Author: Editor[A]

  • රනිල් රජයේ අැමති ලෙස මේක මගේ අන්තිම කතාව… සජිත් ප්‍රේමදාස කියපු අමුතු කතාව මෙන්න..

    රනිල් රජයේ අැමති ලෙස මේක මගේ අන්තිම කතාව… සජිත් ප්‍රේමදාස කියපු අමුතු කතාව මෙන්න..

    අගමැති රනිල් යටතේ වර්තමාන ආණ්ඩුව විසින් විවෘත කරන අන්තිම උදා ගම්මමානය මෙය විය හැකි යයි නිවාස හා ඉදිකිරිම් ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා උත්සව සභාවක් අමතමින් පැවසීය.

    ඇමතිවරයා මේ බව කියා සිටියේ කුරුණෑගල, මහවල කුඹුක්වැවදී ‘යනදගම’ හා ‘සැළමුතුගම’ උදාගම්මාන විවෘත කිරීමේ උත්සවය අමතමිනි.රනිල් වික්රමසිංග අග්‍රමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට යෝජනා වී ඇති මේ මොහොතේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කිරීම ඉදිරියේ සිදුවන දැවැන්ත දේශපාලන පෙරළියක ඉගියක්  බව අපට හැගේ.

    තව දුරටත් අදහස් පල කරමින් ඇමතිවරයා සදහන් කලේ විශ්වාස භංගයේදි සිදුවන පරිවර්ථනයකින් පසු සමහර විට තමනට වත්මන් ඇමති ධුරයට වඩා රටට සේවයක් කල හැකි තනතුරක් හිමිවනු ඇති බවයි.

  • එජාපය පරදා ජනපති මෙෙත්‍රි – කුපාම මහින්ද සුසංයෝගය එක්ව අගනුවර බලය අල්ලපු හැටි මෙන්න…

    එජාපය පරදා ජනපති මෙෙත්‍රි – කුපාම මහින්ද සුසංයෝගය එක්ව අගනුවර බලය අල්ලපු හැටි මෙන්න…

    ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ නගරාධිපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අද (02) හිමි විය.උදෑසන පැවති විවෘත ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 23ක් ලබා ගැනීමත් සමග නගරාධිපති ධූරය හිමි විය.

    එක්සත් ජාතික පක්ෂයට හිමිවූයේ ඡන්ද 11ක් පමණයි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ මුලූ සභික ධුර සංඛ්‍යාව 38ක්. ඉකුත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 18ක් හිමි විය.

    එක්සත් ජාතික පක්ෂයට හිමි වූ සභික ධුර සංඛ්‍යාව 12ක්. එක්සත් ජනතා නිදහස් සන්ධානයට සභික ධුර 05ක් සහ ජනතා විමුක්ති පෙරමුණට සභික ධුරක් 03ක් හිමි විය. අද (02) පැවති ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ඡන්දය ලබාදී නැති බව වාර්තා වේ.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 05 දෙනාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කර අතර නගරාධිපති ලෙස මදුර විතානගේ තේරීපත් වූ අතර උප නගරාධිපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රේමලාල් අතුකෝරල තේරීපත් විය.

  • 03 – 04 මහින්ද දානෙකට රට ගියාට රනිල්ට එරෙහිව ඡන්ද 116ක් – ඒකාබද්ධ විපක්ෂය කියයි….

    03 – 04 මහින්ද දානෙකට රට ගියාට රනිල්ට එරෙහිව ඡන්ද 116ක් – ඒකාබද්ධ විපක්ෂය කියයි….

    03 – 04 දෙදින මහින්ද රාජපක්ෂ අතයාවශ්‍ය දානමය කටයුත්තක් සදහා විදේශ ගත වුවද පාර්ලිමේන්තුවේදී විවාද කර ඡන්ද විමසීමකට ලක් කරන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයට පක්‍ෂව මේ වන විට ඡන්ද 116කට වැඩි ස්ථිර වශයෙන්ම ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා මහතා පවසයි.

    ඒ අනුව එම විශ්වාස භංග යෝජනාව ස්ථිර වශයෙන්ම ජයග‍්‍රහණය කරන බවද ඔහු සදහන් කරයි.

  • අැදුමේ කෙලවරකින් එලියට පැන්නේ මොකක්ද? Hot පියුමි නාන ගමන් ගත්ත ෆොටෝ එක මෙන්න…

    අැදුමේ කෙලවරකින් එලියට පැන්නේ මොකක්ද? Hot පියුමි නාන ගමන් ගත්ත ෆොටෝ එක මෙන්න…

    නිරූපන ශිල්පිණි පියුමි හංසමාලි කියන්නේ නිතර නිතර සමාජයේ කතාබහට ලක්වෙන චරිතයක්.

    විශේෂයෙන් ඇය සිය ෆේස්බුක් පිටුවට එක් කරන ඡායාරූප නිසා ඇය කෙරෙහි විශේෂ අවධානයක් හිමි වෙනවා.

    මෑත කාලයේ ඇය පිළිබඳව කතාබහට ලක් කෙරුනේ ඇය රංගනයෙන් දායකවන ඉන්දියාවේ රූගත කිරීම් සිදුවන චිත්‍රපටයක් නිසා ය. 
    එහෙත් මේ වනවිට ඇය කෙරෙහි අවධානය යොමු වී තිබෙන්නේ සිය පුතු සමගින් ස්නානය කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් ඇය සිය ෆේස්බුක් ගිණුමට ඇතුළත් කර තිබෙන බැවිණි.

    එම ඡායාරූප පහතින්….

  • 04 දින්නත් පැරදුනත් පක්ෂෙන් රනිල් යන්නේ නෑ.. රංගේ බංඩාර හඩමින් කියු කතාව මෙන්න..

    04 දින්නත් පැරදුනත් පක්ෂෙන් රනිල් යන්නේ නෑ.. රංගේ බංඩාර හඩමින් කියු කතාව මෙන්න..

    එක්සත් ජාතික පක්‍ෂය තුල සැලකිය යුතු ප‍්‍රතිසංවිධානයක් හෝ නායකත්වයේ වෙනසක් සිදු නොකරන බව ඊයේ රාත‍්‍රියේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග කරන ලද සාකච්චාව අනුව පෙනී ගිය බව රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.

    ඊයේ රාත‍්‍රි 08.30-10.30 කාලයේදී දෙපැයක පමණ සාකච්චාවක් අගමැතිවරයා සමග කරන ලද බවද ඔහු සදහන් කරයි.

    සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කර තිබේ.

    04 වැනිදාට කලින් පක්‍ෂය මුළුමනින්ම ප‍්‍රතිසංවිධායනයකට ලක් නොකලහොත් අගමැතිවරයාට එරෙහි විශ්වාස බංගයේදී එක්සත් ජාතික පක්‍ෂයේ 27 දෙනෙකු විරුද්දව ඡන්දය දීම හෝ ඡන්දය වර්ජනය කිරීමක් සිදු කරනු ඇති බවද රාජ්‍ය ඇමතිවරයා මීට පෙර සදහන් කර තිබින.

    මේ අතර, එම රැස්වීම පැවැත්වෙන අතර තුර රනිල්ගේ සමාජ මාධ්‍ය ඒකකය විසින් ප්‍ර‍චාරය කර ඇත්තේ “ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ශ්‍රී ලනිප මනන්ත්‍රීවරුන් සමග මලික් ගේ නිවසේ රහස් සාකච්ඡාවක් පවත්වන බව” යි. එම පණිවුඩය රැස්වීමේ සිටි මන්ත්‍රීවරයෙකුට ලැබී ඇත්තේ රාත්‍රී 10 ට පමණය.

  • පොහොට්ටු සිහින දකින හිටපු එල්ටීටීඊ නායකයෙකු එල්ටීටීඊ සිහිනයක් ගැන කියපු කතාව මෙන්න..

    පොහොට්ටු සිහින දකින හිටපු එල්ටීටීඊ නායකයෙකු එල්ටීටීඊ සිහිනයක් ගැන කියපු කතාව මෙන්න..

    දෙමළ ජාතික සන්ධානය සිය ගෞරවය  අහිමි කරගෙන ඇති බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනායග මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසනවා. ඔහු කියා සිටියේ ලැජ්ජාවක් නොමැති දෙමළ ජාතික සන්ධානය ඊපීඩීපී සමග එක්ව උතුරු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට කටයුතු කිරිම නින්දිත ක්‍රියාවක් බවයි.

    ඒ තරමට දෙමළ ජාතික සන්ධානය ජනතාව අතර පිරිහි ගොස් ඇති බවයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනායග මූර්ති මුරලිදරන් පෙන්වා දුන්නේ.

    මඩකළපුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා තේරීපත්වූ දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ සභිකයන් දිවුරුම්දීමේ අවස්ථාවට  (01) පස්වරුවේ එක්වෙමින්.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ මේවන විට උතුරු නැගෙනහිර ජනතාව දෙමළ ජාතික සන්ධානයේ නොහැකියාව වටහාගෙන ඇති බවයි. එම නිසා දිනෙන් දින එම සන්ධානය ජනතාව අතරින් ඈත්වී යන බවද සඳහන් කළා.

    එමෙන්ම පළාත් පාලන මැතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගැනීම තමන්ට ද සතුටක් බවත් එය තමන්ගේ ද ජයග්‍රහණයක් බවයි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

    හැකි ඉක්මණින් රටේ පාලන වෙනස් වනු ඇති බවත් එහිදී නැගෙනහිර පරිපාලන තමන් සතු වන බවත් එම අවස්ථාව උදාවන තුරු තමා අපේක්ෂාවෙන් සිටින බවත් සඳහන් කළ ඔහු වැඩිදුරටත් කියා සිටියේ එහිදී ජනතාවට අවශ්‍ය සියළුම සේවාවන් සැලයීමට කටයුතු කරන බවයි.

  • ජනපති මෙෙත්‍රි සහ කුපාම මහින්ද මට මගේ දෙනෙත් වගේ… අැමති අාරුමුගන් තොන්ඩමාන් කියයි..

    ජනපති මෙෙත්‍රි සහ කුපාම මහින්ද මට මගේ දෙනෙත් වගේ… අැමති අාරුමුගන් තොන්ඩමාන් කියයි..

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට අත්සන් නොතැබීම ගැන තමාට ගැටළුවක් පවතින බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොන්ඩමන් පවසනවා. ඔහු කියා සිටියේ තමන් කවදත් විවෘත කතා කරන පුද්ගලයෙකු බවයි.

    නුවරඑළිය – සීතාඑළිය ප්‍රදේශයේ අද (01) පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා. එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියා.

    මෙහිදී විශ්වාසභංගය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවල හිටපු ජනාධිපතිවරයා පිළිතුරු සැපයීමේ දී මන්ත්‍රී ආරුමුගන් තොන්ඩමන් හිටපු ජනාධිපතිවරයාට යමක් පවසන ආකාරයට ඔහුගේ අත අල්ලන් තද කරමින් එය වැළැක්වූ බවයි වාර්තා වන්නේ.

    කෙසේ වෙතත් මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී ආරුමුගන් තොන්ඩමන් කියා සිටියේ මිනිසාගේ වටිනාම වස්තුන් දෙකක් ලෙස තමන්ගේ දෙනෙත් සැලකිය හැකි බවයි.

    එවැනි වටිනාම නෙත් දෙකක් තමන්ටත් හිමිවී ඇති බවත් ඉන් එක් නෙතක් වන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් අනෙකුත් නෙත වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත් කියා සිටියා.

  • අළු යට ගිණි පුපුරු කරලියට… රනිල්ට එරෙහි විශ්වාසභංගය ගැන අද කරලියේ වෙන දේ මෙන්න…

    අළු යට ගිණි පුපුරු කරලියට… රනිල්ට එරෙහි විශ්වාසභංගය ගැන අද කරලියේ වෙන දේ මෙන්න…

    විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අවසන් එකඟතාවන්ට පැමිණීමේ අපේක්ෂාවෙන් තීරණාත්මක සාකච්ඡා වට 07ක් අද (02) සහ හෙට (03) පැවැත්වෙනවා. ඒඑක්සත් ජාතික පක්ෂයඑක්සත් ජනතා නිදහස් සන්ධානයඒකාබද්ධ විපක්ෂයශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අතරයි.

    එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සාකච්ඡා වට දෙකක් පැවැත්වෙනවා. ඒ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම සවස 03ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතයි. එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම් රැස්වීම ද අද පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන කියා සිටියේ.

    මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් ද අද (02) පැවැත්වීමට නියමිතයි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී 7ට මෙම රැස්වීම පැවැත්වෙන්නේ ජනපති නිල නිවසේදීයි. විශ්වාසභංගය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීම මෙහි අරමුණ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල කියා සිටියේ.

    කෙසේ වෙතත් අද (02) දිනයේදී තීන්දුවක් ගැනීමට නොහැකි වුවහොත් හෙට (03) සහ අනිද්දා (04) යන දිනවලදී ද සාකච්ඡා පවත්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවා.

    මේ අතර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීම ද අද පැවැත්වීමට නියමිතයි. ඒපක්ෂ නායක ආර්. සම්බන්ධන්ගේ මූලිකත්වයෙන්. විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීම එහි ප්‍රධාන අරමුණයි.

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ද අද (02) පැවැත්වෙනු ඇති. එය පැවැත්වීමට නියමිතව තිබුණේ ඊයේ (01) දිනයේදීයි.

    මේ අතර ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් හෙට පැවැත්වෙනවා. සවස 05ට එය ආරම්භ වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ පිහිටි නිවසේදී ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර හමුවක් ද හෙට පස්වරු 06ට පැවැත්වෙනවා.

    අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අනිද්දා (04) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

  • චිත්‍රයක් නිසා ජනපති ඔබාමා ඇමරිකානු පුරවැසිභාවය ලබා දුන් අපේ චිත්‍ර ශිල්පියා මෙන්න..!

    චිත්‍රයක් නිසා ජනපති ඔබාමා ඇමරිකානු පුරවැසිභාවය ලබා දුන් අපේ චිත්‍ර ශිල්පියා මෙන්න..!

    රාජ්‍ය නායකයෙකු අතින් ඇමරිකානු  පුරවැසි භාවය ලබා ගන්නවා කියන්නෙ ලේසි පහසු වැඩක් නෙවෙයි. හැබැයි ඇමරිකානු පුරවැසි භාවයත් එක්ක  තවත් බොහෝ අවස්ථාවන් රැසක් ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා අතින් හිමිවුන අපේ ලංකාවේ චිත්‍ර ශිල්පියෙකුගේ අපූරු කතාවක් සතිඅන්ත පුවත් පතක් වාර්තා කර තිබුනා. මේ ඔහුගේ කතාවයි.

    “ඒ 2012 අවුරුද්දේ දවසක්. මම ඒ  වෙලාවෙ හිටියේ අමෙරිකාවෙ ලොස්ඇන්ජලීස්වල. ජනාධිපති බැරැක් ඔබාමා ඇවිත් රැස්වීමක කතා කළා. එතැනදී මම ඔහුගෙ හරිම ලස්සන ඉරියව්වක් දැක්කා. මම ඒ වෙලාවෙම කඩදාසියක ඒ ඇක්ෂන් එක සටහන් කර ගත්තා. ග්‍රේෂන් කියලා ලංකාවෙන් ගිහින් හිටපු අවුරුදු 90ක විතර වයසක ගෘහ නිර්මාණ ශිල්පී මහත්තයකුත් ඒ දවස්වල එහේ හිටියා. මම ඔහුට සටහන් කරගත් චිත්‍රය පෙන්නුවා. ඔහු තමයි මාව උනන්දු කළේ ඒ චිත්‍රය හොඳට ඇඳලා ඔබාමාට තෑගි කරන්න කියලා. ඊට පසු මම කැන්වස් රෙද්දක් ගෙනල්ලා අඩි 4 ක් දිග අඩි 2 ½ ක් පළලට චිත්‍රය ඇන්දා. ඊට පස්සේ වොෂිංටන්හි ධවල මන්දිරයට බැරැක් ඔබාමාගේ නමට යැව්වා.”

    අපට එලෙස සිය අත්දැකීම් පැවසුවේ අහංගම විජේසිංහ මාවතේ පදිංචි වෝල්ටර් කුලසූරිය නම් ප්‍රවීණ චිත්‍ර ශිල්පියාය. අහංගම විසිකි කලාගාරය පවත්වාගෙන යන ඔහු අමෙරිකානු ගෞරවනීය පුරවැසියෙකි. කුරුණෑගල ඉපදී හබරාදුවෙන් විවාහ වී කලාගාරයක් පවත්වාගෙන ගිය වෝල්ටර් ලංකාවේ නේවාසිකයෙක් වුණේ කොහොමද?

    “මම ඔබාමාට චිත්‍රය යවන විට පසුගිය 2004 සුනාමියෙන් මගේ ගෙවල් දොරවල් විනාශ වූ අවස්ථාවේ අමෙරිකානුවන් කරපු උදව් ගැනත් ලිව්වා. මාස තුනකට විතර පස්සේ ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ආරක්ෂක අංශත් සමඟ අපේ ගෙදරට ගිහින් තොරතුරු හොයලා තිබෙනවා. ගෙදරින් කලබල වෙලා මට ඒ බව දුරකතනයෙන් කිව්වා. ඔන්න ආයෙත් දවසක අමෙරිකානු රාජ්‍ය නිලධාරින් මම ලොස්ඇන්ජලීස්වල ඉන්න තට්ටු නිවාසෙට ඇවිත් මගේ විස්තරයක් ලබාගත්තා. එතකොට තමයි මට සිද්ධිය දැනුම් දුන්නේ. ආයෙත් මාස තුනකට විතර පස්සේ මට වොෂින්ටන්වල ධවල මන්දිරයට එන්න ගුවන් ටිකට්පත් එවලා තිබුණා. මම එතැනට ගියෙත් ග්‍රේෂන් මහත්තයත් එක්ක. ඔබාමා පැමිණ අතට අත දී මට සුබ පැතුවා. විනාඩි 10 ක් වගේ තමයි ඔහුව හමුවන්න ලැබුණේ. එතැනදී මට ගෞරව පුරවැසිභාවය ප්‍රදානය කෙරුවා.”

    අමෙරිකානු ජනාධිපතිවරයාගෙන් ගරු පුරවැසිභාවය ලබාගැනීම ලේසිපාසු කරුණක් නොවේ. වෝල්ටර්ට නොසිතූ පරිදි ඒ අවස්ථාව උදාවූයේ ඔහුගේ සිත්තමේ සුවිශේෂීභාවයට ජනාධිපති ඔබාමා තුළ වූ පැහැදීම නිසාය. ඒ සමඟම ඔහුට වොෂිංටන් ඩීසීවල රජයේ තට්ටු නිවාසයක්, ආහාරපාන දීමනාවක් සහ මාසිකව ඩොලර් 1250ක යැපුම් දීමනාවක් හිමි විය. මේ දීමනාව වෝල්ටර් ලංකාවේ සිටියද අදටත් ඔහුගේ අමෙරිකන් එක්ස්ප්‍රස් බැංකුවේ ගිණුමට බැර වේ. නමුත් එම දීමනාව වියදම් කළ හැක්කේ අමෙරිකාව තුළ පමණි. ඒ සමඟම රෝහල් වෛද්‍ය ගාස්තු ද නොමිලේ හිමි විය. පසු දිනෙක හදවත් ශල්‍යකර්මයකට වෝල්ටර්ට ඩොලර් 25000 ක් වැය වුවද එය නොමිලේ කර ගැනීමට ඒ නිසා හැකියාව ලැබුණි. ඔහුට අමෙරිකානු ගුවන් ගමන් බලපත්‍රය ද හිමිවූ අතර ඒ නිසා යුරෝපයේ ඕනෑම රටකට වීසා නැතිව ගමන් කිරීමේ අවස්ථාව හිමි විය.

    වෝල්ටර් අමෙරිකාවේ සිටියදී වෘත්තිය වශයෙන් කළේ නිදහස් චිත්‍ර ශිල්පියකු ලෙස පෙර පාසල්වල සිතුවම් ඇඳීම, චිත්‍ර වැඩමුළු පැවැත්වීම ආදියයි. ඒ අතරවාරයේ ලොස්ඇන්ජලීස්හි ලක්මා කෞතුකාගාරයේ පළුඳු වූ චිත්‍ර සංරක්ෂණය කිරීමේ අවස්ථාවද ඔහුට හිමි විය. ගෙටි කෞතුකාගාරයේ චිත්‍ර සංරක්ෂණ අවස්ථා ද ඔහුට සමහර අවස්ථාවලදී ලැබුණි. “වැඩක් නැතිවෙන කොට පදික වේදිකාවේ ඉඳගෙන පුද්ගල චිත්‍ර ඇඳල කීයක් හරි හොයාගන්න පුළුවන්. එක චිත්‍රයකට ඩොලර් 100 ක් ලැබෙනවා. පැය දෙකකින් විතර පස් දෙනෙක් ඇඳලා ඩොලර් 500 ක් ගන්න පුළුවන්. ඒ අතරම අඩු මිලකට ලබාගත හැකි කලාගාරයක් අරගෙන චිත්‍ර ප්‍රදර්ශනත් තියනවා.”

    ඒ ආකාරයට ඔහුගේ අමෙරිකානු පුරවැසි ජීවිතය ගලායන්නේ සැහැල්ලු ආකාරයෙනි. ඔහු මහත් තෘප්තිමත් බවකිනි, ශ්‍රී ලංකාවේ සිටින අතරතුර මේ තොරතුරු අපට පැවසුවේ. 

    වෝල්ටර්ගේ පියා විදුහල්පතිවරයෙක් විය. වෝල්ටර් උපත ලද්දේ 1945 අප්‍රේල් 11 දා කුරුණෑගල දෙමටලුව ගම්මානයේය. ඉතා සුන්දර බාල කාලයක් ඔහුට හිමි විය. ඔහුගේ පියා කාටත් උදව් උපකාර කළ සත්පුරැෂයෙක් වශයෙන් ප්‍රකට පුද්ගලයෙකි. කුරුණෑගල ක්‍රිස්තුදේව විදුහලින් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ වෝල්ටර් ද්විතියික අධ්‍යාපනයට ඇතුළු වුණේ මලියදේව විදුහලටය.

    “ජ්‍යෙෂ්ඨ පන්තියෙන් පස්සේ මට චිත්‍ර කලාව ඉගෙන ගන්න ආසාවක් ඇතිවුණා. 1959 දී කොළඹ රජයේ චිත්‍රකර්ම විද්‍යාලයේ (හේවුඩ් – දැන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය) විභාගයට ලියලා සමත් වුණා. ඒ කාලෙ විශිෂ්ට චිත්‍ර ශිල්පීන් ගණනාවක් එහි ගුරුවරු වශයෙන් හිටියා. ඩේවිඩ් පේන්ටර්, ස්ටැන්ලි අබේසිංහ, සල්දීන් ගුරුතුමා වගේ අයගෙන් චිත්‍ර ශිල්පය හැදෑරුවා. බිතුසිතුවම් කලාව ගැන හැදෑරුවේ හෙන්රි ධර්මසේනගෙන්.”

    හේවුඩ් ආයතනයේ චිත්‍ර අඳිමින් ශිල්පය ප්‍රගුණ කරන අතර තරුණ වෝල්ටර්ට මදුරාසියේ (චෙන්නායි) ලලිතකලා ඇකඩමියේ චිත්‍ර ශිල්පය හැදෑරීමට ශිෂ්‍යත්වයක් හිමි විය. ඔහු එලෙස අධ්‍යාපනය නිමකර පැමිණි පසු ගුරු වෘත්තියට පිවිසීමේ අවස්ථාව උදා විය. ඔහු බණ්ඩාරවෙල හැදුනුවැව විදුහලේ වර්ෂ 6 ක් පමණ චිත්‍ර ඉගැන්නුවේය. නමුත් චිත්‍ර ගුරුවරයකු ලෙස දිගටම රැඳීසිටීමට ඔහු තුළ කැමැත්තක් තිබුණේ නැත. ඊට පසු ඔහු ග්‍රාන්ට් මැකෑන් එරික්සන්, ජේ. වෝල්ටර් තොම්සන් වැනි ප්‍රචාරණ ආයතනවලට කලා අධ්‍යක්ෂවරයෙක් ලෙස සම්බන්ධ විය.

    කුරුණෑගල උපන් ඔහු විවාහ වූයේ හබරාදුවෙනි. ඊට පසු ඔහු පදිංචිය සඳහා දකුණට පැමිණියේය. විවාහයෙන් ඔහු පුතුන් දෙදෙනෙක්ගේ හා දියණියකගේ පියකු බවට පත් විය. 1980 දශකයේ දී වෝල්ටර් කොග්ගල හොරයිසන් හෝටලය ඉදිරිපිට ගොඩනැගිල්ලක් කුලියට ගෙන බතික් සාප්පුවක් විවෘත කළේය. ඔහුගේ බතික් චිත්‍ර සහිත රෙදිපිළි විදේශිකයන් අතර ජනප්‍රිය විය. “දවසක් ප්‍රේමදාස මහත්තයා අගමැති කාලෙ මගෙ චිත්‍ර නිර්මාණ දැකලා මට උදව් කරන්න ඕනෑ කියලා අහංගමින් දැන් මේ ඉන්න ඉඩම දුන්නා. මෙතන පර්චස් 20 ක් තිබෙනවා. එතැන තමයි විසිකි කලාගාරය විවෘත කළේ. පස්සේ බතික් වෙනුවට චිත්‍ර අඳින්නට පටන් ගත්තා. මගේ හිතවත් විදේශිකයෙක් මා ඒ සඳහා උනන්දු කළා.

    විසිකි ගැලරියෙන් මිලදීගත් චිත්‍රවලින් ලෝකයේ විවිධ රටවල නිවාස හා කලාගාර අලංකාර විය. ඒ සමඟම වෝල්ටර් කුලසූරිය යන නම අමෙරිකාව, එංගලන්තය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව ආදී රටවල ජනප්‍රිය විය. 2004 දෙසැම්බර් 26 සුනාමි විපත පැමිණියේ ඒ අතරය. ඒ වන විට විසිකි ගැලරිය චිත්‍ර රාශියක් සමඟ විවෘත කර ගතව තිබුණේ මාස තුනක් පමණි. ඔහුගේ බලාපොරොත්තු මුහුදට ගසාගෙන ගියේය. වෝල්ටර් යුවළ ජීවිතය බේරාගත්තේ ද අනූ නමයෙනි. වෝල්ටර් දවස් 28 ක් අනාථ කඳවුරක ගාල් වී සිටියේය.

    “කලින් ඇඳුනුම්කම නිසා විදේශිකයො ඇවිත් මට උදව් කළා. ආයෙත් ගැලරිය වගේම ගේ හදාගන්නත් උදව් කළේ විදේශිකයෝ.” ඔහු පවසයි.

    ඔහුගේ චිත්‍රවලට 1996 සිට 2001 දක්වා අඛණ්ඩව ලංකා කලා සංගමය පවත්වන චිත්‍ර තරගවලින් ජනාධිපති සම්මාන හිමි වී තිබේ. චිත්‍ර ශිල්පයට පමණක් නොව කියවීමටද ඔහු රුසියෙකි. ඔහු සතු පුස්තකාලයේ පොත් දහස් ගණනක එකතුවක් තිබේ.“චිත්‍ර ගැන විතරක් කියවලා සීමාවුණොත් වන්නේ චිත්‍ර තුළ හිරවීමයි. ඒ නිසා ස්වභාවධර්මය, ආගම ධර්මය, විද්‍යාව ගැන මම කියවනවා.” ඔහු පැවසුවේය.

    “අපි ඉගෙන ගන්න කාලෙ ගුරුවරුන්ගෙන් තමන්ට ස්වාධීන මාවතක යන්නට නිදහසක් තිබුණා. නමුත් අද ගුරුවරුන් අනුකරණවලට තමයි ශිෂ්‍යයෝ හුරු කරන්නේ. එතකොට ගුරුවරයාගේ ශිල්පීය ක්‍රමයම තමයි ගෝලයා අනුගමනය කරන්නෙත්. ඒක හරි වැරදියි.

    අමෙරිකාව වගේ රටවල මිනිස්සු චිත්‍ර වගේ සියුම් කලාවන් හරියට රසවිඳිනවා. ඔවුන් චිත්‍ර රසවිඳ අප සමඟ සාකච්ඡා කරනවා. ඒක කොච්චර සතුටක්ද? මේ වෝල්ටර්ගේ සිතුවිලිය.

    චිත්‍ර ඇඳීමට අමතරව පිටරටින් චිත්‍ර උපකරණ, වටිනා කඩදාසි, තීන්ත ආදිය ගෙන්වා ආර්ථික අපහසුතා ඇති චිත්‍ර ශිල්පීන්ට පරිත්‍යාග කිරීමද වෝල්ටර්ගේ සත් ගුණයකි. ඒ අතරම දුෂ්කර පාසල්වලටද උපකාර කර තිබේ. “මම විදේශිකයන්ගෙ උදව්වෙන් දුෂ්කර පාසල්වලට පරිගණක අරන් දුන්නා. සමහර ගුරුවරු ගෙදර තිබුණු ඔවුන්ගේ පරණ කොම්පියුටරය ඉස්කෝලෙට ගෙනත් දාලා අර කොම්පියුටර් අරගෙන ගිය බව ආරංචි වුණා. එහෙම වුණහම අපි කලකිරෙනවා නේද?” ශ්‍රී ලාංකිකයන්ගේ දුර්ගුණයක් හෙළිකරමින් ඔහු පැවසුවේය.

    වෝල්ටර්ගේ චිත්‍රවල අපට දේශීය සම්භාව්‍ය ශෛලිය මෙන්ම බටහිර නූතන ශෛලියද මිශ්‍ර වූ ආරක් හමුවේ. ඔහු භාවිත කරන වර්ණ ඇසට ප්‍රියය. හැඩතල සජීවී බවක් දනවයි. “අද නූතන චිත්‍ර කලාව කියලා ලොකෙ පුරාම හඳුන්වනවා. මම නම් හිතන්නේ අදහස් හා සංකල්ප මිශ්‍ර කරලා නූතන චිත්‍ර කලාව පටන් ගත්තේ ලංකාවෙ කියලයි. බලන්න නුවර යුගයේ චිත්‍ර. ඒවායේ තිබෙන්නේ සංකල්ප. ඒ සංකල්ප මත තමයි චිත්‍ර ගොඩනංවලා තිබෙන්නේ. මිනිස් රූප, ගස්වැල්, නෙළුම් මල්, සතුන් වගේ හැම රූපයක්ම සංකේත විදිහටයි මහනුවර යුගයේ ශිල්පියා ඇඳලා තියෙන්නේ.” වෝල්ටර් පැවසුවේය.

    ► කුසුම්සිරි විජයවර්ධන

     

  • මාව කිඩ්නැප් කළේ සැමියා ලංකාවට අාපු 22 දා.. උදාරි වර්ණකුලසූරීය පැහැර ගෙන ගියපු කතාව .!

    මාව කිඩ්නැප් කළේ සැමියා ලංකාවට අාපු 22 දා.. උදාරි වර්ණකුලසූරීය පැහැර ගෙන ගියපු කතාව .!

    රංගන ශිල්පිණි උදාරි වර්ණකුලසූරීය පසුගිය දිනෙක පැහැර ගැනීමකට ලක්ව තිබුනා. ඒ පිළිබද මතකය අවදි කරමින් පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් හෙළිකර තිබුණා,
    එම සංවාදය පහතින් ,

    පසුගිය දවසක (මාර්තු 22) උදාරිව කට්ටියක් එකතු වෙලා පැහැරගෙන ගියා කියන්නේ ඇත්තද? 
     
    මේ පැහැර ගැනීම නම් හරිම සුන්දර පැහැර ගැනීමක්. ඒ සිදුවීම මතක් වෙනකොටත් හරිම සුන්දරයි ටෙලි නාට්‍ය කණ්ඩායමක් තමයි මාව මේ විදියට ‘කිඩ්නැප්’ කළේ. 22 වැනිදා තමයි මගේ 30 වැනි උපන්දිනේ යෙදිලා තිබුණේ. ටෙලි නාට්‍යයේ හැටියට හීනයක් දකිනවා. මාවයි, විශ්වවයි කිඩ්නැප් කරගෙන ගිහිං රබර් වත්තක මරලා දානවා. ඒක ඇත්තටම ටෙලි පිටපතේ තිබුණ සීන් එකක්. ඉතිං මං ඒ සීන් එක ෂූට් කරනවා කියලා හිතාගෙන ඇක්ට් කළා. මුලින්ම මගේ ඇස් දෙක කළු පටිවලින් බැන්දා. මමත් සීන් එකේ තිබ්බ විදිහට ‘මාව අතඇරපල්ලා’ කියලා හයියෙන් කෑ ගැහුවා. කට්ටිය මාව වාහනෙන් බිමට බස්සලා අත්දෙකේ ගැටත් ලිහලා, ඇස්වලට බැඳලා තිබුණු පටියත් ලිහුවා. පටිය ගැලෙව්වා විතරයි විශ්ව ලොකු චොකලට් කේක් එකක් අරගෙන මගේ ඉස්සරහ ඉන්නවා දැක්කා. වටවෙලා හිටපු කට්ටියම “හැපී බර්ත් ඩේ” කිය කියා මට විෂ් කරන්න ගත්තා. කට්ටියම එකතු වෙලා මට බර්ත්ඩේ එක දවසේ දුන්නේ කවදාවත් අමතක නොවන සප්රයිස් එකක්.
     
    ඔය කියන සප්රයිස් එක විතරද උපන් දිනේට ලැබුණේ ? 
     
    නෑ. තව පුදුම සහගත දේවල් ගොඩක් වුණා. මගේ දයාබර සැමියත් ලංකාවට ඇවිත් මගේ යාළුවෝ ටිකත් එක්ක එකතු වෙලා සප්රයිස් බර්ත්ඩේ පාටි එකක් දුන්නා. සුරාජ් මාපා ඇතුළු මගේ සහෝදර කලාකරුවනුත් මට සප්රයිස් බර්ත්ඩේ පාටි එකක් දුන්නා. ඒවා ඔක්කොම හිතාගන්නත් බැරි සප්රයිස් පාටි. මගේ 30 වෙනි උපන්දිනේ නම් ජීවිතේ තියෙනතුරු මට කවදාවත්ම අමතක වෙන එකක් නැහැ. ඇත්තම කියනවා නම් මම මෙදා සැරේ බර්ත්ඩේ කේක් හතක්ම කැපුවා. 

    එතකොට බබාගෙන් අම්මිට ලැබුණේ මොන වගේ සුබ පැතුමක්ද? 
     
    දුව දැන් ඉන්නේ එක වසරේ. එයත් මට එයාගේ අතින්ම බර්ත් ඩේ කාඩ් එකක් හදලා ඒකේ එයාගේම අත් අකුරුවලින් I Love You Ammi, I Love You thaththi කිවලා Happy birth day  Ammi කියලා විෂ් කරලාත් තිබුණා. ඒ වගේම අම්මි “මල්ලි බබෙක් මට ඕනේ” කියලා ලියලත් තිබ්බා.
     
    උදාරිගේ සැමියත් ලංකාවට ඇවිත් හිටපු නිසා මේ හැම සතුටක්ම ඔහුත් අත්විඳින්න ඇති? 
     
    ඇත්තටම ඔව්, මගේ හස්බන්ඩ් සුජිත් රට ඉඳගෙනම මගෙන් ඇහුවා. “බබා බර්ත්ඩේ එකට මොනවද ඔයාට ඕනේ” කියලා. මම එතකොට කිව්වා අනේ ඩාලිං මුකුත් ඕනේ නැහැ. මට දැන් 30යිනේ… ඉතිං ටුවෙන්ටිවලට බයිබායි කියලා කියමු කියලා. ඊට පස්සේ එයා බර්ත්ඩේ දවසේ පාන්දර 2.00ට ලංකාවට ඇවිත් පහුවදාම අනිත් ෆලයිට් එකින් සිංගප්පූරුවට ගියා. එයා තරමක් කාර්යබහුල කෙනෙක්. ඒත් මට තියෙන ආදරේ නිසාම හැම වැඩක්ම නතර කරලා මං වෙනුවෙන් ලංකාවට ආවා. 

  • ප්‍රා.සභාවේ සෝලංගආරච්චිගේ සමරු පලකයට හානි කරලා.. වරදකරුවන්ට දැඩි දඩුවම් නව සභාපති කියයි…

    ප්‍රා.සභාවේ සෝලංගආරච්චිගේ සමරු පලකයට හානි කරලා.. වරදකරුවන්ට දැඩි දඩුවම් නව සභාපති කියයි…

    කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ස්ථාපනය කර ඇති කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මෙන්ම කොලොන්නාව ආසනයේ ශ්‍රීලනිප සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි මැතිතුමාගේ සමරු පලකයට හානි කල වරදකරුවන් හට තරාතිරම නොබලා දැඩි දඩුවම් ලබාදෙන බව නව සභාපති රංගජීව මහතා පවසයි…

    ප්‍රදේශය පුරා ජනතාව නොසන්සුන්තාවයට පත්කළ එම සිදුවීම පසුගිය 29 දා වාර්තා වූ අතර එහිදී ජනතාව එම සිදුවීම දැඩි ලෙස හෙලාදකිමින් අදහස් පළකර ඇත..

    කොලොන්නාව ආසනයේ ශ්‍රීලනිප බලමණ්ඩලයේ ලේකම්වරයා මේ සිදුවීම පිලිබදව සිය මුහුණු පොතේ සටහනක් පළකර ඇත…

    කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ස්වර්ණමය යුගය නිර්මාණය කල ප්‍රසන්න සෝලංගආරචිචි මහතා ඉන් සමුගන්නේ ලංකාවෙි අලංකාරම ප්‍රාදේශීය සභාව අපට උරැම කරදෙමිනි..
    එය නිර්මාණය කරද්දි පරණ සභාවේ තිබු වීරසිංහ මල්ලිමාරච්චි මහාතාගේ ඡායාරෑපය අළුත් පලකයකට දමා මතු පරපුරට දකින්නට ඉඩ සැලස්වීය.
    නමුත් අද අළුත් සභාපති තුමන් වැඩ බාරගන්නා උත්සවයට පෙර කො .මු .ප්‍රා සභාවේ සභාපති වරැන්ගේ ඡායාරෑප .අතර තිබු ප්‍රසන්න සෝලංගආරචිචි මහාතාගේ ඡායාරෑපය සූරා විනාශ කර තිබිනි..
    එය අළුත් සභාපති තුමන්ව අපකීර්තියට ලක්කිරීමේ අරමුනින් සිතා මතා කල දෙයක් යයි මම විශ්වාස කරමි ..
    එබැවින් මෙි ගැන සොයාබලා කටයුතු කරන මෙන් එතුමාට දන්වමි..

  • බුදුන් වැඩි දේශයේ වෙසක් පොහොයට තොරන් හදන්නේ නැතුව ඔලු බක්කෝ නටනවටද ආස?

    බුදුන් වැඩි දේශයේ වෙසක් පොහොයට තොරන් හදන්නේ නැතුව ඔලු බක්කෝ නටනවටද ආස?

    මුන්ට පිස්සු… ගාමිණි ජයවික්‍රම කියන්නේ අමුම අමු නපුන්සක එන්.ජි.ඕ කාරයෙක්… යකෝ මේක සිංහල බෞද්ධ රටක්.. මුට ඒක අමතක වෙලා.. බුදුන් වහන්සේ වැඩම කරපු රට මේක.. මේකේ වෙසක් එකට තොරන් හදන්නේ නැතුව ඔය ප*යා මැරුණු දවසටද දන්නේ නෑ.. මේ වදන් පිටවුයේ අන් කිසිවෙකුගෙන් නොව හිටපු ඇමති මර්වින් සිල්වාගෙනි… 

    ශ්‍රී ලංකාව යනු බුදුන් වැඩි දේශය බව අමතක වූ සමහරක් අමන දේශපාලකයෙක් විසින් සිදුකරන ලද ප්‍රකාශයක් අපට පසුගිය දිනෙක අසන්නට ලැබුණු අතර එයට ප්‍රතිචාර ලෙස මර්වින් විසින් මෙය සිදුකර ඇත…

    http://supirigossip.com/archives/17197

  • මන්ත්‍රීවරියක් අතුරුදන්…. මස්කෙලියේ මල කෙලියක්.. ලොකු ලොක්කෝ මහ පාරේ ගුටි කෙළිති..

    මන්ත්‍රීවරියක් අතුරුදන්…. මස්කෙලියේ මල කෙලියක්.. ලොකු ලොක්කෝ මහ පාරේ ගුටි කෙළිති..

    මස්කෙළිය ප‍්‍රාදේශිය සභාවේ සභාපතිවරයා තේරිමට ප‍්‍රථම අද (28) උදෑසන එහි දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති විය.ඇතිවූ තත්වය පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළ අතර හැටන් කැරලි මර්දන ඒකකය කැඳවිමටද පොලීසියට සිදුවිය.

    එක්සත් ජාතික පක්ෂයෙන් එම සභාවට තේරිපත් වී ඇති මන්ති‍්‍රවරියක් සභාවට නොපැමිණිම හේතු කොටගෙන, ප‍්‍රතිවිරුද්ධ කණ්ඩායමක් විසින් අදාළ මන්ත්‍රීවරිය සඟවා ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ පලනි දිගම්බරම්ගේ ආධාරකරුවන් විසින් චෝදනා කිරීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත විය.

    මස්කෙළිය ප‍්‍රාදේශිය සභාව සභිකධුර 16 කින් සමන්විත වන අතර ඒ සදහා එක්සත් ජාතික පක්ෂයෙන් සභිකයින් 7 දෙනෙකු, ලංකා කමිකරු කොංග‍්‍රසයෙන් සභිකයින් 7 දෙනෙකු, ලංකා පොදු ජන පෙරමුණෙනන් එක් සභිකයෙකු හා එක්සත් ජනතා නිදහස් පෙරමුණෙන් එක් සභිකයෙකු එම සභාවට තේරි පත්වි ඇත.

    මේ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් එම සභාවට තේරි පත්වු ලියන ආරචිචිගේ රංජනි මහත්මිය අද (28.03) සභාපතිවරයා තේරිමේ නිළ වර්ණයට සභාගි නොවිම නිසා එයට උරණ වු අමාත්‍ය පලනි දිගමිබරමි මහතා නායකත්වය දරන කමිකරු ජාතික පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් නිළ වරණය පැවති මස්කෙළිය අමිබාල් ශාලාවට ඇතුලූ විමටගත් උත්සහයක් සමග පොලිසිය හා එම ආධාරකරුවන් සමග දැඩි නොසුන්කාරි තත්ත්වයක් ඇති විය. 

    එම නොසන්සුකාරි තත්ත්වය හමුවේ රැස්විමි ශාලාව තුලද කමිකරු ජාතික පෙරමුණේ සභිකයන් හය දෙනෙකු කලූපටි පැලද නොසන්සුන්කාරි ලෙස හැසිරිම් මධ්‍යයේ, එම සභාවේ සභාපතිවරයා ලෙස ලංකා කමිකරු කොංග‍්‍රසයේ කේ. සෙමිබගල්ලි මහත්මියගේ නම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පෙරියසාමි ප‍්‍රදිපන් මහතා විසින් යෝජනා කරන ලදි.එහිදි එක්සත් ජාතික පක්ෂයෙන් කිසිදු නමක් යොජනා නොවු නිසා එම සභාවේ සභාපතිනිය ලෙස සෙමිබගවල්ලි මහත්මිය තේරි පත්විය.

    එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධනයේ පෙරියසාමි ප‍්‍රදිපන් මහතාගේ නම ලංකා පොදුජන පෙරමුණේ එස්.ඒ දිසානායක මහතා විසින් යෝජනා කළ අතර එමඋප සභාපතිධුරයටද එක්සත් ජාතික පක්ෂයෙන් කිසිදු නමක් ඉදිරිපත් කළේ නැත

    සභාව තුල ලංකා කමිකරු කොංග‍්‍රසයේ සභිකයන් 7ක් සහ ලංකා පොදුජන පෙරමුණෙන් 1ක් සභිකයෙකුගේ ගණ පුර්ණයක් තිබු නිසා මස්කෙළිය ප‍්‍රාදේශිය සභාෙවි සභාපතිනිය සහ උප සභාපතිවරයා නිතියානුකුලව පත්කළ බව මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා පැවසිය.

    මෙම නිළ වර්ණයෙන් පසු එම ශාලාවෙන් පිටතට යෑමට පළාත් පාලන කොමසාරිවරයාට බාධා පැමිණුන අතර දැඩි පොලිස් ආරක්‍ෂාව මද්දේ පළාත් පාලන කොමසාරිවරයා එම ස්ථානයෙන් බැහැරව ගියහ.

    ඉන් අනතුරුව කමිකරු ජාතික පෙරමුණේ ආධාරකරුවන් පොලිසිය ඉදිරිපිට පැමිණ එම ස්ථානයේ රැදිසිටි ලංකා කමිකරු කොංග‍්‍රසයේ ආධාරකරුවන් අතර දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක් ඇතිවිය.ලංකා කම්කරු කොංග්‍රසයේ නුවරඑළිය දිස්ත්‍රික්කකයේ පිහිටි ප්‍රධාන කාර්යාලයටද මේ වන විට ප්‍රහාරයක් එල්ලවී ඇතැයි වාර්තාවෙයි.

    වීඩියෝ සහ ඡායාරූප පහතින් නරඹන්න.

     

     

    YOU MAY ALSO LIKE

  • නෑ කියපුවා මෙන්න..  උතුරු කොරියානු නායකයා චීනයට ගිය වීඩියෝවත් කරලියට…..

    නෑ කියපුවා මෙන්න.. උතුරු කොරියානු නායකයා චීනයට ගිය වීඩියෝවත් කරලියට…..

    දින කිහිපයක් තිස්සේ පැවති ආන්දෝලනය නිමාකරමින් උතුරු කොරියා නායක කිම් ජොන් උන් චීනයට පැමිණි බව දෙරටම තහවුරු කිරීමත් සමග ඒ සම්බන්ධ වීඩියෝ මේ වන විට සමාජ ජාල ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතිනවා. 

    උතුරු කොරියා නායකයා 2011 වසරේදී බලයට පත්වීමෙන් අනතුරුව චීනයට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය බවයි චීන සහ උතුරු කොරියා බලධාරින් ප්‍රකාශ කළේ. 

    ඔහු චීන ජනාධිපති ෂී ජින් පින් හමුවී සාකච්ඡා කළ බව චීන මාධ්‍ය වාර්තා කරනවා. එහිදී න්‍යෂ්ටික අවි භාවිතය අතහැරීම සම්බන්ධ‍යෙන් ද සාකච්ඡා පැවැත්වූ බව සඳහන්. 

    කිම් ජොන් උන් ලබන මාසයේදී දකුණු කොරියා ජනාධිපති මුන්ජේ ඉන් ද, මැයි මාසයේදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද හමුවීමට නියමිතයි. 

    බිජිං සංචාරය එම සාකච්ඡා සදහා සූදානම්වීමේ වැදගත් පියවරක් ලෙස සැළකෙන බවයි දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

    (අදාළ වීඩියෝ පහතින් දැක්වෙයි)

     

     

    YOU MAY ALSO LIKE

  • සුප්‍රකට අනාවැකිකරු බබා වැන්ගා පූටින් ගැන තක්කෙටම කියපු හැටි මෙන්න (PHOTOS)

    සුප්‍රකට අනාවැකිකරු බබා වැන්ගා පූටින් ගැන තක්කෙටම කියපු හැටි මෙන්න (PHOTOS)

    රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, රුසියාවට ශක්තිමත් නායකයකු වෙනවා පමණක් නොව, ඔහු මුළු ලොවම පාලනය කරන නායකයකු වනු ඇතැයි ලෝක සිදුවීම් සම්බන්ධයෙන් නිවැරදිව අනාවැකි පළ කළ බාබා වැන්ගා පවසා ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

    ‘රුසියාවට ශක්තිමත් නායකයෙක් පහළ වෙනවා. ඔහු දිගටම ධුරයේ රැඳී සිටිනවා. යුරෝපයේ බලය හීන වෙද්දී, ඔහු ලොවට ශක්තිමත් නායකයෙකු වෙනවා’ යැයි බාබා වැන්ගා අනාවැකි පළ කර ඇත්තේ 1979 වසරේදීය.

    බාබා වැනන්ගා බල්ගේරියානු ජාතික කාන්තාවකි. මැය අන්ධ තැනැත්තියකි. බාබා වැන්ගා මියගියේ 1996 වසරේය. මියයද්දී ඇය 85 හැවිරිදි වියෙහි පසුවූවාය.

    2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට එල්ල වුණු අල් කයිඩා ත්‍රස්ත ප්‍රහාරය ඇතුූ මුළු ලෝකයටම බලපෑම් වන ආකාරයේ වැදගත් සිදුවීම් රැසක් පිළිබඳ බාබා වැන්ගා ඉතා නිවැරදිව අනාවැකි පළ කර තිබේ.

    රුසියානු ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට, වත්මන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගියදා සමත් විය.

    ජයග්‍රහණය සඳහා සියයට 50 කට වඩා ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට නියමිතව තිබුණ ද පුටින් ජයග්‍රහණය කළේ සියයට 76 ක ඡන්ද ප්‍රතිශතයකිනි.

    රුසියානු ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයෙක් මීට පෙර මෙතරම් ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගෙන නැතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.