රටම බලාසිටි ජාතික ආණ්ඩුවේ අනාගතය ගැන රනිල් සහ මහින්ද කියු දේ මෙන්න..

ජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසුවා. ඒ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ස්ථාවරය පාර්ලිමේන්තුවට දැනුම් දුන් අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේද ජාතික ආණ්ඩුව දිගටම පවත්වාගෙන යාමට එක්සත් ජනතා නිදහස් සන්ධානයද එකඟ බවය.
ලංකාවේ බල අරගලය අතරතුර LTTEයට සම්බන්ධ වාර්තා චිත්‍රපටයක් කරලියට..

එල්. ටී. ටී. ඊ. සංවිධානයට සම්බන්ධ කථාවක් පාදක කර ගනිමින් නිර්මාණය කළ වාර්තාමය චිත‍්‍රපටයක් මෙවර බර්ලින් චිත‍්‍රපට උළෙලට ඉදිරිපත් කර තිබෙනවා. එය නම් කර ඇත්තේ ‘‘මාතාංගී’’ ලෙසයි. ශී‍්‍ර ලාංකික සම්භවයක් ඇති ද්‍රවිඩ ජාතික බි‍්‍රතාන්‍ය හිපොප් ගායිකාවක් ලෙස ප‍්‍රකට මියා නොහොත් මාතාංගි…
අපවත් වී වදාළ පුජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමිගේ මරණ පරීක්ෂණය ගැන සැකයක්….

පසුගියදා අපවත්වී වදාළ පූජ්‍ය  බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් කොළඹ නාරාහේන්පිට පෞද්ගලික රෝහලක අපවත්වුවද ඒ පිළිබඳ මරණ පරික්ෂණය කොළඹ හදිසි මරණ පරීක්ෂණ උසාවියේ නොපවත්වා බොරලැස්ගමුව හදිසි මරණ පරික්ෂිකාව විසින් සිදුකිරිම සැකයට හා ගැටලුවට භාජනයවී තිබේ. එයට එරෙහිව කොළඹ නාගරික හදිසිමරණ පරික්ෂිකා නීතිඥ…
“සංහිඳියා නාලිකාවේ“ විකාශන කටයුතු ජනපති ප‍්‍රධානත්වයෙන් ඇරඹේ

ශී‍්‍ර ලංකා රූපවාහිනි සංස්ථාවේ නව දෙමළ නාලිකාව වන “සංහිඳියා නාලිකාවේ“  විකාශ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  (20) පස්වරුවේ ජාතික රූපවාහිනි පරිශ‍්‍රයේදී පැවැත්විණි. රට තුළ ජාතික සංහිඳියාව ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළට දායක වෙමින් මෙම නව සංහිඳියා නාලිකාව…
රනිල්ගේ බල කාමය හමුවේ ඇතිවු රටේ අස්ථාවරත්වය නිසා ඩොලරයට සාපේක්ෂව රුපියල පහතට..

වත්මන් ආණ්ඩුවේ මේ වන විට පවතින දේශපාලන දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් නැවත වරක් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය වෙමින් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (20) නිවේදනය කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයේ සාපේක්ෂව විකුණුම් අගය 157.14ක් වූ අතර ගැනුම් අගය 153.36ක් ලෙස…
ක්‍රිකට් පොත් අළුත් වෙයි. ඇෆ්ගනිස්ථානයේ රෂීඞ් ඛාන් පන්දු යවන්නන් අතර පළමු තැනට..

ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන රෂීඞ් ඛාන් කි‍්‍රකට් වාර්තා පොත් අලුත් කර තිබෙනවා. ඒ, මෙතෙක් ලොව අංක එකේ එක්දින පන්දු යවන්නා බවට පත්වූ ලාබාලතම කි‍්‍රඩකයා බවට පත්වෙමින්. මේ වනවිට රෂීඞ් ඛාන්ගේ වයස අවුරුදු 19ක්. ඉකුත් බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ තරග සංචාරවලදී…
පොඩි එවුන්ට සැප ගන්න රූම් දෙන මහ එවුන්ට ගුටි දෙන්න ළමාරක්ෂක අධිකාරිය වැඩට බසි

බාලවයස්‌කරුවන්ට ලැගුම්හල්වල කාමර පහසුකම් ලබාදීමෙන් වළකින ලෙස ජාතික ළමාරක්‍ෂක අධිකාරිය සියලුම ලැගුම්හල් හිමියන්ගෙන් ඉල්ලා සිටී.   කාමර පහසුකම් ලබාදෙන ස්‌ථාන දිවයින පුරා දක්‌නට ලැබෙන අතර ඇතැම් ස්‌ථානවල බාලවයස්කාර දරුවරුන් ලිංගික කටයුතුවලට යොදා ගන්නා බවට විවිධ පුවත් වාර්තා වීම සුලභ සිදුවීමක්…
කුපාම මහින්දට විපක්ෂ නායකකම ඉල්ලා පොහොට්ටුවෙන් ජනරැලි මාලාවක්..

ඉදිරි මාස හය ඇතුළත මහින්දට විපක්ෂ නායක කම ලබාදෙන ලෙස ඉල්ලා නැවතත් ජනරැලි මාලාවක් දියත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබුණු ජනපදනම මතින් විපක්ෂ නායකකම මහින්ද රාජපක්ෂ මහතාට ලබාගැනීම මෙහි අරමුණ බව…
බ්‍රිතාන්‍යයේ දී ‘මරණීය’ ඉඟිපෑ පුවත් මැවු බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු අද දිවයිනට.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මෙරටින් කරන ලද කැඳවීමකට අනුව අද (21 වැනිදා) අද ශ්‍රී ලංකාවට පැමිණෙයි. නිදහස්‌ දිනය යෙදුණු ඉකුත් පෙබරවාරි හතර වැනිදා බ්‍රිතාන්‍යයේ  ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලය මගින්…
සනී ලියෝන්ගේ සරාගී පින්තුරයක් ගොවිබිමේ ලොකුවට ගහපු ගොවියට වෙච්ච දේ මෙන්න…

මිනිසුන් තම වගාවන් වැඩි කරගැනීමට,අස්වැන්න සාර්ථක කරගැනීමට විවිධ උපක්‍රම යොදාගන්නවා. තම වගාවන් ආරක්ෂා කරගැනීමටත් විවිධ දේ කරනවා. නමුත් ගොවියෙකු තම විශාල වගාබිමේ සුවිශාල කාන්තා රුවක බැනරයක් සවිකර තිබුනා. එහි සිටියේ ජනප්‍රිය නිළියකි. ටිකක කාලෙකින් ඔහුගේ වගා බිමේ පලදාවට සිදුවුයේ නොසිතු…
ගෑස් මිල වැඩි කරන්න එකගතාවක් නැතැයි ආණ්ඩුව කියද්දී එකඟ වූ බව සමාගම් කියයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු ගෑස් මිල වැඩි කිරිමට ආණ්ඩුව එකඟ වී තිබූ බව ගෑස් සමාගම් පවසන අතර ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය අප වෙත කියා සිටියේ ගෑස් මිල වැඩි කරන ලෙසට කරන ඉල්ලීම මෑතකදී සිදු කළ එකක් නොවන බවයි. ලෝක වෙළඳපළේ…
යාපනයේ ඉදන් ආපු බස් රථයක මහා රෑ  ගිනි ගනී – පිපිරීමක්ලු… තුවාල ලැබූ 15ක් රෝහලේ

යාපනයේ සිට දියතලාව දක්වා පැමිණ එහි සිට බණ්ඩාරවෙළ දක්වා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක් හදිසියේම ගිනි ගෙන තිබෙනවා. අද (21) අලුමය මෙම බස් රථය හදිසියේ ගිනි ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. ගින්න හේතුවෙන් බස් රථයේ සිටි පුද්ගලයින් 15…
“තරුණයන්ට බලවත් ඇමතිකම්” කැබිනට්ටුවේ ප්‍රබල වෙනසක්, ඇමතිකම් නැති වෙන්නේ කාටද ?

වත්මන් රජයේ දෙවැනි අමාත්‍ය මණ්‌ඩල සංශෝධනය අද (21) හෝ හෙට (22) සිදු කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.   ඒ අනුව මුදල්, නීතිය හා සාමය, මහා මාර්ග, ධීවර හා ජලජ සම්පත්, ක්‍රීඩා, විද්‍යා හා තාක්‍ෂණ යන අමාත්‍යාංශවල වෙනස්‌වීම් සිදු කෙරෙන…
25%  කාන්තා සභික සංඛ්‍යාව ගැන මැතිවරණ කොමිසමේ අවසන් තීරණය මෙන්න..

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප‍්‍රතිඵල අනුව පක්ෂවලින් හා ස්වධීන කණ්ඩායම්වලින් පත් කළ යුතු කාන්තා සභික සංඛ්‍යාව පිළිබඳ මැතිවරණ කොමිසම අවසන් එකඟතාවකට පැමිණ තිබෙනවා. ඒ, සියයට 25ක කාන්තා නියෝජනය සාක්ෂාත් කර ගැනීම අරමුණු කර ගනිමින්. මැතිවරණ කොමිසමේ  ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ…
රටම බලාසිටින ජාතික ආණ්ඩුව ගැන තීරණය අද මැතිසබයට…

ජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යා හැකිද නැද්ද යන්න සම්බන්ධයෙන් කතානායකවරයාගේ තීරණය අද (21) දිනයේ පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතයි. ජාතික ආණ්ඩුව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඊයේ (20) වනතෙක් තමන්ට නිල දැනුම් දීමක් ලැබී නොමැති බවයි කතානායකවරයා පැවසුවේ.