නිදහස් කුසලාන අවසන් මහා තරගයේදි බංග්ලාදේශය පරාජය කර තරගාවලිය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා. ඒ පිළිබදව ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියේ පළවූ නිර්මාණ කිහිපයක් පහතින්














නිදහස් කුසලාන අවසන් මහා තරගයේදි බංග්ලාදේශය පරාජය කර තරගාවලිය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා. ඒ පිළිබදව ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියේ පළවූ නිර්මාණ කිහිපයක් පහතින්














නිදහස් කුසලාන තරඟාවලියට ශ්‍රී ලංකාවට ආපු ඉන්දීය කණ්ඩායම නැවත තමන්ගේ රටට යන්නේ නිදහස් කුසලානය විතරක් නෙවෙයි ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ හදවතත් දිනාගෙන.
තරඟාවලිය පුරාම ඉන්දීය කණ්ඩායම හැසිරුණ විදිය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීනට ගොඩක් හිතට වදින්නට ඉන්දීය නායකයා ලෙස පැමිණි රෝහිත් ශර්මාගේ හැසිරීමද බොහෝ දුරට බලපෑම් කල අතර සාමනයයෙන් අනෙකුත් ක්‍රීඩකයන්ට වඩා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ගරු කරන ඉන්දීය ක්‍රීඩකයෙකු වන ශර්මා නිදහස් කුසලානය දිනාගැනීමෙන් පසුව මුලින්ම කලේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට ස්තුතිය පල කිරීම වීමද විශේෂ කරුණකි.
“මම මුලින්ම ස්තුති කරන්න ඕන අද අපිට සහය දක්වපු ප්‍රේක්ෂකයන්ට,මේ වගේ පීඩනයක් තියන තරඟයක ඒ වගේ සහයක් ලැබෙනවා කියන්නේ අපිට ලොකු හයියක්,සාමාන්‍යයෙන් මව් රටෙන් නැතුව මේ වගේ සහයක් ලැබෙන එක අපේ කණ්ඩායමේ ලොකු වාසනාවක්.අපි දැනගෙන හිටිය අපේ කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයන් කිහිප දෙනෙක් නැති වුනත් අපි ශක්තිමත් කියල,තරුණ ක්‍රීඩකයෝ හොඳටම කළා,ඇත්තටම මේ වගේ තරුණයෝ කණ්ඩායමේ හිටියම නායකයට පීඩනයක් නෑ.ගොඩක් ලේසියි එයාල මෙහෙයවන්න,මේ තරඟයේ ජයග්‍රහණයට කාර්තික් තමයි ලොකුම දේ කලේ,කාර්තික් කාලයක් තිස්සේ අපේ කණ්ඩායමට එනවා යනවා,අද පෙන්නුවා ඔහුට මොකද්ද පුළුවන් කියල,ඔහුගේ අත්දැකීම් එක්ක තරඟය අවසාන කරපු විදියනම් ඇත්තටම සුපිරියි.”
ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරමින් බංගලාදේශයේ අතේ තිබුන ජය උදුරා ගත් ඉනිම ක්‍රීඩා කල දිනේෂ් කාර්තික් තරඟයෙන් පසුව පවසා තිබුනේ මෙම ජයග්‍රහණය ගැන තමා බොහෝ සේ සතුටු වන බවය.
“ඇත්තටම ගොඩක් සතුටුයි මේ දේ කරන්න පුළුවන් වුන එකට,මුෂ්ෆිකර් පන්දු යවපු විදියට පහර දෙන්න ලේසි නෑ,මම උත්සාහ කලේ හැම පන්දුවටම තදින් පහර දෙන්න,හැම පන්දුවක්ම හතරේ සීමාවට යවන්න,ඒ වෙලාවේ වෙන කරන්න දෙයක් තිබුනේ නෑ,මගේ උත්සාහය ගොඩක් දුරට සාර්ථක වුනා,ඇත්තටම ගොඩක් සතුටුයි.

නිදහස් කුසලාන තරග මාලාවේ අවසන් මහා තරගය ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වුනා. මෙහිදි ශ්‍රී ලංකා රසිකයන් විශාල ප්‍රමාණයෙන් පැමිණ ඉන්දීය කණ්ඩායමට සහය දැක්වූ අතර ඔවුන් ලබා දුන් සහයට ස්තූති කිරීමට ඉන්දීය නායක රෝහිත් ෂර්මාද කටයුතු කළා.
මේ අතර ශ්‍රී ලංකා රසිකයන්ගේ නාදය මැදින් දැවි බංග්ලාදේශ ක්‍රීඩක සහ හිටපු නායක මහමුදුල්ලා ක්‍රීඩාගාරයේ ආරක්ෂිත වැටකට පයින ගසන දර්ශන ශ්‍රී ලංකා රසිකයන් විසින් පටිගත කර තිබුනා. වාසනාවකට මෙන් එම ආරක්ෂිත වැටට කිසිදු හානියක් මහමුදුල්ලාගේ මෙම පා පහර නිසා සිදුව නැති නමුත් බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ මෙම හැසිරීම මහත්වරුන්ගේ ක්‍රීඩාවට දැඩි අවමානයක් බවට ක්‍රීඩා විචාරකයන් සදහන් කර තිබුනා.
මහමුදුල්ලා ක්‍රීඩාංගනයේ වැටට පා පහර ලබා දෙන විඩීයෝව පහතින්

රුවන්ඩාවේ පිහිටි මුස්ලිම් පල්ලි 700ක් වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා.
මෙම පල්ලි වසා දමා තිබෙන්නේ එරට ශබ්ද දුෂණ වැලැක්වීමේ නීතියට පටහැනිව ක්‍රියාත්මක වීම හේතුවෙන්.
ශබ්ද විකාශය යන්ත්‍ර යොදාගනිමින් දිනකට පස්වරක් මුස්ලිම් පල්ලි තුළ පැවැත්වෙන යාඥාවලින් ඒ අවට ජනතාවට බාධාවක් එල්ලවන බව පවසමින් කිගාලි අගනුවර මුස්ලිම් පල්ලිවල ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයද එරට රජය විසින් තහනම් කර තිබෙනවා.
රුවන්ඩාවේ ජනගහනයෙන් 56.9% ක් රෝමානු කතෝලිකයන් වන අතර මුස්ලිම් ජනතාව ජිවත් වන්නේ 4.65% කි.

තමීම් ෆාතිම් ශ(ර්)මිලා නැමති දැරියක් සිය සැමියා විසින් පුටුවක බැඳ ගිනි තබා මරා දැමූ පුවතක් මේ වන විට සමාජජාල අඩවි තුළ සීඝ්‍රයෙන් හුවමාරු වෙමින් තිබේ
පසුගිය සිකුරාදා දිනයේදී ඇයව මරා දමා තිබෙන බව එම පුවතෙහි දැක්වෙයි.
ඉන් පරපතල ලැබූ ශ(ර්)මිලා පසුව රෝහල් ගත කර තිබෙන බවත් (17) රාත්‍රියේ ඇය මියගිය බවත් එහි දැක්වෙයි.
මිය යන විට ඇයට මාස7ක දරුවෙකු සිට ඇති අතර සිව්මස් හැවිරිදි ගැබිණියකද වී සිට ඇත.
සැමියාගේ අඩත්තේට්ම දරා ගැනීමට නොහැකි තැන ඇය පොලීසිය මෙන්ම පල්ලිය වෙතද ගොස් ඇති බවත්, එම අවස්ථා දෙකෙහිදීම ඔවුන් ස්වාමි පුරුෂයා වෙත මෙම දැරිය භාරදී ඇති බවත් එම පුවතෙහි දැක්වෙයි.
මේ ෆේස්බුක්හි හුවමාරු වන එම සටහන හා ඡායාරූපයයි පහලින්.
තමීම් ෆාර්තිමා ශ(ර්)මිලා ඊයේ රෑ මිය ගියා.
අවුරුදු 16 දී කනෙන් ඇදගන ගිහින් පුත්තලමේ, මුන්තාල් වල නාලන්තලුව කොඩි පල්ලි මුස්ලිම් පල්ලියෙදි තව භාර්යාවන් දෙන්නෙක් හිටපු, අවුරුදු 22ක් වයස මොහොමඩ් ඉම්රාන් කියන පුද්ගලයගෙ තුන් වන භාර්යාව වශයෙන් බලෙන් විවාහ කර දුන්නා.
අවුරුදු 18ක් වෙනකොට මාස හතක දරුවෙක් අතේ හිටපු.
මාස හතරක දරුවෙක් බඩේ හිටපු අහින්සක ශ(ර්)මිලා.
මේ කාලකන්නි ස්වාමි පුරුෂයා ගිය සිකුරාද ( 15) පුටුවකට තියල බැදලා ලාම්පු තෙල් දාලා ගිනි තිබ්බා.
දවස් දෙකක් හොස්පිට්ල් එකේ දුක් වින්ද ශ(ර්)මිලා 20 රෑ මේ කාලකන්නි ලෝකෙ දාල ගියා.
දරන්නම බැරි දේ තමයි.
“”මාව මරන්න දෙන්න එපා…….”” කියාගෙන පොලීසියට ආපු ශ(ර්)මිලා.
පොලීසියෙන් ඒ මිනීමරු ස්වාමිපුරුශයාටම කතා කරල ආපහු බාර දීපු එක.
දරන්නම බැරි දේ තමයි.
“”අනේ මාව මරයි….මාව දික්කසාද කරල දෙන්න…..”” කියල අඬාගෙන පල්ලියට ඇවිත් ඉල්ලපු ශ(ර්)මිලාව.
පල්ලියෙන් ඒ මිනීමරු ස්වාමි පුරුෂයාටම කතා කරල ආපහු බාර දීපු එක.
දරන්නම බැරි දේ තමයි.
මේ කාලකන්නි සමාජය.
මහ ලොකු පුරවැසි සන්විධාන කාවවත් අහිංසක ශ(ර්)මිලාගෙ තනියට හිටියෙ නෑ.


උපුටා ගැනීම – www.TheTruth.lk වෙබ් අඩවියෙන්

එ් ඉන්දියාව සහ බංග්ලාදේශය අතරයි.
මෙම කණ්ඩායම් දෙකම මූලික වටයේදී තරග දෙක බැගින් ජය ගැනීමට සමත් වුණා. මූලික වටයේදී පැවති තරග දෙකෙන් ඉන්දීය කණ්ඩායමට එරෙහිව එක් ජයක් හෝ වාර්තා කිරීමට බංග්ලාදේශය සමත්කම් දැක්වූයේ නැහැ.
ශී‍්‍ර ලංකාව සමග ඉකුත්දා පැවති තීරණාත්මක තරගයේදී කඩුලූ දෙකක ජයක් වාර්තා කරමින් බංග්ලාදේශය නිදහස් කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසියා.
ඉන්දීයාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා අන්තර්ජාතික පන්දුවාර විස්ස කි‍්‍රකට් තරග 7ක් පවත්වා ඇති අතර ඉන් සියලූ තරග ජය ගෙන ඇත්තේ ඉන්දීය කණ්ඩායමයි. මෙරට කී‍්‍රඩා ලෝලීන්ට අද දැක බලා ගැනීමට සිදුව තිබෙන්නේ සිය මවු රටේ කණ්ඩායම නොමැති අවසන් මහ තරගයක්.
ශී‍්‍ර ලාංකේය කී‍්‍රඩා ලෝලීන් අද තරගයේදී කුමන කණ්ඩායමකට සහයෝගය දක්වාවිද? යන්න ක්‍රීඩා ලෝලීන්ගෙන් අප විමසා බැලීමක් සිදු කළා.
එහිදී බොහෝ දෙනෙක් සඳහන් කළේ ඉන්දීය කණ්ඩායම මෙම ජයග්‍රහණය හිමි කර ගන්නේ නම් සතුටු වන බවයි.

මෙම සාකච්ඡාවට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරමින් බැසිල් රාජපක්‍ෂ, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන මහින්දානන්ද අලූත්ගමගේ, වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම සහ නාමල් රාජපක්‍ෂ ද සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.
ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට අනුර පි‍්‍රයදර්ශන යාපා, සුසිල් පේ‍්‍රමජයන්ත් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා ද එක්ව සිටියා.
දෙපාර්ශ්වය අතර මෙහිදී අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙනඑන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලූ මන්තී‍්‍රවරුන් අදාළ විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබිය යුතු බවටයි මෙහිදී සාකච්ඡා වී ඇත්තේ.
ජාතික ආණ්ඩුව නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍ර කණ්ඩායම අග‍්‍රාමාත්‍යවරයා සමග කටයුතු කිරීමට අකමැති බව පවසමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් භාරදීමටද මෙහිදී එකගතාවකට පැමිණ තිබෙනවා.
අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් තීරණයක් ගන්නේ නම් ඒ පිළිබදව ජනාධිපතිවරයාගෙන් විමසිය යුතු බවයි මහින්ද සමරසිංහ සහ සරත් අමුණුගම යන අමාත්‍යවරුන් මීට පෙර ප‍්‍රකාශ කර තිබුණේ.

ඒ, රටේ ආරක්ෂක තත්ත්වය යහපත්වීම හේතුවෙන්.
හදිසි අවස්ථා රෙගුලාසි යළි අවලංගු කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් අත්සන් තැබූ බවයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ප‍්‍රකාශකයෙකු කියාසිටියේ.
හදිසි නීති රෙගුලාසි අවලංගු කිරීම සඳහා වන ගැසට් නිවේදනයට අදාළ සියලූ කටයුතු ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු විසින් සූදානම් කර තිබුණා.
ජපාන නිල සංචාරය නිමවා ඊයේ (17) රාති‍්‍රයේ දිවයිනට පැමිණීමෙන් පසු ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනයට අත්සන් තැබුවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස සිය ජපාන සංචාරය නිමා කරමින් ඊයේ (17) දින රාත්‍රී 11.30 ට පමණ හොංකොං සිට පැමිණි කැතේ ෆැසිපික් ගුවන් සේවයේ C.X. – 611 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතිනනේ ඉහල මිතුදමක්. මෙම තරගයෙන් අනතුරුව ශකීබ් අල් හසන් සහ අතිරේක ක්‍රීඩක නුරිල් ඉස්ලාම් තමන් අතින් වු වරද පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුනසිලයෙන් ද සමාව අයැද තිබෙනවා.
මේ අතර, ශ්‍රී ලංකාව සමග ඊයේ (16) පැවති පන්දුවාර 20 තරගයේදී විනය විරෝධි ලෙස හැසිරුණු නායක ශකීබ් අල් හසන්ට සහ නුරුල් ඉස්ලාම්ට දඩ නියම කළා. තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක් නියම කර ඔවුන්ට අසාදු ලකුණක් එක් කිරීමයි ෂකකය තීරණය කළේ.
අවසන් පන්දුවාරයේදී මෙම බංග්ලාදේශ ක්‍රීඩකයින් දෙපළගේ හැසිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි ක්‍රිකට් විචාරකයින් ද පෙන්වා දී තිබුණේ. එහිදී විනිසුරුවරයා විසින් ලබා දුන් තීරණයක් මෙම ගැටුමට මුල් වී තිබුණා. ශකීබ් අල් හසන් ඊට දැඩි ලෙස විරෝධය පළ කරමින් ක්‍රීඩා පිටියේ රැ`දී සිටි මහමදුල්ලා සහ රුබල් හුසේන්ට පිටියෙන් ඉවත් වන ලෙස දන්වා සිටියා. එය අතරතුරදී දඩ නියම කෙරුණු නුරුල් හසන් ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා සමග උණුසුම් වචන හුවමාරුවක ද නිරත වුණා.
පසුව තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව නුරුල් හසන්, කුසල් මෙන්ඩිස් සමග ද ගැටුමකට මුලපුරන ආකාරයක් ද දක්නට ලැබුණා.
බංග්ලාදේශ කණ්ඩායම සිය ජයග්‍රහණය සමරන අවස්ථාවේ ඔවුන්ගේ ක්‍රීඩාගාරයේ වීදුරු දොරටුවකටද හානි වී තිබුණා. සී සී ටී වී දර්ශන මගින් පෙනී ගොස් ඇත්තේ ජයග්‍රහණයෙන් උද්දාමයට පත්වූ ශකීබ් අල් හසන් එක්වරම වීදුරු දොරටුව වේගයෙන් විවර කර ක්‍රීඩාංගණයට පිවිසීමේදී දොරටුව බිත්තියේ වැදී බි`දී ගොස් ඇති බවයි.
මෙම තරගයේදී බංග්ලාදේශ ක්‍රීඩකයින් ක්‍රීඩා පිටියේදී මෙන්ම ක්‍රීඩාගාරයේදීත් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානිදායක අයුරින් හැසිරී ඇති බවයි ජාත්‍යන්තර විස්තර විචාරකයින් පවසා තිබුණේ.

තලවතුගොඩ ප්‍රදේශයේදී අද අළුයම 5 ට පමණ වේගය පාළනය කරගත නොහැකිව BMW මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ඇල මාර්ගයකට ගොස් තිබෙනවා.
මෙම අනතුරින් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නැහැ.
මේ රථයේ හිමිකාරිත්වය දහම් සිරිසේන මහතාගේ බවට විශාල ආන්දෝලනාත්මක රාවයක් පැතිර යන අතර එය වත්තල ඉරේෂ් මෝටර්ස් හී අධිපතිගේ පුත්‍රයා වන Onesha Mendisගේ මෝටර් රථය බවටද තවත් රාවයක් පැතිරෙමින් ඇත…
කෙසේවෙතත් දහම් සිරිසේන මහතා විදේශගතව සිටින බව ඔහුගේ නිල ෆේස් බුක් අඩවියේ සදහන් කර ඇත. ඔහු අද සවස 6.00 ට පමණ හොංකොං වලට ඇතුල්වුණු බව සඳහන් කර ඇති නමුත්, ඔහු හොංකොං වලට ඇතුල් වුණේ කුමක් සඳහාද යන්න එහි සඳහන් කර නොමැත.


නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරඟයේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් ශකීබ් අල් හසන් සහ නුරුල් හසන් හට තරඟ මුදලින් 25% ක දඩයක් සහ ඔවුන් දෙදෙනාට අයි.සී.සී නිතී මාලාව කඩ කිරීම සම්බන්ධයෙන් සෘණ ලකුණු 2 ක් ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මඟින් නියම කර තිබේ.
මෙම අයි.සී.සී නීති මාලාව 2016 හඳුන්වාදීමෙන් අනතුරුව ක්‍රීඩකයින් දෙදෙනෙකුට සෘණ ලකුණ බැඟින් ලබාදුන් පළමු අවස්ථාව බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කරයි.
ශකීබ් අල් හසන් හට සෘණ ලකුණු ලබාදීමට හා දඩය පැනවීමට හේතුවී තිබින්නේ තරඟයේ 19 වන පන්දුවාරයේ දෙවන පන්දුවේදී ශකීබ් අල් හසන් විසින් ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරමින් සිටි ක්‍රීඩකයින් දෙදෙනාට ක්‍රීඩා පිටියෙන් ඉවත් වන ලෙස සංඥා කිරීම හා විනිසුරු තීරණයට අභියෝග කිරීමයි.
නුරුල් හසන් හට සෘණ ලකුණු ලබාදීමට හා දඩය පැනවීමට හේතුවී තිබින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක තිසර පෙරේරාට ඇඟිල්ල දිගු කිරීම හේතුවෙනි.
අද උදෑසන මෙම ක්‍රීඩකයින් දෙදෙනා අයි.සී.සී ක්‍රිකට් බලධාරීන් හමුවීමෙන් අනතුරුව වරද පිළිගෙන මෙම දඩ මුදල ගෙවීම සඳහා එකඟතාව පළ කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කරයි.



නිදහස් කුසලාන තරඟාවලියේ දැන් ඉතිරිව ඇත්තේ අවසාන මහා තරඟය පමණක් වන අතර අවසාන මහා තරඟයට ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ අතීත සතුරන් වන ඉන්දීය කණ්ඩායම සහ නුතන සතුරන් වන බංගලාදේශ කණ්ඩායමය.
ඊයේ බංගලාදේශය ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේ දැක්වූ රංගනයන් නිසා ඉන්දියාව ක්‍රීඩා පිටියේ පෙන්වූ ඇතැම් එදිරිවාදිකම් නිසා ඉන්දියාව සමඟ උරණ වී සිටි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් දැන් ඉන්දියාව සමඟ එකතු වී බංගලාදේශය පරාජ කරන්නට සැදී පැහැදී ඇත.
ඊයේ දිනයේ ෂකීබ් ඇතුළු බංගලාදේශ ක්‍රීඩකයන් පිටියේ හැසිරුණ අකාරය පිළිබඳව ඉන්දීය ක්‍රිකට් විචාරකයන් මෙන්ම ක්‍රීඩකයන්ද අප්‍රසාදය දක්වා ඇති ආකාරය විදෙස් මාද්‍ය වාර්තා කර තිබිණි.
ක්‍රිකට් විචාරක සන්ජේ මන්ජෙකාර් ට්විටර් පණිවිඩයක් තබමින් පවසා ඇත්තේ ෂකීබ් නායකයෙකු ලෙස හැසිරුණ ආකාරය අනුමත කල නොහැකි බවය.විනිසුරු තීරණයකට ඒ අකාරයේ ප්‍රතිචාර දැක්වීමක් සිදු කල හැකි දැයි මන්ජෙකාර් විමසා ඇත.

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා ට්විටර් සටහනක් තබා ඇත්තේ මේ බංගලාදේශය ශ්‍රී ලංකාවේ නටන අවසාන නයි නැටුම විය හැකි බවය.එමෙන්ම ඔහු තවත් සටහනක් තබා තිබෙන්නේ මෙතෙක් කල් බංගලි ව්‍යාග්රයන් ලෙස හඳුන්වාගත් බංගලි ක්‍රීඩකයන් තමන් වයාග්‍රරයන් නොවන බව ඔප්පු කල බවය.


මේ තරඟාවලිය නිදහස් කුසලානය ලෙස හඳුන්වනවාට වඩා නාග නැටුම් කුසලානය ලෙස හැඳින්වීම වඩා යෝග්‍ය බවද තවත් අය අදහස් පළකර තිබෙනු දැකගත හැකි විය.

ලංකාව හා බංග්ලාදේශය අතර ඊයේ (16) පැවති තරඟයෙන් ශ්‍රී ලංකාව පරාජය වීමත් සමඟ මුහුණු පොත උණුසුම් වුනේ මෙලෙසින්.














නිදහස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (16) පැවැති තරගයේ ජය හිමිකර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.
ඒ පන්දුවාර 19 යි පන්දු 05ක් අවසානයේ කඩුලු 08ක් බිඳවැටී තිබියදී ජයග්‍රාහි ලකුණු 160ක් ලබා ගනිමින්.
බංග්ලාදේශයට තරගය ජය ගැනීම සඳහා අවසන් පන්දුවාරයේදී ලකුණු 12ක් අවශ්‍යව තිබුණා.
කෙසේ වෙතත් ඒ මොහොතේ කඩුලු දෙකක් බිඳ වැටීම හමුවේ බංග්ලාදේශ ක්‍රීඩකයින් දැඩි පීඩනයකට මැදිව සිටියා.
තරගයේ අවසන් පන්දුවාරයේ යැවූ පන්දු දෙකක් සම්බන්ධයෙන් බංග්ලාදේශ පිතිකරුවන් පිටිය මැද යම් ප්‍රශ්නකාරී තත්ත්වයකට නතුව සිටින ආකාරයද දක්නට ලැබුණා.
කෙසේවෙතත් පසුව යළි තරගය ක්‍රියාත්මක වූ අතර දැවැන්ත හයේ පාරකින් තරගය ජය ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.
ඒ අනුව නිදහස් කුසලාන අවසන් මහා තරගයට බංග්ලාදේශ කණ්ඩායම සුදුසුකම් ලැබුවා.
https://www.facebook.com/supirigossip1/videos/1623228037712796/
https://www.facebook.com/apearata/videos/1613541382086990/
ආවේගශීලී වූ ජයග්‍රාහී බංග්ලාදේශ ක්‍රීඩකයන් තම විවේකාගාරයේ වීදුරු බිඳ දමමින් කලහකාරී ලෙස ජයග්‍රහණය සැමරු අයුරු….
https://www.facebook.com/NewsfirstSL/videos/1878011705592412/





අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව දැනට සති කිහිපයකට පෙර සිට ගෙන ඒමට සුදානම් වන විශ්වාසභංග යෝජනාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙන්ම බැසිල් රාජපක්ෂගේද එකඟත්වයක් මෙතෙක් ලැබී නැතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු දේශපාලන ආරංචිමාර්ග පවසයි. මෙම අවස්ථාවේ අගමැතිවරයාට විශ්වාසභංගයක් ගෙන ඒමට වඩා වෙනත් ප්‍රමුඛ කාරනා ඇතිබව මෙම දෙපලගේම අදහසවී ඇත.
මෙම අවස්ථාවේ මෙවැනි යෝජනාවක් ගෙන ඒමට වඩා පළාත් සභා මැතිවරණයක් ඉල්ලා ආණ්ඩුවට බලපෑම් කිරීමට ආණ්ඩු විරෝධී සියලු බලවේග ඒකරාශිකර ගැනීමේ අවශ්‍යතාවය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම, ‘පොහොට්ටු’ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාද අවධාරණය කරමින් සිටින බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
අගමැතිවරයට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගැනීම අද (16 දා) සිට ආරම්භ කෙරෙන බව ජාතික පුවත්පතක් වාර්තා කර තිබෙනවා.
කෙසේවෙතත් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී කථානායකවරයාට භාරදීමට පෙරේදා (14 වැනිදා) රැස්‌වූ ඒකාබද්ධ විපක්‌ෂයේ පක්‌ෂ නායක රැස්‌වීමේදී තීරණය කල බවත්, මේ සම්බන්ධව සෙසු පක්ෂ වල සහය ලබාගැනීම ඇතුළු ඉදිරි කටයුතු කරගෙන යාම මන්ත්‍රීවරුන් කණ්‌ඩායමකට පැවරූ බවත් ඒකාබද්ධ විපක්‌ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් එම පුවත්පතට පවසා තිබෙනවා.


