Author: Editor[A]

  • නීතිය හා සාමය රනිල් ගත්තෙ සති 2කට? එම තීරණයට බලපෑ හේතුව මෙන්න….

    නීතිය හා සාමය රනිල් ගත්තෙ සති 2කට? එම තීරණයට බලපෑ හේතුව මෙන්න….

    නීතිය හා සාමය අමාත්‍ය ධූරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බාරගෙන ඇත්තේ සති දෙකක කාලයකට බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග සනාථ කරයි….

    අදාළ අමාත්‍ය ධූරය ලබාදීමට අගමැතිවරයා යෝජනා කර ඇත්තේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට බවත්, එම ධූරය ඔහුට ලබාදීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය රනිල් අමතමින් කරන ලද ඉල්ලීමක් නිසා එම ගැටලුව විසඳාගන්නා තෙක් අගමැතිවරයා එම අමාත්‍යංශය බාරගෙන ඇති බව පැවසේ.

    කෙසේවුද, ෆොන්සේකා මහතාට අදාළ අමාත්‍ය ධූරය ලබා නොදෙන්නයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

    ජනපති සුබ පතයි !

    අලුතින් පත් කරන ලද කැබිනට්, රාජ්‍ය හා නියෝජ්ය ඇමතිවරුන්ට සුබ පතමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන අමාත්‍ය මණ්ඩලයේද ඉතා ඉක්මන් වෙනස්කම් සිදුවනු ඇතැයි පවසමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට්විටර් පණිවුඩයක් නික්තුකර තිබේ.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වෙනස්කම් තවත් සති දෙකකින් සිදුවන බව මේ අතර ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

  • ලසන්ත ඝාතනයේ සැලසුම් එළියට. ලසන්තගේ සටහනකින් එලියට ආපු ඝාතනයේ අභිරහස මෙන්න..

    ලසන්ත ඝාතනයේ සැලසුම් එළියට. ලසන්තගේ සටහනකින් එලියට ආපු ඝාතනයේ අභිරහස මෙන්න..

    සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයේ සාක්කි වසන් කළේයැයි කියන සිද්ධියට හිටපු පොලිස් ලොක්කන් කිහිප දෙනකුට මාංචු වැටෙන අයුරු පසුගිය සති දෙකේ දක්නට ලැබිණි. ඒ අතර නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ද විය. ඒ සමඟ ‘ලසන්තගේ සැකකරුවන් අල්ලලා.‘ යැයි කියමින් සමහරු කතා බහ කරනු පෙනිනි.

    ලසන්තගේ මරණය සම්බන්ධයෙන් මේ ලිපිය ලියන මොහොත වන තෙක් එකදු සැකකරුවකු හෝ අත්අඩංගුවට ගෙන නැත. කිසිවකු අත්අඩංගුවට ගෙන ඇත්තේ නම් ඒ ඝාතනයෙන් පසු එහි සාක්කි විනාශ කිරීම සම්බන්ධයෙන් පමණි.

    මෙවර සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් ඉදිරිපත් කරනුයේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය ගැන සහ මෙතක් විමර්ශන අනුව රහස් පොලිසිය අධිකරණයට කළ කරුණු වාර්තාකිරීම් සම්බන්ධවයි.

    2009 වන විට ලීඩර් පබ්ලිකේෂන් ආයතනයේ පුවත්පත් දෙකක් මුද්‍රණය විය. එකක් ඉරුදින පුවත්පතයි. අනෙක් පුවත්පත වූයේ සන්ඩේ ලීඩර් පුවත්පතයි.

    සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවරයා වූයේ ලසන්ත වික්‍රමතුංග මහතා ය. ඒ වන විට ඔහු සිය පුවත්පත මගින් ආණ්ඩුවේ වංචා දූෂණ සම්බන්ධයෙන් හෙළි කරමින් සිටියේය. මිග් ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ඔහු කළ හෙළිදරව්වකට නඩුවක් ද වැටී තිබුණු අතර ජනවාරි මස දෙවැනි සතියේ එළඹෙන නඩු දිනයක දී එම ගනුදෙනුව ගැන වැදගත් තොරතුරු හෙළි කරන බවට ඔහු සිය සගයන් සමඟ කියා තිබිණි.

    ලසන්ත ඝාතනය

    එදා 2009 ජනවාරි අට වැනි දා ය. වේලාව උදේ 8.10ට පමණ ඇත. පූර්වාරාම පාරේ කන්දේවත්ත ටෙරන්ස් පාරේ ලසන්තගේ නිවසට මදක් නුදුරින් පිහිටි සිල්ලර බඩු කඩයක් අසල ත්‍රීරෝද රියක් නතර කර තිබිණි.

    එය එහි නිතර තිබෙන ත්‍රීරෝද රථයකි. රියදුරු පත්තරයක් බලමින් සිටියේය. ත්‍රිරෝද රියට ඉදිරියෙන් යතුරුපැදියක් නතර කර තිබුණු අතර ෆුල්ෆේස් හෙල්මට් පැළැඳි පුද්ගලයෙක් යතුරුපැදියටම වී සිටියේය. තවත් පුද්ගලයෙක් හිස් ආවරණය අතට ගෙන සිගරට්ටුවක් බොමින් පාර දෙස බලා සිටියේය.

    උදෑසන 8.20ට පමණ ලසන්ත වික්‍රමතුංග මහතා ටෙරන්ස් පාරේ නිවසින් පිටත් විය. වංගුව හැරී කඩය පාස් වෙනවාත් සමඟම ‘අන්න එනවා.. අන්න එනවා..‘ යැයි සිගරට්ටුව අතේ තියාගෙන සිටි පුද්ගලයා කී අතර ඒ සමඟම ඔහුද යතුරු පැදියට නැඟ වික්‍රමතුංග මහතාගේ වාහනය පසුපස යන්න විට. මෙම සිදුවීම ගැන සැක සිතුණු ත්‍රීරෝද රියේ රියදුරා ඒ ගැන කඩයේ සිටි පිරිසට දැන්වීය. ලසන්තගේ රියදුරු එම කඩයට නිතර ආව ගිය නිසා රියදුරුගේ අංකය කඩයේ මුදලාලි ළඟ විය. ඔහු රියදුරට ඇමතුමක් ගත්තත් ප්‍රතිචාරයක් නොලැබිණි. ඒ වන විට රියදුරුගේ ජංගම දුරකතනය තිබුණේ ලසන්තගේ වාහනයේය. රියදුරු නිවසේ සිටියදී වාහනය පදවාගෙන ගියේ වික්‍රමතුංග මහතාමය.

    ඉන් මිනිත්තු කිහිපයකට පසු යමක් ගැනීමට ලසන්තගේ රියදුරා කඩයට පැමිණියේය. කඩයේ පිරිස සිද්ධිය විස්තර කළ පසු ඔහු වහාම වික්‍රමතුංග මහතාගේ සන්ඩේ ලීඩර් ආයතනයට ගියත් ඔහු පැමිණ සිටියේ නැත. වාහම ඔහු සිද්ධිය ආයතනයේ කළමනාකරුවකුට කීවිට ඔහු ලසන්තට දුරකතන ඇමතුමක් ගෙන රියදුරාට දුන්නේය. ‘බයික්එකේ අංකේ හොයා ගන්න බලන්න.‘ ලසන්ත රියදුරට කීවේය.

    ලසන්ත වික්‍රමතුංග මහතා ගියේ බත්තරමුල්ලේ නිවසටය. එම නිවසේ සේවකයකුට අසනීප වි තිබුණු අතර ලසන්ත හිතවත් වෛද්‍යවරයකුගෙන් බෙහෙත් අහගෙන බිරිය සමඟ බෙහෙත් මිලදී ගැනීමට ගියේය. යද්දී සහ එද්දී යතුරු පැදි හඹා එන අයුරු ඔවුහු දුටහ. වහාම වාහනය ගේට්ටුවෙන් ඇතුළට දැමූ අතර යතුරු පැදි ලසන්තගේ ගේට්ටුව පසුකරගෙන ගියේය. මද වේලාවක් එහි සිටි ලසන්ත යළි වාහනයට නැංගේ සන්ඩේ ලීඩර් ආයතනයට යෑමටය. ඒ අතර මඟ දී අසාත් සාලි, මලික් සමරවික්‍රම ඇතුළු පුද්ගලයන් විවිධ වැඩ සඳහා ලසන්තට ඇමතුම් ගත් අතර තමා පසු පස යතුරු පැදි ලුහුබඳින බව ඔහු කීවේය. වහාම ආරක්ෂිත ස්ථානයකට යන ලෙස දුරකතන ඇමතුම් දුන් පුද්ගලයෝ ලසන්තට දැනුම් දුන්හ.

    සන්ඩේ ලීඩර් ආයතනයට යන අතරතුර ජපන් මිත්‍රත්ව පාරට ගොස් නීතීඥවරයෙකු හමු වූ වික්‍රමතුංග මහතා ඉන් පිටත්වී ආපසු යද්දී සුපුරුදු පරිදි යතුරු පැදි දෙකක් ඔහු ලුහුබැඳ එනු දැක්කේය. ලසන්ත පසුපස යතුරු පැදි ලුහු බඳින බව කී නිසා මලික් සමරවික්‍රම මහතා වරින් වර ඔහුට කතා කරමින් ආරක්ෂිත ස්ථානයකට යන ලෙස දැනුම් දුන්නේය. උදේ 10.21ට පමණ ලසන්තට යළිත් කතා කළ මලික් සමරවික්‍රම මහතාට තමා පසුපස ලුහු බදින යතුරු පැදි ගැන ලසන්ත දැනුම් දුන් අතර ලසන්ත, සමරවික්‍රම මහතා සමඟ කතා කරමින් වාහනය පදවාගෙන ගියේය.

    අත්තිඩිය මලගල කණිෂ්ඨ විද්‍යාලය අසල කහඉරට ඔබ්බෙන් බස් රථයක් කතර කළේය. එනිසා ලසන්තගේ වාහනයද එතැන මඳක් නතර කරන්න සිදු විය. මාරයාගේ හෝරාව එළඹ තිබිණි. යතුරු පැදි දෙකක් ලසන්තගේ වාහනය හරස් කර නතර විය. තවත් යතුරු පැදි දෙකක් පැත්තෙන් නතර විය. ඉන් බැසගත් පිරිස ලසන්ත වෙත ගොස් යමකින් ඇන පළා ගියහ. ඒ සමගම ලසන්ත හා මලික් සමරවික්‍රම අතර දුරකතන සංවාදයද නිමා විය. යතුරු පැදි දෙකක් මලගලින් පිළියන්දල දෙසටත් අනිත් යතුරු පැදි දෙක ගල්කිස්ස දෙසට විදුලි වේගයෙන් ගොස් නොපෙනී ගියේය.

    ‘බයික්වලින් ආපු කට්ටියක් කූරු දෙකකින් වගේ අනිනවා දැක්කා. ඉන් පස්සේ එයාලා ගියා.‘ එලෙස කීවේ සිද්ධිය ඇසින් දුටුවෙකි. ඉන් පසු ඒ අසල මුද්‍රණ ආයතනයක පුද්ගලයෙක් හා තවත් පුද්ගලයෙක් පැමිණ වෑන් රථයක් නවත්වාගෙන ලසන්ත ඊට පටවා ගත්තේය. මුද්‍රණ ආයතයේ පුද්ගලයා වාහනයේ ඇතුළේ සිටි අතර අනිත් පුද්ගලයා ලසත්නව තම ඔඩොක්කුවේ තබාගෙන පිටුපස සිටියේ.

    මද දුරක් වාහයෙන් ලසන්ත ගෙනයද්දී ලසන්තගේ දුකරකතනය යළින් නාද වූ අතර ලසන්ත ඔඩොක්කුවේ තබාගෙන සිටි පුද්ගලයා ඊට ප්‍රතිචාර දැක්වීය. ලසන්තට වූ දේ ඔහු ඇමතුම දුන් පුද්ගලයාට විස්තර කළේය. ඇමතුම දී තිබුණේ මලික් සමරවික්‍රම මහතාය. ‘වහාම කළුබෝවිලට මෙයාව ගෙනියන්න.‘ යැයි උපදෙස් දුන් මලික් සමරවික්‍රම අනිත් අයට පණිවිඩය ලබා දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස මහාචාර්ය මොහාන් සිල්වා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් ඒ මොහොතේම කළුබෝවිල රෝහලට පැමිණි අතර ලසන්ත ගෙන ආ ගමන් ප්‍රතිකාර ආරම්භ කළේය. තත්ත්වය දරුණු නිසා මහාචාර්යවරයා ප්‍රමුඛ කණ්ඩායම ශල්‍යකර්මයක් ද සිදු කළත් සාර්ථක වූයේ නැත. එදින දහවල් ලසන්ත වික්‍රමතුංග මහතා මිය ගියේය.

    වෙඩි තැබීම සහ ඇනීම

    ලසන්තගේ ශල්‍ය කර්මය කළ මහාචාර්යරවයා සිය මතය සඳහන් වාර්තාවක් 2009 ජනවාරි 12 වැනි දා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අධිකරණ වෛද්‍යවරයාට යොමු කළේය. එමගින් මහාචාර්යවරයා ප්‍රකාශ කර තිබුණේ ශරීරයේ උණ්ඩ කොටස් තිබුණේ නැති බවයි. වෙඩි පිටවූ තැනක් ද නොතිබූ බවත්, වෙඩි තැබීමක සලකුණක්වත් නැති බවත් සඳහන් කළ මහාචාර්යවරයා මෙය වෙඩිතැබීමකින් සිදුවී නැති බව සිය වාර්තාවේ සඳහන් කළේය.

    එම ස්ථානයට රජයේ රස පරීක්ෂකද පැමිණ පරීක්ෂණයක් සිදු කළ අතර ඔහුද වාර්තා කළේ මෙය වෙඩි තැබීමක් නොවන බවයි. මේ දෙදෙනාම මෙය වෙඩි තැබීමක් නොවන බව කියද්දී සහ ලසන්තට යමකින් අනින බව ඇසින් දුටුවන් කියද්දී පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාව ලැබුණේ මෙය වෙඩි තැබීමකින් වූ මරණයක් ලෙසයි. ඒ අතරතුර කාලයේ එම වාර්තාව දුන් අධිකරණ වෛද්‍යවරයාට පැමිණි දුරකතන ඇමතුම් ගැන මෙහි සඳහන් නොකරමු. මෙම පශ්චාත් මරණ පරීක්ෂණයත් සමඟ වාර්තා පරස්පර වීම නිසා පරීක්ෂකයෝ අවුලෙන් අවුලට පත්වූහ.

    විමර්ශන ආරම්භය

    ලසන්ත ඝාතනය වූ ස්ථානයෙන් වෙනත් රාජකාරියකට යමින් සිටි බොරලැස්ගමුව ස්ථානාධිපති ඇපලකොටුව මහතා මෙය දැක වහාම ගල්කිස්ස පොලිසිය දැනුම්වත් කළේය. එවකට පොලිස්පතිවරයා ලෙස කයුතු කළේ ජයන්ත වික්‍රමරත්න මහතාය.

    ගල්කිස්ස දිසාව භාර නියෝජ්‍යෙ පොලිස්පති ලෙස කටයුතු කළේ ප්‍රසන්න නානායක්කාර මහතාය. ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී ලෙස හේමන්ත අධිකාරී මහතා කටයුතු කරද්දී සහකාර පොලිස් අධිකාරී එල් සී ගුණවර්ධන මහතා ගල්කිස්ස පොලිසිය අධීක්ෂණය කළේය. ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේෂ් පෙරේරා මහතා ද ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස හෙට්ටිආරච්චිගේ තිස්සසිරි සුගතපාල මහතා කටයුතු කළහ.

    ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කරන ලද ස්ථානය අයත් වන්නේ ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශයට බැවින් එහි අපරාධ අංශයේ ස්ථානාධිපති සිත්තසිරි සුගතපාල මහතා විමර්ශන ආරම්භ කළේය. ඔහු එම ස්ථානයට ගොස් පරීක්ෂණ සිදු කළ අතර පොලිස් පරීක්ෂක ලලිත් වීරසිංහ මහතා ද සාක්කි සටහන් කර ගනිමින් විමර්ශනයට සම්බන්ධ විය. ලසන්ත වික්‍රමතුංග මහතාගේ වාහනයේ තිබූ ඔහු භාවිත කරන ලද ක්ෂේත්‍ර සටහන් පොත ඇතුළු දේපොළ සොයා ගත් පොලිස් පරික්ෂක වීරසිංහ සකකරු දේපොළ කුවිතාංසි අංත 101/09 යටතේ එය ඇතුළත් කළේය.

    උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල මහතා එම සටහන් පොත පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ එම සහන් පොතේ පිටු 160කින් පිටු 126කම ලසන්ත වික්‍රමතුංග මහතා ඉංග්‍රීසියෙන් යම් යම් දේ සටහන් කර ඇති බවයි. පොතේ ඉස්සරහ පිටුවේ සහ පසුපස පිටුවේ වාහන අංක දෙකක් තිබූ අතර පවුලේ උදවියගෙන් කියැවුණු දෑ සමඟ මෙම අංක දෙක ලසන්ත ලුහු බැඳ ආ යතුරුපැදි අංක බවට සුගතපාල මහතා සැක කළේය. ඒ අනුව පොලිස් බල අපරාධ තොරතුරු පොතේ ඒ බව සටහන් තබීය. ඉන් පසු නඩු භාණ්ඩ කුවිතාංසි ලේඛණයට අංක 154/09 යටතේ සටහන් පොත ඇතුළත් කළ සුගතපාල මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් එම අංක ගැන විමසීය. ඉන් එක යතුරු පැදි අංකයක් බොරලැස්ගමුවේ බවත් අනික ජා-ඇල බවත් තහවරු කර ගත් සුගතපාල මහතා මුලින්ම බොරලැස්ගමුවට ගියේය.

    සටහන් විනාශ කිරීම

    එසේ යද්දී ඔහුට දුරකතන ඇමතුමක් ලැබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇති පරිදි ඒ කතාව මෙසේය. ඒ දුරකතන ඇමතුම එන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙනි. ඔහු කියන්නේ වහාම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු හමුවීමට එන ලෙස දැනුම් දුන් බැවින් එහි යෑමට පැමිණෙන ලෙසයි. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ උප පොලිස් පරීක්ෂක සුගතපාල අදාල නියෝජ්‍ය පොලිස්පති හමුවීමට ගියහ. ඔහු ලසන්තගේ සටහන් පොත බලා එහි තිබූ දෑ එවකට පොලිස්පතිට දුරකතනයෙන් දැන්වීය. පොලිසිය සැක කරන අන්දමට එහි තිබී ඇත්තේ ඉදිරි නඩු වාරයකදී ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට තිබූ තොරතුරුය.

    ඉන් පසු ටික වේලාවකින් නියෝජ්‍ය පොලිස්පති උප පොලිස් පරීක්ෂකට කියා ඇත්තේ ලසන්තගේ සටහන් පොත තමාට ලබා දෙන ලෙසයි. සටහන් පොත ගැන බල අපරාධ තොරතුරු පොතේ සටහන් යොදා ඇති බව උප පොලිස් පරීක්ෂක කියද්දී ඒවා ඉරා තමාට දෙන ලෙස නියෝජ්‍ය පොලිස්පති ඉල්ලා ඇතැයි පැවසේ. මේ අනීතික ක්‍රියාව කිරීමට මුලින් උප පොලිස් පරීක්ෂක සුගතපාල අකමැති විය.

    ‘මේවා ලියලා හොයන්න ගිහින් මැරුම් කන්නද හදන්නේ? තමුසෙටත් ලසන්තට වෙච්ච දේ තමයි වෙන්නේ. තමුසෙට ළමයි ඉන්නවා නේද? අරුන්ගෙන් මැරුම් කන්නේ නැතුව තමුසේගේ සටහනුයි නොට් පොතයි මට දීපන්.‘ යනුවෙන් එම නියෝජ්‍ය පොලිස්පතිවරයා උප පොලිස් පරීක්ෂකට කියා ඇති බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ. ඒ අනුව උප පොලිස් පරීක්ෂකවරයා බල අපරාධ සටහන් පොතේ අදාළ පිටුවල මෙන්ම ලසන්තගේ නෝට් පොතේ මුල් සහ අවසන් පිටුවල ඡායා පිටපත් ගෙන ඒවා සඟවා තබා මුල් පිටපත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඉදිරිපිට නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබා දී ඇත.

    ඉන් පසු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා පරීක්ෂණ දිගටම කරගෙන ගිය අතර ඒ ගැන සදහන් කිරීමට පෙර පරීක්ෂණ රහස් පොලිසියට පැවරීම ගැන කතා කළ යුතුය. ලසන්තගේ මරණයෙන් පසු එම පරීක්ෂණ විධිමත් කරන ලෙස රජයට දිගින් දිගටම බලපෑම් පැමිණි අතර 2009 නොවැම්බර් 25 වැනි දා පරීක්ෂණ රහස් පොලිසියට පැවරිණි. රහස් පොලිසියට පරීක්ෂණ කර ගෙන යෑමට හැකි වූයේ මාස කිහිපයක් පමණි. එවකට පොලිස්පති මහින්ද බාලසූරිය මහතා 2010 පෙබරවාරි හත් වැනි දා පරීක්ෂණ රහස් පොලිසියෙන් ඉවත් කර නියෝජ්‍ය පොලිස්පති වාකිෂ්ඨ මහතාගේ අධීක්ෂණය යටතේ ත්‍රස්ත විමර්ශන අංශයෙන් සිදු කරන ලෙස දැනුම් දුන්නේය. ඒ වන විට සීඅයිඩියෙන් කළ විමර්ශන ද ත්‍රස්ත විමර්ශන අංශය සැලකිල්ලට ගෙන තිබිණි.

    පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන අංශයට

    ලසන්ත වික්‍රමතුංග මහතාගේ ගමන් මග ඔස්සේ දිගින් දිගටම දුරකතන අංක 5ක් සංසරණය වූ බව විමර්ශන කණ්ඩායම සොයා ගත්හ. 811, 812, 831, 861 සහ 951 අංකවලින් අවසන් වන එක ළඟ අංක ටිකක් නිසා මේ ගැන සැක සිතී ඒ ඔස්සේ පරීක්ෂණ ආරම්භ විය. ඒවා මිලදී ගෙන තිබුණේ 2018 නොවැම්බර් 12, 13 සහ දෙසැම්බර් පළමු වැනි දා ය. ඕල්කට් මාවතේ කමියුනිකේෂන් එකකින් එම සිම් කාඩ් ලබාගෙන තිබුණේ නුවරඑළියේ ජේසුදාසන් නම් පුද්ගලයකුගේ හැඳුනුම්පතකටය. ඒ අනුව ත්‍රස්ත විමර්ශන අංශය 2010 පෙබරවාරි 26 වැනි දා ජේසුදාසන් අත්අඩංගුවට ගත්තේය.

    රැඳවුම් නියෝග මත ඔහුගෙන් ප්‍රශ්න කළ ත්‍රස්ත විමර්ශන අංශය ඊළඟට අත්අඩංගුවට ගන්නේ යුද හමුදා බුද්ධි නිලධාරියෙකි. ඔහු සේව කර තිබුණේ ට්‍රිපෝලි කඳවුරට අනියුක්තවය. ජේසුදාසන් යනු ගරාජ් වැඩපොළක සේවකයෙකි. ඔහුට බොන්නට දී ඔහුගේ හැදුනුම්පත ලබා ගෙන එම සිම් කාඩ් මිලදීගත්තේයැයි අනාවරණය වුවත් ජේසුදාසන් මුදා හැරියේද නැත. ඒ අහිංසකයා අවසානයේ මරුමුවට පත් විය. එය ස්වභාවික මරණයක්ද නැතහොත් මරා දැමීමක්ද යන්න තවමත් අබිරහසකි.

    2010 ජනාධිපතිවරණය පැවැතියේ ද මේ අස්සේය. ජනාධිපතිවරණය නිමවීමත් සමඟ 2010 පෙබරවාරි මස 26 වැනි දා ලසන්ත ඝාතනයට යැයි කියමින් කොහුවල යුද හමුදා කඳවුරේ 11ක් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. යළිත් පහුවැනිදා තවත් හය දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. මේ සියලු දෙනා එවකට සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂක රාජකාරියේ ආවේක්ෂණ රාජකාරි කළ පිරිසකි. රජය පෙරළීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට රැඳවුම් නියෝග ගත්තතද මේ පිරිසෙන් නව දෙනෙක් දින හයකට පසු පොලිස් ඇප මත මුදා හැරිණි. ඉතිරි අට දෙනා දින 11කට පසු පොලිස් ඇප පිට මුදා හැරිණි. ට්‍රිපෝලි කඳවුරේ යුද හමුදා බුද්ධි සාමාජිකයා නීතිපති උපදෙස් පිට නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

    පරීක්ෂණ යළි රහස් පොලිසියට

    වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මෙම සිද්ධියේ පරීක්ෂණ රහස් පොලිසියට පවරන ලෙස හතර අතින් ආ බලපෑම් සමඟ 2015 පෙබරවාරි 25 වැනි දා යළිත් පරීක්ෂණ රහස් පොලිසියට පැවරිණි. ඒ අනුව රහස් පොලිසිය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ එවකට අධ්‍යක්ෂ දැන් නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් එවකට සහකාර පොලිස් අධිකාරී දැන් රහස් පොලිස් අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා මහත්වරුන්ගේ උපදෙස් පරිදි සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ඇතුළු පිරිසක් විමර්ශන ආරම්භ කළහ.

    පරීක්ෂකයන්ට මුලින්ම ගැටළුව වූවේ ලසන්ත මරණයට පත්වූ ආකාරය ගැන ඉදිරිපත් වූ පරස්පර අදහස්ය. ඒ අනුව අධිකරණ නියෝගයක් මත ලසන්තගේ දේහය 2016දී යළි ගොඩ ගත් අතර කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් ඇතුළු අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් යළි දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කළහ. එහි නිගමනය වූයේ ලසන්ත මරා දමා ඇත්තේ වෙඩි තැබීමකින් නොවන බවයි. හිසට එල්ල කළ ප්‍රහාරයකින් (ඇනීමකින්) ලසන්ත මරා දමා ඇති බව නිගමනය විය. එම වාර්තාව සහ ලසන්ත මිය ගිය අවධියේම රස පරීක්ෂක දුන් වාර්තාවත්, ශල්‍යකර්මය කළ මහාචාර්යවරයා දුන් වාර්තාවත් සමානය විය. ලසන්ත මැරීමට යොදා ගෙන තිබුණේ වෙනත් රටවල බැටළුවන් මැරීමට යොදා ගන්නා නවීන උපකරණයක් බවට දැන් සැක කරයි. එම උපරණය හිස මත තබා බොත්තම තද කළ විට උල් කටුවක් හිස පසාරු කරගෙන ගොස් නැවත ආයුධය ඇතුළට එයි.

    අලුතින් පරීක්ෂණ ආරම්භ කළ රහස් පොලිසිය මුලින්ම කළේ පොලිසියේ උදවියගේ සාක්කි සටහන් කර ගැනීමයි. 2015 ඔක්තෝබර් 12 වැනි දා සහ 2015 නොවැම්බර් 04 වැනි දා උප පොලිස් පරීක්ෂක සුගතපාල ගෙන්වා ප්‍රකාශ සටහන් කර ගත්තේය. එම ප්‍රකාශ සහ අනෙක් පොලිස් නිලධාරීන්ගේ ප්‍රකාශවල පරස්පරතා තිබුණු අතර ඔහුගේ ප්‍රකාශය අසත්‍ය බව දුරකතන විශ්ලේෂණ වාර්තා අනුවද පෙනී ගියේය. ඒ ගැන යළිත් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පසුගිය ජනවාරි 31 වැනි දා උප පොලිස් පරීක්ෂක සුගතපාල කැඳවනු ලැබීය. ප්‍රකාශය අඩක් ලබා ගෙන සුගතපාලට දහවල් ආහාරයට ආපන ශාලාවට යෑමට ඉඩ දුන් අතර ඉන් ප්‍රයෝජන ගත් උප පොලිස් පරීක්ෂක රහස් පොලිසියෙන් පැන ගොස් තිබිණි.

    සැකකරුගේ පැන යෑම ගැන සැක සිතුණු රහස් පොලිසිය එදින මධ්‍යම රාත්‍රියේ කළුතර පොලිසියේද සහාය ඇතිව කලුතර කටුකුරුන්දේ සැකකරුගේ නිවසක සිටිය දී අත්අඩංගුවට ගත්තේය. ඉන් පසු පෙබරවාරි පළමු වැනි දා රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා මහතාගේ ලිපියක් අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසියේ සමූහ මංකොල්ල විමර්ශන අංශය අධිකරණයෙන් ඉල්ලා සිටියේ වැඩිදුර ප්‍රශ්න කිරීම සදහා පැය 48ක කාලයක් සැකකරු රදවා සඳහා ගැනීමට අවසර දෙන ලෙසයි. ඊට අධිකරණයෙන් අවසර ලැබිණි.

    ඒ අනුව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී නියෝජ්‍ය පොලිස්පතිගේ නියෝගය අනුව පොලිස් බල අපරාධ තොරතුරු පොතෙන් ඉරා ගත් පිටුවල ඡායාපිටපත් වසර නවයකට පසු රහස් පොලිසිය සොයා ගත්තේය. ඒ සැකකාර උප පොලිස් පරීක්ෂකගේ නිවසේ සඟවා තිබියදීය.

    යතුරු පැදි නාටකය

    ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට පැමිණි යතුරු පැදි අත්තිඩිය ඇලේ ඇති බවට එවකට පොලිස්පතිට පෙත්සමක් ලැබුණු බවත් ඒ ගැන විමර්ශනය කරන ලෙසත් උසස් පොලිස් නිලධාරීන් උප පොලිස් පරීක්ෂක සුගතපාලට දැනුම් දී තිබිණි. එම ඇළේ කිඹුලන් ඇති නිසා කිමිදුම්කරුවන් යෙදවීමට තීරණය කළ ඔහු එවැනි අය සොයා බැලීය. 26 වැනි දා කිමිදුම්කරුවන් යොදා සෙවූවත් කිසිවක් හමු නොවීය. ඉන් පසු 27 වැනිදා සෝදිසි මෙහෙයුම් යළි ආරම්භ කළ අතර උප පොලිස් පරීක්ෂකට ලද දුරකතන ඇමතුමකින් පසු ‘අර අට්ටික්කා ගහ ළඟ බලන්ඩ.‘ යැයි ඔහු කිමිදුම්කරුවන්ට උපදෙස් දී තිබේ. එම උපදෙස් අනුව සොයා බලද්දී අට්ටික්කා ගහ ළඟ තිබූ යතුරු පැදි දෙක සොයා ගෙන ඇත.

    ඒවායේ එන්ජින් අංක සහ චැසි අංක පරීක්ෂා කරද්දී පෙනී ගොස් ඇත්තේ එය වවුනියාවේ පුද්ගලයකුට අයිති බවයි. වවුනියාවට ගොස් හිමිකරු හමුවූ විට කියා ඇත්තේ ඊට වසරකට පමණ පෙර එය වවුනියාවේ රත්‍රන් බඩු කඩ හිමිකරුවකුට විකිණූ බවයි. එම දෙවැනි ගැනුම් කරු ගැන සෙවූ විට තොරතුරු ලැබුණේ දෙවැනි ගැනුම්කරු අතුරුදන්ව ඇති බවයි. ඒ ගැන සොයන්නට එපා යැයි ඉහළින් උප පොලිස් පරීක්ෂකට උපදෙස් ලැබිණි. ඒඅනුව කතාවක් ගෙතිනි. ඒ යතුරු පැදි වවුනියාවේ එල්ටීටීඊ පුද්ගලයකුට අයිති බවයි. මෙය එල්ටීටීඊ ඝාතනයක් බවට ප්‍රචාරය වන්නට වැඩි කාලයක් ගත වූයේ නැත.

    රහස් පොලිසිය විමර්ශන ආරම්භ කළ පසු යතුරු පැදියේ දෙවැනි හිමිකරු සොයා ගියේය. දෙවැනි හිමිකරු විශ්නු කුමාර් පූන්තොට්ටම් ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙක් විය. ඔහු එල්ටීටීඊට සම්බන්ධ පුද්ගලයකු නොවූ අතර රත්තරන් බඩු කඩයක් කරගෙන ගිය පුද්ගලයෙකි. 2009 ජනවාරි 18 වැනි දා ඔහු සහ මිතුරකු යතුරු පැදියෙන් යද්දි කොළපාට ජීප් රියකින් පැමිණි පිරිසක් මේ දෙදෙනා සහ යතුරු පැදියට ඊට පටවා ගත් බවට ඇසින් දුටු සාක්කි හමු විය. ඊට පසු දින එනම් ජනවාරි 19 වැනි දා මේ දෙදෙනාගේ සිරුරු අනුරාධපුරය ප්‍රදේශයේ තිබී සොයා ගෙන තිබිණි. ඔවුන් මරා දමා තිබුණේ හිසට වෙඩි තබාය.

    එනම් ලසන්ත ඝාතනයට යොදා ගත්තේයැයි කී යතුරු පැදිය වවුනියාවෙන් පැහැරගෙන තිබුණේ ලසන්ත වික්‍රමතුංග මරා දමා දින 10කට පසුවය. එසේ නම් එය ලසන්ත වික්‍රමතුංග මැරීමට යොදා ගත් යතුරු පැදියක් නොව ලසන්තගේ පරීක්ෂණ වෙනතකට යොමු කිරීමට උපයෝගී කර ගත් යතුරු පැදියක් බව අනුමාන කළ රහස් පොලිසිය පොලිස්පතිට ලැබුණු පෙත්සම ගැන සොයා බැලීය. පෙත්සම ලැබී තිබුණේ 2009 ජනවාරි 26 වැනි දාය. නමුත් යතුරු පැදිය සොයාන ලෙස උපදෙස් දී තිබුණේ ජනවාරි 25 වැනි දාය. ඒ අනුව යතුරු පැදි නාටකය එයින් නිමා වූයේ තවත් අපරාධයක (යතුරු පැදි හිමිකරු සහ සගයා ඝාතනය) තොරතුරු හෙළිදරව් කරමිනි.

    ලසන්ත නඩුවේ දැන් සැකකරුවෝ තිදෙනෙක් සිටිති. ඒ යුද හමුදා සාමාජිකයෙක් සහ පොලිසියේ දෙදෙනෙකි. මේ තිදෙනාම ලසන්ත ඝාතන සැකකරුවෝ නොවෙති. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සාක්කි වසන් කිරීමට හෝ සාක්කි කරුවන්ට බලපෑම් කිරීම යටතේය. එසේ නම් ලසන්ත ඝාතනයේ නියම මිනීමරුවන් තවමත් නිදැල්ලේය.

    ලසන්ත ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පහසු නොවන්නේ සාක්කි රැසක් විනාශ කර ඇති නිසාය. මෙතරම් අමාරු වාතාවරණයක මෙතෙක් දුර විමර්ශන සාර්ථකව සිදු කරීම ගැන රහස් පොලිසියට තුති පිදිය යුතු අතර විමර්ශන කඩිනම් කර ලසන්ත ඝාතකයන් අත්අඩංගුවට ගැනීම රහස් පොලිසියේද වගකීමකි. ඊට අවශ්‍ය සහාය ලබා දීම සහ අවශ්‍ය වටපිටාව සැකසීම දේශපාලන අධිකාරියේ මෙන්ම සියලු පුරවැසියන්ගේ වගකීමකි. එසේ නොවුණහොත් ලසන්ත ඝාතනයද අපරාධකරුවන් නැති තවත් එක් මරණයක් වනු ඇත.

  • ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යාංශය නොලැබීම ගැන මහින්ද කියපු කතාව මෙන්න…

    ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යාංශය නොලැබීම ගැන මහින්ද කියපු කතාව මෙන්න…

    කැබ්නට් මණ්ඩලය සංශෝ්ධනය කිරිමෙන් රට තුළ කිසිඳු වෙනසක් සිදු නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

    අද (25) සිදුවන කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන්  විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

    නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකාට නොලැබීම සම්බන්ධයෙන්ද හිටපු ජනාධිපතිවරයා අදහස් දැක්වූවා. 

    “මම දන්නවා එයාට දෙන්නේ නෑ කියලා… අගමැති රනිල් මෝඩ නෑ..   ෆොනේසේකා හොඳයි. පොලිසියයි හමුදාවයි භාර දුන්නාම අපිට හොඳයි.. රනිල් ආපු එකනම්  කියලවත් කර ගන්න බැරි වැඩක්.  “

  • එජනිස අමාත්‍යවරුන්ගේ කැබිනට් සංශෝධනය ගැන ජනපති කියපු දේ මෙන්න….

    එජනිස අමාත්‍යවරුන්ගේ කැබිනට් සංශෝධනය ගැන ජනපති කියපු දේ මෙන්න….

    අද (25) සිදු කරන ලද නව කැබිනට් සංශෝධනයට අනුව එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු අතර වෙනස්කම් කිහිපයක් සිදු වුණා.

    එහෙත් ඒ සඳහා ඇතුළත්ව සිටියේ එක් ශ්‍රීලනිප අමාත්‍යවරයෙකු පමණයි.

    තොරතුරු වාර්තා වෙන අන්දමට එක්සත් ජනතා නිදහස් සන්ධාන අමාත්‍යවරුන්ගේ කැබිනට් සංශෝධනය  තවත් සති දෙකකින් සිදු කිරීමට නියමිත බවයි සඳහන් කෙරුණේ.

  • කැබිනට් මාරුව අස්සේ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් රටින් ගිය හේතුව මෙන්න…

    කැබිනට් මාරුව අස්සේ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් රටින් ගිය හේතුව මෙන්න…

    කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු වන අද (25) දිනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු විදේශ ගතවීමට පියවර ගෙන තිබෙනවා.

    නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල ඊයේ (24) රාත‍්‍රියේ  ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වුණා.

    නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකුගේ මතය වී තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහි කළ යුතු බවටයි. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයින් තවදුරටත් ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාමට ගත් තීරණයට තිලංග සුමතිපාල ප‍්‍රමුඛ මෙම ජ්‍යෙෂ්ඨයින් විරුද්ධත්වය ප‍්‍රකාශ කර තිබෙනවා.

    ඒ අනුව නව කැබිනට් සංශෝධයට විරෝධය දැක්වීමක් ලෙසයි තිලංග සුමතිපාල හා සුසිල් පේ‍්‍රමජයන්ත් විදේශගත වීමට තීරණය කර ඇත්තේ.

    ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම එක් කිරීම සඳහා තිලංග සුමතිපාල විසින් ප‍්‍රමුඛ කාර්යයක් ඉටු කළ බවයි දේශපාලන ආරංචි පැවසුවේ.  

    ඒ අතරම 

    අමාත්‍ය අර්ජුන රණතුංග අද (25) දින අලුයම 3.00 ට කටාර් ගුවන් සේවයේ Q.R. – 669 දරන ගුවන් යානයෙන් දෝහා බලා පිටත්ව ගොස් තිබෙනවා..

    අමාත්‍ය සරත් අමුණුගම අද (25) දින දහවල් 2.35 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ U.L. – 406 දරන ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් වෙත පිටත්ව යෑමට නියමිතයි.

    රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර අද (25) දින දහවල් 12.50 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ U.L.- 503 දරන ගුවන් යානයෙන් ලන්ඩන් බලා පිටත්ව යෑමට නියමිතය බවත් සඳහන්.

  • නව කැබිනට් සංශෝධනය : නව ඇමතිවරු මෙන්න

    නව කැබිනට් සංශෝධනය : නව ඇමතිවරු මෙන්න

    නව කැබිනට් සංශෝධනයන්ට අනුව,

    රවීන්ද්‍ර සමරවීර තිරසාර හා වනජීවි කැබිනට් අමාත්‍ය.

    සාගල රත්නායක යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන කැබිනට් අමාත්‍ය.

    ලක්ෂ්මන් කිරිඇල්ල රාජ්‍ය ව්‍යවසාය හා කඳුරට සංවර්ධන කැබිනට් අමාත්‍ය.

    කබීර් හෂීම් උසස් අධ්‍යාපන හා මහාමාර්ග කැබිනට් අමාත්‍ය.

    හරීන් ප්‍රනාන්දු ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා කැබිනට් අමාත්‍ය.

    අජිත් පී පෙරේරා පුනරුත්තාපන හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය.

    පියසේන ගමගේ යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය.

    ජේ. සී. අලවතුවල ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය.

    හර්ෂ ද සිල්වා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය.

     

    නව කැබිනට් සංශෝධනයන්ට අනුව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී තිබෙනවා.

     

     

  • ” ඔලුවෙන් යකඩ කම්බි නවා දැනටමත් ගිනස් වාර්තා හතරක් ” අපේ රටේ අපේම කොල්ලෙක් .!

    ” ඔලුවෙන් යකඩ කම්බි නවා දැනටමත් ගිනස් වාර්තා හතරක් ” අපේ රටේ අපේම කොල්ලෙක් .!

    ශ්‍රී ලංකාවටම අභිමානයක් ගෙන එමින් සිය කාය ශක්තියෙන් ගිනස් වාර්තා පිහිටුවන අපූරූ තරුණයෙක් පිළිබද වාර්තා වෙනවා. හඟුරන්කෙත කිතුල්පේ ප්‍රදේශයේ පදිංචි ඔහු නමින් ජනක කාංචන මුදන්නායක. සිය කාය ශක්තියෙන් මින් පෙරද ගිනස් වාර්තා තබා තිබෙන ජනක මිලි මීටර් දොළහක ඝනකමින් යුත් දඟර කම්බි විසිදෙකක්‌ තත්පර හතළිස්‌ අටක්‌ තුළ හිසෙන් නවා නව ගිනස්‌ වර්තාවක්‌ පිහිටුවීමට උත්සාහ කළේ ඉකුත් දා මහනුවරදී ය. 

    මෙම ලෝක වාර්තාව ආමේනියානු ජාතිකයකු වන ආමේන් ඇඩම්ස්‌ විසින් මෙයට පෙර පිහිටුවා තිබිණි. විනාඩියක්‌ තුළ මිලිමීටර් දොළහක ඝනකමින් යුත් කම්බි දහඅටක්‌ නවා ලොව ප්‍රථම වාර්තාව තබන්නට ඔහුට හැකි විණි. 

    ජනක පාසල් සිසුවකුව සිටියදී වයස අවුරුදු දහසයේදී ඇඟිලි තුඩු වලින් ටොන් නවයහමාරක බරින් යුත් කෝච්චි පෙට්‌ටියක්‌ සැතපුම් එකහමාරක දුරක්‌ ඇදගෙන යැමෙන් අනතුරුව ගිනස්‌ වාර්තාවක්‌ පිහිටුවනු ලැබීය. ගිනස්‌ ලෝක වාර්තා හතරක්‌ තබා ඇති ජනක මෙවරද සිය ශක්‌තිය මෙහෙයවීමෙන් කටයුතු කළේ ලෝකයේම අවධානය දිනා ගැනීම පිණිසය. 
     
    ලෝක වාර්තා දහඅටක්‌ තබා ලෝකයේ වැඩිම ලෝක වාර්තා තැබූ මිනිසා බවට පත්වීම තම මූලික අරමුණ බවත් මේ වන විට ඉන් හතරක්‌ සම්පූර්ණ කර තිබෙන බැවින් ඉතිරි වසර දෙක තුළ තවත් ලෝක වාර්තා දහහතරක්‌ තැබීමට අපේක්‌ෂා කරන බවත් මාධ්‍යයට ප්‍රකාශ කළේය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසූවේ 
     
    “මට ඕනෑ වුණා මගේ තාත්තාගෙ අඩිපාරේ යන්න. ඔහු තමන්ගේ කාය ශක්‌තියෙන් නැඟී සිටි පුද්ගලයෙක්‌. මම පල්ලේපොල මහා විද්‍යාලයටත් පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයටත් යමින් අධ්‍යාපන කටයුතු කළා. ඒ පාසල්වලදී මම හෙල්ල සහ යගුලිය විසිකිරීමේ ක්‍රීඩා ඉතාම ආසාවෙන් කළා. මගේ මේ ගමනේ ඇරඹුම එතන. වයස අවුරුදු දොළහෙ ඉඳන් උදේ පැය දෙකක්‌ සහ හවස පැය හතරක්‌ පුහුණු වෙනවා. පුංචි කාලේ ඉඳන්ම මම බැලුවේ කායශක්‌තිය විදහාපෑ හැකි යමක්‌ කරන්න…. දැන් මම ඒ අරමුණ සාක්‌ෂාත් කළ තැනට ආවා කියලා මට හිතෙනවා…” ලෙසය.

     

  • ” ඒ ආදරේ රැවටීමක් , ජීවිතේම අඩත්තේට්‌ටම් ” –  හිටපු බිරිඳ නිල්මිණි මධුමාදව ගේ රෙදි ගලවයි..!

    ” ඒ ආදරේ රැවටීමක් , ජීවිතේම අඩත්තේට්‌ටම් ” – හිටපු බිරිඳ නිල්මිණි මධුමාදව ගේ රෙදි ගලවයි..!

    ජනප්‍රිය රංගන ශිල්පිණි නිල්මිණි තෙන්නකෝන් සති අන්ත පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් සිය ජීවිතයේ ආදරය ගැන හෙළිකර තිබුනා. එම සංවාදය පහතින් ,

    පාසල් වියේ ඔබගේ හිත මත දග කළ ආදර මතකයට යමුද ?

    මම ඉස්‌කෝලෙදී ප්‍රසිද්ධ වෙලා හිටියේ ක්‍රීඩිකාවක්‌ විදිහට. නර්තනය හැදෑරුවා. ඒ පැත්තෙන් මගේ දක්‌ෂතා ඉහළින් තිබුණා. නිළියක්‌ වීම ගැන නම් හිතුවේ නැහැ. මගේ පාසලේ වගේම ගෙදරත් නීතිරීතිවලින් වටවෙලා තිබුණේ. මම අපේ තාත්තට හරිම බයයි. ප්‍රේම සම්බන්ධයක්‌ ඇතිකර ගන්න මේ වාතාවරණය තුළ කොහොමවත් ඉඩක්‌ තිබුණේ නැහැ.

    ආදර හැඟුම් නොදැනුන යෞවනයක්‌ද තිබුණේ?

    ආදරය කරන්න හිතේ ආසාවක්‌ තිබුණා. ඊට වඩා තාත්තාට තිබුණ බය බලවත් වෙලා තිබුණා කීවොත් හරි. පිරිමි ළමයෙක්‌ ගැන හිත නොගියා කියන්න බැහැ.

    ඒ ප්‍රේමය ඔබට හමුවන්නේ ඔබේ පාසලෙන්මද ?

    ඒ පිරිමි ළමයගේ නංගිලා දෙන්නත් හිටියේ මගේ පන්තියේ. එයාලා කතෝලික ආගමේ. මම බෞද්ධ. මම නැටුම් ඉගෙන ගන්න පල්ලියේ ගොඩනැඟිල්ලක පන්තියකට යනවා. එතැනදී තමයි මම ඒ ළමයාව දැක්‌කේ. අපි අතරේ ආකර්ෂණයක්‌ තිබුණා. ඒත් ඒක ප්‍රේම සම්බන්ධයක්‌ විදිහට දුරදිග ගියේ නැහැ.

    ඔබ ජනප්‍රිය කෙනෙක්‌ වූ කාලයේ නැවත ඔබට ඔහු හමුවෙලා තියෙනවාද ?

    නැහැ. ඒ කාලයෙන් පසු මට කවදාකවත් ඔහු හමුවුණේ නැහැ.

    දැනුම් තේරුම් වයසට ඇවිත් නිලමිණි ආදරය හොයන්න පටන් ගන්නේ ?

    ඇත්තටම මම හිතන්නේ මම හිතපු පතපු ආදරය මට ලැබුණේ නැහැ. තවමත් මම පතන විදිහේ ආදරේ මම හොයනවා. මේ කියන්නෙ මම පෙම්වතෙක්‌ හොයනවා කියන එක නෙවෙයි. අපි තරුණ වියට පත්වෙද්දී අපේ යටි හිතේ ඇදෙනවනේ මම ලබන්න ඕනෑ මෙහෙම කෙනෙක්‌ කියලා. අන්න ඒ විදිහට මගේ හිත පතන ආදරයක්‌ මට ජීවිතයේ කොතැනකදීවත් තවම මුණගැහිලා නැහැ.

    ජීවිතයේ එක දවසකවත් ඔබ සිතූ ආදරය ඔබට ලැබිලා නැතිද ?

    අපි කසාදයක්‌ බදින්නේ ආදරය කරලානේ. මේ තමයි මට ලැබුණ හොදම ආදරය කියන හැගුමත් එක්‌කනේ. ඒත් ඒ ආදරය ඇතුළේ ලොකු රැවටීමක්‌ තියෙනවා කියලා දැනුනට පස්‌සේ කලකිරීමක්‌නේ ඇති වෙන්නේ. ඒ කලකිරීම මටත් ඇතිවුණා. ආදරය වෙනස්‌ වූ දෙයක්‌. ඒක හැමෝටම එක වගේ ලැබෙන්නේ නැහැ. ඒක තමන්ගේ පින පව අනුව ලැබෙන දෙයක්‌. මට නම් මම හිතූ ආදරය ලැබිලා නැහැ.

    ආදරය වෙනුවෙන් නිල්මිණි ලද සිහිවටන තිළිණත් අද ආදරය වගේම දුරස්‌ වෙලාද ?

    එක කාලයක ඒ දේවල් වල වටිනවා කියල හිතුණා. දැන් ඒවා මතකයෙන් මකල දාලා ඉවරයි. අපි හිතාගෙන ඉන්න ආදරේ බොරුවක්‌ කියලා දැනුන කල සිහිවටනවලට තියෙන වටිනාකම මොකක්‌ද.

    නිල්මිණි ආදරය වෙනුවෙන් මග බලනවාද ?

    එහෙම දේවල් ඕනෑම කෙනෙකුගේ යටිහිත්වල ඇති. මගේ යටිහිතෙත් ඇති. එහෙම කෙනෙක්‌ මගේ ජීවිතයට හම්බ වෙන්නත් පුළුවන්. අපිට අපි හිතන විදිහට කිසි දෙයක්‌ හමුවෙන්නේ නැහැනේ.

    අද දවසේ නිල්මිණිගේ ලෝකය ප්‍රේමයෙන් හිස්‌වුණ එකක්‌ද ?

    අද මගේ ජීවිතය ඇතුළේ ආදරයක්‌ නැහැ. මේ රටේ කොතැනක හෝ කෙනෙක්‌ මට ආදරය කරනවා ඇති. ඒ ආදරය ලබන්නවත් ඒ කෙනාට ආදරය දෙන්නවත් පුළුවන් තැනක නෙවෙයි මම දැන් ඉන්නේ. කවද හරි මම තනිවෙනවා කියලා මම දන්නවා.

    හිත ඇති ආදරයක්‌ ප්‍රකාශ කරන්න ඒ ආදරය විදින්න අද ඔබ මැළිවෙන්නේ ඇයි ?

    කෙනෙකුට ආදර කරන්න පුළුවන් නම් ඒ කෙනා ආදරය කරනවා නම් ඒ දිහා වැරදි තැනක ඉදල බලන්න හොද නැහැ. ඕනෑම කෙනෙකුට සහකරුවෙක්‌ සහකාරියක්‌ අවශ්‍යයි. ඒත් අපේ රටේ දෙන්නෙක්‌ ආදරය කරනවා නම් බලන්නෙ හරිම වැරදි ඇහැකින්. මේ පසුබිම අද මා මෙවැනි තැනක නතර කර තබනවා වෙන්නත් පුළුවන්.

    ජීවිතය ගැන අත්දැකීම් ඇති කෙනෙක්‌ විදිහට ඔහු ඔබට ආදරය ප්‍රකාශ කළොත්. ඔබ ඒ ආදරය පිළිගන්නවද ?

    මට ගොඩක්‌ ආදරය කරන කෙනෙක්‌ මගේ රසිකයෙක්‌ හෝ වෙනත් පුද්ගලයෙක්‌ බොහොම ආයාචනාත්මකව මට ආදරය ප්‍රකාශ කළත් දෙන්නෙකුට ඒ සිතුවිල්ල විතරක්‌ මදි එක්‌වෙලා ජීවත් වෙන්න. ඒ ගැන දහ වතාවක්‌ විතර හිතල බලන්න ඕනෑ. ඒ පුද්ගලයගේ ආදරය මට ලබන්න පුළුවන්ද? ඔහුට පෙම්වතියක්‌ හෝ බිරිදක්‌ ඉන්නවාද? බාධාවකින් තොරව ඒ ආදරය ඉදිරියට ගෙනියන්න පුළුවන්ද කියලා හොයලා බලන්න ඕනෑ. ආදරය කාටවත් බෙදල දෙන්න බැහැනේ. ඒ නිසා අපි ආදරය කරනවා නම් අතරමැදියෙක්‌ නොවී ආදරය කරන්න හා ලබන්න පසුබිමක්‌ තියෙන්න ඕනෑ.

    නිල්මිණිගේ ලෝකයේ ආදරය වෙනුවෙන් කළ කැපකිරීම් ?

    කැපවීම් ගොඩක්‌ කරලා තියෙනවා. කෙනෙක්‌ට ආදරය කරල විවාහ වෙන එකම කැපවීමක්‌. පවුල් ජීවිතයකදී මොනතරම් හිත් රිදුම් අඩත්තේට්‌ටම් තිබුණත් ඒ දේවල් සගවා ගෙන ඔහුගේ ගෞරවය ආරක්‌ෂා කරන එකත් කැපවීමක්‌නේ.

    නිල්මිණිට අද ආදරය ගැන අවිශ්වාසද ?

    අවංක ආදරය කියලා දෙයක්‌ කොතැනකවත් නැහැ කියලයි මම හිතන්නේ.

    ජනප්‍රියත්වය නිල්මිණිගේ ආදර හිතට තහංචි දැමූ සාධකයක්‌ද ?

    මම ආදරය කරන්න කැමැතියි. ආදරය කරන්න කැමැති වුණත් මට බැදීම් ගොඩයි. මම රටේ ප්‍රසිද්ධ කෙනෙක්‌. ඒ නිසා ඉතා සූක්‌ෂමව මම මගේ නම ආරක්‌ෂා කරගන්න ඕනෑ.

  • අද දහවල් වන තෙක් වසා තැබෙන කොළඹ මාර්ග මෙන්න….

    අද දහවල් වන තෙක් වසා තැබෙන කොළඹ මාර්ග මෙන්න….

    කොළඹ මාර්ග කිහිපයක වාහන ගමනාගමනය අද (25) සීමා කෙරෙනවා.

    ඒ, කොළඹ කොටුව, කොල්ලූපිටිය හා බම්බලපිටිය සහ වැල්ලවත්ත යන ප‍්‍රදේශ ආවරණය කරමින් පැවැත්වෙන ජාත්‍යන්තර තුන් ඉරියව් ක්‍රීඩා තරගාවලියක් හේතුවෙන්. 

    ඒ අනුව අලුය5.00 සිට දහවල් 12.00 දක්වා කොළඹ කොටුව චෛත්‍ය පාර, ගාලූ මුවදොර මැද පාර, ගාලූ පාරේ කොල්ලූපිටිය මංසන්ධිය දක්වාත්, කොල්ලූපිටිය දුම්රියපොළ මාර්ගය සහ මුහුදුබඩ මාර්ගයේ වැල්ලවත්ත දක්වාත් වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.

    එම මාර්ග වෙනුවට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ. 

  • කැබිනට් සංශෝධනය අද – සියලු ඇමතිවරු ජනපති ලේකම් කාර්යාලයට කැඳවයි

    කැබිනට් සංශෝධනය අද – සියලු ඇමතිවරු ජනපති ලේකම් කාර්යාලයට කැඳවයි

    කැබිනට් සංශෝධනය අද දිනයේදී සිදු කෙරෙනු ඇති බවට වාර්තා වනවා. අද (25) පෙරවරු 11ට ජනාධිපති ලේකම් කාර්යාලයට සියලු ඇමතිවරු කැඳවා ඇති බව සඳහන්. අමාත්‍ය මණ්ඩල සංශෝධනය ලබන ඉරිදා දින සිදුවනු ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න (23) පැවසීය. සේනරත්න මහතා එලෙස කීවේ  කළුතර මහ රෝහලේ පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.

    ඒ සම්බන්ධයෙන් ඊයේ දිනයේද දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

    අද  (25) දින කැබිනට් සංශෝධනයක් වෙන බවත් අද ඇමති හෙට මන්ත්‍රී විය හැකි බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා ඊයේ (24) දින අගුණකොළපෑලැස්සේ පැවති උත්සවයකදී පැවසීය.දක්ෂයන්ට තැනක් හිමි වෙන කැබිනට් සංශෝධනයක් සිදු වෙනු ඇති බවට රටේ ජනතාව බලා පෙරොත්තු වෙන බවත් ඒ අනුව කටයුතු කිරීම ජනාධිපතිවරයාගේ අරමුණ බවත් ඇමතිවරයා පැවසීය.

    මේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කළ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා කියා සිටියේ 25 උදෑසන 11ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙසට ආරාධනා කර තිබෙන බවයි. සිදුවන සංශෝධනයන් මොනද යන්න තමා නොදන්නා බවත් එය දන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා බවයි ඔහු කියා සිටියේ. එසේම පසුගිය මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට කණේ පහරක් එල්ල කර ඇති බවට පාඨලි චම්පික රණවක මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පිලිගන්නා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා. එම නිසා කැබිනට් සංශෝධනය කිරීමේදී මූණු මාරු කරලා, ඔළුගෙඩි මාරු කරලා ෂේප් න්‍යායෙන් කටයුතු කළ නොහැකි බවත් සැබෑ ලෙසම කැබිනට් සංශෝධනයක් කළ යුතු බවයි ඔහු පවසන්නේ. එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් අවදානයට ගනු ඇතැයි තමා විශ්වාස කරන බවද අමාත්‍යවරයා කියා සිටියා.

    බලංගොඩ ප්‍රදේශයේදී නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණ විතාන මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කරමින් කියා සිටියේ කැබිනට් සංශෝධනය හෙට සිදුවන බවත් තමාටද පැමිණෙන ලෙසට ආරාධනා කර ඇති බවයි ඔහු කියා සිටියේ. අමාත්‍ය ධුරයේ වෙනසක් වන්නේදැයි කළ විමසීමට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ එය කෙසේ වන්නේදැයි නොදන්නා බවත් ඕනෑම අමාත්‍යංශයක වැඩ කිරීමට කැමති බවද ඔහු කියා සිටියා. තමා නියෝජ්‍ය අමාත්‍යවරයකු බවත් ඇමැතිකම් ඉල්ලන්නේ නැති බවත් නියෝජ්‍ය ඇමැතිවරු නියෝජ්‍ය ඇමැතිවරු ලෙස සිටීමට කැමැත්තෙන් පසුවන බවයි ඔහු කියා සිටියේ. අධිකරණ අමාත්‍ය ධුරයට කරු පරණවිතාන මහතාගේ නම යෝජනා වී ඇතැයි ඇති ආරංචි  සම්බන්ධයෙන්ද ඔහු අදහස් දැක්වූවා. එහිදී ඔහු කියා සිටියේ තමාට වඩා සුදුසුකම් සහිත අයවළුන් සිටින බවත් තමා නිලධාරියෙක් ලෙස එහි සේවය කර ඇති බවත්ය.

  • මහින්දගේ ගෙදර සාදයක්… හේතුව සහ ආපු අය මෙන්න…

    මහින්දගේ ගෙදර සාදයක්… හේතුව සහ ආපු අය මෙන්න…

    ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් අද (25) විශේෂ දැනුවත් කිරිමේ වැඩසටහනකට සහභාගී වනවා.

    ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයේදීයි. බැඳුම්කර කොමිසමේ වාර්තාව සහ බරපතල වංචා දූෂණ විමර්ශන කොමිසමේ වාර්තා පිළිබඳ එහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන් දැනුවත් කෙරෙන බවයි වාර්තා වුණේ.

    මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවසේදී අද රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයක් පැවැත්වීමට නියමිතයි. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහ හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් එය පැවැත්වෙන බවයි අප වෙත වාර්තා වුණේ. 

    මේ අතර ජනතා මතයට හිස නමා මහ මැතිවරණයක් ලබා දෙන ලෙස ඉල්ලා එ්කාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජන රැළි මාලාවේ පළමු වැන්න ලබන 06 වැනිදා නුගේගොඩින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. 

    ඊට අමතරව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් දිවයින පුරා විරෝධතා මාලාවක් පැවැත්වීමටද සැලසුම් කර ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ. එම කටයුතු සංවිධාන කිරීම සඳහා මන්තී‍්‍රවරුන් 5දෙනෙකුගෙන් යුත් කමිටුවක්ද පත් කර තිබෙනවා. මහින්දානන්ද අළුත්ගමගේ, ඩලස් අලහප්පෙරුම, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ හා ජොන්ස්ටන් ප‍්‍රනාන්දු යන මන්ති‍්‍රවරුන් එහි සාමාජිකයින්.

  • කැබිනට් සංශෝධනය පෙනි පෙනී සුසිල් රට ගිය ඇත්ත හේතුව මෙන්න….

    කැබිනට් සංශෝධනය පෙනි පෙනී සුසිල් රට ගිය ඇත්ත හේතුව මෙන්න….

    කැබිනට් සංශෝධනය සිදු කරන අද (25) දිනයේ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත්  ජපානයේ සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා.

    අද සිදු කරන කැබිනට් සංශෝධනයේදී ඔහුට අමාත්‍ය ධූරයක් පිරිනැමීමට නියමිත වුවද ඔහු එය භාර නොගැනීමටයි තීරණය කර ඇත්තේ. 

  • හිටපු ඇමති ‘රවී’ට මෙවර කැබිනට් සංශෝධනයෙන් වෙන්න යන දේ මෙන්න…

    හිටපු ඇමති ‘රවී’ට මෙවර කැබිනට් සංශෝධනයෙන් වෙන්න යන දේ මෙන්න…

    සති කිහිපයක සිට කතාබහට ලක්වූ කැබිනට් සංශෝධනය අද (25) සිදු කිරීමට නියමිතයි. ඒ අනුව නව කැබිනට් මණ්ඩලය අද පෙරවරු 11.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දෙනු ඇති. 

    මෙම කැබිනට් සංශෝධනයේ දී කැබිනට් අමාත්‍ය, කැබිනට් නොවන අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ලෙස කාණ්ඩ 04කින් අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි කියා සිටියා.

    ඉකුත් දිනවල දී දීර්ඝ ලෙස කතා බහට ලක්වූ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය අග‍්‍රාමාත්‍යවරයා යටතේ පවත්වා ගැනීමට කටයුතු කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

    එක්සත් ජාතික පක්ෂය මුලින් යෝජනා කළේ මෙම අමාත්‍යංශය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබාදීමටයි. එහෙත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු ඊට විරෝධය පල කළා. 

    මේ දක්වා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ සාගල රත්නායකයි. අද සිදු කෙරෙන කැබිනට් සංශෝධනයේ දී ඔහුට සංචාරක අමාත්‍යංශය හිමි වනු ඇති බවයි වාර්තා වන්නේ. 

    මේ අතර මෙම සංශෝධනයේදී කෘෂිකර්ම අමාත්‍යංශය, අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා වෙත පැවරෙනු ඇතැයිද ඔහු විසින් මෙතෙක් කටයුතු කළ ආපදා කළමනාකරණ අමාත්‍යංශය අමාත්‍ය දුමින්ද දිසානායකට පැවරෙනු ඇතැයි ද සඳහන්.

    අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යටතේ ඇති උසස් අධ්‍යාපන අමාත්‍යංශය වෙනත් අයෙකුට පැවරෙනු ඇතැයි ද අමාත්‍ය කබීර් හෂීම් යටතේ ඇති රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට අනුයුක්ත ආයතන වෙනස් වනු ඇතැයි ද වාර්තා වනවා.  

    මීට අමතරව එස්. බී. දිසානායක, මලික් සමරවික‍්‍රම, දයාසිරි ජයසේකර හා හරීන් ප‍්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ විෂයන් ද වෙනස් වනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.

    තිලක් මාරපන අමාත්‍යවරයා යටතේ ඇති විදේශ අමාත්‍යංශය වෙනත් අයෙකුට පැවරෙනු ඇතැයි ද සඳහන්. ගාමිණි ජයවික‍්‍රම පෙරේරා අමාත්‍යවරයාගෙන් වනජීවි අමාත්‍යංශය ඉවත් කිරීමට ද යෝජනා වී තිබෙනවා. 

    මේ අතර ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික‍්‍රමරත්න, අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ හා රවීන්ද්‍ර සමරවීර යන අයට කැබිනට් නොවන අමාත්‍ය ධුර ලැබෙනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිපදෙනෙකුට ද එලෙස කැබිනට් නොවන අමාත්‍ය ධුර ලැබෙනු ඇතැයි වාර්තා වනවා. බුද්ධික පතිරණ, නලීන් බණ්ඩාර සහ ලකී ජයවර්ධන යන මන්ත‍්‍රීවරුන්ට නියෝජ්‍ය අමාත්‍ය ධුර ලැබෙනු ඇතැයි ද සඳහන්. 

    ඉකුත් සමයේ අමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරුණු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායකට මෙවර කැබිනට් සංශෝධනයේදී ද අමාත්‍ය ධූරයක් හිමි නොවනු ඇති බවයි වාර්තා වන්නේ.

    කෙසේ වෙතත් ධූරයෙන් ඉවත්වූ හිටපු අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂට මෙම සංශෝධනයේදී අමාත්‍ය ධූරයක් හිිමිවනු ඇති බවට වාර්තා පළ වුණා. ඔහු ඉකුත් සතියේදී අග‍්‍රාමාත්‍යවරයා සමග රහස් සාකච්ඡාවක්ද පවත්වා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ.

    රාජිත සේනාරත්න, පාඨලී චමිපික රණවක, වජිර අබේවර්ධන, නවීන් දිසානායක, අකිල විරාජ් කාරියවසම් සහ මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ වෙනස් නොවනු ඇතැයි දේශපාලන ආරංචි කියා සිටියා. 

  • එජාපයේ ඝාතන තැතක් හෙළිකළ රංගේ බණ්ඩාර ආණ්ඩුවෙන් ඉවත්වීමේ සූදානමක්!

    එජාපයේ ඝාතන තැතක් හෙළිකළ රංගේ බණ්ඩාර ආණ්ඩුවෙන් ඉවත්වීමේ සූදානමක්!

    පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ආණ්ඩුවෙන් ඉවත්වීමේ සූදානමක් පවතින බව දේශපාන ආරංචි මාර්ග පවසනවා.

    රාජ්‍ය අමාත්‍යවරයා ලබන 26 වනදා ආණ්ඩුවෙන් ඉවත් වන බවටයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    මේ අතර ආනමඩුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාලිත රංගේ බණ්ඩාර පසුගියදා එම පක්ෂයේ මහලේකම්වරයා වෙත භාර දුන්නා.

    කෙසේ වෙතත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

    එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ඡ්‍යෙශ්ටයින් තමාව ඝාතනය කිරීමට පවා උත්සහ දැරූ බව කියමින් ඔහු පසුගිය දා නිවේදනයක් ද නිකුත් කළා.

  • බ්‍රිගේඩියර් ප්‍රියංක දිවයිනට කැඳවූ ඇත්ත හේතුව මෙන්න…

    බ්‍රිගේඩියර් ප්‍රියංක දිවයිනට කැඳවූ ඇත්ත හේතුව මෙන්න…

    බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා දිවයිනට කැඳවූයේ ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා බැලීමට බව යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක පවසයි.  

  • ෆොන්සේකා නීතිය හා සාමය ඇමති වූ විගස පොලිස්පතිට වෙන්න යන දේ මෙන්න….

    ෆොන්සේකා නීතිය හා සාමය ඇමති වූ විගස පොලිස්පතිට වෙන්න යන දේ මෙන්න….

    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නීතිය හා සාමය පිළිබඳ ඇමති තනතුරට පත් වුවහොත් තමන් පැය විසි හතරක් ඇතුළත පොලිස්පති තනතුරෙන් ඉල්ලා අස් වන බව පූජිත් ජයසුන්දර මහතා ඉහළ පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. ඉහළ පොලිස් නිලධාරීන් නම් පවසන්නේ සරත් ෆොන්සේකා මහතා පැය විසි හතරකට හෝ නීතිය හා සාමය පිළිබඳ ඇමති ධුරයට පත් කළ යුතු බවත් පූජිත් ජයසුන්දර පොලිස්පති තනතුරින් ඉවත් කරවා ගැනීමට ඇති එකම ක්‍රමය එය බවත් ය.

    සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය හිමිවීම දැනට නම් පවතින්නේ අඩමාන තත්වයකය. ඔහුට එම තනතුර හිමිවීමේ සම්භාවිතාව මීට සතියකට පෙර 80% මට්ටමේ පැවතුණ ද දැන් වන විට එය 20% තරම් පහළ බැස ඇත.
     

    සරත් ෆොන්සේකා මහතා ඉන්දුනීසියාවේ සංචාරය සඳහා පිටත් වීමට පෙර ජනාධිපතිවරයා ඔහුව කැඳවා “ඔන්න මම තමුන්නාන්සෙට නීතිය හා සාමය බාර දෙනවා, මට අවුරුද්දක් ඇතුළත හොඳ ප්‍රතිඵලයක් ඕනේ” යනුවෙන් ප්‍රකාශ කර තිබිණි. ඒ මොහොතේ සරත් ෆොන්සේකා පිළිතුරු දී තිබුණේ “මට අවුරුද්දක් ඕනෙ නෑ සර්, මට මාස හයක් ඇති. මම මාස හයෙන් වැඩ කරලා පෙන්නන්නම්” යනුවෙනි. ඉන් අනතුරුව අමාත්‍යාංශයේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව පැයක පමණ සාකච්ඡාවක් දෙදෙනා අතර සිදුව ඇති අතර තනතුර පිළිබඳව ඉදිරි කටයුතු සිදු කිරීම ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කරනු ලැබ ඇත. අග්‍රාමාත්‍යවරයා තමන්ගේ පාර්ශ්වයෙන් කටයුතු සිදු කළ ද දැන් වන විට යළි වැනෙන සුළු ස්වභාවයකට පත්ව සිටී.

    සරත් ෆොන්සේකා මහතා නායකත්වය දෙන නියම මානුශික මෙහෙයුම ආරම්භ වීමට තිබුණේ මෙම තනතුර ලැබීමෙන් අනතුරුවය. රටේ ජීවනාලිය බඳු ආර්ථිකය විනාශ කළ දූෂිතයින්, හොරුන්, වංචාකරුවන් අල්ලා කූඩු කිරීමටත් සොරාගත් ජාතික ධනය ඔවුන් වෙතින් යළි අය කරගැනීමටත් නායකත්වය දීමට සරත් ෆොන්සේකා මහතා සැදී පැහැදී සිටියේය.

    පසුගිය සතිය වන විට ආණ්ඩු පිහිටුවීමෙහිලා උත්සුක වූ රාජපක්ෂ පාර්ශ්වය ද මේ වන විට එම උත්සාහය අතැර දමා ඇත. මේ වන විට රාජපක්ෂ පාර්ශ්වයේ මූලික බලාපොරොත්තුව වී ඇත්තේ කෙසේ හෝ සරත් ෆොන්සේකා නීතිය හා සාමය අමාත්‍ය ධුරයට පත්වීම වැළැක්වීමය. පොලීසියේ සිටින දූෂිත නිලධාරීන් ද හෙල්ලුම් කා සිටින්නේ සරත් ෆොන්සේකා අමාත්‍ය ධුරයට පත් වෙතැයි බියෙනි.

    මේ වන විට සියළුම දූෂිත බලවේග සරත් ෆොන්සේකා නීතිය හා සාමය අමාත්‍ය ධුරයට පත් කිරීමට එරෙහිව බලමුළු ගැන්වී ඇති සැටියකි.