Author: Editor[A]

  • “මම නිහඬව හිටියේ නෑ..” – කලක් නිහඩව සිටි රතන හිමිගෙන් අලුත් සටනක් ගැන ප්‍රකාශයක්…

    “මම නිහඬව හිටියේ නෑ..” – කලක් නිහඩව සිටි රතන හිමිගෙන් අලුත් සටනක් ගැන ප්‍රකාශයක්…

    නව දේශපාලන පණිවුඩයක් සමාජගත කිරිමට මේ දිනවල සූදානම් වෙමින් සිටින බව ජූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

    පවතින දේශපාලන ව්‍යාකූලත්වය පිළිබඳ අප කළ විමසීමකදීයි උන්වහන්සේ ඒ බව පැවසුවේ.

    එහිදී “මම හිතන්නේ ආණ්ඩුව ඇතුළේ එක එක ප්‍රවණතා..සංකීර්ණ තත්ත්වයන් දකින්න හම්බවෙනවා.මම පසුගිය කාලය පුරාම නිහඬව හිටියේ යම්කිසි වැඩපිළිවෙලක් නිසා. දැන් සමාජයට පණිවුඩයක් දෙන්න අවශ්‍යයි. ඉදිරි කාලය තුළ හැම දෙනාටම දැනගන්න පුළුවන් වෙයි මම මොකක්ද කරන්නේ කියලා. ඇත්තවශයෙන්ම ඒක ලංකාවේ අනාගත දේශපාලනය තීරණය කරන පණිවුඩයක්.” යනුවෙන් සඳහන් කළා.

  • මහින්ද ඇතුළු 06ක් ඉන්දියාවට ගිය හේතුව මෙන්න..

    මහින්ද ඇතුළු 06ක් ඉන්දියාවට ගිය හේතුව මෙන්න..

    කුපාම මහින්ද රාජපක්ෂ මහතා ශි‍්‍ර ලන්කන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් අද අළුයම 04.46ට පමණ ඉන්දියාවේ බැංගලෝර් බලා පිටත්ව ගිය බව අපට වාර්තා වේ..
    අපල උපද්‍රවයන්ගෙන් ආරක්ෂා වීම සදහා වන බිලිපුජා සම්බන්ධ ජෝතිෂ්‍ය කටයුත්තක් සදහා මහින්ද රාජපක්ෂ මහතා සමග 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව සදහන්..
  • රට ගිනිතියන්න පච පතුරවන්න එපා.. ලංකාවේ ඩිසල් හිගයක් නෑ.. තෙල් සංස්ථාවෙන් නිවේදනයක්..

    රට ගිනිතියන්න පච පතුරවන්න එපා.. ලංකාවේ ඩිසල් හිගයක් නෑ.. තෙල් සංස්ථාවෙන් නිවේදනයක්..

    රට පුරා ඩීසල් හිඟයක් පවතින බවට අසත්‍ය ප්‍රචාරයක් මේ වන විට පතුරවා හරිමින් තිබෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. 

    වෙබ් අඩවියක හා ජනමාධ්‍ය කිහිපයක් ඔස්සේ එම ප්‍රචාරය සිදුව ඇති බවයි සංස්ථාව පවසන්නේ. සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කර රට අස්ථාවර කිරීමේ අරමුණින් එම අසත්‍ය ප්‍රචාර පතුරවනු ඇති බවයි සංස්ථාව වැඩිදුරටත් පවසන්නේ.

    කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ හා මුතුරාජවෙල තොග ගබඩාවල ඩීසල්, පෙට්‍රල් හා භූමිතෙල් ඇතුලු සියලුම ඉන්ධන ප්‍රමාණවත් පරිදි පවතින බැවින් මේ පිළිබඳ කිසිදු අනිසි බියක් ජනතාව ඇතිකරගත යුතු නැතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසනවා.

    අසත්‍ය ප්‍රචාර සිදු කරන පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ වන විට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව ද සංස්ථාව පවසනවා.

  • රැගෙන ගිය අයුරු ආරක්ෂිත කැමරාවක පටිගත වු දරුවාගේ නිරුවත් මළසිරුර කැළෑවෙන් හමුවෙයි

    රැගෙන ගිය අයුරු ආරක්ෂිත කැමරාවක පටිගත වු දරුවාගේ නිරුවත් මළසිරුර කැළෑවෙන් හමුවෙයි

    වයස අවුරුදු 10 ක් වන පිරිමි දරුවෙකුව පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියක් හලාවතින් වාර්තා වෙනවා.

    ඝාතනයට ලක්ව ඇත්තේ හලාවත – ඉරණවිල, සමිදුගම පදිංචිව සිටි සුධීර නිර්මාල් නැමැති  පාසල් සිසුවෙක්.

    පසුගිය 25 වැනිදා මෙම දරුවා අතුරුදහන්වී තිබුණා. කිසියම් අයෙකු දරුවාව කැඳවාගෙන යන ආකාරය ඉරණවිල ප්‍රදේශයේ පිහිටි වෙළද සැලක ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබෙනවා.

    ගම්වාසීන් විසින් කරන ලද සොයා බැලීමකදී අතුරුදහන්වී සිටි දරුවාගේ නිරුවත් මළ සිරුර ඉරණවිල කැලෑවක තිබී අද (27)  පෙරවරුවේ හමුවී තිබෙනවා. දරුවාව ඝාතනය කිරීමට පෙර කිසියම් අපරාධයක් සිදු වන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය පෙන්වා දෙනවා.

    හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනවා.

  • නායක රනිල් එජාප වෘත්තීය සමිතිවලට පල නොකියා පලා බෙදන හැටි මෙන්න..

    නායක රනිල් එජාප වෘත්තීය සමිතිවලට පල නොකියා පලා බෙදන හැටි මෙන්න..

    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එම පක්ෂය වෙනුවෙන් දර දිය අදින වෘත්තීය සමිතිවලට සහ එම වෘත්තීය සමිතිවල සමාජිකයින්ට පල නොකියා පලා බෙදන තත්වයක් නිර්මාණය වී ඇතැයි එම පක්ෂයේ ක්‍රියාකාරීන් පවසති. මේ එක්සත් ජාතික පක්ෂය වලපල්ලට ඇඳගෙන එහි නායක රනිල්ගේ කුඩම්මා සැලකිලි ගැන එම පාක්ෂිකයින්ගේ දුක් ගැනවිල්ලයි.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ ජාතික සේවක සංගමයේ සාමාජිකයන් 2004 පෙර දහස් ගානක් සිටි අතර 2015 යහපාලන රජය බලයට පත්වනවිට සාමාජිකයන් 165 සීමාවිය. මෙයින් පෙනී යන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමයේ සාමාජිකයන් ජාතික සේවක සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත් වීමයි. පලිගැනීම් හා වෙනත් කම්කටොලු දරාගෙන පක්ෂය වෙනුවෙන් 2015 දක්වා මේ 165 දෙනා දර දිය අදින ලදී. මෙම සාමාජිකයන්ගේ වැටුපෙන් පසුගිය වසර 14ක් පුරා සාමාජික මුදල් කපාගෙන ඇතත් එම සාමාජිකයන්ට කිසිම සහනයක් ලබාදී නොමැත.

    යහපාලන රජය පැමිනේනවත් සමගම එහි සභාපතිවරයා වෙනස් වී සමික අසිතන්ජන යන අය ඒහි සභාපති තනතුරට පත්කර ගන්නා ලදී. ජාතික සේවක සංගමයේ සාමාජිකයන් සැහෙන පිරිසකට මහින්ද පාලනය යටතේ පලිගැනීම් හා විවිධ අසාධාරණයට ලක්වූ සේවකයන් සිටින ලද අතර නව සභාපති වරයා යටතේ ඔවුන්ට සහනයක් ලැබේයැයි සිතා සිටියත් ඔවුන්ට මේදක්වා කිසිම සහනයක් නොලබා සේවයෙන් සැහෙන පිරිසක් දැනට විශ්‍රාම ගොස් ඇත.

    මෙම සේවකයන් සදහා සිරිකොත මන්දිරය තුල දෙවරක්ද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ එක්වරක්ද පරීක්ෂණ පවත්වා මේ දක්වා ඔවුන්ට සහනයක් ලබා දී නොමැත.

    මේ පිලිබදව ජාතික සේවක සංගමයේ පැරණි සාමාජිකයන් කණගාටුවෙන් සිටි. යහපාලන රජය අවසන් වීමට තව ඇත්තේ මාස 22 පමණි, මෙම සේවකයන් සදහා දැන්වත් යුතුකම් ඉටු නොකරන්නේ නම් ප්‍රතිපල ඉතා භයනකය, මහින්දගේ පොහොට්ටුව බලා සිටින්නේ ඔවුන්ව ඒ පැත්තට හරවා ගන්නටය.

    සමික අසිතන්ජන යන නව ජාතික සේවක සංගමයේ සභාපති බලයට පැමිණි පසු දුක් විදගෙන සිටි සාමාජිකයන් 165ට අමතරව ඔහුගේ තෙල් ටැoකි වැලලිමේ ව්‍යාපාර වලට හා වෙනත් කටයුතු වලට උදවු කරන අය (84 දෙනකු පමණ) බදවාගෙන සාමාජිකත්වය 249 දක්වා ඉහල දමන ලදී, මෙම මුළු පිරිසම දේශපාලන පලිගැනීම් වලට ලක්වුවා යැයි කියා සිරිකොතට හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ පරීක්ෂණ සදහා යවන ලදී.

    සමික අසිතන්ජන යන අය භර්යාවගේ නමින් ව්‍යාපාරයක් ලියාපදිංචි කර ඒ නමින් සංස්‌ථාවේ පිරවුම්හල් වලට අලුත් හා පරණ තෙල් ටැoකි ගලවා සවිකිරීම හා දිවයින පුරා ඇති පිරවුම්හල් වලින් ප්‍රාදේශීය කළමනාකරුවන් හා ප්‍රාදේශීය පරිපාලකවරුන් මුදල් ලබාගන්නා අතර ඒ සදහා ජාතික සේවක සංගමයේ සභාපතිවරයා ඔහුගේ රැකවරණය ලබා දෙමින් එම මුදලින් කොටසක් ලබාගනී

    මෙවැනි ව්‍යාපාර කරගෙන සිටින අතර ඔහු සංස්‌ථාවේ ජාතික සේවක සංගමයේ සාමාජිකයන් වෙනුවෙන් ඉටුකළයුතු යුතුකම් කිසිවක් මේ දක්වා ඉටුනොකර සිටි, මේ නිසා සාමාජිකයන්ට එක්සත් ජාතික පක්ෂයද, ජාතික සේවක සංගමයද එපාවෙන තත්වයට පත්ව ඇත, මේ ගැන සොයා බලා අවශ්‍ය කටයුතු සිදුකරන මෙන් ඉල්ලමු.

  • අගමැති රනිල්ට එරෙහිව පක්ෂයෙන්ම ගෙන එන විශ්වාසභංගයට ජවිපෙ සහයත්..

    අගමැති රනිල්ට එරෙහිව පක්ෂයෙන්ම ගෙන එන විශ්වාසභංගයට ජවිපෙ සහයත්..

    අගමැති රනිල්ට එරෙහිව එම පක්ෂයෙන්ම ගෙන එන විශ්වාසභංගයට සහය ලබාදීමට තම පක්ෂය බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රකාශකයෙක් පැවසිය. මේ මොහොතේ ප්‍රමුඛතම කාර්යය වන්නේ රනිල් ඉවත්කිරීම බවත් ජනමතයට තමන් හිස නමන බවත් ඔහු අවධාරණය කළා.

  • ‘මටත් SMS, ඊමේල් ආවා‘  – අගමැතිට එරෙහිව විශ්වාසභංගය  රන්ජන්, කිරිඇල්ල කතා කරයි..

    ‘මටත් SMS, ඊමේල් ආවා‘ – අගමැතිට එරෙහිව විශ්වාසභංගය රන්ජන්, කිරිඇල්ල කතා කරයි..

    ජාපයේ ඉදිරි ගමන උදෙසා විශ්වාස භංගයක් ගෙන ඒමට මන්ත්‍රීන් කණ්ඩායමක් සූදානමින් සිටින බව රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
     
    එම විශ්වාස භංගය ගෙන එන්නේ රටේ විශ්වාසය නැති පුද්ගලයා එරෙහිව බව ද ඇමැතිවරයා කීවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
     
    රංගේ බණ්ඩාර මහතා මෙසේ ද කීවේය.
     
    ‘‘අත්දෙක බැඳලා පිහිනුම් තටාකයට දැම්මා වගේ වැඩක් මට කරලා තියනවා. රාජ්‍ය ඇමැති කියලා බෝර්ඩ් එකක් ගහලා මාව දාලා තියෙනවා. කිසිදු බලයක් නැහැ. කිසිදු දෙයක් කරන්න පුලුවන් කමක් නෑ. කිසිදු කෙනකුට රැකියාවක් දෙන්නවත් බැහැ. 
     
    මම එක්සත් ජාතික පක්ෂයේ මේ නායකත්වය මේ පැත්ත බලන්නේ නැති නිසා ඉවත් වෙනවා කිව්වේ ඒකයි. අවාසනාවකට තවම අස්වීමේ ලිපිය බාරගෙන නෑ. 
     
    මෙවැනි තත්ත්වයක් තුළ එජාපයට ඉදිරි ගමනක් නෑ. ඉදිරියට යනවා නම් එජාපයේ පූර්ණ වෙනසක් සිදු  කළ යුතු වෙනවා. පළමුවෙන්ම නායකත්වයේ. කැබිනට් සංශෝධන කළත්, වෙන කුමන පරපුරවල් හැදුවත් මේ පක්ෂය ඉදිරියට ගෙන යන්න පුලුවන් කමක් නෑ. 
     
    මේ පක්ෂයේ ජනතාවගේ හඬට ඇහුම්කන් දෙන්න. සමස්ත රටේම හඬ මේකයි. පාර්ලිමේන්තුවේ ඉන්න මැතිඇමැතිවරුන්ට කියන්නේ ඔබ ගැන පමණක් හිතලා වැඩ කරන්න එපා. කරුණාකරලා මේ පක්ෂය ගැන හිතන්න. පක්ෂය දියකරන්න ඉඩ දෙන්න එපා.  
     
    මේ ක්‍රියාදාමය තුලින්වත් වැඩක් වෙන්නේ නැතිනම් අපිට සිද්ධ වෙනවා අනුකම්පා විරහිතව විශ්වාස භංගයක් ගේන්න. ඒ විශ්වාස භංගය රටේ විශ්වාසය නැති පුද්ගලයා සම්බන්ධයෙන් තමයි අපි ක්‍රියාකරන්න යන්නේ. ඒ විශ්වාස භංගයට නායකත්වය ගන්න අපේ මන්ත්‍රීවරුන් ගණනාවක් සූදානමින් ඉන්නවා. ‘‘

    කෙසේ වෙතත් රාජ්‍ය ඇමතිවරයාගේ ප්‍රකාශය පිළිබඳ අප එක්සත් ජාතික පක්ෂයේ තවත් නියෝජිතයන් කිහිපදෙනෙකුගෙන්ද විමසීමක් කළා.

    එහිදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ “මමනම් මේ ගැන මොනවත් දන්නේ නෑ..මටත් SMS, ඊමේල් ආවා..දැන් බලන්න ඕනේ මොකද්ද මේකට කරන්නේ කියලා..ඉස්සෙල්ලා කතා කරලා ඉන්න ඕනේ..ඒ අයගේ අදහස මොකද්ද කියලා දැනගන්න..” යනුවෙනි.

    නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකද පැවසුවේ අදාළ තොරතුර තමන් දැනගත්තේද මාධ්‍යයෙන් පමණක් බවයි.

    “තාම මේ ගැන ලොකු අවබෝධයක් නෑ..පක්ෂයේ අයත් එක්ක කතා කරලා ඉන්න ඕනේ.”

  • අම්පාර හෝටලයක කෑම කද්දී දම් පාට පෙති හමුවෙයි. කුපිත වූ ප්‍රදේශවාසින් හෝටලය ගිණි තියයි.

    අම්පාර හෝටලයක කෑම කද්දී දම් පාට පෙති හමුවෙයි. කුපිත වූ ප්‍රදේශවාසින් හෝටලය ගිණි තියයි.

    අම්පාර ප‍්‍රදේශයේ ඊයේ (26) රාති‍්‍රයේ කිසියම් කලහකාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

    තුන්සියයක පමණ කණ්ඩායමක් හෝටලයක පහරදී එහි බඩු බාහිරාදියට ගිනි තබා පසුව දේවස්ථානයකටද අලාභ හානි සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

    වාහන කිහිපයකටද ඔවුන් විසින් පහරදී තිබෙනවා. 

    ගිනි තැබීමට ලක්වූ හෝටලයෙන් පුද්ගලයින් දෙදෙනෙකු ලබා ගත් ආහාරයක තිබී කිසියම් පෙති වර්ගයක් (දම් පැහැයට හුරු) හමුවී ඇති බවයි පැවසෙන්නේ.

    ඒ බව පාදක කර ගනිමින් කලහකාරී තත්ත්වය ඇතිවූ බවයි වැඩි දුරටත් වාර්තා වුණේ. මේ වන විට පොලීසිය හා පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව තත්ත්වය පාලනය කර තිබෙනවා. 

  • කළුතරදී බන්ධනාගාර ප්‍රහාරයෙන් මිය ගිය නිලධාරියාගේ බිරිඳ කළ හෙළදරව්ව මෙන්න….

    කළුතරදී බන්ධනාගාර ප්‍රහාරයෙන් මිය ගිය නිලධාරියාගේ බිරිඳ කළ හෙළදරව්ව මෙන්න….

    පාතාල සාමාජිකයෙකු වූ සමයං ඇතුළු හත් දෙනෙකු ඝාතනය කරමින් කළුතර ප‍්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට සිදුවූ වෙඩි තැබීමට අදට (27) වසරක් සම්පූර්ණ වනවා.

    එහෙත් මෙම වෙඩි තැබීමෙන් මියගිය හෝ තුවාල ලැබූ නිලධාරින්ට මේ දක්වාත් කිසිඳු වන්දියක් ලබා දී නැහැ.

    බන්ධානාගාර නිලධාරීන් දෙදෙනෙකුද මෙම වෙඩි තැබීමෙන් මිය ගිය අතර තවත් නිලධාරියෙකුගේ පාදයක් කපා ඉවත් කිරිමට සිදුවුණා.

    වෙඩි තැබීම සිදුවී දින කිහිපයක් ගතවූ අවස්ථාවේ බන්ධනාගාර අමාත්‍යාංශය තීරණය කළේ එලෙස මියගිය නිලධාරීන්ට වන්දියක් මෙන්ම ජීවත්ව සිටියේ නම් ඔවුන්ගේ විශ‍්‍රාම වයස පැමිණෙන තෙක් ඔවුන්ට හිමි වැටුපද ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ලබා දීමටයි.

    ආබාධිත වූ නිලධාරියාට සහ තුවාල ලැබූ සෙසු නිලධාරින්ට වන්දි ලබා දීමටද එහිදී තිරණය කෙරුණා. එහෙත් ප‍්‍රකාශිත එම කිසිඳු ප‍්‍රතිලාභයක් මේ දක්වා ලැබී නොමැති බවයි මිය ගිය නිලධාරියෙකුගේ භාර්යාව අප වෙත කියා සිටියේ. 

    අප මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන්ද විමසීමක් කළා. එහි ඉහළ නිලධාරියෙකු පැවසුවේ මියගිය නිලධාරීන්ට වන්දි සහ වැටුප් ලබා දීමට අදාළ සියලූ තොරතුරු අමාත්‍යාංශයට යවා ඇති බවයි. ආබාධිත වූ සහ තුවාල ලැබූ නිලධාරීන්ට වන්දි ලබා දීම සඳහා වූ තොරතුරුද අමාත්‍යාංශයට යවා ඇතැයි ඔහු පැවසුවා.

    මේ අනුව අදාළ නිලධාරින්ට තවමත් වන්දි ලබා නොදීම සම්බන්ධයෙන් අප බන්ධනාගාර හා පුනුරුත්තාපන අමාත්‍යාංශයෙන්ද විමසීමක් කළා. එහි ලේකම් පී. සුරේෂ් පැවසුවේ කරුණු සොයා බලා මේ පිළිබඳ අද දිනය ඇතුළත පිළිතුරක් ලබා දෙන බවයි.

  • රනිල් ගෙදර යවන්න අවශ්‍ය වන්නේ සරල බහුතරයක් – නීතිවේදීන් සියල්ල හෙළිකරයි…

    රනිල් ගෙදර යවන්න අවශ්‍ය වන්නේ සරල බහුතරයක් – නීතිවේදීන් සියල්ල හෙළිකරයි…

    කවරෙකු හෝ විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවකදී අග‍්‍රාමාත්‍යවරයා පරාජයට පත්වුවහොත් ඔහුට එම ධූරයෙන් ඉවත්වීමට සිදුවන බව නීතිවේදීන් පවසනවා.

    අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ගැනීමට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් බවයි ඔවුන් පෙන්වා දුන්නේ. 

    ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මේනක හරන්කහ පෙන්වා දෙන්නේ “19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙනුත් ඉතා පැහැදිළිව සඳහන් කරනවා..අගමැතිවරයාගේ ධූරය අහිමි කළ හැකි එක ප්‍රධාන අවස්ථාවක් වශයෙන් ඔහුට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව.” යනුවෙනි.

    අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ හැක්කේ කුමන කණ්ඩායම්වලටදැයි ද මෙහිදී විස්තර කෙරුණා.

    “පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළදී විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ හැක්කේ හුදෙක් විපක්ෂයට පමණක් නෙමෙයි. ආණ්ඩුව මෙහෙයවන කණ්ඩායම් හැරුණු කොට (අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය).. එයට අයිති නොවන ඕනෑම පුද්ගලයෙකුට අයිතියක් තියෙනවා සාමාන්‍ය තත්ත්වය තුළදී විශ්වාසභංග යෝජනාවක් වන ඉල්ලීම ඉදිරිපත් කරන්න.”

  • ශ්‍රී දේවිගේ මරණය ඝාතන කුමන්ත්‍රණයක්… ඉන්දීය මාධ්‍ය සියල්ල හෙළිකරයි…!

    ශ්‍රී දේවිගේ මරණය ඝාතන කුමන්ත්‍රණයක්… ඉන්දීය මාධ්‍ය සියල්ල හෙළිකරයි…!

    ඉන්දීය සුරූපී නිළි ශ්‍රී දේවිගේ මරණට වෛද්‍ය හේතු හෙළි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    ඩුබාහිදී ඔවුන් රැදී සිටි හෝටලයේ නාන තටාකයේ දී ඇති වූ අනතුරක් ඇගේ මරණයට හේතු වී ඇති බවයි පශ්චාත් මරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇත්තේ

    කෙසේ වෙතත් ශ්‍රී දේවිගේ මරණය සම්බන්ධයෙන් විවිධ හේතුන් මාධ්‍ය වෙත මේවන විට පල වෙමින් තිබෙනවා.

    මේ අතර ගලීජ් නම් ඉංග්‍රීසි පුවත් පතක් වාර්තා කර තිබුණේ ශ්‍රී දේවි මිය ගොස් ඇත්තේ හෘදබාධායකින් නොවන බවත් ඇයගේ මරණය පසු පස කුමන්ත්‍රණයක් ඇති බවයි.

    සිය ඥාතීන්ගේ විවාහක මංගල්‍යය අවසන් වූ විගස බෝනි කපූර් මුම්බායි බලා පියාසර කළ අතර ඇයට කුතුහලයක් ඇති කිරිමේ අරමුණින් නැවතත් පසුගිය සෙනසුරාදා සවස ඔහු නැවත ඩුබායි නුවරට පැමිණ තිබෙනවා.

    එදින සවස 5.30ට පමණ නින්දෙන් නැගිට්ට ශ්‍රී දේවි විනාඩි 15කට ආසන්න කාලයක් සිය සැමියා සමග සුහද කතා බහක නිරත වූ බවයි ගලීජ් නම් ඉංග්‍රීසි පුවත්පත සඳහන් කර ඇත්තේ.

    එහිදී බෝනි කපූර් රාත්‍රී ආහාරය සඳහා එළියට යාමට ඇරයුම් කළ අතර ඇය ඊට කැමත්ත පල කර තිබුණා.

    රාත්‍රී ආහාරය සඳහා එළියට යාමට සූදානම් වී එන බව පවසා නාන කාමරයට ගිය ඇය පැයකට අධික කාලයන් නාන කාමරයෙන් එළියට පැමිණ නැති බවත් එහිදී කලබල වූ බෝනී කපූර් නානකාමරයේ දොරට කට්ටු කර ඇති බවත් අදාළ පුවත් පල වාර්තා කර තිබෙනවා.

    ඉවසීමේ සීමාව ඉක්මවූ බෝනී කපූර් නාන කාමරයේ දොර කඩාදමා ඇති අතර එහිදී ශ්‍රී දේවි ජලය පිරුණු නාන තොටිල්ලේ සිහි මුර්ජා වී සිටිනු දැක තිබෙනවා.

    ඇයව බේරා ගැනීම සඳහා බෝනී කපූර් උත්සාහ කර ඇති නමුත් එය උත්සාහය පල දරා නොමැති බවයි ගලීජ් නම් ඉංග්‍රීසි පුවත්පත සඳහන් කරන්නේ.

    ඉන් අනතුරුව බෝනී කපූර් සිය මිතුරෙකු එම ස්ථානයට ගෙන්වා ගෙන ඇති අතර අවසානයේ රාත්‍රී 9.00ට පමණ ඩුබාහි පොලීසියට මේ පිළිබඳ දැනුම් දී තිබෙනවා.

    ඇතැම් ඉන්දිය මාධ්‍ය සඳහන් කළේ ඇය හෝටලයේ දී පානය කළ කිරිවලට විෂ මිශ්‍රකර තිබු බවයි.

  • රනිල්ට එරෙහි එජාපයේ විශ්වාසභංගයට අපිත් සහය දෙනවා – ඒකාබද්ධ විපක්ෂයෙන් ප්‍රකාශයක්….

    රනිල්ට එරෙහි එජාපයේ විශ්වාසභංගයට අපිත් සහය දෙනවා – ඒකාබද්ධ විපක්ෂයෙන් ප්‍රකාශයක්….

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේම මන්ති‍්‍ර කණ්ඩායමක් සූදානම් වන බවට රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයද ප්‍රතිචාර දැක්වූවා.

    ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල මේ පිළිබඳ අදහස් පළ කළා.

    එහිදී ඔහු සඳහන් කළේ “බොහොම පැහැදිළිව අගමැති රනිල් වික්‍රමසිංහව ඉවත් කරන්න ඕනේ.. රනිල් වික්‍රමසිංහට දැඩි චෝදනා එල්ල වෙලා තියෙනවා. ඉතින් අපි හිතනවා රංගේ බණ්ඩාරටත් යම් සහයෝගයක් ජනපති සහ ශ්‍රීලනිපයෙන් ලැබෙනවා ඇති කියලා. මේ මොහොතේ අපිත් සහය දෙනවා ” යනුවෙනි.

  • අගමැති රනිල්ට එරෙහිව එජාපයෙන් විශ්වාසභංගයක්… ඇමති රංගේ බණ්ඩාර සියල්ල හෙළිකරයි..

    අගමැති රනිල්ට එරෙහිව එජාපයෙන් විශ්වාසභංගයක්… ඇමති රංගේ බණ්ඩාර සියල්ල හෙළිකරයි..

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේම මන්ති‍්‍ර කණ්ඩායමක් සූදානම් වන බවට රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර කළ ප‍්‍රකාශයෙන් දේශපාලන කරළියේ තිගැස්මක් ඇතිවී තිබෙනවා.

    රාජ්‍ය අමාත්‍යවරයා මෙම ප‍්‍රකාශය කළේ පුත්තලමේදී ඊයේ (26) මාධ්‍ය හමුවක් පවත්වමින්.

    රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර කළ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේම තවත් නියෝජිතයන් කිහිපදෙනෙකුගෙන්ද විමසීමක් කළා.

    අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ “මමනම් මේ ගැන මොනවත් දන්නේ නෑ..මටත් SMS, ඊමේල් ආවා..දැන් බලන්න ඕනේ මොකද්ද මේකට කරන්නේ කියලා..ඉස්සෙල්ලා කතා කරලා ඉන්න ඕනේ..ඒ අයගේ අදහස මොකද්ද කියලා දැනගන්න..” යනුවෙනි.

    නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකද පැවසුවේ අදාළ තොරතුර තමන් දැනගත්තේද මාධ්‍යයෙන් පමණක් බවයි.

    “තාම මේ ගැන ලොකු අවබෝධයක් නෑ..පක්ෂයේ අයත් එක්ක කතා කරලා ඉන්න ඕනේ.”

    අප මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන්ද විමසීමක් කළා. ඊට ප‍්‍රතිචාර දැක්වූ අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්නවලට ඔවුන් අත නොදමන බවයි. පසුව ඔහු දුරකතනය විසංධි කළා.

    ජනතා විමුක්ති පෙරමුණද පවසන්නේ කිසියම් අයෙකු කරන ප‍්‍රකාශයක් පිළිබඳ එකවර ප‍්‍රතිචාර දැක්විය නොහැකි බවයි. කෙසේ වෙතත් ආණ්ඩුව පරාජය කිරිම ජනතා විමුක්ති පෙරමුණේද අවශ්‍යතාවයක් බව ඔවුන් අවධාරණය කළා.

  • හේතුව හෘදයාබාධයක් නොවෙයි – ශ්‍රී දේවිගේ මරණයට ඇත්තම හේතුව මෙන්න…

    හේතුව හෘදයාබාධයක් නොවෙයි – ශ්‍රී දේවිගේ මරණයට ඇත්තම හේතුව මෙන්න…

    බොලිවුඩයේ සුපිරි නිළි ශ්‍රී දේවි මිය ගොස් ඇත්තේ හෝටල් කාමරයේ නාන බේසම තුළ ගිලීමෙන් බව වාර්තාවනවා.

    අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව ඇයගේ සිරුරේ ඇල්කොහොල් තිබූ බවත් එය මෙම අනතුර සිදුවන්නට හේතුවක් වෙන්නට ඇති බවත් සඳහන්ය.
        
    තවමත් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතින අතර ග්‍රල්ෆ් ප්‍රවෘත්ති සේවය වාර්තා කරන පරිදි මෙම දියේ ගිලීමේ අනතුර තවමත් වාර්තා කර ඇත්තේ අධිකරණ වෛද්‍ය වාර්තාවේ පමණක් බවද සඳහන් වෙයි.

    මේ අනුව තවත් වාර්තාවක් ගැනීමට සිදුවීම නිසා මෘත දේහය ඉන්දියාවට යැවීමට තවත් යම් කාලයක් ගත වනු ඇතැයි වාර්තා පවසයි.

    තවමත් පොලිසිය මෙම අවස්ථාවේදී ඇය සමග සිටියේ කවුරුන්ද යන්න සොයා බැලීමට සිදුවීමේ සියළු දත්ත එකිනෙක ගලපමින් සිටියි


  • ලක්ෂ ගණන් සල්ලි කාලා උදයංග අල්ලන්න ගිය අය ටුවර් ගසා හොරා නැතුව ගෙදර එයි….

    ලක්ෂ ගණන් සල්ලි කාලා උදයංග අල්ලන්න ගිය අය ටුවර් ගසා හොරා නැතුව ගෙදර එයි….

    රාජපක්ෂ රෙජීමයේ ජාත්‍යන්තර අවි ජාවාරම්කරුවකු වූ කුප්‍රකට උදයංග වීරතුංගව අත් අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුද ඇතිව විදෙස් ගත වූ කණ්ඩායම් හිස් අතින්ම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

    ප්‍රංශයේ ලියෝන් හි පිහිටි ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල්) වෙතින් ලබා ගත් රතු වරෙන්තුව අත ඇතිව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.කේ.ඩී ප්‍රියන්ත යන මහත්වරු ඩුබායි බලා ගියහ. විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතාද ඊට සහභාගී වීමට නියමිතව තිබුණත් පසුව ඔහු එයින් ඉවත් වී ඇත.

    වසර 2006 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිලදී ගත් මිග් 27 ගුවන් යානා සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කරගෙන යන පරීක්ෂණයකට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අවශ්‍ය කර තිබේ. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් ද නිකුත් කර තිබේ.

    යසන්ත කෝදාගොඩ සහ පී.කේ.ඩී ප්‍රියන්ත යන මහත්වරු එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී එරට නීතිපති දෙපාර්තමේන්තුවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවත්වූහ. එහිදි උදයංග වීරතුංග ඉන්නා තැනක් නොදන්නා බව එම බලධාරීන් යසන්ත කෝදාගොඩ සහ පී.කේ.ඩී ප්‍රියන්ත මහත්වරුන් දෙදෙනාට දැනුම් දී තිබේ.

    එහෙත් ඩුබායිහි උදයංග වීරතුංගට අයත් බව කියන ලිපිනයකට ගොස් පරීක්ෂා කිරීමට එරට පොලීසිය කටයුතු කළද ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකි වී ඇතැයි වාර්තා විය.

    ඩුබායි ආගමන විගමන බලධාරීන් උදයංග වීරතුංග රඳවාගත් බවට තොරතුරු ලැබුණු විගස හත් දෙනකුගෙන් සමන්විත රජයේ නිලධාරීන් කණ්ඩායමක් එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ගියද ඔවුන්ටද උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. ජාත්‍යන්තර පොලිසියේ ඩුබායිහි සිටින නිලධාරීන් ශ්‍රී ලංකාවේ නිලධාරීන් පැමිණීමට පෙර උදයංග වීරතුංගගෙන් ප්‍රශ්න කර මුදා හැර තිබිණි.

    ගුවන් යානා වෙන් කරවා ගැනීමට නොහැකි වීම නිසා අවස්ථා තුනකදීම හත් දෙනකුගෙන් යුත් එම කණ්ඩායමේ පිටත්වීම ප්‍රමාද විය. ඔවුන්ට වීසා ලැබීම ප්‍රමාද වීම මෙම ප්‍රමාදයට තවත් හේතුවක් වී ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

    ඩුබායි පොලිසියේ අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ජාත්‍යන්තර පොලිසිය උදයංග වීරතුංගට නිකුත් කර තිබුණේ ‘නිල් වරෙන්තු’ පමණකි. එම නිසා ඔහුගෙන් ප්‍රශ්න කර මුදා හැරීමට ඩුබායි පොලිසිය කටයුතු කර තිබිණි. නිල් වරෙන්තු රතු වරෙන්තු තරම් ප්‍රබල නොවේ.

    මෙම තීන්දු ලබා ගැනීමට උපදෙස් දෙන නීති නිලධාරීන් සහ එම තීන්දු ලබා ගන්නා නිලධාරින් එහි ඇති නීතිමය තත්වය පිළිබඳ දිග පළල හොඳින්ම දන්නා අයවලුන් වේ.

    මෙලෙස රතු වරෙන්තු වෙනුවට නිල් වරෙන්තු ලබා ගැනීම, වීසා නිකුත් කිරීමට අවස්ථා ගණනාවකදී පමා වීම ආදිය යම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් දැයි මේ වනිවිට සමාජය තුළ දැඩි සැකයක් මතු වෙමින් තිබේ.

     

  • නීතිය හා සාමය භාරගන්න රනිල්ගෙන් ෆොන්සේකාට අැරයුමක්වත් නෑ.. හෙලිදරවුව මෙන්න..

    නීතිය හා සාමය භාරගන්න රනිල්ගෙන් ෆොන්සේකාට අැරයුමක්වත් නෑ.. හෙලිදරවුව මෙන්න..

    නිතිය හා සාමය අමාත්‍යාංශය භාරාගන්නා ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට කිසිදු අාරාධනාවක් රනිල් පාර්ශවයෙන් ලැබී නැති බව ෆොන්සේකා මහතාගේ සමීපතමයෙක් අපට පැවසීය..

    ඔහු වැඩිදුරටත් සදහන් කළේ මාධ්‍ය ඔස්සේ අැතැම් නායකයන් කරන ප්‍රකාශ හාස්‍යජනක බවත් නිතිය හා සාමය අගමැති භාරයේ හෝ ගජමිතුරන් වන කිරිඅැල්ල සාගල වැනි අැමතිවරයකුට ලබාදීම රනිල්ගේ අරමුණ බවත් මේ වනවිට ජනතාව වටහාගෙන අැති බවයි. තවදුරටත් මාධ්‍ය ඉදිරියේ අසත්‍ය ප්‍රකාශ කර අවසානයේ ජනතාව නොමග යවමින් රාජපක්ෂ කල්ලිය අාරක්ෂා කිරිම රනිල්ගේ අරමුණ බවද අපට අදහස් දැක්වු ඒම සමීපතමයා වැඩිදුරටත් සදහන් කළේය..