Author: Editor[A]

  • ඇත්තටම හිරු අවුරුදු කුමරා මුස්ලිම් ද???? සමාජ ජාල ඇවිලුණු කතාවේ ඇත්ත පැත්ත මෙන්න

    ඇත්තටම හිරු අවුරුදු කුමරා මුස්ලිම් ද???? සමාජ ජාල ඇවිලුණු කතාවේ ඇත්ත පැත්ත මෙන්න

    නම- මොහොමඩ් සුනෙර්දීන් ගම – ගෝනිගොඩ
    පාසල – මහනුවර කිංස්වුඩ් විද්‍යාලය( 2010 Batch)

    පියා – මුස්ලිම්මව- බෞද්ධ

    දැන් පදිංචිය – රාජගිරිය

    සුනෙර්දීන් අදහන්නෙ ක්‍රිස්තියානි ආගම .
    රාජගිරිය Bethany පල්ලියේ යාතිකා කණ්ඩායමේ ඔහු සාමාජිකයෙක්..

    සිංහල කියලා බෙදන්නත් බැරි
    මුස්ලිම් කියලා බෙදන්නත් බැරි
    ක්‍රිස්තියානි කියලා බෙදන්නත් බැරි
    සුනෙර්දීන්ව අපි බෙදුවේ ඔහුගෙ නම මොහොමඩ් නිසා..

    ඒකත් හරි මුළාවක් තමයි .. 😌
    ඒකත් මාරයි Mohomed Sunerdeen

    අවුරුදු කුමාරයා අන්‍ය ජන වර්ගිකයෙකු වීම සමහරෙක්ට ගැටළුවක් වී ඇති අතර එය කතා බහට ලක් කරන්නට තරම් මහා ගැටළුවක් නොවන බව තවත් සමහරෙකුගේ අදහසයි.

    ඉතිහාසය පුරාම මේ සිදුවීම කතාබහට ලක් නොවූ බවත් කතා බහට ලක් කරන්නට වුවමනාවක් නොතිබූ බවත් සිහිපත් කළ යුතුමය.

    බොනිපස් පෙරේරා – රවීන්ද්‍ර රන්දෙණිය වීම , වසන්තා ඩොරීන් පීටර්සන් – වසන්ති චතුරානි වීම , ඇල්බට් පෙරේරා – අමරදේව වීම හෝ ඔගස්ටා පුෂ්පරාණි – අසංකා මොණරවිල බවට පත් වීම හරහා මෙවැනි ගැටළුවක් නිරූපණය නොවන අතර ඒවා අයත් වන්නේ සිනමා හා කලානුරූපී අවශ්‍යතා කැටගරියට ය.

    නමුත් ඩේසි රාසම්මා ඩැනියල්ස් – රුක්මණී දේවි ම වීම , නෙයි සීතා බංසජායා – G S B රාණි ම වීම , එම්. එම්. හනීෆා – ශෂී විජේන්ද්‍ර ම වීම , ග්‍රේස් ස්කෝමත් – අචලා අලස් ම වීම සහ රොෂාන් මාසිලාමනී – රොෂාන් රණවන ම වීම හරහා විඥ්ඥාන කේන්ද්‍රීය අවශ්‍යතාවක් ඉටු කෙරෙන අතර එය සිනමා හා කලානුරූපී අවශ්‍යතාවයෙන් සපුරා වෙනස් වේ. නමුත් එ කිසිවක් මතුපිටට නොපෙනේ.

    පසුගිය වසර කීපය තුළ ලාංකේය සමාජය තුළ ගිහි ප්‍රජාව අවුළුවන චීවරධාරීන් දෙස ඇස් කන් අවදියෙන් තබා සිටියේ නම් එදා විඥ්ඥාන කේන්ද්‍රීය අවශ්‍යතාවය අද අයිතිවාසිකමක් ලෙස දක්නා මෙවැනි භික්ෂූන්ගේ අනතුරුදායක බව ඔබට වැටහෙනු ඇත.

    අපට කටපාඩම් කරන බුදු බණට අනුව “නච්ච ගීත වාදිත විසූකදස්සන මාලාගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී ” යනුවෙන් ශික්ෂාපදයක් ඇති අතර නැටීම් – ගී ගැයීම් – බෙර ආදී වැයීම් ද විහිළු දසුන් දැකීමෙන්ද වැළකෙන්නට පවසන්නේ ගිහියන්ට පමණක් විය හැකිය. චීවරය ලා සිටින භික්ෂූන් වහන්සේලාට අවුරුදු කුමරාගේ පෙර සමේ සිට අවුරුදු කුමරියගේ කන්‍යා පටලය දක්වාම පරීක්ෂා කරන්නට අවසර ඇතුවා විය හැකිය. එය අපට ප්‍රශ්නයක් නොවේ.

    නමුත් ඔබගේ දරුවාට දහම් පාසලේ උගන්නන්නේ මෙලෙස ගිහි – පැවිදි සීමාව සීමාව ඉක්මවන චීවරධාරියා විය හැකිය. ඔබට බෝධි පූජා පවත්වා ආශිර්වාද කරන්නේ මෙලෙස මිනිසුන් ට වෛරී අදහස් පතුරන චීවරධාරියා විය හැකිය. ඔබට පිරිත් නූල් බැඳ සෙත් වඩන්නේ ජාති – කුල – මල භේද පිළිකෙව් කළ දහමක නියෝජිතයා ලෙසින් පෙනී සිටිමින් ජාතිවාදය පතුරන මේ චීවරධාරියා විය හැකිය.

    අවුරුදු කුමාරයාගේ සරම අස්සේ සිටින අන්‍ය ජන වර්ගිකයාට වඩා ජාතිවාදී භික්ෂූන්ගේ චීවරය අස්සේ සිටින සැඟවුණු අමුත්තා භයානකය.

    – සහන් කසීර වික්‍රමසිංහ –

  • බැසිල් වගේ මෙයාවත් බන්ධනාගාර රෝහලටම යවන්න – මහින්දගෙන් එජාප ප්‍රබලයෙක්ට ඇමතුමක්…

    බැසිල් වගේ මෙයාවත් බන්ධනාගාර රෝහලටම යවන්න – මහින්දගෙන් එජාප ප්‍රබලයෙක්ට ඇමතුමක්…

    මහින්දානන්ද අලුත්ගමගේ බන්ධනාගාර ගතකිරීමට අධිකරණය නියෝග කිරීමත් සමගින් කලබලයට පත්වූ කුපාම මහින්ද රාජපක්ෂ එජාප රජයේ ප්‍රබලයෙක් හට දුරකථන ඇමතුමක් ලබාදී ඇති බව අපට වාර්තා වේ.

    විශ්වාසකටයුතු ආරංචි මාර්ග තහවුරු කරන පරිදි එහිදී යම්හෙයකින් හෙට දිනයේදී මහින්දානන්දට ඇප ලබාගැනීමට නොහැකිවුවහොත් මහින්දානන්දව බන්ධනාගාර ගත නොකරන ලෙසට කුපාම මහින්ද රාජපක්ෂ විසින් ඉල්ලීමක් කර ඇති අතර අනිත් පාර්ශවය එය සිදුකල නොහැක්කක් බව තේරුම් කිරීමෙන් පසුව බැසිල්ව යැවුවා වගේ එයාවත් රෝහලට යවන්න යැයි මහින්ද ඉල්ලීමක් කර ඇත..

    මෙම එජාප ප්‍රබලයා මාතර ප්‍රදේශයේ අයෙකු බවද සදහන්…

  • වෙනදා තරම් කොහා ආපු නැති එරබදු මල් පිපුනේ නැති මේ අවුරුද්දේ වෙනසට හේතුව මෙන්න…

    වෙනදා තරම් කොහා ආපු නැති එරබදු මල් පිපුනේ නැති මේ අවුරුද්දේ වෙනසට හේතුව මෙන්න…

    අවුරුදු ළඟ ළඟම බව පෙන්වමින් පිපෙන එරබදු මෙන්ම, ඒ පණිවුඩය ගෙනෙමින් නාද කරන කොහා ද, දැන් කොහේදෝ ගිහින්.

    ඒ කතාවද ඇත්තක්ද ?

    මේ පිළිබඳව සොයා බැලීමට අප තීරණය කළෙමු.

    අලුත් අවුරුදු සමයේ මල් හට ගන්නා එරබදු ශාකය මේ වනවිට වඳ වී යෑමේ තර්ජනයකට ලක්ව ඇති බව පරිසරවේදින් පෙන්වා දෙන්නේය.

    පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පැවසුවේ එරබදු ශාකය වඳ වීමට ප්‍රධාන හේතුවක් වන්නේ බොහෝ දෙනෙකු එය වගා කිරීමට යොමු නොවීම බව ය.

    නාගරීකරණයත් සමග වැටවල් වෙනුවට තාප්ප බිහිවීම නිසා කටු සහිත එරබදු ශාකය ඉවත් වූ බව ත්, පසුගිය දශකය තුළ ඇති වූ ගැටිති රෝගය හා පිටි මකුණා ද එරබදු වැනසී යාමට හේතු වූ බව ත් ඔහු පවසයි.

    පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා

    “ලංකාවේ එරබදු විශේෂ 2න් අවුරුදු කාලෙට මල් පිපෙන්නේ රෙස්ටිනා ඉන්ඩිකා කියන විශේෂය මීට අමතරව අක්කර බදු කියන දුර්ලභ එරබදු විශේෂය ඒකේ මල් පිපෙන්නේ මම අධ්‍යයනය කරලා තියෙන විදියට පෙබරවාරි මාර්තු මාසයේ ඒක නිසා අප්‍රේල් මාසය මුල් කරගෙන මල් පිපෙන අපේ එරබදු ශාකය මේ වනවිට සොයාගැනීමට නොහැකි තරම් දුර්ලභ ශාකයක් වෙලා වගා කරපු එරබදු ගහක් ඇරුණු කොට කිසිම තැනක ස්වභාවික එරබදු ගහක් අපිට දක්නට ලැබුණේ නැ මේ කාලේ වැවිලා තියෙනවා එරබදු මල විදියට අපි මේ දවස්ටිකේම දකින්නේ පිටරටකින් ගෙනල්ල වගා කරලා තියෙන වෙනත් විශේෂයක් ඒක අපේ එරබදු නෙමේ. අපේ එරබදු ශාකය කියන්නේ සංකේතාත්මක ශාකකට වඩා අවශේෂාත්මකව ඖෂධීය හා ආහාරමය වැදගත් කමක් තිබ්බ ශාකයක්”

    එරබදු ශාකය ආරක්ෂා කර ගැනිම සඳහා අනුගමනය කළ හැකි පියවර මොනවාදැයි අප ජගත් ගුණවර්ධන මහතාගෙන් විමසුවේය.

    “මේ ශාකය වවා ගත්තොත් ඒකට ලොකු ඉඩක් යන්නෑ. වර්ධන විලාසය බැලුවම කුඩා ඉඩක වවන්න පුළුවන්. ඒ නිසා මේක ගෘහ අලංකාර පිණිස වවන වගාවල් ලෙසත් කරන්න පුළුවන්. මේ කොළ ඉස්සර කාලයේ පණු අමාරුව සදහා ව්‍යංජනයක් විදියට භාවිත කළා. ඊට අමතරව රසවත් ආහාරයක් විදියට ගන්න පුළුවන් ඒ වගේම එරබදු ශාකයේ අනෙකුත් කොටස් වල ඖෂධීය වටිනාකමකුත් තියෙනවා. මේක බීජ වලින් විතරක් නෙමේ අතුවලිනුත් ඉතාම ඉක්මනින් ප්‍රචාරණය වනවා. ඒ වගේම නිසරු පසෙත් හැදෙන්න හැකියාව තියෙනවා ඒ නිසා අලෝකය තියෙන කුඩා ඉඩක වුවත් මේක ගහක් විදියට වගා කරගන්න පුළුවන්”

    එරබදු මලින් සංකේත වු අලුත් අවුරුදු පරිසය කොහාගේ නාදයෙන් තවත් විසිතුරු වේ.

    බොහෝ දෙනෙකු පවසන්නේ දැන් දැන් කොහා ද පෙනෙන්නට නොමැති බව ය.

    පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා

    “මේ අවුරුදු කාලේ කොහාගේ නාදය ඇහුන්නැත්තේ කොහාගේ අඩුවීමක් නිසා හෝ වෙනත් සිද්ධියක් නිසා නෙමේ. කපුටාගේ ප්‍රජනන කාලය සමග කොහාගේ ප්‍රජනන කාලය සමපාත වීම අලුත් අවුරුද්දට සමපාත නොවීම නිසා. කොහාගේ ප්‍රජනන සය හැම අවුරුද්දකදීම අපි දකිනවා කපුටාගේ ප්‍රජනන සමයත් එක්ක එකට බද්ධ වෙලා තියෙනවා. මේ අවුරුද්දේ තිබුණු විශේෂත්වය තමයි කොහාගේ නාදය සහ කපුටාගේ පළමු වර කූඩු සෑදීම කියන කාරණා 2 ම සිද්ධ වුණේ මාර්තු මස අවසාන කාලයේ. පළමුවර කපුටන්ගේ කූඩු සෑදීම අඩු වශයෙන් සිද්ධ වෙච්ච නිසා සහ ඊළග පාර කපුටන් විශාල ප්‍රමාණයක් කූඩු හදන නිසා අප්‍රේල් මාසේ මුල ඇහුණු කොහාගේ නාදයට වඩා කීප ගුණයක් වැඩියෙන්. මැයි මාසයේ මුල කාලයේදි අහන්න ලැබෙයි. මේ හා සමානවම කොහාගේ නාදය වෙසක් කාලයේදී ඇහුණා 2015 වසරේ”

  • අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන පාරම්බාන ජවිපෙ එදා සිරිමාවෝ මැතිනිය අල්ලන්න ගහපු ගේම මෙන්න

    අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන පාරම්බාන ජවිපෙ එදා සිරිමාවෝ මැතිනිය අල්ලන්න ගහපු ගේම මෙන්න

    1971 අප්‍රේල් 5 කැරැල්ලේදී සෝමවංශ අමරසිංහ වෙත නියමවී තිබුණේ අගමැතිනි සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය රොස්‌මිඩ් පෙදෙසින් පැහැරගෙන යැමේ කණ්‌ඩායමේ දෙවැනි නායකත්වය සහ අගමැතිනිය පැහැරගෙන යන රිය පැදවීම යන කාරණාය.

    බොරැල්ලේ රිට්‌ස්‌ සිනමා ශාලාව අසල වසර 1971 අප්‍රේල් 04 වැනිදා රාත්‍රී 10.30 වන තෙක්‌ රොස්‌මිඩ් ප්‍රහාරයට එක්‌වීමට සෝමවංශ, බෝම්බ බෑගයක්‌ද රැගෙන සිටියද අන් කිසිදු නායකයකු සහ සාමාජිකයකු එහි නොපැමිණීම හේතුවෙන් කුලී රථයක නැගුණු සෝමවංශ, කොටහේනේ නවාතැන්පළ වෙත පැමිණියේය.

    අගමැතිනි බණ්‌ඩාරනායක පැහැර ගැනීමේ ප්‍රහාරයට එඩේරමුල්ලේ සරත් සහ රාජා, සෝමවංශ අමරසිංහ, නිමල් ඇතුළු කිහිප දෙනෙක්‌ම සම්බන්ධවී සිටියහ.

    අප්‍රේල් 5 වැනිදා රාත්‍රියේදී සෝමවංශ අමරසිංහ ද ඇතුළු මේ සියලු දෙනා අත්අඩංගුවට ගනු ලැබීය.

    එම පිරිස තදබල වධ හිංසාවන්ට එහිදී ලක්‌වූහ.

    71 අප්‍රේල් කැරැල්ලේ මහ නඩුව සමග තවත් පරීක්‌ෂණ නඩු 140ක්‌ විභාග කළ අතර එහි දෙවැනි නඩුව වූ රොස්‌මිඩ් පෙදෙස නඩුවේ 3 වැනි විත්තිකරු වූයේ සෝමවංශය.

    ඔහු වැලිකඩ සිරගෙදර එච්. වාට්‌ටුවේ රඳවා තැබිණි.

    2013 අප්‍රේල් හත්වැනිදා ජාතික පුවත් පතක් විසින් “71 කැරැල්ලේ සෝමවංශ අමරසිංහගේ භූමිකාව” පිළිබඳව සාකච්ඡාවක්‌ සිදුකළේය.

    එඩිසන් ගුණතිලක විසින් දිගහරින මතකයේ අනෙක්‌ පැත්තේ එදා සෝමවංශ අමරසිංහ විසින් හෙළි කර තිබුණේ මෙසේය.

    ප්‍රශ්නය – හැත්තෑ එකේ නැඟිටීම නැත්නම් කැරැල්ලේ අරමුණ වූයේ කුමක්‌ද?

    පිළිතුර – එහි මුඛ්‍යාර්ථය මම ඉතාම කෙටියෙන් කියන්නම්. ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණත්වය ස්‌ථාපිත නොවූ ශ්‍රී ලංකාව තුළ එය තහවුරු කිරීමයි අරමුණ වුණේ. ඒ හැර වෙනත් කිසිදු පුද්ගලික අරමුණක්‌ හෝ බලය පිළිබඳ අරමුණක්‌ තිබුණේ නෑ.

    ප්‍රශ්නය – එදා පක්‌ෂ නායක රෝහණ විඡේවීර විසින් ඔබටත් භාරදූර වගකීමක්‌ පැවරුවා.

    පිළිතුර – ඔව්. භාරදුන්නා. ඒක අහපු එක හොඳයි. ඇත්තටම මම දැනන් හිටියේ නෑ මට කරන්න තිබූ කාර්යභාරය. එය ප්‍රශ්න කරන්න අපිට බැහැ. විප්ලවවාදියකුට එහෙම ප්‍රශ්නයක්‌ නෑ. මේ දේ කළ යුතුයි කීවාම එය කළ හැකිය යන්න සහතික කිරීමට අපි බැඳී ඉන්නවා. පසුව තමයි දැනගත්තේ එවක අගමැතිනි සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මිය අත්අඩංගුවට ගැනීමයි මට පැවරී තිබූ කාර්යය කියා. එය දැන ගත්තා නම් මම ඊට සහභාගි නොවන බව නොවේ මේ කියන්නේ. අරමුණ වෙනුවෙන් අපට කුමන වැඩ කොටසක්‌ පැවරුවත් අපි එය ඉටුකරන්න බැඳී සිටිනවා.

    ප්‍රශ්නය – හැත්තෑ එක වකවානුවේදී එවක අගමැතිනි සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මියගේ හොඳක්‌ ඔබ දැක්‌කෙ නැද්ද?

    පිළිතුර – අපෝ දැක්‌ක. ඒ නිසා තමයි ඉතිහාසය හරියට කතා කළ යුතුයි කියන්නේ. එතුමියව අත්අඩංගුවට ගැනීමට සිටි කණ්‌ඩාමේ කෙනෙක්‌ මම. බණ්‌ඩාරනායක මහතාගේ දේශපාලන දැනුම සහ එතුමියගේ දේශපාලන දැනුම වෙනස්‌. ගෘහණියක්‌ එකපාරටම අගමැතිනිය වුණා. ඒ දේශපාලනය ඉගෙන ගෙන නොවේ. එතුමිය තමන් නොදන්න පැත්ත ගැන දැන හිටියා. එතුමිය ඉගෙනගත් දේ තුළ තිබුණා තමන් දන්නා තරම ගැන.

    එම නිසා එතුමිය උපදේශකයන් තබා ගත්තා. සමහර උපදේශකවරු රටට ආදරය කරන අය. ඒ උපදේශයන් අමතක කළ සෑම අවස්‌ථාවකදීම ඇය පරාජයට පත්වුණා. හොඳ විදේශ ප්‍රතිපත්තියක්‌ එතුමියට තිබුණා. එන්. කිව්. ඩයස්‌ මහතා එතුමියට උපදෙස්‌ දුන් එක්‌ අයෙක්‌. ඒ වගේම රටට ආදරය කරන උපදේශකවරු හිටියා. සිරිමා ශාස්‌ත්‍රි ගිවිසුමට අදාළ සාකච්ඡාවේදී අද වගේම ඉන්දියාව ආධිපත්‍යය පතුරුවන්න ගත්තා. මේ අය එක්‌ක සාකච්ඡා කරලා වැඩක්‌ නෑ කියලා එතුමිය සාකච්ඡා මේසයෙන් නැගිට ගියා. ඒවා අපේ රටට ගෙන ආ ජයග්‍රහණ.

    ජ.වි.පෙ මර්දනය කළා. ඇත්ත. ඒ ගැන අපි එතුමියට දෝෂාරෝපණය කරන ගමන්ම කියනවා ජවිපෙ නැගිටීම හේතුකරගෙන තමයි ඉඩම් ප්‍රතිසංස්‌කරණ ගෙන ආවේ කියා. එතුමියගේ කෘෂිකර්ම ඇමැති ඒ බව කිව්වා. අපිට ත්‍රස්‌තවාදීන් කියා කියූ කටින්ම එතුමිය කිව්වා. ජ.වි.පෙ මේ ළමයි රටටම ආදරය කරන අය. ඔවුන් නිදහස්‌ වී ආවාම පිළිගන්න කළ යුතු සැලකිලි කරන්න කියලා. ඒ වගේම ජ.වි.පෙ. සමග සාකච්ඡා කර එ.ජා.ප දුර්දාන්ත පාලනය නැති කළ යුතුයි කියා එතුමිය යෝජනා කළා. ඒ එකඟවීම හොඳ පැත්තක්‌.

    හැත්තෑ එකේ අප්‍රේල් 05 මාව අත්අඩංගුවට අරගෙන දවස්‌ දාහතරක්‌ පොලිසියේ තියාගෙන පහර දුන්නා. ඇඳුම් ඉරා දමා දිය යුතු වධ තිස්‌දෙකම දීලා ලයිටර්වලින් පුච්චලා මාව අරලියගහ මැඳුරට රැගෙන ගියා. එදා ඇමැතිවරු ගණනාවක්‌ සමග අගමැතිනිය සාකච්ඡාවක්‌. ජ.වි.පෙ අය හිතන පතන ආකාරය තේරුම් ගැනීමට මේ සාකච්ඡාව පැවැත් වූ බව පසුව මම තේරුම් ගත්තා. පහර දී වධ දුන් සැකකරුවකු ලේ පෙරාගෙන තමන් ඉදිරියට ගෙන්වා ගැනීම රටේ පාලකයෙක්‌ නොකළ යුතු දෙයක්‌. ඒක වරදක්‌. ඉන් තම තත්ත්වය රැකෙන්නේ නෑ.

    මෙය මම අපරාධ යුක්‌ති විනිශ්චය කොමිසමේ සාක්‌කි දෙමින් කියද්දී සම්භාවනීය පිරිසක්‌ පිළිබඳ ඉතා නරක අදහස්‌ ඇති වන නිසා එහි සභාපති එච්.එන්.ජී. ප්‍රනාන්දු මහතා මට එය කියන්න ඉඩ දුන්නේ නෑ. අගමැති ප්‍රමුඛ ඇමැතිවරු හමුදාපතිවරු, පොලිස්‌පති එතැන හිටියා.

    එදා අරලියගහ මැඳුරට මාව ගෙන්වූ අවස්‌ථාවේදී මට යමක්‌ බොන්න ගෙනැවිත් තිබුණා. ඒ මට ගෙනා භාජනවලම තමයි අගමැති සහ ඇමැතිවරුන්ටත් ඒ පානය ගෙන ආවේ. ඒක හොඳ දෙයක්‌. හිරකාරයටත් එසේ සැලකීම. මම ලේ පෙරමින් ඉතා අපහසුවෙන් හිටියේ. ඒ වගේම අප්‍රසාදයෙන් හිටියේ. මම බිව්වේ නෑ. අගමැතිනි ඇහුවා “ඕක බොන්නෙ නැත්තේ. ඔය තේ නොවේ. ඔයාලා විරුද්ධ තේ වලටනේ ඕක කෝපි එකක්‌. බොන්න. බොන්න.” කියලා. “කටට පයින් ගහලා කට හැම තැනම තුවාල වෙලා. මට කන්නත් බෑ. බොන්නත් බෑ. අනෙක මම ආවේ තේ පැන් සංග්‍රහයකට නොවේ” කියා මම කිව්වා.

    ඉතිහාසය වෙනස්‌ වෙන හැටි බලන්න. ඊළඟට දුර්දාන්ත ආණ්‌ඩු පෙරළන්න සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියට අප සමඟ එකට සාකච්ඡා කරන්න සිද්ධ වුණා. එහෙම සාකච්ඡා කරන්න එකඟවීමම ඇගේ වටිනා තීන්දුවක්‌. ඉතිං තවත් ඕනෑ තරම් කියන්න දේ තියෙනවා. දිග වැඩි වේවි. අනාගතයේ දවසක ලියමු. ඒ අපේ ලොකුකම කියන්න නොවේ. ඉතිහාසය නිවැරදි කළ යුතු නිසා. මම ඔක්‌කොම ඉදිරි දවසක කියන්නම්. යළිත් කිව යුතුයි මැතිනිය තමන්ගේ දේශපාලන දැනීමේ අඩුපාඩුව හොඳින් තේරුම් අරගෙන උපදෙස්‌ ගත් කෙනෙක්‌. ඇයව අමාරුවේ දැමූ උපදේශකවරුත් හිටියා. ඒක ධනේෂ්වර ක්‍රමයේ ප්‍රතිඵලයක්‌.

  • මගේ තැන මලික්ට දීපු රනිල්ට අමුණගන්න කියන්න – මල පැනපු එස්.බි කියපු කතාව මෙන්න..

    මගේ තැන මලික්ට දීපු රනිල්ට අමුණගන්න කියන්න – මල පැනපු එස්.බි කියපු කතාව මෙන්න..

    තමා දැරූ අමාත්‍යංශය මේවන විට එක්සත් ජාතික පක්ෂයේ මලික් සමරවික්‍රමට පිරිනමා තිබීම සම්බන්ධයෙන් තමාට දුකක් දැනෙන බව පසුගිය දා සිය ඇමති ධූරයෙන් ඉල්ලා අස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා.

    ඔහු මේ බව කියා සිටියේ ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ගැටළුවකට පිළිතුරු ලබා දෙමින්.

    එම අමාත්‍යංශය තමා විසින් තැනූ එකක් නිසා එලෙස දුකක් දැනෙන බවයි ඔහු සඳහන් කළේ.

    එමෙන්ම එය තැනුවේ බොහොම විද්‍යාත්මකව බවත් එය මහාමාර්ගයට උසස් අධ්‍යාපනය අැමිණුවා වැනි හෝ විදේශ කටයුතුවලට ලොතරැයිය ඇමිණුවා වැන්නක් නොවන බවත් ඔහු පවසා සිටියා.

  • තෝව මරනවා *ත්තෝ… පුලුවන්නම් මරපන්… කඩුගන්නාවේ පොහොට්ටු වලියේ ඇතුලාන්තය මෙන්න..

    තෝව මරනවා *ත්තෝ… පුලුවන්නම් මරපන්… කඩුගන්නාවේ පොහොට්ටු වලියේ ඇතුලාන්තය මෙන්න..

    කඩුගන්නාව නගර සභාවේ උප සභාපති එස්.කේ. විජේරත්නගේ නිවසට ඊයේ කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

    ඔහු පවසන්නේ තමා නියෝජනය කරන පොදු ජන පෙරමුණේම අපේක්ෂකයකුව සිටි පුද්ගලයකු මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව යි.

    කඩුගන්නාව නගරාසන්නයේ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි මොහුගේ නිවසට මෙම ප්‍රහාරය එල්ල කර තිබුණේ ඊයේ පස්වරුවේදී යි.

    සිද්ධිය වන අවස්ථාවේ නිවසේ කිසිවෙකුත් නොසිට ඇති අතර පහර දීම සිදු කළේ යැයි සැක කෙරෙන පිරිස ලොරියකින් සහ ත්‍රී රෝද රථයකින් නිවස ඉදිරියට පැමිණි අයුරු ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබෙනවා.

    කඩුගන්නාව නගර සභාවේ උප සභාපති එස්.කේ. විජේරත්න එම ධුරයට තේරී පත් වුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන්.

    ඔහු පවසන්නේ මෙම පහරදීම සිදු කළ, කඩුගන්නාව නගර සභාවට පොදු ජන පෙරමුණේ ලයිස්තුවෙන් නම් කර තිබූ අදාළ පුද්ගලයා තමාට මෙන්ම බිරිඳට ද අවස්ථා කිහිපයකදී තර්ජනය කළ බව යි.

    මේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළ උපසභාපතිවරයාගේ බිරිඳ මෙසේ පැවසුවා.

    “අවුරුද්දට නංගිලගේ ගෙදර ගියා. අම්මලා නංගිලා ඔක්කොම එහේ හිටියේ. එහෙට ඇවිල්ලා බැන්නා. ඒ කිව්වේ උප නගරාධිපති වුණාට අපිට ලොකු කම් වැඩක් නෑ. එහෙම කියලා දොස් කිව්වා. හතර දෙනෙක් හිටියා එතන. යකඩ පොල්ලක් තිබුණා. එතන කෑ ගහලා කෑ ගහලා තමයි මෙතන්ට ඇවිල්ලා තියෙන්නේ”

    කඩුගන්නාව නගර සභාවේ උප සභාපති එස්. කේ. විජේරත්න මෙසේ කියා සිටියා.

    “මරණවා කිව්වා. පුළුවන්නම් වරෙන් කිව්වා. ඊට පස්සේ මම ගෙදරින් පිට වුණා. අපි දෙන්නා එක පක්ෂයෙන් ඉල්ලුවේ. මේ දේශපාලන ක්‍රමයේ තමයි වැරැද්ද තියෙන්නේ”

    සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නාව පොලීසියේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේ, විමර්ශන කටයුතු සඳහා විශේෂ කණ්ඩායමක් යොමු කර ඇති බව යි.

    ආරක්ෂිත කැමරා දර්ශන පිළිබදව ද වැඩි අවදානයක් යොමු කර ඇති බව ද එම නිලධාරියා ප්‍රකාශ කළා.

  • 21 සියවසේ කට්ටිය හදට යද්දී තවමත් බලන්ගොඩ ගල්ලෙනක ජීවත්වෙන පවුලක සංවේදී කතාව..!

    21 සියවසේ කට්ටිය හදට යද්දී තවමත් බලන්ගොඩ ගල්ලෙනක ජීවත්වෙන පවුලක සංවේදී කතාව..!

    ගල් ලෙන්වල ජීවත් වුනු මිනිසුන් ගැන කතා කරද්දි අපේ සිහියට එන්නෙ ආදි මානවයින්. මීට ශත වර්ෂ ගණනාවකට පෙර බළන්ගොඩ කල්තොට කූරගල, පනාන අළුගල් ලෙන, ලුණුගල් ලෙන, පරගහමඩිත්ත ගල් ලෙන, දියවින්නේ උඩුපියන් ගල් ලෙන, කිරි මකුළු ගොල්ලේ යකුන්ගේ විමන ආදී ප්‍රදේශවල ඔවුන් ජීවත් වුන බවට සාක්ෂි තිබෙනවා.

    දඩයම සහ ගොවිතැන තම ජීවනෝපාය කරගත් ඔවුන්ට ගල්ලෙනක වාසය කරමින් තම ජීවිතට ගැට ගසා ගැනීම එතරම් අරුමයක් වුනේ නැහැ.

    නමුත් වත්මන් දියුණු සමාජයේ දරුවන් දෙදෙනෙකු සමඟ පවුලක් ගල්ලෙනක ජීවත් වෙනවා කිවුවොත් ඔබ පුදුමයට පත්වේවි. නමුත් සත්‍ය කතාව එයයි. බළන්ගොඩ මානවයන්ගෙන් පැවැත එන පිරිසක් තවමත් ගල් ලෙන්වල ජීවත් වෙනවා. ප්‍රශ්න ගොඩක් මැද බළන්ගොඩ එගොඩ වලේබොඩ ප්‍රදේශයේ ගල් ලෙනක  ජීවත් වෙන මේ පවුලේ ගෘහ මූලිකයා  පී.කේ. විජිත නන්දසිරි පසුගියදා තමන්ට විඳින්න වෙලා තියෙන දුක් ගැහැට ගැන මේ විදියට කියලා තිබුණා.

    2015 වසරේ මාගේ නිවෙසට ගසක් කඩාවැටුණා. ඒ නිවෙස කටුමැටි එකක්. ඊට පස්සේ මට යන්න එන්න තැනක් නැති වුණා. මේ පිළිබඳව බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් රත්නපුර දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරුන්ටත් දැනුම් දුන්නා. ඊට අමතරව ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාටත් දැනුම් දුන්නා. මට ඉන්න තැනක් නැති නිසා අපිට අයිති හවුල් කුඹුරක ගල් ලෙනක් තිබෙනවා. එදා සිට දරුවො දෙන්නයි බිරියයි මමයි ජීවත් වෙන්නේ එම ගල් ලෙනේ හදාගත් තාවකාලික මඩුවකයි.

    කොහොම වුණත් අපි කලින් පදිංචි වෙලා හිටිය ඉඩම නාය යෑමට ඉඩ ඇති බවට හඳුනාගෙන අවදානම් කලාපයක් ලෙස නම් කර තිබෙනවා. අපට යන්න වෙන තැනක් නැහැ. බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මට වෙන තැනකින් ඉඩම් කොටසක් ලබා දෙන්න කියලා. දරුවන් දෙදෙනාම පාසල් යනවා. ඔවුන් මැද්දේකන්ද පාසලට යන්නේ. දරුවන්ට පාඩම් කරන්න විදියක් නැහැ. වැස්ස වෙලාවට තෙමෙනවා. මම කුලී වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ. ඊට අමතරව තේ අක්කර කාලක් පමණ තියෙනවා. ඒකෙ ආදායම මදි දරුවෝ දෙන්නාගේ අධ්‍යාපන කටයුතු කරන්න.

    අනතුරුව මෙම ගල් ලෙනේ ජීවත් වන ඔහුගේ බිරිඳ  පුෂ්පා දමයන්ති කියලා තිබුනෙ මේ වගේ කතාවක්.

    අපි මේ ගල් ලේනේ ජීවත් වුණාට ඉන්නෙ හරිම පරිස්සමින්. හිටපු ගමන් සත්තු සර්පයෝ එනවා. බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ සොයා බලා අපට ඉඩම් කොටසක් ලබාදී නිවෙසක් හදන්න උදවු කරන්න කියලා. දරුවෝ දෙදෙනාත් ඉගෙනගන්න බොහොම ආසයි.

    කොහොම වුනත් මේ ගැන බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරි උපුල් ශාන්ත අනුරසිරි යන අයගෙන් කල විමසීමකදි ‘‘මොවුන් පදිංචි වෙලා සිටි නිවෙසට 2015 වසරේ ගසක් කඩා වැටී හානි සිදු වෙලා තිබුණාු බවත්, ඒ අනුව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මැදිහත් වී නිවෙස තනා ගැනීමට රුපියල් පනස් දහසක (50,000) පමණ මුදලක් ලබා දුන් බවත් ප්‍රකාශ කරද්දි  බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම්වරයා කියලා තිබුනෙ මේ වගේ කතාවක්.

    මේ පිරිස ජීවත් වන ප්‍රදේශය අවදානම් කලාපයක් ලෙස හඳුනාගෙන ඇති බවත් ඔවුන් කලින් ජීවත් වූ නිවෙසට ඉහළින් විශාල ගලක් ඇති අතර එය පෙරැළී යම් අනතුරක් සිදු වීමට ඉඩ ඇති බවයි. කෙසේ වෙතත් මේ ප්‍රදේශය ස්ථීර ලෙසම නාය යන්නේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයට තම කාර්යාලය මඟින් ලිඛිතව දන්වා ඇති බවයි. තවමත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය මඟින් මේ ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව වාර්තාව තම කාර්යාලයට ලැබී නැහැ. 

    (මව්බිම පුවත්පත ඇසුරෙන්)

  • දැන් කෑගැහුවා ඇති ගෙදර යන්න – කෝලි බිරිදට දාපු අමුතු සද්දේ කට්ටිය හොයන වීඩියෝව මෙන්න…!

    දැන් කෑගැහුවා ඇති ගෙදර යන්න – කෝලි බිරිදට දාපු අමුතු සද්දේ කට්ටිය හොයන වීඩියෝව මෙන්න…!

    පසුගිය සිකුරාදා බැංගලෝරයේදී  Royal Challengers Bangalore සහ King’s XI Punjab අතර පැවැත්වුණු   IPL තරගය නැරඹීම සඳහා බොලිවුඩ් නිලි අනුෂ්කා ශර්මා, එහෙමත් නැත්තම් විරාත් කෝලිගේ බිරිඳත්  ඇවිලා හිටියා.

    කොහොම වුනත් ඒ වෙලාවෙ  Royal Challengers Bangalore කණ්ඩායමේ තරඟ වදින සිය සැමියා දිරිගන්වන්න අනුෂ්කා ලොකු උත්සාහයක් ගන්නවා.ප්‍රේක්ෂකාගාරයේ සිට අත්පොලසන් දෙමින් තම සැමියාට සහයෝගය ලබා දුන් ඇයට ප්‍රීතියක් ගෙන දෙමින් අවසානයේ කෝලිගේ කණ්ඩායම ජයග්‍රහණය කරනවා.

    හැබැයි ඊට පස්සෙ සිද්ද වුනේනම් ටිකක් වෙනස් විදියෙ වැඩක්. ඒ සිද්දිය තරඟය නරඹන්න ආපු ප්‍රේක්ෂකයෙකුගෙ ජංගම දුරකතයක සටහන් වෙලා තිබුනා. ඒ වීඩියෝවේ දැක්වෙන්නෙ මැච් එක ඉවර වුණාම කෝලි අනුෂ්කාට කෝල් එකක් අරගෙන අතිනුත් සංඥා කරලා එම ස්ථානයෙන් ඉවත්වෙන්න කියන ආකාරයක්.

    එම වීඩියෝව සහ ඡායාරූප පහතින්.

     

  • ඇයි සර් සුනිල්ට විරුද්ධව අපරාධ නඩුවක් දැම්මේ? –  ආබාධිත සෙබලා අහපු දෙයින් මහින්දට මල පැනලා…

    ඇයි සර් සුනිල්ට විරුද්ධව අපරාධ නඩුවක් දැම්මේ? – ආබාධිත සෙබලා අහපු දෙයින් මහින්දට මල පැනලා…

    තිස් වසරක කුරිරු යුද්ධය නිමාකරමින් රටට සාමය ලබා දුන් රණවිරුන්ට ශ්‍රී ලාංකීය සමාජයෙන් ඉහල ගෞරවයක් හිමි වනවා. කෙසේවෙතත් මහින්ද රාජපක්ෂ සමයේ ආරම්භ කල නඩුවක් නිසාවෙන් සිරගත කර සිටින රණවිරුවෙකු වෙනුවෙන් හමුදා ක්‍රියාන්විතයේදී ආබාධයට ලක්වූ රණවිරුවෙකු  රුවන්වැලි සෑයේ සිට කතරගම කිරිවෙහෙර දක්වා පා ගමනින් ගොස් ජනතාව දැනුවත් කරන රණවිරුවෙකු ගැන  මේ වෙද්දී රටම කතාවෙනවා..

    මෙම අබාධිත රණවිරුවා අනුරාධපුර රුවන්වැලි සෑය අසල සිට  කතරගම කිරි වෙහෙර දක්වා ගමන් කරන අතරතුරේ  කුපාම මහින්ද රාජපක්ෂ හමු වී තිබෙනවා.

    ඇයි සර් සුනිල්ට නඩු දැම්මේ? සර්ගේ කාලේ දාපු නඩු හින්දා අද අපේ උන් හිරේ.. අයි සර් එහෙම කලේ යනුවෙන් කුපාම මහින්දගේ අත බදාගෙන මෙම අබාධිත සෙබලා ඇසීමත් සමග මාධ්‍ය ඉදිරියේ නිරුත්තර වූ මහින්ද කේන්තිය මැඩගෙන සෙබලාගේ ඔලුව පිරිමැද සෙමෙන් එම ස්ථානයෙන් නික්ම ගොස් ඇත..

    සෙබලා එම ස්ථානයෙන් නික්ම ගිය පසු කෝපයෙන් එලියට පැමිණි මහින්ද එම සිදුවීම මාධ්‍යයේ නොදමන ලෙස එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවද අපට වාර්තා වේ…

    එම අවස්ථාවේ ඡායාරූප පහතින්.

     

     

  • සමනලයොත් එක්ක බෑ.. අගමැති රනිල් එජාපයෙන් එලවන එජාප කැරලිකාර කණ්ඩායම 50 පනියි..

    සමනලයොත් එක්ක බෑ.. අගමැති රනිල් එජාපයෙන් එලවන එජාප කැරලිකාර කණ්ඩායම 50 පනියි..

    එක්සත් ජාතික පක්‍ෂය තුල පූර්ණ ප්‍රතිසංවිධානයක් අපේක්‍ෂාවෙන් සිටින පිරිස මේ වන විට පනහට ආසන්න ප‍්‍රමාණයක් දක්වා ඉහල නැග ඇතැයි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

    පක්‍ෂ නායකත්වය තම කණ්ඩායම විසින් ඉදිරිපත් කල ඉල්ලීම්වලට වූ පොරොන්දු මත ප්‍රතිසංවිධානය නිසි ලෙස වන්නේදැයි දැඩි විමසිල්ලෙන් සිටින බවත් ඇමතිවරයා සදහන් කරයි.

    ප්‍රතිසංවිධාන ගැන තම කණ්ඩායමේ අදහස හා ඉදිරි වැඩපිලිවෙල අප්‍රේල් 30 වැනිදාට පසුව ප්‍රකාශ කරන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

  • ජනපති – අගමැති එකගත්වයෙන් යහපාලන රජයේ නව අමාත්‍ය මණ්ඩලය අප්‍රේල් 23 වැඩ භාරගනී….

    ජනපති – අගමැති එකගත්වයෙන් යහපාලන රජයේ නව අමාත්‍ය මණ්ඩලය අප්‍රේල් 23 වැඩ භාරගනී….

    මීලග පාර්ලිමේන්තු සැසිවාරය කැදවීමට පෙර පූර්ණ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට සියළු කටයුතු සූදානම් වෙමින් තිබේ.

    ඒ අනුව කැබිනට් සංශෝධනය අපේ‍්‍රල් මස 23 වැනිදා සිදුවනු ඇති බව වාර්තා වෙයි.

    නව අමාත්‍යංශ්‍ය විද්‍යානුකූල ක‍්‍රමවේදයකට සකස් කිරීම මේ දිනවල ලහි ලහියේ සිදු කෙරෙමින් පවතින්නේ යයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියයි.

    ශ‍්‍රිලනිපයේ 15 දෙනෙකු ඇමති දුර අතහැරීමත් සමග පුරප්පාඩු වී ඇති එම ධුරයන් සදහා අලූතින් පත් කිරීම මෙහිදී සිදු වෙයි.

  • බැදුම්කර වංචා සුමිතුරු රෝයල් කල්ලියේ මලික්ගේ උණු උණුවේ හෙළිවූ මහා හොරකමක් මෙන්න…

    බැදුම්කර වංචා සුමිතුරු රෝයල් කල්ලියේ මලික්ගේ උණු උණුවේ හෙළිවූ මහා හොරකමක් මෙන්න…

    සංවර්ධන උපායමාර්ග සහ අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ අමාත්‍යාංශයේ අක්‍රමිකතා රාශියක් පසුගිය කාලය තුල සිදුකොට ඇති බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය සදහන් කරයි.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සංසදයේ සභාපති කපිල පෙරේරා මහතා මෙසේ අදහස් පල කලේය.

    පසුගිය අප්‍රේල් 02 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලිපියක් යොමුකරමින් තොරතුරු තාක්ෂණ වෘත්තීය වේදීන්ගේ සංගමය ලෙස අපි පෙන්වා සිටියේ සංවර්ධන උපායමාර්ග සහ අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ අමාත්‍යාංශය අක්‍රමිකතා රාශියක් පසුගිය කාලය තුල සිදුකොට ඇති බවයි.

    එහෙයින්ම මලික් සමරවික්‍රම ඇමති තුමා, අමාත්‍යංශ ලේකම් චාන්දනී විජේරත්න මහත්මිය එම අමාත්‍යංශයෙන් ඉවත් කොට වෙළඳ ගිවිසුම් පිලිබඳ සාකච්ඡා කණ්ඩාම විසුරුවා අමාත්‍යාංශයත් එම සාකච්ඡා කණ්ඩාමත් ප්‍රතිසංවිධානය කරන මෙන් ඉල්ලා සිටියා.

    මෙහිදී මූලික වශයෙන් ආකාර 4ක අක්‍රමිකතා සිදුවී පවතිනවා

    ජාත්‍යන්තර වුවමනාවන්ට අනුකූලව කටයුතු සිදුවීම.

    ඇමරිකානු උපදේශකයන් 3දෙනෙකුගේ උපදෙස් වලට අනුකූලව සංවර්ධන උපායමාර්ග සහ අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ අමාත්‍යංශය සිය කටයුතු මෙහෙයවයි.

    සිංගප්පුරුව සමග වෙළඳ ගිවිසුමට ඔන්න මෙන්න කියා තිබියදී, ලංකාවේ සාකච්ඡා කණ්ඩාමේ කිහිපදෙනෙකු, සිංගප්පූරු සාකච්ඡා කණ්ඩායමේ ප්‍රධානීන්ගෙන් පුහුණුවක් ලැබීමට පිටත් කිරීම, අමනෝඥ ක්‍රියාවකි. වෙළඳ ගිවිසුම් පිලිබඳ පුහුණුවක් ලබාදීමට තවත් ඕනා තරම් රාජ්‍යයන් තිබියදී, අදට සාකච්ඡා පවත්වන රටක සාකච්ඡා කණ්ඩායමේ අයවලුන්ගෙන් පුහුණුව ලැබීම අනුමත කිරීම පැහැදිලි අක්‍රමිකතාවකි.

    නවසීලන්ත ජාතිකයෙකු ලවා අන්තර්ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමට උත්සාහ දැරීම, මහබැංකු අධිපති කම සිංගප්පුරු වැසියෙකුට පැවරීමට වඩා දෙවැනි නොවේ. නවසීලන්ත පුරවැසිභාවය හිමි ආචාර්ය රවී රත්නායක  Bridging the Gap නමැති එන් ජී ඕ ආයතනයේ සාමාජිකයෙකි

    එම ආයතනය හරහා මේ පුද්ගලයා ASEAN සංගමයේ සාමාජික රටවලට ශ්‍රී ලංකාවට භාණ්ඩ අපනයනය සඳහා පෞද්ගලික උපදේශකයෙකු ලෙසද කටයුතු කරයි. සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවට ආනයනය කරන භාණ්ඩවලින් බදු සහන ලබාදෙන භාණ්ඩ ලයිස්තුව සකස් කිරීමේ වගකීම මොහුට ලබාදීම ඉබ්බා දියේ දැමීමකි. පිටරටවල වුවමනාවලට සේවය කරමින් වැටුප් ලබන අතරම ඒ රටවලව අවශ්‍ය පරිදි මෙරට තුළ වැඩ කරනවාට දෙනවාට අපේ බදු මුදලින්ද මේ දූෂිතයෝ වැටුපක් ලබති.

    මෙම කිසිදු ගිවිසුමක් සම්බන්ධව ශක්‍යතා අධ්‍යයනයක් සිදුකොට නොමැති අතර, එම ගිව්සුම් මගින් රටට සිදුවන අවාසි ගණන් බලන්නේද ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුවය

    පැහැදිලි ජාතික ප්‍රතිපත්ත්යක් නොමැති බවත්, එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවන ආයතන සහ ක්‍රමවේදයන් නොමැති බවත්, ඒ සඳහා අමාත්‍යංශය අවංක උත්සහයක් නොදරීමත් මෙහිදී මතුව පෙනෙයි

    ආර්ථික වශයෙන් පාඩු සිදුවන ගිවිසුම් කරා එළඹීම.

    සිංගප්පුරු ගිවිසුමේ අලාභය රජය විසින් පවා පිළිගෙන ඇති අතර විද්වතුන් බොහෝදෙනෙකු පෙන්වා දී තිබෙයි

    බැදීයාවන් පිලිබඳ ගැටුම් ඇතිකරන පත්වීම

    සිය හදිසි අභාවය සිදුවන තෙක්ම එට්කා ගිවිසුමේ සහ චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කර ඇත්තේ ආචාර්ය සමන් කැලේගමයි. ඔහු එසේ කටයුතු කර ඇත්තේ බහුජාතික සමාගමක ශ්‍රී ලංකා ශාඛාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන අතරය. එම බහුජාතික සමාගම විසින් ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ ඉන්දියාවේ සහ චීනයේ නිපදවන භාණ්ඩ මෙරටට ආනයනය කර අලෙවි කිරීමය. එවැනි සමාගමක සභාපතිවරයෙක් ආනයනික බදු සහන ලබා දෙන භාණ්ඩ ලැයිස්තුව තීරණය කෙරෙන ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන කණ්ඩායමක ප්‍රධානියා ලෙස පත් කිරීම ඉතා පැහැදිලිවම බැදියාවන් අතර ගැටුමක් නිර්මාණය කිරීමකි.

    කැලේගමගේ අභාවයෙන් පසුව එම තනතුර සඳහා පත් කළ කේ. ජේ. වීරසිංහ සම්බන්ධ කාරණය වඩාත් ජුගුප්සාජනකය. කේ. ජේ වීරසිංහ මෙම ආර්ථික ගිවිසුම් සඳහා සාකච්ඡා කණ්ඩායමේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරන අතර ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසඳයේ (Apparel Association Forum – JAAF) උපදේශකයෙකු වශයෙන් “වැටුපක්” ලබාගත්තේය. ඇඟලුම් නිෂ්පාදනය හෝ ඇඟලුම් වෙළඳාම සම්බන්ධයෙන් හෝ ප්‍රවීණයකු නොවූ වීරසිංහ ඊනියා උපදේශකයෙකු ලෙස ඉහළ වැටුපක් එම ආයතනයෙන් ලබාගත්තේ කෙසේද යන්න අනෙකුත් දේශීය නිෂ්පාදකයන්ගේ ඉරණම සමඟ බැදී පවතින්නකි. වීරසිංහ මහතා කොතෙක් උත්සාහ දැරුවත් මෙම ඇඟලුම් කෝටාව ඉවත් කිරීමට ඉන්දියාව තවම එකඟ වී නොමැති වීම මඟින් සිය කේවල් කිරීමේ බලය උපරිම මට්ටමකට පවත්වා ගැනීමට ඉන්දියාව සමත් වී තිබේ. වීරසි‍ංහට එය ඉටු කරගැනීමට නම් ඉන්දියවට අවශ්‍ය ඉන්දියානු භාණ්ඩ වැඩි ප්‍රමාණයක් සඳහා ශ්‍රී ලංකාවේදී බදු සහන ලබාදීමට සිදුවේ. ඒ මඟින් සිදු වන්නේ ජනාධිපතිතුමා රැක ගත යුතු යයි පවසන දේශීය නිෂ්පාදකයා විනාශ වීමයි. කේ. ජේ. වීරසිංහ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසඳයෙන් ලැබුවේ වැටුපක්ද අල්ලසක්ද යන්න තීරණය කිරීම එතරම් අපහසු නොවේ.

    ආචාර්ය රවි රත්නායකගේ පත්වීම සම්බන්ධයෙන්ද පෙර සඳහන් කල පරිදි බැදීයාවන් පිලිබඳ ගැටුම් ඇතිකරයි

    සංවර්ධන උපායමාර්ග සම්බන්ධ අමාත්යංශය මගින් රටේ සංවර්ධනය කෙරෙහි සිදු ඇති මෙහෙවරක් වීද? අපගේ විශ්වාසයේ හැටියට පක්ෂ ප්‍රතිසංවිධානය කරන යුගයක ඊට මත්තෙන් කලයුත්තේ මෙවන්වූ අක්‍රමිකතා සහිත අමාත්‍යංශයන් ප්‍රති සංවිධානය කිරීමයි.

  • දිනේෂ් මොන කබ්බෙක්ද බොල? විපක්ෂනායක තෝරන සටනේදී බර ඇදපු දිනේෂ්ට මහින්ද දෙහි කපලා…

    දිනේෂ් මොන කබ්බෙක්ද බොල? විපක්ෂනායක තෝරන සටනේදී බර ඇදපු දිනේෂ්ට මහින්ද දෙහි කපලා…

    ශ්‍රිලනිපයේ මෛත්‍රී කණ්ඩායමේ කණ්ඩායම විපක්ෂයේ අසුන් ගැනිමට තීරණය කිරිමත් එම කණ්ඩායම විපක්ෂ නායක ධුරය ලබා ගැනිම සදහා මෙහෙයුමක් දියත් කිරිමත් සමග මහින්ද පිළ දැඩි අර්බුදයකට මුහුණ දි සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

    “අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේ ඡන්දය දුන් ශ්‍රිලනිපයේ කණ්ඩායම මේ වනවිට ජනාධිපතිවරයා සමග දැඩි ලෙස උරණ වි සීටින අතර ඔහුන්ගේ මතය වි ඇත්තේ අගමැති ආරක්ෂා කිරිමට ජනපති කටයුතු කල බවයි. ඒ සම්බන්ධයෙන් ඩිලාන්,දයාසිරි සහ එස්.බි මේ සම්බන්ධයෙන් දැඩි ලෙස ජනාධිපතිවරයාව දෝෂදර්ශනයට ලක්කර ඇති අතර මේ වනවිට එම කණ්ඩායම ජනාධිපතිවරයාට බලපෑම් කරමින් සදහන් කර ඇත්තේ ඇත්තේ වහාම ශ්‍රිලනිප මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනිමට කටයූතු කල යුතු බවයි.”

    “ඒ හරහා විපක්ෂ නායකත්වය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ලබා ගැනිමටත් විපක්ෂ නායකයා ලෙස එස්.බි දිසානායක මහතා පත්කර ගැනිමට කටයුතු කලයුතු බවත්ය.ඒ සදහා මේ වනවිට එස්.බි විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේන අතර ඒ වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහයද ඉල්ලා තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේ.”

    ඒ අනුව් මේ වනවිට එස්.බි විපක්ෂ නායක ධුරය අල්ලා ගැනිමට මෙහෙයුමක් දියත් කර තිබියදී ඒකාබද්ධයේ මහින්ද සමග සමිප සම්බන්ධ කම් පවත්වන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ අදහස වි ඇත්තේ විපක්ෂ නායක ධුරය මහින්ද පිළෙ අයෙකුට ලබාදියයුතු බවත් ඒ සදහා සුදුසුම පුද්ගලයා ඒකාබද්ධ කණ්ඩායමේ ප්‍රබලයෙකු වන දිනේෂ් ගුණවර්ධන බවයි.

    දිනේෂ් සම්බන්ධයෙන් වු එම යොජනාව මහින්දට ශ්‍රිලනිප මන්ත්‍රී කණ්ඩායම විසින් ඉදිරිපත් කර ඇති නමුත් මහින්ද එයට දැඩි ලෙස සිය විරෝධය පලකර ඇති අතර ඒ වෙනුවට මහින්ද යෝජනා කර ඇත්තේ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන මහා ලේකම් සුසිල් ප්‍රේමජයන්ත සහ එස්.බි දිසානායක වීම විශේෂත්වයකි….

    අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළෙ මේ වනවිටත් සුසිල් එස්.බි සහ මහින්ද අතර සාකච්ඡා කිහිපයක්ම පවත්ව ඇති බවයි.

  • අවුරුද්ද අස්සේ  ජනිපෙ නායක විමල්ගේ ඇදුම් බුරුල්වෙන්න ජනිපෙ ලේකම් ලියපු අමුතු ලිපිය මෙන්න..

    අවුරුද්ද අස්සේ ජනිපෙ නායක විමල්ගේ ඇදුම් බුරුල්වෙන්න ජනිපෙ ලේකම් ලියපු අමුතු ලිපිය මෙන්න..

    මා වීරවංශ මහතාට පවසන්නේ එදා බන්ධනාගාරයෙන් එළියට පැමිණි පසු රැස්වූ දේශපාලන මණ්ඩලයේදී ඔහුට කී කතාවමය. බල්ලන් ගැට ගසා දමා උඩ බිරීම නවතන ලෙසයි.මෙම ලිපිය ලිවීමට මා හටද වීරකුමාර සහෝදරයා මොණරකොළ දුන් බව වීරවංශ මහතා පවසනු ඇත.

    පිත්ත අතැතිව සිටින වීරවංශ මන්ත්‍රීවරයා තවත් හතරේ පහරක් එල්ල කළේය.ඒ වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ පන්දුවකටය.මෙවර ඔහු පවසා තිබුනේ රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විස්වාසබංගයට චන්දය දීමට ඔහු නොපැමිණියේ මොණරකොළ අරගෙන බවයි.මීට පෙර ජානිපෙය හැරදා යන විටද ඔහු කෝටි හතක මොණරකොළ ගත් බවට චෝදනා කළේද වීරවංශ මහතායි.

    ජානීපෙන් ඉවත්වීමේ සිට අද දක්වා සිදුවූ දේශපාලන ක්‍රියාවලිය හොදින්ම දන්නේ වීරවංශ මහතාත්,වීරකුමාර සහෝදරයන් මාත් පමණි.පොහොට්ටුව තුළ කුජීතවී සිය අනන්‍යතාව පවා අහිම් කරගෙන සිටින වීරවංශ මන්ත්‍රීවරයා මේ කරන්න සැරසෙන්නේ කුමක්ද?විස්වාසබංගයෙන් පසු දින ගනනක් අතුරුදහන්ව සිටි වීරවංශ මහතා දැන් එළියට පැමිණ වීරකුමාර දිසානායකගේ අතුරුදහන් වීමක් ගැන කියයි.වීරවංශ මහතාට එක් දෙයක් කීමට කැමැත්තෙම්.ඔබ ඔය පහර ගසන්නේ ඔබට අමතක ජානීපෙම ඉතිහාසයටය.ඒ නිසා ඇත්ත ඉතිහාසයෙන් බිදක් වීරවංශ මහතාට මතක් කර දීම සිතුනෙමි.

    එදා 2017 වසරේ ජනවාරි මුල් සතියේ ඔහු බන්ධනාගාර ගත් කෙරිණි.දින 87 ක් ඔහු බන්ධනාගාරය තුළ රදවා තබා ගැනිනි.එදා වීරවංශ මහතාගේ බර කරට ගත්තේ ජානීපෙ දේශපාලන මණ්ඩලයේ කීපදෙනෙකු පමණි. එයි මූලිකයා වූයේ වීරකුමාර දිසානායක සහෝදරයායි.ඔහු දින 87 ම කොළඹ රැදුනේය.මා දින 84 කොළඹ රැදුනේය.වැඩිම වාර ගනනක් වීරවංශ මහතා බැලීමට බන්ධනාගාරයට ගියේ වීරකුමාර දිසානායක සහොදරයායි.වැඩිම වේලාවක් බන්ධනාගාරය තුළ රැදී සිටියේ ඔහුයි.විමල් වීරවංශ මහතා නිදහස් කරන ලෙස ඉල්ලා රටපුරා ප්‍රධාන නගරවල අප උද්ගෝෂණ සංවිධානය කළේය.ඒවාට රට පුරා ගියේ වීරකුමාර දිසානායකය.

    මොණරාගල.හම්බන්තොට දිසා නායකයින් එම උද්ගෝෂණ මග හැරි අතර අනෙක් දිස්ත්‍රික් තුළ දැඩි දුෂ්කරතා මද්‍යයේ ඒවා සංවිධාන කෙරිණි.එම කටයුතු සදහා ඒකාබද්ධ විපක්ෂයෙන්ද කිසිදු සහයක් නොලැබිණි.ඉද හිට voice cut එකක් දීම පමණක් එහි නායකයන් සිදු කළේය එම කටයුතු සදහා මුදල් සොයා දීමට ජානීපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතර දෙනාට පැවරිණි.එක් අයෙකුට ලක්ෂ පහ බැගින් සොයාදීමට නියම විය.සියලු දෙනා මග හරිද්දී මොණරකොළ හොයා දුන්නේ වීරකුමාර දිසානායකය.ඒ වෙනුවෙන් සිය මව සිටින නිවස ඔහු උකස් කළේය.එසේ කළේ රුපියල් ලක්ෂ 70 වඩා සිය ගිණුම්වල වාහන විකුණා දමා ගත් මුදල් තිබෙන මන්ත්‍රීවරුන් සිටියදීය.

    අබියෝග කරන්නේ නම් නම් ගිණුම් අංක සහිතව විස්තර කීමට පුලුවන.එදා බොහෝ දේශපාලන මණ්ඩල සබිකයේ විමල් පතුරු ගසමින් මග හරින විටදී පක්ෂයේ නියෝජය නායකයා ලෙස බර කර ගැසුවේ වීරකුමාරය. සමහරු ලොක්කාගේ අපචාර ගැන කියමින් මග හැරියේය.ඔවුන් කීවේ එම ක්‍රියා සම්පූර්ණ වසයෙන් නොදැක්කදා කණ.කට.නහය.ඇස වෙන වෙනම දුටු බවයි.සමහරු විමල් ගත් මොණරකොළ ගැන කීවේය.ඉන්ජිනේරු සංස්ථාවේ මොණරකොළ මිලියන 4000 ක් ගත් බව කීයූ අය තවත් සිටින්නේ ජානීපෙ දේශපාලන මණ්ඩලයේය.

    විමල්ගේ මුදල් සගවා ඇති තැන් හා පුද්ගලයින් ගැන හා ඔහුගේ වෙනත් නම් වලින් ඇති ගෙවල් ගැන කිව්වේ වීරවංශ මහතා සමග ඉජිනේරු සංස්ථාවේ එකට සිටි අයයි.එසේම වීරවංශ මහතා සම්බන්ධකම් පවත්වන බුද්ධි අංශ හා රෝ සාමාජිකයින් තමාටද හමුවූ බව කීවේ ඔහු සමග අද පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රිවරයෙකි.වීරවංශ මහතා උපවාස කර මැරුනත් ඔහු බැලිමට නොයන බව කීවේ අද වීරවංශ මහතා හොදින්ම සංතර්පණය කරණ හම්බන්තොට දිස්ත්‍රික් නායකයායි.මෙවැනි ව්‍යාකූල තත්වයකදී සිටින කීපදෙනා හෝ එකතු කරගෙන ප්‍රස්න කල් දමාගෙන සටන ඉදිරියට ගෙන ගියේ කවුදැයි දන්නෝ දනිති.

    වීරවංශ මහතා බන්ධනාගාර ගතව සිටි කාළය පුරාවටම කොළඹ යාන්ත්‍රනය රුකගත්තේ වීරකුමාර දිසානායකය.කොළඹ දිසා කමිටුව කැදවීම ජයන්ත සමරවීර මහතා ප්‍රතික්ෂේප කළේය.දින 87 න් එක දිනයක් වත් කොළඹ නොපැමිණි දේශපාලන මණ්ඩලය සබිකයන්ද සිටියේය.කොළඹ පැමිණියද බන්ධනාගාරයට නොගොස් මූලස්ථානයට වී කම්කර සංවිධාන කැදවමින් අවකරණ ගැන කතා කළ කම්කරු නායකයන්ද සිටියේය.එවන් තත්වයකදී විමල් වීරවංශ මහතා නිදහස් කර ගැනීමට සියලු උත්සාහයන් දැරුවේ වීරකුමාර හා තව කීපදෙනෙක් පමණි.ඔහුට ඇප ලබා ගැනීමට අප නොකළ දෙයක් නැත.වීරවංශ මහතා දැනුවත්ව අප ජනාධිපතිවරයා පවා හමුවිය.

    දිවයිනේ ප්‍රසිද්ධ නීතිඥවරුන් හමුවිය.තවත් බොහෝ දෙනා හමුවිය.එහෙත් ඔවුන්ගේ ආරක්ෂාව පතා එම නම් ගම් හෙළි නොකරමි. ඔවුන්ගේ උපදෙස් අනුව කටයුතු කරන විටදී වීරවංශ මහතාගේ පවුලෙන් හා ඥතීන්ගෙන් ප්‍රමානවත් සහයක් නොලැබිනි.ඔවුන් පක්ෂයට දොස් කියමින් facebook post පවා දැම්මේය. විමල්ගේ එක් ඥතියෙකු වීරකුමාර සහෝදරයාගෙන් ගුටි නොකා බේරුනේ අනූ නවයෙනි. උපවාසයෙන්ද ඇප නොලැබු වීරවංශ මහතාට රෝහල් ගත කළ පසු ඇප ලැබිනි.එවිට නැවත ඔහු වටා දේශපාලන මණ්ඩලයේ සටනට නොසිටි සහෝදරයෝ රොක් විය.එයින් පසුව රැස්වු දේශපාලන මණ්ඩලයේදී සියලු වැරදිවලට සමාව ඉල්ලූ විමල් වීරවංශ මහතා වැරදි සාදා ගැනීමට මාස තුනක කාළයක් ඉල්ලා සිටියේය.නමුත් මාස තුනෙන් පසු සියල්ල වෙනස් විය.නැවත විමල් පරණ ගමනම ගියේය.ප්‍රථිපලය ජානීපෙ සුණු විසුණු වීමයි.එදා අප එළියට බහින විටදීද වීරවංශ මහතා මොණරකොළ කතාව කීවේය.එදා ඔහු වෙනුවෙන් සිටි අය ඉලක්ක කර අද ප්‍රහාරය පටන් ගෙන ඇත.

    ඒ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලතම කදවුරෙන් ඔහුට එල්ලවන ප්‍රහාරය හමුවේ අසරණ වී ඇති ආකාරය වසන් කිරීමටය.මා වීරවංශ මහතාට පවසන්නේ එදා බන්ධනාගාරයෙන් එළියට පැමිණි පසු රැස්වූ දේශපාලන මණ්ඩලයේදී ඔහුට කී කතාවමය. බල්ලන් ගැට ගසා දමා උඩ බිරීම නවතන ලෙසයි.මෙම ලිපිය ලිවීමට මා හටද වීරකුමාර සහෝදරයා මොණරකොළ දුන් බව වීරවංශ මහතා පවසනු ඇත.නමුත් මාහට වීරවංශ මහතාට අනුව ලිවීමේ හැකියාවක් නොමැතී කියාඔහු කියා තිබෙන චෝදනාව නිසි බරින් එල්ල කිරීමට දැන් ඔහුට නොහැකිව ඇතැයි සිතමි.කෙසේ උවත් මා ඊට බය නැත.මා සිටි ඉතිහාසය නිවැරදිය.ඒ වෙනුවෙන් මා සෘජුව පෙනි සිටිමි.ඒ කාලය පුරා අවංකව මා සමග සිට සටන් කල සටන් සගයන් වෙනුවෙන් කොන්දේසි විරහිතව මා පෙනී සිටිමි.මන්ද අප වීරවංශ මහතා මෙන් පාවා දෙන්නන් නොවන නිසායි.

    ප්‍රියන්ජිත් විතාරණ

    ජා.නි.පෙ හිටපු ප්‍රධාන ලේකම්

    (පිළිතුරු දීමේ අයිතිය ඇත )

  • තම ඉඩම් යලි ලබාදුන්නාට ප්‍රීති වූ යාපනයේ ජනතාව ලොක්කන්ගේ පින්තූර රැගෙන කාවඩි නටයි..! (Photo)

    තම ඉඩම් යලි ලබාදුන්නාට ප්‍රීති වූ යාපනයේ ජනතාව ලොක්කන්ගේ පින්තූර රැගෙන කාවඩි නටයි..! (Photo)

    යාපනයේ වලිකාමම් පළාතේ ඉඩම් නිදහස් කොට ජනතාවට ලබා දීම නිමිත්තෙන් යාපනයේ තෙලිප්පලෙයි දුර්ගා කෝවිලේ විශේෂ පූජාවක් තබමින් ජනාධිපතිවරයාටත්,අග්‍රාමාත්‍යවරයාටත්,යුද හමුදාපතිවරයාටත් යාපනයේ ජනතාව ආශිර්වාද කොට තිබේ.

    මෙම ආශිර්වාද පූජාව සමග කාවඩි නැටුමක්ද පැවති අතර කාවඩි නැටීමේ නිරතව සිටි කීප දෙනෙකුම ජනාධිපතිවරයාගේත්,අග්‍රාමාත්‍යවරයාගේත්,යුදහමුදාපතිවරයාගේත් ඡායාරූපද රැගෙන කාවඩි නැටුමේ නිරත වී තිබේ.

    යාපනයේ වළිකාමම් පළාතේ ඉඩම් අක්කර 683 ක් නිදහස් කොට ඒවායෙහි අයිතිකරුවන් වෙත බාරදීමත් සමගම ප්‍රීතියට පත්ව සිටින එම පළාතේ වැසියෝ ආශිර්වාද පූජාව සංවිධානය කොට තිබුණි.