Author: Editor[A]

  • අනිත් රටවල් ඉදිරියට යද්දී ලංකාව එක තැනම පල්වෙන්න හේතුව විද්වතෙක් හෙළිකරයි..

    අනිත් රටවල් ඉදිරියට යද්දී ලංකාව එක තැනම පල්වෙන්න හේතුව විද්වතෙක් හෙළිකරයි..

    ලෝක මව් භාෂා දිනය අදට (21) යෙදී තිබෙනවා. සෑම වසරකම පෙබරවාරි මස 21 වැනිදා ලෝක මව් භාෂා දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගනු ලැබුවේ 2008 වසරේ සිටයි.

    ඊට ආසන්නතම හේතුව වූයේ ඉන්දියානු කලාපයේ භාෂාව මුල් කර ගනිමින් රාජ්‍යයන් දෙකක් එකිනෙකට වෙන් වීමයි. ඒ අනුව, භාෂාව මුල් කර ගනිමින් බංග්ලාදේශය සහ පකිස්තානය වශයෙන් රටවල් දෙකක් වෙන්වීම පදනම් කර ගනිමින් භාෂාවක ඇති බලය ලෝකය විසින් පිළිගනු ලැබීම මෙහිදී සිදුවුණා. 

    අදවන් දිනෙක ශී‍්‍ර ලංකාවේ මව් භාෂාවට ඇති ස්ථානය පිළිබඳව අප සොයා බැලීමක් කළා. කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් සඳහන් කළේ “ඉංග්‍රිසි භාෂාව ලෝක භාෂාවක්වීම තුළ අප සමාජයත් යම් ඥානයක් ලබා ගන්නවා. ඉංග්‍රිසි භාෂාව අද සමාජයේ දැනුම දියුණු කර ගැනීමේ උපකරණයක් වෙලා තියෙනවා. නමුත් ඉංග්‍රිසි භාෂාවෙන් ලෝකයම ජයගත හැකි බවට අප සමාජය කල්පනා කිරීම නිසා සිංහලයා සිය මව් භාෂාව කෙරෙහි ඉතා උදාසීන තත්ත්වයක් තමයි දක්වන්නේ. මේ නිවට චින්තනය නිසා මව් බසට තියෙන ඇල්ම ජනවර්ගයා විසින් අමතක කරමින් යනවා.” යනුවෙනි.

    මව් භාෂාවේ වැදගත්කම පාසල් පද්ධතියට අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

    රටක් ලෙස මව් භාෂාව සුරැකීමේ වැදගත්කමද කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් මෙලෙස පැහැදිළ කලා.

    “ඕනෑම රටක මව් භාෂාව ඒ රටේ..ජාතියේ දියුණුවට අදාළ වෙනවා. මව් භාෂාවට තියෙන ඇල්ම නැතිවීම මිනිසාගේ චින්තනයට කෙරෙන බාධාවක්. මොකද තමන්ගෙ මව් බසින් තමයි හිතන්න පුළුවන් වෙන්නේ. හිතෙන දේ වඩාත් පැහැදිළිව ප්‍රකාශයට පත් කරන්න මව් බස තරම් වෙනත් බසකට බෑ.”

    ජාත්‍යන්තර මව්භාෂා දිනය සැමරීම වෙනුවෙන් මෙරට පවත්වන විශේෂ උත්සවය අද (21) පෙරවරුවේ කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ. 
     

  • තනතුරු වලට ඇමතිවරු පොරකයි…  අද කරන්න ගිය වෙනසට බාලගිරි දෝෂය..

    තනතුරු වලට ඇමතිවරු පොරකයි… අද කරන්න ගිය වෙනසට බාලගිරි දෝෂය..

    අද දිනයේ සිදුවනු ඇතැයි පැවසූ කැබිනට් මණ්ඩලයේ සංශෝධනය අද (21) සිදු නොවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

    ඊයේ (20) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා නොවූ බවයි ඊට සහභාගී වු එක්සත් ජාතික පක්ෂය මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමාත්‍යවරුන්ද මාධ්‍ය වෙත ප‍්‍රකාශ කළේ.

    කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවීර අතර සාකච්ඡාවක්ද ඉකුත් දා පවත්වා තිබුණා.

    ඉකුත් සඳුදා දිනයේදී කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමට අදාළ ගැසට් පත‍්‍රයක් රජයේ මුද්‍රණාලය වෙත යොමු කර තිබූ බවයි මාධ්‍ය වෙත වාර්තා වුණේ. එහෙත් පසුව එය අවලංගු කෙරුණා.

  • ජාතියක් ජන්මයක් නැති නරුමයෝ පරාක‍්‍රම බාහු රජ මාළිගයේ ජල බේසම කඩා දමයි..

    ජාතියක් ජන්මයක් නැති නරුමයෝ පරාක‍්‍රම බාහු රජ මාළිගයේ ජල බේසම කඩා දමයි..

    පොළොන්නරුව පරාක‍්‍රම බාහු රජ මාළිගයේ ඇති පුරා විද්‍යා වටිනාකමක් සහිත ජල බේසමකට කිසියම් පිරිසක් හානි කර ඇතැයි වාර්තා වනවා.

    පොළොන්නරුව දිස්ත‍්‍රික් පුරා විද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා අප වෙත කියා සිටියේ ඒ සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.

    ඒ අනුව, පොළොන්නරුව පොලිසිය මෙන්ම පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 

    මෙම පූජා භූමියේ ආරක්ෂාව භාරව කටයුතු කරන්නේ සංස්කෘතික අරමුදලේ නිලධාරීන්. කෙසේවෙතත් ඔවුන් සඳහන් කළේ පූජා භූමියේ ආරක්ෂාව භාර වන්නේ සිය අරමුදලට නොව පුරා විද්‍යා දෙපාර්කමේන්තුවට බවයි.

  • රජයෙන් අලුත් වැඩක්… පේෂකර්ම හා ඇඟළුම් සිසුන්ට NVQ සුදුසුකම.

    රජයෙන් අලුත් වැඩක්… පේෂකර්ම හා ඇඟළුම් සිසුන්ට NVQ සුදුසුකම.

    පේෂකර්ම හා ඇඟළුම් ක්‍ෂේත්‍රයේ පාඨමාලාව සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත්, එසේ පුහුණුව ලබන සිසුන්ට පේෂකර්ම හා ඇඟළුම් ආයතනය මඟින් ලබා දෙන සහතිකයට අමතරව ජාත්‍යන්තරය පිළිගත් NVQ (National Vocational Qualification) හෙවත් ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකයක් ලබා දීමට සැලසුම්කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය. 

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා පේෂකර්මාන්ත ආශ්‍රිතව අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ය.

    ශ්‍රි ලංකා පේෂකර්ම ඇඟළුම් ආයතනය, ශ්‍රි ලංකාවේ පේෂකර්ම, ඇඟළුම් හා පාවහන් ආශ්‍රිතව ව්‍යවසායකයින්ට අවශ්‍ය පුහුණුව ලබා දෙන ඉහළම ආයතනවලින් එකකි. මෙම පුහුණු කිරීම් සඳහා නේවාසික පහසුකම් සහිත පේෂකර්මාන්ත හා ඇඟළුම් පුහුණු පාසල් 14 ක් පවතින අතර, මෝස්තර නිර්මාණ පාසල් 02 ක් ද තිබේ. මෙහි පාඨමාලා ඕනෑම අයෙකුට නොමිලේ හැදෑරිය හැකි අතර, පාඨමාලා කාලය තුළ එක් සිසුවෙකුට රු.100.00 ක දෛනික දීමනාවක් හා නිළ ඇඳුම් ද ලබා දේ. පසුගිය වසරේදී පමණක් මෙම පාඨමාලා හැදෑරීමට සිසුන් 2020 ක් ලියාපදිංචි වී සිටියහ.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාතය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.

    “ශ්‍රි ලංකාවේ කර්මාන්ත ක්‍ෂේත්‍රයේ අත් යන්ත්‍ර රෙදි පිළි, ඇඟළුම් නිෂ්පාදකයාට හිමි වන්නේ විශේෂ ස්ථානයක්. මේ ක්‍ෂේත්‍රයේ සිටින ව්‍යවසායකයින්ගෙන් වැඩිම පිරිස කාන්තාවන්. එය ප්‍රතිශතයක් වශයෙන් ගතහොත් සියයට 70 කට වඩා වැඩියි. ඔවුන් අතර ග්‍රාමීය කාන්තාවන් ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. පසුගිය වර්ෂය තුළ පමණක් මෙම ක්‍ෂේත්‍රයේ ස්වයං රැකියා 400 ක් පමණ ඇති කරලා තියෙනවා. ඔවුන්ට අවශ්‍ය පුහුණුව, අමුද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර හා පහසුකම් මෙන්ම වෙළඳපොළ ලබා දීමටත් මගේ අමාත්‍යාංශය කටයුතු කරලා තියෙනවා. අපි ඔවුන්ට විශාල සහයෝගයක් ලබා දෙනවා. අපි මෙසේ පුහුණුව ලබන සිසුන්ට හොඳ පුහුණුවක් ලබා දෙනවා. ඒ වගේම ඔවුන්ට වටිනාකමක් ලබා දෙන්න සහතිකයකට අමතරව ජාත්‍යන්තරය පිළිගත් ජාතික වෘත්තිය සුදුසුකම හෙවත් NVQ මට්ටමක් ද ලබා දීමට පියවර ගෙන තියෙනවා. ඒ වගේම ලෝකයේ බොහෝ රටවල් වලින් ශ්‍රි ලංකාවේ අත් යන්ත්‍ර හා රෙදි පිළි සඳහා විශාල ඉල්ලුමක් තිබෙනවා. මේ ඉල්ලුම මත ලෝක වෙළඳපොළ ඉලක්ක කර අත් යන්ත්‍ර, රෙදි පිළි කීප ගුණයකින්ම වැඩි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යැයි පැවසීය.

  • යොවුන් ක්‍රීඩක ෂෙහාන්ගේ අඩුව පුරවන්න ලසිත් මාලිංග නිදහස් කුසලානයට…

    යොවුන් ක්‍රීඩක ෂෙහාන්ගේ අඩුව පුරවන්න ලසිත් මාලිංග නිදහස් කුසලානයට…

    ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුශංකට නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්බ්‍රෝයි පවසනවා.

    ෂෙහාන් බංගලාදේශ කණඩායම සමග පැවැති අවසන් විස්ස 20 තරගයේදී පාදයේ අබාධයට ලක්වූ අතර එහිදී ප‍්‍රතිවාදීන්ගේ කඩුලු 02ක් බිද හෙළීමටද ශෙහාන් සමත්විය.

    එම අබාධය හේතුවෙන් මාසයක පමණ කාලයක් ශෙහාන් ට ක‍්‍රිකට් අහිමි වන බව ලැබ්රෝයි මහතා පවසා සිටියේය.

    කෙසේ වෙතත් ශෙහාන් වෙනුවට කණ්ඩායමට කැදවන ක‍්‍රීඩකයා කවුරුන්ද යන්න තවමත් තීරණය කර නොමැති අතර විචාරකයින් පවසන්නේ බොහොදුරට ලසිත් මාලිංග නිදහස් කුසලානය සදහා කණ්ඩායම කැදවනු ඇති බවයි

  • අගමැති තෝරන තවත් රහස් සාකච්චාවක සියලු රහස් එළිවෙයි…

    අගමැති තෝරන තවත් රහස් සාකච්චාවක සියලු රහස් එළිවෙයි…

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් අතර රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වනවා. මෙම හමුව පවත්වා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායකගේ කොළඹ පිහිටි නිවසේදීයි.

    අග්‍රාමාත්‍ය තනතුර වෙනස් කිරීම සම්බන්ධත‍යන් මෙහිදී සාකච්ඡා කර ඇති බවයි පැවසෙන්නේ. මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන මහින්ද අමරවීරඅනුර ප්‍රියදර්ශන යාපා සහ දයාසිරි ජයසේකර මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න,දුෂ්මන්ත මිත්‍රපාල හා තාරානාත් බස්නායක ද රාජ්‍ය අමාත්‍ය ටී බී ඒකනායකද සහභාගී වී තිබෙනවා.

    අග්‍රාමාත්‍යවරයා යටතේ ජාතික ආණ්ඩුව තුළ රැඳී සිටිමින් තවදුරටත් කටයුතු කිරීම සුදුසු නොවන බවයි ඊට සම්බන්ධ වූ පිරිස පවසා ඇත්තේ.

    ඉදිරියේදී ද තවත් මැතිවරණ වලට මුහුණ දීමට සිදු වන බැවින් අග්‍රාමාත්‍යධුරය වෙනස් කළ යුතු බවද මෙහිදී ප්‍රකාශ වී තිබෙනවා.

    ඊට අදාළ තීන්දු තීරණද මෙම හමුවේදී ගෙන ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

  • කුප්‍රකට මන්ත්‍රී නාමල්ට එරෙහි මුදල් විශුද්ධීකරණ නඩුවේ සාක්ෂි විභාගය අද ඇරඹේ

    කුප්‍රකට මන්ත්‍රී නාමල්ට එරෙහි මුදල් විශුද්ධීකරණ නඩුවේ සාක්ෂි විභාගය අද ඇරඹේ

    මුදල් විශුද්ධීකරණ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හය දෙනෙකුට එරෙහිව පවතින නඩුවේ සාක්ෂි විභාගය අද (20) ආරම්භ වුණා. ඒ කොළඹ මහාධිකරණයේදීයි. නඩු විභාගය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සුජානි බොගොල්ලාගම හා ඔනෙලා ඉරේෂා ද සිල්වා මහාධිකරණයේ පෙනී සිටි බවයි අප අධිකරණ වාර්තාකරු පැවුසවේ.

    අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් සර්විස් පුද්ගලික  සමාගම හරහා විශුද්ධීකරණ කළේ යැයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට චෝදනා එල්ල වී තිබෙනවා.

    නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටින බොස්ටන් කැපිටල් පුද්ගලික සමාගමේ සභාපති රොහාන් ඊරියගොල්ල මහතා අධිකරණය හමුවේ පැවසුවේ හෝවල් කන්ස්ට්රවක්සන් පුද්ගලික සමාගම විසින් නිකුත් කල රුපියල් මිලියන 30 ක් වටිනා චෙක්පතක් මාරුකර කරන ලෙසට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මිතුරකු වන ඉංදික කරුණාජීව නැමැත්තා තමාට ඉල්ලීමක් කළ බවයි.

    ඉන්දික කරුණාජීව පසුගිය සමයේ ප්‍රබල පුද්ගලයින් හදුනන බැවින් තමා එය මාරු කිරීමට අකැමැති නොවුණු බව සාක්ෂිකරු අධිකරණය හමුවේ පවසා තිබෙනවා. ඒ අනුව එම චෙක්පත මාරු කොට ඉන් රුපියල් මිලියන 24ක් බොස්ටන් කැපිටල් පුද්ගලික සමාගමේ ගිණුමේ තැන්පත් කළ බවද සාක්ෂිකරු අධිකරණය හමුවේ පවසා තිබෙනවා.

    පසුව ගවස් කෝපරේට් සමග විසින් එවා තිබූ ඉන්වොයිස් පත්රද පහක් මගින් ඉල්ලා සිටි පරිදි අවස්ථා පහකදී එම මුදල් නැවත  ගවස් කෝපරේට් සමාගම වෙත ගෙවීම් කල බව සාක්ෂිකරු කියා සිටියා.

    තම සමාගම මෙගා වෝට් 100 ක සුළං විදුලි බලාගාරයක් ව්යාගපෘතියක් ඉදිකිරීම් කටයුත්තක් සදහා ගවස් කෝපරේට් සමාගමෙන් ලබා ගත් සේවාවන් සදහා වූ බවට සදහන් ඉන්වොයිස් පත් සදහා එම මුදල් අවස්ථා පහකදී ගෙවූ බව සාක්ෂිකරු පැවසුවා.

    එවැනි ව්යාසපාරික ගණුදෙනුවකට තම සමාගම කිසි අවස්ථාවකදී සම්බන්ධ නොවුණු බව සාක්ෂිකරු වැඩිදුරටත් පවසා සිටියා.

    වැඩිදුර සාක්ෂි විභාගය මැයි මස 30දාට කල් තැබීමට මහාධිකරනය අද (20) නියෝග කළා.

  • පාතාල නායක දෙමටගොඩ චමින්දගේ සොයුරාට බොරැල්ලේදී වෙඩි..!

    පාතාල නායක දෙමටගොඩ චමින්දගේ සොයුරාට බොරැල්ලේදී වෙඩි..!

    බොරැල්ල කොටා පාරේදී අද සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇරතුළත් කළ බව පොලිසිය කියයි.

    වෙඩි වැදීමට ලක් වූ පුද්ගලයා පාතාල නායකයකු වන දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ සොහොයුරෙකු වන නුවන් නැමැත්තා බව  දැනගන්නට තිබේ.

    ඔහු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය  එල්ලවී ඇති අතර ඔහුගේ අතකට තුවාල සිදුවී ඇති බව පොලිසිය කියයි.

  • අභයාරාමය පන්සලක්ද?මන්දිරයක්ද? බුදුහිමියන්ගේ ධර්මයට ගරහන අභයාරාමයේ ඇතුල මෙන්න..

    අභයාරාමය පන්සලක්ද?මන්දිරයක්ද? බුදුහිමියන්ගේ ධර්මයට ගරහන අභයාරාමයේ ඇතුල මෙන්න..

    අභයාරාමය යනු පරාජිත මහින්ද රාජපක්ෂයන්ට තම බංකොලොත් දේශපාලණ කටයුතු කරගෙන යාම සදහා අවශ්‍ය පහසුකම් සපයන චීවරධාරීන් පිරිසක් වැඩ සිටින ස්ථානයක් ලෙස හැදින්වීමේ කිසිදු වරදක් නැත. අභයාරාමයේ වායු සමීකරන කීයක් තියෙනවාද? අධික කාම සම්පත්ති බුදුරජාණන් වහන්සේ අනුමත කර තිබෙනවාද? නිවනට යන්නේ සැප විදලද? බලන්න මේ ඡායාරූපය…

    මේ ඡායාරූපයේ ඔබට පෙනෙන වායු සමීකරන ගණන විමසා බලන්න..වායු සමිකරන යන්ත්‍ර 10ක් පමන බැලු බැල්මට දක්නට ඇත. ස්වාමින් වහන්සේලා දුක් විදිය යුතුය යන්න අපගේ මතවාදය නොවේ. එහෙත් තම දායකයා හට අත්හැරිම කියාදෙන්නට ඉන්න ස්වාමින් වහන්සේලා අධික කාම සම්පත්ති බධා ගැනිමෙන් සිදුවන්නේ දායකයාද ඒ තත්වයට පත්වීම නොවේද? මහින්ද රාජපක්ෂට සිදුව ඇත්තේද එයම නොවේද? අභයාරාමයෙන් මහින්දට උගන්වා ඇත්තේ අත්හැරිම නොව බදා ගැනීම පමණි.

    ස්වාමින් වහන්සේලා උත්තරීතර බුදු දහම විකෘති කරන අවස්ථා වලදී ඊට එරෙහිව නැගි සිටිම සිංහල බෙෘද්ධ ජනතාවගේ යුතුකමක් මෙන්ම වගකීමක් ලෙස අප සලකමු. 

  • අධිකරණයෙන් අභයාරාමයේ දේශපාලණය කරන්න බෑ කිවුවම මහින්ද කරපු කැත වැඩේ මෙන්න…

    අධිකරණයෙන් අභයාරාමයේ දේශපාලණය කරන්න බෑ කිවුවම මහින්ද කරපු කැත වැඩේ මෙන්න…

    පසුගිය දිනෙක ශ්‍රි ලංකාවේ උත්තරීතර අධිකරණය මගින් අභයාරාම විහාරස්ථානය වෙත විශේෂ නියෝගයක් නිකුත් කරන ලද අතර එහි ඉතා පැහැදිලිව සදහන් වුයේ අභයාරාම විහාරයේ දේශපාලණ සාකච්ඡා මාධ්‍ය හමු පැවැත්වීම තහනම් කර ඇති බවයි. මහින්ද යනු නිතියෙන් රිංගා යාමට දන්නා නරින්ටත් කපටිකම් උගන්වන්නට දන්නා අමුම අමු හොර නිතිවේදියෙකි. හොරාට නිතිවේදිකම ගත්ත අයුරු හෙලිකරපු ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේව මහින්ද මරාදැමිමට ප්‍රධාන හේතුවද ඔහුගේ රහස් රැකගැනිමට බව දන්නෝ දනිති.

    ආගම දහමේ යහපත වෙනුවෙන් අධිකරණය පැනවු එම නියෝගය මහින්ද ඉතා සුක්ෂම ආකාරයට කඩකර ඇති ආකාරය පසුගිය සිදුවීමකින් අපට දක්නට ලැබිණි.

    පසුගිය දිනෙක මහිනද පිලේ කලාමරුවන් පිරිසක් විසින් අබයාරාම විහාරයේ බෝධි පුජාවක් සුදානම් කර තිබු අතර එයට මාධ්‍යවේදින් හට ආරාධනා කර තිබුනේ මහින්දගේ සුක්ෂම මො‍ලයේ තරම පෙන්වමිනි. බෝධි පුජාව නිමාවිය. මහිනද ඉදිරියට පැමිණි අතර මාධ්‍යවේදින් ඔහු වටා එක්විය. මහින්ද පංසල් බූමියේ සිට හරි ලස්සනට තමන්ගේ නරි නාටක කතා පොජ්ජ කුණු බුදින ජනතාවගේ රසවින්දනය වෙනුවෙන් මාධ්‍යයේ අයවලුනට ලබාදුන්නේ අධිකරන නියෝගය කඩකරමිනි.

    මහින්ද ඔබ ජනතාවට පෙන්වන්නේ ඔබ මහා විරයෙකු බව වුවද ඔබ මේ කරන දෙකයි පනහේ වැඩ වලින් අපට පෙනෙන්නේ ඔබ ආගම දහම රටේ නීතිය තුට්ටුවකට මායිම් නොකරන අමුම අමු ආත්මාර්ථකාමි මිත්‍යාදෘෂ්ටිකයෙකු බව පමණි…

  • රට හදන ජාතික තිරසර කතිකාවේ පළමු කෙටුම්පත අද ජනපති අතට….

    රට හදන ජාතික තිරසර කතිකාවේ පළමු කෙටුම්පත අද ජනපති අතට….

    2030 වසර වනවිට ශ‍්‍රී ලංකාව ආර්ථික, සමාජයීය හා පරිසර යන ක්ෂේත‍්‍රයන් ඔස්සේ සපුරාගතයුතුව ඇති තිරසර සංවර්ධන ඉලක්ක සහිත “ජාතික තිරසර කතිකාවේ” පළමු කෙටුම්පත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

    ජනාධිපතිතුමා විසින් පසුගිය වසරේදී පත්කරන ලද 2030 තිරසර දැක්ම සැකසීමේ ජනාධිපති විශේෂඥ කමිටුව විසින් සකසන ලද මෙම කෙටුම්පත මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර, මහාචාර්ය සිරි හෙට්ටිගේ, මහාචාර්ය හේමන්ති රණසිංහ, ආචාර්ය ඩබ්ලිව්. එල් සුමතිපාල යන මහත්වරුන් ඇතුළු විද්වත් පිරිසක් ඊට එක්ව සිටියහ.

    ආර්ථික, සමාජයීය හා පරිසර යන ක්ෂේත‍්‍රයන්ට අදාළ කෘෂිකර්ම, ප‍්‍රවාහන, බලශක්ති, සෞඛ්‍ය, අධ්‍යාපන, ජලය, සාගර හා මත්ස්‍ය, නාගරික හා භෞතික සැලසුම් යන ඉලක්ක ඔස්සේ 2030 වසර වන විට ශී‍්‍ර ලංකාව සපුරාගත යුතු ඉලක්ක පිළිබඳව මෙහි සවිස්තරාත්මක කරුණු ඇතුළත් කර තිබෙන අතර ඒ පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡුාවට ලක්විය.

    මෙවැනි ජාතික තිරසර කතිකාවක් රටට ඉදිරිපත් කෙරෙන පළමු අවස්ථාව මෙය වන අතර මෙම කෙටුම්පත ඉදිරියේදී ජනගත කර ඒ පිළිබඳ සංවාදයක් රට තුළ ඇති කිරීමට නියමිත වන අතර එය ජාතික තිරසර කතිකාව නමින් එළැඹෙන මාර්තු මාසයේදී එළිදැක්වීමට නියමිතය.

  • ජාතික ආණ්ඩුව ඉදිරියට තියවනවද? නැද්ද? අවසන් තීරණය හෙට

    ජාතික ආණ්ඩුව ඉදිරියට තියවනවද? නැද්ද? අවසන් තීරණය හෙට

    ජාතික ආණ්ඩුව තවදුරටත් ක්‍රියාත්මක වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට දිනයේදී පාර්ලිමේන්තුවට දැනුම්දෙන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.
    අද (20) පස්වරු 01.00 ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් විමසීමක් කර තිබේ.
    දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාද මෙහිදී අඳහස් විමසූ අතර ඊට පිළිතුරු දෙමින් සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා සිටියේ මේ සම්බන්ධයෙන්ද හෙට දිනයේදී දැනුම්දෙන බවයි.
    ඒ අනුව මේ පිලිබඳව තමන්ට තොරතුරු වාර්තා වු පසු හෙට දිනයේ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට පියවර ගන්නා බව කථානායකවරයා ප්‍රකාශ කර ඇත.
  • මුදල් නාස්ති කරන්න හදන්න ඒපා – බිලියන හතරක ටැබ් යෝජනාව ජනපති කුණු කූඩයට දමයි…

    මුදල් නාස්ති කරන්න හදන්න ඒපා – බිලියන හතරක ටැබ් යෝජනාව ජනපති කුණු කූඩයට දමයි…

    මෙම මුදල ජනතාවට අත්‍යවශ්‍ය දෙයකට යෙදිය යුතුයි – ජනාධිපතිවරයා
    උසස් පෙළ සිසුන් හා ගුරුවරුන් වෙත පරිඝනක ටැබ් ලබාදීමේ වැඩපිළිවෙල තාවකාලිකව නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය.
    ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව නවතා දැමුණු එම ව්‍යාපෘතියට වැය කිරීමට අපේක්ෂිතවූ මුදල රුපියල් බිලියන 4කි. 
    2017 අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු එම වැඩපිළිවෙලට අනුව උසස් පෙළ සිසුන් 159,078 කට හා ගුරුවරුන් 36,070කට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අදාළ පරිඝනක ටැබ් සැපයීමට සැලසුම් කර තිබිණි.
    පසුගිය සතියේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී ඊට අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක එම සතියේ කැබිනට් මාධ්‍ය හමුව අමතමින් ප්‍රකාශ කළේය. 
    කෙසේ වෙතත් අද නැවත කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී, රුපියල් බිලියන 4ක් වැනි විශාල මුදලක් වැය කර මේ අවස්ථාවේ මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක නොකළ යුතු බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කළ ප්‍රකාශයට කැබිනට් මණ්ඩලය ද එකඟවී තිබේ. 
    ජනපතිගේ මැදිහත්වී, බිලියන 4ක ටැබ් ව්‍යාපෘතිය නවතී
    මේ අවස්ථාවේදී මෙම මුදල ජනතාවට අත්‍යවශ්‍ය දෙයකට යෙදිය යුතු බව ජනාධිපතිවරයාගේ මතය වී යැයි බීබීසී සිංහල සේවයට ඒ පිළිබඳ පැහැදිලි කළ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය. 
    එක ටැබ් පරිඝනක යන්ත්‍රයක් රුපියල් 27,000 බැගින් වූ මිලකට සැපයීමට අවශ්‍ය කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා අවශ්‍ය සමාගම ද පසුගිය කැබිනට් මණ්ඩලයේදී තෝරාගෙන තිබියදී ජනාධිපතිවරයාගේ මෙම වැඩසටහන නවතා දැමීමට තීරණය කළේය. 
    ජනාධිපතිවරයාගේ තීරණයට එක්සත් ජාතික පක්ෂයේ බහුතර ඇමතිවරුන්ගේ එකගතාව හිමිවූ අතර පළාත් පාලන මැතිවරණ ප්‍රතිපල අනුව, මෙවන් තාක්ෂණික වැඩසටහන්, වයිෆයි මිනිසුන්ගේ මුලික ඉල්ලීම් නොවන බව ඇමතිවරුන්ගේ මතයවූ බව ද කැබිනට් මණ්ඩලයට එක්වූ තවත් අමාත්‍යවරයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.
    මේ අතර අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීම සාමාන්‍ය පරිදි පැවත්වී තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර ඇමතිවරුන් පිරිසක් ඊට සහභාගිවී වුහ. කෙසේවෙතත්, අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත්විය යුතු බවට දැඩිව ප්‍රකාශ කළ නිදහස් පක්ෂ ඇමැතිවරුන්වන දයාසිරි ජයසේකර හා සුසිල් ප්‍රේමජයන්ත ඊට සහභාගිවී නොමැත.
  • එජාපය පසුබැස්සේ ඇයි? පාක්ෂිකයෙකුගෙන් එජාප නායකයා නිරුවත් වන ලිපියක්.

    එජාපය පසුබැස්සේ ඇයි? පාක්ෂිකයෙකුගෙන් එජාප නායකයා නිරුවත් වන ලිපියක්.

    මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් වීමත් සමග පාක්ෂිකයෙකුගෙන් එජාප නායකයා  සහ පක්ෂයේ ඉහළ නිළධාරීන් නිරුවත් වන  ලිපියක් යවා ඇත.

     

     

  • බයිසිකලයෙන් බඩල්ගම ඉදන් මහරගම නගර සභාවට ආ 7දෙනා අස්වෙන්නේ නැතිලු.

    බයිසිකලයෙන් බඩල්ගම ඉදන් මහරගම නගර සභාවට ආ 7දෙනා අස්වෙන්නේ නැතිලු.

    පසුගියදා පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් මහරගම නගර සභාව සඳහා ස්වාධීන කණ්ඩායම් අංක 02 මෝටර් බයිසිකලය ලකුණින් තරඟ කොට ජයග්‍රහණය කර තේරී පත්වූ  සභිකයන් 7 දෙනෙක් අද (20) රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ ලිඛිතව දන්වා සිටියේ ඔවුන් සභික ධුර වලින් ඉල්ලා අස්වෙන බවට විවිධ පාර්ශව විසින් ගෙන යනු ලබන කතාවන් සම්පූර්ණ අසත්‍යක් බවත් තමන් මහරගම ජනතාවට විශාල සේවයක් සිදු කිරීමට උද්යෝගයෙන් හා දැඩි බලාපොරොත්තුවෙන් සිටින බවත්ය.

    නාගරික සභික ධුර ප්‍රතික්ෂේප කිරීමක් හෝ එම ධුර සඳහා වෙනත් පුද්ගලයින් පත්කිරීමට තමන් කැමති බව හැඟවෙන කිසිදු ලියවිල්ලකට අත්සන් කර නොමැති බවද එසේ යම් ලියවිල්ලක් ඉදිරිපත් වන්නේ නම් ඒවා කූට ලියවිලි ලෙස සලකන ලෙසද මෙහිදී ඔවුන් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියහ.

    ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ පදිංචි ලලිත් ගුණවර්ධන , දිලන්ති කුසුම්සිරි , බෝඹුවිල දේවගේ ජොසපින් , චමිඳු ලක්ෂාන් රණසිංහ , ධම්මිකා නිශාන්ති , ලක්මිණි නිශාන්ති සහ හංසනී රුවන්ති යන සභිකයන් නීතීඥ නාමල් රාජපක්‍ෂ මහතා සමඟ මෙසේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියහ.

  • පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමිගේ ආදාහන පූජෝත්සවය ලබන 24 වැනි දා

    පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමිගේ ආදාහන පූජෝත්සවය ලබන 24 වැනි දා

    අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය එළැඹෙන 24 වැනි දා අනුරාධපුර – වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    එදින පස්වරු 03.00ට ආදාහන පූජෝත්සවයේ කටයුතු ආරම්භ කරන බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ ලේඛකාධිකාරි මහාචාර්ය පූජ්‍ය අත්තන්ගනේ රතනපාල හිමියෝ ප්‍රකාශ කළහ.

    රෝගී තත්ත්වයක් හේතුවෙන් දින 09ක පමණ කාලයක සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ  අපවත් වනවිට 80 වියේ පසු විය.

    අද පස්වරු 03.00ට නාහිමියන්ගේ දේහය රැගත් රිය පෙරහර පේරාදෙනිය ශ්‍රී සාරානන්ද පිරිවෙන බලා නික්මෙන අතර, හෙට (21) උදෑසන දේහය අනුරාධපුරයේ ශ්‍රී සාරානන්ද පිරිවෙන වෙත වැඩම කරවනු ලබයි.