Author: Editor[A]

  • එකපාරටම මියගිය තාජුඩින්දේ පරිගණක කරලියට ආපු හේතුව මෙන්න……

    එකපාරටම මියගිය තාජුඩින්දේ පරිගණක කරලියට ආපු හේතුව මෙන්න……

    රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුඩීන් විසින් භාවිතා කරන ලද ලැප්ටොප් පරිගනක දෙකේ සහ ඩෙක්ස්ටොප් පරිගණකයේ ඇති දත්ත සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැකකටයුතු ලේඛන පිළිබද පරීක්ෂකවරයා වෙත  (28) නියෝග කළාය.

    මෙහිදී මෙම ලැප්ටොප් සහ ඩෙස්ක්ටොප් පරිගණක වල දත්ත තුලින් තාජුඩින් ජීවත්ව සිටියදී නාමල් යෝෂිත සහ අනෙකුත් අය සමග තිබු ගැටළු සහ ඝාතනයට සම්බන්ධ වූ කරුණු තහවුරු කර ගැනීමට අපේක්ෂිතය…

    මෙම සිද්ධියට අදාළ නඩුව  (28) අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී ඝාතනය සම්බන්ධයෙන් සාක්කි වසන්කර කුමන්ත‍්‍රණය කළැයි වසරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඉකුත් මැයි 5 වැනි දා ඇප මත මුදාහැරුණු බස්නාහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී. එම්. අනුර සේනානායක, නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු පොලිස් පරීක්ෂක අංගොඩගේ සුමිත් චම්පික පෙරේරා සහ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර යන මහත්වරුන් ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

  • අර්ජුන් මහේන්ද්‍රන් හමුවන්න අරමුණ තියාගෙන තව වැඩ රැසකට අගමැති රනිල් සිංගප්පූරු යයි..

    අර්ජුන් මහේන්ද්‍රන් හමුවන්න අරමුණ තියාගෙන තව වැඩ රැසකට අගමැති රනිල් සිංගප්පූරු යයි..

    කොළඹ කොටස් වෙළඳපොල සංවිධානය කරන “ඉන්වෙස්ට් ශ්‍රී ලංකා”සමුළුව සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (01) සිංගප්පූරුව බලා පිටත් වීමට නියමිතව ඇත. විශ්වාසකටයුතු ආරංචි මාර්ග සදහන් කලේ මෙහිදී රනිල් අර්ජුන් මහේන්ද්‍රන්වද මුණගැසීමේ සුදානමක් ඇති බවයි..

    ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සඳහා (02) සිංගප්පූරුවේ ‘ෆෝ සීසන්ස්’ හෝටලයේදී පැවැත්වෙන මෙම සමුළුවට කලාපීය මුල්පෙළේ ආයෝජකයින් රැසක් සහභාගී වීමට නියමිතය.

    මෙම සමුළු මීට පෙර එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, ස්විට්සර්ලන්තය සහ හොංකොං යන රටවල සංවිධානය කර ඇත.

    2018 වසරේ ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තැබීමත් සමඟ දෙරටේ ආර්ථික හා වෙළඳ සබඳතා ඉහළ තලයකට නැංවුණු අතර, ඒ ගිවිසුම ඔස්සේ ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රතිලාභ ඉහළ නැංවීමටද මෙම සමුළුව ඉවහල් වනු ඇත.

    සිංගප්පූරු වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය එස් ඊස්වරන්, ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්වරු ඇතුළු ආරාධිතයෝ රැසක් මෙම සමුළුවට සහභාගී වෙති.

  • ශ්‍රී දේවිව එක්කගෙන ගියේ දිව්‍යා භාරතීද..? –  අමුතු දේවල් රැසක් කරලියට..!

    ශ්‍රී දේවිව එක්කගෙන ගියේ දිව්‍යා භාරතීද..? – අමුතු දේවල් රැසක් කරලියට..!

    බොලිවුඩයේ එතෙක් මෙතෙක් බිහි වූ සුපිරිතම නිළියක් වූ ශ්‍රී දේවි පසුගිය 24 වනදා ඩුබායි හිදි සිදුවූ හදිසි අනතුරකින් මිය ගියේ මුලු මහත් බොලිවුඩය මෙන්ම දෙස් විදෙස් බොලිවුඩ් රසික රසිකාවියන්ද මහත් කැළඹීමකට පත් කරමිනි. ඩුබායි හි මංගල උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව තම හෝටල් නාන කාමරයේ සිදුවූ අනතුරකින් ඈ මිය යන විට වයස අවුරුදු 54 ඉකුත් වූවා පමණි. මෙම ඡායාරූපයෙන් ඔබ දකින්නෙ ශ්‍රී දේවි පමණක්ම නොවේ. ඇයගේ රුවට බෙහෙවින්ම සමාන රුවක් තිබූ කළක් ජනප්‍රියම නිළියක් වූ , අදට වසර 25 කට පෙර මිය ගිය දිව්‍යා භාරතී ගේ රුවයි එහි වම් පසින් ඇත්තේ.

    ශ්‍රී දේවි මියගියේ පසුගිය 24 මැදියම් රැයේදී වූ අතර දිව්‍යා ගේ 44වන ජන්ම සංවත්සරය යෙදී තිබුණේ පෙබරවාරි 25 දාය. 1974 දී උපන් දිව්‍යාගේ මරණයද ශ්‍රී දේවි ගේ මරණයද බොලිවුඩය තුළ මෙන්ම ජාත්‍යන්තරවද දැඩි කතා බහට ලක් විය. මේ දෙදෙනාම ළමා කාලයේදිම චිත්‍රපට වලට අවතීර්ණ වූහ. දකුණු ඉන්දීය සිනමාවට ශ්‍රී දේවි පය තබන විට යන්තම්ම වයස අවුරුදු හතර ලැබුවා පමණි. දිව්‍යා සිනමාවට එද්දී ඇගේ වයස අවුරුදු දහ හතරක් වූවාය. සුවිශේෂ කාරණය වූයේ මේ දෙදෙනාගෙ රුව බෙහෙවින්ම සමාන වීමයි.

    වරක් දිව්‍යා ඒ පිළිබඳව පවසා තිබුණේ ශ්‍රී දේවි තමාට වඩා බෙහෙවින්ම සුන්දර බවත්,ඊට හේතුව තමාගෙ මෙන් ඇගේ මුහුණේ කුරුළෑ දක්නට ලැනෙන්නේ නැති බවත්ය. විශේෂයෙන්ම දිව්‍යාගේ උපන්දිනය යෙදී ඇති දිනට පැය කිහිපයක් පෙරාතුව ශ්‍රි දේවි මිය යාමත් දෛවෝපගත සිදුවීමකි.

    දිව්‍යා ගේ මරණය ද අතිශයින් ආන්දෝලනයකට තුඩු දුන් සිදිවීමක් විය. වයස අවුරුදු 19දී දිව්‍යා මිය ගියේ ඇය ජීවත් වූ නිවාස සංකීර්ණයේ පස් වන මහලින් බිමට වැටීමෙනි. ඒ වන විට ඇය බීමත්ව සිටි බවට ද පසුව අණාවරණය විය.

    මියයන විටත් දිව්‍යා බොලිවුඩයේ අතිශයින් ජනප්‍රිය වී සිටියාය. ඒ වන විට ඇය ලාඩ්ලා චිත්‍රපටියේ රූ ගත වලට සහභාගි වී චිත්‍රපටියේ අඩක් වැඩ නිමකර තිබුණි. එහෙත් ඇගේ අනපේක්ෂිත මරණයෙන් පසුව වෙනත් නිළියක් යොදා යලි රෑ ගත කිරීම නිශ්පාදයාට අවශ්‍ය වූයෙන් ඒ සඳහා අවස්ථාව ලැබුණේ ශ්‍රී දේවිටය. අනිල් කපූර් හා රවීනා තණ්ඩන් අනෙකුන් ප්‍රදාන චරිත නිරූපණය කළහ. ශ්‍රී දේවිගෙ මෙම අනපේක්ෂිත මරණයෙන් පසුව රවීනා මෙම සිදුවීම් සම්බන්ධයෙන් ඉතා සංවේදී කරුණු රැසක් අනාවරණය කර තිබුණි.

    ” එක්තරා සිදුවීමක් රූ ගත කරන අවස්තාවේ දී දිව්‍යා ට වචන උච්ඡාරණයේ වැරදි රැසක් සිදුවුණා. අවස්ථා කිහිපයක් රූ ගත කළත් දිව්‍යා එතන දී හිරවුණා. අපි හය හත් පාරක් රූ ගත කිරීම් සිදුකළා. දිව්‍යා ගේ මරණයෙන් මාස කිහිපයකට පසුව ශ්‍රී දේවි යොදා මේ ස්ථානයෙම එම දෙබස් සමග යලි රූ ගත කරමින් සිටින විට දිව්‍යාට මෙන්ම ශ්‍රී ටත් එම දෙබස් හිරවුණා. අපි සියල්ලන්ටම මෙය අදහාගත නොහැකි වුණා. අපේ ඇඟේ හිරිගඩු පිපුණා. ශ්‍රී කෙතරම් බය උනාද කිව්වොත් මගේ දෑත් තදින් අල්ලා ගත්තා. අධ්‍යක්ෂ ශක්ති කපූර් සමග අපි ගයාත්‍රී මන්ත්‍ර ගායනා කලා. පසුවයි රූ ගත කිරීම් සිදුවූයේ.” රවීනා පවසා තිබේ.

    බොහෝ විට ඉහත සිදුවීම් අහම්බයක්ම පමණක් විය හැකිය. දැන් දිව්‍යා මෙන්ම ශ්‍රී දේවිය ද අප අතර නැත. ඔවුහු රුවින් සිනහවෙන් නර්තනයෙන් දිව්‍ය ලෝකය තුටු කරනවා ඇත..





     

  • බුකියේ කොල්ලො හොල්මන් කරපු නෙහාරා සමනලීගේ Hotම ඒවා මෙන්න…

    බුකියේ කොල්ලො හොල්මන් කරපු නෙහාරා සමනලීගේ Hotම ඒවා මෙන්න…

    නිරූපණ ශිල්පිණි නෙහාරා සමනලීගේ අලුත්ම ඡායාරූප එකතුව පහතින් ,

    ඡායාරූපකරණය : හෂාන් පන්නිල

     









  • අහිමි වු බලය නැවත ලබාගන්න සිව් වසරකට පසු, මහින්ද තිරුපති වන්දනාවට යයි.

    අහිමි වු බලය නැවත ලබාගන්න සිව් වසරකට පසු, මහින්ද තිරුපති වන්දනාවට යයි.

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ තිරුපති කෝවිලේ ආගමික වතාවත් සඳහා එක්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    හිටපු ජනපතිවරයා අද (28දා) අලුයම් කාලයේදී හිටපු ජනපතිවරයා තිරුපති කෝවිලේ වෙන්කටෙස්වර දෙවියන් උදෙසා පූජා පැවැත්වීමට නියමිතව තිබුණ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (27දා) තිරුමාලා වෙත ළගා වී තිබුණි. මහින්ද රාජපක්ෂ මහතාද ඇතුළුව ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලන නායකයින් තිරුපති කෝවිලේ ආගමික වතාවත් සඳහා එකවෙයි.

    හිටපු ජනපතිවරයා අවසන් වරට තිරුපති කෝවිලට ගොස් ඇත්තේ 2014 වසරේ දෙසැම්බර් 10 දාය.

  • ලොවක් හඬවා අවසන් ගමන් යන ශ්‍රී දේවිගේ අවමංගල්‍ය උත්සවය සජීවීව මෙන්න…

    ලොවක් හඬවා අවසන් ගමන් යන ශ්‍රී දේවිගේ අවමංගල්‍ය උත්සවය සජීවීව මෙන්න…

    ශ්‍රී දේවිගේ අවමංගල්‍ය උත්සවයේ වැඩකටයුතු සජීවීව..

    https://www.facebook.com/abtakmedia/videos/565581237132598/

  • විපක්ෂනායක වෙන්න කුපාම මහින්ද කරන්න ඕනේ දේ මෙන්න.. විග්‍රහය මෙන්න..

    විපක්ෂනායක වෙන්න කුපාම මහින්ද කරන්න ඕනේ දේ මෙන්න.. විග්‍රහය මෙන්න..

    පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට ලබාගැනීමට අවශ්‍ය නම්, ඔවුන් පොදුජන පෙරමුණ පක්‍ෂයේ සාමාජිකයන් බව ප්‍රකාශ කර කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළ යුතු බව රජයේ ප්‍රබල අමාත්‍යවරයෙක් පැවසීය.

    මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    මුල් අවස්ථාවේදී ඔවුන් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ඉල්ලුවා. ඒ අවස්ථාවේදී ආපු තර්කය තමයි ඔවුන් තරග කරලා තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කියන කාරණය. පාර්ලිමේන්තුවෙන් එළියේ තියෙන දේශපාලන පක්‍ෂ ගැන පාර්ලිමේන්තුවට වැඩක් නැහැ. පාර්ලිමේන්තුවේ ඇතුළේ තිබෙන පක්‍ෂ නියෝජනය කරන්නේ කවුද කියන එකයි වැදගත්.

    මේ පාර ඡන්දයේ දී සිදුවූ‍ විශේෂ දේ තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට ආපු 45 ආසන්න මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැමැති පක්‍ෂය හරහා එයට උදව්ක්, එයට කැමැති වෙලා ඇවිත් තියෙනවා.

    දැන් එතුමන්ලාට තිබෙන්නේ ඒ පක්‍ෂය තමන්ගේ පක්‍ෂය හැටියට තමන් පිළිගන්නා බව, තමන් ඒ පක්‍ෂයේ සාමාජික බව ප්‍රකාශ කරලා කථානායකතුමාට ඉල්ලීමක් කිරීමයි. එහෙමඉල්ලීමක් කළොත් අපි එය පිළිගන්නවා’ යැයි ප්‍රකාශ කළේය.

  • අගමැති රනිල්ට කනේ පහරක් දෙමින් ජනපති විසින් එලවා දැමු රනිල්ගේ සුදු අලියා මෙන්න…

    අගමැති රනිල්ට කනේ පහරක් දෙමින් ජනපති විසින් එලවා දැමු රනිල්ගේ සුදු අලියා මෙන්න…

    රනිල් වික්‍රමසිංහ යටතේ ක්‍රියාත්මක වන ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (27) පැවැති කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී තීරණය කර තිබේ.

    කැබිනට්‌ මණ්‌ඩලයේ බහුතර කැමැත්ත ඇතිව ජනාධිපතිවරයා ගෙන ඇති එම තීරණයට අනුව රටේ ආර්ථික කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ අයිතිය ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වන බව ජාතික ආර්ථික සභාවට පැවරේ.

    ආර්ථික කළමනාකරණ කමිටුව ගත් ඇතැම් වැරදි තීන්දු ක්‍රියාත්මක කිරීමට යැම නිසා රටේ ආර්ථිකය කඩාවැටුණු බවත් දේශීය කර්මාන්ත නැංවීමට ආර්ථික කළමනාකරණ කමිටුව දුන් සහාය ඉතා අල්ප බවත් ජනාධිපතිවරයා කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී ප්‍රකාශ කර තිබේ.

    ඒ අනුව මින් ඉදිරියට රටේ ආර්ථිකයට බලපාන ක්‍රියා මාර්ග ක්‍රියාත්මක කිරීම ජාතික ආර්ථික සභාවට පවරන බවත් ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට කාගේ හෝ අකමැත්තක්‌ වේදැයි ජනාධිපතිවරයා ඇමැතිවරුන් ගෙන් විමසා ඇති අතර එහිදී ඇමැතිවරුන් කිසිවෙකු ඊට විරෝධතාවය පළකර නැති බවද අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

    රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ක්‍රියාත්මක කෙරුණු ආර්ථික කළමනාකරණ කමිටුව අගමැති ආර්ථික උපදේශකයන් වන චරිත රත්වත්ත, ආර්. පාස්‌කරලිංගම්, මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්. එස්‌. එච්. සමරතුංග, අගමැති ලේකම් සමන් ඒකනායක, ඇමැතිවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, මලික්‌ සමරවික්‍රම යන මහත්වරුද ඇතුළත් වූහ.

  • ශ්‍රී දේවිගේ අභාවය සැළසුම් සහගත ඝාතනයක් – ඇත්ත කතාව මෙන්න…

    ශ්‍රී දේවිගේ අභාවය සැළසුම් සහගත ඝාතනයක් – ඇත්ත කතාව මෙන්න…

    ඉන්දිය සිනමාවේ ලේඩි සුපර් ස්ටාර් ලෙස විරුධාවලිය ලත් ප්‍රවීන නිළි ශ්‍රී දේවිගේ අභාවය සම්බන්ධයෙන් භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක සුබ්‍රමනියම් ස්වාමි සිය මතය ප්‍රකාශ කර තිබෙනවා.

    ඔහු කියා සිටියේ මෙම ස්ථිර වශයෙන් සැළසුම් සහගත ඝාතනයක් බවයි. මේ සම්බන්ධයෙන් ඉන්දිය මාධ්‍ය වෙත ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක සුබ්‍රමනියක් ස්වාමි පවසා තිබෙනවා.

    එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී දේවිගේ ශරීරයේ අධික ලෙස මත්පැන් මිශ්‍ර වී ඇති බවට පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේ සදහන් ව ඇති බවයි.

    අධික ලෙස මත්පැන් ශරීර ගත වීම පාලනය කර ගත නොහැකි ඇය තමා ලැගුම් ගෙන සිටි හෝටලයේ නාන කාමරේ තිබු නාන තොටිල්ලට වැටී අභාවයට පත්ව සිටි බව සඳහන්.

    නමුත් මෙහිදී සැක රැසක් මතු වන බවයි සුබ්‍රමනියම් ස්වාමි සඳහන් කර ඇත්තේ.

    කිසිවෙකු විසින් සැළසුම් කර ශ්‍රී දේවිට මත්පැන් පානය කරවා ඉන්පසු නාන තොටිල්ලේ ගිල්වා ඝාතනය කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    එමෙන්ම ශ්‍රී දේවි යනු සිය ශරීර සෞඛ්‍යය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්නියක් බවත් අනවශ්‍ය ලෙස මත්පානය නොකර බවත් ඔහු වැඩිදුරටක් සඳහන් කළා.

    එසේ තිබියදී ශ්‍රී දේවිගේ ශරීරයට අධික ලෙස මත්පැන් අන්තර් ගත වුයේ කෙසේ ද යන්නයි සුබ්‍රමනියම් ස්වාමි ප්‍රශ්න කර සිටින්නේ.

    එමෙන්ම හෝටලයේ සීසීටීවී කැමරා දර්ශන සම්බන්ධයෙන් කිසිඳු දත්තක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් සැකයක් මතුවන බවත් ඔහු සැක මතුකර තිබෙනවා.

    තමාගේ මතය අනුව මෙය සැළසුම් සහගත ඝාතනයක් බවයි මාධ්‍ය හමුවේ තවදුරටත් භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක සුබ්‍රමනියම් ස්වාමි මාධ්‍ය හමුවේ පවසා තිබුණේ.

    කිසිඳු පරික්ෂණයකින් තොරව එකවර වෛද්‍යවරුන් ඇය හෘදයාබාධයෙන් මිය ගිය බවට ප්‍රකාශ කිරිම තුළින් ද සැකයක් මතු වන බවත් භාරතීය සුබ්‍රමනියම් ස්වාමි පැන නඟා තිබෙනවා.

    සිනමා නළු නිළියන්ට නිරන්තරයෙන් හිරිහැරයක් වී ඇති දාදා සහ දාවුත් ඉබ්‍රාහිම් නිම ප්‍රබල පාතාල සාමාජිකයන් විසින් මෙම ඝාතනය සැළසුම් සහගතව සිදු කරන්නට ඇති බවයි සුබ්‍රමනියම් ස්වාමි සඳහන් කළේ.

  • ජනපතිගේ ලේකම්වරයකු බව කියමින් ඉඩම් කොල්ලකන ජයසේකර සොයා පරික්ෂණ…

    ජනපතිගේ ලේකම්වරයකු බව කියමින් ඉඩම් කොල්ලකන ජයසේකර සොයා පරික්ෂණ…

    විදෙස්ගතව සිටින පුද්ගලයන්ගේ ඉඩම් සඳහා ව්‍යාජ ඔප්පු සකසා විකිණීමේ යෙදෙන ජනාධිපති සම්බන්ධිකරණ ලේකම්වරයෙකු බව කියමින් බොරු පතුරන පුද්ගලයෙකු පිළිබඳව පොලිස් මුලස්ථානය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

    නාවල ප්‍රදේශයේ පර්චස් 160ක ඉඩමක් අත්කර ගැනීමට උත්සාහ දැරීමේදී ඔහු පිළිබඳව තොරතුරු ලැබුණු බවයි පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළේ. නාවල,ඇතුල් කෝට්ටේ සහ පිටකෝට්ටේ වැනි ප්‍රදේශවල ඉඩම් කිහිපයක් ව්‍යාජ ලෙස ඔහු අලෙවි කර ඇති අතර රජයට හිමිවිය යුතු මුද්දර ගාස්තු සඳහා ද මෙම පුද්ගලයා වංචා කර ඇති බවයි වාර්තා වන්නේ.

    රංජිත් ජයසේකර යන නම සහ තවත් නම් කිහිපයකින්ම පෙනී සිටි මෙම පුද්ගලයා ව්‍යාජ හැඳුනුම්පත් තුනක් භාවිතා කර ඇති බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

    අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

  • පුංචි ආණ්ඩුවල බලය පිහිටුවන්න ශ්‍රිලනිප-එජාප යහපාලන එකගතාවයක්..

    පුංචි ආණ්ඩුවල බලය පිහිටුවන්න ශ්‍රිලනිප-එජාප යහපාලන එකගතාවයක්..

    එක්සත් ජාතික පක්‍ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. පක්‍ෂ දෙක එක්වුවහොත් එම ආයතනයේ බහුතර බලය ලබාගත හැකි නම් ඒ සෑම පළාත් පාලන ආයතනයකම බලය ඒකාබද්ධව පිහිටුවීමටයි තීරණය කර ඇත්තේ.

    එක්සත් ජාතික පක්‍ෂයේ ආසන සංවිධායකවරුන්ගේ ඊයේ පැවති රැස්වීමේදී පක්‍ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මේ බව දැනුම් දී ඇතැයි සදහන්. ඒ අනුව ඊට අදාළ කටයුතු සොයා බලන්නැයි මහ ලේකම්වරයා දිස්ති‍්‍රක් සංවිධායකවරුන්ට දැනුම් දී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ. 

    කෙසේවෙතත් පළාත් පාලන ආයතන පිහිටුවීම මාර්තු 20 දක්වා කල් තැබීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ඊයේ (27) තීරණය කළා.

  • කුප්‍රකට වෙලේ සුදා නිදොස් කොට නිදහස්….

    කුප්‍රකට වෙලේ සුදා නිදොස් කොට නිදහස්….

    කුප‍්‍රකට මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තා මත්කුඩු නඩුවකින් අද (28) නිදොස් කොට නිදහස් කෙරුණා. 2000 වර්ෂයේදී හෙරොයින් ග‍්‍රෑම් 6.07 ක් ළග තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාව මතයි ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ එම නඩුව පවරා තිබුණේ.

    කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි ඉදිරියේ නඩුවට අදාළ සාක්‍ෂි විභාගය සිදු කෙරුණා. එහිදී නඩුවේ ඉදිරිපත් වී ඇති සාක්‍ෂි සලකා බලා වෙලේ සුදා නමැත්තා නිදොස් කොට නිදහස් කිරීමටයි අද තීරණය කෙරුණේ. 

    ගල්කිස්ස ප‍්‍රදේශයේදී මෙම විත්තිකරු සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් ප‍්‍රමාණයට වඩා රස පරීක්‍ෂකවරයා වෙත යවා ඇති හෙරොයින් ප‍්‍රමාණය  වැඩි බවට අධිකරණයේදී අනාවරණ කිරීමට විත්ති පාර්ශවයට හැකි වී තිබෙනවා. 

    කෙසේවෙතත් තවත් නඩුවකට වෙලේ සුදා මේ වනවිට මරණ දඩුවමට නියම වී සිටිනවා. එම නඩුවම එලෙසම කි‍්‍රයාත්මක වනවා.

  • යාපනයේ සරසවි සිසුවා එල්ලිලා මැරුනද? මරලා එල්ලුවද? ඇත්ත කතාව මෙන්න…

    යාපනයේ සරසවි සිසුවා එල්ලිලා මැරුනද? මරලා එල්ලුවද? ඇත්ත කතාව මෙන්න…

    යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨයේ අධ්‍යාපනය ලැබූ සිසුවෙකුගේ මළ සිරුරක් ඊයේ (27) සවස සොයාගත් බව යාපනය පොලිසිය පවසනවා.

    වවුනියාව හි ස්ථිර පදිංචි එමානුවෙල් සාමුවෙල් නමැති 26 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් එලෙස සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

    සිසුවා සිය දෙමාපියන් සමග නවාතැන්ගෙන සිටි යාපනය පලාලි වීදියල කන්දර්මඩම මංසන්ධියහි නවාතැන් පොළතුළ තිබි මළ සිරුර සොයාගෙන තිබෙනවා.

    පොලිසිය පැවසූවේ සිසුවා‍ ගෙල වැළලාගෙන මියගොස් ඇති බවට මූලික නිරීක්ෂණයේදී තහවුරු වි ඇති අතර, මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ යාපනය රෝහලේදී අද (28) පැවැත්වීමට නියමිත බවය.

    විභාග පීඩනය හමුවේ අදාළ සිසුවා මියගිය බවට සැකයක් පවතින බවයි තතුදත් ආරංචි පවසන්නේ.සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

  • එජාප-ශ්‍රීලනිප උණුසුම් වෙද්දී  ජනපති මෛත්‍රී ජාතික ඉදිකිරීම් සම්මාන උළෙළට එක්වෙයි….

    එජාප-ශ්‍රීලනිප උණුසුම් වෙද්දී ජනපති මෛත්‍රී ජාතික ඉදිකිරීම් සම්මාන උළෙළට එක්වෙයි….

    දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ උන්නතිය සඳහා වන ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ විශිෂ්ට දායකත්වය අගයනු වස් වාර්ෂිකව සංවිධානය කරන “ජාතික ඉදිකිරීම් සම්මාන උළෙළ 2017” ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් (26) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

    ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ විශිෂ්ටයින් 08 දනෙකු වෙත විශිෂ්ටතා සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    මේ අතර දේශීය කොන්ත‍්‍රාත්කරුවන් විසින් විදේශීය ව්‍යාපෘති ඉදිකිරීම දිරිගැන්වීම සහ ඇගයීම සඳහා මෙවර එක් කරන ලද නව සම්මාන 03 ක් මෙහිදී ජනාධිපතිතුමා අතින් පිරිනැමිණි.

    ඉදිකිරීම් අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන සඳහා වන පාරිසරික මාර්ගෝපදේශන සංග‍්‍රහය ද මෙහිදී නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්විය.

    නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම්. අබේරත්න, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති එම්. ආර්. ජෙයචන්ද්‍රන්, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වාස්තු විද්‍යාඥ එච්. කේ. බාලචන්ද්‍රන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

  • හැමෝම හොයපු බුකිය Hot කරපු දුලීගේ අලුත්ම ඡායාරූප එකතුව අපෙන්…!

    හැමෝම හොයපු බුකිය Hot කරපු දුලීගේ අලුත්ම ඡායාරූප එකතුව අපෙන්…!

    නිරූපණ ශිල්පිණි දුලීගේ අලුත්ම ඡායාරූප එකතුව පහතින්,

    නිරූපණය : දුලී
    ඡායාරූපකරණය : තරිඳු නිරෝෂන්
     

  • රංගේ බණ්ඩාර කියන කතාවල වරදක් නෑ.! රංගේ බණ්ඩාරගේ සටනට එජාපයේ සජිතුත් එක්වෙයි..

    රංගේ බණ්ඩාර කියන කතාවල වරදක් නෑ.! රංගේ බණ්ඩාරගේ සටනට එජාපයේ සජිතුත් එක්වෙයි..

    විශ්වාසභංග යෝජනාවක් ගෙනාවොත් ඒ සම්බන්ධයෙන් විදියට ඔබතුමාලා මොනවගේ තීරණයක් ද ගන්නේ?

    “රංගේ බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කරනවා ප්‍රශ්න ගණනාවක්. ඒ ප්‍රශ්න වලට අපි යථාර්ථවාදි විදියට ධනාත්මක විදියට විසදුම් හොයන්න ඕන. ”

    නියෝජ්‍ය නායකයා විදියට ඔබතුමාට හිතෙනවාද මේ කියන කරුණු වල යම් සත්‍යතාවයක් තියනවා දකියලා?

    “මම කිසිසේත්ම බැහැර කරන්නේ නෑ එතුමා කියන කතා වැරදියි කියලා.”

    එතුමා පැහැදිළිවම කියන්නේ අගමැතිධූරයේ වෙනසක් වෙන්න ඕන කියලා ඒකියන්නේ ඔබතුමා කියන්නේත් එහෙම වෙනසක් වෙන්න ඕන කියලා?

    “මම කියන්නේ යමිකිසි කෙන්කු කරන චෝදනාවන් බැහැර කරන්නේ නැතුව. යම් චෝදනාවක් ඉදිරිපත් කරන කොට අපි ඒවා සාකච්ඡා මට්ටමින් විසද ගන්න ඕන.”