Author: Editor[A]

  • රටම බලාසිටි ජාතික ආණ්ඩුවේ අනාගතය ගැන රනිල් සහ මහින්ද කියු දේ මෙන්න..

    රටම බලාසිටි ජාතික ආණ්ඩුවේ අනාගතය ගැන රනිල් සහ මහින්ද කියු දේ මෙන්න..

    ජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසුවා.

    ඒ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ස්ථාවරය පාර්ලිමේන්තුවට දැනුම් දුන් අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේද ජාතික ආණ්ඩුව දිගටම පවත්වාගෙන යාමට එක්සත් ජනතා නිදහස් සන්ධානයද එකඟ බවය.

  • ලංකාවේ බල අරගලය අතරතුර LTTEයට සම්බන්ධ වාර්තා චිත්‍රපටයක් කරලියට..

    ලංකාවේ බල අරගලය අතරතුර LTTEයට සම්බන්ධ වාර්තා චිත්‍රපටයක් කරලියට..

    එල්. ටී. ටී. ඊ. සංවිධානයට සම්බන්ධ කථාවක් පාදක කර ගනිමින් නිර්මාණය කළ වාර්තාමය චිත‍්‍රපටයක් මෙවර බර්ලින් චිත‍්‍රපට උළෙලට ඉදිරිපත් කර තිබෙනවා.

    එය නම් කර ඇත්තේ ‘‘මාතාංගී’’ ලෙසයි. ශී‍්‍ර ලාංකික සම්භවයක් ඇති ද්‍රවිඩ ජාතික බි‍්‍රතාන්‍ය හිපොප් ගායිකාවක් ලෙස ප‍්‍රකට මියා නොහොත් මාතාංගි මායා අරූල් ප‍්‍රගාසම්ගේ කථාවක් මෙම චිත‍්‍රපටයට ඇතුළත්.

    ඇයගේ පියා ඊරෝස් සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු බවයි පැවසෙන්නේ. අවුරුදු 9යේදී ඇය සිය මව සමග බි‍්‍රතාන්‍යයට පැමිණ තිබෙනවා.

    පසුව ශී‍්‍ර ලංකාවට පැමිණ ඇති මාතාංගි උතුරේ තත්ත්වය රූ ගත කර රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. වසර 22කට පෙර එම රූගත කිරීම් සිදු කර ඇති බවද පැවසෙනවා. 

    මියා ලෙසින් ප‍්‍රකට ඇගේ සංගීත භූමිකාවේදීද ඇය විසින් ගැයූ ගීත වල ඇතුළත් වන්නේ ශී‍්‍ර ලංකාවේ ද්‍රවිඩ ජාතිකයින්ට සිදුවන විවිධ අසාධාරණකම් පිළිබඳවයි.

  • අපවත් වී වදාළ පුජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමිගේ මරණ පරීක්ෂණය ගැන සැකයක්….

    අපවත් වී වදාළ පුජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමිගේ මරණ පරීක්ෂණය ගැන සැකයක්….

    පසුගියදා අපවත්වී වදාළ පූජ්‍ය  බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් කොළඹ නාරාහේන්පිට පෞද්ගලික රෝහලක අපවත්වුවද ඒ පිළිබඳ මරණ පරික්ෂණය කොළඹ හදිසි මරණ පරීක්ෂණ උසාවියේ නොපවත්වා බොරලැස්ගමුව හදිසි මරණ පරික්ෂිකාව විසින් සිදුකිරිම සැකයට හා ගැටලුවට භාජනයවී තිබේ.
    එයට එරෙහිව කොළඹ නාගරික හදිසිමරණ පරික්ෂිකා නීතිඥ ඉරේෂා දේශානි සමරවීර මහත්මිය පොලිස්පතිවරයා වෙත පෙරේදා (19)පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
    ඇය මේ සම්බන්ධයෙන් මීට පෙර අධිකරණ සේවා කොමිෂන් සභාවටත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාටත් පැමිණිලි කර තිබෙන බවද වාර්තා විය.

    බෙල්ලන්විල විමලරතන අනු නා හිමියන් අපවත් වූ නාරාහේන්පිට රෝහල කොළඹ නාගරික බලසීමාවට අයත් නිසා මරණ පරික්ෂණය බොරලැස්ගමුවේ සිදුකිරීම නීති විරෝධි බවත් එය සිදු කරන්නට එපා යයි බොරලැස්ගමුව හදිසි මරණ පරික්ෂිකවරියටත්, බොරලැස්ගමුව සහ නාරාහේන්පිට පොලිස් ස්ථානධිපතිවරුන්ට දැනුම් දී තිබියදී කිසියම් අයෙකුගේ බලපෑම මත පරීක්ෂණය බොරලැස්ගමුවෙන් සිදු කර මරණය පිළිබඳ තීන්දුව ලබාදී ඇති බවද වාර්තා විය.

    ඇය මෙම නීතිවිරෝධී ක්‍රියාව සිදුවන්නට පෙර එය සැලවී ඊට ඉඩ නොදෙන ලෙසත්, එසේ කළහොත් එය නිති විරෝධී ක්‍රියාවක් සිදුවන බවත් දැනුම් දිමට දුරකතන ඇමතුම් කිහිපයක්ම ලබා දුන්නත් ප්‍රතිචාර දක්වා නැත.
    පොලිස් ස්ථානාධිපතිවරුන් ද ඇගේ දැනුම් දීම අනුව ක්‍රියා කළේ නැති නිසා ඒ ගැන පැමිණිලි කිරීමට අධිකරණ කොමිසන් සභාවටත්, කොළඹ ප‍්‍රධාන මහේස්ත්‍රාත්වරයාටත් පොලිස්පතිවරයාටත් ලිඛිතව දැනුම් දී තිබේ.
    බොරලැස්ගමුවේ සිදු කළ පරීක්ෂණය අනුව හිමියන්ගේ අපවත්වීම හෘදයාබාධයකින් සිදුවූ බවට නිගමනය වී තිබුණි.

  • “සංහිඳියා නාලිකාවේ“ විකාශන කටයුතු ජනපති ප‍්‍රධානත්වයෙන් ඇරඹේ

    “සංහිඳියා නාලිකාවේ“ විකාශන කටයුතු ජනපති ප‍්‍රධානත්වයෙන් ඇරඹේ

    ශී‍්‍ර ලංකා රූපවාහිනි සංස්ථාවේ නව දෙමළ නාලිකාව වන “සංහිඳියා නාලිකාවේ“  විකාශ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  (20) පස්වරුවේ ජාතික රූපවාහිනි පරිශ‍්‍රයේදී පැවැත්විණි.

    රට තුළ ජාතික සංහිඳියාව ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළට දායක වෙමින් මෙම නව සංහිඳියා නාලිකාව ආරම්භ කර තිබෙන අතර දෙමළ භාෂාව කතාකරන ජනතාවගේ ජාතික, ආගමික සහ සංස්කෘතික අනන්‍යතාව වෙනුවෙන් මෙම නාලිකාව පූර්ණ කාලීනව විකාශන කටයුතු සිදුකරයි.

    අමාත්‍යවරුන් වන මංගල සමරවීර, මනෝ ගනේෂන්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.ඒ. සුමන්තිරන්, අංගජන් රාමනාදන්, කාදර් මස්තාපා යන මහත්වරුන් සහ විදෙස් තානාපතිවරුන්, ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරින් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් ද, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති නීතිඥ රවී ජයවර්ධන, අධ්‍යක්ෂ ජනරාල් තුසිර මැලැව්වෙතන්ති‍්‍ර, කි‍්‍රයාකාරී අධ්‍යක්ෂ අමල් ගජමන්ගේ යන මහත්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලය මිට එක්ව සිටියහ.

  • රනිල්ගේ බල කාමය හමුවේ ඇතිවු රටේ අස්ථාවරත්වය නිසා ඩොලරයට සාපේක්ෂව රුපියල පහතට..

    රනිල්ගේ බල කාමය හමුවේ ඇතිවු රටේ අස්ථාවරත්වය නිසා ඩොලරයට සාපේක්ෂව රුපියල පහතට..

    වත්මන් ආණ්ඩුවේ මේ වන විට පවතින දේශපාලන දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් නැවත වරක් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය වෙමින් තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (20) නිවේදනය කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයේ සාපේක්ෂව විකුණුම් අගය 157.14ක් වූ අතර ගැනුම් අගය 153.36ක් ලෙස දැක්විණි.

    මහ බැංකුව පෙරේදා (19) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 156.97ක් ලෙස දැක්විණි. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී දෙවැනි සතිය ද ගත වෙමින් තිබුණත් ජාතික ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක අතරේ ඇති වී තිබෙන දේශපාලනමය අර්බුදකාරී තත්ත්වය නිසා ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අස්ථාවර තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.

    මේ හේතුව කොටස් වෙළෙඳපොළ මිල ගණන් අවස්ථා කිහිපයකදීම පහත වැටුණු අතර ආයෝජකයන්ගේ විශ්වාසය පළුදු වී තිබේ.

    දේශපාලන අවිනිශ්චිතතාව හේතුවෙන් රුපියල තවදුරටත් අවප්‍රමාණය වීමේ අවදානමකට පත්ව තිබෙන රොයිටර් පුවත් සේවය අවස්ථා කිහිපයකදීම වාර්තා කර තිබිණි. එමෙන්ම මේ වසරේ මේ දක්වා කාලයේදී සියයට 1.3කින් රුපියල පහත වැටී ඇතැයි තොම්සන් රොයිටර්ස් දත්ත වාර්තා පෙන්වා දෙයි.

    රජයේ ණය නැවත ගෙවීම් නිසා මේ වසරේදී රුපියල ඉහළ ද්‍රවශීලතාවක් ගනු ඇතැයි ද සියයට 2ත් 3ත් අතර අගයකින් පහත වැටෙනු ඇතැයි ද අපේක්ෂා කෙරිණි. පසුගිය වසරේදී රුපියල සියයට 2.5ක අගයකින් පහත වැටුණු අතර 2016 වසරේදී සියයට 3.9කින් පහත වැටිණි.

    වර්තාමනයේ ඇති වී තිබෙන දේශපාලන අස්ථාවර සහ අර්බුදකාරී තත්ත්වය කඩිනමින් අවසන් කළ යුතු යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගිය සතියේදී අවධාරණය කළේය.

    එපමණක් නොව වත්මන් අර්බුදය කඩිනමින් අවසන් නොකළහොත් ආර්ථිකය තවදුරටත් අර්බුදකාරී තත්ත්වයකට ගමන් කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් බොහෝමයක් මේ වනවිට අනතුරු අඟවා තිබේ.

  • ක්‍රිකට් පොත් අළුත් වෙයි. ඇෆ්ගනිස්ථානයේ රෂීඞ් ඛාන් පන්දු යවන්නන් අතර පළමු තැනට..

    ක්‍රිකට් පොත් අළුත් වෙයි. ඇෆ්ගනිස්ථානයේ රෂීඞ් ඛාන් පන්දු යවන්නන් අතර පළමු තැනට..

    ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන රෂීඞ් ඛාන් කි‍්‍රකට් වාර්තා පොත් අලුත් කර තිබෙනවා.

    ඒ, මෙතෙක් ලොව අංක එකේ එක්දින පන්දු යවන්නා බවට පත්වූ ලාබාලතම කි‍්‍රඩකයා බවට පත්වෙමින්.

    මේ වනවිට රෂීඞ් ඛාන්ගේ වයස අවුරුදු 19ක්. ඉකුත් බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ තරග සංචාරවලදී  ලොව වැඩිම කතා බහට ලක්වූ පන්දු යවන්නකු බවට ඔහු පත්වුණා.

    සිම්බාබ්වේ තරගාවලියේ තරග 05කදී රෂීඞ් ඛාන් බිඳ හෙළු කඩුලූ සංඛ්‍යාව 16ක්. මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොගත් ඇෆ්ගනිස්ථාන කී‍්‍රඩකයෙකු ලොව අංක එකේ පන්දු යවන්නා බවට පත්වීම විශේෂත්වයක් බවයි කී‍්‍රඩා විශ්ලේෂකයින් පවසන්නේ. නවතම එක් දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට ඔහු සමග ඉන්දිය වේග පන්දු යවන කී‍්‍රඩක ජස්ප‍්‍රීට් බුම්රාද නම් කර තිබෙනවා. 

    මේ අතර නවතම එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීමේ අංක එකේ ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවේ විරාත් කෝලියි. ඔහුට හිමි ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 909ක්. කී‍්‍රඩකයෙකු ප‍්‍රසාද ලකුණු 900 සිමාව මෙලෙස පසු කර ගියේ වසර 25කට පසුව වීමද විශේෂත්වයක්.

    එමෙන්ම ප‍්‍රසාද ලකුණු 900 සීමාව පසුකර ගිය පළමු ඉන්දීය පිතිකරු බවටද ඔහු පත්වුණා.

  • පොඩි එවුන්ට සැප ගන්න රූම් දෙන මහ එවුන්ට ගුටි දෙන්න ළමාරක්ෂක අධිකාරිය වැඩට බසි

    පොඩි එවුන්ට සැප ගන්න රූම් දෙන මහ එවුන්ට ගුටි දෙන්න ළමාරක්ෂක අධිකාරිය වැඩට බසි

    බාලවයස්‌කරුවන්ට ලැගුම්හල්වල කාමර පහසුකම් ලබාදීමෙන් වළකින ලෙස ජාතික ළමාරක්‍ෂක අධිකාරිය සියලුම ලැගුම්හල් හිමියන්ගෙන් ඉල්ලා සිටී.
     
    කාමර පහසුකම් ලබාදෙන ස්‌ථාන දිවයින පුරා දක්‌නට ලැබෙන අතර ඇතැම් ස්‌ථානවල බාලවයස්කාර දරුවරුන් ලිංගික කටයුතුවලට යොදා ගන්නා බවට විවිධ පුවත් වාර්තා වීම සුලභ සිදුවීමක් බවට පත්ව තිබේ. එම නිසා තමන් නවාතැන් පහසුකම් ලබාදෙන ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම ජාතික හැඳුනුම්පත් පරීක්‍ෂා කර බැලීමට ලැගුම්හල් හිමියන් සිය අවධානය යොමුකළ යුතු බවට එම අධිකාරිය පවසනවා. 

    මෙවැනි ලැඟුම්හල් පරීක්ෂා කිරීමේ වැඩසටහනක්ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ආරම්භ කර තිබෙන බව සදහන්.
     
    එමෙන්ම මෙලෙස බාලවයස්‌කරුවන්හට තාවකාලික නවාතැන් ලබා දෙන ලැගුම්හල් පිළිබඳව ළඟම ඇති පොලිස්‌ ස්‌ථානයට හෝ 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා ජාතික ළමාරක්‍ෂක අධිකාරිය දැනුවත් කරන්නැයිද මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

  • කුපාම මහින්දට විපක්ෂ නායකකම ඉල්ලා පොහොට්ටුවෙන් ජනරැලි මාලාවක්..

    කුපාම මහින්දට විපක්ෂ නායකකම ඉල්ලා පොහොට්ටුවෙන් ජනරැලි මාලාවක්..

    ඉදිරි මාස හය ඇතුළත මහින්දට විපක්ෂ නායක කම ලබාදෙන ලෙස ඉල්ලා නැවතත් ජනරැලි මාලාවක් දියත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.

    පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබුණු ජනපදනම මතින් විපක්ෂ නායකකම මහින්ද රාජපක්ෂ මහතාට ලබාගැනීම මෙහි අරමුණ බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.

    ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හා පක්ෂ නායකයන් එක්ව පසුගිය දිනවල සිදුකළ සාකච්ඡාවලදී මේ සම්බන්ධව අවධානය යොමුවී තිබේ.

    කොළඹ නගරයේ පිහිටි ක්‍රීඩාංගණයකට ක්ෂණිකව ජනතාව කැඳවා රැලියක් පැවැත්වීමට කටයුතු කරගෙන යන බවත් විපක්ෂනායක ධුරය ලබාගැනීම සදහා මෙවැනි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා සිටියේය.

  • බ්‍රිතාන්‍යයේ දී ‘මරණීය’ ඉඟිපෑ පුවත් මැවු බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු අද දිවයිනට.

    බ්‍රිතාන්‍යයේ දී ‘මරණීය’ ඉඟිපෑ පුවත් මැවු බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු අද දිවයිනට.

    බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මෙරටින් කරන ලද කැඳවීමකට අනුව අද (21 වැනිදා) අද ශ්‍රී ලංකාවට පැමිණෙයි.

    නිදහස්‌ දිනය යෙදුණු ඉකුත් පෙබරවාරි හතර වැනිදා බ්‍රිතාන්‍යයේ  ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලය මගින් පැවැත්වූ නිදහස්‌ සමරු උත්සවයට විරෝධය දක්‌වමින් ශ්‍රී ලාංකීය දෙමළ ජාතිකයින් පිරිසක් විසින් දියත් කළ උද්ඝෝෂණයේදී ඔවුන්ට කළ ‘මරණීය’ ඉඟි කිරීමක්‌ හේතුවෙන් ඔහුට බරපතල චෝදනාවක් එල්ලවිය.

    එහිදී වහාම ඔහුගේ සේවය අවසන් කර යළි ශ්‍රී ලංකාවට කැඳවීමට විදේශ ඇමැතිවරයා කටයුතු කළද පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් බ්‍රිගේඩියර්වරයා යළි සේවයේ පිහිටුවීම ට කටයුතු කෙරිණි.

    බ්‍රිගේඩියර්වරයා මරණීය තර්ජන එල්ල කළ බව පවසමින් බ්‍රිතාන්‍යයේ ජෝන් රයන්, සිමෝන් මැක්‌ඩොනා සහ පෝල් ස්‌කලී යන එරට පාර්ලිමේන්තු මන්ත්‍රිවරියෝ දැඩි ලෙස චෝදනා එල්ල කිරීමත් සමග මෙම සිද්ධිය රාජ්‍යතන්ත්‍රීක අර්බුදයක් දක්වා උත්සන්න විය.

    ඉකුත් සතියේ යළිත් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවූ පිරිස් පසුව බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්‌ඩල කාර්යාලය වෙත පැමිණිල්ලක්‌ කිරීමටද ක්‍රියා කර තිබිණි.

     බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යළි මෙරටට කැඳවීමට හේතු වූයේ කුමක්‌ද යන්න මේ වන විට අභිරහසක්‌ බවට පත්ව ඇත

  • සනී ලියෝන්ගේ සරාගී පින්තුරයක් ගොවිබිමේ ලොකුවට ගහපු ගොවියට වෙච්ච දේ මෙන්න…

    සනී ලියෝන්ගේ සරාගී පින්තුරයක් ගොවිබිමේ ලොකුවට ගහපු ගොවියට වෙච්ච දේ මෙන්න…

    මිනිසුන් තම වගාවන් වැඩි කරගැනීමට,අස්වැන්න සාර්ථක කරගැනීමට විවිධ උපක්‍රම යොදාගන්නවා. තම වගාවන් ආරක්ෂා කරගැනීමටත් විවිධ දේ කරනවා.
    නමුත් ගොවියෙකු තම විශාල වගාබිමේ සුවිශාල කාන්තා රුවක බැනරයක් සවිකර තිබුනා. එහි සිටියේ ජනප්‍රිය නිළියකි.
    ටිකක කාලෙකින් ඔහුගේ වගා බිමේ පලදාවට සිදුවුයේ නොසිතු දෙයකි. ඔහු ඒ ගැන පැහැදිලි කළා. බලන්නකෝ ඔහු කීව විශ්මිත කතාව.

  • ගෑස් මිල වැඩි කරන්න එකගතාවක් නැතැයි ආණ්ඩුව කියද්දී එකඟ වූ බව සමාගම් කියයි

    ගෑස් මිල වැඩි කරන්න එකගතාවක් නැතැයි ආණ්ඩුව කියද්දී එකඟ වූ බව සමාගම් කියයි

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු ගෑස් මිල වැඩි කිරිමට ආණ්ඩුව එකඟ වී තිබූ බව ගෑස් සමාගම් පවසන අතර ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය අප වෙත කියා සිටියේ ගෑස් මිල වැඩි කරන ලෙසට කරන ඉල්ලීම මෑතකදී සිදු කළ එකක් නොවන බවයි.

    ලෝක වෙළඳපළේ ගෑස් මිල ගණන් ඉහළ යාම හා රුපියල අවප‍්‍රමාණය වීම හේතුවෙන් මෙම ඉල්ලීම සිදු කළ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

    කෙසේවෙතත්  ගෑස් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී ද මාධ්‍යවේදීන් වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

  • යාපනයේ ඉදන් ආපු බස් රථයක මහා රෑ  ගිනි ගනී – පිපිරීමක්ලු… තුවාල ලැබූ 15ක් රෝහලේ

    යාපනයේ ඉදන් ආපු බස් රථයක මහා රෑ ගිනි ගනී – පිපිරීමක්ලු… තුවාල ලැබූ 15ක් රෝහලේ

    යාපනයේ සිට දියතලාව දක්වා පැමිණ එහි සිට බණ්ඩාරවෙළ දක්වා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක් හදිසියේම ගිනි ගෙන තිබෙනවා.

    අද (21) අලුමය මෙම බස් රථය හදිසියේ ගිනි ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

    ගින්න හේතුවෙන් බස් රථයේ සිටි පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වෙනවා. තුවාල ලැබූ පිරිස දියතලාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

    ගින්නට හේතුව මෙතෙක් අනාවරණය නොවූ බවයි පොලිසිය සඳහන් කළේ. කෙසේවෙතත් අප වාර්තාකරු සඳහන් කළේ බස් රථයේ සිදුවූ පිපිරීමකින් මෙම ගින්න හටගෙන ඇති බවයි.

  • “තරුණයන්ට බලවත් ඇමතිකම්” කැබිනට්ටුවේ ප්‍රබල වෙනසක්, ඇමතිකම් නැති වෙන්නේ කාටද ?

    “තරුණයන්ට බලවත් ඇමතිකම්” කැබිනට්ටුවේ ප්‍රබල වෙනසක්, ඇමතිකම් නැති වෙන්නේ කාටද ?

    වත්මන් රජයේ දෙවැනි අමාත්‍ය මණ්‌ඩල සංශෝධනය අද (21) හෝ හෙට (22) සිදු කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.
     
    ඒ අනුව මුදල්, නීතිය හා සාමය, මහා මාර්ග, ධීවර හා ජලජ සම්පත්, ක්‍රීඩා, විද්‍යා හා තාක්‍ෂණ යන අමාත්‍යාංශවල වෙනස්‌වීම් සිදු කෙරෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
     
    ජාතික ආණ්‌ඩුවේ එක්‌සත් ජාතික පක්‍ෂයට හිමි ඇමැති ධුර එම පක්‍ෂය තුළමත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට හිමි ඇමැති ධුර එම පක්‍ෂය තුළමත්  හුවමාරු වීමක්‌ මෙහිදී සිදු කෙරෙන බවද ප්‍රධාන පක්‍ෂ දෙක අතර ඇති අවබෝධතා ගිවිසුම අනුව කැබිනට්‌ සංශෝධනය සිදු කෙරෙන බවද සදහන්. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය මත මෙම කැබිනට්‌ සංශෝධනය සිදු කිරීමට නියමිතය.
     
    මෙම කැබිනට්‌ සංශෝධනයේදී තරුණ මන්ත්‍රීවරුන්ට ප්‍රබල ඇමැතිකම් ලැබීමට ඉඩ ඇති අතර ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේ ඇමැති තනතුරු අහිමිවීමේ අවධානමක් මතුව තිබෙන බවද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරනවා.

  • 25%  කාන්තා සභික සංඛ්‍යාව ගැන මැතිවරණ කොමිසමේ අවසන් තීරණය මෙන්න..

    25% කාන්තා සභික සංඛ්‍යාව ගැන මැතිවරණ කොමිසමේ අවසන් තීරණය මෙන්න..

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප‍්‍රතිඵල අනුව පක්ෂවලින් හා ස්වධීන කණ්ඩායම්වලින් පත් කළ යුතු කාන්තා සභික සංඛ්‍යාව පිළිබඳ මැතිවරණ කොමිසම අවසන් එකඟතාවකට පැමිණ තිබෙනවා.

    ඒ, සියයට 25ක කාන්තා නියෝජනය සාක්ෂාත් කර ගැනීම අරමුණු කර ගනිමින්.

    මැතිවරණ කොමිසමේ  ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ කාන්තා සභික සංඛ්‍යාව අදාළ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට දැනුම් දීමට සියලූ කටයුතු සූදානම් කර ඇති බවයි. එමෙන්ම, අදාළ කාන්තා සභිකයින් සංඛ්‍යාවම පත් කරන ලෙසටයි මැතිවරණ කොමිෂන් සභාව මෙහිදී ඉල්ලීමක් කිරිමට සූදානම් වන්නේ. 

    මිට අදාළ විශේෂ සාකච්ඡාවක් ඉකුත් දා මැතිවරණ කොමිසමේ බලධාරීන් හා පක්ෂ ලේකම්වරු ඇතුළු සාමාජිකයින් අතර පවත්වා තිබෙනවා. එහිදී දේශපාලන පක්ෂ නියෝජිතයින් පවසා ඇත්තේ සම්පූර්ණ කාන්තා සභිකධූර සංඛ්‍යාව පත් කිරීමට සෑම උත්සහයක්ම දරන බවයි. එසේ නොහැකි වන අවස්ථාවක කාන්තා සභිකයින් පත් කිරීමට අවශ්‍ය නොවන අනෙකුත් පක්ෂ ඊට පොළඹවා ගැනීම සඳහා සාකච්ඡා කිරීමටයි ප‍්‍රධාන පක්ෂ මෙහිදී එකග වී ඇත්තේ.

    එසේත් නොමැතිනම් සියයට 25ක් නොමැතිව හෝ කාන්තා සභිකයින් පිරිසක් පත් කිරිමට කටයුතු කරන බව අදාළ පක්ෂ විිසින් මැතිවරණ කොමිසමට දැනුම් දීමක් කරනු ලැබ තිබෙනවා. 

    මේ අතර සියයට 25ක කාන්තා නියෝජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (20) උණුසුම් වාද විවාද ඇති වුණා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ සියයට 25ක කාන්තා නියෝජනය නොමැති එහෙත් සියයට 50ක බහුතරයක් ඇති පළාත් පාලන ආයතන පිහිටුවීමේ හැකියාවක් ඇති බවයි. 

  • රටම බලාසිටින ජාතික ආණ්ඩුව ගැන තීරණය අද මැතිසබයට…

    රටම බලාසිටින ජාතික ආණ්ඩුව ගැන තීරණය අද මැතිසබයට…

    ජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යා හැකිද නැද්ද යන්න සම්බන්ධයෙන් කතානායකවරයාගේ තීරණය අද (21) දිනයේ පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතයි.

    ජාතික ආණ්ඩුව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඊයේ (20) වනතෙක් තමන්ට නිල දැනුම් දීමක් ලැබී නොමැති බවයි කතානායකවරයා පැවසුවේ.