉදිරිපත්වීමට සූදානම්වන පෙරමුණේ සභාපති අපේක්ෂකයා ලෙස හිටපු සභාපතිවරයකු වන අනා පුංචිහේවා මහතා ඉදිරිපත් කිරීමට සූදානම්වන බව වාර්තා වේ.

    පුංචිහේවා මහතා ශ්‍රී ලංකාව 96 ලෝක කුසලාන ජයගන්නා අවස්ථාවේ එවකට පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාව සිටි අතර ඊට දෙමසකට පසුව එළඹුණ නිලවරණයේදී ඒ මහතා පරාජයට පත්කරමින් තිලංග මහතා එහි සභාපති ධූරයට පත්විය.එම නිලවරණයේදී ක්‍රීඩා සාමාජයක ඡන්දයක් රුපියල් ලක්ෂකට විකුණුන බවටද චෝදනාවක් තිබේ.

    ක්‍රිකට් පාලක මණ්ඩලයට මුදල් නොමැතිව තිබූ අවස්ථාවේ ඕස්ට්‍රේලියානු ජාතික ඩේව් වට්මෝර් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ලෙස යොදාගනිමින් ලෝක කුසලානය ජය ගැනීමට මුල් ගල තැබීම සම්බන්ධයෙන් ආනා පුංචිහේවා මහතාට විශේෂ ගෞරවයක් තිබේ.

  • රවිට එරෙහි කැරැල්ලක්… එජාපය ගිණියම් වෙයි.. සිරිකොත අලුත්ම තත්වය මෙන්න….

    රවිට එරෙහි කැරැල්ලක්… එජාපය ගිණියම් වෙයි.. සිරිකොත අලුත්ම තත්වය මෙන්න….

    එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධීකාරි මණ්ඩල රුස්වීම අද අග්‍රාමාත්‍ය රනිල් විකුමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර පක්ෂයේ නව නිළධාරි මණ්ඩලය තෝරා ගැනීම මෙහි අරමුන විය.

    මේ අතර රවී කරුණානායක මන්ත‍්‍රීවරයාගේ පත්කිරීමට විරෝධය පළ කරමින් හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මීට නොබෝ වේලාවකට පෙර කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත්ව ගොස් තිබේ

    මේ අතර සිරිකොත ඉදිරිපිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ

    එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රීවරුන් 15 දෙනෙකු පමණ පිරිසක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග පක්‍ෂ ප‍්‍රතිසංවිධානය සම්බන්දයෙන් ඊයේ දිනයේ සාකච්චා කර තිබේ.

    පැය දෙකක පමණ කාලයක් පැවති සාකච්චාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ මන්ත‍්‍රිවරුන් කියා සිටියේ පාක්‍ෂික මතය නොසලකා කටයුතු කරන්නේ නම් විශාල අර්බුදයක් ඇති වන බවයි.

    නව නායකත්වයක් සම්බන්ධයෙන් තීන්දුව ගන්නා තුරු පුල පුලා බලා සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා කීය.

    අද දිනය තුල හොද තීන්දුවක් ගනු ඇතැයි දැඩිව විශ්වාස කරන බවත් එසේ නොවන්නේ නම් දේශපාලන තීන්දුවග් ගැනීමට පසුබට නොවන බවත් මන්ත‍්‍රිනී රෝහණි විජේරත්න කීය.

    ජනතාව ඉල්ලන දේ නොදෙන්නේ නම් ගිය පළාත් පාලන මැතිවරණයේදී ලද ප‍්‍රතිපළය දෙගුණ තෙගුණ වී ලැබෙනු ඇති බවත් ඊට විරුද්දව දැඩි තීන්දු ගන්න සූදානම් බවත් ආනන්ද අලුත්ගමගේ මහතා කීය.

  • ජනපති නියමයෙන් වෙසක් නිමිත්තෙන් දින 02ක් මස් කඩ, රේස්බුකි, සුරාසැල්, සමාජශාලා වැසෙයි…..

    ජනපති නියමයෙන් වෙසක් නිමිත්තෙන් දින 02ක් මස් කඩ, රේස්බුකි, සුරාසැල්, සමාජශාලා වැසෙයි…..

    මෙවර වෙසක් දින වශයෙන් අප්‍රේල් මස 29 හා 30 යන දෙදින රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

    වෙසක් උත්සවය වෙනුවෙන් අප්‍රේල් මස 26 දින සිට මැයි මස 02 වැනි දා දක්වා කාලය වෙසක් සතිය වශයෙන් ද ප්‍රශයට පත් කර තිබේ.

    ඒ අනුව අප්‍රේල් මස 29 හා 30 යන දෙදින දිවයිනේ පිහිටි සියලුම සුරාසැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳසැල්වල මත්පැන් අලෙවිය නැවැත්වීමටත්, සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත්, මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳ සැල්වල මස් මාංශ අලෙවි කිරීම නැවැත්වීමට කටයුතු කරන ලෙස රජය විසින් දන්වා සිටී.

  • “ඔක්කොටම මුල මෙයා”…. සාරංග-උමාලි මගුල කඩපු ධනුකගේ ලේනා යළි කරලියට….

    “ඔක්කොටම මුල මෙයා”…. සාරංග-උමාලි මගුල කඩපු ධනුකගේ ලේනා යළි කරලියට….

    සාරංග හා උමාලි කියන්නේ ඉතාමත් ආදරණීයව හිටපු යුවළක්.

    ඉතින් මේ දෙදෙනාගේ විවාහය මේ වෙද්දි දෙදරා ගොස් තිබෙනවා.

    මේ අතර මේ දෙදෙනාගේ වෙන්වීමට හේතුවක් ලෙස ධනුකගේ නමත් ගෑවී තිබුණා.

    ඒවගේම ධනුක විසින් සුරතලයට ඇති කරන ඩිංකි නම් ලේනෙක් ගැනත් කියවුණා.

    ඉතින් ධනුක නැවතත් මේ ලේනාගේ ඡායාරූප කිහිපයක් සමාජජාල මාධ්‍යයන්ට යොමු කරලා තියෙනවා.

    මේ ඡායාරූපවලට අදහස් දක්වමින් අයෙක් කියා ඇත්තේ මගුල් කඩපු ලේනා කියලායි.

        

     

    SHARE
  • මොකක්ද මේ වෙනස? මේකද පාක්ෂිකයා ඉල්ලුවේ? රනිල් එක්ක අජිත් පි පෙරේරාට මල පැනලා…

    මොකක්ද මේ වෙනස? මේකද පාක්ෂිකයා ඉල්ලුවේ? රනිල් එක්ක අජිත් පි පෙරේරාට මල පැනලා…

    ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයක් තෝරා පත් කර ගැනීමේ සටන අත් නොහැර ඉදිරියටම ගෙන යන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා පවසයි.
    අද(26) උදෑසන සිරිකොතේ පැවති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
    ඊයේ(25) දිනයේ දී පක්ෂයේ ප්‍රධාන හා සෙසු තනතුරු කිහිපයක් සඳහා නව මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගත් අතර අද දිනයේ දි තනතුරු කිහිපයක් කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තීරණය කර තිබේ.
    එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදි කිරීම පවතින ව්‍යවස්ථාව තුළ සිදු කළ නොහැකි බවත් නිසැකයෙන්ම නව ව්‍යවස්ථාවක් ගෙන ඒම තුළින් එය කළ හැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
    පවතින ව්‍යවස්ථාව තුළ කළ හැකි සටන දිගටම කළ බවත් එය උපරිම ස්ථානයට පැමිණි බවත් කියා සිටි අජිත් පී. පෙරේරා මහතා පක්ෂය රැක ගැනීම සඳහා පක්ෂයේ විනය සීමාවේ සිටිමින් සටන් වදින බව ද කියා සිටියේය.
    වර්තමානයේ පවතින සීමාවන් පිළිබඳ දුක්බර අත්දැකීමක් හිමිවු බවත් කිසි විටෙකත් තමා තියෙන දේ එලෙසින්ම බාර නොගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
    කෙසේ හෝ රුවන් විජේවර්ධන කමිටු වාර්තාව පක්ෂයට ඉදිරිපත් කළ යුතු බවත්, එය කළ හැක්කේ ව්‍යවස්ථා සං‍ශෝධනයක් තුළ සිටිමින් බවත් කියා සිටියේය.
  • කොළඹ පන්ති යන කොලු ගැටයන්ගෙ පස්සෙන් එන මැදි වයසේ ඇන්ටිලා සෙට් එක මෙන්න…

    කොළඹ පන්ති යන කොලු ගැටයන්ගෙ පස්සෙන් එන මැදි වයසේ ඇන්ටිලා සෙට් එක මෙන්න…

    මීට වසර කිහිපයකට පෙර ඉන්දියාවේ නිෂ්පාදිත ඩේසි බොයිස් (Desi Boys) ලංකාවේ බොහෝ අය නරඹා නොමැති චිත්‍රපටයක් විය හැක. නමුත් එහි අන්තර්ගතය යුරෝපය, ඇමෙරිකාව ඇතුළු සුපිරි රටවල සංස්කෘතියේ එක් කොටසකි.

    පිරිමින් විසින් ගණිකාවක් සොයා යන වේගයට හා ලොල්කම තරමටම ගැහැණුන් විසින් පිරිමි ගණිකාවක් සොයා යන්නේ නැත. ලංකාවේ ප්‍රසිද්ධ නොවුනත් Desi Boys සහ Dancing Bear වැනි සංකල්ප සුපිරි රටවල නිල වශයෙන් සම්මතව කරගෙන යන ඒවාය. නමුත් ලංකාවේ මෙහි අනිත් පැත්ත එනම් පිරිමි අය සාදවලට නිරුවත් තරුණියන් ගෙන්වා රංගන සිදුකරති. සුපිරි රටවල ප්‍රසිද්ධ නමුත් ලංකාවේ ඉතාමත් හොර රහසේ දැඩි රැකවල් මැද පිරිමින්ගේ ආදරය ලබා ගන්නා විවාහක කතුන් සහ වයස ඉක්මවූ අවිවාහක කතුන් බොහොමයක් සිටින බව ඔබට රහසක් වුවත් වයස 25ට අඩු ගැටවර වියේ කොල්ලන්ට නම් නොරහසකි.

    සැමියා වෙනත් රටක සේවය කරන හෝ සති අන්තයේ පමණක් ගෙදරට එන සහ රෑබෝවී ගෙදරට එන සැමියන් සිටින කාන්තාවන් බොහෝමයක් මෙම වසංගතයට හසුවී හමාරය. විශේෂයෙන් මොන්ටිසෝරියට දරුවන් ගෙනයන සමහර කාන්තාවන් එම නිදහස් පැය කිහිපයේ වෙනත් රති සුව ලබනු පිණිස මගතොටේ යන කොල්ලන් ඇදබැද ගනියි. ඬේසි බෝයිස් සංකල්පයට අනුව අප විසින් කාන්තාවන් ආකර්ෂනය කරගන්නා දැන්වීමක් අදාළ දුරකථන අංක හා විස්තර සමගින් මුහුණ පොත තුළ තිබෙන විශේෂ කණ්ඩායම් (Face book Group) තුළ පළකරන ලදී. දින දෙකක් පමණ ගතවනවිට අපට ඊට පිළිතුරක් ලැබුණි. කොහුවල ප්‍රදේශයේ සුපිරි ජීවන රටාවක් ගතකරන ෂර්මිලා යනු තිස්පස් වියැති එක් දරු මවකි. අප පිළිබඳ විශ්වාසය තහවුරු කරගනු වස් දින කිහිපයක් ඇය අප හා දුරකථනය හරහා දොඩමළු වූවාය.

    කෙසේ හෝ කතිකා කරගත් පරිදි සතියේ දිනක උදෑසන 9ට පමණ ඇගේ නිවසට එන ලෙස අපගේ කෙනෙකුට ඇය දැන්වූවාය. ඒ අනුව නියමිත වෙලාවට නියමිත පරිදි ඔහු එම නිවසට ගියේය. සුඛෝපභෝගී නිවාස පිරි එම පටුමග සැබැවින්ම සුපිරි සල්ලිකාර මිනිසුන්ගේය. ශර්මිලා කී පරිදි ඔහු ඇගේ නිවස ඉදිරියට ගියේය. ගේට්ටුව අසල කැමරාවක් තිබෙන අතර ඒ අසලවූ මයික්‍රෆෝනයෙන් ඔහු ආ බව දැන්වූ විගසම ගේට්ටුව ස්වයංක්‍රීයව විවෘත වුණා. පසුව ඔහු ඇතුළට ගියවිගස ගේට්ටුව නැවතත් වැසුණි. ඉතා අලංකාර සුවිසල් නිවසක් වූ එහි සුපිරි මෝටර් රථයක් ද නවත්වා තිබුණි. රාත්‍රී ඇඳුමින්ම සැරසී දොර විවර කර අප සගයාව ඇතුළට ගත්තේ ශර්මිලාය. ශර්මිලා යනු නිතැනින්ම නෙත් ඇද ගන්නා සුරූපී කාන්තාවකි. සමාගමක ධනවත් සමූහ අධ්‍යක්ෂකවරයෙකුගේ බිරිඳ වන ඇය විවාහ වී වසර 6ක් පමණ විය. සැමියා ඇයට වඩා දස වසරකින් වැඩිමල් තරමක් පෘස්ථුල ශරීරයක් හිමි අයෙකු විය. මෙම වෙලාව වනවිට ඇය පමණක් තනිවම නිවසේ ගත කරයි. සේවිකාවද එළියට යවා ඇති අතර නැවත සේවිකාව සහ ඇගේ දරුවා නිවසට එන්නේ දහවල් 12.30ට පමණ බව ඇය පැවසුවාය.

    ෂර්මිලා සමඟ යහන්ගත වීමට ඇය ඔහුට ඇරයුම් කරන ලදී. නමුත් ඔහුට ඊට එකඟ වීමට නොහැකි විය. නමුත් ඔහු සූක්ෂම ලෙස ඇගෙන් මෙවැනි දෙයක් කිරීමට පෙළඹෙන්නේ ඇයි දැයි ඇතුළු විස්තර අසාගන්නා ලදී. “මගේ මනුස්සයාට බිස්නස් විතරයි එයාගේ ලෝකෙ. සල්ලිකාරයෙක් නිසයි මාත් කසාද බැන්දේ. හැබැයි ගෙදරට වෙලා නිකං ඉන්න කම්මැලි නිසයි හොරෙන් ඔයාලා වගේ අයව හොයාගන්නේ. උදෙන්ම ඔෆිස් යන එයා එන්නේ රෑ වෙලා. මට කිසි සතුටක් ලැබෙන්නේ නැහැ. මීට කලින් කොල්ලො අට දෙනෙක් එක්ක විතර මං ගිහිල්ලා තියෙනවා. ගෙදරටම ගෙන්ව ගන්න එක තමයි ආරක්ෂාකාරී. කැම්පස් කොල්ලෙක් සෙට් කරගෙන අන්තිමට මම එයාට මෝටර් බයික් එකකුත් අරන් දුන්නා. ස්මාර්ට් ෆෝන්, ලැප්ටොප් එහෙමත් දීලා තියෙනවා හොඳට සලකපු කොල්ලන්ට මං.” කියා ඇය බොහෝ විස්තර කියවන ලදී. කෙසේ නමුත් ඇයගෙන් බේරි පැමිණි සගයා ඇගේ දුරකථන අංකයද මකා දමා ඇත.

    කෙටියෙන් කියතොත් මෙවැනි කාන්තාවන් බොහෝමයක් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වාසය කරති. අන්තර්ජාලයේ එවැනි කාර්යයන් සඳහාම වෙන්වූ වෙබ්අඩවි තුළ මෙවැනි විස්තර බොහෝමයක් ඇත. කෙසේ හෝ අපගේ දුරකථන අංකයට තවත් කාන්තාවක් සම්බන්ධ වුණි. ඇගේ සැමියා කොළඹින් පිට සේවය කරන්නෙකි. බොහෝ විට සතියේ දිනවල දහවල් කාලයපුරාවට ඇය තනිවම නිවසේ වාසය කරන්නියකි. ඇය වයස 42ක් පමණ වූ අතර කාමාශාවට දැඩි ගිජු තැනැත්තියකි. කෙසේ හෝ එම ක්‍රමයෙන් අප හට ඇමතූ යම් පිරිසක් වූහ. ඔවුන් බොහෝමයක් විවාහක කාන්තාවෝ වූහ. ඇතැමුන් 10 වැනි ශ්‍රේණියේ පමණ ඉගෙනුම ලබන දරුවන් සිටින්නියන්ය.

    පානදුර ප්‍රදේශයේ පදිංචි නිසල් යනු පුද්ගලික වාණිජ බැංකුවක සේවය කරන 23 වියැති තරුණයෙක් විය. ඔහුගේ ගෙවල්වලට තරමක් නුදුරින් ජීවිත්වන කාන්තාවක් සමඟ මොහු සම්බන්ධ විය. ඇගේ සැමියා පිටරටක සේවය කරන අතර එකම පුතු පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. ඇගේ මායම්වලට අසුවුණු නිසල් ඇයට අවශ්‍ය පරිදි ඇය සමඟ ගතකිරීමට එකඟ විය. කෙසේ හෝ ඇය නිසල්ට කියා තිබුණේ රාත්‍රී කාලයේ ගෙදරට එන ලෙසය. ඒ සඳහා දෙදෙනාම ආරක්ෂිත ක්‍රම භාවිතා කර තිබුණි. නිසල්ගේ කාමරයෙන් සෘජුවම එළියට දොරක් තිබෙන අතර ඔහු රාත්‍රියේ කාටත් හොරා කාමරයෙන් පිටත්ව මෝටර් බයිසිකලය මීටර 100ක් පමණ තල්ලු කරගෙන ගොස් අර කාන්තාවගේ නිවසට යයි. පසුව පැය 3ක් 4ක් අවශ්‍ය ලෙස නිදහසේ සිටින ඔවුහු පාන්දර ජාමේ වෙන්වෙති. සතියකට දෙවරක් පමණ මෙම කාර්යය සිදු කළ අතර ඊට ආයුෂ තිබුණේ මාස 2ක පමණ කාලයකි. දිනක් රාත්‍රියේ නිවසේ ඇසුණු ශබ්දයකට නිසල්ගේ දෙමව්පියන් ඔහුගේ කාමරයට ගොස් බලනවිට නිසල් කාමරයේ සිටියේ නැත. ඔහුගේ යතුරුපැදිය තිබුණේද නැත. පාන්දර ජාමේ යතුරුපැදිය තල්ලුකරගෙනම ඔහු ගෙදර එනවිට ඔහුව දෙමව්පියන්ට හසුවුණි. නිමක් නැති දෝෂාරෝපණවලින් දෙසවන් පුරවාගත් ඔහුගේ සංවරබවේ සායම ඔහුගේ දෙමව්පියන් ඉදිරියේ දියවී ගියේය. පසුව පියා විසින් පසු දිනයේ ඔහුගේ කාමරය සෝදිසි කිරීමේදී එහි තිබී තවත් උපකරණ ආදිය සොයා ගන්නා ලදී. කෙසේ නමුත් නිසල් එම කාන්තාව ගැන වචනයක්වත් පිටකළේ නැත. එහෙත් අද වනවිට තම දෙමාපියන් තමා දෙස බලන ආකාරය පිළිබඳව ඔහු බොහෝසේ දුකට පත්වෙයි. නිසල්ව අහිමිවුණු එම කාන්තාව තවත් කොල්ලෙකු තම කාර්යයට යොදවා ගෙන ඇති බවට සැකයක් නැත.

    අසම්මත ආශාවන් නිසා විනාශවෙන කොටස් 3ක් වෙයි. එනම් එම කාන්තාව සහ ඇයගේ පවුල ඇයගේ දරුවන්ගේ ජීවිත එම තරුණයාගේ ජීවිතය සහ ඔහුගේ දෙමව්පියන්ගේ අනාගත සිහිනයන්ය. නිසල් මෙන් මේ වනවිටත් එවැනි කාන්තාවන් සොයා යන තරුණයෝ වෙති. බසයේදී දුම්රියේදී හෝ සුපිරි වෙළඳසැලකදී සෙට්වෙන ඇන්ටිලා පස්සේ දුවන කොල්ලෝ කොළඹ ආශ්‍රිත ප්‍රදේශ තුළ ඕනෑ තරම් සිටිති. විශේෂයෙන් ඉතා ප්‍රසිද්ධ බැංකු වැනි විශිෂ්ට ආයතනවලට එන පාරිභෝගික කතුන් එහි සිටින කඩවසම් තරුණයන්ව ඩැහැගනිති. රුපියල් ලක්ෂයක් පමණ වටිනා දුරකථන හා තෑගිබෝග ලබාදෙමින් කෙසේ හෝ තම නිදන කාමරයට හෝ ප්‍රසිද්ධ හෝලටයකට ගෙන්වා ගනිති.

    මුහුණ පොත හරහාද මෙවැනි විවාහක කතුන් හමුවන අතර ඊටත් වඩා යනෙන මගතොටේ හමුවන ප්‍රමාණය වැඩිය. සංජනා යනු රත්මලානේ පදිංචි 28 වියැති විවාහක තරුණියකි. වසරක් වියැති දරුවෙකු සිටින ඇගේ සැමියා විදෙස් රටක සේවය කරයි. උදේ සිට සවස් වනතුරු ඇය දරුවා සමඟ තනිවම වාසය කරන අතර රාත්‍රියේදී ඇගේ දෙමව්පියෝ පැමිණ ඇගේ තනියට සිටිති. විවාහ වීමට පෙර සිටම සංජනා තම බාප්පාගේ පුතෙකු වන 23 වියැති කසුන් සමඟ සබඳතා පවත්වා ඇත. නෑදැකමක් ප්‍රයෝජනයට ගෙන සංජනා තනිවම වෙසෙන කාලයේ කසුන් සමඟ නිදැල්ලේ සුවවිද ඇත. කෙසේ හෝ සංජනා මේ වනවිටත් කසුන්ව තම අනියම් සහකරුවෙකු ලෙස තබාගෙන සිටියි. කිසිම දිනෙක ඔවුන් දෙදෙනාව කාටවත් හසුවී නොමැති බවත් සියල්ලෝම ඔවුන්ගේ සමීප නැදෑකම නිසා විස්වාස කරනබවත් අපට පැවසුවේ කසුන්මය. ඔහු මෙම විස්තරයට අදාළ සාක්ෂි කිහිපයක්ද අපට පෙන්වූයේ ජංගම දුරකථනයෙනි. කසුන් සංජනා වැනි අසම්මත කතන්දර අන්තර්ජාලයේ ලිපි ලෙස කියවීමට ඇත. නමුත් එවැනි කථා ප්‍රායෝගික ලෝකයේ සිදුවෙන බවට කසුන් සනාථ කළේය.

    මෙලෙසම අප විස්තර සොයාගත් ටානියා සීදුව ප්‍රදේශයේ වාසය කරන්නියක් විය. තම කුඩා දරුවාව පෙරපාසලට ඇතුළත් කරන ඇය එම පැය කිහිපය විටින්විට ගතකරන්නේ කඩවසම් ත්‍රීවිල් රියදුරෙකු වන කාවින්ද සමඟය. උගත්කමක් නැතත් කඩවසම් බව නිසා ටානියා කාවින්දට ආකර්ශනයවී ඇත්තේ තම බේබදු සැමියාගෙන් තමාට කිසි සන්තෘප්තියක් නොලැබෙන නිසාවෙනි. විටෙක ඔවුහු ත්‍රීවීලරය තුළ ජනශූන්‍ය ප්‍රදේශයට ගොස් පෙම්සුව විඳිති. විටෙක පැය 3කට කාමරයක් කුලියට ගෙන එහි ලැගුම් ගනිති. ඒ සියල්ලමත් කාවින්දගේ දවසේ පඩියටත් වියදම් කරන්නේ ටානියාය

    ප්‍රසිද්ධ ඇඟළුම් කර්මාන්තශාලාවක ඉහළ තනතුරක් දරන ඇගේ සැමියා රෑ බෝවන තුරු වැඩකොට බොහෝ විට ගෙදර එන්නේ බීමතිනි. බීමත් බව නිසා ඇයට හෝ දරුවාට කිසි කරදරයක් නොවුනත් ටානියාගේ මානසික සතුට ගැන තේරුම් ගැනීමට ඇයගේ සැමියාට පුලුවන්කමක් තිබුණේ නැත. එම නිසා කාවින්ද වැනි අයගෙන් එම සතුට සොයා ගැනීමට ටානියා පෙළඹී ඇත. මෙවැනි පිරිස් මේ ලංකාවේ වාසය කරති. මෙවැනි ක්‍රියා නිසා ඝාතනය වුණු බිරින්දෑවරු සහ කොල්ලන් බොහෝමයකි. ටානියාසේම දෙහිවල භාග්‍යාද එලෙසම වූවාය. ඇයද පෙරපාසල් කාලය අතරතුර ඒ අසල ව්‍යාපාරිකයෙකු සමඟ හාද වී ඇත. මෙවැනි සබඳතාවල එකම අරමුණ ලිංගිකත්වය පමණකි. පවුලක අරුත නිවැරදිව වටහාගෙන පතිවත රැකගෙන ජීවත්වීමට තරම් ධෛර්යක් නොමැති ටානියා භාග්‍යා සේම ශර්මිලා වැනි සුරූපී ගෘහණියන්සේම මව්වරුන්ද ලංකාවේ වාසය කරති.

    අප තෝරාගත් සහ සොයාගත් මෙවැනි කාන්තාවන් පිරිසකගෙන් ලබාගත් දත්ත විශ්ලේෂණයකට බඳුන් කළෙමු. ඉන් 60%ක් පමණ කාන්තාවන් වයස අවුරුදු 28-38 අතර පසුවන්නියන් වූහ. ඔවුන් බොහෝමයක් කලක සිට පුරුද්දක් ලෙස මෙයට යොමු වී නොතිබුණු නමුත් විවාහයෙන් පසු මීට යොමු වී තිබුණි. 42ක ඔවුහු සැමියන් සිටින්නේ වෙනත් රටකය. ඔවුන්ගෙන් බොහෝමයකට වයස අවුරුදු 5ට වැඩි 10ට අඩු ළමුන් සිටියහ. දරුවන් පාසල් යන කාලය තුළ තම නිවසටම කොල්ලන් ගෙන්වාගෙන ජයටම පෙම්සුව විඳීම කරගෙන ගියහ. තවත් 28%කගේ සැමියන් හමුදා සේවයේ සහ සතියකට හෝ සති කිහිපයකට වරක් නිවසට පැමිණෙන අය වූහ.

    මේ නිසා එම කාන්තාවන් කිහිපදෙනෙකු රාත්‍රී කාලයේ පවා මෙවැනි කොල්ලන් තම නිවෙස් තුළට ගෙන්වා ගෙන ඇත. සමස්තයක් ලෙස මොවුන් ඇසුරු කරන තරුණයන් 84%ක් වයස 25ට අඩු අවිවාහක අයවූ අතර ඔවුන් සාමාන්‍යයෙන් ටිකක් දුර ප්‍රදේශවල සිටින්නන් වූහ. තරුණයෝද බොහෝමයක් තමාගේ මුදල් අවශ්‍යතා සපුරා ගනු පිණිස මෙවැනි කාන්තාවන් ආශ්‍රය කරති. ඒ බව අපට පැවසුවේ විශ්වවිද්‍යාල සිසුන් කිහිප දෙනෙකි. සැමටම හොරෙන් තම උසස් අධ්‍යාපන කටයුතුවලට වැයවෙන මුදල් සොයා ගැනීමට මොවුහු මෙවැනි ඇන්ටිලා ආශ්‍රය කරති.

    අන්තර්ජාලයේ යොමු කළ මෙවැනි ඇන්ටිලා සහ අක්කලා සොයන කොල්ලන් බොහෝමයකගේ දුරකථන අංක සොයාගත හැක. එසේම අතින් අත යන මෙවැනි කාන්තාවන් සමහරවිට මෙම කොල්ලන්ට හිසරදයක් වී ඇත. ගෘහණිය/ මව/ බිරිඳ දේවතාවක් ලෙස සලකන අපේ සමාජයේ ලෝකෙටම හොරෙන් මෙවැනි මල්ලිලා සමඟ යහන්ගතවෙන කාන්තාවන් දැන් පිළිලයක්සේ වර්ධනය වී ඇත. කොළඹ පමණක් නොව තරමක් දුෂ්කර ප්‍රදේශවලද මෙම ක්‍රමය අනුගත වී ඇත.

    ස්වාමි පුරුෂයන් තම නිවස හා පවුල සොර සතුරුන්ගෙන් ආරක්ෂා කිරීමට කොතරම් නිවෙසෙන් පිට කැමරා සවිකළත් නිවස ඇතුළේම වැරදි වැඩ කරන පිරිස අල්ලාගත නොහැක. ශර්මිලාද අවශ්‍ය පරිදි කැමරා විසන්ධි කොට අපගේ සගයා පිළිගත්තාසේ තවත් කොතරම් බිරින්දෑවරු මෙම ක්‍රියාවන් කරනවා ඇත්ද? සැමියා හා දරුවන් තම ජීවිතය ලෙස සලකන බිරින්දෑවරු බොහෝමයක් තවමත් අප රටේ සිටිති. ඔවුහු තම ආශාවන්ට වඩා පවුලේ පැවැත්මට මුල් තැනදී ක්‍රියාකරමින් සමාජයට ආදර්ශමත් ලෙස සිටිති.

    මෙහි තවත් පැතිකඩක් තිබේ. එනම් සම්බාහන ආයතනවල සේවය කරන විවාහක කතුන්ය. කොළඹ පොඩි රස්සාවක් කරනවා යැයි සැමියාට කියා සම්බාහන ආයතනවල පිරිමින් සමග ගතකොට රු. 2000/- සිට රු. 5000/- තෙක් හම්බකරන බිරින්දෑවරු සහ අම්මාවරු බොහෝමයක් දෙහිවල, බම්බලපිටිය සිට මරදාන හා නුගේගොඩ සමස්ත ප්‍රදේශපුරා තිබෙන මසාජ් ආයතනවල සේවය කරති. තමාගේ බිරිඳ ඇත්තටම වැඩ කරන ස්ථානය දැක තිබෙන සහ ඒ තුළට ගොස් තිබෙන සැමියන්ගේ බිරින්දෑවරු මෙහි නොමැත. එසේ නම් බිරිඳගේ රැකියා ස්ථානය පිළිබඳව වඩාත්ම විමසිලිමත් විය යුතුය. මන්ද වසංගතයක්සේ මෙම රැල්ල කොළඹ පුරා තිබෙන සම්බාහන ආයතනවල පැතිර තිබෙන නිසාය. කොල්ලන් සොයා යන අම්මලාට තම ජීවිතයේ වැරැද්ද තේරෙන්නේ සැමියාට මෙම හොර වැඩ අසුවූ පසුවය. එවිට ඇයට ඉතිරි වෙන්නේ ගණිකාවකගේ ස්ථානය පමණකි. එම නිසා මීට වඩා යහපත් ලෙස පතිවත රැකගැනීමේ වැදගත්කම බිරිඳ හා සැමියා තේරුම් ගතයුතුය.

  • දෙවෙනි ඉනිමේ රවි මරුට… පසුගිය සමයේ සිද්ධියකට ඉහලින් ආපු නියෝගයක් බවට සැකයක්…

    දෙවෙනි ඉනිමේ රවි මරුට… පසුගිය සමයේ සිද්ධියකට ඉහලින් ආපු නියෝගයක් බවට සැකයක්…

    ජනප්‍රිය ටෙලිනාට්‍යක් වන දෙවෙණි ඉණිමේ ප්‍රධාන චරිතයක් වන  බිමල් ජයකොඩි රංගනයෙන් දායක වන රවීගේ චරිතය මින් ඉදිරියට මෙම කතාංගය තුල දැකිය නොහැකි,එනම් රවී හදිසියේ මිය යන බව ඉඟි පලවන ඡායාරූපයක් දෙවෙනි ඉණිමේ රංගනයෙන් දායක වන අංජලී ලියනගේ ගේ ෆේස්බුක් ගිණුමේ සටහන් වනවා.ඒ ජයරත්න මල්ශාලාවේ රූගත කිරීමක් අතරතුර ගන්නා ලද චායාරූපයක්.


    රවීට හදිසි අසනීපයක් ඇති බවට ඊයේ කොටසෙන් කියවුනා

  • නායකයා තේරීමට ඡන්ද විමසීමක් නම් මුහුණ දීමට සූදානම් -ඇමති සජිත්ගෙන් ප්‍රකාශයක්…

    නායකයා තේරීමට ඡන්ද විමසීමක් නම් මුහුණ දීමට සූදානම් -ඇමති සජිත්ගෙන් ප්‍රකාශයක්…

    එක්‌සත් ජාතික පක්‌ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවලට අදාළ පක්‌ෂයේ ප්‍රධාන තනතුරුවලට පත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක්‌ ගැනීමට ඊයේ (24 දා) රැස්‌වූ දේශපාලන මණ්‌ඩලයට නොහැකි වූ අතර ඒ සඳහා අද (25 දා) සවස 05 ට නැවත රැස්‌වීමට මණ්‌ඩලය තීරණය කර ඇත.

    පක්‌ෂයේ මහලේකම් සහ භාණ්‌ඩාගාරික තනතුරුවලට පත්කිරීමේ බලය පක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පැවරෙන බව ඇමැති ගයන්ත කරුණාතිලක පැවසීය.

    ඒ අනුව අනෙක්‌ ප්‍රධාන තනතුරු සම්බන්ධව තීරණයක්‌ ගැනීම අද සිදුවන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

    මේ අතර පක්‌ෂයේ නියෝජ්‍ය නායකයා පත්කර ගැනීමට නැවත ඡන්දයක්‌ පවත්වන්නේ නම් ඊට මුහුණ දීමට තමා සූදානම් බව සජිත් ප්‍රේමදාස එහිදී ප්‍රකාශ කර ඇත.

    කෙසේ වෙතත් පක්‌ෂයේ තනතුරු සම්බන්ධව අද අවසන් තීරණයක්‌ ගෙන එය හෙට (26 දා) පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීමේදී ඉදිරිපත් කිරීමට නියමිතය.

  • තමන්ගේ පෙම්වතිය මිතුරාටදී හෝටලයේ ඇතිතරම් සතුටු වෙන්න ඉඩ සැලසූ අපුරු පෙම්වතා

    තමන්ගේ පෙම්වතිය මිතුරාටදී හෝටලයේ ඇතිතරම් සතුටු වෙන්න ඉඩ සැලසූ අපුරු පෙම්වතා

    ඇය මාස දෙක තුනකට සැරයක් ලංකාවට පැමිණියාය. ඒ ස්විස් රටේ සිටය. බිරිය විදේශික කාන්තාවක වුවද ඔහු මේ රටේ සිංහල යුවතියක සමඟ පෙමින් වෙළී සිටියේය.
    ඇය නවාතැන් ගත්තේ ද අසේලගේ හෝටල් කාමරයකය.
    දෙදෙනා අඹුසැමියන් ලෙස මෙරට ජීවත් වූ අතර අසේලගේ බිරිය මෙරට පැමිණෙද්දී අසේල සිය අනියම් පෙම්වතිය වෙන කොහේ හෝ හෝටලයක නතර කරන්නේ සිය බිරියට ඒ වග නොදැනෙන්නටය.
    අසේල මගේ මිතුරකු නොවුණත් අසේලත් මාත් අතර මිතුරුදමක් ඇති වුයේ ඔහුගේ සිංහල පෙම්වතිය නිසාය.
    ඒක ලොකු කතාවකි. මෙහි අවසානය වූයේ ඇය අද මගේ පෙම්වතිය වීමය. මෙය කාටත් විශ්වාස කළ නොහැක්කක් වුවද අපේ කතාවේ ඇත්ත එය බව දන්නේ අපි දෙතුන්දෙනා පමණකි.
    ශානිකා කොළඹ හැදුණු වැඩුණු කෙල්ලකි. සල්ලිකාරියකි. ඇය සිය පියා හා සොහොයුරන් සමඟ බෙන්තොටට ආවේ විනෝද වීමටය. ඇගේ එක් සොහොයුරකු ගඟේ බෝට්ටු පැදීමට දැඩි ආශාවක් දැක් වූ අයකු නිසා නිවාඩු දිනවල ඔවූහු බෙන්තොටට එති.
    නතර වන්නේ අසේලගේ හෝටලයේ ය. එය පිහිටා ඇත්තේ බෙන්තොට ගඟ මායිමේය. එය මනරම් පරිසරයකි.
    මාසයට දෙතුන් වතාවක් එන මේ පිරිස හෝටල් හිමි අසේල සමඟ පැවැත්වූයේ දැඩි හිතවත්කමකි.
    අසේල ද ඔවුන්ගේ හොඳම හිතවතෙක් විය. සමහරදාට අසේල ඔවුන්ගෙන් මුදල් ගන්නේ ද නැත. එහි අවසාන ප්‍රතිඵලය වූයේ අසේලත් ශානිකාත් හොර රහසේ පෙම්වතුන් වීමය.
    ඒත් ඇය සමඟ එළිපිට පෙම්කිරීමට අසේලට බාධාවක් තිබිණි.
    ඒ ඔහුගේ විදේශීය බිරිය නිසාය. ඇය ස්විස් ජාතික කාන්තාවක්වූ ජෙස්මින්ය. ඇය ද විනෝදයට බර ගැහැනියකි.
    අසේල මෙන්ම ජෙස්මින් සමඟ ද ශානිකා හිතවත් වූවාය. ඒත් තම සැමියා අසේලත් ශානිකාත් අතර සම්බන්ධයක් ඇති බව ජෙස්මින් සිතුවේ නැත. ඇය සති කිහිපයක් අසේලගේ හෝටලයේ නතරව සිට යළි සිය රටට යන්නීය.
    අසේලගේ හෝටලය හදන්නට සම්පූර්ණයෙන්ම වියදම් කර ඇත්තේ ජෙස්මින්ය.
    අසේලට ඇය හමු වී ඇත්තේ බෙන්තොට වෙරළේ ඇවිදිමින් සිටියදීය. ඒ කාලයේ අසේලට රැකියාවක් තිබී නැත.
    වැල්ලේ හැදුණු වැඩුණු ඔහු වැල්ලට එන සුද්දන් සුද්දියන්ට නොයෙකුත් උදව් කළ “බීච් බෝයි” කෙනෙකි. අවසානයේ අසේලගේ කළු පැහැගැන්වූ සිරුරට වහ වැටුණු ජෙස්මින් ඔහු සමඟ පෙමින් වෙළී පසුව හෝටලයක් තනා ගන්නට අසේලට උදව් කළාය. අද අසේල කොටිපතියෙකි.
    කාලයාගේ ඇවෑමෙන් පෙම්වතුන් වූ ඔවූහු මෙරටදී විවාහ වූහ. ඇය අසේල තම රටට රැගෙන ගියාය. ඒ විවාහය කිසිදු අකරතැබ්බයකින් තොරව පවත්වාගෙන ගියද අසේලගේ ජීවිතයට ශානිකා සම්බන්ධවීමත් සමඟ නොයෙකුත් ප්‍රශ්න ඇති විය.. ඒ අසේල විවාහකයකු බව ශානිකා දැන ගත්දා සිටය.
    මිතුරන් දෙතුන් දෙනකු සමඟ මා අසේලගේ හෝටලයට යන්නේ ඔය අතරය. ආගන්තුකයන් වූ අපට අසේල උදව් කළේය. එලෙස ගොඩනැගුණු මිතුරුදම සමහරදාට අවසන් වන්නේ මධුවිතෙන් හොඳ හැටි සප්පායම් වීමෙන් ද අනතුරුවය. අසේල මට ශානිකා හඳුන්වාදුන්නේ එවන් දිනකදීය.
    මධුවිතෙන් හෙම්බත්ව සිටි මට ඇය පෙනුණේ කිසිදාක නොදුටු යුවතියක් ලෙසය. එදා අපි හඳුනාගත්තෙමු. ඇය ගැන කිසියම් ආදරයක් මා යටි සිතේ ඉපදුණේ එදාය. ඒත් මම ඇය අසේලගේ පෙම්වතිය බව දැන සිටියෙමි.
    එදා පටන් මම මගේ මිතුරෝ දෙතුන් දෙනා ද සමඟ කිහිප වතාවක්ම බෙන්තොට ගියහ. ඒ බෝට්ටු සවාරි සඳහා වුවද මගේ යටි සිත තුළ තිබුණේ ශානිකා දැක ගැනීමේ ආශාවය.
    සමහරදාට අසේල “බෝට් යාඩ්” එකේ සිටියේ නැත. ඔහු කිසියම් වැඩක් සඳහා හෝටලයෙන් පිටව ගොස් සිටියේය. එදාට මාත් ශානිකාත් ඇති තරම් සතුටු වූයෙමු. අපේ ආදරය ගලා ගියේ අසේලට හොර රහසේය.
    “අසේල අපේ සම්බන්ධය දැන ගත්තොත් ප්‍රශ්නයක් වෙයි නේද?”
    මම දවසක් ඇගෙන් ඇසුවෙමි.
    “ඇයි ඒ. එහෙම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.”
    “ඇයි ඔයා එහෙම කියන්නේ. ඔයා අසේලගේ ගර්ල් ෆ්රෙන්ඩ්නේ.”
    “ගර්ල් වුණාට මම එයාගේ වයිෆ් නෙමේනේ…..”
    ඇය කීවේ එවන් කතාවක්ය. ඇය කියන දේ ඇත්තය. ඒත් මගේ යටි සිත කියන්නේ මා කරන්නේ වැරැද්දක් බවය.
    කොයි මොහොතේ හෝ අසේල මේ බව දැනගනු ඇත. එදාට කුමකින් කුමක් වේ දැයි සිතා ගත නොහැක. කෙසේ වෙතත් අපි දෙදෙනාගේ ආදරය කෙමෙන් කෙමෙන් දලුලා වැඩිණ. ඇයට මාත් මට ඇයත් නොදැක සිටිය නොහැකි තත්ත්වයට අපි දෙදෙනාම පත්වූණෙමු. අපි දෙදෙනා පැය ගණන් ජංගම දුරකථනය ඔස්සේ කතාබහ කළෙමු.
    “දැන්නම් මට අසේල එපා වෙලා තියෙන්නේ.”
    “එහෙම කියන්න එපා ඔයා එයාගේ ගර්ල් ෆ්රෙන්ඩ්නේ.”
    “ඒ එදානේ….. අද මම ඔයාගෙනේ…..”
    පෙම්බස් දෙඩුවද අපි කවදා හෝ එකට ජීවත් වෙමු කියා ඇය මට කියා නැත. මම ද එසේ ඇයට පවසා නැත්තෙමි. අසේල නැති දවසට හෝටලයේ සියලු කළමනාකාර කටයුතු සිදුකරන්නේ ඇයයි. ඒ නිසා බියක් සැකක් නැතිව අපි හෝටලය තුළ රිසිසේ හැසිරුණෙමු.
    කාලය මෙසේ වේගයෙන් පියඹා ගියේය. එදා සති අන්ත දිනයක් විය. අසේල හෝටලේ නොසිටි බැවින් මාත් ශානිකාත් සිටියේ හෝටල් කාමරයක් තුළය. එකපාරටම අප කාමරයේ දොර විවර විය. අසේල දොර අසල සිටගෙන සිටී. මගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය.
    “හායි අසේල. දැන්ද ආවේ.”
    ශානිකා බියක් සැකක් නැතිව අසේලගෙන් විමසුවාය. ඒත් අසේල ඊට පිළිතුරක් දුන්නේ නැත. ඔහු ඇය දෙසත් මා දෙසත් බලයි. කුමකින් කුමක් වේද. මා සිත දෙගිඩියාවෙන් පෙළෙයි.
    “ගණන් ගන්න එපා”
    ඇය හීන් සීරුවේ මිමිනුවාය.
    “යමු පහළට”
    ඇය මට ආරාධනා කළාය. ඇගේ ආරාධනාව පිළිගත් මම ඇය පසුපසින් උඩුමහලේ පඩිපෙළ බැසගත්තෙමි. පහළ සාලයේ අසේල මේසයක් මත තම දෙපා තබාගෙන සිගරැට්ටුවක් දල්වාගෙන සිටී. අසේලට මුහුණ දීමට තරම් ශක්තියක් මා සිත තුළ නැත. ඒත් ඇය ඊට වඩා එඩිතරය.
    “සිට්”
    අසේල අත පෙන්වා ඇයට වාඩි වෙන්නට කීවේය. ඇය වාඩිලා ගනිද්දී මම ද තවත් පුටුවකට බර වුයෙමි.
    “අපිට කෝපි එකක් ගේන්න.”
    කිසිවක් නොවූවාක් මෙන් අසේල ඇයට කීවේය. ඇය වහා නැගිට ගියේ කෝපි ගේන්නය. ඉන් අනතුරුව අසේල මා දෙස බැලුවේය.
    “ගනින් සිගරැට් එකක්”
    “මම සිගරැට් බොන්නේ නැහැනේ”
    “එහෙනම් ෂොට් එකක්”
    මම එතැන තිබූ වොඩ්කා බෝතලයෙන් බිඳක් වීදුරුවට දමා ගත්තෙමි.
    “චියර්ස්”
    අත තිබූ වීදුරුව මගේ වීදුරුවේ වද්දමින් අසේල කීවේය.
    “කොහොමහරි උඹ මගේ කෙල්ල අල්ල ගත්තා නේද?”
    අසේල මා දෙස බලමින් කීවේ හිනා වෙමින්ය.
    “එහෙම දෙයක් නෑ”
    “මල්ලි මේ බයිල ගහන්න එපා.
    මට කරකියා ගන්නට දෙයක් නැත.
    “සොරි අසේල අයියා…..”
    අවසානයේ මම එසේ කීවෙමි. අසේල මගේ පිටටද තට්ටුවක් දමා එතැනින් නැගිට්ටේ වීදුරුවට තවත් වොඩ්කා ටිකක් වත්කර ගනිමින්ය.
    “ඒකි හොඳ කෙල්ල….. හොඳට බලාගනින්.”
    මම ඔහු කියන දේ අසා සිටියෙමි. ඒ හැරෙන්නට මට කළ හැකි දෙයක් ද නොවීය.
    “ඒකිට හොඳ කොල්ලෙක් හම්බවුණ එකට මටත් හරි සතුටුයි. අද අපි හොඳට බොමු”
    “ඒ ඇයි අසේල අයියේ.”
    “නෑ ශානිකාට හොඳ කොල්ලෙක් හම්බවුණානේ.”
    “ඒ කිව්වේ. මට තේරෙන්නේ නැහැ.”
    “මමත් හිටියේ ශානිකාගෙන් කොයි මොහොතේ ගැල වෙන්නද කියලා. උඹ
    ඒක අද ඉෂ්ට කළා. දැන් ඉතින් මම නිදහස්.”
    අසේල කියන්නේ දැඩි සතුටකිනි. මට ඒ සතුට ගැන සිතාගන්නට බැරි තරම්ය.
    “මම උඹට ඇත්තම කියන්නම්. මට වයිෆ් කෙනෙක් ඉන්නවනේ. අපේ වයිෆ්ටත් මේක ප්‍රශ්නයක් වෙලා තිබුණේ. දැන් ඒ සේරම හරි. උඹලට ඕන වෙලාවක මගේ හෝටලයේ දොරවල්
    ඇරලා හොඳට එන්ජෝයි කරපන්……”
    මට අසේලගේ කතාව අදහාගන්නටත් බැරි තරම්ය. වැටුණේ මරඋගුලකවත්ද? මම එසේ සිතුවෙමි. ශානිකා මට ආදෙර්ය, මමත් ඇයට හදපත්ලෙන්ම ආදරය කරමි. අපගේ කතාව අතරට ශානිකා කෝපි ද රැගෙන ආවාය. අසුනෙන් නැගිටගත් අසේල ශානිකාගේ අතට අත දුන්නේය.
    “ගුඩ්ලක්”
    ශානිකාද ඊට පුදුම වූයේ නැත.
    “තෑන්ක්යූ”
    ශානිකා ඔහුට සිනහමුසු මුහුණින් පිළිතුරු දුන්නාය. වන්නට යන්නේ කුමක්දැයි මට නොතේරිණි. දෙන්නාම එකතුවී මා අමාරුවේ දැම්මාදැයි මට සිතිණි.
    “ශානිකා අදින් පස්සේ ඔයා මෙයාගේ”
    මා දෙසට ඇඟිලි දිගුකරමින් අසේල ශානිකාට කීවේය. ශානිකා ඊට ලස්සන හිනාවක් පෑවාය.
    “මම දන්නවා කවදහරි මෙහෙම වෙනවා කියාලා” ශානිකා කීවාය.
    “මමත් දන්නවා ඔයා කවදහරි මාව දාල යනවා කියලා.” අසේල කීවේය.
    “හරි දැන් ප්‍රශ්නෙ ඉවරයි. මේ හෝටලේ ඕනම තැනක් ඔයාලට ඕපන්. ඉස්සර විදිහට ඔයා මේක බලාගන්න ඕන. මල්ලි උඹට ඕන වෙලාවක මෙහෙ යන්න එන්න පුළුවන්. අපි ජීවත්වෙන්නේ දුක් විඳින්න නෙමේ. එන්ජෝයි කරන්න. ජීවිතේ පුළුවන් තරම් එන්ජෝයි කරන්න. ඒක තමයි ජීවිතේ කියන්නේ.”
    මට අසේලව තේරුම් ගැනීමට නොහැකිය. මම ඔවුන් දෙස බලා සිටියෙමි. අප දෙදෙනාට සුබපතා අසේල එතැනින් නැගිට ගියේය. ඒ ඇසිල්ලෙන් ශානිකා මා වෙතට ආවාය.
    “දැන් හරිනේ, බයවෙන්න දෙයක් නෑනේ.”
    ඇය එසේ කියද්දී මම හිස සොලවා එය පිළිගතිමි.
    “තාමත් ඔයා මට ආදරේද? “
    “ඔව්. ඒත්.”
    “ඇයි ඒත් කිව්වේ.”
    “දැන් ඔයා එයාගේ ගර්ල් ෆෙ‍්‍රන්ඩ් නෙමේනේ. මගේ විතරමයි නේද?”
    “සත්තකින්ම”
    ශානිකා මගේ නළල සිපගත්තේ මහත් වූ සෙනෙහසකිනි. එදා ශානිකාත් මමත් අසේලත් ආහාර ගත්තේ එකටය. අප එදා තරම් සතුටු වූ දවසක් නැති තරම්ය.

  • වාර්තාගත පොදුරද මඩුළු පදක්කම් දිනු ජයග්‍රාහකයින්ට ජනපතිගෙන් ලක්ෂ 160ක මුදල් තෑගී!

    වාර්තාගත පොදුරද මඩුළු පදක්කම් දිනු ජයග්‍රාහකයින්ට ජනපතිගෙන් ලක්ෂ 160ක මුදල් තෑගී!

    ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හිදී නිමාවූ 21වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළලේදී මෙතෙක් ශ්‍රී ලංකාව දිනාගත් වැඩිම පදක්කම් ප්‍රමාණය සටහන් කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත මුදල් ත්‍යාග පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් අද (25) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

    මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 5ක් හිමි විය. බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් ඉන්දික දිසානායක රිදී පදක්කමක් දිනාගත් අතර දිනූෂා ගොමස්, චතුරංග ලක්මාල් සහ බොක්සිං ක්‍රීඩාවෙන් අනූෂා කොඩිතුවක්කු, ඉෂාන් බණ්ඩාර සහ තිවංක රණසිංහ ලෝකඩ පදක්කම් දිනා ගත්හ. අද දින පැවැත්වෙන ඇගයීම් උත්සවයේදී ජනාධිපතිතුමන් අතින් ඉන්දික දිසානායකට රුපියල් ලක්ෂ 40ක්ද, අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් ලක්ෂ 30 බැගින්ද මුදල් ත්‍යාග පිරීනැමීමට නියමිතය. තවද මේ ජයග්‍රහණ සඳහා මඟ තනා දුන් පුහුණුකරුවන් වෙත ක්‍රීඩකයන්ට පිරිනැමෙන මුදලේ වටිනාකමින් සියයට 25ක වටිනාකමකින් යුත් මුදල් ත්‍යාග පිරිනැමෙනු ඇත.

    පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකදී පදක්කම්ලාභීන් වෙත මෙතෙක් ඉතිහාසයේ ලබාදුන් ඉහළම මුදල් ත්‍යාග මෙය වේ. බ්‍රිතාන්‍යයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා දිවයිනෙන් බැහැරව ගොස් සිටි ජනාධිපතිතුමන් පෙරේදා (23) යළි මව්බිමට පැමිණි අතර එතුමන් පැමිණි පසු ඉටුකරන ප්‍රමුඛ කාර්යක් ලෙස මේ ඇගයීම් වැඩසටහන පැවැත්වීමට කටයුතු යොදා ඇත. මුදල් ත්‍යාග ලබාදීමේ ප්‍රමාදයක් ඇති බවට යම් පිරිස් පසුගිය දිනවල විවේඡන එල්ලකර තිබූණ ද මෙතෙක් ඉතිහාසයේ අඩුම කාලයකින් මුදල් ත්‍යාග ලබාදුන් අවස්ථාව මෙය ලෙස හැඳින්වේ. මේ ජයග්‍රාහී ක්‍රීඩකයන් වෙනුවෙන් වැඩබලන ක්‍රීඩා අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන්ද ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණගාරයේදී සුවිශේෂී ඇගයීම් උළෙලක් සංවිධාන කර තිබිණි. එවකට හිටපු ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා මේ අවස්ථාවට එක්විය.

    වැඩබලන ක්‍රීඩා අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වෙන් කෙරී ඇති නේවාසිකාගරයන්හි නිරීක්ෂණ චාරිකාවකද නියැළිණි. එහිදී බර ඉසිලීම් එහා බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණ දෙන ආහාරපාන, නේවාසිකාගර, පුහුණුවීම් ස්ථාන සම්බන්ධ ගැටළු පිළිබඳව සොයා බැලූ ඇමැතිවරයා එම ගැටළු විසදීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීමටද කටයුතු කළේය.

  • මහමගදී පාසල් සිසුවිය බදාගෙන ගවුම උස්සා රහස් ප්‍රදේශය අත ගෑ තරුණයාට වෙච්ච දේ මෙන්න….

    මහමගදී පාසල් සිසුවිය බදාගෙන ගවුම උස්සා රහස් ප්‍රදේශය අත ගෑ තරුණයාට වෙච්ච දේ මෙන්න….

    දෝළොස්වැනි වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක් පාසල් නිවාඩු ලබා දුන් දිනයේදී පාසල නිමවී නිවෙසට යමින් සිටියදී ඇගේ නිලඇඳුම උස්සා ඇයව බදාගත් තරුණයකු පිලිබඳ පුවතක් ප්‍රධාන පෙළේ පාසලකින් අපට වාර්තා වෙනවා.

    වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

    සිසුවිය පාසල නිමවී පයාගල ප්‍රදේශයේ තම නිවෙසට යමින් සිටියදී එහි සිටි තරුණයෙකු එම සිසුවිය බදාගෙන ගවුම උස්සා ඇගේ රහස් ප්‍රදේශය අත පත ගාන්නට උත්සහ කල අතර අතවරයට පත් සිසුවියගේ කෑගැසීම නිසා ප්‍රදේශවාසීන්ට එම තරුණයා අල්ලා ගැනීමට හැකිවී තිබෙනවා.

    තරුණයා පොලිසියට කිසිවක් ප්‍රකාශ නොකිරීම නිසා කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය කර ගැනීමට හැකිවී නැති අතර පොලිස් පරීක්‍ෂක මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වමින් සිටිනවා.

    පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් මෙම නවුන්තුඩුව ප්‍රදේශයේ පදිංචි තරුණයා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු ලබන මස 04 දා දක්වා රිමාන්ඩ් ගතකරන ලෙස නියෝග කළා.