Author: Editor[A]

  • කොළඹ රැකගත් බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන ගැන ඔත්තු දිලා ගෝඨා රණවිරුවන් පාවාදුන් හැටි මෙන්න….

    කොළඹ රැකගත් බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන ගැන ඔත්තු දිලා ගෝඨා රණවිරුවන් පාවාදුන් හැටි මෙන්න….

    “වෙනත් කරුණක් සඳහා වරක් රහස් පොලීසිය මගෙන් ප්‍රශ්ණ කල අවස්ථාවක ලසන්ත ඝාතනය සිදුවූ අවධියේ කොළඹ ප්‍රදේශයේ මෙහෙයුම් බාරව සිටි 112 බල සේනාධිපති බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන යන නිලධාරියා යටතේ සිටි හමුදා ඛන්ඩ වල ක්‍රියාවන් ගැන සොයා බලන ලෙස මම රහස් පොලීසියට පැවසුවද දේශපාලන බලපෑම් මත එය සිදු නොවූ බව පෙනීයයි.”

     

    Excusive: විමල් රහසේම රනිල් හමුවෙයි… 2020දි විමල්,නානසාර,ගම්මන්පිල,ඩිලන්ත හරහා හමන රනිල්ගේ “ගෝඨ සුළඟ”

    ගෝඨාභයට විමල්ට,ගම්මන්පිලට මෙන්ම රාජපක්ෂලාටද ෆොන්සේකා පොලිස් ඇමතිවිම නතර කර ගත යුතුය.ඒපමණක් නොව මහේන්ද්‍රන්,ඇලෝසියස් ඇතුලු බැංකු හොරු ආරක්ෂා කර ගැනිමට රනිල්ට අවශ්‍ය වි හමාරය.එසේනම් ෆොන්සේකා පොලිස් ඇමති විම වැලැක්වීමට මේ දෙපාර්ශ්වයටම අවශ්‍ය වි හමාරය.

    දැන් කතාව පැහැදිලිය…. රනිල්-ගෝඨා ඩිල් හරහා දෙදෙනා දෙදෙනාටම අවශ්‍ය දෙ කිරිමට ගේම් එක Play කරමින් සිටි.නමුත් ගෝඨා එම් නිවේදනය නිකුත් කරන්නට වු හදිසීය නිසා හත්පොලේ ගාගෙන හමාරය.

    රණවිරුවන් බිල්ලට දෙනවා යැයි අණ බෙර ගසමින් රට වටේ යන ගෝඨා,විමල්,ගම්මන්පිල,මහින්ද සහ මරාගෙන් මැරෙන සංඝ සෙට් එක ගෝඨාභය රණවිරුවන් පාවාදීම ගැන කියන්නේ කුමක්ද ?

    උපුටා ගැන්ම

    හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනය

    “වෙනත් කරුණක් සඳහා වරක් රහස් පොලීසිය මගෙන් ප්‍රශ්ණ කල අවස්ථාවක ලසන්ත ඝාතනය සිදුවූ අවධියේ කොළඹ ප්‍රදේශයේ මෙහෙයුම් බාරව සිටි 112 බල සේනාධිපති බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන යන නිලධාරියා යටතේ සිටි හමුදා ඛන්ඩ වල ක්‍රියාවන් ගැන සොයා බලන ලෙස මම රහස් පොලීසියට පැවසුවද දේශපාලන බලපෑම් මත එය සිදු නොවූ බව පෙනීයයි.”

    උපුටා ගැන්ම අවසන්….

    බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන පාවාදුන් ගෝඨා….

    බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන යනු කොටි ත්‍රස්තවාදීන් කොළඹ මරමස්ථාන ඉලක්ක කර පහරදිමට ගත් උත්සහයන් රැසක් ව්‍යාර්ථ කල අතී දක්ෂ නිළධාරියෙකි.එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකාගේ සaජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වු බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන ගෝඨාභයගේ හතුරෙකු බවට පත්වුයේ 2010 වසරේදි ෆොන්සේකා මැතිවරණයට ඉදිරිපත් විමත් සමගය.ඒ සමගම ක්‍රියාත්මක වු එවකට ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන ඉලක්ක කර දිගින් දිගටම පලිගත් අතර ඔහු විසින් මෙහෙයුම් සදහා යොදවාගත් හමුදා කණ්ඩායම රටේ නීතියට අනාවරණය කිරිමටද කටයුතු කරනු ලැබුවා.

    බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන පාවාදුන් ගෝඨාභය කුමන්ත්‍රණය බලාපොරොත්තු වන්න

    (අදාල සම්පූර්ණ කට උත්තරය අප සතුව ඇති බව ගෝඨා මෙන්ම සරණ යන එවුන්ද දැන සිටිම නුවණට හුරුය… )

    දැන් රණවිරුවන් ගැන කිබුල් කදුලු හෙලන  හැතීකර විමල්,ගම්මන්පිල,මහින්ද සහ මරාගෙන් මැරෙන සංඝ සෙට් එක මෙන්ම රෙද්ද උස්සන් ගොස් කතීරය ගහපු ජනතාව දැන් කියන්නේ කුමක්ද? ගෝඨා රණවිරුවන් පාවාදුන්නාට කමක් නෑ කියාද?

    උපුටා ගැනීම ලංකා ලීක්ස් 

  • සැමියා බව දැන දැනත් පුතාද කියා ඇසු කාන්තාවට දුලීකා හිනාවෙලා දීපු අමුතු උත්තරේ මෙන්න…

    සැමියා බව දැන දැනත් පුතාද කියා ඇසු කාන්තාවට දුලීකා හිනාවෙලා දීපු අමුතු උත්තරේ මෙන්න…

    දූලිකා මාරපන කියන්නේ කුවුරුත් දන්න අපේ රටේ ඉන්න දක්ෂ නිළියක්.පසුගිය දවසක සිද්ධ වෙච්ච වැඩක් නිසා ඇයට හුඟක් තරහා ගිහින්.මේ ඒ ගැන ඇය කියලා තිබුණු කතාව…

    ටික කාලයකට ටෙලි නාට්‍ය රංගනයෙන් ඈත් වෙන්න හේතුවක් තිබුණද?
    ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ පවත්නා වූ ක්‍රමවේදය මට එතරම් ප්‍රිය නෑ. සමහරු මේ කලාව තෝරගන්නේ කරන්න වෙන කිසිම දෙයක් නැති වුණාමයි. පාරේ යන මිනිසුන්ට වැස්සට ගොඩවෙන්න තියෙන අම්බලමක් නෙවෙයි මේ. විෂය පිළිබඳ හොඳ හැදෑරීමකින්, නිවැරැදි අවබෝධයකින් පැමිණිය යුතු ගමනක් මෙය. මට ක්‍ෂේත්‍රය ගැන කලකිරුණා. වේදිකා නාට්‍යයක් කරගෙන ඉන්න එක හොඳයි කියලා හිතලා ටික කාලයකට නාට්‍යවලින් සමුගත්තා.

    ඔබයි සුජීවයි නිර්මාණය කළ ‘සුපර්ණා’ මේ වසරේදී ප්‍රේක්‍ෂකයන්ට බලාගන්න පුළුවන් වෙයිද?
    ඔව්. දැන් යන්නේ අවසන් අදියර. මේ දිනවල එහි සංගීතය පිළිබඳ වැඩ ටිකක් කෙරෙනවා. ‘සුපර්ණා’ තුළින් අපි කතා කරන්නේ ලංකාවේ මෙතෙක් කතා නොකළ මාතෘකාවක්. අපේ රටට ආවේණික සියලු ශාකයන් අපිට අහිමි වෙමින් යනවා. පරිසරය රැක ගැනීම, අපේ රටේ සංස්කෘතික දායාද, මනුස්සකම් ආරක්‍ෂා කරගැනීම, මෙමඟින් කතා කරනවා. අද අපි කන්නේ ඇට නැති මිදි. ඇට නැති ‍ෙදාඩම්, ඇට නැති පැපොල්. ගම් මට්ටමින් අපේ දේ විනාශ කරලා. විදේශිකයෝ මේ රට ආක්‍රමණය කරලා. අපේ දේට ඉඩක් නෑ. අද අපි කන්නේ කිලෝ පේර. අල්පෝන්සු අඹ. එසේ විය යුතු ජාතියක් නෙවෙයි අපි. මේ ඛේදවාචකය ‘සුපර්ණා’ හරහා කතා කරනවා.

    ඔබ කවදත් කෙළින් කතා කරන කෙනෙක්. මේ කතාව හරහට හිටි අවස්ථාත් ඕන තරම් ඇති නේද?
    මගේ කට වැඩියි කියලා සමහරු ඒ අයගේ නිර්මාණවලට මාව නොගන්නවාත් ඇති. නමුත් එහෙම නැතිව මේ ක්‍ෂේත්‍රයේ රැඳෙන්න බෑ. මට ඒ විදියට ඉන්න ඉගැන්නුවේ මගේ අත්තා. (අම්මාගේ තාත්තා.) මට මතකයි මම මොන්ටිසෝරි යන කාලේ කොල්ලෙක් මට ගැහුවා. මම ගෙදර ඇවිත් හොඳටම ඇඬුවා. අත්තා මට කිව්වේ ගුටි කාලා නම් ගෙදර එන්න එපා. කවුරු හරි ගැහුවොත් ඒ කෙනාට දහ පාරක් ගහන්න කියලා. ඒ වගේම තමයි ගාමිණි ෆොන්සේකා මහත්තයා. ඔහු කිව්වෙත් ඒ දේමයි. කොන්ද කෙළින් තියාගෙන ජීවත් වෙන්න කිව්වා. ඒ දේ තමයි අදටත් මම පිළිපදින්නේ.

    ඔබයි සුජීවයි බොහොම ආදරණීය යුවළක්. නමුත් සුජීව ඔබේ පුතා නේද කියලා අහලා ඔබව අපහසුතාවට ලක් කරන්න හදන අයත් ඉන්නවලු නේද?
    සමහරු ඔහු මගේ සැමියා බව දැන දැනම පුතාද කියලා අහද්දී නම් මට තරහා යනවා. එතකොට මම කියනවා ඔව් ලොකු පුතා. හැබැයි මට වඩා අවුරුදු 3කට කලින් ඉපදුණේ කියලා. දැන දැන බොරු අහනවා. සුජීවගේ පෙනුම ඔහුගේ වාසනාවට හිමිවූ දෙයක්. හැමදාම ඔහු එක වගේ. වියපත් වන පෙනුමක් ඔහුට නෑ. නමුත් මම ඊටත් වඩා වාසනාවන්තයි.

    ඒ කිව්වේ?
    මට මගේ හැකියාව ගැන ආඩම්බරයි. මගේ වයසට කොහෙත්ම නොගැළපෙන අවුරුදු 80, 85 වයසක චරිත පවා මට රඟපාන්න ලැබිලා තියෙනවා.

    විදේශීය කාන්තාවකුත් සුජීව ඔබේ පුතාද කියලා ඇහුවාලු නේද?
    ඔව්. ගුවන්තොටුපොළකදී ගුවන් ගමන් බලපත්‍ර දෙකත් අතේ තියාගෙනම එහෙම ඇහුවේ. ඇයට අයිතියක් නෑ එහෙම අහන්න. මට හිතුණා ඇයි ‘පොට්ටද’ කියලා අහන්නත්. ඒ කාන්තාවත් හොඳටම බය වුණා. ඒ මම යම් නීතිමය පියවරක් ගනීවි කියලා. ශ්‍රී ලාංකික අපි ඒතරම් පහත් මට්ටමට වැටිලා නෑ. නමුත් අපේ රටේ අයගේ පුරුද්දක් තියෙනවානේ, නානවා කියලා දැක දැක අහනවා නානවද කියලා. කනවා කියලා දැක දැක අහනවා කනවද කියලා. ඒ වගේ සැමියා බව දැන දැන අහනවා පුතාද කියලා. ඔන්න ඕවට තමයි කුණුහරුප කියන්නේ.

  • රටම උණුසුම් කල නන්දිකඩාල් කලපුවේ රතු කොඩියේ ඇත්ත කතාව මෙන්න….

    රටම උණුසුම් කල නන්දිකඩාල් කලපුවේ රතු කොඩියේ ඇත්ත කතාව මෙන්න….

    මුලතිව්, වට්ටුවාකල් පාලස ආසන්නයේ නන්දිකඩාල් කලපුවේ අඩි 22 ක උසින් යුතු රතු පැහැති කොඩියක් ඊයේ (01) ඔසවා ඇති බව මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ජනතාව පවසනවා.

    ජනතාව පැවසූවේ නන්දිකඩාල් කලපුව හරහා වන වට්ටුවාකල් පාලම අබලන්ව ඇති බැවින් අදාළ රතු කොඩිය කිසියම් පිරිසක් ඔසවා ඇති බවයි.

    යුද්ධය පැවති සමයේ ඉන් අනතුරුව මීටර 200 ක් පමණ දිගැති වට්ටුවාකල් පාලම නිසි පරිදි සකස් කොට නොතිබීම හේතුවෙන් මාර්ගය හරහා ගමන් කිරීම අවදානම් බව ජනතාව පැවසුවා.

    කඩිනම්න් කලපුව හරහා සුදුසු පරිදි පාලමක් සකස් කොට දෙන ලෙසට ජනතාව ඉල්ලා සිටින බවයි සඳහන් වන්නේ.

  • අගමැති රනිල් පුටුවෙන් එළවන සටනේදී මෛත්‍රීගේ සහයත් රංගේ බණ්ඩාරට…

    අගමැති රනිල් පුටුවෙන් එළවන සටනේදී මෛත්‍රීගේ සහයත් රංගේ බණ්ඩාරට…

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ගෙන යන සටන අඛණ්ඩව ඉදිරියට ගෙන යා හැකි බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම් නීතිඥ මෛත‍්‍රී ගුණරත්න පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු ද වන නීතිඥ මෛත‍්‍රී ගුණරත්න මේ බව කියා සිටියේ ගාල්ල කතළුව ප‍්‍රදේශයේ මාධ්‍ය හමුවක් පවත්වමින්.

    බුද්ධික පතිරණ, මාතලේ අලුවිහාරේලා සහ රංගේ බණ්ඩාර අග‍්‍රාමාත්‍යවරයා විසින් නොසළකා හැර ඇති මන්ත‍්‍රීවරුන් බව  නීතිඥ මෛත‍්‍රී ගුණරත්න මෙහිදී සඳහන් කළා. අගමැතිවරයාගේ අදහසට පිටින් යන හෝ ඊට එරෙහිවන පුද්ගලයින්ට ඔහු මෙසේ කරනබවයි මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

  • එදා නෑ කියා ප්‍රසිද්ධියක් ලැබූ ඔහුම අද තියෙනවා කියනවා – වඳ බෙහෙත් ගැන කරලිය ගිනි ගනී…

    එදා නෑ කියා ප්‍රසිද්ධියක් ලැබූ ඔහුම අද තියෙනවා කියනවා – වඳ බෙහෙත් ගැන කරලිය ගිනි ගනී…

    කෙනෙකු වඳභාවයට පත් කළ හැකි කිසිම රසායනිකයක් ලෝකයේ කිසිදු කෙනෙක් මෙතෙක් සොයාගෙන නැහැ. ආහාරවලට දමා හෝ ඇඳුම්වල තවරා හෝ වඳ භාවය ඇති කරන බවට ප්‍රචාර ගෙන යන්නේ ජාතිවාදී පදනමෙන් පමණයි. යනුවෙන් පවසමින් දැවැන්ත ප්‍රසිද්ධියක් ලැබූ විශේෂඥ  වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා පුවත්පතකට දැක්වූ අදහසක් මේ දිනවල සමාජජාල වල හුවමාරු වනවා..ඒ අම්පාරේ ආපනශාලාවක වඳ බෙහෙත් සම්බන්ධයෙන්  ඇතිවූ ගැටුමත් සමගයි.

    ඒ අතරේම ලැබූ ප්‍රසිද්ධියත් සමගින් පුවත්පතේ පළවූ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම විශේෂඥ  වෛද්‍යවරයා තවත්  ප්‍රකාශයක් නිකුත් කොට තිබෙනවා.

     

  • බැසිල්ගේ සල්ලි නිසා සහ ෆයිල් කතන්දර නිසා විපක්ෂයට යන්න අඩන නියෝජ්‍ය ඇමති මෙන්න..

    බැසිල්ගේ සල්ලි නිසා සහ ෆයිල් කතන්දර නිසා විපක්ෂයට යන්න අඩන නියෝජ්‍ය ඇමති මෙන්න..

    නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතා විපක්ෂයට එක්වන බවත්, තමා ඒ බව ජනාධිපතිවරයාට දැන්වූ බවත් කියා සිටී. 

    ජනතාව වෙනුවෙන් තමා මේ තීරණයට එළඹි බවද ඔහු සඳහන් කර ඇත.

    ජනාධිපතිවරයා තව මසක කාලයක් රැදෙන්නැයි තමාට කී බවත්, කෙසේවුවද  තමාගේ තීරණයේ වෙනසක් නැතිබවත්, තමා ආණ්ඩුවෙන් ඉවත්වන බවද ඔහු පුවත් පතකට පවසා තිබේ.

    මේ අතර තිරය යට පුවත් වාර්තා කරන්නේ මහින්ද පිලෙන් ලැබුණු කෝටි ගණනක මුදල් හමුවේ සහ යටගිය මහින්ද පාලන කාලයේ සුසන්ත සිදුකල දුෂණ වංචා පිළිබද තොරතුරු ජනගත වීමට බියෙන් මෙම තීරණය ගැනීමට අසරණව ඇති සුසන්තට සිදුව ඇති බවයි…

  • බල තන්හාවෙන් සිටින රාජපක්ෂවරුන්ගෙන් සීතාවක දිනේෂ් ගුණවර්ධනට කැපිල්ලක්….

    බල තන්හාවෙන් සිටින රාජපක්ෂවරුන්ගෙන් සීතාවක දිනේෂ් ගුණවර්ධනට කැපිල්ලක්….

    තිස්ස මහාරාම ප්‍රාදේශීය සභාව සදහා පොහොට්ටුව ලකුණින් තරග වැද වැඩිම මනාප ප්‍රතිශතයක් වාර්තා කරමින් ජයග්‍රහණය කල හර්ෂ ජයවීර හිටපු සභාපතිවරයාට නැවතත් සභාපතිධූරය ලබා නොදී චමල් රාජපක්ෂගේ සමීපතමයෙකු වන ඩබ්.ඩී.උපුල් නැමැති හිටපු උප සභාපතිවරයාට ලබාදීමට චමල් ගන්නා උත්සාහයත් සමග පොදුජන පෙරමුණ නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන දැඩි කලකිරීමකට ලක්ව සිටින බව වාර්තාවේ.

    මැතිවරණයට පෙර ඇතිකරගත් එකගතාවයන් මත දිනේෂ් නායකත්වය දරන මහජන එක්සත් පෙරමුණට තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ හා සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිධූරයන් ලබාදීමට එකගතාවක් පැවැතියද ඒකාබද්ධ විපක්ෂය තුල වෙනම මතවාදයක් ගෙන යාමට රාජපක්ෂවරුන් දරන ප්‍රයත්නය නිසා පක්ෂය අර්බුදයකට ලක්ව ඇති බවත් වාර්තාවේ.

    මේ ගැටළුව සමථයකට පත් කිරීමට අද දිනයේ මහින්ද රාජපක්ෂද සෘජුව මැදිහත් වී ඇතත් චමල් මහින්දගේ බසට පවා නතු නොවෙන තත්වයක් කාල්ටන් නිවසේදී දකින්නට ලැබිණ. තත්වය මේ ආකාරයෙන්ම පැවතියහොත් ඉදිරි දින කිහිපයේදී තමන් බරපතල දේශපාලන තීන්දුවකට යන බවද දිනේෂ් ගුණවර්ධන පාර්ශවය පවසයි. මැතිවරණයෙන් පසු උදය ගම්මන්පිලටද බැසිල් රාජපක්ෂ සිදුකල බැන වැදීමක් සම්බන්ධයෙන්ද වාර්තා විය.

  • එජාපය විනාශ කළ අය ගැන හිත රිදුනු රවීගෙන් ප්‍රකාශයක්…..

    එජාපය විනාශ කළ අය ගැන හිත රිදුනු රවීගෙන් ප්‍රකාශයක්…..

    ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවටපැමිණි දෙතුන් දෙනෙක් එක්සත් ජාතික පක්ෂයවිනාශ මුඛයට ඇද දමා ඇතිබව, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසනවා.මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ කිසිදු ජනපදනමක් නොමැති එම සුළුතරය

    පක්ෂයට සිදුකර ඇති විනාශය යළි ආපස්සට හැර වීමට නොහැකි තරම් බරපතළ බවය.

    පක්ෂය තුල රැඩිකල් වෙනසක් සිදුවිය යුතුබවත් තරුණ කොටස් සඳහා ඉදිරියට පැමිණීම ට අවස්ථාව සලසා දිය යුතු බවත් ඔහු පෙන්වා දෙනවා. මෝදර,කිඹුලාඇල ප්‍රදේශයේ පැවති උත්‍සවයකදී ඔහු මේ බව පැවසුවා.

    ” බලය ගත්තට පස්සෙ තමන් ළඟ සිටි අය අමතක වෙනව. හරියට තමන්ගෙ ගෙදර අය ඉද්දි අල්ලපු ගෙදර අයට ආලය කරනවා වගේ. අද අපි පාක්ෂිකයන් ගැන හිතන්න ඕනෑ . පාක්ෂිකයන් ආරක්ෂා කරන්න ක්‍රම වේදයක් සකස් කළ යුතුයි. එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී වරු පක්ෂය වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදුකර තිබෙනවා. අපේ පක්ෂය ප්‍රතිසංවිධානය කළ යුතුයි.

    අපි ඒක එදා ඉදලා ප්‍රකාශ කළා. අපේ පක්ෂය විතරක් නොවේ අනෙකුත් පක්ෂ වලත් ප්‍රතිසංවිධානයක් අවශ්‍ය වී තිබෙනවා.
    හොඳම උදාහරණය තමා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරනතුංග මැතිනිය, ජනාධිපති ධූරයෙන් විශ්‍රාම ගිහින්, නැවත අත්තනගල්ල ආසනය භාර ගත්තා, පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය බැලුවොත් තුන්වැනි තැනට ඉන්නේ. මා සම්බන්ධයෙන් මාරපන කමිටුව පත් කළා, ජනවරමක් නොමැති අය කොහොමද, ජනපදනමක් තිබෙන මා වැනි කෙනෙකු පිළිබඳව තීරණ ගන්නෙ.
    මේව රට්ටු හිනස්සන වැඩ.

    අද ජනතාවට දේශපාලනය එපා වෙලා. මම මුදල් ඇමැති කාලෙ ජනතාවට දැනෙන වැඩ කොටසක් කළා. ජාතික රක්ෂණ භාර අරමුදල හරහා රටම රක්ෂණය කළා. පාසල් ළමුන් සඳහා විශේෂ රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දුන්නා. අඩු ආදායම් ලාභී ජනතාව සහ සුළු,මධ්‍යම ,මහාපරිමාණ ව්‍යපාරික ජනතාව සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ගෙනාව.උසස් පෙළ සිසුන්ට හා උසස් පෙළ ගුරුවරුන් ට ටැබ් පරිගණක ලබා දීමට පියවර ගත්ත. මේවාට දැන් අයිතිවාසිකම් කියන්න බොහෝ දෙනෙක් ඉන්නව. හරියට අනුන්ගේ දරුවන්ට උප්පැන්න ලියනව වගේ .” යැයිද ඔහු වැඩිදුරටත් පැවසුවා.

  • විමල් සහ බිරිඳ නම්, උපන් දින, උපන් ස්ථාන පවා වරින් වර ව්‍යාජ ලෙස හදපු හැටි මෙන්න..!

    විමල් සහ බිරිඳ නම්, උපන් දින, උපන් ස්ථාන පවා වරින් වර ව්‍යාජ ලෙස හදපු හැටි මෙන්න..!

    මේ මහ පොළොව මත ජීවත් වන සෑම ජීවියෙකුට පොදු එක් දෙයක් තිබේ. එනම් ඒ ජීවියා මේ මහ පොළොවට බිහි වූ දිනය හෙවත් උපන් දිනයයි. එය මොන ජගතාටවත් වෙනස් කළ නොහැකිය. එනිසාම ශිෂ්ඨාචාරගත මනුෂ්‍ය සමාජය මිනිසෙකුට තම උපන් දිනය වෙනස් කළ නොහැකි ලෙසටත් එසේ වෙනස් කිරීම සාපරාධී වරදක් ලෙසත් සලකා නීති සම්පාදනය කර තිබේ. ලංකාවේ නීතියද එසේමය. මිනිසෙකු තම උප්පැන්න සහතිකයේ හෝ අන් කවර රජයේ ලේඛනයක හෝ තම උපන් දිනය වෙනස් කළ හොත් දණ්ඩ නීති සංග්‍රහයේ 455 වන වගන්තිය යටතේ වසර 7 ක සිර දඬුවමකට යටත් විය යුතුය. දඩයකටද යටත් විය යුතුමය.

    මෙම නීතිමය හේතු වලටත් වඩා ශිෂ්ඨාචාර මිනිසෙකුට තම උපන්දිනය වෙනස් කර ජීවත් විය නොහැකිය. ඒ ශිෂ්ඨාචාර මිනිසාගේ බොහෝ සංස්කෘතික බැඳීම් උපන්දිනය හා බැඳී ඇති නිසාය. එබැවින් යම් පුද්ගලයෙක් තම උපන් දිනය කූඨ ලෙස වෙනස් කරන්නේ නම් ඔහු වසර 7 ක් සිර දඬුවම් විඳිනවා පමණක් නොව අශිෂ්ඨ වනචාරියෙක් ලෙස ශිෂ්ඨාචාර සමාජය සලකනු ලබන්නේ ය.

    ඉහත කී පූර්විකාව ලීවේ දැනටමත් තම නාමය තෙවරක් වෙනස් කරගෙන ජීවත් වන පුද්ගලයෙක් වන වීරසංගිලි පනික්කියලාගේ විමලසේන හෙවත් විමලසිරි ගම්ලත් හෙවත් විමල් වීරවංශ සිය උපන් වර්ෂය ද ව්‍යාජ ලෙස සකසා ඇති බව හෙළිදරව් කිරීමට ය. ඔහු පමණක් නොව ඔහුගේ බිරිඳ ද තම නාමයත්, උපන් වර්ෂයත්, උපන් දිනයත්, උපන් ස්ථානයත් ව්‍යාජ ලෙස සකස් කරගෙන තිබේ.

    1. විමල් වීරවංශ වත්මන් බිරිඳ කසාද බඳිද්දී ඇයගේ නම ශීර්ජා උදයන්තිය. කසාද බැන්දේ 1996 දී වන අතර එහිදී ඔහුගේ වයස අවුරුදු 26 කි. බිරිඳට වයස 29 කි. ඒ අනුව විමල් වීරවංශ ඉපදී ඇත්තේ 1970 දී වන අතර ශීර්ජා ඉපදී ඇත්තේ 1967 දී ය. වීරවංශ බිරිඳට වඩා වසර 3 කින් බාලය.

    2. නමුත් වැඩිමල් දරුවා වූ විභූති විශ්වජිත් රාගම මහ රෝහලේ දී 1997 සැප් 17 උපත ලබද්දී ඔහුගේ උප්පැන්න සහතිකයේ විමල් වීරවංශ පියාගේ උපන් දිනය ලෙස සඳහන් කර ඇත්තේ 1965 මාර්තු 07 ලෙසය. එකළ ඔහුගේ රැකියාව නාගරික මන්ත්‍රී ලෙස සඳහන් ය. නාගරික මන්ත්‍රීවරයෙකුට තම උපන් වසර ගැන වැරදීමක් සිදුවිය නොහැක. මන්ද මෙම ඉපැදීම දැනුම් දී ඇත්තේ ද වීරවංශ යැයි එහි සඳහන් වන නිසාය. මෙය රෙජිස්ට්‍රාර් කන්තෝරුවේ වරදක් වී යැයි අප උපකල්පනය කළත් එය අපූරු වරදක් වන්නේ විභූති පුතා උපන්නාට වසර 4 කට පසු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 2001 සැප්තැම්බර් 04 වන දින උපදින විමාෂා විශ්වාදරී දුවගේ උප්පැන්න සහතිකයේද පියා ලෙස විමල් වීරවංශගේ උපන් දිනය ලෙස 1965 මාර්තු 07 දිනයම සඳහන් වීමයි. පුතාගේ උප්පැන්න සහතිකයේ විමල් වීරවංශ ඉපදී ඇත්තේ ඉත්තෑපාන රජයේ රෝහලේ වන අතර දුව උපදින කාලය වන විට විමල් වීරවංශ ඉපදී ඇත්තේ කළුතරය. මේවා රෙජිස්ට්‍රාර් කාර්යාලයේ වැරදි ලෙස සැලකිය නොහැක්කේ මේ දැනුම් දීම් සිදුකර ඇත්තේ විමල් වීරවංශ විසින්ම නිසා ය.

    මේ උප්පැන්න දෙකේ ම මවගේ නම ශීර්ජා උදයන්ති වන අතර උපන් දිනය ලෙස සඳහන් කර ඇත්තේ 1967 පෙබරවාරි 01 වෙනිදා ය. ඒ අනුව කසාද බඳිද්දී බිරිඳට වඩා වසර 3කින් බාලව සිටි වීරවංශ දරුවන් උපදින විට බිරිඳට වඩා වසර 2 කින් වැඩිමහල් වී තිබේ.

    3. නමුත් 2008 දෙසැම්බර් 10 වන විට වීරවංශ විසින් උප්පැන්න රෙජිස්ට්‍රාර් වරයාට කරන ප්‍රකාශ පත්‍රයක් පාදක කරගෙන රෙජිස්ට්‍රාර් වරයා විසින් පියාගේ උපන් දිනය ලෙස යලිත් 1970 මාර්තු 07 වෙනිදා යනුවෙන් වෙනස් කර තිබේ.

    ඒ අනුව යලිත් බිරිඳ වැඩිමහල් වී විමල් බාල වී ඇත. එයද වෙනස් කළ යුතු නිසා යලිත් වරක් 2011 මාර්තු 28 දා විමල් වීරවංශගේ බිරිඳ කරන ලද ප්‍රකාශයක් මත සහකාර රෙජිස්ට්‍රාර් ජෙනරාල් වරයා විසින් බිරිඳව විමල්ට වඩා වසරකින් බාල කරවා ඇත. ඒ අනුව 1967 පෙබරවාරි 01 දා උපන් ඇයගේ නව උපන් දිනය ලෙස 1971 පෙබරවාරි 03 ලෙස විකෘති කර ඇත. මෙහි ඇති අපූරුව නම් එම වෙනස් කිරීමත් සමග මෙතෙක් කල් ‘ශීර්ජා උදයන්ති‘ ලෙස පෙනී සිටි විමල්ගේ බිරිඳ ‘ෂෙහාෂා’ ලෙස නම් වෙනස් කරගෙන තිබීම පමනක් නොව සත්‍ය උපන් දිනය වූ පෙබරවාරි 01 දිනය වෙනුවට පෙබරවාරි 03 ලෙසද වෙනස් කර තිබීම ය.

    4. විමල් වීරවංශගේ බිරිඳ එතැනින්ද නැවතී නැත. ඇයගේ විදේශ ගමන් බලපත්‍රයද ව්‍යාජ එකකි. එහිදී වැල්ලම්පිටියේ උපන් ශීර්ජා වැල්ලවත්තේ උපන් ෂොහාෂා වී ඇත. එහිද සත්‍ය උපන් දිනය වූ 1967 පෙබරවාරි 01 දා වෙනුවට ඇත්තේ 1971 පෙබරවාරි 03 වැනිදා දිනය ය.

    5. ලංකාවේ පුරවැසියෙකු හඳුනා ගැනීමට ඇති පුද්ගල හැඳුනුම්පත් අංකයේ අංක 5 කින්ම දැක්වෙන්නේ එම පුද්ගලයාග‍ේ උපන් දිනයයි. ඒ අනුව නිරායාසයෙන්ම වීරවංශගේ සහ බිරිඳගේ ජාතික හැඳුනුම්පත ද ව්‍යාජ සහ විකෘති ඒවා වනු ඇත.

    පුද්ගලයෙකුට තම නාමය වෙනස් කර ගත හැකි නමුත් කිසිවෙකුට තම උපන් දිනය සහ උපන් ස්ථානය වෙනස් කිරීමට කිසිදු නීතිමය ඉඩ කඩක් නැත. ඒ අනුව මෙම වෙනස් කිරීම් කළ විමල් වීරවංශ සහ ඔහුගේ බිරිඳ පමණක් නොව ඊට සහාය දුන් රාජ්‍ය නිලධාරීන් ද කූඨ ලේඛන සැකසීම යටතේ වසර 7ක සිර දඬුවමකට යටත් විය යුතුමය.

     

  • රනිල් යනු මොළයක් ද?අලයක්ද? නූතනවාදියෙකු ද? ඇත්තටම එයා ක්ලීන් ද?විග්‍රහය මෙන්න..

    රනිල් යනු මොළයක් ද?අලයක්ද? නූතනවාදියෙකු ද? ඇත්තටම එයා ක්ලීන් ද?විග්‍රහය මෙන්න..

    ඉතිහාසයේ ප‍්‍රථම වරට ආණ්ඩු බලය ඉසිලූ පක්ෂයක් පළාත් පාලන මැතිවරණයකදී පරාජය වී තිබේ. රට පුරා ඇති මහනගර සභා, නගර සභා, ප‍්‍රාදේශීය සභා 341 කින් ස්ථීර බහුතරයක් එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇත්තේ ආයතන 7 ක පමණි. එයද දෙමළ හා මුස්ලිම් අපේක්ෂකයින්ට පින්සිදුවන්නටය. 

    1994 සිට වසර 24 ක් එක්සත් ජාතික පක්ෂයේ නායකයාව සිටින රනිල් වික්‍ර‍මසිංහ මහතා මේ ලබාගත්තේ ඒ මහතාගේ 30 වැනි මැතිවරණ පරාජය බව කණගාටුවෙන් වුව කිවයුතුය. 

    2018 සැප්තැම්බර් හා 2019 අප්‍රේල් මාසයට නියමිත පළාත් සභා මැතිවරණ වලදී එය කවර ආකාරයකට පැවැත්වුවද එක්සත් ජාතික පක්ෂයට අත්වන්නේ අන්ත පරාජයක් බව මේ වනවිට පැහැදිලි වී තිබේ. එහිදී, කෙසේවත් මෙවර ලැබුණු ඡන්ද ලක්ෂ 36 හෝ 32% ක ප්‍ර‍තිශතය රැක ගැනීමට නොහැකි වනු ඇත. එමෙන්ම, 2019 නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු ජයග්‍ර‍හණය කරවීම යළිත් වරක් සිහිනයක් පමණක් වනු ඇත. රනිල් වික්‍ර‍මසිංහ මහතාට නම් කිසි කලෙක මෙරට ජනාධිපතිවරයා වීමට ඉඩක් ඇත්තේද නැති බව සමාජ හැසිරීම සමාලෝචනයේදී ඉදුරාම පැවසිය හැකිය. 

    2019 ජනාධිපතිවරණය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෝ රාජපක්ෂ පවුල විසින් ජයගතහොත්, එක්සත් ජාතික පක්ෂය තවත් දශක කිහිපයක්ම බලයෙන් පහවීම හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වූවා සේ දේශපාලන සිතියමෙන් අතුගෑවී යෑම වැලැක්විය නොහැකි බව කාටත් පෙනීයන කරුණකි. 

    මේ සියල්ලට හේතුව කෙළින්ම පැවසුවහොත්, කිවහැක්කේ, අභන්තර ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයක් නැති, ජාතික නායකත්වයක් නැති, ව්‍යවස්ථා උගුල් හා දේශපාලන කුමන්ත්‍ර‍ණ හැර අන් කිසිම දේශපාලන උපායක් හෝ උපාය මාර්ගයක් හෝ රාජ්‍යතාන්ත්‍රික භාවයක් නැති, කෙටියෙන්ම කිවහොත් යුගයට කිසිම ගැලපීමක් නැති රනිල් වික්‍ර‍මසිංහ මහතා සහ ඔහුගේ ගජමිතුරු පාලන කල්ලියයි. 

    2014 වසරේදී අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම සදහා සාධාරණ සමාජයක් සදහා වූ ව්‍යාපාරය නිර්මාණය කරද්දී, 2015 ජනාධිපතිවරණය සදහා උන්වහන්සේගේ සැගවුණු පොදු අපේක්ෂකයා වූයේ කරූ ජයසූරිය මහතාය. එහෙත්, තමන් හැර අන් එක්සත් ජාතික පක්ෂ, පාක්ෂිකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම රනිල් වික්‍ර‍මසිංහ මහතා ප්‍ර‍තික්ෂේප කළ නිසා (2010 ජනාධිපතිවරණයේදී ද මේ අයුරින්ම සිදුවිය) චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට මෛත්‍රීපාල මහතා කරලියට ගැනීමට සිදුවිය. එසේ නොවුණා නම් මෛත්‍රීපාල මහතාගේ කණ්ඩායමේ සහයෝගයද කරූ ජයසූරියට හිමිවන්නට ඉඩ තිබිණි. එසේ වූවා නම් අද සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙකි. 

    එම තත්වය වලක්වන ලද්දේ අන් කවරෙකු වත් නොව, මා නැත්නම් එක්සත් ජාතික පක්ෂයට කිසිවෙකු එපා යන පටු ආත්මාර්ථකාමී චින්තනයේ එල්බ සිටින රනිල් වික්‍ර‍මසිංහ මහතාය. 

    2018 පළාත් පාලන මැතිවරණ පරාජයෙන් පසුවද එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සුළුතර පක්ෂවල නව ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සන්ධානයක් තනා එහි නායකයා ලෙස කරූ ජයසූරිය අගමැති ධූරයට පත්කර පළාත් සභා හා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබුණි. එයද කඩාකප්පල් කළේ රනිල් වික්‍ර‍මසිංහ මහතාය. දැන් එක්සත් ජාතික පක්ෂයට ඉතිරිව ඇත්තේ තවත් මැතිවරණ පරාජයන් පෙළක් පමණි. රනිල් වික්‍ර‍මසිංහ මහතා ජනාධිපති වීම හෝ ඔහුගෙන් පසු අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයා කරවීමේ වික්‍ර‍මසිංහ මහතාගේ සිහිනයද හුදු සිහිනයක් පමණක්ම වනු ඇත. 

    දැන් වික්‍ර‍සිංහ මහතාගේ උපාය නම් සජිත්, හරීන්, අජිත්, සුජීව වැනි තමන්ට අභියෝගයක් එල්ල කළ හැකි තරුණ පිරිසට පක්ෂයේ ඊළග නායකත්වය නම් කැරට් අලය පෙන්වා නියතව පරදින පළාත් සභා ඡන්දයෙන් ඔවුන්වද දේශපාලනිකව විනාශ කිරීමය. 

    ලෝකයේ බොහෝ නායකයින් දශක දෙකකට අධික කාලයක් පක්ෂ නායකකම්වල සිට ඇත. එහෙත්, ඒ සෑම විටම ඔවුන් මුහුණ දුන් මැතිවරණ ජයග්‍ර‍හණය කර ඇත. (උදා –  මුගාබේ, කියාමේ, පුටින්, මර්කල්) ලොවේ කිසිදු ප්‍ර‍ජාතාන්ත්‍රික රටක මැතිවරණ ජයග්‍ර‍හණය නොකළ, පරාජිත නායකයන් දශක දෙකකට වැඩි කාලයක් ප්‍ර‍ධාන විපක්ෂයේ නායකයාව සිට නැත. රටේ අනෙක් ප්‍ර‍ධාන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය දශක තුනේදී නායකයන් තුන් දෙනෙකු බිහිකර ඒ තිදෙනාම රටේ රාජ්‍ය නායකයා බවට පත්කර ඇති බව සිහිකරන විට, එක්සත් ජාතික පක්ෂය සමාන වන්නේ පැරණි ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය වැනි වාමාංශික පක්ෂවලට මිස ලෝකයේ දියුණු ප්‍ර‍ජාතාන්ත්‍රික පක්ෂයකට නම් නොවේ. 

    රනිල් වික්‍ර‍මසිංහ මහතා ගැන පතුරුවා තිබූ ව්‍යාජයන් රැසක් ඔහුගේ 2015 – 2018 කාර්යසාධනය විසින් හෙළිකර ඇත. 

    ඒවා පහත අයුරින් ගොණුකළ හැකිය. 

    01. ඔහු දූෂිත පුද්ගලයෙකු නොවන බව

    මහ බැංකු මංකොල්ලයේ ප්‍ර‍ධානියා රවී කරුණානායක හෝ අර්ජුන් මහේන්ද්‍ර‍න් නොව, රනිල් වික්‍ර‍මසිංහයන් බව දන්නෝ දනිති. දැනට හෙළිවී ඇති කරුණු අනුව, මෙන්ඩිස් ස්පෙෂල් හි විශේෂ ගිණුමකින් අර්ජුන් ඇලෝසියස් හා ඔහුගේ පියා රුපියල් මිලියන 1190 ක් එක්සත් ජාතික පක්ෂ නායකයින් හා මන්ත්‍රීන් අතර බෙදා දීමක් සිදුවී තිබෙන බව එහි අභ්‍යන්තර ආරංචි වලින් කියැවේ. බැඳුම්කරය නිසා පොලී අනුපාත ඉහළයාමෙන් ආර්ථිකයට වූ හානිය ට්‍රිලියන ගණනකි. 

    02. ඔහු මොළයක් බව

    පසුගිය කාලය තුළ රට කරවීමේදී රනිල් වික්‍ර‍මසිංහ මහතා පෙන්වූ අදූරදර්ශී, අමනෝඥ ආර්ථික උපක්‍ර‍ම දෙස බලන කල, (ඔහු ළගාකර ගත්තේ 4% කට අඩු ආර්ථික වර්ධනයකි. ඩොලර වටිනාකම අනුව 2016 දී ඒක පුද්ගල ආදායම සෘණ විය) මොළයක් යැයි කියූ මොහුගේ මොළය ඇත්තේ කොහේදැයි පරීක්ෂා කළයුතුව තිබේ. තවද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදා වෙන්කර තමන්ට ජයගත හැකි බවට ජයවර්ධන ජනාධිපතිවරයාගේ උපක්‍ර‍ම කරන්නට ගොස් මහින්ද – බැසිල් කල්ලියෙන් සල්ලං වූ ආකාරයෙන් පෙනී යන්නේද ඔහු දේශපාලන ලෙසද අමු මෝඩකම් කරන බවය. එමෙන්ම, අතේ පත්තුවන ලෙස මහබැංකුව, හම්බන්තොට වරාය, මධ්‍යම අධිවේගය ආදියෙන් කළ ගසාකෑම්වලින් පෙනීගියේ මැදමුලන කල්ලිය කොල්ලුපිටියේ පැරණි රෝයල් කල්ලියට වඩා මහ මොළකරුවන් බවය. එමෙන්ම, වර්තමානයේ එක්සත් ජාතික පක්ෂය මත පැටවී ඇති 25% ක කාන්තා මන්ත්‍රීවරියන්ගේ අනිවාර්ය කිරීමේ ක්‍රමවේදයේ නිර්මාතෘ රනිල් වික්‍රමසිංහ මහතා බව සියළු දෙනා මතක තබා ගත යුතුය. සිය බිරිඳ වූ මෛත්‍රී වික්‍රමසිංහ මැතිණිය එන්.ජී.ඕ. සංවිධානවල ඉල්ලීම මත මුළු පළාත් පාලන මැතිවරණ ක්‍රමයම මෙමගින් අවුල් කර ඇති බවද කිවයුතුය. 

    03. ඔහු නූතනවාදියෙකු බව

    රනිල් වික්‍ර‍මසිංහ මහතාගේ ලෝකය දශක ගණනක් පැරණි ලෝකයකි. ඔහු දන්නා නවීන ආර්ථිකය හෝ තාක්ෂණ ක්‍ර‍මවේදයක් නැති බව තේරුම් ගැනීමට පසුගිය වසර 3 ප්‍රමාණවත්ය. ඔහුගේ දේශපාලන ගජමිතුරන් වූ මලික්, රවී, අකිල, වජිර ගත්ත ද, නිලධාරී ගජ මිතුරන් වූ පාස්කරලිංගම්, ඔස්ටින් ප්‍ර‍නාන්දු, චරිත රත්වත්ත, කෙන් බාලේන්ද්‍ර‍න්, අජිත් ද කොස්තා, අජිත් ඩයස් ආදීන් ගත්තද වයසට ගිය, යල් පැණගිය වැඩබැරි පිරිසක් බව සහසුද්දෙන්ම පෙනීගොස් තිබේ. මේ රට කරගත්තේ, වසර තුනක් මේ දේශපාලන විශ්‍රාමිකයන්ට රට බාරදී රටේ කාලය ආපස්සට යැවීම පමණි. නූතනවාදීන් විය හැක්කේ ටයිකෝට් ඇදීමෙන්, කෝපි බීමෙන්, සැන්ඩ්විච් කෑමෙන් නොවේ. ලොවේ නූතන ප්‍රවනතාවයන් රටේ තත්වයට ගැලපෙන ලෙස සකස් කර ගැනීමෙනි. 

    04. ජාත්‍යන්තර ප්‍ර‍ජාව පිළිගත් නායකයෙකු බව

    රනිල් වික්‍ර‍මසිංහ, ලිබරල් ක්‍රිස්තියානි ජාත්‍යන්තරයේ දකුණු ආසියානු එකම සාමාජිකයාය. මේ බව සමාජයට වසන් කර තිබේ. කෙසේ වෙතත්, ඔහු ක්‍ර‍මයෙන් කුණුවී ගිය වාමාංශික දේශපාලනය තමන්ගේ කොන්සර්වෙටිව් මූලධර්ම සමග දෙමුහුන් කරන්නට ගොස් අද ප්‍ර‍තිපත්තියක් නැති විකෘතියක් බවට ජයවර්ධන ජනාධිපති ගොඩනැගූ ප්‍ර‍තාපවත් කොන්සර්වෙටිව් එක්සත් ජාතික පක්ෂය පත්කර ඇත. එමෙන්ම, එදා මෙන් නොව, දැන් ජාත්‍යන්තරයද වෙනස් වී ඇත. ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය ආදීයේ දක්ෂිණාංශික ජනප්‍රියවාදය කොන්සවෙටිව් පක්ෂ උදුරා දමමින් ඉදිරියට එයි. චීනයේ රතු ධනවාදය විසින් ලෝකයට අලුත්ම ආර්ථික මාදිලියක් ලබාදී තිබේ. මේ කිසිවක් ගැන රනිල් වික්‍ර‍මසිංහ මහතාට අවබෝධයක් නැති බව පෙන්. එමෙන්ම, ජාත්‍යන්තරව අපට එල්ලවූ බලපෑම පාවාදීම් වලින් තොරව වෙනස් කිරීමට ඔහුට හැකියාවක් ලැබීද නැත. දැන් ඔහු ජාත්‍යන්තරය ඉදිරියේද ගලේ පැහැරූ බළලෙකුගේ තත්වයට පත්ව ඇත. 

    05. රනිල් වික්‍ර‍මසිංහ සුළු ජාතීන්ට ප්‍රිය බව

    පළමුව කිව යුත්තේ බහුතර සිංහලයන්ගේ බහුතරය දිනා ගැනීමට නොහැකි නම් රට පාලනය කිරීමට නොහැකි බවය. ජයවර්ධන, චන්ද්‍රිකා ජනාධිපතිවරු දෙදෙනාම සුළු ජාතීන් ආකර්ෂණය කළේ බහුතර ජාතියේ බහුතරය දිනා ගැනීමෙනි. මෙවර මැතිවරණයේදී පෙනීගොස් ඇත්තේ එක් අතකින් සිංහල ජනයා අතර රනිල් වික්‍ර‍මසිංහ මහතා පිළිකුලට ලක්වන විට ඔහුගේ දෙමළ සහායකයින් වූ සුබන්දිරන්, සම්බන්ධන් ආදියටද දෙමළ සමාජයේ මහත් පරාජයක් ලැබී ඇති බවය. (යාපනය දිස්ත්‍රික්කයේ දෙමළ සන්ධානයේ ඡන්ද ප්‍ර‍තිශතය 33% කි. හරියටම එක්සත් ජාතික පක්ෂයේ ජාතික ප්‍ර‍තිශතයයි. 2013 පළාත් සභා මැතිවරණයේදී දෙමළ සන්ධානය 78% ක් යාපනයේ ඡන්ද ගත්තේය). එමෙන්ම, දිගම්බරන්, මනෝ ගණේෂන් ආදීන්ටද වතුකරයේ පරාජය අත්වී ඇති බවය. නැගෙනහිර එක්සත් ජාතික පක්ෂය මුස්ලිම් පදනම අතුගෑවී ඇති බවය. දෙමළ, මුස්ලිම් සියළු ජනයාද රනිල් වික්‍ර‍මසිංහ අසාර්ථක බව පිළිගනිමින් ඇති අතර, ඔහු සමග කටයුතු කළ දෙමළ මුස්ලිම් නායකයන්ද ජනතාව විසින් පරාජය කර ඇත. 

    මේ සියලු කරුණු එක්ව ගත්කළ පෙනී යන්නේ රනිල් වික්‍ර‍මසිංහ මහතා බලයේ සිටින්නේ කරුණු කිහිපයක් මත බවය. 

    01. එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට 1995 කතරගමදී කළ ප්‍ර‍ජාතන්ත්‍ර‍ විරෝධී සංශෝධනයෙන් නායකයාට ගත් අසීමිත ඒකාධිපති බලතල. 

    02. 19 වැනි සංශෝධනය හරහා ස්වාධීන කොමිසම්වලට මුවා වී අගමැතිවරයාට ගත් ජනාධිපති ව්‍යවස්ථා බලතල. 

    03. එක්සත් ජාතික පක්ෂයේ කරූ ජයසූරිය හෝ සජිත් ප්‍රේමදාස හෝ රනිල් වික්‍ර‍මසිංහට අභියෝගයක් කිරීමට දක්වන බියසුළු කම හා රනිල් වික්‍ර‍මසිංහ පැරදුණු විට තමන්ට නිකම්ම නායකත්වය එතැයි සිතනා සජිත් ප්‍රේමදාස මහතාගේ දුර්වල සිතුවිල්ල. (නායකත්වය ගන්න 2020 න් පසු එක්සත් ජාතික පක්ෂයක් ඉතුරු වන්නේද නැත) 

    04. රනිල් වික්‍ර‍මසිංහ මහතා බලයේ තබාගැනීමට ඔහුගේ ගජමිතුරු කල්ලිය සල්ලි බෙදමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් නැටවීම. 

    05. රනිල් වික්‍ර‍මසිංහ මහතා ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතාද කිසි විටෙක ඉඩ නොදීම. 

    යන ඉහත කාරණා මතය.

    මේ සියල්ල වෙනස්කර එක්සත් ජාතික පක්ෂය බේරා ගැනීමට, එක්සත් ජාතික පක්ෂ තරුණ නායකයන් ක්‍රියා නොකළ හොත් සිදුවන්නේ රනිල් වික්‍ර‍මසිංහ සමගම එක්සත් ජාතික පක්ෂය වලපල්ලට යෑම පමණකි. පැහැදිලිව පෙනෙන සත්‍ය එයයි.

  • අම්පාරේ තිබුනේ වඳ පෙති ඔප්පු කළොත් රුපියල් මිලියනයක තෑග්ගක්! දිනාගන්නේ මෙහෙමයි….

    අම්පාරේ තිබුනේ වඳ පෙති ඔප්පු කළොත් රුපියල් මිලියනයක තෑග්ගක්! දිනාගන්නේ මෙහෙමයි….

    මුස්ලිම්වරයකු විසින් අළෙවි කරනලද ආහාර හෝ රෙදිවල ප්‍රතිසන්ධිරෝධක (ගැබිගැනීම වලකන) ද්‍රව්‍ය ඇති බව ඔප්පු කරන්නේනම්, එම තැනැත්තාට තමන් රුපියල් මිලියනයක් ලබාදෙන බව, මොහොමඩ් නදිමුජීන් නම් මහාචාර්යවරයා ෆේස් බුක්හි සටහනක් තබමින් පවසනවා.

    ඔහු මැලේසියාවේ මේලක මනිපාල් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයෙක් බවත්, ඊට පෙර උතුරු කොළඹ (රාගම) ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරීවේද විශේෂඥ වෛද්‍යවරයකු ලෙසද සේවය කර ඇති බවත් අදාල ෆේස්බුක් ගිණුමෙහි සඳහන් වනවා.

    වඳ පෙති යනුවෙන් ඔහු තබනලද සටහනේ නැතත්, වඳ පෙති සම්බන්ධයෙන් දැඩි කතාබහක් මේ දිනවල නිර්මාණය වී තිබෙනවා. 

     

  • ”Living Together ඉන්න මම හරි ආසයි… එක හරි ෆනි ඇන්ඩ් ෆ්‍රී අප්පා ” – ඕෂධී හිමාෂා

    ”Living Together ඉන්න මම හරි ආසයි… එක හරි ෆනි ඇන්ඩ් ෆ්‍රී අප්පා ” – ඕෂධී හිමාෂා

    ජනප්‍රිය තාරකාවක්වන ඕෂධී හිමාෂා පසුගිය දා පුවත්පතකට ‘Living Together’ සංකල්පය පිළිබඳ යම් අදහසක් දක්වා තිබේ. එහි දී ඇය සඳහන් කර තිබෙන්නේ එය යහපත් දෙයක් බවයි.

    ඇය ඒ සම්බන්ධයෙන් දැක් වූ අදහස් පහතින් :

    Living Together සංකල්පය ගැන මොකද්ද අදහස?
    ”මට ඇත්තටම කියන්න තියෙන්නේ ඒක හොඳ දෙයක් කියල. මොකද දෙන්නෙකුට එකිනෙකා අවබෝධ කරගන්න තියෙන ඉඩ ප්‍රස්තාව වැඩි එකට ජිවත් උනහම”

    විවාහවෙලා එකට ජීවත් වෙනකොට තේරුම් ගන්න බැරි ද?
    ”මෙහෙමයි අද ලංකාවේ විතරක් නෙවෙයි ලොව පුරා දික්කසාද වැඩි වෙලා තියෙනවා. ඇත්තටම එහෙම විවාහ වෙලා පස්සේ ගැලපෙන්නේ නෑ කියලා දික්කසාද වෙනවට වැඩිය එකට ජීවත් වෙලා නොගැළපෙන බව තේරුම් අරගන වෙන්වෙන එක හොඳයි.”

    මේ කියන කාරණය අපේ රටේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ කියන අදහස බරපතල විදිහට තියෙනවා නේද?
    ”මම නම් ඒ සංකල්පයට ආසයි සහ කැමති. අපේ රටේ සංස්කෘතිය අතින් අරගෙන බලද්දී මේක නොගැළපෙනවා වෙන්න පුළුවන්. ඒත් මම මෙහෙම කියන්නේ ඒ දිහා බලල නෙවෙයි. දෙන්නෙක් අතර අවබෝධයක් ඇති කරගන්න එකට ජීවත් වෙන්න හැකි ද කියන දේ තේරුම් ගන්න Living Together ඉතාමත් හොඳ අවස්ථාවක්”

  • බුකියේ සෙට් එක හොය හොයා බලපු ශෙරුගේ Hot Hot ඒවා මෙන්න…

    බුකියේ සෙට් එක හොය හොයා බලපු ශෙරුගේ Hot Hot ඒවා මෙන්න…

    නිරූපණ ශිල්පිණි ශෙරු ගේ අලුත්ම ඡායාරූප එකතුව පහතින් ,

    ඡායාරූපකරණය : හෂාන් පන්නිල

     



     





  • මැදින් පුර පසළොස්වක පෝයට පන්සල් යන්න කලින් මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න..

    මැදින් පුර පසළොස්වක පෝයට පන්සල් යන්න කලින් මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න..

    සිය නෑදෑ හිතමිතුරන්ට කෘතගුණ සැලකීම සඳහා බුදුරජාණන් වහන්සේ තම ඡන්ම වන කිඹුල්වත්පුරයට  වැඩම කළ මැදින් පුන් පෝහොය දිනය අදයි. එසේම  ශාක්‍යයන්ගේ මානය බිද හෙලීමට යමාමහ පෙළහර පෑම, කිඹුල්වත් නුවරට වැඩමකොට සුද්ධෝදන රජුට මහා ධර්මපාල ජාතකය දේශනා කිරීම, යසෝධරා දේවිය උදෙසා චන්න කින්නර ජාතකය දේශනා කිරීම,රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවීම වැනි ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් බුදුන් වහන්සේගේ කිඹුල්වත්පුරයට වැඩමවීමත් සමඟ සිදුවුනා.

    උතුම් වූ මැදින් පොහොය නිමිති කරගනිමින් අද දවසේ දිවයිනේ බොහෝ වෙහෙර විහාරස්ථාන වල දාන,ශීල,භාවනා පැවැත්වෙන්නේ සැදැහැති සිත් සනසාලමින්. කෙසේ නමුත් අද දවසේ පන්සල් යන්න සූදානම් වෙලා හැමදෙනාටම පන්සල් යන්න කලින් මේ දේවල් ගැනත් දැනගෙන ගියොත් හැමදෙනාගෙම ගෞරවය ලබන්න පුලුවන්.

    බෞද්ධයන් ලෙස අප නිරතුරුවම විහාරස්ථානය හා සම්බන්ධකම් පැවැත්විය යුතුයි. විහාරස්ථානය සමඟ සබඳකම් පැවැත්වීමට නම් අප නිරතුරුවම විහාරස්ථානයට යා යුතු වෙනවා. අතීතයේ ‘වැවයි දාගැබයි – ගමයි පන්සලයි, සංකල්පය බිහි වුණේ ගම් වැසියන් නිරතුරුවම විහාරස්ථානය නැත්නම් පන්සල හා සමඟ තම සියලු කටයුතු සිදුකළ නිසයි. එහෙත් අද අප ඇත්තටම පන්සල් යන්නේ ඇයි දැයි හරියටම දන්නේ නැති බවක් ඇතැම්විට පෙනෙන්නට තිබෙනවා. පන්සලේ දී කළ යුතු වත් පිළිවෙත් පවා ඇතැම් විට හරියාකාරව දන්නේ නැහැ. සැබෑ බෞද්ධයකු නම් ‘පන්සල් යනවා’ කියන අදහස මනසට කා වදින කොටම ඒ පුද්ගලයා තුළ පන්සලේ තිබෙන පිරිසුදුකම තමන්ගේ සිතට කා වදිනවා.

    ඒ පිරිසුදු මනසක් සහ පිරිසුදු ශරීරයක් පන්සල් යන මොහොතටවත් තමන් සතු විය යුතුයි යන්න තේරුම් ගත යුතුයි. ඒ නිසා පන්සල් යන විට තමන්ගේ ශරීරය පිරිසුදු කර ගත යුතුයි. දෝවනය කළ යුතුයි. එමෙන්ම අඳින පලඳින දේ චාම් සරල විය යුතු යි. අප පන්සල කියන අර්ථය ගන්න තැන්හිදී ‘පණ්ණසාලා’ යන්න ගැන මෙහිදී සිහි කළ යුතු වෙනවා. පිදුරු ආදී දේ සෙවිලි කර ගනිමින් ඉතා ඈත අතීතයේ දී භික්‍ෂූන්ගේ වාසස්ථානය තමයි පන්සල බවට පත් වී තිබෙන්නේ.

    මේ පන්සලක නම සම්බන්ධව නවීන විග්‍රයකුත් තියෙනවා. ඒ සම්බන්ධවත් අප සලකා බැලිය යුතු වෙනවා.

    ‘පන්සල’ යනුවෙන් ඔවුන් හඳුන්වන්නේ අපේ ඉන්ද්‍රියයන් 5කින් ගනු ලබන මනසත් සමඟ ක්‍රියා කරනු ලබන දේ අත්හරින තැන ඔවුන් ‘පන්සල’ නමින් හඳුන්වනවා. සිතට සම්බන්ධ වූ ඇස, කනට සම්බන්ධ වූ සිත, නාසයට සම්බන්ධ වූ සිත, දිවට සම්බන්ධ වූ සිත, ශරීරයට සම්බන්ධ වූ සිත ආදී මේ සිතත් එක්ක සම්බන්ධ මේ පංචේන්ද්‍රියයන්ගෙන් ගෝචර කර ගන්නා දේ අත් හරින නැත්නම් හලන තැන ‘සල’ නමින් හඳුන්වනවා.

    පංචේන්ද්‍රියන් නිසා ‘පන්’ සහ අත් හරිනු ලබන නිසා ‘සල’ එකතු වී එයට ‘පන්සල’ යන අරුත දෙනවා. එම නිසා ඒ ස්ථානයට යන විට ඇස පිනවන දේ, නාසය පිනවන දේ, දිව පිනවන දේ, ශරීරය පිනවන දේ, සිත පිනවන දේ ඇසුරු කිරීමෙන් අප වළකිනවා. මේ නිසා අපගේ ඇඳුම ද එම ස්ථානයට සුදුසු පරිදි යොදා ගත යුතුයි. අප ඇඳුම පැලඳුම භාවිතා කළ යුත්තේ එය සිත්හි තබාගෙනයි.

    යම් කෙනෙකුගේ සිතට පිරිසුදුකම පිරිය ඇති කරන සහ චාම් පාට වන්නේ සුදු පැහැයයි. සුදු පැහැය පිරිසුදුකමත් සංවර බවත් ඇති කරනවා. ඒ නිසා ලෝකයේ බොහෝ ආගමිකයන් බොහෝ දුරට සුදු ඇඳීම ඉහළින් සලකනවා. බොහෝ දෙනා මේ චාම් බව අගයනවා. මේ නිසා එම ඇගැයීම උදෙසා ඊට උචිත ඇඳුමකින් ඔබ සැරසිය යුතුයි. මේ නිසා සුදු වත ම ඒ සඳහා අවශ්‍යයි.

    විශේෂයෙන් විවාහක කාන්තාව ඔසරිය අඳිනවානම් එය වඩාත් අගේ කළ හැකියි. මුළු රටේම කාන්තාවගේ ඇඳුම විය යුත්තේ ඔසරියයි. එය චාම් මෙන්ම හැඩකාරයි. පන්සලට පැමිණෙන කාන්තාවන් සියලු දෙනාම සුදුපැහැති ඔසරියකින් සැරසෙනවා නම් කොයිතරම් ලස්සනද? අද වෙලා තියෙන්නේ ඇතැම්විට මොනවා හරි සාය කෑල්ලක් හැට්ට කෑල්ලක් ඇඳගෙන යන එකයි.

    මෙය අප රූපලාවන්‍ය අංශයෙන් ද සොයා බැලිය යුතු වෙනවා. අත්තෙන්ම සාරිය ඔසරිය අඳින කාන්තාවන්ගේ උදර ප්‍රදේශය ඉදිරියට නෙරා ඒම අඩුයි. සායක් හෝ මොනවා හෝ ඇඳගෙන යන අයගේ උදරය ඉදිරියට නෙරා ඒම වැඩියි. අප ගුරු පුහුණු ආයතනයකට ධර්ම දේශනා පිණිස ගිය විට බොහෝ දුරට දකින්න ලැබෙන්නෙ සුදු ඔසරියකින් සැරසී ඉන්න කාන්තාවන් පිරිසක්. චාම් බව වගේම දැකුම්කලු බවක් එතැන තියෙනවා. ඒ වගේම අප යනවා හෙදියන් සිටින ස්ථානයක ධර්ම දේශනාවකට. එතැන ඇත්තටම කලින් තැනට වඩා අප වෙනසක් දකිනවා. ඔසරිය වලව්වේ හාමිනේගෙ ළමා තැනීගේ නැත්නම් උඩරට කාන්තාවගේ ඇඳුමක් පමණක් නෙමෙයි, එය හැම කාන්තාවක්ම ඔසරියෙන් සැරසී එනවානම් එය අපේ අනන්‍යතාව පෙන්වීමක් වනවා. පිරිමියා ද චාම් ඇඳුමකින් සැරසිය යුතු වනවා. අප හැම දෙනාටම හැකියාව තියෙන්න ඕන ජාතික ඇඳුමක් ඇඳගෙන යන්න. බුදු දහමේ පිළිවෙළ ඉතා අගය කරන දෙයක්. අපට හැකියාව තිබෙනවා එය කරන්න. නමුත් අපට වුවමනාවක් නැහැ. සමහර විට කඩේ යන ගමන්ම තමයි පන්සලේ පින්කමටත් එන්නෙ. ව්‍යාපාරයට යන ගමන්ම තමයි එතෙන්ට එන්නේ.

    ආගමික කටයුත්තකට සහභාගි වෙනකොට ඒ සඳහා උචිත ඇඳුම අනිවාර්යය වෙනවා. එමෙන්ම පන්සලට ඇතුළු වෙනකොට අප පාවහන් ගැලවීම ඉතා වැදගත් වනවා. මෙය ගෞරවයටත් වඩා අප සිත්හි තබා ගත යුතු වැදගත් කරුණක්. ‘විහාරස්ථානයට එනකොට ගිහි ගෙදරින් දූවිල්ලවත් ගෙන එන්නේ නැහැ’ යන සිතිවිල්ලයි මෙහි දී මුල් වන්නේ. ඒවා අපිරිසුදුයි කියලා. ඒ නිසා එතෙක් දාගෙන ආ පාවහන් හිස් වැසුම් ගලවා දමා ආගමික ආයතනයට ඇතුළු වෙනවා.

    එමෙන්ම ආගමික ආයතනයෙන් එළියට යන විට අප හොඳට කකුල් දෙක ගසලා තමයි යන්නේ. පන්සලේ තියෙන දූවිල්ලවත් ගිහි ගෙදරට ගෙන යන්නේ නැහැ. පන්සලේ තියෙන දේ ගෙදර රැගෙන නොයන චේතනාවයි එතෙන්ට මුල් වන්නේ. පන්සලට පමණක් නොවෙයි කුමන ස්ථානයට ගියත් පළමුව එහි අයිතිකරුවන්, හිමිකරුවන්, බාරකරුවන් හමුවීම අපේ සිරිතක්. එම නිසා පළමුව විහාරස්ථානයේ නායක හාමුදුරුවන් නැත්නම් පොඩි හාමුදුරුවන් හෝ හමු වී කතා කළ යුතු වෙනවා. නමුත් අද බොහෝ දෙනා පළමුව මල් ටික අරගෙන තෙල් අරගෙන සෘජුවම ගමන් කරන්නෙ චෛත්‍යය ළඟට. පන්සලේ ඉන්නේ කවුද කියලවත් හොයා බලන්නේ නැහැ. හරියට තමන්ගෙ අයිතියක් වගේ යන්නේ. බෝධි පූජාවක් තියන්න ඕන වුණහම තමයි ගිහින් පොඩි හාමුදුරුවන්ට කතා කරන්නෙ. පිරිකරක් පූජා භාණ්ඩයක් නැත්නම් අඩුම වශයෙන් වැඳ නමස්කාර කරන්නවත් ඕනෑ.

    එතෙන්ට ගිහිල්ල පහන් වැටිවලට තෙල් දාලා එනවට වැඩිය හොඳයි තමන්ම පහන් ,පොල්තෙල්, පහන් තිර අරගෙන යනවනම්. අද හුඟක් දුරට වෙන්නෙ තෙල් ටික අරගෙන යනවා. අරගෙන ගිහින් නිවිච්ච පහනකින් තිර අරගෙන හාමුදුරුවන්ගෙන් ගිනිපෙට්ටියක් ඉල්ලගෙන තමයි පහන් පත්තු කරන්නේ. තවත් කෙනෙක් හංගපු තෙල් ටිකක් තියෙනවනම් ඒක අරගෙන වඳින එක නෙමෙයි අප කළ යුත්තෙ. මුළු පහන් දැල්වීමේම ඔබ කොටස් කරුවෙක් විය යුතුයි.

    එක පසළොස්වක පොහෝ දිනක ඒ විදිහට පහන් සීයක් දල්වනවානම් පහන් අසූ හාරදාහක් පහන් පත්තු කරන පින්කමේ උත්සාහය දක්වා යන්න අපට යම් හැකියාවක් ඇති වෙයි. එක පසළොස්වකට පහන් සීයක් ඒ විදිහට දැල්වුවහොත් වසරකට පහන් 1200 ක් දල්වන්න පුළුවන්. අවුරුදු 10 කට අපට දල්වන්න පුළුවන් පහන් 12000 පමණයි. මේ නිසා අඩුම වශයෙන් පහන් 84000 ක් දල්වන්න බැරිවුණත් යම් අධිෂ්ඨානයක් ඇති කරගන්න ඒ අභියෝගය කරා යන්න.

    තමන් යන වාහනේ පොල්තෙල් ටිකක්, පහන් තිර ටිකක් තියා ගන්න. අඩුම වශයෙන් ගමනක් යන ගමන් හෝ එතැන්ට ගොඩවෙලා එතැන පහන් පත්තු කර යන්න පුළුවන්. එවිට අඩුම වශයෙන් පහන් 50000 කට කිට්ටු සංඛ්‍යාවක් කරා යන්න පුළුවන්.

    අප කොහොමද මල් වට්ටියක් සකසා ගන්නේ. මල් පිළිවෙළින් සකසලා පැන් ඉස එය මනා ගෞරවයෙන් සකසා ගත යුතු වනවා. හඳුන්කූරු දල්වන්නේ සුවඳ වහනය කරන්නයි. එය ගිනිමැලයක් වගේ පොකුරට පත්තු කරන්න එපා. හඳුන්කූරු විහිදෙන පරිදි කිහිපයක් පමණක් දල්වන්න. එවිට ගිනි ගැනීමකට ලක් වෙන්නේ නැහැ. විහාරස්ථානයේ ඊට වෙන් කර ඇති ස්ථානවල පමණක් හඳුන්කූරු දැල්විය යුතුයි.