අග්රාමාත්ය රනිල් වික්‍රමසංහ මහතා එම ධූරය දරන කිසිදු ආණ්ඩුවකට එක්සත් ජනතා නිදහස් සන්ධාන සහාය නොදක්වන බව එම පක්ෂය පවසනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩිලාන් පෙරේරා මේ බව සඳහන් කළා.

අග්රාමාත්ය රනිල් වික්‍රමසංහ මහතා එම ධූරය දරන කිසිදු ආණ්ඩුවකට එක්සත් ජනතා නිදහස් සන්ධාන සහාය නොදක්වන බව එම පක්ෂය පවසනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩිලාන් පෙරේරා මේ බව සඳහන් කළා.

මහ බැංකු බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් මහතා සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතාගෙන් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ දී ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙන ලෙස කළ ඉල්ලීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ(12) අවසර ලබා දුන්නාය.
ඒ අනුව හෙට 13, 14 සහ 15 යන දිනවල දී ප්‍රකාශ ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන ලෙස වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මේ නියෝගය වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට ලිඛිතව යවන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
බැඳුම්කර සිදුවීම සම්බන්ධයේ සිදු කරනු ලබන පරීක්ෂණවලට අවශ්‍ය වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීම සඳහා මෝසමක් ගොනු කරමින් රහස් පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම නියෝගය සිදු කළාය.

ඉන්දියානු මහ කොමසාරිස් ටෙරන්ජිත් සින් සන්දු මහතා හදිසියේම ඊයේ(12) පස්වරු 6.30 ට පමණ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු වන කරු ජයසුරිය මහතා හමු වී ඇති බව විශ්වාසන්ත කටයුතු දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
වත්මන් දේශපාලන තත්වයත් සමඟම ආණ්ඩුවේ සිදු වීමට යන විශාල වෙනස සැලවීමත් සමඟම මෙම විශේෂ හමු වීම සිදුව ඇතැයි වාර්තාවේ. ඉන්දියානු මහ කොමසාරිස්වරයා මෙහිදී කරු ජයසුරිය මහතාගේ ඉදිරි දේශපාලන ගමන සහ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කොට ඇතිබව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
පැය එක හමාරකට ආසන්න කාලයත් පැවති මෙම සාකච්ඡා අවසානයේ ඉන්දීය කොමසාරිස්වරයා විසින් කරු ජයසුරිය මහතා “නව අගමැතිතුමාට ප්‍රථමයෙන්ම අපගේ සුභ පැතුම්!” ලෙසට සුභ පැතුම් එක්කර ඇතිබවට වැඩිදුරටත් තොරතුරු වාර්තාවේ.
මීට අමතරව අද(13) සන්ධ්‍යාවේදී ඇමරිකානු තානාපතිවරයාද කරු ජයසුරිය මහතා හමුවීමට නියමිත බව ඒ මහතාගේ සමීපතම ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තාවේ.

ඊයේ(12) රාත්‍රීයේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවති සාකච්ඡාවේදී වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිය අගමැති ධුරයෙන් ඉල්ලා අස් වන ලෙසට සෘජුව එතුමාට දැනුම් දී ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.
මෙම මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ උද්ගත ව ඇති දේශපාලන තත්වයත්, ආණ්ඩුවේ ඉදිරි පැවැත්මත් වෙනුවෙන් මෙම තීරණය තමා ගත් බව පවසා ඇති ජනාධිපතිවරයා, “ඔබතුමා මේ මොහොතේ step down වන ලෙසට”ම පවසා ඇත. එයට අවශ්‍ය ක්‍රියාමාර්ග ඉතා ඉක්මනින් ගැනීමට කටයුතු කරන ලෙසත් දැනුම් රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇත.
මෙය සැල වීමත් සමඟම රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇඟේ වසා සිටින මැක්කන් වැනි වූ සාගල සහ මංගල යන ඇමතිවරුන්ට දරා ගත නොහැකි වී ඇති අතර ඔවුන් වැඳ වැටෙමින් අනේ, ඔබතුමා මේ අගමැතිකම නම් දමා යන්න එපා යැයි ඇවටිලි කරමින් සිටින බව එජාපයට සම්බන්ධ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. මංගල මේ වන විට කරගියා ගත දෙයක් නොමැතිව දසත පුවත් පැලකලකරමින් සිටින බවත් පෙනී යයි.
එහෙත් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ තහවුරු කරගත් ආරංචි මාර්ග අප වෙත සඳහන් කළේ, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු අති බහුතරයක් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකමින් සහ පක්ෂ නායක කමින් ඉල්ලා අස්වන ලෙසට දැනුම් දී ඇති බවයි. පවතින දේශපාලන තත්වය හමුවේ එය පාක්ෂිකයින්ගේ මතය බවද ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇති අතර යළි ගොඩ ඒම සඳහා වෙනත් විකල්පයක් මේ මොහොතේ නොමැති බවද ඔවුන් වික්‍රමසිංහ මහතා හමුවේ පවසා ඇති බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.

පළාත් පාලන මැතිරවණයේ ප‍්‍රතිඵලත් සමග රට තුළ දේශපාලන ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඉදිරියේදී කෙසේ කටයුතු කරන්නේදැයි ප‍්‍රධාන දේශපාලන කණ්ඩායම් තවමත් සිටින්නේ සාකච්ඡා කරමින්.
එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතර පැවැති සන්ධාන ආණ්ඩුවක් සඳහා වන ගිවිසුමද මේ වනවිට කල් ඉකුත් වී තිබෙනවා. එම ගිවිසුම යළි දීර්ඝ කරන්නේද නැතහොත් එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මෙතැන් සිට වෙනවෙනම කටයුතු කරන්නේදැයිද තවමත් ස්ථිර අදහසක් ප‍්‍රකාශ වී නැහැ.
ඇතිවී තිබෙන මෙම දේශපාලන ව්‍යාකූලතාව සම්බන්ධයෙන් නෙත් නිවුස් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අමාත්‍ය ඩිලාන් පෙරේරාගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ කැපීපෙනෙන වෙනස්කම් ගණනාවක් සිදු කිරීමට ජනාධිපතිවරයා ඉදිරයේදී කටයුතු කරනු ඇති බවයි.
“වර්තමාන අගමැතිතුමා සහ මැතිවරණ ප්‍රතිඵලය යන කාරණා සැළකිල්ලට අරගෙන ආණ්ඩුව තුළ වෙනස්කම් කළ යුතු බව… ජනාධිපතිතුමා කිව්වේ ඒ වෙනස්කම් ටික අනිවාර්යයෙන්ම කරනවා කියලයි. විවිධ පක්ෂ, දේශපාලන නායකයින් ආදී මේ සියලු දෙනා සමග සාකච්ඡා කරලා රටට දැනෙන වෙනස්කම් කිහිපයක් ජනාධිපතිතුමා කරනවා. අගමැතිතුමාගේ පැත්තෙන් ඒ සඳහා සහයෝගය දුන්නේ නැත්නම් අපිට පුළුවන් අපේ පැත්තෙන් අවශ්‍යකරන තීන්දු ගන්න..”
අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා යටතේ තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යාමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සූදානම් දැයිද අප මෙහිදී ප‍්‍රශ්ණ කළා.
එහිදී “වර්තමාන අගමැතිතුමා සමග ආණ්ඩුව මේ යන ගමන යන්න බෑ. ඒක වෙනස් කිරීමට තීන්දු කරන්න ඕනේ කියලා තමයි ජනාධිපතිතුමා කිව්වේ. එතකොට ප්‍රධාන තනතුරුවල වෙනස්කම් වෙනවා. රටේ නීතියට අනුකූලව.” යනුවෙන් සඳහන් කළා.

මිනිසා තුළ නිධන්ගතව ඇති මමත්වය හා අහංකාරය දුරු වේවායි යන ප්‍රාර්ථනයෙන් යුක්තව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමස්ථ ලෝකවාසී හින්දු බැතිමතුන් මහත් බැතියෙන් යුක්තව උපවාස සීලය සමාදන් වන්නා වූ මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් යොමු කර තිබෙනවා.
මිනිස් වර්ගයා අතර සංහිඳියාව සහ සහජීවනය ඇතිවීමටද එවැනි වත් පිළිවෙත් හේතුවක් වන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
අද මහා ශිව රාති‍්‍රය සමරන හින්දු භක්තිකයන් සියළු දෙනාට සුභාශිංසන පළ කරන බවද මෙම නිවේදනයේ දැක්වෙනවා.
(එම නිවේදනය පහතින්)

තම ආණ්ඩු බලයක් යටතේ පැවති පළාත් පාලන ඡන්දයේ පරාජිත ප්‍රතිඵලයත් සමඟ අරාජික වූ එක්සත් ජාතික පක්ෂය මේ වන ඉන් ගොඩ ඒමට මං පෙත් සොයමින් සිටී. දිනකට සාකච්ඡා වට 4, 5 පවත්වන්නේ නිදි නැතිව රැය පහන් කරමින් බව එම පක්ෂයේම අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ හෝ මෙම පරාජය වසාගෙන පක්ෂිකයින්ගෙන් සැඟව යෑම සඳහා එක්සත් ජාතික පක්ෂය මේ වන විට විවිධ උපක්‍රම සොයමින් සිටින අතර එහි උපක්‍රමයක් ලෙස මේ වන විට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ මාධ්‍ය හරහා “එජාප තනි ආණ්ඩුවක්” පිහිටුවන බවට වූ පුවතක් පැල කරමින් සිටී.
මෙය පරාජයෙන් කලකිරීමකට පත් එජාප පාක්ෂිකයා අන්දවන ස්වයං වින්දනාත්මක ප්‍රවෘත්තියක් බවට පත්වන්නේ එය ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක් මෙන්ම වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අධ්‍යයනය කිරීම තුලිනි.
පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති එක්සත් ජාතික පක්ෂයට තවත් පක්ෂයක හෝ වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන් බිලි බා ගැනීම සිදුකළ යුතුව ඇත.
එසේ සිදුකරන්නේ නම් ඔවුන්ට ඇමතිකම් ඇතුළු වරදාන වරප්‍රසාද රාශියක් පිළිගැන්විය යුතුව ඇත.
එහෙත් මෙයද ප්‍රායෝගිකව සිදුකළ නොහැකි වන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 වන වගන්තියට අනුව කැබිනට් මණ්ඩලය 30 ට වඩා වැඩි කළ හැකිවන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගත් පක්ෂය සහ ඊට දෙවනුව ගත් පක්ෂයයි අතර සන්ධානයක් වුවහොත් පමණි. 46 (5) වගන්තියෙන් මෙය අර්ථ ගන්වා ඇත.
රනිල් වික්රමසිංහ මහතා තනි ආණ්ඩු සංකල්පයට පිවිසීම යනු මෙම 46(5) වගන්තියෙන් බැහැර වන බව වන අතර එහිදී ඔහුට ඉතිරිවන්නේ කැබිනට් ඇමතිවරුන් 30 ක්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් 40 ක් පමණි. එනම් මුලු ඇමතිවරුන් ප්‍රමාණය 70 නොඉක්මවිය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(1) වගන්තියෙන් දක්වා ඇත.
රනිල් වික්‍රමසිංහට එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සම්බන්ධ කරගැනීමට ශ්‍රීලනිපයේ එකඟතාවය හිමි නොවන අතර එසේ වුනහොත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු බිලි බා ගැනීමට සැලසුම් කරමින් සිටින බවද වාර්තාවේ. එජාපයේ මෙම මෙහෙයුමට බිලි බා ගැනීම සඳහා ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් වන මනූෂ නානයක්කාර , ඉන්දික බණ්ඩාරනායක සහ ශ්‍රීලනිපයේ ප්‍රධානියෙකු සමඟ එජාපයේ ඉහළින්ම ආරාධනා කොට ඇති අතර ඔවුන් එය ප්‍රතික්ෂේප කොට ඇති බවද සඳහන්.
එහෙත් ශ්‍රීලනිපයෙන් හොරෙන් මන්ත්‍රීවරුන් බිලි බා ගෙන ආණ්ඩු පිහිටුවීමට ගියහොත් එය ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ඇති අතර, එසේ ප්‍රතික්ෂේප කිරීමේත් ඇමතිවරුන් පත්කිරීමේත් පූර්ණ බලය පවතින්නේද ජනාධිපතිවරයා අතෙහි වීම සුවිශේෂීය.
අනෙක් කරුණ නම් මෙවැනි තත්වයක් යටතේ එසේ පත්කිරීම සඳහා එජාපයට ඇමතිධුර නොමැති අතර, තිබෙන ඇමතිධුරවලින් එජාපයේ ඇමතිවරුන්ට ඉවත් වී යාමට සිදු වීමයි. ඊට මේ වන විටත් එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් රැසක් තම බලවත් අප්‍රසාදය පළකොට ඇත.
එජාපයේ මෙම දැවැන්ත පරාජයත් සමඟ ආණ්ඩු බලය පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව එජාපය ඊයේත්, අදත් අභ්‍යන්තර සාකච්ඡා වට ගණනාවක් පවත්වන ලද අතර ඊයේ එම පක්ෂයේ නායක වත්මන් අගමැති රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සමඟ පැය ගණනාවක සාකච්ඡාවක්ද සිදුකරන ලදී.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු වන කරු ජයසුරිය මහතා වත්මන් යහපාලන රජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟතාව හිමිව ඇති බවට වාර්තාවේ.
මේ සමබන්ධයෙන් ඊයේ රාත්‍රීයේ සිට අද අලුයම දක්වා සාකච්ඡා පැවති අතර අවසානයේ වත්මන් අගමැති රනිල් වික්රමසිංහ මහතා තම ධුරයෙන් ඉවත්ව එය කරු ජයසුරිය මහතා අගමැතිවරයා ලෙස පත්කිරීමටත් සම්මුති වාදී ආණ්ඩුව තුල දැනෙන දැවැන්ත වෙනසක් සිදුකිරීමටත් එකඟතාවයකට පැමිණ ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
මෙම දේශපාලන වෙනස සිදුකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කරු ජයසුරිය මහතා අතර සාකච්ඡා වට කිහිපයක්ද පවත්වා ඇති අතර එහිදී මෙම වෙනස සිදුකිරීමට පූර්ණ එකඟත්වයකට පැමිණ ඇත.
නව වෙනස්කම් සිදුකිරීම සඳහා ජනවාරි 08 යහපාලනයක් වෙනුවෙන් වූ සිවිල් සංවිධාන නියෝජිතයින් සහ සාධාරණ සමාජයක් වෙනුවෙන් වූ මහජන ව්‍යාපාරද අදාළ පාර්ශව වෙත මේ සඳහා බලපෑම් කොට ඇති බවත් සඳහන්.
මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිය වෙනුවෙන් වත්මන් නියෝජ්‍ය නායකවරයා වන සජිත් ප්‍රේමදාස නායකත්වයට පත්කිරීමටත් කතිකා වී ඇත. එසේම ඊට සමගාමීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද දැනෙන වෙනස් කම් සිදුකිරීමට තීරණකොට ඇතැයි එම පක්ෂයට සම්බන්ධ ආරංචි මාර්ගද වාර්තා කරයි.
මේ අනුව ඉදිරි පැය 48 මෙරට දේශපාලනයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් වනු ඇත.

මෙවර පළාත් පාලන මැතිවරණයට පක්ෂ දෙකකින් තරග වැදි සමාන ජන්ද සංඛ්‍යාවක් ලබාගත් එකම පවුලේ බාප්පා හා පුතා වූ දෙදෙනෙකු වෙනුවෙන් කුසපත් ඇදීමට සිදුවූ පුවතක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තාවේ.
එසේ සිදුවී ඇත්තේ පලාගල ප්‍රාදේශීය සභාවට අයත් දඹුලු හම්මිල්ලෑව කොට්ඨාසයේ එජාප අපෙක්ෂක සුරංග රත්නායක හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපෙක්ෂක අනුර ප්‍රභාත් රත්නායක යන අපේක්ෂකයින්ටයි.
මේ දෙදෙනාම ඡන්ද 1681 බැගින් ලබාගෙන තිබිණි.
සුරංග මහතා ප්‍රථම වරට ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත්වූ අතර වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකි.අනුර මහතා එම සභාවේම හිටපු සභාපතිවරයෙකි. ඇති වූ සමාන තත්ත්වය මත අදාළ කොට්ඨාසයේ මන්ත්‍රිවරයා තේරීම සඳහා අනුරාධපුර තේරීම් බාර නිලධාරී ආර්.එම්.වන්නිනායක මහතා අදාල පක්ෂවලින් බලය පැවරූ නායකයින් හා සාකච්ඡා කර කුසපත් අදින ලදී.

පළාත් පාලන මැතිවරණයේදි කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශිය සභාවේ ලැබි ඇති ප‍්‍රතිඵල අනුව බලය පිහිටවීමේදි අර්බුදකාරි තත්ත්වයක් ඇති වන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සභිකයන් 16 දෙනකු සහ එක්සත් ජාතික පක්ෂයෙන් සභිකයන් 12 ක් ශ්‍රීලනිපයෙන් 04ක් ජවිපෙන් 03ක් සහ රාජලියාගෙන් 01ක් ලෙස තේරි පත් වි ඇති අතර ප්‍රධාන පක්ෂ දෙකටම බහුතරය වන ආසන 19ක් නොලැබීම නිසා නියත වශයෙන්ම ශ්‍රීලනිපය මෙවර තීරණාත්මක සාධකය බවට පත්ව ඇත..
ඒ අනුව එජාපයෙන් සහ පොහොට්ටුවෙන් කොලොන්නාව ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි සමගින් සාකච්චා කිරීමට දැඩි උත්සහයක නිරතවන නමුත් තමන් ජනපති මෛත්‍රී ගන්නා ඕනෑම දේශපාලන තීන්දුවක් සමගින් සිටගන්නා බව සෝලංගආරච්චි පවසා ඇත..

ජනවාරි 08 ප්‍රතිඵලය සමඟ ඊයේ(10) දින මැතිවරණයේ මේ වනවිට නිකුත් කර ඇති මැතිවරණ ප්‍රතිඵල සංසන්දනය කිරීම මගින් මැතිවරණයේ ජනතා හැසිරීම පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ඇතැයි විශ්වාස කරමු. ජනවාරි 08 මෛත්‍රිපාල සිරිසේන නම් පොදු අපේක්ෂකයා දිනවීම සඳහා පෙළගැසුණු එක්සත් ජාතික පක්ෂය, මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයින් සහ පොදු අපේක්ෂකයා වෙනුවෙන් ඡන්දය භාවිතා කරන ලද සන්ධාන සෙසු පාක්ෂිකයින් ගේ ඡන්දය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය මෙවර මැතිවරණයේ ලබාගත් ඡන්ද ප්‍රතිශතය එකතුකර බැලූ විට සමස්ත ප්‍රතිශතය 54.25% කි. මහින්ද රාජපක්ෂ මෙවර (පොදුජන පෙරමුණ) ලබා ගත් ඡන්ද ප්‍රමාණයේ සමස්ථ ප්‍රතිශතාත්මක අගය 42.36% කි. ඉහත ගණනය කිරීම සඳහා එදා මහින්ද රාජපක්ෂ කඳවුර සමඟ සිටි එහෙත් අද මෛත්‍රී කඳවුර සමඟ සිටින තොන්ඩමන් මහතාගේ කම්කරු කොංග්‍රසය ලබා ගත් 3.39% ක ප්‍රතිශතය එකතු කර නොමැත. එය අද මෛත්‍රී කඳවුර සමඟ පැහැදිලිව සිටින කඳවුරක් නිසා රාජපක්ෂ විරෝධී කඳවුර අද මැතිවරණයේ ලබා ඇති සමස්ත ප්‍රතිශතය 57.64 % වේ.
මහින්ද නායකත්වය දෙමින් ඔහු නියෝජනය කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබාගත් මුළු ඡන්ද ප්‍රමාණය 4,941,952 කි. මෙය 2015 දී මහින්දට තිබූ 58 ලක්ෂයක ඡන්දදායකින් ප්‍රමාණයෙන් ගෙවී ගිය වසර තුනක් තුල මහින්දට ඡන්දයට පාවිච්චි කළ ලක්ෂ 08 ක ජනතාවක් මහින්දව ප්‍රතික්ෂේප කොට අවසන් බව මෙම ඡන්ද ප්‍රථිපලය මනාව සාක්ෂි සපයයි.
මේ මොහොතේ තනි බලවේගයක් ලෙස වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ඇත්තේ රාජපක්ෂ බලවේගයට බව නිහතමානීව පිළිගත යුතුය. එය ඔවුන් ලබාගෙන ඇත්තේ ව්‍යාජ දේශප්‍රේමය, අනියත භීතිකාවන් සහ දූෂිතයින් විසින් නඩත්තු කරන ඊනියා මානසික අල්ලස් නිසා බව වෙනම කතාවකි. එදා මහින්ද පැරදුන 2015 දී ද ලංකා සිතියමේ දකුණේ මැතිවරණ කොට්ඨාශ ජයග්‍රහණය අතින් මහින්ද ඉදිරියෙන් සිටියා මතක ඇත. මෙවර මැතිවරණයේ ස්වභාවය අනුව බැලූ විට කොට්ඨාශ මැතිවරණයක ස්වභාවය අනුවම වැඩිම තනි ජනපදනමක් ඇති පක්ෂය හෝ බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීම සාමන්‍ය ස්වභාවයයි.
එහෙත් අප තේරුම්ගත යුතු සරල සත්‍ය වන්නේ එය නොවේ රටේ වලංගු ප්‍රකාශිත ඡන්ද වලින් 57.64 % ක් රාජපක්ෂ බලවේගයට විරුද්ධ බවය. ජනාධිපතිවරණයක්, ජනමතවිචාරණයක් වැනි රටම තනි ඡන්ද කොට්ඨාශයකට පත් වන මැතිවරණයකදී බහුතර මතය රාජපක්ෂ කඳවුරට විරුද්ධව ඇති බව සිහිතබා ගැනීම වටී.
දැන් රාජපක්ෂ විරෝධී කඳවුර තේරුම්ගත යුත්තේ ඉදිරි වසර දෙකක කාලය 2015 එකඟ වූ යහපාලන අපේක්ෂා යථාර්තයක් කිරීමට නොවෙහෙසුනහොත් මෙම ලබා ගත් ප්‍රතිඵලය අනුව හිමිවූ සමස්ත ප්‍රතිඵලය පවා දිනා ගැනීමට නොහැකිවනු ඇති බවයි. යම් හෙයකින් එසේ වුවහොත් 2020 රාජපක්ෂ කඳවුරෙන් දරුණු සිංහල බෞද්ධ ඒකාධිපතියකු පැමිණිය හැකි අතර එම නිසා ලාංකේය ජනතාවට ගෙවීමට සිදුවන ලේ වන්දිය සහ මිල ඉතා අධික විය හැකිය. එම සංඥාව තේරුම්ගෙන 2015 බලවේගයන්ට එකඟ වූ වෙනස කිරීමට දැන් වත් රාජපක්ෂ විරෝධී බලවේගය කටයුතු කලයුතුය. එයින් ප්‍රධානම කරුණ වන්නේ මේ රජයේ සිටින හොරුන් සහ ඩීල් කරුවන් පන්නා දමා ඉන් අනතුරුව ගිය ආණ්ඩුවේ හොරු සහ වංචා කරුවන් ද පන්නා යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාදාමයට පණ පෙවීමය.

පළාත් පාලන මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී ඇති අතර , එහිදි 44%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන ආයතන බහුතරයක බලය ලබා ජයග්‍රහනය කොට තිබෙනවා. එජාපය 32%ක පමණ ප්‍රතිශතයක් ලබා දෙවන ස්ථානයේ පසුවන අතර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙහෙය වූ එක්සත් ජනතා නිදහස් සංධානය 8.94%කුත් , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 4.44%ක ප්‍රතිශතයක්ද ලබා තෙවන ස්ථානයේ පසු වෙනවා.
කෙසේ වෙතත් මෙම මැතිවරණයේ ලැබූ පසුබෑම සැලකිල්ලට ගෙන ජනපතිවරයා විසින් රජයේ ප්‍රබල වෙනස්කම් රැසක් කිරීමට සුදානම් බව වාර්තා වෙනවා. ඊයෙ දින සිය පක්ෂයේ ඇමතිවරුන් කැඳවූ ජනපතිවරයා ඔවුන් සමග විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබුණා.
මේ අතර ශ්‍රී ලනිපය නියෝජනය කරන රජයේ තවත් ඇමතිවරයෙක් ප්‍රකාශ කලේ මේ පිළිබදව අවසාන තීරණය ජනපතිවරයාට ලබා ගැනීමට ඉඩ දීමට පක්ෂය තීරණය කළ බවයි.

කිසියම් පිරිසක් විසින් එක්සත් ජාතික පක්ෂ ආධාරකාරිනියකගේ නිවසට අලි වෙඩිල්ලක් දමා තිබෙනවා.
සාලියවැව පොලිසිය සඳහන් කළේ නිවසට අලි වෙඩිලක් දමා බියට පත් කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බවයි.
ඊයේ (11) දින සවස මෙම සිදුවීම ඇති වී තිබුණා.
ඉහළ පුලියන්කුලිම, අළුත්ගම – බුද්ධි ඉදුවර ගම්මනයේ පදිංචි විජයකෝන් මුදියන්සේලාගේ කාංචනා ශලනි යන අය විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලක් අනුව මෙම විමර්ශණය ආරම්භ කර තිබෙනවා.
තමන් ඇතුළු පවුලේ අය නිවසේ සිටින විට පැමිණි පොදුජන පෙරමුණ ආධාරකරුවෙකු තමාගේ නිවසට මෙලෙස අලි වෙඩිල්ලක් පත්තු කර දමා ගිය බවයි පැමිණිළිකාරිය පොලීසිය හමුවේ වැඩිදුරටත් පවසා ඇත්තේ.
සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

2015 ජනවාරි 8 වන දින ජනාධිපතිවරණයෙන් ලද ජන වරම ශක්තිමත් වී ඇති බව මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් ඔප්පු වන බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
එබැවින් ආණ්ඩුවට ඉල්ලා අස්වීමේ හෝ අග‍්‍රාමාත්‍යවරයා වෙනස් කිරීමේ හෝ අවශ්‍යතාවක් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
මෙවර ඡන්ද විමසීමේදී ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලැබී ඇත්තේ ප‍්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 45ක පමණ ප‍්‍රමාණයක් බවත් එය පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ලද ප‍්‍රතිශතයට වඩා අඩු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ලැබී ඇති ප‍්‍රතිඵලය අනුව, බහුතර ඡන්ද දායකයින් පිරිසක් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණට එරෙහිව තම ඡන්දය ප‍්‍රකාශ කර තිබෙනවා.
මෙම ප‍්‍රතිඵලය පිළිබඳ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා සමග තමන් සාකච්ඡා කළ බවයි අමාත්‍ය රාජිත සේනාරත්න ප‍්‍රකාශ කළේ. පවතින ගැටලූ නිවැරදි කරගෙන ඉදිරියට යාමට අපේක්ෂා කරන බවද එහිදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පවසා තිබෙනවා.
පළාත් පාලන මැතිවරණය ජය ගෙන අග‍්‍රාමාත්‍ය ධුරය දැරීමට හෝ අග‍්‍රාමාත්‍ය ධුරය දැරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවතින අපේක්ෂාව ඉටු නොවන බවයි අමාත්‍ය රාජිත සේනාරත්න වැඩිදුරටත් සඳහන් කළේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
ඒ අනුව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග එක් වී හම්බන්තොට මහ නගර සභාවේ බලය පිහිටුවීමටයි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇත්තේ.
එම මහ නගර සභාවේ මෙවර ආසන බෙදී ගියේ එක්සත් ජාතික පක්ෂයට මන්තී‍්‍ර ආසන 9 ක්, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට මන්තී‍්‍ර ආසන 7ක් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්තී‍්‍ර ආසන 4ක් ලෙසයි.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරු එක් වී මන්තී‍්‍ර ආසන 11ක් ලබාගෙන එහි බලය පිහිටුවීමට සූදානම් බවයි හම්බන්තොට මහ නගර සභාවේ හිටපු නගරාපති එරාජ් රවීන්ද්‍ර ප‍්‍රනාන්දු පැවසුවේ.
මෙම තීරණය පිළිබඳව අප ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන් විමසීමක් කළා. හම්බන්තොට මහ නගර සභාව සඳහා එම පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණු ගාමිණී ශී‍්‍ර ආනන්ද පැවසුවේ පක්ෂයේ දේශපාලන නායකත්වයෙන් විමසා ඒ පිිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවයි.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු උපනායක සහ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ජනාධිපති බැඳුම්කර කොමිසමට හිතාමතා බොරු සාක්ෂි දීමෙන් නොනැවතී, පාර්ලිමේන්තුවටද බොරු කී බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පසුගිය දිනෙක පැවති මාධ්‍ය හමුවේ සාක්ෂි සහිතව හෙළිදරව් කර සිටියේය.
බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාවේ කිසි තැනක තමාගේ නම නැතැයි මාධ්‍ය හමුවේ මුසා බස් කීමෙන් නොනැවතී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුව හමුවේද හැන්සාඩ් ගත වන බොරු කියා ඇත. බැඳුම්කර වාර්තාවේ රවි කරුණානායක මහතාගේ නම තැන් 91 කත්, රවි කරුණානායක සහ ඔහුගේ පවුලේ අයගේ නම් තැන් 184 කත් පැහැදිලිව සටහන්ව ඇතැයි අද පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එම වාර්තාව උපුටාදක්වමින් පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා පෙන්වා දුන්නේ, රවි කරුණානායක මහතා මෙම බැඳුම්කර වංචාවට අදාළව මලික් සමරවික්‍රම සහ කබීර් හසීම් යන ඇමතිවරුන්ගේ නම් අවභාවිතා කරමින් රුපියල් බිලියන 75 ක් ඉල්ලා දින රහිත ලිපි යොමු කොට ඇති බවත්, එය බැඳුම්කර කොමිසමේ විනිසුරුවරුන් ප්‍රශ්න කරද්දී “එම ලිපිය මගේ අතින් මඟ ඇරිලා” වැනි සාක්ෂි ලබා දී ඇති බවයි.
එසේම මෙම රුපියල් බිලියන 75ක මුදල ඉල්ලා ලිපිය යොමු කිරීමට ප්‍රථම මේ පිළිබඳව හිටපු මුදල් අමාත්‍යවරයා වූ රවි කරුණානායක මහතා, අනෙකුත් අමාත්‍යවරුන් වන කබීර් හසීම් සහ මලික් සමරවික්‍රම යන ඇමතිවරුන් සමඟ සාකච්ඡා කළ බව පැවසුවද ඔවුන් එසේ රවී කරුණානායක සමඟ සාකච්ඡාවකට එක් නොවූ බව බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පවසා ඇත. ඒ තුළින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා “බැඳුම්කර ජනාධිපති කොමිසම” හමුවේ බොරු සාක්ෂි ලබාදී ඇති බව ඉතා පැහැදිලිව ඔප්පු වී ඇති බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා බැඳුම්කර වාර්තාව උපුටා දක්වමින් පෙන්වා දුන්නේය.