Author: Editor[A]

  • පක්ෂ නායක රැස්වීමෙන් පසු ඇරඹුනු පාර්ලිමේන්තුව යලිත් කල් තබයි..

    පක්ෂ නායක රැස්වීමෙන් පසු ඇරඹුනු පාර්ලිමේන්තුව යලිත් කල් තබයි..

    පක්ෂ නායක රැස්වීමකින් පසු අද (19) පෙරවරුවේ ආරම්භ වූ පාර්ලිමේන්තු රැස්වීම මේ වන විට හදිසියේ විනාඩි කිහිපයක් සඳහා කල් තැබීමට පියවර ගත්තා.

    න්‍යාය පත‍්‍රයට අනුව ලිපිලේඛණ පිලිගැන්වීමෙන් අනතුරුව ප‍්‍රධාන කටයුතු ආරම්භ කිීීරීමට නියමිත අවස්ථාවේදී නැගී සිටි පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන කථානායකවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කළා.

    ඒ, රට තුළ පවතින දේශපාලන අස්ථාවරභාවය පිළිබඳ අද දිනයේ විශේෂ විවාදයක් පවත්වන ලෙසයි.

    ඊට අදාළව ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන්ගේ අත්සනින් යුතු ලිපියක් කථානායකවරයා වෙත භාර දුන් බවද දිනේෂ් ගුණවර්ධන මන්තී‍්‍රවරයා එහිදී ප‍්‍රකාශ කළා.

    එම අවස්ථාවේදී සභාවේ රැඳී සිටි ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන් සිය අසුන්වලින් නැගිට එම යෝජනාවට සහාය පළ කළා.

    එම අවස්ථාවේ නැගී සිටි සභානායක අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල කියා සිටියේ අද උදෑසන පැවැති පක්ෂ නායක රැස්වීමට එවැනි ඉල්ලීමක් ඉදිරිපත් නොවූ බවයි.  ඒ අනුව යළි පක්ෂ නායක රැස්වීමක් කැඳවීම සඳහා සභාවේ කටයුතු විනාඩි 15කට අත්හිටුවීමට කථානායකවරයා තීරණය කළා.     

    ඒ අනුව යළිත් පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.

     

  • කුප්‍රකට රනිල්ගේ අගමැතිධුරය සම්බන්ධයෙන් නිති උපදෙස් මත ජනමත විචාරණයක් කරලියට!

    කුප්‍රකට රනිල්ගේ අගමැතිධුරය සම්බන්ධයෙන් නිති උපදෙස් මත ජනමත විචාරණයක් කරලියට!

    මේ වන විට බලහත්කාරයෙන් අගමැතිධුරය අත්පත් කරගෙන සිටින රනිල් වික්‍රමසිංහ තවදුරටත් එම ධුරයේ රැඳී සිටියයුතුද? නැද්ද? යන්න සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයාට නීති විශාරදයින්ගේ උපදෙස් ලැබී ඇති අතර ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය සඳහා ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

    ජනාධිපතිවරයා සතු විධායක බලතල යටතේ, ජනතාවට ඇති උපරිම සෘජු ප්‍රජාත්‍රන්තවාදය සහතික කරන ජනමත විචාරණයක් තුලින් මෙම දේශපාලන අර්බුදය නිමා කිරීමට ජනාධිපතිවරයා මෙලෙස කටයුතු කිරීමට තීරණය කර අත.

    ඒ අනුව ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසමෙන් ඉල්ලා දින 30ක් ඇතුලත මෙම ජනමත විචාරණය පැවැත්වීම සිදුකෙරෙනු ඇත.

    සියයට 50කට වැඩි එක ඡන්දයක තීරණය අනුව රනිල් වික්‍රමසිංහගේ අනාගත ඉරණම තීරණය වනු ඇත.

  • වසර ආරම්භයේදීම ශ්‍රී ලංකාව පූර්ණ තරගාවලි ජයක් – තරගයේ විශේෂ අවස්ථා මෙන්න.(.වීඩියෝ)

    වසර ආරම්භයේදීම ශ්‍රී ලංකාව පූර්ණ තරගාවලි ජයක් – තරගයේ විශේෂ අවස්ථා මෙන්න.(.වීඩියෝ)

    සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති පනදුවාර 20 යි 20 තරගාවලියේ වීරයා සහ දෙවන තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගැනීමට කුසල් මෙන්ඩිස් ඊයේ (18) සමත්වුණා.

    ශී‍්‍ර  ලංකාව පන්දුවාර 20 තරගාවලිය ජය ගත්තේ 2 ට 0ක් ලෙසයි.

    අබාධයට ලක්වූ කුසල් ජනිත් වෙනුවට 20යි 20 සංචිතයට අවසන් මොහොතේ කැඳවූ කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවෙකු ලෙස සාර්ථක වීම කි‍්‍රකට් විචාරකයින්ගේ කතා බහට ලක්ව තිබෙනවා. ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ කී‍්‍රඩකයින් පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කිරිමද පැසසිය යුතු බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ. 

    මෙවර බංග්ලාදේශ සංචාරයේදී තුන්කොන් එක්දින තරගාවලිය, ටෙස්ට් තරගාවලිය සහ පන්දු වාර 20 යි 20 තරගාවලිය ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්වුණා.

    මෙම වසර ආරම්භයේදී පූර්ණ තරගාවලි ජයක් වාර්තා කළ පළමු කණ්ඩායමද ශී‍්‍ර ලංකාව වනවා. 

    https://www.facebook.com/supirigossip1/videos/1594992783869655/

  • නීතිය හා සාමය සරත් ෆොන්සේකාට…. මාස හයක් ඇතුලත කරන දේ මෙන්න..

    නීතිය හා සාමය සරත් ෆොන්සේකාට…. මාස හයක් ඇතුලත කරන දේ මෙන්න..

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී වත්මන් රජයට එරෙහිජ ජනතාව තම ඡන්ද ප්‍රකාශ කිරීමට මූලිකම හේතුව  දූෂණ චෝදනාවන්ට සම්බන්ධ  පුද්ගලයන්ට නිසි දඬුවම් ලබා දීමේ ක්‍රියාවලියක් නොමැතිවීම බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පෙන්වා දෙනවා. ඔහු මේ බව කියා සිටි‍යේ අද  සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති හමුවකින් අනතුරුව  මාධ්‍යට කරුණු දක්වමින්.

    එසේම තමන්ට  නීතිය හා සාමය අමාත්‍යධුරය ලබා දෙන්නේනම්   මාස හයක් ඇතුළත්  දූෂිතයන්ට නිසි දඬුවම් ලබා දීමේ ක්‍රියාවලියක් සකස්කර  ජනතා අපේක්ෂාවන් ඉටු කරන බව ඔහු පෙන්වා දෙනවා.

    මෙහිදී වැඩිදුරටත් මාධ්‍යයට කරුණු පැහැදිලි කල සරත් ෆොන්සේකා  සම්මුති රජය අනිවාර්යයෙන් ඉදිරියට පවත්වාගෙන යන බවත් එහි කිසිඳු ගැටළුවන් නොමැති බවත් ප්‍රකාශ කලා.

    යම් යම් පුද්ගලික මත දරන අය සිටියද එක්සත් ජාතික පක්ෂය තුල කිසඳු  ප්‍රශ්නයක් නොමැති බව පෙන්වාදුන් ඔහු රටක් ලෙස ඉදිරියට යෑම සඳහා විපක්ෂයක්  අවශ්‍ය බවත් ඒ සඳහා  ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇති බවත් පෙන්වා දෙනවා.

  • ඡන්දෙන් පස්සේ පළමු පාර්ලිමේන්තු රැස්වීමේදී අද වෙන්න යන දේ මෙන්න..

    ඡන්දෙන් පස්සේ පළමු පාර්ලිමේන්තු රැස්වීමේදී අද වෙන්න යන දේ මෙන්න..

    පාර්ලිමේන්තුව අද (19) පෙරවරු 10.00ට රැස්වීමට නියමිතයි.

    ලබන සිකුරාදා වනතෙක් පාර්ලිමේන්තුව රැස්වීම පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු පාර්ලිමේන්තුව රැස්වන පළමු අවස්ථාව මෙය වනවා.

    මේ වන විටත් මෙම පාර්ලිමේන්තු රැස්වීම කාගේත් දැඩි අවධානයකට යොමුවී අවසන්.

    ඒ, රටේ පවතින වත්මන් දේශපාලන වාතාවරණය හේතුවෙන්. කිසියම් හෝ පක්ෂයක් අද දිනයේදී පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වනු ඇතැයි පසුගිය දින කිහිපයේද දේශපාලන ක්ෂේත‍්‍රයේ විවිධ අදහස් පළ වී තිබුණා.

    මේ අතර අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්ද පැවැත්වීමට නියමිතයි.

  • මාස තුනක්වත් දෙන්න බැරිද?ගෙදර යන්න කලින් රනිල් ජනපති මෛත්‍රීගේ දෙපාමුල වැද වැටෙයි

    මාස තුනක්වත් දෙන්න බැරිද?ගෙදර යන්න කලින් රනිල් ජනපති මෛත්‍රීගේ දෙපාමුල වැද වැටෙයි

     අරලිය මන්දිරයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඊයේ  විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වෙමින් තිබෙන අතර එයට එජාපයේ බොහෝ මන්ත්‍රීවරුන් සහභාගී විය.

    මේ සම්බන්ධයෙන් අප වෙත වාර්තාවන පරිදි මෙය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස තම මන්ත්‍රීවරුන්ට අරලිය ගහ මන්දිරයෙන් ලබාදෙන අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය වීමට බොහෝ දුරට ඉඩ කඩ පවතින බවට වාර්තාවේ.

    මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සඟයින් කිහිපදෙනෙකු මන්ත්‍රීවරුන් සමීපයට ගොස් කථා කරමින් රනිල් වික්‍රමසිංහ මහතාව අගමැතිධුරයේ තව මාස තුනක පමණ කාලයක් රඳවා තබාගැනීමටත් ඒ තුළින් ඔහුට ගෞරවනීය සමුගැනීමක් දිය හැකි බවට ඇවටිලි කරමින් සිටින බවටත් වාර්තාවේ.

    අප වෙත වාර්තා වන පරිදි අද(18) ජනාධිපතිවරයා සමඟ පැවති අවසන් සාකච්ජාවේදීද රනිල් වික්‍රමසිංහ තමාට තවත් මාස 03ක් අගමැතිධුරය දැරීමටත් ඒ තුලින් ගෞරවනීය සමුගැනීමක් සිදුකිරීමට හිත හදාගැනීමටත් කාලය ඉල්ලා ඇත. එහෙත් එය ජනාධිපතිවරයා විසින් අනුමත කළ බවක් වාර්තා වන්නේද නැත.

    මේ මොහොත වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රබලයින් තම බහුතර බලය පෙන්වමින්, ඒකාබද්ධ විපක්ෂයේද සහය ඇතිව ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධාන රජයක් ගොඩනැඟීම වෙනුවෙන් සාකච්ඡා පවත්වමින් සිටිති.

  • අලුත් ආණ්ඩුවක් වෙනුවෙන් ශ්‍රීලනිපය ප්‍රමුඛ එජනිසය ආණ්ඩුවෙන් ඉවත්වෙයි

    අලුත් ආණ්ඩුවක් වෙනුවෙන් ශ්‍රීලනිපය ප්‍රමුඛ එජනිසය ආණ්ඩුවෙන් ඉවත්වෙයි

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වීමට ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කොට ඇත.

    ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයේ සිට එක්සත් ජාතික පක්ෂයේ මුලිකත්වයෙන් පිහිටුවන ලද සම්මුතිවාදී ජාතික ආණ්ඩුව අහෝසි වී යන අතර නව අග්‍රාමාත්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිපය ප්‍රමුඛ නව ජාතික ආණ්ඩුවක් නිර්මාණය වීමට නියමිතව ඇත. මේ සම්බන්ධයෙන් අද(18) ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ජනාධිපතිතුමාව දැනුවත් කළ අතර නව ආණ්ඩුවක් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ආශිර්වාදය හිමිව තිබේ.

    අගමැතිවරයා ඉවත් කිරීම සඳහා අවශ්‍ය නීති උපදෙස් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාගැනීමටද තීරණය වී ඇත.

    මෙම සම්මුතිවාදී ආණ්ඩුව බිඳ වැටීමට මුලික හේතුව බවට පත්වූයේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා සහ වත්මන් අගමැති ලෙස කූජිතව ඇති රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයෙන් ඉවත් නොවීමයි.

    කෙසේ වෙතත් බිහිවන ශ්‍රීලනිපය ප්‍රමුඛ නව ආණ්ඩුව සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සහ එජාපයේද සහය හිමිව තිබේ.

  • අගමැති රනිල් ඉවත්වෙයි.. ජනපති මෛත්‍රී- කරු-රනිල් තීරණාත්මක හමුවෙන් පසු තීරණ රැසක්…

    අගමැති රනිල් ඉවත්වෙයි.. ජනපති මෛත්‍රී- කරු-රනිල් තීරණාත්මක හමුවෙන් පසු තීරණ රැසක්…

    අපේ රටේ අග්‍රාමාත්‍ය ධූරය පිළිබඳව බොහෝ දෙනාගේ දැඩි අවධානයට යොමු වෙලා තිබෙන මොහොතක සිදුවූ ජනපති මෛත්‍රී අගමැති රනිල් කතානායක කරු අතර තීරණාත්මක සාකච්චාවෙන් පසුව අගමැති රනිල් තමධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති අතර පුර්ණ කැබිනට් මණ්ඩල සංශෝධනයකට රනිල් එකගතාව පළකර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

    පවතින දේශපාලන අර්බුදය විසඳීම වෙනුවෙන් වත්මන් අගමැතිධුරය දරණ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඊට අදාළ සිදුකෙරෙන අවසන් සාකච්ඡාව මේ වන විට ජනාධිපති නිල නිවසේදී සිදු වූ අතර එහිදී මෙම තීරණයට එළෙඹ තිබේ.

    ඒ අනුව රනිල් වික්‍රමසිංහ තම අගමැතිධුරය ඇතුළු වත්මන් ආණ්ඩුවේ පූර්ණ කැබිනට් සංශෝධනයක් මෙම බදාදා සිදුකිරීමට ජනාධිපතිවරයා සමඟ එකඟ වී ඇත.

    ඒ අනුව නව අගමැතිවරයා වශයෙන් කරු ජයසුරිය මහතා නම් කිරීමද එකඟ වී ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කිරීම සිදුවනු ඇති බවට වැඩිදුරටත් වාර්තාවේ.

    මේ වන ශ්‍රීලනිපය ප්‍රමුඛ ආණ්ඩුවක් සෑදීම සඳහා තමන්ට අවශ්‍ය බලය පවතින බවත් ඊට අවස්ථාව ලබාදෙන ලෙසටත් සඳහන් කරමින් ශ්‍රීලනිපය සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පවත්වමින් සිටී.

     

  • හතුරුගේ ආගමනය සාර්ථකයි…  දෙවෙනි 20 20න් සිංහයන්ට ලකුණු 75ක විශිෂ්ට ජයක්..

    හතුරුගේ ආගමනය සාර්ථකයි… දෙවෙනි 20 20න් සිංහයන්ට ලකුණු 75ක විශිෂ්ට ජයක්..

    සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන සහ අවසන් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය ශිලේට්හිදී පැවති 02වන 20 20 තරගයෙන් ලකුණු 75ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය..  පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 දැවී ලකුණු 210 ලබාගත්තේ ඕවරයකට 10.5 දල ලකුණු වේගයක් රදවාගනිමින් වන අතර බංගලාදේශ කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 135ක් පමණි.

    තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ 2 ට බින්දුවක් ලෙස ජය ගෙන සිටින්නේ ශී‍්‍ර ලංකා කණ්ඩායමයි.

  • බංගලියන්ට එරෙහි දෙවන 20 20  ශ්‍රී ලංකා ඉනිම 210… ලොවම අපේ හතුරු ගැන අවධානයෙන්..

    බංගලියන්ට එරෙහි දෙවන 20 20 ශ්‍රී ලංකා ඉනිම 210… ලොවම අපේ හතුරු ගැන අවධානයෙන්..

    සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන සහ අවසන් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය ශිලේට්හිදී මේ වනවිට පැවැත්වෙනවා. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 දැවී ලකුණු 210 ලබාගත්තේ ඕවරයකට 10.5 දල ලකුණු වේගයක් රදවාගනිමිනි..

    තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ 1 ට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ශී‍්‍ර ලංකා කණ්ඩායමයි.

    අද තරගය පැවැත්වෙන තණතිල්ල බංග්ලාදේශ කණ්ඩායමට වාසිදායක අයුරින් සකසා ඇති බවයි වාර්තා වන්නේ. 

    කලක් බංග්ලාදේශ කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය හෙබවූ චන්දික හතුරුසිංහ සම්බන්ධයෙන් ද ක‍්‍රිකට් විචාරකයින් විවිධ අදහස් පළ කර තිබෙනවා.

    ඔහු බංග්ලාදේශයේ තණතිලි පිළිබඳව අත්දැකීමක් ලබා තිබීම ශ‍්‍රී ලංකා කණ්ඩායමට වාසිදායක වූ බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ.

     

  • රංගේ බණ්ඩාර එජාපයේ රෙදි ගලවමින් මෙතෙක් සැඟවූ සියල්ල ලිපියකින් දිගහරී…

    රංගේ බණ්ඩාර එජාපයේ රෙදි ගලවමින් මෙතෙක් සැඟවූ සියල්ල ලිපියකින් දිගහරී…

    නායකයින්ට අමතක වූ එහෙත් ජනතාව දැනගත යුතු වූ ලියවිල්ල නමින් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ලිපියක් යොමු කර තිබෙනවා.

    රනිල්ගේ දුර්වලතාවයන් නිසා කැබිනට් ඇමතිකම් පිරිනැමීමේ විපාක විඳින්නට වූ බවත් තමන් විඳි දැඩි පීඩාවන් ද මින් සඳහන් කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

    තමා දේශපාලනයට අවතීර්ණ වූ සමයේ පටන් විඳින්නට වූ විවිධ පීඩන, අහිමිවීම් සහ බලපෑම් පිළිබඳව ද ඉන් සඳහන් කර තිබෙනවා.

    පක්ෂය වෙනුවෙන් විවිධ ගැටලු වෙත තමාට මුහුණ දෙන්නට සිදු වූවත් ඒ සියල්ලේදී පක්ෂය තමා වෙත කිසිඳු සහයෝගයක් නොදුන් බවද සඳහන් කරනවා.

    එක්සත් ජාතික පක්ෂයේම සිටි ප්‍රබලයින් තමාව ඝාතනය කරන්නට සැළසුම් කළ බවද රටේ ජනතාව දැන ගත යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

    මෙම තත්ත්වයන් පිළිබඳව දීර්ඝ කල්පනාවකින් අනතුරුව ආණමඩුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධූරයෙන් තමන් ඉල්ලා අස්වීමට තීරණය කරනු ලැබූ බව සඳහන් කරනවා. එජාප මහලේකම්වරයා අදාළ ලිපිය විසිකර දැමුවත්.. එහෙත් මතාගේ අභිප්‍රායන් එසේම බවයි ඔහු වැඩි දුරටත් දන්වා සිටින්නේ.

    (එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වෙයි)

  • අමාත්‍යංශ යලි පැවරුවාට වැඩක් නෑ. රනිල්ට යලිත් අගමැතිකම් බෑ – ජනපති දැඩි තිරණයක…

    අමාත්‍යංශ යලි පැවරුවාට වැඩක් නෑ. රනිල්ට යලිත් අගමැතිකම් බෑ – ජනපති දැඩි තිරණයක…

    යහපාලන රජයේ අමාත්‍යංශ යලිත් තමා හට ලබාදීම මගින් යහපාලන රජය පවත්වාගෙන යාමට අගමැති රනිල් බලාපොරොත්තුවන්නේ නම් එය හුදෙක් සිහිනයක් පමණක් වනු ඇති බව ශ්‍රීලනිප ආරංචිමාර්ග තහවුරු කර ඇත. අගමැති රනිල් ඉවත්විය යුතුය යන තීරණයේ ජනාධිපතිවරයා දැඩිව සිටින අතර එම තීරණය වෙනස් කිරීම සදහා එජාපය දැවැන්ත උත්සාහය නිරතවෙමින් සිටියද මේ වනවිට එම ප්‍රයත්නය අසාර්ථක වී ඇත…

    මේ අතරවාරයේ නිතිය හා සාමය වැනි මුදල් වැනි අමාත්‍යංශ යලිත් ජනාධිපතිවරයා වෙත පවරා දෙමින් ජනාධිපතිවරයා සහ රනිල් අතර සාමකාමී වටපිටාවක් ගොඩනැගීමට එජාපය උත්සහ කලද ජනාධිපති මෛත්‍රී දැඩිව අවධාරණය කර ඇත්තේ රනිල්ව ඉවත්කර වෙනත් නායකයෙක් සමගින් ආණ්ඩු නිර්මාණය කිරීමේ සාකච්චා වලට පැමිණෙන ලෙසය…

    මේ අතර මේ වනවිට සුසිල් සහ දිනේෂ් නායකත්වය ගෙන ඒකාබද්ධය සහ ශ්‍රීලනිපය සමගි කිරීමේ සාකච්චාද සැලකිය යුතු මට්ටමේ සාර්ථකත්වයක් ලබාතිබීම එජාපයේ දැඩි අවධානයට ලක්ව ඇති අතර කෙසේ හෝ මෙම සාකච්චා අඩාල කිරීමට එජාපය උත්සහදරුවද ඒ සියල්ල පරාජය දිනේෂ් හා සුසිල් සුසංයෝගය සමත්කම් දක්වා ඇත.

  • බංගලියන් සමග 20 20 දෙවැනි සටන අද – හිටපු නායක තිසර වාර්තාවක් අභියස..

    බංගලියන් සමග 20 20 දෙවැනි සටන අද – හිටපු නායක තිසර වාර්තාවක් අභියස..

    සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන සහ අවසන් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය ශිලේට්හිදී අද (18) පැවැත්වෙනවා. 

    ශී‍්‍ර ලංකා වේලාවෙන් මෙම තරගය පස්වරු 4.30ට ආරම්භ වීමට නියමිතයි.

    තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ 1 ට බින්දුවක් ලෙස ශී‍්‍ර ලංකා කණ්ඩායම පෙරමුණ ගෙන සිටිනවා.

    අඛණ්ඩව පන්දුවාර විස්ස තරග 8ක් පරාජය වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉකුත්දා පැවති පළමු තරගයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව කඩුලූ 6ක විශිෂ්ට ජයක් ලබමින් එම පරාජයන් රැල්ලට තිත තැබුවා.

    අද තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ. ෂෙහාන් මධුසංඛ වෙනුවට අසිත ප‍්‍රනාන්දු කැඳවනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

    මේ අතර තිසර පෙරේරාට පන්දුවාර විස්ස කි‍්‍රකට් පිටියේ සිය පනස්වැනි කඩුල්ල දවා ගැනීමට තවත් අවශ්‍යව ඇත්තේ එක් කඩුල්ලක් පමණයි.

    අද තරගයේදී ඔහු කඩුල්ලක් දවා ගැනීමට සමත්කම් දැක්වුවහොත් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් පන්දුවාර විස්ස කි‍්‍රකට් පිටියේ කඩුලූ 50 සීමාව පසු කළ සිව්වන පන්දුයවන්නා ලෙස ඔහු වාර්තා පොත් අතරට එක්වනු ඇති.

    මීට පෙර එවැනි දස්කමක් දක්වා තිබුණේ ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස් සහ නුවන් කුලසේකරයි.

  • දියවූ දියවූ මටම දියවූ. දෙඅත්තකණ්ඩියේ සභාපතිධුරය ඉල්ලා උපාධිධාරියා අට්ටාලයේ උපවාසයක.

    දියවූ දියවූ මටම දියවූ. දෙඅත්තකණ්ඩියේ සභාපතිධුරය ඉල්ලා උපාධිධාරියා අට්ටාලයේ උපවාසයක.

    දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත්වූ සභිකයෙකු  ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය ඉල්ලා  (16) නවමැදගම නගරය මැද අට්ටාලයක සිට උපවාසයක් ආරම්භ කළේය.

    අජිත් රෝහණ සිල්වා නම්වූ මෙම මන්ත්‍රීවරයා පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් නව මැදගම  කුඩාගම කොට්ටාසය ජයග්‍රහණය කර ඇත.

    “මීට ඉහත අවස්ථා තුනකදී මම ප්‍රාදේශීය සභාවට තේරී පත්වුණා.මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඡන්ද 1100ක් අරගෙන ජයග්‍රහණය කළා. දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ  සභාපති ධූරයට සුදුසු  මමයි.මම  විද්‍යාවේදී රාජ්‍ය පරිපාලන විද්‍යා විශේෂ  උපාධිධාරියෙක්.එසේ තිබියදී දිගාමඩුල්ල දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ලේකම්වරයෙක් මැදිහත්වී නවක මන්ත්‍රීවරයෙකුට දෙහිඅත්තකණ්ඩිය ප්‍ර‍ෙදේශීය සභාවේ සභාපති ධූරය දෙන්න කුමන්ත්‍රණයක් දියත් කර තිබෙනවා.ඊට මම දැඩි විරෝධය දක්වනවා.“යැයි හෙතෙම පැවසීය.

  • දුෂ්කරතා ගැන කරන්න දෙයක් නෑ.. පළාත් පාලන පනතට සංශෝධනය කරන්න දැන් බෑ

    දුෂ්කරතා ගැන කරන්න දෙයක් නෑ.. පළාත් පාලන පනතට සංශෝධනය කරන්න දැන් බෑ

    පළාත් පාලන ආයතනවලට සභිකයින් පත්කිරීමේදී අනිවාර්ය කාන්තා නියෝජනය ගැටලුවක් වී ඇතැත් මෙවර පැවති මැතිවරණයට අදාළ වන සේ පනතට සංශෝධනය සිඳුකළ නොහැකි යැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කරයි.

    එවැනි ගැටලුවක් තිබේනම් ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන ඡන්දයකදී ඒවා නිවැරදී කර ගැනීමේ හැකියාවක් තිබෙන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

    මෙවර 2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නව නීතියට අනුව සිඳුකළ හෙයින් ඒකී නිතිය යටතේ සභිකයින් තෝරාපත්කර යැවිය යුතුවන බවද එහි දක්වා ඇත.

  • 2020 ජනාධිපතිවරණයේ මගේ සහය මෛත්‍රී ජනපතිට.. ඇමති සජිත්ගෙන් රනිල්ට මරු පහරක්..

    2020 ජනාධිපතිවරණයේ මගේ සහය මෛත්‍රී ජනපතිට.. ඇමති සජිත්ගෙන් රනිල්ට මරු පහරක්..

    එළැඹෙන 2020 ජනාධිපතිවරණයේ දී එජාපයෙන් නායකත්වය ලබාගෙන එජාපය වෙනුවෙන් තරඟ කරන්න සූදානම් වෙන්න යැයි එජාපයේ වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාට කළ යෝජනාව ඒ මහතා ප්‍රතික්ෂේප කර ඇතැයි ‘රාවය’ පුවත්පත සිය ප්‍රධාන සිරස්තලයෙන් යුතුව වාර්තා කර තිබේ.

    පළාත් පාලන මැතිවරණයට පසුව ආණ්ඩුව තුළ ඇති වී තිබෙන අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එජාපයේ ඉහළ පෙළේ සාමාජිකයන් එකතු වූ සිරිකොතේ පැවති රැස්වීමක දී රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව කර ඇතැයි එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

    ආණ්ඩුව තුළ වර්තමානයේ ඇතිවී තිබෙන අර්බුදයත් සමග එජාපයේ නායකත්වයේද වෙනසක් කළ යුතු යැයි පක්ෂය තුළ ලොකු හඬක් නැවත මතුවී තිබෙන අතර මේ හේතුව නිසා රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව කරන්නට ඇතැයි වාර්තා වෙයි.

    නායක – සජිත් : නියෝජ්‍ය නවින්

    එළැඹෙන 2020 ජනාධිපතිවරණය අරමුණු කරගනිමින් පක්ෂ නායකත්වයේ ලොකු වෙනසක් කිරීමට පක්ෂය තුළ සංවාදයක් ගොඩනැගී ඇතැයි ප්‍රකාශ කළ එජාපයේ ප්‍රබලයෙක් තවදුරටත් ප්‍රකාශ කළේ පක්ෂ නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතා ද නියෝජ්‍ය නායකත්වයට නවීන් දිසානායක මහතා ද පත්වෙනු ඇති බවයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තවත් එජාප ප්‍රබලයෙක් ප්‍රකාශ කළේ මේ අර්බුදකාරී අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය භාර නොගනු ඇති බවයි. එය ඔහුට අවාසි බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    දයා ගමගේ නායකත්වය ඉල්ලයි :

    ” මට නායකත්වය අරන් දෙන්න .. මම ජනාධිපතිවෙලා පෙන්නනම් ” – දයා ගමගේ කියලා

    මෙසේ සජිත් ප්‍රේමදාස මහතා එළඹෙන ජනාධිපතිවරණයට තරඟ කිරීම ප්‍රතික්ෂේප කරමින් සිටියදී තමන් පක්ෂ නායකත්වය බාර ගෙන ජනාධිපතිවරණයට තරඟ කිරීමට සුදානම් බව අමාත්‍ය දයා ගමගේ මහතා පක්ෂ නායකත්වයට දැනුම් දී ඇත.

    ‘සිරිකොත ‘ එජාප මුලස්ථානයේ ප්‍රධානියකු මගින් එම දැනුම්දීම සිදුකර තිබේ.

    දයා ගමගේ මහතා හා එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ ඔහුගේ බිරිඳ වන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල මහතාට සමීප දෙදෙනෙකු ලෙස සැලකේ.

    මේ අතර ඉදිරියෙදී සිදු කිරීමට නියමිත පක්ෂ ප්‍රතිසංවිධානයේදී අමාත්‍ය රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා නියෝජ්‍ය නායකත්වයත්, රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා උප නායක ධුරයත්, රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා උප සභාපති ධුරත් අපේක්ෂාවෙන් පක්ෂ නායකත්වයට බලපෑම් කරමින් සිටින බව ‘සිරිකොත’ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.