Author: Editor[A]

  • ගිය සදුදා මහින්ද මට කතා කළා –  රනිල් මාධ්‍ය හමුවට අැවිත් කියයි..

    ගිය සදුදා මහින්ද මට කතා කළා – රනිල් මාධ්‍ය හමුවට අැවිත් කියයි..

    රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිධුරයෙන් ඉවත් නොවන්නැයි මහින්ද රාජපක්ෂ මහතා  දුරකතනයෙන් පවසා ඇතිබවට කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කලා.

    එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ පසුගිය සඳුදා දින හිටපු ජනාධිපතිවරයා තමන්ට කතා කල බවත් එහිදී තමන් අගමැති ධූරයෙන් ඉවත් වන බවට පැතිර යන කතාව පිළිබඳ විමසූ බවත්ය. එසේම හිටපු ජනාධිපතිවරයා සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට එල්ල වන චෝදනාද තමන් ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

    එම අවස්ථාවේ වීඩියෝව පහතින්.

  • ‘මට මහින්ද එක්ක හිටගන්න බැහැ’ – අැමති දුමින්ද කාර්යය මණ්ඩලයට කියයි

    ‘මට මහින්ද එක්ක හිටගන්න බැහැ’ – අැමති දුමින්ද කාර්යය මණ්ඩලයට කියයි

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ වූයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත බවත්, බලය වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා නොදෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක මහතා අද (16) සිය කාර්ය මණ්ඩලයට දැනුම්දී තිබේ.

    මහින්ද මහතාගේ ප්‍රතිපත්ති අදට ද වෙනස් වී නැති බවත්, එනිසා රෙදි ඇඳගෙන මහින්ද සමඟ තමාට හිටගත නොහැකි බවත්, ඔහු වැඩිදුරටත් පවසා ඇත.

    තමා එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බවද පවසා ඇති දුමින්ද මහතා, සිරිසේන මහතා තමාව ජනපති මන්දිරයෙන් එළවූ බවට වාර්තා පැතිර ඇති බවත්, තමා ඊයේ හා පෙරේදා දිනයන්හි සිටියේ තම නිවසේ බවත් ඔහු සිනා සෙමින් සිය කාර්ය මණ්ඩලයට පැවසූ බව එම කාර්යමණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

  • අැමති රාජිත ගැන බොරු කියූ ලංකාදීපෙට ලිපියක්!

    අැමති රාජිත ගැන බොරු කියූ ලංකාදීපෙට ලිපියක්!

    රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිදුකළ බව කියමින් ඊයේ (15 දා ) ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ පල කර තිබූ ප්‍රවෘත්තිය මුළුමනින්ම අසත්‍ය බවත් තමා එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රකාශ කළ බව පවසමින් ” කැබිනට් සංශෝධනයක් මුදල් – නීතිය හා සාමය ශ්‍රීලනිපයට ජනපති තීරණය කර ඇතැයි රාජිත කියයි” යනුවෙන් පුවතක් ඊයේ දිනයේදී ලංකාදීප පුවත්පතේ පලකර තිබුණි.

    මෙම පුවත බරපතල අසත්‍ය ප්‍රවෘත්තියක් බවත් එවැනි පුවතක් වෙනත් මාධ්‍යකින් ප්‍රචාරයවීමක් හෝ පලවීමක් සිදු නොකළ බවත් ඔහු එම නිවේදනයේ සඳහන් කර ඇත.

    තවද එවැනි දෙයක් පැවසීමට තම සිතුවේවත් නැති බව පවසන අමාත්‍යවරයා මේ පිළිබඳව සැකහැර දැන ගැනීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හුමවේ සම්පූර්ණ පටිගත කිරීම නරඹන ලෙසද ඉල්ලා සිටී.

    එබැවින් මෙම ප්‍රවෘත්තිය අසත්‍ය පුවතක් බව ප්‍රකිශ කරමින් නිවැරදි කිරීමක් ඉහත ප්‍රවෘත්තියට ලබාදුන් ප්‍රමුඛතාව ලබාදී ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ පල කරන මෙන් අමාත්‍යවරයා එම පුවත්පතේ කර්තෘගෙන් ඉල්ලා සිටී.

     

  • අගමැති ඉවත් කිරීම ගැන, වෙල්ගමට ජනපතිගෙන් පොරොන්දුවක්.

    අගමැති ඉවත් කිරීම ගැන, වෙල්ගමට ජනපතිගෙන් පොරොන්දුවක්.

    අගමැති ඉවත් කිරීමට ඇති හැකියාව ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම මහතා පවසයි.

    මන්ත‍්‍රීවරයා මේ බව පැවැසුවේ ජනාධිපතිවරයාගේ නිල නිවසේ මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාව අතරතුර නික්ම යන අවස්ථාවේ දී මාධ්‍ය නැගූ ප‍්‍රශ්නවලට  පිළිතුරු දෙමිනි.

  • ශ්‍රී ලංකා ආණ්ඩුවක්! අගමැති නිමල් සිරිපාල ද සිල්වා

    ශ්‍රී ලංකා ආණ්ඩුවක්! අගමැති නිමල් සිරිපාල ද සිල්වා

    දින කිහිපයක් පුරා පැවති දේශපාලන අරාජිකත්වය සහ අස්ථාවරත්වය නිමා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ස්ථාපිත කිරීම නියමිත බව ඉතා විශ්වාස වන්ත කටයුතු ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

    එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් නිර්මාණය කරන බවට ප්‍රකාශ කිරීමත් සමඟ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කළ අතර එම රනිල් විසින් ප්‍රතික්ෂේප කිරීම තුල ශ්‍රීලනිපය තම ආණ්ඩුවක් නිර්මාණය කරන බව ජනාධිපතිවරයාට දැනුම් දෙන ලදී.

    ඒ අනුව ඊට අදාළ දේශපාලන මෙහෙයුම් ශ්‍රීලනිපය සහ එජාපය යන දෙපාර්ශවයෙන්ම සිදු වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම අභියෝගය ජය ගැනීමට මේ වන සමත්ව අත.

    ඒ අනුව නිමල් සිරිපාලද සිල්වා මහතා අග්‍රාමාත්‍ය වරයා ලෙස දිවුරුම් දීමට සුදානමින් සිටින බවද වාර්තාවේ.

    මෙම නව ආණ්ඩුවට සහය පළකරමින් එක්සත් ජාතික පක්ෂයේ විශාල පිරිසක් ශ්‍රීලනිපයට එක්වීමට මේ වන විටත් සුදානම්ව සිටී.

    මේ අනුව රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ බලලොභීත්වය හමුවේ එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව බලය මේ මොහොතේ අහිමි වී යන අතර තවත් දශක දෙක-තුනක පමණ කාලයකට එජාපයෙන් ආණ්ඩු බලය ගිලි හී යාම සිදුවනු ඇත.

  • ‘රනිල් අයින් කරලා ආණ්ඩු හදන්න එන්න’ : නි ඇමති රන්ජන්ට ජනපති මෛත්‍රි කියයි.

    ‘රනිල් අයින් කරලා ආණ්ඩු හදන්න එන්න’ : නි ඇමති රන්ජන්ට ජනපති මෛත්‍රි කියයි.

    නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද (16දා) පෙරවරුවේ පැවැතියේය. මෙහිදි එක්සත් ජාතික පක්ෂයේ සහායෙන් ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා රන්ජන් රාමනායක මහතා තවදුරටත් උත්සාහ ගෙන ඇත. ඒ සම්බන්ධයෙන් ඔහු දීර්ඝව කරුණු ඉදිරිපත් කර ඇති බවද වාර්තා වෙයි.

    කෙසේ වෙතත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන්නේ මෙහිදී ජනපතිවරයා පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස්කරගෙන සාකච්ඡා සඳහා පැමිණෙන ලෙසයි. 

  • ඒකාබද්ධ විපක්ෂ පක්ෂ නායකයන් ජනපති නිල නිවසට.

    ඒකාබද්ධ විපක්ෂ පක්ෂ නායකයන් ජනපති නිල නිවසට.

    ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් මේ වන විට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවසට පැමිණ ඇති බව වාර්තා වෙයි.

    මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවෙන් පසුව සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ගිය බවත් මේ වන විට ජනාධිපතිවරයා සමග සාකච්ඡාව ආරම්භ වී ඇති බවත් පැවසේ. මෙම කණ්ඩායමට වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිළ යන මහත්වරුද ඇතුළත්වන බව වාර්තාවේ.

    මෙම සාකච්ඡාවේ අරමුණ ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගය ලබාගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් බවද දැනගන්නට තිබේ.

    මහින්ද රාජපක්ෂ මහතා තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධූරය හොබවයි.

  • සන්ධානය බහුතරය පෙන්වන්නට සැරසෙයි! පළමු අත්සන නිමල්ගෙන්..

    සන්ධානය බහුතරය පෙන්වන්නට සැරසෙයි! පළමු අත්සන නිමල්ගෙන්..

    තනි ආණ්ඩුවක් බිහි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 113ක බහුතර බලය තමන් සතු බව පෙන්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය දැන් සූදානම් වෙමින් තිබෙනවා. ඊට මන්ත‍්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගැනීම මේ වනවිට ද සිදු වෙමින් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළ අතර ඊට පළමුව අත්සන් තබා ඇත්තේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වායි.

    එක්සත් ජනතා නිදහස් සන්ධානය තනි ආණ්ඩුවක් බිහි කළහොත් එහි අග‍්‍රාමාත්‍ය ධුරයල අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට හිමිවනු ඇති බවටයි වාර්තා පළ වුණේ. 

    මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් අතර තවදුරටත් සාකච්ඡා පැවැත්වෙනවාග එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් එම සාකච්ඡාවලට එක්වන්නේ ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න, අනුර ප‍්‍රියදර්ශන යාපා හා සුසිල් පේ‍්‍රමජයන්ත යන අමාත්‍යවරුන්. කෙසේ වෙතත් මෙම සාකච්ඡුා සඳහා මීට පෙර එක් නොවූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ද දැන් එක්ව සිටින බවයි අප වෙත වාර්තා වුණේග ඔහු අග‍්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස නම් කිරීම ඊට හේතුවයි. 

    වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය දරණ ස්ථාවරය පිළිබඳ මෙම සාකච්ඡාවල දී වැඩි වශයෙන් අවධානය යොමුකර තිබෙනවා. එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශවයෙන් ඒකාබද්ධ විපක්ෂයට දැනුම් දී ඇත්තේ අමාත්‍ය ධුර භාරගෙන ආණ්ඩුවට සම්බන්ධ වන ලෙසයි. 

    කොන්දේසි විරහිතව එක්සත් ජනතා නිදහස් සන්ධාන තනි ආණ්ඩුවකට සහය දැක්වීමටයි ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත්තේග එහෙත් එම ස්ථාවරයෙන් මිදී ආණ්ඩුවේ වගකීම් ද භාරගෙන නම්‍යශීලිව කටයුතු කරන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය ඒකාබද්ධ විපක්ෂයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. 

    මෙම හමුවේ දී ඉදිරියේ දී බිහි කරන ආණ්ඩුවේ අමාත්‍ය ධුර සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බවයි පැවසෙන්නේ. ඒ අනුව චමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාට කථානායක ධුරයත්, බන්දුල ගුණවර්ධන ට මුදල් අමාත්‍ය ධුරයත් පිරිනැමීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධානය දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි පැවසුවා. 

  • ශ්‍රිලනිපය එක මගකට- ඇමති නිමල් සිරිපාල අගමැති කරන සන්ධාන ආණ්ඩුවක් ස්ථිරයි..

    ශ්‍රිලනිපය එක මගකට- ඇමති නිමල් සිරිපාල අගමැති කරන සන්ධාන ආණ්ඩුවක් ස්ථිරයි..

    පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා අගමැති ධුරය හිමිකර ගැනීමට මේ වනවිට එක්‌සත් ජාතික පක්‌ෂයත්, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයත් දැඩි සටනක නිරත වී සිටී. 

    වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිගටම අගමැති ධුරයේ සිටිය යුතු බව එජාපයේ ඇතැමුන් පවසන අතර තවත් පිරිසක්‌ පවසන්නේ අගමැති ධුරය කරු ජයසූරිය වෙත ලබාදිය යුතු බවය. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයෙන් අගමැති සටනට එක්‌ව සිටින්නේ නිමල් සිරිපාල ඇමැතිවරයාය. 

    කෙසේ වෙතත් ශ්‍රී.ල.නි.ප.ය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තුවේ 113ක බහුතරයක් පෙන්වීමට ඊයේ (15දා) රාත්‍රිය වනවිටත් හැකියාවක් නොතිබූ බව අදට වාර්තා වේ.

    මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන්  එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයක් පිහිටුවීම සදහා කැමැත්ත ලිඛිතව ඉල්ලා ඇති අතර ඔවුන් එය ලිඛිතව ලබාදීම ප්‍රතික්ෂේප කිරීම මේ අර්බුදයට හේතුව වී තිබේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ශ්‍රීලංකා නිදහස් පක්ෂයට දන්වා ඇත්තේ 113ක බහුතර බලය පෙන්වන පුද්ගලයාට අග්‍රාමාත්‍ය ධුරය සහිත ආණ්ඩුව පිහිටුවීමට ඔහුගේ අනුමැතිය හා සහාය ලබාදෙන බවයි.

    මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික සංවිධායක, අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත අද (16) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී ඇත. ඒ, හිටපු ජනාධිපතිවරයාගේ විජයරාමයේ පිහිටි නිල නිවසේදීයි. මෙම සාකච්ඡාවේ ප‍්‍රධාන අරමුණ වී ඇත්තේ ජනාධිපතිවරයා හා ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් අතර හමුවකට ඇති ඉඩ ප‍්‍රස්තාව පිළිබඳ දැනුම් දීමටයි.

    මේ වන විට වාර්තා වන තොරතුරු අනුව දෙපාර්ශවයම සන්ධාන ආණ්ඩුවක් සඳහා කැමැත්ත පළකර ඇති බව වාර්තාවෙයි.එහි අගමැතිධූරය නිමල් සිරිපාල සිල්වාට හිමිවනු ඇත.ලබන වසරේ ජනවාරි මාසය දක්වා එම ආණ්ඩුව පවත්වාගෙන ගොස්  මහ මැතිවරණයක් පැවැත්වීමට ඔවුන්ගේ එකඟතාව පළව ී තිබේ.

    ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් කණ්ඩායමක් ජනාධිපතිවරයා මුණගැසීමට දැන් ජනපති නිල නිවසට ගොස් ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි

    මේ අතර වත්මන් දේශපාලන තත්වය පිළිබඳ විදෙස් රාජ්‍ය තාන්ත‍්‍රිකයින් පිරිසක් ජනාධිපතිවරයා වෙත සිය ස්ථාවරය ප‍්‍රකාශයට පත් කර තිබේ. එහිදී ඔවුන් පවසා ඇත්තේ සිය අභිමතය කටයුතු කිරීමට ජනාධිපතිවරයාට සහය දක්වන බවයි. .

    එසේම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 23දෙනෙකු ඉන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇති බවද දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

  • එජාපයෙන් ශ්‍රිලනිපයට පනින රිළව් රැක ගන්න රනිල්ගෙන් දැවැන්ත මෙහෙයුමක්…

    එජාපයෙන් ශ්‍රිලනිපයට පනින රිළව් රැක ගන්න රනිල්ගෙන් දැවැන්ත මෙහෙයුමක්…

    එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය ආරක්ෂා කර ගැනිම සදහා අවසන් තුරුම්පු සියල්ලම ගෙවේන පැය 24ක කාලය තුල ගැසිම සදහා රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ගජමිතුරන් කටයුතු කරමින් සිටින බව lankaleaks විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

    ඒ අනුව පසුගියදා අවසන් වු පළාත් පාලන මැතිවරණයෙන් ජයගත් මන්ත්‍රීවරුන් අරලියගහ මන්දිරයට කැදවා පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ බවත් පක්ෂ නායකයා අගමැතිවරය ලෙස කටයුතු කලයුතු බව කියමින් වුරුම් ප්‍රකාශයකට අත්සන් ගැනිමේ මෙහෙයුමක් මේ වනවිට දියත් කර ඇති අතර ඊට අදාළ ලියකියවිලි සිරිකොත පක්ෂ මුලස්ථානයේ සකස් වෙමින් තිබේන බවද අනාවරණය වි ඇත.

    ඒ අනුව පළාත් පාලන මන්ත්‍රීවරුන්ට අමතරව සියලුම් පළාත් සභා නියෝජනය කරන මන්ත්‍රීවරුන්,ආසන සංවිධායකවරුන්ද අදාළ දිවුරුම් ප්‍රකාශයට අත්සන් තැබිය යුතු වේ.

    අදාළ දිවුරුම් ප්‍රකාශය රනිල්ගේ නීති උපදේශකයෙකු වන අමාත්‍ය තිලක් මාරපන විසින් සකස් කර ඇති අතර පක්ෂ නායක හැටියට රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්නා බවත් ඔහුගේ පක්ෂ නායකත්වය සහ ඔහුගේ අගමැති ධූරය යටතේ දිගටම සිටින බවට මෙ මගින් දිවුරා ප්‍රකාශ කරමි යනුවෙන් වාක්‍යයක්ද සදහන් කර ඇත.

    මේ අතර මීට අමතරව සිරිකොත සිට විශේෂ මෙහෙයුමක් ලෙස සියලුම පලාත් සභා මන්ත්‍රීවරුන්ට සහ සංවිධායකවරුන්ට දුරකතන ඔස්සේ කතාකරමින් ඔහුන්ගේ අවශ්‍යතා විමසමින් ඒවා සකස් කරන ලද විශේෂ ආකෘති පත්‍රයක සටහන් කිරිමට කටයුතු කරමින් සිටින අතර ඒ හරහා ආසන නැති අයට අසනද, මුදල් නැති අයට මුදල්, ….අවශ්‍ය ඔනෑම කරුණක් ඉටුකර දිමට පොරොන්දු ලබාදි තිබේ.

    මෙම හදිසි කූජිත මෙහෙයුමට ප්‍රධානම හේතුව වි ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19ක් සහ ප්‍රාදේශිය සභා මැතිවරණයෙන් දිනපු මන්ත්‍රීවරු දැනට 300කට වැඩි පිරිසක් මෙන්ම පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් අතිශය බහුතරය කරූ ජයසූරියගේ නායකත්වය යටතේ මෛත්‍රීපාල සිරිසේන සමග එක්ව ආණ්ඩුවක් පිහිටුවිමට කටයුතු කලහොත් සහය දක්විමට ඇති සුදානම නිසාවෙනි.

    අදාල මෙහෙයුම් සියල්ලම TT හි දන්සලේ ලැගගෙන සිටින එජාපයේ පසුපෙල මන්ත්‍රීවරුන්න්ට වන අතර TT දන්සලේන් කා බී පදමට වෙරි වි සිටින මෙම මන්ත්‍රී කණ්ඩායම පිස්සු බල්ලෝ මෙන් අදාල මෙහෙයුම ක්‍රියාත්මක කරමින් සිටි.

  • අධිකරණ නියෝග කඩකල රයන් ජයලත්ට-බුද්ධ රක්ඛිත හිමිට වරෙන්තු

    අධිකරණ නියෝග කඩකල රයන් ජයලත්ට-බුද්ධ රක්ඛිත හිමිට වරෙන්තු

    අධිකරණ නියෝග කඩ කරමින් කොළඹ කොටුව ප්‍රදේශයේ විරෝධතාවක් පැවැත්වීම සම්බන්ධ නඩුවකට නොපැමිණියැයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සහ මඩුගල්ලේ බුද්ධ රක්ඛිත හිමියන්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (16) වරෙන්තු නිකුත් කළාය.

    මේ වන විට රිමාන්ඩ් කරනු ලැබ සිටින එම නඩුවේ සැකකරුවන් වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමියන්ට අප්‍රේල් 27 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස බන්ධනාගාරය හරහා දැනුම් දෙන්නැයි ද නියෝග කෙරිණි.

  • මහින්දගේ මහරගම බයිසිකල් කණ්ඩායමේ හැඳුනුම්පත් වංචාවක් එලියට

    මහින්දගේ මහරගම බයිසිකල් කණ්ඩායමේ හැඳුනුම්පත් වංචාවක් එලියට

    මහරගම නගර සභාවට පොදුජන පෙරමුණේ සහයෝගය ලබමින් මෝටර් සයිකලය ලකුණින් තරඟ වැද ජයග්‍රහණය කල බඩල්ගම “මාමයිට් ජනපදයේ” අපේක්ෂක ලයිස්තුවේ බරපතළ දෝෂයන් පවතින බව අනාවරණය වෙමින් තිබේ. 

    එම අපේක්ෂක ලයිස්තුවේ සදහන් පුද්ගලයින්ගේ ජාතික හැදුනුම්පත් අංක ව්‍යාජ ඒවා බව මේ වන විට තහවුරු වී තිබේ. 

    ව්‍යාජ තොරතුරු සපයමින් මැතිවරණ කොමිසම හිතා මතාම නොමඟ යැවීමට කටයුතු කර ඇති රාජපක්ෂවාදී බයිසිකල් කල්ලිය කිසිදිනක මහරගම නගරයට පැමිණ හෝ නැති  බඩල්ගම ගැමියන් පිරිසක් අතරට මහරගම පාලන බලය ලබාදී තිබේ. 

    එම ව්‍යාජ හැදුනුම්පත් වල අංක පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය විසින් ප්‍රතික්ෂේප කරන ලද ආකාරය පහතින් දැක්වේ. 

     

  • ප්‍රකෝටිපති ධම්මික ලංකාවට ගෙන්වූ ලොව මිල අධිකම වාහනයේ තොරතුරු මෙන්න.

    ප්‍රකෝටිපති ධම්මික ලංකාවට ගෙන්වූ ලොව මිල අධිකම වාහනයේ තොරතුරු මෙන්න.

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් මිල දී ගෙන තිබූ Bentley Mulsanne Hallmark මෝටර් රථය මේ වන විට මෙරටට පැමිණ ඇතැයි වාර්තා වේ. මෙහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 160 ක් හෙවත් රුපියල් කෝටි 16 ක් පමණ වන බව වැඩිදුරටත් සඳහන් වේ.

    මේ බව අනාවරණය කරමින් අද (15) දින Daily FT පුවත් පත කියා සිටින්නේ ධම්මික පෙරේරා විසින් මිල දී ගනු ලැබූ Blue සහ Porcelain White වර්ණයන්ගෙන් යුතු Bentley Mulsanne Hallmark මෝටර් රථය ඊයේ (14) දිනයේ දී ගුවන් මගින් ශ්‍රී ලංකාවට පැමිණි බවයි.

    Bentley Mulsanne Hallmark රථ මුළු ලොවටම නිෂ්පාදනය කර ඇත්තේ ඒකක 50 ක් වන අතර ධම්මික පෙරේරා විසින් මිල දී ගෙන ඇත්තේ එම පෙළේ අවසාන වශයෙන් නිෂ්පාදිත මෝටර් රථයයි.

    මේ අනුව දකුණු ආසියාව, අග්නිදිග ආසියානු කලාපය හා මැදපෙරදිග කලාපයටම Bentley Mulsanne Hallmark මෝටර් රථයක හිමිකාරීත්වය දරනු ලබන එකම පුද්ගලයා බවට ධම්මික පෙරේරා පත් වී තිබේ.

    එංගලන්තයේ H. J. Mulliner & Co සමාගම විසින් Bentley Mulsanne Hallmark නිෂ්පාදනය කරනු ලබයි. එහි නිමාව සම්පූර්ණයෙන්ම මිනිස් අතින් (handcrafted cars) සිදුකරනු ලබන නිෂ්පාදනයක් වේ.

    Mulsanne Hallmark කාණ්ඩය, ඒකක 50 කට පමණක් සිමා කර ඇති අතර එහි අවසාන වශයෙන් නිෂ්පාදනය කරනු ලැබූ මෝටර් රථය මෙලෙස ධම්මිකගේ හිමිකාරීත්වයට පත්වී තිබේ.

    Bentley Mulsanne Hallmark මෝටර් රථයක ආරම්භක මිල ස්ටර්ලිං පවුම් 390,000 ක් පමණ වේ. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 84 කි. එසේම ශ්‍රී ලංකා රේගුවේ තොරතුරුවලට අනුව මේ සඳහා ගෙවන ලද තීරු බද්ද රුපියල් මිලියන 76 කි.

     

     

  • දක්ෂිණ අධිවේගී මාර්ගයේ තී‍්‍රරෝද රථයක්.. වෙච්ච දේ මෙන්න…

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ තී‍්‍රරෝද රථයක්.. වෙච්ච දේ මෙන්න…

    දක්ෂිණ අධිවේගී මාර්ගයට අතුරුගිරිය පිවිසුමෙන් ඇතුල් වී කොට්ටාව දෙසට ධාවනය කළ  තී‍්‍රරෝද රථයක්  කොට්ටාව පිවිසුම ආසන්නයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව දක්ෂිණ අධිවේගී මාර්ග රථ වාහන පොලිසිය පවසයි.
     
    මෙම තී‍්‍රරෝද රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුමෙන් මාර්ගයට ඇතුළු කිරීමට පැමිණීමේදී එහි සිටි ආරක්ෂක නිලදාරීන් ඊට විරෝධය පා නැවත හරවා යන ලෙස පවසා තී‍්‍ර රෝද රථය හරවා ගැනීම සඳහා ආරක්ෂක කඩුල්ල විවෘත කල අවස්ථාවේදී මෙම තී‍්‍ර රෝද රථය දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු කර කොට්ටාව දෙසට ධාවනය කර ඇති බවද එම පොලිස් ඒකකය පවසයි.
     
    පසුව දක්ෂිණ අධිවේගී මාර්ග රථ වාහන අංශයේ නිලධාරීන් වහා කී‍්‍රයාත්මක වී තී‍්‍ර රෝද රථය ලූහු බැඳ ගොස් කොට්ටාව පිවිසුමට ආසන්නයේදී තී‍්‍ර රෝද රථය නවත්වා අත් අඩංගුවට ගැනීමට කටයුතු කළ බවද පොලිසිය කියයි.
     
    දක්ෂිණ අධිවේගී මාර්ග රථ වාහන පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගත් මෙම තී‍්‍ර රෝද රථය සහ එහි රියදුරු හෝමාගම පොලිසියට භාර දී තිබේ.

  • ගාල්ලේ සති පොලක මත් කුඩු ජාවාරමක්

    ගාල්ලේ සති පොලක මත් කුඩු ජාවාරමක්

    ගාල්ල, තල්ගස්වල නගරයේ සතිපොළෙහි මත්කුඩු වෙළඳාමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු  (15) අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී අලෙවි කිරීම සඳහා ගෙන ආ මත්කුඩු තොගයක් ද සොයා ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචිකරුවන්වන අතර ඔවුන් දීර්ඝ කාලයක් පුරා මත්කුඩු ජාවාරමෙහි නිරත වී ඇති බවට වාර්තා වේ.

  • තනිව ජීවත් වූ සිව් දරු මවකගේ මළ සිරුරක් මාස 03කට පසුව හමුවෙයි

    තනිව ජීවත් වූ සිව් දරු මවකගේ මළ සිරුරක් මාස 03කට පසුව හමුවෙයි

    නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් කිරිවන්එළිය ග්‍රාමයේ නිවසක තිබී කාන්තා මළ සිරුරක ඇට කොටස් හා හිස හමු වී ඇති බව නෝටන්බ්‍රිජ් පොලීසිය පවසයි.

    එසේ සොයාගෙන ඇත්තේ, එම ගෙහිමි කාන්තාව වන 79 හැවිරිදි රාජපක්ෂ මුදියන්සේලාගේ කුසුමාවතී නැමති සිව් දරු මවකි.

    එම කාන්තාව හුදෙකලා නිවසක තනිවම පදිංචිව සිට ඇති අතර මාස 03ක පමණ කාලයකින් වැඩිහිටි දීමනාව ලබා ගැනීම සඳහා නොපැමිණි නිසා අසල්වාසී ඥාතීන් පිරිසක් විසින් (14) පස්වරුවේ ඇය පදිංචිව සිටි නිවසට ගොස් සොයාබලා තිබේ.

    එහි දී නිවස තුළ ඇඳ අසල තිබී ඇගේ ශරීරයේ ඇටකටු හා හිස දක්නට ලැබුණ බවට නෝටන්බ්‍රිජ් පොලීසියට පැමිණිළි කර තිබේ.

    මෙම කාන්තාවගේ දරුවන් සිව් දෙනාගෙන් වැඩිහිටි පුත්‍රයා හා ස්වාමියා වසර කීපයකට පෙර මිය ගොස් ඇති අතර අනෙක් දරුවන් ඈත ප්‍රදේශවල පදිංචි ව සිටී.

    ඇය වැඩිහිටි දීමණාව ලබා ගනිමින් තනිවම නිවසේ ජීවත් වෙමින් සිටි බව අසල්වාසීන් පවසයී.

    මෙම මරණය සම්බන්ධව මහේස්ත්‍රාත් පරීක්ෂණය හැටන් මහේස්ත්‍රාත්වරයා විසින් පැවැත්වීමට නියමිතව තිබේ.