Author: Editor[A]

  • ෆොන්සේකාට නීතිය හා සාමය ලැබීම වැළැක්වීමට රාජපක්ෂලා ගහපු අන්තිම තුරුම්පුවත් මෙන්න..!

    ෆොන්සේකාට නීතිය හා සාමය ලැබීම වැළැක්වීමට රාජපක්ෂලා ගහපු අන්තිම තුරුම්පුවත් මෙන්න..!

    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නීතිය හා සාමය පිළිබඳ ඇමති තනතුරට පත් වුවහොත් තමන් පැය විසි හතරක් ඇතුළත තනතුරෙන් ඉල්ලා අස් වන බව ඉහළ ඉහළ පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

    ඇතැම් ඉහල පොලිස් නිලධාරීන් නම් පවසන්නේ සරත් ෆොන්සේකා මහතා පැය විසි හතරකට හෝ නීතිය හා සාමය පිළිබඳ ඇමති ධුරයට පත් කළ යුතු බවත්ය.

    සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය හිමිවීම දැනට නම් පවතින්නේ අඩමාන තත්වයකය. ඔහුට එම තනතුර හිමිවීමේ සම්භාවිතාව මීට සතියකට පෙර 80% මට්ටමේ පැවතුණ ද දැන් වන විට එය 50% තරම් පහළ බැස ඇත.

    සරත් ෆොන්සේකා මහතා ඉන්දුනීසියාවේ සංචාරය සඳහා පිටත් වීමට පෙර රටේ ඉහල බලධාරියෙක් ඔහුව කැඳවා “ඔන්න තමුන්නාන්සෙට නීතිය හා සාමය බාර දෙනවා, මට අවුරුද්දක් ඇතුළත හොඳ ප්‍රතිඵලයක් ඕනේ” යනුවෙන් ප්‍රකාශ කර තිබිණි.

    ඒ මොහොතේ සහ ඊට පසුවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පිළිතුරු දී තිබුණේ “මට අවුරුද්දක් ඕනෙ නෑ, මට මාස හයක් ඇති. මම මාස හයෙන් වැඩ කරලා පෙන්නන්නම්” යනුවෙනි. ඉන් අනතුරුව අමාත්‍යාංශයේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳවත් සාකච්ඡාවට බඳුන් කර ඇත.

    සරත් ෆොන්සේකා මහතා නායකත්වය දෙන නියම මානුශික මෙහෙයුම ආරම්භ වීමට තිබුණේ මෙම තනතුර ලැබීමෙන් අනතුරුවය. රටේ ජීවනාලිය බඳු ආර්ථිකය විනාශ කළ දූෂිතයින්, හොරුන්, වංචාකරුවන් අල්ලා කූඩු කිරීමටත් සොරාගත් ජාතික ධනය ඔවුන් වෙතින් යළි අය කරගැනීමටත් නායකත්වය දීමට සරත් ෆොන්සේකා මහතා සැදී පැහැදී සිටියේය.

    පසුගිය සතිය වන විට ආණ්ඩු පිහිටුවීමෙහිලා උත්සුක වූ රාජපක්ෂ පාර්ශ්වය ද මේ වන විට එම උත්සාහය අතැර දමා ඇති අතර, මේ වන විට රාජපක්ෂ පාර්ශ්වයේ මූලික බලාපොරොත්තුව වී ඇත්තේ කෙසේ හෝ සරත් ෆොන්සේකා නීතිය හා සාමය අමාත්‍ය ධුරයට පත්වීම වැළැක්වීමය. පොලීසියේ සිටින දූෂිත නිලධාරීන් ද හෙල්ලුම් කා සිටින්නේ සරත් ෆොන්සේකා අමාත්‍ය ධුරයට පත් වෙතැයි බියෙනි. මේ වන විට සියළුම දූෂිත බලවේග සරත් ෆොන්සේකා නීතිය හා සාමය අමාත්‍ය ධුරයට පත් කිරීමට එරෙහිව බලමුළු ගැන්වී ඇති සැටියකි.

  • ජනාධිපතිවරයාට අගමැති ඉවත් කිරීමට බලයක් තිබේ ද? විග්‍රහය මෙන්න…

    ජනාධිපතිවරයාට අගමැති ඉවත් කිරීමට බලයක් තිබේ ද? විග්‍රහය මෙන්න…

    අගමැතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට රටේ ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට බලයක් තිබේද යන්න අද රට තුළ අර්බුදයක් බවට පත්ව ඇති ප‍්‍රශ්නයක් වී ඇත. නීතිඥවරුන් ඇතුළු සමාජ ක‍්‍රියාකාරීන් බොහෝ දෙනෙක් මේ කාරණය පිළිබඳව විවිධ මත හා අදහස් පළ කර ඇතත් මේ දක්වාම පැහැදිලි ලෙසින් එබඳු බලයක් පවතින බව නිශ්චිතව පෙන්වා දී නැත. 19 වන සංශෝධනය මගින් ව්‍යවස්ථාවට ගෙන එන ලද සංශෝධිත වගන්ති අනුව මෙම ව්‍යාකූලත්වය පැන නැගී ඇති බවත් විධායක ජනාධිපති බලතල එමගින් අඩු වීමත් මෙම තත්ත්වය උදා වීමට හේතු වී තිබේ.

    අගමැතිවරයා සිය ධුරයෙන් ඉවත් කිරීම ප‍්‍රශ්නයක් හැටියට ඉස්මතු වූයේ පළාත් පාලන මැතිවරණයේ දී එ.ජා. පක්ෂයට අත්වුන විශාල පරාජය නිසාය. බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ ශ‍්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එ.ජා. පක්ෂ නායකත්වය සහ ඇතැම් පාක්ෂිකයන් කටයුතු කළ ආකාරය ජනතා අප‍්‍රසාදයට සහ සැකයට භාජනය වී පැවති බවය. වංචනිකයින් හෙළිදරව් කර ගැනීමට වඩා ඔවුන් ආරක්ෂා කිරීමට පියවර ගත් බවටත් වංචනිකයන්ට එරෙහිව රාජ්‍ය යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක වීමට බාධා කළ බවටත් ඔවුනට චෝදනා එල්ල වී තිබුණි. අවසානයේදී ජනාධිපති වරයාගේ මැදිහත්වීමෙන් විමර්ශන කොමිෂන් සභාවක් පත් නොකරන්නට සිද්ධිය මුළුමනින්ම යට ගැසීමට විවිධ ප‍්‍රයෝගකාරී උපක‍්‍රම යොදා තිබුණ බවත් සමාජයේ පිළිගැනීම වී තිබුණි. ජනාධිපති කොමිෂන් සභාවේදී හෙළිදරව් වූ තොරතුරු අනුව මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් එ.ජා.ප. නායකයාද වන අගමැතිවරයා බරපතල වගකීමකට බැඳෙන බව ඉතා හොඳින් ජනතාව අවබෝධ කරගෙන සිටියහ.

    අගමැතිවරයා පිට පැවරෙන සදාචාරාත්මක වගකීම

    ශ‍්‍රී ලංකාවේ පුරවැසි බවක් නොමැති සිංගප්පූරු පුරවැසියෙකු, ජනාධිපතිවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් හා වෙනත් බොහෝ දෙනෙකුගේ විරෝධතා පවා නොතකමින්, මහ බැංකු අධිපති වශයෙන් පත් කිරීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතු කළ ආකාරය.

    බැංකු අධිපතිගේ දියණිය විවාහ කරගෙන සිටි පුද්ගලයා මහ බැංකු බැඳුම්කර ගණුදෙනු සඳහා ලියාපදිංචි වූ සමාගම් කීපය අතරින් එකක් වූ පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගමේ අයිතිකරු වීම නිසා නිසැකයෙන්ම උද්ගත විය හැකිව තිබුණ ‘‘බැඳියා පිළිගැටුම’’ පිළිබඳව දැන දැනත් ඒ ගැන නිසි ආරක්ෂක පියවර නොගැනීම.

    මහ බැංකුවේ පවතින සම්ප‍්‍රදායයන්, නීති රෙගුලාසි සහ පරිචයන් පිළිබඳව කිසිම තැකීමක් නොමැතිව නව ක‍්‍රමවේද මගින් බැඳුම්කර නිකුත් කිරීමට මහ බැංකු විෂයභාර ඇමති වශයෙන් අගමැතිවරයා බලකර ඉල්ලා සිටීම සහ එම හේතුව මෙම වංචාව මේ ආකාරයෙන් සිදු වීමට සෘජුව බලපෑම.

    පළමු වරට වරද හෙළිදරව් වීමෙන් පසුව, අගමැති වරයා පාර්ලිමේන්තු ප‍්‍රකාශයක් මගින් බැංකු අධිපති වරදක් කර නොමැති බවට සහතික වීම සහ එනිසාම යළිත් වරක් ඊටත් වඩා බරපතල වංචාවක් කිරීමට ඉඩ ලැබීම.

    සුදුසු හා පරිමිත පුද්ගලයන් ලවා අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම වෙනුවට විෂය පිළිබඳ නිපුණතාවක් තබා මනා දැනුමක්වත් නොමැති එ.ජා.ප. නීතිඥයින් 3 දෙනෙකුගේ කොමිටියක් පත් කිරීම. එම කාරණය එසේ නොකළ යුතුව තිබුණු බව ජනාධිපති බැඳුම්කර කොමිසම විසින් සිය වාර්තාවේද දක්වා ඇත.

    එම ත‍්‍රිපුද්ගල කොමිටි වාර්තාව අනුව කිසිම සාධනීය පියවරක් ගැනීමට අගමැතිවරයා කටයුතු නොකිරීම හා අපොහොසත් වීම.

    පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කළ අවස්ථාවේදී එහි සාමාජිකයින් වශයෙන් නම් කරන ලද එ.ජා.ප. මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රශ්නගත ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් පක්ෂ නායකයා, රටේ අගමැතිවරයා සහ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කිසි පියවරක් නොගෙන සිටීම.

    පළමුවන කෝප් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට තිබියදී එය කළ නොහැකිවන අයුරින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසට ජනාධිපතිවරයාට උපදෙස් දීම, එමගින් ඉන් පසුව පැවැත්වීමට නියමිත මහා මැතිවරණයේදී නිසැකයෙන්ම තම පක්ෂයට අත්වීමට ගිය අපවාදය මග හැරීමට උපක‍්‍රමශීලීව කටයුතු කරමින් සිදු වූ වංචාව හෙළිදරව් කර ගැනීමට උනන්දුවක් නොදැක්වීම.

    දෙවන කෝප් කාරක සභාව අතරතුරදී එහි සාමාජිකයන් වූ ඇතැම් එ.ජා.ප. මන්ත‍්‍රීන්ගේ බාධාකාරී සහ කලහකාරී ක‍්‍රියා පිළිවෙත හමුවේ පක්ෂ නායක වශයෙන් නිහඬතාවය රැුකීම සහ එම ක‍්‍රියා වැලැක්වීමට කිසිම පියවරක් නොගැනීම.

    දෙවන කෝප් වාර්තා විභාගයේදී පවා එවකට ඔප්පු වී තිබූ වංචනික තත්ත්වය නොතකමින් බැංකු අධිපති යළිත් වරක් එම තනතුරට පත් කිරීමට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීම.

    අවසානයේදී ජනාධිපතිවරයා එම ඉල්ලීම ඉවත දැමීමෙන් පසුව, අර්ජුන මහේන්ද්‍රන් අරලියගහ මන්දිරයේ අගමැති කාර්යාලයේත් මුදල් අමාත්‍යංශයේත් විවිධ නිල කටයුතු සඳහා යොදවා ගැනීම.

    ත‍්‍රිපුද්ගල කොමිටියක්, කෝප් පරික්ෂන දෙකක් සහ විගණකාධිපති විසින් මහ බැංකුවේ සිදුකළ විගණන පරික්ෂණයක් සහ අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසමට කරන ලද මහජන පැමිණිලි කීපයක් පවතිද්දී දිගින් දිගටම අර්ජුන මහේන්ද්‍රන් බැංකු අධිපති හැටියට රාජකාරි කටයුතු වල යොදා ගැනීමෙන්, අතිශයින් හිතුවක්කාරී රාජ්‍ය පිළිවෙත් විරෝධී ලෙසින් සහ එල්ල වී පැවති මහජන හා සමාජ විරෝධය නොතකා කටයුතු කර තිබීම.

    තමා විසින් ඒක​පාක්ෂික ලෙසින් බැංකු අධිපති තනතුර සඳහා පත්කර ගත් පුද්ගලයාට එරෙහිව බරපතල තීරණ කොමිෂන් සභාව විසින් ගැනීමට නියමිත බව දැන දැනම ඔහුට රටින් පැන යාමට පැවති ඉඩකඩ අවුරා දැමීමට විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු නොකර සිටීම.

    දැනටත් අධිකරණය ඉදිරිපත් වන ලෙසට කර ඇති නිවේදන හමුවේ අර්ජුන මහේන්ද්‍රන් වසන් වී සිටීම සම්න්ධයෙන්, මහ බැංකුවේ අධිපති ලෙස පත්කළ පුද්ගලයා හැටියට රනිල් වික‍්‍රමසිංහ මහතා නිහඬව බලා සිටීම.

    මෙබඳු කරුණු කාරණා ගණනාවක් සඳහා අගමැති හා විෂය භාර ඇමති හැටියට සදාචාර සම්පන්න, ප‍්‍රජාතන්ත‍්‍රවාදී, රාජ්‍ය සම්ප‍්‍රදායට අනුකූල පියවරක් වශයෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීම රටේ බහුතරයක් අපේක්ෂා කළහ. එවැනි පියවරක් ඔහු නොගත් නිසා පළාත් පාලන ඡුන්දයේදී සිය විරෝධතාවය පල කිරීමක් වශනේ එ.ජා. පයට අන්ත පරාජයක් අත්වෙන ආකාරයට ප‍්‍රතිඵලයක් ලබා දුන්හ. එමගින් ඡන්ද දායකයින් අපේක්ෂා කළේ ඔවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධතාව හමුවේ අගමැතිවරයා සිය ධුරයෙන් ඉවත් විය යුතු බවයි.

    වර්තමාන අර්බුදය හටගෙන ඇත්තේ මෙම පසුබිම තුළය. අගමැතිවරයා එම ජන මතයට දක්වන ප‍්‍රතිචාරය අතිශයින් විශ්මයජනක වූවකි. ප‍්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී ඔහු පවසා ඇත්තේ ව්‍යවස්ථාවට අනුව තවදුරටත් තමාට අගමැති ධුරයේ රැුඳී සිටීමට ඉඩ තිබෙන බැවින් ඉල්ලා අස්වීමට හේතුවක් නැති බවය. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වංචාව සම්බන්ධයෙන් මහ බැංකුව භාර අමාත්‍යවරයා වශයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා පිට පැවරෙන වගකීම ගැන ව්‍යවස්ථාවේ කිසිවක් සඳහන් වන්නේ නැත. ඔහුගේ ක‍්‍රියා කලාපයට විරෝධය පලකිරීමක් වශයෙන් එක්සත් ජාතික පාක්ෂිකයින් විශාල සංඛ්‍යාවක් ඡන්දය දීමෙන් වැලකී සිටි බවත්, තවත් බොහෝ දෙනෙක් එම විරෝධය පොහොට්ටුවට ඡන්දය දීමෙන් පළ කළ බවත් ව්‍යවස්ථාවක සඳහන් වන්නේ නැත. එමනිසා තමාගේ මූලිකත්වයෙන් සංශෝධනය කරගත් ව්‍යවස්ථාව මෙබඳු අවස්ථාවකදී තමාට එරෙහිව එල්ල වන ජනතා විරෝධයට එරෙහිව ආරක්ෂ බැම්මක් හැටියට යොදා ගැනීමට උත්සාහ දරණ බවක් පෙනී යන බැවින් එ් පිළිබඳව ජනතාව විමසුම් ලෙස සොයා බැලීම සාධාරණය.

    එනිසා මෙම 19 වන සංශෝධනය ඇතුළත් ව්‍යවස්ථාව ඕනෑම ජන මතයක් පිටු දැකීමට රැකවරණ සලස්වන එකක්ද යන වග විමසා බැලීමට සිදුව තිබේ.

    අප රටේ අද විවාදයට භාජනය වී පවතින්නේ 2015 ආණ්ඩු පෙරලියෙන් පසුව සිදුකරන ලද 19 වන සංශෝධනයට අදාල ව්‍යවස්ථාවයි. විධායක ජනාධිපති ක‍්‍රමයක පැවති ඇතැම් අයහපත් ලක්ෂණ ඉවත් කරලීම සඳහා එම සංශෝධන ගෙන එන ලදි. එමගින් ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ ධුර කාලයත් වසර 5 දක්වා අඩු කිරීමත්, විධායක බලය යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබූ බලතල සීමා කිරීමත් සිදුවී ඇත. මෙම 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ වෙනත් කරුණු අතර ප‍්‍රධාන වෙනස් කිරීම සිදුකර ඇත්තේ ජනරජ ව්‍යවස්ථාවේ ඩසසස වන පරිච්ෙඡ්දයේ ‘‘විධායකය’’ යන ශීර්ෂය යටතේ අමාත්‍ය මණ්ඩලය යනුවෙන් නම් කර තිබූ කොටස මුළුමනින්ම ඉවත්කර අළුත් පරිච්ෙඡ්දයක් ඇතුලත් කිරීමෙනි. දැනට පැන නැගී තිබෙන අර්බුදකාරී තත්ත්වයටද අදාල වන්නේ මෙම සංශෝධිත කොටස බව පෙනී යයි. එම නිසා එම අළුත් සංශෝධිත වගන්ති මගින් හඳුන්වා දී ඇති වෙනස්කම් අතර ඇති උද්ගත වී පවතින තත්ත්වයට අදාල ප‍්‍රතිපාදන කවරේද යන්න සලකා බැලීම මෙම ලිපියේ අරමුණ වන්නේය.

    කලින් පැවති ව්‍යව්සථාවේ 43 (2) වගන්තිය පරිදි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ද, අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රධානියා ද වන්නේය.

    * එසේ වුවද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ අමාත්‍ය මණ්ඩලය විසිර ගියද ජනාධිපතිවරයා තවදුරටත් තම ධුරය දරන්නේ ය.

    ඉහත මුල් කොටස එසේම තවදුරටත් සංශෝධිත ව්‍යවස්ථාවේ ද පවතින අතර * ලකුණෙන් දක්වා ඇති කොටස ඉවත්කර ඇත.

    අගමැතිවරයා පත් කිරීම

    නව ව්‍යවස්ථාවේ 42 (2)

    ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබිය යුත්තේය.

    මේ අනුව අගමැති වශයෙන් පත් කිරීමට තෝරා ගැනීම ජනාධිපති වරයාගේ මතයට අනුව සිදු වන්නකි. එසේ තෝරා ගනු ලබන මන්ත‍්‍රීවරයාට පාර්ලිමේන්තුවේ විශ්වාසයක් තිබේද යන්න නිගමනය කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක් වේ. එහිදී බහුතරය හෝ වැඩි ඡන්දය යන්න අදාල නොවන්නේය.

    2015 ජනවාරි 09 වනදා ජනාධිපතිවරයා විසින් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති වශයෙන් පත්කළ අවස්ථවේදී ද බල පැවැත්වෙමින් තිබුණේ මෙම ව්‍යවස්ථා ප‍්‍රතිපාදනමය. ඒ වන විට රනිල් වික‍්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොවීය.
    අදාල කාරණය වන්නේ මෙම බලතලය යටතේ ජනාධිපතිවරයාට තම මතය පරිදි ඕනෑම මන්ත‍්‍රීවරයෙක් අගමැති වශයෙන් පත්කළ නොහැකි ද යන්නයි. දැනට සිටින අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙසට දැනුම් දී සිය බලතල යටතේ ජනාධිපතිවරයාට වෙනත් අගමැතිවරයෙකු පත් කළ නොහැකිද? එසේ පත් කිරීමම කලින් කර තිබූ පත් කිරීම අවලංගු කිරීමක් නොවන්නේ ද?

    නව 43 (3) යටතේ

    ‘‘ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවකදී වුවද අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂයය හා කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීමද කරනු ලැබිය හැක්කේය’’ යනුවෙන් දක්වා ඇත.

    මේ අනුව සංයුතිය, විෂය හා කාර්යන් වෙනස් කිරීම මුළු කැබිනට් මණ්ඩලයටම අදාල වන පරිදි සිදු කළහොත් එය කැබිනට් මණ්ඩලය වෙනස් කිරීමක් හා නව කැබිනට් මණ්ඩලයක් ප‍්‍රකාශයට පත් කිරීමක් නොවන්නේ ද?

    නව සංශෝධිත 46(5) අනුව ජාතික රජයක් පිහිටුවා ගත හැක්කේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා දේශපාලන පක්ෂයට පමණක් වීමද විශේෂයෙකි.

    මෙම වගන්තිය අනුව එක් පක්ෂයක් ලබා ගන්නා වැඩිම ආසන සංඛ්‍යාවකට වඩා විශාල සංඛ්‍යාවක් අන් සියලූම පක්ෂ හෝ කණ්ඩායම් දිනා සිටියද ඔවුන්ට එකතු වී ජාතික රජයක් පිහිටුවා ගත නොහැකිය.

    මේ අතර 46(2) හි අග‍්‍රාමාත්‍යවරයාගේ ධුර කාලය පිළිබඳව මෙසේ සඳහන් වේ.

    (අ) ස්වකීය අත්සන යටතේ ඉල්ලා අස් වුවහොත්

    හෝ

    (ආ) තවදුරටත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු නොවුනහොත්

    මිස

    ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවත්නේද ඒ තාක් කල් ස්වකීය ධුරය දරන්නේය.

    මේ අනුව අගමැති ධුරය පවතින්නේ කැබිනට් මණ්ඩලය පවතින තාක් පමණකි. එය අහෝසි වුවහොත් අගමැතිවරයාට සියු ධුරය දැරිය නොහැක. එසේම පූර්ණ කැබිනට් සංශෝධනයක් සිදුවන අවස්ථාවකදී ද නැවත කැබිනට්ටුවක් පත්වන තෙක් අගමැති ධුරය අහෝසි වන්නේය.

    මෙහිදී අවධානය යොමු විය යුතු තවත් වැදගත් කාරණයක් වන්නේ සංශෝධනයට කලින් පැවති ව්‍යවස්ථාවේ අගමැති ධුර කාලය අහෝසි වීම පිළිබඳව සඳහන්ව ඇති ආකාරයයි.

    එහි ඇතුළත්ව තිබුණේ …

    47 – අග‍්‍රාමාත්‍යවරයා

    අ) ජනාධිපතිවරයාගේ අත්සන යටතේ යවන ලිපියක් මගින් ඉවත් කරනු ලැබුවහොත් හෝ

    ආ) ධුරයෙන් ඉල්ලා අසුවුවහොත්

    ඈ) තවදුරටත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු නොවුවහොත් මිස යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවත්නේද, එ් තාක් කල් ස්වකීය ධුරය දරන්නේය යනුවෙනි.

    එසේ වුවද 19 වන සංශෝධනයේ 46 (2) හි ජනාධිපතිවරයා විසින් ඉවත් කිරීම යන වගන්තිය අගමැතිවරයා සම්බන්ධයෙන් පමණක්ඉවත් කර තිබෙන අතර, ඇමතිවරු, කැබිනට් නොවන ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු සම්බන්ධයෙන් පමණක් එය වලංගු වන පරිදි ඉතිරි කර ඇත.

    අමාත්‍ය මණ්ඩලය විසිරීම

    නව 48 (1) වගන්තිය පරිදි ‘‘ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන්’’ හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යආකාරයකින් හෝ අග‍්‍රාමාත්‍ය වරයා ධුරය දැරීම නතර වූ විට අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ ය.

    48 (2) පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත ප‍්‍රතික්ෂේප කළහොත් එවිටද, ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංග යෝජනාවක් සම්මත කළහොත් එවිටද අමාත්‍ය මණ්ලය විසිරෙන්නේ ය.

    මේ අනුව

    48 (1) දැක්වෙන පරිදි අග‍්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කිරීම මගින්ද කැබිනට් මණ්ඩලය විසිරෙන්නේය.

    ඉන්පසුව නව කැබිනට් මණ්ඩලයක්ද අග‍්‍රාමාත්‍යවරයෙක්ද ජනාධිපතිවරයාට පත් කළ හැකිය.

    මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් ඇත.

    එනම්, 48(1) ඉංග‍්‍රීසි පිටපත මෙයට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් පේන්නුම් කරන බවයි.

    එනම් – අගමැතිවරයාගේ ධුර කාලය අවසන් වීමේ හේතු වශයෙන් එහි දැක්වෙන්නේ

    1. මරණය

    2. ඉල්ලා අස්වීම

    3. අන්‍ය ආකාරයකින් යන කාරණා පමණකි.

    ජනාධිපතිවරයා විසින් ඉවත් කිරීම යන වගන්තිය ඉංග‍්‍රීසි ව්‍යවස්ථාවේ සඳහන් නොවේ. තවද මරණය යන හේතුව සිංහල ව්‍යවස්ථාවේ ඇතුළත් වී නැත. මෙය අතපසු වීමක්ද? මුද්‍රණ දෝෂයක්ද? එසේ නැත්නම් අනාගතයේදී උද්ගත වියහැකි ආකාරයේ අර්බුදයක් කල් ඇතිව දකිමින් සිතා මතා ඉතිරි කළ දෝෂයක් ද? යන්න තීරණ කිරීම විද්වතුන්ට භාර කරමු. කෙසේ වුවද පවතින සත්‍ය තත්ත්වය නම් මෙයයි. එය කිසිම විද්වතෙකුට එසේ නොවේ යැයි කිව නොහැක.

    කෙසේ වුවද ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණය සම්බන්ධයෙන් වූ 48 වන වගන්තිය අනුව, පනතේ සිංහල භාෂා පාඨය කිසියම් ව්‍යාකූලත්වයකදී බලපැවැත්විය යුතුය.

    එසේ නම් 48 (1) සිංහල වගන්තිය අනුව අගමැතිවරයාගේ ධුර කාලය අවසන් වන හේතුන් අතර සඳහන් වන ‘‘ධුරයෙන් ඉවත් කරනු ලැබීම’’ යන කොටස බල ගැන්වුවහොත් අගමැති තනතුරෙන්, කැබිනට් මණ්ලයෙන් ඉබේම අහෝසි වී යන්නේය. එය බලගැන්විය හැක්කේ සහ බලගැන්විය යුත්තේ ජනාධිපතිවරයා විසින්මය. එ් සඳහා කිසිම වෙනත් වැඩිදුර අර්ථ කථන අවශ්‍ය වන බවක්ද නොපෙනේ.

    එය පැවති ව්‍යවස්ථාවේද ඉතා පැහැදිලිව සඳහන් වී තිබුණ වගන්තියක් බව ඉහතින් පෙන්වා දී ඇත. තවද අමාත්‍යවරු ඉවත් කිරීම සම්බන්ධයෙන්ද එම ප‍්‍රතිපාදන තවමත් වලංගුව පවතින නිසා අගමැතිවරයා සම්බන්ධයෙන් ද එය එසේම ඇතුලත් වී ඇත. දෝෂය සිදු වී ඇත්තේ එය ඉංග‍්‍රීසියට ඇතුළත් නොවීම පමණක් ය. වලංගු පවතින ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට අගමැතිවරයා ධුරයෙන් ඉවත් කළ හැකිය.

    එමනිසා රටේ උද්දගත වී ඇති තත්ත්වය ජන අරගලයක් හෝ සාමය කඩවීමක් දක්වා වර්ධනය වන අර්බුදයක් බවට පත් වන්නට ඉඩ නොදී පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵල කුමක් වුවත් ඊට කලින් මහ බැංකු බැඳුම්කර සිද්දිය සහ වෙනත් කටයුතු සම්බන්ධයෙන් ජනතාව අපේක්ෂා කළ වගවීම වගකීම හා සම්ප‍්‍රදාය හා ආචාර ධර්මවලට අනුව සිදුවිය යුතුව තිබුණ දෙයක් වූයේ අගමැතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමයි. එම නිසා අගමැතිවරයා ඉවත් කරන තෙක් නොසිට ධුරයෙන් ඉල්ලා අස්වී සිය පක්ෂයේ වෙනත් කෙනෙකුට එම තනතුරට පත්වීමට අවස්ථාව සලසා දීම අවස්ථාවෝචිත ක‍්‍රියාවක් වනු ඇත.

  • ළමුන් 12 ක් අපයෝජනය කළ හිමිවරුන් 2 ක් සමඟ තවත් 6 ක් අත්අඩංගුවට

    ළමුන් 12 ක් අපයෝජනය කළ හිමිවරුන් 2 ක් සමඟ තවත් 6 ක් අත්අඩංගුවට

    නිකවැරටිය රස්නායකපුර ප්‍රදේශයේ ළමා නිවාසයක ළමුන් දොලොස් දෙනෙකු අපයෝජනය කිරීමට සැකපිට එම ළමා නිවාසයේම හිමිවරුන් දෙපලක් සමඟ ගිහි නේවාසිකයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 
    නිකවැරටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී සංජීව බංඩාර මහතාට ලැබුණ තොරතුරක් මත පරීක්ෂණ සිදු  කිරීමේ දී බාල වයස්කාර ළමුන් දොලොස් දෙනා අවස්ථා තිස් දෙකක දී අපයෝජනයට ලක්ව ඇති බව මේ වනවිට හෙලිව තිබේ. 
    ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනෙකු 23 දින නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. 
    සැකකාර එක් හිමි නමක් 24 දින මහෙස්ත්‍රාත් හමුවට පැමිණවීමට  නියමිත බව රස්නායකපුර පොලීසිය පවසයි. 
    පරීක්ෂණ අවසන් වනතෙක් අගතියට පත් සිසුන් වෙනත් ළමා නිවාසයක රැඳවීමටත් ඒ පිළිබඳව පරිවාස වාර්තාවක් කැඳවීමටත් අධිකරණය පොලිසියට නියමකර තිබේ. 
    මෙම ළමා නිවාසය 1998 සිට ළමාරක්ෂක අධිකාරිය යටතේ පාලනය වන ආයතනයකි. 
    නිකවැරටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාගේ උපදෙස් මත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය, කොට්ඨාස අපරාධ අංශය සහ රස්නායකපුර පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.
  • බ්‍රිතාන්‍යයේ කොටි  හිතවාදීන්ට එරෙහිව ශ්‍රී ලාංකිකයන් විථි බසී..!

    බ්‍රිතාන්‍යයේ කොටි හිතවාදීන්ට එරෙහිව ශ්‍රී ලාංකිකයන් විථි බසී..!

    බ්‍රිතාන්‍යයේ සිටින එල් ටී ටී ඊ හිතවාදීන්ගේ ක්‍රියාකාරකම් වලට විරෝධය පළ කරමින් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් මේ වනවිට විරෝධතාවක නිරත වනවා. ලන්ඩන් නුවර අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිටින් හා එරට පාර්ලිමේන්තු සංකීර්ණය ඇතුළු ස්ථාන කිහිපයකින් එම විරෝධතා ආරම්භ කෙරුණා. 
    ඒ පිළිබඳ තොරතුරු ගෙන ආ ලන්ඩන් නුවර නෙත් නිවුස් වාර්තාකරු ජනක අලහප්පෙරුම කියා සිටියේ එල් ටී ටී ඊ හිතවාදීන්ගේ ක්‍රියාකාරකම් වලට එරෙහිව කටයුතු කිරිමට බ්‍රිතාන්‍ය රජය වගබලාගත යුතු බවට විරෝධතා කරුවන් ඉල්ලා සිටි බවයි.
    බ්‍රිතාන්‍ය තුළ තහනම් සෙසු ත්‍රස්තවාදී සංවිධානවලට ලබා නොදෙන පහසුකම් එල් ටී ටී ඊ සංවිධානය වෙත ලබා දෙන බවටයි විරෝධතාවයේ නිරත ශ්‍රී ලාංකිකයින් පවසන්නේ.
  • බොලිවුඩ් සුපිරි තාරකාව ශ්‍රී දේවී මියයයි…

    බොලිවුඩ් සුපිරි තාරකාව ශ්‍රී දේවී මියයයි…

    බොලිවුඩයේ සුපිරි නිලියක් වන ශ්‍රී දේවී හෘදයාබාධයක් හේතුවෙන් අද දින මියගොස් ඇත. චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන බොනී කපූර් හා විවාහ වී සිටි ඇය මියයන විට 54 වෙනි වියෙහි පසු වූවාය.

    ඒ, ඩුබායිහි රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි.

    හෘදයාබාධයක් ඇගේ මරණයට හේතු වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

    ඇය සහ පවුලේ සාමාජිකයින් එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ මංගල්‍ය උත්සවයකට සහභාගී වෙමින් සිට ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබෙන්නේ.

    මිය යන විට ශ‍්‍රීදේවි 54 වන වියේ පසුවුණා.

    ඇය සිනමාවට පිවිසෙන්නේ වයස අවුරුදු 12දියි. 

    ඉන්දීය චිත්‍රපටවල රඟ පෑමට පෙර ඇය දමිල,තෙලිඟු සහ මලයාලම් චිත්‍රපටිවලට තම රංගන දායකත්වය ලබා දී තිබෙනවා.  

    ෆිල්ම් ෆෙයාර් සම්මාන 10කට නිර්දේශ වු ඇය එයින් 5ක්ම දිනාහැනීමටද සමත් වුණ.

    සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ බොනී කපුර්ගේ බිරිඳ වන ඇය ඉන්දීය නිලි කුශී කපූර්ගේ මවද වනවා.

     

     

  • මෛත්‍රී-රනිල් සත්‍යවාදී නම්, යහපාලනය යුක්තිගරුක නම්; ෆිල්ඩ් මාෂල්ට නිසි බලය දෙනු!

    මෛත්‍රී-රනිල් සත්‍යවාදී නම්, යහපාලනය යුක්තිගරුක නම්; ෆිල්ඩ් මාෂල්ට නිසි බලය දෙනු!

    වත්මන් යහපාලන රජයේ ප්‍රධානීන් දෙදෙනා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ නිතිය හා සාමය සහ අධිකරණය යන අමාත්‍යාංශ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදිය යුතු බවට මේ වන විට ජනමතයක් නිර්මාණය වී තිබේ.

    2015 ජනාධිපතිවරණයේ, මහ මැතිවරණයේ ප්‍රධාන පොරොන්දුවක් සහ ඉල්ලීමක් බවට පත්වූයේ රාජපක්ෂ රෙජීමයේ අයවලුන් විසින් සිදුකළ සොරකම් සහ අපරාධ සොයා එම අපරාධකරුවන්ට දඩුවම් ලබාදෙන බවට වූ පොරොන්දුවයි. එහෙත් වත්මන් යහපාලන රජය පත්වී වසර තුනක් ඉක්ම ගොස් තිබුණද එම පොරොන්දුව ඉටුකිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇත. එය ආණ්ඩුව කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය ගිලිහී යෑමට ප්‍රධාන කරුණක් බවට පත්ව ඇත.

    නිතිය හා සාමය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සාගල රත්නායක රාජපක්ෂවරුන්ගේ ඥාති සම්බන්ධයක් ඇත්තෙකු වන අතර ගෙවී ගිය වසර තුනහමාර ඇතුලත ඔහු විසින් අල්ලන ලද හොරකු හෝ දඬුවම් කළ අයෙකු නොමැත. වත්මන් රජයේ අමාත්‍යවරුන් ඇතුළු ප්‍රබලයින් රාජපක්ෂවරුන් සමග ඩීල් දැමීම ප්‍රසිද්ධ රහසක් වන අතර එය වත්මන් ආණ්ඩුවේ ජනප්‍රසාදය පිරිහීමට ප්‍රධාන හේතුවක් වූ බවට පැහැදිලිය.

    මෙම තත්වය තුළ සිදුවන කැබිනට් සංශෝධනයේදී නිතිය හා සාමය භාර අමාත්‍යවරයා ලෙස ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පත් කරන ලෙසට දැවැන්ත සමාජ මතවාදයක් ගොඩ නැගී ඇත. එම ජන මතයට අනුව දූෂකයින්ට වංචාකරුවන්ට එරෙහිව වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අවංක හා සත්‍යවාදී ලෙස කටයුතු කරන බවට ඔප්පු කර පෙන්වීම සඳහා නිතිය හා සාමය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබාදිය යුතු බව ජනතා මතයයි.

    එසේම මේ සම්බන්ධයෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ තමාට මෙම අමාත්‍යධූරය සහ නිසි බලය නිසි පරිදි ලබා දෙන්නේ නම් මාස හයක් ඇතුළත සියලු අපරාධකරුවන්ට දඬුවම් ලබාදෙන බවට වන සහතික සහ වගකීම තමන් විසින් භාරගන්නා බවයි.

    එසේනම් වත්මන් යහපාලන ආණ්ඩුව ජනතාව හමුවේ තමන්ගේ පාරිශුද්ධත්වය පෙන්වීම සඳහා කදිම අවස්ථාවකි. මෙය ඉටුවේදැයි අප ජනමතය සමඟ යහපාලන ආණ්ඩුව දෙස බලා සිටිමු.

  • රාජපක්ෂ පවුලේ කිසිවෙකුත් නොකළ, එහෙත් ගෝඨාභය සිදු කරන අලුත්ම සෙල්ලම මෙන්න…

    රාජපක්ෂ පවුලේ කිසිවෙකුත් නොකළ, එහෙත් ගෝඨාභය සිදු කරන අලුත්ම සෙල්ලම මෙන්න…

    රාජපක්ෂ රෙජීම රජයේ රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා ලෙසද රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියා ලෙසද කටයුතු කළ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ තමාට එරෙහිව ඇති නඩුවලින් කට්ටි පැනයාම සඳහා අපුරු මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව පෙනීයයි.

    රාජපක්ෂ රෙජීම පාලනයට මුවා වී ජාත්‍යන්තර අවි ජාවාරම් ඇතුළු විවිධ ජාවාරම් සහ පැහැර ගැනීම්, මිනී මැරීම් ඇතුළු දරුණු ගණයේ අපරාධ සිදුකොට මේ වන විට ඒවාට එරෙහිව අධිකරණයේ විභාගවන නඩුවලින් බෙදී පලායෑම සඳහා ගෝඨාභය රාජපක්ෂ විසින් අමුතුම ආකාරයේ සෙල්ලමක් සිදු කරමින් සිටී.

    එනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විමර්ශන අංශ විසින් පරීක්ෂණ පවත්වා රජය විසින් අධිකරණය හමුවේ ගොනු කරන නඩුවලින් තමන් නිදහස් කරන මෙන් ඉල්ලා අභියාචනා දමමින් කාලය කා දැමීමේ අලුත්ම ආකාරයේ සෙල්ල්මකි.

    මෙය ගෝඨා විසින් සිදුකරන්නේ ඔහු අත් අඩංගුවට පත්වීමෙන් සහ විභාග වන නඩුවලින් ඔහු බේරී පැනයාම වෙනුවෙන් බව ඉතාම පැහැදිලිය.

    මේ වන විට රාජපක්ෂ රෙජීමය විසින් සිදුකරන ලද මිනීමැරුම්, ඝාතන, ජාවාරම්, කොල්ල කෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ ගෝඨාභය මෙම එක් දිනක් හෝ අත් අඩංගුවට පත් නොවී, ඇප පිට නොරැඳී, ගුවන් ගමන් බලපත්‍ර අධිකරණය සන්තකයේ නොතබා තමා හිරවන මොහොතක තමාට රිසි පරිදි පලායෑම වෙනුවෙන් වූ කූට කුප්‍රකට සැලැස්මක් මේ සමඟ වන බවට පැහැදිලිවෙමින් තිබේ.

    මාධ්‍ය ඉදිරියේ වීරයෙකු මෙන් කට මැත දෙඩවුවද මෙම කූට මෙහෙයුම සඳහා ගෝඨා විසින් මිලියන ගණනන් කළු සල්ලි වියදම් කරමින් සිටින අතර ගෝඨා එක් දිනක් හෝ තමා අත් අඩංගුවට පත්වේවි යැයි නිරන්තර බියකින් පසුවන අමුතුම ආකාරයේ මානසික රෝගයකින් පෙළෙන අයෙකු බවටත් වාර්තාවේ.

    මේ වන රාජපක්ෂ රෙජීමයට අයත් රාජපක්ෂ පවුලේ නාමල්, බැසිල්, යෝෂිත ඇතුළු පිරිස් සිරගතව සිට ඇප මත එළියේ සිටියදී, රටත්, ලෝකයාත් දන්නා මිනිමරු ගෝඨා ලෙස කුප්‍රකට ගෝඨාභය රාජපක්ෂ මෙසේ නිදැල්ලේ හැසිරෙන්නේ කාගේ උවමනාවටද..? කාගේ බලයෙන්ද..? කාගේ ඩීල් මතින්ද..?

  • කොලොන්නාවේ ප්‍රචණ්ඩත්වය ඉහලට… ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපතිට දරුණු ප්‍රහාරයක්…

    කොලොන්නාවේ ප්‍රචණ්ඩත්වය ඉහලට… ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපතිට දරුණු ප්‍රහාරයක්…

    පසුගිය පළාත් පාලන මැතිවරණය අවසාන වීමත් සමගින් සමස්ත දේශයේම ප්‍රචණ්ඩත්වය වාර්තාගත ලෙස ඉහල යාමට හේතුව මහින්ද රාජපක්ෂයන්ගේ සහය ලත් අපරාධකරුවන්ගෙන් සහ දුෂකයන්ගෙන් සැදුම්ලත් පොහොට්ටුව ලැබූ ජයග්‍රහණය බව මුළු රටම දන්න කරුණකි.. මෙහි ආසන්නතම සිදුවීම කොලොන්නාව මානික්කමුල්ල ප්‍රදේශයෙන් ඊයේ දින වාර්තා විය…

    කොලොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපතිවරයා වන ප්‍රවීණ දේශක මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාද වන ප්‍රසන්න මඩවල මහතාට ඔහුගේ නිවස ආසන්නයේදීම පොහොට්ටුවේ මැරයන් විසින් පහරදී ඇත..

    අපට වාර්තාවන පරිදි සිදුවීම මෙසේය…

    මඩවල තම රාජකාරිමය කටයුතු නිමකර තම පුද්ගලික මෝටර් රථයෙන් නිවස බලා පැමිණෙද්දී ඔහු පසුපසින් ඔහුව හබාගෙන පැමිණි යතුරුපදිකරුවෙක් ඔහුව ගැටුමකට සම්බන්ධ කිරීමේ අරමුණ ඇතිව මාර්ගයේ තම මෝටර් රථය ධාවනය කර ඇත. එහිදී බොහොම අසීරුවෙන් රිය අනතුරු වලක්වාගනිමින් තම මෝටර් රථය නිවස කරා මඩවල රැගෙන යද්දී පසුපසින් පැමිණි යතුරුපැදියේ සිටි මැරවරයා විසින් මඩවල රථයෙන් ඉවතට පැමිණෙනවාත් සමග ඔහුට පහරදී ඇත. මෙහිදී මඩවල වෙත පහර පිට පහර එල්ල වෙද්දී මඩවල උපකාර ඉල්ලා කෑගසා ඇති අතර එහිදී ප්‍රදේශවාසින් විසින් යතුරුපැදිකරුට පහරදී ඇත.

    තෝ දන්නවද  *සිගේ පුතෝ අපි කවුද කියල? අපි තමයි *තතෝ මෙහෙ දිනුවේ.. අපි මහින්දගේ *රියෝ යනුවෙන් පවසමින් එම ස්ථානයෙන් පලාගිය යතුරුපැදිකරු සුළු මොහොතකින් කැති මන්න පොලු රැගත් මැරයන් පිරිසක් සමගින් පැමිණ එම ස්ථානයේ සිටි සියලුදෙනාට පහරදී ඇත. එම පහරදීමෙන් දරුණු ලෙස තුවාල ලැබූ මඩවල සහ ඔහුගේ මෑණියන් ඇතුළු පිරිසක් මුල්ලේරියාව දිසා රෝහලට ඇතුලත් කර ඇත..

    මේ වනතුරුත් මුළු ප්‍රදේශයම පිඩාවට පත්කළ මේ සිදුවීමට අදාළ කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පොලිසිය සදහන් කලේ පහරදුන් මැරයන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක වගයි..

     

  • හෙට කැබිනට් වෙනසේදී ඇමති තනතුරු බෙදෙන්නේ වෙනස් වෙන්නේ මෙහෙමයි..(Update)

    හෙට කැබිනට් වෙනසේදී ඇමති තනතුරු බෙදෙන්නේ වෙනස් වෙන්නේ මෙහෙමයි..(Update)

    යෝජිත කැබිනට් සංශෝධනයේදී අමාත්‍යංශ කිහිපයක සුහද මාරු සිදු වීමටද නියමිතව තිබෙනවා. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යංශය අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා වෙත පැවරෙනු ඇතැයිද ඔහු විසින් මෙතෙක් කටයුතු කළ ආපදා කළමනාකරණ අමාත්‍යංශය අමාත්‍ය දුමින්ද දිසානායකට පැවරෙනු ඇතැයි  සඳහන්.

    අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යටතේ ඇති උසස් අධ්‍යාපන අමාත්‍යංශය වෙනත් අයෙකුට පැවරෙනු ඇතැයි ද අමාත්‍ය කබීර් හෂීම් යටතේ ඇති රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට අනුයුක්ත ආයතන වෙනස් වනු ඇතැයි ද වාර්තා වනවා. මීට අමතරව එස් බී දිසානායක, මලික් සමරවික‍්‍රම, දයාසිරි ජයසේකර, හරීන් ප‍්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ විෂයන් ද වෙනස් වනු ඇති බවයි පැවසෙන්නේ.

    තිලක් මාරපන අමාත්‍යවරයා යටතේ ඇති විදේශ අමාත්‍යංශය වෙනත් අයෙකුට පැවරෙනු ඇතැයි ද සඳහන්. ගාමිණි ජයවික‍්‍රම පෙරේරා අමාත්‍යවරයාගෙන් වනජීවි අමාත්‍යංශය ඉවත් කිරීමට ද යෝජනා වී තිබෙනවා.

    කෙසේ වෙතත් පාඨලී චමිපික රණවක, වජිර අබේවර්ධන, නවීන් දිසානායක, අකිල විරාජ් කාරියවසම් සහ මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ වෙනස් නොවනු ඇතැයි දේශපාලන ආරංචි කියා සිටියා. රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසත්, පාඨලී චම්පික රණවක මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් දැනට කටයුතු කරනවා. වජිර අබේවර්ධන ස්වදේශ කටයුතු අමාත්‍යවරයායි. අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත්, නවීන් දිසානායක වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මහින්ද සමරසිංහ වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා ලෙසත් කටයුතු කරනවා.

  • මෙවර ඇමති මණ්ඩල සංශෝධනයෙන් පසු ඇමති වර්ග හතරක්… සත්‍යය ප්‍රථමයෙන් අපෙන්…

    මෙවර ඇමති මණ්ඩල සංශෝධනයෙන් පසු ඇමති වර්ග හතරක්… සත්‍යය ප්‍රථමයෙන් අපෙන්…

    සංශෝධිත නව කැබිනට් මණ්ඩලය හෙට (25) පෙරවරුවේ දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි පවසනවා. 

    මේ අතර යෝජිත මෙම කැබිනට් සංශෝධනයේ දී කැබිනට් අමාත්‍ය, කැබිනට් නොවන අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ලෙස කාණ්ඩ 04කින් අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි කියා සිටියා. ඉකුත් දිනවල දී දීර්ඝ ලෙස කතා බහට ලක්වූ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය අග‍්‍රාමාත්‍යවරයා යටතේ පවත්වා ගැනීමට මෙහිදී කටයුතු කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

    මෙම අමාත්‍යංශය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබාදීමට එක්සත් ජාතික පක්ෂය මුලින් යෝජනා කළා. එහෙත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු ඊට එකග වී නැහැ. දැනට ඇති සංයුතියට අනුව ශ‍්‍රී ලංකා පොලිසිය පාලනය වන්නේ ද නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය යටතේයි. මේ දක්වා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස සාගල රත්නායක කටයුතු කළා. හෙට සිදු කෙරෙන කැබිනට් සංශෝධනයේ දී ඔහුට සංචාරක අමාත්‍යංශය හිමි වනු ඇති බවයි වාර්තා වන්නේ.

  • විජේදාසට ලැබෙන්න යන ඇමතිකම මෙන්න….

    විජේදාසට ලැබෙන්න යන ඇමතිකම මෙන්න….

    හෙට සිදුවන බව කියන කැබිනට් සංශෝධනයේ දී හිටපු අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂට ද අමාත්‍ය ධුරයක් ලබාදීමට අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා. ඉකුත් සතියේ දිනෙක විජයදාස රාජපක්ෂ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර රහසිගත හමුවක් සිදු වී ඇතැයි ද සඳහන්.

    විජයදාස රාජපක්ෂ මීට පෙර යහපාලන ආණ්ඩුවේ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ධුරයේ කටයුතු කළා. ඔහු එම ධුරයෙන් ඉවත් වුයේ යහපාලන ආණ්ඩුවේම මන්ත‍්‍රීවරුන් පිරිසක් විසින්ම විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කර තිබියදීයි.

    මේ අතර ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික‍්‍රමරත්න, අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ හා රවීන්ද්‍ර සමරවීර යන අයට කැබිනට් නොවන අමාත්‍ය ධුර ලැබෙනු ඇතැයි ද ස`දහන්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිපදෙනෙකුට ද එලෙස කැබිනට් නොවන අමාත්‍ය ධුර ලැබෙනු ඇතැයි වාර්තා වනවා.

    බුද්ධික පතිරණ, නලීන් බණ්ඩාර සහ ලකී ජයවර්ධන යන මන්ත‍්‍රීවරුන්ට නියෝජ්‍ය අමාත්‍ය ධුර ලැබෙනු ඇතැයි ද සඳහන්.

  • මට ලැබුනේ බෝඩ් ලෑල්ලක් විතරයි.. රනිල් කෙරෙහි කලකිරීමෙන් එජාප ප්‍රබලයෙක් කියයි…

    මට ලැබුනේ බෝඩ් ලෑල්ලක් විතරයි.. රනිල් කෙරෙහි කලකිරීමෙන් එජාප ප්‍රබලයෙක් කියයි…

    මට වැඩ කරන්න ලැබුනේ බෝඩ් ලෑල්ලක් විතරයි…. කලකිරුණු ප්‍රබලයා කියයි…

    https://www.youtube.com/watch?v=onltFeGWVLQ

  • ඉරිදා කැබිනට් ඇමතිධුර වෙනස් වන්නේ මෙහෙමයි… ඇත්ත පළමුවෙන්ම අපෙන්…

    ඉරිදා කැබිනට් ඇමතිධුර වෙනස් වන්නේ මෙහෙමයි… ඇත්ත පළමුවෙන්ම අපෙන්…

    රජයේ යෝජිත කැබිනට් සංශෝධනයට අදාළ එක්සත් ජාතික පක්ෂයේ ලැයිස්තුව 23 වනදා සන්ධ්‍යාවේ ජනාධිපතිවරයා වෙත යොමුකළ බව එම පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

    එජාප ආරංචිමාර්ග හරහා වාර්තා වන ආකාරයට කැබිනට් සංශෝධනයට අදාළ අවසන් ලියවිල්ල සැකසීම එක්සත් ජාතික පක්ෂයට ද අභියෝගයක් වී ඇති අතර ඒ මෙතෙක් අමාත්‍යංශ දරමින් විවිධ දුෂණ අක්‍රමිකතා සහ අක්‍රීය ලෙස අමාත්‍යංශ හසුරවන ලද අමාත්‍යවරුන් වෙත එම අමාත්‍යධුර නැවත ලබානොදීමට කටයුතු කිරීමට සිදුව තිබු නිසාය.

    එසේම එම තීරණයට ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා පොදු එකඟතාවක් පලවී තිබු මුත් පළාත් පාලන මැතිවරණයෙන් පසුව එජාපය තුළ ඇතිවූ මතගැටුම් හේතුවෙන් මෙම ඇමති විෂය නම් කිරීම ඉතා දුෂ්කර කටයුත්තක් වූ බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

    SF ට පොලීසිය

    එසේම සරත් ෆොන්සේකා අමාත්‍යවරයා වෙත මෙතෙක් ලබාදී තිබූ ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යධුරය වෙනුවට නීතිය හා සාමය අමාත්‍යාංශය ඔහුට පිරිනමන්නට එජාප නායකත්වය තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

    සරත් ෆොන්සේකා අමාත්‍යවරයා නීතිය හා සාමය විෂය තුළ උස් පහත් භේදයකින් තොරව නීතිය අකුරට ක්‍රියාත්මක කිරීම සඳහා එම අමාත්‍යංශය මෙහෙයවනු ඇති බවය. එසේම ඒ හරහා පසුගිය පාලක රෙජීමයේ දුෂිතයන් සහ විවිධ අක්‍රමිකතා වලට සම්බන්ධ චෝදනා ලැබුවන්ට අදාළව නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවීම සම්බන්ධව ආණ්ඩුවට එල්ලවී ඇති චෝදනා සමනය කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇති බවය.

    අලුත් ඇමතිධුර 5ක්

    මීට අමතරව අමාත්‍යධුර 05ක් විශේෂ අධීක්ෂණ අමාත්‍යවරුන් ලෙස පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය නිර්දේශ කර ඇති බවත් ඒ තුළ එජාපය නියෝජනය කරමින් හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, සුජීව සේමසිංහ, රවීන්ද්‍ර සමරවීර යන 4 දෙනා යෝජනා කර ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ඉතිරි එක් අමාත්‍යධුරය වෙන්කර ඇති බවත් වාර්තා වෙයි.

    ලක්ෂ්මන් – කබීර් සුහද මාරුවකලු

    මේ අතර එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ අදාළ අමාත්‍ය මණ්ඩල විෂය මාරුව හමුවේ ඇතැම් එජාප අමාත්‍යවරුන් අතර ඇමති විෂය සුහද මාරුද සිදුවූ බවය. එහිදී උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ලක්ෂ්මන් කිරිඇල්ලගේ එම විෂය කබීර් හෂීම් අමාත්‍යවරයා වෙතත් මෙතෙක් කබීර් හෂීම් අමාත්‍යවරයා දැරූ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විෂය ලක්ෂ්මන් කිරිඇල්ල වෙතත් හුවමාරු කරගෙන තිබෙන බවය.

    මංගල, චම්පික සහ රාජිතගේ වෙනසක් නෑ

    එසේම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ අමාත්‍යධුරවල කිසිඳු වෙනසක් නොකළ යුතු බවටද එජාප නායකත්වය තීන්දු කර ඇති බව වාර්තා වෙයි.

    හරීන්ට අලුත් කොටසක්

    තවද විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට එම විෂයට අමතරව විදේශ රැකියා අමාත්‍යධුරය ලබාදීමටද කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

    දුමින්දගේ ඇමතිකම යාපාට

    මේ අතර ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස මෙතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායකගේ එම අමාත්‍යංශ විෂය යෝජිත කැබිනට් සංශෝධනයේදී වෙනස් වීමට නියමිත බවය.

    ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යංශය අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා වෙත පවරා ප්‍රියදර්ශන යාපා දරන ආපදා කළමනාකරණ අමාත්‍යංශය දුමින්ද දිසානායක වෙත ලබාදීමට යෝජනා වී ඇති බව එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

  • රනිල්ගේ බල තණ්හාව නිසා එජාපය ඇතුලේ ඇතිවෙච්ච අලුත්ම අර්බුදය මෙන්න..!

    රනිල්ගේ බල තණ්හාව නිසා එජාපය ඇතුලේ ඇතිවෙච්ච අලුත්ම අර්බුදය මෙන්න..!

    දිගින් දිගටම පාවාදීම් කළ කරූ ජයසූරිය වෙනුවට බිය වැද්දීම් වලට බයේ සිටින සජිත් ප්‍රේමදාසවත් පසෙකට තල්ලු කර එජාපයට පිටින් පැමිණි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ නම යෝජනා වි ඇති අතර ඒ සදහා කණ්ඩායම් දෙකෙම සාමාජිකයන් එකඟතාව පලකර තිබේ.

    එක්සත් ජාතික පක්ෂය ඇතුළේ කැබිනට් සංශෝධනයට බාලගිරි දෝෂය සැදිමත් සුපුරුදු පරිදි රනිල්ගේ හෙන්චයියන් එම අමාත්‍ය ධූර වල රඳවා ගැනීමට වික්‍රමසිංහ විසින් කටයුතු කිරීමත් නිසා නැවත වතාවක් සියුම් කුණාටුවක් එජාපය තුල නිර්මාණය වෙමින් ඇත.

    මේ අතර මෙම කුණාටුව මැද්දේ එක්සත් ජාතික පක්ෂයේ දේශීයත්වය අගය කරන මන්ත්‍රීවරු පිරිසක්ද පෙර සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්ව 2011 වර්ෂයේ සිට පක්ෂයේ ප්‍රතිසංස්කරණයට අරගල කරපු කණ්ඩායමක්ද සාකච්ඡා ආරම්භ කොට තිබේන බව lankaleaks දේශපාලන වාර්තාකරු අනාවරණය කර සිටි.

    ඒ සඳහා මූලික සාකච්ඡා වට 2ක් පෙරේදා(21) රාත්‍රියේදී බත්තරමුල්ල වෝටර්ස් ඒඩ්ජ්හි (Waters Edge)දී පැවැත් වුණු අතර තවත් පිරිසක් කින්ග්ස්බරි හෝටලයේ (Kingsbury Hotel)දී මුණගැසී ඇත.

    තවදුරටත් මහජන මතය නොසළකා හරිමින් රනිල් වික්‍රමසිංහ කටයුතු කරන්න සූදානම් වෙමින් සිටිනවා නම්, අවම වශයෙන් එකඟ වූ කැබිනට් සංශෝධනය සහ පක්ෂයේ ප්‍රතිසංස්කරණය සිදු කරන්නේ නැත්නම් නායකත්වය වෙනුවෙන් අලුත් නායකයෙක් ඉදිරියට ගේන එම සදහා කටයුතු කිරිමට මෙම කණ්ඩායම් අතර සාකච්ඡා සිදුව තිබේ.

    දිගින් දිගටම පාවාදීම් කළ කරූ ජයසූරිය වෙනුවට බිය වැද්දීම් වලට බයේ සිටින සජිත් ප්‍රේමදාසවත් පසෙකට තල්ලු කර එජාපයට පිටින් පැමිණි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ නම යෝජනා වි ඇති අතර ඒ සදහා කණ්ඩායම් දෙකෙම සාමාජිකයන් එකඟතාව පලකර තිබේ.

    යූ.එන්.පී.ය අලුත් මාවතකට යනුවෙන් මෙම සංග්‍රාමය නම්කර ඇති අතර ඒ වෙනුවෙන් පුළුල් මෙන්ම සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමටද එකඟතාව පලවි තිබේ.

    මේ අතර පක්ෂයේ ජාතික සංවිධායකවරයා විදියට පාඨලී චම්පික රණවක මහතාගේ නම යෝජනා වි ඇති අතර පක්ෂයේ මහ ලේකම්වරයා විදියට යෝජනාවි ඇත්තේ රංජිත් මද්දුමබණ්ඩාරගේ නමයි.

    පක්ෂයේ නියෝජ්‍ය නායක විදියට සජිත් ප්‍රේමදාසගේ නම,පක්ෂයේ සභාපති විදියට ඉම්තියාස් භාකීර් මාකර්ගේ නමද යෝජනා වි ඇති අතර ඊට අමතරව පක්ෂයේ සහකාර ලේකම්වරු 5දෙනෙකු ද ඔවුන් යෝජනා කරගෙන ඇති බවයි lankaleaks දේශපාලන වාර්තාකරු අනාවරණය කර සිටියේ.

    මිට අමතරව යොවුන් පෙරමුණ,වෘත්තීය සමිති ,සහ කාන්තා කණ්ඩායම් මෙහෙයවිම් සදහා අලුතින් නම් යෝජනා වි ඇති අතර ඔහුන් හරහා පක්ෂය පුලුල් ලෙස ගොඩනැගිමට අවශ්‍ය නායකත්වයන් හැසිරිමට් මෙන්ම විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කීරිමටද මෙහිදි යොජනා වි තිබේ.

    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ලංකාවට පැමිණි විගස ඔහුව හමුවීමටත් ,පාඨලී චම්පික රණවක හමුවීමටත් මෙම කණ්ඩායම් දෙකම තින්දුකර තිබේන අතර ඉදිරි දින කිහිපය තුල සක්‍රියව ඒ සදහා දායක විමටද ඔහුන් තින්දුකර තිබේ.

    මේ අතර මේ වනවිට පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා සමග සිටින කිහිපදෙනෙක්ම මේ අදහස පැළ කර ඇති බවත් ඒ අනුව ඉතා ඉක්මණින් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගන්නා ලෙසත් ඔවුන් පාඨලී චම්පික රණවකට යෝජනා කර තිබේන බවද දැන ගන්නට තිබේ.

  • මෙවර ලංකා බැංකුවේ තනතුරු 1500 පුරවන්නේ එජාප මන්ත්‍රීලාගේ ලැයිස්තුවලින්….

    මෙවර ලංකා බැංකුවේ තනතුරු 1500 පුරවන්නේ එජාප මන්ත්‍රීලාගේ ලැයිස්තුවලින්….

    ලංකා බැංකුව සඳහා බැංකු සහකාරවරුන් 1500ක් බඳවා ගැනීමට කටයුතු සම්පාදනය කරමින් පවතී. මෙම නව රැකියා අවස්ථා ප්‍රමාණය එක් අයකුට 50 බැගින් වශයෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අතර බෙදා ගෙන ඇතැයි වාර්තා වේ. ඒ අනුව බැංකු සහකාර තනතුරු පිරවෙනු ඇත්තේ එජාප මන්ත්‍රීවරුන් විසින් ලබා දෙන නම් ලැයිස්තු අනුවය.

    ලංකා බැංකුවේ පත්වීම් සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වන්නේ ලංකා බැංකුවෙන් ම නමුත් මෙම පත්වීම් සඳහා සම්මුඛ පරීක්ෂණ කැඳවා ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා අමාත්‍ය තනතුර දරණ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයෙනි.

    මෙම රැකියා අවස්ථා ලබා දීම සඳහා අමාත්‍යාංශ නිලධාරීන් සහ මන්ත්‍රීවරුන්ගේ නිලධාරීන් එකතුව එක් අයදුම්කරුවකුගෙන් රුපියල් ලක්ෂ තුනත් පහත් අතර මුදලක් බැගින් අල්ලස් ලෙස ලබාගෙන ඇතැයි ද වාර්තා වේ. මේ සම්බන්ධ පැමිණිලි මේ වන විට ලංකා බැංකුවට දිගින් දිගට ම ලැබෙමින් පවතී.

    මෙම පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමට විධායක බලය ඇත්තේ බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයාට ය. ලංකා බැංකුවේ සාමාන්‍යධාරීවරයා ලෙස ඊයේ (22) වැඩ භාර ගත්තේ සෙනරත් බණ්ඩාර මහතාය. ඔහු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහගේ ඥාතියෙකි. බණ්ඩාර මහතා හදිසියේම සාමාන්‍යාධිකාරී තනතුරට පත් කරවා ගත්තේම ඉහත කී පැමිණිලි යට ගැසීම සඳහා ම බව ද කියවේ. බණ්ඩාර මහතාට පෙර මෙම තනතුර සදහා ජ්‍යේෂ්ඨතම සහ නිර්දේශිත වී සිටියේ සුදත් ගුණසේකර මහතාය. ඔහු රාජපක්ෂ හිතවාදියෙකැයි පවසා කබීර් හෂීම් අමාත්‍යවරයා විසින් කපා හැර ඇත.

    දැනට ලංකා බැංකුව තුළ කටයුතු කෙරෙමින් පවතින්නේ බැංකු සහකාර තනතුරු 1500ක් සඳහා අල්ලස් ලබාගත් බවට වන පැමිණිලි යට ගැසීම සඳහා ය.

    ලංකා බැංකුව තුළ පසුගිය වකවානුවේ ඉහළ සිට පහළට බොහෝ දූෂණ සිදුව ඇති බව ලංකා නිව්ස් වෙබ් වෙත වාර්තා වී ඇත. අපි ඒවා එකින් එක හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

    ලංකා බැංකුවේ සභාපති තනතුර සඳහා ද අලුතින් පත් කිරීමක් ළඟදීම කිරීමට නියමිත බැව් ලංකා බැංකු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

  • ඉන්ධන හිඟයක් නැහැ, කටකතාවලට රැවටෙන්න එපා : CPC අවධාරණය කරයි.

    ඉන්ධන හිඟයක් නැහැ, කටකතාවලට රැවටෙන්න එපා : CPC අවධාරණය කරයි.

    ඉදිරියේදී රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවීමට ඉඩ ඇති බවට අසත්‍ය වාර්තා අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ පතුරුවා හැරීමට ඇතැමුන් කටයුතු කරමින් සිටින බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මහජනතාවට දැනුම් දෙයි.

    මේ වනවිට රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති අතර, ඉන්ධන බෙදාහැරීම කිසිදු බාධාවකින් තොරව ක‍්‍රියාත්මක වේ.

    ජනතාව කලබලයට පත්කරමින් රටේ ඉන්ධන හිඟයක් ඇතිකිරීම සඳහා ඇතැමුන් දරන මෙම උත්සාහයන්ට නොරැවටෙන මෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලා සිටී.