Author: Editor[A]

  • මිලියන 11ක් වටිනා අලුත් උපකරණ පැළඳගෙන ශ්‍රී ලංකා කණ්ඩායම අද පුහුණු වූ හැටි මෙන්න

    මිලියන 11ක් වටිනා අලුත් උපකරණ පැළඳගෙන ශ්‍රී ලංකා කණ්ඩායම අද පුහුණු වූ හැටි මෙන්න

    ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දුර්වලතා හදුනා ගැනීම සදහා මිලදීගත් පරිගණක මෘදුකාංග සහිත නව තාක්ෂණික උපකරණ පැළඳ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද (16) පැවත්වෙන තීරණාත්මක තරඟය සඳහා පුහුණුවීම් සඳහා එක්ව සිටියා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මිලදී ගෙන ඇත්තේ ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු කණ්ඩායම ද භාවිත කරන මෘදුකාංගයක් බවයි වාර්තා වන්නේ.

    එය ක්‍රිකට් ක්‍රීඩාවට ගැලපෙන පරිදි වෙනස් කර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දුර්වලතා හදුනා ගැනීමට බලාපොරාත්තු වන බවයි ක්‍රිකට් ආයතනය පැවසුවේ.

    මේ මෘදුකාංගය සහ උපකරණ සඳහා රුපියල් මිලියන 11කට අධික මුදලක් වැය කර ඇති අතර වාර්ෂිකව නඩත්තු සදහා තවත් රුපියල් මිලියන 3කට අධික මුදලක් මේ සදහා වැය කිරීමට සිදුවනවා.

    GPS තාක්ෂණය ද ඇති මෙම උපකරණයක් සෑම ක්‍රීඩකයකුගේ ඇගේ සවිකර පුහුණු සැසියේදී සහ තරඟ පැවැත්වෙන අවස්ථාවේදී ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව පිලිබදව සියලු විස්තර මේ හරහා ලබාගැනීමට බලාපොරාත්තු වනවා.

    එම උපකරණය මගින් ක්‍රීඩකයින් විඩාවට පත්වන ආකරය, හද ගැස්ම වැනි ශාරීරික යෝග්‍යතාවට අදාළ සියලු දත්ත ක්ෂණිකවම ලබාගැනීමට හැකිවනවා.

    ඊයේ දිනයේ ක්‍රීඩකයන් එම උපකරණය පැළඳ පුහුණුවීම් සඳහා එක්ව සිටියේ මේ අයුරින්.

  • ඉන්දීය පුහුණුවීම් අතරතුර තුවාල ලැබූ ‘රාගම පන්දු යවන්නා‘ වෙනුවෙන් රෝහිත් කරන්න යන දේ මෙන්න

    ඉන්දීය පුහුණුවීම් අතරතුර තුවාල ලැබූ ‘රාගම පන්දු යවන්නා‘ වෙනුවෙන් රෝහිත් කරන්න යන දේ මෙන්න

    පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ කළ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කිරීමට ගයාන් මංජුල සමඟ ඉන්දියාවට ගොස් සිටි නිලාම්ගේ පියා අසනීප වුණ බව දැනගත් ඉන්දීය නායක රෝහිත් ෂර්මා වහාම නිලාම්ට ආපසු ලංකාවට ඒම සඳහා ගුවන් ටිකට් පතක් වෙන්කරදී තිබූ අතර, එම සිදුවීම අමතක වී ගොස් නොමැති ඉන්දීය නායකයා මේ දිනවල පැවැත්වෙන නිදහස් කුසලාන තරගාවලිය අතරතුරදී නිලාම්ගේ පියාගේ සුවදුක් විමසා බැලීම සඳහා ඔහුව බැලීම සඳහා යෑමට සූදානම් වී ඇතැයි පැවැසේ.

    ඒ අනුව අද හෝ හෙට දිනයේදී ඉන්දීය නායකයා නිලාම්ගේ පියාගේ සුවදුක් විමසා බැලීම සඳහා නිලාම්ගේ නිවසට යෑමට නියමිතව ඇති අතර, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දිරිමත් කරන්නකු වන ගයාන් කුමාර  පැවැසුවේ මෙවැන්නකි.

     “මට රෝහිත් ෂර්මා හමු වුණාම හුඟක් වෙලාවක් අපි කතා කළා. ඒ කතා කළ වෙලාවේදී ඔහු මගෙන් ඇහුවා නිලාම්ගේ තාත්තගේ විස්තර. ඒ අහපු වෙලාවෙදී ඔහු අපිට කිව්වා 16 හෝ 17 වැනිදා නිලාම්ගේ තාත්තා බලන්න එන්නම් කියලා”

    මේ අතර ඉන්දීය කණ්ඩායමට දැල් ආවරණ පුහුණුවීම් සඳහා පන්දු යවමින් සිටි රාගම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයකුගේ මුහුණේ පන්දුව වැදීම හේතුවෙන් මේ වනවිට නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන එම ක්‍රීඩකයාට වැයවෙන මුදල ගෙවීමට තමන් සූදානම් බව ඉන්දීය නායකයා පවසා ඇතැයි දැනගන්නට ඇත.

    දැනගන්නට ඇති පරිදි ශ්‍රී ලංකාව සමඟ පැවැති පළමු තරගයට පෙර මෙම සිදුවීමට මැදිවූ ක්‍රීඩකයා විසින් ඉන්දීය පිතිකරුවකුට පන්දු යවමින් සිටියදී එම පිතිකරුවා එල්ල කළ ඩ්‍රයිව් පහරක් පන්දු යැවූ රාගම ක්‍රීඩකයාගේ මුහුණේ වැදී තිබූ අතර, ලේ ගලමින් සිටි ඔහු පසුව නවලෝක රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණි.

    කෙසේ වෙතත් මොහුගේ සම්පූර්ණ වියදම දැරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් ඉදිරිපත්ව ඇති නමුත් ඉන්දීය නායකයා පවසා ඇත්තේ අවශ්‍ය වන ඕනෑම මොහොතක මෙම ක්‍රීඩකයා වෙනුවෙන් ඕනෑම වියදමක් දැරීමට තමන්ද සූදානම්ව ඇති බවය.



  • ආදරයෙන් බැදී අතවර කර බාල වයස්‌ සිසුවියක නිවසේ බිරිද විදියට තබාගත් සෙබළා අත්අඩංගුවට…

    ආදරයෙන් බැදී අතවර කර බාල වයස්‌ සිසුවියක නිවසේ බිරිද විදියට තබාගත් සෙබළා අත්අඩංගුවට…

    අවුරුදු 15 මාස 08 පමණ වයසැති පාසල් ශිෂ්‍යාවක්‌ තම නිවසට කැඳවා ගෙන ගිය යුද හමුදා සෙබළකු සමඟ එම පාසල් ශිෂ්‍යාව පොලිස්‌ හදිසි ඇමතුම් (119) අංකයට ලද ඇමැතුමකට අනුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
     
     වර්තාවන අන්දමට එම සිද්ධිය මෙසේය. හමුදා සෙබළාගේ සහෝදරියක්‌ සහ පාසල් ශිෂ්‍යාවගේ සහෝදරියක්‌ පැල්වත්ත ප්‍රදේශයේ විවාහකරගෙන පදිංචිව සිටි. මෙම සහෝදරියන් දෙදෙනාගේ නිවෙස්‌වලට යන එන අතර වාරයේදී හමුදා සෙබළා සහ පාසල් ශිෂ්‍යාව දැන හඳුනාගෙන පෙම්වතුන් බවට පත්වී ඇත. දෙදෙනාගේ ප්‍රේම කතාව දුරදිග යැමෙන් පසු ඉකුත් දෙසැම්බර් මාසයේ දිනකදී හමුදා සෙබළා විසින් පාසල් ශිෂ්‍යාව බුත්තල හෝටලයකට රැගෙන ගොස්‌ බරපතළ ලිංගික අපයෝජනයකට ලක්‌කර ඇත. එම සිද්ධියෙන් පසු එම ශිෂ්‍යාවගේ පාසල් ගමනද නතර වී ඇත. ඉන්පසු හමුදා සෙබළා නිවාඩුවට ගමට පැමිණ අදාළ පාසල් ශිෂ්‍යාව ඔහුගේ නිවසට කැඳවාගෙන ගොස්‌ ඇත. ප්‍රදේශවාසීන් විසින් බාලවයස්‌කාර දැරියක්‌ බිරිඳ වශයෙන් නිවසක තබාගෙන සිටින බවට 119 දුරකථනයට කළ දැනුම් දීමකට අනුව බුත්තල පොලිසිය මගින් හමුදා සෙබළා සහ පාසල් ශිෂ්‍යාව අත්අඩංගුවට ගෙන ඇත.
     
     සැකකාර හමුදා සෙබළා ඉකුත් 02 වැනි දින වැල්ලවාය මහෙස්‌ත්‍රාත් උසාවියට ඉදිරිපත් කෙරුණ අතර පාසල් ශිෂ්‍යාව අධිකරණ වෛද්‍ය පරීක්‌ෂණය සඳහා බුත්තල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මොනරාගල මහ රෝහලට මාරුකර යවා ඇත.
     
     මොනරාගල පොලිස්‌ අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස්‌ මත බුත්තල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක රුවන් ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස්‌ පරීක්‌ෂිකා ඉමල්කා පොලිස්‌ සැරයන් (28645) සරත් නාන්තා පොලිස්‌ කොස්‌තපාල් (8270) ගයනි වැඩිදුර විමර්ශන සිදු කරති.

  • රටම හොය හොය බලන මාෂි – පුබුදු Pre Shoot වීඩියෝව මෙන්න…

    රටම හොය හොය බලන මාෂි – පුබුදු Pre Shoot වීඩියෝව මෙන්න…

    මාෂි-පුබුදු විවාහය මේ වනවිට බොහෝ දෙනාගේ අවධානය යොමුවෙලා තිබෙනවා.

    මේ අතර චිත්‍රපට ගීතයක් වගේ කරපු ඔවුන්ගේ pre-shoot වීඩියෝව පහතින්..

    සබැදි පුවත්

     

    http://supirigossip.com/archives/16301

  • ඊයේ බැන්ද මාෂිටයි, පුබුදුටයි අමතක නොවෙන්න ලංකාවේ සුපිරි තරු දුන්නු අපූරු Surprise එක

    ඊයේ බැන්ද මාෂිටයි, පුබුදුටයි අමතක නොවෙන්න ලංකාවේ සුපිරි තරු දුන්නු අපූරු Surprise එක

    ජනප්‍රිය නළු පුබුදු චතුරංග අද සිය යුග දිවියට එළඹුණා. ඔහුගේ අත ගත්තේ මාෂි සිරිවර්ධන.

    කලාකරුවන් විශාල ප්‍රමාණයක් සහභාගී වූ මේ අපූරු විවාහ මංගල උත්සවයේ සියලූ කලාකරුවන් එක්ක පුබුදුට සහ මාෂිට අමතක නොන මතකයක් එක් කළා. ඒ මෙන්න මේ විදිහට…

    වීඩියෝව පහතින්…

     

    කලා ලොවේ තරු රැසක් සහභාගී වූ මේ විවාහ මංගල උත්සවයේ උත්සව සභාව අමතමින් කතාවක් කළ සාරංග පුබුදු ගැන කිව්වේ මෙන්න මේ විදිහට..

    වීඩියෝව පහතින්..

     සබැදි පුවත්

     

    http://supirigossip.com/archives/16304

  • මුෂ්ෆිකර්ගේ නයාට උත්තර දෙන්න සිංහයෝ අද පිටියට බසී.. කණ්ඩායම් 02 ගැන ඉගියක් මෙන්න..

    මුෂ්ෆිකර්ගේ නයාට උත්තර දෙන්න සිංහයෝ අද පිටියට බසී.. කණ්ඩායම් 02 ගැන ඉගියක් මෙන්න..

    නිදහස්‌ කුසලාන විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දියානුවන්ගේ ප්‍රතිවාදියා කවුරුන්ද තීරණය කරන තීරණාත්මක තරගයට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අද (16 දා) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහභාගි වේ. 
     
    මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ද අද ෂකීබ් ක්‍රීඩා කළහොත් පසුගිය කාලයේ බංගලාදේශ මාද්‍ය සහ ක්‍රීඩකයන් නැගු අදෝනාවකට පිළිතුරක් ලබා දෙන්නට අවසථාවක් එළඹෙනු ඇත.

    ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශයේදී තරඟ ජයගන්නා විට බංගලි මාද්‍යයන් සහ ප්‍රවීණ ක්‍රීඩකයන් පැවසුවේ ෂකීබ් නැති වීමේ පාඩුව තරඟ පරාජයට හේතුවක් වූ බවය,දැන් ෂකීබ් කණ්ඩායමට පැමිණ ඇති නිසා ඔහු සිටින බංගලාදේශ  කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකාවට බංගලියන්ගේ අතීත අදෝනා වලට මනා පිළිතුරක් ලබා දෙන්නට හැකි වනු ඇත.
     
     සත්කාරක ප්‍රේක්‍ෂකයන් හමුවේ තීරණාත්මක තරගයේදී පීඩනය දරා ගැනීම කෙසේ වනු ඇති දැයි පුහුණුකරු චන්දික හතුරුසිංහගෙන් විමසන ලදුව, ‘අපිට කිසිම පීඩනයක්‌ නැහැ. පළමු තරගයට ක්‍රීඩා කළ විදිහට තමයි මේ තරගයටත් ක්‍රීඩා කරන්නේ. අවසන් පූර්ව තරගයද අවසන් මහා තරගයද කියන එකද යන්න එතනදි වැදගත් නැහැ. අපි මේ තරගය ජය ගෙන අවසන් තරගයට යන්න හොඳ මානසික සූදානමකින් ඉන්නවා.‘ යනුවෙන් පැවසීය.
     
     කණ්‌ඩායමේ සංයුතිය වෙනසක්‌ විය යුතුය. එහිදී ශ්‍රී ලංකාවට පිතිකරුවකුගේ අඩුව ඉන්දියාව සමග පැවැති තරගයේදී තදින් දැනුණි. ‘අපි කණ්‌ඩායමේ සංයුතිය තෝරන්නෙ තණ තීරුවට අනුව. මේ වගේ තණතීරුවක හොඳ ක්‍රිකට්‌ ගහන්න පුළුවන්. පන්දු යවන්නන්ව උනත් යොදවන්නෙ තණතීරුවට අනුව. වේග පන්දු යවන්නන්ට මේ තණතීරුවකදී යමක්‌ කළ හැකියි. ඒ වගේම පසුගිය කාලයේ අපි වැඩිය ලකුණු ගැහුව්වෙත් නැහැ කඩුලු ගත්තෙත් නැහැ. ඒ වගේම තමයි දිනුවෙත් නැහැ. නමුත් මේ තණතීරුවේදී ඒ සියල්ලම වෙනස්‌ වෙලා තියෙනවා.’ යෑයි හතුරුසිංහ වැඩිදුරටත් පැවසීය.
     
     කාසියේ වාසිය තරගයේ තීරණයකට කිසිදු බලපෑමක්‌ නොමැති බව ශ්‍රී ලංකා පුහුණුකරුවාගේ මතය වී තිබේ. ‘කාසියේ දෙපැත්තෙ වාසිය සහ අවාසිය කාට එයිද කියන්න බැහැ. දෙපැත්තෙන් මොන පැත්ත ආවත් අපි ලෑස්‌තියි. කාටවත් කියන්න බැහැ අන්තිමට ගහපු අය දිනනවා කියලා. බංග්ලාදේශය සහ ඉන්දියාව තරගය දිනුවෙ මුලින් ගහපු අය. ඒ නිසා කාසියේ වාසිය හිතලා තරග දිනන්න බැහැ.’
     
     ලසිත් මාලිංග වැනි පන්දු යවන්නකු මෙවැනි තරගයකට ඉතාමත් වැදගත්ය. නමුත් ඔහු සංචිතයේ නොමැත. ඒ සම්බන්ධයෙන් පුහුණුකරුවා පවසා සිටියේ, ‘මාලිංග කියන්නෙ හොඳ පන්දු යවන්නෙක්‌ තමයි. නමුත් ඔහු මේ කණ්‌ඩායමේ නැහැ. කණ්‌ඩායම නම් කළාට පස්‌සෙ ආයිත් ක්‍රීඩකයෙක්‌ට එන්න පුළුවන් ඉන්න කෙනෙක්‌ව ආබාධයකට ලක්‌ වුණොත් පමණයි‘ යනුවෙනි.
     
    අද තරගයේදී ධනංජය ද සිල්වාට කණ්‌ඩායමේ ස්‌ථානයක්‌ හිමිවීමේ අවස්‌ථාවක්‌ තිබුණද ඒ පිළිබඳව ඊයේ වනතුරුත් ශ්‍රී ලංකා පුහුණුකරු ඇතුළු කාර්ය මණ්‌ඩලය දෙගිඩියාවෙන් පසුවන අයුරක්‌ දිස්‌විය. අවසන් මහා තරග බලාපොරොත්තු ඇතිව බංග්ලාදේශ කළමනාකාරිත්වය ඔවුන්ගේ ප්‍රබලතම තුන් ඉරියව් ක්‍රීඩකයා වන ෂකීබ් අල් හසන්වද කණ්‌ඩායමට කැඳවා තිබේ. 

    ඒ අනුව අද ක්‍රීඩා කල හැකි බංගලාදේශ කණ්ඩායම.
    1 තමිම් ඉක්බාල්, 2 සෞම්‍ය සාකර්, 3 ලින්ටන් ඩස්, 4 මුෂ්ෆිකර් රාහුම් (wk), 5 මහමුදුල්ලා, 6 ෂකීබ් අල් හසන් (නායක ), 7 සබීර් රහ්මන්, 8 මෙහෙඩි හසන්, 9 මුස්තාෆිසර් රහ්මන්, 10 රුබෙල්ල් හොසේන්, 11 නසිමුල් ඉස්ලාම්

    අද ක්‍රීඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායමේද බොහෝ විට වෙනස්කමක් සිදු විය හැකි අතර පිතිකරණ අංශය ශක්තිමත් කිරීමේ අරමුණෙන් ධනංජය සිල්වා කණ්ඩායමට පැමිණිය හැකි අතර ඔහු පිට දඟ පන්දු යවන්නෙකු ලෙසද ක්‍රියාත්මක විය හැකි ක්‍රීඩකයෙකු නිසා බංගලාදේශ වමත් පිතිකරුවන් ඉලක්ක කරමින් ඔවුන් පාලනය කරන්නට ද ඔහුට අවස්තාවක් ඇත.

    මීට අමතරව තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථක අංශයක් වන වේගපන්දු යැවීමේ බලකායට ද ඉසුරු උදාන පැමිණෙන්නේ නම් වමත් පන්දු යවන්නෙකු ලෙස පන්දු බලකායට ඔහුට විවිදත්වයක් එකතු කල හැකි වනු ඇත.

    නුවන් ප්‍රදීප් සහ දුෂ්මන්ත චමීරගෙන් අපේක්ෂා කල දක්ෂතා අපට දැකගන්නට නොලැබුන අතර එසේ වුව හොත් සුරංග ලක්මාල් පසුගිය තරඟ වල බංගලාදේශය හමුවේ පෙන්වූ දක්‍ෂතාද සැලකිල්ලට ගෙන ඔහුට කණ්ඩායමේ තැනක් හිමි වීමට ඉඩ ඇත.

    අද ක්‍රීඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම
    ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා , කුසල් පෙරේරා, උපුල් තරංග, තිසර පෙරේරා, දසුන් ශානක, ජිවන් මෙන්ඩිස්, අකිල ධනංජය, සුරංග ලක්මාල්, ඉසුරු උදාන

  • ෂකිබ් නෙමෙයි කවුරු ආවත් වැඩක් නෑ – අද දිනන හැටි මම දන්නවා – හතුරුගෙන් ප්‍රකාශයක්…

    ෂකිබ් නෙමෙයි කවුරු ආවත් වැඩක් නෑ – අද දිනන හැටි මම දන්නවා – හතුරුගෙන් ප්‍රකාශයක්…

    නිදහස් කුසලානයේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ තීරණාත්මක තරඟය අද (16) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී සවස 7ට අරම්භවීමට නියමිතයි.

    මේ තරඟාවලියේ දී කාසියේ වාසිය තීරණාත්මක සාධකයක් දැයි මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහගෙන් ප්‍රශ්න කළා.

    ඔහු ඊට ලබාදුන්නේ මෙවැනි පිළිතුරක්.

    “කාසියේ වාසිය වැදගත් කියලා මම හිතන්නේ නෑ. ඊයේ තරඟය බලන්න කාසියේ වාසිය දිනලා පස්සේ බැට් කරලා තරඟය පැරදුනා. කාසියේ වාසිය දිනුවත් නැතත් කොහමද තරඟ වදින්නේ කියන සැලැස්ම අපි ලඟ තියනවා. මට හෙට තරඟය සම්බන්දයෙන් කිසිදු පීඩනයක් නෑ. මම දන්නේ නෑ පීඩනය කියන්නේ මොකක්ද කියලා. හෙට තරඟය අපිට තවත් තරඟයක් විතරයි.”

    බංග්ලාදේශ සමඟ තරඟය පරාජය වීම ගැනද මේ මාධ්‍ය හමුවේදී පුහුණුකරු හතුරුසිංහගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.

    ඊට පිළිතුරැ ලබාදෙමින් ඔහු ප්‍රකාශ කළේ,

    “ඔව් ඒ තරඟයේදී අපේ පන්දු යවන්නන් හරියට කළේ නැහැ. ඒ තරඟයේදී අපි කරපු වැරදි මොනාද කියල අපි දන්නවා. ඒ වගේම අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීමේ වරද ගැන අපේ අවධානය යොමු වෙලා තියනවා. ඒ තත්වය මඟහරවා ගැනීම ගැන අපි කතා කරලා තියනවා.”

    සකිබ් අල් හසන් යළි බංග්ලාදේශ කණ්ඩායම සමඟ එක්වීම ගැනද හතුරුසිංහගෙන් ප්‍රශ්න කළා.

    ඊට ශ්‍රී ලංකා පුහුණුකරු හතුරුසිංහ ලබාදුන්නේ මෙවැනි පිළිතුරක්,

    “ඔවුන්ගේ කණ්ඩායමේ වෙනස්කම් සිදුවීම, සකිබ් යළි පැමිණීම වගේ දේවල් ඔවුන්ට ලැබෙන වාසි. අපි කල්පනා කරන්නේ ඔවුන් පාලනය කරන ක්‍රම ගැන. ඒ වගේම පන්දු යැවීම පැත්තෙන් අපි බලලා තියනවා, මේ තරඟාවලිය ආරම්භ කරද්දී අපි හිතුවා මේ අය තමයි අපේ හොදම පන්දු යවන්නෝ කියලා. අපි තාමත් ඒ අය ගැන විශ්වාස කරනවා. අපි කියන්නේ නෑ ඒ අයට බෑ කියලා. මම කියන්නේ ඒ පන්දු යවන්නෝ ඔවුන්ගේ දක්ෂතා හරියට පෙන්නුවේ නෑ කියලා.”

  • රාජපක්ෂ අණින් සිදුවූ ලසන්ත ඝාතනය යටගහන්න රාජපක්ෂලා කරවපු කුප්ප වැඩක් අද එලියට…

    රාජපක්ෂ අණින් සිදුවූ ලසන්ත ඝාතනය යටගහන්න රාජපක්ෂලා කරවපු කුප්ප වැඩක් අද එලියට…

    සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හේමන්ති ප්‍රසන්න නානායක්කාර සහ උප පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චිගේ තිස්සසිරි සුගතපාල ලබන 29 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස සහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

    ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුගතපාල රහස් පොලිසිය හමුවේ කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් රහස් පොල්සියේ සමූහ මංකොල්ල විමර්ශන අංශය අධිකරණයට දැනුම් දුන්නේ පොලිස් පොත්වලින් සටහන් ඉවත් කරන ලෙස දැනුම් දී ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බවයි.

    උප පොලිස් පරීක්ෂකගේ සම්පූර්ණ ප්‍රකාශය රහස් පොලීසිය පෙබරවාරි 02 වැනි දා අධිකරණයට වාර්තා කර තිබිණි.

    ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය ගැන රහස් පොලීසිය ඇමැති සරත් ෆොන්සේකාගේ, ඇමැති මලික් සමරවික්‍රමගේ, මර්වින් සිල්වාගේ මෙන්ම බුද්ධි අංශ සාමාජිකයන් රැසකගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

  • ආන්දෝලනාත්මක වඳ පෙති ගැන ප්‍රජනන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක් කියන අමුතු කතාව…!

    ආන්දෝලනාත්මක වඳ පෙති ගැන ප්‍රජනන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක් කියන අමුතු කතාව…!

    බටහිර වෛද්‍ය ක්‍රමය අනුව වඳභාවය ඇති කළ හැකි පෙත්තක් සොයා ගෙන නැති බව ප්‍රජනන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්දිකා විජේරත්න මහත්මිය අද (15) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාධ්‍ය හමුවක දී පැවසීය.

    ආහාර සමඟ වඳ පෙති මිශ්‍ර කිරීමෙන් වඳභාවය ඇති කළ හැකි බවට අනියත බියක් සමාජ වෙබ් අඩවිවල ඇතිව තිබෙන හෙයින් ඒ ගැන සත්‍ය තත්ත්වය පෙන්වා දීම අපේ යුතුකම යැයි මේ මතය විද්‍යාත්මක වශයෙන් කිසිදු පදනමක් නැති බවත් සඳහන් කළ ඇය, ඖෂධ පෙති, කුඩු හෝ එන්නත් මගින් කණඩායමක් හෝ ජනවර්ගයක් වද බවට පත් කිරීම ප්‍රයෝගිකව කෙසේවත් කළ නොහැකි බව අවධාරණය කළාය.

    ”දැනට පාවිච්චිය සදහා ඇති සියළුම උපත් පාලන පෙති සහ එන්නත් ස්ත්‍රීන්ගේ පාවිච්චිය සදහා පමණක් වන අතර එයින් කෙරෙන්නේ ගැබි ගැනීමේ හැකියාව තාවකාලිකව වැලැක්වීම පමණි පුරුෂයන්ගේ තාවකාලික වඳ බාවයක් ඇති කළ හැකි උපත් පාලන ගිලින පෙත්තක් දැනට ලොව කිසිම තැනක නොමැත” යනුවෙන්ද ඇය පැවසුවාය.

    මෙම මාධ්‍ය හමුවට ස්වේච්ඡාවෙන් කරුණු දැක්වීම සදහා වෛද්‍යවරු රැසක්ද සහභාගි විය.

  • මහනුවර ගිනිදැල් පි‍ටුපස අැති බිහිසුනු දේශපාලන කුමන්ත්‍රණයක සියළු තතු කරලියට….

    මහනුවර ගිනිදැල් පි‍ටුපස අැති බිහිසුනු දේශපාලන කුමන්ත්‍රණයක සියළු තතු කරලියට….

    ජාතිවාදී ගිනි ලු වලින් වැසීගිය  මහනුවර ප්‍රදේශය මේ වනවිට යථා තත්වයට පත්ව අැත.  මෙහි බරපතලම කාරනය නම් ඔය කිසිවක් නොවේ නමුත්  ජාතිවාදී ගිනිදලුවලින් අගතියට පත්වූන්ගේ මතකය අවසන් හුස්ම හෙලන තෙක් හොල්මන් කිරීමය. එම තත්වය  යලි සුවපත් කල නොහැකි අති භයානක රෝග තත්වයකි.
     
    මහනුවර වෙලා ගත් ජාතිවාදී කලබලය අතිශය සැලසුම් සහගතව දියත් කරන ලද්දකි.  සී අයි ඩී ප්‍රධානී ෂානි අබේසේකර මහනුවරට පිටත් කර හැරියේ මෙවන් පසුබිමක් තුලය. මහින්ද පාර්ශවය ශානිගේ ගමන පිලිබදව දේශපාලන කෝනයකින් විග්‍රහ කර තිබුනි.
    මහින්ද පාර්ශවයේ ජාතිවාදීන්ගේ  මුග්ධ බව ශානි පිලිබද එම විචාරයේ මොනවට ගැබ් වී ඇත. එසේ කියන්නේ කරුනු කාරනා සහිතවය. කොළඹ තානපති බුද්ධි අංශ වලට වාර්තා වී ඇති පරිදි, තෙල්දෙනියේ සිදුවීම අති බිහිසුනු කුමන්ත්‍රනයකි. තරුනයා පි‍ටුපස අදිසි හස්ථයක් ක්‍රියාත්මක වී ඇත. ඒ පිලිබද අදහසක්  ගැනීමට පහත සරල සටහන ප්‍රමාණවත්ය.
    කුමාරසිරි තරුණයාට පහර දීම සිදුවන්නේ කවදාද ?
    පහර දීම සම්බන්ධව පොලිසියට ගොස් පැමිනිලි කලේ කවුද?
    දින කීයක් ඔහු රෝහලේ ගත කලේද ?
    ඔහු බැලීම සදහා පැමිනි පුද්ගලයන් පාලනය කිරීම හෝ සෝදිසි කිරීම නොකලේ ඇයි ?
    කුමාරසිරි දැඩි සත්කාර එකකයෙන් සාමාන්‍ය වාට්‍ටුවට මාරු කලේද ?
    ඔහුගේ මෘත ශරීරය නැවත ගොඩගෙන පරීක්ෂණ කිරීමට නියමිතව ඇත්ද ?
    කොලඹ තානාපති කාර්යාල වලට වාර්ථා වී ඇති පරිදි කුමාරසිරි මහනුවර රෝහලේදී අදිසි හස්තයක් විසින් මරා දමා ඇත. ඒ පිලිබදව ශානි අබේසේකර  වැන්නකු යොදවා පරීක්ෂණ කිරීම අතිශය යුක්ති යුක්තය. තවද මහනුවර ප්‍රදේශයේ භීෂනය පැතිරූ 60 ක පමන  සිංහල පිරිසක් අත් අඩංගුවට පත්ව ඇත. ඔවුන් කිසිවෙකු එම ප්‍රදේශයේ පදිංචි කරුවන් නොවේ. තවද ඔවුන් මහනුවර දිස්ත්‍රික්කයෙන් පවා එපිට දුර බැහැරින් පැමිනි අයය. අත් අඩංගුවට පත්වූවන්ගේ විශේෂ සලකුනු බොහෝය. පදිංචිය එකම බෝඩිමේය . සමහරෙක් එකම පවුලේ අයය , එකම ගමෙ අයය , එකම දේශපාලනඥයෙකුට වැඩ කරන අයවලුන්ය . කරුනු එසේ වූ කල්හි ඒ පිලිබදව පරීක්ෂණ කල යුතු නොවේද ?
     
    කුමාරසිරි මියගියේ මාර්තු මස 3 දින රාත්‍රීයේදීය. මරණය ගෙදරට ‍රැගෙන ආ විගස ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයන් එක්ව රු ලක්ෂ 3 මුදලක් කුමාරසිරිගේ පවුලට ලබාදී තිබුනි. එය ලබා දී තිබුනේ ගමේ පන්සලේ හාමුදුරුවන්ගේද  අනු දැනුම මතය .  තවද 4 වන දින රාත්‍රියේ තව ලක්ෂ 10 මුදලක් ඔවුන්ගෙන් ලැබීමට තිබුනි. මාර්තු මස 4 වන දින ඔහුගේ මල ගෙදරට ඥානසාර හිමි වඩැම්මේය. නමුත් ඥානසාරහිමි මලගෙදරදී කියා සිටියේ කුමක්ද ? මුස්ලිම් ව්‍යපාරිකයන්ගෙන් මුදල් ලබා ගැනීම අවඥාවට ලක් කලේය. උන්ගෙන් යැපීමට තරම් තවම්ත්  අප බංකොලොත් නැතැයි කීවේය . කැමරාවට ඔහු කුමක් කියා සිටියද තෙල්දෙනියට පැමින භීෂණයේ පලමු වෙඩිල්ල පත්තු කලේ ඥානසාර හිමිය.
    ජාතිවාදී ගිනිදලු නැග ඒම ආරම්භ විමත් සමගම රිෂාඩ් බදුර්දීන් මහනුවර සංචාරය කලේය. රිෂාඩ් වැන්නෙකුට මහනුවර ප්‍රදේශයේ අසරනව ඇති මුස්ලිම් පිරිසට ලබා දිය හැකි ‍රැකවරණය කුමක්ද ? ඇතිකල හැකි සංහිදියාව කුමක්ද ? රිෂාඩ් මහනුවරට පැමින රටේ ආරක්ෂක අංශයට  දෝෂාරෝපනය කලේය. රටේ ආරක්ෂක අංශය අද  කුජීතය. සීයට දෙසීයක් රිෂාඩ් සමග මම එකගය. නමුත් ඊට ඇගිල්ල දික් කිරීම සදහා රිෂාඩ්  සුසුසු නොවේ. පියාසර නිලධාරී ආකාෂ් ගේ මිනීමරුවා සිටියේ  රිෂාඩ්  සමගය. 
    මහ දවල් මන්නාරම  අධිකරණයට ගල් සැසූ රිෂාඩ් වැන්නකු  නීතිය හා සාමය යැදීමේ අපුලක් ඇත  .රිෂාඩ්ලාගේ ඥානසාරලාගේ නුවර වන්දනාව තම තමන්ගේ දේශපාලන ව්‍යපෘතිවල කොටසක් මිස ජනතාවට ඇති  ආදරයට කලා නොවේ.  ඥානසාරලා , රිෂාඩ්ලා මහනුවර පැමින කලේ ජාතිවාදී ගින්න ඇවිල වීමය
    ශ්‍රී ලංකා ඉතිහාසයට නොමැකෙන කලු පැල්ලමක් එක් කල 83 කළු ජූලියට  ආසන්නම් හේතුව වුනෙ  ලුතිනල් වාස් ගුනවර්ධන  ඇතුලු 13 මරණයට පත්කල කොටි ප්‍රහාරයයි.  හේම ශ්‍රී කියන්නේ ලංකාවේකවුරුත් දන්න මාධ්‍ය  වේදියෙක්. ඔහුගේ සහෝදරයත් මේ කොටි ප්‍රහාරයෙන් මිය ගියා. මිය ගිය  සහෝදරයපිලිබද හේම ශ්‍රී මෙහෙම සටහනක් තියනව.
    “මගේ මල්ලී රටේ පැවති දේශපාලනය සහ ජාතිවාදී තත්වය ගැන කිසිත් දැන නොසිටි අතර ඔහු දැන සිටියේ
    ඉලක්කයට වෙඩි තබන්නටත් මවු බිමට ආදරය කරන්නටත් පමණි. කඩමන්ඩි වල බොරු ප්‍රචාරවල සිටපත්තර වල ලොකු අකුර දක්වාම ජාතිවාදය  ඇවිලුනේය . අවසන බොරැල්ල කනත්තට සිරුරු බාරගන්නටපැමිනියේ ඥාතීන් පමණි. 
    එහෙත් බොරැල්ලේ සිට මුලු කොලඹටම ගිනි තියන්නට දහස් ගනන් අයවලුන්පොර කෑහ. කඩ ගිණි තැබූ විට මට මගේ සහෝදරයා යලි හමුවේ නම් මුල්ම දෙමල කඩයකට ගිනි තියන්නේ මමය .  ඔවුන් මගේ සහෝදරයාගේ මරණය පිලිබද කනගා‍ටු  නොවේ . ඔවුන් තුල ඇත්තේ දේශප්‍රේමය නොවේ,  නමුත් කඩ ගිණි  තැබීම සහ  බඩු පැහැරගැනීම පමණි “
    දේවදූතයන් පය නොගසන භූමියේ  පාපතරයන් පිනුම් ගැසීම ලෝක ස්වභාවයයි. රට ගොඩ ගැනීමට ඇති එකම මග නම් නීතියේ පාලනය ස්ථාපිත කිරීමයි.
  • සෞදියේ දී මානසික රෝගියකු විසින් වෙඩි තබා ඝාතනය කළ ගෘහ සේවිකා ප්‍රියංකාගේ කඳුළු කතාව

    සෞදියේ දී මානසික රෝගියකු විසින් වෙඩි තබා ඝාතනය කළ ගෘහ සේවිකා ප්‍රියංකාගේ කඳුළු කතාව

    දරුවන් තිදෙනාගේ අනාගතය වෙනුවෙන් විදේශගතවන කාන්තාවකට සෞදි අරාබියේ දී වෙඩි තැබීමකට ලක්‌ ව අවාසනාවන්ත ලෙස මියයැමට සිදුව තිබේ.

    එම සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ වඳුරඹ කටඹුරාව අබේසුන්දර වත්තේ පදිංචි 38 හැවිරිදි තිදරු මවක්වන ප්‍රියංකා ජයසේකර ය. මැද පෙරදිග රටක ගෘහ සේවයේ යෙදී සිටිය දී නිවසේ සිටි මානසික රෝගියකු විසින් ප්‍රියංකාට වෙඩිතබා එම පුද්ගලයා ද වෙඩි තබාගෙන සියදිවි නසාගත් බව ඉකුත් 13 වැනි දින ප්‍රියංකාගේ පවුලේ අය වෙත දැනගන්නට ලැබී ඇත.

    මියගිය ප්‍රියංකා විවාහ වී සිටියේ එල්. ජී. උපුල් (44) සමග ය. ඔවුන් විවාහ වූයේ මීට වසර විස්‌සකට පමණ ඉහත දී ය. ඔවුන්ට දරුවන් තිදෙනෙකි. වැඩිමලා චමිලා ආසිරි ය. 21 හැවිරිදි ඇය මේ වනවිට විවාහ වී සිටින්නී ය. දෙවැනි දියණිය අවිශ්කා හේමාලි 12‌ හැවිරිදි ය. තුන්වැනි දියණිය නෙත්මි නවෝද්‍යා 08 හැවිරිදි වියේ පසුවන අතර ඇය අසනීප තත්ත්වයේ පසු වේ.

    ප්‍රියංකාගේ ඥාති දියණියක වන එම්. ජී. නදීකා ලක්‌මාලි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ”මේ දරුවා රෝග තත්ත්වයකින් පෙළෙනවා. අගහිඟකම් නිසාමයි ප්‍රියංකා නැන්දා රට ගියේ. එයා දැන් රට ගිහින් මාස නවයක්‌ වෙනවා. මීට කලින් අවස්‌ථා ගණනාවක දී ම එයා මැදපෙරදිග සේවයේ නියුතු වුණු කෙනෙක්‌. දැන් අපට දන්වලා තියෙනවා එයාට වැඩකළ නිවසේ සිටි මානසික රෝගී තැනැත්තෙක්‌ වෙඩි තියලා ඔහුත් සියදිවි නසාගෙන කියලා. නැන්දා රට ගියාට පස්‌සේ කතා කළේ නෑ. ඉන්පසුව මේ ගැන විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට දැන්වූවාම මසකට වතාවක්‌ කතා කරන්න හදලා දීලා තිබුණා. නැන්දා කතා කළාට කවදාවත් ගෙදර මානසික රෝගියෙක්‌ ඉන්නවා කියලා තිබුණේ නෑ.

    කොහොම වුණත් මේ ගැන විධිමත් පරීක්‌ෂණයක්‌ පවත්වන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම උපුල් මාමා කළුගල් කොරියක වැඩකරන එක තමයි රස්‌සාවට කරන්නේ. එයාගේ අත උඩට කළුගලක්‌ ඇවිත් අතේ ඇඟිලි කැඩිලා අනතුරකට ලක්‌වෙලා තියෙන්නේ. මේ නිසා ඔහුට බර වැඩක්‌ කරගන්න අපහසුයි. දැන් ඉතින් මේ දරුවන් වෙනුවෙන් හවුහරණක්‌ සලසන්න පියවර ගන්න කියලා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා” යනුවෙන් සඳහන් කළා ය.

    ප්‍රියංකා මුලින්ම විදේශගතව ඇත්තේ මීට වසර 15කට පමණ පෙර ය. ඇය නැවත වසර කිහිපයකින් මෙරටට පැමිණෙන අතර යළිත් දෙවැනි වතාවට ද විදේශගත ව ඇති ඇය මීට වසර කිහිපයකට පෙර මෙරටට පැමිණ තිබුණා ය.

    එහෙත් අතක ආබාධයකින් පෙළෙන සැමියාත් හදවතේ සිදුරක්‌ හේතුවෙන් පීඩාවට ලක්‌ ව අසනීප තත්ත්වයේ පසුවන නෙත්මි නවෝද්‍යා දියණියත් වෙනුවෙන් නැවතත් විදේශගත වන්නට ප්‍රියංකා තීරණය කර තිබේ.

    මේ අනුව නැවතත් සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස ප්‍රියංකා සේවයට යන්නේ මීට මාස නවයකට පමණ පෙර ය.

    මෙවර විදේශගත වූ ප්‍රියංකා වෙන දා මෙන් සැමියාට කතාකර නැත. මේ නිසා ඇය සම්බන්ධයෙන් තොරතුරු විමසීමට ඇගේ සැමියා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ සහාය ද ලබාගෙන තිබිණ.

    කෙසේ වෙතත් වරින් වර නිවසට කතා කළ ද ප්‍රියංකා එම නිවසේ මානසික රෝගියකු සිටින බව හෝ තමන්ට කරදරයක්‌ පවතින බව කිසිදු අවස්‌ථාවක පවසා තිබුණේ නැත.

    කෙසේ වෙතත් මීට දින තුනකට පමණ පෙර ප්‍රියංකාගේ සැමියාගේ දුරකතනයට විදේශ දුරකතනයකින් ඇමතුමක්‌ ලැබී තිබිණ. තමන්ගේ බිරිය කතා කරනවා යෑයි සිතූ උපුල් නෝනා ඔයා හොඳින් දැයි විමසා තිබුණේ ය.

    නමුත් කතාකර තිබුණේ ප්‍රියංකා නොව වෙනත් අයෙකි. එම දුරකතන ඇමතුම මගින් ඉල්ලා තිබුණේ ප්‍රියංකා ගෙදරට කතා නොකරන බවට සඳහන් කර දමනු ලැබූ පැමිණිල්ල ඉල්ලා අස් ‌කරගන්නා ලෙසයි.

    කෙසේ වෙතත් ඉකුත් 13 වැනි දා පස්‌වරුව වනවිට ප්‍රියංකාගේ සැමියා වෙත ලැබුණේ අවාසනාවන්ත තොරතුරකි. ඒ තමනුත් දරුවනුත් වෙනුවෙන් විදේශගත වූ සිය ආදරණීය බිරිය මානසික රෝගියකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්‌ව අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගෙන ගොස්‌ තිබුණ වග ය.

    සිද්ධිය සම්බන්ධයෙන් අදහස්‌ දැක් ‌වූ ප්‍රියංකාගේ සැමියා පවසන්නේ මෙවැනි අදහසකි..,

    “නෝනා රට ගියේ මීට මාස නවයකට පමණ පෙරයි. මාස දෙකක්‌ පමණ ලියුම් එනකං බලා සිටියා ලියුම් ආවේ නෑ.

    මා ඒජන්සියෙන් ඇහුවම හෙට කතාකරයි කිය කිය බොරු කීවා. පස්‌සේ මම විදේශ සේවා එකට ගියා. පස්‌සේ විදේශ සේවා එකෙන් ඒජන්සියේ අය ගෙන්වලා ප්‍රශ්නය විසඳලා දුන්නා. ඒ පාර මාසෙකට සැරයක්‌ වගේ කතා කළා. ගෙදරින් කරදරයක්‌ නැතෙයි කිව්වා පඩිත් එව්වා. දැන් මාස තුනකින් විතර පඩි නෑ.

    අවසාන වරට කතා කළේ ගිය මාසේ 10 වැනි දා. මීට දින තුනකට පමණ පෙර විදේශ අංකයකින් දුරකතන ඇමතුමක්‌ ආවා. මට කීවා විදේශ සේවා එකේ පැමිණිල්ලක්‌ දාලා තියෙනවා නේද ඒක ඉවත් කරගන්න කියලා. මම කීවා ඒක අයින් කරන්න දෙයක්‌ නෑ, ඒ මැඩම් ඒක අයින් කළයි කියලා. ඊයේ (14) අපේ ඥති සහෝදරයෙක්‌ තමයි ඇවිත් කිව්වේ මේ වගේ සිද්ධියක්‌ වෙලා කියලා”.

    කෙසේ වෙතත් විදේශගත වූ සිය බිරියගේ දේහය කඩිනමින් මෙරටට ගෙන්වා දෙන ලෙසත් මෙන්ම අසරණ වූ තමන්ටත් දරුවන්ටත් හව්හරණක්‌ සලසන ලෙස ප්‍රියංකාගේ සැමියා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක්‌ ද කළේ ය.

  • ගින්දර සහ මැදමුලන –  අසාර්ථක ගෝඨාගේ රෙදි ගැලවෙන ඔබ නොදත් අැතුලාන්තය මෙන්න…

    ගින්දර සහ මැදමුලන – අසාර්ථක ගෝඨාගේ රෙදි ගැලවෙන ඔබ නොදත් අැතුලාන්තය මෙන්න…

    1949 වර්ශයේ ජූනි මස 20 දින ගෝටාබය මෙලොව එලිය දු‍ටුවෙය. ඔහු යුධ හමුදාවට එක් වූයේ  ඉන්ටෙක් 4 කැඩෙට් නිලධාරියෙකු ලෙසය . ඒ 1971 වසරේදීය. 

    යුද්ධය තිව්ර වත්ම හමුදා සේවය හැරගිය බව ගෝටාබයට එල්ල වන චෝදනාවකි . ගෝටාබය සිය ඉවත්වීම පිලිබදව  මෑතකදී දිවයින පුවත්පත සමග අදහස් ප්‍රකාශ කර තිබුනි. ගෝටාබයගේ කථාවේ හරයක් නොමැත . කම්කරු වෘත්තිය පවා ගිය අලුත දුෂ්කරය කල්යත්ම  වරප්‍රසාද හිමිය . සිය පවුල් පසුබිම නිසා කැඩෙට් කාලයේ සිට කර්නල් දක්වාම ගෝටාබයට  විශේෂ වරප්‍රසාද ලැබුනි. ගෝටාබය සිය හමුදා සේවයෙන් වැඩි කොටස ගෙවා දැමුවේ ක්‍රියාන්විත රාජාකාරියේ නොව සාමාකාමි ප්‍රදේශ වලය. මෙහෙයුම් වලට එක්වූ කාලය 1% ටත් වඩා අඩුය.

    1991 වසරේදී  මන්ඩතිව් මුදවා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක විය. මෙහෙයුම් අනදෙන්නා වූයේ ගෝටාබය රාජපක්ෂයි. ගෝටාබයගේ සැලසුම අනුව දවල් කාලයේ මෙහෙයුම ආරම්භ කල අතර  මුලු හමුදා බලඝනයම  එකවර ඉදිරියට ගියේය. හමුදාවේ මෙහෙයුම පිලිබද සතුරාට  ඉව වැ‍ටුනු අතර ගෝටාබයගේ සේනාවට ‍රැකසිට පහරදීමට ඔවුන් සංවිධානය  විය. එල්.ටී.ටී.ඊ සාමාජියන් විසින් මහ හරස් කොට  ඇම්බුෂ් එකක් එලා තිබුනි.නමුත්කොටි පනිවිඩ හුවමාරුවන්ට රහසේ සවන්දුන් හමුදාවට කොටි ඇම්බුෂ් එක පිලිබද හෙලි විය.කොටි සැලැස්ම හෙලිකරගත්තේ කයිට්ස් ප්‍රදේශයේ ස්ථාන ගත කර තිබූ මෙහෙයුම් මැදිරියකිනි  . එම කයිට්ස් හමුදා මුරපොල සරත් ෆොන්සේකාගේ බල ප්‍රදේශයේ පිහිටා තිබුනි. කොටි මෙහෙයුම පිලිබදව ෆොන්සේකා විසින්  යාපනය ඒකාබද්ධ අනදෙන නිලධාරියා වහා දැනුවත් කලේය.

    කොටි ඇමිබුෂ් එක පිලිබදව වහ වහා ගෝටාබයගේ බලමුලුව ඇලර්ට් කලේය . ඔවුන්ගේ ඉදිරි ගමන නවතා ආරක්ෂාකාරී ලෙස ස්ථානගත වීමට (හාබරින්) උපදෙස් ලැබිනි. මේ අතර තුන්පැත්තකින් භට කන්ඩායම් මෙහෙයවූ සරත් ෆොන්සේකා මන්ඩතිව් අල්ලා ගත්තේය. එය සතුරා වික්ෂිප්ත කල ( සර්ප්‍රයිස් අටෑක් ) මෙහෙයුමක් විය. නමුත් ගෝටාබය සැරසුනේ මහදවල් විවෘත භූමියක් හරහා සිය කන්ඩායම  සමග ඉදිරියට යාමටය. දහවලක  නොව රාත්‍රීයකවත් විවෘත භූමියක් හරහා හමුදාව මෙහෙයවීම නොකල යුතු බව යුද  ශ්‍රාස්ත්‍රයේ හෝඩියේදී උගන්වන  පාඩමකි.  විවෘත භූමියක් හරහා ගමන් කරන  භට පිරිසකට ‍රැක සිට පහර දීම සතුරාට පහසු කටයුත්තකි . කෙසේ වුවද මන්ඩතිව් මුදවා ගත් ෆොන්සේකා පසුව ගෝටාගේ  භට පිරිසද බේරා ගත්තේය. 

    ෆොන්සේකා නොමැති වන්නට ගෝටාබයගේ මෙහෙයුම  ව්‍යවසනයකින් කෙලවර වීමට නියමිතව තිබුනි. ගෝටාබයගේ මන්ඩතිව මෙහෙයුම  ඉහල නිලධාරීන් අතර  ලැව් ගින්නක් සේ පැතුරුනි . ඔහුට විවිධ අපහාස උපහාස එල්ලවිය , ‘ලොස් ගෝතා’ ලෙස නමක් පට බැදිනි. මෙම සිදුවීමෙන් මසක් ගතවෙත්ම  ගෝටාභය හමුදාවෙන් ඉවත්වීමේ ලිපිය බාරදුන්නේය. නමුත් හමුදා මූලස්ථානයෙන් බටර් සංග්‍රහයක් ලද ගෝටා කොතලාවල ආරක්ෂක පීඨයට සැප මාරුවක් ලද්දේය.  කොතලාවල ආරක්ෂක පීඨයේ වසරක සේවයන් පසු ගෝටාබය යලිත්  ක්‍රියාන්විත සේවයට කැදවා තිබුනි. ඊට ප්‍රතිචාර ලෙස ගෝටාබය කලේ  සෞඛ්‍ය හේතූන් දක්වා හමුදා  සේවයන් ඉවත් වීමය. හමුදාවෙන් ඉවත් වූ ගෝටාබය ඇමෙරිකාව වෙත සංක්‍රමනය විය.ඔහු ලොස්ඇන්ජලීස් ලොයාලා නීති පාසලේ පරිඝනක මෙහෙයුම්කරුවෙකු ලෙස වැඩ කලේය

     2005-2009 යුධ ක්‍රියාවිතය තුල  ගෝඨාබය සුවිශේෂ කාර්ය භාරයක් ඉ‍ටුකලේය. නවීන අවි ආයුධ වලින් හමුදාව සන්නද්ධ කීරීමේ ප්‍රමුඛතම කාර්ය  ගෝටාබය අතින් සිදු විය . හමුදාව බෝම්බ 100ක් ඉල්ලන විට 200ක් දුන්නේය. ඩොලර් 250 කට මිලදී ගත හැකි ම්.මී 130 කාලතුවකු උන්ඩයකට ඩොලර් 650ක්ලොස් නැතිව ගෙවා දැමුවේය . එකක් ඩොලර් මිලියන 45කට මිලදී ගත හැකිව තිබූ බී.එම්.ඩබ් වෙඩි නොවදින මෝටර් රථ ගෝඨා මිලදී ගත්තේ එකක් ඩොලර් මිලියන 88 බැගිනි. හමුදාව ඉල්ලා සිටින  ආයුධ පමනක් නොව ගෝටාබය හොදයි කියා සිතන ආයුද පවා  බලහත්කාරයෙන් හමුදාවේ ඇගේ ගැසුවේය. මේ හේතුව නිසා හමුදාවේ  තාක්ෂකින  උපදේශකයා වූ අමිත් මූනීන්ද්‍රදාස ආරක්ෂක අමාත්‍යංශය සමග නිතර ගැ‍ටුම් ඇති කර ගත්තේය . අමීත් මුනීන්ද්‍රදාස සැක කටයුතු ලෙස ඝාතනය වීය.

    ගෝටාබය විසින් දුමින්ද සිල්වා ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ ඇමතිවරයා ලෙස පත් කිරීම අතිශය ගුජුප්සාජනක සිදු වීමක් විය. දුමින්ද සිල්වා පමනක් නොව කුඩු මුදලාලිලා රොත්තක් සමග ගෝඨාබය ගනුදෙනු කලේය, ඡායා රූප වලට පෙනී සිටියේය. 

    නිදහස් පක්ෂයේ ප්‍රභලයන්ට නැගී සිටීම්ට වේදිකාවක්  තනා දුන්නේ  ගෝටාබයයි. ගෝටාබයගේ සුරතලා භාරත ඝාතනය කිරීම නිසා මහින්දට එරෙහි එලිපිට සටන ඇරබිනි . ගෙන්දගම් පොලොවේ දේශපාලනය පිලිබද අන්දො සංසාරයක් ගෝටාබය නොදත්තේය. නමුත් ඔහුට වගේ වගක් නොතිබිනි, හැසිරෙනුයේ බහුශ්‍රැතයෙකු ලෙසිනි.දේශපාලන ඔස්තාර් කෙනෙකු ලෙසය . නිදහස් පක්ෂයේ ජේෂ්ඨයන් කලකිරීමට ගෝටාබයගේ හැසිරීම නොමද සහායක් ලබා දුන්නේය.

    මිනිසුන් බ්ලැම් මේල් කිරීමද ගෝටාබය වෘත්තියක් ලෙස කලේය . සන්ඩේ ලීඩර් පුවත්පත හරහා ලසන්ත  ගෝටාබයගේ  දූෂණ  දිගින් දිගටම හෙලිදරව් කලේය.  මේ හේතුවෙන් ලසන්තගෙන් කෙසේ හෝ පලිගැනීමට ගෝටා සැලසුම් කලේය . ලසන්තට එරෙහිව ප්‍රයෝජනයට ගත හැකි තොරතුරු සෙවීම සී.අයි.ඩී යට පැවරී තිබිණි. මෙසේ ලසන්තගේ තොරතුරු හාරා අවුස්සමින් සිටි සී.අයි.ඩී යට ලීඩර් ආයතනය විසින් ගෙවිය යුතුව තිබුණු ණයක් පිළිබඳව තොරතුරක් ලැබුනි.  ලීඩර් ආයතනය කඩදාසි සැපයුම්කරුවාට රුපියල් මිලියන තුනකට ආසන්න මුදලක් ණය වී තිබුනි. සී.අයි.ඩී ය විසින් මේ තොරතුර ගෝටාබයට වාර්තා කලේය. මෙම සිදුවීම පාදක කොට ලසන්ත අත්අඩංගුවට ගැනීමට ගෝටා කුරුමානම් ඇල්ලුවේය . 

    ඒ අනුව සී.අයි.ඩීය කඩදාසි ව්‍යාපාරිකයා හමුවිය. කඩදාසි  ව්‍යාපාරිකයා ප්‍රකාෂ කලේ ලසන්තගේ ණය පිලිබදව ගැටලුවක් නොමැති බවය. නමුත් සී.අයි.ඩීය කෙසේ හෝ ලසන්තට එරෙහිව පැමිනිල්ලක් ලියා ගත්තේය.ඉන්පසුව අධිකරණයටද කරුණු දක්වා ලසන්තව අත් අඩංගුවට ගැනීම සඳහා සෝදිසි වරෙන්තුවක් ලබා ගත්තේය. මෙම කුමන්ත්‍රනය ලසන්තට ආරංචී වූ අතර ඔහු වහ වහා කඩදාසි ව්‍යාපාරිකයාගේ ණය මුදල පියවා දැම්මේය. කරුනු කාරනා නොදත් සී.අයී.ඩීය ලසන්ත අත් අඩංගුවට ගැනීමට රීඩර් ආයතනයට ගියේය. මුදල් ගෙවූ රිසිට් පත ලසන්ත විසින් ඉදිරි පත් කිරීමත් සමගම සැලසුම බකල් විය. සී.අයී.ඩීය පමනක් නොව ලසන්ත කුදලාගෙන එනතෙක් දත කට මැදගෙන සිටි ගෝටාබයද ඇඩ්‍රස් නැති විය.

    ගෝටාබයගේ කලකිරියාව නිසා ජාතීන් අතර සංහිදියාව බිද වැටිනි . බොදුබල සේනාවට ආරක්ෂක අමාත්‍යංශය සතු වාහන ලබාදීම , ඥානසාර හිමිට එම්.එස්.ඩී ආරක්ෂාව ලබාදීම පමනක් නොව  බොබසේ ව්‍යපෘති වලටද ගෝටාබය සෘජු ලෙසම දායක වුනි. එපමනක් නොව ගෝටාභයගේ කේවට්ටයෙකු වූ වීරවන්සගේ රාවනා බලයටද රජයේ වාහන ඇතුලු සම්පත් අනුග්‍රහය ලැබිනි. මුස්ලිම් ජනතාව මහින්දගෙන් ඈත් වීමට හේතු වූයේ  ගෝටාබයගේ ක්‍රීයා කලාපයයි. තම ඉලක්ක වලට ලගා වීම සදහා   ඉන්සයිඩ් ජොබ් උපයෝගි කර ගැනීම ගොටාබය තුලින්  දැකිය හැකි විය . පිත්තල හන්දියේ බෝම්බය එවැන්නකි. එය තමා විසින්ම සැලසුම් කල ඉන් සයිඩ් ජොබ් එකක් බව ඔප්පු කිරීමට  සාක්ෂි ඕනෑතරම් ඇත. පිත්තල හන්දියේ බෝම්බය ගෝටාගේ  ඉන්සයිඩ් ජොබ් වලට එක් උදාහරණයක් පමනි.

    ගෝටාබයගේ නාගරික සංවර්ධනයද කළු සුදු මිශ්‍ර චිත්‍රයකි. කොලඹ නගරයේ මල ප්‍රවාහන පද්දතිය ඉදිකලේ බ්‍රිතාන්‍යයන් විසිනි. වසර 100කටත් වඩා පැරණි නාගරික මල ප්‍රවාහන යාන්ත්‍රනය ඇත්තේ අකර්මන්‍ය තත්වයකය. බෝහෝ ස්ථාන වල්දී  මල ප්‍රවාහනය  ජලාශ වලට හරවා  ඇත. සුලු වැස්සකට පවා නගරය ජලයෙන් යට වේ.

    නගර අලංකරනයට වඩා  මූලික අවශ්‍යතා සම්පූර්න කිරීම වැදගත් වුවද ප්‍රමුඛ අවශ්‍යතාව වටහා ගත් බවක් ගොටාබයගෙන් දිස් නොවිනි . කෝටි ගනනක් වියදම් කොට  නගරයේ සී.සී.ටී.වී පද්දතියක් සවිකලේය. සී.සී.ටී.වී නිරීක්ෂණයට කියා පොලිස් ඒකකයක්ද පිහි‍ටුවේය.  

    කැමරා පද්දතියකින් සිදු විය  යුත්තේ  රථ වාහන නියාමනය කිරීමය. ටැ‍ෆික් රාලහාමිලාගේ කාර්ය සී.සී.ටී.වී කැමරා වෙත භාර දීමය. නමුත් ගෝඨාභය ආරම්භ කල කිසිවක් තාර්කික අවසානයක් දක්වා ‍රැගෙන යාමට අපොහොසත් විනි.

    භූ දේශපාලනය පිලිබද ගෝටබයගේ දැනුම ඉතා සීමිත විය. ඉන්දියාව ටකල් කරනවා වෙනුවවට ඔහු සිටින්නේ ගේම ඉල්ලන ප්‍රතිපත්තියකය. මෑතකදී චීන තානාපති සමග ගත් ඡායා රූපයක් මහත් උජාරුවෙන් මුහුනු පොතේ පල කලේය. China Institutes of contemporary International Relations ආයතන  න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ කාර්ය වී ඇත්තේ 2020 ගෝටාබය ජනපති පු‍ටුවේ හිදුවීමය. CICIR සංවිධානය  ඇමෙරිකාවේ CIA මෙන් විදේශ කටයුතු මෙහෙහෙය වීමට දායක වන  බලසම්පන්නම ආයතනය වෙයි. CICIR සංවිධානය  චීන පාලක රෙජීමය වන කොමියුනිස්ට් පක්ෂයේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකය. වත්මන් චීන තානාපතිවරයා විදේශ සේවය හා සම්බන්ධ අයෙක් නොව CICIR. බුද්ධි මන්ඩලයේ සාමාජිකයෙකි.

    කන්න ඕනෑ වුනු විට කබරයා තලගොයා කරගැනීම ගෝටාබයගේ ස්වභාවයයි. හොර පාස්පොර්ට් එකක් හදා කරුනා එංගලන්තය්ට යැව්වෙය. කේ.පී කුදලාගෙන් විත් ඔහු සමග සමග බිස්නස් කලේය. වරෙක ක්ලෙමො බෝම්බයක් අටවා සිරස කුඩු කලේය.

    සිරස  අද ක්ලෙමෝ ඇටවූ ගෝටාබයට මල් තියයි බැසිල්ට ගල් ගහයි.සිරිසේන ගෝටා ගනුදෙනුවද මීට නොදෙවෙනිය. ජාතිකවාදියෙකු වූ  ගඩාපි රට සංවර්ධනය කලේය . එනමුත් අද ලිබියාව ලේ විලක් බවට පත්වූයේද ග්‍රවුන්ඩ් රියලිටිය වටහා නොගත් ගඩාපිගේ ජාතිකවාදය නිසාමය . ලංකාවේ ප්‍රථම අගමැති විමට නියම සුදුස්සා වූයේ ඩී.බී ජයතිලකය. නමුත් ප්‍රථම අගැමැති ධූරය ලැබුනේ ඩී.එස් ටය.. 2020 අතිශය තීරණාත්මකය,  කථා කල යුත්තේ හදවතට නොව බුද්ධියටය 

    උපුටා ගැනීම – වරෙන්තුව වෙබි අඩවිෙයනි…

     

  • කරදරයක් නැතිව ලයිසන් එක අලුත් කරගන්න ලේසිම හා නිවැරදිම ක්‍රමය මෙන්න……

    කරදරයක් නැතිව ලයිසන් එක අලුත් කරගන්න ලේසිම හා නිවැරදිම ක්‍රමය මෙන්න……

    ලයිසන් එක අලුත් කරගන්න ලේසිම හා නිවැරදිම ක්‍රමය මෙන්න. මේ දේවල් ටික හරියටම කරගෙන යන්න

    ලයිසන් එක ගත්තම තියන සතුට එක ගත්ත කෙනෙක්ගෙන්ම් තමයි අහන්න ඕනේ මොකද ලයිසන් එක ගන්න එක ලේසි නෑ සුපිරිම කට්ටක් කන්න වෙනවා. එහෙම අමාරුවෙන් ගත්ත ලයිසන් එක අලුත් කරගන්න එකත් අපි හිතන තරම් ලේසි පාසු වැඩක්නම් නෙවෙයි.

    අපි අද මේ කියන්න යන්නේ ඔයාලට ලයිසන් එක අලුත් කරගන්න ලේසිම හා නිවැරදිම ක්‍රමය ගැනයි. මේ දේවල් ටික හරියටම කරගෙන යන්න මොකද නැත්තම් ඔයාලට තව දවසක් මේ කට්ට ඒ විදියටම කන්න වෙනවා මෙන්න වීඩියෝව හොඳට කල්පනාවෙන් අහගෙන ඉන්න

  • ලෙයට ලෙයින් පලිගන්නා දකුණේ පාතාලය පොයින්ට් කළුවාගෙන් පළිගත් හැටි මෙන්න..

    ලෙයට ලෙයින් පලිගන්නා දකුණේ පාතාලය පොයින්ට් කළුවාගෙන් පළිගත් හැටි මෙන්න..

    තණමල්විල, ගල්වලයාය ප්‍රදේශයේ පදිංචිව සිටි “දෙකේ ගම්බාරේ” යන අනවර්ථ නාමයෙන් හැඳින් වූ පුද්ගලයා ඝාතනය වන්නේ දෙදහස් පහළොව වර්ෂයේ මැද භාගයේදීය.

    එම ඝාතනයට සැකපිට පුද්ගලයන් තිදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ… ගුරුසිංහ ආරංචිගේ නිහාල් නොහොත් “පොයින්ට් කලුවා” සහ ඔහුගේ පුතුන් දෙදෙනාය.

    අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පියාත්, තරුණ පුතුන් දෙදෙනාත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. අනතුරුව ඇප මත මුදා හැරුණු අතර එම නඩුව මහාධිකරණයට යොමු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් පවතී.

    ඇප මත එලියට ආ පොයින්ට් කලුවා ත්‍රිරෝද රථ රියැදුරකු ලෙස යළිත් සිය රැකියාවේ යෙදුණ අතර ඔහු තණමල්විල නගරයේ ත්‍රිරෝද රථ ගාලේ සිට රැකියාවේ නිරත විය. ඊට පෙර ඔහු ගොවියෙකි. ගල්වලයාය ප්‍රදේශයේ ඔහුට අයත් වගා ඉඩමක් තිබු අතර වගා කටයුතු ද හොඳින් කරගෙන ගියේය.

    දෙකේ ගම්බාරේ මරා දමා ඇතුලට ගොස් ආපසු පැමිණීමෙන් අනතුරුව ද මොහු වගා කටයුතු කරගෙන ගිය නමුත් පසුව ඔහුට ඒවා කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා විය. ඊට එක් කරුණක් වුයේ ඔහුගේ වගා බිමේ තිබු වාඩිය යම්කිසි පුද්ගලයකු විසින් ගිනි තබා විනාශ කිරීමයි.

    මෙම සිද්ධිය පිළිබඳ කලුවා පොලිසියට පැමිණි කළ අතර ඔහු පවසා සිටියේ සිය ඉඩමට ආසන්නයේ පිහිටි ඉඩමේ හිමිකරු වන වසන්ත මෙම ගිනි තැබීම කළ බවයි.

    ඒ අනුව පොලිසිය වසන්ත අත්අඩංගුවට ගන්නා අතර ඔහුට විරුද්ධව නඩු පැවරිණි. එම නඩු විභාගය අවසානයේ වසන්ත වැරදිකරු වූ අතර ඔහුට කළුවාගේ වාඩියේ අලාභය ගෙවීමට නියම විය. ඒ අනුව රුපියල් පනස්දහසක මුදලක් ගෙවු වසන්ත ඉතිරිය පසුව ගෙවීමට පොරොන්දු විය.

    එම සිද්ධියෙන් අනතුරුව කලුවා වගාව අතහැර දැම්මේය. එයට එකම හේතුව වුයේ වසන්ත වාඩියට ගිනි තැබීම පමණක් නොව කලුවා අතින් ඝාතනය වු දෙකේ ගම්බාරෙ ගේ මල්ලී “දෙකේ චුටා” ගේ සහ පුතා චාමර ගේ වගා ඉඩම් ද මේ ඉඩම අවට පිහිටා තිබීමය.

    කෙසේ වෙතත් කල් ගතවෙද්දී වසන්ත සියලු තරහ මරහ අතහැර පොයින්ට් කලුවා සමඟ හිතවත් වීමට වගබලා ගත්තේය. කලුවා ද ඊට එකඟ වු අතර වසන්ත කලුවාට ත්‍රිවිල් හයර් පවා සොයා දුන්නේය. දෙදෙනා එකට අඩි ගසන තත්ත්වය දක්වාම මිතුදම දලුලා වැඩිණි.

    මෙලෙස කාලය ගෙවී යද්දී පසුගිය විසි හත් වැනිදා සවස දෙකට පමණ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් තණමල්විල පොලිසියට තොරතුරක් ලැබිණි. ඒ… කුකුල්කටුව වැව අසල ත්‍රිරෝද රථයක් පිච්චෙන බවත් එහි පුද්ගලයකු ද සිටින බවත් කියමිනි. එම ඇමතුමෙන් තව දුරටත් කියා සිටියේ තම හේනට යමින් සිටි පුද්ගලයකු ත්‍රිරෝද රථයක් ගිනි ගන්නා අයුරු දැක ඒ අසලට ගොස් මිනිස් පාදයක් ද තිබෙනු දැක බියට පත්ව ඈතට දිවගොස් මෙම ඇමතුම ලබා දී ඇති බවය.

    තොරතුර ලද වහාම මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කණ්ඩායමක් ද සමඟ එම ප්‍රදේශය බලා පිටත් විය. පොලිසියේ සිට කිලෝමීටර් හතරක් පමණ දුරින් පිහිටි කැලෑබද ප්‍රදේශයට ළඟා වීම තරමක් අපහසු බව පෙනුනද ත්‍රිරෝද රථ ගමන්ගන්නා බැවින් ජීප් රථයට එතරම්ම අපහසුවක් නැතිව එම ස්ථානයට ළඟා වීමට හැකිවිය.

    පොලිසිය යද්දී සියල්ල සිදු වී අවසානය. ත්‍රිරෝද රථයේ යකඩ කොටස් හැර අනිත් සියලුම කොටස් අලු බවට පත්වන තුරුම ගිනිගෙන ඉබේම ගින්න නිවී ගොසිනි. ත්‍රිරෝද රථය යට පුද්ගලයකු අඟුරු වී සිටිනු පොලිස් කණ්ඩායමට නිරීක්ෂණය විය.

    මෙලෙස පොලිසිය පරීක්ෂණ අරඹද්දී මෙම වගා ඉඩම් කැලෑ ප්‍රදේශය අවට පදිංචි පිරිස් ද ත්‍රිරෝද රථ රියැදුරන් ද විශාල පිරිසක් මෙම ස්ථානයට ඇදී එන්නට විය.

    ත්‍රිරෝද රථ වලින් පැමිණ සිටි පිරිස් අඟුරු වී සිටි පුද්ගලයා යම් තරමකට හඳුනාගත්තේය. ඒ.. ඔහුගේ ස්වරූපයෙන් නොව ත්‍රිරෝද රථයේ අංකයෙනි.

    “මේ කළු අයියගේ ත්‍රිවිල් එක නේද?

    පිරිසක් එලෙස පවසද්දී එම ස්ථානයට දිව ආ මැදිවියේ කාන්තාවක පොළොවේ හැපෙමින් හඬා වැලපෙන්නට වුවාය. ඇය… පොයින්ට් කලුවා ගේ බිරියයි. පිළිස්සී ගිය සිරුරේ ඉතිිරිව තිබු කුඩා ඇඳුම් කැබලි වලින් හා පාදයක ලක්ෂණයකින් මේ කලුවාම බව ඇය හඳුනා ගත්තාය. එලෙසම ත්‍රිරෝද රථයේ අංකය ද ඇය දැන සිටි බැවින් කලුවා මරා ත්‍රිරෝද රථය සමඟම ගිනි තබා ඇති බව ඇයට වැටහෙන්නට ඇත.

    කළුවා මරා පුලුස්සා දැමුවේ කවුද? මේ පැනයට පිළිතුරු සෙවු පොලිසියට පුද්ගලයන් කිහිප දෙනකු ගැන සැක සිතීමට ඉඩකඩ තිබිණි. ඒ.. මොහු මනුෂ්‍ය ඝාතනයක සැකකරුවකු මෙන්ම තවත් සිද්ධි වලට සම්බන්ධ අයකු වීම නිසාය.

    මොනරාගල අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ද තණමල්විල වැඩබලන මහේස්ත්‍රාත්වරයා, සොකෝ අංශය ඇතුලු පරීක්ෂණ කණ්ඩායම් එම ස්ථානයට කැඳවීමට පොලිසිය කටයුතු කළේය. අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර මොණරාගල රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමු කෙරිණි.

    මේ අතර මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් සොයා විමර්ශන ආරම්භ කළ පොලිසියට කලුවාගේ බිිරියගෙන් මෙන්ම ත්‍රිරෝද රථ ගාලේ කිහිප දෙනකුගෙන් ද තොරතුරු රැසක් ලැබිණි.

    “මම දවල් එකයි දහයට විතර ත්‍රිවිල් පාර්ක් එකට ගිහින් එයා එක්ක කතා කර කර ඉඳලා ගෙදර ගියේ.”

    “කළු අයියා දවල් ත්‍රිවිල් පාර්ක් එකේ හිටියා. පවුලත් ඇවිත් ගියාට පස්සේ තමයි හයර් එකක් ගියේ.”

    ත්‍රිරෝද රථ රියැදුරන් එලෙස පැවසු අතර ඒ අනුව පොලිසියේ අදහස වුයේ මොහු ත්‍රිරෝද රථ ගාලෙන් යන්නේ දවල් එකයි දහයට පසුව බවයි.

    ඉන් අනතුරුව විමර්ෂණ කණ්ඩායම නගරයේ සවිකර ඇති සි.සි.ටී.වී. කැමරා වල රූගත දර්ශන නිරීක්ෂණය කිරීමට කටයුතු කළේය. එම නිරීක්ෂණයේ මොහු නගරයේ පිහිටි තැබැරූමකට ගොඩවන අයුරුත් ඊට ස්වල්ප වේලාවකට පසු බාගේ බෝතලයක් ද රැගෙන ඉන් පිටව යන අයුරුත් රූගතව තිබිණි.

    දිගින් දිගටම කළ සී.සී.ටී.වී කැමරා නිරීක්ෂණයෙන් විමර්ශන කණ්ඩායමට හොඳ පොටක් පැදිණි. ඒ… තැබැරූමෙන් පැමිණීමෙන් පසු මොහු ත්‍රිරෝද රථයෙන් යන අයුරුත් රථය පිටුපස අසුනේ පුද්ගලයකු සිටින අයුරුත් රූගතව තිබීමය.

    එහෙත්… ඇතුලේ සිටින පුද්ගලයා කවුරුන්දැයි හරි හැටි පැහැදිලි නැත. එබැවින් ඔහු හඳුනා ගැනීම සඳහා පොලිසිය උපක්‍රමශීලී විය.

    “කලු අයියගේ ත්‍රිවිල් එකේ නැගලා ගියේ වසන්ත.”

    ලැබුණු එම තොරතුර ඔස්සේ හඹා ගිය පොලිසිය වසන්තගේ නිවෙස සොයා ගියේය. ඒ… සිද්ධිය වු දිනට පසුදින උදේ කාලයේය. පොලිසිය යද්දී වසන්තගේ නිවෙස වටා රෙදි වැල් වල රෙදි වනා තිබිණි. එහෙත්… දොර ජනේල වසා දමා ඇත.

    දොර ජනේල වලට තට්ටු කරමින් බැලුව ද නිවෙසෙහි කිසිවකුත් නොපෙන්නට සිටියේ නැත. ඒ අනුව පොලිසියට ලැබුණු තොරතුරත්, එම තොරතුරෙහි නිවැරදි බවත් වටහා ගැනීමට පොලිසියට හැකිවිය.

    මේ අතර පොලිසියට තව තවත් තොරතුරු ගලා එන්නට විය. ඒ…මෙම සිද්ධිය වූ දින දහවල් චාමර, දෙකේ චුටි යන දෙදෙනා වසන්තගේ වාඩියේ සිටි බවය. එම තොරතුරට අනුව මේ දෙදෙනා සොයා ගිය ද පොලිසියට දැක ගන්නට ලැබුණේ ඔවුන්ගේ ද ගෙවල් දොරවල් වසා දමා ඇති බවයි. එනම්… ඔවුන් ද දරු පවුල් සමඟ ප්‍රදේශය හැර පලා ගොසිනි.

    මේ තිදෙනාගේ අතුරුදන් වීමත් සමඟ මෙම ඝාතනයේ සැකකරුවන් මොවුන් බව වටහා ගන්නට වැඩිදුර කල්පනා කිරීමට පොලිසියට වුවමනා වුයේ නැත.

    මේ අතර මිය ගිය කලුවා ගේ දේහය පිළිබඳ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්ථව ද එළි දැක්විය. එහි සඳහන් වුයේ හිසට එල්ල කළ තියුණු පහරකින් මොහු මිය ගොස් ඇති බවත් පිටෙහි ද කැපුම් තුවාලයක් තිබෙන බවත් මොහු පුලුස්සා ඇත්තේ මරා දැමීමෙන් අනතුරුව බවත්ය.

    කලුවා ඝාතනය වී දින තුනක් පමණ ගතවෙද්දී පලාගිය සැකකරුවන් පිළිබඳ පොලිසියට තොරතුරක් ලැබිණි. ඒ.. ඔවුන් තිදෙනා මොනරාගල සිටින නීතිඥයකු මාර්ගයෙන් පොලිසියට බාරවීමට සුදානම් වන බවය.

    සිද්ධිය වී ගෙවී ගිය සිව්වන දිනයේ දී වසන්ත, දෙකේ චුටි සහ චාමර නීතිඥයකු සමඟ තණමල්විල පොලිසියට පැමිණියහ.

    “අර මර්ඩර් එකට මේ තුන්දෙනාව හොයනවා කියලා දැනගන්න ලැබුණා. මම මෙයාලව බාර කරන්න ආවේ.”

    නීතිඥවරයා එලෙස තිදෙනා බාර කිරීමට කටයුතු යොදද්දී මුලස්ථාන පොලිස් පරීක්ෂක වරයා එයට එකඟ වුයේ නැත.

    “නෑ.. මේ තුන්දෙනාම මට අවශ්‍ය නෑ. මට අවශ්‍ය මෙයා විතරයි. අනිත් දෙන්නට යන්න පුලුවන්.”

    එලෙස රඳවා ගත්තේ වසන්තය. ඔහු ගේ පැටිකිරිය සොයා බැලීමේ දී ඔහු මිනී මැරීමට තැත් කිරීමේ සිද්ධියක වරදකරු වී දැනට අත් සිට වූ සිර දඬුවම් විඳිමින් සිටන බව ද ගංජා කිලෝ හාරසිය දාහතරක් ළග තබාගෙන හසු වී බන්ධනාගාර ගතව සිටි බව ද ඊට අමතරව කලුවා ගේ පැල ගිනි තැබීමේ සිද්ධියට වරදකරු වී දඩ මුදල් ගෙවමින් සිටින බව ද හෙළිවිය.

    දින කිහිපයක් තිස්සේ පොලිසිය කළ රහසිගත දීර්ඝ විමර්ෂණයේ දී කලුවා ඝාතනයට මොහු සහභාගී වු අයුරු යම් තරමකට තහවුරු කරගෙන තිබිණි.

    එලෙස ගිනිගෙන අලු වූ ත්‍රිරෝද රථය පරීක්ෂා කිරීමේ දී එය ගිනි ගන්නා විට රිවස් ගියරයේ තිබුණ බව ද තහවුරු වී තිබිණි. ඒ ඔස්සේ කළ ප්‍රශ්න කිරීමේදී කළුවාගේ ඝාතනයට තමා සම්බන්ධ වු බව වසන්ත හෙළි කළේය. අනතුරුව ඔහුගේ මඟ පෙන්වීම යටතේ ඝාතන සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා යොදාගත් යතුරු පැදියක් ද ඒ අවස්ථාවේ දී ඔහු හැඳ සිටි ඇඳුම් ද පොලිසිය සොයාගත්තේය.

    අනතුරුව ඊට පසුදින එනම් හතර වැනිදා ඔහු අධිකරණයට ඉදිරිපත් කොට පැය හතලිස් අටක රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට ද මුලස්ථාන පොලිස් පරීක්ෂක වරයා කටයුතු කළේය.

    “හරි… දැන් කියමු බලන්න මුල ඉඳලා කොහොම මේක කළේ කියලා.”

    “සර්…මේකට මමත් ගියා තමයි. ඒත්… කලුවව මැරුවේ මම නෙවෙයි. දෙකේ චුට්ටයි චාමරයි.”

    මොහුගේ කට උත්තරයට අනුව පොලිසිය දෙකේ චුටි සහ චාමර සොයා මෙහෙයුම් දියත් කළ අතර එදා නීතිඥයා සමඟ පොලිසියට ගිය අවස්ථාවේ දී මුදා හැරිය බැවින් තමන් මෙම ඝාතනයට හසු නොවන බව සිතා මේ දෙදෙනා සිය වගා බිම් වල වාඩි වලට වී එදිනෙදා වැඩකටයුතු වල නිරත වෙමින් සිටියහ. පොලිසිය ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේ වාඩි වල සිටියදීය.

    පොලිසියට කැඳවාගෙන විත් ප්‍රශ්න කිරීමේ දී කලුවා ඝාතනයේ සියලු තොරතුරු අකුරක් නෑර ඔවුන් පාපොච්චාරණය කළේය. එම තොරතුරු වලට අනුව වසන්ත කලුවා සමඟ මිතුරු වන්නේ සැලසුම් සහගතවය. ඒ… අමනාපයෙන් සිටිය හොත් පළිගැනීම අපහසු බැවින් හිතවත් වී පසුව වැඩේ දීමට සිතාගෙනය.

    “මම කලුවා එක්ක ටිකෙන් ටික යාලු වුණා. ඒත්…. ඒ මිනිහට වැඩක් දෙන්න හිතාගෙන බව මිනිහට තේරුනේ නෑ. ඔහොම ටික දවසක් යද්දී අපි දෙන්නා එකට අඩි ගහන තත්ත්වයට ම පත්වුණා. හැබැයි… මම කෝල් කරලා අහවල් තැනට එන්න කිව්වට මිනිහා එන්නේ නෑ. ඒ වුණාට මම ගිහින් කතා කළොත් මිනිහා එනවා.”

    “එදා… විසිහත් වෙනිදා උදේ දෙකේ චුටියි චාමරයි මගේ වාඩියට ආවා. අපි තුන්දෙනා අඩියක් ගගහ කතා කරද්දී අද කළුවා මරමු කියලා අපිට අදහසක් ආවා. ඒක කරන්නේ කොහොමද කියලා අපි කතා වුණා. චාමර කතා කළාට කලුවා එන්නේ නෑ. මම කතා කළොත් එනවා. ඒක නිසා මම මගේ බයික් එකෙන් ටවුමට ගිහින් බයික් එක ටවුමේ තැනක නතර කරලා කලුවා හම්බවෙන්න පයින් ගියා.”

    “වැඩකට ටවුමට ආවා වගේ මම කලුවා හම්බවෙන්න ගියා. මාව වාඩියට ගිහින් දාපං. අපි ගිහින් ඩ්‍රින්ක් එකකුත් ගහමු කියලා කිව්වා. කලුවා ඒකට කැමති වුණා. උඹ එහෙනම් බාගයක් අරගෙන වරෙං කියලා මම කලුවට සල්ලි දීලා මිනිහගේ ත්‍රිවිල් එකේ පිටිපස්සේ ඉඳගෙන හිටියා.”

    “ඒ අතරේ මම අර දෙන්නට කිව්වා තව ටිකකින් කලුවා එක්ක එනවා කියලා. ඊට ටික වෙලාවකට පස්සේ කලුවා බාගයක් අරගෙන ආවා. අපි ත්‍රිවිල් එකේ මගේ වාඩියට යන්න පිටත් වුණා.”

    “අපි යද්දී වාඩියට මෙහා සියඹලා ගහ යට චාමරයි. චුටි යි හිටියා. චාමර ගේ අතේ කැත්තක් තිබුණා. චුටි අතේ පිහියක් තිබුණා. ත්‍රිවිල් එක ඒ හරියට කිට්ටු වෙද්දී මම කලුවගේ කොලර් එකෙන් ඇදලා ත්‍රිවිල් එක නවත්තපං කියලා කිව්වා. ඒත්… කලුවා මගේ අත අරවගෙන ත්‍රිවිල් එකෙන් පැන්නා. ඒ එක්කම චාමර පාරක් ගැහුවා. එක වැදුණේ ත්‍රිවිල් එකට. කලුවා පැනලා දිව්වා.”

    මේ තිදෙනාගේ පාපොච්චාරණයට අනුව ත්‍රිරෝද රථයෙන් එළියට පැනගත් කලුවා ඉදිරියට දිව යන්නට විය. තිදෙනාම ඔහු පසුපසින් පන්නගන්නට වු අතර වසන්ත අතේ ඒ අවස්ථාවේ අවි ආයුධ කිසිවක් තිබුණේ නැත. මේ තිදෙනාගෙන් තරුණම පුද්ගලයා චාමරය.

    එබැවින්… මුලින්ම කලුවාට ළං වන්නේ තරුණ ජවය ඇති චාමරය. ඔහු දිවයන කලුවාට කැති පහරක් එල්ල කරන අතර එය කලුවා ගේ පිටට වැදි කලුවා උඩුබැලි අතට බිම වැටෙන අතර ඒ අසලට පැමිණි “දෙකේ චුටි” සිය අත වු පිහියෙන් කලුවාගේ හිසට වැරෙන් පහරක් එල්ල කළේය.

    එම පහරින් කලුවා නිසොල්මන් වන අතර චාමර ආපසු හැරී දිව යන්නට විය. ඒ කලුවාගේ ත්‍රිරෝද රථය නතර කළ ස්ථානයටය. එලෙස ගිය චාමර ත්‍රිරෝද රථය පදවාගෙන කලුවා මියගොස් සිටි ස්ථානයට පැමිණියේය. අනතුරුව රථය කලුවා ගේ සිරුර යටවන ලෙස නතර කළ අතර සිරුර හරියටම රථය මැදට වී නොතිබිණි. එබැවින් ත්‍රිරෝද රථය රිවස් කළ චාමර කලුවාගේ සිරුර එහි යටට සිටින ලෙස නවත්වා ඉන් බැස ගත්තේය.

    “ඊට පස්සේ අපි ත්‍රිවිල් එකේ පියන ඇරලා පැට්‍රෝල් බටෙන් පැට්‍රෝල් දාලා ත්‍රිවිල් එක ගිනි තිව්වා. ත්‍රිවිල් එක ගිනි ගනිද්දී මමයි. චුටි බාප්පයි බයික් එකේ නැගලා යන්න ගියා. ඒ යද්දී කලුවට ගහපු පිහියයි කැත්තයි අපි අරගෙන ගියේ. පාර අයිනේ තිබුණ පාලු ළිඳකට කැත්තයි පිහියයි දාලා අපි ගෙවල් වලට ගියා.”

    ඔහු පැවසු තොරුතුරු වලට අනුව කලුවා ඝාතනය සඳහා උපයෝගී කරගත් පිහිය සහ කැත්ත ඔහු පෙන්වු ළිඳේ තිබී මොනරාගල සොකෝ අංශය විසින් සොයාගනු ලැබීය. කලුවා ඝාතනය කරන අවස්ථාවේ චුටි හැඳ සිටි සරම ද සොයාගත් අතර එහි වූ ලේ පැල්ලම් රජයේ රස පරීක්ෂක වෙත යොමු කොට ඇත. එලෙසම ඝාතනයෙන් පසු මේ දෙදෙනා ගිය යතුරු පැදිය ද පොලිසිය සොයා ගත්තේය.

    කළුවා ඝාතනය පිළිබඳ පොලිසිය පැවැත් වූ පරීක්ෂණ විධිමත් බවත් එබැවින් සිය පුතුන් දෙදෙනා නිසොල්මන්ව සිටි බවත් කලුවා ගේ බිරිය පොලිසියට ස්තූති කරමින් පවසා ඇත.

    කලුවාගේ තරුණ පුතුන් දෙදෙනා ද මනුෂ්‍ය ඝාතනයක දෙවන හා තෙවන සැකකරුවන්ය. ඒ දෙකේ ගම්බාරේ ඝාතන සිද්ධියේය. එහි පළමු සැකකරු වුයේ කලුවාය. එනම් කලුවා එම පුද්ගලයා මරා දමා තිබුණේ සිය එකම දරුවන් දෙදෙනා ද එකතු කරගෙනය. ඒ අනුව කලුවා කුමන වර්ගයේ පියෙක් ද යන්න කාට වුව වැටහෙනවා ඇත.

    දෙකේ ගම්බාරේ ඝාතන නඩුව මෙම මස අට වැනිදාට කැඳවීමට නියමිතව තිබිණි. එදින විත්ත කුඩුවට නගින්නට කලුවා ජීවතුන් අතර සිටියේ නැත. දෙවන හා තෙවන විත්ති කරුවන් වන ඔහුගේ පුතුන් දෙදෙනා පමණක් එදින විත්ති කුඩුවේ සිටිනු දක්නට ලැබිණි.

    දෙකේ ගම්බාරේ ඝාතන නඩුව විභාග වීමෙන් අනතුරුව මේ පුතුන් දෙදෙනාට දඬුවම් නියම ඔහු ඒකාන්විතය. එහෙත්… දෙකේ ගම්බාරේ ගේ පවුල් වල අය සහ කලුවාගේ පවුල් වල අය දෙස බලද්දී නඩු විභාගය අවසන් වන විට කුමකින් කුමක් සිදු වී තිබේ දැයි යන්න අවිනිශ්චිතය. ඒ… මොවුන් ලෙයට ලෙයින් පළිගන්නා පිරිසක් බව මේ ක්‍රියාදාමයෙන් ඔප්පු වී ඇති නිසාය.

    ඌව පළාත බාර නියෝජ්‍ය පොලිස්පති අරුණ ප්‍රේමශාන්ත, මොනරාගල පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල, සහකාර පොලිස් අධිකාරී ඩී.යු.පී.අමරතුංග යන නිලධාරීන්ගේ උපදෙස් මත තණමල්විල මුලස්ථාන පොලිස් පරීක්ෂක චින්තක පනාවල, අපරාධ අංශයේ ස්ථානාධිපති බන්දුල ඇතුලු කණ්ඩායමක් පරීක්ෂණ සඳහා එක්විය.

  • මහනුවර මීරමක්කම් පල්ලිය අසල සිදුවු සිද්ධි දාමයක ඔබ නොදන්නා අැත්ත මෙන්න…

    මහනුවර මීරමක්කම් පල්ලිය අසල සිදුවු සිද්ධි දාමයක ඔබ නොදන්නා අැත්ත මෙන්න…

    මහනුවර මීරමක්කම් පල්ලියට රාස්සිගේ අව්ව වැටී තිබුණි. කොන්ක්‍රීට් පඩිපෙලේ සිටි, මැදි වියේ පිරිමියෙකු, අළු පරවියන්ට, ධාන්‍ය විසිකරයි. පුංචි කොන්ඩ කරල් දෙකක් ගොතා, කහපාට පටි ගවුමක් ඇඳ, රතුපාට සපත්තු පැළදී, කුඩා දැරිවියක්, අළු පරවියන් වෙත දිව ගියාය. ඒ 1995 වසරයි.

    පුංචි කෙල්ලේ, කොහොද මේ දුවන්නේ? කා එක්ක ද පල්ලි ආවේ?” මහළු, කළු, සුදු හිස් වැසුම්ක් සහිත, පුද්ගයෙක් ඇසීය. “ආච්චි එක්ක ආවේ”. කෙළි පිළිතුරු දුනි. “පල්ලිය බලන්න කැමති ද?” ආපසු , නන්නාදුන පුද්ගලයා ඇසිය. කෙළි සිනා සුනාය. “එන්න” ඔහු ඇය වඩා ගත්තේය. “පල්ලිය පෙන්නු පසු, ඔහු ඒ, කෙල්ලට, ඉදි ගෙඩි කිහිපයක් සහ කිරි වීදුරුවක් දුන්නේය. ඇයගේ මිත්තනිය, මේ සියලු දේ දුටුවාය. ඉන්පසු, ඒ කෙල්ල සමඟ මහළු මිත්තනිය, පල්ලියේ, මවුලවි තුමා මුණ ගැසුණි. “මගේ දුව ඉන්නේ පිටරට. ඇයගේ සුභ සෙත වෙනුවෙන් යාඥා කරනවද? ”. මිත්තනිය ඇසුවාය. ඉන්පසු පල්ලියේ බිම ඇය ඉද ගත්තාය. පැසුණු රැවුලක් සහිත සුදු සමක් ඇති, මවුලවි තුමා, වයසක කාන්තාවගේ, සයුරෙන් එතෙර සිටින, සිංහල- බෞද්ධ දියණිය වෙනුවෙන් යාඥා කළේය. ඉන් පසු, දඟකාර කෙලි දෙසට හැරී, “බබාට තව ඉදි ගෙඩියක් දෙන්න ද?” ඇසුවේය. කෙළි නැවතත් සිනාසුනේය. ඇයට ඉදි ගෙඩි දෙකක් ලැබුණි. මීරමක්කම් පල්ලියේ, පඩි පෙළෙන් බැස ආ, ඒ, කෙලි සිතා සිටියේ, දළදා මාලිගාවට ගොස්, ඉන් පසු, සතර දේවාල වැඳ, මුස්ලිම් පල්ලිය වෙත යාම, සාමාන්‍ය සිංහල- බෞද්ධ සම්ප්‍රධායක් බවය.

    මේ, මම 1995 දී ලද සොදුරු අත්දැකීමකි.

    එදා, අද මෙන්, සන්නිවේදන තාක්ෂණය දියණු නොවිය. මගේ, නැන්දනිය, සිටියේ විදේශ ගතවය. මාසකට ලැබෙන ලිපිය සහ, කලාතුරකින් ලද, දුරකථන ඇමතුම හැර වෙනත් කිසිදු ආකාරයක සන්නිවේදන මාධ්‍යයක් එදා අප අතර නොවිය. ඇය, එතෙර විදි දුක් සියල්ල, පිටු දෙකක ලිපියකින් ලියා එවන විට, මාගේ මිත්තනිය, සියලු ආගමික ශාස්තෘවරුන් ගේ මෙලොව නියෝජිතයන්වෙත දැනුම් දී, සහන සලසන ලෙස ඉල්ලා සිටියාය. මම, මිත්තනිය සමඟ, මාසකට වරක් වන ආගමික සංචාරය වෙත සහභාගී වුයේ, අවසානයේ ලැබෙන, සෝයා හිම කිරම වෙනුවෙනි. එහෙත්, මම, එදා පල්ලියේදී ලද අත්දැකීම, අවුරුදු විසිතුනකට පසුව නැවත කියවීමි. එදා මගේ මිත්තනිය, පල්ලියේ දී, මාහට හිමි වූ, ඉදි ගෙඩි විසිකරන ලෙස බල කරේ නැත. මහලු මුස්ලිම් පුද්ගලයාට, මා වඩා ගැනීම වැලක්වුයේ නැත. සිංහල- බෞද්ධ පවුලක ඉපිද, තමාගේ දුක, මවුලවි කෙනෙකු වෙත පැවසීමට තරම් ඇය එඩිතරව, මුස්ලිම් පුජ්‍ය පක්ෂය විශ්වාස කළාය. ඇය, මාහටද මගේ නොවන අනෙකා විශ්වාස කරන්නට ඉඩ දුන්නාය.

    මෙම විශ්වාසය තවත් තහවුරු වුයේ, මහනුවර වූ සර්ව ජනවාර්ගික සහ ආගමික පසුබිම හේතුවෙනි. බාලිකාවේ, අපේ කණ්ඩායමේ, සිටි, චුටියා ගේ හාපුරා ආදරය මුස්ලිම් ජාතික ශ්‍යාම්ය.

    අපි චුටියා ගේ සහ ශ්‍යාම් අයියාගේ දරුවන්, සුදුම සුදු වනු ඇතැයි උපකල්පනය කළෙමු. රාමසාන් උත්සවයේ දී ලැබෙන, ප්‍රනීත වටලප්පම, ගුරුවරුන්ට සහ අපගේ විනය හැදීමට තමන් උපන්නේ යැයි ,උපකල්පනය කළ, ශිෂ්‍ය නායිකාවන්ට, හොරැහින්, බුක්ති වින්දෙමු. ඉදහිට, ශ්‍යාම් අයියා ගෙන ආ, මුස්ලිම් හෝටලයෙන් ගෙන ආ පේස්ට්‍රි බෙදා ගැනීමට පොර කෑවෙමු.

    ශ්‍යාම් අයියා විදේශ ගත වීමත් සමඟ, චුටියාගේ ආදරය බිඳ වැටුණි. අද ඇය විවාහක, එක් දරු මවකි. ඇය හෝ අපේ කණ්ඩායමේ කිසිවෙකු, මුස්ලිම් ශ්‍යාම් අයියාගේ කෑම හේතුවෙන් වඳ වුයේ නැත.

    ඉංග්‍රීසි සහිත්‍ය යනු කිසි දිනක තෝරා බේරා ගත හැකි විෂයක් නොවූ අවධියක, අපේ පිහිටට පැමිණියේ, පේරාදෙණියේ ක්‍රිස්ටෝෆර් පාරේ හනිෆා මැඩම්ය. ඇයට, ලස්සන දෙතොලක් විය. ඇයගේ ඉංග්‍රීසි කථනය අනර්ඝය. එසේම ඇය තරවටු කිරීමට ද ඉතා දක්ෂය. ඇයගේ සහකරු වූ හනිෆා සර් ගේන් ඉංග්‍රීසි උගත්, ශ්‍යමා අක්කා අද ඔස්ට්‍රේලියාවට සංක්‍රමයවී ඇත.

    දහම් පාසල් ගිය ද, හනිෆා පන්ති පැමිණි, තිලාන් දැන් ජිවත් වන්නේ ඇමරිකාවේය. සිංහල- බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටින, ඒ පන්තිවලම සිට, ඉංග්‍රීසි උගත්, අරුණ අයියා, අද, ප්‍රධාන විදේශ සමාගමක විධායක කළමනාකරුවෙකි. මාගේ සහ- මිත්‍ර සහ හනිෆා සර්ගේ ශිෂ්‍යයාවක් වන නාලි, සිංහල- බෞද්ධ බහුතරයක් ශ්‍රමිකයන් වන බැංකුවක, කළමනාකාර තනතුරක් දරයි. ඒ හනිෆා ඉංග්‍රීසි පන්ති, අපුර්වය. බහුතරය සිංහල – බෞද්ධ දරු දැරිවියෝය.

    සැම වසරකම, ජනවාරි පළමුවෙනි දාට, එහි උත්සවයක් වේ. උත්සවයේ බර පැන හනිෆා සර් ගෙනි. උත්සවයට අතිරේක පන්තියේ ශිෂ්‍ය-ශිෂ්‍යාවන් මෙන්ම, ඔවුන්ගේ දෙමාපියන්ට ද අරධානා කරයි. සැම පන්තියකම දරු – දැරියන් , කුමන හෝ ආකාර ඉංග්‍රීසි ඉදිරිපත් කිරීමක් සිදු කළ යුතුය. මා, බොහෝ විට, ඉංග්‍රීසි කවියක් හඬ නගා කියා ඇත. මෙය, ඒ දිනවල, කථාපුහුණු ව ලෙස වන පන්තියේ සිටි, විශ්ව විද්‍යාල ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ට ද අනිවාර්ය විය. අපි ඉංග්‍රීසිය ගොඩ ගියේ, මුස්ලිම් ජාතික ගුරු යුවලගේ අධාරයනි.

    උසස් පෙළ අතිරේක ඉතිහාස පන්තියේ, කාඩ් මාර්ක් කළේ මුස්ලිම් මාමා කෙනෙකි. පන්ති ප්‍රවේශය පත, අමතකව ගෙදර දමා ආ දවසට ද, අපට බැන වැදී, පන්තියට සහභාගී වීමට ඔහු ඉඩ දුන්නේ, සිංහල- බෞද්ධ අපගේ අනාගතය වෙනුවෙනි. අතිරේක පන්තිය තිබුනේ, බාලිකාවට ඉහලින් වූ පන්සලේය. කවුරුන් හෝ පන්සලේ, ප්‍රේම ජවනිකා ඉදිරිපත් කර, එය, මුස්ලිම් මාමා ගේ ඇස ගැටීමට බයංකාර විනාශයකි. ඔහු මුලින්ම, මෙය පුජා භූමියක් හෙයින්, බෞද්ධ ආගමට ගරු කර හැසිරෙන ලෙස විධානය කරයි, ඉන්පසු අදාල පාර්ශවයන්ට වෙන වෙනම දැඩිව අවවාද කරයි. ඉන්පසු දයාන්විතව, දරුවෝ, ඉගෙනගන්න, විභාගේන් පසුව විවාහය ගැන සිතන්න. ඔහු මෙසේ අවවාද දුන් සියල්ලෝම, සිංහල-බෞද්ධ දරු දැරියන්ය. මුස්ලිම් ඔහුට, සිංහල-බෞද්ධයා වෙනුවෙන් පපුව වේදනාත්මක වුයේ ඇයි ද යන්න අදටත් මට ගැටලුවකි.

    මහනුවර මුස්ලිම් හෝටලයේන්, ස්පන්චි කෑමට මා පුරුදු කලේ, මගේ සහජාත සිංහල-බෞද්ධ මිතුරිය, නයනාය. අදටත් නයානාට මේ පුරුද්ද ඇත. එහිම දිගු වක් වුයේ, බම්බලපිටිය, පිලාවුසයෙන්, චීස් කොත්තු කෑමය. අපි කිසිදිනක, කෑමට බියෙන් ජීවත් නොවිය. මුස්ලිම් කඩයේ සව් කැඳ සහ, වැල්ලවත්තේ, යාල් හෝටලයේ, කැකුළු කරියේ රසය, කිසි දිනක මොන යාකාටවත් බියෙන් හෝ, අමෝඥ වඳ වීම් ප්‍රචාරණය හේතුවෙන්, අත්හැරිය හැකි කෑම ජාති නොවේ.

    ‘වඳ වීම’ ට බියේ අහාර අත්හැරීම් නොව කල යුත්තේ, ලිංගික නිදහසට පරිසරක් නිර්මාණය කිරීමය. විරුද්ධ ලිංගිකයා සිප මහජන අවකාශයක් තුලදී සිප ගැනීමට කෙස් වෙතත්, වැළඳ ගැනීමටත් විරුද්ධවන, සිංහල-බෞද්ධ සිවුරු පොරවාගත් ශරීර, වඳ වීම, කෑමෙන් සිදුවන බව ප්‍රකාශ කිරීම හාස්‍යජනකය. අනෙක් අතට, පන්සලේ තනි භුක්තිය වෙනුවෙන්, තම අනෙකා පීඩනය කරන, අගති කණ්ඩායම්, සිංහල කාන්තාවන්ගේ ලිංගය, මැෂිමක් ලෙස දැකිමත්, එම මැෂිමෙන් දරුවෝ සැදීමට බල කිරීමත් හිරිකිතය, මන්දයත්, පන්සලට නොමිලේ අහාර ලැබුනත්, සාමාන්‍ය ජනයාගේ බඩගින්න නිවීමට ඔවුන් ශ්‍රමය වැගිරිය යුතුය. පවුල් නඩත්තුව, පන්සල නඩත්තුවට වඩා එහා ගිය, බාර ධුර කර්තව්‍යකි. පවතින ආර්ථිකයෙන්, එක වේලක් පමණක්, කා ජිවත්වන, සිංහල- බෞද්ධයගේ, ජනගහන වර්ධනය වෙනුවෙන්, ජනයාගේන්ම යැපෙන චීවර ධාරීන් පෙරට ඒම පරිහාසකය. එසේම, සිංහල- බෞද්ධයා ගේ පැවැත්ම වෙනුවෙන් ප්‍රචන්ඩත්වය වැපිරීම තරයේම ප්‍රතික්ෂේප කළ යුතුය.

    2009 දී, දකුණේ සිංහල-බෞද්ධයා කිරිබත් කෑවේ, රට නිදහස් යැයි සිතාය. එහෙත්, මා දිග හැරී සොදුරු මතකයන් සිදුවන විට, මෙරට සිවිල් යුද්ධයක් විය. එදා අපි, අදට වඩා නිදහස් ව ජිවත් වීමු. අපි අපේ මෙන්ම අපේ අනෙකා සමඟ ද ආදරයෙන් බැදී සිටියෙමු, විශ්වාසයෙන් සිටියෙමු. එය, අමානුෂික යුද්ධ ජයග්‍රණය සහ ඒ සමඟ බැදී අශිෂ්ට දේශපාලනයෙන් විනාශ කර දමා ඇත. එය නැවත ගොඩ නැගීමට නම්, දැනුම සහ ආදරයෙන් පිරි හදවතකින් යුතුව, සියලුම ශ්‍රී ලාංකිකයන් අරගලය ගෙන යා යුතුය.

  • තරු අතර ජනප්‍රිය පෙම් යුවල නළු පුබුදු – සුරූපී මාෂි අද යුග දිවියට…..(Video)

    තරු අතර ජනප්‍රිය පෙම් යුවල නළු පුබුදු – සුරූපී මාෂි අද යුග දිවියට…..(Video)

    ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු චතුරංග මාෂි සිරිවර්ධන සමඟින් අද යුග දිවියට පා තැබුවා. ජනප්‍රිය රංගන තරු රැසක් සමඟින් ඔවුන්ගේ විවාහ මංගල උත්සවය සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේදී මේ විට  පැවැත්වෙනවා.