Author: Editor[A]

  • අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගයේදි ශ්‍රිලනිපය කරන දේ මෙන්න.. අවසන් තීරණය මෙන්න…

    අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගයේදි ශ්‍රිලනිපය කරන දේ මෙන්න.. අවසන් තීරණය මෙන්න…

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහාය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.ඊයේ (20) රාත්‍රියේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

    ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) රාත්‍රියේ පැවැත්වුණි. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාර දෙන දිනය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙන බව වාර්තා වේ. ‍

  • ශකීබ්ලා ඉදිරියේ මුනිවත රැක , රබඩාට පැනවූ අසාධාරණ තරග තහනමක් ඉදිරියේ ICCය දැවි යයි

    ශකීබ්ලා ඉදිරියේ මුනිවත රැක , රබඩාට පැනවූ අසාධාරණ තරග තහනමක් ඉදිරියේ ICCය දැවි යයි

    සියලු දෙනාට නීතිය සමාන විය යුතු බවට වන කතාබහ පසුගිය කාලයේ අපේ රටේද වැඩිපුරම අසන්නට ලැබුනු අතර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේද පසුගිය කාලයේ මෙම කථාව අසන්නට ලැබිණි.

    ඒ දකුණු අප්‍රිකා වේගපන්දු යවන ක්‍රීඩක කාගීසෝ රබඩාඔස්ට්‍රේලියාව පැවති ටෙස්ට් තරඟය අතරතුර ස්ටීවන් ස්මිත් සමඟ ඇතිකරගත් ගැටුමක් සම්බන්ධයෙන් ඔහුට තරඟ මුදලින් 50 % ක දඩයක් සහ තරඟ දෙකක තහනමක් හිමිවීමත්, නිදහස් කුසලාන තරගමාලාවේදී ක්‍රීඩා පිටියේ යකා නැටු බංගලාදේශ ක්‍රීඩකයන්ට හිමිවූ දඬුවම ක්‍රීඩකයන් දෙදෙනෙකු සඳහා තරඟ මුදලින් 25% ක් පමණක් වීමත් නිසාවෙනි.

    කෙසේ නමුත් මෙම සිද්දි දෙක එකිනෙකට සම්බන්ද නොවුවද බංගලාදේශ සිද්දිය වූ පසුව ජාත්‍යන්තර මාධ්‍යද මෙම දඬුවම් දෙක එකිනෙකට පරස්පර වීමේ ICCයේ ඒක පාර්ශවික ක්‍රියා පිලිවෙත දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කර තිබෙනු දැක ගත හැකි විය.

    කගිසෝ රබඩාද ලිපියක් මගින් ක්‍රිකට් කවුන්සලයෙන් මේ පිළිබදව අදහස් විමසා තිබුණා.

    එහිදි රබඩා කරුණු දක්වමින්  ” තමන් විසින් ඕස්ට්‍රෙලියානු කණ්ඩායමේ කඩුල්ලක් දවාගෙන එය සැමරීම ICCය විසින් නොපිලිගන්නේ නම් , බංග්ලාදේශ කණ්ඩායමේ “නාග නර්ථනය” පිළිබදව ICCය දරන්නේ කුමන මතයක්දැයි” රබඩා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයෙන් ප්‍රශ්න කර තිබුණා.

    එම ලිපියේ රබඩා සදහන් කර තිබුනේ ” මාගේ හැසිරීම යකෙකු වගේ නම් , රූපවාහිනියට ගැලපෙන්නෙ නැත්නම් , විශේෂයෙන්ම දරුවන්ට ගැලපෙන්නෙ නැති නම් , බංග්ලාදේශයේ නර්ථනය ගැන කුමක්ද කියන්නේ ? කණ්ඩායමේ නායකයා හැටියට ශකීබ්ට එහෙම හැසිරෙන්න පුලුවන්ද ? මම වීදුරු බින්දද ? එහෙම නැතිනම් පිට්ටනියේ ගහගත්තද ?” යනුවෙනි.

    ඉන්දීය ක්‍රිකට් විචාරකයෙකු වන හර්ෂා බෝග්ලේ විමසා තිබුනේ ICC ය මෙලෙසින් ආකාර දෙකකින් ක්‍රීඩකයන්ට සලකන්නේ ඇයිද යන්නයි. මෙම කතාබහ ජාත්‍යන්තර මාධ්‍යය මගින් දුරදිග යාම සමඟම ICCය රබාඩාට පනවා තිබූ දඬුවම අඩු කරමින් තරඟ තහනම ඉවත් කර තරඟ මුදලින් 25% ක දඩයකට තම දඬුවම හකුලාගෙන ඇත.

    ICC ය මෙලෙස තම තීරණය වෙනස් කර ඇත්තේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩකයින්ගේ නීති මාලා පද්ධතියට අදාළ ඇපෑල සලකා බලන කොමසාරිස් මයිකල් හෙරොන් විසිනි. ඒ පැය හයක කාලයක් පුරාවට දකුණු අප්‍රිකානු නීතිඥ ඩාලි පෝෆු විසින් සිදු කරන ලද වීඩියෝ කතාබහක් අවසානයේදීයි.

  • ළගදි බැදපු සිනමා නළු පුබුදු චතුරංග ගැන මාතර පංති ගුරුවරයා හෙළිකරන අමුතු කතාව මෙන්න…

    ළගදි බැදපු සිනමා නළු පුබුදු චතුරංග ගැන මාතර පංති ගුරුවරයා හෙළිකරන අමුතු කතාව මෙන්න…

    ජනප්‍රිය නළු පුබුදු චතුරංගගේ ගුරුවරයෙකු විසින් ඔහුගේ අතීතය ගැන මතක් කරමින් අපූර සටහනක් තබා තිබුණා.

    පාසල් යන අවධියේ පටන් මේ දක්වා නළුවෙකු ලෙස ගොඩනැගුණු පුබුදුගේ ඒ අතීත කතාවයි මේ…

    “2001 අවුරුද්දෙදි මගේ මාතර පන්තියට ළමයෙක් එයාගේ යාලුවෝ කණ්ඩායමත් එක්ක ආවා. නම පුබුදු චතුරංග. එයා ආවේ ගාල්ලේ ඉඳලා. ඒ දවස්වල මම ගාල්ලේ පන්ති නොකරපු නිසා තමයි එයාට ගාල්ලේ ඉඳලා මාතරටම එන්න සිද්ධ වුනේ. ටික කාලයක් යනකොට මම ඒ ළමයව අඳුරගත්තේ පන්තියේ ඉන්න දක්ෂතම ළමයා විදිහට. ඒ එයාට Tests වලට ගොඩක් ළකුණු තිබුනු නිසා නෙමෙයි. අනිත් එක ඒ දවස්වල මම වැඩිය මගේ පන්තියේ Tests තිබ්බෙත් නෑ. ඒත්, ගානක් හදන්න දුන්නු වෙලාවට එහෙම ඒ ළමයා අනිත් අයට කලින් ගාන හදලා ඉවර කරනවා. ඒ වගේ දෙවල් නිසා කාලයත් එක්ක පන්තියේ ඉන්න දක්ෂතම ළමයා විදිහට මම එයාව අඳුරගත්තා. කාලය ගතවෙලා විභාගය ආවා. මේ ළමයත් විභාගේ ලිව්වා. ප්‍රතිඵල ආවා. ඒත් එයාට හිතපු තරම් හොඳ ප්‍රතිඵලයක් නෑ. නමුත්, එයා අසමත් වෙලා තිබුනේ නෑ. ඒත්, ගොඩක් හොඳ ප්‍රතිඵලයක් එයාට තිබුනෙත් නෑ. දෙ‍වනි සැරේටත් විභාගේ කරන්න හිතාගෙන මෙයා ආපහු මගේ පන්ති ආවා. දෙවනි පාරත් විභාගේ කලා. ඒත් වෙනසක් නෑ. කලින් පාර වගේමයි. හොඳින් සමත් වෙලා තිබුනේ නෑ.

    ඊට පස්සේ මම ඒ ළමයගෙන් ඇහුවා ඇයි මෙහෙම වෙන්නේ කියලා. එයා හරි අපූරු උත්තරයක් දුන්නා. “සර්, මට නළුවෙක් වෙන්න ඕන.” ඒක එයාගේ උත්තරය වුනා. මට අදහගන්නත් බෑ. මෙච්චර හොඳට ඉගෙනගන්න පුළුවන්, මෙච්චර දක්ෂ ළමයෙක්ට මේ වගේ බලාපොරොත්තුවක් හිතේ තියෙන එක පුදුමයක්. එයා තුන්වෙනි පාර විභාගේ කරන එකත් ප්‍රතික්ෂේ කලා. මම ඇහුවා ඒකට ගෙදරින් කැමතිද කියලා. “නෑ.” ඒ ළමයගේ උත්තරය වුනා. “සර්, මට උදව් කරනවද?” මම, මම ගැනම හිතුවා. ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්කම තිබුනත් මම තොරගත්තෙත් ගුරුවෘත්තිය. මොකද මම කැමති වුනේ ඒ දේට නිසා. මට මේ ළමයත් එහෙම වෙන්න ඇති කියලා හිතුනා. මම මගේ ගාව තිබුනු රු.7000න් රු 1000ක් මගේ ළඟ ති‍යාගෙන ඉතිරි රු.6000 එයාට දීලා “උඹ කවදහරි හොදම නලුවා වෙලා වරෙන්” කියලා කිව්වා.

    කාලය ගෙවිල ගියා. මෙන්න අවුරුදු කිහිපයකට පස්සේ චිත්‍රපටියක සුළු චරිතයකට මෙයා ඉන්නවා මම දැක්කා. මම කවදාවත් චිත්‍රපටි බලන්නෙ නැති කෙනෙක් වුනත් මම ඒ චිත්‍රපටියනම් බලන්න ගියා. තව ටික කාලෙකට පස්සේ මෙයා ටෙලිනාට්‍යයකත් ඉන්නවා මම දැක්කා. මම ඒ නාට්‍යත් බැලුවා. කලින් චිත්‍රපටියෙට වඩා එයාගේ ලොකු දියුණුවක් මම නාට්‍යයෙදි දැක්කා. මම එයාගේ නම්බරේ හොයාගෙන කෝල් එකක් ගත්තා. “සර්, මට සර්ව හම්බවෙන්න එන්න ඕන. ඒත් දැන්ම බෑ. මම කවදහරි එන්නේ හොඳම නලුවා සම්මානේ අරන්.” එදා එයා දුරකතනයෙන් මට කිව්වා. තවත් අවුරුදු පහක් විතර ගෙවිලා ගියා. පසුගිය දවසක ‍මගේ ගා‍ල්ලේ පන්තියට ඔහු ආවා. නිකන්ම නෙමෙයි හොඳම නලුවාට හිමි සම්මානෙත් අරගෙන. මම පුදුම වුනා. එදා රු.6000ක් දීලා මම නිකමට “උඹ හොඳම නලුවා වෙලා වරෙන්.” කියපු දේ ඔහු සැබෑවක් කරලා. ඔහු මට, ඔහු දිනාගත් සම්මානය දීලා කිව්වා “සර්, මේක සර් මාව මතක් වෙන්න තියාගන්න කියලා.” ඒත් මම ඒ සම්මානේ ආපහු ඔහුටම දුන්නා. මොකද ඒක අයිති ඔහුටමයි. අවුරුදු 10ක් කට්ට කාලා ඒ සම්මානේ දිනාගත්තේ ඔහුමයි.”

    එදා ජනක අබේවර්ධනයන්, බුද්ධිමත්ව කටයුතු නොකලානම් පුබුදු චතුරංග අද සිනමා නලුවකු නොවීමට ඉඩ තිබුනා. තමා තුල සිටින සැබෑ පුද්ගලයා හඳුනාගන්න. තමාගේ ඉරණම තමාම වෙන්න. තමාගේ ඉරණම තමාම තීරණය කරන්න. ඔබේ ජීවිතයේ ජයග්‍රහණය අත පොවන මානයේ ඇත.

    උපුටා ගැනීමකි.

  • විදුරු බිදපු ශකීබ්ට ලේසි දඩුවමක්.. මට දරුණු දඩුවමක්.. ICCයේ දෙබිඩි පිළිවෙත රබඩා හෙළිකරයි.. .!

    විදුරු බිදපු ශකීබ්ට ලේසි දඩුවමක්.. මට දරුණු දඩුවමක්.. ICCයේ දෙබිඩි පිළිවෙත රබඩා හෙළිකරයි.. .!

    ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරගාවලිය අතරතුරේදි ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත්ගේ කඩුල්ල දවාගෙන රංගනයක් ඉදිරිපත් කර එම කඩුල්ල සැමරීමේ වරදට , දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කගීසෝ රබඩාට  ICCය මගින් ටෙස්ට් තරග දෙකක තහනමක් පැනවූවා.

    මේ අතර පසුගියදා ශ්‍රී ලංකාවේ පැවති නිදහස් කුසලාන තරග මාලාවේදි බංග්ලාදේශ කණ්ඩායම විසින් සුප්‍රසිද්ධ නයි නැටුම ඉදිරිපත් කරමින් , ප්‍රතිවාදී ක්‍රීඩකයන් සමග ගැටුම් ඇති කරගනිමින් , ක්‍රීඩාගාරයේ දේපළ වලටද හානි සිදු කරමින් සිදු කළ විනය විරෝධී ක්‍රියා වලට ICCයෙන් හිමි වූයේ ක්‍රීඩකයන් දෙදෙනෙකුට තරග ගාස්තුවෙන් 25% ක වැනි සුලු දඬුවමක් පමණයි.

    අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මෙම දෙබඩි පිලිවෙත පිළිබදව කාගිසෝ රබඩා ලිපියක් මගින් ක්‍රිකට් කවුන්සලයෙන් අදහස් විමසා තිබුණා.

    එහිදි රබඩා කරුණු දක්වමින්  ” තමන් විසින් ඕස්ට්‍රෙලියානු කණ්ඩායමේ කඩුල්ලක් දවාගෙන එය සැමරීම ICCය විසින් නොපිලිගන්නේ නම් , බංග්ලාදේශ කණ්ඩායමේ “නාග නර්ථනය” පිළිබදව ICCය දරන්නේ කුමන මතයක්දැයි” රබඩා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයෙන් ප්‍රශ්න කර තිබුණා.

    එම ලිපියේ රබඩා සදහන් කර තිබුනේ ” මාගේ හැසිරීම යකෙකු වගේ නම් , රූපවාහිනියට ගැලපෙන්නෙ නැත්නම් , විශේෂයෙන්ම දරුවන්ට ගැලපෙන්නෙ නැති නම් , බංග්ලාදේශයේ නර්ථනය ගැන කුමක්ද කියන්නේ ? කණ්ඩායමේ නායකයා හැටියට ශකීබ්ට එහෙම හැසිරෙන්න පුලුවන්ද ? මම වීදුරු බින්දද ? එහෙම නැතිනම් පිට්ටනියේ ගහගත්තද ?” යනුවෙනි.

    මේ පිළිබදව ඇතැම් ක්‍රිඩා විචාරකයන් සදහන් කර තිබුනේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් “බිග් ත්‍රී” (ඉන්දියාව , ඕස්ට්‍රේලියාව , එංගලන්තය) පනත ඉදිරිපත් කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ පාලනය රටවත් තුනක් යටතට ගැනීමෙන් පසු සාධාරණ දඬුවම් හෝ ශ්‍රේණිගත කිරීම ICCය මඟින් ඉදිරිපත් නොවන බවයි.

    රබඩාට විශාල දඬුවමක් ලැබීමට හේතු වූයේ ඔහු සැමරූවේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව නිසා බවයි , යම් හෙයකින් බංග්ලාදේශ කණ්ඩායම ඔවුන්ගේ එම හැසිරීම ඉන්දියාව හෝ එංගලන්තය ඉදිරියේ සිදු කළා නම් ඔවුන්ටද දැඩි දඬුවමක් හිමි වීමට තිබූ බව එම ක්‍රීඩා විචාරකයන් සදහන් කර තිබුණා.

    තහනමට ලක්වූ තරගයේ රබඩාගේ පන්දු යැවීම පහතින් 

     

  • සන්ධාන මන්ත්‍රී ප්‍රසන්න අත්අඩංගුවට – අැත්ත හේතුව මෙන්න….

    සන්ධාන මන්ත්‍රී ප්‍රසන්න අත්අඩංගුවට – අැත්ත හේතුව මෙන්න….

    ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
    පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර මහතා විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ කැලණිය ප‍්‍රාදේශීය සභා අපේක්‍ෂකයෙකුට පහර දීමක් කලේ යයි ලැබී ඇති පැමිණිල්ලක් හේතුවෙන් මන්ත‍්‍රීවරයාව අත්අඩංගුවට ගෙන ඇති බවත් පැවසේ.
    අධිකරණයට හමුවට පැමීණවු මන්ත්‍රීවරයාව මහර මහේස්ත්‍රාත් අධිකරණය මාර්තු 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබේ.
  • රනිල්ට එරෙහි විශ්වාසභංගය විශ්වාසභංගය භාරදෙන්න එපා යැයි කියු මන්ත්‍රින් සෙට් ඒක මෙන්න..

    රනිල්ට එරෙහි විශ්වාසභංගය විශ්වාසභංගය භාරදෙන්න එපා යැයි කියු මන්ත්‍රින් සෙට් ඒක මෙන්න..

    ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැතිවරයාට එරෙහිව භාරදීමට නියමිතව තිබු විශ්වාසභංග භාර නොදෙන ලෙස ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණතුංග සහ නිමල් ලංසා දෙදෙනා පවසා තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරනවා.

    අද (20) දින ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම විරෝධතාවය මොවුන් දෙදෙනා විසින් දක්වා ඇති අතර, මේ පිටුපස ඇති අදිසි හස්තය පිළිබඳව ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අතර කතා බහක් ඇති තිබෙනවා. හිටපු ඇමති බැසිල් සහ අගමැති රනිල් විකුමසිංහ අතර පවතින ඉතා සමීප සම්බන්දතාවය මෙයට හේතුවක් වනු ඇති බව සඳහන්.

    කෙසේ නමුත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙම රැස්වීමට සහභාගී වී නැහැ. ප්‍රසන්න සහ ලංසා විසින් විශ්වාසභංගය භාර නොදෙන ලෙස ඉල්ලූ නමුත් අනෙක් මන්ත්‍රීවරුන් විරුද්ධත්වය දැක්වීම මත එය නැවත භාරදීමට කටයුතු කරනු ඇති බවට තතුදත් ආරංචි මාර්ග පැවසීය.

    උපුටා ගැනීමකි

  • රටම හොයන පොඩි කොල්ලෝ දෙන්නගේ වෙල් ඉපනැල්ලේ රෙස්ලින් විඩියෝව මෙන්න…

    රටම හොයන පොඩි කොල්ලෝ දෙන්නගේ වෙල් ඉපනැල්ලේ රෙස්ලින් විඩියෝව මෙන්න…

    රෙස්ලින් යනු ලංකාවේ ඉතාමත් ජනප්‍රිය ක්‍රිඩාවක්… රෙස්ලින් උන්මාදයෙන් ගමක ඒම ක්‍රිඩාවේ නිරත වු කොළු ගැටයන් දෙදෙනෙකුගේ විඩියෝවක් අපට ලැබි අැත.

    https://www.facebook.com/supirigossip1/videos/1626955267340073/

  • මරන්න කලින් කොස් මල්ලිට මධුෂ්ගෙන් කෝල් එකක් – ඇත්ත කතාව මෙන්න…

    මරන්න කලින් කොස් මල්ලිට මධුෂ්ගෙන් කෝල් එකක් – ඇත්ත කතාව මෙන්න…

    කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ දමාගොස් තිබියදී හිස සොයාගත්, පාතාල සාමාජික ‘කොස් මල්ලී’ හෙවත් අංගොඩ ශාන්ත කුමාර නමැත්තාගේ පුලුස්සා වළදමා තිබූ හිසසුන් මළ කඳ අගුණුකොළපැලැස්ස මුරුවැසිහේන ගෝඨාභයගම ප්‍රදේශයේ කෙසෙල් ඉඩමක තිබී ඊයේ දහවල් අඟුණුකොළපැලැස්ස මහෙස්ත්‍රාත් තුෂිතා කුමාරසිරි මෙනෙවිය හා හම්බන්තොට අධිකරණ වෛද්‍ය නිලධාරී සිසිර සෙනවිරත්න මහතා ඉදිරියේදී ගොඩගනු ලැබීය.

    කොස්මල්ලී ඝාතනයට ලක්වීමට පෙර පොල් ගසක බැඳ පහරදුන් බව කියන ස්ථානයද, ශරීර කොටස් සඟවා තිබූ ස්ථානයට මීටර් 70ක් පමණ දුරින් පිහිටි එම ස්ථානය මහෙස්ත්‍රාත්වරියගේ හා අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ පරීක්ෂාවට ලක්කෙරිණි.

    පාතාල සාමාජික ‘කොස් මල්ලී’ හෙවත් අංගොඩ ශාන්ත කුමාර නමැත්තා ඝාතනයට පෙර පාතාල නායක මධුෂ් සමඟ දුරකතනයෙන් කතා කර ඇති බවත් එහිදී මොහොමඩ් රිස්කාර් ඝාතනය සම්බන්ධයෙන් කොස් මල්ලී මධුෂ්ට පාපෝච්චාරණය කර අඬමින් සමාව ඉල්ලා ඇති බවත් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අනාවරණය කරගෙන තිබේ. පාපෝච්චාරණයෙන් අනතුරුව මධුෂ් කොස් මල්ලීට බැන වැදී ඇති අතර ඉන්පසු ඔහු ඝාතනය කර තිබේ.
    මොහොමඩ් රිස්කාන් ඝාතනයෙන් අනතුරුව සැඟවී සිටි “කොස් මල්ලී” මධුෂ්ගේ කණ්ඩායමට හමු වී ඇත්තේ ද අහම්බෙනි.

    රිස්කාන් ඝාතනයෙන් අනතුරුව දකුණු පළාතට යන කොස් මල්ලී තමාට සැඟවී සිටීමට නිවෙසක් සොයා ඇත. ඔහු මේ නිවෙස සෙවීමට භාරදී ඇත්තේ ඇඹිලිපිටියේ සිටින ඔහුගේ අනියම් බිරියගේ සොහොයුරියගේ පුතකුගේ දුව විවාහ කර ගැනීමට සිටිනා තරුණයකුටය. එම තරුණයා මාකඳුර මධුෂ්ගේ සමීපතමයකු වන ලොකු අයියා නැමැත්තාට මේ පිළිබඳව පවසා ඇත.

    එහිදී ලොකු අයියා තරුණයාගෙන් විමසා ඇත්තේ මේ පුද්ගලයාට සැඟවී සිටීමට ඇති අවශ්‍යතාව කුමක්ද? යන්නයි.
    එහිදී එම තරුණයා “ඔහු මොහොමඩ් රිස්වාන් ඝාතන සිද්ධියේ යතුරුපැදියේ හිමිකරු බව ලොකු අයියා නැමැත්තාට පවසා තිබේ.
    මේ තොරතුරු දැනගත් මධුෂ්ගේ සමීපතමයකු වන ලොකු අයියා වහාම මේ තොරතුරු විදෙස්ගතව සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ්ට දන්වා ඇත. එම තොරතුරු අනුව මාකඳුරේ මධුෂ් හා ලොකු අයියා නමැත්තා එක්ව කොස් මල්ලී ඝාතනයට පූර්ව සැලසුම සකස් කර ඇත.

    එම සැලසුම අනුව කොස් මල්ලීට සැඟවී සිටීමට අවශ්‍ය නිවෙසක් සොයා දෙන මුවාවෙන් ලොකු අයියා ප්‍රමුඛ මාකඳුරේ මධුෂ්ගේ ගෝලයන් කිහිපදෙනකු කොස් මල්ලී නමැත්තා අඟුණුකොළපැලැස්ස මුරවැසිහේන ගෝඨාභයගම ප්‍රදේශයට රැගෙන විත් තිබේ.

    එහි කෙසෙල්වත්තකට ගෙනවිත් කොස් මල්ලී නමැත්තාට පහරදී පොල් ගසක බැඳ ඔහු පොල් ගසේ බැඳ සිටින අයුරු ඡායාරූප ගෙන මාකඳුරේ මධුෂ් වෙත යවා තිබේ. ඒ අවස්ථාවේ දුරකතන මඟින් මාකඳුරේ මධුෂ් කොස් මල්ලී සමඟ කතා කර ඇති බවත් රිස්කාන් ඝාතනය සම්බන්ධයෙන් කොස්මල්ලී මධුෂ්ගෙන සමාව ඉල්ලා ඇති බවත් පොලිසිය කියයි.

    මේ අතර කොස් මල්ලී පොල් ගසේ බැඳ සිටින ඡායාරූප මාකඳුරේ මධුෂ්, රිස්කාන්ගේ මිතුරන් කිහිප දෙනකුට යවා ඇත්තේ “රිස්කාන් මැරූ පලිය ගත්තා” යැයි කියමිනි.
    පහර දී ගස් බැඳ සිටි කොස් මල්ලිගේ පාපෝච්චාරණයෙන් අනතුරුව වෙඩි තබා ඔහු මරා දමා තිබේ. අනතුරුව ඔහුගේ හිස කඳෙන් වෙන් කර හිස කොටස වෑන් රථයකින් කොළඹට එවා ඇති අතර කඳ කොටස පුලුස්සා දමා ඇත. නමුත් කඳ කොටස සම්පූර්ණයෙන් පිලිස්සී නැති නිසා ඉතිරි කොටස් වළ දමා තිබේ.
    කඹුරුපිටිය පොලිසිය මඟින් ඉකුත්දා මාකඳුර මධුෂ්ගේ සමීපතම ඥාතියකුගේ නිවෙසක සිටියදී මාකඳුර මධුෂ්ගේ කල්ලියට අයත් යැයි සැක කරන සිවු දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන් අතර සිටි යුද හමුදාවෙන් පලා ආ අපරාධ 54කට සම්බන්ධ පුද්ගලයකු සිටි බවත් පොලිසිය කියයි.

    ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී කොස් මල්ලී ඝාතනයේ අගමුල සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත් වී තිබේ.
    කොස් මල්ලී ඝාතනයේ ප්‍රධාන සැලසුම්කරු හා සැකකරු වන “ලොකු අයියා” නමැත්තා සැඟවී සිටින අතර ඝාතනයට යොදාගත් ටී 56 ගිනි අවියද ඔහු සතුව ඇති බවට පොලිසිය විශ්වාස කරයි. මෙම ලොකු අයියා නමැත්තා මෙවර අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවට තේරී පත්වී සිටින ජවිපෙ අපේක්ෂකයකුගේ සහෝදරයකු බවත් පොලිසිය කියයි.

    කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් අධිකාරි මහේෂ් නිශාන්ත සොයිසා මහතාගේ මූලිකත්වයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් අධිකාරි නිෂේධ ප්‍රනාන්දු, කොළඹ අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා, කුඹුරුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයශාන්ත, කොළඹ අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක එස්.පී.ඩී.ජේ. නිශාන්ත, උප පොලිස් පරීක්ෂක දුනුසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සිරුර ගොඩ ගන්නා අවස්ථාවට පැමිණි සිටියහ. තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ උපදෙස් පරිදි තංගල්ල ස්ථානීය අපරාධ පරීක්ෂණ ඒකකයේ නිලධාරීන් සහ අඟුණුකොළපැලැස්ස පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කීර්ති ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන්ගේ සහායද මෙම පරීක්ෂණ කටයුතු සඳහා හිමිවිය.
    සොයාගත් ශරීර කොටස වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යැවීය.

  • කුසලානය අහිමි උනාට නිදහස් කුසලාන තරඟාවලියේ අපේ අයගේ සුපිරි වැඩ කිඩ මෙන්න…

    කුසලානය අහිමි උනාට නිදහස් කුසලාන තරඟාවලියේ අපේ අයගේ සුපිරි වැඩ කිඩ මෙන්න…

    නිදහස් කුසලාන අවසන් තරඟයේ දිනේෂ් කාර්තික් බංගලාදේශයට එරෙහිව එල්ල කල හයේ පහරෙන් දිනුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ද?රෝහිත් ශර්මා තරඟාවලියේ ජයග්‍රාහී කුසලානය රැගෙන පිටිය වටේ යාම නිසා අපේ රටට කුසලානය ලැබුනා වගේ උත්තේජනයක් ප්‍රේක්ෂකයන්ට ලැබුනාද,මේ සතුට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ලබා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එතරම් ප්‍රශ්නයක් නොවන අතර සහෝදර කණ්ඩායමක ජයග්‍රහණයේදී සතුටු වීම හොඳ ප්‍රේක්ෂකයන් සතු ලක්ෂණයකි.

    නමුත් ප්‍රේක්ෂකයන් මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ද ඉන්දීය ජයග්‍රහණයෙන් උද්දාමයට පත්වී ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය අමතක කරනවානම් එය එතරම් හොඳ දෙයක් නොවන අතර ශ්‍රී ලංකා කණ්ඩායම තම මව් බිමේදී පරාජය වන්නේ සුපිරි ඉන්දීය ක්‍රීඩකයන් නැති කණ්ඩායමකට සහ බංගලාදේශයේ දී පරාජය කර බිමට සමතලා කර දමා පැමිණි බංගලාදේශ කණ්ඩායමට වීම තවත් බරපතල ප්‍රශ්නයකි.

    බංගලාදේශයේ තරඟ ජයග්‍රහණය කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම නිදහස් කුසලානයට වෙනස් විය හැකි බව පුහුණුකරු සහ තේරීම් කමිටු නිලධාරියෙකු වන චන්දික පැවසුවද අපට කණ්ඩායම නම් කිරීමේදී එතරම් වෙනසක් දකින්නට ලැබුනේ නැත.තරඟාවලියට පෙර අසංක ගුරුසිංහ ද පැවසුවේ දේශීය T20 තරඟාවලියේ වැඩ පෙන්වන ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණීමට හැකි වන බැවින් සංචිතය නම් කරන්නේ දේශීය තරඟාවලියේ තරඟ කිහිපයක් අවසන් වීමෙන් පසුව බවය.

    කෙසේ හෝ සංචිතය නම් කිරීමේදී දේශීය තරඟාවලියේ වැඩ පෙන්වූ කී දෙනෙකු කණ්ඩායමට පැමිණියාද යන්න ප්‍රශ්නයකි.ශ්‍රී ලංකා කණ්ඩායමට වේගපන්දු යවන්නන් ලෙස කැඳවන්නේ නුවන් ප්‍රදීප්,සුරංග ලක්මාල්,දුෂ්මන්ත චමීර සහ ඉසුරු උදානය.මෙම ක්‍රීඩකයන් අතරින් ඉසුරු උදාන හැර අනෙත් ක්‍රීඩකයන් තිදෙනාම ඉතා දක්ෂයන් වුවද T20 තරඟ වල සාර්ථක වීමට හැකි පන්දු සංකලනයක් ඔවුන් සතු වනවාද යන්න ප්‍රශ්නයකි.මොවුන් ඉතා දක්ෂ ටෙස්ට් පන්දු යවන්නන් බව කිසිම විවාදයක් නැත,නමුත් දක්ෂ පන්දු යවන්නන් වූ පමණින් T20 කණ්ඩායමේ ක්‍රීඩා කල හැකිද,ලෝකයේ ඉතා දක්ෂ වේගපන්දු යවන්නන් ලෙස සැලකෙන ඇන්ඩසන්,බ්‍රෝඩ්,ෆිලැන්ඩර් ,හෙල්සවුඩ් වැනි ක්‍රීඩකයන් එරට ජාතික T20 කණ්ඩායමට ඇතුලත් නොවන්නේ ඇයිද යන්න විමසා බලනවානම් ශ්‍රී ලංකාව මෙවැනි තේරීම් නොකරනු ඇත.

    නිදහස් කුසලානයේ පන්දු යවන්නන් පෙන්වූ දක්ෂතා බැලීමේදී අපේ පන්දු යවන්නන් සිටින තැන ගැන අපිට අවබෝද කරගත හැක.තරඟාවලියේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතින් වැඩිම කඩුලු ලබාගත් නුවන් ප්‍රදීප් පන්දු යවන්නන් අතර හත් වන තැන දිනා සිටින්නේ පන්දුවාරයකට ලකුණු 11 කට ආසන්න ලකුණු ප්‍රමාණයක් ලබා දෙමිනි.තරඟාවලියේ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් වූ ජීවන් මෙන්ඩිස් සහ අකිල ධනංජය ද තරඟාවලියේ සෙසු දෙරටේ දඟ පන්දු යවන්නන් හමුවේ සිටින්නේ පහල ස්ථානයකය.

    ශ්‍රී ලංකාවට මාලිංග අමතක කර තරඟාවලියට පැමිණියද මාලිංග දේශීය T20 තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා වෙමින් පෙන්නුම් කලේ තමාට අභියෝග කරන්නට තවමත් දේශීය පිටියේ ජගතෙකු නැති බවය.ශ්‍රී ලංකා තේරීම් කමිටුව වේගපන්දු යවන්නන් තේරීමේදී පන්දුවේ වේගය ගැන සිතුවා නම් අසිත් ප්‍රනාන්දු බංගලාදේශ තරඟාවලියෙන් අනතුරුව කණ්ඩායමෙන් ඉවත් වීම ප්‍රශ්නයකි.මන්ද ඔහු පසුගිය කාලයේ දේශීය පිටියේ හොඳින්ම කඩුලු අතර සිටින වේග පන්දු යවන්නා වන නිසාය.ශ්‍රී ලංකා T20 කණ්ඩායමට පසු ගිය කාලයේ පැමිණි විකුම් සංජය ද තමාට ලැබුන අවස්ථා වල ඉතා උසස් පන්දු වාර කිහිපයක් යවන අකාරය අපට දක්නට ලැබුනේ නව පන්දුවෙන් පන්දුව දෙපසටම දෝලනය කිරීමේ ඔහුගේ හැකියාව සමඟය.

    පිතිකරුවන්ගේ කථාවද මීට වෙනස් නැත.කුසල් පෙරේරා කණ්ඩායමට පැමිණීම ඉතා ඉහලින් සමරන ආකාරය දැකගන්නට ලැබුන අතර ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් කණ්ඩායමේ සිටින වඩාත් ප්‍රශ්නකාරීම පිතිකරුවා වීම ඔහුට මෙන්ම කණ්ඩායමටද තර්ජනයක් වී ඇත.තරඟාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් දසදෙනා අතරට ශ්‍රී ලංකා පිතිකරුවන් ඇතුලත් වන්නේ දෙදෙනෙකු පමණක් වනාතර කුසල්ලා දෙදෙනා එලෙස දක්ෂතා පෙන්වද්දී ශ්‍රී ලංකා පිතිකරුවන් අතර තෙවන තැන දිනා ගන්නේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාය.

    ධනුෂ්ක ගුණතිලක,උපුල් තරංග, දිනේෂ් චන්දිමාල් සහ දසුන් ශානක මීට වඩා වගකීමෙන් ක්‍රීඩා කල යුතු වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ T20 පිතිකරුවන් ලෙස වැඩ පෙන්වූ ඇන්ජලෝ මැතිව්ස්,අසේල ගුණරත්න,නිරෝෂන් දික්වැල්ල,ධනංජය සිල්වා,ඩිල්ශාන් මුණවීර වැනි ක්‍රීඩකයන් එළියේ සිටියදී මෙම පිතිකරුවන්ට ලැබෙන අවස්ථාවෙන් වැඩ නොගත හොත් කණ්ඩායමෙන් එලියට තල්ලු වන තැනට ඔවුන් ඉක්මනින්ම පත් විය හැක.

    මේ නිසා ඉදිරි තරඟාවලි ගැන සිතා,දැන් අපේ හොඳම ක්‍රිකට් මිතුරා වන ඉන්දියාවෙන් ඔවුන් සතු හොඳ දේවල් ඉගන ගත යුතුය.දෝණි නැති විට කාර්තික් සිටින්නේ,කුල්දීප් අශ්වින් නැති විට සුන්දර් සිටින්නේ,කෝලි නායකයා නොවන විට ශර්මා සාර්ථක වන්නේ ඉන්දියාව සතු විදිමත් ක්‍රිකට් සැලසුම නිසාය.ඒ නිසා අපි අපේ හොඳම මිතුරා දෙස බලා හැදෙමු…!

  • “අම්මේ මම ආවේ මේ.. ලයිට් කපන්න..” “හරි මහත්තයා… ඔන්න ඔය ආපු වැඩේ කරලා යන්න…”

    “අම්මේ මම ආවේ මේ.. ලයිට් කපන්න..” “හරි මහත්තයා… ඔන්න ඔය ආපු වැඩේ කරලා යන්න…”

    අම්මේ මම ආවේ මේ.. ලයිට් කපන්න..”
    “හරි මහත්තයා… ඔන්න ඔය ආපු වැඩේ කරලා යන්න…”

    එවකට මා විදුලිබල මණ්ඩලයේ සේවකයෙක් ලෙස එම නිවසට ගියේ.. විදුලිය විසංඳි කරන්න, මොකද ඒ ගෙදර බිල මාස කිහිපයක් තිස්සේ ගෙවා නොමැති නිසා.. විදුලිය සිඳලීමේ නියෝගය නිකුත්කර තිබුනු බැවින්..

    මා යන විට තරමක් මහලු කාන්තාවක් කුඩා දරුවෙකුට කෑම කවමින් සිටියේ…
    ඇය මාව ගනංගන්නේවත් නැතිව

    “මහත්තයා ආපු වැඩේ කරලා යන්න”

    කී අයුරින්ම මට කෘතුහලයක් ඇති උනා මේ කාන්තාවගේ කතාව සොයා බලන්න…

    “ඇයි අම්මා එහෙම කියන්නේ.. ලයිට් කැපුවහම අම්මලාට කරදරයිනේ.. බැරිද මොකක්හරි කරලා මේ බිල ගෙවලා දාන්න”

    “වැඩක් නෑ මහත්තයා මට ඕක ගෙවන්න විදියක් නෑ”

    “ලයිට් කැපුවහම ආයේ අමුනන්නත් සල්ලි දෙන්න වෙනවා… මෙතන පොඩි ගානක් නේ ගෙවන්න තියෙන්නේ..”

    ගෙවන්න තිබුනේ රුපියල් තුන්දහස් ගානක්.. වෙන මිනිස්සු දස අතේ බොරු කියනවා ලයිට් කපන්නැතිව තියාගන්න… ඇත්තටම ඇයි මේ කාන්තාවට මේක ගෙවාගන්න බැරිඋනේ යන්න දැන ගැනීමේ උවමනාව හින්දාම මම ඇහුවා..

    “මොක උනත් ඕවට ගෙවන්න තියා මේ පොඩි එකාට කන්න දෙන්නවත් මට විදියක් නෑ”

    ” ඇයි අම්මට මොකද උනේ… මේ දරුව කාගෙද..”

    “මගේ කතාව අහන එක මහත්තයට වැඩක් වෙන්නෑ.. ඒ කතාව කාටවත් වැඩක් නෑ..”

    ඇය ඉවත බලාගෙන… ඒ කියූ අයුරින්ම මගෙ හිත කීරිගැසී ගියා..
    මා ඇගෙ කතාව අසා සිටියා…

    “මහත්තයෝ මේ මගෙ දුවගේ දරුව..
    ඒකි රට ගියා දැං ආගිය අතක් නෑ…
    මං වැඩකලේ ගොවිපලේ… හැට පැන්න හින්දා පැංසන් ගියා…
    තාම මගෙ පැංසන් පඩිය එවුං හදලා දුන් නෑ මහත්තයෝ…”

    “මේ දරුවගේ ලේ වල පිලිකාවක්… “

    ඇගේ ඇස් කෙලවරේ පුංචි කඳුළු බිඳුවක්..

    “මං වැඩට යද්දි මේකගේ අම්මා.. මගේ දුව ගෙදර තනියමයි හිටියේ..”

    “මගේ මිනිහ ලෙඩවෙලා මැරුණෙ ඒකිව හම්බවෙලා අවුරුදු දෙකකට විතර පස්සේ..”
    “ටික කාලයක ගෙවල්වල වැඩ කරලා ඒ ඉඳුල්වලින් කෙල්ලව උස්මහත් කරා..” “ඒකිට හරියකට උගන්න ගන්නත් බැරිඋනා..”
    “සල්ලි තිබ්බෙ නෑ මහත්තයෝ…”
    “පස්සේ මං ගොවිපලේ වැඩට යද්දි ඒකි ගෙදර හිටියේ තනියම”

    “මේකට තාත්තෙක් නෑ … මෙහෙ වරෙන් මයෙ දෙයියා..”

    ඇය දරුවව තුරුලට ගනිමින්… චීත්ත කෙලවරින් දෑස පිස ගත්තා…

    “මේකගෙ ලෙඩේ වැඩි වෙලා මහරගම ඉස්පිරිතාලේ හිඩපු ඩිංගට මයේ ගේ ගිනිගත්තා… මට මුකුත් ඉතුරු වෙලා නෑ.. දෙයියනේ…
    වටේපිටෙි උන්ටික එකතුවෙලා වහලෙ හෙවිල්ලා දුන්නා… ගේ හරියේ ඉඳගන්න පුටුවක්වත් නෑ මහත්තයෝ…”

    එවිටයි මා ගෙට එබී බැලුවෙ.. නිදාගන්නා පැදුරු කෑල්ල පමනයි ගෙතුල තිබුනේ…

    අහපු ටික හොඳටම ප්‍රමානවත්,

    මෙතරම් දුකක් දරාගෙන මේ කාන්තාව මෙසේ ජීවත් වෙන්න තිබෙන දෛර්ය මොනතරම්ද… මගේ හදවතට මහා බරක් දැනුනා… වාහනයට ගොඩවී කාර්යාලයට එනකම්ම මහා මූසල ප්‍රදේශයයක් පසු කරනවා වගෙයි එදා දැනුනේ

    “සර්… මේ ගෙදර ලයිට් කපන්න මට බෑ
    පුලුවන්නම් මෙන්න මේ මුදල මගේ පඩියෙං මාස හයකින් කපා ගන්න…”

    මම මගේ ප්‍රධානියා ඉදිරියේ පෙනී හිටියේ එසේ කියමින්..
    එතුමා වික්ෂිප්ත උනා

    “ඇයි සරත් මොකද්ද ප්‍රශ්නේ.. “

    එතුමාගේ පෙරෙත්තය මත මා සියල්ල පවසා සිටියා…

    “සරත් ඔයා හිතන්නේ මට හිතක් පපුවක් නෑ කියලද…”

    ඔහු එම බිල රතු පෑනෙන් කපා දැම්මා…

    ————————–

    මාස කිහිපයකට පසුව මට පනිවිඩයක් ආවා,

    “සරත් අයියා අන්න ඔයාවද මන්දා හොයනවා, වයසක අම්මා කෙනෙක්”

    මගේ වැඩටික නිමාකර, මා පැමිණියා කාර්යාලයේ ඉදිරිපිටට.. තරමක් දැක හුරු අම්මා කෙනෙක්….
    මතක්උනා…

    “මහත්තයට මාව අඳුරගන්න පුලුවන්ද..”

    අතේ තිබුනු පාර්සලය මවෙත දික්කරමින් ඇය ඇසුවා…

    “මගේ පැංසන් එක හම්බඋනා මහත්තයෝ…”

    “මට දැං කාත් කවුරුවත් නෑ… කොලුපැටියත් නැතිඋනා.. අනේ මට ඌට හරිහමන් බෙහෙතක් හේතක් කරගන්නවත් බැරිඋනා..”

    “මගෙ ජීවිතේටම මංගැන අනුකම්පා කරපු එකම එක්කෙනා මහත්තයා විතරයි..”

    “මේං මේ අලුව පාර්සලේ මහත්තයට ගෙනාවේ…”

    “හා හා ගොඩාක් ස්තූතියි… ඔහොම්මම එන්නකො ඇතුලට..”

    මම ඇයව මගේ ප්‍රධානියා ගාවට රැගෙන ගියා…
    ඇයව අදුන්වා දුන්නා.. 
    ලොක්කා කී ලෙසම කාර්ය මණ්ඩලයේ සියලුදෙනාව එයාගේ කාමරයට රැස් කලා.. 
    කට්ටියම අලුව කාලා තේ කහට බිව්වා.. අර අම්මත් සමග…
    අපි හිනාවුනා… අම්මගේ රැලිවැටී වේලිලා තිබුනු මුහුන කොනකත් පුංචි සිනා රැල්ලක්… ඇස් දිලිසුනා…
    ————————

    සරත්චන්ද්‍ර සහෝදරයාගේ රැකියා ජීවිතේ මතක අත්දැකීමක් ඇසුරිනි

  • අගමැති රනිල් යටතේ ඉන්න බෑ කියපු ශ්‍රිලනිප මන්ත්‍රීලා මෙන්න…

    අගමැති රනිල් යටතේ ඉන්න බෑ කියපු ශ්‍රිලනිප මන්ත්‍රීලා මෙන්න…

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තවදුරටත් කටයුතු කළ නොහැකි බව පවසමින් ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් ලිපියක් අත්සන් කර ජනාධිපතිවරයාට භාරදී ඇතැයි දේශපාලන ආරංචි පවසයි.

    අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන එන බව කියන විශ්වාසභංග යෝජනාව සඳහා ද එක්සත් ජාතික පක‍්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ අත්සන් කරනු ඇති බව වාර්තා වේ.

    එක්සත් ජාතික පක‍්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකර එහෙත් ඒ පිළිබඳ ඡන්ද විමසීමකදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට එකඟ වී ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

    ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායමේ සිටින මන්ත්‍රීවරුන් 42 ගෙන් 35 දෙනෙකු ද මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීමට සූදානමින් සිටින බව දැනගන්නට ලැබේ.

    දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, විජිත් විජිතමුණි ද සොයිසා, ආචාර්ය සරත් අමුණුගම ඇතුලූ අමාත්‍යවරුන් 07 දෙනෙකු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තීරණයක් ගැනීමට අපේක්ෂාවෙන් සිටී.

  • පරාජය ඉවසා ගත නොහැකිව බංග්ලාදේශ ප්‍රේක්ෂකයින් රූපවාහිනි පොලොවේ ගැසූ හැටි මෙන්න..

    පරාජය ඉවසා ගත නොහැකිව බංග්ලාදේශ ප්‍රේක්ෂකයින් රූපවාහිනි පොලොවේ ගැසූ හැටි මෙන්න..

    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී (18 වැනිදා) පැවැති නිදහස් කුසලාන අවසන් මහ තරගයේදී බංග්ලාදේශය කඩුලු 4 කින් පරාජය කිරීමට ඉන්දියාව සමත් විය.

    තරගයේ අවසන් පන්දුවට හයේ පහරක් ගැසූ දිනේෂ් කාර්තික් ශ්‍රී ලංකාවේ නිදහස සැමරීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැති විස්සයි-20 තරගාවලියේ කුසලානය ඉන්දියාවට දිනා දුන්නේය.

    බංග්ලාදේශය ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 166 යි.
    ඉන්දියාව ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 168 යි

    තරගය දෙපිලටම දෝලනය වූ අතර අවසානයේදී බංග්ලාදේශය කරා තරගයේ ජය පැමිණියත් අවසාන පන්දු ඕවර 2 ක තුල පිටියට පැමිණි දිනේෂ් කාර්තික් තරගය මුළුමනින්ම වෙනස් කලේ සියල්ලන් පුදුම කරවමින්ය.

    තම කණ්ඩායම ලද පාරජයත් සමග බංග්ලාදේශ ක්‍රීඩා ලෝලීන්ට එය ඉවසා දරා ගැනීමට නොහැකි වී තිබෙනවා.ලැබූ පරාජයත් සමග ඇතැම් ක්‍රීඩා ලෝලීන් ඔවුන්ගේ ටීවී යන්ත්‍ර පොලවේ ගසා කුඩු කරන අකාරය දැක්වෙන වීඩියෝවක් පහතින්

  • ක්‍රිකට් ගැන මල පොතේ අකුරක්වත් නොදත් විමල් කියන රට්ටු හිනස්සන කතාව මෙන්න…

    ක්‍රිකට් ගැන මල පොතේ අකුරක්වත් නොදත් විමල් කියන රට්ටු හිනස්සන කතාව මෙන්න…

    ඉන්දීය කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති නිදහස් කුසලාන අවසන් තරගයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා ලෝලීන් ඉන්දීය පිල වෙනුවෙන් ජය පැන් පෙවීම සම්බන්ධයෙන් විමල් වීරවංශ දරන්නේ විවේචනාත්මක අදහසකි.

    බංග්ලාදේශ කණ්ඩායමේ කිහිප දෙනෙකු නොමනා ලෙස කටයුතු කලත් එටත් ලෙස ඔවුන් ශ‍්‍රි ලංකාවට දේශපාලන හෝ ආර්ථික මැදිහත්වීම් නොකරන බව ඔහු පෙන්වා දෙයි.

    https://www.facebook.com/supirigossip1/videos/1626762197359380/

  • චිකාගෝව සිහිගන්වමින් කොළඹ මැද මහදවාලේ සිදුකල මිනීමැරුමේ Video දර්ශණ මෙන්න…

    චිකාගෝව සිහිගන්වමින් කොළඹ මැද මහදවාලේ සිදුකල මිනීමැරුමේ Video දර්ශණ මෙන්න…

    ඊයේ දිනයේ කොළඹ ආමර් වීදියේදී සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගියේය.

    මෝටර් රථයකින් ගමන් කරමින් සිටි යුවලකට මෙසේ වෙඩි තබා ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසු පිරිමි පුද්ගලයා මිය ගොස් ඇති බව පොලීසිය කියයි.

    වෙඩි වැදුනු කාන්තාවද සිටින්නේ අසාධ්‍ය තත්ත්වයෙන් යයි රෝහල් ආරංචි මාර්ග කියයි.

    මෝටර් රථයට වෙඩි තබා පලා යන්නේ යතුරු පැදියකින් පැමිණි දෙදෙවෙකු බව ඒ අසල CCTV දර්ශණවලින් හෙලිව ඇත.

  • ශ්‍රී ලංකා කණ්ඩායමේ සුක්කානම යලිත් චමරි අතපත්තුට

    ශ්‍රී ලංකා කණ්ඩායමේ සුක්කානම යලිත් චමරි අතපත්තුට

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට චමරි අතපත්තු නම් කර තිබේ. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාර්ථකම පිතිකාරිනිය වන චමරි අතපත්තු පාකිස්තාන කාන්තා පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී කණ්ඩායම මෙහෙයවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

    ලෝක කුසලානයේදී ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයේ වාර්තාගත ලකුණු 178 ලබාගෙන චමරි අතපත්තු ජාත්‍යන්තර අවධානය දිනාගත් අතර ඉන් අනතුරුව එංගලන්ත හා ඕස්ට්‍රේලියානු කාන්තා විස්සයි විස්ස තරග සඳහා නියෝජනයක් ලබාගැනීමට ඇය සමත්විය.

    චමරි අතපත්තු මීට වසර කිහිපයකට පෙර ද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවා ඇති අතර පසුව ඇයට නායකත්වය අහිමි විය.

    එක්දින තරග තුනක් හා විස්සයි විස්ස තරග තුනකින් සමන්විත මෙවර පකිස්ථාන පිලේ ශ්‍රී ලංකා සංචාරය අඟහරුවාදා (මාර්තු 20) රන්ගිරි දඹුල්ල ක්‍රීඩාංගනයෙන් ආරම්භ විමට නියමිතය.

    ඉනෝකා රණවීර මින් පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් අතර ඇය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම 2017 ලෝක කුසලානයට සහභාගි වී පරාජයට පත්විය. එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව ජයගැනීමට සමත් වූයේ සහභාගි වූ තරග හතෙන් එක් තරගයක් පමණි. ඉන් අනතුරුව බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවති එක්දින තරගාවලියෙන් ද ශ්‍රී ලංකාව පරාජයට පත්විය.

  • ජාත්‍යන්තර ශ්‍රී ලාංකිකයින්ගේ ජාලය ජනපති මෛත්‍රීට ලියු ලිපියේ ඇතුලාන්තය මෙන්න…!

    ජාත්‍යන්තර ශ්‍රී ලාංකිකයින්ගේ ජාලය ජනපති මෛත්‍රීට ලියු ලිපියේ ඇතුලාන්තය මෙන්න…!

    මර්දනකාරි රාජපක්ෂ රෙජිමය පරාද කොට යහපාලන රජය බලයට ගෙන ආවේ තවත් මර්දනකාරි රජය දැකීමට නොවන බවත් වර්ථමාන ආණ්ඩුවේ ජනතා විරෝධී සහ මර්දනකාරී ක්‍රියාවන් එකහෙළා හෙලා දකින බවත් විදෙස්ගත ශ්‍රී ලංකිකයන්ගේ ජාත්‍යයන්තර ජාලය සඳහන් කරනවා.

    එම සංවිධානය වෙනුවෙන් එහි ක්‍රියාකාරි කමිටුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම යනු හුදෙක් මූල්ය ආධාර ලබාදීම නොව අදාළ මානව හිමිකම් කෙළෙසීම් එල්ල කළ සහ ඒවාට මගපෙන්වූ එමෙන්ම ඒවා උසිගැන්වූ සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන ඒම බවයි.

    එම නිවේදනය පහතින්,

    මාධ්‍ය නිවේදනය / ස්ටුට්ග්‍රාඩ්, ජර්මනිය. 18 මාර්තු 2018.

    වර්ගවාදී ප්‍රහාරයන්හි වින්දිතයන්ට සංක්‍රමණීය යුක්තිය ඉටුකරනු!

    ශ්‍රී ලංකාවෙහි මෑත සිදුවූ මුස්ලිම් විරෝධී ප්‍රහාරයන්හි වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම යනු හුදෙක් මූල්‍ය ආධාර ලබාදීම නොව අදාළ මානව හිමිකම් කෙළෙසීම් එල්ල කළ සහ ඒවාට මගපෙන්වූ එමෙන්ම ඒවා උසිගැන්වූ සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන ඒමයි.

    එවැනි ප්‍රහාරයන් නැවත එල්ලවීම වැළැක්විය හැක්කේ එවැනි සමස්ත ක්‍රියාමාර්ගයකින් පමණක් බවද ජාත්‍යන්තර ශ්‍රී ලාංකික ජාලය අවධාරණය කරයි. එවැනි ක්‍රියාමාර්ගයක් යනු මෙකී ප්‍රහාරයන් අරභයා ද සංක්‍රමණීය යුක්ති වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමයි. එවැනි සමස්ත ක්‍රියාවළියක් දියත් කරන ලෙස අන්තර්ජාතික ශ්‍රී ලාංකික ජාලය ආණ්ඩුවට බල කරයි.

    ඉතිහාසය පුරාම මානව හිමිකම් කෙළසීම්වලට ලක් වූ සියළුම ජනවර්ගයන්ට අයත් වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා ශ්‍රී ලංකා ආණ්ඩුව දක්වා ඇති අසමත්කම සම්බන්දයෙන් අන්තර් ජාතික ශ්‍රී ලංකික ජාලය සිය අවධානය යොමුකරයි. ඒ අතර වඩාම කැපි පෙනෙන්නේ සිංහල -බෞද්ධ ස්වෝත්තමවාදීන්ගෙන් ප්‍රහාරයන්ට ලක්වූ සුළුතර ජනකොටස් වලට යුක්තිය ඉටුකිරීමෙහිලා ශ්‍රී ලංකා ආණ්ඩු සහ එහි යුක්ති පසිදලීමේ යාන්ත්‍රණයන් දක්වා ඇති විශමාකාර සහ මන්දගාමී ස්වභාවයයි.

    තවද ජනාධිපති සිරිසේනගේ මෑත කාලීන දේශපලන භාවිතය මෙරට සුළුතර ජනයාට එරෙහි වෛරය වැපිරීම් සධාරණ කරන බවද ජාත්‍යන්තර ශ්‍රී ලාංකික ජාලය සටහන් කරයි. ඊට උදාහරණ නම් පසුගිය කාලය පුරාම ලංකාවේ සුළුතර ජන කණ්ඩායම් ඉලක්ක කරගනිමින් වෛරී ක්‍රියාවලට මූලිකත්වය ගත්තාවූ ගලබඩඅත්තේ ඥානසාර වැනි අන්තවාදී භීක්ෂූන්ද, පසුගිය කාලයපුරාම ජාතිවාදය සිය දේශපාලනය කරගත් පියසිරි විජේනායක වැනි අන්තවාදී දේශපාලඥයන්ද ජනාධිපති සිරිසේනගේ විදෙස් සංචාරයන්හි කොටස්කරුවන් බවට පත්ව සිටීමය. එමෙන්ම බෞද්ධාගමට නිගා දෙමින් අශිෂ්ඨ සහ ජාතිවාදී හැසිරීම් වලට කුප්‍රසිද්ධියක් උසුළන අම්පිටියේ සුමන භික්ෂුව සමඟ ආලාප සල්ලාපයේ යෙදීමයි. දිගන වර්ගවාදී ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට කෙලින්ම සම්බන්ධ වූ අම්පිටියේ සුමන මෙන්ම තවත් චීවරධාරීන් ගණනාවක්ම වෙතත් ඒ කිසිවකු මේ තාක් අත්අඩංඟුවට ගෙනද නැත.

    එසේම පසුගියදා මහනුවර දිසාවෙහි මුස්ලිම් ජනයාට එරෙහිව එල්ලකල ජාතිවාදී ප්‍රහාරයන්ට සම්බන්ධ බවට ප්‍රදේශයේ භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයකුට මෙන්ම තවත් ආරක්ෂ අංශවලට පිරිස්වෙත සාක්ෂි සහිතව වෝදනා එල්වී තිබේ. එවැනි කිසිවකු තවම අත් අඩංඟුවට ගෙන ද නැත.කවර ජනවාර්ගයකට හො එරෙහිව වර්ගවාදී ප්‍රචණ්ඩත්වයන් දියත් කරන හෝ ඒවාට අනුබල දෙන පිරිස් තරාතිරම සහ වාර්ගිකත්වය නොසළකා නීතිය හමුවට පමුණූවන ලෙස අන්තර්ජාතික ශ්‍රී ලාංකික ජාලය බල කර සිටී.

    අන්තර් ජාතික ශ්‍රී ලාංකික ජාලය ලෙස අප මර්දනකාරී රාජපක්ෂ රිජීමය පැරදවීමට කටයුතු කළේ තවත් මර්දනකාරී පාලනයක් ගොන ඒමට නොවේ. එබැවින් වර්ථමාන ආණ්ඩුවේ ජනතා විරෝධී සහ මර්දනකාරී ක්‍රියාවන්ට අන්තර්ජාතික ශ්‍රී ලාංකික ජාලය එකහෙළා විරුද්ධ වෙයි. එමෙන්ම එම අරමුණින් ශ්‍රී ලංකාව තුළ මෙන්ම අන්තර් ජාතික වශයෙන්ද පුළුල්තම සහයෝගිතාවයක් ගොඩ නැගීමට අන්තර්ජාතික ශ්‍රී ලාංකික ජාලය කැපවෙයි.

    විදෙස්ගත ශ්‍රී ලංකිකයන්ගේ ජාත්‍යයන්තර ජාලය

    ක්‍රියාකාරී කමිටුව වෙනුවෙන්

    සුනන්ද දේශප්‍රිය / පද්මි ලියනගේ / ක්‍රිශාන් රාජපක්ෂ