Author: Editor[A]

  • හදිසියේම කෝටිපතීන් වූ දේශපාලනඥයන්, විනිසුරුවරුන්, විදුහල්පතිවරුන්, ඇතුළු 152 කට නඩු.

    හදිසියේම කෝටිපතීන් වූ දේශපාලනඥයන්, විනිසුරුවරුන්, විදුහල්පතිවරුන්, ඇතුළු 152 කට නඩු.

    හිටිහැටියේ ලක්ෂපතියන් කෝටිපතියන් බවට පත්වූ එහෙත් එම ආදායම් ඉපැයූ ආකාරය පෙන්වීමට අපොහොසත්වූ පුද්ගලයන් 152 එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් නඩු පැවරීමට කටයුතු යොදා තිබේ.

    දේශපාලනඥයන්, විනිසුරුවරුන්, විදුහල්පතිවරුන්, පොලිස් නිලධාරීන්, රජයේ වෛද්‍යවරුන්, ග්‍රාමසේවා නිලධාරීන්, රජයේ ඉහළ නිලධාරින් ඇතුළු පිරිසක් මෙසේ එම ආදායමට වඩා ඉහළ ආදායමක් ඉපැයූ ආකාරය සම්බන්ධව චෝදනා ලැබ සිටිති.

    අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිලිවල සඳහන්ව ඇත්තේ එම පිරිස තමන්ට ඉපැයිය හැකි ආදායමට වඩා වැඩි ආදායමක් උපයා ඇති බවයි. එසේ උපයා ඇත්තේ අල්ලස් ලබා ගනිමින්, දූෂණවල යෙදෙමින් බව සඳහන් වෙයි.

    අල්ලස් කොමිසම එසේ ලැබුණ පැමිණිලි පරීක්ෂාවට ලක්කර එම පුද්ගලයන්ගේ බැංකු ගිණුම් ආදියද පරීක්ෂා කර අදාළ වත්කම් පිළිබඳ තොරතුරු හෙළිදරව් කර ගනිමින් අවසානයේ ඒ සියලු ආදායම් ඉපැයූ ආකාරය පිළිබඳ චෝදනා ලැබ සිටින පුද්ගලයන්ගෙන් එම වත්කම් ඉපැයූ ආකාරය හෙළිදරව් කිරීමට ප්‍රකාශද සටහන් කරගෙන තිබේ.

    එහෙත් ලක්ෂ, කෝටි ගණනින් ඉපැයූ එම ධනය පිළිබඳ අල්ලස් කොමිසමට පිළිගත හැකි ආකාරයේ කරුණු ඉදිරිපත් කර නොමැත.

  • වැලිකඩ ගැටුම ගැන ප්‍රකාශයක් දුන් නිලධාරියා මාසයක් තිස්සේ සේවයට ඇවිත් නෑ

    වැලිකඩ ගැටුම ගැන ප්‍රකාශයක් දුන් නිලධාරියා මාසයක් තිස්සේ සේවයට ඇවිත් නෑ

    මහර බන්ධනාගාරයේ සේවය කරන සහකාර බන්ධනාගාර අධිකාරිවරයෙකු මාසයක පමණ කාලයක සිට සේවයට වාර්තා කර නොමැති බව බන්ධනාගාර ආරංචි පවසනවා.

    සේවය හැර ගියා සේ සලකා ඔහුට ලිපියක්ද යොමුකර ඇති බවයි එහි උසස් නිලධාරියෙකු අප වෙත කියාසිටියේ. 

    නිසි ක‍්‍රමවේදයෙන් බැහැරව අසනීප නිවාඩු වාර්තා කර මෙම සහකාර බන්ධනාගාර අධිකාරිවරයා සේවයට වාර්තා කර තිබුණේ නැහැ. 

    2017 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුම අවස්ථාවේ මෙම සහකාර බන්ධනාගාර අධිකාරියවරයා සේවය කර ඇත්තේ බන්ධනාගාර බුද්ධි හා ආරක්‍ෂණ ඒකකයේ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

    පසුව ඔහු මහර බන්ධනාගාරයට ස්ථාන මාරු කළ බවයි බන්ධනාගාර ආරංචි සඳහන් කළේ. වැලිකඩ බන්ධනාගාර ගැටුම් සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම සහකාර බන්ධනාගාර අධිකාරිවරයාගෙන් මීට පෙර ප‍්‍රකාශ ලබාගත් බවද පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග කියාසිටියා. 

  • “පරිත්‍යාගයක් නොකර ප්‍රාතිහාර්යයක් කරන්න බැහැ” – රාමඤ්ඤ නිකායේ මහානායක මහනාහිමි

    “පරිත්‍යාගයක් නොකර ප්‍රාතිහාර්යයක් කරන්න බැහැ” – රාමඤ්ඤ නිකායේ මහානායක මහනාහිමි

    ගෙට ගිනි ගත් පසු ළිඳ හාරා ඵලක් නොවන නිසා මේ අවස්ථාවේ සියලු දේශපාලන නායකයින් එක්ව ජනතාවගේ වික්ෂිප්ත භාවය නැති කිරීම සඳහා කටයුතු කළ යුතු බව රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපානේ පේමසිරි මහනාහිමියන් පවසනවා.

    මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වැඩිදුරටත් අනුශාසනා කළ උන්වහන්සේ සඳහන් කළේ,

    අර කතාවක් තියනවා ආපදාවක් එන්න ප්‍රථම සිතන්න ඕනෙ කියලා. ගෙට ගිනි ගන්න පෙර ළිඳ හාරා ගන්න ඕනෙ. ගෙට ගිනි ගත්තට පසුව ළිඳ හාරලා වැඩක් නැහැ. ඒ නිසා දැන් රටේ ජනතාව වික්ෂිප්තව සිටින බව පේනවා. දැන් ජනතාවගේ වික්ෂිප්ත භාවය නැති කිරීම සඳහා සියලු දේශපාලන නායකයින් සෑම දෙනාම සිතට ගෙන කටයුතු කළ යුතුයි.

    පරිත්‍යාගයක් නොකර ප්‍රාතිහාර්යයක් කරන්න බැහැ කියලා උපමාවක් තිබෙනවා. පරිත්‍යාගයක් කිරීමේ ප්‍රතිඵලය තමයි සම්මා සම්බුද්ධත්වය. ඒ වගේම අනෙක් ආගමික නායකවරුන්ගේ  ජීවිත කතා දෙස බැලූ විට ඒ අයත් පූජ්‍යත්වයට පත්ව තිබෙන්නේ ඒ පරිත්‍යාගය නිසයි. අද අප රටේ නායකයින් දෙස බැලූ විටත් පෙනී යන්නේ මේ නායකයින් පරිත්‍යාගය කරන්න උත්සාහවන්ත විය යුතුයි කියන එකයි.

    පසුගිය ඡන්ද ප්‍රතිඵල දෙස බැලූවිට ජනතාව යම් යම් අදහසක් දක්වා තිබෙන බව පැහැදිලියි. නමුත් අද වන විට ජනතාව නිශ්ශබ්දතාවයෙන් සිටින බවක් පෙනෙන්නට නැහැ. ඒ නිසා අනාගතයේ සුබ ලකුණක් රට තුළ පෙනෙන්නටවත් නැහැ. එය ඇති කරගැනීමට අපේ පාලන පක්ෂයත් අනෙක් සෑම දෙනාත් ඉතා හැඟීමෙන් යුතුව කටයුතු කරන්න ඕනෙ.  පසුගිය මැතිවරණයේදී හිටපු ජනාධිපතිවරයා පිළිබඳ හැඟීමෙන් ජනතාව කටයුතු කර තිබෙන බව පේනවා. ඒ නිසා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනා සාකච්ඡා කර රටේ ජනතාවගේ සිත් සතන් ප්‍රබෝධමත් වන ආකාරයට වැඩ කටයුතු කිරීම ඉතා වැදගත්. ජනතාව රටේ ඒකීය භාවය පිළිබඳ හැඟීමක් ඇතිව කටයුතු කරන බවක් දැන් පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා සියලු පාලකයින් දූරදර්ශීව  කටයුතු කළ යුතුයි.

  • “පිරිමි ළමයි ආසයි ගැහැනු ළමයි එක්ක කතා කරන්න,පව්නේ ඉතින් එයාලා”- නයනතාරා කියයි .!

    “පිරිමි ළමයි ආසයි ගැහැනු ළමයි එක්ක කතා කරන්න,පව්නේ ඉතින් එයාලා”- නයනතාරා කියයි .!

    නවක රංගන ශිල්පිණි නයනතාරා වික්‍රමආරච්චි පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් සිය කලා කටයුතු පිළිබදව හෙළිකර තිබුණා. එම සංවාදය පහතින් ,
     

    නයනතාරා හා හා පුරා කියලා මේ දවස්වල සිනමාවෙන් දකින්න ලැබෙනවා?

    ඔව්. ‘එක දවසක අපි’ කියන්නේ මම සම්බන්ධ වුණු චිත්‍රපටවලින් මුලින්ම රිලීස් වුණු චිත්‍රපටය. ඒක ඇත්තටම මට අලුත් අත්දැකීමක්. මම සම්බන්ධ වුණු චිත්‍රපටවලින් මුලින්ම රිලීස් වුණු චිත්‍රපටය සම්භාව්‍ය මට්ටමේ චිත්‍රපටයක් වීමත් වෙනම අත්දැකීමක්.

    පුංචි තිරයේ පෙනී ඉඳපු නයනතාරා සිනමාවට ආවට පස්සේ මොන වගේ ප්‍රතිචාරයක්ද ලැබුණේ?

    මාව පුංචි තිරයේදී දැක්කේ දඟකාර, කටකාර, පාසල් වයසේ ඉන්න චරිතයක් විදියට. ඉතින් ‘එක දවසක අපි’ චිත්‍රපටයේදී මගේ වෙනස ගැන ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ප්‍රවීණ ශිල්පීන් ශිල්පිනියන් මාව ගොඩක් ඇගයුවා.

    සිනමාවේදී පුබුදුගේ ආදරේ නයනතාරාට කොහොමද දැනුණේ?

    ඇත්තටම පුබුදු අයියාගෙන් මට ලොකු සහායක් ලැබුණා. එයා සිනමාවේ කාලයක් ඉඳලා වැඩ කරන කෙනෙක්. එයාගේ සහාය නොලැබුණා නම් මට මගේ චරිතය තුළ සාර්ථක වෙන්න බැහැ.

    ඒ කියන්නේ පුබුදු හොඳ ප්‍රේමවන්තයෙක්?

    ඔව්. පුබුදු අයියා හොඳ පෙම්වතෙක්.

    අනුරුද්ධ ජයසිංහ වැනි අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරන්න නයනතාරාට පහසු වුණාද?

    ඔව්. ඔහු අපේ චරිත ඇතුළේ නිදහස් වටපිටාවක් හදලා දුන්නා. ඒ වගේම මේ නිර්මාණය තුළ හැමෝම අතර හොඳ සන්නිවේදනයක් තිබුණා. චිත්‍රපටයේ සාර්ථකත්වයට මේ හැමදේම බලපෑවා.

    පාරමී ආදරයෙදි අන්ධ වෙන චරිතයක්. නයනතාරාත් ආදරේදී අන්ධ වුණ කෙනෙක්ද?

    අම්මෝ නැහැ.

    හැබැයි ආදර කතාවක් නයනතාරගේ ජීවිතයෙත් ඇති?

    එහෙම ආදර කතාවක් තාම නැහැ. නිසි වයස ආවම ඒ වගේ ආදර කතාවක් පටන් ගනියි.

    ආරංචි විදියට තරුණයෝ නයනතාරා වටේ කැරකෙනවා වැඩියිලු?

    පිරිමි ළමයිනේ ඉතින්. එයාලා එහෙම තමයි. පව්නේ ඉතින් එයාලා. පිරිමි ළමයි ආසයි ගැහැනු ළමයි එක්ක කතා කරන්න. මටත් පිරිමි යාළුවෝ ගොඩක් ඉන්නවා. ඉතින් එයාලගේ හිතේ වෙන අදහසක් තිබ්බත් වැඩක් නෑ. මම යාළුකම් තියා ගන්න අය එක්ක වෙන අදහසකින් ඉන්නේ නෑ.

    ක්ෂේත්‍රයේ කෙනෙක් නයනතාරාගේ හිත ඉල්ලුවොත්?

    ක්ෂේත්‍රයේ කෙනෙක්ද පිට කෙනෙක්ද කියන එක ගැන මම හිතන්නේ නෑ. හොඳ අනන්‍යතාවක් තියෙන, හොඳ කොලිටි එකක් තියෙන කෙනෙක් නම් සලකා බලනවා.

    නයනතාරාගේ 20 වැනි උපන්දිනය සමරපු විදියත් ගොඩක් අයගේ කතාබහට ලක්වුණා?

    ඔව්. මගේ ෆේස්බුක් යාළුවෙක් පොළොන්නරුවේ ආබාධිත මධ්‍යස්ථානයකට ගිහින් වීඩියෝවක් කරලා තිබ්බා. මම එදාම හිතුවා මගේ 20 වැනි උපන්දිනය සමරන්නේ එතැන කියලා. ඉතින් මම ඒ මධ්‍යස්ථානයට ගිහින් මගේ උපන්දිනය සැමරුවා. ගෙදර උපන්දිනය සමරනවට වඩා ඒ ළමයි එක්ක කතා කරලා, එයාලා එක්ක විනෝද වෙලා සමරපු උපන්දිනය මට වටිනවා. ඉතින් ඒක දැකලා ගොඩක් අය එතැනට දාන දෙන්න මගෙන් දුරකතන අංක ඉල්ලා ගත්තා.

    අලුත් නිර්මාණවලට සම්බන්ධ වුණේ නැද්ද?

    ආයේ මෙගාවලට සම්බන්ධ වෙන්නේ නෑ. චන්න පෙරේරාගේ කොටස් 50ක විතර නාට්‍යයකට සම්බන්ධ වුණා. ‘මා’ සහ ‘සිනෙ මා’ චිත්‍රපට දෙකටත් සම්බන්ධ වුණා.

    දැන් නයනතාරා සිනමාවට මුල් තැන දෙයිද?

    මම සිනමාවට කැමැතියි. ඒ නිසා සිනමාවට මූලිකත්වය දෙනවා. එහෙම වුණාට ටෙලි නාට්‍ය අතහරින්නේ නැහැ. මොකද මම ප්‍රේක්ෂකයන්ට ළං වුණේ ටෙලි නාට්‍යයෙන්. ටෙලි නාට්‍ය කියන්නේ ක්ෂේත්‍රයට එන අයට හොඳ අඩිතාලමක්. හොඳ දෙයක් කරලා ගියත් කමක් නෑ.

    ඒ කියන්නේ නයනතාරා ක්ෂේත්‍රයෙන් යයිද?

    නෑ නෑ. එහෙම යන්නේ නැහැ. හොඳ දෙයක් කරලා ප්‍රේක්ෂකයෝ අතර රැඳෙන්න මම කැමැතියි. නිදහස් පරිසරයක් ඇතුළේ හොඳ නිර්මාණවලට මම සම්බන්ධ වෙනවා.

     

  • ජන පදනමක් නැති අගමැති රනිල් ඉවත් කරන්න එකාබද්ධ විපක්ෂයෙන් බල අරගල 03ක්..

    ජන පදනමක් නැති අගමැති රනිල් ඉවත් කරන්න එකාබද්ධ විපක්ෂයෙන් බල අරගල 03ක්..

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරින් ඉවත් කිරීමේ අරගලය ව්‍යවස්‌ථානුකූල අරගලයක්‌, ජන අරගලයක්‌ සහ අධිකරණ අරගලයක්‌ ලෙස අරගල තුනක්‌ ඔස්‌සේ ඉදිරියට ගෙන යාම ඒකාබද්ධ විපක්ෂයේ අරමුණ බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (19) පැවැසීය.

    ව්‍යවස්‌ථානුකූලව සහ අධිකරණය මගින් මෙය පළමුව විසදගන්න උත්සාහ කරන බවත් ඉන් නොහැකි වුවහොත් මහා ජන අරගලයක්‌ බවට එය පත්කරන බවත් හෙතෙම කීවේය.

    පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඊයේ (19) එම අදහස්‌ පළ කළේ පාර්ලිමේන්තු කමිටු කාමරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

  • සයිටම් ගැටලුව විසඳීමට ඒකාබද්ධ යෝජනා මාලාවක් අද ජනපතිට….

    සයිටම් ගැටලුව විසඳීමට ඒකාබද්ධ යෝජනා මාලාවක් අද ජනපතිට….

    මාලබේ සයිටම් ගැටලුව විසඳීම සඳහා වන යෝජනා මාලාවක් ඇතුළත් සංදේශයක් ජනාධිපතිවරයා වෙත අද  (20) බාරදීමට නියමිතය. 

    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, රජයේ වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය සංගමය, මාලබේ වෛද්‍ය වීද්‍යාලීය දෙමාපිය සංසදය සහ රජයේ දන්ත වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඒකාබද්ධව එම සංදේශය බාර දෙන බව සංවිධායකයෝ පැවසූහ.

    සයිටම් අර්බුදය නිසා අගතියට පත් ප්‍රධාන පාර්ශ්වයන් බවට සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන සිසුන් පත්ව තිබෙන අතර ඔවූන්ට සාධාරණයක් ඉටුවිය යුතුබවද ඔවූහූ කීහ.

  • පාස්පෝට් නඩුවෙන් විමල් බේරුනේ අගමැති නිසා – කට කියවූ විමල්ගේ රෙදි ගැලවෙයි..

    පාස්පෝට් නඩුවෙන් විමල් බේරුනේ අගමැති නිසා – කට කියවූ විමල්ගේ රෙදි ගැලවෙයි..

    විමල් වීරවංශ මහතා පාස්පෝර්ට් ප්‍රශ්නයෙන් බේරුණේ අගමැතිවරයාට පිංසිද්ධ වෙන්න යයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය.   ඔහු මේ බව කීවේ ඊයේ පැවැත්වුණු පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි…

    ඡන්ද ප්‍රතිඵලය ආශිර්වාදයක් ලෙස බාරගෙන රට ඉදිරියට කරගෙන යා යුතු බව ද මන්ත්‍රීවරයා කිවේය.

    මුජුබර් රහුමාන් මහතා මෙසේ ද කීවේ.

    ‘‘පොදුජන පෙරමුණට වඩා ඊට විරුද්ධව විශාල ජනමතයක් තිබෙනවා. 55 % කට එහා ජනමතයක් තිබෙනවා. මැතිවරණයෙන් යම් පණිවිඩයක් දෙනවා. වංචා දූෂණ සෙවීම ඉෂ්ඨ නොකිරීම ගැන යම් අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. 

    විමල් වීරවංශ මහතා විවිධ දේ කිව්වා.  අගමැතිවරයාට පින්සිද්ධ වෙන්නයි පාස්පෝට් සිද්ධියෙන් බේරුණේ. නැතිනම් ඉන්න වෙන්නේ බන්ධනාගාරේ.

    ඒ නිසා අපි නැවත 2015 ජනවාරි අට ජනමතය යළි ආරම්භ කළ යුතුයි. මේ රටේ ජාතිවායට පැසිස්ට් වාදයට එරෙහිව කඳවුරක් තිබෙනවා. මේ මැතිවරණය පටන් ගත්තු දවසේ ඉඳන් ජාතිවාදය අවුස්සන්න පුලුවන්ද බැලුවා. අපි එය පරාජය කළා.  මේ තීන්දුව ආශිර්වාදයක් විදියට අරගෙන රට හරියට ඉදිරියට ගෙන යා යුතුයි. ‘යයිද මුජිබුර් රහුමාන් මහතා පැවසීය.   

  • ගැටළු විසදාගැනීමෙන් පසුව කැබිනට් සංශෝධනයක් කරලියට… සිදුවන දිනය එලියට..

    ගැටළු විසදාගැනීමෙන් පසුව කැබිනට් සංශෝධනයක් කරලියට… සිදුවන දිනය එලියට..

    කැබිනට් මණ්ඩල සංශෝධනයක් බදාදා (21) සිදුකෙරෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
     
    පවතින දේශපාලන ගැටලුව විසඳාගැනීමෙන් පසුව නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
     
    ජාතික ආණ්ඩුව තවදුරටත් ක්‍රීයාත්මක වුවහොත් කැබිනට් සහ කැබිනට් නොවන ඇමතිවරුන්ගේ සංඛාවේ වෙනසක් සිඳු නොවන අතර ඇමතිවරුන්ගේ විෂය සංශෝධනයක් පමණක් සිඳුකෙරෙනු ඇතැයි වාර්තාවේ.
     
    එහෙත් ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවකදී කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 30කට සීමාවී කැබිනට් නොවන අමාත්‍යධූර සංඛ්‍යාව45 ක් විය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වැනි සංශෝධනයේ සඳහන් වේ.

  • ඉවසීමෙන් ඉන්න මම කවුරුත් නොහිතන අන්දමේ රැඩිකල් තීන්දුවක් ගන්නවා – ජනපති මෛත්‍රී

    ඉවසීමෙන් ඉන්න මම කවුරුත් නොහිතන අන්දමේ රැඩිකල් තීන්දුවක් ගන්නවා – ජනපති මෛත්‍රී

    නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිළමේ විපක්ෂයට එක්වීමට අවස්ථාව ලබා දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රී කණ්ඩායම සමග ඊයේ (19) පැවති සාකච්ඡාවේදී මෙම ඉල්ලීම සිදු කර තිබුණා.

    කෙසේවෙතත එහිදී ජනාධිපතිවරයා නියෝජ්‍ය අමාත්‍යවරයාට දැනුම් දී ඇත්තේ ඉදිරි මාසයක කාලය තුළ තමන් රැඩිකල් තීන්දුවක් ගැනීමට සුදානම් බවයි.

    ඒ හේතුවෙන් ඉවසීමෙන් කටයුතු කරන ලෙසටද ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා.

    මේ අතර, අග‍්‍රාමාත්‍ය ධුරය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම අවශ්‍ය නොවන බවයි රාජ්‍ය අමාත්‍ය ශ‍්‍රියාණි විජේවික‍්‍රම මෙම සාකච්ඡාවේදී ප‍්‍රකාශ කර ඇත්තේ. 

  • “දැන් තමයි කට්ටිය හිරගෙදර යන කාලේ..මතක තියා ගන්නවා” – රාජිතගෙන් ප්‍රකාශයක්..

    “දැන් තමයි කට්ටිය හිරගෙදර යන කාලේ..මතක තියා ගන්නවා” – රාජිතගෙන් ප්‍රකාශයක්..

    ජනතාවගෙන් ප‍්‍රතික්ෂේප වූ පාර්ශ්වයකට ආණ්ඩුවක් පවත්වාගෙන යාමට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

    එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී  අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ ඊයේ (19) පැවති කල් තැබීමේ විවාදයට එක් වෙමින්.

    එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ දැන් ජනතාව වෙනදාට වඩා රටේ දේශපාලනය පිළිබඳ නිරීක්ෂණයෙන් සිටින බවයි.

    මේ අතර මෙහිදී විමල් වීරවංශ මන්ත්‍රිවරයා සහ අමාත්‍ය රාජිත සේනාරත්න අතර උනුසුම් කතාබහක් ඇති වුණා. 

    එහිදී රාජිත සේනාරත්න ඇමතිවරයා සඳහන් කළේ “ඔය චූන් එක බලාගමු අපි..කොහොමද වෙන්නේ කියලා.. දැන් තමයි කට්ටියගේ නඩු විභාග වෙලා හිරගෙදර යන කාලේ. මීළඟ මැතිවරණය එනකොට මෙතන ඉන්න කීදෙනෙක් ඉන්නවාද කියලයි අපිට ගණන් කරන්න වෙන්නේ. අන්න එදාට මෝඩ චූන් එක තේරෙයි..මතක තියා ගන්නවා.” යනුවෙනි.

  • ආණ්ඩු සිහිනය බොදවූ ඒකාබද්ධ විපක්ෂය දැන් කරන්න යන දේ මෙන්න..

    ආණ්ඩු සිහිනය බොදවූ ඒකාබද්ධ විපක්ෂය දැන් කරන්න යන දේ මෙන්න..

    ඉදිරි පළාත් සභා මැතිවරණය සහ 2020 ජනාධිපතිවරණය ඉල්කක කරගෙන සැළසුම් ක‍්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා.

    ඒ, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ (19) රැස්වූ අවස්ථාවේදීයි.

    ආණ්ඩු වෙනසක් සිදු කිරීමට නොහැකි නම් ජනතාව වෙනුවෙන් තවදුරටත් පාර්ලිිමේන්තුවේදී හඬ නැගිය යුතු බවයි සනත් නිශාන්ත මන්ත‍්‍රීවරයා මෙහිදි සඳහන් කර ඇත්තේ.

    වාසුදේව නානායක්කාර මන්තී‍්‍රවරයා ද සනත් නිශාන්ත මන්ත‍්‍රීවරයාගේ එම ප‍්‍රකාශය අනුමත කර තිබෙනවා. 

  • රාමඤ්ඤ මහ නිකායේ අනුනායක හිමි අපවත් වෙයි

    රාමඤ්ඤ මහ නිකායේ අනුනායක හිමි අපවත් වෙයි

    රාමඤ්ඤ මහ නිකායේ අනුනායක අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන් අපවත් වී තිබෙනවා.

    කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ ශ‍්‍රී ජයවර්ධපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදි අපවත් වූ බවයි රෝහල් ප‍්‍රකාශකයෙකු කියා සිටියේ.

    අපවත් වන විට උන්වහන්සේ 80 හැවිරිදි වියේ පසුවුණා.

  • කුප්‍රකට මහ බැංකු බැඳුම්කර කොල්ලයේ සංවිධායක රනිල් ගෙන්වන ලද අර්ජුන් මහේන්ද්‍රන් කෝ..?

    කුප්‍රකට මහ බැංකු බැඳුම්කර කොල්ලයේ සංවිධායක රනිල් ගෙන්වන ලද අර්ජුන් මහේන්ද්‍රන් කෝ..?

    ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර කොල්ලයේ ප්‍රධාන සැකකරුවකු වන අගමැති රනිල් වික්‍රමසිංහ විසින් විශ්වාසනීයත්වය සහතික කොට ගෙන්වන ලද අතිජාති රාජකීය කල්ලියේ ගජයෙකු වන මහ බැංකුව භාරව සිටි කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට සිංගප්පුරුවේ සැඟව කට්ටි පනිමින් සිටින බවට වාර්තාවේ.

    රනිල්ගේ අතිජාත මිත්‍රයෙකු වූ විජාතික අර්ජුන් මහේන්ද්‍රන්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස රනිල් විසින් පත්කරන ලද්දේ ජනාධිපතිවරයාගේ විරෝධය නොතකා වන අතර ඔහු පත්කර ගැනීම සඳහා රනිල් විසින් ජනාධිපතිවරයාට දහසකුත් සහතික සමඟින් විශ්වසනීත්වය සහ ඔහුගේ වගකීම භාරගන්නා බවට පවසා ඇත.

    එහෙත් ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදුව ඇතැයි දැනට අනාවරණය කරගෙන ඇති දැවැන්තම මහබැංකු බැඳුම්කර කොල්ලය වන 2015 පෙබරවාරියේ සිදු වූ ඒ මහා කොල්ලයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු වන රනිල්ගේ ගජයා මේ වන විට තම වාසභුමිය වන සිංගප්පුරුවට පැනගොස් සැඟව සිටී.

    අර්ජුන් මහේන්ද්‍රන්ට පෙබරවාරි 15 වැනිදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට නිකුත් කළ නියෝගය නොතකා හැර ඇත. කෙසේ වෙතත් මාර්තු 08 වැනි දා හෝ ඊට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට කටඋත්තරයතක් ලබාදෙන ලෙස ඔහුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පසුගියදා (16) නියෝග කළාය.

    රටට රුපියල් කෝටි 11,000 කට අධික පාඩුවක් සිදුකරමින් සිදුව ඇති මහ බැංකු බැඳුම්කර කොල්ලයට සම්බන්ධ අර්ජුන් මහේන්ද්‍රන්ගේ අතුරුදහන් වීමත්, අධිකරණයෙන් කට්ටි පැනීමේත් පූර්ණ වගකීම ඔහුගේ ගජයා වන රනිල් විසින් දැරිය යුතු නොවේද?.

  • මොන බාධක ආවත් ජනවාරි 08 යහපාලන ගමන නවතින්නේ නෑ – ඇමති  රාජිතගෙන් ප්‍රකාශයක්…

    මොන බාධක ආවත් ජනවාරි 08 යහපාලන ගමන නවතින්නේ නෑ – ඇමති රාජිතගෙන් ප්‍රකාශයක්…

    ජනවාරි 08 ජනවරම ඒකාන්ත වශයෙන් ම රටේ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    සභාව කල්තැබීමේ යෝජනාවේ විවාදයට අඳහස් දක්වමින් අමාත්‍යවරයා අද (19) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.

    වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව වූ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළේ ය.

    ජනවාරි 08 යහපාලනය ගමන නවත්වන්නේ නෑ. වැරදි අඩුපාඩු හදාගෙන ගමන යනවා. එය ජයග්‍රහනය කරනවා. නායකයන් දෙදෙනා සමඟ ගමන යනවා. ජනවාරි 08 ජනවරම ඒකාන්ත වශයෙන් ම රටේ ක්‍රියාත්මක කරනවා’ යැයි ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

  • ඕ ලෙවල් ෆේල් මෝඩයා මොනවද තාක්ෂණය ගැන දන්නේ? ඇමති රාජිත විමල්ගේ රෙදි ගලවයි.

    ඕ ලෙවල් ෆේල් මෝඩයා මොනවද තාක්ෂණය ගැන දන්නේ? ඇමති රාජිත විමල්ගේ රෙදි ගලවයි.

    අද පාර්ලිමේන්තු සභාව ඉතා උණුසුම් වී තිබෙන අතර එහිදී  අමාත්‍ය රාජිත සේනාරත්න සහ විමල් වීරවංශ අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවුනා

    “අද උදේ මෙයාලා මහ ලොකුවට කිව්වේ ජාතික ආණ්ඩුව නෑ කියලා.  දැන් මේ තියෙන්නේ මොකක්ද? අලුත් අගමැතිවරයෙක් පත් කරන්න කියලා මම කිව්වේ නෑ කියලා මහින්ද අමරවීර මහතා කියලා තියෙනවා“.  යනුවෙන් දුරකතනය දෙස බලාගෙන රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව විමල් වීරවංශ මන්ත්‍රීවරයා යම් ලේඛණයක් ගැන කියනවා නම් සභාගත කරන්න කියන්න. 

    රාජිත – මෙතුමා තාක්ෂණය ගැන දන්නේ නෑ. මෙතුමා ඕලෙවල් ෆේල්. පුලුවන්නම් සාමාන්‍ය පෙළ සහතිකය පෙන්වන්න.

    විමල්  – මේ කැබිනට් ප්‍රකාශක කියනවා මම ඕලෙවල් ෆේල් කියලා. පුළුවන් නම් ඔප්පු කරන්න. මම හෙට ඉල්ලා අස්වෙනවා.

    රාජිත  – ඇයි ඒලෙවල් කළේ නැත්තේ? වැඩ හයයි ඕනා ඕලෙවල් පාස් වෙන්න. 

    ඉතා උණුසුම් වචන හුවමාරුවකින් අනතුරුව මේවනවිට රාජිත සේනාරත්න අමාත්‍යවරයා විවාදයේ අදහස් දක්වමින් සිටින අතර යහපාලන ආණ්ඩුව නොවෙනස්ව ඉදිරියට යන බව අමාත්‍යවරයා ප්‍රකාශ කලා.

  • අගමැති රනිල්ගෙන් චිට් 03ක්… මැතිසබයේ සද්ද වහලා එලියට ගිය ප්‍රබලයන් 03දෙනා මෙන්න…

    අගමැති රනිල්ගෙන් චිට් 03ක්… මැතිසබයේ සද්ද වහලා එලියට ගිය ප්‍රබලයන් 03දෙනා මෙන්න…

    රටේ ඇතිවී ඇතැ බව කියන අස්ථාවර භාවය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද පස්වරුවේ අවසන් වුනා. ඉතා උණුසුම් වූ පාර්ලිමේතුව විවාදය තුල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදුකලායැයි කියන අමුතු විදියේ සිදුවීමක් අප  වෙත වාර්තා වෙනවා.

    පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලට අනුව රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු සේවකයෙකු හරහාජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායකට,දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්ට සහවිපක්ෂ නායක ආර්.සම්පන්ධන් ට චිට් පත් තුනක් යවා තිබෙනවා.

    මෙම ච්ට් පත් යවා සුළු මොහොතකින් පසුව එම තිදෙනා සභාගැබෙන් නැගිටගොස් ඇති අතර අදාල චිට්පත් යැවූවේ කිනම් අරමුණකින්ද හෝ අදාල දේශපාලන ප්‍රභලයින් තිදෙනා සභා ගැබෙන් නැගිට ගියේ ඇයිද යන්න පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ.