Author: Editor[A]

  • ෆොන්සේකාට නීතිය හා සාමය ඇමති උනොත් ඉස්සෙල්ලම කරන දේ හිටපු බෑණා ධනුන හෙළිකරයි..

    ෆොන්සේකාට නීතිය හා සාමය ඇමති උනොත් ඉස්සෙල්ලම කරන දේ හිටපු බෑණා ධනුන හෙළිකරයි..

    ධනුන තිලකරත්න එහෙමත් නැත්තම් සරත් ෆොන්සේකාගේ බෑනා  2010 වසරේ ජනාධිපතිවරණයත් එක්ක  රටම හඳුනාගත්තා.දේශපාලනය චරිත පමණක් නොව දේශපාලනය ඇසුරුකරන අයටත් වන්දි ගෙවන්නට සිදුවන බව සනාථ කරමින් ධනුනගේ තරුණ ජීවිතයෙන් වසර පහක් පමණ කැපකරමින් සැඟව සිටින්නටත් සිදුවුනා.

    කොහොම වුනත් නිදහස් තරුණයෙක් විදියට  නැවතත් අප ඉදිරියට පැමිණ තිබෙන ඔහු තමන්ගේ අතීතය සහ අනාගතය ගැන පුවත්පතකට කිවුවෙ මේ විදියට.

    ඒ වගේම මේ දවස්වල හැමදෙනාම වගේ කතා කරන නීතිය හා සාමය ඇමතිකම සරත් ෆොන්සේකාට දුන්නොත් කරන දේ ගැනත් ඔහු ප්‍රකාශ කලා. 

    ධනුන තිලකරත්නව හඳුන්වා දිය හැකි එක්‌ ක්‍රමයක්‌ තමයි, සරත් ෆොන්සේකා මහතාගේ බෑනා යන යෙදුම. තවමත් ඔබ, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ බෑනාද…?

    නැහැ… දැන් මම එහෙම නෙමෙයි… ඒ පවුලෙන් මම වෙන්වෙලා ඉන්නේ. හැබැයි සරත් ෆොන්සේකා මහතා සමග මගේ තියෙන සම්බන්ධය එහෙමමයි. මම එතුමාව දන්නේ, බෑනා වෙන්න කලින් ඉඳන්… මගේ තාත්තා ආමි එකේ. තාත්තා බ්‍රිගේඩියර් කෙනෙක්‌ විදියට තමයි විශ්‍රාම ගියේ. අපි ‘ආමි කමියුනිටි’ එකක ජීවත් වුණේ. එක කාලයක්‌ අපි හමුදාවේ නිල නිවාසවල ජීවත් වුණා. අපේ සහ සරත් ෆොන්සේකා මහත්තයලගේ ගෙවල් පිහිටා තිබුණේ ආසන්නයේ… මම ජෙනරාල් සරත් ෆොන්සේකා දන්නේ මගේ වයස අවුරුදු දහයක දොළහක කාලයක ඉඳලයි. එතුමා මම කැමති චරිතයක්‌… අපේ තිබුණු ළඟ හිතවත්කම නෑදෑකමක්‌ බවට පරිවර්තනය වුණා. දැන් ඒක යළිත් පරණ පුරුදු හිතවත්කම බවට පත්වුණා. මම හිතන්නේ ඒක ‘කාලය මැව් වෙනසක අරුමේ’ කියලයි.

    පසුගිය කාලයේ ඇතිවුණු ප්‍රශ්නත් එක්‌ක අප්සරා සහ මම සුහදව වෙන්වෙන්න තීරණය කළා. එහෙම වුණත් සරත් ෆොන්සේකා මහතා සමඟ තිබුණු මගේ හිතවත්කම දිගටම තිබුණා. අපි වෙන් වුණාට පස්‌සෙත් මම එතුමා සමග දිගටම දේශපාලන කටයුතු කළා. එතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්‌ෂයේ නැගෙනහිර කොළඹ සංවිධායක වුණේ මම. එතුමා, එජාපය සමග සන්ධාන ගත වෙන්න තීරණය කළාට පස්‌සේ මමත් එජාපයට එක්‌ වෙනවා. දැන් මම නැගෙනහිර කොළඹ, එජාපයේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කරනවා. තාම මම එතුමාගේ දේශපාලනයට සහයෝගය දක්‌වනවා.

    ඔබගේ සහ අප්සරාගේ වෙන්වීම සිදුවුණේ කොහොමද…?

    පසුගිය කාලයේ ආපු ප්‍රශ්නත් එක්‌ක අප්සරාට සහ මට ඉන්න සිද්ධවුණේ, දෙතැනක. අඩුම ගාණේ අපි දෙන්නට දුරකථනයෙන්වත් කතාබහ කරන්න බැරි වුණු කාලයක්‌ තිබ්බා. ඒ දේවල් එක්‌කයි මේ වෙන්වීම සිද්ධ වුණේ. අප්සරා ඇමරිකාවේ ජීවත් වෙනවා. මම ශ්‍රී ලංකාවට ඇවිත් මගේ ව්‍යාපාරික කටයුතු කරගෙන ඉන්නවා. ඇත්තටම අප්සරාට ඕනේ වුණේ ඇමරිකාවේ ඉඳන් පවුල් ජීවිතයක්‌ ගත කරන්න. මම කැමති වුණේ ලංකාවට එන්න. ඒ නිසා අවසානයේ අපි දෙන්නා තීරණය කළා වෙන් වෙන්න.

    සරත් ෆොන්සේකා කියන චරිතය රට විසින් හඳුනාගෙන තිබෙන්නේ, දරුණු ගණයේ පුද්ගලයෙක්‌ ලෙස. ඒ වගේම ඔහු සිය දියණියන් දෙදෙනාට පණ වගේ ආදරය කරන ලද පියෙක්‌ බව සඳහන් වෙනවා. මේ නිසා ඔබගේ සහ අප්සරාගේ වෙන්වීම සමග සරත් ෆොන්සේකා මහතා, ඔබ සමග උරණ වීමට හේතුවක්‌ වුණේ නැද්ද…?

     කිසිසේත්ම එහෙම උරණවිමක්‌ ඇති වුණේ නැහැ. එතුමාගේ සහ මා අතර තියන්නේ වෙනම සම්බන්ධයක්‌. ඒ පවුලේ හැමෝම එක්‌ක මම වෙන වෙනම සම්බන්ධයි. අපේ සම්බන්ධතාවය පටන් ගත්තේ අසල්වැසියන් ලෙස. බෑනාගේ සම්බන්ධය නැතිවුණා, කියලා එදා අසල්වැසියන් ලෙස, අපේ ඇතිවුණු සම්බන්ධයට කිසිම හානියක්‌ වුණේ නැහැ.

    ඔබට අප්සරා සමග ප්‍රේම සම්බන්ධයක්‌ ගොඩනැඟෙන්නේ, අසල්වැසියන් ලෙස සිටින කාලයේදීම ද…?

    ඔව්… ඒක සිද්ධ වෙන්නේ අපි දෙගොල්ලෝ, කොළඹ සමුළු නිවාසවල ජීවත්වූ කාලයේදීමයි.

    වසර හතරක පමණ කාලයක්‌ ඔබ සැඟවී ජීවත්වුණා… ඔබ සැඟවී සිටින්නේ තානාපති කාර්යාලයක බව සමහරු කිව්වා. තව සමහරු කිව්වේ ඔබ විදේශ ගත වෙලා ජීවත් වෙන බවයි. ඇත්තටම ඔබ කොහෙද සැගවී සිටියේ…?

    ඒකට කියන්න කරුණු ගොඩාක්‌ තියෙනවා. මාව ගෲප්ස්‌ ගොඩාක්‌ ආරක්‌ෂා කළා. ඒ අය මේ රටට ආදරය කරන පිරිසක්‌. මාව අමාරුවේ වැටුණාම ගොඩගන්න පිරිසක්‌ හිටියා. අපි හමුදා පවුල් හැටියට ඔක්‌කොම ට්‍රික්ස් දන්නවා. මොකද්ද වෙන්නේ, මොකද්ද කරන්න යන්නේ කියලා, අපිට කලින්ම තේරුණා… ලංකාවේ හැම තැනම මම හැංගිලා හිටියා. ඔබ කියපු තැන්වලත් හිටියා.

    ඔබ අල්ලා ගන්න බැරිවුණත්, අහම්බෙන් හෝ ඔබ සිටින තැනක්‌ පිළිබඳව පොලීසියට දැනුණු අවස්‌ථා තිබුණේ නැද්ද…?

    පිළිතුර – මම වාහන වල යනකොට පොලිස්‌ චෙක්‌ පොයින්ට්‌ දෙක තුනක නැවැත්තුවා. නේවි චෙක්‌ පොයින්ට්‌ එකක නැවැත්තුවා. මම හිටපු තැන්වලටත් ආවා. ආවා කියන්නේ මම ඉන්නකොට නොවෙයි, මම ගියාට පස්‌සෙ ඇවිත් තියෙනවා. ඒ අයත් ලයින් එකක්‌ දිගේ ආවා… ඒත් මම ඉන්න තැනක්‌ හොයාගන්න බැරි වුණා.

    ඔබගේ මවට සහ තවත් ඥාතීන් දෙදෙනකුට අයත් බැංකු සේප්පුවල අමෙරිකානු ඩොලර් 525000 ක්‌ද ස්‌ටර්ලින් පවුම් 2000ක්‌ ඇතුළු මෙරට මුදල් තොගයක්‌ තිබුණු බවට එකල වාර්තා වුණා. කොහෙන්ද ඒ සල්ලි ලැබුණේ…?

     ඒ සඳහා පැහැදිලි පිළිතුරක්‌ දෙන්න මම කැමති වුණත්, එය අධිකරණය හමුවේ විභාග වෙන නඩුවක්‌… නිසා ප්‍රසිද්ධ මාධ්‍යයෙන් ඒ ගැන සඳහන් කිරීමට මට හැකියාවක්‌ නැහැ.

    ඔබගේ අධ්‍යාපන පසුබිම කිව්වොත්…

    පිළිතුර – කොළඹ රාජකීය විද්‍යාලයට එක වසරේ සිට ගිහින් ඊට පස්‌සේ උසස්‌ අධ්‍යාපනයට මම ඇමරිකාවට ගියා. වසර හතරක්‌ අයි.ටී. මැනේඡ්මන්ට්‌ ඩිගි්‍රය කරලා අවුරුදු හතරක්‌ අයි.ටී. කන්සල්ටන් කෙනෙක්‌ විදියට වැඩ කරලා ආවේ. ලංකාවේ කොම්පැණියක්‌ හැටියට ලංකා ඇඩ්වෙන්චර් ටේ්‍රනින් කොම්පැණිය ආරම්භ කරලා ව්‍යාපාරික ලෝකයට ඇතුල් වුණා.

    දැන් ඔබ මොකද කරන්නේ…

    මම ආරක්‌ෂක සේවා සපයන ආයතනයක්‌, ඒ කියන්නේ සිකියුරිටි ආයතනයක්‌ පවත්වාගෙන යනවා…

     එතකොට දැන් හයිකොප් ආයතනය නැද්ද..?

    යුද්දෙ පටන් ගත්ත කාලේ ඉඳන් රජය තීරණය කළා, නීත්‍යානුකූලව ආයුධ ගෙන්වීමේ සමාගමක්‌ ආරම්භ කරන්න. ලංකා ලොජිස්‌ටික්‌ කියලා තමයි ඒක හැඳින්වුණේ. එතකොට ලංකාවට ආයුධයක්‌ ගේනවා කියන්නේ ඒක ලංකාවෙ විතරක්‌ නොවෙයි එන තැන ඉඳන්ම ‘ඩොකියුමන්ට්‌’ වෙන දෙයක්‌. ඒ නිසා කාටවත් කියන්න බෑ ආයුධ ගෙනාවේ හොරෙන් කියලා. ආයුධ එකක්‌ දෙකක්‌ නොවෙයිනේ ගෙනාවේ. ඒ ආයුධ ගන්නා තැන ඉඳලා ලංකාවේ හමුදාවට බාර දෙනකම්ම සාක්‌කි සාධක ඇතිවයි ගේන්නේ. මේක පාර්ලිමේන්තුවේදීත් කියෑවුණා. ඒ කියන්නේ ඒ ගනුදෙනුවලට මගේ කිසිම සම්බන්ධයක්‌ නැහැ කියලා. මම ඔය ගනුදෙනුවලට සම්බන්ධ නම් ඔය ලියකියවිලිවල මගේ නමක්‌ හෝ කොම්පැණියක නමක්‌ හෝ සඳහන් වෙන්න ඕනෑනේ. නමුත් එහෙම නෑ… හයිකෝප් ගනුදෙනුවට මම සම්බන්ධයි කියලයි චෝදනා කළේ, සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ගෙන ගිය සංවිධානාත්මක මඩ ව්‍යාපාරයේ ප්‍රධාන කොටස ලෙසයි. ඒක දිග කතාවක්‌. එක්‌තරා පුද්ගලයෙක්‌ හිටියා එයා උපුල්. එයා මේ මඩ ව්‍යාපාරයට සම්බන්ධ කරන්න ආනයනය කරපු පුද්ගලයෙක්‌. ඔහු ගෙන්නුවේ කවුද… ඔහු ගෙන්නුවේ කොහොමද… එයාට ගෙවපු ගාන, මේ ඔක්‌කොම විස්‌තර අපි ළඟ තියෙනවා. මං ඒකයි කිව්වේ ඔබ අහපු ප්‍රශ්නයට තියෙන්නේ ලොකු උත්තරයක්‌ කියලා. හයිකොප් එකත් එක්‌ක මගේ කිසිම සම්බන්ධයක්‌ තිබුණේ නැහැ… ඒ නඩුවෙන් මාව නිදොස්‌ කර නිදහස්‌ වුණේ ඒ නිසයි.

    හිටපු බෑනාට අනුව, සරත් ෆොන්සේකා කියන්නේ කොයි වගේ චරිතයක්‌ ද…?

    එතුමා ගැන රටේ ඇතිවෙලා තිබෙන ප්‍රතිරූපය මම දන්නවා… එතුමා යම් තද ගති ගුණ සහිත චරිතයක්‌ බවයි බොහෝ දෙනාගේ හැඟීම… ඔව්… එතුමා තදින්ම නීතියට අනුව වැඩ කරන කෙනෙක්‌… ඒ මිසක්‌ කවදාවත් එතුමා නීතියට පිටින් වැඩ කරලා නැහැ. ත්‍රස්‌තවාදය පරාජය කරන්න එතුමාට හැකිවුණෙත් ඒ නිසයි. ඔහු සිය දියණියන් දෙදෙනාට සහ පවුලට ආදරය කරන කෙනෙක්‌. මම දන්නවා, එතුමා තමන්ගේ දරුවන්ට කොයිතරම් ආදරය කළාදා කිව්වොත්, කොයි තරම් වැඩ රාජකාරි මැද්දේ, ලෝකේ කොහේ හිටියත්, දුවලාට දවසකට දෙවතාවක්‌ ඔහු කතා කරනවා. එතුමා සංගීතය රස විඳින කෙනෙක්‌. එතුමා හමුදා විනය අනුව ජීවත්වුණු කෙනෙක්‌… ඒ නිසා බාහිරෙන් සරත් ෆොන්සේකා මහතාව දකින කෙනෙකුට, ඔහු දැඩි පුද්ගලයෙක්‌ කියලා හිතෙන්න පුළුවන්. මාධ්‍ය මගින් සමහර ප්‍රශ්න අහනකොට, එතුමා පිළිතුරු දෙන විලාසය නිසයි සමාජයට එතුමා ගැන මේ ප්‍රතිරූපය මැවී තිබෙන්නේ…

    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙත නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධුරය ලබා දෙන බවට ආරංචි විටින් විට පැතිරෙනවා… ඒත් බොහෝ දෙනා සිතන්නේ එවැනි තනතුරක්‌ ලබා දුන්නොත් සරත් ෆොන්සේකා මහතා රාජපක්‌ෂලාගෙන් පළිගැනීම සඳහා ක්‍රියා කරාවි කියලයි… ඔබ මේ ගැන මොකද හිතන්නේ…?

    එතුමා කාගෙන්වත් පළිගනී කියලා, මම නම් හිතන්නේ නැහැ… නීතිය සහ සාමය කියන ඇමතිකම එතුමාට හොඳටම ගැලපෙනවා… මේ රටේ තිබෙන මත් උවදුර නැති කරන්න, ජනතාවගේ ආරක්‌ෂාව සහ රටේ ආරක්‌ෂාව සඳහා විධිමත් ක්‍රමවේදයක්‌ හදන්න සරත් ෆොන්සේකා වැනි චරිතයක්‌ රටට වුවමනයි. එතුමා හමුදාපති ලෙස මුලින්ම කළේ, හමුදාවේ තිබුණු ක්‍රමවේදය වෙනුවට විධිමත් ක්‍රමවේදයක්‌ අනුව එය පෙළගැස්‌සවීමයි. අනවශ්‍ය පුද්ගලයන් ඉවත් කරලා, දක්‌ෂයන් නිසි තැන්වලට යොදවලා, තාක්‌ෂණය සහ නිසි ක්‍රමවේදය හමුදාවට යොදවපු නිසා තමයි එතුමාට යුද්ධය ජය ගන්න පුළුවන් වුණේ… එවැනි ක්‍රමවේදයක්‌ අද රට අවශ්‍යයි. එතුමා මේ වගේ තනතුරකට ආවොත්, රටේ නීතිය හා සාමය තහවුරු කරනවා වගේම ඒ සඳහා රටට ගැලපෙන නව ක්‍රමවේදයක්‌ පිහිටුවාවී… එතුමා කාගෙන්වත් පළිගන්නවත්, නීති විරෝධීව කාටවත් උදව් කරන්නවත් යන කෙනෙක්‌ නෙමෙයි. එතුමා තමන්ගේ හිතේ තියෙන එක කෙලින්ම කියලා දානවා… ඒ වුණාට කාගෙන්වත් පළිගන්න යන්නේ නැහැ…

    සාමාන්‍ය පවුලක මාමා කෙනෙක්‌ සිය දියණියගෙන් වෙන්වූ බෑනා කෙනෙක්‌ සමග මෙතරම් සුහද ලෙස ක්‍රියා කරන්නේ නැහැ… එසේ වුවත් ඔබ සහ සරත් ෆොන්සේකා මහතා අතර සම්බන්ධය එදා මෙන්ම අදත් මෙසේ පැවතීමට වෙනත් හේතුවක්‌ තිබෙනවාද…? ෆොන්සේකා මහතාගේ ව්‍යාපාරයන්හි භාරකරු ලෙස ඔබ ක්‍රියා කරනවාද…?

    එතුමා කිසි දවසක ව්‍යපාර කරපු කෙනක්‌ නෙමෙයි… එතුමා හොඳ හමුදා නිලධාරියෙක්‌… එතුමා සිය ජීවිතයෙන් වැඩි කොටසක්‌ වෙන් කළේ මේ රට ආරක්‌ෂා කර ගන්න… මම එතුමා සමග විශ්වාසයෙන් වැඩ කරපු කෙනක්‌. අපි අතර හොඳ අවබෝධයක්‌ කාලයක්‌ තිස්‌සේ ගොඩනැගිලා තියෙනවා. අපේ තරුණ පරම්පරාවේ අය මෙවැනි ලෙස පවුලේ ගැටලුවක්‌ මතු වුණහම, ගහ මරා ගන්න යන්නේ නැහැ. ඒ අනුවයි මම හැමවිටම කටයුතු කළේ… එතුමා අපේ තරුණ පරම්පරාවේ කෙනෙක්‌ නොවුණත් ඒ විදිහට වැඩ කරන එක එතුමා සතු හොඳ ලක්‌ෂණයක්‌… මම ඒකයි කියන්නේ, රටේ ජනතාවට මවා පාලා තියෙන බිල්ලා එතුමා ළඟ නැහැ කියලා. මම හිතන්නේ එතුමා මේ රටට සම්පතක්‌… මාධ්‍ය සහ දේශපාලනයෙන් එතුමා විවිධ පැතිවලට නම්මන්න හදනවා මිසක්‌, එතුමාගෙන් මේ රට තව වැඩ ගන්න තියෙනවා නේද කියලා, හිතන්නේ නැහැ…

     නීතිය සහ සාමය අමාත්‍යාංශය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට දිය යුතු බවට සමහරු චෝදනා කරන්නේ ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව, කුමන හෝ චෝදනාවක්‌ එල්ල කර ගෝඨාභය රාජපක්‌ෂ මහතාව හිරේ දැමීම සඳහා නේද…?

     මේ වෙලාවේ, මෙරටේ තිබෙන ප්‍රශ්නය ගෝඨාභය රාජපක්‌ෂ මහතාව හිරේ දැමීම හෝ රාජපක්‌ෂලා හිරේ දැමීම නෙමෙයි… මේ රට තුළ සිද්ධ වෙන අපරාධ රැල්ල නවත්වාලීම සහ රටේ තරුණ පරපුර ගිලගනිමින් සිටින මත්ද්‍රව්‍ය වසංගතය දුරු කර දැමීමයි. රටේ ජනතාවට අවශ්‍ය වන්නේ, නීතිය සහ සාමය රටට තුළ නිසියාකාරව ක්‍රියාත්මක කරවීමයි. ඒ වගේම ඒ සඳහා රට යාන්ත්‍රණයක්‌ අවශ්‍යයි. සරත් ෆොන්සේකා මහතා ඒ සඳහා සුදුසුම පුද්ගලයා බවයි මගේ හැඟීම.

     නිතිය සහ සාමය යනුවෙන් සඳහන් කරන විට, මේ ආණ්‌ඩුව යටතේ ඒ තනතුර මුලින්ම දැරුවේ, තිලක්‌ මාරපන අමාත්‍යවරයා… ඊට පසුව එම තනතුර දැරුවේ සාගල රත්නායක මහතා. දැන් එම අමාත්‍ය ධුරය හොබවන්නේ අග්‍රාමාත්‍යවරයා… මේ අයට වඩා එම තනතුර දරන්නට සරත් ෆොන්සේකා මහතා සුදුසුයි කියලා ඔබ කියන්නේ කුමන හේතු සාධක මත ද…?

    සරත් ෆොන්සේකා මහතාට තියන්නේ මිලිටරි පසුබිමක්‌… දේශපාලන පසුබිමක්‌ සහිත කෙනෙක්‌ දැනට මේ තනතුරට සුදුසු නැහැ කියන එකයි මගේ මතය. යම් දෙයක්‌ දූෂිත වූ විට එය ශුද්ධ කිරීම කියන්නේ විශේෂිත තත්ත්වයක්‌… මේ රටේ දැන් තිබෙන තත්ත්වය අනුව, නීතිය සහ සාමය සඳහා අත්‍යවශ්‍ය වෙන්නේ, අලුත් සහ පක්‌ෂපාති නොවූ ක්‍රමවේදයක්‌… ඒ සඳහා සිටින සුදුසුම කෙනා සරත් ෆොන්සේකා මහතායි. එතුමා ඒ යාන්ත්‍රණය ගොඩනැගුවාට පස්‌සේ, වෙනත් දේශපාලන චරිතයකට එය කරගෙන යන්න පුළුවන් වේවි… එතුමා හමුදාව තුළත් ඒ වෙනස කළා…

    රාජපක්‌ෂලා සමග ඔබට තරහක්‌, වෛරයක්‌ තිබෙනවාද…?

    පිළිතුර – නැහැ… ඇත්තටම නැහැ… එතුමන්ලා තිබෙන දේශපාලන තත්ත්වය උඩ කටයුතු කළා… මමත් ඒ තත්ත්වය තුළ කටයුතු කළා… එච්චරයි…

    ඔබ දැන් ක්‍රියාකාරී දේශපාලනයට ඇවිත් සිටිනවා… මොකක්‌ද ඔබේ දේශපාලන ඉලක්‌කය…?

    මම දේශපාලනයට ආවේ 2009 අවුරුද්දේ… දැනට මම, එජාපයේ නැගෙනහිර කොළඹ සම්බන්ධිකරණ තනතුර දරනවා… මට තවම, එහෙම ලොකු දේශපාලන ඉලක්‌කයක්‌ නැහැ… ඒවා ඉස්‌සරහට බලමු…

    ඔබ දැන් අලුත් විවාහයක්‌ කරගෙන ද ඉන්නේ…?

    නැහැ… මම දැන් තනිකඩ ජීවිතයක්‌ ගත කරනවා…

  • තනිවූ මොහොතක කාමාතුරයෙක් අතවර කරන්න හැදුවොත් ගැලවෙන්නේ කොහොමද? උපාංග මෙන්න..

    තනිවූ මොහොතක කාමාතුරයෙක් අතවර කරන්න හැදුවොත් ගැලවෙන්නේ කොහොමද? උපාංග මෙන්න..

    කාන්තාවන් ලිංගික හිංසනය හා පහරදීම් වලින් ආරක්ෂා කර ගැනීම ඉලක්ක කර වෙළෙඳපොළට දිනෙන් දින නොයෙකුත් උපකරණ හදුන්වා දෙමින් පවතී. එහෙත් මෙම උපකරණවලට හිංසනයට පත්වූ කාන්තාවන්ගේ ප්‍රතිරූපය නැවත ගොඩනැගිය හැකිද?

    ඇලෙක්සැන්ඩ්‍රා සෙරෙනෙක්

    උදෑසන පහට රැකියාව සඳහා පිටත්වන ඇලෙක්සැන්ඩ්‍රා සෙරෙනෙක් “පාළු කාර්මික ප්‍රදේශයක්” හරහා ගමන් කළ යුතුය.

    ජර්මනියේ ජීවත් වන හතලිස් අට හැවිරිදි ඇය මෙසේ පැවසුවාය “මම වෙළෙඳ සහායිකාවක්. ඒක නිසා උදේ පාන්දරම වැඩ කරන්න පටන්ගන්නවා.”

    “එතන මිනිසුන් දෙදෙනෙක් හිටගෙන හිටියා” යැයි එදින සිද්ධිය සිහිපත් කරමින් ඇය පැවසුවාය. ඔවුන් දෙදෙනාව පසු කර බයිසිකලයෙන් පැද යනවාත් සමග ක්ෂණිකයෙන් ක්‍රියාත්මක වූ එක් අයෙක් පිටෙහි එල්ලා තිබූ බෑගයෙන් ඇද ඇයව බිම හොවා ඇත.

    ඊළඟ මොහොතේ ලිංගික ප්‍රහාරයකට ලක් වේ යැයි බියෙන් සිටි ඇය “ලණුව අදින්න ඇලෙක්ස්! ඔයා ඉක්මනට ලණුව අදින්නම ඕනෙ!” යැයි තමන්ටම කියාගත්තාය.

    වෙඩි නොවදින රෙදි වර්ගයකින් සාදන ලද කැපුම් ප්‍රතිරෝධී රැහැන් දෙකක් මගින් සක්‍රීය වන ධ්වනියක් ජනිත කරන කොට යට කලිසමක් ඇය එම අවස්ථාවේ ඇඳ සිටියාය.

    කොට යට කලිසමImage copyrightSAFE SHORTS
    Image captionආරක්‍ෂිත කොට කලිසම

    “මගේ හදවතේ ගැස්ම වේගවත් වුණා. හැබැයි කොහොමහරි මම ලණුව ඇදලා අනතුරු ඇගවීමේ නලාව ශබ්ද කළා. ඒ සද්දේ කොයිතරම් වැඩිද කියනවනම්, අර පුද්ගලයන් දෙදෙනාම එතැනින් පලා ගියා.”

    යම් කෙනෙකුගේ ඇඟලුම් බලහත්කාරයෙන් ඉවත් කිරීමට උත්සාහ කරන විට මෙම ආරක්ෂිත කලිසම්වල සවිකර ඇති අගුල සහ අනතුරු ඇඟවීමේ නලාව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වේ.

    තම පෞද්ගලික අත්දැකීමක් මුල් කරගෙන මෙම ආරක්‍ෂිත කොට කලිසම් (Safe Shorts) වර්ගය නිෂ්පාදනය කිරීමට පෙළඹුණු බව මෙම නව නිර්මාණයේ හිමිකාරියවන සැන්ඩ්‍රා සීල්ස් පැවසුවාය.

    දිනක් ව්‍යායාම අවසන් කර ආපසු යමින් සිටින අතරතුර පුද්ගලයන් තිදෙනෙක් ඇය පසුපස පැමිණියහ. ඉන් එක් අයෙකු ඇයව එකවරම බිමට තල්ලු කර අල්ලා ගත් අතර අනෙක් පුද්ගලයා ඇයගේ කලිසම ඉවත් කිරීමට වෙර දරා ඇත.

    “තුන්වෙනි කෙනාගේ අරමුණ කුමක්ද කියා ඔබට සිතා ගන්න පුළුවන්” යැයි සීල්ස් පැවසුවාය.

    සැන්ඩ්‍රා සීල්ස්Image copyrightSANDRA SEILZ
    Image captionසැන්ඩ්‍රා සීල්ස්

    “ඒත් මම වාසනාවන්තයි, සිද්ධිය දුටු කෙනෙක් ඔහුගේ බල්ලා ඔවුන් දෙසට අතහැර දැමූ විට අර පුද්ගයන් තුන්දෙනා පලා ගියා.”

    ලොව වටා සිටින බොහෝ කාන්තාවන් මෙවැනි සිද්ධිවලට මුහුණ දීම හේතුවෙන්, එවන් අඩම්තේට්ටම් වලින් ආරක්ෂා වීම සදහා පෞද්ගලිකව පරිහරණය කළ හැකි උපකරණ නිර්මාණය කිරීමට බොහෝ සමාගම් උත්සුක වෙමින් සිටී.

    “සාමාන්‍යයෙන් වෙළෙඳුන් ජනප්‍රිය නිෂ්පාදන විකිණීමට උනන්දු වන නිසා වෙළෙදපොළෙහි දක්නට ලැබෙන්නේ ඒක වගේ නිෂ්පාදන” ඕවුම් සමාගමේ පරීක්ෂණ විශ්ලේෂකයෙකු වන රිශී කාවුල් පැවසුවාය.

    “ඔබ උපාංගයේ ඇති බොත්තමක් තද කළ සැණින් කළින් තෝරාගත් සම්බන්ධතා වෙත GPS තාක්ෂණය ඔස්සේ ඔබ සිටින ස්ථානය දැනුම් දෙනවා, සමහර අවස්ථාවලදී නලා ශබ්දයක්ද නිකුත් කරනවා.” ඇය තවදුරටත් පැවසුවාය.

    නිදසුනක් වශයෙන්, ඉන්දියාවේ නව සමාගමක් වන ලීෆ් වෙයාරබල්ස් විසින් නිර්මාණය කරන ලද පෙන්ඩනයේ හදිසි අවස්ථාවක ක්‍රියාත්මක කළ හැකි ආරක්ෂක බොත්තමක් සවි කර ඇත. මෙය ජංගම දුරකථනයේ ඇති මෘදුකාංගයකින් (app) එකකින් පාලනය වේ.

    පෙන්ඩනයේ ආරක්ෂක බොත්තමImage copyrightSAFER
    Image captionපෙන්ඩනයේ ආරක්ෂක බොත්තම

    එක් සන්ධ්‍යාවක මිතුරෙකු හමුවීම සදහා නව දිල්ලියේ ප්‍රදේශයක ඇවිද යමින් සිටි විසි හතර හැවිදිරි ටාන්යා ගැෆ්නිට මෙම උපාංගය ප්‍රයෝජනවත් විය.

    “මගේ පිටුපසින් කව්රු හරි එනවා කියලා මට සැක හිතුණා. මම හැරෙන සෑම පාරකටම ඔහුත් හැරෙන්න ගත්තා” යැයි සිද්ධිය නැවත සිහි කරමින් ටාන්යා පැවසුවාය.

    “මම ගැහැණු කෙනෙකු හෝ පොලිස් නිලධාරියෙකු හමුවේවි යැයි අපේක්ෂා කළා”

    නමුත් කිසිවෙකු පෙනෙන්නට සිටියේ නැත.

    වහා පෙන්ඩනයේ ඇති බොත්තම තද කළ ඇය “භාරකරුවන්” ලෙස ඇප් එකෙහි ඇතුළත් කර ඇති සියලු දෙනාටම

    අනතුරක් ලෙස ඇගවීමේ සංඥාවක් නිකුත් කළාය. ඇයගේ දෙමව්පියන්ට සහ සමීපතම මිතුරන් දෙදෙනෙකුට මෙම සංඥාව නිකුත් විය.

    “වාසනාවට, මට කතා කරපු පළවෙනි කෙනා වෙළෙඳපොළේදී මම මුණ ගැහෙන්න සිටි මගේ යාළුවා, එයා ඒ වන විටත් GPS හරහා මම සිටින තැන සොයාගෙන එනවා කියල කිව්වා” ඇය පැවසුවාය.

    ඒ අතර, මා පසුපසින් පැමිණි පුද්ගලයා වෙනත් දිශාවකට ගමන් කළේය. නමුත් ” අදටත් ඒ ඇති වුණ භීතිය මට දැනෙනවා” ටාන්යා පැවසුවාය.

    Nimb co-founder Kathy Roma was the victim of a serious violent assaultImage copyrightALAMY
    Image captionනිම්බ් සමනිර්මාතෘ කැති රෝමා 17 වසරකට පෙර අපාරධකරුවෙකුගේ ගොදුරක් බවට පත් විය.

    නිම්බ් (Nimb) යනු හදිසි අවස්ථාවකට මුහුණ දෙන කාන්තාවන්ට භාවිත කළ හැකි තවත් උපාංගයකි. එය ක්‍රියාත්මක කිරීමෙන් පසු පෙර තෝරාගත් සියල්ලන්ටම සහ හදිසි සේවා අංශවලට ද සංඥාවක් නිකුත් කරයි.

    නිම්බ් සමනිර්මාතෘ කැති රෝමා 17 වසරකට පෙර අපාරධකරුවෙකුගේ ගොදුරක් බවට පත් විය. ඇය සමග සංවාදයේ යෙදීමට උත්සාහ කළ පුද්ගලයෙකු ඇය පිළිතුරු නොදුන් විට උදරයට පිහියෙන් ඇනීමෙන් බරපතල තුවාල ලැබුවාය.

    ඇය අසළ තිබූ ගොඩනැගිල්ලක සිටි පිරිසෙන් උදව් ඉල්ලා සිටියාය. නමුත් මෙම අවස්ථාවේ නිම්බ් වැනි උපකරණයක් ඇය සතුව තිබුණේනම් ඉතා ඉක්මනින් උදව් ලබා ගැනීමට තිබූ බව ඇය පැවසුවාය.

    රිවෝලා ලෙස නම් කර ඇති උපකරණයෙන් තමන්ගේ ආදරණීයන් ගැන “සොයා බැලීමට” හැකිය. එහි ඇති බොත්තම එක් වරක් තද කිරීමෙන් තමන් ආරක්ෂාකාරීව නිවසට පැමිණි බවට දැන්විය හැකි අතර එය තුන් වරක් තද කිරීමෙන් “උදව් අවශ්‍යයි” ලෙස අන් අයට සංඥාවක් නිකුත් කරයි.

    ඔක්සි සමාගම විසින් නිර්මාණය කරන ලද Blinc (බ්ලින්ක්) පෙර සදහන් කළ උපකරණවලට වඩා වැඩි තාක්ෂණික අංගෝපාංගවලින් සමන්විතය. එහි ඇති “සිරුරට සවි කෙරෙන කැමරාවේ” සිද්ධිය පටිගත වන අතර, ආලෝකයක් සමග අනතුරු ඇඟවීමේ නලාවක් නාදවෙමින්, අන් අයට පණිවිඩයක් නිකුත් කරයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ලොව පුරා කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු කිසියම් ආකාරයේ ශාරීරික, හෝ ලිංගික නැතිනම් ඒ දෙයාකාරයේම පහරදීමක අත්දැකීම් ලබා ඇත. කාන්තාවන්ගේ ඝාතනවලින් පහෙන් තුනකට ආසන්න ප්‍රමාණයක් සිදු කර ඇත්තේ ඔවුන්ගේ සහකරුවන්ය..

    මෙම ආරක්‍ෂිත උපකරණවලින් කළ හැකි දේ සීමාසහිත බව සමහර කාන්තාවන් විශ්වාස කළත්, බොහෝ අයට සිදුවන්නට ගිය අනතුරු වළක්වා ගැනීමට මෙම ආරක්ෂණ උපකරණ සමත් වී ඇත.

    “ආරක්ෂාව වැඩි දියුණු කිරීමට සහ ලිංගික හිංසනය වැලැක්වීමට උදව් කළ හැකි ඕනෑම දෙයක් අපි සාදරයෙන් පිලිගන්නවා” යනුවෙන්, The Survivors Trust (ද සර්වයිවර්ස් ට්‍රස්ට්) හි ප්‍රධාන විධායක නිලධාරී ෆේ මැක්ස්ටේඩ් පැවසුවේය. මෙය එක්සත් රාජධානිය පුරා ස්ත්‍රී දූෂණ හා ලිංගික අපයෝජනයට ලක් වූ කාන්තාවන් සදහා උපකාරක සේවා සපයන ආයතන 130කින් යුතු සංවිධානයකි.

    “හැබැයි එවැනි තාක්ෂණයක් අවභාවිත කළ හැකියි. හැකරුන්ට මෙයට ඇතුළු වී යම් කෙනෙකු ලුහු බැඳීමටද පුළුවන්” යැයි ඇය අනතුරු ඇගවූවාය.

    PAUL TERRIEImage copyrightPAUL TERRIE

    ආරක්ෂක කොට කලිසම් වැනි නිපැයුම් පිළිබදව මැක්ස්ටේඩ් තම කනස්සල්ල පල කර සිටින්නේ “කාන්තාවකට තමාවම ආරක්ෂා කර ගැනීමට නොහැකි කෙනෙක් ලෙස සිතෙන්න පුළුවන්. ආරක්ෂා වීමට වඩා ඇය පසුවන්නේ බියකින්” යැයි සදහන් කරමිනි.

    “කාන්තාවන් අගුලු දමා ඇති ඇඳුම් ඇඳිය යුත්තේ ඇයි?” ඇය අසා සිටියාය.

    එහෙත් ඇලෙක්සැන්ඩ්‍රා චෙරෙනෙක් පවසා සිටින්නේ වෙනත් දරුණු දෙයක් වීමට පෙර ආරක්ෂක කලිසම ඇයව මුදවා ගත් බවය.

    “කෙනෙකු මට පහර දෙන බරපතල අවස්ථාවක මට ආරක්ෂාවක් අවශ්‍යයි” ඇය පැවසුවාය.

    නමුත් රිෂී කාවුල් පවසන්නේ තාක්ෂණයේ දියුණුවත් සමග මෙවන් පැළඳිය හැකි උපකරණවල අවශ්‍යතාව ඉතා සුළු වෙළෙඳපොළකට සිමාවනු ඇති බවය. මේ සියලු ක්‍රියාකාරීත්වයෙන් යුතු ජංගම දුරකතන ඇප් ඇති අතර දුරකථනය වේගයෙන් සෙලවීමෙන් හෝ එයට අණ කිරීමෙන් අන් අයට පණිවිඩයක් යැවීමේ හැකියාවක් ඇත.

    තාක්ෂණය පිළිබද බලාපොරොත්තු තබා ගන්නවාට වඩා කාන්තාවන් දැනුවත් කිරීම යෝග්‍ය බව මැක්ස්ටේඩ්ගේ අදහසය.

    “මේ අපරාධකාරයන්ට කාන්තාවන්ගේ කැමැත්ත සහ ඔවුන්ට ගෞරව කිරීම උගන්වන්න පුළුවන් තාක්ෂණික විසඳුම් තිබෙනවද?” ඇය අසා සිටින්නීය.

  • අම්පාර සිද්ධිය පිටුපස ඇති අදිසි හස්තය ගැන ඇමති රාජිත සියල්ල හෙළිකරයි…

    අම්පාර සිද්ධිය පිටුපස ඇති අදිසි හස්තය ගැන ඇමති රාජිත සියල්ල හෙළිකරයි…

    අම්පාර සිද්ධිය අදිසි හස්තයක් මත ක්‍රියාත්මක වූ බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත් ඒ පිලිබදව  සෙවීමට පරික්ෂණයක් පවත්වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා දෙමළ රූපවාහිනී නාලිකාවක් සමග පසුගියදා පැවැති සම්මුඛ සාකච්ඡාවක දී පැවසිය.

    එම සාකච්ඡාවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – වාර්ගිකත්වය පදනම් කර ගනිමින් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වූවන් දැනට පවතින අණපනත් වලට අනුව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. වත්මන් රජය ජාතිවාදයට සහ ආගම් වාදයට විරුද්ධයි. 

    රජය ජාතිවාය හා ආගම්වාදය පතුරන අයට විරුද්ධව ක්‍රියාකිරීමට නීති රීති ඉදිරිපත් කළා. එම නීති ක්‍රියාත්මක කළ යුතුයි. ලබාදි ඇති සාමය භුක්තිවිදීමට නොදන්න අයට දඩුවම් ලබා දිය යුතුයි.

    අම්පාර නගරයේ සිදු වූ සිද්ධිය සම්බන්ධනේ දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි.

    පොලීසිය මන්දගාමිව කටයුතු කිරිම පිළිබදව ප්‍රශ්න තිබෙනවා.

    මෙය අමූලික බොරු සිද්ධියක්.

    වදපෙති කියා ඖෂධයක් ශ්‍රී ලංකාවේ පවතින වෛද්‍ය ක්ෂේත්‍රයේ නැහැ.

    ශ්‍රී ලංකාවේ සාක්ෂරතාවය වැඩි දියුණු වී තිබුන ද මෙවැනි කරුණු පිළිබදව ඇත්තේ මන්ද බුද්ධික බවකි.

    සුළු සිද්ධියක් මුල්කර ගෙන රටවල් ගිනි තැබීමට හදනවා.

    මේ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස මම ජනපතිගෙන්  ඉල්ලා සිටියා.

    ජනාධිපතිවරයා මට පොරොන්දු වුනා අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වනවා කියලා.

    පසුගිය රජයේ ප්‍රධානියෙකුගේ චෝදනා ලැබූ පුද්ගලයෙකු සිද්ධිය සිදු වූ දින කිහිපය පුරා අම්පාර ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් සමග සුහද හමු පැවැත්වීමේ සිද්ධි කිහිපයක තොරතුරු ද වාර්තා වි තිබෙනවා.

    වද පෙත්ත මුවාවෙන් එම පුද්ගලයා ජාතිවාදය පැතිරවීමේ උත්සාහයක් ක්‍රියාත්මක කර ඇත්දැයි පරීක්ෂණ පවත්වනවා.

    කෙසේ වෙතත් ලබා දී ඇති නිදහස අයුතු ලෙස ප්‍රයෝජනයට ගැනීමට ඇතැම් අය පෙළඹී සිටිනවා.

    බණ්ඩාරනායක මහතා ද නිදහස ලබාදුන් පසු ඇතැම් අය කථානායක පුටුවෙත් වාඩිවෙන්න උත්සාහ කළා.

    ලැබූ නිදහසින් බණ්ඩාරනායක මහතා ද ඝාතනය කෙරුනා. 

  • Gossip පිට Gossip මවන Hot පියුමි විවාහය ගැන මාධ්‍යයට කියපු අමුතු කතාව මෙන්න..

    Gossip පිට Gossip මවන Hot පියුමි විවාහය ගැන මාධ්‍යයට කියපු අමුතු කතාව මෙන්න..

    පියුමි හංසමාලි කියන්නේ හැමදාමත් සමාජ මාධ්‍ය තුළ අවධානයට ලක්වන චරිතයක්. මේ දිවල නම් ඇය ගැන වඩාත්ම කතාබහ වුණේ ඇය රංගනයෙන් ායක වීමට සූදානම් වන ඉනිදීය චිත්‍රපටයක් නිසා. ඒ ගැන තොරතුරු සතිඅන්ත පුවත් පතකට කියලා තිබුණේ මෙන් මේ විදිහට..

    ඉන්දියාවේ චිත්‍රපටයක වැඩ කරන්න අවස්ථාව ලැබිම ගැන මොකද හිතෙන්නේ?

    මට මුලින්ම හිතාගන්න බැරිවුණා මේක හීනයක්ද කියලා. පුදුම සතුටක් දැනුණේ. කොහොමද අවස්ථාව ලැබෙන්නේ? මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන බිනා උර්නි ක්‍රිෂ්ණන් තමයි මාව යෝජනා කරලා තියෙන්නේ. මට කතා කරලා මුලින්ම ඇහැව්වත් මම විශ්වාස කළේ නැහැ.

    ඇයි පියුමිට විශ්වාසයක් නොතිබුණේ?

    මොකද රංගනය කියන දේ මට ආධුනිකයි. මම රඟපාන්න දන්න කෙනෙක් නෙවේ. ඉතින් ඒ චකිතය මට තිබුණා.

    ජැක්සන් ඇන්තනි වගේ ප්‍රවීණයෙක් සමග වැඩ කරන්න ලැබිම ගැන පියුමිට චකිතයක් තියෙනවාද?

    ඔහු කලා ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්තයෙක්. ඒ වගේ කෙනෙක් එක්ක එකට වැඩ කරන්න ලැබෙනවා කියන්නේ ඇත්තටම ලොකු වාසනාවක්. මුලින් මම බයවුණා. ඒත් ගොඩක් අය කීවා ජැක්සන් ඇන්තනි මහත්මයා හොඳ කෙනෙක්, පියුමිට උදව් කරයි කියලා.

    දිගටම රංගනයෙන් ඉදිරියට යන්නද බලා‍පොරොත්තුව?

    එහෙම ආසාවක් නැහැ. හොඳ නිර්මාණයක් ලැබුණොත් මගේ බජට් එකට ගැළපෙන මම භාරගන්නවා. නැත්නම් මම කැමතියි මගේ යාළුවෝ එක්ක නිදහසේ සතුටින් ඉන්න.

    පියුමිට වෙනත් නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැද්ද?

    උදයකාන්ත මහත්මයාගේ වස්සානේ සඳ චිත්‍රපටය නිසා මට ගොඩක් ආරාධනා ලැබුණා. මම හිතන්නේ නැහැ මම රංගනයට දක්ෂයි කියලා. ඒ නිසා නිර්මාණ භාරගත්තෙ නැහැ.

    පියුමි මියුසික් වීඩියෝවල රංගනයෙන් ඈත්වෙලාද?

    ඈත්වෙලා නැහැ. මට තිස්දාහට හතළිස් දාහකට කතා කරනවා. ඒත් ඒ මගේ බජට් එක නෙවේ. ඔමරිලතා වගේ හොඳ වැඩක් ලැබුණොත් විතරයි මම භාරගන්නේ.

    පියුමිගේ ගාණ ගෙව්වොත් ලැබෙන ඕනම චරිතයක් කරනවාද?

    නැහැ, මට පුළුවන් චරිත විතරයි මම භාරගන්නේ.

    සැබෑ ජීවිතේ පියුමි මොන වගේ චරිතයක්ද?

    මම සරල, සාමාන්‍ය, ‍පොළොවේ පය ගහලා ජීවත්වෙන කෙනෙක්.

    පියුමිට හොඳ යාළුවෝ වගේම ඉරිසියාකාරයොත් ඉන්නවා කියන්නෙ ඇත්තද?

    පාසල් යන කා‍ලේ ඉඳන්ම ඉන්න අය තමයි මගේ හොඳම යාළුවෝ. ක්ෂේත්‍රයේ ගොඩක් අය මාත් එක්ක තරහයි. දැන් මම, මට ඇතිවෙන්න කාලා බිලා ජීවත්වෙන්න මුදල් හම්බ කරලා තියෙන්නේ. මිනිස්සු හරි කුහකයි අපි සතුටින් ඉන්නවාට.

    ඇත්තද පියුමි ළඟදි විවාහ වෙන්න යනවා කියන්නේ?

    හ්ම්, අපේ අම්මා මට විවාහ යෝජනාවක් ගෙනැත් තියෙන්නේ. ලබන අවුරුද්දේ අන්තිම වගේ බොහෝදුරට මම නැවත විවාහ වේවි.

  • ඔබ ගෙන යන වැඩපිළිවෙලට සහය දෙන්න අපටත් ඉඩක් දෙන්න.. – අන්තරෙන් ජනපති මෛත්‍රීට ලිපියක්

    ඔබ ගෙන යන වැඩපිළිවෙලට සහය දෙන්න අපටත් ඉඩක් දෙන්න.. – අන්තරෙන් ජනපති මෛත්‍රීට ලිපියක්

    මාලබේ සයිටම් ආයතනයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුළත් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට සහ අවශ්‍ය සහය ලබාදීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස අනතර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය ඉල්ලීමක් කර තිබේ.
    එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් වන ලිපියක් අද දිනයේ දී ජනාධිපතිවරයා වෙත යැවීමට කටයුතු කරන බවය. 
  • ඇස් නටවා ලොවක් උමතු කල පුංචි කෙල්ල ප්‍රියා හදිසියේම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියපු හේතුව මෙන්න…

    ඇස් නටවා ලොවක් උමතු කල පුංචි කෙල්ල ප්‍රියා හදිසියේම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියපු හේතුව මෙන්න…

    ලොව ම එක්රැයකින් තම වසඟයට ගත්  ප්‍රියා ප්‍රකාශ් වෙත  යළි අවධානය යොමුව තිබෙනවා.

    ඒ ඇය රංගනයෙන් එක්වන Oru Adaar Love චිත්‍රපටය  (03) තිරගතවිය..

    මේ අතර ප්‍රියා සහ එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගියදා පෙත්සමක් ගොනුකර තිබුණා.

    ඒ හයිද්‍රාබාද් පොලිසිය විසින්  එම චිත්‍රපටයේ එන Manikya Malaraya Poovi  ගීතයට එරෙහිව ගොනුකර ඇති නඩුවකට එරෙහිවයි.

    එහිදී පොලිසිය චෝදනා කරන්නේ එම ගීතයේ අන්තර්ගත පදරචනාව තුළින් ආගමික සහජීවනයට බාධාවක් එල්ලවන බවයි.

    ඇය ලෝකේ ම හඳුනාගත් ගීතය වන්නේ ද එයයි.

    ඇගේ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිරෙන්නට පටන් ගැනීමත් සමඟ තරුණයන්ගේ සිත් සොරගත් මේ අලුත් රුව පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක්වූවා.

    කෙසේ වෙතත් කෙටි කාලයක් තුළ ලැබුණු ප්‍රසිද්ධිය මෙන්ම ඇයව අපහසුතාවයට පත්කරන සිදුවීම් ද පසුගිය කාලයේ සිදුවූවා.

    මේ අතර මේ වනවිට අන්තර්ජාලයට Priya prakash warrier ගේ බව සඳහන් කරමින් නිරුවත් ඡායාරුප එක්වෙමින් පවතින අතර බොහෝ දෙනෙකු එම ව්‍යාජ ඡායාරූප දැඩි පිළිකුලෙන් බැහැරකර තිබෙනවා.

    Oru Adaar Love නමැති පාසල් කාලයේ සිදුවන ආදර කතාවක් රැගෙන එන මෙම චිත්‍රපටයට මේ වන විටත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

  • ශ‍්‍රීලනිප කැබිනට් සංශෝධනය මේ සතියේ.. ජනපති ඇමතිකම් වෙනස් කරන අයුරු මෙන්න..

    ශ‍්‍රීලනිප කැබිනට් සංශෝධනය මේ සතියේ.. ජනපති ඇමතිකම් වෙනස් කරන අයුරු මෙන්න..

    බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට දඬුවම් දෙන බව සන්දාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

    මොන රටක සැගවී සිටියත් කාගේ ආශිර්වාදය තිබුනත් ජාත්‍යන්තර පොලිසිය ලවා ඔහු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගන්නා බවද ඔහු සදහන් කරයි.

    ශ‍්‍රිලනිපයේ කැබිනට් සංශෝධනය සතියක පමණ කාලයක් තුල සිදුවන බවත් ජනාධිපතිවරයා විසින් විද්‍යානුකූලව ඇමති මණ්ඩල බෙදීම මේ දිනවල සිදු කරමින් සිටින බවත් ඔහඑු වැඩි දුරටත් පැවසීය.

  • මැදපෙරදිගින් වස ගෙන්වා අපේ කෑමට දමා අඩු ගානට වස කවන ජාවාරමේ ඇත්ත කතාව මෙන්න..

    මැදපෙරදිගින් වස ගෙන්වා අපේ කෑමට දමා අඩු ගානට වස කවන ජාවාරමේ ඇත්ත කතාව මෙන්න..

    මුහුණු පොතේ සැරිසරණවිට එක්තරා පුද්ගලයකු විසින් දැන්වීමක් පළ කර ඇති අයුරු දැක ගන්නට හැකිවිය. එම දැන්වීමේ සඳහන් වී තිබුණේ විදේශ ආහාර වැලක ලැයිස්තුවකි.

    චීස්, පැස්ටා, සෝස්, ටොෆි, රසකාරක, සුප් වගේ ආහාර ද්‍රව්‍ය වැලක ලැයිස්තුවක් එහි විය. එසේම සිත් ඇදගන්නා සුළු ඡායාරූප වැලක් ද තිබිණි. ඊට යටින් ඔබේ අතේ ඇති මුදලට ඇති තරම් බඩු අපෙන් යනුවෙන්ද සටහන් කර තිබුණේය. එය දුටු සැණින් සිත් ඇදගන්නා නිසා එහි වූ අංකයට ලියුම්කරැ ඇමතුමක් ලබා ගත්තේය.

    ඇමතුමට ප්‍රතිචාර දැක්වූයේ කාන්තාවක් විසිනි. ආයුබෝවන්… කියන්න ඈ කීය. මම මේ ඇඩ් එක දැකලා කතා කළේ. මට කියන්න පුළුවන්ද මේ බඩුවල ගණන් එහෙම කොහොමද කියලා

    සර් මෙහෙමයි තොගේට ගන්නවා නම් ගොඩක් අඩුයි. එකක් දෙකක් වගේ ගන්නවා නම් පොඩි අඩුවක් තියෙන්නේ ඈ කීවාය.

    මට කියන්නකෝ පොඩ්ඩක් ඔය චීස් රවුමක ගණන් එහෙම මම ඇසුවෙමි.

    සර් එකක් දෙකක් ගන්නවා නම් රුපියල් දෙසීයක් විතර වෙනවා ඈ කීය. දෙසීයක් කී සැණින් මම පුදුමයට පත් වූයෙමි. කෑලි අටක චීස් රවුමක් රුපියල් දෙසීයට දීම ඇත්තෙන්ම ලාබය. ඒ සැණින් මම ඇයගෙන් තොග මිලදී ගැනීම් ඇසුවෙමි.

    මෙහෙමයි සර් කෑලි දහයකට වඩා ගන්නවා නම් 180 ගාණේ දාන්න පුළුවන් එතරම් ලාබයක්. හිතා ගැනීමට නොහැකිය.

    මේ චීස් ජාතිය මොනවද? මා ඇසුවෙමි.

    මේක අලුත් ජාතියක්. කඩවල්වල වැඩියෙන් යන්නේ මේවා ඈ කීය.

    කොහෙන්ද මේවා ගෙන්නන්නේ ?

    එමිරේට්ස් කන්ට්‍රීවලින් යැයි ඈ කීය.

    හරි මම පස්සේ ගන්නම් කියා දුරකථනය විසන්ධි කළෙමි.

    එසේ විසන්ධි කළත් එහි සැකයක් තිබුණේය. මෙලෙස නමක් ගමක් නැති භාණ්ඩයක් ඔවුන් විකුණන ආකාරය සැබවින්ම සැකයකි. මම ඊටපසුදා ඇමතුමක් ලබා ගත්තෙමි. ඒ මීට පෙර මිලදී ගත් අයකු ලෙසය. එදින ඇමතුම ලබාගත්තේ තරුණයෙකි.

    මල්ලී මොනවද අලුත් බඩු ඇවිත් තියෙන්නේ? මම ඇසුවෙමි. එම ස්වරයෙන් ඔහු සැබවින්ම සිතුවේ මා මීට පෙර ඔවුන් සමඟ ගනුදෙනු කළ අයකු යැයි කියාය.

    අලුත් කිරිපිටි වගයක් ඇවිත් තියෙනවා. තව බිස්කට් වගයකුත් ඇවිත් තියෙනවා. ඔහු කීය.

    ආ එහෙමද..? මොනවත් වෙනස් කරන්න දෙයක් නෑනේ මම නිකමට මෙන් ඇසුවෙමි.

    නෑ… නෑ… ඩේට් එක ගැහුවම ඇති ඔහු එකවර කීවේය.

    ඔක්කොම ගහන්න ඕනද? මම නැවතත් ඇසුවෙමි.

    ඔව් සෙට් එකම ගහන්න ඕන.. ඔහු කීවේය.

    මඳ වේලාවකට පසු ඔහුගේ කීමෙන් වැටහී ගියේ එම භාණ්ඩවලට කාලය ඉකුත්වීම ඇතුළු තොරතුරු ඇතුළත් කළ යුතු බව කියාය.

    එසේම ඔහුත් සමඟ කතා බහ කරනවිට තවත් තොරතුරු රැසක් ගලාගෙන අවේය. එනම් මෙම ආහාර මෙරටට ගෙනෙන ආකාරය ගැනය.

    එම කෑම වර්ග මෙරටට ගෙන එන්නේ ගෘහසේවය සඳහා එරටට යන අපේ කාන්තාවන් හරහාය. ඔවුන්ට අයත් භාණ්ඩ අතර මෙම ආහාර වර්ගද එවන අතර එය ගෙන ඒමට එකඟ වූවාට මෙරටට පැමිණි පසු මුදල් දීම සිදුකරනු ලබයි. ඔවුන්ට අදාළ පාර්සලය ලබාදීම සඳහා එරට පුද්ගලයකු සිටින අතර දවසට පාර්සල් 3 ක් ස්ථිර වශයෙන් මෙරටට ලැබෙන බව ඔහු සඳහන් කළේය.

    කෙසේ වෙතත් මෙම ආහාර එරටදී විශාල අඩු මුදලකට මිලදී ගන්නා බව සඳහන් වේ. එලෙස අඩු මුදලට ලබා දෙන්නේ එම කෑම වර්ග කල් ඉකුත්වීමට මාසයක් පමණ තිබියදීය. ඒ එසේ ලබාගන්නා ආහාරවල කල් ඉකුත්වීමේ ලේබල ගලවා මෙරටට එවනු ලබයි. එසේ එවීමෙන් පසුව අදාළ ආහාරවලට වෙනම කල් ඉකුත්වීමේ දිනයක් ගසා වෙළඳපොළේ හිතවත් අයට ලබා දීමට මොවුන් විසින් කටයුතු කරන බව සඳහන් වේ.

    ඔහුත් සමඟ කතා කිරීමේදී හෙළි වුණේ මෙය ඔවුන් පමණක් නොව තවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනකු විසින්ම සිදු කරන බවය. කෙසේ වෙතත් ඔහු කී හොඳම කාරණය නම් එලෙස විකිණීම සඳහා කිසිදු අවසරයක් අවශ්‍ය නොවන බව කියාය. විදේශීය ආහාර මෙරට තුළ විකිණීම සඳහා නීතියෙන් කිසිදු බාධාවක් නැතැයි ඔහු කීය. මේ නිසා තවම පොලීසියෙන් පවා බලපෑමක් ඇතිවී නැතැයිද ඔහු කීය.

    ඔවුන් පවසන පරිදි එම කෑම වර්ග විශාල වශයෙන් ගෙන යන්නේ කුඩාවට කඩ පවත්වාගෙන යන පුද්ගලයන් විසිනි. එය සත්‍ය කාරණයකි. සුපිරි වෙළෙඳ සලකට ගොස් හොඳම චීස් සෙවීමට වඩා රැපියල් 220 – 250 අතර ගණනකට චීස් පෙට්ටියක් මිලදී ගත හැකි නම්, රුපියල් 150කට සෝස් බෝතලයක් මිලදී ගත හැකි නම් ඕනෑම අයකු තමන්ගේ ගමේ කුඩා කඩයෙන් ඒවා මිලදී ගනු ඇත. කිසිදු සෙවීමකින් තොරව ආහාරයට ගනු ඇත.

    කෙසේ වෙතත් ලෝකයේ බොහෝ රටවල තම පුරවැසියාට ලබාදෙන කෑම වර්ග ආහාර ගැන වැඩියෙන්ම අවධානය යොමු කරන්නේ රජයෙන්ය. ඒ තමන්ගේ රටේ පුරවැසියා නිරෝගිමත් ජාතියක් බවට පත් කිරීම රජයේ වගකීමක් බැවිනි. ආණ්ඩුවට පුරවැසියා බදු ගෙවන නිසා ඔහු ආරක්ෂා කිරීම තමා සතු යුතුකමක් ලෙස එරට ආණ්ඩු සිතයි. මේ නිසාම කල් ඉකුත් වූ ආහාර එරට ජනතාවට ආහාරයට තබා රටේවත් තබා නොගෙන මුහුදට දමන්නේ ඒ නිසාය. ඒ තමන්ගේ පුරවැසියාට ආදරේ නිසාය.

    එහෙත් අපේ රටේ එවැනි දෙයක් නැත. ඕනෑම අයකුට ඕනෑම ජරාවක් ලේබල් ගසා විකිණීමේ ලිහිල් ක්‍රමවේදයක් සකසා තිබේ. එසේම අදාළ ආහාර විකිණීම නීති විරෝධි වුවත් එහි ගුල්වලින් රිංගීමට පවා මෙරට ජාවාරම්කරුවන් පුරුදු වී ඇත. මේ නිසා මෙවැනි කළු කඩකාරයන් රට තුළත් අන්තර්ජාලය තුළත් පැටව් ගසනු ඇත. ඒ ප්‍රමිතියක් ගැන සොයා බැලීමට කිසිවකු නැති නිසාය.

    ඉහත කී වෙළෙඳුන් බොහෝමයකගේ ගබඩා පිහිටා ඇත්තේ කටුනායක, වත්තල සහ කැලණිය ප්‍රදේශය තුළය. මෙම ලිපිය දැකගත් ඔබ හෙට සිට ඇතැම්විට එම ආහාර මිලදී නොගෙන සිටනු ඇත. ඇතැම්විට ප්‍රතික්ෂේප කරනු ඇත. එහෙත් එය සාර්ථක වන්නේ නැත. එයට හේතුව නම් වැඩි කෑම කඩ ප්‍රමාණයක් සහ එවැනිම හෝටල් සංඛ්‍යාවක් ආහාරවලට දමන අමුද්‍රව්‍ය මිලදි ගන්නේ මේ පිරිස් හරහා වීම නිසාය. කටට රහට චයිනීස් කෑමට පුරැදු වී සිටින අප කෑමට ගන්නේද මේ කල් ඉකුත් වූ රසකාරක බව අප අමතක කළ යුතු නැත.

    කඩේ මිලදී ගන්නා ආහාර ද්‍රව්‍යවලට වඩා දෙගුණයක මුදලක් අඩුකර ලබා දීමට ඔවුන් සුදානම් නිසා කුඩා වෙළෙඳුන් සහ අරක්කැමියෝ එම ස්ථානවලින් මේ ආහාර වර්ග මිලදී ගැනීමට පුරැදු වී සිටිති. කෙසේ වෙතත් එලෙස සැපයුම් කොන්ත්‍රාත්තුවක් ලබාදෙන පුද්ගලයකුට වෙනම කුඩා මුදලක් ලබා දීමට ද ඉහත කී ජාවාරම්කරුවන්ගේ පුරුද්දය.

    කෙසේ වෙතත් නොනවත්වා සිදු කෙරෙන මෙම ජාවාරම කවදා නවතීද නැද්ද යන්න දන්නේ නැත. එසේ නැවැත්වෙන පාටකුත් නැත. එයට හේතුව නම් මිලදී ගැනීමට විශාල පිරිසක් ඉන්නා නිසාය.

    කෙසේ වෙතත් පහුගිය දින ටිකේම ප්‍රචාරය වුණේ වඳ පෙති දමා ආහාර සකසන බවය. එහෙත් ඇත්ත නම් වඳ පෙති නොව මෙවැනි කල් ඉකුත් වූ ජරාව දමා කෑම දීමට මෙරට වෙළෙඳුන් පුරැදුව සිටීමය. කෙසේ වෙතත් මේ හරහා වඳ වීමටත් වඩා සොයා ගත නොහැකි දරුණු ලෙඩ සැදීමේ අවදානමක් ඇත. ඒ නිසා රටක් හැටියට නොපෙනෙන දෙයට වඩා පෙනෙන දෙයට සටන් කිරීමෙන් හත්මුතු පරම්පරාවම බේරගත හැක. එකී බේරා ගැනීමේ වගකීම රටේ පාලකයන්ට ද ඇත.

  • පොහොට්ටුවේ දැවැන්ත ගැටුමක් : බැසිල් විරෝධය උග්‍රඅතට.. ප්‍රබලයන් ඉවත්වන ලකුණු…

    පොහොට්ටුවේ දැවැන්ත ගැටුමක් : බැසිල් විරෝධය උග්‍රඅතට.. ප්‍රබලයන් ඉවත්වන ලකුණු…

    මහ මැතිවරණයක් ඉල්ලා රැලි පැවැත්වීම පසෙකලා පළාත් පාලන මැතිවරණයෙන් (පොහොට්ටුවට) ලැබුණු බලය වඩාත් ශත්කිමත් කර ගැනීමට අදාළ පළාත් පාලන ආයතන ශක්තිමත්ව පිහිටුවීමට වැඩි අවධානය යොමුකරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා එම පක්ෂයේ ප්‍රධානීන්ගෙන් කරන ලද ඉල්ලීමකට එම පක්ෂයේ විරෝධයක් මතුව ඇති බැව පැවසේ.

    මේ විරෝධය එල්ලවී ඇත්තේ කාලයක සිට ඒකාබද්ධ විපක්ෂයේ සිටිමින් බැසිල් විරෝධය ගෙනගිය අයගෙන් බවද පැවසේ.

    ඉකුත් ජයග්‍රහණය බැසිල් රාජපක්ෂ මහතාගේ සැලසුම් හා සංවිධාන ශක්තිය ඉස්මතුවන කාරණාවක් බැවින් එය යටපත් කිරීමට මේ විරෝධය මතුව ඇති බවද වාර්තා වේ.

    විරෝධය මතුකරන පිරිස පසුගිය කාලයේදී පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීමට ද විරෝධය දක්වා තිබිණි.

    එම මැතිවරණයේදී ශ්‍රීලනිපය සමඟ ඡන්දය ඉල්ලීමට ද යෝජනා කළ මේ පිරිස පසුගිය කාලයේ ශ්‍රීලනිපය සමඟ ආණ්ඩු පිහිටුවීමද උත්සාහ කළේ අදාළ බැසිල් විරෝධය නිසා බව පැවසේ.

    පළාත් පාලන මැතිවරණ සමයේදී පොහොට්ටුවේ පුවත්පත් සාකච්ඡාවකට හෝ සහභාගි නොවූ මේ පිරිස පොහොට්ටුව ජයගත් වහාම නෙළුම්මාවතේ පොහොට්ටු කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡා අත්නොහැර පැමිණි බවද වාර්තා වේ.

    මහ මැතිවරණයක් ඉල්ලමින් ක්‍රියාත්මක රැලි මාලාවේ පළමු රැලිය ලබන 07 වැනිදා නුගේගොඩදී පැවැත් වේ.

    ඇයි බැසිල්ට විරුද්ද ?

    බැසිල් රාජපක්ෂ මහතාට විරෝධය දැක්වීමට හේතුව ඔහුගේ ජයග්‍රහණය සම්බන්ධ ඊර්ශ්‍යාවදැයි අප බැසිල් විරෝධී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඔහුගේ ජය සම්බන්ධයෙන් ඊර්ශ්‍යාවක් නොමැති බවත් ඇත්තේ ඔහු හිතුමතේ ගන්නා තනි තීන්දු නිසා ඒවායේ ප්‍රතිවිපාක කණ්ඩායමකට විඳීමට සිදුවීම සම්බන්ධ ගැටලුවක් බවත් ඔහු කියා සිටියේය.

    කෙසේවුවද, රොෂාන් රණසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වීම මෙන් ම විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවෙන් ඉවත් වීම යන කරුණුවලට ද බැසිල් මහතාගේ ක්‍රියාකාරිත්වය බලපා ඇතැයි අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරණය කරයි.

    නිමල් ලංසා රට යයි !

    බැසිල් රාජපක්ෂගේ සමිපතම දේශපාලකඥයෙකු වු නිමල් ලංසාද මේ වන විට මීගමුව පොහොට්ටුව කණ්ඩායම තුල බරපතල අර්බුදයකට මුහුණ දි සිටි.

    ඒ අතිරේක ලයිස්තුධුර මන්ත්‍රින් පත් කිරිම අර්බුදයක් වි තිබිම නිසාය.

    මෙහිදි නිමල් ලංසාට පත්කිරිම් පිළිබදව උපදෙස් ලැබි අැතැයි සදහන් වන්නේ බැසිල් රාජපක්ෂ විසින් එසේ කිය ඇති බවය.

    මේ සියළු  අර්බුද මෙසේ වර්ධනය වෙමින් තිබියදි නිමල් ලංසා ඊයේ ඕස්ට්‍රෙලියාව බලා යළිත් පිටත්ව ගොස් ඇතැයි වාර්ථා වේ.

  • අද දින සිට මම නිහඩයි – සියල්ල අතහරින අනිත්‍යය මෙනෙහි කරන පනසලේ සිට මහින්දගෙන් ප්‍රකාශයක්..

    අද දින සිට මම නිහඩයි – සියල්ල අතහරින අනිත්‍යය මෙනෙහි කරන පනසලේ සිට මහින්දගෙන් ප්‍රකාශයක්..

    ඊයේ 03 දින සිට තම සියලු දේශපාලන කටයුතු නිහව සිදු කරන බව කු.පා.ම  මහින්ද රාජපක්ෂ පවසනවා.

    වසර ගණනාවක් තිස්සේ ලැබුණු ජය සහ පරාජය තුල වූ අත්දැකීම් තුලින් තමන් දේශපාලන වේදිකාව තුල හෙම්බත් වී ඇති බවද දැන් වෙනසකට කාලය බවද රත්මලාන තෙලවල ස්වර්ණමාලි විහාරස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය…
    .
  • රැකියා නොමැති උපාධිධාරීන්ට ඉදිරි මාස 06තුල උපාධියට සරිලන රැකියා.. ජනපතිගෙන් සහතිකයක්..

    රැකියා නොමැති උපාධිධාරීන්ට ඉදිරි මාස 06තුල උපාධියට සරිලන රැකියා.. ජනපතිගෙන් සහතිකයක්..

    රැකියා නොමැති සියලූ උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙල ඉදිරි මාස 06 තුළ කි‍්‍රයාවට නංවන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

    පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් කල්දැමුණු සම්මුඛ පරීක්ෂණ ද ඉදිරි මාස දෙක තුළදී පවත්වන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

    මඩකලපුව වෙබර් කී‍්‍රඩාංගණයේ පැවති මඩකලපුව දිස්ති‍්‍රක්කයේ උපාධිධාරීන් සඳහා ගුරු පත්වීම් ප‍්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළා.

    උපාධිධාරීන් දෙසිය දෙනෙකුට සහ ඩිප්ලෝමාධාරීන් හතළිස් දෙදෙනෙකුට මෙහිදී පත්වීම් ප‍්‍රදානය කෙරුණා.

    උත්සවය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ නැගෙනහිර පළාතේ ගුරු වෘත්තීයේ මෙන්ම අනෙකුත් රාජ්‍ය සහ පළාත් ආයතනවල පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම කඩිනමින් සිදු කරන බවයි.

  • අම්පාරෙන් නැවත කරලියට ආපු ‘‘සතකුප්ප‘‘ වලට කොල්ලෝ කෙල්ලෝ වඳවෙනවද? ඇත්ත මෙන්න..!!

    අම්පාරෙන් නැවත කරලියට ආපු ‘‘සතකුප්ප‘‘ වලට කොල්ලෝ කෙල්ලෝ වඳවෙනවද? ඇත්ත මෙන්න..!!

    පසුගියදා අම්පාරේ ඇතිවුනු සිදුවීමත් සමඟ බොහෝ දෙනා වඳපෙති කියන්නෙ මොනවද..? එහෙම දෙයක් තියෙනවද..? වඳභාවය ඇති වෙන්නෙ කොහොමද..? මේ වගේ ගොඩක් ප්‍රශ්න ගැන විමසා බලන්නට වුනා. කොහොම වුනත් මේ ගැන කතාබහ කරන අතරතුරේ සතකුප්ප කියන ආයුර්වේදයේ භාවිතා කරන ඖෂධය ගැනත් ලොකු කතාබහක් ඇතිවුනා. ඒ වගේම පසුගිය කාලයේ තුනපහ වර්ග වලට සතකුප්ප මිශ්‍ර කරලා ආනයනය කරපු කණ්ඩායමක් ගැන පාරිභෝගික සේවා අධිකාරියත් අනාවරණය කරලා තිබුණා.

    දිගින් දිගටම අන්තවාදී කණ්ඩායම් විසින් මෙවැනි ක්‍රියාවන් සිදුකිරීම තුල ‍බොහෝ දෙනාට සැකයක්ව පැවතියේ සතකුප්ප තුලින් වඳ භාවය ඇතිකල හැකිද යන්න පිළිබඳවයි.

    සතකුප්ප ආයුර්වේදයේ බෙහෙවින් භාවිත කෙරන ඖෂධයක් වුනත්  ගර්භණී සමයේ හා කිරිදෙන සමයේ කාන්තාවන්ට සතකුප්ප නිර්දේශ නොකෙරන බව ඇතැම් ආයුර්වේද වෛද්‍යවරුන්ගේ පෙන්වා දෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුවද සතකුප්ප ගැබිණි හා කිරිදෙන මව්වරුන්ට අහිතකර බව සඳහන් වෙනවා.

    සතකුප්පවල විටමින් ‘ඊ’ ඇති නිසා දරුවන් පිළිසිඳ ගැනීමේදී එය උපකාර වන බවද ඇතැම් ආයුර්වේද වෛද්‍යවරු පෙන්වා දුන්නද පිළිගත් මතය වන්නේ සතකුප්ප ආවාට ගියාට භාවිත නොකළ යුතු මෙන්ම නිතර ආහාරයට නොගත යුතු ද්‍රව්‍යයක් බවයි.  එසේ වුවත් සූදුරුවලට මිශ්‍ර කළ සතකුප්ප මෙන්ම සූදුරු යයි පවසමින් ආනයනය කළ සතකුප්පද පසුගිය කාලයේ අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති කාරණය තවමත් අභිරහසක්.

    ඒ වගේම ආයුර්වේදයට අනුව ගර්භාෂ සංකෝචන ද්‍රව්‍යයක් සේ සැලකෙන සතකුප්ප, ඇතැම් ජන කණ්ඩායම් ගබ්සා කිරීම සඳහා භාවිත කරන බවද සඳහන් වෙනවා.

  • ‘වඳ පෙති’ ගැන රටම පිළිගත් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියන කතාව මෙන්න..

    ‘වඳ පෙති’ ගැන රටම පිළිගත් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියන කතාව මෙන්න..

    අම්පාර නගරයේ පසුගියදා සිදු වූ සිද්ධියත් සමග සමාජයේ දැඩි කථිකාවතක් ඇති වී තිබෙන ‘වඳ පෙති’ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    එම නිවේදනය පහතින් දැක්වෙයි.

  • පූජ්‍ය කුසලධම්ම හිමියන්ගේ අපවත් වීම සැලසුම් සහගත කුමන්ත්‍රණයක්! ඇත්ත කතාව මෙන්න..

    පූජ්‍ය කුසලධම්ම හිමියන්ගේ අපවත් වීම සැලසුම් සහගත කුමන්ත්‍රණයක්! ඇත්ත කතාව මෙන්න..

    පූජ්‍ය ධරණාගම කුසලධම්ම නා හිමියන් මෙසේ අසාධ්‍ය තත්වයට පත් වීම සහ ඒ සමග උන්වහන්සේ සතු බෞද්ධයා නාළිකාව ප්‍රධාන මාධ්‍ය ජාලය ඇතුළු දේපොළ සම්බන්ධයෙන් මෙම කුමන්ත්‍රණය දියත් වන බව අප පසුගියදා අනාවරණය කළා.

    කුමන්ත්‍රණකාරී ලෙස වෛද්‍ය පරීක්ෂණ සඳහා ඇමරිකාවට වැඩම කර සිටී බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ සහ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති ධරණාගම කුසලධම්ම නා හිමියන් එරට සුපිරි රෝහලකදී අනපේක්ෂිත ලෙස හදිසියේම අසාධ්‍ය තත්වයට පත්වු අතර පසුව උන්වහන්සේ යලිත් ලංකාවේ රෝහලකට ඇතුලත් කිරිමෙන් පසුව සුව අතට හැරෙමින් සිටි අතර අද උදෑසන උන්වහන්සේ අපවත් වි ඇති බව lankaleaks වාර්තාකරු සදහන් කළා.

    උන්වහන්සේ අපවත්විමත් සමග මේ වනවිට කලබලකාරි තත්ත්වයක් හටගෙන ඇති අතර ඊට හේතු වි ඇත්තේ උන්වහන්සේගේ දේහය නිසියාකාර පරික්ෂණයක් සදහා යොමුකරන ලෙස ඥාතින් ඇතුලු දායක සභාවේ කණ්ඩායමක් ඉල්ලා සිටිමත් එයට විරුද්ධව කුසලධම්ම හිමියන්ගේ දේපළ කොල්ල කැමට උන්වහන්සේගේ ඝාතන කුමන්ත්‍රණ මෙහෙයුම් දියත් කල ගෝඨා කල්ලිය රටේ නීතිය හසුරුවන පොලිසිය සහ වෛද්‍යවරුන් මුදල් බලයෙන් හසුරුවමින් සිටින බවයි lankaleaks වාර්තාකරු අනාවරණය කළේ.

    ජනවාරි 05 වැනිදා අප කුසලධම්ම හිමියන් ඝාතනය සදහා කුමන්ත්‍රණයක් දියත් කරමින් තිබේන බව අප පලමුව අනාවරණය කල අතර එතැන් සිට කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පියවරෙන් පියවර සාක්ෂී සහිතව අනාවරණය කිරිමට අප කටයුතු කළා.

    රටේ පවතින කාලකණ්ණි නීතිය සහ නීතිය හසුරුවන වද පිදුන බලවතුන් හේතුවෙන් රටට සම්පතක්වු මහ සංඝ පරපුරක් අකාලයේ රටට අහිමි වු බව නොරහසකි.අප කොතරම් සත්‍ය හෙලිදරව් කලද මුදලට ගිජු මෙන්ම බලයෙන් මොහොනයට පත්වු අමනයන් මේ රට ගිලගන්නා තුරු බලා සිටිම රටේ ජනතාව මෙන්ම දේශප්‍රේමීයෙන් මත්ව කෑ ගසන මොඩයන් තවදුරටත් සුදානම් ද?

  • පළාත් පාලනය Hot කරපු රටම කතාවෙන වාර්තාවක් තියපු අනුරපුරේ පුංචි කෙල්ල මෙන්න…

    පළාත් පාලනය Hot කරපු රටම කතාවෙන වාර්තාවක් තියපු අනුරපුරේ පුංචි කෙල්ල මෙන්න…

    ලංකාවේ ළාබාලතම පළාත් පාලන නියෝජිතවරිය ලෙස පසුගියදා 10දා පැවැති පළාත් පාලන මැතිවරණයට තරග කරමින් දිවයිනේ ළාබාලම නගර සභා මන්ත්‍රීවරිය ලෙස වාර්තා පොත් අතරට යාමට අනුරාධපුරයේ පදිංචි විසිඑක් හැවිරිදි සචිනි නිමේශා කාරියවසම් මෙනවිය පසුගියදා සමත් වූවාය. 

    (පොහොට්ටුවෙන්) අනුරාධපුර නගර සභාව සඳහා තුන්වන පියවර, සිරිමෙවන් උයන කොට්ඨාසයෙන් තරග කළ සචිනි නිමේශා ඡන්ද 918ක් ලබා, එම කොට්ඨාසය තරග කළ අනිකුත් අපේක්ෂකයන්ට වඩා වැඩි ඡන්ද 272ක් ලබාගෙන ජයග්‍රහණය කිරීමට සමත් වූවාය.

    සචිනි, ඔබේ පවුලේ විස්තර මුලින් කිව්වොත්?

    මගේ පියා දුර බැහැර පොලිස් ස්ථානයක පොලිස් නිලධාරියෙකු ලෙස සේවය කරනවා.  මව රජයේ රැකියාවක් කර විශ්‍රාම සුවයෙන් කාලය ගත කරනවා. මම පවුලේ වැඩිමලා,  මට නංගි සහ මල්ලියෙක් ඉන්නවා. තවම ඒ අය ඉගෙන ගන්නවා.

    මව හෝ පියා දේශපාලන තනතුරු දරා තිබෙනවාද?එම නිසා ඔබ දේශපාලනයට පැමිණියාද?

    මව හා පියා රජයේ රැකියා තමයි කළේ, දේශපාලන තනතුරු දැරුවෙ නෑ. 

     

    අධ්‍යාපන කටයුතු කොතරම් දුරට හදාරා තිබෙනවද?

    විශේෂයෙන් මතක් කරන්න ඕන කුඩා කල සිට මම ඉගෙනගත් පාසල, අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා ජාතික පාසලෙන් තමයි මම ඉගෙන ගත්තේ. මා විශිෂ්ට ලෙස  අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙලා ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරුවා. මේ වනවිට විශ්වවිද්‍යාල ප්‍රවේශය  බලාපොරොත්තුවෙන් සිටිනවා.

    නගර සභාවේ ක්‍රියාකාරී මන්ත්‍රී ධුරයක් ලබා නායකත්වයක් ගෙන, ගමට  කොට්ඨාසයට වැඩක් කළ හැකිද?

    පාසලේ ශිෂ්‍ය නායිකාවක් ලෙස කටයුතු කළා. ගමේ ක්‍රීඩා සමිතියේ ලේකම් ධුරය දැරුවා. අපේ ගමේ ආගමික වැඩසටහන්, දන්සැල්, අවුරුදු උත්සව වැනි පොදු කටයුතුවලදී මූලිකත්වය ගෙන ක්‍රියාකාරීව වැඩ කරනවා. ඒ නිසා නායකත්වයට බියක් දැනෙන්නෙ නෑ. උගත් බුද්ධිමත් පිරිසගේ සහයෝගය, අවවාද නිරන්තරයෙන් මට ලැබෙනවා.

     

    නගර සභාවේ මන්ත්‍රීවරියක් වෙලා ගම වෙනුවෙන් මොනවද කරන්නේ?

    මන්ත්‍රී ධුරය ලැබෙන්න පෙර සිටම අපි පදනමක් පිහිටවලා කොට්ඨාසයේ ජනතාවගේ ගැටලු හඳුනාගෙන, ගමේ පොදු වැඩ  කටයුතු  සඳහා ක්‍රියාකාරීව වැඩ  කරනවා. ක්‍රියාකාරී මන්ත්‍රී ධුරයක් ලැබුණොත් එය ගොඩක් පිටුවහලක් වෙයි ගමේ අයට වගේම කොට්ඨාසයේ පිටටත් වැඩ කරන්න.

    ඡන්ද ව්‍යාපාරයේ නිරත වනවිට ගමේ අයගේ දායකත්වය හා අමතක නොවන සිදුවීම් එහෙම තිබෙනවාද?

    සමහර අම්මලා,  අක්කලා, නංගිලා, සිප වැලඳ ගත්තා මාව, මම ඡන්දය ඉල්ලන සතුටට. ඒ අය නිරන්තරයෙන් කියා සිටියේ තරුණ උගත් ළමයෙක් ඡන්දය ඉල්ලන එක සතුටුයි කියලා. එම නිසා මම තව තවත් ධෛර්යමත් වුණා.

    මෙම කොට්ඨාසයේ අනෙකුත් ඡන්දය ඉල්ලපු අපේක්ෂකයන් ඔබට අභියෝගයක් වුණාද?

    අපොයි ඔව්. ලොකු අභියෝගයක් තිබුණා. අනෙක් ප්‍රධාන පක්ෂ තුනේ අය දැනගෙන හිටියා මම ජයග්‍රහණය කරනවා කියලා. අපේ කොට්ඨාසයේ එම පක්ෂ තුනේ අය එකතු වෙලා වැඩ කළා මාව වට්ටන්න. සමහරු ප්‍රචාරයක් ගෙන ගියා ළදරු දේශපාලනය කියලා. මාව මානසිකව වට්ටන්න ගොඩක් අය උත්සාහ කළා. පැහැදිලිවම අනෙක් අයගේ දේශපාලන ක්‍රියාකාරකම් මට ආශිර්වාදයක් වෙලා ඒ අයගේ ඡන්ද මට ලැබුණා. බොරු පැමිණිලි පොලීසියට දීලා පොලීසිය ඇවිත්  වත්තෙ තිබුණු කටවුට් පවා ගලවගෙන ගියා. මගේ දෙමවුපියන් ගමේ ජනතාව සමග තිබූ බැඳීම සහෝදරත්වය තමයි මේ ජයග්‍රහණයට ප්‍රධානම හේතුව වුණේ.

    ඡන්දය දිනලා කියලා දැනගත්තහම මොනවද දැනුණේ? මුලින්ම කාටද ඒ ගැන කිව්වෙ?

    ඡන්දය ගණන් කරන මධ්‍යස්ථානයක තමයි මම හිටියේ. එම මධ්‍යස්ථානයේ ඡන්දය ගණන් කළාට පස්සේ මම දැනගත්තා එම ඡන්ද මධ්‍යස්ථානයේ දී මම ජයග්‍රහණය කර තිබෙන බව. තවත් තැනක දැනගත්තා මට ඡන්දය වැඩියි කියලා. පසුව දැනගත්තා කොට්ඨාසයේම මම ජයග්‍රහණය කර තිබෙන බව. මගේ සතුට තවම පිටකරගන්න බැහැ. 

    පළාත් පාලන මැතිවරණය තරග කරලා ජයග්‍රහණය කළ ළාබාලම කාන්තාව කියලා දැනගෙන ඉහළ පෙළේ පක්ෂ නායකයන් කතා කළාද?

    නැහැ කතා කළේ නෑ. මම හිතන්නේ ඒ අය එහෙම දෙයක් දන්නේ නැතුව ඇති.

    ජීවිතේ පළමු වතාවට ළාබාල තරුණියක් ලෙස පරිණත දේශපාලනඥයන්  සමග නගර සභාවේ එකට වැඩ කටයුතු කරන්න සූදානම් ද?

    ඒ පරිණත අයත් ගොඩක් හිතවත් වේවි කියලා මම හිතනවා.

    අවසන් වශයෙන් මොනවද කියන්න තියෙන්නේ ?

    මා ඉහත මතක් කළ අයට අමතරව ගමේ මගේ යාළුවන්, නෑදෑයන්, ප්‍රදේශයේ සිටින ගුරුභවතුන් මට ගොඩක් උදව් කළා. විශේෂයෙන් කිව යුතුයි මේ කොට්ඨාසය හා ඉන් පිටත තරුණ පිරිස් ගොඩක් කැප වෙලා ඡන්ද ප්‍රචාරක වැඩවල නිරත වුණා. අම්මගෙ යාළුවො  උදව් කළා. ගමේ බොහෝ අය හිටියා පරම්පරාවෙන් කැපුවත් නිල්, කැපුවත් කොළ, රතු කියලා. එවැනි බොහෝ පිරිසක් ජීවිතයේ ප්‍රථම වරට ඒ අය මම නිසා පක්ෂය මාරු කරලා මේ පාර මට ඡන්දය දුන්නා. මම ඒ අයටත් හිස නමා ආචාර කරනවා.  නම් කියූ, නොකියූ සියලුම දෙනාට ස්තුතිය පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.

  • අන්තර්ජාතික අධිකරණ අපේ රටට එපා.. රටවල් පහක ඉල්ලීමට ජනපතිගෙන් දරුණු පිළිතුරක්….

    අන්තර්ජාතික අධිකරණ අපේ රටට එපා.. රටවල් පහක ඉල්ලීමට ජනපතිගෙන් දරුණු පිළිතුරක්….

    අන්තර් ජාතික අධිකරණය පිළිගන්නා ලෙස රටවල් පහක්‌ කළ ඉල්ලීම අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා රජය විසින් මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇත.

    ජිනීවා නුවර ආරම්භ වී ඇති 37 වැනි මානව හිමිකම් සමුළුව වෙත ශ්‍රී ලංකාව ඉටු කළ යුතු නිර්දේශයක්‌ ලෙස  ලැට්‌වියාව, ස්‌ටෝනියාව, මැසිඩෝනියාව, ඔස්‌ටේ්‍රලියාව ඇතුළු රටවල් පහක්‌ එම ඉල්ලීම කර ඇත.

    අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ  ශ්‍රී ලංකා රජය මෙම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර ඇත්තේ රටේ අභ්‍යන්තර කටයුතු වලට කිසිම පිටස්තරයෙකු අතපෙවිය යුතු නැත යන ස්ථාවරයේ සිටිමිනි…