Author: Editor[A]

  • රාජ්‍ය පොහොය කමිටු සාමාජිකයෙක් පිස්සු නටන නියංගොඩ විජිතසිරි හිමිට දිපු පිළිතුර මෙන්න…

    රාජ්‍ය පොහොය කමිටු සාමාජිකයෙක් පිස්සු නටන නියංගොඩ විජිතසිරි හිමිට දිපු පිළිතුර මෙන්න…

    මේ වසරේ වෙසක් පොහොය දිනය අප්‍රේල් මාසයේ 29 වන දිනට යෙදෙන අධි පොහොය දිනට යොදා ගැනීම සම්බන්ධයෙන් විවාදාත්මක තත්වයක් මතුවී ඇත. එය තීව්ර වී ඇත්තේ මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමියන් විසින් මේ දිනය යොදාගැනීම හාස්‍යයට කරුණක් බව ප්‍රකාශකිරීමත් සමගය.

    මේ ප්‍රකාශය සම්බන්ධව රාජ්‍ය පොහොය කමිටුවේ නිත්‍ය සාමාජිකයෙක් බව පවසන ප්‍රශාන්ති මලවිගේ සිය සමාජජාලා ගිණුම ඔස්සේ පිළිතුරක් සටහන් කර ඇති බව දැක ගන්නට ලැබුණි.

    මේ ඒ පිළිතුරයි.

     

  • අහිංසකයව මරා ගත්තනේ උඹ – ගොං ආතල් එපා…  දසුන් නිසා ශලිනි බුකියේ මරාගත්තු හැටි මෙන්න…

    අහිංසකයව මරා ගත්තනේ උඹ – ගොං ආතල් එපා… දසුන් නිසා ශලිනි බුකියේ මරාගත්තු හැටි මෙන්න…

    ශලිනි තාරකා කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක්.

    පසුගිය කාලයේ ශලිනි තාරකා ගැන වැඩි වැඩියෙන් කතාවෙන්න පටන් ගත්තේ රංගන ශිල්පී දසුන් නිෂාන්ගේ මරණයත් සමගයි.

    කොහොමවුනත් නැවත ඒ ගැන කතාබහක් ඇතිවී තිබෙන්නේ ශලිනි ඇගේ කොණ්ඩා විලාසිතාව වෙනස් කර තිබෙන අයුරු සමාජ ජාල මාධ්‍යයන්ට යොමු කර තිබීමත් සමගයි.

    මේ නිසා එම ඡායාරූපයට ඇගේ ප්‍රේක්ෂකයින් විවිධ අදහස් දක්වා තිබුණා.

    මේ අතර එම ඡායාරූපයට අයෙක් අදහස් දක්වා තිබුණේ “අරූව මරාගත්තානේ” කියලායි. එම අදහසට ප්‍රතිචාර ලෙස ශලිනි දක්වා තිබුණේ “ගොන් පාර්ට් දාන්න එපා මල්ලි තාමත්” කියලායි.

  • ඉවත් වු 16ත් ශ්‍රිලනිපය සමගින් මෙවර මැයි දිනයට.. මහින්දගේ සහයත් ලැබෙන ලකුණු…

    ඉවත් වු 16ත් ශ්‍රිලනිපය සමගින් මෙවර මැයි දිනයට.. මහින්දගේ සහයත් ලැබෙන ලකුණු…

    ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූවද මෙවර මැයි දින රැළිය සිය පක්ෂය සමග සමරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම පවසනවා. ඒ, ඊයේ (24) පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදීයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට විශේෂ කමිටුවක් ද මෙහිදී පත් කෙරුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කළ කරුණු පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් දිසානායක මේ බව කියා සිටියා.

  • සමුහ දුෂණයට ලක්ව මියගිය යාපනයේ විද්‍යාගේ සහෝදරියට ජනපති අතින් පත්වීමක්…!

    සමුහ දුෂණයට ලක්ව මියගිය යාපනයේ විද්‍යාගේ සහෝදරියට ජනපති අතින් පත්වීමක්…!

    ඝාතනයට ලක් වූ යාපනයේ විද්‍යා ශිවලෝගනාදන් දැරියගේ වැඩිමහල් සොහොයුරිය වන නිෂාන්ති සිවලෝගනාදන්‍ෙ වෙත සංවර්ධන නිලධාරි පත්වීමක් ප්‍රදානය කර තිබෙනවා. යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක් වන ඇයට  ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  ඊයේ  (24) ජනාධිපති කාර්යාලයේදී මෙම පත්වීම ප්‍රධානය කර තිබුණා.

    පසුගිය වසරේදී ජනාධිපතිවරයා වව්නියාවේ සිදුකළ සංචාරයක් අතරතුරදී විද්‍යා දැරියගේ නිවසට ද ගොස් එම පවුලේ අයගේ සුවදුක් විමසූ අවස්ථාවේ ලබාදුන් පොරොන්දුවක් අනුවයි විද්‍යා දැරියගේ වැඩිමහල් සහෝදරිය වන නිෂාන්ති ශිවලෝගනාදන්  වෙත මෙම පත්වීම ලබාදීමට කටයුතු කර තිබුණේ.

    විද්‍යා ශිවලෝගනාදන් පදනමේ උප සභාපතිනි ප්‍රවින සිනමා ශිල්පිනී සුවිනීතා වීරසිංහ  සහ විද්‍යා දැරියගේ මව වන සරස්වති ශිවලෝගනාදන් ද මෙම  අවස්ථාවට එක්ව සිටියා.

  • ජනාධිපතිවරනය ඉලක්ක කොට ශ්‍රීලනිපයේ පුර්ණ ප්‍රතිසංවිධානයක් : තීරණ ගැනීමට නව කමිටුවක්

    ජනාධිපතිවරනය ඉලක්ක කොට ශ්‍රීලනිපයේ පුර්ණ ප්‍රතිසංවිධානයක් : තීරණ ගැනීමට නව කමිටුවක්

     

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධානයක් කිරීමට ඊයේ  (24) පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි අප කළ විමසිමකදී කියා සිටියා.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනපති නිල නිවසේදී ඊයේ රැස්වූ නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළේ පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් පත් කිරීමටයි. එම කමිටුව ලබන මැයි මස 08 වෙනිදා හෝ 15 වෙනිදා අතර පත් කොට පක්ෂ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු තීරණ ගනු ඇති බවයි මෙහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ. 

    එක්සත් ජාතික පක්ෂය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් සන්ධාන ආණ්ඩුවේ රැදී සිටිනවාද යන්න ගැන මෙම කමිටුව මගින් අවසන් තීරණය ගැනීමට නියමිත බවයි මන්ත්‍රීවරයා මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ.

    පසුගියදා රජයෙන් ඉවත්වූ තමන් ඇතුළු නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා ලබන මැයි මස 08 වනදායින් ආරම්භ වීමට නියමිත පාර්ලිමේන්තු නව සැසිවාරයේ සිට විපක්ෂයේ අසුන් ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය අවසරය ඊයේ ලබාදුන් බවද චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා කියා සිටියා. 

  • දෙක පටලවාගෙන කෑගහන්න එපා… දකුණු ආසියාවේ මන්දපෝෂණය අඩුම රට ශ්‍රී ලංකාව….

    දෙක පටලවාගෙන කෑගහන්න එපා… දකුණු ආසියාවේ මන්දපෝෂණය අඩුම රට ශ්‍රී ලංකාව….

    දකුණු ආසියාවේ සෙසු රටවල් සමඟ සසඳන විට ශ්‍රී ලංකාව මන්දපෝෂණය අඩුම රට ලෙස යහපත් වාර්තාවක් දිනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය අවධාරණය කරයි. මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දෙවැනි රට ලෙස වාර්තා වී ඇතැයි පළ වන ප්‍රවෘත්තිය අසත්‍ය හා සාවද්‍ය ආරංචියක් යැයිද ඇය අවධාරණය කරයි. මන්දපෝෂණය අඩුම රට ලෙස ශ්‍රී ලංකාව දකුණු අාසියාවේ ඉහළින්ම සිටින බවත් ඇය පෙන්වා දෙයි.

    ඒ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදුකළ අධ්‍යක්ෂවරිය මෙසේද පැවසීය.

    එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මඟින් ලෝක ආහාර සුරක්ෂිතතාව පිළිබඳ 2017 වාර්ෂික වාර්තාවෙහි ආසියා කලාපීය රටවල් අතර “ශ්‍රී ලංකාවට මන්දපෝෂණයෙන් දෙවැනි තැන හිමි” වන බවට පසුගියදා පුවත්පතක පළ වූ වාර්තාව ඉංග්‍රීසියෙන් සඳහන් එම ප්‍රතිඵලය වරදවා සිංහලයට නැඟීමෙන් පළ කරන ලද සාවද්‍ය වාර්තාවකි. ඉංග්‍රීසියෙන් පළ වූ උක්ත වාර්තාවෙහි එම කාරණය සඳහන් වන්නේ under Nutrition යනුවෙනි. එහි අරුත පුද්ගලයකු දිනකට ලබාගන්නා ආහාර ප්‍රමාණයෙන් එම පුද්ගලයාගේ දෛනික ශක්ති අවශ්‍යතාව සපිරෙන තරම් පෝෂණයක් නොලැබීම යන්නය. මේ වාර්තාව පරිවර්තනය කිරීමේදී එම අදහස සාවද්‍ය ලෙස “මන්ද පෝෂණය” යනුවෙන් සඳහන් කර ඇති නමුත්, මන්දපෝෂණය යන්නෙහි ඉංග්‍රීසි අර්ථය Mal nutrition යන්නයි.

    එකී වාර්තාවෙහි Mal nutrition යන අංශය යටතේ දත්තද සඳහන් කර ඇති නමුදු මෙකී පුවත්පත් වාර්තාවෙහි ඒ තොරතුරු සඳහන් කර නැත. ඒ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන මන්දපෝෂණ තත්ත්වය 14.7%කි. එය ඉන්දියාවේ 38.4%ක් වන අතර, ඇෆ්ගනිස්තානයෙහි 40.9%ක්, බංග්ලාදේශයේ 36%ක්, භූතානයේ 33.6%ක්, නේපාලය 37%ක් සහ පාකිස්තානයෙහි 45%ක්ද වේ.

    ඒ අනුව ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන සංඛ්‍යාව දකුණු ආසියා කලාපයේ සෙසු රටවල් සියල්ලට වඩා අඩුය. කෙසේ වෙතත් මේ වාර්තා විවිධ රටවලින් ලබාගත් දත්ත අනුව සකස් කරන ලද ඒවා වන හෙයින් ඒවායෙහි නිවැරැදි භාවය පිළිබඳ 100% ක් තහවුරු කළ නොහැකි බවද එම වාර්තාවෙහි සඳහන් වේ.

    ඉහත ප්‍රවෘත්තිය පිළිබඳ සත්‍ය තොරතුරු සඳහන් වාර්තාවක් මාධ්‍ය වෙත නිකුත් කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු යොදා ඇතැයි ද අධ්‍යක්ෂකවරිය වැඩි දුරටත් සඳහන් කළාය.

    2016 දී ශ්‍රී ලංකාවේ සිදු කරන ලද ජන විකාශ හා සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාවට අනුව මෙරට කෙටිකාලීන මන්දපෝෂණය 15.1%ක් වන බවද අධ්‍යක්ෂවරිය කීවාය.

  • කාන්තා වැසිකිළියක රහසිගත කැමරා සවිකර දොස්තර වරියන්ගේ නිරුවත වීඩියෝ කල දොස්තර මෙන්න

    කාන්තා වැසිකිළියක රහසිගත කැමරා සවිකර දොස්තර වරියන්ගේ නිරුවත වීඩියෝ කල දොස්තර මෙන්න

    වැසිකිළි දෙකක සූක්ෂම ලෙස කැමරා සවිකර දොස්තරවරියන්ගේ නිරුවත බැලූ වෛද්‍ය වරයෙකු පිලිබඳ පුවතක් ලංකාවේ ප්‍රසිද්ධ ශික්ෂණ රෝහ‍ලෙන් අප වෙත වාර්තා වෙනවා.

    මෙම සිදුවීම යට ගැසෙමින් පවතින බවද වසර ගණනාවක පටන්ම ක්‍රියාත්මක කෙරෙන බවද අනාවරණය වී තිබේ. කෙසේ නමුත් තොරතුරු ලබා දුන් පුද්ගලයා ප්‍රදේශ හා රෝහලේ නම පිළිබද අප වෙත හෙළි නොකිරීමට දන්වා තිබේ.

    වෛද්‍යවරයා විසින් පටිගත කල වීඩියෝවක් පහතින් ඇත. පහත විදියෝවෙහි 5 වන තත්පරයේ සිට නරඹන්න.

    මෙම රෝහ‍ලේ මීට දින කිහිපයකට ඉහතදී ප්‍රධාන කාර්යාල වැසි කිළියේ සහ වෛද්‍යවරුන් වෙනුවෙන් පමණක් ඇති ආපන ශාලාවේ වැසිකිළියක මෙම කැමරා සවිකර තිබියදී සොයා ගැනීමට හැකි වූ බවත් එම කැමරා සවිකර
    ඇත්තේ මෙම රෝහ‍ලේ සේවය කරන වෛද්‍ය නිලධාරියෙකු බව මේ වනවිට තහවුරු වී ඇති බවද රෝහ‍ලේ සේවක සේවිකාවෝ පැවසුවා.

    මෙම රෝහ‍ලේ සෙසු සියලු වෛද්‍යවරුන්ද අදාළ සිද්ධිය යට ගැසිමට මුනිවත රකිමින් සිටින බවත් වෙනත් කාර්ය මණ්ඩලයක නිලධාරියෙකුට මෙවැනි චෝදනාවක් එල්ල වූයේ නම් තත්ත්වය මීට වඩා බරපතළ වන බවද ඔවුහු පෙන්වා දුන්නා.

    මෙම සිද්ධියට සෘජුවම සම්බන්ධ වී ඇත්තේ වෛද්‍යවරයෙකු බව මේ වන විට සාක්ෂි ඇතුවම තහවුරු වී ඇති බවත් ඔහු තවමත් මෙම රෝහ‍ලේ සේවයේ නිරත වනබවද ඔවුහු සඳහන් කළහ.

    මෙම වෛද්‍යවරයා මීට වසර ගණනකට ඉහතදීත් මෙම කැමරා සවිකර තිබෙන බවට තොරතුරු ලැබි තිබෙන බවද ඔවුහු සඳහන් කළහ.

    වෛද්‍යවරුන්ගේ ආපනශාලාවට යාමට වෙනත් කිසිවෙකුට හැකියාවක් නොමැති බවත් මෙම කැමරා සවි කිරීම වෛද්‍යවරයෙකු විසින් සිදු කළ යුතු බවද ඔවුහු පෙන්වා දුන්හ.

    මේ හේතුවෙන් වෛද්‍යවරියන් විශාල පිරිසක් අපහසුතාවයට පත්වන්නට ඇති බවද ඔවුහු පැවැසූහ.

    රෝහල් ප්‍රධාන කාර්යාල වැසිකිළිය රෝහල් කාර්ය මණ්ඩලයේ ලිපිකාරිනියන් කිහිපදෙනෙකු පරිහරණය කරන බවත් එම ලිපිකාරිනි යන්ගේ දර්ශන ලබා ගැනීම සඳහා වෛද්‍යවරයා මෙම කැමරා සවි කරන්නට ඇති බවද ඔවුහු පැවැසූහ.

    මේ වනවිට තවත් පෙමණ වැසිකිළි ප්‍රමාණයක මෙවැනි සුක්ෂම කැමරා සවිකර ඇත්ද යන්න සම්බන්ධයෙන් සැක මතුව තිබෙන බවත් කඩිනමින් මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස මෙම රෝහ‍ලේ විවිධ පාර්ශ්ව නියෝජනය කරන සේවක සේවිකාවෝ අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලීමක් කරති.

    මේ සම්බන්ධයෙන් මෙම රෝහ‍ලේ අධ්‍යක්ෂ වෛද්‍ය මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු මෙසේ කියා සිටියේය.

    මට වෛද්‍යවරයෙක් කියලා මෙම සිද්ධිය යට ගහන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මම මේ වනවිට මේ සිද්ධිය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය ‍ලේකම්වරයාට ලිඛිත දැන්වීමක් කර තිබෙනවා.

    ඒ අනුව ඉදිරියේදී අදාළ වෛද්‍යවරයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙයි. විනය විරෝධී වැඩ කරන කවුරුත් බේරන්න මට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මම මේ පිළිබඳව පොලීසියටත් පැමිණිලි කර තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී පොලීසියේ අපරාධ ස්ථානාගාරය මගින් රෝහ‍ලේ වැසිකිළි දෙකක සවිකර තිබූ බව කියන කුඩා සූක්ෂම වර්ගයේ කැමරා 02ක් ‍පොලිස් භාරයට ගෙන ඇති බව අනාවරණය විය.

    මේ සම්බන්ධයෙන් පියවර ගැනීමට අධ්‍යක්ෂවරයා සමත් වී නැති බවට මෙම රෝහ‍ලේ සේවය කරන කාර්ය මණ්ඩල කිහිපයක නිලධාරීන් චෝදනා කරයි.

  • කල්ලියක් බෞද්ධයා නාලිකාව කොල්ලකෑමේ උත්සහයක! ශ්‍රි සම්බෝධි පදනමෙන් පොලිසියට පැමිණිල්ලක්

    කල්ලියක් බෞද්ධයා නාලිකාව කොල්ලකෑමේ උත්සහයක! ශ්‍රි සම්බෝධි පදනමෙන් පොලිසියට පැමිණිල්ලක්

    අනුදැනුමකින් තොරව පරිපාලන රැස්වීම් පවත්වා ගෙන යාම තහන්ම් කරන ලෙස ඉල්ලා බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති,අධ්‍යක්ෂක -ශ්‍රි සම්බෝධි පදනම හා ශ්‍රි සම්බෝධි විහාරාධිපති පුජ්‍ය බොරලන්දේ වජිර හිමියන් විසින් අද (24) කුරුඳුවත්ත පොලිසියේ පැමිණිල්ලක් කොට ඇති බව කුරුඳුවත්ත පොලිසියේ ප්‍රකාශයෙක් සඳහන් කළා.

    CIB 67/228 දරණ පැමිණිලි අංකය යටතේ මෙම පැමිණිල්ල කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන්කළේ.

    හිටපු බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති,ශ්‍රි සම්බෝධි පදනම මෙන්ම් ශ්‍රි සම්බෝධි විහාරාධිපති පුජ්‍යපාද දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ අපවත් වීමත් සමඟ බෞද්ධයා නාලිකාවේ හා සම්බෝධි පදනමේ පාලනය අත්පත් කර ගැනීමට කිසියම් පිරිසක් විසින් කටයුතු කළ බවට පසුගිය කාලය පුරාම විවිධ වාර්තා පළ වූ අතරම මේ වන විට එම තත්ත්වය උග්‍ර අතර හැරි ඇති බවයි සඳහන් වන්නේ.

    මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට විහාරස්ථානයේ වගකිව යුතු පුද්ගලයෙක් සම්බන්ධ කර ගැනීමට අප විසින් දැරූ උත්සහය ද ව්‍යර්ථ විය.

  • පණ්ඩිතයෝ අපිට දේශපාලනය උගන්වන්න ආවා  –  2020 දිනන හැටි ඇමති රාජිත කියයි….

    පණ්ඩිතයෝ අපිට දේශපාලනය උගන්වන්න ආවා – 2020 දිනන හැටි ඇමති රාජිත කියයි….

    අපි අමාත්‍ය ධුරවල හැමදාම ඉන්නෙ නැහැ. එහෙත් ඇමැතිකමෙන් සමුගන්නා දිනය දීර්ඝ කරගැනීමට වැඩ කළ යුතුයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අපි එකතු වෙලා ඡන්දයට යා යුතු බව මම යෝජනා කළා. නමුත් ඊට වඩා ලොකු බක පණ්ඩිතයො අපිට දේශපාලනය උගන්වන්න ගියා. අන්තිමට අන්දමන්ද ප්‍රතිඵලයක් ලැබුණා යැයි රාජිත සේනාරත්න පසුගියදා (21දා) පානදුරේදී පවසා සිටියේය.

    පානදුර ප්‍රදේශයේ තරුණ සමිති, කාන්තා සමිති, විහාරස්ථාන සහ අවමංගල්‍යාධාර සමිති සඳහා උපකරණ බෙදාදීම සඳහා පැවැති උත්සවය අමතා රාජිත සේනාරත්න මහතා මෙසේද කීවේය.

    ඡන්ද ප්‍රතිඵලයෙන් අපට පාඩමක් කියා දුන්නා. ඡන්ද ප්‍රතිඵලය හොඳින් තේරුම් ගෙන දැන් වැඩ කරන්න පටන් ගෙන තියෙනවා.
    2020දී පවත්වන මැතිවරණය ඒකාබද්ධ විපක්ෂයට ජය ගන්න බැහැ. මුස්ලිම් හා දෙමළ ජනතා මනාපය ඔවුන්ට ලබාගන්න බැහැ. ඒ ඡන්ද නැතිව ඔවුන්ට සියයට 50 ගන්න බැහැ. වත්මන් ආණ්ඩුව සියලු බලවේග එකතු කරගෙන මැතිවරණය ජයග්‍රහණය කරනවා.
    අපි දැන් පාඩම් ඉගෙනගෙන තියෙන නිසා දැන් හොඳ ගමනක් යන්න පුළුවන්. කලින් වගේ බෙදිල වෙන්වෙලා තරග කළොත් පරාද වෙනවා. ජනතාව සමඟ නිවැරැදි වැඩපිළිවෙළකට යා යුතුයි.
    ලබන සතියේදී පූර්ණ කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දෙනවා. විද්‍යාත්මක හැදෑරීමක් අනුව සකස් කර තිබෙන මෙම නව කැබිනට් මණ්ඩලය පිළිබඳ ලේඛනය ජනාධිපතිතුමා බි්‍රතාන්‍යයේ සිට පැමිණි පසු සාකච්ඡා කරනවා. අනතුරුව මැයි මුල දිවුරුම් දෙනවා.
    නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු එක වැඩපිළිවෙළක්, එක ගමනක් අනුව ඉදිරි මැතිවරණ අරමුණු කරගනිමින් ආණ්ඩුව නව වැඩපිළිවෙළකට යනවා
  • විජිත රෝහණ කියන්නේ මානසික රෝගියෙක්.. පිස්සෙක්.. මානසික වෛද්‍යවරයෙක් සියල්ල හෙලිකරයි…

    විජිත රෝහණ කියන්නේ මානසික රෝගියෙක්.. පිස්සෙක්.. මානසික වෛද්‍යවරයෙක් සියල්ල හෙලිකරයි…

    පසුගිය සමයේ ආන්දෝගනාත්මක අනවැකි රාශියක් ප්‍රකාශ කර අවසානයේ පුස්සක් බවට පත්වු විජිත රෝහණ නැමත්තා මානසික ව්‍යාධියකට ප්‍රතිකාර ලබාගන්නා රෝගියෙක් බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ වෛද්‍යවරයෙක් අප කළ විමසුමකදී අපට පැවසීය..

    තම අනන්‍යතාවය හෙලිකිරිමට අකමැති වු ඔහු පැවසුවේ ” ඔය විජිත රෝහණ කියන කෙනා හැම මාසෙකටම සැරයක් මගෙන් බෙහෙත් ගන්න එනවා.. එයාගේ රෝගි තත්වය අනුව එයාගේ ආසාව රටේ කුමක් හෝ යුධ ගැටුමක් හෝ සටනක් ඇතිකර රුධිරය ගැලීම දැකීම බවයි.” තවමත් යුධ මානසිකත්වය හිසේ තබාගෙන ජිවත් වන මොහු තමන්ව හදුන්වා දුන් ආකාරයද වෛද්‍යවරයා අපට පැවසීය.. ” සර් මම රෝහණ.. ලංකාවේ ජාතික වීරයෙක්”. 

    ඔහු විසින් සදහන් කරන ලද අනාවැකි පිළිබදව අප සිදුකළ විමසුමකදී අදාළ වෛදයවරයා පැවසුවේ රටේ කෝලාහලයක් නිර්මාණය කිරිමේ අරමුණින් යුතුව පළකරන විවිධ පදනමක් නොමැති අනාවැකි විශ්වාස කරන්නට තරම් ලංකාවේ මෝඩයන් පිරිසක් සිටීම පිළිබදව තමන් කණගාටුවට පත්වන බවයි.

  • අවසානයේ සියල්ල හෙලිවෙයි.. ලසන්ත ඝාතනයට ගෝඨා සම්බන්ධ බව අධිකරණයට දැනුම් දෙයි…

    අවසානයේ සියල්ල හෙලිවෙයි.. ලසන්ත ඝාතනයට ගෝඨා සම්බන්ධ බව අධිකරණයට දැනුම් දෙයි…

    මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානයක්කාර, හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන අය සම්බන්ධ බවට, තමන් සැක කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (23) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබේ.

    ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී පරික්ෂණයක් ආරම්භ කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම් දී තිබේ.

  • රහසේ විවාහ කරගත් තරුණිය හෝටලයක තබාගෙන ලිංගිකව හැසිරෙමින් අසැබි දර්ශන අරන් මාට්ටු..

    රහසේ විවාහ කරගත් තරුණිය හෝටලයක තබාගෙන ලිංගිකව හැසිරෙමින් අසැබි දර්ශන අරන් මාට්ටු..

    කාන්තාවන් රවටා ඔවුන් ලැගුම්හල්වලට රැගෙන ගොස්‌ හොර රහසේ ඔවුන්ගේ අසභ්‍ය දර්ශන වීඩියෝ කර ඒවා අන්තර්ජාලයට යවා මුදල් උපයා ගැනීමේ ජාවාරමක යෙදුණු බවට සැකකරන තරුණයකු බියගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    ඔහු විසින් රාගම ප්‍රදේශයේ 26 හැවිරිදි තරුණියක්‌ මවුපියන්ට හොර රහසේ විවාහ කරගෙන ඇය බියගම ප්‍රදේශයේ ලැගුම්හලකට රැගෙන විත් එහි මාස දෙකක්‌ රඳවාගෙන මෙසේ අසභ්‍ය දර්ශන පරිගණකගත කරමින් සිටියදී පොලිසියට හසුවී ඇත.

    පළමු මාසයේ එහි නවාතැන් ගාස්‌තුව වශයෙන් රුපියල් 95,000 ක මුදලක්‌ එම ලැගුම්හලට ගෙවා තිබෙන්නේ එම තරුණියගේ රන් ආභරණ උකසට තබා බව කියෑවේ.

    නමුත් දෙවැනි මාසයේ එහි නවාතැන් ගාස්‌තුව රුපියල් 65,000 ක්‌ වී තිබූ අතර එය ගෙවීමට නොහැකිව සිටියදී ඔහු පොලිසියට හසුවී තිබේ. එහිදී ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී මේ ජාවාරම අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිවී තිබේ.

    හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන විසිනව හැවිරිදි ඔහු පසුව පොලිස්‌ ඇප මත මුදා හැර තිබෙන අතර ඔහුට විරුද්ධව ජනවාරි මස 04 වැනිදා ගම්පහ මහෙස්‌ත්‍රාත් අධිකරණයේ චෝදනා ගොනු කිරීමට ද නියමිතව ඇත.

    මේ පිළිබඳව බියගම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ශාන්ත තිලකරත්න, උප පොලිස්‌ පරීක්‍ෂකවරුන් වන ඩබ්ලිව්. ඒ. ආර්. විඡේලාල් හා ඩබ්ලිව්. ඒ. ඩබ්ලිව්. වඩුවාවල යන නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.

  • යනවද?ඉන්නවද?මොකද කරන්නේ? තීරණාත්මක ශ්‍රිලනිප මධ්‍යම කාරක සභා රැස්වීම අද….

    යනවද?ඉන්නවද?මොකද කරන්නේ? තීරණාත්මක ශ්‍රිලනිප මධ්‍යම කාරක සභා රැස්වීම අද….

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද(24) රැස්වීමට නියමිතව තිබේ.
    අද රාත්‍රී 8.00 ජනාධිපති නිල නිවසේ දී මධ්‍යම කාරක සභාව රැස් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
    මධ්‍යම කාරක සභාව රැස්වීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායම ද රැස්විම නියමිතව තිබේ.
    මේ සඳහා පසුගියදා අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඡන්දය ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනාට ද ආරාධනා කර ඇති බව සඳහන් වෙයි.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
    ආණ්ඩුව සමඟ එක්ව තවදුරටත් කටයුතු කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව මෙහිදි අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිතයි.
    කෙසේවෙතත් ලබන මැයි අට වන දින පාර්ලිමේන්තු රැස්වීමේ දී තමන් ඇතුළු විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් 16 දෙනා විපක්ෂයේ අසුන් ගැනීම අනිවාර්යය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.
    අදාළ මන්ත්‍රීවරුන් පිරිස ඊයේ(23) රාත්‍රී විශේෂ සාකච්ඡාවක නිරත වු අතර එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ජෝන් සෙනෙවිරත්න මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.
    කෙසේවෙතත් වත්මන් ආණ්ඩුවේ පවතින අඩුපාඩු සකස් කරගනිමින් ඉදිරියේ දී නව මුහුණුවරක් යටතේ ආණ්ඩුව ගෙන යාමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
    ටි.වි.දෙරණ ඔස්සේ ඊයේ රාත්‍රී විකාශය වූ 360 කාලීන වැඩසටහනට එක්වෙමින් මහින්ද අමරවීර අමත්‍යවරයා මෙම අදහස් පල කළේය.
    කෙසේවෙතත් ඉදිරියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සියලු පක්ෂ එක්ව නව බලවේගයක් ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
  • රට පැන්න පාතාල ලොක්කා මධූෂ් ගිය සතියෙත් ලාබාල පෙම්වතිය බලන්න ලංකාවට ඇවිත්….

    රට පැන්න පාතාල ලොක්කා මධූෂ් ගිය සතියෙත් ලාබාල පෙම්වතිය බලන්න ලංකාවට ඇවිත්….

    ලංකාවට හෙරොයින් ගෙන එන ප‍්‍රධාන මාර්ගයක් වන්නේ ඇෆ්ගනිස්ථානය හා ඉන්දියාව හරහා මුහුදු මාර්ගයෙන් ලංකාවේ බටහිර වෙරළ තීරයට පැමිණෙන බෝට්ටුය.

    මධූෂ් ද මෙවැනි බෝට්ටු මගින් ලංකාවට හෙරොයින් එවීම බොහොම නිදහසේ කරගෙන යන බවක් වාර්තාවන තොරතුරු අනුව පෙනෙන්නට තිබේ.

    ඔහු අද ලංකාවේ පමණක් නොව ඩුබායිවලද හෙරොයින් ජාවාරම පවත්වාගෙන යන අතර ඒ සියල්ල සිදුකරන්නේ ඉන්දීයාවේ ත‍්‍රස්තවාදියෙකුගේ සහයෙන් බවත් එම ත‍්‍රස්තවාදියා ඇෆ්ඝනිස්ථානයේ සිට අවට රටවල් ගණනාවකට හෙරොයින් බෙදාහරින්නෙකු බවත් මෙරට බුද්ධි අංශ සොයාගෙන තිබේ.

    හොරොයින් පමණක් නොව මධූෂ් ද ආරක්ෂක අංශ ඇස වසා මේ බෝට්ටු මගින් විටින් විට ලංකාවට පැමිණෙන බවටද මධූෂ් පිළිබඳව පරීක්ෂණ පවත්වන අංශ වෙත වාර්තා වී තිබේ. එහෙත් කොතැනක හෝ පවතින වරදක් නිසා ඒ කිසිවක් හෝ කිසිවෙක් අත්අඩංගුවට ගැනීමට තවමත් අපේ ආරක්ෂක අංශ අසමත්ව ඇත. මධූෂ් ලංකාවෙන් පැන ගියේද දකුණේ ප‍්‍රබල දේශපාලනඥයෙකුගේ උදව් ඇතිව බව ප‍්‍රසිද්ධ රහසකි. එසේම එම දේශපාලනඥයාගේ පුතාගේ මංගල උත්සවයට ද මධූෂ් පැමිණ ඇති බවටද විවිධ තොරතුරු වාර්තා වෙමින් පවතී. ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන ලාබාල දැරියක සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන යමින් මධූෂ් ඇය හමුවීමට මෙරටට අවස්ථා කීපයකදී පැමිණ ඇති බවට පවතින තොරතුරු ඔස්සේ ද ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    මධූෂ් මුලින්ම හිරගෙදර ගියේ කුමන වරදක් මතද යන්න විවාද සම්පන්නය. මධූෂ්ගේ ගමේ ඇතැමෙක් පවසන්නේ ඔහු නොකළ වරදකට හිරේ ගිය බවය. තවත් කෙනෙක් පවසන්නේ ඝාතන සිදුවීමක් සම්බන්ධයෙන් හිරේ ගිය බවය. කෙසේ වෙතත් එක් අවස්ථාවකදී අධිකරණයෙන් ඇප ලබාදී තිබියදීත් ඔහු වෙනුවෙන් ඇප තැබීමට කිසිවෙක් නොසිටීම නිසා තවත් මාස ගණනාවක් රිමාන්ඩ් බන්ධනාගාරයේ කාලය ගෙවන්නට මධූෂ්ට සිදුවිය. ඒ 2003 – 2004 කාල වකවානුවේදීය. ගමේ චණ්ඩියෙකු ලෙසද, බස්වලින් කප්පම් ගන්නෙකු ලෙස ද ප‍්‍රදේශයේ නමක් දරා සිටි මධූෂ් කුඩුකාරයකු කරන්නට සමත් වෙන්නේ මේ කාල වකවානුවේ ඔහුට හමුවූ බන්ධනාගාරගත රැඳවියන්ය.

    බස් රථ හිමියන්ගෙන් හා ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගත් මධූෂ්ට හෙරොයින් ජාවාරම අලුත් අත්දැකීමක් එකතු කරනු ලැබිණ. සුළු මුදලක් ආයෝජනය කර එකවර විශාල මුදලක් ඉපයීමට හැකි මේ ජාවාරම ඔහුගේ හිතට අල්ලන්නට ඇත. එතැන් සිට තමන්ගේ ජාවාරම කරගෙන යා හැකි ජාලයක් හදාගන්නට ඔහු කටයුතු කළේය.

    මධූෂ් කුඩු පාතාලය හරහා වඩාත් වේගයෙන් කරළියට එන්නේ 2013න් පසුවය. ඒ ඔහු ඩැනී හිත්තැටිය ඝාතනය, මීගමුවේ ලීසිං සමාගම් දෙකක් කොල්ලකෑම ඇතුළු චෝදනා රැසකට විටින් විට බන්ධනාගාරගතව සිට 2013දී ඇප මත මුදාහැරීමෙන් පසුවය. එලෙස ඇප මත මුදාහැරුණු මධූෂ් ඉන්දියාවට පළාගියේය. එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ඇති කරගත් එකඟතා ඇතිව ඩුබායිවලට පැන ගත් ඔහු එහි සිට මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගියේය. හෙරොයින් පමණක් නොව ඔහු කේරළ ගංජා ජාවාරම ද කරගෙන ගොස් ඇතැයි මෙරට බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තා වී ඇත.

    ඔහු මාකඳුරේ මධූෂ් ලෙස කරළියට එන විටත් දකුණේ බලය තිබුණේ කොස්ගොඩ සුජී අතේය. ඒ නිසා තමන්ගේ බලය තහවුරු කරගැනීම සඳහා කොස්ගොඩ සුජී සමග ගැටෙන්නට මධූෂ්ට සිදුවිය. ඒ ගැටුමේදී ද එකිනෙකා මරාගැනීම නිසා දෙපාර්ශ්වයේ බොහෝ දෙනෙකුට ජීවිත අහිමි විය. මධූෂ් මෙන්ම සුජී ද සිටින්නේ ඩුබායිවල සැඟවීලාය. එකම රටේ දෙපැත්තක සැඟවී සිටිමින් ඔවුහු තම ජාවාරම් සියල්ල නවීන තාක්ෂණය යොදා ගනිමින් මෙරටදී ක‍්‍රියාත්මක කරති. ඒ සඳහා තමන් වෙනුවෙන්ම ජීවිතය පුදන්නට වුව සූදානම් පාතාල සාමාජිකයන් නිර්මාණය කරගනිති.

    එය ආරම්භ කරන්නේද බන්ධනාගාරයෙනි. බන්ධනාගාර ගතව සිටින තවත් පාතාල සාමාජිකයෙකු හිතවත් කරගන්නා ඔවුන් ඒ අය මගින් තෝරාගත් පිරිසක් මුදල් ඇප දී බේරාගනු ලබයි. ඒ සඳහා ඔවුන් යොදාගන්නේද හෙරොයින් ජාවාරම් මගින් උපයන මුදල්ය. ඉන්පසු ඒ පිරිස තමන්ට අවශ්‍ය පරිදි හසුරුවා ගැනීමට මධූෂ් මෙන්ම සුජීද සමත් වෙති.

    කොස්ගොඩ සුජී සිය මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යාමට යොදාගන්නා එක ප‍්‍රධාන සාධකයක් බවට පත්වන්නේ සමයංය. එසේම පොඩි ලැසීද කලක් ඔහුගේ ගෝලයෙක් විය. එසේම පොඩි ලැසී විටෙක මධූෂ් සමගද ගනුදෙනු පවත්වා ඇත. කොස්ගොඩ සුජි සමග එක්ව දකුණෙ මත්ද්‍රව්‍ය ජාවාරම ආක‍්‍රමණය කළ සමයං, මධූෂ්ගේ ප‍්‍රබල හතුරකු බවට පත්විය. මධූෂ්ගේ හිතවතෙක් වන හර්ෂ යසස් සමයං විසින් ඝාතනය කිරීම තමන්ට එල්ල කළ මරු පහරක් ලෙස මධූෂ් දැක්කේය. ඒ හර්ෂ යසස් යනු ඩැනී හිත්තැටිය ඝාතනයේ දෙවැනි සැකකරු වන නිසා මෙන්ම තමන්ගේ හොඳම ගෝලයෙකු වන නිසාය. මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව එකතුවූ මේ ඝාතනය නිසාද සමයං මධූෂ්ගේ ප‍්‍රධාන හතුරකු බවට පත්විය. එහි අවසානය වූයේ සමයං සමගම කලක් එක්ව සිට පසුව ඔහුගේ හතුරෙකු බවට පත්වූ අංගොඩ ලොක්කා ලවා සමයං ඝාතනය කිරීමට කටයුතු කිරීමය.

    අංගොඩ ලොක්කාට ද සමයංගෙන් පළිගැනීමට එමට කාරණා තිබිණ. ඒවා එකින් එක කතා කිරීමට මෙය වෙලාව නොවන්නේ මධූෂ්ගේ හෙරොයින් ජාවාරමේ දිග පළල හඳුනාගැනීමට එයින් බාධා ඇති වෙන බැවිනි. අංගොඩ ලොක්කලා මධූෂ් සමග ගහපු ගේම අනුව සමයං ඇතුළු රැඳවියන් පිරිසක් බන්ධනාගාර රථයකින් කඩුවෙල අධිකරණය කරා ගෙන යමින් සිටියදී කලුතර එතනමඩලේදී එල්ල වූ වෙඩි ප‍්‍රහාරයකින් ඝාතනයට ලක්විය.

    මේ සමූහ ඝාතනයේ සැකකරුවන් බවට අංගොඩ ලොක්කා පත්වුවද ඔහු තම ළගම සගයා වන ලඩියා සමග කාටත් රහසේ ඉන්දියාවට පලාගොස් ඇති බව පොලිස් පරීක්ෂණලදී හෙළි විය. ඔවුන් එලෙස පලාගොස් තිබෙන්නේ මධූෂ්ගේ උදව් ඇතිව බොට්ටු මගින් බවටද පොලිසිය සැක පළ කරයි. කෙසේ වුවද ඉන්දියාවේදී අංගොඩ ලොක්කා හා ලඩියා ආගමන විගමන නීතී උල්ලංඝනය කිරීමේ වරදට අත්අඩංගුවට පත්වූහ. මාස කීපයක් එරටදී හිරබත් කෑ ඔවුහු මේ වන විට නිදහස්ව ඇති නමුත් ඔවුන්ට එතැනින් පසු සිදුවූයේ කුමක්දැයි කිසිවෙක් දන්නේ නැත.

    එහෙත් දැනට වාර්තා වන පරිදි මධූෂ් තම හෙරොයින් මුදල් යොදවා අල්ලා ගන්නා ජාලයන්ගේ සහය ඇතිව තවදුරටත් අංගොඩ ලොක්කාට හා ලඩියාට ඉන්දියාවේම සැඟවී සිටින්නට මග හෙළි කර දී තිබේ. එසේ සිදුකරන ඔහු ඔවුන් හරහා සිය මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යාමට සමත්ව ඇත. ඩුබායිවල සිට ඇෆ්ඝනිස්ථානය හරහා මධූෂ් එවන හොරොයින් ලංකාවට එවනු ලබන්නේ ලොක්කලාය. ඒ හොරොයින් දකුණේදී බෙදාහරින්නේ ඩිලයිට්ලාය. උතුරේදී බෙදාහරින්නේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ය. මධූෂ් විනීතා ගුණසේකර මගින් ඇගේ සැමියා වූ කොටි පොලිස්පති ලෙස හැඳින්වූ නඩේසන් හඳුනාගන්නා අතර එමගින් හඳුනාගන්නා කොටි සාමාජිකයන් සමග ගනුදෙනු කරනු ලබයි. යුද්ධ සමයේදී මධූෂ් උතුරට ගොස් ඔවුන්​ගෙන් යුද පුහුණුවද ලබාගෙන ඇතැයි ආරක්ෂක අංශ වෙත යම් යම් තොරතුරු වාර්තා වී තිබෙන අතර මේ වන විට මධූෂ්ගේ කල්ලියේ හිටපු කොටි සාමාජිකයින් මෙන්ම යුද හමුදාවෙන් පලාගිය අයද සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ. ඔහු බොහෝ ඝාතන සැලසුම් කරන්නේ ඔවුන්ගේ සහය ඇතිව බවද ආරක්ෂක අංශ පවසති.

    මොවුහු මත්ද්‍රව්‍ය බෙදාහැරීමේදී අද වන විට ජීපීඑස් තාක්ෂණය පවා යොදාගන්නා බවටද ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ. එමගින් ගනුදෙනුකරුවා පැමිණ සිටින ස්ථානය තහවුරු කරගන්නා ජාවාරම්කරු අවශ්‍ය ද්‍රව්‍ය එම ස්ථානයට සපයා ඊසිකෑෂ් ක‍්‍රමයට මුදල් ලබාගැනීම සිදුකරනු ලබති. අංගොඩ ලොක්කා ලංකාවට එවන කුඩුවලට අදාළ මුදල් මෙරට සිටින මධූෂ්ගේ ගෝලයන් එකතු කරගනු ලබන්නේ ඊසිකෑෂ් ක‍්‍රමයට වන අතර ඒ මුදල් මධූෂ්ට යවන්නේ උණ්ඩියල් ක‍්‍රමයටය. ඒ සඳහා මැදිහත්ව තිබෙන්නේ පසුගිය මාර්තු 16 වැනිදා අලුත්කඩේ නුරානියා වීදියේදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් ඝාතනයට ලක්වූ මොහොමඩ් රිස්වාන් විසින් බවටද මේ වන විට තොරතුරු හෙළි වෙමින් පවතී.

    උණ්ඩියල් ක‍්‍රමය යනු මුදල් එහා මෙහා ගෙන යන ක‍්‍රමයක් නොවන අතර ජාවාරමට සම්බන්ධ වන පාර්ශ්වයෙන් මුදල් ටික එකතු කරගැනීම මෙරට සිටින එක් පුද්ගලයකු විසින් සිදුකරන අතර එයට සමාන මුදලක් විදේශ ගතව සිටින ඔහුගේ සගයෙක් අනෙක් පාර්ශ්වයට ගෙවීමය. එහෙත් දැනට හොරොයින් ජාවාරමේදී එහා මෙහා යන කෝටි ගණනාවක මුදලක් මේ ක‍්‍රමයට ගෙවීම අපහසු වන බැවින් අදාළ මුදලම පන්දාහේ නෝට්ටුවලින් සකස් කර ගුවන් යානා කාර්ය මණ්ඩලවල සේවය කරන්නෙකු භාවිත කර යැවීමේ ක‍්‍රමයක්ද ක‍්‍රියාත්මක වෙමින් පවතින බවටද ආරක්ෂක අංශ වෙත වාර්තා වී තිබේ. රිස්වාන්ට ව්‍යාපාරිකයෙකු වීම නිසාම පළමු ක‍්‍රමයට ඔහු ලවා මුදල් ගෙන්වා ගැනීම මධූෂ්ට පහසු වෙන්නට ඇත.

    රිස්වාන් ඝාතනයට ලක්වෙන්නේ මෙවැනි ගනුදෙනුවක නිරත වෙමින් සිටියදීය. රිස්වාන් සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් පමණක්ම නොවේ. වසර දහයකට පමණ පෙර පටන් මාලිගාවත්ත ප‍්‍රදේශයේ ජීවත්ව ඇත. එහි පාතාල කල්ලියක් සමග කටයුතු කර තිබෙන අතර එකල වූ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ද පත්ව ඇති බවට පොලිස් වාර්තා ද පවතී. එසේම ඔහු කඹුරුගමුවේ මධූෂ් සමග මිය යන තෙක්ම දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවට රිස්වාන්ගේ ජංගම දුරකථනයේ දත්ත මගින් හෙළි වී තිබේ. එපමණක් නොව අපරාධ රැසකට පොලිසියට අවශ්‍යව ඇති දැනට විදේශගතව සිටින පාතාල කල්ලි නායකයෙකු වන කෙසෙල්වත්තේ දිනුක සමගද රිස්වාන් දුරකථනයෙන් සම්බන්ධතා පවත්වා ඇති බවට කරුණු හෙළි වී ඇත. රිස්වාන් මධූෂ්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමේදී නැතිවම බැරි පුරුකකි. රිස්වාන් ඝාතනය සම්බන්ධයෙන් මධූෂ් කලබල වෙන්නේත් ඒ වෙනුවෙන් කොස් මල්ලීගේ හිස ඉල්ලා සිටින්නේත් ඒ පාඩුව එතරම්ම බලවත් වන නිසා විය යුතුය.

    මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම පාතාලයන්ට තමන්ගේ අනෙකුත් ජාවාරම් පවත්වාගෙන යාමේදී වඩාත් ආරක්ෂාකාරී වෙන්නේ බන්ධනාගාර ගතව සිටීම හෝ විදේශගතව සිටීමය. බොහෝ දෙනා මුදල් ලබාගැනීම මෙන්ම ගනුදෙනුකරුවන් හඳුනාගැනීමත් නවීන ජංගම දුරකථනවල පහසුකම් භාවිත කරමින් සිදුකරනු ලබති. ඒ සඳහා ඔවුන් බන්ධනාගාර නිලධාරීන් බිය වද්දා අවශ්‍ය ඉඩකඩ සකස් කර ගනිති. එයට අවනත නොවන්නන් කෙරෙහි වෙනම අවධානය යොමු කර තම දේශපාලන හිතවත්කම් භාවිතා කරමින් සේවා ස්ථාන මාරු කිරීම් හෝ වෙනත් වැරදි පටවා විනය පරීක්ෂණවලට මුහුණ දෙන්නට සිදුවන තත්ත්වයන් ඇති කරති. මේ නිසා අද වන විට බන්ධනාගාරය හෙරොයින් ජාවාරම පවත්වාගෙන යාමේ ප‍්‍රධාන තිප්පළක් බවට පත්ව තිබෙනවාදැයි සිතෙන තරම් තත්ත්වයක් මතුව තිබේ.

    උපුටා ගැනීමකි.

  • ජනතා සහ පාක්ෂික විරෝධය හේතුවෙන් අගමැතිවරයා සිය ධූරයෙන් සමුගැනීමේ තීරණයක….

    ජනතා සහ පාක්ෂික විරෝධය හේතුවෙන් අගමැතිවරයා සිය ධූරයෙන් සමුගැනීමේ තීරණයක….

    ජනතාවගෙන් එල්ලවූ දැඩි විරෝධය හේතුවෙන් ආර්මේනියාවේ අගමැතිවරයා ඉල්ලා අස්වී තිබේ.
    ඒ සමඟ වැඩ බලන අගමැති ලෙස හිටපු අගමැතිවරයා පත් කර ඇති බව සඳහන් වෙයි.
    2008 වසරේ සිට ආර්මේනියාවේ ජනපතිධුරයේ කටයුතු කල සර්ෂ් සාග්සයන් එරට අගමැති ධුරයේ වැඩ භාරගත්තේ පසුගිය 17 වනදායි.
    වසර පහ බැගින් ධුර කාල දෙකක් ඔහු ජනපති ධුරයේ කටයුතු කර තිබේ.
    අගමැති ධුරයට පත්වීමත් සමඟ බලයට දැඩි ලෝභීත්වයක් දක්වන්නෙකු බවට විරුද්ධ පාක්ෂිකයින් ඔහුට චෝදනා එල්ල කළේය.
    දින ගණනාවක් සිට සාග්සයන්ට එරෙහිව දැවැන්ත විරෝධතා පැවැත්වුණු අතර ඒ සඳහා දහස් සංඛ්‍යාත පිරිස් සහභාගිවී සිටි ආකාරයද දක්නට ලැබුණි.
    මෙවන් පසුබිමක් යටතේ අගමැතිවරයා ඉල්ලා අස්වීමට තීරණය කළේ තමා විරෝධතාකරුවන්ගේ ඉල්ලීම ඉටු කළ බව පවසමින් ය.
  • රාජපක්ෂලා අපේ  සහෝදරකම නැති කරන්න උත්සාහ කරනවා – රණතුංග පවුල හරිවෙලාවට එකතැන!

    රාජපක්ෂලා අපේ සහෝදරකම නැති කරන්න උත්සාහ කරනවා – රණතුංග පවුල හරිවෙලාවට එකතැන!

    ප්‍ර‍සන්න මල්ලිගේ දේශපාලන ක්‍ර‍මය වෙනස් ක්‍ර‍මයක්. රුවන් මල්ලි ඉන්නේ බණ්ඩාරනායක ප්‍ර‍තිපත්ති එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. හැබැයි අපේ සහෝදරකම නැති වෙලා නැහැ. හරිවෙලාවල් වෙනකොට අපි කට්ටිය හිදගනී එකතැන…

    තම පියාණන් වන හිටපු අමාත්‍ය රෙජී රණතුංග මැතිතුමා තමන්ගේ ජීවිතයටත් වඩා සිය පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය උදෙසා කැප වූ විශිෂ්ට ජනතා නායකයෙකු බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රෙජී රණතුංග මැතිතුමාගේ 81වැනි ජන්ම දින සැමරුම සඳහා උඩුගම්පොළ පිහිටි රෙජී රණතුංග ස්මාරකයට පුෂ්පෝපහාර දක්වමිනි. එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍ර‍ශ්නවලට පිළිතුරු දෙමින් අර්ජුන රණතුංග අමාත්‍යතුමා වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් සිය පියාගේ ජන්මදින සැමරුව තම දේශපාලන වාසි සඳහා යොදා ගැනීම තරයේ හෙළා දකින බවයි.

    “මහින්ද රාපක්ෂ මැතිතුමා ජීවත්ව සිටිනතාක් කල් අපේ තාත්තා ගැන බැලුවේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මැරෙන්න දුන්නේ. එහෙම තත්ත්වයක අපේ තාත්තාගේ මිනී වලටවත් ගරු කිරීම ගැන මම සතුටුවනවා. නමුත් පක්ෂය ගැන විශාල කැපකිරීමක් කළ මිනිස්සු අගය කරන්න ඕන මැරුණට පස්සේ නෙමෙයි. දේශපාලන වාසි තකා මැරුණු මිනිස්සු විකුණගෙන කන්න හොද නැහැ. එය මම හෙළා දකිනවා. නමුත් එකපැත්තකින් එතුමාට දැන් හරි ඇස් ඇරිලා තියෙන එක ගැන මම සතුටු වෙනවා….. ” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. එහිදී මාධ්‍යවේදීවකු විමසා සිටියේ රණතුංග පවුල කඩන්න හදන්නේ රාජපක්ෂලාද යනුවෙනි. ඊට පිළිතුරු දෙමින් අර්ජුන රණතුංග මහතා පැවසුවේ එය අද ඊයෙක සිදු වුණු දෙයක් නොවන බවයි.

    “ අපේ තාත්තා ජීවත්වෙන කොට පවුල කඩන්න කාටවත් දුන්නේ නැහැ. තාත්තා නැතිවුණාට පස්සේ සමහර දේශපාලනඥයන් එය සිදු කරනවා.

    එක එක පවුල් මරවලා කොටවලා හරි තමන්ට දේශපාලන වාසි ලබා ගන්න මේ අය උත්සාහ කරනවා. කාවහරි විකුණගෙන දේශපාලනය කරනවා. එය එදත් කළා. අදත් කරනවා. හෙටත් කරනවා. ඒ අය අපේ සහෝදරකම නැති කරන්න හරියට උත්සාහ කරනවා.

    රණතුංග පවුල කියන්නේ බණ්ඩාරනායකවරුන්ට පස්සේ ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලනික වශයෙන් ශක්තිමත්ම පවුල. ඒ පවුල කඩන කොට තමයි ඔවුනට වාසි. ඒක අද ඊයේ වෙච්ච දෙයක් නෙමයි. එක් අතකින් අද අපේ තාත්තා නැති වුණු එක හොදයි. නැතිනම් මේවා දැකලා තමයි තාත්තට නැති වෙන්න වෙන්නේ.

    අපේ තාත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරක්ෂා කරගනිමින් බණ්ඩාරනායක ප්‍ර‍තිපත්ති ඉදිරියට ගෙන ගිය කෙනෙක්. කවදාවත් පක්ෂය දාලා ගියෙත් නැහැ. පක්ෂය කඩන්න කුඩු කරන්න හැදුවෙත් නැහැ. ප්‍ර‍ශ්න ඇතිවන හැම වෙලාවකම පක්ෂය ආරක්ෂා කරන්න කටයුතු කළ කෙනෙක්.

    එතුමා ගැන අපිට පුත්තු විදියට ආඩම්බර වෙන්න පුළුවන්. අපේ තාත්තා හොකරම් කළ දේශපාලනඥයෙක් නෙමෙයි. එතුමා ඔය කියන දේශපාලනඥයින්ට ආදර්ශයක්. ඔය දේශපානඥයින් අපේ පවුල කඩන්න හැදුවට දේශපාලනය නිසා අපේ පවුලේ අසමගියක් නැහැ. එක එක්කෙනාගේ දේශපාලන ක්‍ර‍මවේදයේ වෙනසක් තියෙන්නේ. මම රට වෙනුවෙන් දේශපාලනය කරන කෙනෙක්. ප්‍ර‍සන්න මල්ලිගේ දේශපාලන ක්‍ර‍මය වෙනස් ක්‍ර‍මයක්. රුවන් මල්ලි ඉන්නේ බණ්ඩාරනායක ප්‍ර‍තිපත්ති එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. හැබැයි අපේ සහෝදරකම නැති වෙලා නැහැ. හරිවෙලාවල් වෙනකොට අපි කට්ටිය හිදගනී එකතැන….”