Author: Editor[A]

  • අැමති දුමින්ද හීනයක් දකිනවා.. ග්ලයිෆොසේට් තහනම ඉවත් වන්නේ නෑ – රතන හිමිගෙන් ප්‍රකාශයක්.

    අැමති දුමින්ද හීනයක් දකිනවා.. ග්ලයිෆොසේට් තහනම ඉවත් වන්නේ නෑ – රතන හිමිගෙන් ප්‍රකාශයක්.

    ග්ලයිෆොසේට් වල් නාශකය සඳහා පනවා ඇති තහනම මෙතෙක් ඉවත් කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසයි.
    උන්වහන්සේ පෙන්වා දෙන්නේ අදාළ තහනම ඉවත් කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බවයි.
    පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පූජ්‍ය අතුරලියේ රතන හිමි මෙම අදහස් පළ කළේය.
    කෙසේවෙතත්  ග්ලයිෆොසේට් වල් නාශකය සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීමට මේ වන විටත් යෝජනා ඉදිරිපත් වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
    යම් හෙයකින් ගල්යිෆොසෙට් තහනම ඉවත් කිරීමට රජය පියවර ගතහොත් වස විසෙන් තොර ගොවිතැන සඳහා සහය පළ කරන කණ්ඩායමක් සමඟ එක්වීමට තමන් සූදානම් බව ද පූජ්‍ය අතුරලියේ රතන හිමි සඳහන් කරයි.
  • බේරේ වැව ඉස්සරට ගිහින් Sexy සචිනි නටපු Hotම Hot නැටවිල්ල මෙන්න (VIDEO)

    බේරේ වැව ඉස්සරට ගිහින් Sexy සචිනි නටපු Hotම Hot නැටවිල්ල මෙන්න (VIDEO)

    ජනප්‍රිය නිවේදිකා සචිනි නිපුන්සලා මේ වෙද්දි නිවේදිකාවක් විදිහට විතරක්ම නෙමෙයි නර්ථන ශිල්පිණියක් ලෙසත් ගොඩක් ජනප්‍රියයි.

    පසුගිය දිනවල ඇය කරපු  cover video කිහිපයක්ම ඉතාමත් ජනප්‍රියත්වයට පත්වුණා.

    මේ අතර ඇය තවත් අපූරු නර්ථනයක් සිදු කර තිබෙනවා. මෙය හින්දි ගීතියකට නිර්මාණය කර ඇති අතර මෙය පටිගත කර තිබෙන්නේ බේරේ වැව ඉදිරිපිටයි.

    එම වීඩියෝව පහතින්…

  • අගමැති රනිල්ගේ අනුග්‍රහයෙන් සමලිංගික අධ්‍යාපණය පාසල් විෂය මාලාව ඔස්සේ සිසුන්ටත්..

    අගමැති රනිල්ගේ අනුග්‍රහයෙන් සමලිංගික අධ්‍යාපණය පාසල් විෂය මාලාව ඔස්සේ සිසුන්ටත්..

    ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාවට “සම අධ්‍යාපනය ” (Think Equal) නම් නවතම විෂයක් හදුන්වාදීමේ සූදානමක් පිලිබදව කතා බහක් ඇතිවෙමින් පවතිනවා.

    “තින්ක් ඊක්වල්” නම් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන මෙම ව්‍යාපෘතියේ මෙරට ප්‍රධානීත්වය දරන්නේ අරිත් වික්‍රමසිංහ නම් පුද්ගලයෙකු විසිනි. ඔහු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයන් කිහිප දෙනෙකු සමග සමීප සබදතාවක් පවත්වන බවද පැවසේ.

    LGBT (lesbian, gay, bisexual, and transgender) සමලිංගික/ද්වීලිංගික ක්‍රියාකාරම් සහිත ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාකාරීව සිටින අරිත් වික්‍රමසිංහ ගෝලීය LGBT ප්‍රජාවේ අනාගත නායකයන් 30 දෙනාගේ ලයිස්තුවට ෆිනෑන්ෂල් ටයිම්ස් සගරාව විසින් නම් කරන ලද අයෙකුද වෙයි.

    “ඩේලි මිරර්” පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ “Think Equal” විෂය ලොවපුරා රටවල් දාහතක පාසල්වලට හදුන්වා දීමට සූදානම් වන අතර ශ්‍රී ලංකාව එම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන පළමු රට බවට පත්වන බවයි.

    වයස අවුරුදු 3ත් 7ත් අතර දරුවන් සමග පෙර පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවද ඔහු පවසයි. දරුවන් තුළ පෞරුෂ වර්ධනයේ ආරම්භක අවධිය එම වයස් ඛාණ්ඩය වන බැවින් ඔවුන් ඉලක්ක කරගත් බවද ඔහු ප්‍රකාශ කරයි. මේ වන විටත් මෙරට පෙර පාසල් 60ක මෙම ව්‍යාපෘතිය අත්හදා බලමින් සිටින බවද හරිත් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත.

    මෙරට ක්‍රියාත්මක කරන මෙම සමස්ථ ව්‍යාපෘතිය සදහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පූර්ණ සහයෝගය ලැබෙන බවද හෙතෙම කියා සිටී.

    සමලිංගිකත්ව සංස්කෘතිය පිළිබදව වඩාත් සාධනීය වටපිටාවක් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ගොඩනැගෙමින් පවතින් බවත්, ඉදිරි වසර 10-20 තුළ LGBT (සමලිංගික/ද්වීලිංගික) ප්‍රජාව වෙනස් කොට නොසලකන සමාජයක් බිහිකළ යුතු බවද හරිත් වික්‍රමසිංහ කියා සිටී. සමලිංගික සේවනය මෙරට තුළ තහනම් කර ඇති පැරණි නීති අවලංගු කළ යුතු බවත්, නව ව්‍යවස්ථාව තුළින් එම අයිතියි පිළිගත යුතු බවත් හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

    “තින්ක් ඊක්වල්“ රාජ්‍ය නොවන සංවිධානය ප්‍රමුඛ ලෙස “ලිංගික සමානාත්මතාවය“ වෙනුවෙන් පෙනී සිටින සංවිධානයකි. පසුගිය සමයේ කොළඹ සංවිධානය කළ “සමලිංගික සැණකෙලි“ සදහාද ඔවුන්ගේ අනුග්‍රහය ලැබිණි. එම සංවිධානය මේ වන විට දේශපාලන, කලා හා ක්‍රීඩා ක්ෂේත්‍රවල ප්‍රකට චරිත කිහිපයක් සම්බන්ධ කරගෙන සංහිදියා, සමානාත්මතා ව්‍යපෘති කිහිපයක් ක්‍රියාත්මක කර ඇත.

  • අගමැති රනිල්ට එරෙහි විශ්වාස භංගයේදී රනිල් එක්ක හිටගන්න ශ‍්‍රීලනිප ඇමති සෙට් එක මෙන්න…

    අගමැති රනිල්ට එරෙහි විශ්වාස භංගයේදී රනිල් එක්ක හිටගන්න ශ‍්‍රීලනිප ඇමති සෙට් එක මෙන්න…

    අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙවිව කතානායකවරයාට බාර දී ඇති විශ්වා භංග යෝජනාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් හය දෙනෙකු පමණ විරුද්ධ වීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.

    ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක, ඇමති මහින්ද සමරසිංහ, ඇමති විජිත් විජයමුණු සොයිසා, ඇමති සරත් අමුණුගම, රාජ්‍ය ඇමති පියසේන ගමගේ, නියෝජ්‍ය ඇමති මනුෂ නානායක්කාර එසේ විරුද්ධ වනු ඇති බව එජාප ආරංචි මාර්ග සදහන් කරයි.

    විශ්වාස භංගය පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකට ලක් කරන දිනයේදී සිය ඡන්දය විරුද්දව භාවිත කරනු ඇති බවද එම ආරංචි මාර්ග කියයි.

     

  • විශ්වාස භංග යෝජනාවේදී මගේ සහය අගමැති රනිල්ට – දුමින්ද දිසානායකගෙන් ප්‍රකාශයක්..

    විශ්වාස භංග යෝජනාවේදී මගේ සහය අගමැති රනිල්ට – දුමින්ද දිසානායකගෙන් ප්‍රකාශයක්..

    අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාවට තමන් තරයේ විරුද්ධ බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.

    එය තමන්ගේ පෞද්ගලික මතය විනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය නොවන බව අවධාරණය කරන ඇමතිවරයා, අදාළ විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂය මෙතෙක් කිසිදු තීරණයකට එළැඹ නැති බවත් බීබීසී සිංහල සේවයට පැවසීය.

    “නිල වශයෙන් පක්ෂය තීන්දුවක් අරගෙනත් නෑ. ඒවගේම විශ්වාස භංගයට මුල් වෙලා කටයුතු කරන කණ්ඩායම නිල වශයෙන් අපට ආරාධනා කිරීමක්, සාකච්ඡා කිරීමක් හෝ වෙනත් කිසිම දෙයක් කරලා නැහැ,” කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියි.

     

  • අවුරුදු 76ක් නොකළ වැඩක් නොකළ දෙයක් මාර්තු 24  ප්‍රසිද්ධියේ කරන්න වික්ටර් සැරසෙයි

    අවුරුදු 76ක් නොකළ වැඩක් නොකළ දෙයක් මාර්තු 24 ප්‍රසිද්ධියේ කරන්න වික්ටර් සැරසෙයි

    ප්‍රවීණ සංගීතවේදී, ආචාර්ය වික්ටර් රත්නායකයන් පිළිබඳ මෑත කාලයේ විශාල වශයෙන් කතාබහට ලක්වූයේ ගායකයකු සහ නිර්මාණවේදියකු ලෙස ඔහු කළ නිර්මාණ නිසාම පමණක් ‍නෙවෙයි. ඔහුගේ දෙවැනි විවාහය සහ ඉන් අනතුරුව සිදුවූ ඇතැම් සිදුවීම් නිසා ඇතැමුන් වික්ටර් රත්නායකයන් දෙස වෙනස් කෝණයකින් බලන්නට පෙළැඹුණු බවත් රහසක් නොවෙයි.
    වික්ටර් රත්නායකයන් සිය 76 වැනි උපන්දිනය සැමරුවේ පසුගිය පෙබරවාරි 18 වැනිදායි. ඇතැමුන් ඔහුගේ පෞද්ගලික ජීවිතයට එබි බලමින් විවිධ චෝදනා පවා ඔහු වෙත එල්ල කළත් මේ ‍‍‍ජ්‍යෙෂ්ඨ සංගීතවේදියා ඒවා තමන්ගේ ගමනට කිසිදු අයුරකින් බාධාවක් බවට පත්කරගෙන නැහැ. තවමත් ගායන ශිල්පියෙකු ලෙස ප්‍රසංග වේදිකාවේ සක්‍රීයව නියැළී සිටින ආචාර්ය වික්ටර් රත්නායක මේ දිනවල වෙනස්ම ආරක ඒක පුද්ගල ප්‍රසංගයක් සඳහා සූදානම් වෙනවා රිද්ම ට කවදත් ලෙන්ගතු වික්ටර් රත්නායකයන් ඒ පිළිබඳ මුලින්ම හෙළිකළේ අපිටයි. 
    ඔබ ‘ස’ ප්‍රසංග මාලාවෙන් දශක ගණනාවක් පුරා ලංකාවේ ගීත ලෝලීන් මුසපත් කළ සංගීතවේදියෙක්. හැබැයි මෙවර ඔබ සූදානම් වෙන්නේ ඔබ මීට පෙර කවදාවත් ලබා නොදුන් විදිහේ ප්‍රාසාංගික අත්දැකීමක් ඔබේ රසිකයන්ට ලබා දෙන්නයි කියලා කියන්න පුළුවන්ද?
    ඇත්තටම ඔව්. මා පමණක් නොවෙයි මීට කලින් අපේ රටේ කිසිදු සංගීතඥයෙක් මේ විදිහේ ප්‍රසංගයක් පවත්වලා නැහැ. මොකද මෙය ලෙහෙසි පහසු සංගීතඥයකුට පවත්වන්න පුළුවන් විදිහේ ප්‍රසංගයක් ‍නෙවෙයි. මාර්තු 24 වැනිදා සවස 7.00ට කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට ආවොත් ඕනෑම කෙනෙකුට මේ නැවුම් අත්දැකීම විඳගන්න පුළුවන්. ප්‍රසංගයේ නම තමයි සරස – මගේ නොවන මගේම ගී.
    මගේ නොවන මගේම ගී කියන පාඨය අහන ඕනෑම කෙනෙකුගේ සිතට කුතුහලයක් නැගෙනවා ආචාර්ය වික්ටර් රත්නායකයන් මෙවර මොන විදිහේ පෙරළියක් ප්‍රසංග වේදිකාව මත කරන්නද මේ සූදානම් වෙන්නේ කියලා. ඇත්තටම මොකක්ද මේ වෙනස? 
    මේ ප්‍රසංගයේදී මා විසින් ගායනා කරනු ලබන ගීතවල ස්වභාවය අනුව තමයි ප්‍රසංගය ඒ විදිහට හඳුන්වන්න තීරණය කළේ. මේ ප්‍රසංගය කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්. ප්‍රථම භාගයේදී මම ගායනා කරන්නේ නැසී ගිය ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරු මා වෙනුවෙන් නිර්මාණය කර දුන් තනුවලට මා ගායනා කළ ගීත දොළහක්. දෙවැනි භාගය වෙන්වෙන්නේ මගේ තනු නිර්මාණවලට නැසී ගිය ගායක ගායිකාවන් ගායනා කළ ගීතවලටයි. එවැනි ගීත දහයක් මා එදාට ගායනා කරනවා. මේ ප්‍රසංගයේදී මම ගායනා කරන මුළු ගීත සංඛ්‍යාව 22ක්. නිරෝෂා විරාජිනී සහ සමිතා මුදුන්කොටුව මට යුග ගීත ගායනයේදී සහය වෙනවා. ප්‍රසංගය සංගීතවත් කරන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින්.
    කවුරු සංගීතවත් කළ ගීතද ඔබ පළමු ගීත දොළහට තෝරා ගත්තේ?
    ඩබ්ලිව්.ඩී. අමරදේව, ආර්.ඒ.චන්ද්‍රසේන. ඩී.ආර්.පීරිස්, එම්.කේ. රොක්සාමි, ප්‍රේමසිරි කේමදාස, ලයනල් අල්ගම, සෝමපාල රත්නායක, ස්ටැන්ලි පීරිස්. සෝමදාස ඇල්විටිගල, සරත් දසනායක, පුණ්‍යසිරි මහවත්ත සහ මර්වින් පෙරේරා යන සංගීතවේදීන්ගේ ගීත තමයි ඒ ගීත දොළහට ඇතුළත් වෙන්නේ. 
    වෙනත් ගායක ගායිකාවන් ගායනා කළ ගීත ඔබේ හඩින් රස විඳින්නට ලැබිම ගීත ලෝලීන්ට අපූරු අත්දැකීමක් වෙනවාට සැකයක් නැහැ. එදාට ඔබ ගායනා කරන්නේ කාගේ ගීතද කියලා කියන්න පුළුවන්ද? 
    මිල්ටන් පෙරේරාගේ දෙතුන් වතාවක්, ඩබ්ලිව්. ඩී.අමරදේවයන්ගේ කුමරියක පා සළඹ, වින්සන්ට් ප්‍රේමසිරිගේ චිත්‍රාවනි ඔබ, සිසිර සේනාරත්නයන් සමග මා ගැයූ මංගල මල්දම, මිල්ටන් මල්ලවාරච්චිගේ සුන්දරත්වයෙන් පිරි, ෆේ‍රඩී සිල්වාගේ කුණ්ඩුමනී, එච්.ආර්.ජෝතිපාලගේ – රාජ කිරුළු, එම්.එස්. ප්‍රනාන්දුගේ – උපන් හදවියේ, අබේවර්ධන බාලසූරියගේ ගංගා සහ රුක්මනී දේවියගේ ඔබ යන ගමනේ යන ගීත තමයි මා සංගීතවත් කර වෙනත් ගායක ගායිකාවන් ගායනා කළ ගීත විදිහට මා එදාට ගායනා කරන්නේ.
    දශක ගණනාවක් පුරා තමන්ගේම ගීත පමණක් ප්‍රසංග වේදිකාවේදී ගායනා කළ ඔබට මෙවැනි වෙනස් ආරක ප්‍රසංගයක් පැවැත්වීමට හිතුණේ ඇයි? 
    ඇත්තටම මා එදාට ගායනා කරන ගීත මුලින් ගායනා කළ සහ ඒවා සංගීතවත් කළ  නැසී ගිය සංගීතවේදීන්ට උපහාර පිණිස මිස අන් කිසිදු හේතුවක් නිසා ‍නෙවෙයි, මම මෙවැනි ප්‍රසංගයක් පවත්වන්නේ. මගේ උපන්දිනය යෙදී තිබුණු පසුගිය පෙබරවාරි 18 වැනිදා තමයි මේ ප්‍රසංගය පවත්වන්න මුලින් දින නියම කරලා තිබුණේ. නමුත්, මැතිවරණ සහ වෙනත් හේතු කිහිපයක් නිසා මාර්තු 24 වැනිදා දක්වා කල් දමන්න සිද්ධ වුණා. 
    නැසී ගිය සංගීතඥයන්ගේ ගීත, ප්‍රසංග සඳහා යොදා ගනිද්දී ඇතැම් විට ඒවායේ අයිතිය සම්බන්ධයෙන් ගැටලු පැන නගින අවස්ථා අප දැක තිබෙනවා. ඔබේ ප්‍රසංගය සම්බන්ධයෙන් එවැනි අර්බුදයක් ඇති නොවේවි කියලා විශ්වාසද?
    මම ගයන ඒ ගීත අයිතිය නැසී ගිය සංගීත අධ්‍යක්ෂවරුන්ගේ පවුල්වල උදවියට හෝ ඒ ගීත දැනට පවරා ගෙන තිබෙන පාර්ශ්වයන්ට කර්තෘ භාග ගෙවලයි මම ඒ ගීත ගායනා කරන්නේ. ඒ නිසා එවැනි කිසිදු ගැටලුවක් ඇති වීමට හේතුවක් නැහැ.
    ප්‍රවීණ ගායක ගායිකාවන් බහුතරයකගෙන් අද අලුත් ගීත අසන්නට ලැබෙන්නේ නැහැ. නමුත් ඔබ ඊට වෙනස් ?
    ඔව්, මොකද මම කවදාවත් නිර්මාණවලින් මිදිලා ඉන්නේ නැහැ. මම සංගීතවත් කරලා ගායනා කළ ගීත ඇතුළත් ආදරෙයි මං කියන චිත්‍රපටය පසුගිය දිනවල සිනමා ලෝලීන්ට රස විඳින්නට ලැබුණා. පසුගිය මාස 8 – 10 ක කාලය තුළ මම ගීත 30ක් අලුතෙන් ගායනා කළා. නමුත් ඒ එක ගීතයක්වත් කිසිදු නාලිකාවකින් ප්‍රචාරය වෙන්නේ නැහැ. අද ගීත ශ්‍රවණය කරන්න ලබා දෙනවාට වඩා රූපගත කළ ගීතවලට තමයි මාධ්‍යවලින් වැඩි ඉඩක් ලබා දෙන්නේ. 
    ඔබත් වීඩියෝවක්ද සහිතව අලුත් ගීතයක් එළි දැක්වූවාද?
    ඔව්. ඒ තමයි මගේ සඳ ඇවිත් කියන ගීතය. ඒ ගීතයට ඉතාම හොඳ මට්ටමේ ප්‍රතිචාර ලැබුණා.
    24 වැනිදා පැවැත්වෙන ප්‍රසංගය රට පුරා පවත්වන එවැනි ප්‍රසංග මාලාවක ආරම්භය විදිහට හඳුන්වන්න පුළුවන්ද? 
    කොහෙත්ම නැහැ. එවැනි ප්‍රසංගයක් නැවතත් පැවැත්වීමේ බලා‍පොරොත්තුවක් මා තුළ නැහැ.
    එහෙනම් ‘ස’ වැනි ඒක පුද්ගල ප්‍රසංග මාලාවක් නැවතත් රස විඳින්න ලැබේවි කියලා බලා‍පොරොත්තුවක් තබා ගන්න හැකි වේවිද? 
    ‘ස’ ප්‍රසංගය වාර 1500ක් පවත්වලයි මම එය නතර කර දැමුවේ. නැවත එවැනි ඒක පුද්ගල ප්‍රසංග මාලාවක් පැවැත්වුවත් එය ‘ස’ ප්‍රසංගය වගේම ප්‍රසංගයක් වෙන එකක් නැහැ. අපි තවම ඒ ගැන සැලසුම් කරමින් සිටින නිසා දැන්ම ඒ ගැන වැඩියමක් කියන්න බැහැ.
    මේ ප්‍රසංගයෙන් පස්සේ ඔබේ සංගීත කටයුතු පෙළ ගැහිලා තියෙන්නේ මොන විදිහටද? 
    මාර්තු 27 වැනිදා මම ඇමෙරිකාවේ සහ කැනඩාවේ සංචාරයක් සඳහා පිටත්ව යනවා. ටී.එම්. ජයරත්න සහ සුනිල් එදිරිසිංහ සමග පවත්වන ප්‍රසංග මාලාවක් සඳහායි මම විදේශ ගත වෙන්නේ.
    ඔබේ කාර්යබහුල සංගීත දිවියට ඔබේ බිරිඳගෙනුත් විශාල සහයෝගයක් ලැබෙනවා ඇති නේද? 
    ඇත්තටම ඔව්. මගේ ගීත පිටපත් කිරීමේ සිට හැමදෙයක්ම ඇගේ අතින් තමයි ඉටුවෙන්නේ.
  • අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගය ගැන ශ්‍රිලංනිප ස්ථාවරය මෙන්න – මහින්දගෙන් ප්‍රකාශයක්…

    අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගය ගැන ශ්‍රිලංනිප ස්ථාවරය මෙන්න – මහින්දගෙන් ප්‍රකාශයක්…

    අගමැතිවරයාට එරෙහිව ගෙනු එනු ලැබූ විශ්වාසභංග යෝජනාවට රටේ අවශ්‍යතාවය පිළිබඳව සලකා ලබමින් සහයෝගය ලබා දීමට ඉඩ ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා.

    ඊයේ (21) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

    “විශ්වාසභංගය ගැන පක්ෂය විදියට සාකච්ඡා කරලා පොදු තීරණයක් ගන්නවා. සහයෝගය නොදෙනවා කියලා තීරණයක් නෑ. රටට හොද දෙයක අවශ්‍ය දෙයක් වෙනුවෙන් තීරණයක් ගන්නවා. හොඳ දේකට අපේ සහය තියනවා. බලාගෙන ඉන්න.” අමාත්‍යවරයා පවසා සිටියා.

    එසේම ඊයේ (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක පවසා සිටියේ විශ්වාසභංග යෝජනාවට සහය ලබා දීමට පක්ෂයට නිල ආරාධනාවක් ලැබුනුහොත් ඒ පිළිබඳව සලකා බැලිය හැකි බවයි.

    “මේ විශ්වාසභංග යෝජනාව ගැන කවුරුත් නිල වශයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක්ක සාකච්ඡා කළේ නෑ. කිසිම කෙනෙක් ඉල්ලීමක් කරලත් නෑ අපෙන් කවුරු හරි ඉල්ලීමක් කරනවා නම් අපි මධ්‍යමකාරක සභාව කැඳවලා මධ්‍යම කාරක සභාවේ තීන්දුව පක්ෂයේ තීන්දුව ලෙස කියන්න පුළුවන්.”අමාත්‍යවරයා පවසා සිටියා.

  • ලෝක කුසලානයට පෙර අපේ සිංහයෝ සහභාගි වන සුපිරි තරගාවලි ටික මෙන්න…

    ලෝක කුසලානයට පෙර අපේ සිංහයෝ සහභාගි වන සුපිරි තරගාවලි ටික මෙන්න…

    ශ්‍රී ලංකා වාසීන්ට ක්‍රිකට් ක්‍රීඩාව දෙවැනි වන්නේ තම ආගමට පමණයි. ඒ තරමටම ශ්‍රී ලාංකිකයන් ක්‍රිකට් ක්‍රීඩාවට කැමතියි.  ආදරෙයි.  රටවැසියා බලාපොරොත්තු වන්නේ ක්‍රිකට් ජයග්‍රහණයි.  මොන ක්‍රීඩාව දියුණු උනත් කොයි ක්‍රීඩාව ජයග්‍රහණ ලැබුවත් ජනතාවට ඒවා ගැන තැකීමක් නැහැ.

    ඔවුනට අවශ්‍යවන්නේ ක්‍රිකට් ජයග්‍රහණයි, නිදහස් කුසලානය  ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්භකලේ අතිවිශිෂ්ට ලෙසය නමුත් ක්‍රීඩා කල තරග හතරෙන් ජයගත හැකි වුයේ එක් තරගයක් පමණි තරග තුනක් පරාජයට පත්විය කෙසේවෙතත් පරාජය වුවත් 2017 ට සාපේක්ෂව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රගතියක් දක්නට ලැබෙයි මෙයට හේතුව හතුර්සිංහගේ ආගමනය බව නොරහසකි ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියේ  ආසියානු තරගාවලිය ඇතුළුව ප්‍රභල තරගාවලි රැසකට මුහුණ දීමට සිදුවෙයි ,මේ අතර 2019 ලෝක කුසලානයද පැවැත්වීමට නියමිතය

  • කූඹියෝ කතාවේ අවසන් කොටස සුජීව ප්‍රසන්නආරච්චි ලිව්වනම්… ඔබ කියවිය යුතුම කතාව මෙන්න

    කූඹියෝ කතාවේ අවසන් කොටස සුජීව ප්‍රසන්නආරච්චි ලිව්වනම්… ඔබ කියවිය යුතුම කතාව මෙන්න

    මල්දෙනිය දීපු කෝපි පාට බෑග් එක පුරාම පුරවල තිබුනෙ සල්ලි… පන්දාහෙ නෝට්ටු සීරුවට මිටි හදල චූටි රබර් පටි වලින් හිර කරල..

    හිරුණිගෙයි මගෙයි කතාවත් මේ සල්ලි වගේමයි නේද.. හරිම වටිනව. ඒත් හිරවෙලා විඳවනව. ඒ අහිංසක මූන සල්ලි නෝට්ටු මැද්දෙන් මැවිල ජෙහාන්ට හීල්ලුනා..

    පවු අසරණී.

    මේ සල්ලි වලින් ඉස්සිස්සෙල්ලම හිරුණිට ඕඩිකොලොං කුප්පියක් අරන්දෙන්න ඕන කියල ජෙහාන්ගෙ හිත ඒ වෙද්දිත් තීන්දු කරල ඉවරයි. රුපියල් තිහට පමුණුවෙන් ගන්න ලේන්සුවකට ඕඩිකොලොන් ටිකක් දාගත්තම කෙල්ල දවසම මාව මතක් කර කර සුවඳ බලයි.

    ජෙහාන්ට හීනියට හිනාවක් ගියා. මල්දෙනිය මහත්තයත් දැක්ක. චුට්ටක් ලැජ්ජත් හිතුන..

    මේ හිනාව හරිම කපටි පාටයි කියල සුදු අක්ක නිතරම කිව්වත් අම්මනම් කියන්නෙම ඒකට තේජස් පාටයි කියල. අම්මට හැට්ට රෙද්දක් ගත්තනම් හොඳයි. රේන්ද හිච්චි අක්කට කියල ගෙන්න ගනීවිනෙ.

    මල්ලිට පැක්ටිස් යන්න ඇඳුම් දාගන්න මේ කෝපි පාට බෑග් එක දුන්නැහැකි. මට දැන්ම එකක් ඕන නැහැ.ඔය කලිසං කෑලි හත අට පරණ එකේම දානව.

    හිරුණිව මුලින්ම දකිද්දි කරේ එල්ලන් හිටිය බෑග් එක දැන් අපේ ආදරේම කොටස් කාරයෙක් වගේ. පණ නැති වුනත් ඒකත් අපේ ජීවිතේ කොටසක්..ජෙහාන් රබර් ගහක් දිහා බලන් හිතුව.

    ජෙහාන්!

    කල්පනා කර කර හිටිය ජෙහාන් ගැස්සුන. ඒ ලේකම් සර්ගෙ කටහඬ. සර්ගෙ ඇස්වල කඳුලු පිරිල. මේත් තාත්ත කෙනෙක් නේද. ජෙහාන් හිතුවෙ එහෙමයි. එතකොටමයි ජෙහාන් දැක්කෙ තමන් දිහාවට එල්ල කරන් ඉන්න තිත්ත කලුපාට චූටි තුවක්කුව. පොඩිකාලෙ හින්නි අම්මගෙ පුතා සෙල්ලමට තියන් හිටියෙත් මේ වගේම ප්ලාස්ටික් එකක්. ජෙහාන්ට හිතුන.

    මල්දෙණිය සර්ගෙ ඇස් වල කඳුලු. ඒ දිහා බලන්න හයියක් නැති නිසාම ඉක්මනට මැරෙනවනම් හොඳයි කියල ජෙහාන්ට හිතුන. මේ ලැබුන කෝටි පනහත් අරන් හිරුණි එක්ක එක වහලක් යටට උන ගමන් එයාගෙ අතින්ම හදපු කිරිම කිරි රස කිරිබත් එක්ක උම්බලකඩ සම්බෝලෙයි, පොළොස් කිරිදාල, කෙසෙල් මුව මැල්ලුමක් එක්ක බත් එකක් බැඳගෙන බලන්න එන්න හිටිය මල්දෙනිය මහත්තය නේද මේ ඇස්වල කඳුලු පුරවන් ඉන්නෙ කියල හිතෙද්දි ජෙහාන්ට වාවන්නෙ නැතුව ගියා..

    හිරුණි ලග තියෙන රෝසපාට නොකියා ෆෝන් එකේ සින්දුවමයි මල්දෙනිය සර්ගෙත් ⁣⁣ෆෝන් එකට දාල තියෙන්නෙ. ඒ හඩත් එක්ක තියෙන ආත්මීය බැඳීම නිසාමද කොහෙද මල්දෙනිය සර්ගෙ ෆෝන් එක රිං වෙද්දිම සර් ඕක ගන්නම ඕනෙ කියල ජෙහාන්ට කියවුනා.

    අනේ!

    මේ කොල්ලගෙ අහින්සකකම තවත් බලාගෙන ඉන්න බැරුව ලේකම් තුමා බිම බලාගත්ත…

  • රටම හඬින් දන්න රුවින් නොදුටු ‘පැස්බරා’ ලෙසින් ප්‍රසිද්ධ දිස්නා මෙන්න (PHOTOS)

    රටම හඬින් දන්න රුවින් නොදුටු ‘පැස්බරා’ ලෙසින් ප්‍රසිද්ධ දිස්නා මෙන්න (PHOTOS)

    ගුවන්විදුලි මාධ්‍ය තුළින් ඉතාමත් ජනප්‍රියත්වයට පත්වූ හඬ පෞරුෂයන් කිහිපයක් මෑතකාලීන ගුවන් විදුලි මාධ්‍ය ක්ෂේත්‍රය තුළ තිබෙනවා. ඒ අතර කාලයක් “පැස්බරාට” හඬ මුසු කළ ඇගේ හඬ ඔබ කව්රුත් හොඳින් හඳුනනවා ඇති. ඇය නමින් දිස්නා මුනසිංහ.

    උදෑන රේඩියෝ වැඩසටහන් අතරින් ඉතාමත් ජනප්‍රියත්වයට පත්වූ ඇගේ කටහඬට ඇසුණු සැනින් ඇය කව්දැයි හඳුනා ගැනීම ඔබට අපහසු නොවන්නට ඇති. ඒතරමටම ඇයව ඔබට හුරුපුරුදුයි.

    රැවින් ඇය කව්දැයි නොහැදිනුවත් ඇගේ හඬට ආදරය කරන බොහෝ පිරිසක් ඉන්නවා.

    මේ ඔබ හඬින් දන්න රුවින් නොදුටු ඇයයි…

     

     

     

    SHARE
  • සිදු කතාවේ රටම අාදරය කරන මනිෂා චංචලා පෙම්වතියක්… සියළු විස්තර මෙන්න…

    සිදු කතාවේ රටම අාදරය කරන මනිෂා චංචලා පෙම්වතියක්… සියළු විස්තර මෙන්න…

    මනීෂා චංචලා කියන්නේ මේ දිනවල ඉතාමත් ජනප්‍රිය චරිතයක්. ඒ සිදු කතාවේ තෙරුණි විදිහට.. ගායනය තුළින් ක්ෂේත්‍රයට පැමිණි ඇය මේ වනවිට දක්ෂ නිළියක් වගේම නිවේදිකාවක් විදිහටත් කටයුතු කරනවා.

    බොහෝ දෙනාගේ ආදරය දිනා ගත්ත මේ මේ සුන්දර තාරකාවගේ හිත සුවිශේෂි කෙනෙකු විසින් දිනා ගෙන කියලයි අපට නම් ආරංචි වුණේ.

    ඒ බව ඇගේ ෆේස්බුක් පිටුව තුළත් කිහිප ආකාරයකින්ම පළ කර තිබුණා. ඒ කියන්නේ මනීෂා දැන් පෙම්වතියක් කියන එක.

    මනීෂාගේ හිත ගත්ත තම පෙම්වතා වෙනුවෙන් මනීෂා තම ෆේස්බුක් පිටුවේ ආදරණිය සටහනක් ද තබා තිබුණා.

    කොහොම වුණත් මනීෂාගේ මේ ආදරය කතාවට අපිත් සුබ පැතුම් එකතු කරනවා.

    ඇය විසින් පළ කළ ෆේස්බුක් සටහන සහ ඡායාරූප පහතින්…

      

  • අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගයට එජාපයේ බහුතරයක සහය ලැබෙන ලකුණු – සියල්ල එලියට..

    අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගයට එජාපයේ බහුතරයක සහය ලැබෙන ලකුණු – සියල්ල එලියට..

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පියවර ගැනීමට ආණ්ඩුව සුදානම් වනවා. 

    ඒ සම්බන්ධයෙන් පෙරේදා (20) පැවති කැබිනට් රැස්වීමේදී ද අවධානය යොමුව ඇතැයි සඳහන්. 

    මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් 55ක් ඇතුළත්. ඉන් 51ක්ම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිව් දෙනෙකු ද ඊට අත්සන් තබා තිබුණා. නිශාන්ත මුතුහෙට්ටිගම, සුසන්ත පුංචිනිලමේ යන නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම රාජ්‍ය අමාත්‍ය ටී බී ඒකනායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් එම සිව්දෙනායි.
     
    එහෙත් එක්සත් ජාතික පක්ෂයේ කිසිවකුත් මේ දක්වා ඊට අත්සන් තබා නැති වුවත් අප කළ විමසීමකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කළේ විශ්වාසභංගයට අදාළ ජන්ද විමසීමේදී ආණ්ඩුවට සම්බන්ධ බොහෝ දෙනෙකු ඊට සහාය දක්වනු ඇති බවයි.

    කෙසේ වෙතත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ද විශ්වාසභංග යෝජනාවට සහාය දෙන පිරිස පිළිබදව අදහස් පළ කළා. අමාත්‍යවරයා කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය විසින් සිදුකරනු ලැබු පවු සෝදා ගැනීම පිණිස මෙම විශ්වාසභංගය ගෙන ආ බවයි.

    මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද (22) පැවැත්වෙනවා. 

    ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි. එහිදී අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ජා කරනු ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. එමෙන්ම පක්ෂයේ ප්‍රතිසංවිධානයට ඉදිරිපත් වී ඇති යෝජනා සම්බන්ධයෙන් ද තවදුරටත් සාකච්ජා කරනු ඇති.
    මේ අතර කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක් රැස්වීමක් ද අද (22) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

  • පතාලයේ කොස් මල්ලිට වැඩේ දෙන්න රට ඉන්න මාකඳුරේ මදූෂ් ගහපු සූක්ෂම සැලසුම හෙළිවේ .!

    පතාලයේ කොස් මල්ලිට වැඩේ දෙන්න රට ඉන්න මාකඳුරේ මදූෂ් ගහපු සූක්ෂම සැලසුම හෙළිවේ .!

    පතාල සමාජික “කොස් මල්ලි” වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුම පොලිසීය විසින් අනාවරණය කරගෙන තිබෙනවා. ඒ අනුව අතිශය සූක්ෂම සැලසුම්කරුවෙක් ලෙස ප්‍රසිද්ධ පතාල නායක මාකඳුරේ මධූෂ් විසින් කොස් මල්ලි නමින් හැඳින්වෙන පතාල සමාජිකයාගේ මරණය සැලසුම් කර තිබෙන බව හෙළිව තිබේ.  

    කොස් මල්ලි නම් මෙම පතාල සමාජිකයා ඝාතනය කිරීමට පෙර ඩුබායිහි සැඟවී සිටින දකුණේ පාතාල නායක මාකඳුරේ මධුෂ්, වයිබර් තාක්ෂණය ඔස්සේ කොස් මල්ලි සමඟ සම්බන්ධ වෙමින් තමා පොලිස් බුද්ධි අංශ නිලධාරියකු මෙන් පෙනි සිටිමින් කොස් මල්ලි සූක්ෂමව රවටා , ඔවුන්ගේ කල්ලියේ තොරතුරු සියල්ල ලබා ගෙන තිබේ.

    තමන් මේ කතා කරන්නේ වෙස් වලාගත් පතාල නායක මාකඳුරේ මදුෂ් සමග නොව , සැබැ ලෙසම පොලිස් බුද්ධි අංශයේ නිළධාරියෙකු යැයි රැවටුනු කොස් මල්ලි විසින් , පොලිස් රැහැනෙන් ගැලවීමට සිය කල්ලියේ සමාජිකයන් , ඔවුන් කළ අපරාධ , ඔවුන් නැවති සිටින ස්ථාන ආදි රහස් තොරතුරු සියල්ල පවසා තිබෙනවා.

    මෙහිදි මදුෂ් විසින් මොහොමඩ් රිස්කාන් ඝාතන සිද්ධියේ තොරතුරු විමසා ඇතැයිද පොලිස් පර්යේෂණවලදී හෙළිදරව් වී ඇත.

    ඉකුත් පෙබරවාරි මස 16 වැනි දින අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසලදී ඝාතනය කළ මොහොමඩ් රිස්කාන්ගේ ඝාතන සැලසුම සහ ඊට සම්බන්ධ පාතාල සාමාජිකයන්ගේ විස්තර කොස් මල්ලිගෙන් මධුෂ් මේ ආකාරයට දැන ගෙන ඇති බවද පොලිසිය සඳහන් කරයි.

    එම විස්තර සියල්ල දැන ගැනීමෙන් අනතුරුව ගෝඨාභයගම ප්‍රදේශයේ කෙසෙල් හා ගස්ලබු වගාබිමක පිහිටි පොල් ගසක බැඳ සිටි කොස් මල්ලිට මාකඳුරේ මධුෂ් තමා බුද්ධි අංශ නිලධාරියකු නොවන බවත් තමා මාකඳුරේ මධුෂ් බවත් දන්වා තිබේ.

    තමාගේ සහෝදරයකු වන මොහොමඩ් රිස්කාන් ඝාතනය කිරීම නිසා මෙලෙස ඔහුව ගෝඨාභයගමට රැගෙන ආ බවත් අලුයම වන විට ඔහුව මෝටර් රථයකින් කොළඹට රැගෙන යන බවටද මාකඳුරේ මධුෂ් කොස් මල්ලිට පවසා ඇත.

    එම සංවාදය අවසන් වනවාත් සමඟම දැනට අත්අඩංගුවේ පසුවන දකුණේ පාතාල සාමාජිකයකු වන අමිල කොස් මල්ලිට ටී 56 ගිනි අවියක් භාවිතයෙන් වෙඩි ප්‍රහාර හයක් පමණ එල්ල කර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    අමිල සම්පත්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ කරුණු මත එම ටී 56 වර්ගයේ ගිනි අවිය සහ ඊට යොදන උණ්ඩ 6ක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මේ වන විට සොයා ගෙන තිබේ.

    කොස් මල්ලි ඇසුරු කරන කොළඹ සමාජ ශාලාවක කාන්තාවකගේ ඥාතියකු මාර්ගයෙන් මාකඳුරේ මධුෂ්ගේ සමීපතයකු වන ගෝඨාභයගම ප්‍රදේශයේම පදිංචි ලොකු අයියා විසින් ඉකුත් 6දා දින පොතුවිල් ප්‍රදේශයේ සැඟවී සිට කොස් මල්ලිව ඝාතනය සිදුකළ ප්‍රදේශයට සැලසුමක් හරහා කැඳවා තිබිණි.

    නවාතැන් පහසුකම් ලබා දෙන මුවාවෙන් කොස් මල්ලිව ගෝඨාභයගම ප්‍රදේශයට කැඳවා තිබිණි. පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ මව ඝාතනය වීමෙන් සහ ඔහුගේ පියා ඉන් පසු මධුෂ්ව අතහැර යෑමෙන් පසු ලොකු අයියා නැමැත්තාද මධුෂ්ව රැක බලා ගෙන ඇති බවද පොලිසිය පවසයි.

    ඒ හරහා ලොකු අයියා මෙම ඝාතනය සැලසුම් කර ඇති අතර මේ වන විට ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ.

    ඔහුව සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර ඝාතන සිද්ධියට කඹුරුපිටියේදී අත්අඩංගුවට ගත් අමිල සම්පත්, රාලහාමි ඇතුළු සැකකරුවන් සිවු දෙනා වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා ඊයේ කඹුරුපිටියේ සිට කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන විත් තිබේ.

    එම ඡායාරූපය සහ ඔහුගේ හිස කොටස හමු වූ ඡායාරූප පහතින්.

  • තරගයේ ආවේගයට විවේකාගාරයේ දොර කැඩු බංගලි නායක ශකීබ් ශ්‍රී ලංකාවට වන්දි ගෙවයි….

    තරගයේ ආවේගයට විවේකාගාරයේ දොර කැඩු බංගලි නායක ශකීබ් ශ්‍රී ලංකාවට වන්දි ගෙවයි….

    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ හානි වූ ක්‍රීඩක විවේකාගාරයේ දොර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මුදල් ලබාදී තිබෙනවා. ඒ සඳහා වැය වී ඇති මුදල රුපියල් එක් ලක්ෂ 47,000ක්. 

    දොරට හානි සිදුව ඇත්තේ බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් දොර විවෘත කිරීමට යාමේදී එය වේගයෙන් බිත්තියේ හැපීමෙන් බවයි අනාවරණ වුණේ. ක්‍රීඩක විවේකාගාරයට ආහාර සැපයූ හෝටල් සේවකයෙකු ලබාදුන් කටඋත්තරයක් මෙම කරුණු හෙළිකර ගෙන තිබෙනවා. ක්‍රීඩක විවේකාගාරයේ සී.සී.ටී.වී කැමරා පද්ධතියක් නොතිබූ බවද සඳහන්.
     
    නිදහස් කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයේ දී මෙම සිද්ධිය වාර්තා වුණා. 

  • ඉල්ලුම කඩාකප්පල් කරන්න රට යවන තේ වලට මුසු කරන ද්‍රව්‍යයක් ගැන සියළු තතු එලියට…

    ඉල්ලුම කඩාකප්පල් කරන්න රට යවන තේ වලට මුසු කරන ද්‍රව්‍යයක් ගැන සියළු තතු එලියට…

    තේවලට සීනි කලවම් කිරීමේ මහාපරිමාණ ජාවාරමක් තොරතුරු අණාවරණ වී තිබෙනවා. මූලික විමර්ශනයේදී හෙළි වී ඇත්තේ දිවයින පුරා ක්‍රියාත්මක තේ කර්මාන්ත ශාලා 80කට ආසන්න සංඛ්‍යාවක මෙම කටයුත්ත සිදුවන බවයි. 

    ඒවා අතරින් 53ක් පිළිබඳ තහවුරු කළ වාර්තා ලබා ගැනීමට එම විමර්ශනයේ දී හැකි වී තිබෙනවා. 

    තේවලට සිනී කලවම් කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ තේ පැකැට්ටුවේ බර වැඩිකර ගැනීමයි. එහෙත් එමගින් දීර්ඝ කාලීනව මෙරට තේ කර්මාන්තයට මෙන්ම තේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට ද හානි වන බවයි අප කළ සොයා බැලීමක දී අනාවරණ වුණේ. 

    මෙලෙස තේවලට කලවම් වී ඇති සීනිවල අඩංගු තෙත සහිත ස්භාවය හේතුවෙන් කල්යාමේදී එහි දිලීර හට ගැනීමේ අවදානමක් පවතිනවා. එසේ වුවහොත් ඒවා අපනයනයේදී ගැටළු මතු වීමේ ඉඩක් ඇති බවයි තේ ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රවීණයින් පැවසුවේ. 

    මේ සම්බන්ධයෙන් අප වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායකගෙන් විමසීමක් කළා.  අමාත්‍යවරයා කියා සිටියේ එවැනි කර්මාන්ත ශාලා 53ක් හඳුනාගෙන ඇති බවයි. ඔවුන් සමග ඉදිරියේ දී  සාකච්ඡා කර දැඩි ලෙස අවවාද කරන බවයි. එය නොතකා ඔවුන් ඉදිරියටත් කටයුතු කරන්නේ නම් දැඩි පියවර ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

    ශ්‍රී ලංකාවේ සිට යවනු ලැබූ තේ බහාලූමක සිටි බව කියන කුරුමිණියෙකු හේතුවෙන් මෙරට තේ, තාවකාලිකව තහනම් කිරීමට පවා රුසියාව ඉකුත්දා පියවර ගත්තා. 

  • ජනපතිවරණයේදී සිදුවු දේ ගැන මම සමාව අයදිමි – ෆේස්බුක් අධිපතිගෙන් ආන්දොලනාත්මක ප්‍රකාශයක්

    ජනපතිවරණයේදී සිදුවු දේ ගැන මම සමාව අයදිමි – ෆේස්බුක් අධිපතිගෙන් ආන්දොලනාත්මක ප්‍රකාශයක්

    ඔබේ දත්ත ආරක්ෂා කිරීමට අපට වගකීමක් තිබෙනවා. නමුත් ඒ දේ අප විසින් සිදු නොකල නිසා අප ඔබට සේවය කිරීමට සුදුසු නැහැ. සිදුවූ දේ හරියටම අවබෝධ කර ගැනීමට සහ නැවත මෙවන් දේ සිදු නොවීමට මා වග බලා ගන්න වෙහෙසවී වැඩ කරන බවට ෆේස්බුක් සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සිය නිළ ෆේස්බුක් පිටුවේ දීර්ඝ සටහනක් තබමින් සිය සේවාදායකයින්ගෙන් සමාව ඉල්ලා සිටිනවා. 

    පසුගිය ජනාධිපතිවරණ සමයේදී “කේම්බ්‍රිජ් ඇනලෙටික්” නම් බ්‍රිතාන්‍ය සමාගමක් විසින් ෆේස්බුක් ගිණුම් මිලියන 50 ක දත්ත අනවසරයෙන් පරිශීලනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පළමු වරට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

    “මම ෆේස්බුක් ආරම්භ කළා. දවස අවසානයේදී අපගේ වේදිකාව මත සිදු වන දේ වලට අපියි වගකිව යුත්තේ. අපගේ ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා ගත යුතු දේ කිරීම ගැන මම බැරෑරුම්”. ෆේස්බුක් ගිණුම් හිමියන්ගේ දත්ත ආරක්ෂා කිරීම සදහා නව ක්‍රියා මාර්ග කිහිපයක්ම ගන්නා බවට ඔහු මෙහිදී සදහන් කර සිටිනවා.

    ” ශුභාරංචිය අද සිට නැවත සිදුවීම වළක්වා ගැනීම සඳහා වඩාත් වැදගත් ක්‍රියාමාර්ග අපි මීට වසර ගණනාවකට පෙර ගෙන තිබුනා. නමුත් අපිත් වැරැද්දක් කළා. ඒ වෙනුවෙන් තවත් බොහෝ දේ කරන්නට තිබෙනවා. අපි ඒ සඳහා පියවර ගනිමින් සිටිනවා ” යැයි ෆේස්බුක් නිර්මාතෘවරය සිය නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර සිටිනවා.

    මාර්ක් සකර්බර්ග් සිය නිළ ෆේස්බුක් ගිණුමේ තබා තිබු සම්පුර්ණ නිවේදනය මෙතනින් :