Author: Editor[A]

  • ශ්‍රී ලංකා හිටපු නායක මහේලගේ මිතුරන් පිරිසක් බීමතින් යකා නටපු හැටි මෙන්න…!

    ශ්‍රී ලංකා හිටපු නායක මහේලගේ මිතුරන් පිරිසක් බීමතින් යකා නටපු හැටි මෙන්න…!

    ශී‍්‍ර ලංකා කණ්ඩයෙමේ හිටපු සුපිරි පිතිකරුවෙකු වූ මහේල ජයවර්ධන ඉකුත් දා කොළඹ 07 පිහිටි කී‍්‍රඩා සමාජයක  ගැටුුමකට මැදි වී ඇති බව වාර්තා වනවා.

    සිය මිතුරන් සමග සිටින අවස්ථාවේදී ඔවුන් සහ තවත් පාර්ශ්වයක අතර මෙම ගැටුම හටගෙන ඇති බව වාර්තා වන අතර මහේල ජයවර්ධනගේ මිතුරන් පිරිස හා එම පාර්ෂවය අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුව තිබෙනවා.

    විදේශීය ජාතිකයෙකු මහේල ජයවර්ධනගෙන් සමරු සටහනක් ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී මෙම ගැටුම හටගෙන ඇති අතර මහේල ජයවර්ධනගේ මිතුරන් පිරිස මෙම ගැටුමට මුල පුරා තිබෙනවා.

    මහේල ජයවර්ධනගේ මිතුරන් පිරිස මෙම අවස්ථාවේ බීමතින් සිට ඇති බවටද  තොරතුරු වාර්තා වනවා. කෙසේ වෙතත් පසුව අදාළ කී‍්‍රඩා සමාජයේ නිලධාරීන් විසින් මෙම ගැටුම පාලනය කිරරීමට පියවර ගෙන තිබෙනවා.
  • අගමැති රනිල්ට පක්ෂයි ද? විපක්ෂයි ද ? ශ්‍රිලනිප තීරණය මෙන්න

    අගමැති රනිල්ට පක්ෂයි ද? විපක්ෂයි ද ? ශ්‍රිලනිප තීරණය මෙන්න

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය එළැඹෙන 04 දා ගන්නා බව එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

    විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මේ දක්වා පක්ෂය කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් එයට අත්සන් තැබූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සමබන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

  • දෙහිවල-ගල්කිස්ස බලයත් ජනපති මෙෙත්‍රි – කුපාම මහින්ද සුසංයෝගයට.. තනතුරු බෙදුනු හැටි මෙන්න..

    දෙහිවල-ගල්කිස්ස බලයත් ජනපති මෙෙත්‍රි – කුපාම මහින්ද සුසංයෝගයට.. තනතුරු බෙදුනු හැටි මෙන්න..

    දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාවේ බලය මීට සුළු මොහතකට පෙර පැවති ඡන්ද විමසීමේදී එජාපයෙන් ගිලිහි තිබේ.

    ස්ටැන්ලි ඩයස් ඡන්ද 23ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂයේ සුනේත්‍රා රණසිංහට ලබාගත හැකිව ඇත්තේ ඡන්ද 21ක් පමණි.

    ඒ අනූව නව නගරාධිපතිවරයා ලෙස ශ්‍රි ලංකා පොදු ජන පෙරමුනේ ස්ටැන්ලි ඩයස් පත්ව ඇති අරත උප නගරාධිපතිවරයා ලෙස ශ්‍රිලනිපයේ කීර්ති උඩවත්ත පත් වී ඇත.

    මේ අනුව එජාපයේ සුනේත්‍රා රණසිංහ නගර සභාවේ විපක්ෂ නායකවරිය වනු ඇත.

  • “මගේ සිහින කුමාරිව මගේම උනා”- පුබුදු සහ මාෂි විවාහයෙන් පස්සේ කියන කතාව මෙන්න..

    “මගේ සිහින කුමාරිව මගේම උනා”- පුබුදු සහ මාෂි විවාහයෙන් පස්සේ කියන කතාව මෙන්න..

    පුබුදු චතුරංග කියන්නෙ තරුණ පරපුර ඉන්න බොහෝ දෙනාගේ ආදරය දිනාගනිපු රංගන ශිල්පියෙක්. තනිකඩ ජීවිතයට සමුදීලා පසුගියදා  යුග දිවියට පිවිසුනේ මාෂි සිරිවර්ධන සමඟින්.

    තනිකඩ ජීවිතේට සමුදීලා පුබුදුත් එහෙනම් මනමාලයෙක් වුණා නේද? 

    ඔව්, ඉතින් අපිට හැමදාම තනිකඩව ඉන්න බැහැනේ. ඕනම දෙයකට කාලයක් තියෙනවනේ. සුදුසුම කෙනා ලැබුණා නම් ඇයි තවත් බල බලා ඉන්නේ. මගේ සිහින කුමාරිව මගේම කරගන්නයි මට වුවමනා වුණේ.  අපි දෙන්නට දෙන්නා ගොඩක් ආදරේ කළා. ඒ ආදරයේ නීත්‍යානුකූල සහතිකය තමයි මේ විවාහය.

    කොහොමද දැන් ඒ විවාහයේ “මිහිර” අත්විඳින්නේ ?

    හරිම සතුටින් අපි දැන් ජීවිතය සැලසුම් කරනවා. මාෂී වගේ කෙනෙක්ව මගේ ජීවන සහකාරිය කරගන්න ලැබිමම මට සතුටක්. ඒ විදියට බලද්දී මම හරිම ලකී හස්බන්ඩ් කෙනෙක්. මාෂී මටම ගැළපෙන මටම ඉපදුණ කෙනෙක් කියලයි මම විශ්වාස කරන්නේ. ඇය ගොඩක් හොඳට මාව තේරුම් අරගෙන වැඩකරන හරිම බුද්ධිමත් කෙනෙක්. ඒ වගේම රූපයෙන්, ගතිගුණ වගේ හැමදෙයකින්ම සම්පූර්ණ කෙනෙක්. ඇගේ අත ගන්න ලැබිම නිසා මම තවත් වාසනාවන්ත වුණා. අපි දැන් සතුටින් ජීවත් වෙනවා.

    පුබුදු – මාෂී විවාහ උත්සවය ඉතාමත් උත්කර්ෂවත් ලෙස සැලසුම් කර තිබුණා. 

    අපි හැම දෙයක්ම මුලින්ම ප්ලෑන් කළා. ඒත් අවසන් දවස ගැන පුංචි බයක් හිතේ තිබුණා. ඒත් අපි දෙන්නා හිතුවාටත් වඩා හොඳින් හැමදෙයක්ම කෙරුණා. අපේ තේමාව වුණෙත් ‘සිනමා’. ඒ තේමාව මගේ ආදර සහෝදර නළු නිළියෝ එකතු වෙලා තව තවත් ලස්සන කළා. රොෂාන්, සාරංග, ශලිනි, ඩිනක්ෂි, සචිනි ඒ වගේම චන්න, යශෝධා, සංගීතා කියන අපේ රටේ ජනප්‍රියම නළු නිළියන් එකතු වෙලා අපි දෙන්නටම දුන්න සප්රයිස් ඩාන්ස් එක නම් කියලා වැඩක් නැහැ. අදටත් හැමෝම කතා වෙන්නේ මේ සප්රයිස් ඩාන්ස් එක ගැන තමයි.

    පුබුදු චතුරංග වගේ අපේ රටේ ඉන්න ජනප්‍රියම කඩවසම් නළුවකුගේ බිරිඳ වෙන්න ලැබිම ගැන ඔබට ඇත්තේ මොන වගේ හැඟීමක්ද? 

    මම පුබුදුට කැමති වුණේ ඔහු අපේ රටේ ඉන්න ජනප්‍රියතම කඩවසම් නළුවෙකු නිසා නමෛයි. පුබුදු හරිම මිත්‍රශීලී ඒ වගේම හරිම අවංක කෙනෙක් නිසා. එයා මාව ගොඩාක් හොඳින් තේරුම් ගත් කෙනෙක්. ඕනෑම දෙයක් එයා එක්ක කතාබහ කරලා විසඳා ගන්න පුළුවන්. එයා මට ආදරෙයි කිව්වෙත් කළුතර බෝධියේදී. හැම අවස්ථාවකම එයා මාව සතුටින් තියන්න තමයි උත්සාහ කරන්නේ. ඒ වගේ ආදරණීය සැමියෙක් ලැබිමත් මගේ වාසනාව කියලයි මට හිතෙන්නේ.

    පුබුදු නම් අපිට කිව්වේ මාෂීව යාළු කරගන්න එක නම් ලෙහෙසි වුණේ නැහැ කියලයි.

    (හිනා) ඔව්. ඉතිං ගැහැනු ළමයෙක් තමන්ගේ සහකරුවා තෝර ගන්නකොට හොඳට හිතලා බලලනේ ඒ තීරණේ ගන්නේ. ඉතින් මමත් මුලදී ටිකක් ගණන් ඉස්සුවා තමයි. අද මට හිතෙනවා මගේ ජීවිතේ ගත්ත වැදගත්ම තීරණේ හරියටම හරි කියලා. අපි දෙන්නටම ගොඩක් සතුටින් ජීවත් වෙන්න පුළුවන් වේවි.

  • සවස 06න් පසු රිසි සේ ගණිකා සැප ලබන්න මත්කුඩු උරන්න ඔබ යා යුතු කොළඹ තැන් ටික මෙන්න…

    සවස 06න් පසු රිසි සේ ගණිකා සැප ලබන්න මත්කුඩු උරන්න ඔබ යා යුතු කොළඹ තැන් ටික මෙන්න…

    සවස හයෙන් පසු අගනුවර ගණිකාවන්, කුඩුලෝලීන් සහ අපරාධකරුවන් වැඩිපුර ගැවසෙන බවට තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා.

    මරදාන දුම්රියපල අසල, මෝදර, කෙසෙල්වත්ත, වැල්ලම්පිටිය, බොරැල්ල, ගල්කිස්‌ස, බම්බලපිටිය යන පළාත් වල මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම ගණිකාවන් ගැවසෙන බවද මෙතෙක්‌ කරන ලද පරීක්‍ෂණ අනුව හෙළිකරගෙන ඇති බවයි අන්තරායකර ඖෂධ පාලක මණ්‌ඩලයේ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂක විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සිරිසේන හේරත්  ප්‍රකාශ කරන්නේ.

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් තුන්දහසක්‌ පමණ පුනරුත්ථාපනය කිරීමේදී මෙම තොරතුරු හෙළිකරගෙන ඇති අතර එම තොරතුරුවලට  අනුව ගම්බද පළාත් වලින් රැකියා සඳහා අගනුවරට පැමිණෙන තරුණියන් විශාල පිරිසක්‌ මත්ද්‍රව්‍ය භාවිතයට පොළඹවා ගණිකා වෘත්තියේ යොදවාගෙන ඇති බව  අනාවරණය කරගෙන තිබෙනවා.

    මෙලෙස පුනරුත්ථාපනය ලබන පිරිස අතර රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික  අංශවල සේවය කරන උසස් නිළධාරීන්ද සිටින බව සඳහන්. එසේම පාසල් වියේ දරුවන් පවා මත්ද්‍රව්‍ය අලෙවියට සම්බන්ධවී සිටින අතර රුපියල් 600 ක මත්කුඩු පැකට්‌ එක රුපියල් 800 ක්‌ වැනි මුදලකට විකුණා විශාල ලෙස ලාභ ලැබීමට ඔවුන් පුරුදු වී සිටින බවද සඳහන් වෙනවා.
     

  • කූඹියෝ ටෙලි නාට්‍යයේ “ජෙහාන්” දේශපාලකයන් ඉදිරියේ කිව්ව පට්ට කතාව

    කූඹියෝ ටෙලි නාට්‍යයේ “ජෙහාන්” දේශපාලකයන් ඉදිරියේ කිව්ව පට්ට කතාව

    2018 වසරේ ජනප්‍රියම නළුවා සම්මානයෙන් පිදුම් ලැබූ කූඹියෝ ටෙලි නාට්‍යයේ “ජෙහාන්” දේශපාලකයන් ඉදිරියේ කිව්ව පට්ට කතාව

  • එක දිගට එක වෙච්ච දෙවෙනි ඉනිම පරදා කූඹියෝ 1 වෙයි… අනුහස් පරාද වෙද්දී දෙවුමි ජයගනී…..

    එක දිගට එක වෙච්ච දෙවෙනි ඉනිම පරදා කූඹියෝ 1 වෙයි… අනුහස් පරාද වෙද්දී දෙවුමි ජයගනී…..

    ටෙලි නිර්මාණ ශිල්පීන්ගේ කුසලතා ඇගයෙන 14 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙල අති උත්කර්ෂවත් ලෙස නෙළුම් පොකුණ රඟහලේ දී  පැවැත්විණි.

    ටෙලි නාට්‍ය සහ රූපවාහිනී මාධ්‍යයට අදාළ සියලූ ක්ෂේත්‍ර ඇගයීමට ලක්කර මෙවර සම්මාන උළෙලේ දී සම්මාන 53 ක් ප්‍රදානය කෙරුණු අතර වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා, නිළිය, වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය, වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහ වසරේ සම්මානනීය ටෙලි නාට්‍ය නාළිකාව සඳහා වන සම්මාන මෙහිදී ප්‍රදානය කෙරේ.

    ඒ අනුව 2017 වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය ලෙස සම්මාන දිනා ගත්තේ ස්වාධීන රුපවාහිනීයේ විකාශය වූ කූඹියෝ ටෙලි නාට්‍යය වන අතර එහි ජෙහාන්ගේ චරිතය නිරුපනය කල තුමිදු දොඩම්තැන්න ජනප්‍රියම නළුවා සම්මානය දිනාගැනීමට සමත්විය…

    කෙසේවෙතත් සුපුරුදු පරිදිම දෙවෙනි ඉනිමේ දෙවුමි මෙවරත් ජනප්‍රියතම නිළිය ලෙසින් සම්මානයට පාත්‍ර විය..

  • මේ ආදරයයි ඩ්‍රාමා එකේ ඉෂි අම්මා ගෙඹි ඩාන්ස් දාන්න ගිය ඇඳුම නිසා වෙච්චි නෝන්ඩිය මෙන්න…

    මේ ආදරයයි ඩ්‍රාමා එකේ ඉෂි අම්මා ගෙඹි ඩාන්ස් දාන්න ගිය ඇඳුම නිසා වෙච්චි නෝන්ඩිය මෙන්න…

    මේ දවස්වල අමුතු තරඟයක් ගැන කොයි කාගේත් අවධානය යොමුවෙලා තිබෙනවා.ඒ ගෙඹි ඩාන්ස් එකක්.ලෝකේ පුරා ජනප්‍රිය කට්ටිය එකිනෙකාට අභියෝග කරමින් මෙම ගෙඹි ඩාන්ස් දාපු හැටි වීඩියෝ කර අන්තර්ජාලයට මුදා හරිනවා.

    ලංකාවෙත් ජනප්‍රිය මේ ආදරයයි ඩ්‍රාමා එකේ ඉෂිතා නැතිනම් ඉෂි අම්මත් මේ ඩාන්ස් එක දාපු වීඩියෝවක් අන්තර්ජාලයේ මුදාහැර තිබෙනවා.හැමෝගෙම අවධානයට යොමු වුණු  මෙම වීඩියෝවේ සිද්ද වුණු දේ  පහතින් නරඹන්න.

  • මුස්ලිම් ගමක් එකතු වෙලා වකුගඩු රෝගී සිංහල ජාතිකයෙකුට කරපු දේ මෙන්න…

    මුස්ලිම් ගමක් එකතු වෙලා වකුගඩු රෝගී සිංහල ජාතිකයෙකුට කරපු දේ මෙන්න…

    වකුගඩු රෝගයකින් පෙලුණු සිංහල ජාතික වයස අවුරුදු 50 ක් වු පුද්ගලයෙකුට ඔහුගේ සැත්කමට අවශ්‍ය රුපියල් ලක්ෂ 4 ක මුදලක් මුස්ලිම් ගම්මානයක් විසින් පරිත්‍යාග කිරීමේ පුවතක් පොළොන්නරුව කුඩා පොකුණ ප‍්‍රදේශයෙන් වාර්තා විය.
    කේ.ඒ.කරුණාරත්න නැමති මෙම තිදරු පියා කුඩා පොකුණ මුස්ලිම් ගම්මානයේ ජීවත් වන අයෙකි.
    ඔහු කුඩා පොකුණ උප තැපැල් කාර්යාලයේ උප තැපැල් ස්ථානාධිපතිවරයා වශයෙන් වසර 13ක් සේවය කරමින් සිටියි.
    කරුණාරත්න මහතාට වකුගඩු රෝගය වැළදී මේ වන විට වසරක් පමණ ගත වී ඇති අතර ඔහු මේ වන විටත් මහනුවර ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියි.
    ඔහුට වකුගඩුවක් බද්ධ කිරීම සදහා විශාල මුදලක් වැය වන බැවින් මුස්ලිම් ගම්මානයේ සිටින සියලූම මුස්ලිම් ජනතාව එක්වී කරුණාරත්න මහතාගේ පවුලේ සමාජිකයින් වෙත මෙම මුදල ලබා දීමට කටයුතු යොදා තිබේ.
    ඊයේ(23) දිනයේ දී ගම්වාසින් විසින් දිස්ත‍්‍රික් ලේකම්වරයා හා ප‍්‍රාදේශීය ලේකම්වරයා ඉදිරිපිට දී මෙම මුදල කරූණාරත්න මහතාගේ පවුලේ සාමාජිකයින් වෙත බාර දුන්නේය.

    මුස්ලිම් ගමක් එකතු වෙලා සිංහල ජාතිකයෙකුට කරපු දේ

  • ගෝඨාගේ අණට වැලිකඩ රැඳවියන් 27ක් මරපු රංගජීවටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ රැකවරණය..?

    ගෝඨාගේ අණට වැලිකඩ රැඳවියන් 27ක් මරපු රංගජීවටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ රැකවරණය..?

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතාට ද ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ රැකවරණය ලැබීමට නියමිත බව වාර්තා වේ. ඒ ඔහුව අත්අඩංගුවට පත්වීම වැලැක්වීම හරහාය.
    රංගජීව අදාල ඝාතනයට සෘජුවම සම්බන්ධ බවට ඇසින් දුටු සාක්ෂා පවා තිබියදී ඔහුව අත්අඩංගුවට ගැනීමට තවමත් පොලීසිය අසමත් වී තිබේ. වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් 2015 වසරේදී පත්කළ කමිටුව හමුවේ සාක්ෂි දුන් පුද්ගලයන්ගේ ප්‍රකාශවලට අනුව රංගජීව ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් ද සමග පැමිණ සිරකරුවන් තෝර තෝරා ඝාතනය කළ බව අනාවරණය වී තිබේ.
     
    මේ වනවිට විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තමන් අත්අඩංගුවට ගැනීම වලක්වලන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීම රැල්ලක් බවට පත්ව ඇති අතර වැලිකඩ රැඳවියන් ඝාතනය ඇතුළු අපරාධ සම්බන්ධයෙන් නම ගෑවී ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද පොලිස් අත්අඩංගුවට පත්වීම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් හරහා වලක්වා තිබේ.
     
    පසුගිය රජය සමයේ සිදු වූ විවිධ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ අතරමග ඇණහිට ඇති අතර නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදු නොකිරීම හා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු තීරණ ඒ සඳහා එක් හේතුවක් වී තිබේ. යුක්තිය පසිඳලීමට අද ප්‍රධානතම බාධාවක් වී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව හා ශ්‍රේෂ්ඨාධිකරණයයි.
     
    පොලිස් පරීක්ෂක රංගජීව මහතා, තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇති අතර නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු අපවෙත ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට පත්වීම වැලැක්වීමේ තීන්දුවක් ලබාදීමට බොහෝදුරට ඉඩ තිබෙන බවයි.
     
    වින්දිතයා වෙනුවෙන් යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් පෙනී සිටිය යුතු ශ්‍රේෂ්ඨාධිකරණ අපරාධකරුවන් ආරක්ෂා කිරීමේ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින අතර ඉදිරියේදී ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම වරදක් සිදුකර අත්අඩංගුවට පත්වීමෙන් වැලකී සිටීමට මෙරට ඉහළතම අධිකරණ ආයතනය නියෝග ලබාදෙන්නේ නම් වින්දිතයා වෙනුවෙන් පෙනී සිටින්නේ කුමන ආයතනදැයි ජනතාව ප්‍රශ්ණ කරයි.
     
    වැලිකඩ බන්ධනාගාරයේ මෙම සිද්ධියේදී රංගජීව විසින් රැඳෙවියන් තිදෙනෙකු බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගිය බවට කොමිසම හමුවේ සාක්ෂි දුන් පිරිස ප්‍රකාශ කර ඇති අතර එය පරීක්ෂණවලදී ද තහවුරු වී තිබේ. පසුව ඔවුන් තිදෙනාගේ මළසිරුරු හමු වූ අතර ඔවුන් තිදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් ඒ අනුව සෘජුව රංගජීවට නඩු පැවරිය හැකිය. ඒ පිළිබඳව ඇසින් දුටු සාක්ෂි පවා තිබියදී රංගජීව අත්අඩංගුවට ගැනීම දිගින් දිගටම ප්‍රමාද වෙමින් තිබෙන අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආරක්ෂා කරනු ඇත්තේ එවැනි මිනීමරුවන්ය.
     
    ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පතිවරයා ඉල්ලා තිබියදී නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඒ සඳහා අවසර ලැබී නොමැති අතර නීතිපති දෙපාර්තමේන්තු නිළධාරීන් පවසා ඇත්තේ ඔහු අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවකයක් තවමත් නොමැති බවයි. රංගජීව විදෙස්ගතවීම වැලැක්වීම පමණක් දැනට ප්‍රමාණවත් බවයි නීතිපති දෙපාර්තමේන්තුව පවසන්නේ.
     
    වැලිකඩ ඝාතනයට අණදුන් පුද්ගලයන් පමණක් නොව වෙඩි තැබූ පුද්ගලයන් පවා ආරක්ෂා කරන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන අතර එසේ වන්නේ වෙඩිතැබූ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුවහොත් එයට අණදුන් පුද්ගලයන්ට නීතියේ රැහැණට හසුවන බැවිනි.
  • රට පුරාම හොර වෙද්දු… බෙහෙත් ගනිද්දී ප්‍රවේශමෙන්…. හෙළිදරවුව මෙන්න…

    රට පුරාම හොර වෙද්දු… බෙහෙත් ගනිද්දී ප්‍රවේශමෙන්…. හෙළිදරවුව මෙන්න…

    මනුෂ්‍ය ජීවිතයක ඇති වටිනාකම හෑල්ලු කර, වෛද්‍ය ආචාර ධර්ම පද්ධතිය පවා ඔවුන් බිඳදමා ඇති බව ඔබ දන්නවාද ?

    සුදුසුකම් නොළත් වෛද්‍යවරයා කවුද ?

    මේ වන විටත් කොළඹ නවලෝක රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ සේවය කරන වෛද්‍ය මවුජූද් නැමැත්තා , වෛද්‍ය සේවයේ නියැලීමට සම්පූර්ණ කළ යුතු අවම සුදුසුකම් හෝ සපුරා නොමැතිව සේවය කරන බව ඔබට පැවසුවොත් ඔබ කෙසේ එය විඳදරා ගනීවිද ?

    මෙසේ නවලෝක රෝහලේ සේවය සපයන වෛද්‍ය මවුජූද් හට රැකවරණය සපයන්නේ ඔහුගේ සොහොයුරා වූ වෛද්‍ය රියාස් මවුජූද් සහ නෑනා වූ සෆ්‍රා මවුජූත් යන අයවලුන් විසිනි. මොවුන් දෙදෙනාටම නවලෝක රෝහලේ ඉහළ පිළිගැනීමක් ඇති නිසා ඉහළ රෙකමදාරුවක් මත තම සහෝදරයාවද මෙම රෝහලේ සේවයට බඳවා ගෙන, මිනිසුන්ට ගුණාත්මක නොවන සේවයක් ලබා දීමට සළස්වා වෛද්‍ය ආචාර ධර්ම සියල්ලම එතැන්හිම බිඳදමා ඇති බව කණගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුතුය.

    මෙහි අන්තර්ගතයේ යම් කිසි දේශපාලන පසුබිමක්ද පවතින අතර, මෙම හොර දොස්තරවරයා අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසිගේ මිණිබිරියගේ ස්වාම්පුරුෂයා ද වන බව පාඨක ඔබට කිව යුතුමය. ඉහත නම සඳහන් මවුජූද් නැමති චූදිත හොර දොස්තරයා ප්‍රසිද්ධ  සමලිංගිකයෙකු වන අතර  වරක් රෝගියෙකු සමඟ ගුද සංසරණය කිරීමට යාමේදී වෛද්‍ය බළදාරීන් විසින් එය හසුකරගෙන දඬුවම් වශයෙන් වෛද්‍ය සභාවෙන් පවා පන්නා දැමූවෙකු බව තතු දන්නෝ හොඳින්ම දන්නා කාරණයකි.

    මෙය හුදෙක් අප වෙත වාර්තා වූ එක් සිදුවීමක් පමණි. දැන් වහාම කළ යුත්තේ මෙම හොර දොස්තරයාව අල්ලා , අපරාධ විධිවිධාන සංග්‍රයහට අනුව නඩු ගොණුකොට වසර ගණනකට හිරබත් වල රස බැලීමට සැළස්වීම නොවේද ?

    ගුණාත්මක වෛද්‍ය සේවාවක් මහජනතාව වෙත බොරු පොරොන්දු ලබා දී ජනතා මනාපයෙන් යෙහෙන් වැජඹෙන ඇමති රාජිත සේනාරත්නලා මෙවැනි සිදුවීම් වලදී ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග දෙස අපි නිසි අවධානයෙන්……!!!!!!

  • ලෝක කුසලානය දිනන්නේ ලංකාව. ඉන්දීය සුපිරි ජෝතිර්වෙදියාගේ අලුත්ම අනාවැකිය මෙන්න..

    ලෝක කුසලානය දිනන්නේ ලංකාව. ඉන්දීය සුපිරි ජෝතිර්වෙදියාගේ අලුත්ම අනාවැකිය මෙන්න..

    2023 ඉන්දියාවේ පැවැත්වීමට ලෝක කුසලාන තරගාවලියේ තරග ශ්‍රී ලංකාවේද පැවැත්වීමට තවම තීරණයක් ගෙන නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසනවා.ඔවුන්ගේ තීරණය වී ඇත්තේ 2023 න් පසුව ශ්‍රී ලංකාවට පමණක් ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීමට අවසර ලබා දීමය.

    කෙසේ වෙතත් මෙලෙස ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත 2023 ක්‍රිකට් ලෝක කුසලානය පිළිබද අනාවැකියක් නිසා ඉන්දියාව ජෝතිර්වේදියෙකු සමග අමනාපයෙන් පවසුවෙන බව වාර්තා වනවා.සුරේෂ් ශ්‍රීමාලි නම් මෙම ජෝතිර්වෙදියා ඉන්දියාව තුල හොදම ජෝතිර්වේදීන් 10 දෙනා අතර සිටින්නෙකි.ඔහු පවසන්නේ 2023 ඉන්දියාවේ පවත්වන ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාව ජය ගන්නා බව අනාවැකියක් වශයෙන් ප්‍රකාශ කරන බවය.

    මෙම ප්‍රකාශය නිසා ඉන්දියාව තුල ඔහු තරමක් දුරට අප්‍රසාදයට පත්ව තිබෙන බවත් වාර්තා වනවා.කෙසේ වෙතත් ඔහු මෙම ප්‍රකාශය එමනිසා ඉවත් කර ගැනීමට බලාපොරොත්තුවක් නැතැයිද වාර්තා වනවා.මිට පෙර ඉන්දියාවේ පැවතී මැතිවරණයේදී ඉන්දියාවේ අගමැතිවරයා ලෙස නරේන්ද්‍ර මෝදී පත්වන බවටද ඔහු අනාවැකියක් පළකර අතර එය ඒ අකාරයෙන්ම සිදු විය.

  • ලෝක වෙළද පොලේ මිලට හිස නමමින් නුදුරේදීම කිරිපිටි මිලත් ඉහල යන ලකුණු…

    ලෝක වෙළද පොලේ මිලට හිස නමමින් නුදුරේදීම කිරිපිටි මිලත් ඉහල යන ලකුණු…

    ළඳරු කිරිපිටි හැර සෙසු කිරිපිටි වර්ගවල මිළ කිලෝග්‍රෑම් 01ක් රුපියල් 80කින් වැඩි කිරීම සදහා අවසර ලබා දීමට ජීවන වියදම් කමිටුව තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඔවුන් විසින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියටද ඒ බව දැනුම් දී ඇති බවයි දැනගන්නට ලැබුණේ. 

    ලෝක වෙළඳපොළේ කිරිපිටි මිළ වැඩි වී ඇතැයිද ඒ අනුව මෙරට වෙළඳපොළේද කිරිපිටි මිළ වැඩි කි්රීමට අවසර ලබා දෙන්නැයි ආනයන සමාගම් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් මීට පෙර ඉල්ලීමක් කර තිබුණා. ළඳරු කිරිපිටි හැර සෙසු කිරිපිටි වර්ගවල මිළ වැඩි කිරීම සදහා අවසර ලබා දීමට ජීවන වියදම් කමිටුව තීරණය කර ඇත්තේ ඒ අනුවයි. 

    මීට අදාළ ගැසට් නිවේදනය බොහෝ විට ලබන සතිය තුල නිකුත් කෙරෙනු ඇතැයි විශ්වාසය පල වනවා. 

  • ෆේස් බුකියේ ඔබේ ගිණුම ආරක්‍ෂිත කරන BFF වදන නිසා හැක්වෙන්නත් පුළුවන්ද? ඇත්ත මෙන්න..

    ෆේස් බුකියේ ඔබේ ගිණුම ආරක්‍ෂිත කරන BFF වදන නිසා හැක්වෙන්නත් පුළුවන්ද? ඇත්ත මෙන්න..

    පසුගිය දිනවල ආන්දෝලනයට තුඩු දුන් ෆේස්බුක් ගිණුම් හි තොරතුරු පිටවීමේ සිදුවීමක් නිසා මේ දිනවල ෆේස්බුක් ගිණුම් වල ආරක්ෂාව පිළිබදව අතිශය කතාබහට ලක්ව තිබෙනවා.මේ අතර ෆේස්බුක් ගිණුම් සුරක්ෂිතදැයි පරීක්ෂා කිරීමට වන ක්‍රමයක් යැයි කියන  උපක්‍රමයක් පිළිබදව මේ දිනවල ෆේස්බුක් වෙබ් අඩවියේ හුවමාරු වෙමින් පවතිනවා.

    මෙහි දැක්වෙන්නේ ෆේස්බුක් ගිණුමෙන් “BFF” ලෙසට කමෙන්ට් කළ පසු , එය කොල පැහැයෙන් දැක්වුනහොත් ඔබගේ ගිණුම ආරක්ෂිත බවත් , ඒසෙ නැති නම් ගිණුම ආරක්ෂිත නොවන බවත් ය. 

    නමුත් මේ පිළිබදව අප සොයා බැලු අතර , මෙය අසත්‍යයක් . BFF යන කෙටි අකුරු තුනෙන් දැක්වෙන්නෙ Best Friends Forever යන අර්ථයයි, ලඟම මිතුරන්ගේ ගිණුම් වල මෙලෙසින් කමෙන්ට් කළ විට එය කොල පැහැති වීමට ෆේස්බුක් වෙබ් අඩවිය සිය සැකසුම් සාදා තිබෙන අතර එය කිසිම විටෙක ආරක්ෂක උපක්‍රමයක් නොවේ.

  • මහින්ද කර ඇරපු අගමැති රනිල්ට එරෙහි විස්වාසභංගය ගෙන ඒමේ තිරය පිටුපස මෙහෙයුම එළියට….!

    මහින්ද කර ඇරපු අගමැති රනිල්ට එරෙහි විස්වාසභංගය ගෙන ඒමේ තිරය පිටුපස මෙහෙයුම එළියට….!

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විස්වාසභංගය පසුගිය දින කතානායක කරූ ජයසූරීයට භාර දෙන ලදි. මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබෙන්නේ අප්‍රේල් 04 වැනිදා පෙ.ව. 9.30 සිට රාත්‍රි 9.30 දක්වා කාලය තුළදීය. ඡන්ද විමසීම 4 වැනිදා රාත්‍රි 9.30ට සිදු කිරීමට නියමිතය.

    මෙම විස්වාසභංගය ඉදිරිපත් කිරීම පිළිබදව පසුපස සැගවුනු කතාව මුද්‍රිත මාධ්‍යයේ පලව තිබුනේ මෙලෙසය.

    රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සකස් කිරීමේ වගකීම පැවරුණේ ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයාටය.

    නීති උපදෙස්ද ලබා ගනිමින් සකස්කරන ලද මෙම විශ්වාසභංග යෝජනාවේ කරුණු සම්පිණ්ඩනය කිරීම සඳහා දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල මහත්වරුන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ අදහස්ද හිමිවිය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවට අදාළ කරුණු 13ක් සහ මහනුවර ගැටුම වැළැක්වීමට තිබියදී එය වැළැක්වීමට ක්‍රියා නොකිරීම යන කරුණු සහිතව කරුණු 14ක් මෙම විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කර තිබිණි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරුන් දෙතුන් දෙනකුද මෙම විශ්වාසභංග යෝජනාවට ඉදිරිපත් කළ යුතු කරුණු ගැන ඒකාබද්ධ විපක්ෂය සමඟ සාකච්ඡා කර තිබිණි.

    මෙම විශ්වාසභංග යෝජනාව අස්සන් කිරීමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණේ පසුගිය 14 වැනිදාය.

    මෙම විශ්වාසභංග යෝජනාව සඳහා ඒකාබද්ධ විපක්ෂයට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ, එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සහ ජනතා විමුක්ති පෙරමුණද සහාය දක්වන බව මෙහිදී අනාවරණය විය.

    ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට අස්සන් කිරීම ආරම්භ කරන ලද්දේ 15 වැනිදා බ්‍රහස්පතින්දා පෙරවරු කාලයේදීය.
    පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 4දී මෙම විශ්වාසභංග යෝජනාවට මුලින්ම අස්සන් තැබුවේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයාය.

    පේළි පහක් ඉතිරිකොට 6 වැනියාට ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා අස්සන් කර තිබිණි. ඉන් අනතුරුව මහින්ද යාපා අබේවර්ධන, සාලින්ද දිසානායක මන්ත්‍රිවරුන් අස්සන් කර පේළි 2ක් ඉතිරි කර යළිත් අස්සන් කරන්නට වූහ. පේළි 2ක් ඉතිරි කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙදෙනකුටය. ඉන් අනතුරුව අස්සන් කළේ රංජිත්ද සොයිසා මන්ත්‍රිවරයාය. මහින්දානන්ද අලුත්ගමගේ, ෂෙහාන් සේමසිංහ යන මන්ත්‍රිවරු ඊට පසුව අස්සන් තැබූහ.

    රංජිත්ද සොයිසා, මහින්දානන්ද අලුත්ගමගේ, ෂෙහාන් සේමසිංහ මන්ත්‍රිවරුන් එක ළඟ අස්සන් කර තිබීම විශේෂත්වයකි. මෙම විශ්වාසභංග යෝජනාවට අස්සන් ලබාගැනීම පවරා තිබුණේ මෙම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තිදෙනාටය.

    මහින්දානන්ද අලුත්ගමගේත්, ෂෙහාන් සේමසිංහ මන්ත්‍රිවරයාත් අස්සන් ලබාගැන්මේ මෙහෙයුමේ නිරතව සිටි අතර ඊට සම්බන්ධීකරණ කටයුතුවලින් රංජිත්ද සොයිසා මන්ත්‍රිවරයා සහාය දක්වන්නට විය.

    මුලින්ම පේළි 5ක් ඉඩ දී තිබුණේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ට අස්සන් කිරීමටය. ඒ අනුව මුල්ම පේළියේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන, ඊට පසුව වාසුදේව නානායක්කාර, ඉන්පසුව චමල් රාජපක්ෂ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මන්ත්‍රිවරු අස්සන් කළහ.

    එක්සත් ජාතික පක්‍ෂයේ පිරිසක් අස්සන් කළොත් පක්‍ෂයෙන් ඔවුන්ට යම් ගැටලුවක් ඇතිවිය හැකි නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පමණක් සංකේතාත්මකව අස්සන් ගැනීමට තීරණය කෙරිණි.

    එහිදී කැබිනට් අමාත්‍යවරුන් අස්සන් කළොත් කැබිනට් සාමූහිකත්වයට යම් බලපෑමක් එල්ල වී ප්‍රශ්නයක් ඇතිවීමට ඉඩ තිබෙන නිසා කැබිනට් අමාත්‍යවරුන් නොවන නියෝජිතයන් පමණක් අස්සන් කිරීමටද ඒ අනුව තීරණය කෙරිණි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයකුට අස්සන් කිරීම සඳහා මහින්දානන්ද අලුත්ගමගේ අස්සන් ලේඛනය ඉතා පරිස්සමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකුට ලබා දුන්නේය. ඉන්පසුව පාර්ලිමේන්තුවේ යම් ස්ථානයකදී ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා මුලින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මෙම විශ්වාසභංග යෝජනාවට අස්සන් තැබීය.

    වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා වැඩි පරිස්සමට මෙම විශ්වාසභංග යෝජනාවට අස්සන් කළේ මහ පාරේදීය. කොළඹ එක්තරා ස්ථානයක පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකුගේ නිවෙස අසලට ගොස් වාහනයේ සිටම මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා මෙයට අස්සන් තැබීය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රබලයන් දෙදෙනෙක් එම කටයුතු සම්බන්ධීකරණය කළහ.

    රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කාදර් මස්තාන් යන මහත්වරුන් මෙම විශ්වාසභංග යෝජනාවට අස්සන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ යම් ස්ථානයකදීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකු එම කටයුතු සම්බන්ධීකරණය කළේය.

    ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සැලකිය යුතු ප්‍රමාණයක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම විශ්වාසභංග යෝජනාවට අස්සන් තැබුවේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයාගේ ආචාර්ය උපාධි උත්සවයේදීය.

    පාර්ලිමේන්තුව 21 දින දහවල් 1.00ට රැස්වුවද ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පෙ. ව. 11.00 පමණ වන විට විශේෂ රැස්වීමක් පවත්වන්නට විය. මෙම රැස්වීම පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව එදිනට කතානායක කරු ජයසූරියට ලබාදීම සඳහායි. මේ වන විටත් මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් උපදෙස් ලැබී තිබිණි. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණු අතර විශ්වාසභංග යෝජනාවේ අස්සන් ප්‍රමාණය හා ඡන්ද විමසන අවස්ථාවේදී සහාය ලබා ගැනීමට නියමිත ආණ්ඩුවේ ජනතා නියෝජිතයන් ගැන මෙහිදී සමාලෝචනය කෙරිණි.

    විශ්වාසභංග යෝජනාව භාරදීම සඳහා කතානායක කරු ජයසූරිය මහතාගෙන් වේලාවක් ලබාදෙන ලෙස ඒකාබද්ධ විපක්ෂය විසින් ඉල්ලා තිබිණි. ඒ අනුව වේලාව හිමිවී තිබුණේ දහවල් 2.00ටය. මෙම පණිවුඩය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට දුරකතනයෙන් දැනුම් දුන් අතර මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ විශ්වාසභංග යෝජනාව භාරදෙන අවස්ථාවට තමාද සහභාගි වන බවයි.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දහවල් 12.15ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය. හිටපු ජනාධිපතිවරයා, ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් සමඟ දිවා ආහාරය ලබාගැනීමට ගියේ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ භෝජනාගාරය වෙතය. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා දිවා ආහාරය ලබාගත්තේ ඒකාබද්ධ විපක්‍ෂයේ පිරිසත් සමඟය. ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, ලොහාන් රත්වත්තේ, කාංචන විජේසේකර යන මහත්වරු ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් එහි සිටියහ.

    මේ අතර විශ්වාසභංග යෝජනාවට අස්සන් ලබාගැනීමේ ලේඛනය තිබුණේ මහින්දානන්ද අලුත්ගමගේ, ෂෙහාන් සේමසිංහ යන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ළඟය. මාරුවෙන් මාරුවට මෙම ලේඛනය මෙම මන්ත්‍රිවරුන් දෙදෙනා ළඟ තිබුණේ අස්සන් ලබා ගැනීමේ පහසුව සඳහාය. මෙම විශ්වාසභංග යෝජනාවේ අස්සන් ලේඛනය සහිතව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේ ඉතාම සුපරික්‍ෂාකාරීවයි. තමා ළඟ හෝ ෂෙහාන් සේමසිංහ මන්ත්‍රිවරයා ළඟ මෙම අස්සන් ලේඛනයේ මුල් පිටපත තිබෙන බව ආණ්ඩුවේ ඇතැමුන් දන්නා නිසා ඉතා සුපරික්‍ෂාකාරී විය යුතු බව මහින්දානන්ද අලුත්ගමගේ කල්පනා කර තිබිණි. යම් කිසිවකු විහිළුවකට හෝ මුල් පිටපත උදුරාගෙන ගියහොත් නැවත මුල සිටම අස්සන් ලබා ගැනීමට සිදුවේ. මේ ගැන සිතූ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි අස්සන් ලේඛනය සහිත විශ්වාසභංග යෝජනාව ඊයේ පාර්ලිමේන්තුවට රැගෙන ආවේ තමාගේ කෝට් එකේ ඇතුළත සාක්කුවක සඟවාගෙනය.

    මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු වන විට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කිහිපදෙනකු යම් සාකච්ඡාවක් සිදුකරමින් සිටියහ.

    ” විශ්වාසභංග යෝජනාව අද භාර දෙනවාද” එක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු විමසුවේය.

    “ඔව්. ඔව්” කියමින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා හිමින් සීරුවේ එම ස්ථානයෙන් පැමිණියේය.

    ඉන් අනතුරුව ඔහු කෙළින්ම ගියේ මන්ත්‍රි භෝජනාගාරයේ දිවා ආහාරය ගනිමින් සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමටය.

    “සංකේතාත්මකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 4 දෙනකු අස්සන් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ පිරිසකුයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටියයි ඡන්දය දෙන වෙලාවේ අවශ්‍ය සහයෝගය ලබාදීමට සහතික වෙලා ඉන්නවා” යනුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

    “එක්සත් ජාතික පක්ෂයේ 22 දෙනකු මෙම විශ්වාසභංග යෝජනාවට සහයෝගය දක්වන එක ස්ථිරයි” උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

    “ඒ සියලුම දෙනා සහයෝගය ලබාදෙන්න අපට සහතික වෙලා තියෙන්නේ. ඡන්ද විමසීම පැවැත්වෙනතුරුම ඔවුන් සම්බන්ධීකරණය කරමින් සිටින්න. මේක අගමැතිවරයකු පරාජය කරන මේ රටේ පළමුවැනි විශ්වාසභංග යෝජනාව කරගන්න පුළුවන්” මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට උපදෙස් ලබාදෙන ලදී.

    මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් කිහිපදෙනකු පාර්ලිමේන්තුවේ එක්තරා ස්ථානයකදී ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනකු ඉතා රහසිගතව හමුවූහ. එම සාකච්ඡාවේ කිසිවක් හෙළි නොවුණු අතර විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මෙහිදී කතාබහ කරන්නට ඇති බවට අනුමාන කළ හැකිය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන විසින් කතානායක කාර්යාලයේදී කතානායක කරු ජයසූරියට භාරදුන්නේ පසුගිය 22දා හවස 2.20ටය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු රැසක්ම එම අවස්ථාවට සහභාගි වූහ.

  • බස් ගාස්තු වලට මොකද වෙන්නේ? ඇත්ත කතාව මෙන්න….

    බස් ගාස්තු වලට මොකද වෙන්නේ? ඇත්ත කතාව මෙන්න….

    පෙට්‍රල් සහ ඩීසල් මිළ වැඩිකිරීමට අයි.ඕ.සී සමාගම කටයුතු කිරීම නිසා බස් ගාස්තු ද වැඩිවනු ඇත්දැයි ජනතාව අතර සැකයක් පවතිනවා.
    අපි ඒ පිළිබඳ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයෙන් විමසීමක් කළා.  එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ අයි.ඕ.සී සමාගම විසින් ඉහළ දැමු රුපියල් 5 පෞද්ගලික බස් රථ කර්මාන්තයට කිසිදු බලපෑමක් එල්ල නොකරනු ඇති බවයි.

    එමෙන්ම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම් හල් රටේ බහුල පිහිටා ඇති බැවින් එවැනි අපහසුතාවක් නොමැති බව ද ඔහු කියා සිටියා. නමුත් මෙම රුපියල් 5යේ බලපෑම ජුලි මස බස් ගාස්තු සංශෝධනයට යම් ආකාරයකින් බලපානු ඇති බවද ඔහු සඳහන් කළා.

    අයි ඕ සී සමාගම විසින් සිදු කෙරුණු මෙම මිළ වැඩිකිරීම පාදක කර ගනිමින් ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා කියා සිටියා. 

    මෙම අවස්ථාවේ ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය ද සඳහන් කළා.