Author: Editor[A]

  • මඩ ගහලා මිනිස්සු කුලප්පු කරලා මගේ දේශපාලන ගමන නතර කරන්න කාටවත් බෑ

    මඩ ගහලා මිනිස්සු කුලප්පු කරලා මගේ දේශපාලන ගමන නතර කරන්න කාටවත් බෑ

    තමාගේ දේශපාලන ගමන නතර කිරීමට කිසිවෙකුටත් නොහැකි බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.
    ඔහු පෙන්වාදෙන්නේ ලබන වසරේ සැප්තැම්බර් මාසය වන තුරු ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස තමන් කටයුතු කරන බවයි.
    ඇල්ල ප්‍රාදේශීය සභාවේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා මෙම අදහස් පල කළේය.
  • භූමිතෙල් ගසා දුවන බස් වැඩි වෙලා – බස් හිමියන්ට සල්ලි.. මගීන්ට ලෙඩ

    භූමිතෙල් ගසා දුවන බස් වැඩි වෙලා – බස් හිමියන්ට සල්ලි.. මගීන්ට ලෙඩ

    දකුණු පළාතේ නගරාන්තර පෞද්ගලික බස් ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කරන බවට තොරතුරු වාර්තා වනවා.

    ඩීසල් සඳහා අධික මුදලක් වැය වීම නිසා එම බස් රථ සේවකයින් භූමිතෙල් යොදා ගනිමින් බස් ධාවනය කරන බවයි අනාවරණ වී ඇත්තේ.

    කොළඹ සිට තංගල්ල දක්වා ධාවනය වන නගරාන්තර බස් රථයකට එක් ගමන්වාරයක ඩීසල් සඳහා වැය වන මුදල රුපියල් 11, 500 ක්. එම නගරාන්තර බස් රථයකට භූමිතෙල් සඳහා වැය වන්නේ රුපියල් 5,500 ක් පමණයි.

    මෙලෙස මුදල් ඉතිරි වීම හේතුවෙන් සියයට 90ක් පමණ දකුණු පළාතේ නගරාන්තර බස් රථ භූමිතෙල් යොදා ධාවනය කිරීමට හුරු වී තිබෙනවා.

    මෙම බස් රථ භූමිතෙල් යොදා ධාවනය කරන්නේ සයිලන්සර් සහ ඉන්ජෙක්ටර් වෙනස් කරමින් බවයි පැවසෙන්නේ. ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කිරීමෙන් වසරකට රුපියල් ලක්ෂ 24ක ලාභයක් හිමිවන බවයි එම බස් රථ සේවකයන් පවසන්නේ. 

    කෙසේ වෙතත් භූමිතෙල් යොදා බස් රථ ධාවනය කිරීමෙන් එහි ගමන් ගන්නා මගීන්ගේ සෞඛ්‍යයට හානිදායක බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

  • කැබිනට් සංශෝධනයේදී ඒකාබද්ධ විපක්ෂයට අමාත්‍ය ධූර 5ක් සහ කථානායක ධුරය

    කැබිනට් සංශෝධනයේදී ඒකාබද්ධ විපක්ෂයට අමාත්‍ය ධූර 5ක් සහ කථානායක ධුරය

    නව කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එ්කාබද්ධ විපක්ෂයට ආරාධනයක් සිදුකර තිබෙනවා. එ් අග‍්‍රාමාත්‍ය ධුරය හැර අමාත්‍ය ධූර 5ක් සහ කථානායක ධුරය භාර ගන්නා ලෙසයි.

     

    මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් මාධ්‍ය වෙත අදහස් නොදැක්වීම සඳහා ස්වයං වාරණයක් පනවාගෙන ඇති බවයි දේශපාලන ආරංචි පෙන්වා දෙන්නේ.

  • මැතිවරණ පරාජයේ හේතු දක්වමින් ඡන්දෙන් පස්සේ නිහඬව සිටි දයාසිරි ජනපතිට දුන් වාර්තාව

    මැතිවරණ පරාජයේ හේතු දක්වමින් ඡන්දෙන් පස්සේ නිහඬව සිටි දයාසිරි ජනපතිට දුන් වාර්තාව

    වත්මන් ජනතාවගෙන් දැඩි ආණ්ඩු විරෝධයක් එල්ලවීමට බලපා ඇති කරුණු ඇතුළත් වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ලබාදීමට දයාසිරි ජයසේකර සහ ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන් කටයුතු කර තිබෙනවා.

    එක්සත් ජාතික පක්ෂය විසින් ගත් ඇතැම් තීන්දු තීරණ මෙම ජනතා විරෝධය එල්ල වීමට බලපෑ ප‍්‍රධාන හේතු ලෙසයි මෙම වාර්තාවේ දක්වා ඇත්තේ.

    සයිටම් අර්බුදය, පොහොර සහනාධාරය කප්පාදු කිරීම සහ අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති, ජනතාව තුළ ආණ්ඩු විරෝධයක් ඇතිවීමට ප‍්‍රධාන හේතු ලෙස මෙහි දක්වා තිබෙනවා. 

    අධ්‍යාපන අමාත්‍යංශය විසින් පාසල් නිල ඇඳුම් වවුචර් පත් ලබාදීමේ වැඩපිළිවෙළ එක් පාර්ශ්වයක් අතට පත් කිරීම ද ආණ්ඩු විරෝධයක් ඇති වීමට එක් හේතුවක්.

    මේ නිසා ග‍්‍රාමීය මට්ටමින් ඇඳුම් මැසීමේ වෙළෙඳ ව්‍යාපාරවලටද දැඩි බලපෑමක් එල්ල වූ අතර එම කර්මාන්තයේ නිරත පුද්ගලයින්ගේ දැඩි විරෝධයක් ආණ්ඩුවට එල්ල වී තිබෙනවා.

    මෙම තත්ත්වය හේතුවෙන් ඇතැම් ප‍්‍රදේශවල ඇඳුම් මැසීමේ වෙළෙඳසැල් වැසී ගොස් ඇති බවයි අදාළ වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ.

    මුදල් අමාත්‍යංශය විසින් ගනු ලැබූ ඇතැම් තීන්දු තිරණ හේතුවෙන් මෙරට ව්‍යාපාරිකයින්ද ආණ්ඩුව පිළිබඳ තැබූ විශ්වාසය පළුදු වී ඇති බව මෙම වාර්තාවේ දක්වා තිබෙනවා. 

    කොළඹ නුවර අධීවේගී මාර්ගය ඉදි කිරිම සඳහා සැලසුමක් නොමැතිව විශාල මුදලක් වැය කිරීමට තීරණය කිරීම පිළිබඳවද ආණ්ඩුවට විවේචන එල්ල වන බවයි මෙම වාර්තාවෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ.

    අමාත්‍ය දයාසිරි ජයසේක පසුගිය කැබිනට් රැස්වීම්වලට පවා සහභාගී වී සිටියේ නැහැ. පසුගිය පළාත් පාලන ආයතන මැතිවරණයෙන් පසු ඔහු දැඩි නිහඬ පිළිවෙතක් අනුගමනය කරනු දක්නට ලැබුණා. 

  • එජාපයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු තුන්දෙනෙකුගේ පට්ටම් ගැලවෙයි…? මුහුණු 03 මෙන්න..

    එජාපයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු තුන්දෙනෙකුගේ පට්ටම් ගැලවෙයි…? මුහුණු 03 මෙන්න..

    නව කැබිනට් සංශෝධනය පිළිබඳව මේ දිනවල බොහෝ දෙනා කතාබහ කරනවා. කොහොම වුනත් ළඟදීම සිදුකිරීමට නියමිතව තිබෙන නව කැබිනට්‌ සංශෝධනයේදී එක්‌සත් ජාතික පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් තිදෙනකු දැනට දරන කැබිනට්‌ අමාත්‍ය ධුර කාර්යක්‌ෂම තරුණ ඇමැතිවරුන් තිදෙනකුට ලබා දීමට තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව අදාල  ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් විශේෂ කාර්ය භාර ඇමැතිවරු ලෙස පත් කෙරෙනු ඇති බවයි සඳහන් වන්නේ.

    මෙම අමාත්‍යවරුන් අතර සිටින එක්‌ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකුගේ ක්‍රියා කලාපය පිළිබඳව ජනාධිපතිවරයාගේ දැඩි විරෝධය පළ වී ඇති බවද සඳහන් වෙනවා. මෙවර කැබිනට්‌ සංශෝධනයේ  බලගතු කැබිනට්‌ වෙනසක්‌ සිදු කළ යුතු බව ජනාධිපතිවරයාගේ අදහස වී ඇති අතර තරුණ ඇමැතිවරුන්ට වගකීම් පැවරීමට ආණ්‌ඩුව තීරණය කර ඇති නිසා කැබිනට්‌ සංශෝධනය ඉතා දුෂ්කර වී ඇති බවද සඳහන් වෙනවා.

    එසේම ප්‍රධාන පක්‌ෂයක ඉහළ තනතුරක්‌ දරන ඇමැතිවරයකුගේ අමාත්‍යාංශය මහින්ද අමරවීර මහතා වෙත පැවරීමට යෝජනා වී තිබුණද එම ඇමැතිවරයා සිය අමාත්‍යාංශය අත්හැරීමට අකමැති වීම නිසා මහින්ද අමරවීර අමාත්‍යවරයා ධීවර ඇමැති ධුරයේම තවදුරටත් කටයුතු කරනු ඇති බවයි සඳහන් වන්නේ.  

    කෙසේ වෙතත් ජාතික රජය තවදුරටත් ගෙන යැමට අකමැති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ඇමැතිවරුන් දේශපාලන පිල් මාරුවක්‌ සඳහා තව දුරටත් රහස්‌ සාකච්ඡා පවත්වන බවට ද රාවයක්‌ පවතිනවා

  • ජනපති මෛත්‍රී ගොවියා මුහුණදෙන ගැටළු ගැන සොයයි

    ජනපති මෛත්‍රී ගොවියා මුහුණදෙන ගැටළු ගැන සොයයි

    පොහොර සහනාධාරය යළි ලබා දීම කෙරෙහි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වී තිබෙනවා.

    ඒ, ජාතික ආර්ථික සභාව ගත් තීරණයකට අනුවයි.

    පොහොර සහනාධාරය ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය සහ ජාතික ආර්ථික සභාව සැළසුමක් ද ආරම්භ කර තිබෙනවා.

    පොහොර සහනාධාරය ලබා ගැනීම සඳහා ගොවීන්ට බැංකු ගිණුම් විවෘත කිරීමට ප‍්‍රමාද වන බවත් පොහොර කලට වේලාවට ලබා නොදීම යන මූලික කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

    මේ අතර, ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම පිළිබඳවද රජයේ අවධානය යොමුවී ඇති බව දේශපාලන ආරංචි පවසනවා.

  • රනිල් හොරෙක් බව ඔප්පු උනොත් බෙල්ල කපාගෙන මැරෙනවා – චිවරධාරියෙක් මාධ්‍යයට කියයි..

    රනිල් හොරෙක් බව ඔප්පු උනොත් බෙල්ල කපාගෙන මැරෙනවා – චිවරධාරියෙක් මාධ්‍යයට කියයි..

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හොරෙකු බවට  ඔප්පු කළහොත් තමන් වහන්සේ ගොල්ෆේස් එකට ගොස් බෙල්ල කපාගෙන මිය යෑමට සූදානම් බව පූජ්‍ය අඹන්වෙල ඥාණාලෝක හිමි ප්‍රකාශ කර තිබෙනවා. පසුගියදා ජාතික විද්වත් සංසදය මගින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී  උන්වහන්සේ මේ බව ප්‍රකාශ කලා. 

    රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා රැකගැනීම සඳහා මහා සංඝරත්නය ඇතුලු විද්වතුන් එක්වී සිටින බවත් එය මහාසංඝරත්නට ගෞරවයක් බවත් උන් වහන්සේ එහිදී ප්‍රකාශ කලා.

    එම වීඩියෝව පහතින්.

  • උන්ට ඇපල් – අපිට පැපොල් – හෙට තෙල් වර්ජනයක්..? ඇත්ත කතාව මෙන්න..

    උන්ට ඇපල් – අපිට පැපොල් – හෙට තෙල් වර්ජනයක්..? ඇත්ත කතාව මෙන්න..

    හෙට (22)  උදෑසන සිට ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව තෙල් වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති  බව වාර්තා වෙනවා. කොලොන්නාවේ තොග නිමා සමාගමේ සේවකයන්ට ඇති වී තිබෙන වැටුප් ගැටළුවක් සම්බන්ධයෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති  බවයි සඳහන් වන්නේ.

    වැටුප් වැඩිවීමේ ගිවිසුමට අනුව තෙල් සංස්ථා සේවකයන්ට වැටුප් වැඩිකර තිබුණද, තවම බෙදා හැරීමේ ස්ථානවල සිටින සේවකයන්ට වැටුප් වැඩිකර නොමැති බව  එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර සඳහන් කරනවා.

     

  • රනිල්ගේ පිස්සු වැඩ නිසා ඇතිවූ ආණ්ඩුවේ අස්ථාවරත්වයෙන් රටම අරාජික වෙලා – කු.පා.ම.මහින්ද

    රනිල්ගේ පිස්සු වැඩ නිසා ඇතිවූ ආණ්ඩුවේ අස්ථාවරත්වයෙන් රටම අරාජික වෙලා – කු.පා.ම.මහින්ද

    අද වන විට ආණ්ඩුවක් රට තුළ නොමැති බවත් රට අස්ථාවර තත්ත්වයට පත්ව ඇති බවත් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    අද(21) බත්තරමුල්ලේදී මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කළේය.

    ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ, ජාතික ආණ්ඩුවේ කාලය පැහැදිලි ලෙසම නිමා වී ඇති බවත් ඒ අනුව පියවර ගත යුතු බවයි.

    ජනාධිපතිවරයා, අගමැතිවරයා හා මන්ත්‍රීවරු හිතු මනාපෙට කටයුතු කරන බව ද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    කථානායකවරයා ජාතික ආණ්ඩුවේ කාලය අවසන් වීම සම්බන්ධයෙන් පැහැදිලි තීරණයක් ගත යුතු බව ද හිටපු ජනාධිපතිවරයා මෙහිදි කියා සිටියේය.

  • රූම් ඇතුලේ කරන ඒවා පන්සලේ කරන්න ගිය වැලිමඩ 15වේ සිසුවියන් දෙදෙනා මෙන්න…

    රූම් ඇතුලේ කරන ඒවා පන්සලේ කරන්න ගිය වැලිමඩ 15වේ සිසුවියන් දෙදෙනා මෙන්න…

    අද කාලේ පුංචි නංගිලා මල්ලිලා වරදෙහි යෙදෙනවා හුගාක් වැඩියි.තැනක් නොතැනක් නෑ හෙවිල්ලක් බැලිල්ලක් නෑ
    තමන් ආදරේ කරන්න ඕනේ කව්ද ඕනෙ නැත්තතේ කව්ද කියලාවත් තමන් ආදරේ කරන අය කොහොම කොයි වගේ අයද කියන එක ගැනවත් කිසි සොයා බැලිල්ලක් නෑ…
    මේ කියන්න යන්නෙත් ආදරය උඩු දුවා රාගය ඇවිස්සී තැනක් නොතැනක් නැතිව අයාලයේ ගිය සිසුවියන් දෙදෙනෙක් කරපු හදියක් ගැනයි
    පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර සිදුකළ බවට සැකපිට තරුණයන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා
    පාසල් නිල ඇඳුමින් විහාරස්ථානයකට ගිහින් අශෝභන විදිහට විහාර භූමියේ සිටින අයුරු විහාරාධිපති හිමියන් දැක වැලිමඩ පොලිසියට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා
    ඒ අනුවයි මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ,
    අවුරුදු 15 ක් වුණු මේ සිසුවියන් දෙන්නා පාසල නිමවී උපකාරක පංති යනවා කියලා අදාල තරුණයන් එක්ක ත්‍රී රෝධ  රථයකින් මේ විහාරස්ථානයට පැමිණ තිබෙනවා
    20 හැවිරිදි වියේ පසුවූ මේ තරුණයන් දෙදෙනාට බාලවයස්කාර දැරියන්ට ලිංගිත අතවර කිරීමේ චෝදනාව යටතේ නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා
    බාලවයස්කාර සිසුවියන් දෙදෙනා  වැලිමඩ රෝහලට ඇතුලත් කරලා
  • පොරොන්දු ඉටුවෙයි – කතා දෙකක් නෑ සයිටම් අහෝසියි –  ජනපති දුන් තීන්දුව මෙන්න!

    පොරොන්දු ඉටුවෙයි – කතා දෙකක් නෑ සයිටම් අහෝසියි – ජනපති දුන් තීන්දුව මෙන්න!

    ඉකුත් රජය සමයේදී ආරම්භ කල මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිලිබදව ඉකුත් වසර 2ක තුල සමාජයේ නොයෙකුත් කතාබහ ඇති විය.ඒ එම විශ්විද්‍යාලයට විරෝධය පාමින් ජනතාවට අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන වැඩ වර්ජන වල නිරත වීමත් සමගය.

    එකල පැවති රාජපක්ෂ රජය මෙය ආරම්භ කරන විට විරෝධය පල නොකළ බොහෝ පිරිස් මෙම ආණ්ඩුවට ඇගිල්ල දිගු කලේ මෙම රජය වෙත චෝදනා එල්ල කරමිනි. නමුත් සයිටම් ගැටලුවට මැදිහත් වෙමින් මෙම රජය එම ප්‍රශ්නය ඉතා සතුටුදායක ලෙස අවසන් කිරීමට මේ වන විට සමත් වී ඇත.

    ඒ මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සදහා ඇතුළත් කර ගැනීමට තීරණය කිරීමත් සමගය.

    ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ජාවකදී මෙම තීරණයට එළැඹිණි.

    නීතිපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපතිවරයා සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් මෙම සාකච්ජාවට එක්ව සිටියහ.

    සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ දැනට ඉගෙනුම ලබන දහසක් පමණ වූ සිසුන්ගේ මූලික සුදුසුකම් පරික්ෂා කර බලා ඒ අනුව මෙම ඇතුළත් කරගැනීම සිදු කිරීමට මේ සාකච්ජාවේදී වැඩිදුරටත් තීරණය කෙරිණ.

    මේ පිළිබඳව ජනාධිපති නිල ෆේස්බුක් පිටුව හා ට්විටර් ගිණුම වාර්තා කොට තිබුනේ පහත පරිදි.

  • කැබිනට් සංශෝධනය කල්දමා රනිල් කරන්න යන කුමන්ත්‍රණය මෙන්න…

    කැබිනට් සංශෝධනය කල්දමා රනිල් කරන්න යන කුමන්ත්‍රණය මෙන්න…

    අද(21) දිනයේ නියමිතව තිබූ කැබිනට් සංශෝධනය රනිල් විසින් ක්‍රමිකව හෙටට කල් දැමූ අතර හෙටත් එය සිදුනොවන ලෙස අද ඔහු කටයුතු කර ඇතැයි වාර්තාවේ.

    මේ වන විට බලහත්කාරයෙන් අගමැති පුටුවේ අරක්ගෙන සිටින රනිල් වික්‍රමසිංහ පෙර ජනාධිපතිවරයාට එකඟ වූ පරිදි කැබිනට් සංශෝධනය සිදු නොකෙරෙන තැනට වැඩ කරමින් සිටී.

    අද රනිල් වික්‍රමසිංහ විසින් යොමු කර ඇති කැබිනට් සංශෝධන මඟින් ජනාධිපතිවරයා විසින් අනිවාර්යෙන්ම වෙනස් කළ යුතු බව කියූ කිසිඳු අමාත්‍යංශයක් හෝ විෂය පතයක් වෙනස් කිරීමට එකඟතාවයක් දක්වා නොමැති බවට වාර්තාවේ. අනිවාර්යෙන්ම වෙනස් කළ යුතු බව සඳහන් කළ නීතිය හා සාමය, මුදල්, ආයෝජන වැනි අමාත්‍යංශ පෙර පරිදිම තබාගැනීමට රනිල් විසින් සැලසුම් කර ඇති අතර මෙය ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කොට හරවා යවා ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ අනුව ජනාධිපතිවරයා විසින් සිදුකරන බව කියූ රැඩිකල් කැබිනට් සංශෝධනයටද රනිල් විසින් උපක්‍රමශීලි ලෙස පහර දෙමින් රට සහ ආණ්ඩුව දිනෙන් දින අරාජිකත්වය කරා ගෙන යමින් සිටී.

    රනිල් දෙන්න සැරසෙන අලුත්ම ගේම

    රනිල් මේ උපක්‍රමශීලීව කාලය කමින් පහර ගසන්නට සැරසෙන්නේ වෙන කිසිවෙකුට නොව, ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටය. රනිල්ව අගමැති පුටුවෙන් ඉවත් කරගැනීමට නොහැකි වී ඇති තත්වයක් තුල මේ වන විට ජනාධිපතිවරයාට තමන් සමඟ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සහ ඔහු සමඟ ශ්‍රීලනිප ආණ්ඩුවක් විශ්වාස කළ ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන්ද ජනාධිපතිවරයාගෙන් දුරස් වීමේ අවදානමක් පවතී.

    රනිල් මෙසේ කල්මරමින් ජනාධිපතිවරයාගෙන් දුරස්වෙමින් සිටින මන්ත්‍රීවරුන් එජාපය වෙත බා ගැනීමේ සැලැස්මක් සිදුවිය හැකි අතර එයින්ද කඩා වැටෙන්නේ ජනාධිපතිවරයාය. එම නිසා රනිල් විසින් කාලය කා දමමින් සිදුකරන මෙම කූට උත්සහය පරාජය කිරීම ආණ්ඩුවේ පමණක් නොව රට අරාජිකත්වයෙන් මුදා ගැනීමේ මෙහෙයුමක්ද වනු ඇත.

  • ජනපතිතුමනි, විද්‍යා වෙනුවෙන් ක්‍රියාත්මක වූ නීතිය දකුණේ සොහොයුරියට ක්‍රියාත්මක නොවන්නේද..?

    ජනපතිතුමනි, විද්‍යා වෙනුවෙන් ක්‍රියාත්මක වූ නීතිය දකුණේ සොහොයුරියට ක්‍රියාත්මක නොවන්නේද..?

    ඉතාම සංවේදී කතාවක්..

    මිනිසුන් තිරිසනුන් සේ හැසිරෙන අවස්ථා පිලිබදව වාර්තා වන සෑම විටම සත්‍ය ලෙස සිදුව තිබෙන්නේ මිනිසුන් තිරිසනුන් ලෙස හැසිරීම නොව මිනිසුන් තිරිසනුන්ටත් වඩා පහත් තත්වයට පත්වීමය. සතුන්ට වුවද ලිංගිකත්වය සම්බන්ධව යම් සීමා ඇත. ඔවුන් වර්ගයා බෝ කිරීම සදහා ලිංගිකව හැසිරෙන්නේ ස්වභාවධර්මයෙන් ලැබුනු සීමාවන් තුලය. නමුත් මනු සතාට එහි සීමාවක් නැත. නමුත් මනසින් උසස් මිනිසාම එය සීමාවන් දමාගෙන ඇත්තේ තිරිසනුන්ටත් වඩා පහතට වැටීමට නොහැකි නිසාය. නමුත් පසුගිය දා නාරාහෙන්පිට පොලිසියට වාර්තා උනේ තිරිසනුන්ටත් වඩා පහතට වැටුනු පිරිසක් පිලිබදවය.

    තිරිසන් වෙස් ගත් මිනිසුන් හතරදෙනා වුයේ යුද හමුදා කපිතන් වරු දෙදෙනෙක්, කෝප්‍රල් වරයෙක් සහ ඉංජීනේරු වරයෙකි. පළමු සැකකාර කපිතාන් යුද හමුදා රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකි. අනෙකා යුද හමුදා පොලිසියේය. මේ සිව්දෙනා ගේ තිරිසන් ක්‍රියාවලියට ගොදුරුව තිබුණේ පෞද්ගලික රෝහලක අවිවාහක හෙදියකි.

    පසුගිය දිනෙක නාරාහේන්පිට පොලිසියට පැමිණි ඇය තමාට විඳින්නට සිදු වූ කෲරතර සිදුවීම් මාලාව හෙළි කරද්දී එය අසා සිටි ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරීන් පවා දැඩි අපහසුතාවට පත්වුහ. ඒ ඇයගේ පෙම්වතා ඇයට දී තිබු කායික හා මානසික හිංසනය අදහාගත නොහැකි තරම් දරුණු වූ නිසාය. ඇය කොළඹ නගරයේ පිහිටි සුවිසල් පෞද්ගලික රෝහලක හෙදියකි. අවිවාහක ඇයගේ වයස අවුරුදු තිස් නවයකි. ඇයගේ පෙම්වතා වූයේ යුද හමුදා කපිතාන් වරයෙකි. ඔහු යුද හමුදා රෝහලේ වෛද්‍ය වරයෙකි. ඔහු මෙම පෞද්ගලික රෝහලේද සේවය කළේය. ඒ රාජකාරි වේලාවෙන් පසුවය. ඇය ඔහු රෝගීන් බලන කාමරයේ හෙදිය ලෙස සේවය කළ අතර කල් ගතවෙද්දී ඔහු ඇයගේ පෙම්වතා බවට පත් විය.

    ප්‍රේමය දලුලා වැඩෙද්දී මේ දෙදෙනා ගේ ඇසුර ලිංගික සබඳතා පවත්වන තත්ත්වයට පත්ව තිබිණි. ඇය එලෙස ඔහු විශ්වාස කොට ඔහුගේ ඉල්ලීම් වලට ඉඩ දුන්නේ විවාහ කරගන්නා බවට ඔහු ඇයට දුන් පොරොන්දු නිසාය. මෙලෙස කාලය ගෙවී යද්දී ඔහුට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට එක්වීමට සිදුවිය. ඒ අනුව ඔහු වසර දෙකක කාලයකට සුඩානය බලා පිටත්ව ගියේ ඇය ගේ සිතෙහි දහසක් බලාපොරොත්තුද තබාය. විදෙස් ගතවීමෙන් අනතුරුව ඔහු ඇය අමතක කළේ නැත. දිගින් දිගටම දුරකථන ඇමතුම් දෙමින් ඇයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන බව තහවුරු කළේය.

    මේ අතර ඇය ඔහු පිළිබඳ විපරම් කර බැලීමට සිතුවාය. ඒ අනුව මොහු හොඳින් දන්නා හඳුනන අයකුගෙන් තොරතුරු විමසුවාය. ඔහු පවසා සිටියේ වෛද්‍ය කපිතන්වරයා විවාහකයකු බවත් දරු දෙදෙනකු සිටින පියෙකු බවත්ය. එය ඇසු ඇයට දෙවියන් සිහිවිය. විවාහ වීමේ පොරොන්දුව නිසා ඇය ඔහුට සිය කුමරි බඹසර ද පුදා තිබීම ඇයට දරාගත නොහැකි කරුණක් වන්නට ඇත. ඇය කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටී. ඒ මව, නංගී සහ මල්ලී සමඟය. මේ තිදෙනා යැපෙන්නේ ඇයගෙනි. ඒ පියා නොමැති නිසාය. ඔහු ගේ පැටිකිරිය ඇසීමෙන් අනතුරුව ඇය තීරණයකට එළැඹියාය. ඒ ඔහුගෙන් වෙන් වන්නටය. ඇය ඔහු දෙන දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීම නතර කළාය. පසුව ජංගම දුරකථන අංකය ද මාරු කොට හැකිතාක් ඔහු මඟ හැර සිටීමට උත්සාහ කළාය. ඔහු මඟ හැර සිටිය ද ඔහු ඇයට එලෙස සැඟව සිටීමට ඉඩ දුන්නේ නැත. ඔහු සිය ගෝලබාලයන් ලවා ඇය යන එන තැන් කරන කියන දේ පිළිබඳ ඔත්තු සෙවීය.

    දිනක් ඇය සේවය නිමකොට රෝහලින් පිට වී බෝඩිමට යද්දී ඇය අසල ත්‍රීරෝද රථයක් නතර විය. එහි සිටියේ ඔහුගේ ගෝල ලාන්ස් කෝප්‍රල් රණසිංහ ය.
    “නගින්න මිස් මට ටිකක් කතා කරන්න ඕන.”
    “ඇයි මොනවා කතා කරන්නද?”
    “සර් හරි අප්සට් එකෙන් ඉන්නේ. මිස් සර්ව මඟ අරිනවා කියලා. යමු අපි ඒ ගැන කතා කරමු.”
    ඔහුගේ වචනයට අවනත වූ ඇය එම ත්‍රීරෝද රියට ගොඩවුවාය. ඔහු ඇය රැගෙන ගියේ හෝටල් කාමරයකටය.
    “මාව කාමරේට එක්කගෙන ගියාට එයා මගේ ඇඟට අතක්වත් තිව්වේ නෑ. ඒත් මගේ කිට්ටුවෙන් වාඩිවෙලා ෆොටෝ එකක් අරගෙන ඒක දිනේෂ්ට යවලා කියලා තිබුණා. මාව කාමරේකට එක්කගෙන ගිහින් එකට හිටියා කියලා.

    පහුගිය ජුලි මාසේ දොළොස්වෙනිදා දිනේෂ් හොස්පිටිල් එකට කෝල් එකක් දීලා කිව්වා මම ලංකාවට ආවා. මට තමුන් එක්ක බේරගන්න ගනුදෙනුවක් තියෙනවා කියලා. ඒ කතාවට මට බය හිතුණා. ඊට දවස් දෙකකට පස්සේ මම වැඩ ඇරිලා හොස්පිටිල් එකෙන් එළියට ඇවිත් ටික දුරක් යද්දී මගේ ළඟ කාර් එකක් නතර කළා. එකේ දිනේෂ් හිටියේ. මට තමුසේ එක්ක බේරගන්න ගනුදෙනුවක් තියෙනවා නැගපිය. මගේ වචනෙට කීකරු නොවුණොත් දන්නවා නේ උඹලට වෙන දේ. උඹව පවුල පිටින්ම මරලා දානවා කියලා තර්ජනය කළා. බයටම මම කාර් එකට නැංගා.

    මට ගෙදර යන්න ඕන, ඔහුගේ මෝටර් රථයට ගොඩ වූ ඇය එලෙස ඔහුගෙන් ඉල්ලා සිටියාය.බොරැල්ල හන්දිය පහුවෙද්දී මම ඇහුවා මේ කොහේද යන්නේ කියලා. “උඹට ගෙදරනේ යන්න ඕන කිව්වේ. මේ ගෙදරට තමයි එක්කගෙන යන්නේ.” එලෙස කී ඔහු වරෙක ඇයගේ ගෙල මිරිකා ඇයට කතා කිරීමට ඉඩ දුන්නේ නැත. තවත් විටෙක ඔහු ඇයගේ ගෙලට පිහියක් තබා කට වසාගන්නා ලෙසට තර්ජනය කළේය. මේ තර්ජන ගර්ජන මැද්දේ මෝටර් රථය තිහාරිය ප්‍රදේශයට සේන්දු විය.

    “තිහාරියේ අතුරු පාරකට වාහනේ හැරෙව්වා. මේ කොහේද යන්නේ කියලා අහද්දී මගේ බෙල්ල මිරිකුවා. තට්ටු දෙකේ ගෙයක් ළඟ වාහනේ නතර කරලා එයා බැහැලා ගියා. ඒ වෙද්දි වේලාව හවස තුන විතර ඇති. විනාඩි කිහිපයකින් ආපහු ඇවිත් බෙල්ලෙන් අල්ලලා තල්ලුකරගෙන මාව තරප්පු පෙළ දිගේ උඩට අරගෙන ගියා. එහෙම අරගෙන ගිහින් මාව කාමරයකට දාලා නාගෙන වරෙං කියලා කිව්වා. මම නාගෙන ආවට පස්සේ කාපං කියලා කෑම එකකුත් දුන්නා. ඊට පස්සේ මට තර්ජනය කළා. උඹත් එක්ක ගනුදෙනුවක් තියෙනවා බේරගන්න කියලා මාව ලිංගික ක්‍රියාවලට යොමුකරගන්න උත්සාහ කළා. මම ප්‍රතික්ෂේප කළා.

    “ඇයි දැන් මොකද බැරි. උඹ වෙනද මේවට හරි ආසයි නේ උඹට මොනවද වෙලා තියෙන්නේ. මම මේක හොඳින් හරි නරකින් හරි බේරගන්නවා.” යැයි කී ඔහු ඇයට දිගට හරහට පහර දෙන්නට පටන් ගත්තේය. එම පහර වලට ඇයගේ කම්මුල් පමණක් නොව ඇස් ද තැලී ගියේය. නිරුවත් සිරුරේ පිටුපසට තද පහරවල් එල්ල වූ අතර ඇයගේ සිරුර නිල් පැහැ වී ඉදිමී තිබිණි.

    “මට ඇස් පේන්නෙත් නෑ. වේදනාව දරාගන්නත් බෑ. මාව ඇඳට තල්ලු කරලා දොරත් ලොක් කරගෙන එයා එළියට ගියා. විනාඩි හතළිහකින් විතර ඇතුළට ආවා. දොර අරිද්දි මම දැක්කා එළියේ වැරන්ඩාවේ දෙන්නෙක් බිබී ඉන්නවා. එයා කාමරේට ඇවිත හිටපු මාව අර බොන එවුං දෙන්නා ළඟට අරගෙන ගිහින් එතන තිබුණ හාන්සි පුටුවක ඇන්දේ වාඩි කෙරෙව්වා. එතන වාඩිවෙලා ඉන්න අමාරුයි. අර බිබී හිටිය එක්කෙනක් මට පුටුවක් දීලා වාඩිවෙන්න කිව්වා. මම එකේ වාඩි වුණා. දිනේෂුත් ඒ අය එක්ක බිව්වා. මතින් මත් වූ පිරිමින් තිදෙනකු ඉදිරියේ ඇතිවිය හැකි අතරවර ගැන කීමට වචන තිබේද?

    ඔවුන් බලෙන් ඇයට විස්කි පෙව්වේය. සිගරට් පමණක් නොව ගංජා දුමාරය ද ශරීර ගත කළේය. ඒ අතරතුර ඔවුන් කියන අසභ්‍ය වචන, අසම්මත ලිංගික ක්‍රියා පිළිබඳ කියන කතා ඇය අව සිහියෙන් මෙන් අසා සිටියේ වෙන කළ හැකි දෙයක් නොවු නිසාය.

    “ඊට පස්සේ දිනේෂ් මාව කාමරේට ඇදගෙන ගියා. බිබී හිටපු දෙන්නගෙන් එක්කෙනෙකුත් ඇතුළට ආවා. ඇවිත් රෑ එකොළහේ ඉඳලා උදේ හතර විතර වෙනකම් ඒ දෙන්නා මාව දුෂණය කළා. ඒ අවස්ථා වීඩියෝ කළා. ෆොටෝ ගත්තා. ඒ පැය කිහිපයේදී මම විඳපු දුක කොච්චර ද කියලා කියන්න වචන නෑ. මාව ඒ විදියට දුෂණය කරන අතර දිනේෂ් මට කියනවා උඹට වෙන එවුං එක්ක ඉන්න පුලුවන් නම් මේක ප්‍රශ්නයක් නැනේ කියලා.” “මේ දේවල් උඹේ අම්මා දන්නෙත් නෑ. දැනගත්තත් කරන්න දෙයක් නෑ. පොලිසියට කිව්වත් වැඩක් නෑ. උඹව මැරුවත් කවුරුත් දන්නේ නෑ කියලා මට තර්ජනය කළා.”

    සිය මිතුරන් ද සමඟ රාත්‍රිය පුරා සිය පෙම්වතිය දුෂණය කළ දිනේෂ් පසුදා උදේ අට පමණ වෙද්දී ගෙදර යාමට ලැස්ති වන ලෙස ඇයට අණ කළේය. ඇයගේ මුහුණ ඉදිමී තිබෙනු දුටු මේ දෙදෙනා සමඟ සිටි දිනේෂ් ගේ ගෝල රණසිංහ ඇයට අයිස් කැට ගෙනැවිත්දී මුහුණ තවා ගන්නා ලෙස පැවසුවේය.

    “මට පඩිපෙළ බහින්නවත් පුලුවන් කමක් තිබුණේ නෑ. මම බඩ අල්ලගෙන අමාරුවෙන් පඩි බහිද්දී රණසිංහ මාව අල්ලගෙන පහළට අරගෙන ආවා. ඒ තුන්දෙනාම කාර් එකට නැගලා මාවත් දාගෙන කුරුණෑගල ගිහින් අපේ ගෙවල් වලට යන පාර කිට්ටුව මාව දාලා ගියා.”

    ගෙදර ගිය ඇයට මවට මුහුණ දීමට හැකියාවක් තිබුණේ නැත. නංගි මල්ලි අසන ප්‍රශ්න වලට දීමට පිළිතුරු නොවීය. එහෙත් බොරු ගොඩාක් කියා ඇය සති දෙක තුනක් ගෙදරට වී සිටියාය. ඉදිමුම් බැස ගොස් තුවාල සුව වූ පසුව ඇය යළි රැකියාවට ගියේ පවුල නඩත්තු කිරීමේ වගකීම පැවරී ඇති බැවිනි. රෝහලට ගිය ඇයට සවස රාජකාරි කිරීමට සිදුවුයේ වෛද්‍ය දිනේෂ් සමඟය. ඔහු යළි ඇය අල්ලා ගත්තේය.

    “උඹට මොකද වුණේ ඇයි උඹ මට කතා නොකළේ?” ඔහු ඇයගෙන් විමසන්නට විය.“මගේ ෆෝන් එක නෑ.” “හා හරි මම ෆෝන් එකක් අරගෙන දෙන්නම් කෝ. එතකොට හරිනේ.”
    එලෙස කී ඔහු ඇයට ජංගම දුරකථනයක් ලබා දුන්නේය. එලෙස දින කිහිපයක් ගෙවී ගියේය. දිනක් රාත්‍රී රාජකාරී නිම වූ ඇය රෝහලෙන් පිටවන විට වේලාව උදේ හත පමණ වී තිබිණි. ඇය අසල මෝටර් රථයක් නතර විය. එය දිනේෂ්ගේය.
    “උඹත් එකක් ගනුදෙනුව තවම ඉවර නෑ. යමං කියලා මාව බලෙන් නංග ගත්තා. එහෙම නාවොත් අපේ පවුලම විනාස කරනවා කියලා තර්ජනය කරන බයට මම කාර් එකට නැග්ගා. එදා යුද හමුදා වෛද්‍යවරුන්ගේ නිල නිවාස තියෙන නුගේගොඩ තැනකට මාව අරගෙන ගියා. උඩ තට්ටුවට යද්දී එතන එදා හිටපු දෙන්නම හිටියා. මට හිතුණා අදත් මම ඉවර තමයි කියලා. දිනේෂුයි, එදා මට අතවර කරපු යාලුවයි. එයාගේ ගෝලයා රණසිංහයි තුන්දෙනාම බිබී මටත් පොව පොව ගංජත් පෙව්වා. පස්සේ තුන් දෙනාම මට අතවර කළා. උඹට හැම මිනිහෙක් එක්කම ඉන්න පුලුවන් මේ කට්ටිය එක්ක ඉන්න බැරි කමක් නැනේ කියලා තුන් දෙනාම තිරිසන්නු වගේ මට අතවර කළා. මම කෑ ගැහුවා. උඹලට මම වගේ අක්කලා නංගීලා නැද්ද කියලා ඇහුවා. ඒ වේලාවට දිනේෂ් මගේ බෙල්ල මිරිකුවා.

    මෙලෙස එදින ද ඔහු තම මිතුරන් හා එක්ව සිය පෙම්වතිය සමුහ දුෂණයකට ලක් කළේය. මාස කිහිපයක් ගෙවී ගිය අතර නොවැම්බර් මාසයේ දිනයක රැකියාව නිමකොට එළියට ආ ඇය ඔහු පැමිණ පැහැරගෙන ගියේය. එදින මෝටර් රථය පැදවුයේ රණසිංහ විසිනි. ඔහු ඇය රැගෙන ගියේ මොරටුව පැත්තේ තට්ටු නිවාසයකටය. ඇය කැඳවාගෙන යද්දී පෙර දින දෙකේම දිනේෂ් හා එක්ව අතවර කළ පුද්ගලයාත්, නාඳුනන තවත් තරුණයකුත් එහි නාන තටාකය අසල මත් වතුර පානය කරමින් සිටියහ.

    “එතකොට වෙලාව රෑ එකොළහට විතර ඇති. එදත් ඒ විදියටම මට පෙව්වා. ගංජා පෙව්වා. ඒත් ඒ ගෙදර අයිතිකාරයා පාඩුවේ හිටියා ටික වේලාවකින් දිනේෂ් මාව කාමරයකට ඇදගෙන ගියා. ගෙදර අයිතිකාරයත් කාමරයට ආවා. ඇවිත් දිනේෂ් එක්ක එකතුවෙලා මට දස වද දුන්නා. හැබැයි අනිත් කෙනයි රණසිංහයි ආවේ නෑ.”

    ඇයට කළ ලිංගික අතවර ගැන ලියන්නට වචන නැත. ඒ ඒවා ඒ තරමටම අසික්තික වීම නිසාය. ඇයගේ සිරුරින් රුධිරය ගලා යද්දී ඒ බව තඹයකට මායිම් නොකළ දෙදෙනා ඇයට තව තවත් ලිංගික අතවර කළහ. අවසානයේ දිනේෂ් ඇයට වෛද්‍ය ප්‍රතිකාර ද ලබා දුන්නේය. මෙලෙස දින ගණනක් තිස්සේ සමුහ දුෂණයට ලක්වුවද ඇය ඉවසා සිටියේ දිනේෂ් තව නොබෝ දිනකින් වත් තමාට අනුකම්පා කරනු ඇතැයි සිතාය. එලෙසම තම මව සහෝදරයා සහෝදරියට කරදයක් කරාවි යන බිය නිසාය.
    “එයා ආපහු දවසක ඇවිත් මාව මීගමුව පැත්තේ හෝටලයකට අරගෙන ගියා. එදා නම් කවුරුත් සිටියේ නෑ. මෙයා විතරයි මට කරදර කළේ.”

    එලෙස දැඩි ලිංගික හිංසනයට ගොදුරු වුවද ඇය ඉවසා සිටි නමුත් ඔහු ඇය නැත්තටම නැති කර තිබිණි. ඒ ඇයගේ හොඳ ඡායාරූප මෙන්ම නිරුවත් ඡායාරූප ද ඇය සේවය කරන රෝහල් වෙබ් අඩවියට මුදා හරිමිනි. ඇය නීතියේ සහාය පතන්නේ ඉන් අනතුරුවය. පොලිසිය මෙම කපිතන්වරයා පිළිබඳ වැඩිදුර තොරතුරු සොයාගත්තේ ඔහුගේ මෝටර් රථ අංකයෙනි. අනතුරුව ඔහු පොලිසියට කැඳවුයේ රථවාහන ප්‍රශ්නයක් පිළිබඳ යැයි කියමිනි. එලෙස කැඳවා රථවාහන සිද්ධියක් ගැන විමසු අතර එවිට ඔහුගේ රියැදුරු ලාන්ස් කේප්‍රල් රණසිංහ ගැන ද හෙළි විය.

    ඔහුද කැඳවාගෙන පැමිණෙන ලෙස දැනුම් දීමෙන් අනතුරවු ඔහටු යන්නට හැරියේය. පසුව රණසිංහද සමඟ ඔහු පොලිසියට එද්දී ඇය ද පොලිසියට පැමිණ සිටියාය. “මෙයාව අඳුරණවද?” “ඔව්. මෙයාට මම ගොඩක් ආදරෙයි.” කපිතාන්වරයා ඇයට තම සිතෙහි ඇති ආදරය ගැන එලෙස කරුණු දක්වන්නට විය. ඇයගේ පැමිණිල්ලට අනුව ප්‍රශ්න කිරීම ආරම්භ වුයේ ඉන් අනතුරුවය. කපිතාන් දිනේෂ් මුල දී මෙම චෝදනා ප්‍රතික්ෂේප කළේය. ඔහු දිගටම පවසා සිටියේ ඇයට ආදරය කරන බව පමණි.

    එහෙත් අවසානයේ දී ඔහුට සියල්ල හෙළි කිරීමට සිදුවිය. ඔහුගේ හෙළි කිරිම් අනුව ඇය සමුහ දුෂණයට ලක්කළ අනෙක් දෙදෙනා ගැනද තොරතුරු හෙළි විය. තිහාරියේදී ඇය දුෂණය කළ අනෙක් පුද්ගලයා යුද හමුදා පොලිසියේ කපිතාන් වරයෙකි. අනුරාධපුර පාල්කුලම කඳවුරේ සේවය කරන ඔහු දිනේෂ්ගේ ඥාතියකුද වන්නේය. මොරටුව තට්ටු නිවාසය හිමිකරු ඉංජිනේරුවරයෙකි. ඔහු අවිවාහක වන අතර දිනේෂ් ගේ ඥාති කපිතන් අමිත් විවාහකයෙකි.

    දිනේෂ් ගේ බිරිය තුන්වන දරු ප්‍රසුතියට සුදානම් වෙමින් සිටින්නීය. දෙවස වරට ඇය සමූහ දූණණයට ලක්කළ නුගේගොඩ හමුදා වෛද්‍ය නිවාසය ද පොලිසිය පරික්ෂා කළේය. ඒ අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුවය. එම නිවෙසේ තිබී වාජීකරණ ඖෂධ, කෘතිම පුරුෂ ගංගයන් සහ ගංජා කොටයක් ද හමුවිය. හෙදිය වෛද්‍ය පරීක්ෂණකට යොමු කළ අතර ඇය බරපතල ලිංගික අතරවරයට ලක්ව ඇති බව එම වාර්ථාවේ සඳහන් විය.

    යුද හමුදා පොලිස් කපිතන් අමිත් පොලිසිය කළ දැනුම් දීමට අනුව පැමිණියේ නැත. එබැවින් යුද හමුදා පොලිසිය හරහා ඔහු පොලිසියට ගෙන්වා ගැනීමට සිදුවිය. මෙම ස්ත්‍රී දුෂණ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කිරීම පොලිසියට යම් අපහසු කරුණක් විය. ඒ කපිතාන්වරුන්ට මෙන්ම ඉංජිනේරු වරයාට ද රටේ ඉහළ නතතුරු හොබවන ඥාතීන් සිටීමය. මෙලෙස ඉතා අසික්කිත ලෙස කාන්තාවක දුෂණය කළ නරුමයන් වෙනුවෙන් පොලිසියට බලපෑම් කිරීමට ඔවුන්ගේ ඥාතීන් ඉදිරිපත්වීම ද පුදුම සහගතය. ඔවුන් එලෙස සැලසුම් කන්නට ඇත්තේ ඔවුන් ද මෙම ක්‍රියාදාමය අනුමත කරන නිසා විය යුතුය.

    එහෙත් පොලිසිය අකුරටම නීතිය ක්‍රියාත්මක කළේය.කොළඹ දිසාව බාර (වැඩ බලන) නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්තගේ පුර්ණ අධීක්ෂණය යටතේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා සහ එහි සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් යන මහත්වරුන්ගේ උපදෙස් මත නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ගයාන් ප්‍රසන්නගේ ප්‍රධානත්වයෙන් උපපොලිස් පරීක්ෂක ලලිත් පෙත්තතන්ත්‍රී, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ජානකී ද සිල්වා, කොස්තාපල්වරුන් වන සලින්ද (61287) සහ සිසිර (86735) යන නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.

    උපුටා ගැනීම

    -තක්ෂිලා ජයසේකර-

    ජනපතිතුමනි, විද්‍යා දූෂණය කළ උන්ට මරණ දඬුවම දුන්නානම්; මේ තුප්පහි තිරිසනුන්ට වඩා පහත් පාහරයින්ට මරණය අකැපද..?

    අතිගරු ජනාධිපතිතුමනි, එදා විද්‍යා දැරිය දූෂණය කළ පාපතර අමන මිනීමරුවන්ට ඔබ විශේෂ අධිකරණ ක්‍රියාමාර්ග තුළින් නීතිය ක්‍රියාත්මක කොට මරණ දඬුවම ලබාදීමට දක්වා එය සිදුකළා නම්, අපේ රටේ සිංහල සොහොයුරියක් වූ මැය කෲර ලෙස දූෂණයට ලක් කරමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිනාමයට කළු පැල්ලම් එක් කළ මෙම අමන පාහර තිරිසනුන්ටත් එහා ගිය අපතයින් නරකාදියේ යැවිය යුතු නොවේද..?

    උතුරට ක්‍රියාත්මක වූ නීතිය දකුණටද එක ලෙස ක්‍රියාත්මක විය යුතුය.

  • අරන්තලාව භික්ෂු ඝාතනය කලේ කරුණා අම්මාන් නොවේ – ගම්මන්පිල සුදු හුණු ගෑමක

    අරන්තලාව භික්ෂු ඝාතනය කලේ කරුණා අම්මාන් නොවේ – ගම්මන්පිල සුදු හුණු ගෑමක

    1987 ජූනි 2 වැනිදා අම්පාර දිස්ත්‍රික්කයේ අරන්තලාවේදී බෞද්ධ භික්ෂූන් (ඔවුන්ගෙන් බහුතරයක් කුඩා සාමණේර භික්ෂූන් විය) 33 දෙනෙකු සහ සිවිල් වැසියන් සිව්දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමට එවකට නැගෙනහිර පළාත භාර එල්ටීටීයි නායක කරුණා අමාන්ගේ  කිසිදු සම්බන්ධයක්  නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා ප්‍රකාශ කර තිබේ. 

    මෙම සමූහ ඝාතන සිදුවීමට කරුණා අම්මාන්ගේ සෘජු මැදිහත්වීමක් පැවති බවට හමුදා බුද්ධි අංශ සහ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙය වූ සියලු අංශ සනාථ කර ඇත. 

    https://www.youtube.com/watch?v=hoBN1GmHqn8

  • විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය මඩවල උපාලි හිමියන් නිපදවූ මෝටර් රථයට පේටන්ට් බලපත්‍රයක්

    විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය මඩවල උපාලි හිමියන් නිපදවූ මෝටර් රථයට පේටන්ට් බලපත්‍රයක්

    බණ්ඩාරවෙල. කිතල් ඇල්ල, රත්මල්කන්ද ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ,  ආරණ්‍ය සේනාධිපති පූජ්‍ය මඩවල උපාලි හිමියන් විසින් නිපදවන ලද නව නිපැයුම් රථයකට පේටන්ට් බලපත්‍රයක් ලැබී තිබේ.

    සූර්යය ශක්තිය, විභව ශක්ති, ප්‍රතිප්‍රාප්තිය මූලධර්මය හා විද්‍යුත් ප්‍රතිගාමක බලය උපයෝගී කරගෙන මෙම නිපැයුම සිදුකළ බව උපාලි හිමියෝ පවසති.

    මෙය සූර්යය ශක්තියෙන් ක්‍රියාකරන බවත්,ධාවනයේදී  ඇති විභව ශක්තිය හා තිරිංග යෙදීමේදී ක්‍ෂය වන චාලක ශක්තියද නැවත විද්‍යුත් ශක්තිය බවට හරවා එම ශක්තිය නැවත බැටරියවෙතම ගබඩා කර භාවිතයට ගැනීම මෙහි විශේෂත්වයක් බවද උන්වහන්සේ සඳහන් කරති. දැනට ලෝකයේ බරපතළ ප්‍රශ්නයක් වන ගෝලීය වායු දූෂණයට හා උණුසුමිකරණයට සෘජුව බලපාන කාබන්ඩයොක්සයිඩ්, සල්ෆඩයොක්සයිඩ් ආදී විෂ වායු පිට නොකිරීම මෙම රථයේ ඇති තවත් විශේෂත්වයකි.

    ඇවිදීමේ  අපහසුතාවන් ඇති සියලු දෙනාට මෙන්ම ව්‍යාපාරික පරීශ්‍රයේ නිතර එහාමෙහා ගමන් කරන නිලධාරීන්ට හා. කාර්යමණ්ඩලයට මෙම රථ මනා පිටිවහලක් වන බවද උන්වහන්සේ පෙන්වා දෙති.

    සාමාන්‍ය ගමනාගමනයට වුවද, වියදම් රහිතව ‍මෙම රථය යොදාගත හැකිය. උපරීම වේගය පැයකට කිලෝමීටර් 30කි.  පුද්ගලයන් දෙදෙනෙකුට මෙහි පහසුවෙන් ගමන් කළ හැකිය.පැවිදි වීමට පෙර උන්වහන්සේ විදයා  ගුරුවරයෙකි. තම ආරණ්‍ය සේනාසනයේ සිට විවිධ පර්යේෂණවල යෙදෙන උපාලි හිමියන් චතුර  දේශකයාණන් වහන්සේ නමක ලෙසද ප්‍රකටය. 

  • රටම හොල්ලපු පුංචි ඡන්දෙන් පසු අපේක්ෂකයින්ට – ආයතනවලට මොකද වෙන්නේ..

    රටම හොල්ලපු පුංචි ඡන්දෙන් පසු අපේක්ෂකයින්ට – ආයතනවලට මොකද වෙන්නේ..

    2018 පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව පළාත් පාලන ආයතනවල ධුර කාලය ආරම්භ වීම සහ මැතිවරණයෙන් තේරී පත්වූ අපේක්ෂකයින් සම්බන්ධ නීතිමය තත්ත්වය පිළිබඳව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    2016 අංක 16 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 65ආ වගන්තිය සහ 66වගන්තිය දක්වන පරිදි පළාත් පාලන ආයතනයේ සභිකයන් වශයෙන් තෝරා පත්කර ගනු ලැබූ සහ තෝරා යවනු ලබන අපේක්ෂකයන්ගේ නම් නිශ්චිතව සඳහන් කරනු ලබන දැන්වීමක් පලකල යුතු අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් එකී නම්, වහාම ගැසට් පත්‍රයේ පල කල යුතුය.

    පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ ධුර කාලය ආරම්භ වීම.

    පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පල කරනු ලබන නියමයක් මගින් පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ ධුර කාලය 2018.03.06 වන දින සිට ආරම්භ විය යුතු බවට නියම කර ඇත. ඉහත වගන්තීන් යටතේ මැතිවරණ කොමිෂන් සභාව විසින් තෝරා පත්කර ගනු ලැබූ සභිකයින් පිළිබඳව ප්‍රසිද්ධියට පත් කිරීමෙන් අනතුරුව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාගේ නියමය පරිදි නිකුත් කරන ගැසට් නිවේදනයක් මඟින් 2018.03.06 වන දින සිට ඒ ඒ සභාවල සභිකයින්ගේ ධුර කාලය ආරම්භ වන බව නිවේදනය කරනු ලැබේ.

    සභාපතිවරයා/නගරාධිපතිවරයා පත් කිරීම‍

    මෙහිදී යම් පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධින කණ්ඩායමක් විසින් යම් පළාත් පාලන ආයතන ආසන සංඛාවෙන් 50% ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් ලබා ගෙන ඇති අවස්ථාවකදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් අදාල දේශපාලන පක්ෂයේ ලේකම්වරයාගෙන් හෝ ස්වාධින කණ්ඩායමේ නායකයාගෙන් එම පිළිගත් දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ තේරී පත්වූ සභිකයන් අතරින් සභාපති/ උප සභාපති, නගරාධිපති / නියෝජ්‍ය නගරාධිපති නිශ්චය කරන ලෙස ඉල්ලා සිටිය යුතුය.

    යම්කිසි පළාත් පාලන ආයතනයක සමස්ථ ආසන සංඛ්‍යාවෙන් 50%කට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ලබා ගැනීමට අසමත්ව ඇති අවස්ථාවකදී එම පළාත් පාලන ආයතනයේ පළමු රැස්වීමේදී නගරාධිපතිවරයා හෝ නියෝජ්‍ය නගරාධිපතිවරයා සභිකයන්ගේ ඡන්දයෙන් තෝරා පත්කර ගත යුතුය.මෙම රැස්වීමෙහි මුලසුන පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයා විසින් දැරිය යුතුය.

    සභාපති/නගරාධිපතිපත්කරගැනීමේ ක්‍රමවේදය.

    01. පළාත් පාලන කොමසාරිස්වරයා විසින් මුලසුන දරන රැස්වීමේදී සභිකයින්ට ඡන්දයෙන් සභාපතිවරයා තෝරාපත්කර ගැනීමේ බලය හිමි වේ.

    02. මෙහිදි ඡන්දයෙහි ස්භාවය (රහස් ඡන්දයක්ද/ විවෘත ඡන්දයක්ද යන්න) සභිකයින් තීරණය කල යුතුය.

    සභිකයන් මුළු සංඛ්‍යාව නොසිටීම

    තවද නියමිත සම්පූර්ණ සභික සංඛ්‍යාව යථා පරිදි තෝරා පත් කර ගෙන නොමැති අවස්ථාවකදී වුවද, අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මඟින් සභාවක ධූර කාලය ආරම්භ කරනු ලබන බවට ප්‍රකාශ කරනු ලබන දිනක සිට, සභාව සංස්ථාපනය කරනු ලැබීමට හැකිවනු පිණිස පළාත් පාලන ආයතන ප්‍රධාන අණපනත් වල නෛතිකමය ප්‍රතිපාදන සැලසී ඇති බැවින් මැතිවරණ කොමසාරිස් විසින් තෝරා ගත් සභිකයින් පිළිබඳව ප්‍රසිද්ධියට පත් කිරීමත් සමගම සභාවල ධුර කාලය ආරම්භ වීමට බාධාවක් නොමැත.

    පක්ෂ මාරු කිරීමට ඇති ඉඩකඩ නොමැති වීම

    පළාත් පාලන ආයතන ජන්ද විමසීම් ආඥා පනතේ 10 වන අ වගන්තිය පරිදි කිසියම් පක්ෂ ලේකම්වරයෙකු විසින් තම පක්ෂයෙන් තේරී පත් වී ඇති සභිකයෙකු පක්ෂයේ සාමාජිකයෙකුව සිටීම අවසන්ව ඇති බව දිස්ත්‍රික් ජන්ද විමසීම් නිලධාරියා වෙත දැන්වීමෙන් අනතුරුව දිස්ත්‍රික් ජන්ද විමසීම් නිලධාරියා ඒ බවට සෑහීමට පත්වන අවස්ථාවකදී ඒ තැනැත්තා සිය සභික ධුරය අවසන්කර ඇති බවට ප්‍රකාශයට පත් කිරීමේ හැකියාව ඇත.එබැවින් පළාත් පාලන ආයතන ජන්ද විමසීම් ආඥා පනතේ මෙම ප්‍රතිපාදනය පක්ෂ මාරු වීම් නවතා දැමීමට ප්‍රතිපාදන සලසයි .

    කාන්තා නියෝජනය

    පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය පිළිබඳව මේ වන විට විවිධ තොරතුරු සාකච්ඡාවන අතර, ඒ පිලිබඳව අමාත්‍යාංශයේ ස්ථාවරය පහත පරිදි වේ.

    2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 262 වන අධිකාරය වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත සහ එහි මෙතෙක් සිදු කරන ලද සංශෝධන පදනම් කරගෙන පවත්වන ලද ඡන්ද විමසීමක් වන බැවින් එකී නීතිය යටතේ ඒ ඒ පළාත් පාලන ආයතන වෙත තේරී පත් වීමේ නෛතිකමය අපේක්ෂාවක් සහිතව අපේක්ෂකයින්ගේ නාම යෝජනා ඉදිරිපත් කර ඇත.

    2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ වන සේ එකී පනතෙහි සංශෝධන අතීතයට බලපාන පරිදි සිදු කිරීමට නෛතිකමය බාධාවක් පැනනගින බැවින් සභිකයන් තෝරා පත්කර ගැනීම සහ තෝරා යැවීමට අදාළව යම් ප්‍රායෝගික ගැටළු උද්ගත වේ නම් මින් ඉදිරියට පැවැත්වෙන පළාත් පාලන ඡන්දයකදී ඒවා නිවැරදි කර ගැනීමේ හැකියාවක් මිස පැවති ඡන්දය සඳහා අදාළ වන සේ එකී සංශෝධන සිදු කළ නොහැකි බව අමාත්‍යාංශය නිරීක්ෂණය කර ඇත.

    මෙකී කරුණු සැලකිල්ලට ගෙන මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධව දැනට පවත්නා නීතිය අදාළ කර ගැනීම සුදුසු බව වැඩිදුරටත් නිරීක්ෂණය වී ඇත.

    මේ සම්බන්ධව ගරු කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පවත්වන ලද පක්ෂ නායක රැස්වීමේ ගනු ලැබූ තීරණයක් පරිදි පවත්නා නීතිය එලෙසම ක්‍රියාත්මක කිරීමටත් එහිදි යම් ගැටළු සහගත තත්ත්වයක් උද්ගත වී ඇත්නම් සහ අනාගතයේදී ඒ පිළිබඳව අධිකරණය විසින් යම් තීරණයක් ගනු ලැබුවහොත් එකී තීරණ මත ඉදිරි පියවර ගැනීම සුදුසුබවටත් සාකච්ඡා වූ අතර ඒ අනුව, ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා ලෙස අමාත්‍යාංශයට සහ මැතිවරණ කොමිෂන් සභාව වෙත උපදෙස් ලබා දී ඇත.