Author: Editor[A]

  • අැමති දුමින්ද ශ්‍රිලනිපයෙන් එජාපයට….?

    අැමති දුමින්ද ශ්‍රිලනිපයෙන් එජාපයට….?

    නීතිය හා සාමය අමාත්‍ය ධුරය ගැන  අගමැති රනිල්ගේ ප්‍රකාශය මාධ්‍යයට කියන අැමති දුමින්ද දිසානායක එජාපයේ මාධ්‍ය ප්‍රකාශකයා බවට පත්ව අැත්දැයි සැකයක් මතුවන බව අප ඒ පිළිබදව සිදුකල විමසීමකදී ශ්‍රිලනිප ප්‍රකාශකයෙක් අපට පැවසීය. 

    නිදහස් පක්ෂයේ විසදාගැනීමට ගැටළු තිබියදී රනිල්ගේ කුණු සුද්ද කරමින් රනිල් රැකගන්න දුමින්ද මෙච්චරටම  වලිකන්නේ කුමකටද යන්න ජනතාව හොදින් වටහාගෙන අැති බවත් තම දිස්ත්‍රික්කය අන්ත පරාජයකට ලක්වීෙමන් පසුව නැවත ගමනක් නැති බව වටහාගෙන එජාපයට මුක්කු ගැසීම දුමින්දගේ අරමුණ වි අැතැයිද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේය..

    .

  • මේ සතිය ඔබට කොහොමද? (පෙබ. 26 – මාර්තු 04)

    මේ සතිය ඔබට කොහොමද? (පෙබ. 26 – මාර්තු 04)

    මේෂ – ලද පමණින් සතුටු වන්න 
    තම තත්ත්වය උසස් කර ගැනීමට අවශ්‍ය කටයුතු කිහිපයක් ඉස්මතු කරගෙන කටයුතු කරයි. අලුත් අමුතු වැඩකටයුතු කිහිපයක් ආරම්භ කරයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත් වේ. යම් යම් පීඩා ඇතත් දියුණුව ලබයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායකයි. ලද පමණින් සතුටු විය යුතු කාලයකි. මිල මුදල් ලැබුණ ද වියදම් පක්ෂය ද ඉහළ යයි. ගෙදරදොර කටයුතුවල දී තරමක් හිතුවක්කාරී ගති ඉස්මතු වේ. විටෙක ගුරුවර වැඩිහිටියන්ගේ උපදෙස් සුළුකොට සිතයි. ස්වකීය උත්සාහය තුළ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගනී. අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් වන්න. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.ජය වර්ණය- රතු, ජය අංකය- 09

    වෘෂභ – වියදම් අධිකයි 
    සෙනසුරු, රාහු, කේතු, ගුරු ගමන් එතරම්ම ශුභදායක නැත. ඒරාෂ්ටක තත්ත්වයක් ද උදා කර ඇති නිසා අන්‍යයන් සමග කටයුතු කරගෙන යාමේ දී කල්පනාකාරි විය යුතුයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී සුළු සුළු බාධා අවහිරතා නැත්තේ ද නොවේ. උසස් නිලධාරීන්ගේ අවධානය තමාට එල්ල වන නිසා බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වුවත් විටින් විට මිල මුදල් වියදම් වීම් අධිකයි. ගෙදරදොර කටයුතුවල දී ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ඉස්මතු කළ හැක. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටිය යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අය ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල උදාකර ගත හැක.ජය වර්ණය- නිල්, ජය අංකය- 06

    මිථුන – නව ආදායම් මාර්ග 
    ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නැත. තමාගේ උත්සාහය තුළ ආදායම් මාර්ග කිහිපයක් පාදා ගනී. ගෙදරදොර කටයුතුවල දී තරමක් ඉවසිලිමත්ව ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ඉස්මතු වේ. වචන පාවිච්චියේ දී වඩාත් කල්පනාකාරී විය යුතුයි. සමගියට සාමයට බාධා එල්ල වනු ඇත. වෘත්තීය සහ රැකියා කටයුතු කරගෙන යාමේ දී ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටිය යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. ආගමික සහ සමාජීය කටයුතුවලට හිත ඇදී යයි. ඒ තුළ සමගිය සාමය සුරක්ෂිත වේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි.ජය වර්ණය- කොළ, ජය අංකය- 05

    කටක – බාධා මැද සාර්ථකත්වය 
    ආර්ථික සහ මූල්‍යමය වශයෙන් එතරම්ම අයහපත් නොවේ. ස්වකීය උත්සාහයෙන් විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ සාර්ථක ප්‍රතිඵල උදා කරගත හැක. ආදායම් ලැබිම අතින් අයහපත් නොවුණ ද විටෙක වියදම් පක්ෂය ඉහළ යනු ඇත. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී විටෙක බාධා අවහිරතා ඇතත් ස්වකීය උත්සාහය තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැක. ගෙදරදොර කටයුතුවල දී විටින් විට සුළු වශයෙන් හෝ සමගිය සාමයට බාධා එල්ල විය හැකි නිසා තරමක් ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි. වෙහෙසකාරී ගමන්බිමන් බහුලයි.ජය වර්ණය- ක්‍රීම්, ජය අංකය- 02

    සිංහ – ආර්ථිකය ශුභයි 
    වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී සුළු සුළු බාධා අවහිරතා නැත්තේද නොවේ. දියුණුවක් ද ලැබිය හැක. උසස් අයගේ ආධාරය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු එක්තරා මට්ටමකට සාර්ථක කරගත හැක. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වේ. විවිධ අංශයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබා ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට නම් උත්සාහයේ පල ලබා ගැනීම අසීරු වේ. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් විය යුතුයි. අධ්‍යාපන ක්‍ෂේත්‍රයන්හි නියුක්ත අයට ස්වකීය උත්සාහය තුළ කිසියම් යහපත් ප්‍රතිඵලයක් උදා කර ගත හැක. ගමන්බිමන් කිහිපයක්ම යෙදේ.ජය වර්ණය- රතු, ජය අංකය- 01

    කන්‍යා – දියුණුවක් ලැබේ 
    බලා‍පොරොත්තු කිහිපයක් ඉෂ්ට සිද්ධ වේ. ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ මෙන්ම අන්‍යයන්ගේ සහයෝගය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක කර ගනී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දියුණුවක් ලබයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි ගෙන දේ. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ද ශුභදායකයි. ආදායම් මාර්ග කිහිපයක්ම අලුතින් උදාකර ගනී. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. ආගමික සහ සමාජීය අංශවලට යොමු වේ.ජය වර්ණය- කොළ, ජය අංකය- 05

    තුලා – ශුභා’ශුභ මිශ්‍රයි 
    වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී ඔබ බලා‍පොරොත්තු වන තරමට ශුභදායී වාතාවරණයක් උදා නොවේ. බාධා, ගැටලුකාරි තත්ත්වයන් උදා කළ හැකි බැවිනි. එම නිසා හැම විටම ඉවසිලිමත්ව ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යහපත් වේ. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබා ගනී. ගෙදරදොර කටයුතු සාමාන්‍ය වේ. දරවන්ගේ කටයුතු ද යහපත්ය. උත්සවවලට ආගමික අංශයේ කටයුතුවලට සහභාගි වේ. ඒ තුළ සහනයක් ද සැනසීමක් ද ලබයි. කෙටි ගමන්බිමන් කිහිපයක් යෙදේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි. විටෙක සංකීර්ණ රෝග බලපායි.ජය වර්ණය- නිල්, ජය අංකය- 06

    වෘශ්චික – උත්සාහයෙන් දියුණුව 
    ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නොවේ. අවහිරතා බාධා ඉස්මතු වුව ද මිල මුදල් ලැබිම ශුභයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි සහගත තත්ත්වයක් උදා වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත් වේ. ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. අන්‍යයන්ගේ සහාය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක වේ. ගෙදරදොර කටයුතු යහපත්ය. නමුත් යුගදිවිය සම්බන්ධ කටයුතු කරගෙන යාමේ දී තරමක් විමසිලිමත්ව ක්‍රියා කළ යුතුයි. ඒ තුළ පමණක් සමගිය සාමය උදා කරගත හැක. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටිය යුතුයි. අධ්‍යාපන කටයුතු යහපත්ය. ස්වකීය උත්සාහය තුළ ආදායම් වර්ධනය කරගත හැක. කෙසේ වුවත් ගමන්බිමන් කටයුතුවල දී ප්‍රවේශම් විය යුතුයි.ජය වර්ණය- රෝස, ජය අංකය- 09

    ධනු – රැකියා කටයුතු කල්පනාවෙන් 
    වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී බාධා අවහිරතා ගැටලුකාරී තත්ත්වයන් මධ්‍යයේ ක්‍රියා කිරීමට සිදු වේ. විටෙක දෝෂාරෝපණවලට ලක්වනු ඇති නිසා තරමක් කල්පනාකාරී විය යුතුයි. විරුද්ධවාදීන්ගේ අභියෝගයන්ට මුහුණ පෑමට සිදු වේ. මිල මුදල් ලැබිම අතින් එතරම්ම අශුභදායක නොවේ. විවිධ අංශයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග විවර වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී තරමක් විමසිලිමත්ව ද, බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ඉස්මතු කළ හැක.ජය වර්ණය- රන්වන්, ජය අංකය- 03

    මකර – දියුණුවෙන් සතුට 
    ක්‍රමයෙන් දියුණුවක් ලැබිම නිසා සිත් සතුටට කරුණු යෙදේ. යහපත් දේ සහ ප්‍රයෝජනවත් දේ සොයා ගැනීමට ඉඩ ලැබේ. අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු එක්තරා මට්ටමකට සාර්ථක කරගත හැක. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී තරමක් කල්පනාකාරී වන්න. කෙසේ වුවත් විවිධ අංශයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි උදා කර ගන්නා බව ද කිව යුතුයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත්ය. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත්ය. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කිසියම් මට්ටමක දියුණුවක් ලබයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැක.ජය වර්ණය- නිල්, ජය අංකය- 06

    කුම්භ – බාධා මැද දියුණුව 
    වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී විටින් විට බාධ අවහිරතා ගැටලුකාරී තත්ත්වයන් මධ්‍යයේ ක්‍රියා කිරීමට සිදුවුවත් ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැකි බව කිව යුතුයි. කෙසේ වුවත් අන්‍යයන්ගේ සහයෝගය සහ උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක කර ගනී. මිල මුදල් ලැබිම අතින් ශුභයි. වෙළෙඳ ව්‍යාපාරවල නියුක්ත අයට වඩාත් ශුභදායක වනු ඇත. ලාභ ප්‍රයෝජන සහිතයි. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමයට එතරම් බාධා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. තමාගේ සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.ජය වර්ණය- නිල්, ජය අංකය- 08

    මීන – අනපේක්ෂිත වියදම් 
    වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී යම් යම් බාධා අවහිරතා මධ්‍යයේ තමාගේ කටයුතුවල නියුක්ත විය යුතුයි. ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද තම කටයුතු කළ යුතුයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් තදබල අහිතකර තත්ත්වයක් උදා නොකළත් මිල මුදල් සම්බන්ධ ගැටලුවලට මැදිහත් විය හැක. අනපේක්ෂිත සිදුවීම් ඉස්මතු වීම තුළ මුදල් වියදම් පාලනය කර ගැනීම අසීරු වේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී ද තරමක් ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ.ජය වර්ණය- රන්වන්, ජය අංකය- 03

  • ලෝකෙම අාදරය දිනාගත් සුපිරි නිළි ශ්‍රී දේවියට මරුවා රැගෙන අා හේතුව මෙන්න…

    ලෝකෙම අාදරය දිනාගත් සුපිරි නිළි ශ්‍රී දේවියට මරුවා රැගෙන අා හේතුව මෙන්න…

    Updated…..

    ඉන්දීය සුරූපී නිළි ශ්‍රී දේවිගේ මරණට වෛද්‍ය හේතු හෙළි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    ඩුබාහිදී ඔවුන් රැදී සිටි හෝටලයේ නාන තටාකයේ දී ඇති වූ අනතුරක් ඇගේ මරණයට හේතු වී ඇති බවයි පශ්චාත් මරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇත්තේ

    කෙසේ වෙතත් ශ්‍රී දේවිගේ මරණය සම්බන්ධයෙන් විවිධ හේතුන් මාධ්‍ය වෙත මේවන විට පල වෙමින් තිබෙනවා.

    මේ අතර ගලීජ් නම් ඉංග්‍රීසි පුවත් පතක් වාර්තා කර තිබුණේ ශ්‍රී දේවි මිය ගොස් ඇත්තේ හෘදබාධායකින් නොවන බවත් ඇයගේ මරණය පසු පස කුමන්ත්‍රණයක් ඇති බවයි.

    සිය ඥාතීන්ගේ විවාහක මංගල්‍යය අවසන් වූ විගස බෝනි කපූර් මුම්බායි බලා පියාසර කළ අතර ඇයට කුතුහලයක් ඇති කිරිමේ අරමුණින් නැවතත් පසුගිය සෙනසුරාදා සවස ඔහු නැවත ඩුබායි නුවරට පැමිණ තිබෙනවා.

    එදින සවස 5.30ට පමණ නින්දෙන් නැගිට්ට ශ්‍රී දේවි විනාඩි 15කට ආසන්න කාලයක් සිය සැමියා සමග සුහද කතා බහක නිරත වූ බවයි ගලීජ් නම් ඉංග්‍රීසි පුවත්පත සඳහන් කර ඇත්තේ.

    එහිදී බෝනි කපූර් රාත්‍රී ආහාරය සඳහා එළියට යාමට ඇරයුම් කළ අතර ඇය ඊට කැමත්ත පල කර තිබුණා.

    රාත්‍රී ආහාරය සඳහා එළියට යාමට සූදානම් වී එන බව පවසා නාන කාමරයට ගිය ඇය පැයකට අධික කාලයන් නාන කාමරයෙන් එළියට පැමිණ නැති බවත් එහිදී කලබල වූ බෝනී කපූර් නානකාමරයේ දොරට කට්ටු කර ඇති බවත් අදාළ පුවත් පල වාර්තා කර තිබෙනවා.

    ඉවසීමේ සීමාව ඉක්මවූ බෝනී කපූර් නාන කාමරයේ දොර කඩාදමා ඇති අතර එහිදී ශ්‍රී දේවි ජලය පිරුණු නාන තොටිල්ලේ සිහි මුර්ජා වී සිටිනු දැක තිබෙනවා.

    ඇයව බේරා ගැනීම සඳහා බෝනී කපූර් උත්සාහ කර ඇති නමුත් එය උත්සාහය පල දරා නොමැති බවයි ගලීජ් නම් ඉංග්‍රීසි පුවත්පත සඳහන් කරන්නේ.

    ඉන් අනතුරුව බෝනී කපූර් සිය මිතුරෙකු එම ස්ථානයට ගෙන්වා ගෙන ඇති අතර අවසානයේ රාත්‍රී 9.00ට පමණ ඩුබාහි පොලීසියට මේ පිළිබඳ දැනුම් දී තිබෙනවා.

    ඇතැම් ඉන්දිය මාධ්‍ය සඳහන් කළේ ඇය හෝටලයේ දී පානය කළ කිරිවලට විෂ මිශ්‍රකර තිබු බවයි.

    ඉන්දිය සිනමාවේ සුපිරි නිළියක වූ ශ්‍රී දේවි ඊයේ  (25) හදිස්සියේ අභාවප්‍රාප්ත වුණා.හෘධයාබාධයක් හේතුවෙන් ඇය මෙසේ මියගොස් තිබූ අතර ඇය විසින් සිදුකර ඇති ප්ලාස්ටික් සැත්කම් හදිසි හෘදයා බාධයට හේතු වී ඇති බව ඇතැම් ඉන්දීය වාර්තා සඳහන් කරනවා.

    වසර 14ට පසු ඇය නැවත සිනමාවට පැමිණයේ 2012 වසරේ දී.  ඒ ඉන්ගිෂ් විංලිෂ් චිත්‍රපටයෙන්.එම අවස්ථාවේ දී ශ්‍රී දේවි තමන්ගේ පෙනුම 2012 වසරට ගැලපෙන පරිදි සිය ශරිරයේ ‍වෙනස්කම් කර ගැනීම සඳහා සැත්කම් කිහිපයක් කර ගෙන තිබෙනවා.

    ඒ අනුව ඇය විසින් සිය පියවුරු වර්ධනය කර ගැනීම සඳහා එන්නත් කරගෙන ඇති අතර ඉන්පසු ඇයගේ පියවුරු පෙරට වඩා කැපි පෙනෙන අයුරින් වර්ධනයක් වි ඇති බවයි ඉන්දිය වාර්තා සඳහන් කළේ.ඇය අවස්ථා ගණනාවක දී මෙලෙස සිය පියවුරු වර්ධනය වීම සඳහා එන්නත් ලබාගෙන තිබෙනවා.

    එමෙන්ම ඇය විසින් මෙයට පෙර ප්ලාස්ටික් සැත්කමක් ද සිදුකරගෙන ඇති බව සඳහන්. එම සැත්කමේ දී ඇය විසින් තමන්ගේ කෙටි නාසය දිගු නාසයක් බවට ද වෙනස් කර ගෙන ඇති බව සඳහන්.

    ඒ කෙසේ වෙතත් ඇගේ සිරුරේ හැඩය වෙනස් නොවී තබා ගැනීම සඳහා අවස්ථා කිහිපයකදී එන්නත් ලබාගෙන ඇති අතර මෑත කාලීනව ඇය නැවතත් එන්නත් ලබාගෙන ඇත්තේ සිය නවතම චිත්‍රපට වූ Zero චිත්‍රපටයේ රඟපෑමට දින වෙන්වීමත් සමගයි . ඉන්පසු අවස්ථා කිහිපයකදී හින්දි සිනමාවේ සුරූපිනිය වූ ශ්‍රී දේවි අසනීප තත්ත්වයට පත්ව තිබෙනවා.

    කෙසේ වෙතත්  ශ්‍රී දේවිගේ ඥාති දියණියක මෙන්ම චිත්‍රපට නිෂ්පාදිකාවක වන එක්ටා කපූර් මෙම වාර්තා දැඩිව ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

    ඇය ඩුබායි හිදී අවසන් සුසුම් හෙළුවේ පවුලේ මංගලෝත්සවයකට සහභාගීවෙමින් සිටියදීය.ඇය මියයනවිට ඇගේ සැමියා වූ බොනී කපූර් මෙන්ම දියණිය ඛුෂි ද ඇය සමග සිටි බව වාර්තාවල දැක්වේ.

    වයස අවුරුදු හතරේ සිටම ඇය දෙමළ, තෙලුගු, මලයාලම්, කන්නඩ මෙන්ම හින්දි භාෂාවලින් නිමවුණු චිත්‍රපටවලට එක්වූවාය.

    ප්‍රධාන නළුවකුගේ සහායකින් තොරව සිනමාපටයක් අති සාර්ථක තලයට ඔසවා තැබිය හැකි වූ අතලොස්සක් වූ ඉන්දීය සිනමා තාරකාවන් අතර ශ්‍රීදේවි සිටි බව සැළකේ.

    1978 දී සිනමා පටයක ප්‍රධාන නිළිය ලෙස බොලිවුඩ්හි චිත්‍රපට ගමන ආරම්භ කළ ඇය ඉතා ඉක්මණින් ම ඉන්දීය සිනමාවේ දැවැන්තම සිනමා තාරකාවන් අතරට පිවිසියාය.

    දශක පහක සිනමා ගමන තුළ චිත්‍රපට 150 වැඩි ප්‍රමාණයකට ඇය සිය රංගනය එක් කළාය. ඒ අතරින් මිස්ටර් ඉන්ඩියා, චන්ද්නි, චාල්බාස් මෙන්ම සද්මා වැනි චිත්‍රපට විශේෂ විණි.

    කුසලතා පිරිපුන් ඇය 1997 එළිදුටු ජුදායි චිත්‍රපටයෙන් අනතුරුව සිය සිනමා ගමනට විරාමයක් තැබුවාය.ඇය යළි චිත්‍රපට කර්මාන්තයට එක්වූයේ 2012 වසරේ ‘ඉංග්ලිෂ් විංග්ලිෂ්’ සිනමා පටයට දායක වෙමිනි.



  • සමන්තබද්‍ර හිමි 43 වන ජන්ම දිනයත් උත්සවශ්‍රීයෙන් සමරයි.! උපන්දින සාදයට මොණරෙකුත් එයි.!

    සමන්තබද්‍ර හිමි 43 වන ජන්ම දිනයත් උත්සවශ්‍රීයෙන් සමරයි.! උපන්දින සාදයට මොණරෙකුත් එයි.!

    පසුගිය කාලය පුරාවටම බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනු සිරි සමන්තභද්‍ර නම් වූ මහා මුණිවරයන් නමින් හැඳින්වෙන සමන්තබද්‍ර හිමියන් සිය 43 වන ජන්ම දිනය පසුගිය දා සමරා තිබුණා. ඒ වෙනුවෙන් පසුගිය පෙබරවාරි මස 17 වන දින සිට 24 දින දක්වා විශේෂ පිංකම් රැසක්ද සංවිධානය කර තිබුණා. ඒ උන්වහන්සේ වැඩ සිටින බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමහිදී.

    සතියක කාලයක් පුරාවට සංවිධානය කර තිබූ මෙම පිංකම් මාලාවේදී සැදැහැවතුන්ගේ සෞභාග්‍ය උදෙසා  ජය පිරිත් දේශනාවක්, මතු බුද්ධත්වයට පත්වන මෛත්‍රීය බෝධි සත්වයන් වහන්සේගේ ආශීර්වාදය උදෙසා වූ මෛත්‍රී බෝසත් පූජාව, කිරි මව්වරුන් 200ක් සහ ළමුන් 50 දෙනෙකුන් සඳහා පුණ්‍යානුමෝදනා දේව දානය, සංසාර විමුක්තිය සොයා ආ තරුණ තරුණියන් සසුන්ගත කිරීම ඇතුලු පිංකම් රැසක් සිදුකර තිබෙනවා.

    ඉතා උත්සවාකාරයෙන් සැමරූ සිරි සමන්තබද්‍ර හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් අාශ්‍රමය ඉතා උත්සවාකාරයෙන් සරසා ඇති ආකාරයද දැක ගන්නට පුළුවන්ත එසේම එහිදී නිර්මාණය කල මොණරෙකුගේ ආකෘතිය සඳහා කප් කේක් දහසක් පමණ යොදා ගෙන ඇති අතර පිංකම් මාලාව තුල අධ්‍යාත්මික ගී දැහැන නමින් සංගීතමය වැඩසටහනක්ද පවත්වා තිබෙනවා. එසේම මෙම පිංකම සඳහා තිස්ස අත්තනායක මහතාද ඇතුළු ප්‍රසිද්ධ චරිත කිහිපයක්ම සහභාගී වී තිබීම විශේෂත්වයක්.

    සිරි සමන්තබද්‍ර හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් මහා සංඝරත්නය නියෝජනය කරමින් ශ්‍යාමෝපලික වංශික මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත් මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මාහිමිපාණන් වහන්සේගේ ආශීර්වාදයෙන්, මල්වතු මහා විහාරිය අතිගරු දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක මාහිමිපාණන් වහන්සේගේ මුලිකත්වයෙන්, මල්වතු මහා විහාරිය කාරක සංඝ සභික ඓතිහාසික රිදී විහාර භාරකාර තැම්පත් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක මාහිමිපාණන් වහන්සේ, මල්වතු මහා විහාරිය කාරක සංඝ සභික අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යය දර්ශනපති ගෞරවාර්හ වැලිවිට සෝරත නායක මාහිමිපාණන් වහන්සේ, මල්වතු මහා විහාර පාර්ශවයේ කර්ම වාගාචාර්ය රඹුක්වැල්ලේ නන්දාරාම නායක මාහිමිපාණන් වහන්සේ,  ඇතුළු ත්‍රයි නිකායික ස්වාමීන් වහන්සේලා 120 නමක් උදෙසා මහා සංඝගත දක්ෂිණාවක්ද පිළිගන්වා තිබෙනවා.

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

  • රෑ 11ට මක්කම පල්ලියේ බුරුවා ගහපු කතුන්ට වෙච්ච දේ මෙන්න…

    රෑ 11ට මක්කම පල්ලියේ බුරුවා ගහපු කතුන්ට වෙච්ච දේ මෙන්න…

    මක්කම නුවර පිහිටා ඇති ශුද්ධ වු පල්ලිය තුල රාත්‍රී 11ට පමණ කාඩ් ක්‍රිඩාවේ නිරතවන කාන්තාවන් හතර දෙනෙකුගේ ඡායාරූපයක් සමාජ ජාල වෙබ් අඩවි වල ප්‍රචාරය වීමත් සමගම මහත් කතාබහක් ඇති වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

    පල්ලිය තුල යාච්ඥා කටයුතු කිරීමට පැමිණ සිටි පිරිසකගෙන් එල්ල වු බලපෑම් හේතුවෙන් බලධාරීන් පැමිණ කාන්තාවන්ට අවවාද කර ඉවත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

    පල්ලිය තුල මෙවැනි සිද්ධියක් ඇතිවීමට ඉඩදී නිහඩව බලා සිටීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවඅවට රැස්ව සිටි පිරිස් ප්‍රකාශ කළ බව වෙබ් අඩවිය වාර්තා කළේය.

    සමාජ ජාල පරිශිලකයින් දැඩි දෝෂදර්ශනයට ලක්කරමින් සිය අදහස් ප්‍රකාශ කර ඇති බව වාර්ත වේ.

    “කාන්තාවන් හතර දෙනාට මම කිව්වා ශුද්ධ වු ස්ථානයක ක්‍රීඩා කරන එක නතර කරලා පිටවෙලා යන්න කියලා’’ යනුවෙන් පල්ලියේ ප්‍රධානිය මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.


  • රටම ඉල්ලපු වෙනස ඉටුකරමින් රනිල් ධුරයෙන් ඉවතට..  දුමින්ද දිසානායකගෙන් ප්‍රකාශයක්..

    රටම ඉල්ලපු වෙනස ඉටුකරමින් රනිල් ධුරයෙන් ඉවතට.. දුමින්ද දිසානායකගෙන් ප්‍රකාශයක්..

    නීතිය හා සාමය අමාත්‍ය ධුරය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දුන්නේ තාවකාලිකව බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

    එම ඇමති ධුරය ඉදිරියේදී වෙනත් අයෙකුට පිරිනැමෙනු ඇති බවද ඔහු සදහන් කරයි.

    මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ ශ්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

  • අගමැති රනිල් පක්ෂයෙන් පන්නන්න එජාප ප්‍රබලයින් පිරිසක් රහස් සාකච්ඡාවක

    අගමැති රනිල් පක්ෂයෙන් පන්නන්න එජාප ප්‍රබලයින් පිරිසක් රහස් සාකච්ඡාවක

    එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු අතර රහස් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

    ඊයේ (25) රාති‍්‍රයේ මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. ඒ, අමාත්‍ය රංජිත් මද්දුමණ්ඩාරගේ නිවසේදීයි.

    මෙම හමුවට විජේදාස රාජපක්ෂ, වසන්ත සේනානායක ඇතුළු මැති ඇමතිවරු සහභාගී වී ඇති බවයි දේශපාලන ආරංචි සඳහන් කළේ.

    සාකච්ඡාවට සහභාගී වීමට නොහැකි වූ එක්සත් ජාතික පක්ෂයේ දෙවන පෙළ ප‍්‍රභලයින් දුරකථනයෙන් සම්බන්ධවී ඇති බවද සඳහන්.

    මෙම සාකච්ඡාව සිදු කර ඇත්තේ ඊයේ සිදුවූ කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් පසුවයි. මෙහිදී සංශෝධනය වූ අමාත්‍යධුර 10න් 9ක්ම අයත්ව තිබුණේ එක්සත් ජාතික පක්ෂයටයි. කෙසේවෙතත් කැබිනට් සංශෝධනයෙන් අනතුරුව සංශෝධනයන්ට ඇතුළත් නොවූ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් මෙන්ම නවකයින්ද ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කළේ අප‍්‍රසාදයක් පළ කරමින්.

  • රනිල් වැඩ බැරි ටාසන් කෙනෙක්.. සියල්ල උඩු යටිකුරු කරමින් එජාප හිතවත් වෙබ් අඩවි කියයි..

    රනිල් වැඩ බැරි ටාසන් කෙනෙක්.. සියල්ල උඩු යටිකුරු කරමින් එජාප හිතවත් වෙබ් අඩවි කියයි..

    ඊයේ (25 ) සිදුවූ කැබිනට් සංශෝධනයේදී වැඩිම කතා බහට ලක්වූ මාතෘකාව වුයේ නිතිය හා සාමය අමාත්‍යධුරය සම්බන්ධයෙනි.එහිදී සති ගණනක සිට නොයෙකුත් මාධ්‍ය වාර්තා කර සිටියේ එම ධුරය සරත් ෆොන්සේකාට හිමිවනු ඇති බවය.

    කෙසේ වෙතත් අවසානයේදී එම කැබිනට් අමාත්‍යධුරය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවිය.පසුව එම සිදුවීම පිලිබදව සමාජ මාධ්‍ය ජාලා තුල දැඩි අවධානයක් යොමුවිය.පසුව එක්සත් ජාතික පක්ෂයට සහය දෙන බොහෝ වෙබ් අඩවි වාර්තා කර තිබුනේ එම අමාත්‍යධුරය තව සති දෙකකින් සරත් ෆොන්සේකාට හිමිවන බවය. ඔවුන් පවසන ආකාරයට අගමැතිතුමා වැඩ බැරි ටාසන් කෙනෙක්ද? එජාප මඩ වෙබ් අඩවි මෙලෙස සරත් ෆොන්සේකා උඩ දමා රනිල් වික්‍රමසිංහට එම අමාත්‍යධුරය ලබාදීම වැඩක් නැති බව කියන්නේ කුමන පදනමකින්දැයි අපි නොදනිමු.

  • ලසන්ත ඝාතනයේ නියම මිනීමරුවා නිදැල්ලේ ?ජනමතය සහ පරීක්ෂණ වල අැතුලාන්තය මෙන්න.

    ලසන්ත ඝාතනයේ නියම මිනීමරුවා නිදැල්ලේ ?ජනමතය සහ පරීක්ෂණ වල අැතුලාන්තය මෙන්න.

    මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට වගකිවයුතු නියම මිනීමරුවා තවමත් නිදැල්ලේ සිටින බවට මේවන විට මතයක් මතුව තිබේ.

    ඒ ලසන්තගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවකු හෝ අත්අඩංගුවට ගෙන නොමැතිවීම නිසාය.

    කිසිවකු අත්අඩංගුවට ගෙන ඇත්නම් ඒ ඝාතනයෙන් පසු එහි සාක්කි වෙනස්කිරීම හා සාක්කි කරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් පමණකි.

    එම චෝදනා යටතේ අත්අඩංගුවට පත්වූයේ යුද හමුදා බුද්ධි අංශයේ මාණ්ඩලික සැරයන් ප්‍රේම් උදුලාගම හා දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල යන සැකකරුවන්ය.

    ප්‍රසන්නට හා සුගතපාලට මේ වනවිට මෙම ඝාතන සිද්ධියට අදාළ සාක්ෂි විනාශ කිරීම, තොරතුරු වසන් කිරීම, මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දීම ආදී චෝදනා එල්ලව තිබේ.

    උදලාගමට එල්ල වූ චෝදනාව වී තිබුණේ ලසන්තගේ රියෑදුරෙකු බව කියන ඩයස්‌ නමැත්තකු පැහැරගෙන ගොස්‌ තර්ජනය කිරීමය. ඔහු අත්අඩංගුවට පත්වූයේ ලසන්ත ඝාතනයෙන් හත්වසරකට පසුවය.

    ලසන්තගේ පරීක්ෂණයට අදාළව මේ වනවිට නවසිය පනස් දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ඉන් දෙසිය අනූ පස් දෙනකු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බවත් රහස් පොලිසිය අධිකරණය හමුවේ පසුගියදා හෙළිකර තිබිණි .

    ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක්වීමට පෙර දින ඔහුගේ කාර්යාලය අසල යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් ගැවසුනු බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි රහස් පොලිසිය මේවන විට හෙළිකර තිබේ.

    ඝාතනය සිදුවීමට පෙර දින මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ කාර්යාලය අසල මරදාන ට්‍රිපෝලි හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන් ගැවසී ඇති බවට පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී ඇති බව රහස් පොලිසිය අධිකරණය හමුවේ කියා ඇත.

    මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සඳහා වර්ෂ 2008 ජනවාරි 01 වැනිදා සිට 2009 ජනවාරි 31 වැනිදා තෙක්‌ කාලය තුළ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ සියලු ක්‍රියාකාරකම් පිළිබඳ සම්පූර්ණ විස්‌තරයක්‌ ලබාදෙන්නැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යුද හමුදා නීති අංශයෙන් ඉල්ලීමක්‌ කර ඇතත් ඒවා සම්බන්ධ කිසිදු තොරතුරක් මෙතෙක් ලබා දී නොමැත.

    ඒ අනුව එම බළකායේ කඳවුරු පිහිටි ස්‌ථාන එහි අණදෙන නිලධාරියාගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය, භාවිතා කළ දුරකථන අංක අදාළ නිලධාරීන් සඳහා ජංගම දුරකථන නිකුත් කළ නිලධාරියාගේ විස්‌තර භාවිතා කළ සියලු රථ වාහන හා එහි අංක හා එහි අයිතිකරුවන් පිළිබඳ විස්‌තර ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

    My3 Fonseka

    ෆොන්සේකාගේ ආරක්ෂකයෝ අත්අඩංගුවට ගැනීම

    වසර 2010 ජනාධිපතිවරණය නිමවීමත් සමඟ 2010 පෙබරවාරි මස 26 වැනි දා ලසන්ත ඝාතනයට යැයි කියමින් කොහුවල යුද හමුදා කඳවුරේ 11ක් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

    යළිත් පහුවැනිදා තවත් හය දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

    මේ සියලු දෙනා එවකට සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂක රාජකාරියේ ආවේක්ෂණ රාජකාරි කළ පිරිසකි.

    රජය පෙරළීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට රැඳවුම් නියෝග ගත්තතද මේ පිරිසෙන් නව දෙනෙක් දින හයකට පසු පොලිස් ඇප මත මුදා හැරිණි.

    ඉතිරි අට දෙනා දින 11කට පසු පොලිස් ඇප පිට මුදා හැරිණි. ට්‍රිපෝලි කඳවුරේ යුද හමුදා බුද්ධි සාමාජිකයා නීතිපති උපදෙස් පිට නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

    Hendwitharana

    කපිල හෙන්දාවිතාරණ

    හිටපු හමුදාපතිගේ කට උත්තරය

    එවකට හිටපු හමුදාපතිවරයා වූ සරත් ෆොන්සේකා මහතාගෙන් රහස් පොලිසිය කට උත්තරයක් ලබාගෙන තිබේ. එහිදී ෆොන්සේකා මහතා රහස් පොලීසියට ප්‍රකාශ කොට ඇත්තේ හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා යටතේ මෙහෙයවුණු කල්ලියක් මගින් පසුගිය රජය සමයේ මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රහාර දියත් කෙරුණු බවය.

  • සැප නැතිවු රනිල්ගේ හෙංචයියන් වන පලිසේනට කොන්ද අමාරුව. ඇලෝසියස්ට මුත්‍රා අමාරුව…

    සැප නැතිවු රනිල්ගේ හෙංචයියන් වන පලිසේනට කොන්ද අමාරුව. ඇලෝසියස්ට මුත්‍රා අමාරුව…

    පර්පෙචුවල් ට්‍රෙෂරීස් බැදුම්කර ගනුදෙනු සම්බන්ධව අත්අඩංගුවට ගත් බන්ධනාගාර රෝහල්ගත කළ කසුන් පලිසේන  රෝහලේ ප්‍රතිකාර වලින් පසු යළි බන්ධනාගාර ගතකර ඇතැයි වාර්තාවේ.
    සාමාන්‍යයෙන් බන්ධනාගාර රෝහලට යාම යනුවෙන් අදහස් වන්නේ ඔහු සිරෙන් නිදහස්වීම දක්වා රෝහලේ සිටීම වුවත් මෙම සැකකරු සම්බන්ධයෙන් එලෙස ක්‍රියාත්මක වී නැත.
    මේ අතර ඔහු සමග රෝහල් ගතවූ අර්ජුන් ඇලෝෂියස් තව දුරට ත් බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය පවසයි.
    අර්ජුන් ඇලෝෂියස් හා කසුන් පාලිසේන යන අය රෝහල් ගතකරන ලෙස බන්ධනාගාර රෝහලට අනුයුක්තව මැගසින් බන්ධනාගාරයේ රෝගීන් පරික්ෂා කරන වෛද්‍යවරයා නියෝග කර තිබුනේ පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේදී ය.
    කසුන් පලිසේනට කොන්දේ ඇති වේදනාවක් හේතුවෙන් මෙම වෛද්‍ය පරීක්ෂණ නිර්දේශ කර ඇති අතර අර්ජුන් ඇලෝසියස්ට මුත්‍රා අමාරුවක් සහ හිස රුදාවක් හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණ නිර්දේශ කර තිබේ. 
  • රනිල් නම්බු පිටින් දොට්ට බැස්සේ නැත්නම් අපි රනිල්ව පන්නනවා – නිශාන්ත මුතුහෙට්ටිගම

    රනිල් නම්බු පිටින් දොට්ට බැස්සේ නැත්නම් අපි රනිල්ව පන්නනවා – නිශාන්ත මුතුහෙට්ටිගම

    රනිල් පලවාහැර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් හෝ වෙනත් නායකයෙකු යටතේ ජාතික අාණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් නොගතහොත් රනිල්ගේ ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්දයෙන් මාර්තු 01 වැනිදා තීරණය කරන බව නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. එම තීන්දුව ගැනීමට 15 දෙනෙකු පමණ සිටින බවද ඒ මහතා කියා සිටියේ ප්‍රසිද්ධ රූපවාහිනි නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනි.

  • හොරු අල්ලන්න කියලා හොරෙකුට පොලීසිය බාර දීලා.. මහබැංකු හොරා රනිල් – විමල් වීරවංශ

    හොරු අල්ලන්න කියලා හොරෙකුට පොලීසිය බාර දීලා.. මහබැංකු හොරා රනිල් – විමල් වීරවංශ

    රජයේ පැවැත්ම තිරණය කරන ප්‍රධාන සාධකයක් වන දුෂිතයන් වැනසීමේ සටන මැතිවරණ සමයේ හොරා හොරා යනුවෙන් පට්ට ගැසු මහ බැංකු හොරකමට අතේ මාට්ටු වි සිටින අගමැති රනිල්ම භාරගැනීම පට්ට විහිලුවක් පමණක් බව විමල් වීරවංශ පවසයි.

    කැස්බෑවේදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

     

  • රනිල්ට වගේ පිං අගමැතිකම් මටනම් එපා – මහින්දගෙන් රනිල්ට දරුණු ප්‍රහාරයක්…

    රනිල්ට වගේ පිං අගමැතිකම් මටනම් එපා – මහින්දගෙන් රනිල්ට දරුණු ප්‍රහාරයක්…

     

    එජාපයේ රනිල් වගේ පිං අගමැතිකම් පිං ඇමතිකම් බාර ගැනීමට තමන් කිසිසේත්ම සූදානම් නැති බව  මහින්ද රාජපක්‍ෂ  පවසයි.

    නමුත් වත්මන් ආණ්ඩුව වෙනස් කර ශ‍්‍රීලනිප අගමැතිවරයෙක් යටතේ ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එය පවත්වාගන යාම සදහා අැමතිධුර ලබාගනිමින් සහයෝගය ලබා දෙන බවද ඔහු සදහන් කරයි.

    හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමට එහි ගිය අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

  • අැත්තටම මැතිවරණය මෙහෙයවුයේ කවුද? කිපුණු දුමින්දෙගන් පක්ෂ ප්‍රබලයන්ට දැඩි ප්‍රහාරයක්…

    අැත්තටම මැතිවරණය මෙහෙයවුයේ කවුද? කිපුණු දුමින්දෙගන් පක්ෂ ප්‍රබලයන්ට දැඩි ප්‍රහාරයක්…

    පළාත් පාලන මැතිවරණයේ පරාජයේ සියළු වගකීම තමන් වෙත පවරා මාධ්‍යයට ඒ පිළිබඳව අදහස් දක්වන අය කළ යුත්තේ පක්ෂයේ මාධ්‍යම කාරක සභාවේදී එය පිළිබඳව විවෘතව කතා කිරීම බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුම්න්ද දිසානායක පවසා සිටිනවා.

    ඊයේ(25) කැබිනට සංශෝධනයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

    සමහර මන්ත්‍රීවරු කියනවා මේක විකට රංගනයක් කියලා?
    “ඒක ඒගොල්ලන්ගෙන් තමා අහන්න ඕනේ මොකක්ද විකට රංගනය කියලා.”

    ඔබතුමාගේ අමාත්‍යාංශය ඉදිරියේදී වෙනස්වීමක් සිද්ධ වෙනවාද?
    “නෑ. අපි දන්නේ නෑ. මං හිතන්නේ අදත් මෙතැනට එනකන් කවුරුවත් දන්නේ නෑ.”

    ඔබ පක්ෂයේ මහ ලේකම්. ජනාධිපතිතුමාගේ ළගින්ම ඉන්නවානේ?
    “ජනාධිපතිතුමාට තමයි මේකේ බලය තියෙන්නේ. ඉතින් අපි එතුමාට නිදහස ලබා දෙමු.”

    පක්ෂයේ ඇතැම් ජේෂඨයින් ඔබතුමාව මහලේකම් ධූරයෙන් නෙරපන්න ඇතුළෙන් කටයුතු කරනව කියලා විවිධ මාධ්‍ය වාර්තා කළා?

    “පත්තරවලට, ටී.වී වලට එහෙමත් නැත්නම් රේඩියෝවලට අදහස් දක්වන්නේ නැතුව, අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවක් තියෙනවා. ඉතින් මධ්‍යම කාරක සභාවේ කාගෙද වැරැද්ද?කාගෙද හොද දේ? කවුද මේ මැතිවරණය මෙහෙයෙව්වේ? මේ සියල්ලම සාකච්ඡා කරන්න පුළුවන්. මොකද මේ පළාත් පාලන මැතිවරණය ප්‍රධාන වශයෙන් මෙහෙයවූයේ මම නෙවෙයි. මැතිවරණය මෙහෙයවන්න කමිටු කිහිපයක තිබුණා. මාධ්‍ය කමිටුවේ හිටියා අනුර යාපා ඇමතිතුමයි, තිලංග සුමතිපාල ඇමතිතුමයි. ප්‍රධාන මෙහෙයුම් කමිටුවේ සභාපති හිටියෙ සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා. මම අනුරාධපුරේ හිටියේ, අපේ සන්ධාන ලේකම් හම්බන්තොට. අපි වෙනම කමිටුවක් හදලා,වෙනම කාර්යාලයක් හදලා, වෙනම දුරකථන ලබාදීලා සියලු බලතල දීලා මේ මැතිවරණය මෙහෙයෙව්වේ සන්ධාන ලේකම්වත් ශ්‍රීලංකා නිදහස් පක්ෂ ලේකම්වත් නෙවෙයි.සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා තමයි මේ සියලු දේ ප්‍රධානියා හැටියට කටයුතු කළේ, සියලු දේ මෙහෙයවූයේ. පත්තරේ,ටීවී එකේ ඇඩ්වටීස්මන්ට් දාන එකේ ඉදන්, ගමට කොළ යවන එකේ ඉදන් කලේ අනුර යාපා ඇමතිතුමයි, තිලංග සුමතිපාල ඇමතිතුමයි. මේවගේ යම් වැරැද්දක් තියෙනවා නම් ලේකම්වරයා විදියට මං නිළ වශයෙන් භාරගන්න සූදානම්. සියලුම කමිටු වල අයත් තමන්ගේ කොටස භාර ගන්න ඕනේ.මේකෙන් පැනලා යන්න බෑ. කොන්ද කෙලින් තියාගෙන, තැන් තැන් වල දොඩවන්නේ නැතුව මධ්‍යම කාරක සභාවේ අපි විවෘතව කතා කරමු. මොකක්ද අපෙන් වෙච්ච අඩුපාඩුව. මොකක්ද අපෙන් වෙච්ච වැරැද්ද. මේ සේරම අපිට සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා අපිට.” මන්ත්‍රිවරයා සිය අදහස් එලෙස පළ කර සිටියා.

  • මුහුදෙන් පාවී ආ ‘රහතන් වහන්සේ’ මෙන්න…

    මුහුදෙන් පාවී ආ ‘රහතන් වහන්සේ’ මෙන්න…

    රහතන්වහන්සේ නමකගේ යැයි සැක කෙරෙන පිළිමයක් කල්පිටිය මුහුදේ පාවෙමින් තිබියදී ධීවරයන් පිරිසක්විසින් ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා.
    පසුව ධීවරයන් මේ ප්‍රතිමාව කන්දකුලිය ශ්‍රී සමුද්‍රාසන්න විහාරස්ථානයට භාර දී ඇතැයි සඳහන්.
    එම ප්‍රතිමාව උතුරු ඉන්දියාවට හෝ බුරුමයට අයත් එකක් විය හැකි බවයි කන්දකුලිය ශ්‍රී සමුද්‍රාසන්න විහාරස්ථානාධිපති පුජ්‍ය බැදීවැව  දියසේන හිමියන් පවසා ඇත්තේ.
    පාත්‍රය අතැතිව අහස දෙස බලා සිටින රහතන්වහන්සේ නමක් මින් පිලිඹිඹු වෙයි.