Author: Editor[A]

  • ගැහැණු ළමයින්ට මෙන්සස් හැදුනම දැන් දුක් විදින්න ඕනේ නැහැ.. නියම බෙහෙත ගෙදරින්ම…

    ගැහැණු ළමයින්ට මෙන්සස් හැදුනම දැන් දුක් විදින්න ඕනේ නැහැ.. නියම බෙහෙත ගෙදරින්ම…

    ළදැරියක් වැඩිවියට පත්වීමත් සමඟම මාසික ඔසප් වීම සිදුවන අතර සමහර යුවතියකට මෙය තරමක් අසීරු දින කිහිපයක් වනවා.

    උදරයේ අසීමිත වේදනාව ඔබගේ එදිනෙදා සෑම ක්‍රියාවකටම බාධා ඇතිකරනවා නේද?මෙම නිසාම ඔබට නොරිස්සුම, කේන්තියාම, අලස බව ආදී දේවල්ද සිදු වීම සාමාන්‍ය දෙයක්.

    එහෙත් මාසික ඔසප් වේදනාව නොමැතිනම් එම දින කිහිපයද ඔබගේ සාමාන්‍ය දිනක් ලෙස එදිනෙදා වැඩකටයුතු කිරීමට ඉතාම පහසුවක් වෙනවා.බටහිර ඖෂධ වෙනුවට ගෙදර තියෙන කුරුඳු,ඉඟුරු වලින් ඔබේ මෙම ගැටළුවට ඉක්මන් සහනය ලබා ගන්න හැටි පහත වීඩියෝවෙන් නරඹන්න.

     

  • රනිල්ගේ උපන්දිනය වෙනුවෙන් ජනතාවට තෑග්ගක්… ඩීසල් පෙට්‍රල් මිල ඉහළට

    රනිල්ගේ උපන්දිනය වෙනුවෙන් ජනතාවට තෑග්ගක්… ඩීසල් පෙට්‍රල් මිල ඉහළට

    ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් සහ පෙට්‍රල් ලීටරය රුපියල් 9කින් ඉහළ දැමීමට IOC සමාගම තීරණය කර තිබෙනවා. 

    ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ඉහළ දැමීම සිදුව තිබෙනවා. ඒ අනුව IOC පිරවුම්හල්වලින් ලබාගන්නා සාමාන්‍ය ඩීසල් ලීටරයකට රුපියල් 100ක්ද, සාමාන්‍ය පෙට්‍රල් ලීටරයක් රුපියල් 126ක්ද වනවා.

    අනෙකුත් විශේෂිත වර්ගකිරීම් යටතේ එන ඉන්ධන වර්ගවලද මිල ඉහළ ගොස් තිබෙනවා.

    ඒ අතර  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (24) සිය 69 වැනි ජන්ම දිනය සමරනවා. 

    1949 මාර්තු මස 24දා උපන් වික්‍රමසිංහ මහතා  වෘත්තියෙන් නීතීඥවරයෙකි. ඔහු විශ්වවිද්‍යාල සිසුවෙකු වශයෙන් සිටි සමයේ පටන් එ.ජා.ප. තරුණ පෙරමුණේ කටයුතු කොට, 1977 වර්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත්විය. මෙරට ලාබාලම කැබිනට් අමාත්‍යවරයා වූයේද වික්‍රමසිංහ මහතාය

  • ඒ කියපු ඔක්කොම බොරු.. මෙන්න ඇත්ත තත්වේ.. වඳ පෙති ගැන වෛද්‍යවරු සියල්ල හෙළිකරයි….

    ඒ කියපු ඔක්කොම බොරු.. මෙන්න ඇත්ත තත්වේ.. වඳ පෙති ගැන වෛද්‍යවරු සියල්ල හෙළිකරයි….

    පුරුෂයකුගේ හෝ කාන්තාවකගේ වඳබව හෝ මඳසරු බව ඇති කළ හැකි කිසිදු පෙත්තක් දැනට ලෝකයේ කිසිම තැනක නැතැයි දිවයිනේ ජ්‍යේෂ්ඨ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ප්‍රකාශ කරති.

    එසේම කිසියම් ජන කණ්ඩායමක් හෝ ජන වර්ගයක සරු බවට සැළකිය යුතු බලපෑමක් ඇති කළ හැකි ඖෂධ බටහිර වෛද්‍ය විද්‍යාවේ නොමැති අතර එසේ කළ බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක්ද නෙහැකි බවද ඔවුන් අවධාරණය කර සිටියේ, කොළඹ, ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේ අද (15) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ය.

    මෙහිදී අදහස් දැක් වූ කායික විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා , බටහිර වෛද්‍ය විද්‍යාවේ මූල ධර්ම අනුව මඳසරුභාවය හෙවත් වඳ බව ඇති කරන පෙත්තක් නිපදවිය නොහැකි බව කීය.

    වඳ බව ඇති කළ හැකි ඖෂධ නිපදවීම බටහිර වෛද්‍ය විද්‍යාවේ නොයෙකුත් පර්යේෂණ සිදු කොට ඇති නමුත් ඒවා අසාර්ථක වී ඇත. දැනට නිපදවා ඇත්තේ තාවකාලික ගැබ් තැනීම වළක්වන උපත් පාලන පෙති පමණකි. එම පෙති නොකඩවා පාවිච්චි කළ යුතු අතර අතර මගදී පෙති ගැනීමෙන් එක් පෙත්තක් හෝ මග හැරුනොත් පිළිසිද ගැනීමේ ඉඩ තිබේ.

    එබැවින් නිසරු බව ඇති කළ හැකි වඳ පෙති තිබෙන බවට පළ වී ඇති මිත්‍යා මත සියලුම වෛද්‍යවරුන් විසින් ප්‍රතික්ෂේප කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

    විශේෂඥ වෛද්‍යවරුන් ඇතැම් වෛද්‍යවරුන් 143 දෙනෙකු විසින් මේ පිළිබඳව නිකුත් කරන ලද ප්‍රකාශයක්ද මෙහිදී කියවනු ලැබීය.

    එම ප්‍රකාශය මෙසේ ය.

    ”අපි ශ්‍රී ලංකාවෙහි සෞඛ්‍ය සේවයෙහි නියුතු ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු පිරිසක් වෙමු. ආහාර සමඟ වඳ පෙති මිශ්‍ර කිරිමෙන් වඳ භාවය ඇති කළ හැකි බවට අනියත බියක් සමාජය තුළ ඇතිව තිබෙන හෙයින් එ ගැන සත්‍ය තත්වය පැහැදිළි කිරීම අපේ යුතුකමක් බව අපි සිතමු. මේ මතය විද්‍යාත්මක වශයෙන් කිසිදු පදනමක් නැති අසත්‍ය ප්‍රකාශයක් බව අපි වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු. ඖෂධ පෙති, කුඩු හෝ එන්නත් මඟින් කණ්ඩායමක් හෝ ජනවර්ගයක් වඳ බවට පත් කිරීම ප්‍රායෝගිකව කෙසේවත් කළ නොහැකි බවද අවධාරණය කරමු.

    ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම සරු බවට එනම් දරු ගැබක් පිහිටීමට බලපාන කරුණු රාශියක් තිබේ. පුරුෂකෙු ගේ සරු බව සඳහා ඔහුගේ ශ්‍රක්‍රාණුවල නිසි ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය මෙන්ම ඒවා ප්‍රශස්ත සංඛ්‍යාවේන් ශ්‍රක්‍ර තලරයේ තිබීම අත්‍යාවශ්‍ය වේ.

    මේවායින් තරමක හෝ අඩුවක් ඇති අවස්ථාවකදී පුරුෂයකු හට කාන්තාවක් ගැබි ගැන්වීමට ඇති හැකියාව අඩු වේ. මෙය මඳසරුබව යනුවෙන් හඳුන්වනු ලබන අතර කලාතුරකින් එය දරුපල නොමැති එනම් වඳ තත්වයක් දක්වා වර්ධනය විය හැක. මෙවැනිම කරුණු ස්ත්‍රියකගේ සරු බවටද බලපායි. දැනට පාවිච්චිය සඳහා ඇති සියළුම උපත් පාලන පෙති සහ එන්නත් ස්ත්‍රීන්ගේ පාවිච්චිය සඳහා පමණක් වන අතර එයින් කෙරෙන්නේ ගැබ් ගැනීමේ හැකියාව තාවකාලිකව වැලැක්වීම පමණි. පුරුෂයකුගේ තාවකාලික වඳබවක් ඇති කළ හැකි උපත් පාලන ගිලින පෙත්තක් දැනට ලොව කිසිම තැනක නොමැත.

    ඇතැම් රෝගවලට දීර්ඝකාලීනව භාවිතා කරන ඖෂධ හේතුවෙන් මඳසරු බව ඇති වීමට ඉඩක් තිබුණ ද එම ඖෂධ තනි මාත්‍රවක් හෝ මාත්‍රා කීපයක් පාවිච්චියෙන් එවන් තත්ත්වයක් ඇතිවීමට කිසිදු ඉඩක් නැත. ඖෂධ මඟින් ඇතිවන මඳ සරුබව එම ඖෂධ භාවිතය නැවැත්වූ විට යථා තත්ත්වයට පත් වේ. මේ ඖෂධ ලබාගැනීම සඳහා ලියාපදිංචි බටහිර වෛද්‍යවරයකුගේ බෙහෙත් වට්ටොරුවක් ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය වේ.

    සැකෙවින් කිවහොත් කිසියම් ජන කණ්ඩායමක හෝ ජනවර්ගයක සරුබවට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි ඖෂධ බටහිර වෛද්‍ය විද්‍යාවේ නොමැති අතර එසේ කළ බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක්ද නොමති බවද අපි අවධරණය කරමු.

    කායික රෝග විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් සේනානායක, ප්‍රජනන වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්ය චන්ද්‍රකා විජේරත්න, රක්තවේද හා පුනරුත්ථාපන විශේෂඥ වෛද්‍ය ලලිත් විජේරත්න, විශේෂඥ වෛද්‍ය හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පණ්ඩුක කරුණානයක, ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක් කුමාර් ප්‍රනාන්දු, ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය යු. ඩී. පී. රත්නසිරි, ඖෂධ විද්‍යාව පිළබද මහාචාර්ය චාන්දනී වනිගතුංග, ළමා රෝග විශේෂඡ වෛද්‍ය හා ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ශලිනි ශ්‍රී රංගනාදන්, කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන, හෘද රෝග විශේෂඥ වෛද්‍ය නියොමලී අමරසේන සහා මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු, ප්‍රජාවෛද්‍ය විශේෂඥ ජානකී විදානපතිරණ යන මහත්ම මහත්මීන් මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අඳහස් දැක්වූහ.

  • අර්ජුන් මහේන්ද්‍රන් ඉන්නේ අගමැති රනිල්ගේ ගෙදර – ඇමති මුතුහෙට්ටිගම සියල්ල හෙළිකරයි….

    අර්ජුන් මහේන්ද්‍රන් ඉන්නේ අගමැති රනිල්ගේ ගෙදර – ඇමති මුතුහෙට්ටිගම සියල්ල හෙළිකරයි….

    අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් කිසිදු විදේශ රටක සැගවී නැති බවත් ඔහු සැගවී සිටින්නේ අරලියගහ මන්දිරය ඇතුලේම බවත් නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාව භංග යෝජනාවට පක්‍ෂව එක්කෙනෙකු දෙන්නෙකු හැර ශ‍්‍රීලනිපයේ සියළු දෙනා ඡන්දය ලබා දෙන බවත් අගමැතිවරයා ගෙදර යවන තුරු සටන අත් නොහරින බවත් නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කරයි.

    එක්සත් ජාතික පක්‍ෂයේ කණ්ඩායමකුත් මෙම යෝජනාව සදහා සහයෝගය පල කිරීමට එකග වී සිටින බවද ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.

  • නෑ. නෑ. කවුද කිවුවේ ගෝඨාට දෙනවා කියලා… එයාට දෙන්නේ නෑ.. මහින්ද ගෝඨා වලිය කරලියට..

    නෑ. නෑ. කවුද කිවුවේ ගෝඨාට දෙනවා කියලා… එයාට දෙන්නේ නෑ.. මහින්ද ගෝඨා වලිය කරලියට..

    ඉදිරි ජනාධිපතිවරණය සඳහා පෙනී සිටින අපේක්ෂකයන් ගැන දැන්ම කතාවෙන්න පටන් අරන් තියෙනවා.

    එක් එක් පක්ෂවලින් මේ සඳහා ඉදිරිපත් වන්නේ කවුරුන්ද යන්න ගැන හැමතැනම තියෙන්නේ කුතුහලයක්.

    මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා විදියට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන්න කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂයෙන් යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා කියලා දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

    කෙසේවෙතත් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවද හිටපු ජනාධිපතිවරයා මීට කළින් කියලා තිබුණා.

    එමෙන්ම ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වන බවට පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් පසුගියදා මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් කළා.

    විදේශ මාධ්‍යවේදියෙකු ඒ සම්බන්ධයෙන් විමසූ වේලාවේදී හිටපු ජනාධිපතිවරයා කියලා තිබුණේ කවුද කියන්නේ මම ගෝටට දුන්න කියලා.. නෑ… කිසිසේත්ම නෑ..  තවම ඒවගේ තීරණයක් අරන් නැහැ. ජනතා කැමැත්ත අනුව එය තීරණය වේවි. ගෝඨාභය ද නැත්නම් වෙන කවුරු හරිද කියලා”

  • දෙවියන් වෙන්න ගිය සුදත් දුමින්ද,නිශ්ශංක සමග දැමු ඩිල් මෙන්න…  මහා ගැටුමක් අද හෙටම….

    දෙවියන් වෙන්න ගිය සුදත් දුමින්ද,නිශ්ශංක සමග දැමු ඩිල් මෙන්න… මහා ගැටුමක් අද හෙටම….

    දෙවියන් වෙන්න ගිය සුදත් දුමින්ද,නිශ්ශංක සමග දැමු ඩිල් මෙන්න… සුදත්ට පහර දෙන්න රනිල්ගේ ලොලිපොප් බලකාය වැඩ අරඹයි..

    සුදත් චන්ද්‍රසේකර තමන්ගේ අඳෝනාව් අවසන් කර ඇත්තේ (ONE MAN GOD) යනුවෙන් සදහන් කරමින් ය.ONE MAN GOD හරහා සුදත්ලාගේ ඉංග්‍රීසි දැනුම හොදටම තෙරුම් ගත හැකිය.මෙ අකාරයට මල පොතේ ඉංග්‍රීසී දැනුමක් නැති සුදත්ලා එජාපය වැනි ලිබරල් පක්ෂයක කරපු කෙන්ගෙඩියක් නොමැති බව තෙරුම් ගැනිම අපහසු නොවේ.

    කඩා වැටෙමින් තිබේන රනිල් වික්‍රමසිංහගේ සිහින රාජ්‍යයේ අසමත් මෙන්ම අසමජ්ජාති අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික සහකාර සහ එක්සත් ජාතික පක්‍ෂ සන්නිවේදන ප‍්‍රධානී ලෙස කටයුතු කල සුදත් චන්ද්‍රසේකර මහතා එම තනතුරෙන් ඉවත් කිරිමෙන් අනතුරුව මේ වනවිට තමන් ඉවත් නොකල බවත් තමන් විසින් ඉල්ලා අස්වු බවත් පෙන්විම සදහා නිවේදන නිකුත් කරමින් සිටි.

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික සහකාර සහ එක්සත් ජාතික පක්‍ෂ සන්නිවේදන ප‍්‍රධානී ලෙස කටයුතු කල සුදත් චන්ද්‍රසේකර වැන්නෙකු ඉවත් කිරිම සම්බන්ධයෙන් lankaleaks දැඩි ලෙස සතුටට පත්වන අතර අද එක්සත් ජාතික පක්ෂය මෙන්ම රනිල් වික්‍රමසිංහ වැනි පුද්ගලයින් පවා මෙවන් තත්ත්වයකට ඇද දැමිමට සුදත්ලා කල කී දැ එජාප පාක්ෂිකයන්ට අමතක නැත.

    සුදත් චන්ද්‍රසේකර තමන්ගේ අඳෝනාව් අවසන් කර ඇත්තේ (ONE MAN GOD) යනුවෙන් සදහන් කරමින් ය.ONE MAN GOD හරහා සුදත්ලාගේ ඉංග්‍රීසි දැනුම හොදටම තෙරුම් ගත හැකිය.මෙ අකාරයට මල පොතේ ඉංග්‍රීසී දැනුමක් නැති සුදත්ලා එජාපය වැනි ලිබරල් පක්ෂයක කරපු කෙන්ගෙඩියක් නොමැති බව තෙරුම් ගැනිම අපහසු නොවේ.

    ONE MAN GOD යන්නේ තෙරුම කුමක්ද යන්න සුදත්ට ඇමතුමක් දී දැන ගන්නා ලෙස අපි එජාප පාක්ෂිකයන්ට යෝජනා කරන අතර අප ඇති විශ්මය දනවන කරුණ නම් වසට 33ක් කාලයක් රනිල්ගෙ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කල මේ හිකනැල් සුදත්ගේ ඉංග්‍රිසි දැනුම ගැනය.ඒ හරහා ඔප්පු වන්නේ රනිල් වැනි නායකයෙකු මේ තරම් කාලයක් තබා ගැනිමට කටයුතු කිරිම හරහා රනිල් වැන්නේකු ගැනද හරියටම මැන ගැනිමට සුදත්ලාගේ මිම්මද යොදා ගත හැක.

    පක්ෂයේ වෙනසක් ඉල්ලා පක්ෂයට අලුත් නායකත්වයක් ඉල්ලා පාරට බැස්ස පාක්ෂිකයන්ට කුරුදු පොලු හමුදාවේ කමාන්ඩර් කෙනෙකු වන සුදත් චන්ද්‍රසේකර මාතරදි තැලු හැටි ඔහුන්ට අමතක වුවද පාක්ෂිකයින්ට තවමත් හොදටම මතකය.

    එක දෙයක් කිවයුතුය එනම් කනෙන් ඇද දොට්ට දැමු පසුව් හෝ රනිල් සහ් ඔහුගේ ගජමිතුරු කල්ලිය පිළිබඳව විවේචනාත්මකව දකින්නට සුදත්ලාට පුලුවන් විම් ගැනද අප සතුටු වන බවය.

    පක්ෂය හැදිම පසෙකලා සුදත්ලා දැමු ඩිල් වලින් බිදක්

    පාක්ෂිකයින්ගේ ඔලු පලමින් ඔහුන්ට යක්ෂයෙකු වු සුදත් ඩිල් කරුවන්ට නම් දෙවියෙක් බව විස්වාසය.

    සුදත් චන්ද්‍රසේකර යනු එක්සත් ජාතික පක්ෂය තුල සජිත් ප්‍රේමදාසගේ ගමන නතර කිරිම සදහා වෙබ් අධවි යොදාග් නිමින් විව්ධ මඩ ප්‍රචාරයන් දියත් කල අයෙකු වන අතර ABC මාධ්‍ය ජාලයේ හිමිකරුවන් වන රෙනෝ ද සිල්වා සමග ඉතා සමිපව කටයුතු කරන අයෙකි. මොනතරම් සමිපද යත් සුදත් චන්ද්‍රසේකරගේ හැම ගමනක්ම යැමට-එමට ඉදුම්-හිටුම් පමණක් නොවේ 18 කැලී පවා සපයන්නේ රෙනෝ ද සිල්වාය.

    තවමත් රෙනෝ ද සිල්වාගෙන් මාසිකව ලක්ෂ 2ක වේතනයක් ලබන සුදත් තමන් ජිවත් වන නිවසේ කුළීය පවා ගෙවා ගන්නෙ රෙනෝගේ සහයෙනි. රජයෙන් ලැබෙන 53000ක වැටුප සහ 22000ක ඉන්ධන සහනාධාරය සම්බන්ධයෙන් සිය ව්‍යාජ්‍ය ඉල්ලා අස්විමේ ලිපිය හරහා කිඹුල් කදුලු හෙලා ඇති සුදත් පක්ෂය විකුණමින් දැමු ඩිල් ගැන කිසිදු සදහන්ක් නැත.

    සුදත් රෙනෝලාට මොනතරම් වහල් වි සිටියේද යන්න දුමින්ද සිල්වා ඝානනයට ලක්වු මීට පෙර පැවැති කොළඹ නගර සභා මැතිවරණ දිනයේ අවසන් හොරා කිහිපයේ සිට පක්ෂයේ වගකිම් සියල්ලම දම ගොස් දවස් ගණනක් දුමින්ද වෙනුවෙන් කාලය ගත කල හැටි දන්නෝ දනිති.

    රාජපක්ෂලාගේ ග්‍රහණයේ පැවැති රට මැතිවරණයෙන් එජාපය පරදිමින් තිබෙන අවස්ථාවක එජාපය සහ රනිල් රැක ගැනිමට කොළඹ දිනා ගැනිමේ දැවැන්ත සටනක යෙදි සිටියදි තමන්ගේ ඩිල් කරුවන් වෙනුවෙන් පක්ෂයේ වගකිම අමතක කල සුදත් අමතුම තාලේ දෙවියෙක් බව කවුරුත් දනී.

    2001-2004 සමයේදි පෞද්ගලික සම්බන්ධීකරණ ලේකම්වරුන්ගේ සංගමය නමින් සංගමයක් අටවා ගත් සුදත් අමාත්‍යාංශ ලේකම්වරුන් එතනට කැදවා අමාත්‍යාංශ හරහ විවිධ වර්ගයේ ඩිල් දමා තමන්ගේ මඩිය තරකරගත් ආකාරය හා ඒ හරහා රනිල්ගේ ආණ්ඩුව වසර දෙකකින් කෙලවා දැමු ආකරය ගැන සුදත්ට මතක ඇතයි අප සිතමු.

    2015 වසරේදි යහපාලන ආණ්ඩුව පැමිනිමෙන් පසුව ඇවන්ගාඩ් මුහුදු කොල්ලකරුවන්ගේ නායක ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් නාන තාටකයක් සහිතව ශ්‍රී ජයවර්ධනපුරයෙන් මිලියන ගණනක නිවසක් ලබාගත් ආකාරය පිළිදවද සුදත්ගේ ලිපියෙන් ජනතාවගෙන් සමාව ගත්තානම් එය සදචාරාත්මක බව අපගේ හැගිමයි.මේ සියල්ලටම අදාල සාක්ෂි අප සතුව ඇති බවත් අවශ්‍ය මොහොතේ ඒ සියල්ලම් ජනතාවගේ අතට පත් කිරිමට අප කටයුතු කරන බවද සටහන් කර තබමු.

    දැන් වැඩේ කෙලවි හමාරය සුදත්ගේ ලට්ට ලොට්ට සියල්ලම රනිල් සිරිකොතින් දොට්ට දමා තිබේ.හෙට අනිද්දා රනිල්ගේ ලොලීපොප් බලකාය සහ TT දන්සැලෙන් කා,බී තරවන අයියලා සුදත්ලාට පහර දෙනු ඇත.

    මේ වනවිටත් අරලියගහ මන්දිරයේ රනිල්ගේ අහුරුකුක්කා වන විශ්‍රාමික නී.පොලිස්පති වික්‍රමසිංහ සුදත්ගේ උපාඩි සම්බන්ධයෙන් සහ අධ්‍යාපණ සුදුසුකම් පිලිබදව තොරතුරු මාධ්‍ය හරහා එලියට දැමිමට කටයුතු කරමින් සිටි. ඒ අනුව ඉදිරි දිනවලදි සුදත්ගේ ONE MAN GOD නැමති හරූපයේ නිවරදි තෙරූම රටේ ජනතාවට දැන ගැනිමට හැකිවනු ඇත.

    රනිල්ලා සුදත්ට පහරදිම ආරම්භ කල සැනින්ම් සුදත් ද රනිල්ට පහරදිමට සුදානම් වෙමින් සිටි.මේය ඉතාම හොද දෙයකි දැන් රනිල් යල්පැන අවසන්‍ ය.මහින්දගේ පිහිටෙන් තවත් කාලාන්තරයක් ජිවත් විමට රනිල්ට ඇති මං මේ වනවිට ඇහිරිමෙන් තිබේ.

    අවසන් වශයෙන් lankaleaks අපට කිමට ඇත්තේ පක්ෂයක්,පාක්ෂිකයන්නුත් අනාත කරමි ජොගී නැටු සුදත්ල රටේ ජනතාව ඉදිරියේ වැද වැටි සමාව ඉල්ලිය යුතු බවය.

    නමුත් ඒ හරහ සුදත්ලාට දෙවියන් විමට හෝ පවු කමා කර ගැනිමට නොහැකි වනු ඇත.කතාව තවම අවසන් නැත

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික සහකාර සහ එක්සත් ජාතික පක්‍ෂ සන්නිවේදන ප‍්‍රධානී ලෙස කටයුතු කල සුදත් චන්ද්‍රසේකර බැසිල් රාජපක්ෂ සමග දැමු ඩිල් එක සම්බන්ධයෙන් සම්පූර්ණ අනාවරණයක් බලාපොරොත්තු වන්න .

    පහත දැක්වෙන්නේ සුදත්ගේ අඳෝනාවයි…

          

  • ජාතිවාදී ගිනිදැල් මැදින් මුස්ලිම් ජාතිකයෙකු අතින් ගමේ පන්සලක් ඉදි වුණ හැටි මෙන්න….

    ජාතිවාදී ගිනිදැල් මැදින් මුස්ලිම් ජාතිකයෙකු අතින් ගමේ පන්සලක් ඉදි වුණ හැටි මෙන්න….

    මාවනැල්ල ගල්ගොඩ ශ‍්‍රී බබෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ලේ ඉහල මහලය විවෘත කිරීම (23) පොල්ගහවෙල මාලිගාකන්ද සමාධි ධර්මායතනාධිපති වෛද්‍යාචාර සඳහම් වාගීෂ්වර ධර්මවිශාරද සාම විනිසුරු ශාස්ත‍්‍රපති අතිපූජ්‍ය පදවිගම්පොල ගුණරතන නායක හිමිපාණන් වහන්සේ අතින් සිදුවු බව අප වාර්තාකරු පවසයි.
    මාවනැල්ල ප‍්‍රාදේශිය ලේකම් ප‍්‍රියංගනි පෙතන්ගොඩ මහත්මිය මෙන්ම මාවනැල්ල ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ නිෂ්පාදන සමූහ ව්‍යාපාරයක අධිපතිවරයා වශයෙන් කටයුතු කරන අල්හාජ් මුස්තප්පා කමාල්දීන් මහතාද ප්‍රදේශවාසින්ද මෙම අවස්තාවට එක් විය.
    දැනට මෙම ගොඩනැගිල්ලේ අඩුපාඩු කඩිනමින් සකස් කිරීමට අවශ්‍ය දායකත්වය මුස්ලිම් ජාතික ව්‍යාපාරයේ අධිපතිවරයා විසින් ලබා දෙන බවට මෙහිදි පොරොන්දුවක්ලබා දුන් අතර එහිදි ඒ මහතා විසින් විහාරස්ථානයේ නායක හිමියන් වෙත මුදල් පරිත්‍යාගයක්ද සිදු කර තිබේ.
    ලක්ෂ 60 කටත් වඩා වැඩි මුදලක් වියදම් කර නිම කරන ලද මෙම දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල වසර 6 ක් වැනි කාල සීමාවකදි සාදා නිම කිරිම සඳහා ඇප කැප වි කටයුතු සිදු කර ඇත්තේ දැනට 72 වියේ පසුවෙන විහාරාධිපති සාමවිනිසුරු වලවේරේවත මහා ස්ථවිර නායක හිමිපාණන් වහන්සේ විසින්ය. 
    ඒ සඳහා තමන් වහන්සේගේ ගෝල භික්ෂුන් වහන්සේලා මෙන්ම අවට විහාරස්ථාන වල හිමිවරුන් ධානපතියන් මෙන්ම දායක කාරක ආදීන් හා රජයේ මුල්‍ය දායකත්වය මෙ සඳහා ලැබි තිබුණු අතර දේශපාලන අධිකාරියෙන්ද මිට සහෝගය ලබා දි තිබුණි.

    කලබල අස්සේ මුස්ලිම් ජාතිකයෙකු අතින් ගමේ පන්සලක් ඉදි වුණ හැටි - ඡායාරූප සහිතයි

  • කාගේද මේ ඇගිල්ල? එස්.බී.ගේ ඇගිල්ල.. ඊයේ පාරිලිමෙන්තුවේ නටපු ජවුසමේ හොදම ටික මෙන්න….

    කාගේද මේ ඇගිල්ල? එස්.බී.ගේ ඇගිල්ල.. ඊයේ පාරිලිමෙන්තුවේ නටපු ජවුසමේ හොදම ටික මෙන්න….

    සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේදී ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි කිහිපයකට කල් තබනු ලැබුවා.

    ඒ, ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්දය විමසූ එම අවස්ථාවේ සභා ගර්භයේ නොසිටි අමාත්‍ය එස්.බී. දිසානායකගේ ඡන්දය ප්‍රකාශවීමත් සමඟයි.

    එයට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භයට පැමිණ විරෝධතා පළ කළා.

    ඔවුන් “කාගෙද මේ ඇඟිල්ල? එස්බීගේ ඇඟිල්ල” යනුවෙන් හඬ නගා ප්‍රකාශකරන්නට ද වූවා.

    එම ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 51ක් සහ විපක්ෂව ඡන්ද 33ක් ලැබී තිබුණා.

    ඒ පිළිබදව දිගින් දිගටම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් විරෝධය එල්ල වූ අතර ඒ අනුවයි කථානායකවරයා පක්ෂ නායක රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව කල් තබනු ලැබුවේ.

    කෙසේ වෙතත් නැවතත් පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ දී ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු සභාගර්භයෙන් පිටත්ව යාම නිසා සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත ඡන්දයකින් තොරව සංශෝධන සහිතව සම්මත වුණා.

  • අක්කාගේ LTTE බුද්ධි අංශ සාමාජික පෙමින් බිහිවූ පාතාල නායකයා මාකඳුරේ මධුෂ්ගේ කතාව මෙන්න

    අක්කාගේ LTTE බුද්ධි අංශ සාමාජික පෙමින් බිහිවූ පාතාල නායකයා මාකඳුරේ මධුෂ්ගේ කතාව මෙන්න

    මේ දිනවල කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඝාතන සිදු කරමින්, කප්පම් ගනිමින් සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙමින් පාතාලයේ ගෝඩ් ෆාදර් බවටව පත්ව සිටින්නේ ඩුබායිහි සැඟව සිටින මාකඳුරේ මධුෂ් නැමැත්තායි.

    මේ පාතාල නායකයා බිහිකළේ LTTE සංවිධානය බවට පොලිස් බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබෙනවා.

    මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ මාකඳුර නමැති ගම්මානයේ උපත ලැබූ මධුෂ්ගේ ඥාති සහෝදරියක් පොලිසියේ සේවය කර තිබෙනවා.

    ඒ අතරතුර ඇය LTTE බුද්ධි අංශ සාමාජිකයකු සමග පෙමින් වේලි ඇත්තේ LTTE උපක්‍රමයකට හසු වෙමින්.

    පොලිස් නිලධාරිනියගේ සහ LTTE සාමාජිකයාගේ පෙම දළුලා වැඩෙද්දී උපක්‍රමශීලි වූ LTTE සාමාජිකයා ඇය හරහා මධුෂ් LTTE සංවිධානයට බඳවාගෙන ඔහුට අවි පුහුණුව සහ අපරාධ සිදු කරන ආකාරය පිලිබදව පුහුණුව ලබාදෙන්නේ සැලසුම් කිහිපයක් අතැතිවයි.

    නමුත් LTTE හරහා සියලු මිලේච්ඡ ක්‍රියා හුරු පුරුදු වූ මධුෂ් දකුණට පැමිණීමෙන් පසු LTTE සංවිධානයට වැඩ කරනවා වෙනුවට තමන්ගේම අපරාධ කල්ලියක් ගොඩනගා ගැනීම කෙරෙහි අවධානය යොමු කළා.

    ඔහුගේ මේ ක්‍රියාවට මහා ආශීර්වාදයක් බවට පත්වුණේ 2009දී LTTE සංවිධානය රජයේ හමුදාව විසින් විනාශ කර දැමීමයි.

    එසේ නොවුනානම් මධුෂ්ගේ අවසානය LTTE සංවිධානය අතින් සිදුවීමට ඉඩ තිබුනා.

    LTTEයේ අවසානයත් සමග දකුණේ අපරාධ රැල්ල ආරම්භ කරන මධුෂ්ගේ පළමු ඉලක්කය බවට පත්වුණේ දකුණු පළාත් සභා හිටපු අමාත්‍යවරයකු සහ දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයකු වන ඩැනී හිත්තැටිය මහතායි.

    එතැන් සිට පුනරුත්ථාපනය වූ LTTE සාමාජිකයින්, හමුදාවෙන් පැන ගිය සාමාජිකයින් සහ විවධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් සිය කල්ලියට බදවාගෙන මධුෂ් පාතාල ලෝකයේ රජ කරන්නට පටන් ගත් අතර පොලීසිය ඔහු පසු පස හඹා එන්නට පටන් ගැනීම නිසා ඩුබායි කරා පලා ගිය මධුෂ් එහි සිට මෙරට පාතාලය මෙහෙයවීම සිදු කරන අතර ඔහුට එරෙහිව මේ වනවිට ජාත්‍යන්තර රතු නිවේදන පවා නිකුත් කර තිබෙනවා.

    ඩැනී හිත්තැටිය ඝාතනයේ තවත් ප්‍රධාන සැකකරුවෙක් වූ හර්ෂ නමැති ඔහුගේ ගෝලයා පසුගිය වසරේදී රාජගිරිය ඔබේසේකරපුරදී ඝාතනය කරනු ලැබූ අතර එය සමයං කල්ලියේ වැඩක් බවට පොලිසිය සැක පළ කළේය.

    ඉන්පසු වහාම ක්‍රියාත්මක වූ මධූෂ් සමයං ඝාතනය කළා.

    ඔහු එයද සැලසුම් කරනු ලැබුවේ දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් වීම විශේෂයකි.

    එසේම මධූෂ් තොග වශයෙන් මෙරටට හෙරොයින් සැපයීමේ ජාවාරමක නිරතවන බැවින් එයට ද රංගජීව මහතා ඇතුළු කණ්ඩායම අභියෝගයක් වන බැවින් ඔවුන්ට ප්‍රහාරය එල්ල කල බවයි පැවසෙන්නේ.

    පසුගියදා සිදු වූ කොස් මල්ලිගේ ඝාතනයද මධුෂ් කල එකක් බවයි වාර්තා වන්නේ.

    මේ අතර ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන සිය 14 හැවිරිදි පෙම්වතිය හමුවීමට මධුෂ් පසුගිය දිනක හොර රහසේ මෙරටට පැමිණ ආපසු ගිය බවට වාර්තා පළවුණා.

    ෆේස්බුක් හරහා ඩුබායි සිටින මධුෂ්ව හඳුනාගත් බවත් පසුගිය අප්‍රේල් මාසයේ ඔහු ලංකාවට පැමිණ තමන්ව හමුවී කොල්ලුපිටියේ හෝටලයක දින කිහිපයක් අඹුසැමියන් ලෙස ගත කළ බවත් එම දැරිය පොලිසියට හෙළි කර තිබුනා

  • වසර 25ක් පක්ෂය කෑවා ඇති – රනිල් ඔයා රිටයර් වෙන්න – එජාපය සුරැකීමේ ජාතික සංවිධානය කියයි..

    වසර 25ක් පක්ෂය කෑවා ඇති – රනිල් ඔයා රිටයර් වෙන්න – එජාපය සුරැකීමේ ජාතික සංවිධානය කියයි..

    නායකත්වය තරුණ පරපුරට බාරදී ගෞරවනීය ලෙස ඉවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය පවසයි.
    අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් එස්.ආර්.එම් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.
    ඔහු පෙන්වා දෙන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වසර 25 ක කාලයක සිට පක්ෂයේ නායකත්වය දරණ බවත් එහිදී ජානාධිපතිවරණ දෙකකට ඉදිරිපත්වී එම දෙකම පරාජයටපත් වූ  නිසා ආසියාවේ විශ්මිත මොලය ලෙස හඳුන්වන ඔබතුමා ගෞරවනීය ලෙස පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙසයි.
    කවුරු කුමක් ප්‍රකාශ කළත් රනිල් වික්‍රමසිහ මහතාව අරක්ෂා කරගෙන සිටින්නේ ඔහු වටා සිටින පිරිසක් බවත් එහෙත් ජනතාව මේ වන විට එතුමාට පක්ෂයෙන් ඉවත්වීමේ කාලය උදාවී ඇති බවට මැතිවරණ ප්‍රතිඵලයක් ලබාදී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
    පළාත් පාලන මැතිවරණයේ පරාජයට හේතුව රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය බවත් පක්ෂයේ නායකත්වයෙන් ඉවත් නොවුවහොත් දැවැන්ත සත්‍යක්ග්‍රහයක් සංවිධානය කිරීමට සිදුවන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 
  • මහනුවර සංසිද්ධියේ වැඩ අනපු පොලිස්පති පූජිත දොට්ට…! පත්වෙන්න ඉන්න නව පොලිස්පති මෙන්න..!

    මහනුවර සංසිද්ධියේ වැඩ අනපු පොලිස්පති පූජිත දොට්ට…! පත්වෙන්න ඉන්න නව පොලිස්පති මෙන්න..!

    නව පොලිස්පතිවරයා වශයෙන් එස්. එම්. වික්‍රමසිංහ මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වේ. 

    මහනුවර දිගන ප්‍රදේශයේ ඇති වූ ජාතිවාදී කලබල මැඬපැවැත්වීමේදී ඒ මහතා කළ සේවය සලකා බලා මෙම පත් කිරීම සිදු කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

    වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එළඹෙන පළාත් සභා මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීම සඳහා නාමයෝජනා දීමට නියමිතය.

  • අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගය ගැන පක්ෂ විපක්ෂ සියල්ල රත්වෙලා… අළුත්ම තත්වය මෙන්න…

    අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගය ගැන පක්ෂ විපක්ෂ සියල්ල රත්වෙලා… අළුත්ම තත්වය මෙන්න…

    අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව පරාජය කරන බවට ප්‍රකාශ කරන එක්සත් ජාතික පක්ෂය, ඔහුට සහාය පළ කරන මන්ත්‍රිවරුන් 113 දෙනකුගේ අස්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයක් ඊයේ ආරම්භ කර තිබේ.

    එම ලේඛනයට ඊයේ දිනය තුලදී එජාප මන්ත්‍රීවරුන් 80 දෙනෙකු පාර්ලිමේන්තුවේදී අත්සන් කර ඇති අතර විදෙස් ගතව සිටින මන්ත්‍රීවරුන් හා අද දිනයේදී පාර්ලිමේන්තුවට නොපැමිණි මන්ත්‍රිවරුන් ඉදිරියේදී මෙයට අත්සන් කිරීමට නියමිතය.

    ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව මෙම සහාය පළ කිරීමේ යෝජනාව ඉදිරිපත් කර ඇත.

    ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව ලබන 04 දා විවාදයට ගැනීමට නියමිත අතර එක්සත් ජාතික පක්ෂය පවසන්නේ එම යෝජනාව පරාජය කරන බවයි.

    ශක්තිය පෙන්වීමට අවස්ථාවක්:

     පාර්ලිමේන්තුවේ සභානායක, ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසුවේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන අසූවකට ආසන්න පිරිසක් අග්‍රාමාත්‍යවරයාට සහාය පළ කරමින් ඊයේ දිනයේම ලේඛනයකට අස්සන් කර තිබෙන බවයි.

    තවත් හයදෙනකු අස්සන් කිරීමට නියමිත බවත් ඔවුන් විදේශගතව සිට පැමිණි පසුව මෙම ලේඛනයට අස්සන් කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා කීය.

    පක්‍ෂයක් විදියට එක්සත් ජාතික පෙරමුණට තම ශක්තිය පෙන්වීමට අවස්ථාවක් උදාවී තිබෙන බවත් මෙම විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමෙන් එම ශක්තිය පෙන්විය හැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

    ලක්‍ෂ්මන් කිරිඇල්ල, මංගල සමරවීර යන අමාත්‍යවරුන්ද මෙහිදී විශ්වාසභංග යෝජනාවට මුහුණදීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ.

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා මෙහිදී ප්‍රකාශ කර තිබෙන්නේ ආණ්ඩුව නියෝජනය කරන සියලු මුස්ලිම් නියෝජිතයන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටින බවයි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ මෙම පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පැවැත් වුණේ ඊයේ (22දා) දහවල් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 01දීය.

    ”විශ්වාස භංගයේදී අගමැති සමඟයි”- තෙවරප්පෙරුම 

     බුලත්සිංහල එජාප සංවිධායක ධුරයෙන් ඉවත් වුවද ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාස භංගය පරාජය කිරීම සඳහා අගමැති සමඟ හිටගන්නා බව සංස්කෘතික අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පැවැසීය.

    කුමන කලකිරීම් තිබුනද පක්ෂය අත නොහැර පක්ෂය රැකගැනීම සඳහා හැකි පමණින් දායකත්වය ලබා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    අගමැතිට තිබෙන හයිය පෙන්වන්න හොඳ අවස්ථාවක් – බාහු

    ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංගය හරහා පාර්ලිමේන්තුව තුළ තමාට ඇති බලය පෙන්වීමේ හැකියාව අගමැතිවරයාට ලැබෙන බව නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

    ඒකාබද්ධ විපක්ෂයේ වත්මන් පඬිවරයා ලෙස කටයුතු කරන විමල් වීරවංශ විසින් අගමැතිවරයාට එරෙහිව කෙතරම් චෝදනා කළද රනිල් වික්‍රමසිංහ යනු බටහිර බලවතුන් පසුපස දුවන පුද්ගලයකු නොවන බවද ඔහු සඳහන් කළේය.

    පසුගිය දිනවලදී රට තුළ සිදු වූ ජාතිවාදී ගැටුම් පිටුපස සිටියේ විමල් වීරවංශගේ කණ්ඩායම බවද ඔහු සඳහන් කළේය.

    ‘නිදහසේ වේදිකාව’ පසුගියදා (20දා) මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

    ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ කරන දේවල් ?

     ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා එහිදී මෙසේද පැවසිය.

    ”දැන් ක්‍රියාත්මක කරන්න යන අධිකරණය වෙනස් කිරීමට ගන්නා ක්‍රියාමාර්ගයෙන් ප්‍රබල නඩු විසඳුම් ඉක්මනින් ලබා දෙයි. ඒ අනුව දැන් ජාතිවාදය අවුස්සපු උදවිය, ඒ වගේම හොරකම් කරලා රටේ ධන නිධාන විනාශ කරපු උදවිය තමයි මූලික වශයෙන් මේවාට විරුද්ධ.

    ඒ වගේම තමයි අද රටේ තියෙන ලොකුම දේ වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ එළවා දැමීමේ ව්‍යාපාරය. දැන් රනිල් එළවන්න ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංගයක් ගෙනැල්ලා තියෙනවා. විමල් වීරවංශ කියලා තියෙනවා ‘අගමැතිට එරෙහි විශ්වාසභංගයට 118කටත් වැඩියෙන් ඡන්ද ලැබෙනවා. බටහිර න්‍යාය පත්‍රය අවලංගු කරන්න නම් අගමැති එළවිය යුතුයි’ කියලා.

    මම නම් හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහතා මේ විශ්වාසභංගයට කැමැති ඇති. ඒකෙන් අගමැතිට පුළුවන් වෙනවා ඔහුට කොතරම් හයියක් පාර්ලිමේන්තුවේ තියෙනවාද කියලා පෙන්වන්න. ඒක චෙක් කර ගන්න මේ විශ්වාසභංගය ඔහුට ලැබුණු හොඳ අවස්ථාවක් කියලා මම විශ්වාස කරනවා.

    පසුගිය දවස්වල මේ රටේ ඇතිවුණු කලබලකාරී සිදුවීම් පිටුපස්සේ ඉන්නේ කවුද කියලා බැලුවොත් විමල් වීරවංශලාගේ කණ්ඩායම තමයි ඒක පිටිපස්සේ ඉන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ කරන දේවල් තමයි මේ අය මේ රටේ කරන්නේ.

    අපේ රටේ මේ තියෙන ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ව්‍යවස්ථාව වෙනස් කරලා සෑම ජනකොටසකටම පිළිගන්න පුළුවන් සාධාරණ ව්‍යවස්ථාවක් හදා ගැනීම කියන එක බටහිරින් එන එකක් නෙවෙයි. ලෝකයේ වැඩ කරන ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවගෙන් එන එකක්.”

  • යුද්ධය ගැන කියවන ගෝඨාභය ඇත්තටම යුද්ධ කරපු හැටි මෙන්න… සියල්ලන්ගේ දැනගැනීමට…

    යුද්ධය ගැන කියවන ගෝඨාභය ඇත්තටම යුද්ධ කරපු හැටි මෙන්න… සියල්ලන්ගේ දැනගැනීමට…

    එල්.ටී.ටී.ඊ ය විසින් 2006 ජූලි 26 දින මාවිල්ආරු සොරොව්ව වසා දැමිණ. ෆොන්සේකා ඇඳේ සිටියදී ගෝටාබය අණ දුන් මෙහෙයුම් අතර සුප්‍රකට මාවිල්ආරුව ද අමතක කළ නොහැකිය. මෙම කාලය තුල මාවිල්ආරු ප්‍රදේශය භාරව සිටියේ බ්‍රිගේඩියර් මෙන්දක සමරසිංහ ය. මෙන්දක ගෝටාබයට ‘ග්‍රවුන්ඩ් සි‍ටුවේෂන්‘ කියාදීමට ගියේ නැත.

    “මිනිහ කොහෙද අයිෂෙ යුද්ධ කළේ, සිංගප්පූරුවේ ඇද උඩද යුද්ධ කෙලේ? මමනෙ යුද්දෙ පටන් ගත්තෙ. හමුදා මූලාස්ථානය ආරක්ෂා කරගන්ඩ බැරි වුන ලෝකයේ එකම හමුදාපති,කොටි දෙනක් වද්දාගත්තා ගේ ඇතුලට, මට ගහන්ඩ ඕනෙ අයිෂෙ මඩු වල්ගෙන් ඔය මනුස්සය හමුදාපති විදිහට පත් කළාට “. මේ ගෝටාබය නිතර කියන සින්දුවක කොටසකි. එපමනක් නොව මාගල් මෙන් පොත් ලියමින් ගෝටා අපට කියන්නේ යුද්ධය කෙළේ තමන් බවය. යුව රජා නමින් සින්දුවක් හදා කීවේ ද යුද්ධය කෙළේ තමන් බවය.

    කතා බහේ දී පවා අත පය රවුම් කරමින් අවධාරනය කරන්නේ යුද්ධය කෙළේ තමා බවය . මේ නිසා ගෝටාගේ යුද ඉතිහාසය පිලිබඳ හරි අවබෝධයක් ලබා ගැනීම කාට කාටත් වැදගත්ය.

    ගෝටාස් වෝර් පළමු අවධිය 1983 – 91

    ලුතිනන් වාස් ගුණවර්ධන මරණයට පත් කරමින් උතුරේ ගරිල්ලා සටන තීරණාත්මක ලෙස ආරම්භ වන්නේ 1983 වසරේදී ය. මෙම කාලයේ ඉන්දියාවේ අනුග්‍රහය යටතේ දෙමළ සන්නද්ධ කල්ලි ගණනාවක් ක්‍රියාත්මක විය. ප්ලොට්, ඊරෝස් , ඊපීආර්එල්එෆ්, ඊපීඩීපී, ටෙලෝ, එල්ටීටීඊ වැනි සංවිධාන ඒ අතර ප්‍රමුඛ විය. ඔවුන්ගේ ගිනි බලය ටී-56, එල්.එම්.ජී, ලෝකල් බිම් බෝම්බ, ආර්.පී.ජී වැනි සාමාන්‍ය ආයුධ කිහිපයකට සීමා විය. 1987 වසරේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළේය. ඒ අනුව ඉන්දියන් සාම සාධක හමුදාව මෙරටට පැමිණුනි . 1990 තෙක් ඔවුන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විය. 1987 -90 කාලය තුල උතුරු නැගෙනහිර ආරක්ෂාව භාර වූයේ ඔවුන්ට ය. එල්ටීටීඊය ඔවුන් සමග ද යුද වැදීමට තීරණය කිරීමෙන් පසු යුද්ධ කෙළේ ඔවුන් ය.

    1987 – 90 කාලයේ ජ.වි.පෙ දෙවන කැ‍රැල්ල ක්‍රියාත්මක විය. ඒ අනුව උතුර ඉන්දියන් හමුදාවටත්, දකුණ ලංකාවේ හමුදාවටත් බාර විය. දකුණේ ගමක් ගමක් පාසා හමුදා කඳවුරු බිහි විය. 87-90 කාලයේ ගෝටාබයද මාතලේ ඇතුලු කඳවුරු ගණනාවක සේවය කළේය. ජේ.වී.පී මර්දනයට ගෝටා කළ සේවය කොතෙක්ද යත් මාතලේ ගෝටාගේ කඳවුරට අල්ලපු වැටෙන් සමූහ මිනී වලක් මතු විය. ජේ.වී.පී භීෂණ සමයේ ගෝටාබය කළ තවත් වික්‍රමයක් හමුදාව තුල ප්‍රචලිතය. ඒ කාලයේ ප්‍රේමදාස රජයට එරෙහිව මහින්ද රාජපක්ෂ ජිනීවා මානව හිමිකම් සමුලුවකට ගියේය. රජයේ හමුදාව බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනය කරන බවට පැමිණිලි කළේය. සිය චෝදනා ඔප්පු කිරීමට ඡායාරූප සිය ගණනක් ඉදිරි පත් කළේය. එම ඡායා රූප බොහොමයක් ගෝටාබය අයියාට ලබා දුන් ඒවා විය. එකල එය රණවිරුවන් පාවා දීමක් වූයේ නැත.

    ගෝටාබය කෙතරම් කයිවාරු ගැසුවද ගණන් ඉලක්කම් සමග බොරු කළ නොහැකිය. ඔහු යුද්ධ කළා යයි කියන කාලයේ පැවතියේ අවිධිමත් සන්නද්ධ අරගලයකි. සතුරාට කාල තුවක්කු නොතිබිණි, යුධ ටැංකි නොතිබිණි. මිසයිල නොතිබිණි. නාවික බල ඝනයක්, ගුවන් හමුදාවක් නොතිබිණි. මරාගෙන මැරෙන එකා දෙන්නා සිටියත් ඒකකයක් නොතිබිණි, බුද්ධි අංශයක් නොතිබිණි. අවි ප්‍රවාහනයට නැව් නොතිබිණි. ගෝටාගේ සමයේ ක්‍රියාත්මක වූයේ සිල්ලර අවි වලින් සන්නද්ධ වූ ත්‍රස්ත කල්ලි කිහිපයකි. ඔවුනොවුන් මරා ගැනීමම සුලබ දසුනක් විය. ගෝටාගේ කාලයේ පැවතියේ ‘සූපිං ගරිල්ලා‘ සටනක් මිස යුද්ධයක්ද නොවේ. අනෙක් සංවිධාන පරයා එල්.ටී.ටී.ඊ සංවිධානය නැගී සිටින්නේ 90 දශකයේය. එම කාලයේදී ගෝටා යුධ බිමේ සිටියේ වසරක් පමනි.

    1991 වසරේ නොවැම්බර් මස පලමු වැනි දින සෞඛ්‍යය හේතු දක්වා ගෝටාබය විශ්‍රාම ගත්තේය. සෞඛ්‍ය හේතු ලෙස කීවේද මානසික ආබාධයක් තිබෙන බවකි. මේ අනුව ගෝටා යුද්ධයට දායක වූ කාලය ගණන් බැලිය හැකිය. යුද්ධය 83 ජූලි ආරම්භ වන අතර 87 ජූලි මසදී විරාමයක් ලබයි (83-87=4) . 1990 වසරෙ ඉන්දීය හමුදාව පිටව යන අතර යලිත් යුද්ධය ආරම්භ වෙයි . 1990-91 අතර වසරක කාලයක් ගෝටාබය යලි යුධ බිමේ සිටියි . ඒ අනුව ගෝටා උතුරේ යුද්ධයට දායක වූ මුලු කාලය වසර 5 ක් පමනි. මේ අතර තුරද සැලකිය යුතු කාලයක් සාමකාමී ප්‍රදේශ වල ගත කළේය. මෙහෙයුම් වලට සක්‍රීයව දායක වූ කාලය ඉතා අල්පය. ඒවායෙනුත් බොහොමයක ‘බුල කෙලා‘ තිබුනි. ‘කෙලූ බුල‘ පිලිබඳ ලිඛිත වාර්තා ඔහුගේ පෞද්ගලික ලිපි ගොනුවට ඇතුල් කර තිබුනි. නමුත් අද ආරක්ෂක අමාත්‍යංශයේ ඇති ගෝටාගේ පෞද්ගලික ලිපි ගොනුව ඔරිජිනල් එකක් නොව එඩිට් කළ එකකි. මානසික ආබාධයකට කියා විශ්‍රාම ගත් ලිපිය එහෙම දැන් එහි නැත.

    ගෝටාබය ජනපති අතින් ආර්.එස්.පී සහ ආර්.ඩබ්.පී පදක්කම් ලබා ඇත. දිවි පරදුවෙන් සතුරාට ලය දුන් විරුවන් හමුදාව තුල නොමැත්තේ නොවේ. සංග්‍රාමික පදක්කමක් සඳහා මූලික නිර්දේශය ඉදිරිපත් කරන්නේ කඳවුරු අණ දෙන නිලධාරියා තුලිනි. දෙවැනුව අණදෙන රේඛාව හරහා ආරක්ෂක අමාත්‍යශංයට ලඟා වෙයි. සංග්‍රාමික පදක්කම ජනපති විසින් පිරිනැමුවද ඔහු ඒ පිලිබඳ හාංකවිසියක් නොදනී. ජනපති රබර් මුද්‍රාවක් පමණි. කඳවුරු අණදෙන නිලධාරියාගේ කොළඹ නිවසට බුරුත ගස් කැපීමට ගොස් තුවාල ලැබූ අයෙකුට සංග්‍රාමික පදක්කමක් පිරිනැමූ අවස්ථාවක් මා සියැසින් දැක ඇත. ගස් කැපීමට ගොස් තුවාල වූ හමුදා සාමාජිකයාට කොටි ගැහුවා යයි කියා අණදෙන නිලධාරියා වාර්තාව සකස් කර තිබුනි. ආර්.එස්.පී සහ ආර්.ඩබ්.පී විවාදාත්මක වූ අවස්ථා එමටය.

    ගෝටාස් වෝර් දෙවන අදියර 2005-2009

    ගෝටාබය ආරක්ෂක ලේකම් ධූරයට පත්වන්නේ 2005 වසරේදීය. ඒ අනුව ගෝටාගේ යුද්ධයේ දෙවන අදියර 2005-2009 කාලය තුල විහිද යයි. 2006 අප්‍රියෙල් 25 සරත් ෆොන්සේකා බෝම්බ ප්‍රහාරයට ලක්වන අතර, යලි සේවයට පැමිණෙන්නේ 2006 ජූලි මස 12 දිනය. ෆොන්සේකා ඇඳ උඩ සිටියදී ගෝටාබය යුධ පෙරමුනට නායකත්වය දෙන්නේ මෙකල්හි ය. එම කාලය මාස දෙක හමාරක් තුනක් පමන වෙයි. මෙම කාලය තුල ගෝටාබයගේ අණින් ක්‍රියාත්මක වූ පූනානි මෙහෙයුම අමතක කළ නොහැකිය. එම කාලයේදී 23 වන සේනාංකාධිපතිව සිටි දයා රත්නායක මහතා හදිසි අනතුරකින් රෝහල්ගතව සිටි අතර තනතුරේ වැඩ බලන ලද්දේ කර්නල් එම්. ජයවර්ධනය.

    පූනානි ප්‍රදේශයේ කොටි කඳවුරක් ඇති බවට තමාට තොරතුර ඇති බව ගෝටාබයට වාර්තා කළේ කර්නල් ජයවර්ධන ය. ගෝටාබයගේ උපදෙස වූයේ ට්‍රක් රථ දෙකකින් හමුදා පිරිස් ගෙන ගොස් මඩකළපුව – පොළෙන්නරුව මාර්ගයේ 43 සැතපුම් කනුව අසල බස්සවා හිමිදිරියේම ‘ඇඩ්වාන්ස්‘ කරන ලෙසය. එහිදී භූමියේ තත්වය පිලිබඳව කර්නල් ජයවර්ධන, ගෝටාබය ට විස්තරයක් කළේය. හිමිදිරියේ ‘ඇඩ්වාන්ස්‘ කිරීම අනතුරු දායක බව පෙන්වා දුන්නේය. කර්නල් ජයවර්ධන වෙත බැණු වැදුණු ගෝඨාභය කීවේ ”තමන් ග්‍රවුන්ඩ් එක හොඳින් දන්නා බවය”. පසලොස් වසරකට පෙර ගෝඨාභය දැන සිටි ‘ග්‍රවුන්ඩ් සිටුවේෂන්‘ එක අනුව ගෝටාබයට පින්සිදු වන්නට ක්‍රියාන්විතයේ යෙදුණු හමුදාවේ සෙබලු 28 දෙනෙකු මිය ගිය අතර 4 දෙනෙකු අද දක්වාම අතුරුදහන් ය.

    එල්.ටී.ටී.ඊ ය විසින් 2006 ජූලි 26 දින මාවිල්ආරු සොරොව්ව වසා දැමිණ. ෆොන්සේකා ඇඳේ සිටියදී ගෝටාබය අණ දුන් මෙහෙයුම් අතර සුප්‍රකට මාවිල්ආරුව ද අමතක කළ නොහැකිය. මෙම කාලය තුල මාවිල්ආරු ප්‍රදේශය භාරව සිටියේ බ්‍රිගේඩියර් මෙන්දක සමරසිංහ ය. මෙන්දක ගෝටාබයට ‘ග්‍රවුන්ඩ් සි‍ටුවේෂන්‘ කියාදීමට ගියේ නැත. ගෝටාබය කියන විදිහටම යුද්ධ කළේය. නමුත් මාවිල්ආරුව විවෘත කර ගැනීමට ගෝටාබයගේ අණ යටතේ වූ ක්‍රියාත්මක වූ සීමිත මෙහෙයුම් 12 ක් සම්පූර්ණයෙන්ම අසාර්ථක විය. මැරුම් කෑ සෙබළුන් ගණන 38 කි. මාවිල්ආරුව විවෘත කර ගත හැකි වූයේ ෆොන්සේකා යලි සේවයට වාර්තා කිරීමෙන් පසුවය. ගෝටාබයගේ යුද සැලසුම් කුණු කූඩයට විසිකළ ෆොන්සේකා යුධ පෙරමුනට සෘජුවම අණ දුන්නේය. ෆොන්සේකාගේ අණ යටතේ ක්‍රියාත්මකවූ ‘ඔපරේෂන් වෝටර් ෂෙඩ්’ මගින් 2006 අගෝස්තු 11 දින මාවිල් ආරු සොරොව්ව විවෘත කෙරිණ.

    2005- 2009 යුද්ධය අතර තුර ගෝටාබය යාපනයට ගොස් තිබුනේ සිව් වතාවකි. දෙවතාවක් නැගෙනහිරට ගියේය. මෙම සංචාරයන්ද ඉදිරි ආරක්ෂක වළල්ලට නොව මෙහෙයුම් මූලස්ථාන වලට සීමා වූ ඒවාය.

    යුද්ධයට සමගාමීව අවි ආයුධ මිලදී ගැනීම සම්බන්ධව ගෝටා තනි අතේ ගේමක් ගැසුවේය. ලංකා ලොජිස්ටික් යනු ඔහු ඇටවූ වෙස්මුහුනකි . යුද්ධය අවසානයේ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට කොළඹින් දුන් ඉඩම් හුදු සේවය ඇගයීමක් නොව අල්ලසකි. හමුදා මුලස්ථානයට එල්ල වූ ප්‍රහාරය සමබන්ධව ගෝටා කියන කථාව හරසුන්ය. ලොව හමුදා මූලස්ථාන හමුදාපතිවරුන් සමගම ප්‍රහාරයට ලක් වූ අවස්ථා ඉතිහාසයේ එමටය. කොටින්ම ඇමරිකාවේ පෙන්ටගනයට පවා ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කෙළේය. කෙසේ වුවද හමුදා මූලස්ථානය ආරක්ෂා කර ගැනීමට නොහැකි වුනි යයි ෆොන්සේකාට චෝදනා කරන ගෝටා අවසානයේ එකී කොළඹ පිහිටි හමුදා මූලස්ථානයම පිට රටකට විකුණා දැමුවේය. අදත් හමුදාව තැන තැන නන්නත්තාරව සිටින්නේ ය.

    යුධ නිමාවත් සමගම මිලිටරියට අමතරව ගෝටා සිවිල් සේවයට පිවිසෙන අතර එම කතාව මීලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න

    උපුටා ගැනීම –  Lanka Leaks 

     

  • උදිත ලොකු බණ්ඩාර මහින්දගේ නම විකුණා කෝටි ගාණක් තනියම කාලා මාට්ටු..! ඇත්ත මෙන්න..

    උදිත ලොකු බණ්ඩාර මහින්දගේ නම විකුණා කෝටි ගාණක් තනියම කාලා මාට්ටු..! ඇත්ත මෙන්න..

    හිටපු ජනාධිපති වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් උදිත ලොකුබණ්ඩාර නමැත්තා මහින්ද රාජපක්ෂගේ නම විකුණමින් මහින්ද රාජපක්ෂට සතයක් හෝ ලබා නොදී විවිධ පුද්ගලයන්ගෙන් විවිධ අවස්ථාවලදී රුපියල් කෝටි ගණනක මුදල් අල්ලස් ලෙස ලබා ගෙන ඇතැයි හෙළිදරව් වීම නිසා ඔහුව මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

    උදිත ලොකු බණ්ඩාර මහින්ද සමග හමුවීමක් යොදා ගැනීම සඳහා පවා ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගෙන තිබේ.

    මේ නිසා උදිතව මහින්දගේ පෞද්ගලික ලේකම් ධූරයෙන් ඉවත් කර හපුතලේ පොහොට්ටුවේ ආසන සංවිධායක ලෙස පත් කර මහින්දගේ ආසන්නයෙන් ඉවත් කර ඇත.

    පසුගිය මැතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට ලක් වූ මධූෂා රාමසිංහ නමැති නිළියට පොහොට්ටු පක්ෂයෙන් නාම යෝජනා ලබා දීම සඳහා ඇයගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා යැයි නම සඳහන් වූයේ ද උදිත ලොකු බණ්ඩාරගේ නම ය.

    මහින්ද රාජපක්ෂ යනු තමන්ව විකුණා යමෙක් මුදලක් ලබා ගත්තද ඉන් කොටසක් තමන්ටත් ලැබෙනවා නම් ඒ ගැන ගැටළුවක් ඇති කර නොගන්නා ජාතියේ චරිතයකි. සජින් වාස් ගුණවර්ධන දිගු කාලයක් මහින්ද රාජපක්ෂගේ සමීපතමයෙකු ලෙස කටයුතු කෙළේ ඒ ධර්මතාවය අනුදැන සිටි නිසාය. මහින්දගේ හිටපු පෞද්ගලික ලේකම්වරයෙකු වූ චමල්ගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ මෙන් උදිත ලොකු බණ්ඩාර ද තනියම කෑමට ගොස් වැඩේ අනාගෙන තිබේ. ශෂීන්ද්‍ර ද මහින්දගේ පුද්ගලික ලේකම් ධූරය දරා ඊට කෙළවා ගත්තේ තනියම කෑමට යෑමෙන් සහ නිසි ලෙස මහින්දට කුට්ටිය බෙදමින් සිටි සජින් වාස්ට කැපිල්ල දැමීමට යෑමෙන් අනතුරුව ය.

    මහින්ද ඈත් කිරීමත් සමග උදිත, ගෝඨාභය රාජපක්ෂ වෙත කිට්ටු වී ඇතැයිද දැන ගන්නට තිබේ. මෙහි දැක්වෙන සේයාරුව ඊට සාක්ෂි සපයයි.

    (ලංකා ඊ නිව්ස්)

  • HIV බියක් එක්ක පුවත් මැවු කුලියාපිටියෙන් ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත්වූ පුංචි පුතාගේ අද තත්වය මෙන්න

    HIV බියක් එක්ක පුවත් මැවු කුලියාපිටියෙන් ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත්වූ පුංචි පුතාගේ අද තත්වය මෙන්න

    “HIV බියක්” හේතුවෙන් පසුගිය වකවානුවේ සමාජය තුළ වැඩි අවධානය  හිමිකර ගත් කුලියාපිටියේ දරුවා දැනට පදිංචිව සිටින කුලී නිවසේ කුලී මුදල වාර්ෂිකව ලබාදීමට අබාන්ස් පෞද්ගලික ආයතනය මේ වසරේදීත් කටයුතු කරනු ලැබුවා.

    මහනුවර ති‍්‍රත්ව විද්‍යාලයේ මේ වන විට අධ්‍යාපනය හදාරන කුලියාපිටියේ දරුවා දැනට පදිංචිව සිටින කුලී නිවසේ කුලී මුදල 2016 වසරේ මාර්තු මාසයේ සිට වාර්ෂිකව ලබාදීමට එම ආයතනය ඉදිරිපත් වුණා.

    ඒ අනුව 2018 වසර සඳහා වන කුලී මුදලට අදාළ චෙක්පත  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වෙත ලබාදීම අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු කෙරුණා.

    සමාජ සංවේදී සිදුවීම්වලදී මානුෂීයව මැදිහත්වීම පිළිබඳ පුද්ගලිකවම එම ආයතනයට තමා ස්තූතිවන්ත වන බව මෙහි දී  අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

    “HIV බියක්” හේතුවෙන් පසුගිය වකවානුවේ සමාජය තුළ වැඩි අවධානය  හිමි කර ගත් කුලියාපිටිය දරුවාගේ  ඉදිරි අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව සිදු කර ගෙන යාම සඳහා ඔහු දැනට ඉගෙනුම ලබන මහනුවර ප‍්‍රදේශයේ පාසල ආසන්නයෙන්ම නිවසක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා පියවර ගත්තේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ සෘජු උපදෙස් මතයි.

    (මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් මහතා ද එක්ව සිටියා.)