Author: Editor[A]

  • විදේශ රැකියා ගැලෙවුවාට තලතා කිපේ.. රනිල්ගේ රෙදි ගලවයි.. එජාප අර්බුදය තවත් දරුණු වේ..

    විදේශ රැකියා ගැලෙවුවාට තලතා කිපේ.. රනිල්ගේ රෙදි ගලවයි.. එජාප අර්බුදය තවත් දරුණු වේ..

    තමන් යටතේ තිබූ විදේශ රැකියා අමාත්‍යංශය කැබිනට් සංශෝධනයේදී ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇමතිනී තලතා අතුකෝරාල දැඩි කණස්සල්ලට පත්ව ඇති බව එජාප හිතවාදී අන්තර්ජාල මාධ්‍ය ගණනාවක වාර්තා කර ඇත.

    නව විදේශ රැකියා ඇති හරීන් ප‍්‍රනාන්දු මහතාට මෙන්ම අගමැතිවරයාටද ඇය විසින් දැඩිව දොස් පවරා ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

    අගමැතිවරයා විසින් තමනට විරෝධී එජාප කණ්ඩායම් පාලනය කිරීම සදහා කැබිනට් සංශෝධනයේදී උත්සාහයක් දරා ඇති බව පවසන එජාප මැති ඇමතිවරුන් වැඩි පිරිසක් මේ වන විට අගමැතිවරයා සම්බන්දයෙන් විවිධ අන්දමේ සාකච්චා සිදු කරමින් ඇතැයිද සදහන්ය.

    මේ අතර කැබිනට් සංශෝධනය අවසානයේ ජනධිපති ලේකම් කාර්යාලය ඉදිරියේදීම රාජ්‍ය ඇමති වසන්ත සේනානායක විසින් කරන ලද දැඩි ප‍්‍රකාශය අගය කරමින් එජාප මැති ඇමතිවරුන් බොහෝ පිරිසක් ඔහුට සුබ පතා ඇති බවත් ඉදිරි ඕනෑම ක‍්‍රියාමාර්ගයකට සහාය දෙන බවත් සදහන් කර ඇත.

  • රනිල්ගේ කැබිනට් ඔළු මාරුවත් සමගින් රනිල් වැනෙසන ලකුණු… අළු යට ගිනි යලි කරලියට…

    රනිල්ගේ කැබිනට් ඔළු මාරුවත් සමගින් රනිල් වැනෙසන ලකුණු… අළු යට ගිනි යලි කරලියට…

    සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳ මැති ඇමතිවරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් අතර දැඩි කළකිරීමක් ඇතිව තිබෙන බවත් එය ඉදිරියේදී පක්ෂ අභ්‍යන්තරයේ අර්බුදයක් බවට පත්වීමේ අවධානමක් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

    මේ වන විටත් ඇමති සංශෝධනය සම්බන්ධව පක්ෂයේ ප්‍රබලයින් මේ පිළිබඳ එළිපිට කතාකරන්නට ගෙන ඇති බවත් එය පක්ෂ නායකත්වයට එරෙහි තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

    අළු යට ගිනි මතුවෙයි

    එම ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පසුගිය පාලත් පාලන මැතිවරණයෙන් පසුව එජාප නායකත්ව අර්බුදය කරළියට පැමිණි අවස්ථාවේ එය ඉතා අපහසුවෙන් සමනය කරගත් නමුත් අමාත්‍ය මණ්ඩල සංශෝධනය හමුවේ එය පාලනය කරගන්නට නොහැකි ආකාරයට ඉස්මතු වෙමින් පවතී.

    අගමැතිට පක්ෂය වැදගත් නෑ

    මෙහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සිය අග්‍රාමාත්‍යධූරය රැකගැනීම හැර පක්ෂයේ උන්නතිය සම්බන්ධව තැකීමක් නොමැති බවත් පක්ෂ නායකත්වයේ මෙම හැසිරීම හේතුවෙන් පක්ෂය ජනතාව හමුවේ දිනෙන් දින හෑල්ලු වෙමින් ඇති බව එජාප ප්‍රබලයින් රැසකගේ අදහස බවට පත්ව ඇති බවත් එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.

    නීතිය හා සාමය අගමැති ගත්තේ මොකටද

    එසේම අමාත්‍ය මණ්ඩල සංශෝධනය වෙනුවෙන් පක්ෂ අභ්‍යන්තරය තුළ පැවති සාකච්ඡාවට පිටින් යමින් පක්ෂ නායකත්වය කටයුතු කර ඇති බවත් නීතිය හා සාමය අමාත්‍යංශය අග්‍රාමාත්‍යවරයා භාරගැනීම කිසිසේත්ම සිදුනොකළ යුතුව තිබු දෙයක් බවට පක්ෂයේ ප්‍රබලයින් රැසකගේ අදහසවී ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

    එසේම පක්ෂය තුළ තරුණයන්ට සහ දෙවන පෙළ නායකත්වයට ඉදිරියට ඒමට අවස්ථාව ලබාදෙන බව පැවසුවත් සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය තුළ එජාප පාර්ශවයෙන් සිදුව නොමැත්තේද එය බවට අදහසක් පක්ෂ අභ්‍යන්තරයේ කතාබහ වන බව එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

    රාජ්‍ය ඇමති වසන්ත කියපු වෙනස මොකක්ද?

    25 වනදා අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුවූ අවස්ථාවේම වසන්ත සේනානායක රාජ්‍ය අමාත්‍යවරයා ඊට සිය කළකිරීම ප්‍රකාශ කර සිටියේ කොමඩි නාට්‍යයක් තමයි, ආණ්ඩුව නිෂ්පාදනය කරලා තියෙන්නේ යනුවෙන් සඳහන් කරමින්ය. එසේම ඒකෙ පළවෙනි කොටස තමයි අද ප්ලේ කළේ. දෙවැනි කොටස ඊළඟ දවසේ ප්ලේ කරයි. හැබැයි !ජනතාව හිනාවෙයි ද? අඬයි ද? ගල් ගහයි ද? දන්නේ නැහැ යනුවෙන්ද ඔහු පැවසූ අතර එහිදී අගමැතිවරයා පදවියෙන් ඉවත් කළ යුතුදැයි මාධ්‍යවේදියෙකු විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ජනතාව බලාපොරොත්තු වූ වෙනස කිසිසේත්ම සිදු නොවූ බවත් ඒ වෙනස හොඳින් හෝ නරකින් සිද්ධ වේවි යනුවෙනි.

    ඔහුට අමතරව රංජන් රාමනායක සහ අජිත් පී. පෙරේරා අමාත්‍යවරුන්ද තමන්ට පැවරු විෂය සම්බන්ධව තෘප්තියක් නොමැති බව එජාප ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

    අජිත් පී. පෙරේරා ට මොකක්ද කලේ ?

    මේ අතර අජිත් පී.පෙරේරා විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ, මත්ද්‍රව්‍ය නිවාරණ හා ප‍්‍රජා විශෝධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කිරීම එම අමාත්‍යවරයාට සිදුකළ බලවත් අපරාධයක් බවත් කාගේ කුමන උපදෙස් යටතේ මේ කටයුතු සඳහා එජාප නායකත්වය ක්‍රියාකරනවාද යන්න පක්ෂ ක්‍රියාකාරීන් විමතියෙන් සිටින බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

    UNP දෙවන පෙළට ඇඩ්රස් නෑ

    එසේම බන්දුලාල්, සුජීව, නලින්, හෙක්ටර්, හර්ෂණ ඇතුළු පක්ෂයේ නැගී එන කිසිවෙකු සම්බන්ධව පක්ෂ නායකත්වය සිය අවධානය යොමුකර නොමැති බවත් ඔවුන් බැඳුම්කර සිදුවීමේ සිට අග්‍රාමාත්‍යවරයා ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියාකළ මන්ත්‍රීවරුන් බවත් මේ හේතුවෙන් එම පිරිස් අතරද පක්ෂ නායකත්වය පිළිබඳ කළකිරීමක් මතුව ඇති බවට දැනගන්නට ඇති බව එම ආරංචිමාර්ග පෙන්වාදෙයි.

    එපමණක් නොව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලය ලැබීමෙන් පසුව කිහිපදෙනෙකු පමණක් නඩත්තු කරමින් සිටින බවත් ඒ හමුවේ පක්ෂය වෙනුවෙන් වෙහෙසෙන කිසිවෙකු සඳහා දේශපාලන අනාගතයක් හෝ ආරක්ෂාවක් නොමැති බැවින් බරපතල පක්ෂ ප්‍රතිසංධානයක් සඳහා මේ වන විට පක්ෂයේ ප්‍රබලයින් අතර සාකච්ඡා සිදුවෙමින් ඇති බවත් එම සාකච්ඡා සාර්ථකවුවහොත් අග්‍රාමාත්‍යවරයාට පක්ෂ නායකත්වය අහිමිවීමේ පැහැදිළි අවධානමක් ඇති බවද එම ආරංචිමාර්ග අවධාරණය කරයි.

    මීට වඩා හොඳයි මොකුත් නොකර සිටියානම් හිටපු ඇමති රවී

    මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍ය රවී කරුණානායකද සඳහන් කර සිටියේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකළාට වඩා සිදු නොකර සිටියා නම් වැදගත් බවය. ජනතාව අපේක්ෂා කල ආකාරයේ කිසිවක් අදාළ සංශෝධනයේදී සිදුව නොමැති බවත් ජනතාවට විහිළු සැපයීමට කටයුතු නොකළ යුතු බවද එහිදී හිටපු අමාත්‍යවරයා පැවසීය.

    එසේම පාලිත රංගේ බණ්ඩාර, රංජන් රාමනායක ඇතුළු රැසක් මේ වන විට අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධව සිය විරෝධය එළිපිට දක්වන්නට ගෙන ඇත.

  • ෆොන්සේකාට නීතිය හා සාමය දෙන්න බෑ කිවුවේ රනිල් – හෙළිදරවුව මෙන්න….

    ෆොන්සේකාට නීතිය හා සාමය දෙන්න බෑ කිවුවේ රනිල් – හෙළිදරවුව මෙන්න….

    නීතිය හා සාමය අමාත්‍යංශය ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දීම සදහා කිසිදු යෝජනාවක් එජාපය පාර්ශවයෙන් ඉදිරිපත් නොවූ අතර රටේ මතුවූ එම මතවාදය යටපත් කර ඇත්තේ රාජපක්ෂවරු සමග මගුල් නටන අගමැති රනිල්ම බව ශ‍්‍රීලනිප ප‍්‍රකාශකයෙක් පැවසීය.

    ජනාධිපතිවරයා විසින් එය ෆොන්සේකා මහතාට ලබා නොදී සිටින බවට අන්තර්ජාල මාධ්‍ය විසින් කරන චෝදනා අසත්‍ය බවද සදහන් කල එම ප්‍රකාශකයා ෆොන්සේකාට ඇමතිකම නොදීමට අකමැති වුයේ රනිල් බවද පැවසීය.. 

     

  • වටේ ගිය රාජ්‍ය බැංකු නැවතත් ජනපති මෛත්‍රීගේ මුදල් අමාත්‍යංශයට…

    වටේ ගිය රාජ්‍ය බැංකු නැවතත් ජනපති මෛත්‍රීගේ මුදල් අමාත්‍යංශයට…

    ඊයේ දිවුරුම්දුන් අමාත්‍යාංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ ගැසට් නිවේදනය මේවන විට සැකසෙමින් තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසනවා.

    මෙවර රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යංශය වෙනස්වීම හේතුවෙන් මෙතෙක් එම අමාත්‍යංශය යටතේ පැවැති රාජ්‍ය බැංකු මීට පෙර පැවැති ආකාරයටම මුදල් අමාත්‍යංශය යටතට පත් කිරීමට නියමිතව ඇතැයි ද එම අමාත්‍යංශ ආරංචි මාර්ග කියා සිටිනවා.

    රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යවරයා ලෙස පත්කරුනු ලැබුවේ ලක්ෂමන් කිරිඇල්ල මහතා වන අතර ඊට පෙර එම අමාත්‍යංශය පැවැතියේ කබීර් හෂීම් මහතා යටතේයි.

  • නිතිය හා සාමය ෆොන්සේකාට අහිමියිලු. ලබන සතියේ දිවුරුමට එන වැඩ අනන කබ්බ ඇමති මෙන්න..

    නිතිය හා සාමය ෆොන්සේකාට අහිමියිලු. ලබන සතියේ දිවුරුමට එන වැඩ අනන කබ්බ ඇමති මෙන්න..

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දිවුරුම් දුන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයද යළි වෙනස්වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

    ඒ අනුව සති දෙකකින් පසු එම අමාත්‍ය ධූරය අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලට හිමිවනු ඇති බවයි වාර්තා වුණේ.

    නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයේ මීට පෙර කටයුතු කළ සාගල රත්නායක, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස ඊයේ (25) දිවුරුම් දුන්නා.

    මේ අතර නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරයේ වෙනස පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මෙලෙස ඉඟියක් පළ කළා.

    “නීතිය හා සාමය ගරු අගමැතිතුමා අතට පත් වුණා..එන සුමානේ ආයේ වෙනස් වෙනවා කියලා කිව්වා.”

    ඔහු මෙම අදහස් පළ කලේ ඊයේ පැවැති කැබිනට් සංශෝධනයෙන් අනතුරුවයි.

  • “නායකත්වයයි වෙනස් වෙන්න ඕනේ” – කැබිනට් සංශෝධනයට පසු එජාපයේ ගිනි ඇවිලෙයි..

    “නායකත්වයයි වෙනස් වෙන්න ඕනේ” – කැබිනට් සංශෝධනයට පසු එජාපයේ ගිනි ඇවිලෙයි..

    ඊයේ (25) සිදු කෙරුණු කැබිනට් මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේම ඇතැම් පිරිස් අප‍්‍රසාදය පළ කරනවා.

    ඒ අතරට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ද අයත්.

    කැබිනට් මණ්ඩල සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායකගෙන් අප විමසීමක් කළා.

    එහිදී ඔහු සඳහන් කළේ “මට පේන විදිහට ජනතාවගේ පැත්තෙන් බැලුවාම මේක විහිළුවක් විදිහට තමයි පේන්නේ. මීට වැඩිය දරුණු වෙනස්කම් වෙනවයි කියලා තමයි අපි හිතුවේ..ඇත්ත තත්ත්වය රටම දන්නවානේ. තොයිලයක් නටලා කුකුළෙක් බිළි දුන්නා වගේ මාව බිලි දුන්නා..” යනුවෙනි.

    රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරද කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ප‍්‍රසාදයක් පළ කළේ නැහැ. මේ අප සමග සංවාදයකට එක්වෙමින් ඊට හේතු දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා.

    “නීතිය හා සාමය අමාත්‍ය ධූරය හමුවූ අගමැතිතුමාට සහ යෞවන කටයුතු හමු වූ සාගල රන්තායක ඇමතිතුමාටත් ඇරෙන්න අනෙක් ඔක්කොටම වගේ මම සුභ පතන්න කතා කළා. ඒ අය කිව්වේ..’අයියෝ.. කියලා..’ හැම කෙනෙක්ම වගේ මේ පිළිබඳ නොසතුටෙන් තමයි කතා කළේ. මේක සද්ද පූජාවක් විතරයි. පසුගිය මැතිවරණයෙන් ජනතාව දුන්න පණිවුඩය තිබුණේ මැතිඇමතිවරු සම්බන්ධයෙන් නෙමෙයි.. ඒක දුන්නේ නායකත්වය සම්බන්ධයෙන්. මේක සත්‍ය වශයෙන්ම සිද්දවෙන්න ඕනේ නායකත්වයේ වෙනස”

  • උසස් අධ්‍යාපන ඇමති වෙනස්වීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මතය මෙන්න…

    උසස් අධ්‍යාපන ඇමති වෙනස්වීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මතය මෙන්න…

    නව කැබිනට් මණ්ඩල සංශෝධනයට අනුව උසස් අධ්‍යාපන අමාත්‍ය ධූරය අමාත්‍ය කබීර් හෂීම් වෙත හිමි වුණා.

    එම අමාත්‍යධූරයේ මෙතෙක් කල් කටයුතු කළේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලයි.

    මෙම වෙනස් වීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අදහස් පළ කළා.

    එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පෙන්වා දුන්නේ “එම ධූරයේ පෙර කටයුතු කළ ඇමතිතුමා පෙනී සිටියේ රටේ දරුවන් ගැන හිතලා නෙමෙයි..ජනතාව ගැන හිතලා නෙමෙයි කියන එක තමයි අපේ මතය. ඒ නිසා ජනාධිපතිතුමා ඒක තේරුම් අරගෙන ඔහුව ඒ ස්ථානයෙන් ඉවත් කරලා තියෙන්නේ. උසස් අධ්‍යාපනයට එතුමාව ගැලපෙන්නේ නෑ කියන එක තමයි අපේ මතය වුණේ. ඇමති වෙනස් වෙන එකත් එක්ක  අපි අවධානයෙන් ඉන්නේ ගෙන ගිය ප්‍රතිපත්ති වෙනස් වෙනවාද නැද්ද කියන කරුණ පිළිබඳවයි.” යනුවෙනි.

  • ජාතික ආණ්ඩුවේ ඇමති සංශෝධනයේ ඉතිරි කොටස වෙන දවස මෙන්න…

    ජාතික ආණ්ඩුවේ ඇමති සංශෝධනයේ ඉතිරි කොටස වෙන දවස මෙන්න…

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය මාර්තු 11ට පෙර සිදු කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

    ඒ, ජනාධිපතිවරයා සංචාරයක් සඳහා ඉන්දියාව බල පිටත්ව යාමට නියමිත බැවින්.

    ජනාධිපතිවරයා මෙලෙස ඉන්දියාව බලා පිටත්ව යන්නේ ඉන්දීය ප‍්‍රංශ ඒකාබද්ධ සූර්ය සන්ධානයේ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීමේ අරමුණින්.

    ඉන්දීයාව සහ ප‍්‍රංශයේ තානාපතිවරුන් කළ ආරාධනයකට අනුව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී වන මෙම සමුළුව ආරම්භ වන්නේ මාර්තු 11වැනිදායි.

    ඒ අනුව බොහෝ දුරට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය මාර්තු 10 හෝ ඊට පෙර සිදු කරනු ඇති බවයි පැවසෙන්නේ.

    එහිදී ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර හා දුමින්ද දිසානායක ඇතුළු කිහිපදෙනෙකුගේ අමාත්‍යධූර වෙනස් වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පැවසුවා.

  • පටලගත්ත රනිල් නිසා පැය කිහිපයක් තුළ ඇමති අජිත්ගේ දුන් දිවුරුම වෙනස් වූ අයුරු මෙන්න…

    පටලගත්ත රනිල් නිසා පැය කිහිපයක් තුළ ඇමති අජිත්ගේ දුන් දිවුරුම වෙනස් වූ අයුරු මෙන්න…

    නව කැබිනට් සංශෝධනය යටතේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දුන් අජිත් පී. පෙරේරාගේ විෂය පථය වෙනස් වනු ඇතැයි වාර්තා වනවා. 

    අප මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ තමන් අද (26) දිනයේ විදුලි බල හා පුණර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන බවයි.

    එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “මේක රනිල්ට වරදිලා වගේ දීපු එකක්. රනිල් ගොඩක් ඒවා අවුල් කරගෙන තියෙන්නේ..මේක පටලවගෙන දීපු එකක්.” යනුවෙනි.

    නව සංශෝධනයට අනුව අජිත් පී. පෙරේරාට හිමිවූයේ බන්ධනාගාර ප‍්‍රතිසංස්නකරණ, මත්ද්‍රව්‍ය නිවාරණ හා ප‍්‍රජා විශෝධන රාජ්‍ය අමාත්‍යධූරයයි.

    ඔහු මීට පෙර විදුලි බල හා පුණර්ජනණීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. 

  • ලොවක් හඬවා ජීවන ගමනට සමුදුන් ශ්‍රී දේවී වෙනුවෙන් සුපිරු තරු තැබූ කඳුළු සටහන් මෙන්න…!!

    ලොවක් හඬවා ජීවන ගමනට සමුදුන් ශ්‍රී දේවී වෙනුවෙන් සුපිරු තරු තැබූ කඳුළු සටහන් මෙන්න…!!

    නාගීනා චිත්‍රපටය හරහා ලොවක් වසඟ කල ගත් බොලිවුඩ් සිනමාවේ ප්‍රථම නිළිය ලෙස සැළකෙන  ශ්‍රී දේවී ඊයේ (24) රාත්‍රියේ ජීවන ගමනට සමු දුන්නේ ලොවක් හඬවමින්.

    ඩුබායි රාජ්‍යයේ මංගල උත්සවයකක්  සඳහා සහභාගී වීමට ගොස් සිටියදී ඇතිවූ හදිසි හෘදයාබාධ තත්වයක් හේතුවෙන් ඇය මරණයට පත්වූ අතර ඇය මිය යන විට 54 වන වියේ පසුවුනා.

    වයස අවුරුදු 4 දී සිටම චිත්‍රපට ක්ෂේත්‍රය තුල මනා දස්කම් පෙන්නූ ඇය දෙමළ, තෙලිගු, මලයාලම් මෙන්ම හින්දි චිත්‍රපටවලට රංගනයෙන් දායක වූ අතර  තම සිනමා ජීවිතය තුල 150 ට අධික චිත්‍රපට සංඛ්‍යාවකට තම රංගන දායකත්වය ලබා දෙන්නට ඇය කටයුතු කලා.

    ඉන්දීය රජය විසින් ලබාදෙන ඉහළම සම්මානයක් වන පද්ම ශ්‍රී සම්මානයෙන් පවා පිදුම් ලැබූ ලොවක් ආදරය කල මේ රංගන ශිල්පිණිය වෙනුවෙන් ලොවපුරා ප්‍රසිද්ධ තරු තම ශෝකය ප්‍රකාශ කර තිබුනේ මෙලෙසින්.

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

  • තරුණයන්ට තැන අහිමි වෙද්දී තරුණ කටයුතු ඇමතිකම ලැබුණු අවුරුදු 69 යේ තරුණයා මෙන්න…!!!

    තරුණයන්ට තැන අහිමි වෙද්දී තරුණ කටයුතු ඇමතිකම ලැබුණු අවුරුදු 69 යේ තරුණයා මෙන්න…!!!

    මෙවර කැබිනට් සංශෝදයේදී තරුණ දේශපාලඥයින් හට ප්‍රභල අමාත්‍යංශ ලබා දෙන බවට රනිල්ගේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ආරංචි මාර්ග පසුගියදා සඳහන් කර තිබුණු අතර ඒ අනුව හරීන් ප්‍රනාන්දු,ලකී ජයවර්ධන,සුජීව සේනසිංහ,බුද්ධික පතිරණ යන අයගේද නම් යෝජනා කර තිබූ බවයි වාර්තා වුනේ.කෙසේ වෙතත් අද සිදුවූ නව කැබිනට් සංශෝදනයේදී බලාපොරොත්තු වූ ලෙස තරුණ මන්ත්‍රීවරුන්ට එවැනි අවස්තාවක් නොලැබීම කැපී පෙනුනා.

    එසේම නව නව කැබිනට් සංශෝධනයට අනුව යෞවන කටයුතු සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය හිමිවුනේ පියසේන ගමගේ අමාත්‍යවරයා වෙතයි. 1949 ජනවාරි මස 10 වන දින උපත ලැබූ පියසේන ගමගේ අමාත්‍යවරයා මේ වන විට 69 වන වියේ පසුවන අතර පියසේන ගමගේ අමාත්‍යවරයාට තරුණ කටයුතු අමාත්‍ය ධූරය ලැබීම සමාජ ජාලා තුල මෙන්ම බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා.

  • රනිල්ගේ පක්ෂයේ කැබිනට් ඇමතිකම් හුවමාරුව ගැන මහින්ද කියපු කතාව මෙන්න….

    රනිල්ගේ පක්ෂයේ කැබිනට් ඇමතිකම් හුවමාරුව ගැන මහින්ද කියපු කතාව මෙන්න….

    අද (25) සිදු වූ කැබිනට් සංශෝදනය පිළිබඳව මහින්ද රාජපක්ෂ පලකල අදහස් මෙසේය… සුපුරුදු පරිදිම විහාරස්ථානයක් තම මාධ්‍ය මධ්‍යස්ථානය කරගනිමින්  මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහින්ද කියා සිටියේ එජාප පක්ෂයේ මෙම කැබිනට් සංශෝධනයේ කිිසිඳු වෙනසක් නොමැති බවයි.

    මහින්ද රාජපක්ෂ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙසේද ප්‍රකාශ කර සිටියා.

    ”අද රනිල් දිහා  බලපුවාම රනිල්ගෙන් පස්සේ රට මෙහෙයවන්න එහෙ නායකත්වයක් නැහැ. රනිල් හින්දා රටම අද අරාජික වෙලා. රනිල්ගේ වටේ ඉන්න අය රට වනසනවා..   ජනාධිපතිතුමා වැඩක් කරනවා උනාට  රනිල් වැඩකරන්නේ ජනපතිව විනාශ කරන්න… 

    රනිල්ගේ පක්ෂේ කැබිනට් සංශෝධනය කියා කිසි වෙනසක් නෑ. දාන්න වෙන මුහුණු නැති නිසා එකම කාඩ් පැක් එක එහාට මෙහාට අනනවා විතරයි. ඒක කිසිම තේරුමක් නැති වැඩක්.

  • පුත්තලමේ අපි බූරුවෝ.. එනිසා අපට ඇමතිකම් නෑ..- රංගේ බණ්ඩාරගෙන් සැර කතාවක්….

    පුත්තලමේ අපි බූරුවෝ.. එනිසා අපට ඇමතිකම් නෑ..- රංගේ බණ්ඩාරගෙන් සැර කතාවක්….

    ‘පුත්තලමේ අපි බූරුවෝ. ඒ නිසා අපට කැබිනට් ඇමතිකම් නෑ’ යයි රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.

    අද පැවැති කැබිනට් මණ්ඩල සංශෝධනය සම්බන්දයෙන් අදහස් පල කරමින් ඔහු මේ බව කීවේය.

  • බ්‍රාහ්මණ කුලයේ උපන් ශ්‍රී දේවි ඉස්ලාම් ආගම් චාරිත්‍ර අනුව අවසන් ගමන් යන්න සැරසෙයි….

    බ්‍රාහ්මණ කුලයේ උපන් ශ්‍රී දේවි ඉස්ලාම් ආගම් චාරිත්‍ර අනුව අවසන් ගමන් යන්න සැරසෙයි….

    දකුණු ඉන්දිය සිනමාවේ සිහින රැජින ලෙස වැජඹෙමින් සිනමාවට පිවිස ඉන් අනතුරු බොලිවුඩ සිනමාවේද සිහන රැජින වූ ශ්‍රී දේවිගේ අවසන් කටයුතු ඉස්ලාම් ආගම් චාරිත්‍ර අනුව සිදුකිරිමට නියමිතයි.

    ඒ ඉස්ලාම් ආගමික සම්ප්‍රදායට අනුවයි. ඉස්ලාම් ආගමට අදාළ මුලිඛ චාරිත්‍ර අද (25) පෙරවරුවේ ඩුබාහිදී සිදුකර ඇති අතර ඇයගේ  දේහය අද රාත්‍රී 8.00 විශේෂ ජෙට් යානයකින් ඉන්දියාවට ගෙන ඒමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

    දකුණේ ප්‍රසිද්ධිය සමග උතුරට ගොස් එම ප්‍රසිද්ධිය අදටත් රඳවා ගත් එකම සිනමා තාරකාව ලෙස ශ්‍රී දේවි හැඳින්විය හැකි බවයි ඇගේ පළමු දමිළ චිත්‍රපට අධ්‍යක්ෂ කේ.භාරතිරාජා පවසන්නේ. ඇගේ වියෝවය ඉන්දීය සිනමාවට විශාල පාඩුවක් බවයි සිය ශෝකය පල කරමින් ඔහු පවසා ඇත්තේ.

    කෙසේ වෙතත් ඇයගේ අභාවය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සහ ඉන්දිය ජනාධිපති රාම්නාත් ගෝවින්ද් සිය ශෝකය පල කර තිබෙනවා.

    සිය ට්වීටරය මගින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී පවසා ඇත්තේ ඉන්දිය සිනමාවේ ශ්‍රේෂ්ඨ නිළියක් වන ශ්‍රී දේවි සිය සිනමා ඉතිහාසයේ චරිත රැසකට පණ පොවා රංගනයෙන් දායක වී ඇති බවයි.

    ඇයගේ අභාවය සම්බන්ධයෙන් තමා ශෝකය පල කරන බවද ඔහු පවසා තිබෙනවා.

    ඉන්දිය ජනාධිපති රාම්නාත් ගෝවින්ද් පවසන්නේ ශ්‍රී දේවිගේ අභාවය ඇසු සැණින් තමා අතිශයෙන් කම්පනයට පත්වූ බවයි.

    දමිළ සිනමාවේ සුපිරි නළුවන් වන රැජිනි කාන්ත් සහ කමල් හසන් ද ශ්‍රී දේවිගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කර තිබෙනවා.

    එමෙන්ම බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවන් වන අමිතාප් බච්චන් සහ ශාරුක් ඛාන් ද ශ්‍රීදේවිගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කර ඇති අතර ඇයගේ පළමු විවාහක ස්වාමීයා වූ මිතුන්චක්‍රබෝර්ති ද අතිශයෙන් කණගාටු වන බව පවසා තිබෙනවා.

    අභාවප්‍රාප්ත වන විට 54 වන වියේ පසුවු ඇය 1963 වසරේ ආගොස්තු මස 13 වන දින උපත ලැබුවේ තමිල්නාඩුවේ මදුරාසියේ (චෙනායිහි) ශිවකාසි නම් ගම්මානයේ වූ බ්‍රහක්මණ කුලයට අයත් පවුලකයි.

    1967 වර්ෂයේ දී ඇය ළමා නිළියක් වශයෙන් සිය රංගන දිවිය අරඹන්නේ සිව්වැනි වියේ දීයි.

    ඒ තුනෛවන් නම් දමිළ චිත්‍රපටයෙන්. ඉන්පසු ඇය දමිළ ආගමික චිත්‍රපට රැසක ඇය රංගනයෙක් දායක වූ අතර එහිදී ඇය කතරගම දෙවිඳුන්ගේ චාරිතය නිරුපනය කළා.

    1976 වසරේ දී මූන්ඩෘ මුඩිච්චි යන දමිළ චිත්‍රපටයෙන් ඇය ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දාය වූ අතර 1977 වසරේ කේ.භාරතිරාජාගේ තවත් දමිළ චිත්‍රපටයක් වූ පදිනාරු වයදිනිලේ (16 වන වියේ ) හිද ප්‍රධාන නිළිය ලෙස රඟපෑවා.

    එම චිත්‍රපටය ඇයව දමිළ සිනමාවේ උච්චතම ස්ථානයට ගෙන ගිය අතර දමිළ සිනමාවේ ප්‍රධාන නළුවන් වන සිවාජි ගනේෂන්, රැජිනි කාන්ත්, කමල් හසන් වැනි අය සමග සිය රංගනයෙන් දායකත්වය ලබාදී තිබෙනවා.

    තෙළිඟුමලයාලම් චිත්‍රපටවල ද රඟපෑ ශ්‍රී දේවි 1975 වසරේ දී ජුලි නම් හින්දි චිත්‍රපටයෙන් ළමා චරිතයක් නිරුපනය කළ අතර ඉන් අනතුරුව ඇයව දමිළ සිනමාවේ ඉහළට ඔසවා තැබු පදිනාරු වයදිනිලේ (16 වන වියේ ) නම් චිත්‍රපටය හින්දි චිත්‍රපටය සෝල්වා සාවන් ”නමින් හින්දියෙන් නිෂ්පාදනය කෙරුණා.

    එහි ප්‍රධාන චරිතය නිරුපනය කළේ ද ඇයයි. එහිදී ඇය හින්දි රසිකයන් අතර විශාල ප්‍රසිද්ධියක් ලබාගත්තා.

    ඇයගේ මුල්කාලේ අවසන් දමිළ චිත්‍රපටය වන මූන්රාමි පිරයි  සත්මා නමින්  හින්දි බසින් නිෂ්පාදනය වූ අතර එහි ප්‍රධාන චරිතය රඟපෑ ශ්‍රී දේවි දමිළ සිනමාවට සමුදී හින්දි සිනමාව සඳහා සිය දායකත්වය ලබාදුන්නා.

    එහිදී ඇය විවිධ බාධක හමුවේ සිය ප්‍රසිද්ධි රඳවා ගත් අතර හින්දි සිනමාවේ චිතපට 300ට පමණ දායකත්වය ලබාදුන්නා.

    අනතුරුව හින්දි සිනමාවේ ප්‍රවීණ නළුවෙකු වූ මිතුන් චක්‍රෙබෝර්ති සමග ඇති වූ පෙම ඇය අවසන් කළේ කාටත් හොරා සිදුකර ගත් විවාහකයෙන්.

    පසුව ඔහුගෙන් වෙන් වූ ශ්‍රී දේවි විරාමයකින් පසු නැවත  වේදම් නම් දමිළ චිත්‍රපටයෙන් දකුණු ඉන්දිය සිනමාවට සම්බන්ධ වුණා.

    ඉන්පසු ඇය 1996 වසරේ දී ප්‍රවීන හින්දි නළු අනිල් කපුර්ගේ සොහොයුරා වූ බෝනි කපූර් සමග විවාහක වුයේ බෝනි කපූර්ගේ පළමු විවාහක බිරිඳට විශාල වන්දියක් ද ලබාදෙමින්

  • කැබිනට් සංශෝධනයෙන් පසු එළියට ආපු ඇමතිවරු කිව්ව දේ මෙන්න… (Video)

    කැබිනට් සංශෝධනයෙන් පසු එළියට ආපු ඇමතිවරු කිව්ව දේ මෙන්න… (Video)

    අද දහවල් සිදු කළ කැබිනට් සංශෝධන සැසිය අවසානයෙන් පසු එළියට පැමිණි මැති ඇමතිවරුන් මාධ්‍ය  ඉදිරියේ ඒ සම්බන්ධයෙන් පලකල අදහස් මෙන්න….

  • අද කැබිනට් වෙනස කොමඩියක් පමණක් බව ප්‍රසිද්ධියේ කියූ එජාපයේ ඇමති මෙන්න…

    අද කැබිනට් වෙනස කොමඩියක් පමණක් බව ප්‍රසිද්ධියේ කියූ එජාපයේ ඇමති මෙන්න…

    අද දහවල් සිදු කළ කැබිනට් සංශෝධන සැසිය අවසානයෙන් පසු එළියට පැමිණි රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා මාධ්‍ය  ඉදිරියේ ඒ සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළේය.

    ඔහු මෙසේ කිව්වේය.
    ‘මේ කොමඩි නාට්‍යයක් තමයි ආණ්ඩුව නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒකේ පළවෙනි කොටස තමයි අද ප්ලේ කළේ. දෙවෙනි කොටස ඊළඟ දවසේ ප්ලේ කරාවි. මේකට හැබයි ජනතාව හිනාවෙයිද අඬයිද ගල්ගහයිද මම දන්නෙ නෑ.

    ඔබ කලකිරීමෙන්ද කථාකරන්නෙ?
    ‘මම කලකිරීමෙන් නෙමෙයි ඉන්නෙ. ඒත් මං හිතන්නෙ ජනතාව බලාපොරොත්තුවූ වෙනස්කම කොහෙත්ම සිදුවෙලා නෑ කියලා.‘

    ඒ කියන්නේ අගමැති ධූරය වෙනස්වෙයි කියලද ඔබේ ස්ථාවරය?
    ‘මගේ කටට වචන දාන්න එපා.. මම කියන්නෙ පැහැදිලි වෙනසක් වෙන්න ඕන කියල. මේවගේ විහිළු කරල ජනතාව රවට්ටන්න බැරිවෙයි කියලයි මම හිතන්නේ.

    ඒ කියන්නේ අගමැති ධූරයේ වෙනසද ඇමතිතුමා?
    ‘ඒ වෙනස වෙයි… හොඳින් හෝ නරකින්‘