Author: Editor[A]

  • වඳ පෙති නිසා රට ගිනි ගනිද්දි මහින්දගේ ගෙදර මන්ත්‍රිලට සැරටම පාටි.. ආපු අය සහ හේතුව මෙන්න..

    වඳ පෙති නිසා රට ගිනි ගනිද්දි මහින්දගේ ගෙදර මන්ත්‍රිලට සැරටම පාටි.. ආපු අය සහ හේතුව මෙන්න..

    වඳ පෙති නිසා රට ගිනිගෙන තිබු මොහොතක පසුගිය දිනෙක ඒකාබද්ධ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට විශේෂ සාදයක් මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිවසේදී පැවැත්වුනු බව අපට වාර්තා වේ..

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට පෙර වට දෙකකින් පළාත් පාලන නියෝජිතයන්ට හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබුණි.

     ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනාම පැමිණ සිටි එම සාදය ආරම්භ වූයේ සවස හයයි තිහට පමණය. සාදයේදී මේසයෙන් මේසයට ගිය මහින්ද ඔවුන් සමග සුහදව කතා කිරීමට අමතක කළේ නැත. 

    සාදය ආරම්භවී පැය තුනක් පමණ යන තෙක් මහින්ද මන්ත්‍රීවරු සමග ගත කළේය. රාත්‍රී නමයට පමණ වාදක මඩුල්ලක් විසින් සංගීත ප්‍රසංගයක් ද පැවැත්වුවේය. එහිදී මුලින්ම ගීත ගායනා කිරීමට පැමිණියේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාය. ගුණදාස කපුගේගේ දවසක් පැල නැති හේනේ ගීතයෙන් ආරම්භ කළ විමල් එක දිගට ගීත දහයක් පමණ ගැයුවේය. විමල් ගීත ගායනා කිරීම අවසන් කළේ ඔහුගේ දියණිය සමග දම්පාටින් ලා සඳ බැසයනවා ගීතය ගායනා කරමිනි.

    මේ වන විට පියල් නිශාන්ත මන්ත්‍රීවරයාත් සංගීත කණ්ඩායම අසලට ගොස් සිටියේ ගීතයක් ගායනා කිරීමටය. එහෙත් විමල් මයික්‍ර‍පෝනය අතහරින පාටක් පෙනෙන්න තිබුණේ නැත. ගීත ගායනා කිරීමට ගිය පියල්ට සිදුවූයේ බොංගෝවක් වාදනය කරමින් විමල්ට සහාය දීමටය. විමල් මයික්‍ර‍පෝනය අතහැරීමෙන් පසුව පියල් සුපුරුදු පරිදි කුණ්ඩුමනී ගීතය ගැයුවේය. ඔහු කුණ්ඩුමනී ගීතය ගායනා කරන විට පවිත්‍රාත් කාංචනත් වේදිකාව අසලට වී නර්තනයක යෙදුනේය. එහෙත් සැමගේ සිත් ගත්තේ සාදය ආරම්භයේ සිට ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා නැටු නන්ස්ටොප් නැටුමය.

    විශේෂ සිදුවීම වන්නේ වෙනදාට මෙවැනි සාදවල ඉදිරියෙන්ම සිටින ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා සාදයට පැමිණ නොසිටීමය..

  • මුල මැද අග නොදැන රටම ගිනියම් කළ තෙල්දෙනිය මනුෂ්‍ය ඝාතනය පිටුපස ඇති ඇත්ත කතාව මෙන්න..

    මුල මැද අග නොදැන රටම ගිනියම් කළ තෙල්දෙනිය මනුෂ්‍ය ඝාතනය පිටුපස ඇති ඇත්ත කතාව මෙන්න..

    මහනුවර, තෙල්දෙණිය ප්‍රදේශය ආශ්‍රිතව මේවන විට උණුසුම් තත්ත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වන අතර එයට පදනම් වී ඇත්තේ පොහොට්ටුවේ සාමාජිකයන් පිරිසක් සහ එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් අතර සිදුවු ගුටි බැට හුවමාරුවක් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර ඇත.. 

    පසුගිය මැතිවරණ සමයේ මැතිවරණ ප්‍රචාරන කාල සමය තුල සිදුවු සිදුවීමක අළු යට තිබු ගිණි පුපුරු යලි මතුවීමක් ලෙස මෙම සිදුවීම හැදින්විය හැක.

    මෙහිදි මැතිවරණයට පෙර පොහොට්ටු පාක්ෂිකයන් පිරිසක් සමග තිබු ආරෝවක් යලි මතුවී වචන හුවමාරුව දුරදිග යාමෙන් මෙම ගැටුම ඇතිවී ඇත.

    ගැටුම ආරම්භයේදී එම ස්ථානයේ සිටි පොහොට්ටු සාමාජිකයන් ගැටුම වර්ධනය වෙත්ම එම ස්ථානයෙන් පලා යත්ම තනිවු එක් තරුණයෙක්ට එජාප පාක්ෂිකයන් පිරිස පහර දී ඇත.

    මෙය කිසිසේත්ම ජාතිවාදි ගැටුමක් නොවුවද කල දුටුකල මලමිණි අතරින් හෝ බලය ලබාගැනීමට උත්සහ දරන ප්‍රදේශයේ සිටින පොහොට්ටු නායකයාගේ සහ 2020 ජනපති සිහිනය දකින අන්තවාදි දේශපාලන නායකයෙකුගේ අවශ්‍යතාවය මත මේ වනවිට එම සිදුවීමට ජාතිවාදි මුහුණුවරක් ලබාදීමට දේශපාලන වාසි ගැනීමට උත්සහ දරන බඩගෝස්තරවාදින් කිහිපපොලක් කටයුතු කර ඇත 

    උද්ගතවු මෙම තත්ත්වයත් සමග පොහොට්ටු පිලේ අන්තවාදි සාමාජිකයන්  මහනුවර – මහියංගණ මාර්ගයේ, තෙල්දෙණිය – මොරගහමුල ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් ව්‍යාපාරික ආයතනයක් ඇතුළු මුස්ලිම් ව්‍යාපාර කිහිපයකට ඊයේ රාත්‍රියේ ගිනි තබා තිබෙන අතර එහි විශේෂත්වය වන්නේ ඊට යාබදව පිහිටි පොහොට්ටුවෙන් මැතිවරණයට තරග කල මුස්ලිම් අපේක්ෂකයාගේ ව්‍යාපාරික ස්ථානයට සහ නිවසට කිසිදු හානියක් සිදුනොකිරීමට මොවුන් ක්‍රියාකර තිබීමය…

    මේ අතර මියගිය තරුණයාට පහර දුන් බව කියන පස් දෙනෙකු සහ ගැටුමේ මොලකරු ලෙස හැදින්වෙන පොහොට්ටු පක්ෂයේ ප්‍රදේශයේ සම්බන්ධිකාරකවරයෙකු මේ වන විට පොලිසියට බාරවී ඇති බවට ද වාර්තා පල වෙනවා.

    ඒ අතරම වෙළඳසැළකට ප්‍රහාරයක් එල්ල කර ගිනි තැබීමේ සිද්ධියට පුද්ගලයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කර ඇත.

    කෙසේ වෙතත් ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බවයි එම ප්‍රදේශයෙන් ලැබෙන වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    සබැදි පුවත්

    http://supirigossip.com/archives/15795

    http://supirigossip.com/archives/15805

    http://supirigossip.com/archives/15818

    http://supirigossip.com/archives/15821

    http://supirigossip.com/archives/15824

  • ” කොළඹ රෝහල් ලඟ කාන්තාවන්ට නොමිලේ ලබා දෙන අහාර ගැන ඇත්ත කතාව මෙන්න .!

    ” කොළඹ රෝහල් ලඟ කාන්තාවන්ට නොමිලේ ලබා දෙන අහාර ගැන ඇත්ත කතාව මෙන්න .!

    ආපනශාලාවල ආහාර ප්‍රමිතිය පිළිබදව පසුගිය දිනවල අතිශය කතාබහට ලක්වුණා.

    මේ අතර අම්පාර ප්‍රදේශයේ හෝටයක සිදුවූ සිදුවීමක් රටේම අවදානය දිනා ගත්තා.

    මේ අතර රෝහල් ඉදිරිපිට නොමිලයේ ආහාර ලබා දෙන සංවිධානයක් පිළිබදව සොයා බලන ලෙස සමස්‌ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මාධ්‍යයට පවසනවා. 

    කොළඹ ජාතික රෝහල, කළුබෝවිල, කාසල්, සොයිසා වැනි රෝහල් අසල මෙම ක්‍රියාවලිය සිදුවන බව ඔහු ප්‍රකාශ කරනවා .

    මෙම නොමිලේ ලබාදෙන ආහාර සහ වෑංජන සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම පරීක්‍ෂාවට ලක්‌කළ යුතු යෑයිද ඔහු පවසනවා.

    සිදුවීම පිළිබදව වැඩි දුරටත් අදහස් දක්වන ජාතික සංවිධායකවරයා පවසා සිටියේ මෙලෙසින් , 

    “කොළඹ ජාතික රෝහල, කළුබෝවිල, කාසල්, සොයිසා වැනි රෝහල්වල සායන වලට එන බෞද්ධ කාන්තාවන්ට ටිකට්‌ එකක්‌ දීලා නොමිලේ බුෆේ කෑම කන්න දෙන සංවිධානය ගැන රජයට දැනුම් දුන්නත් රජයේ අවධානයක්‌ නැහැ.

    මොවුන් මේ ආකාරයෙන් වසර කීපයක ඉඳලා ආහාර දෙනවා.

    මොවුන්ගේ මෙම උනන්දුව ගැන රජය සොයා බැලිය යුතුයි.

    ඒ වගේම මේ ස්‌ථාන වල ආහාර සකස්‌ කරන ආකාරය ගැන පරීක්‍ෂාවට ලක්‌කල යුතුයි…”

     “දැන් මේ නොමිලේ ආහාර ලබාදෙන ආහාර ශරීර සෞඛ්‍යයට හොඳද?

    මේවායින් ශරීරයට හානියක්‌ නැද්ද? යන්න රජයේ බලධාරීන් කිසිම ප්‍රකාශයක්‌ කරන්නේ නැහැ. මේක ජාතිවාදය අවුස්‌සන දෙයක්‌ නොවෙයි. මේක ශරීර සෞඛ්‍ය ගැන තිබෙන ප්‍රශ්නයක්‌.

    දැන් කොළඹ ජාතික රෝහලට, කළුබෝවිල, කාසල්, සොයිසා කියන රෝහල් වල සායන වලට දුරබැහැරින් එන රෝගීන්ට මේ සංවිධානයේ අය ගිහින් ටිකට්‌ එකක්‌ දීලා දවල්ට කෑම කාලා යන්න එන්න කියනවා. 

    ඉතිං අපේ තරුණියන්, කාන්තාවන් ඒ තැන්වලට ගිහින් කෑමකනවා.

    ඒ කෑම දෙන ස්‌ථානයේ ගහලා තියෙනවා කෑම පිටතට රැගෙන යාම තහනම් කියලා. එතැන කුකුල් මස්‌, හරස්‌ මස්‌ මාළු, එළවළු යනාදිය තියෙනවා.

    මේවායේ තත්ත්වයන් පිළිබඳව සොයා බලන්න කොන්දක්‌ ඇති පී. එච්. අයි. මහත්වරුන් යොදවන්න.

    එහෙටයි මෙහෙටයි වැනෙන අය අපිට එපා.

    කෙලින් තීරණ ගන්න පුළුවන් අය පත්කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා”

     
  • හොර රහසේ ජනපති මෛත්‍රි හමුවු කුපාම මහින්ද ඉල්ලපු දේ මෙන්න… රහස් සියල්ල එලියට…

    හොර රහසේ ජනපති මෛත්‍රි හමුවු කුපාම මහින්ද ඉල්ලපු දේ මෙන්න… රහස් සියල්ල එලියට…

    නීතිය හා සාමය අමාත්‍යංශය සරත් ෆොන්සේකා හට කිසිසේත්ම ලබානොදෙන ලෙස මහින්ද රාජපක්ෂ මහතා එක හෙළාම බගෑපත්වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තාවේ.

    පසුගියදා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවීමක් පැවති අතර එහිදී මෙම ඉල්ලීම සිදුකර තිබේ. 

    “අපි ඕන සහයෝගයක් දෙන්නම්, රනිල්ව අගමැති තනතුරරේ තියාගෙන එජාපයත් සමග ඔබතුමා මේ විදිහටම කරගෙන යන්න. අපි කිසිම විදිහකින් බාධා කරන්නෙ නෑ. හැබැයි එකම ඉල්ලීම නීතිය හා සාමය, ෆොන්සේකාට නම් දෙන්න එපා. දුන්නොත් සේරම වැඩ අවුල් වෙනවා.” යැයි එහිදී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

    නීතිය හා සාමය අමාත්‍යංශය සරත් ෆොන්සේකා මහතාට පැවරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් මහින්ද පාර්ශ්වය දැඩි සේ කලබලයට පත්ව ඇති අතර එම තීරණය කණපිට හැරවීම සඳහා ඔවුන් දැඩි උත්සාහයක් ගනිමින් සිටී.

    මහින්ද රාජපක්ෂගේ අදහස වන්නේ ෆොන්සේකා මහතා පෞද්ගලික තරහ පිරිමසා ගැනීමට කටයුතු කරනු ඇති බවයි.

    2010 ජනාධිපතිවරණයෙන් පසු රාජපක්ෂ මහතා සිය ප්‍රතිවාදියා වූ සරත් ෆොන්සේකා අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙන සිරගත කරනු ලැබීම මේ සදහා හේතුවී තිබේ.

     මීට පෙර පැවති ජනාධිපතිවරයා හා ෆොන්සේකා මහතා අතර පැවති සාකච්ජා අනුව අඟහරුවාදා එනම් හෙට (06) තිබෙන කැබිනට් රැස්වීමෙන් අනතුරුව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා දිවුරුම් දීමට නියමිත ව ඇති බව සදහන්…

    මේ අතර දැනට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ භාරයේ ඇති නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට දිම කෙරෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරෝධතාවක් පැන නැගී ඇති බවට ඇතැම් මාධ්‍ය මගින් ප්‍රකාශ වුවද එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික මතයක් මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු මතය නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා

  • රට රැකදුන් බ්‍රිගේඩියර් ප්‍රියන්ත වෙනුවෙන් යුතුකම් ඉටුකරන්න යුධ හමුදාව ගත් තීරණය මෙන්න…

    රට රැකදුන් බ්‍රිගේඩියර් ප්‍රියන්ත වෙනුවෙන් යුතුකම් ඉටුකරන්න යුධ හමුදාව ගත් තීරණය මෙන්න…

    බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුගේ බි‍්‍රතාන්‍යයේ සිටින පවුලේ සාමාජිකයින්ගේ නඩත්තු වෙනුවෙන් මූල්‍යාධාර ලබා දීමට යුධ හමුදාව තීරණය කර තිබෙනවා.

    ඒ, යුධ හමුදාපතිවරයාගේ නියමයකට අනුවයි.

    බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මෙරටට කැඳවුවද, ඔහුගේ පවුලේ සාමාජිකයින් තවදුරටත් බි‍්‍රතාන්‍යයේ ජීවත් වනවා. මෙරටට කැඳවීම හේතුවෙන් තානාපති රාජකාරියට අදාළ වේතන ඔහුට හිමිවන්නේ නැහැ. ඔහුට දැනට හිමිවන්නේ බි‍්‍රගේඩියර් තනතුරට අදාල වැටුප පමණයි.

    ඒ අනුව පළමු අදියර ලෙස යුධ හමුදාපතිවරයාගේ මැදිහත්වීමෙන් බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුගේ බි‍්‍රතාන්‍යයේ සිටින පවුලේ සාමාජිකයින්ට පළමු මූල්‍යාධාරය ඉකුත් දා ලබා දුන්නා. එය මාස් පතා ඔවුන්ට ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. මෙවැනි සිද්ධියකදී ඊට මුහුණ පෑ හමුදා සාමාජිකයාගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් යුධ හමුදාව මේ අයුරින් මුළ්‍යාධාර ලබා දුන් ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බවයි පැවසෙන්නේ. 

  • සියල්ලන්ගේ ඇස් වසා නීති ඔක්කොම නවා මුතුරාජවෙල ගොඩකරන කෙරුමා මෙන්න…

    සියල්ලන්ගේ ඇස් වසා නීති ඔක්කොම නවා මුතුරාජවෙල ගොඩකරන කෙරුමා මෙන්න…

    මුතුරාජවෙල අභයභූමිය තුළ ගොඩකිරීම වැලිහෑරීම සහ කුණු දැමීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් ලබාදී තිබියදී ප්‍රබල දේශපාලනඥයන්ගේ හා රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීන්ගේ අනුදැනුම මත නීතිවිරෝධී ලෙස එය සිදුවෙමින් පවතී.

    රටේ ප්‍රධාන ව්‍යාපාරිකයකුගේ මෙහෙයවීමෙන් මෙම තෙත් බිම මහා පරිමාණයෙන් ගොඩකරමින් සිටින බව කියති. මේ වනවිටත් අක්කර සීය ඉක්මවා තෙත් බිම ගොඩකර ඇත්තේ ගොවිජන සේවා පනත සහ ලෝක රැම්සා සම්මුතියේ නීති උල්ලංඝනය කරමින් බව මුතුරාජවෙල අභයභූමිය සුරුකීමේ සංවිධානය පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකාවේ තෙත් බිම් උරුමයක් වන මුතුරාජවෙල විනාශ කිරීමේ අවදානමට කොළඹ නගර සභාව, නාගරික කොමසාරිස්, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වත්තල ප්‍රාදේශීය සභාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, සහකාර ප්‍රාදේශීය ලේකම් වත්තල, පතල් හා කැණීම් කාර්යාංශය හා රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතනවල සහ එහි ප්‍රධානීන්ගේ අදූරදර්ශී ක්‍රියාකාරකම් වගකිව යුතු බවට මුතුරාජවෙල අභයභූමිය සුරැකීමේ සංවිධානය චෝදනා කරයි.

    එම සංවිධානය වැඩිදුරටත් අනාවරණය කරන්නේ 1996 අංක 947/13 දරන රජයේ ගැසට් පත්‍රය මගින් හෙක්ටයාර් 1284.95 ක් සහිත තෙත් බිම අභ්‍යභූමියක් ලෙස ප්‍රකාශයට පත්කර තිබියදී මෙම ගොඩකිරීමේ ජාවාරම සිදුකරගෙන යන බවය.

    මෙම අනවසර ඉඩම් ගොඩකිරීමේ ජාවාරම පසු පස ප්‍රධාන පෙළේ ප්‍රසිද්ධ සිංහල ව්‍යාපාරිකයකු මෙන්ම මුතුරාජවෙල ප්‍රදේශයේ ධනවත් මුස්ලිම් ව්‍යාපාරිකයකු ද සිටින බව ප්‍රසිද්ධය. ඔවුන් තෙත් බිම කෙරෙහි කෑදර කමෙන් එම භූමියට කූඨ ලේඛන සකසමින් ඉඩම් අත්පත් කරගැනීමේ නිරතව සිටින්නේ මීට වසර දෙකක් පමණ ඉහත සිට බවද සඳහන්ය.

    මෙහිදී ඔවුන් පළමු පියවර වශයෙන් නවීන තාක්ෂණය මගින් ගුවන් ඡායාරෑප ලබාගෙන එමගින් හඳුනාගත් ප්‍රදේශවල හිමිකරුවන් සතු ඉඩම් කොටස් නොවටිනා මිලකට මිලදී ගෙන තිබෙන බවද පැහැදිලිය. මේ අතර මුතුරාජවෙල අභයභූමියට අයත් බොහෝ වගුරැබිම් ගොඩකර තිබෙන අතර කටුනායක අධිවේගී මාර්ගය අසල වම් මායිමේ පිහිටි පැරණි ඕලන්ද ඇළ රොන්මඩ ඉවත් කරන බව පෙන්වමින් අසීමිතව හාරා වැලිගොඩට ගෙන ඊට නුදුරැ බිම පුරවන බව පෙනෙන්නට තිබේ.

    අභයභූමිය සුරුකීමේ සංවිධානය චෝදනා කරන්නේ ඕලන්ද ඇළ හෑරීම හේතුවෙන් කටුනායක අධිවේගී මාර්ගය ගිලා බැසීමේ අවදානමක් ද පවතින බවය.

    ඇළ හෑරීම හේතුවෙන් අධිවේගී මාර්ගය සඳහා පිරවූ පස් බුරුල් වී ඇළට සේදීයාමක් සිදුවන බවත් ඇළ වම් ඉවුර මීටර් ගණනක් පුරවමින් පළල් පිවිසුම් මාර්ගයක් ගොඩනගමින් ඇති බවත් එම සංවිධානය පෙන්වා දෙයි. ප්‍රදේශයේ ජනතාව සතුව පැවැති වගුරු ඉඩම් කට්ටි ක්‍රමයෙන් මිලට ගෙන ඇති ව්‍යාපාරිකයා මේ වනවිටත් අක්කර 600ක පමණ භූමියක් සතුකරගෙන ඇතැයි වාර්තා වේ.

    මේ ආකාරයට ඉඩම් ගොඩකිරීමට අපේක්ෂාවෙන් සිටියදී මීතොටමුල්ල කුණු කන්ද නාය ගොස් මහා ව්‍යසානයක් සිදුවූයේ 2017 අප්‍රේල් මාසයේදීය.

    ඒ අවස්ථාවේදී කොළඹ එකතු වන කුණු බැහැරකිරීමට ස්ථානයක් නොවීය. බොරදියේ මාළු බාන්න සිතූ ව්‍යාපාරිකයා බොහෝම සද්භාවයෙන් පෙනී සිට රජයට කසළ බැහැර කිරීම සඳහා සිය ඉඩම ලබාදෙන්නට පියවර ගත්තේය.

    ඒ නීත්‍යානුකූල ඉඩමක් නොව මුතුරාජවෙල අනවසරයෙන් තද කරගෙන සිටි භූමියයි. එමගින් ඔවුන් අපේක්ෂා කළේ කසළ පුරවා රජය සහ පෞද්ගලික අංශය සතු කුඹුරු ඉඩම් ගොඩකරවා ගැනීමට බව මුතුරාජවෙල සුරැකීම් සංවිධානය පවසයි.

    මෙහිදී එම සංවිධානය අතුළු ගම්වාසීන් විරුද්ධ වෙද්දී ඔවුන්ගේ බලපෑම් මර්දනය කිරීම සඳහා ආරක්ෂක අංශ යොදවා තිබූ බවත් එහි ප්‍රධානීන්ට ද සිදුවෙන ව්‍යසනය වැටහී තිබූ බවත් කියයි.

    ඊට එරෙහිව පියවර ගත් මුතුරාජවෙල පරිසරය සුරුකීමේ සංවිධානය නියෝජනය කරන පූජ්‍ය පක්ෂය, විද්වතුන්, සමිති සමාගම්වල ප්‍රදේශවාසීන් 35 දෙනකුගෙන් සමන්විත පිරිසක් පෙර කී රාජ්‍ය ආයතන 11ක් වගඋත්තරකරැවන් ලෙස දක්වමින් ශ්‍රේෂ්ඨධිකරණ නඩුවක් ගොනු කර තිබේ. මෙහි නඩුවාරයක් ලබන 12 දින විභාගයට ගැනීමට නියමිතව ඇතැයිද අභයභූමිය සුරැකීමේ සංවිධානය කියයි.

    කෙසේ වෙතත් උසාවි නියෝගය මෙන්ම ගොවිජන සේවා පනත, ලෝක රැම්සා වාර්තාවේ නීති ඇතුළු අභයභූමියට අදාළ සෑම නීතියක්ම උල්ලංඝනය කරමින් ජාවාරම පසුපස සිටින ප්‍රබල ව්‍යාපාරිකයා තමාට සහාය දෙන රාජ්‍ය නිලධාරීන් අතකොලු කොටගෙන වගුරු බිම ගොඩකරමින් සිටී. මේ අතර වාර්තා වන්නේ මුතුරාජවෙල අභයභූමියේ ඉඩම් ගොඩකිරීම සඳහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට රජයේ ගාස්තුව වශයෙන් රුපියල් තුන්කෝටි විස්පන් ලක්ෂ පනස් එක් දහසක් ගෙවා ඇති බවය. එය පර්චස් 65102ක් ගොඩකිරීම සඳහා වන අතර පර්චසයකට මිල නියමව ඇත්තේ රුපියල් 500 බැගින් බවද වාර්තා වේ. මෙවැනි අකටයුතුකම් සඳහා රාජ්‍ය සේවයේ අවංක නිලධාරීන් හිස නොනමන නිසා ඔවුන්ට හා මුතුරාජවෙල අභයභූමිය සුරැකීමේ සංවිධානයෙන් පරිසරවේදීන්ට මරණ තර්ජන පවා එල්ලවී ඇතැයි කියති.

    මේ වනවිට කටුනායක අධිවේගී මාර්ගය ආසන්නයේ ඇති ඕලන්ද ඇළ බැකෝ යන්ත්‍ර මාර්ගයෙන් ගැඹුරට හාරා වැලි ඉවත් කරන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් රොන් මඩ ඉවත් කරනා බව දක්වමිනි. මේ ආකාරයට එම ස්ථානවල අඩි 30 – 40 තරම් පළළ පිවිසුම් මාර්ග සකසා ඇති බවත් විශාල ඉඩම් ප්‍රමාණයක් පුරා කම්බි වැටවල් ගස් වෙන්කර ඇති බවත් මුතුරාජවෙල සුරුකීමේ සංවිධානය චෝදනා කරයි.

     

  • කොත්තුවේ වඳ පෙත්තේ ආරම්භය සහ විකාශනය.. අම්පාරේ සිදුවීමේ ඔබ නොදත් පැතිකඩ මෙන්න..

    කොත්තුවේ වඳ පෙත්තේ ආරම්භය සහ විකාශනය.. අම්පාරේ සිදුවීමේ ඔබ නොදත් පැතිකඩ මෙන්න..

    වඳ පෙති කථාව කරළියට එන්නේ කලක සිටය. තැන් තැන්වලින් ඇති හෝටල් වලින් වඳ පෙති දමන බව විටින් විට අවස්‌ථා ගණනාවකම තොරතුරු ආනාවරණය විය. දියතලාව ප්‍රදේශයේදී මාස කිහිපයකට පෙර මෙවැනි කථාවක්‌ ඇති වුණි.

    සියඹලාකොටුව ප්‍රදේශයේ ආපන ශාලාවකද මාස 03 කට ඉහතදී මෙවැනි කතාවක්‌ මතු විනි. ඔලුවිල් විශ්වවිද්‍යාලයේ සිසුවකු මීට මාස කිහිපයකට පෙර මා හට පැවසුවේ අයියේ ලැබෙන කෑම ගැනනම් කියලා වැඩක්‌ නැහැ. අපට සමහර දවස්‌වල එළවළු වල පෙති තිබිලත් හමුවුණා යනුවෙනි. නමුත් අයියේ මේක පත්තරේ දාන්න එපා. මොකද අපිට ලොකුම ගැටලුව තියෙන්නේ පාරිපාලනයත් එක්‌ක. මේවා දැම්මොත් අපිට තවත් ගැටලුවක්‌ වෙයි යනුවෙන් ඔලුවිල් විශ්වවිද්‍යාලෙයේ සිසුවෙක්‌ පැවසුවේය.

    මේ ආකාරයෙන් තවත් බෙහෝ තැන් වලින් ඇසුන වඳ පෙති කතාව මෙකක්‌ද යනුවෙන් හැමෝටම ගැටලුවක්‌ව පැවතිණී.

    මේ කතා කුමක්‌ වුවත් වද පෙත්තක කතාවක්‌ නිසා පසුගියදා අම්පාර නගරය ගිනියම් වූවේය.

    අම්පාර නගරයේ පන්සල් හංදියට නුදුරින් ඇති කාසීම් හෝටලයට බොහෝ දෙනෙක්‌ ගොඩවදින්නේ කටට රසට හොඳ කොත්තුවක්‌ කෑමටය. එසේ නැතිනම් ෆ්‍රයිඩ් රයිස්‌ එකක්‌ කෑමටය. පසුගියදා තරුණයන් තුන්දෙනෙක්‌ අම්පාර කාසීම් හෝටලයට ගොඩවූයේ වෙනදා මෙන් රසට කොත්තුවක්‌ කෑමටය. කොත්තු කතාව මෙච්චර දුරක්‌ යෑයි කියා එම තරුණයින් ද සිතන්නට නැතිව ඇත. හෝටලයට ගිය පසු මද වේලාවක්‌ යද්දී ඔවුනට දුම් දා සුවඳ හමන කොත්තුවක්‌ ලැබෙන්නට විය. ඒ සමග ලබා දුන් මස්‌ හොද්ද නිසා හෝටල් හිමියන් කිසිදා අපේක්‌ෂා නොකළ සිදුවීමක්‌ ඇතිවන්නට වූහ. එහි තිබුණ භාගෙට දියවුණ යමක්‌ මෙම තරුණයන්ගේ නෙත ගැටුණි. මොනවද භාගෙට දිය වෙලා තියෙන්නේ. මුන් අපට වඳ පෙති දාලාවත් දෙනවාද කියා ඔවුන්ට සිතුණි.

    සැනෙකින් මුදල් අයකැමිගෙන් මේ පිළිබඳ විමසා සිටින්නට වූහ. ඇත්ත කියපල්ලා උඹලා කෑමවලට වඳ පෙති දානවා නේද? යනුවෙන් විමසා සිටියදී නිරුත්තරුවූ ඔහු නෑ නෑ යනුවෙන් පවසා සිටින්නට වූවේය. නැවතත් තරුණයන් ඇත්ත කියනවා මේ වඳ පෙති නේද උඹලා මේවා කෑමවලට දානවා නේද? යනුවෙන් දැඩිව පවසා සිටි කල ඔව් යනුවෙන් ඔහු පවසා සිටියේය.

    මොහොතක්‌ ගත වුණි. මෙම සිදුවීම දැනගත් සැනින් එම ස්‌ථානයට සියකට ආසන්න තරුණයන් පිරිසක්‌ එකතුවී වඳ පෙති දමා අහාර දුන්නා යෑයි කියු වෙළෙඳසලට පහරදී කඩා බිඳ දමන්නට වූහ. ඒ ආසන්නයේ තිබූ වෙළෙඳසලේ තිබූ ගෝනි ගෙන මහා පාරට දමා ගිණී තබන්නට වූහ. ඉන් නොනැවතී එම ස්‌ථානයට මදක්‌ දුරින් තිබුණු ආගමික මධ්‍යස්‌ථානයට සහ තවත් වෙළෙඳසල් දෙකකට සහ පහර දෙන්නට මෙම පිරිස පිටත්වන්නට විය. අම්පාර නගරයේ මළ ගෙවල් කිහිපයක්‌ තිබෙන අතර ඒවාට සහභාගි වෙමින් තිබුණු ඇතැම් පිරිස්‌ සහ එහෙන් මෙහෙන් දැනගත් විශාල පිරිසක්‌ මෙම ස්‌ථානයට පැමිණෙන්නට වූහ. මෙම ආගමික ස්‌ථානය ආසන්නයේ වෙළෙඳසලට පහර දෙන්නට උත්සාහ කරන විට පොලිසීය එය පාලනය කරන්නට දැඩි උත්සාහයක්‌ ගන්නා ලදී. නමුත් කෙසේ හෝ කලහකාරී පිරිස මෙම වෙළෙඳසලට පහර දුන් අතර ගිනි තබන්නට පොලිසියෙන් ඉඩ නොදෙන ලදී.

    ඒ අවස්‌ථාවේදී සැනකින් පිරිස ආගමික මධ්‍යස්‌ථානය තිබුණු භූමියට පැන යන්නට වූහ. සිද්ධිය එසේ වන විට කලහකාරීන් පාලනය කරන්නට පොලිසිට නොහැකි වන ලදී. එහි තිබුණු වෑන් රියක්‌ පෙරළා ගිනි තැබූ අතර ලොරි රථ තුනකට සහ යතුරුපැදි කිහිපයටද පහර දෙන්නට වූහ. එම ආගමික මධ්‍යස්‌ථානයේ තාප්පයටද පහරදී පෙරළා දමන්නට වූහ. එම අවස්‌ථාවේ සිද්ධිය පාලනය කිරීම සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය ගෙන්වා කලහකාරී පිරිස පාලනය කරන්නට පොලීසිය විසින් කටයුතු යොදන්නට වූහ. මෙම සිදුවීම නිසා එම අවස්‌ථාවේ ආගමික සිද්ධස්‌ථානයේ සිටි තිදෙනකු තුවාල ලබා අම්පාර රෝහලට ඇතුළත් කරන්නට විය.

    මෙම සිදුවීම සිදුවු ස්‌ථානයට ඒ මොහෙතේ පැමිණි අම්පාර මහා දිසාපති තුසිත පී. වනිගසිංහ මහතා සහ අම්පාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ඇතුළු පොලිස්‌ නිළධාරීන් සහ 24 වැනි සේනාංකයේ සේනාංකාධිපති මහින්ද මුදලිගේ මහතා ඇතුළු ආරක්‌ෂක අංශ නිළධාරීන් සමග අලුයම 4.00 වන තෙක්‌ මෙම ස්‌ථානයේ සිට මෙම ගැටුම දුර දිග යැම වැලැක්‌වීම සඳහා ගතයුතු පියවර යොදා මාර්ගවලට විශේෂ ආරක්‌ෂක වැඩපිළිවෙළක්‌ සකස්‌ කරන්නට වුහ. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් දැඩි විරෝධතාවයක්‌ මතු නොවුනි. ඒ නිසා වෙරළබඩ තීරය ඇතුළු ප්‍රාදේශවල තත්ත්වය සාමන්‍ය ලෙස පැවතුනි. මනා ආරක්‌ෂක පියවරක්‌ තිබීමද එයට එක්‌ හේතුවක්‌ වන්නට ඇත.

    27 වැනිදා උදෑසන මෙම සිදුවීමට විරෝධය පාමින් අම්පාර අක්‌කරපත්තුව මාර්ගයේ කොළතාවලි හංදියේ ටයර් සහ කොන්ක්‍රීට්‌ කණු දමා මාර්ගය හරස්‌ කර තිබුණ අතර විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් විසින් ඒවා ඉවත් කරන ලදී. කෙසේ නමුත් අම්පාර දිස්‌ත්‍රික්‌කය පුරා දැඩි විරෝධයක්‌ ඇතිවෙන බවට විවිධ කටකතා දිගින් දිගටම ප්‍රචාරය වෙමින් එහේ ගහනවා මෙහේ ගහනවා යනුවෙන් විවිධ අදහස්‌ වේගයෙන් පැතිරෙන්නට විය. නමුත් යුද හමුදාව පොලිසිය විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්‌ෂක නිළධාරීන් ඉතා හොඳින් සිද්ධිය පාලනය කරමින් මෙම සිදුවීම පිළිබඳව එම ආහාර මිලදී ගත් තරුණයකු අම්පාර පොලිසියටද පැමිණීලි කර තිබෙන අතර එම ආහාර සාම්පලය අධිකරණ නියෝගයක්‌ ගෙන වැඩිදුර පරීක්‌ෂාව සඳහා රජයේ රස පරීක්‌ෂකවරයා වෙත යොමු කරන බව අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිළධාරියකු පැවසුවේය.

    මෙම ගැටලුව විසඳීම සඳහා 27 වැනිදා දහවල් අම්පාර දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්‌ෂක අංශ සහ අදාළ පාර්ශවයේ දේශපාලන නායකයන් සාකච්ඡාකර මෙම ගැටලුව සාමකාමිව විසඳීමට කටයුතු කිරීමට සාකච්ඡා කරන ලදී. දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක, ශ්‍රියානි විඡේවික්‍රම, ඇතුළු පක්‌ෂ විපක්‌ෂ දේශපාලන නායකයන් ද මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ. මේ වන විට අම්පාරේ ප්‍රදේශයේ තත්ත්වය සාමකාමී අයුරින් පවතින අතර ප්‍රදේශයේ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව සහ පොලිසිය යොදවා දැඩි ආරක්‌ෂක වැඩපිළිවෙළක්‌ යොදා ඇත. ඒ නිසා බොහෝ ප්‍රදේශවලට සහ ආගමික මධ්‍යස්‌ථානවලට දැඩි රැකවල් යොදවා ගැටුම් ඇතිවීම පාලනය කරන්නට වූහ.

    මේ සම්න්ධයෙන් රිෂාද් බදියුදීන් ඇමැතිවරයා විසින් ජනපතිට සහ අගමැතිවරයාට නිසි පරීක්‌ෂණයක්‌ කර අදාළ වැරදිකරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ඉල්ලා සිටින්නට විය. ඒ අනුව මෙම කලහාකාරී සිදුවීමට සම්බන්ධ අය සොයා පොලිසිය විසින් පරීක්‌ෂණ ආරම්භ කරන්නට වූහ.

    ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට 05 දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් 02 වැනිදා සවස අම්පාර මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇති අතර 02 වැනිදා වනතෙක්‌ රක්‌ෂික බන්ධනාගාර ගතකොට නැවතත් 02 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

    ඒ සමගම මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා අම්පාරේ භීක්‌ෂූන් වහන්සේලා සහ පක්‌ෂ විපක්‌ෂ දේශපාලන නායකයන් උන්නදුවෙන් කටයුතු කරන්නට වුහ. මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකාච්ජා කිරීම සඳහා පොළොන්නැරුව ජනාධිපති මැඳුරු වෙත වාහන හය හතකන් විශාල පිරිසක්‌ යන ලදී. ඒ අතර ගිරිතලේ ගුණානන්ද නාහිමි, කිරිඳිවල සෝමරතන නාහිමි, සේනාපතියේ ආන්නද, සුහදගම සිලරතන යන හිමිවරුන් ඇතුළු භික්‌ෂූන් වහන්සේලා 15 කට ආසන්න ප්‍රමාණයක්‌ සහ දේශපාලන අධිකාරියේ විශාල පිරිසක්‌ පිටත්ව ගියත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුණගැසීමට අවස්‌ථාව නොලැබ නැවතත් හිස්‌ අතින් ආපසු හැරී එන්නට සිදුවූහ.

    මේ අත්අඩංගුවට පත්වූයේ ඇත්තටම මෙයට සම්බන්ධ පිරිසද යනුවෙන් ගැටලුවක්‌ මේ වන විට පැන නැඟී තිබුණී. කෙසේ නමුත් එම පිරිස ඇප ලබා ගැනීම සඳහා බොහෝ දෙනෙක්‌ ප්‍රබල උත්සාහයක්‌ ගනිමින් සිටින ලදී. මෙය සටහන් තබන 02 වැනිදා දහවල් වන විටත් එම පිරිස නැවතත් අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි. මේ වන විටත් මෙයට සම්බන්ධ තවත් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමට පොලිසිය මගින් පරීක්‌ෂණ පවත්වමින් සිටිති.

    කෙසේ නමුත් මුස්‌ලිම් පුජකවරයෙක්‌ගෙන් මේ ගැන විමසූ විට මෙසේ පවසුවේය.

    මෙවැනි තත්ත්වයක්‌ ඇතිවීම ගැන අපි කනගාටු වෙනවා. කුඩා පිරිසක්‌ තමයි මේ ආකාරයෙන් මේ දේට සම්බන්ධ වුණේ. ඔය හෝටලයේ හිමිකරුට සිංහල වැඩිය බැහැ. ඒ වෙලේ බයට තමයි එහෙම කියලා තියේනනේ. මේ කාරනේ ඇත්ත කියලා ඔප්පු වුණොත් ඔහුට දඬුවම් කරන්න. අපි සිංහල ජනතාවත් එක්‌ක සුහදතාවෙන් තමයි කටයුතු කරන්නේ. යනුවෙන් ඔහු පවසා සිටියේය.

    මේ වන විට මෙම ගැටුම නිමා නොවුණත් උණුසුම පහව ගොස්‌ ඇත. යළිත් මෙවන් කතන්දර ඇතිවන්නට ඉඩ ඇත. ඒ නිසා ජාතියක්‌ වඳ කරන වඳ පෙති කථාව සහජීවන කඩතුරාව යටින් සොයාගත යුතුය. එය එසේ නොවුණහොත් මේ වඳ පෙති කතාව සැබෑ නම් මේ ගැන ජාතියට දැනෙන්නේ තවත් වසර පනහක්‌ පමණ ගිය පසුය. ඒ අපි මහජාතිය නොවුණ විටය.

  • “ජනයුගයෙන්” අනාගත් ඇලෝසියස්ලා “රිවිරෙන්” හත් පොලේ ගා ගත්ත හැටි මෙන්න…!

    “ජනයුගයෙන්” අනාගත් ඇලෝසියස්ලා “රිවිරෙන්” හත් පොලේ ගා ගත්ත හැටි මෙන්න…!

    පර්පෙචුවල් ට්‍රේෂරීස්” සමාගමේ අධිපති අර්ජුන් ඇලෝසියස් මහතා බන්ධනාගාර ගතවීමට මාස දෙකකට පමණ ඉහතදී “රිවිර” පුවත් පත සඳහා රුපියල් කෝටි පහක පමණ මුදලක් ආයෝජනය කර ඇතැයි හෙළි වී තිබේ.

    මේ බව හෙළි වී ඇත්තේ “රිවිර” පුවත් පත ප්‍රකාශයට පත් කරනු ලබන “රිවිර මීඩියා කොපර්රේෂන්” ආයතනය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ විශේෂ ලියකියවිලිවලින් සහ “පර්පෙචුවල් ට්‍රේෂරීස්” සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සනත් බණ්ඩාර මහතා “රිවිර මීඩියා කොපර්රේෂන්” ආයතනයේ මුල්‍ය අධ්‍යක්ෂකවරයා ලෙසත් ගණකාධිකාරී චතුරංග පල්ලෙවෙල මහතා එම ආයතනයේ මුල්‍ය උපදේශකවරයා ලෙසත් වහාම ක්‍රියාත්මක වන පරිදි අනුයුක්ත කිරීමට අර්ජුන් ඇලෝසිය මහතා ක්‍රියා කර ඇතැයි කියන සිද්ධියෙනි.

    “පර්පෙචුවල් ට්‍රේෂරීස්” සමාගමේ අධිපති අර්ජුන් ඇලෝසියස් මහතා “රිවිර මීඩියා කොපර්රේෂන්” ආයතනය වෙත මෙසේ මුදල් ආයෝජනය කර තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව බව එම සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

    එමෙන්ම ආන්දෝලනාත්මක මහා බැංකු බැඳුම්කර ගනු දෙනුවෙන් උපාය ගත් අයථා මුදල් අර්ජුන් ඇලෝසියස් මහතා බෙදා දුන්නේ කවුරුන්ට ද යන්න පිළිබඳ ඇතුළු ඔහුගේ සියලු රහස් ගනු දෙනු පිළිබඳ තොරතුරු දන්නේ “පර්පෙචුවල් ට්‍රේෂරීස්” සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සනත් බණ්ඩාර මහතා බව ද එම ආරංචි මාර්ග තහවුරු කර සිටියි.

    “ජනයුගය” පුවත් පත වැසී ගොස් තිබෙන්නේ එම පුවත් පතට ආයෝජනය කිරීමට තිබූ මුදල් අර්ජුන් ඇලෝසියස් මහතා මෙසේ “රිවිර මීඩියා කොපර්රේෂන්” ආයතනය සඳහා ආයෝජනය කිරීම හේතුවෙන් බව එම පුවත් පතේ කර්තෘ මණ්ඩලය ඇතුළු සේවක සේවිකාවෝ පෙන්වා දෙති.

    සියලු සේවක වැටුප් සහ දීමනා වෙනුවෙන් ද පුවත් පත නොකඩවා පවත්වා ගෙන යාම සඳහා ද රුපියල් කෝටි දෙකක් ලබා දීමට අර්ජුන් ඇලෝසියස් මහතා මුලින් පොරොන්දු වුණත් එම පොරොන්දුව ඉටු නොවූ බව ද එම සේවක සේවිකාවෝ පවසති.

    අනතුරුව “ජනයුගය” පුවත් පතේ මුද්‍රණය අත්හිටවූ අවස්ථාවේදී කර්තෘ මණ්ඩලයේ ඇතුළු සියලු සේවක සේවිකාවන්ගේ ජනවාරි වැටුප සහ අතිකාල ඇතුළු සියලු දීමනා සමග සාධාරණ වන්දි මුදලක් ද ගෙවීමට අර්ජුන් ඇලෝසියස් මහතාගේ පියා වන ජෙෆ්රි ඇලෝසියස් මහතා පොරොන්දු වුණත් එම පොරොන්දුව ද මේ වන තුරුත් ඉටු කර නොමැති බවට එම පිරිස චෝදනා කරති.

    උද්ගත වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් කොළඹදී සිකුරාදා (02) රැස්වී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර ඇති “ජනයුගය”කර්තෘ මණ්ඩල සාමාජිකයින් ඇතුළු සමස්ථ සේවක සේවිකාවන් මේ අසාධාරණයට එරෙහිව සිය අයිතීන් වෙනුවෙන් අඛණ්ඩ උපවාසයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

    මේ අඛණ්ඩ උපවාසය කොළඹ ඇල්ෆ්‍රඩ් පෙදෙසේ පිහිටි අර්ජුන් ඇලෝසියස් මහතාගේ කාර්යාලය ඉදිරිපිට හෝ ඔහුගේ පියා වන ජෙෆ්රි ඇලෝසියස් මහතාගේ නිවස ඉදිරිපිට පැවැත්වීමට “ජනයුගය”කර්තෘ මණ්ඩලය තීරණය කර තිබේ.

    උපුටා ගැනීම ලංකා ලීක්ස් වෙබ් අඩවියෙන්..

  • මුස්ලිම් කොංග්‍රස් හිටපු  නායක අෂ්රොෆ්ගේ මරණය ඝාතනයක්ද? අනතුරක්ද? සියල්ල හෙළිවෙයි…

    මුස්ලිම් කොංග්‍රස් හිටපු නායක අෂ්රොෆ්ගේ මරණය ඝාතනයක්ද? අනතුරක්ද? සියල්ල හෙළිවෙයි…

    දැනට වසර 18 කට පෙර හිටපු අමාත්‍ය සහ මුස්ලිම් කොංග්‍රස් නායක එම්.එච්.එම්. අෂ්රොෆ් ගේ මරණයට හේතුවූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්.අයි. 17 හෙලිකොප්ටර් යානයේ අනතුර සම්බන්ධයෙන් වන විමර්ශන වාර්තාව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ලබාගෙන තිබේ.

    ඒ තොරතුරු දැනැගැනීමේ පනත යටතේ බව එම පක්ෂය කියා සිටී.

    අදාළ වාර්තාවේ ඇතුළත් කරුණු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් නීතිවේදීන්ගේ උපදෙස් ලබාගනිමින් සිටින බව වාර්තා වේ.

    හිටපු අභියාචනාධිකරණ විනිසුරු එල්.කේ.ජි. වීරසේකරගේ ප්‍රධානත්වයෙන් යුත් කොමිසමක් මගින් 2000 වසරේ සැප්තැම්බර් 16 වනදා බිබිලේ – ඌරකන්ද ප්‍රදේශයේදී ගුවන් හමුදා එම්.අයි. 17 හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වීම සම්බන්ධයෙන් සොයා බැලූ අතර එ් සම්බන්ධයෙන් වූ වාර්තාව මෙලෙස ලබා ගෙන ඇත.

    එම වාර්තාවට අනුව හිටපු අමාත්‍ය එම්.එච්.එම්. අෂ්රොෆ්ගේ මරණයට හේතු වූ අනතුර කිසිවෙකු හෝ කිසියම් කණ්ඩායමක් විසින් සැළසුම් කරන ලද්දක් නොවන බව සඳහන් වේ.

    එමෙන්ම එම අනතුර යානයේ සිදුවූ පිපිරීමක් නිසා සිදුවූ බවට සාක්ෂියක් නොමැති බවද රජයේ රස පරීක්ෂක සහ අධිකරණ වෛද්‍ය වාර්තා උපුටා දක්වමින් කොමිසම අනාවරණ කර තිබේ.

    එමෙන්ම කොමිසම මගින් අනාවරණ කරගෙන ඇති තවත් කරුණක් වන්නේ හිටපු අමාත්‍යවරයාගේ නැගෙනහිර සංචාරය සඳහා ලබාදුන් හෙලිකොප්ටර් යානය අලූත්වැඩියා කරමින් පැවති එකක් බව ය.

    මේ නිසා නඩත්තු කටයුතුවල නොසැළකිල්ලක් අනතුරට හේතුවී ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිය පනත යටතේ ලබාගත් කොමිෂන් වාර්තාවේ සඳහන් බව මුස්ලිම් කොංග්‍රසය කියා සිටී.

  • මඩකලපුවේ ඇති එකම විහාරස්ථානය, මංගලාරාම විහාරස්ථානයට ජනපති මෛත්‍රී යයි..!

    මඩකලපුවේ ඇති එකම විහාරස්ථානය, මංගලාරාම විහාරස්ථානයට ජනපති මෛත්‍රී යයි..!

    මඩකලපුව දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් වෙනුවෙන් ගුරුපත්වීම් ලබාදීමේ උත්සවය  (3) ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුවෙදී පැවැත්විණ.එම උත්සවය නිමවී ගරු ජනාධිපතිතුමා පැමිණියේ මඩකලපුව මංගලාරාම විහාරස්ථානයටය.

    කොටි ත්‍රස්තවාදය සමයේදී මඩකලපුවේ සිංහල බෞද්ධ ජනතාවට තිබු වටිනා පන්සලක් ලෙස මංගලාරාම විහාරස්ථානය හැදින්විය හැකිය.පසුව 2014 දී එම විහාරස්ථානයේ විදුලිය විසන්ධි කිරීමට පැමිණි සිදුවීමක් නිසා මෙම මංගලාරාම විහාරස්ථානය කෙරෙහි ජනතාවගේ දැඩි අවධානයක් යොමුවිය.එවකට විදුලි බල ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට සෘජුවම බැන වැදුන විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිපාණන් වහන්සේ කියා සිටියේ මඩකලපුවට තිබෙන එකම පන්සලේ විදුලිය කැපීමට එවකට රජය ක්‍රියා කල බවය.

    පසුව එවකට රජය විසින් විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිපාණන් වහන්සේට නොයෙකුත් චෝදනා එල්ල කලේ ද්වේශ සහගත ලෙසය.පසුව මඩකලපුවේ ඇති වූ තවත් සිදුවීමක් හේතුවෙන් එවකට අමාත්‍යවරයෙකු හා කොටි හිටපු නායකයෙකු වූ කරුණා අම්මාන් ලගද ඉතා අසරණ වීමට විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිපාණන් වහන්සේට සිදුවිය.

    පසුව වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව එම පන්සල උපයෝගී කරගනිමින් ජාතිවාදය වැපිරීමට නොයෙකුත් දෙනා උත්සහ කලත් විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිපාණන් වහන්සේ ඒ සදහා ඉඩ ලබා නොදුන්නය.මඩකලපුවේ වෙසෙන සිංහල බෞද්ධ ජනතාවට පමණක් නොව අනෙකුත් ජාතීන්ටද මහත් අස්වැසිල්ලක් වූ මඩකලපුව මංගලාරාම විහාරස්ථානයටය ඊයේ දිනයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැමිණීම විහාරාධිපති හිමියන්ට මහත් සතුටක් ගෙන දුන්නේය.ජනාධිපතිතුමා විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුව දුක්ද විමසීය.

  • දවාලේ සිඟමනේ ගොස් රෑට සැප ගන්න ගණිකා පහසට තුරුළු වෙන කොළඹ යාචකයින්ගේ ඔබ නොදත් කතාව

    දවාලේ සිඟමනේ ගොස් රෑට සැප ගන්න ගණිකා පහසට තුරුළු වෙන කොළඹ යාචකයින්ගේ ඔබ නොදත් කතාව

    තවත් කෙනෙකුට අතපා ජීවත් වීම තරම් අවාසනාවන්ත බවක් තවත් තියේවිද?

    නමුත් එවැනි අවාසනාවන්ත ජීවිත ඕනෑ තරම් අප සමාජයේ දැකගත හැකිය. ඉන්න හිටින්නට තැනක් නැතිව පාර තොටේ අගුපිල්වල ජීවිත ගෙවන්නන් ද ඕනෑ තරම්ය. කරකියා ගන්නට දෙයක් නොමැතිව අනුන් දෙන බත්පත කන, අනුන් දෙන ඇඳිවත අඳින අසරණයන් ද සමාජයේ බහුලය.

    නමුත් අසරණ ජීවිත උගසට තබා යාචක වෙසින් සිඟමන් අයදින අය ද මේ අතර සිටිති. අනුන්ගේ දරුවකු තමන්ගේ කුසේ උපන් දරුවකු සේ කරපින්නාගෙන සිඟමන් අයදින සිඟන්නියන් තුළ සැබෑ මව් සෙහෙනහසක් ඇත්තේම නැත.

    අද වෙද්දී යාචක ජීවිතය සැබැවින්ම ව්‍යාපාරයක් බවට පත්ව ඇත. අවට බොහෝ යාචකයෝ සිඟමන් අයදින්නේ බිස්නස් එකටය. මේ ව්‍යාපාරයේ නියම උරුමක්කාරයා අතමිට යහමින් ඇති ධනවතෙකි. එපමණක්ම නොව, චණ්ඩියෙකි. ඔහු යටතේ මැරයන් මෙන්ම කුලීකරුවන් ද ඕනෑ තරම්ය. මැරයන්ගේ රාජකාරිය වන්නේ කුලීකරුවන් පාලනය කිරීමය. කුලීකරුවන්ගේ රාජකාරිය වන්නේ දවසේ සිඟමන් යැදීමය.

    දවස අවසානයේ දී යාචකයන්ට මැරයන්ගෙන් කොමිස් මුදලක් හිමිවේ. ඒ විතරක් නොවේ. රාත්‍රී කෑම වේලට හොඳ බත් පාර්සලයක් සමඟ මත්පැන් බෝතලයක් ද ලැබේ. කොළඹ නගරයට උදේ පාන්දර ආබාධිත සිඟන්නන් රැගෙන එන වාහන කිහිපයක් ද ඇත. කොළඹ නගරයට එය සාමාන්‍ය දෙයක් වුවද ඇතැමුන්ට එය ආගන්තුකය.

    බොහෝ යාචකයන්ගේ අතමිට වර්තමානයේ දී සරුසාරය. ඇතැම් යාචකයෝ දිනකට රුපියල් එක්දාස් පන්සියයක් දෙදහසක් අතර මුදලක් සොයති. බොහෝවිට වර්තමානයේ දී යාචකයකුට අවම වශයෙන් රුපියල් දහසක් ලබා දේ. නමුත් බොහෝවිට බස් රථයට සිඟමනට නැඟ යාචකයන් සිඟමන් අයදින්නේ,

    “අනේ නෝනා… මහත්තයෝ… රුපියලක් හරි දෙන්න” කියමිනි.

    නමුත් කවුරුන් හෝ කෙනකු වර්තමානයේ දී රුපියල් දෙකේ කාසියක් යාචකයාට දුන් විට මුහුණ අඳුරු වේ. යාචකයන් ඉදිරියේ අද රුපියලට තැනක් නැත. ඔවුන් අද අවම වශයෙන් රුපියල් දහයක්වත් බලාපොරොත්තු වේ. රුපියල් විස්සට යාචකයන්ගෙන් ප්‍රශංසා බොහෝමයක් ලැබේ.

    දෙහිවල නගරයේ ප්‍රධාන බස් නැවතුමේ සෑම උදෑසනකම රෝද පුටුවක වාඩි වී සිටින වයස අවුරුදු විස්සක්, විසිපහක් අතර ඉලන්දාරියකු සිඟමන් අයදී. සෑම දිනකම ඔහු බිම ගෑවෙන තරමටම දිගට තම සරම ඇඳ සිටී. රෝද පුටුවට තම ජීවිතය සීමාවන්නට තරම් කිසිම පෙනුමක් ඔහුගෙන් දිස්නොවේ. නමුත් සෑම දිනකම ඔහු දෙහිවල නගරයේ රෝද පුටුවට වී සිඟමන් අයැදීම සුලබය.

    දෙහිවල සුපිරි වෙළෙඳසලක් අසල සිටින වයස අවුරුදු පනස් පහක්, හැටක් වයසැති යාචකයකු සැරයටියක් ආධාරයෙන් ගමන් කරයි. සෑම රාත්‍රියකම අසල ඇති සුපිරි හෝටලයෙන් මස් කොත්තුවක් හෝ ෆ්‍රයිඩ් රයිස් එකක් කෑම ඔහුගේ දිනචර්යාවේ එක් පුරුද්දකි. එපමණක්ම නොව, සුපිරි වෙළෙඳසලේ ඇති මත්පැන් අලෙවිසලෙන් සෑම සවසකම ඔහු මත්පැන් බෝතලයක් ද රැගෙන යයි. යාචකයෙක් වුවද ඔහු සුපිරි ජීවිතයක් ගත කරයි. නමුත් හරිහැටි ඇඳුමක් අඳින්නේ නැත. කිළිටි වූ ඇඳුමට, කතා කරන විලාසයට රැවටෙන ඇත්තන් ඔහුගේ සිඟමනට පින් පතා මුදල් ලබාදෙති. නමුත් බොහෝවිට සාමාන්‍යයෙන් ජීවිතයක් ගත කරන මිනිසුන්ට වඩා සිඟමන් අයදින යාචකයන් සුපිරියට කෑම ගනිති. සාමාන්‍ය ජීවත් වන අය රාත්‍රී ආහාරයට එක් ව්‍යංජනයක් සමඟ බත් වේලක් ගනිද්දී ඔවුන්ට අතපෑ යාචකයෝ රාත්‍රී ආහාර වේලට මස් සහිත කොත්තු බුදිති.

    පිටකොටුව යාචකයන්ට තෝතැන්නකි. බස් රථවල, දුම්රිය පොළවල සිඟමන් යැදීම තහනම් කළ ද අදද ඕනෑ තරම් බස් රථවල, දුම්රිය පොළවල යදින යාචකයෝ සුලබය. කොටුව දුම්රිය පොළ ඉදිරිපිට ඇති බස් නැවතුම් දෙකම අද වෙද්දී යාචකයන්ගේ නවාතැන්පොළ වී හමාරය. බස් රථයක් එනතුරු මඟ බලමින් ගිනිගහන අව් රශ්මියට හෙම්බත්ව මගීන් බලා සිටියදී බස් නැවතුම ඇතුළත තම කිළිටි වූ කඩමළු තබා නිවහන කරගෙන ජීවත් වන යාචකයන් අදද ඕනෑ තරම්ය. මේ අතර අතපා මුදල් නොඉල්ලුවද තම අතේ ඇති පොතක උදේ හවා මොනමොනවදෝ ලියමින් සිටින යාචක කාන්තාවන් ද දැකගත හැකිය.

    කුඩා දරුවකු කරපින්නාගෙන පිටකොටුවේ ගමන් කරන පෙම්වතුන් වෙත ගොස් සිඟමන් අයදින කාන්තාවන්ගේ අතේ සිටින දරුවා එකදිගට හඬා වැලපේ. නමුත් මවට දරුවා නළවාගන්නට කිසිදු අවශ්‍යතාවයක් ද නැත. වැරහැලි ඇඳගත්, සිරුරේ ඉහළ කොටසට ඇඳුමක්වත් නැති පුංචි කෙලිපැටික්කියක් ද රැහැයියකු සේ හඬා වැලපේ. මුහුණ පුරා කඳුළු වැල් ඕනෑ තරම්ය. හෙම්බත්ව හඬා වැලපෙන පුංචි කෙල්ල “මට අම්මා ළඟට යන්න ඕනේ.. යකෝ” යැයි මහ හයියෙන් තවත් අසභ්‍ය වචනයක් ද කියමින් කෑගැසුවාය. මෙය සුලබ සිදුවීමකි. සාමාන්‍යයෙන් දරුවන් කරපින්නාගෙන සිඟමන් යදින යාචක කතුන් බොහෝමයක් සැබෑ මව්වරු නොවෙති. යාචක දරුවන්ව දවසේ පඩියට, පැයේ පඩියට ගෙන සිඟමන් යදින කාන්තාවෝ ඕනෑ තරම් පිටකොටුවේ සිටිති.

    අද වෙද්දී පිටකොටුවේ සිඟමන් යදින බොහෝ යාචකයන්ගේ දවසේ ආදායම රුපියල් තුන්දහසටත් වැඩිය. ඔවුන් සතුව බොහෝ බැංකුවල ගිණුම් ද පවතී. යාචකයන් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්නට රුසියෝ වෙති. නමුත් ඒ කාඩ් වැඩි වශයෙන් පාවිච්චි කරන්නේ රාත්‍රී කාලයටය. මේ අතර බොහෝ යාචකයන් පොලියට මුදල් ලබා දේ. පිටකොටුවේ වෙළෙඳාම් කරන බොහෝ වෙළෙඳුන්ට දවසේ පොලියට මුදල් ලබාදීම කරනුයේ සිඟමන් යදින යාචකයන් බව පැවසුවොත් එය ඔබට විශ්වාස කළ නොහැකිය. ඔවුන් එලෙස පොලියට මුදල් ලබාදෙන්නේ ද ඔබ විසින් මහන්සියෙන් උපයාගත්, පව් යැයි හිතට දැනුණු විට දුන් මුදලිනි.

    අද වෙද්දී රුපියල් විස්ස සහ රුපියල් පනහ මුදල් නෝට්ටු වැඩි වශයෙන් ගැවසෙන්නේ යාචකයන් අතරේය. සවස් කාලේ දී අසල ඇති වෙළෙඳසලකට ගොඩවැදී මේ මුදල් නෝට්ටු රුපියල් පන්සියය හා රුපියල් දහස නෝට්ටු බවට පත්කරලීම යාචකයන්ගේ දිනචරියාවේ තවත් වැඩකි.

    යාචකයන්ගේ දිනචරියාවේ දී ඔවුන් උදේ සහ දහවල් කෑමවේල බොහෝවිට සපුරාගනු ලබන්නේ සිඟමන් යදිමිනි. මළගිය ඥාතියකු වෙනුවෙන් හෝ වෙනත් පින් පතා කරනු ලබන දානමය කටයුත්තක දී යාචකයන්ට බත්පත් ලබාදෙන අවස්ථාවලදී යාචකයන් මේ බත්පත් ලබාගන්නට පොරබඳින්නේ දින ගණනාවක් කුසට බත් ඇටයක්වත් නොලැබුණු අය පරිද්දෙනි. නමුත් මේ පොරබඳින යාචකයන් බොහෝමයක් පෙරදින රාත්‍රියේ මධුවිත සමඟ හොඳ හැටි රාත්‍රී භෝජනයක් ගත් සිඟන්නෝ වෙති. මේ අතර ලැබෙන බත්පත තවත් යාචකයකුට විකුණා මුදල් ලබාගන්නා යාචකයෝ ද අද සමාජයේ ඕනෑ තරම්ය.

    යාචකයන්ගේ කතා විලාසය ද එතරම්ම ප්‍රියජනක නැත. මහල්ලාගේ සිට යාචක කුඩා දරුවා දක්වා වැඩි වශයෙන් කතා කරන්නේ අසභ්‍ය වචනවලිනි. ඔවුන් තවත් කෙනකුට ආමන්ත්‍රණය කරන භාෂාව ද වෙනස්ය. ඔවුන්ට අම්මා තාත්තා, සැමියා බිරිඳ, දරුවන්, සහෝදරයන් සහෝදරියන් නැත. ඒ හැම කෙනෙක්ටම ඔවුන්ට පොදු වූ භාෂාවක් ඇත. (ගෑනි, මිනිහා, ඒකි) යන වචනයන්ගෙන් පටන් ගන්නා ඔවුන්ගේ ආමන්ත්‍රණය එතැනින් නොනැවතී තවත් අසභ්‍ය වචනවලින් ද ආමන්ත්‍රණය වේ. නිත්‍යනුකූල නොවුණු බිරිඳටත්, මවටත් (ගෑනිගෙන්) පටන්ගෙන තවත් අසුබ වදන්වලින් අවසන් කරයි. යාචකයන්ගේ කතාබහේ කිසිදු වැදගත්කමක් නැත. අපගේ කැමරාව දැක අප වෙතට පැමිණි පිටකොටුවේ එක්තරා සිඟන්නියක්,
    (උඹලා ඇවිත් අපේ ෆොටෝ ගහන්නේ මොන….(ඊළඟට කීවේ අසභ්‍ය වචනයකි) කියා අපට බැණ වැදුණේය.

    වර්තමානයේ දී බොහෝ යාචකයෝ මාර්ග සංඥා කුලුනු අතර සිඟමන් යැදීමට පුරුදු වී සිටිති. විශේෂයෙන් කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග සංඥා කුලුනු අතර ගැවසෙන ඔවුන් රතු බල්බය දැල්වූ විගසම රථවාහන අතරට ගොස් සිඟමන් අයැදී. මිල අධික සුඛෝපභෝගී රථ අසලට ගොස් සිඟමන් අයැදීමට යාචකයෝ වැඩි කැමැත්තක් දක්වති. කොරගසමින් ඇවිදගන්නට අමාරුවෙන් යන යාචකයන් එවැනි රථ පැමිණි විට ඒ වෙතට දිවයයි.

    හඳුන්කූරු පැකට්, කපුරු පැකට් ගෙන සිඟමන් අයදින යාචකයන් ද කොළඹ නගරයේ ඕනෑ තරම්ය. කපුරු පැකට්, හඳුන්කූරු පැකට් ගෙන සිඟමන් අයදින කාන්තාවෝ ඒ අතරේ වක්‍රවාකාරව තවත් ව්‍යාපාරයක් පවත්වාගෙන යති. විශේෂයෙන් මේ සිදුවීම සිදුවන්නේ පිටකොටුව වැනි මිනිසුන් වැඩිපුර ගැවසෙන ප්‍රදේශවලය. බොහෝවිට මේ කපුරු බෝල අලෙවි කරන්නේ කාන්තාවන්ය. ඔවුන් වැඩිපුරම කපුරු බෝල පැකට් ගෙන යන්නේ ද පිරිමින් වෙතය. ඒත්… සෑම පිරිමියකු වෙතම යන්නේ ද නැත. ඒ සඳහා කපුරු බෝල කාන්තාවන්ට ඉවක් ඇත. මුලින්ම ඔවුන් කපුරු බෝල පැකට්ටුව පෙන්නයි. ඇතැම් පිරිමින් කපුරු බෝල පැකට්ටුව නොගෙනම යම් මුදලක් දෙයි. කපුරු බෝල මුවාවෙන් ඇය තම ව්‍යාපාරය ද පවත්වාගෙන යාමට උත්සාහ ගනී. අවසානයේ දී තවත් ගැනුම්කරුවකු යාචක වෙසින් පැමිණි වීදි ගණිකාවගේ දැලේ පැටලේ. එතැනින් නොනවතින සිඟමන් යදින්නිය ඔහුව අසල ඇති කාමරයට රැගෙන ගොස් ඔහුගේ අවශ්‍යතාවය සපුරා මුදල් ලබාගනී. බොහෝ සිඟන්නියෝ වීදි ගණිකාවන්ගේ තැරැව්කාරියක් ලෙසින් ද කටයුතු කරති. තමන්ට පිරිමින් හඳුන්වා දීමේ කටයුතු වෙනුවෙන් වීදි ගණිකාව දිනය අවසානයේ දී යාචකයාට යම් මුදලක් අතමිට මොලවයි.

    රාත්‍රී කාලයට යාචකයන්ගේ චරිතය සම්පූර්ණයෙන්ම වෙනස්ය. බිස්නස්කරුවකුගේ කුලීකරැවකු ලෙස සේවය කරන යාචකයන්ට වෙන්වුණු බෝඩිම් කාමර හෝ නිවාස වෙනමම ඇත. රාත්‍රී කාලයේ දී පිරිමි යාචකයෝ බොහෝ විට මධුවිතක පහස ලබති. ඒ වෙනුවෙන් ඔවුන් ලබාගන්නේ බොහෝවිට ඉස්තරම් වූ මත්පැන්ය. මධුවිතෙන් නොනවතින යාචකයෝ බොහෝවිට වීදි ගණිකාවන්ගේ ඇසුර ලබති. පිටකොටුවේ රාත්‍රිය ගෙවී යන්නේ යාචකයන්ගේත් වීදි ගණිකාවන්ගේත් රාත්‍රිය වීමෙනි. සිඟමන් යදිමින් ලැබෙන විශාල මුදල් රාත්‍රිය අවසානයේ දී වීදි ගණිකාවකට දී තම අවශ්‍යතාවයන් සපුරාගන්නා යාචකයන් පසුවදා උදෑසනම තම හිස් වූ ටින් බෙලෙක්කය රුගෙන නැවතත් වීදියට යන්නේ තවත් දවසකට මුදල් එක්කිරීමටය.

    ජීවිතේ අප්‍රමාණ මහන්සි වී මුදල් සොයන බොහෝ කම්කරුවන්ට වඩා අනුන්ගෙන් අතපා ජීවත් වන යාචකයෝ දිනකට මුදල් සොයති. නමුත් ඔවුන්ට හෙටක් නැත. බොරුවෙන් ජීවත්ව දුක් මහන්සියෙන් හම්බකරගත් දේ එක් මොහොතකින් විනාශ කරන යාචකයාගේ හෙට දවස සුබවාදී වන්නේ කෙසේද?

  • ජනපති මෛත්‍රී සහ මහින්ද අතර රහස් හමුවක්.. රට ගිනියම් කල පුවතේ ඔබ නොදත් ඇත්ත මෙන්න…

    ජනපති මෛත්‍රී සහ මහින්ද අතර රහස් හමුවක්.. රට ගිනියම් කල පුවතේ ඔබ නොදත් ඇත්ත මෙන්න…

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් අතර සාකච්චාවක් බ්‍රහස්පතින්දා (01) කොළඹදී පැවැත්වී ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.

    මෙම හමුව සිදුව ඇත්තේ ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ නිවසේදී බවත් ඒ සදහා ඒකාබද්ද විපක්‍ෂයේ තරුණ මන්ත්‍රීවරයෙකුද සහභාගී වී ඇතැයිද එම වාර්තාවේ දැක්වෙයි

    පළාත් පාලන මැතිවරණයෙන් පසු ජනපති හා හිටපු ජනපති හමුවූ මුල් අවස්ථාව එයයි.

    මෙම සාකච්ජාව පැයකට ආසන්න කාලයක් පැවැත්වී ඇති බවත් හමුව සංවිධානය කර ඇත්තේ ජනපතිගේ ඥාතියෙකු හා හිටපු ජනපතිගේ ඥාතියෙකු විසින් බවද සදහන්ය.

    එම හමුවේදී සාකච්ජාවූ කිසිවක් ගැන නිල වශයෙන් වාර්තා වී නොමැති නමුත් දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ දහ වෙනිදායින් පසු ප්‍රබල දේශපාලන වෙනසක් ඇති කිරීමට එම සාකච්ජාවෙන් පසු එකඟත්වයට පැමිණි බවයි.
  • ප්‍රතිඵල ගැන කලින්ම කිවුවේ මම..! පුවත් මවන චතුරගෙන් නැවතත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..

    ප්‍රතිඵල ගැන කලින්ම කිවුවේ මම..! පුවත් මවන චතුරගෙන් නැවතත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..

    චතුර සේනාරත්න කියන්නෙ  දේශපාලන ලෝකයේ නිරන්තරයෙන්ම බොහෝ ආන්දෝලනාත්මක ප්‍රකාශ කරන චරිතයක්. පහුගිය කාලය පුරාවටම ඔහු විසින් සිදුකල විවිධ ප්‍රකාශ සමාජ මාධ්‍ය තුල දැඩි කතාබහකට ලක්වුනා.  ඒ වගේම පසුගියදා වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සිදුකල ප්‍රකාශයක් නැවතත් කතාබහට ලක්වනවා.

    ජනවාරි 08 වැනිදා ජනතාව පාරට බැස්සේ එක එකාගෙ ඡන්ද ව්‍යාපාරවලට බැදුම්කර මගඩියෙන් සල්ලි අරගෙන ඒවායින් මඩි තරකර ගන්න නොවන බවත් ඔවුන්  කළ කී දේ නෑසූ නායකයන්ට කණ හරහා පහරක් ගැසූ ජනතාවට තමන් හිස නමා ආචාර කරන බවත් එහිදී ඔහු ප්‍රකාශ කර තිබුණා.

    එසේම බහ තෝරන කාලයේ සිටම සිට තම පියාගේ හෝ විජය කුමාරතුංගයන්ගේ  අතෙහි එල්ලී ගොස් මෙරට දේශපාලන පොරපිටියේ තැලී පොඩි වී තෙම්පරාදු වී ලබාගත් පන්නරය තුලින් රටේ ජනතාව ගන්නා තීන්දු තීරණ ගැන තමන් ඉතා හොඳින් දැනගෙන සිටි බවත් ඔහු ප්‍රකාශ කරනවා.

    එසේම පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය ගැන ඔහු පෙබරවාරි පළමුවැනිදා පුවත්පතකට සඳහන් කල බවද කියා සිටිනවා.

    එම වීඩියෝව පහතින්.

     

     

  • ශ්‍රීලනිප අපේක්ෂක ප්‍රසන්නට පහරදුන් පොහොට්ටු මන්ත්‍රී ප්‍රසන්න රණවීර සොයා පොලිස් මෙහෙයුම්….

    ශ්‍රීලනිප අපේක්ෂක ප්‍රසන්නට පහරදුන් පොහොට්ටු මන්ත්‍රී ප්‍රසන්න රණවීර සොයා පොලිස් මෙහෙයුම්….

    මෙවර පළාත් පාලන මැතිවරණයේදී කැලණිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කළ අපේක්ෂකයෙකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා සිය නිවසෙන් පැන ගොස් ඇතැයි වාර්තා වේ.

    පොලිසිය මගහරිමින් සැඟවී සිටින ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කිරිබත්ගොඩ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    අදාළ පහරදීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා (01) පොලිස් කණ්ඩායමක් මන්ත්‍රීවරයාගේ නිවසට ගියද ඒ වනවිටත් ඔහු නිවසෙන් පලා ගොස් සිටි ඇත.

    පසුගිය 28 වැනිදා රාත්‍රියේ කිරිබත්ගොඩ විහාරමහා දේවී බාලිකා විදුහල ආසන්නයේ පිහිටි නිවසක පැවති උපන්දින සාදයක් අතරතුර මන්ත්‍රීවරයා සහ තවත් පුද්ගලයෙකු මෙලෙස පහරදී තිබුණේ ජගත් ප්‍රසන්න ගමගේ නැමැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කළ අපේක්ෂකයාටය.

    පහරකෑමට ලක්වු පුද්ගලයා මේ වනවිට කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

    මේ වනවිට ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා සිය ජංගම දුරකථනයද විසන්දි කර දමා ඇතැයි පැවසේ.

  • රටේ දරුවන් වනසන පෙත්තක් ගැන ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති සියල්ල හෙළිකරයි..

    රටේ දරුවන් වනසන පෙත්තක් ගැන ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති සියල්ල හෙළිකරයි..

    පසුගිය දාන කිහිපයේම අපේ රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙලා තිබුනෙ අම්පාරේ සිදුවීම. ඒ සිදුවීමේ උණුසුම මැකෙන්නටත් කලින් ලංකාවේ පාසල් වල ආපනශාලා ඉලක්ක කරගෙන සිදුකරගෙන යන බව කියන තවත් සිදුවීමක් ගැන සමස්‌ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ආන්දෝලනාත්ම ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

    ඔහු පවසන අන්දමට ඉතා සූක්ෂම අයුරින් පාසල් දරුවන් විවිධාකාර මත්ද්‍රව්‍යවලට හුරුකරගැනීමේ දැවැන්ත වැඩපිළිවෙළක්‌ රට පුරාම ක්‍රියාත්මක වනවා. මේ පිළිබඳව සමස්‌ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ප්‍රකාශ කරන්නේ මෙවැනි කතාවක්.

    මේ රජය ආවට පස්සේ  රට තුළ මත්ද්‍රව්‍යවලට විශාල විරෝධයක්‌ එද්දී අලුත් සෙල්ලමක් පටන් ගත්තා…

    මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් දුප්පත් දරුවන්ට ඉගෙනගන්න උදව් කරන මුවාවෙන් ඒ ළමයි හරහා මත් ටොෆි, චුයින්ගම් පාසලවල අරගෙන ගියා. ඒ වෙනුවට ඒ ළමයින්ට පොත්පත් පාසල් උපකරණ ලබා දුන්නා.

    ඊට පස්‌සේ පාසල් කැන්ටින්වලට චුයින්ගම් එකක්‌ හඳුන්වා දුන්නා. ටික දවසක්‌ යනකොට පාසල් දරුවන්ගේ කටේ කොයි වෙලාවෙත් ඒ චුයින්ගම් එක හැපෙන්න පටන් ගත්තා. චුයින්ගම් පෙට්‌ටි පිටින් අලෙවි වුණා.

    ඊට පස්‌සේ පොඩි බිම බෝතලයක්‌ හඳුන්වා දුන්නා. පොඩි මත් ගතියක්‌ තියෙන බීම එක බිව්වම ඇඟට අමුතු හැඟීමක්‌ දැනෙනවා. පාසල් ළමයි දිගට හරහට ඕක බොන්න පටන් ගත්තා.

    ඊට පස්‌සේ ස්ප්‍රේ එකක්‌ හඳුන්වා දුන්නා. ඒක තියෙන්නෙ කටට ස්‌ප්‍රේ කරගන්න. පාසල් ළමයින්ගේ සාක්‌කුවේ කොයිවෙලාවෙත් ස්‌ප්‍රේ බෝතලයක්‌ තිබුණා.

    මරදාන පාසලක ළමයි හතරදෙනෙක්‌ ස්‌ප්‍රේ ගහලා කපාගෙන කොටාගෙන සිහිය නැතිව ඇදගෙන වැටිලා තිබුණා.

    මැදිරිගිරියේ පාසලක සිසුවියො ස්‌ප්‍රේ ගහලා මත් වෙලා අත් කපාගෙන තිබුණා.

    ඒ සිද්ධි එක්‌ක ස්‌ප්‍රේ විකුණගන්න බැරි වෙනකොට දිවේ අලවන ස්‌ටෙප් එකක්‌ හඳුන්වලා දුන්නා. ඒක දිවේ තියාගත්තම දියවෙලා යනවා. ස්‌ට්‍රොෙබේරි, ලෙමන්, කුරුඳු විවිධ රසවලින් තියෙනවා. ඒ කොළය දිය වෙලා ගියාට පස්‌සේ පැය ගාණක්‌ කට සුවඳයි. ඒ සුවඳට ගෑනු ළමයි හරිම කැමතියි.

    මේක මත්ද්‍රව්‍යයක්‌ කියලා ඒ ළමයි දන්නේ නෑ. මේ මත්ද්‍රව්‍යවලින් ලබාදෙන්නේ මතට හුරු කිරීමේ පළමු ෆිලීන් එක. දිගින් දිගටම මේ ස්‌ටෙප් එක ගත්තම නිකන්ම මතට හුරුවෙනවා.

    පසුගිය රජය කාලේ මහින්ද මහත්තයා ලගින්ම ඇසුරු කරපු කොළඹ මුස්‌ලිම් ව්‍යාපාරිකයෙක්‌ මට කිව්වා ‘මේ ස්‌ටෙප් වර්ගය ලංකාව පුරා පාසල් ආපනශාලාවල බෙදාහරින්න. අපි ඔයාට රුපියල් ලක්‍ෂ දහයක්‌ දෙනවා. ඊට අමතරව ඔයා දන්න දුප්පත් ළමයින් කියන්න ඒ අයට ඉගෙනගන්න උදව් කරන්නම් කියලත් කිව්වා. ඒ කතාව මම රේකෝඩ් කරලා තියෙනවා. අවශ්‍ය තැනකදී ඒක එළියට දාන්න මම සූදානම්. ඒත් තාම අවස්‌ථාවක්‌ ආවේ නෑ…”

    “මමත් දරුවො හතර දෙනෙක්‌ ඉන්න තාත්තා කෙනෙක්‌. සල්ලිවලට වඩා රටේ දරුවො මට වටිනවා. ඒත් හැම කැන්ටින්කාරයෙක්‌ම එහෙම හිතන්නෙ නෑ. ජෑම් පාන් ගෙඩියක්‌ විකුණවාහම ලැබෙන්නේ රුපියල් දෙකයි හෝ තුනයි. මත්පෙත්තක්‌, මත් ටොෆියක්‌, ස්‌ටෙප් එකක්‌, ස්‌ප්‍රේ එකක්‌ විකුණගත්තම ගෙඩියටම රුපියල් තිහ, හතළිහක ලාබයක්‌ තියෙනවා. ඒ නිසා කැන්ටින්කාරයො මේවා විකුණනවා. මේවා විකුණන්න එපා කියලා තහනමකුත් නෑ. 1980 ආහාර පනතට අනුව මේ දේවල් විකුණන්න අනුමැතියකුත් නෑ. ඒත් මේ දේවල් ගැන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සොයාබැලීමකුත් නෑ…”

    “ආපනශාලා කියන්නේ අපේ කර්මාන්තය. මම ඒ කර්මාන්තයේ ප්‍රධානියෙක්‌. ඒ නිසා එම කර්මාන්තයේ සිදුවෙන අවකෙළි ගැන රටට හෙළිදරව් කිරීම මගේ වගකීම. පාසල් ආපනශාලාවල මත්ද්‍රව්‍ය විකුණන එක ගැන මීට පෙරත් බලධාරීන්ට ඇහෙන්න මම රටට කිව්වා. ඒත් මේ වන තෙක්‌ කිසිම ආපනශාලාවක්‌ වැටලීමක්‌ කරලා නෑ. ඒ නිසා දැන් ඉස්‌සරටත් වඩා හොඳින් මත්පෙති, මත් ටොෆි, මත් චුයින්ගම්වලින් එහාට ගිහින් කේ.ජී. කෑලිත් පාසල් ආපනශාලාවල විකුණනවා. ඒ මදිවට චාර්ඡ් කරලා උරන සිගරට්‌ එකකුත් පාසල් ආපනශාලාවල විකුණනවා. ළමයි බොහෝම ඉක්‌මනට ඒ සිගරට්‌වලට ඇබ්බැහි වෙනවා. මම වගකීමෙන් කියනවා ලංකාව පුරා ආපනශාලා පන්දාහස්‌ හයසීය ගාණක්‌ තියෙනවා ඒ බොහෝමයක්‌ ආපනශාලාවල ඔය කියන මත්ද්‍රව්‍ය විකිණෙනවා…”

    “කොළඹ පාසල් කැන්ටින්වල ඊට එහා ගිය මත්ද්‍රව්‍යයත් විකුණනවා. මම දන්න කොළඹ ප්‍රසිද්ධ පාසලක ළමයි කේ. ජී., පෙති ගෙන්න ගන්නේ කැන්ටිමේ ගෝලයට කියලා. මාස හයකට ඉස්‌සර වෙලා මුස්‌ලිම් ගෑනු මනුස්‌සයෙක්‌ කොළඹ ප්‍රසිද්ධ පාසලක මත් පෙති විකුණලා මාට්‌ටු වුණා. දැන් ඒ ගෑනි නිදහස්‌.

    පිටකොටුවේ රතු පල්ලිය ළඟ තොග බඩු වෙළෙඳසලක අදටත් තොග පිටින් මේ මත් ටොෆි, චුයින්ගම් විකුණනවා. මේ සේරම මත්ද්‍රව්‍ය රටට ගෙන්වන්නේ, බෙදාහරින්නේ මුස්‌ලිම් ව්‍යාපාරිකයො.

    මේ කූට ව්‍යාපාරය යට ඉන්නේ පක්ෂ විපක්ෂ දෙකේම ජාතිවාදී මුස්‌ලිම් දේශපාලනඥයෝ 04ක්..

    අපේ රටේ විකිණෙන සෑම මත්ද්‍රව්‍යයකින්ම ඒ අයට මුදල් යනවා. 

    ඇත්ත කතාව බාබුල් ගොට්‌ටේ ඉඳලා මත්පෙති, මත් ටොෆි, බීම වර්ග අත්අඩංගුවට ගන්න පොලිස්‌ පොතේ නීති නෑ. ආරක්‍ෂක බලධාරීන්, නිලධාරීන් අලුත් වුණාට රටේ නීති අලුත් වෙලා නෑ. රට පුරා මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙනවා. රටේ දරුවො ඉවරයි. පාලකයො නිහඬයි.

  • ලෝකෙම බලා සිටි ප්‍රකාශය මෙන්න.. ශ්‍රී දේවිගේ අවසන් මොහොත ගැන සැමියා කියන කතාව මෙන්න…!!

    ලෝකෙම බලා සිටි ප්‍රකාශය මෙන්න.. ශ්‍රී දේවිගේ අවසන් මොහොත ගැන සැමියා කියන කතාව මෙන්න…!!

    සුපිරි බොලිවුඩ් තාරකාවක් වූ ශ්‍රීදේවි ඩුබායි නුවර සුපිරි හෝටලයකදී හදීසියේම මිය යෑමත් සමඟ  ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවුනේ ඇයගේ මරණය සම්බන්ධයෙන් විවිධ මත පලවීමත් සමඟයි.

    ශ්‍රී දේවීගේ මරණය සිදුවුන දා ඇයගේ සැමියා වන චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර්ගේ හැසිරීමද බොහෝ දෙනාගේ සැකයට බඳුන්වී තිබුනා. කෙසේ වෙතත් ඇයගේ මරණය සම්බන්ධයෙන් බොනී කපූර් සිනමා විචාරකයෙකු වන කෝමල් නාථා හට සවිස්තරාත්මක හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.

    මේ පිළිබඳව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුනේ මෙලෙසින්.

    මට ශ්‍රීදේවි පුදුමයට පත් කරමින් ඩුබායි වල සාප්පු සවාරියක නිරතවෙන්න අවශ්‍යතාවයක් තිබුණා. ඒ අපේ දියණිය  ජාන්වි වෙනුවෙන්. මම පෙබරවාරි 20 වනදා ඩුබායි වල තිබුණු මංගල උත්සවයෙන් පසුව නැවතත් පෙබරවාරි 22 වනදා ලක්නව් නුවර ආවා.

    ඒ වෙලාවෙ  ශ්‍රීදේවි ඩුබායි හෝටලයේ විවේක ගන්න නතරවෙලා හිටියෙ. 24 වෙනිදා ශ්‍රී දේවි මට කතා කරා. ඒත් මම ඩුබායි වෙත එනවා කියලා ඇයට කිවුවෙ නෑ. කොහොම වුනත් එදා හවස  3.30 ට ඩුබායි වලට ආපු මම හවස 6.30 විතර හෝටලය ආවා. ඇවිත් ශ්‍රී දේවිගේ කාමරයට ගියේ අමතර යතුර පාවිච්චි කරලා.

    ඒ වෙලාවෙ ශ්‍රී දේවි ගොඩාක් පුදුම වෙලා මාව සිප වැළඳ ගත්තා. අපි පැය භාගයකට ආසන්න කාලයක් සතුටු සාමිච්චියේ යෙදුනා.ඊට පස්සේ සාප්පු සවාරිය යන්න තිබුණු අදහස දවසකින් කල් දාලා ශ්‍රී දේවි නාන කාමරය වෙත ගියා. පසුව මම රූපවාහිනිය නරඹමින් හිටියෙ.

    රෑ  8 පමණ වනතුරුත්  ඇය නාන කාමරයෙන් එළියට ආවෙ නැති නිසා මම දොර ආමාරුවෙන් ඇරලා බැලුවා. ඒ වෙලාවෙ මට දැකගන්න ලැබුනෙ ශ්‍රී දේවි  නාන කාමරයේ ටැංකිය තුළට වැටිලා ඉන්නවා. ශ්‍රී දේවිගේ මරණය ගැන මට කිසිම සැකයක් නැහැ.